දිරවන්න පහසු කෑම
දැරිවියට දෙනවා; බැදුම්, පිළිස්සුම්, පුළුටු නොදී ඉන්නවා. තනි නොකර, ගෙදර පිරිමින්ට
පවා ඇහැ ගැහෙන්න නොදී කාමරයක හිර කරගෙන
පරෙස්සම් කරමින්............. ඒ පළමු වතාවේ.
ඊට පස්සේ.... මොනවා වෙනවද කියල
කවුරුන්වත් තැකීමක් නොකරනවා වගෙයි...
ස්ත්‍රී චිකිත්සාවලිය පොතේ කියන්නේ '.. තවද ස්ත්‍රී තොමෝ මල්වරවූ පළමු දින පටන්.....' |
'තවද, ස්ත්‍රී තොමෝ මල්වර වූ පළමු දින පටන්
(තෙදිනක්) බඹසර ඇත්තී- දහවල් නිදීම, ඇස අඳුන් ගෑම, හැඬීම, නෑම, ඇඟ සුවඳ ආලේප
කිරීම, ඇඟ තෙල් ගැල්වීම, නියපොතු කැපීම, දිවීම, සිනාසීම, උච්ච ස්වරයෙන් කතා කිරීම,
අධික ශබ්ද ඇසීම, ඇඟ ඉරි ගැසීම, වාතයෙන් වෙහෙසීම යන මොවුන් දුරු කටයුත්තී
වෙයි......’
එහෙමයි ‘ස්ත්‍රී චිකිත්සාවලිය’ පොතේ නම්
උපදෙස් දෙන්නේ.
මල්වරවූ කියලා ඒ පොතේ දක්වන්නේ ‘ඔසප්’ වීම
මිසක් වැඩිවියට පත්වීම නෙවෙයි. ‘Care during the Periods - ආර්තවාචාරය හෙවත්
කිල්ල ගැන ප්‍රවේසම් වීම’ කියන අනු මාතෘකාව යටතේයි අර විස්තරේ තියෙන්නේ.
ඒ පොත ලියවිලා තියෙන්නේ 1935. දැනට අවුරුදු
85කට කලින්. කොහොමද එදා තිබුණු දැනුමයි, අද තියෙන දැනීමයි අතර වෙනස....
ඒ කාලයේදී වඩාත් පිරිසිදුව ඉන්න ඕන නිසා ‘ඇඟ
හෝදන්න- නාන්න’ කියලයි දැන් නම් උපදෙස් දෙන්නේ. මගේ ප්‍රශ්නය තියෙන්නේ මෙතැනයි.
මල්වර මංගල්ලෙට වැඩිය වැදගත් නැද්ද පළමු වරට ඩිම්බ සෛලය නිකුත් වීම? |
මේ සිදුවීම් මාලාවේ වඩාත්ම වැදගත් වෙන්නේ
ඩිම්බ සෛලය නිකුත් වීමයි. ඩිම්බයට තමයි ශුක්‍රාණුවක් හා එක්වී අලුත් ජීවියෙකු ඇති
කිරීමේ හැකියාව තියෙන්නේ. එහෙම සංසේචනයක් සිදු නොවුණෝතින් තමයි ගර්භාෂ බිත්තියේ උඩ
ස්තරය-ඇතුළත බිත්තිය ගැලවෙමින්; රුධිරය වහනය වෙමින් ‘ඔසප් වීම’ සිදු වෙන්නේ.
ඉතින් උත්සවාකාරයෙන් සමරන්න ඕනි පළමු ඩිම්බය
නිකුත් වීමද- පළමු වරට ගර්භාෂ බිත්තියේ උඩ කොටස ඉවත් වීමද? ඒ පදනමේ ඉඳලයි, ආයෙමත්
‘අසිරිමත්වූ දේකි’ පොතට; පොතේ 33 පිටුවේ යටම කොටසට යන්නේ.
‘තරුණියන් මල්වර වූ විගසම විවාහ වීම
සුදුසුද?
ස්වභාවධර්මයාගේ නියමයන් පරිදි මව් කෙනෙක්
වීමේ ශාරීරික තත්ත්වයට නම් ඈ මේ වන විට පත් වෙලයි තියෙන්නේ. නමුත් අප රටේ සිරිත් විරිත්
සහ තරුණියන් ගැන සලකා බලන විට නම්, මේ වයසේ තරුණියන් විවාහයට සුදුසු මානසික
තත්ත්වයට පත් වෙලා කියලා හිතන්න අපහසුයි. එනම්, මානසික වශයෙන් ඔවුන් තවමත් ලාබාල
නිසයි.
මල්වර වීම පමා වීම රෝගයක්ද?
නෑ. සාමාන්‍යයෙන් අවුරුදු 10 සහ 16 අතරේදී
මෙය සිදු විය හැකියි. සමහර විට ඊට මීට පෙර හෝ පසුව මෙය සිදු වෙන අවස්ථා තියෙනවා.
කොහොම වුණත් මල්වර වීම පමා වීමත් සමඟම ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීම පමා වේ නම්
වෛද්‍යවරයෙකු හමුවී මේ ගැන සාකච්ඡා කිරීම වැදගත්.’
කොටහළු වීම පමාවෙන එක අවුලක්ද? |
බ්‍රොයිලර් කුකුළු මස්වලට පින් සිදු වෙන්නට
දැන් මෙහෙම ප්‍රශ්නයක් නැහැ. පසුගිය වකවානුවේ බොහොමයක් දැරියන් වැඩිවිය පත් වුණේ
හරිම අඩු වයස්වලදී. ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණය හොයලා බලද්දී තමයි ගොඩක් දේවල්
හෙළිදරව් වුණේ. කුකුළු පැටියන්ට දෙන වර්ධක හෝමෝන- අපේ කුකුළු මස් පරිභෝජන රටාව වගේ
දේවල්.......
මගේ සොහොයුරියකටත් මේ ප්‍රශ්නය තදින්ම
බලපෑවා.
“ලොකා, කෙල්ලට තවම එකොළහක්වත් නැහැනේ.... ඇඟ-පතවත් හැදිලද? නාවනකල් කාමරේක
හිර කරගන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බැහැ. මොනම දෙයක්වත් තේරුම් කරලා දෙන්න
තරම් වයසක නෙවෙයිනේ ඒ ළමයා ඉන්නෙත්....”
එහෙම අම්මලාට තවත් ප්‍රශ්නයක් ‘දෝණි කොටහළු’
වුණායින් පසුව මතු වුණිලු. එතැන් සිට අවුරුද්දක්- දෙකක්- තුනක් යනකල් ඒ දැරිවියන්ට
periods හැදුණේ නැහැල්ලු. හෝමෝනවල හොල්මන් කෙරුවාවල් එහෙමය!
ලිංගික කරුණු කතා කරද්දී වැඩියෙන්ම
කියවෙන්නේ- කියන්නට දේවල් තියෙන්නේ කාන්තා පාර්ශ්වය ගැන වගෙය.
ඒත් පොතේ ඊළඟට තියෙන
ප්‍රශ්නය ‘පිරිමින්; පිරිමි ළමයින්; හරියටම කියනවා නම් කොල්ලන්’ගැනය.
පිරිමි ළමයිනුත් මල්වර වෙනවාද? පොතේ 33, 34, 35 පිටු......... |
'පිරිමි ළමයිනුත් මල්වර වෙනවාද?
නැහැ. ද්විතීය ලිංගික ලක්ෂණ පහළ වීමත් සමඟම
ඔවුන්ගේ වෘෂණවල ශුක්‍රාණු නිපදවීමට පටන් ගන්නවා. ගැහැනු ළමයින් මල්වර වෙනවා වගේ
විශේෂ සිද්ධියක් ඔවුන්ගේ දක්නට ලැබෙන්නේ නෑ.’ ‘අසිරිමත්වූ
දේකි’ පොතේ 34 වැනි පිටුවේ එහෙමයි තියෙන්නේ.
තරුණ ජනගහණ කමිටුව මඟින් ශ්‍රී ලංකේය තරුණ
පෙළ ඉලක්ක කරගෙන පැවැත්වූ ‘මානව ලිංගිකත්වය, ප්‍රජනනය හා පවුල් සැලසුම’ වැඩ සටහන්
ගැන මතකයි නේද?
වගේ පෝස්ටු
ගොඩකදී තජක වැඩ ගැන කිව්වනේ. ඒ හැම වැඩ සටහනකදිම අපෙන් විමසපු කාරණයක් තමයි මේ.
අදට අවුරුදු 40කට විතර ඉස්සර; 1980 විතර.
(මේ හැමෝගෙම ‘විස්ස පරවෙලා’ ඉන්න විස්සයි
විස්සනේ.)
“එහෙම පිරිමි ළමුන් මල්වර වෙන අවස්ථාවක් ගැන
පොත-පතේවත්, වෛද්‍ය විද්‍යාවෙවත් කියවෙන්නේ නැහැ. හැබැයි මට හිතෙනවා පිරිමි
ළමයෙකුගේත් මල්වර වීමක් තියෙනවය කියලා. පළමු වතාවට ශුක්‍ර තරලය නිකුත් වෙන දවස...!
ගැහැනු ළමයෙකුහේ වගේමයි, පිරිමි ළමයෙකුගේත් මේ සිද්ධිය බොහෝකොටම සිද්ද වෙන්නේ එයා
නොදැනුවත්ව....රාත්‍රී නින්දේදී... සිහිනයෙන්...” කියලයි ඒ වැඩ සටහන්වලදී මගෙන්
උත්තර දෙවුණේ.
තුරුණු හිත්වල ලිංගික හැඟීම් ඇති වීම වරදක්ද? |
'තරුණ වියට පා තබන ළමුන්ගේ සිත්වල ඇති වන
ලිංගික ආශාවන් අස්වාභාවිකද?
කිසිසේත්ම නැහැ. ශරීරයෙන් සහ මනසින් සිදු වන
ඉහත කී වෙනස්කම් සමඟම අනිවාර්යයෙන්ම ඔවුන්
තුළ ලිංගික ආශාවන් පිළිබඳ හැඟීම් ඇති වෙනවා. මෙම තත්ත්වය ස්වභාවධර්මයා ඔවුන්ගෙන්
කරන එකම ඉල්ලීමයි කියලත් කියන පුළුවන්.
ළමයින් කරන සමලිංගික ක්‍රියාවන් හානිකරද?
නෑ. හානිකරයි කියන මතය අපි තුළ ඇති වෙලා
තියෙන්නේ මේ ගැන සමාජයේ තියෙන මිත්‍යා මත නිසයි. ඒත් ස්වභාවධර්මයා ඔවුන්ගෙන්
බලාපොරොත්තු වන ලිංගික ආශාවන් නිසා මෙවැනි දේට පෙළඹෙන බව සිතන්නේ කී දෙනාද?
එම ලිංගික ක්‍රියාවන් විවෘතව කිරීම අසභ්‍ය
යැයි කියලා කියන්න පුළුවන් වුණත් ශරීරයට හෝ මනසට හානිකරයි කියලා කීමේ නම් කිසිම
විද්‍යාත්මක පදනමක් නෑ.
ඇත්ත වශයෙන්ම ගැහැනු හා පිරිමි ළමයි කරන මෙම
සමලිංගික ක්‍රියාත්, ස්වප්න මෝචනයත් තරුණ වියේදී ස්වභාවයෙන්ම ඇති වන අධික ලිංගික
ආශාව තුනී කරවන ආරක්‍ෂිත මාධ්‍යයක්. යුරෝපයේ වගේ අපේ රටෙත් වැඩිවියට පත් ගැහැනු
පිරිමි විවාහයට පෙර නිදහසේ හැසිරීමේ පුරුද්දක් නැති නිසා මේ කාලයේදී ඇතිවිය හැකි
ලිංගික කලකිරීම් වළක්වා ගැනීමට හැකි එක් මාර්ගයක් මේ බවත්, අප වටහාගත යුතුයි.
එසේම අපේ ගුරුවරු, දෙමාපියන්, වැඩිහිටියන් මෙම තත්ත්වය අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්.’
එසේම අපේ ගුරුවරු, දෙමාපියන්, වැඩිහිටියන් මෙම තත්ත්වය අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්.’
තමුසේ වැඩියම ලියන්නේ ලිංගික පැත්තට බර දේවල්.......... |
“තමුසේ වැඩියෙන්ම ලියන්නේ ලිංගිකත්වයට බර
දේවල්!” මෑතකදී යහළුවෙක් චෝදනා මුඛයෙන් කිව්වා. “බලනවා.... මෙන්සස් වෙන දවස්වල
කෙල්ලෙක්ගේ ලේ පිටින් sex කරන ඒවා ගැනත් තමුසේ ලියලනේ....”
“මම ලියලා?”
“වෙන කවුද? ඔයා වගේ කෙනෙකුට වටිනවද ඔහොම
දේවල් ලියන්න.... කියවන මිනිස්සු මොනවද හිතන්නේ....”
ඇත්තය. එයා කියන්නේ ඇත්තය. එයාත් ‘නිදිගෙ පංච
තන්තරේ’ පෙරළන්නේ ඉඳහිටය. (මට හිතෙන විදිහය මේ: බ්ලොග් අඩවියේ post එකක් publish
කර දවස් තුනකට විතර පස්සේ, එහි link එකක් පින්තූර දෙකක් හෝ තුනක් හෝ එක්ක මගේ FB එකේ
දමන්නෙමි. ඒ එක්කම ලිපියේ කුතුහලය දනවන තැන් කිහිපයකුත් උපුටා දැක්වීම මගේ සිරිතය.
එය තනිකරම publicity ව්‍යාපෘතියකි!
-ඉතින් සමහරුන් කියවන්නේ බ්ලොගයේ ලිපියම
නොවේ. FB එකේ දමන ටික විතරය!
-මහන්සිවී ලියන දේ වැඩි දෙනෙකු කියවනවාට මං
හරිම කැමතිය. ඒත් මං ලියන්නේ මගේ ජීවිත කතාවයි.
ඉතින් පටන් ගැන්මේ හිට- සේරම කියවන කෙනෙකුට විතරය, නිදි ගැන අංග සම්පූර්ණ චිත්‍රයක් තනාගන්නට හැකි වෙන්නේ. ටක්කෙටම එය කරගන්නට වෙන්නේ මගේ කතාව සේරම ලියලා- කියවලා ඉවර වුණායිනුත් පස්සෙය.
-එක සිදුවීමකින්; සිදුවීම් පෙළකින් නිමල් දිසානායක ගැන කොහොම තේරුම් ගන්නද? අර හිතවතාත් දැනට කියවා තියෙන්නේ එහෙන්-මෙහෙන් posts කිහිපයක් විතරය.
ඉතින් පටන් ගැන්මේ හිට- සේරම කියවන කෙනෙකුට විතරය, නිදි ගැන අංග සම්පූර්ණ චිත්‍රයක් තනාගන්නට හැකි වෙන්නේ. ටක්කෙටම එය කරගන්නට වෙන්නේ මගේ කතාව සේරම ලියලා- කියවලා ඉවර වුණායිනුත් පස්සෙය.
-එක සිදුවීමකින්; සිදුවීම් පෙළකින් නිමල් දිසානායක ගැන කොහොම තේරුම් ගන්නද? අර හිතවතාත් දැනට කියවා තියෙන්නේ එහෙන්-මෙහෙන් posts කිහිපයක් විතරය.
ප්‍රතිරූපයක් මවාගෙන පිළිමයක් වීමට නම් මගේ කිසිම කැමැත්තක් ........... |
-බ්ලොගය කියවන හිතාදර රසික-රසිකාවන් මා ගැන මොනවා හිතාවිදැයි මම කලබල නොවන්නෙමි. මොනවා හිතුවත් මොකෝ? මා ලියන්නේ ඇත්තම ඇත්තය.
-මට අලුතින් ප්‍රතිරූපයක් තනා ගන්නට අවශ්‍ය
නැත. දැනටමත් මා ගැන බොහෝ දෙනා මවාගෙන සිටින්නේ අසම්පූර්ණ සිත්තමකි. බ්ලොගය
ලිවීමෙන් මා වෑයම් කරන්නේ එය සම්පූර්ණ එකක් බවට පත් කිරීමටය!)
“ඔයා දන්නවද ඒ ටික මම ලියපු දෙයක් නෙවෙයි
කියලා. ඒවා තියෙන්නේ පොතේ!”
“කවුද හලෝ ඒවා දන්නේ?”
“ඔය ටික තිබුණේ ‘අසිරිමත්වූ දේකි -6’ පෝස්ටුවේ. පොතෙන්
උපුටන ඒවා මම italic-ඇල අකුරු විදිහටයි දාන්නේ කියලත් පළමුවෙනි කොටසේ ඉඳලා
කියවනවා නම් තේරෙනවා. හැබැයි ඔයා කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. මගෙන් ලිංගික දේවල්
වැඩියෙන් කියවෙනවා තමයි. මොකද, මට පෙන්නන්න බෑ හුඟක් අය පෙන්නන බොරු
සීලවන්තකම්..... තියෙන කුහකකම්.....” මම කීවෙමි.
තීක්ෂණගේ Sex Chat ලිපි කිහිපය නම්..... |
එයාට විතරක් නොවේ, ඕනෑම දෙයක් ගැන විවෘතව
කතාබහ කරන්නට- සංවාදයේ යෙදෙන්නට හැකි මට්ටමේ ඉඩකඩක් තියෙන්නේ කීයෙන් කී දෙනෙකුටද?
තීක්ෂණ මේ කියන්නේ........
“මේක බීලා විසඳන්න බෑ
බන්..
උඹට මම මේවා කියන්නෙ උඹ කොල්ලෙක් වුනත් මගේ ලව් එකක්. සෙක්ස්ශුවල් නෙවෙයි, පොඩි මානුෂීය ලව්
එකක්... ඒකයි මට මේ හිතෙන දේ උඹට කියන්නෙ.... ගහක් යට, බංකුවක් ගාව උඹට පුළුවන්ද
නිදහසේ වැලඳගන්න. පුළුවන්ද... මොක්කු හරි ඇවිත් විසිල් ගහන්නෙ නැද්ද.... එතනින් යන
එකෙක් කන්න වගේ බලාගෙන යන්නෙ නැද්ද....
අර බලන්න, දැනුත් එකෙක් අතන කපල් එක දිහා බලාගෙන යනවා.. අපිට පුළුවන්ද අහඹු හමුවීමකදි ඒ සතුටට විරුද්ධ ලිංගිකයෙක්ව බදාගන්න... අම්මෝ අරුන්ගෙ විසේ, කුලප්පුව, අසහනකාරයෝ, නැහැදිච්ච උන් කියලා ලේබල් ගහලා පවුල් සංස්ථා පිටින්ම ගොඩනගලා දෙන්නෙ නැද්ද...
අර බලන්න, දැනුත් එකෙක් අතන කපල් එක දිහා බලාගෙන යනවා.. අපිට පුළුවන්ද අහඹු හමුවීමකදි ඒ සතුටට විරුද්ධ ලිංගිකයෙක්ව බදාගන්න... අම්මෝ අරුන්ගෙ විසේ, කුලප්පුව, අසහනකාරයෝ, නැහැදිච්ච උන් කියලා ලේබල් ගහලා පවුල් සංස්ථා පිටින්ම ගොඩනගලා දෙන්නෙ නැද්ද...
මහ පාරේ මුත්‍රා කළත් kiss කරන්න තහනම් පුදුම රටක් බං මේ........ |
කොටින්ම බාහිර ප්‍රශ්නයක් නිසා දුකක් හිතුනම ආදරය කරන
කෙනාව බදාගෙන අඬන්නවත් පුළුවන්ද..? ඇඬුවොත් කියයි රණ්ඩුවක්
කියල.. අපිව හදල තියෙන්නෙ එහෙම රාමුවක් බං.. මේක බං පාරේ මුත්‍රා කරත්, සිපගන්න
තහනම් මුදුන් මල්කඩක්.. ඉතින් එළියට ගිහින් උඹල දෙන්න පවා මේ ඉන්නෙ බයෙන්....
එහෙම වෙලාවට තරුණ කොල්ලො කෙල්ලො රූම් නොයා ඉඳීද, නොදැනුවත්වම මේ මැජික් එක උන්ව තල්ලු කරගෙන යන්නෙ ආගාදෙට, එහෙම ගිහිල්ලා පස්සෙ උන්ටම බැනල ඇඟිලි දික් කරනවා.... මොන මෝඩ වැඩද.... මම උඹලට කියන්නෙ රූම් යන්න නෙවෙයි බං.. ඒත් මේ රූම් පිරෙන්න, අපචාර වැඩි වෙන්න හේතු ඕවා බං....
එහෙම පසුබිමකයි අදත් අපට මේවා ලියන්න වෙලා තියෙන්නේ! හැබැයි, ‘අසිරිමත්වූ දේකි’ වගෙ පොත්වලින් ඒ කාර්ය භාරය එදා පටන් අරන් තිබුණා; මෙහෙම:
එහෙම වෙලාවට තරුණ කොල්ලො කෙල්ලො රූම් නොයා ඉඳීද, නොදැනුවත්වම මේ මැජික් එක උන්ව තල්ලු කරගෙන යන්නෙ ආගාදෙට, එහෙම ගිහිල්ලා පස්සෙ උන්ටම බැනල ඇඟිලි දික් කරනවා.... මොන මෝඩ වැඩද.... මම උඹලට කියන්නෙ රූම් යන්න නෙවෙයි බං.. ඒත් මේ රූම් පිරෙන්න, අපචාර වැඩි වෙන්න හේතු ඕවා බං....
එහෙම පසුබිමකයි අදත් අපට මේවා ලියන්න වෙලා තියෙන්නේ! හැබැයි, ‘අසිරිමත්වූ දේකි’ වගෙ පොත්වලින් ඒ කාර්ය භාරය එදා පටන් අරන් තිබුණා; මෙහෙම:
“ස්වප්න මෝචනය
කියන්නේ?
ස්වප්න මෝචනය කියන්නේ, ඔබ නින්දේ සිටින විට
සිදු වන ශුක්‍ර පිට වීමයි. බොහෝ විට ස්වප්න මෝචනය සිහිනයක් හා සම්බන්ධව සිදු
වෙනවා. එහෙම නැතුවත් නින්දේදී ශුක්‍ර මෝචනයක් සිදු වෙන්න පුළුවන්.
ස්වප්න මෝචනය සිදු වෙන්නේ බොහෝ විට සිහිනයක් එක්කමයි... |
නමුත් ස්වප්න මෝචනය රෝගයක් නොවෙයි. ඒ ගැන බිය
විය යුතු නෑ. මෙය ඕනෑම තරුණයෙකුට සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. නොයෙකුත් වර්ගවල
බෙහෙත් පාවිච්චිය මෙයට පිළියමක් නම් නෙවෙයි.
ඒත් නිතර සිදු වන ශුක්‍ර මෝචනය ඔබේ නින්දට හා ඔබට කරදරයක් නම් වෛද්‍යවරයෙකු හමුවී ඒ ගැන සාකච්ඡා කරන්න.
ඒත් නිතර සිදු වන ශුක්‍ර මෝචනය ඔබේ නින්දට හා ඔබට කරදරයක් නම් වෛද්‍යවරයෙකු හමුවී ඒ ගැන සාකච්ඡා කරන්න.
පිරිමි ළමයින් කරන ‘ස්වයං ශුක්‍ර මෝචනය’ පසු
කාලයකදී විවා දිවියට බලපානවාද?
තම ජීවිත කාලයේදී එක් වතාවක් හෝ මෙම කාරියේ
නොයෙදී සිටි අයෙකු හොයා ගැනීම ඉතාම අමාරු දෙයක්. එය එතරම්ම බහුලව කෙරෙනවා.
ඒ වගේම එය ඉතාමත්ම ස්වභාවික දෙයක්.
ස්වයං ශුක්‍ර මෝචනය හෝ ස්වප්න මෝචනය සිදු වන්නේ නැතිනම් යමෙකුට තම ලිංගික අවශ්‍යතාවන් විඳ දරාගන්න බැරි තත්ත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එයින් යම්කිසි හොඳක් වෙනවා මිස කරදරයක් වෙන්නේ නෑ.
ස්වයං මෝචනය නිසා පසු කාලයකදී නොයෙක් විදියේ හානි සිදු වන්න පුළුවන් කියා සමහරුන් විශ්වාස කළත් ඉන් කිසිම අගුණයක් වෙන්නේ නෑ.”
ඒ වගේම එය ඉතාමත්ම ස්වභාවික දෙයක්.
ස්වයං ශුක්‍ර මෝචනය හෝ ස්වප්න මෝචනය සිදු වන්නේ නැතිනම් යමෙකුට තම ලිංගික අවශ්‍යතාවන් විඳ දරාගන්න බැරි තත්ත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එයින් යම්කිසි හොඳක් වෙනවා මිස කරදරයක් වෙන්නේ නෑ.
ස්වයං මෝචනය නිසා පසු කාලයකදී නොයෙක් විදියේ හානි සිදු වන්න පුළුවන් කියා සමහරුන් විශ්වාස කළත් ඉන් කිසිම අගුණයක් වෙන්නේ නෑ.”
ඔන්න පොතේ 35 වෙනි පිටුවට යනකල් ඉදිරිපත්
කරලා ඉවරයි.
මෙහෙම දේවල් ගැන වැඩිහිටියන්ගෙන් අහගන්න තියා අහගන්න හිතන එකත් බරපතල පාපයක්..... |
මෙහෙම දේවල් ගැන අපේ සමීප වැඩිහිටියන්ගෙන් අහගන්න
තියා, අහගන්න හිතන්නවත් පුළුවන්ද? දැනට එහෙම වැඩිහිටියෙක් විදිහට මට මතක් වෙන්නේ
දෙන්නයි.... තව ඇති.
දැන් මතක් වෙන්නේ දෙන්නයි.
එක්කෙනෙක් අපේ dadaa. අම්මා එංගලන්තේදී විවාහ වුණේ එයාත් එක්ක.
අනෙකා?
දැන් මතක් වෙන්නේ දෙන්නයි.
එක්කෙනෙක් අපේ dadaa. අම්මා එංගලන්තේදී විවාහ වුණේ එයාත් එක්ක.
අනෙකා?
නිදිගේ පංච තන්තරේ ‘දොළහ වෙද්දී - 5’
පෝස්ටුවට කමෙන්ට් එකක් එවමින් ඒ ‘බුද්ධිමත් තාත්තා’ මෙහෙම කියලා තිබුණේ අප්‍රේල්
23 වෙනිදා.
(මම උපුටා ගන්නේ ටිකාක් විතරයි, කැමැත්තෝ මෙතැන ක්ලික් කොට එතැනට ගිහින්ම බලත්වා!)
(මම උපුටා ගන්නේ ටිකාක් විතරයි, කැමැත්තෝ මෙතැන ක්ලික් කොට එතැනට ගිහින්ම බලත්වා!)
“..... ඇත්තටම අර කොල්ලාගේ කතාවට කොමෙන්ටුවක් දාපු මාලින්ද තරුණයාගෙන් මම පෙරළා
අහල තියෙනවා ‘හදිසියේ ඔබගේ පෙම්වතිය ගැබ් ගැනීමකට ලක් වුවහොත් කියන්නට ඔබට
වැඩිහිටියෙකු සිටීද?’ කියලා.
ඒක ලියලා දාලා පැය භාගයක්
ගියේ නෑ මූ මට කෝල් කරලා “හලෝ!” කියන්නටත් කලින් “අන්කල්ටම තමයි!” කියපි.
ඒක තමයි මධුසමය දවසේ පෙම්වතාට දෙන්න ඕනෙ හොඳම තෑග්ග. කාටවත්ම නොපෙන්වපු ඔයාගේ නිරුවත! |
මට මගේ කරට වඩා උස්
දියණියක් සිටී. ඇය ඔරිජිනල්ම රණ්ඩු කෙක්කකි. ඒ මා සමග පමණකි.
ඒ මොනවා උනත් ඇයටත් මම
මේ වාගේම අවවාද කිහිපයක් දුන්නෙමි.
“දුවේ ගෑනියකගේ වටිනාම
දේ තමයි නිරුවත!
එයා අවුරුදු ගණනාවක් ඒක කාටවත් නොපෙන්නා හංගගෙන ඉන්න දෙයක්. ඒක නිරාවරණය කරන්න ඕනෙ මධුසමයේදී විතරයි.
ඒක තමයි ඔයා ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ට දෙන ආදරණීය තෑග්ග.
උපන් දිනේට දෙන තෑග්ගක් උනත් ඊට කලින් පෙන්වන සිරිතක් නෑනේ. ඒ නිසා මොනම විදියකටවත් කාටවත් තමන්ගේ නිරුවත පෙන්වන්න එපා!
එතකොට ඔයාට හනිමූන් දවසට බෝයි ෆ්‍රෙන්ඩ්ට දෙන්න අලුත් දෙයක් නැති වෙනවා. එතකොට එයාට ඔයාගෙ වටිනාකමක් නෑ!”
එයා අවුරුදු ගණනාවක් ඒක කාටවත් නොපෙන්නා හංගගෙන ඉන්න දෙයක්. ඒක නිරාවරණය කරන්න ඕනෙ මධුසමයේදී විතරයි.
ඒක තමයි ඔයා ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ට දෙන ආදරණීය තෑග්ග.
උපන් දිනේට දෙන තෑග්ගක් උනත් ඊට කලින් පෙන්වන සිරිතක් නෑනේ. ඒ නිසා මොනම විදියකටවත් කාටවත් තමන්ගේ නිරුවත පෙන්වන්න එපා!
එතකොට ඔයාට හනිමූන් දවසට බෝයි ෆ්‍රෙන්ඩ්ට දෙන්න අලුත් දෙයක් නැති වෙනවා. එතකොට එයාට ඔයාගෙ වටිනාකමක් නෑ!”
ඔය විදියේ කතා එමටයි.
ඉතින් ඒක නෙවේ ලස්සනම
කතාව.
මගේ කොල්ලා එයා අවුරුදු
5 ක් ආදරය කළ කෙල්ලගෙන් වෙන් වූවා. මම ඇහුවා මොකද කියලා.
එයා මට සෙක්ෂුවලි සක්‍රිය මදි වගෙයි තාත්තේ! |
මූ මට ඇද නැතිව කියනවා
“එයාගෙ ගති පැවතුම් වල හැටියට එයා මට සෙක්ෂුවලි සක්‍රීය මදි කියලා හිතෙනවා!” කියලා. මම ඉතින් හා කියාගෙන හිටියා ගොනා සේ.”
“එයාගෙ ගති පැවතුම් වල හැටියට එයා මට සෙක්ෂුවලි සක්‍රීය මදි කියලා හිතෙනවා!” කියලා. මම ඉතින් හා කියාගෙන හිටියා ගොනා සේ.”
‘තට්ටයාගේ කොලම’ ලියන අතරේ වුණත්
මගේ ලියවිලිත් කියවන, කියවලා මේ වගේ කමෙන්ට්ස්සුත් එවන ඔබට බොහොමත්ම ස්තුතියි! කියමින් ඊළඟ කොටසට යන්නම්....
මගේ ලියවිලිත් කියවන, කියවලා මේ වගේ කමෙන්ට්ස්සුත් එවන ඔබට බොහොමත්ම ස්තුතියි! කියමින් ඊළඟ කොටසට යන්නම්....
ඇග ඉරිගැසිම, වාතයෙන් වෙහෙසීම කියන්නේ මොකක්ද ??
ReplyDeleteඩ්‍රැකියෝ ඔන්න මං ආවෝ.....
අසංග මහත්තයෝ, මටත් හිතට ආව ප්‍රශ්නයක් ඔයා අහන්නේ. හැබැයි හරියටම අහගන්න කෙනෙක් නැහැ.
Deleteනමුත් අනුමානයක් තියෙනවා. ඇඟ ඉරි ගැසීම- කාමොද්දීපනය කරන්නට එක විදියක් හැටියට සිරුරේ තැනින් තැන නියෙන් කොනිති ගහනවා කියනවනේ. සමහරවිට සලකුණු කිරීමකුත් වගෙයි. මේ කියන්නේ ඒ වගේ දෙයක්ද මන්දා.
වාතයෙන් වෙහෙසීම කියන්නේ නම්, සමහර ආහාර වර්ග නොගෙන සිටීම ගැනයි. අපේ අය කියනවනේ වාතය අවුස්සන ආහාර වර්ග ගැන...
//කියවන මිනිස්සු මොනවද හිතන්නේ//
ReplyDeleteනිදි, මම නම් පෞද්ගලිකව පාඨකයන්ගෙ අදහස් වලට ගරු කරනවා. නමුත් අනවශ්‍ය විදිහට ඒවා හිතට ගන්නෙ නෑ. ඉතින් මම ලියන ඒවා ගැන කවුරුත් මොනා හිතුවත් මට අදාලම නෑ. මම ලියන්නෙ මාව සතුටු කරගන්න. පාඨකයිනුත් ඒ ලියවිලි කියවලා මාත් එක්ක සතුටු වෙයි. දුක් උනත් කරන්න දෙයක් නෑ ඉතින්.
ඔය ලිංගික කාරණා ගැන ලියවීම නම් මම හිතන්නෙ අත්‍යවශ්‍යම දෙයක්. පස්සෙ කාලෙක කවුරුහරි දෙයක් නොදැන විහින් අමාරුවේ වැටෙනවට වඩා දැනගෙන ජීවත්වෙන එක හොදයි.
මාත් ඔයාගේ බෝට්ටුවේම තමයි මිතිල මහත්තයෝ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteතමන්ගෙ ප්‍රතිරූපය කියන එක බලන කෙනාගෙ මතයටත් , කාලයටත් අනුව වෙනස්වන , තමන්ට ප්‍රායෝගිකව අවාසියකට හේතු නොවෙනවනම්, ගණන් ගන්න ඕනෙ දෙයක් නෙමෙයි කියල තමයි මං පුද්ගලිකව සලකන්නෙ
ReplyDeletePra jay මහත්තයෝ, ගමේ අය 'තමන්ගෙ මට්ටම් - තම්මැට්ටම්' කිව්වේ මේකට වගෙයි නේද?
Delete