li Item

Friday, October 22, 2021

හිනා තවත් හිනා - පස්වෙනි කොටස

ඉන්ධන, හාල්, කිරිපිටි වගේම ගෑසුත් මිල ඉහළ ගියා. හැබැයි, ගෑස් මිල නුදුරු දිනයකම නැවතත්; තවත් ඉහළ දාන්න....

හොඳටම හෙම්බත්වී සිටි ටෙක්ලා අන්තිමේදී කතා කළාය.

මෙච්චර කාලෙකට මට ඔයා වගේ කෙනෙක් මුණ ගැහිලා නෑ ශිහාන්. ඔයා එන්න-එන්නම ශක්තිමත් වෙනවා... හරිම පුදුමයි.... ඒත් මම නං බාගෙට මැරිලා....

ශිහාන්?” වෙනස් පිරිමි කටහඬක් නැඟුණේ අඳුරෙනි.
“...
මම ජනක. ශිහාන් අන්න එළියෙන් වාඩි වෙලා පෝලිමේ එන අපෙන් දහදාහ ගානේ අය කරනවා.

ඒ පසුගිය කොටසේ අන්තිම ටික.

ඔන්න ආයෙමත් පෝලිමට බඩුවල මිල වැඩි වේගෙන එනවා; රැල්ලට වගේ. ඉන්ධන, හාල්, කිරිපිටි වගේම ගෑසුත් මිල ඉහළ ගියා. හැබැයි, ගෑස් මිල නුදුරු දිනයකම නැවතත්; තවත් ඉහළ දාන්න වෙනවය කියලාත් ප්‍රකාශයක් දැනටම කෙරිලා! ඒ ප්‍රවෘත්තිය කියවලා ඉවර වෙලා fb පැත්තට ගියාම පංකාදු posts, සිංදු හෙම ගොඩාරියක් දැක්කා.

මගේ මිම්මෙන් නං, හොඳම ගීතය තිබුණේ ඉවාන් පව්ලූෂාගෙ වෝලයේ.
ඉවාන් පව්ලූෂාත් ඉස්සර blog රචකයෙක්, දැන් fb එකේ බින්න බැහැලා!

මේ අපූරු ගීතයේ පාදවල මාත්‍රා ගණන් එහෙම හරියටම හරි, කවුරු හරි කෙනෙකුට කැමතියි නං සංගීතය එක්කම, මේ පදමාලාව මුල් තනුවට අනුවම ගයන්නත් ඇහැකියි.

එහෙම ගායනා කරනවා නං ඉතිං පද රචකයා එක්කත් කතා කරලා අවසර ගන්න වෙයි! මං නම් ඉවාන්ගෙන් අහන්නේ නැතිවම සිංදුව උපුටා ගත්තා මදිවට, මාතෘකාවකුත් දැම්මා පෙනුම වැඩි වෙන්න.

අයියණ්ඩියේ උඹ නෑවිත් හිටි දවසේ - ගිනි ඇවිළුණා තඩි නැවකට අපෙ මූදේ

හොඳටම කරයි හිතලා ඇනගත්තාම

අයියණ්ඩියේ උඹ නෑවිත් හිටි දවසේ
ගිනි ඇවිළුණා තඩි නැවකට අපෙ මූදේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද මම රජ වුණ අද දවසේ

අම්මගෙ සොහොන හදලා මම ඇනගත්තේ
පාලන මිලට හාලුත් ඇටයක් නැත්තේ
ගැසු ගැසු ගැසට් මී බෙටි ලෙස විසි වෙන්නේ
ඩඩ්ලිත් අනේ අයියේ කෝචොක් දැම්මේ

ගංවල හංදි ගානේ රැස් වූවාම
චීනගෙ පෝර වක්කරගෙන නෑවාම
හොඳටම කරයි හිතලා ඇනගත්තාම
උඹට සැපක්දෝ මට කෙළවී යාම

සින්දුව කියවලා හරි ගායනා කරලා හරි ඉවරයි නං, පොතෙනුත් කතා කිහිපයක් කියවමු නේද.

29. විකල්පය

මිස්ටර් ශර්මා ගෙදරට ගොඩ වැදෙනවාත් එක්කම මිසිස් ශර්මා හිනාවීගෙන ඉස්සරහට ආවා, මහත්තයාව වැළඳ ගත්තා.

ඔයාට දැන් සනීපයි වගෙනෙ... ගියාද ඩොක්ටර්ව හම්බ වෙන්න?”
ඒක තමයි....මිසිස් ශර්මා කෝල හිනාවක් දැම්මා.

මොකද ඩොක්ටර් කිව්වේ.....

දැන්ම කලබල වෙන්නවත් කාටවත් කියන්නවත් එපාලු...

මුත්‍රා ටෙස්ට් කරන්න ඕනියි කිව්වා. ගොඩක් දුරට හරි වගේලු... තවම මාසයයිනේ පරක්කු වුණේ. දැන්ම කලබල වෙන්නවත් කාටවත් කියන්නවත් එපාලු...මිසිස් ශර්මා කිව්වා. මිස්ටර් ශර්මාත් ඒක හොඳයිකියලා අනුමත කළා.

ඊට පහුවදා උදේම ටෙලිෆෝන් කෝල් එකක්... මිසිස් ශර්මා උත්තර දුන්නා.

ගුඩ් මෝනින්!

ගුඩ් මෝනින්!! මේ කතා කරන්නෙ රිලයන්ස් ඒජන්සි එකෙන්... කාටද මං මේ කතා කරන්නෙ? මිසිස් ශර්මාටද....

ඔව්... ඔව්. මිසිස් ශර්මා තමයි...

අපට බොහොම කනගාටුයි, මිසිස් ශර්මා. මාසයක් පරක්කුයි නේද?” රිලයන්ස් ඒජන්සි එකෙන් කතා කළ කෙනා ඇහුවා. මිසිස් ශර්මා හොඳටම කලබල වුණා!
කොහොමද ඔයාලා හරියටම දන්නේ?”

ඇයි මිසිස් ශර්මා, මාසයක් පරක්කු වෙන කේසස් ඔක්කොම වෙනමම මෙහෙ සටහන් වෙනවනෙ...

මොනවා! ඔක්කොම ඔහෙ සටහන් වෙනවා....

සත්තකින්ම! අපට වැරදීමක් වෙන්නෙ නැහැ.

අනේ මන්දා මොනවා කියන්නද කියලා...මේ ගැන අපේ මහත්තයාට කියන්න ඕනි.... එයා තමයි සේරම තීරණය කරන්නෙ....මිසිස් ශර්මා කීවා.

මේකට එක රුපියලක්වත් මම තමුසෙලාට ගෙවන්නෙ නෑ!

කීවා වගේම, එදා රෑ මිසිස් ශර්මා මහත්තයාට විස්තරේ අකුරක් නෑර කිව්වා. යකා නැඟපු මිස්ටර් ශර්මා පහුවදා උදෙන්ම රිලයන්ස් ඒජන්සි කොම්පැණියේ හාදයාට කතා කළා.

මම මිස්ටර් ශර්මා... තමුසෙලගෙ ෆයිල්වල මොනවද අපි ගැන තියෙන්නෙ, කියනවා බලන්න....

කලබල වෙන්න එපා මිස්ටර් ශර්මා... අපේ ලිපිගොනු අනුව දැනටමත් මාසයක් පරක්කුයිනෙ. ඉතිං පුළුවන් තරම් ඉක්මනින් ගෙවනවා නම්.....

ගෙවන්න? ගෙවනව මං...! මම මොකටද මිනිහෝ තමුසෙලට ගෙවන්නේ? මේකට එක රුපියලක්වත් මම තමුසෙලාට ගෙවන්නෙ නෑ.....මිස්ටර් ශර්මා කඩා පැන්නා; පුපුරා හැලුණා.

සමා වෙන්න මිස්ටර් ශර්මා. එහෙම වුණොත් කනගාටුවෙන් වුණත් අපිට සිද්ද වෙන්නේ....පුළුවන් තරම් ආචාරශීලීව උත්තරය ආවත්, මිස්ටර් ශර්මා කතා කළේ කේන්තියෙන් ගැහි-ගැහී.

මොනවද තමුසෙලට සිද්ධ වෙන්නේ?”

.... කනගාටුවෙන් වුණත් කපලා දාන්න....

කපලා දාන්න? එතකොට මගේ නෝනට මොකද වෙන්නේ?”

ඒක නං සර්, අපේ ප්‍රශ්නයක් නොවෙයිනේ.... සමහරවිට මිසිස් ශර්මාට විකල්පය විදිහට ඉටිපන්දම් පාවිච්චි කරන්න වෙයි!

(රිලයන්ස් ඒජන්සි යනු ඉන්දියාවේ විදුලි බලය සපයන සමාගමයි.)

එවෙලේම කෝච්චිය බිංගෙයකට ඇතුළු වුණා
30. පුදුම කෑම

ජුන්ඩයි, බණ්ඩයි දෙන්නම හද්ද පිටිසර ගමකයි උපන්නේ. ගමේම හැදුණා වැඩුණා මිසක දෙන්නගෙන් එක්කෙනෙක්වත් ගමෙන් පිටට අඩියක් තියලා තිබ්බේ නෑ.

දවසක් මේ දෙන්නා නගරයට යන්න ආවා. දෙන්නගෙ ලෑස්තිය කෝච්චියෙන් යන්නයි.

වටපිට බල-බලා කෝච්චියේ එන අතරේ වෙළෙන්දෙක් පෙයාර්ස් විකුණමින් ආවා.

ආ පෙයාර්ස් ගන්න... ලාබයි ලාබයි... රසයි! ගුණයි!! බඩගින්නට තිබහට පෙයාර්ස්....වෙළෙන්දා කියෙව්වා.

කෝච්චියේ මඟීන්ගෙනුත් සමහරු පෙයාර්ස් අරගෙන කන හැටි දැකපු අපේ යාළුවො දෙන්නටත් ඒවා ගන්න ඕනෑ වුණා. අනෙක ජීවිතේට ඒවා කාලත් නැහැනෙ.....

ඔන්න ජුන්ඩා පෙයාර්ස් ගෙඩි කීපයක් අර ගත්තා. ගෙඩි දෙකක් කප්පවාගෙන දෙන්නා කෑල්ලක් දෙකක් කෑවා විතරයි, එවෙලේම කෝච්චිය බිංගෙයකට ඇතුළු වුණා.

විනාඩි දෙක තුනක් ගිහිල්ලා කෝච්චිය බිංගෙයින් එළියට ආවා විතරයි, ජුන්ඩා බණ්ඩාට මෙහෙම කිව්වා.

අනේ බං බණ්ඩො, මෙයින් කෑල්ලක් කෑවා විතරයි ටිකක් වෙලා යනකල් මගේ ඇස් දෙක අඳුරු වෙලා මොකුත්ම පේන්නේ නැතිව ගියානේ!

පුදුමේ කියන්නෙ බං ජුන්ඩෝ, මටත් එහෙම වුණානෙ. ආයෙමත් මම නං ජීවිතේටම මේවා කටේ තියන්නේ නෑ.

31. හපනා කවුද?

උඹ දන්නෙ නෑ මචං මගෙ මොළේ....

පේනවද? ටොයෝටා එකක්... මේඩ් ඉන් ජැපෑන්! හරිම වේගවත්!

අනෙඃ පලයං බං... මම නොදන්නවයැ ඒක....

හොඳයි, උඹ කියන්නෙ උඹ මට වැඩිය මොළකාරයා කියලද?”

ඔව්!

මචං, මං ඉපදිල මාස පහේදී ඇවිදලා තියෙනවා.... කවුද එහෙම ඇවිදින්නේ?”

අයියෝ... උඹ දන්නෑ... මට මාස පහේදී මං අපෙ ගෙදරට එන-යන හැමෝටම කියලා මාව වඩවාගෙනත් තියෙනවා. හරිද?”

32. මේඩ් ඉන් ජැපෑන්

ඇමෙරිකාවේ සංචාරයක යෙදුණු ජපන් ජාතිකයා ආපසු සියරට බලා යාමට සැරසී කුලී රියකට ගොඩ වුණේය. කුලී රිය පෙරට ඇදෙද්දී ටොයෝටා වර්ගයේ මෝටර් රියක් එය පසු කර ඇදී ගියේය.

පේනවද? ටොයෝටා එකක්... මේඩ් ඉන් ජැපෑන්! හරිම වේගවත්...ජපනා කීවේය.

තවත් ටික දුරක් යද්දී මිට්ෂුබිසි රථයක්ද කුලී රිය පසු කළේය.

ඒක මිට්ෂුබිසි... ඒකත් මරු. දන්නවනෙ, ඒකත් ජපානේ හදන්නෙ.....ජපනා නැවතත් උදාරම්ව කීවේය.

කුලී රථයේ රියදුරා නොරිස්සුම සඟවා ගෙන නිහඬවම සිටියේය. ඒ සමඟම තවත් රථයක්ද ඉස්සර කෙරුණි.

ආ... අර ගියේ හොණ්ඩා එකක්. ඒකත් ස්පීඩ් කරතෑකි.... ඒකත් ජපන්!ජපාන ජාතිකයා තුන්වෙනි වරටත් කිව්වේය.

දැන් අපි එයාර්පෝට් එකේ සර්!” කුලී රථයේ රියැදුරා වාහනය නවත්වා ගරුසරුවෙන් කිව්වේය.

ගණන කීයද?” ජපනා ඇසුවේය.

ඩොලර් දෙසීයයි.පිළිතුරු ලැබිණි.

මොනවා.... ඩොලර් දෙසීයක්? ගණන් වැඩියිනේ....

පිස්සුද සර්, මේ මීටරෙත් මේඩ් ඉන් ජපෑන්. හරිම ස්පීඩ්.කුලී රියදුරා හිනැහී කීවේය.

තමුසෙලා නං කියයි.... මගේ කකුල්වලට පෑඩ්ස් බැඳ ගන්නේ නැතිව බැට් කරන්න එන්නයැ....

33. ආරම්භක පිතිකරුවා

ක්‍රිකට් උන්මාදය කැලෑ සතුන් අතරත් පැතිර ගොස් තිබිණි.

සත්තු මහා ක්‍රිකට් තරගයක් සංවිධානය කළහ. කාසියේ වාසිය දිනාගත් පිලේ නායකයා, පළමුවෙන්ම පන්දුවට පහර දීම ප්‍රතිවාදී පිලට පැවරුවේය.

එම පිලේ සියලුම ක්‍රීඩකයන් දැවී යන තුරුමත් ආරම්භක පිතිකරුවාට පිටියට පිවිසීමට නොහැකි වුණේය. තමුසේ දැන්ද එන්නේ? අනිත් ඔක්කොමලා අවුට් වෙලත් ඉවරයි. දැන් බම්බු ගහගන්නවා. මෙච්චර වෙලා තමුසේ කොහෙ මකබෑ වුණාද?” අන්තිමේදී ආරම්භක පිතිකරුවා ක්‍රීඩා පිටියට දුවගෙන එද්දී සගයෝ ඇසූහ.

තමුසෙලා නං කියයි.... මගේ කකුල්වලට පෑඩ්ස් බැඳ ගන්නේ නැතිව බැට් කරන්න එන්නයැ....ආරම්භක පිතිකාර පත්තෑයා කීවේය.

අතිදක්ෂ ප්‍රවීන blog රචකයෙකු වෙන මාතලන්’ fb එකෙත් වැඩ පෙන්වනවා. මාතලන්ගෙ මැණිකේ හා බෆලෝ කූඩැල්ලාපෝස්ටුව කියවනකොට මට නං ලජ්ජාවේ බැරිව ගියා. මහ ලොකුවට blogs ලියන්නත් පටන් අරගෙන තිබුණට මං ලියන්නේ මැල්ලුම්නේද කියලත් හිතුණා.

post එක හිනා කන එකක්! ඒකට comment කරලා තියෙන ඇත්තෝ ලියා තියෙන කතන්දරත් එකකට එකක් දෙවෙනි නෑ.... පැණි වෑහෙනවා....

එව්වයේ කොලිටිය බලා ගන්නකො මේ කතාව කියවලා. (මේ සාම්පලයක් විතරයි. එහාටම යන්න කියලයි මේ link එක දාන්නේ.)

මාතෘකාවක් දැම්මාම ලකයක් තියෙන නිසා ඒක දැම්මේ, මං වහන්සේ.

ජිද්‍රවල තරම

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි සරසවි සිසුන් දෙන්නෙක්, මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටියදී පොලීසියට කොටු වුනා. දෙන්නවම උසාවියට ඉදිරිපත් කළා. විනිසුරු, දෙන්නා ගැනම තොරතුරු විමසලා, අමුතු ආකාරයේ තීන්දුවක් ගත්තා.

ඔව් කියමු බලන්න, තමුන් කී දෙනෙක්ව මත්කුඩු බීමෙන් මුදාගත්තද කියලා.

'හොඳයි, තමුන් වගේ අය තමයි අනාගතයේදී මේ රට පාලනය කරන්න බාරගන්නෙත්. ඉතින් මේ රටට මොකක් වෙයිද කුඩුකාරයෝ පාලකයෝ වුනාම. මම තමුන්ට මාසයක් කල් දෙනවා. මේ මාසය ඇතුළත, තමුන් වගේ කුඩු බොන්න පෙළඹිලා ඉන්න විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක් එයින් අත්මිදෙන්න පොළඹවලා, තව මාසෙකට පස්සේ එයාලත් එක්කම මේ උසාවියේ පෙනී සිටින්න ඕනේ. ඒ වැඩ පිළිවෙලේ සාර්ථකත්වය අනුව මම තීරණය කරනවා තමුන්ට දෙන දඬුවම ලිහිල් කරන්න’. කියලා.

ඔන්න ඉතින් මාසෙකට පස්සේ පොලීසිය ආයෙත් මේ දෙන්නව උසාවියට ගෙනාවා.

එක්කෙනෙක් තරුණයන් හත් දෙනෙක්ව අරන් ඇවිත් තිබුණා.
අනිත් එක්කෙනා එක්ක මහා සෙනඟක් ඇවිත් හිටියා.

දැන් විනිසුරා කරුණු විමසනවා. අර සුළු පිරිසක් එක්ක ආව කෙනාගෙන් මුලින්ම කරුණු විමසුවා.
ඔව් කියමු බලන්න තමුන් කී දෙනෙක්ව මත්කුඩු බීමෙන් මුදාගත්තද කියලා.නඩුකාරතුමා ඇහුවා.

ස්වාමීනී, මම මගේ යාළුවන් හත් දෙනෙක් කුඩු බීමෙන් ඉවත් කරගත්තා.අර විශ්ව විද්‍යාල සිසුවා පිළිතුරු දුන්නා. කොහොමද ඒක කළේ?විනිසුරුතුමා ඇහුවා.

හරි සරල ක්‍රමයකට ස්වාමීනි. මම කොළයක් අරගෙන ඇන්දා රවුම් දෙකක්. පළවෙනි රවුම ලොකුයි; O, දෙවැනි එක පොඩියි; o. O සහ o.

මම මේ සහෝදර ශිෂ්‍යයන්ට ඒ රවුම් දෙක පෙන්නලා කිව්වා, ‘මල්ලි මේ බලන්න, මෙන්න කුඩු බීලා හිරේ යන්න කලින් ඔයාලගේ මොළේ තරම තමයි, මේ ලොකු රවුමෙන් පෙන්නන්නේ. මේ පුංචි රවුමෙන් පෙන්නන්නේ කුඩු බීලා අහුවෙලා, හිරේ ගිහින් එළියට එනකොට ඔයාලගේ මොළේ තරම කියලා.
මෙයාලා ඒක හොඳින් තේරුම් අරගෙන, කුඩු බීමෙන් ඉවත් වුණා’.

විනිසුරුතුමා බොහොම සතුටට පත්වුනා.
කෝ ඊළඟ එක්කෙනාකියලා අනිකාටත් කතා කළා.

මල්ලිලා, මෙන්න උඹලා කුඩු බීලා අහුවෙලා හිරේ යන්න කළින් උඹලාගේ ගුද මාර්ග ජිද්‍රයේ ප්‍රමාණය; o
ඔව්, මොකද මේ තමුන් මහා සෙනඟක් අරන් ඇවිත් ඉන්නේ, උසාවිය රවට්ටන්නද හදන්නේ. මම දන්නවා කුඩු බොන අය එහෙම ලේසියෙන් එයින් අත්හරවන්න බැරි බව. බොරු කතා නොකියා ඇත්ත කියනවා, තමුන් මොකද කළේ කියලාකිව්වා.

ඔන්න ඉතින්, අර දෙවැනි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තමන් කළ දේ විස්තර කළා.

ස්වාමීනි මම 156 දෙනෙක්ව කුඩු බීමෙන් ඉවත් කරගත්තා. මමත්, මගේ යාළුවා වගේම කොළයක් අරගෙන රවුම් දෙකක් ඇන්දා. පළවෙනි එක පොඩියි. දෙවැනි එක ලොකුයි. o, O.

මම මගේ යාළුවන්ට කිව්වා....

මල්ලිලා, මෙන්න උඹලා කුඩු බීලා අහුවෙලා හිරේ යන්න කළින් උඹලාගේ ගුද මාර්ග ජිද්‍රයේ ප්‍රමාණය; o! මෙන්නගිහින් ආවට පස්සේ O!!
කෝමද ඒක
?

එහෙම නං ආයෙමත් හිනා තවත් හිනාපොතේ යාන්ස් කීපයක් කියවමු. එයිනුත් අපි කතන්දර 33ක් දැනටමත් කියවලා ඉවරයිනෙ. මෙන්න ඊළඟ එක:

34. පළමුවැන්නා

මම හරි වාසනාවන්තයෙක් සුජා... ඔයා වගේ ලස්සන කෙල්ලෙකුට ඉස්-ඉස්සෙල්ලාම ආදරේ කරපු කෙනා වෙන්න ලැබිච්ච එක කොයි තරං දෙයක්ද... එහෙම නේද?”

ඔව් අනේ! ඒත් හැම පිරිමියාම වගේ ඔය කතාවමනේ මට කියන්නේ!ඇය කීවාය.

නෑ නෙවෙයි මචං, ඔව්! ඊට පස්සේ මූට පුළුවන් සුපර් මාර්කට් ගිහිල්ලා බඩු ගේන්නත්...
35. බලු හුරතලාගේ බලු වැඩේ

සුජිතුයි අජිතුයි දෙන්නා හොඳ යාළුවො. දෙන්නම හොඳ හැන්ඩියෝ, රස්සාව සේල්ස් රෙප්’. දෙන්නම බැචුලර්ස්ලා!

හැබැයි හැම තිස්සෙම දෙන්නම බැලුවේ, අනෙත් එක්කෙනාට වැඩිය චුට්ටක් හරි ඉහළින් ඉන්න; කැපී පේන්න.

ඔන්න දවසක්දා අජිත් ආවා සුජිත්ගේ ඇනෙක්ස් එකට. සුජිත් බල්ලෙක්ව ගෙනල්ලා. එදා තමයි අජිත් ඒ බව දැන ගත්තෙත්.
ෂා... නියම කුක්කෙක්නේ...අජිත් කිව්වා.

කුක්කෙක්? අනේ මචං උඹ දන්න තරම. උඹ දන්නවද මෙහෙම පුංචියට හිටියට මෙයාට කරන්න පුළුවන් දේවල්...?” සුජිත් උත්තර දුන්නෙත් ප්‍රශ්නෙකින්.

මොනවද පුළුවන්?”

මචං, මම චෙක් එකක් ලියලා මුගෙ බෙල්ලේ එල්ලලා තියෙන මේ හම් පෙට්ටියට දාපුවම මූට පුළුවන් තනියම බැංකුවට ගිහිල්ලා චෙක් එක මාරු කරගන්න...

නෑ!

නෑ නෙවෙයි මචං, ඔව්! ඊට පස්සේ මූට පුළුවන් සුපර් මාර්කට් ගිහිල්ලා බඩු ගේන්නත්... මට ගෙන්න ගන්න ඕනෑ ලිස්ට් එක ලියලා දුන්නම මෙයා ඒ ඒ තැන්වලට ගිහිල්ල ඒ බඩුත් අරන් එනවා...  සුජිත් උජාරුවෙන් කිව්වා.

අජිත් දන්නවා සුජිත් කිව්වේ බොරුවක් නොවෙන විත්තිය. මිනිහට දැන් මාර අප්සෙට්. කොහොම හරි සුජිත්ගේ බල්ලා වගේම එකෙක්ව හොයා ගන්න ඕනියි කියලා අජිත් හිතා ගත්තා. එහෙට- මෙහෙට දුවලා, දාස් ගණන් වියදම් කරලා අජිතුත් අර වගේම බල්ලෙක්ව  හොයා ගත්තා. ඌවත් හොඳට පුහුණු කරලයි තිබුණේ!

ඔන්න සුජිත් ආවා අජිත්ගේ ඇනෙක්ස් එකට.

දම්වැල අල්ලාගෙන යනවා ලස්සන නෝනා කෙනෙක්. ටොමියට දැන් බැල්ලිව දාලා යන්න හිතක්... 

වරෙන්, වරෙන් මචං. මම මේ මගේ ටොමියව බැංකුවට යවන්න හද-හදා හිටියේ.....එහෙම කියාපු අජිත් චෙක් එකක් ලිව්වා. බඩු ලැයිස්තු දෙක-තුනකුත් ලිව්වා. ඊට පස්සේ ඒවා ටොමීගෙ බෙල්ලේ එල්ලලා තිබුණු හම් බෑග් එකට දැම්මා. දාලා ගිහින් වරෙන් පුතා!කියලා ටොමියට තට්ටුවකුත් දැම්මා.

සුජිත්ට තේරුණා මේ ඔක්කොම කරන්නේ එයාට පෙනෙන්න තමයි කියලා. ඒත් ඉතිං මොනව කරන්නද?  මුකුත් නොදන්නා ගාණට අජිත් එක්ක චැට්එකක් දාගෙන හිටියා.

ඒ අතරේ ටොමියා බැංකුවට ගිහින් චෙක් එක මාරු කර ගත්තා. සුපර් මාර්කට් ගිහින් බඩුත් ගත්තා. ඒවාත් කරගෙන ඔන්න දැන් ටොමියා ආපහු ගෙදර එනවා.

ඒ අස්සේ මූ දැක්කා ලස්සන බැල්ලියෙක්.

කරුමේ කියන්නේ බැල්ලිව දම්වැලකින් බැඳලා... දම්වැල අල්ලාගෙන යනවා ලස්සන නෝනා කෙනෙක්. ටොමියට දැන් බැල්ලිව දාලා යන්න හිතක් ඇත්තෙම නෑ. ඒ අතරේ බැල්ලිත් ටොමියා දිහාව බලලා, ඇඹරිලා ඌක්- ඌක් කියලා කෙඳිරි ගෑවා.

ඔය අස්සේ නෝනගේ අතේ තිබුණු මොබයිල් ෆෝන් එකට කෝල් එකක් ආවා. එතැනම පාර අයිනේ නැවතිලා නෝනා කතාව පටන් ගත්තා.

ටොමියට තේරුණා මේක තමයි හොඳම චාන්ස් එකකියලා. ටොමියා බැල්ලිට කිට්ටු කරලා ආදරේප්‍රකාශ කළා. බැල්ලිත් කැමැත්ත දුන්නා.

කෝල් එක ඉවර වෙලා නෝනා බලනකොට බැල්ලි විතරක් නෙවෙයි, බල්ලෙකුත් ඉන්නවා; නිකනුත් නෙවෙයි. සුනඛ සංසර්ගයහමාර වුණා විතරයි.

එක යුද්ධයයි! බැල්ලි මේ පැත්තට අදිනවා- ටොමියා අනිත් පැත්තට අදිනවා.

දැන් මට හෙණ හතක් වදියි!

දැන් ඌට ඕනෑ කරන්නෙ පුළුවන් තරම් ඉක්මනින් හාම්පුතා ළඟට යන්නයි. ටොමියා ෆුල් ඩම්එක දාලා ඌට යන්න ඕනෑ පාර දිගේ යනවා. බැල්ලිත් ඒ පැත්තටම ඇදිලා යනවා, කෙඳිරි ගගා. බැල්ලිව  ගැට ගහලා තියෙන දම්වැල අල්ලා ගත්තු නෝනාත් දැන් නිකම්ම ඒ පැත්තට ඇදිලා යනවා.

ටොමියා පරක්කු මොකද කියලා මඟ බල-බලා හිටිය අජිත් දැක්කා ඈත එන ටොමියව.... ඊළඟට බැල්ලිව... ඇයි අර නෝනා?

අජිත් බොහොම උජාරුවෙන් සුජිත් දිහා බලලා මෙහෙම කිව්වා!

පේනවද මචං, මගේ ටොමියා බැංකු ගිහින්- චෙක් එක මාරු කරගෙන බඩු-මුට්ටු අරගෙන එනවා විතරක් නෙවෙයි, ඌත් බඩුවක් ගහලා - මටත් එකක් එක්කරං එන්නවා..... අර බලපංකො බොරුද කියලා!

36. හෙණ හත නොවැදුණොත්

ස්වාමීනී, මං කියන්නෙ සහතික ඇත්ත. මට ඕනෑ දේවාලෙක දිවුරන්න පුළුවන්. මං මේ මනුස්සයාගේ වත්තෙ කෙහෙල්කැන කපාගෙන ගියා නං මේ දැන් මට හෙණ හතක් වදියි!

හොඳයි, මම යුෂ්මතාගේ ප්‍රකාශයට ගරු කරනවා. තව විනාඩි තිහක් මේ අධිකරණය යුෂ්මතාට ලබා දෙනවා, අතන උසාවිය කෙළවරටවී සිටගෙන සිටින්නට. ඒ කාලය තුළ තමාට හෙණ හතක් නොවැදුණොත්- යුෂ්මතාට දෙසතියක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම වේවි!

37. අර්ථ කථනයක්

ගැහැනියක සුවිසල් අවන්හලකට ගිය තරුණියක බඳුය.

ඇයට අනුභව කළ හැකි වන්නේ ඉතා ස්වල්පයක් පමණක් වුවද, අවන්හලේ තිබෙන තරම් දේ අවශ්‍ය කරයි!

(සුප්‍රකට නිළි සොපියා ලොරේන් කියුවකි.)

සියලුම බ්ලොග් රචක-රචිකාවයන් වෙනුවෙන් ආදරණීය සහෘදයන් වෙත කෙරෙන ඇරයුමකි!

තියෙන තරං දේවල් එක සැරේ බුක්ති විඳීම හොඳයිද? මං නං හිතන්නේ ටිකෙන්-ටික රස විඳීම තමයි හොඳ කියලා. එහෙම විශ්වාස කරන හින්දයි, අද post එක මෙතනිං නවත්තන්නේ...

42 comments:

  1. තාම කවුරුවත් ඇවිත් නැද්ද? ඔක්කොම බුදිද කොහෙද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසත් දැං නේ නැගිට්⁣ටෙ 😂😂😂

      Delete
    2. https://barkforce.com/wp-content/uploads/2019/07/dog-peeking-over-bathtub.jpg

      Delete
    3. නැඟිට්ට ගමන් ටිකක් ඇඟමැලි කඩලා හෙම ඉන්න එපැයි. අනෙක මේ වැක්කෙරෙන විදියට ඇඳෙන් බහින්න හිතෙන්නෙත් නෑ...

      ටොමී නං වතුර නැති බාත් ටබ් එකක නිඳාගෙන වගේ!

      Delete
  2. අපේ ටොමියව අර විදියට පුරුදු කරල ගන්න බැරිවෙයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඌ ගැන තමා ඔය ලියල තියෙන්නෙ 😏😏

      Delete
    2. ප්‍රසන්න, ඔයාලගේ ටොමියට පුරුදු කරන්න වෙයි ගඟට නාන්න යන්නත්...

      Delete
  3. පට්ට... 😃😃😃 නැගලම ගියෙ බලු කතන්දරේ 😂😂😂

    ReplyDelete
    Replies
    1. ඌටත් නැග්ග හින්ද තමයි ඔය සන්තෑසිය උනේ. හැක්..

      Delete
    2. මං මේ කල්පනා කරන්නේ බල්ලන්ට විළිබිය කියලා දෙයක් තියේද කියලයි.

      Delete
    3. කැනඩාවෙනම් බිය විතරයි කියලයි අහල තියෙන්නෙ

      Delete
  4. Replies
    1. නවීන්, ඔයා ටික දවසක් පෙනෙන්න හිටියේ නෑ. බ්ලොගයක් ලියන්න කරුණු එකතු කරනවාවත්ද?

      Delete
  5. එන අයට බලන්න
    https://ralapage.blogspot.com

    ReplyDelete
    Replies
    1. එන අයට බලන්න කිව්වට මට එපා කිව්වේ නෑ නේද මහේෂ්. මාත් ගිහින් බලලා, ඉන්දිකගේ අපූරු සින්දුවත් අහලයි ආවේ ඔයාට ස්තුති කරන්න.

      Delete
  6. ටෝමි..... ඔයා හාම්පුතා ගැනත් හිතනවා නේ.

    ReplyDelete
  7. මේ නෝනෙ මට කෝල් එකක් ආවොත් ගෙදර නෑ කියන්න. නැත්තං ගෙදර ඉන්න දවසෙත් වැඩපලේ උන් කතා කරයි. මං මොබයිල් එකත් ඔෆ් කරා./
    ටිකවෙලාවකට පස්සේ කෝල් එකක් ආවා. නෝනා ගත්ත. 'ඉන්නවා ඔව් ඔව්. එයා ගෙදර' කියල නෝනා කියනවා දැන් මහත්තය අහන්. කෝල් එක ඉවර උනාම තරහ ගිහින් මහත්තය කෑ ගැහුවා මොකද්ද ඒ කරේ කියල. නෝනා ඊට පස්සේ කිව්වා "කලබල වෙන්න එපා. එක ඔයාට ආපු කෝල් එකක් නෙමේ. එක ආවේ මට" කියල.

    ReplyDelete
    Replies
    1. නමියෝ, ඒ කෝල් එක ආවේ අපි කලින් දවසක කියපු බාබර්ගේ නෝනාට නෙවෙයිද?

      Delete
    2. වෙන්ටත් ඇති නිදි..

      Delete
  8. උසාවි කතාව කියෙව්වාම උසාවි විහිළුවක් මතක් උනා.

    දික්කසාද නඩුවක, ස්වාමි පුරුෂයාගෙන් බිරිඳගේ නීතිඥයා හරස් ප්‍රශ්න අහනවා.

    යුෂ්මතා, අනියම් බිරිඳත් සමග පාදුක්කේ තානායමට ගියා ද? 'මම ඒ ප්‍රශ්නයට උත්තර දීම ප්‍රතික්ෂේප කරනවා.'

    යුෂ්මතා අනියම් බිරිඳත් සමග හංවැල්ලේ තානායමට ගියාද? 'මම ඒ ප්‍රශ්නයට උත්තර දීම ප්‍රතික්ෂේප කරනවා.'

    යුෂ්මතා අනියම් බිරිඳත් සමග අවිස්සාවේල්ලේ තානායමට ගියාද? 'මම ඒ ප්‍රශ්නයට උත්තර දීම ප්‍රතික්ෂේප කරනවා.'

    යුෂ්මතා අනියම් බිරිඳත් සමග කිතුල්ගල තානායමට ගියාද? "නැහැ!"

    ReplyDelete
    Replies
    1. බිරියගේ නීතීඥයාට හිටියේ අපේ වැට ගහන හිතවතෙක්ද Sam?

      Delete
  9. නිදි පණ යනකන් හිනාවෙලා පන යන්න කලින් නවත්ත ගත්ත. 🤣 🤣 🤣

    ReplyDelete
    Replies
    1. ඔන්න අජිත් මං කටට පාරක් ගහ ගත්තා, කට වහගෙන හිටපං නිදි කියලා. මොන... කට කොකියන නිසා අහන්නම වෙනවා අජිත්!
      කොයි පණද යන්න හැදුවේ?

      Delete
  10. තට්ට සෑර්ගේ උපදෙස් පදිරි..සොරි, පරිදි මේ අලුත් බ්ලොග් දෙක දැණුම් දෙමි. ලස්සනට ලියනවා. පොඩි තල්ලුවක් දෙමුද?

    https://yapanepemwathi.blogspot.com/

    https://magadhigatayapane.blogspot.com/2021/10/1-1.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ටොමී, ඔයාලා මෙහෙම අනුන්ට උදව් කරනවා දකිනකොට ඇහැට කඳුළු එනවා. සතුටට නෙවෙයි දුකට. මගේ දුෂ්ටකමක්ද මන්දා, මම උදව් කරන්නෙත් සීමිතව විතරක් නිසා.
      links දෙකටම ගියා. බැලුවා. කවි දෙක බැගින් කමෙන්ටුත් දැම්මා. එව්වයින් එක එක මෙතැන දාන්නේ තව අයවත් එහාට යවන්නයි.

      හිතේ තෙතමනය තව වැඩි කරන්නට
      උත්තම මිනිස් හැඟුමන් ගැන කියන්නට
      තව දිග කලක් මේ වැනි ලිපි ලියන්නට
      හැකිවේවා පතමි සුදු සිහ ධේනුවට

      යාපනෙත් ගියා මං තුන් හතර වරක්
      එහේ කෑම රහ බැලුවා නැතිව නිමක්
      එව්වා මතක් වෙද්දීත් හිතෙනවා දුකක්
      ලියලා තියෙනවා දැක හිතුණා සතුටක්

      Delete
  11. ලව්පූස්ගෙ ලිවීමේ හැකියාව නං පට්ට. අදෝමැයි, ඌවත් බුකිය ගිල්ල සේක!

    බුකිය වනාහී, නලපාන ජාතකේ එන නෙළුම්විල වැන්නේමය. එහි සකරබුරුග නම් එක් අමනුස්සයෙක් වාසය කරන්නේයැ. විලට ගිය අඩි-සලකුණු මිස, ආපසු ආ සලකුණු නම් නැත්තේමය.

    ඕකාව දීයාම කාපිය!😈

    ReplyDelete
    Replies
    1. නරිමොටාගේ උපහැරණේ මල්! නලපාන ජාතකේ නෙළුම්විල.... ගියවුන් අඩි සලකුණු මිස ආවුන්ගේ අඩි සලකුණු නැත!!

      උදක රාක්ෂසයාටත් බණ කියලා ආපහු ආ, දේවධර්ම ජාතකයේ මහිංසාස කුමාරයාට වගේ ඉවාන් කුමාරයාටත් ආපහු බ්ලොග් ලෝකයට එන්නට හැකියාව ලැබේවා!

      Delete
  12. අන්න බල්ලෝ....අන්න බල්ලෝ...අපේ එකාට පුලුවන්නෙ බෝලයක්, අතු කෑල්ලක් වගේ දෙයක් අහුලං එන්ඩ විතරයි....ෂැ:

    ReplyDelete
    Replies
    1. ලොකූ, අතු කෑලිවලින් පටන් ගන්න එකත් ලොකු දෙයක්. හීන් සීරුවේ ඊළඟට පුරුදු කරවන්න හතු කෑලි අරන් එන්න... ඊටත් පස්සේ ඇහැකි වෙයි හතුවලට පාපිල්ලක් එකතු කරගන්න.

      Delete
  13. බොහොමත්ම ස්තූතියි අදත් ලේ ධාතුවට ක්ලෝරීන් දැම්මාට!

    ReplyDelete
    Replies
    1. අප්පද බොල.... වැඩියත්ම හිනා වෙන්ඩ එපා මහත්තයෝ. ලේ ධාතුව තවත් පිරිසුදු වෙලා තවම ආවේ නැති කොන්ඩේ වැවෙන්ඩ ගත්තොත් නම වෙනස් කරගන්ඩ වෙයි!

      Delete
  14. මේ ටික නම් කලින් අහලම නැති ඒවා ... එල එල ...

    ReplyDelete
  15. සැහ්! මං මේක කියවලා දවස් තුනක් විතර. කමෙන්ට් එකක් දැම්මෙ නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී,
      මෙහෙත් හරි වැස්ස- ඔහෙත් හෙම වෙන්ටැ
      වැඩත් වැඩි වෙන්ටැ - කියා හිතුවාය

      Delete
  16. අර සොෆියා ලොරේන් ගෙ කියමන වගේ ම අඤාත කියල කෙනෙක් කියපු අර්ථ දැක්වීමක් තියෙනවා.

    "ආර්ථික විද්‍යාඥයා - මැඩෝනා ව ඇගේ සල්ලි නිසා කසාද බඳින්නට තීරණය කරන තැනැත්තා"

    ReplyDelete
    Replies
    1. අසා නොතිබුණු එකක් කිව්වාට හද පිරි මෙව්වා එක ඩ්රැකී උන්නැහේට!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්