li Item

Friday, November 11, 2022

තිහේදී... -හයවෙනි කොටස

 ...හුඟක්ම වෙලාවට රජීව හිටියේ ශෛලමය ශිව ලිංගයක්වගෙයි. Passive පාට්නර්ට ගොඩක් වැඩ පවරමින්.

කිරෙන් නහවද්දී, මල් මාලාවලින් සරසද්දී, සුවඳ දුමෙන්- පහනින් පිදුම් දෙද්දී ශිව ලිංගයත් ඔහෙ විරාජමානව ඉන්නවා විතරයි නෙව. සේරම දේවල් ඉටු වෙන්නේ බැතිමතුන් හා බැතිමතියන් අතින්.
මේ යක්ෂ පැටියත් ඒ වගේ!

මොකක්දෝ ආකර්ෂණීය ගතියකුත්... (මොකක්ද මේ? හත්තක් ඔච්චරටම ආකර්ෂණීයද? තියෙන වල්කම!)

එහෙම වෙලාවටත් අචේතනික වස්තුවක් වගේ ඉන්න තරමට උද්ධ්ච්ඡකමක් එයා ළඟ තිබ්බා. හැබැයි, එයා පෙනෙන්න නොදී හංගගෙන හිටි ලොකු ආශාවකුත්, ඒ වෙලාවේදී ප්‍රදර්ශනය වුණු බව එයාට නොතේරෙන්න ඇති. ඒ කාමුක ආත්මාර්ථකාමීකම...

ඔව්! එහෙම නුහුගුණ ගතියක් වගේ දෙයක් තිබුණත්, මොකක්දෝ ආකර්ෂණීය ගතියකුත් රජීව ළඟ හැංගිලා තිබ්බනෙ. මං කිව්වේ, මාව ආකර්ෂණය කර ගන්න දෙයක්. වෙනස්ම වෙනස් දෙයක්... ‘ඒ මොකක් වෙන්න පුළුවනිද’ කියන ප්‍රශ්නෙ දිගටම මගෙ හිතට වද දුන්නා.

මොකක්ද ඒ වෙනස් ගතිය?

හිතාදර පාඨක ඔබට මතක ඇති, දේමිත්ත ගැන කියද්දී වරින්-වර මගෙන් කියැවුණු දේවල්.
‘දේමිත්ත
ඒ කලාවේ කෙළ පැමිණි රසවතෙකි!’. සමහර දෙනෙකුට තිබුණු හදිස්සිය; නොඉවසිල්ල; කඩි කුලප්පුව කිසි විටෙකවත් ඒ හාදයාට තිබුණේ නැත.
ඇවිස්සෙන්නටත්
; අවුස්සන්නටත් යකෙකු වුණු දේමිත්ත, කාම නිල ශාස්ත්‍රය පරතෙරටම හදාරා තිබුණු අයෙකු බඳුය.’ 

‘දේමිත්ත හා එකතු වුණු හැම වෙලාවකම මට තිබුණු ලොකුම ආශාව එයාගේ පපුව උඩින් හිස රුවාගෙන වැතිරී සිටින එකය. දේමිත්ත එහෙම නොවේ. රටාවකට අනුව පූර්ව ලිංගික කටයුතු කරමින්, සසඟයෙහි යෙදී සුකුරු මුදා හැරීමය ඔහුගේ ඉලක්කය වුණේ. ඔහුට ඒ සඳහා ඉඩකඩ ලබා දීමෙන් පසු එළඹෙන විරාමයටය, මා වඩාත් ප්‍රිය කළේ. ඒ වෙලාවටයි, මං ඒ සිරුරු උණුසුම වින්දේ. එහෙමත් නැතිනම් එයාගේ කිහිලිවල මුහුණ හංගමින් කිති කවන්නට හැදුවේ. ඔයාගේ දාඩියවල මුතු සුවඳක් තියෙන්නේ.මං කියද්දී...’ 

දේමිත්ත ළඟින්ම දැවටෙන්නට මාව පොළඹවපු ‘විශේෂ ගන්ධය’ නෙවෙයි, රජීව ළඟ තිබුණු ඒ අමුත්ත. රජීවගේ සිරුරෙන් ශ්‍රාවය වෙච්ච පෙරමෝනවල මාව ආකර්ෂණය කරවන ගන්ධයක් තිබුණා වෙන්න බෑ. එහෙනං...

මට නං දැනුණේ ඉඹින්න හිතෙන පට්ටම සුවඳක්...

අනේ තරහ අවසර! ටිකක් පරණ කරුණක් ගැන ආයෙමත් කතා කරන්න යනවට.

පෙරමෝන බලපෑම ගැන ඉතාම වටිනා සාක්කියක් දීල තිබුණනෙ Lalith රසික මහතා, නොවැම්බර් 9 වෙනිදා. මේ Comment එක තිබුණේ පහුගිය කොටසේ.

‘මේ කමෙන්ට් එක අදාළ වෙන්නේ පහුගිය (තිහේදී 4) පෝස්ට් එකට, අර පෙරමෝන ගැන කිව්වේ, මගෙත් ක්‍රෂ් එකක් තිබුණ රත්මලානේ ප්‍රසිද්ද කම්පනියක වැඩ කරද්දී, හැමෝම කිව්වේ ඒකි ළඟින් යන්ඩත් බෑ දාඩිය ගඳයි කියලා (ලේබර් කෙනෙක් නෙවෙයි, ඔෆිස් එකක එකවුන්ට්ස් ක්ලාක් ජොබක් කරපු කෑල්ලක්)

මට නං දැනුණේ ඉඹින්න හිතෙන පට්ටම සුවඳක්...’
ස්තුතියි; ගොඩාරියක් ස්තුතියි ලලිත්- ලොකු සැඟවුණු ඇත්තක් ප්‍රසිද්ධියේ අපට මෙහෙම කිව්වට.
අපේ සමාජයේ කෙනෙක් ලේසියෙන් ‘දාඩිය සුවඳයි’ කියලවත් කියන්නෑනෙ, ‘දාඩිය ගඳයි’ කියනවා මිස. ඔහොම දේවල් ප්‍රසිද්ධියේ කිව්වම හුඟ දෙනෙකු කරන්නේ ඒ ප්‍රකාශය තේරුම් ගැනීම නෙවෙයි, කියන්නාව හෙළා දැකීම නෙව.

ඉතිං, වැඩි දෙනෙකු පිළිකුලෙන් හෙළා දකින්නට ඉඩ තියෙන තවත් කාරණයකුත් මෙතනදීම කියලා නිදහස් වෙන්න මට හිතුණා.

ඊට පස්සෙත් දේමිත්ත සැරෙන් සැරේ ඒ යාළුවො දෙන්නත් එක්කම ආවා. එතකොට මගෙන් ‘එපා’ වචනේ කියැවුණෙත් නෑ.
ඒ හැම වතාවෙම නිතරගයෙන් පළමු chance එක ගත්තේ සුපුන්. දෙක රජීවට. අසරණ දේමිත්තට අවසානෙදි ඉඩ ලැබුණේ හෙම්බත් වෙලා හිටි මාව පරිහරණය කරන්නයි. “ඇයි, ඔයා විතරක් තනියම එන්නැත්තේ. මට ඔයා විතරක් ආවම ඇති කොල්ලො.” කිහිප සැරයක්ම එහෙම වෙලාවල මං කීවත් එක්ක, මගේ අමනාපය පෙන්නමින්.

“ඉතිං මම තනියෙනුත් කොච්චර එනවද?” කියලයි එතකොට දේමිත්ත උත්තර බැන්දේ.
“කමක් නෑ යාළු. උන් එක්ක තියෙන සිරා ෆ්‍රෙන්ඩ්ෂිප් එකත් අමතක කරන්නයැ. ඒත්, ඔයා දන්නවද... උං දෙන්නවත් එක්ක එන්න කියල තුන්- හතර පාරක්ම මට කිව්වට පස්සෙයි මම උංව එක්ක එන්නේ. දිගටම මඟාරින්නත් හොඳ නැහැනෙ, යාළු.” එයා එහෙම කියද්දී තව මොනවා කියන්නද?

ඒ තුන් දෙනාටම අදාළ මහාම මහා පොදු සාධකයකුත්තිබ්බා.

හැබැයි, එයින් මං වහන්සේට සිද්ද වෙච්ච ලොකුම වාසියකුත් තිබුණා. පඩත්තල මට ඉඩ හම්බ වුණා, පැයක් එකහමාරක් අතරේදී තුන් දෙනෙකුගේ විවිධත්වයන් හදාරන්න.

ඒ විවිධත්වයන් එක-එක විදිහෙන් එකිනෙකාට වෙනස් වුණත්, ඒ තුන් දෙනාටම අදාළ ‘මහාම මහා පොදු සාධකයකුත්’ තිබ්බා.
ඒ එක්කෙනෙක්වත් 
නෂ්ට කාමයෙන් පෙළුණු අය නෙවෙයි!

එයාලා තුන් දෙනාම දිග වෙලාවක් රති කෙළියේ යෙදෙන්න හපන්නු. එතකොට මතක් වෙන්නේ, අද ඒකත් ලොකු ජාවාරමක් වෙලා තියෙන විදිහ.

‘එන්නතක් රුපියල් 255/-කට මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869/- බැගින් එන්නත් 1,563ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදල් වැය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් සිදු කළ විගණනයකදී අනාවරණය වූ කරුණු අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම නිර්දේශය කර ඇත.

එම විගණන වාර්තාවට අනුව ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙම එන්නත, ඇස්තමේන්තු කළ මිලට හෝ ඒ ආසන්න මිලකට මිලදී ගත්තේ නම් වැයවන්නේ ලක්ෂ හතරකට ආසන්න මුදලකි. එහෙත් සංස්ථාව මෙම එන්නත සඳහා රුපියල් හයකෝටි අසූහත් ලක්ෂයක මුදලක් වැය කර ඇතැයිද විගණන වාර්තාවේ සඳහන්වේ.’

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ අය ‘කෙළින් කර ගන්න බැරි අයට කෙළින්ම කෙළලා තියෙන හැටි!’ කියලයි මට හිතුණේ.

ඉතිං... එහෙම බෙහෙත්; වාජීකරණ ඖෂධ ඕනෑ නැති වුණු අපේ තුන් කට්ටුවේ කතාවට ආපහු යමුකො...
ඒ ගොල්ලන් ගැන මට ඇති වුණු කැමැත්ත පිළිබඳව සංසන්දනාත්මකව බලද්දී නං, මගෙන් දෙවෙනියට ලකුණු වැටෙන්නේ රජීවට. එයාට වඩා active ප්‍රහාරකයෙකු වුණත් සුපුන් වැටෙන්නේ තෙවෙනි තැනටයි. අදටත් මට ඒකට හේතුවක් හිතා ගන්න බෑ. නමුත් දෙදෙනෙකු අතර ලිංගික ආකර්ෂණය වැඩි කරවන; දැඩි කරවන දේවල් තව කොච්චර තියෙනවද? තව හෙව්වොත්...

මක් කොරන්නද? නොදැනුවත්වම ඒ හංගගෙන ඉන්නන දේවල් එළියට පෙනෙන වෙලාවලුත් තියෙනවා තමයි...

නිතිපතාම ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන; ප්‍රතිචාර දක්වන හිතවත් Praසන් ‘තිහේදී 5’ post එකට comment එකක් එවල මෙහෙම: ‘මට පේන්නෙ අනික් උං අහවල් වැඩේ කරගනිද්දි නිදි තුමා උංව එක්ස්පෙරිමන්ට් වලට අරං වගේ. හැක්...’

Praසන්, ඔයා කියන කාරණයේ ලොකු ඇත්තක් තියෙනවා. එයාලා නොදැනුවත්වම මගෙ ‘ගිනියා pigs’ල වුණා තමයි.
කෙනෙකුට කිට්ටු වෙන තරම වැඩි වෙන්න වෙන්න, අපිට එයා ගැන දැන ගැනීම ලේසි වෙනවා. හැබෑ ජීවිතේදී අපේ පෞද්ගලිකත්වය අපි කොච්චර වහං කර ගෙනද ඉන්නේ? (නොදැනුවත්වම ඒ හංගගෙන ඉන්න දේවල් එළියට පෙනෙන වෙලාවලුත් තියෙනවා තමයි.) අපි හැමෝම වගේ පිටතට පෙන්නගෙන ඉන්නේ අපේ හැබෑ ස්වරූපයද... භෞතික සිරුරටත් වඩා ආත්මීය ස්වරූපය, මම අහන්නේ...
ඉතිං, එයාලගේ නිරුවත් සිරුරු වගේම නිරුවත් ආත්මයන් ගොඩකුත් දැක ගැනීමේ අවස්ථාව මට නිකම්ම ලැබුණා.

තව දෙයක් විශේෂයි. මට මුණ ගැහුණු; මුණ ගැහෙන හුඟක් දෙනා මාව විශ්වාස කළා; මාව විශ්වාස කරනවා. මං මගෙ ගැන එයාලට කියන්නෙත් චුට්ටයි. එයාලගේ පෞද්ගලික තොරතුරු අවුස්සන්නැතුව ඉන්නත් ගොඩාරියක් පරිස්සම් වෙනව. ඒත් එයාලා තම-තමන් ගැන රහස් පවා මට කියනවා. මං කරන්නේ අවංකවම එයාලට කන් දීගෙන ඉන්න එකයි, ඒ රහස් රහසක් විදිහටම රැක ගැනීමයි!

එතකොට ලැබෙන දැනුම...

මනුෂ්‍යත්වය ගැන දැනුම’ ගොඩ දෙනෙකුට නොලැබෙන දෙයක්. අද ඉන්න නිමල් දිසානායක කියන්නේ එහෙම ලබා ගත්තු දැනුමෙන් සෑහෙන තරමකට හරි සන්නද්ධ කෙනෙක්.

ඒ අස්සේ Praසන් වගේම සහෘද පාඨකයෙක් වෙන චමින්ද දිසානායක හිතවතාත් කමෙන්ටුවකුයි link එකකුයි එවල තියෙනවා, මෙහෙම.
නිකමට බැලුවා Full List එක. අපේ සිංහයෝ අප්සෙට් වෙයිද මන්දා?'

අපේ උපාසක- උපාසිකාවන් විතරක් නෙවෙයි, අපේ හාමුදුරුවන් වහන්සේලා වුණත් පන්සිය පනස් ජාතක පොත් වහන්සේකියවල තියෙනවද මන්දා.

ඔයා හරි චමී. Link එකට ගිහිං බැලුවාම සිංහයන්ගෙ තරම පෙනුණා. අප්සෙට් වෙන්න වැඩේ නේන්නං!

රටවල් 84කම පිරිමින් ‘පිරිමිකමේ size එකෙන්’ අපිට උඩින් ඉන්නවනෙ. යාන්තම් අපිට පහළිනුත් රටවල් තුනක් ඉන්නවා. එහෙම තැනක ඉන්න අපේ හෙළ ජාතික අභිමානය නංවන්න වෙන්නැති, කැන්ගරු දේසෙට කිරිකැට් ගහන්න ගිය අපේ කොල්ලෙක් වැඩ පෙන්නන්න ඇත්තේ, ‘මැකුවොත් හිරේ’ කියන එකත් අමතක කරලා!

‘දෙදෙනෙකු අතර ලිංගික ආකර්ෂණය වැඩි කරවන; දැඩි කරවන දේවල් තව කොච්චර තියෙනවද? තව හෙව්වොත්...’ කියලයි මං වහන්සේ එතෙක් ආ පීල්ල මාරු කළේ. කෙටි විරාමයකුත් අරගන්න හිතිලා තිබුණු වෙලාවේ.
ඒ වෙලාවේ තමයි මට කල්පනා වුණේ ‘පංච පාප’ගේ කතන්දරේ.

ඒ විස්තරේ තියෙන්නේ 519 වෙනි ජාතක කතාවේ. කුණාල ජාතකයේ.

ඇත්තමයි, අපේ උපාසක- උපාසිකාවන් විතරක් නෙවෙයි, අපේ හාමුදුරුවන් වහන්සේලා වුණත් ‘පන්සිය පනස් ජාතක පොත් වහන්සේ’ කියවල තියෙනවද මන්දා. ඒ පොතේ කතාන්දරවලින් කියවෙන තරම් දේවල් වෙන කිසිම තනි පොතක නෑ කියලයි මට හිතෙන්නේ. එකම වැරැද්ද විසිඑක්වෙනි සියවසේ ඉන්න අපට එදා භාෂාව; මහප්‍රාණ; ලිඛිත රටාවන් එහෙම දිරවගන්න ටිකාක් අමාරු එක.

‘... මෙසේ එපසේ බුදුන්ට නොඅදහත් මැටි පිළිගැන්වූ කුශල ඵලයෙන් දිවපහස් බඳු ශරීර පහස් ඇති විය. කිපී බැළු හෙයින් මුන්ද නාසයද දෑත දෙපයද යන පඤ්ච ස්ථානය විරූප විය. ඒ කාරණය හේතුකොටගෙන පඤ්චපාප යයි නම් තුබූහ.

එකල බක නම් බරණැස් රජ්ජුරුවෝ රාත‍්‍රී භාගයෙහි අප‍්‍රසිද්ධ වේසයෙන් නුවර පරික්ෂා කරනු පිණිස පිටත් වූහ. රජ්ජුරුවෝ ඇගේ ගෙදරට පැමිණියාහුය. ඒ පඤ්චපාප නම් කුමාරිකාද කෙළි මලුන් හා සමඟ කෙළින්නී රජ්ජුරුවන් නොදැන ගොස් අත ඇල්ලූව රජ්ජුරුවෝද හස්ත ස්පර්ශයෙන් දිවපහස් වැදගත් කෙනෙකුන් පරිද්දෙන් ස්වභාවයෙන් සිටි පිය නොහී පහසෙහි ඇලූනාහු...’
භාෂාව විතරක් නෙවෙයි. දිගත් පොඩි නෑනෙ; වෙන මොකකවත් නෙවෙයි. ජාතක කතාවේ. ජාලයේ තියෙන කුණාල ජාතකයේ වචන 10,200කටත් වඩා වැඩියි. කැමති ඇත්තන්ට ඇහැකියි
එහාට ගිහිං සේරම කියවන්න.

බක රජ්ජුරුවෝ ගමෙන් ගමටයනවා වෙස් වළාගෙන.

මම දන්න තරමින් සරලව මෙතැනට ලියන්නේ අදාළ ඇබිත්තං කොටහක් විතරයි.

ඉහත ආත්මෙක කරාපු පාපයක් පළ දීලා උපන්නලු බලන්න බැරි තරං අජූව පෙනුමැති ගෑනු දරුවෙක්. නහය මුක්කං. අතපය හතරම හොකර-බොකර වෙලා. ඒ හින්දාලු එයාට පංචපාපා කියල නම තිබ්බෙත්. ඔන්න දැන් පංචපාපා දැඩිමේනි වෙච්චි යුවතියක්. ඒත් කිසිම ගැටවරයෙක් ඇහැක් ඇරලා මේ කෙල්ල දිහා බලන්නෑ. කුමරි බඹසර නිකම්ම රැකෙනවා.

ඔය අතරේ බරණැස් රටේ බක රජ්ජුරුවෝ ‘ගමෙන් ගමට’ යනවා වෙස් වළාගෙන. පිරිවර එක්කත් නෙවෙයි, තට්ට තනියම. එහෙම ගිහින් ඇඳිරි වැටීගෙන එද්දි ගොඩවැදුණයි කියමුකො අර දැරිවිගේ ගෙදරට.

ඒ වෙලාවේ පංචපාපා නංගිල මල්ලිලා එක්ක සෙල්ලම් කරනවා. (මට හිතෙන්නේ හැංගිමුත්තං වෙන්නැති කියලයි.) කෙල්ල සෙල්ලමේ සිහියෙන්ම දුවගෙන ඇවිත්, බකස් ගාලා බක රජ්ජුරුවන්ගෙ අතින් අල්ලපි. අම්මට සිරි! රජ්ජුරුවන්ගේ ඇඟේ මයිල් කෙළින් වුණා; පොතේ කියන විදිහට නං තව තව එව්වත්...හැබැයි රජෝ, ඒක කියන්නේ හංගලා. ‘... හස්ත ස්පර්ශයෙන් දිවපහස් වැදගත් කෙනෙකුන් පරිද්දෙන් ස්වභාවයෙන් සිටි පිය නොහී පහසෙහි...’

පංචපාපා බක රජතුමාගේ අතින් ඇල්ලුවාම රජාට දිවිය සැපක් දැනිලා. කෙල්ලව දාලා යන්න හිතක් නැතිව, එදා රෑ එහෙ නැවතිලා, ගාන්ධර්ව විවාහයෙන් පංචපාපාව අඹුකමටත් ගත්තලු. ඒ විතරක් නෙවෙයි. කෙල්ලගෙ ස්පර්ශය කොයි තරං වටිනවද කියනවා නං පස්සේ මරු මැණික් උප්පරවැට්ටියකුත් දානවා.
දාලයි අගබිසව කර ගන්නේ, ‘පංචපාපාගේ අත ඇල්ලීමේ සුවය’
රටේ මිනිස්සු හැමෝටම දැනගන්නත් සලස්සලා... ජහමනයා ලව්වාම කියවලා; මහජනතාවගේ ඉල්ලීමට ගරු කරනවයි කියලා...

හැබැයි, ඊට පස්සේ අන්තඃපුරේ හිටිය බිසෝවරු 16,000න් එක්කෙනෙකු ළඟටවත් රජා යන්නෑ. ‘පොරසිද්ද සෝකෙන්’ උමතු වෙන ඒ බිසෝවරු අගබිසවට අටවන උගුල් ගැන හෙමත් ඒ කතාවේ දිගට දිගට තියෙනවා.

ඒ කතන්දරේ කියවපු තැන හිට, මට හිතුණේ මේකයි. අර රූබර බිසෝවරුන් දාසය දාහක් ළඟදි රජතුමාට නොදැනුණු සැපක් මේ බලන්න නොහිතෙන අජූව කෙල්ල ළඟ තිබ්බ එක පුදුමයක් නෙවෙයිද?
ඉතිං කොහොමෙයි සැප තියෙන්නේ මේං මෙතැනයි; මේං මේකෙයි කියල ටක්කෙටම කියන්නේ....

එහෙම දෙයක්වත්ද රජීවගේ ස්පර්ශයෙන් මට දැනුණේ? මටමවත් තවම ඒ ගැන හරිහමන් තීරණේකට එන්න බැරිවයි ඉන්නේ.

... ඉතාම සක්‍රිය ලිංගික ජීවිතයක් හිමිව තියෙන නිසා. ඒ වගේමයි, ගොඩක් රහසිගත. ඒ රහස්‍ය භාවය කොයිතරම් හොඳින් නඩත්තු කරගෙන; කොයි තරං හොඳින්... 

ඔය විස්තර කියවගෙන- කියවගෙන යනකොට කෙනෙකුට මෙහෙම හිතෙන්නත් ඉඩ තියෙනවා. ‘මේකා උගේ වලත්ත කෙරුවාවල් එකක් නෑර කියන ගමන්, සුදනා වෙන්නත් හදනවා- අපට බබා හුකුං පෙන්නලා.’ එහෙම හිතුණත් මට පුදුම නෑ. අනෙක් පැත්තෙන් ‘මූට මාර sex ලයිෆ් එකක්නේ තිබිල තියෙන්නේ’ කියලත් හිතන්න ඉඩ තියෙනවා.

මට කිසිසේත්ම උවමනාවක් නෑ සුදනෙක් වෙන්න නං.

මං මගෙ ගැන මෙහෙම එළියට දාන්න හිතුවෙත් ඒ නිසාමයි. මොකද මට ලැබිය යුතු තරමටත් වඩා ගරු බුහුමන් ලැබෙනවා. යම්කිසි පිළිගැනීමක් තියෙනවා. ඒක කටු ඔටුන්නක් තරමටම දරාගෙන ඉන්න බැරි තැනට ආවා, 1994දී. එතකොටයි ගිනි කන්දේ පළමු පිටාර ගැලීම සිද්ද වුණේ! ඒකටත් දැන් අවුරුදු තිහක් වේගෙන එන්නෙ... කාල නදී ගලා බසී තමයි!!

දැන් ලියාගෙන යන්නෙ 1980- 1984 ආසන්න කාලේ දේවල්. 94 වකවානුවට එන්න තව posts ගණනාවක්ම ලියල ඉන්න වෙනවා.
මොකද මං වහන්සේටත් ඉතාම සක්‍රිය ලිංගික ජීවිතයක් හිමිව තියෙන නිසා. ඒ වගේමයි, ගොඩක් රහසිගත. ඒ රහස්‍ය භාවය කොයිතරම් හොඳින් නඩත්තු කරගෙන; කොයි තරං හොඳින් දෙබිඩ්ඩෙක් විදිහට රඟපාලා තියෙනවද කියල හිතනකොට, මටම පුදුමයි.

මට මේ සේරම දේවල් එන්න ඇත්තේ අපේ පිය මහ රජාණන් වහන්සේගෙන්. ගිය සැරේ commentsවලදී මං මේ විත්තිය ඩ්‍රැකීට කිව්වත් එක්කයි.

අපේ තාත්තගෙන්ම වචන ණයට ඉල්ලා ගන්නවා නං ‘නැට්ටට කිරි උනන්නත් කලින්’ හිටමයි එයාට මදන විසේ ගහල තිබ්බේ. ‘ නිමලෝ, උඹට කීයටවත් නොට්ටිගේ පුතෙක් වෙන්න දෙන්න බැහැ’යි කියල මගෙ දෛවයත් හිතන්න ඇති. දෙයියොද, දයිවෙද, ජාන සැකැස්මද මංදා නිමල් දිසානායකටත් ‘යහමින් ලිංගික හෝමෝන වහනය වීම’ට සලස්සල තියෙනවා.

ඒ අස්සෙම බදුල්ල, මයිලගස්තැන්නේ හිටි ලස්සනම ගැටිස්සියගේ කුසෙන් බිහි වෙන්නත් මට chance එක හම්බ වෙලා තිබුණනේ. (අපේ මව් යානයත් cup දෙකක්ම ගහපු පවුලක වගෙයි. ‘බදුල්ලට ඉස්සෙල්ලාම
යකඩ යකා එනකොට රේල්ලුව අදින්නේ අස්සයොයි කියල හිතාගෙන- උන්ට තණකොළ කපාගෙන ආව පරම්පරාවක!’... ඒ ඉසව්වේ කෙල්ලොන්ගෙන් ඉස්-ඉස්සෙල්ලාම කලිසංකාරයන් දෙන්නෙක්ව කසාද බැඳ ගත්තේ ඒ අක්ක නඟාලා. ඊටත් ගෙන්දගම් පොළොව පාගල ආපු කොල්ලොම දෙන්නෙක්වයි එයාලා මනාලයෝ කර ගත්තේ. රූප සම්පත්ති!
ඒ මදිවට එයාල දෙන්නම පිරිමියෙකුට යන්තං පැදුර පෑගුණත් ගැබ්බර වෙන ජාතියේ අංගනාවෝ. අක්කට දරුවෝ දහයයි, නංගිට අටයි.)

අම්මෙකුගේ පැත්තෙන් තමයි මට යම්කිසි රූපවත්කමක් තියෙනවා වගේ නං... (දහඅටේ අම්මයි අවුරුද්දේ නිදියි, දහනවයේ-විස්සේ විතර නිදියි.)

එහෙව් අම්මෙකුගේ පැත්තෙන් තමයි මට යම්කිසි රූපවත්කමක් තියෙනවා වගේ නං ඒ ලස්සනේ ජාන ලැබිලා තියෙන්නෙ.

ඒ රූපාකර්ශණය නිසාම වෙන්නැති අවුරුදු හයටත් කලින් ෂර්ලි මාව අපයෝජනය කළේ.
දොළහ වෙනකොටම පියසිරිගෙ අසාර්ථක වුණු mission එක දියත් වුණේ.
අජිත් අයියා වගේ අයගෙ හැඟීම්
උත්සන්න වෙන්නට ඇත්තේ.

ඒවා කිව්වේ මේ ලිංගික හුටපට සේරම අස්සෙත් මට ඉතාම ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන්න සිද්ද වෙච්ච බවත් මතක් කරන්නයි.
දුප්පත්කමේ පතුලටම වැටී හිටි පවුලේ නඩත්තුව මට කරන්න වුණේ,
පේව්මන්ට් එකේ රජ වෙන්න ගිහිං.
ඊළඟට
මඩ ගොහොරුවක පච වෙමින්.
ඊටත් පස්සේ ඉඳියාප්ප තම්බලා කොළඹ මහ
ඉස්පිරිතාලෙට ගෙනිහිං ඒවා විකුණමින්.
ඊටත් පස්සේ බතික්වලට බැහැලා. Printingවලට ඇවිදිනුයි රස්සාවල චාරිකාව ඉවර වුණේ. ප්‍රින්ටින් ජීවිතේ ගැන තව ගොඩක් කියන්නත් තියෙනවා.

ඔය අස්සේ නාට්‍යවලටත් ගියා. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයෙ තජකයට, සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයට සම්බන්ධ වුණා. පොත් ලිව්වා; පත්තරවලට ලිව්වා. ජාතික තරුණ සේවා සභාව- සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය වගේ තැන්වල තරුණ වැඩ සටහන්වලටත් එකතු වුණා.

ඉතිං හිතන්නකෝ, මං වගේ කෙනෙකුගෙ ඉදිරියේ විවරවී තිබුණු අවකාශය කොයි තරං පුළුල්ද කියලා. මං හතර දිග්බාගයේම කරක් ගහපු හැටි ගැනත් හිතන්නකො.

හැබැයි, මං ‘කුඩු කතත් කෑවේ තිරිත්තමක් ඇතිව’යි. ඒකට වැඩියෙන්ම උදව් වුණේ ‘අමු කැලේ ජාන’ම තමා. (ඒ මගෙ sex පැත්ත එහෙම පිටින්ම හංගගෙන ඉඳිමින්. බෝ පැලයක් වගේ ගෞරවයට ලක්වීමේ ආත්ම වංචාව දිගටම කරගෙන යන්න මට සිද්ද වුණා; මගෙ පවුලේ අයගේ, නෑදෑ හිත මිතුරන්ගේ හා හිතවත් සමීපතමයන්ගේ ගැන හිතලා. ඒත් ඒ වංචාව දිගටම කරන්න මට හිත දුන්නේ නෑ.) මං blog එක හරහා පාපෝච්චාරණයක යෙදෙන්න තීරණය කළා.

ශිව දෙවියනුත් දෙබිඩ්ඩෙක් නේද? එතුමාට අර්ධනාරි කියන්නෙත් ඒ නිසානෙ.

දෙබිඩිකම උරුම වෙලා තියෙන්නේ මට විතරක්ද? ශිව දෙවියනුත් දෙබිඩ්ඩෙක් නේද? එතුමාට අර්ධනාරි කියන්නෙත් ඒ නිසානෙ.

උපතින්ම මට උරුම වුණු මගෙ දෙබිඩිකම, මගෙ හැබෑ ස්වභාවය; හැබෑ අනන්‍යතාව දැන ගත්තට පස්සෙත්- නෑදෑ හිත මිත්‍රයන් එයාලට කැමැතියි නං දිගටම මගෙත්තෙක්ක ඉඳියි කියන විශ්වාසය ඇතිවයි මං blog එක ලියන්න ගත්තේ.
ඉතාම ආඩම්බරෙන් කියන්නේ, අද වෙනකල් මට ඒ කිසිම කෙනෙකුගෙන් වෙනසක් වෙලා නෑ. ඒ වගේමයි, මේ ලියන දේවල් එයාලා කියවනවද නැද්ද කියල මං දන්නෙත් නෑ; එයාලා මට කියලත් නෑ. අපි කවුරුනුත් වයසෙන්- දැනුමෙන්- වගේම හිතෙනුත් වැඩිහිටියෝ නිසා වෙන්නැති.    

ඉතිං, එහෙම වෙලත්- ඔහොම ගෙවුණු මගේ අතිශය ශෘංගාරාත්මක, රහසිගත, දෙබිඩි ජීවිත අත්දැකීම්වලින් බොහොම ටිකයි මම මෙහෙම postsවල ලියන්න තෝරා ගන්නේ. නැති නම් එහෙම ‘නිදිගෙ පංච තන්තරේ’ ප්‍රංශ රස, මකුණා වගේ පොත් පරද්දන එකක් වෙයි.
හැබැයි මං එහෙම ලියන්න හිතාගෙන ඉන්න ටික වුණත් පොඩි නෑ!
 

එහෙම වුණත්, මගෙ sex life එක හරහා ‘බොහෝ දෙනා කතා නොකරන පැති’ ගැන තරමක් දුරට හරි කතා කෙරෙනවයි කියලයි මට හිතෙන්නේ...ඉතිං ඒ නිසා...

55 comments:

  1. https://www.cracked.com/blog/7-phallic-foods-ranked-their-dong-like-properties

    https://healing-mushrooms.net/phallus-impudicus

    https://en.m.wikipedia.org/wiki/Phallic_architecture

    https://www.cosmopolitan.com/sex-love/advice/g3649/non-penis-things-that-look-like-penis/

    ReplyDelete
  2. මගේ කමෙන්ට් එක ගැන ලිව්වට ස්තුතී ... ඒකට තව වැකි කීපයක් එකතු කරන්න කල්පනා කලේ,,, ඒ කෙල්ලට ක්‍රෂ් වෙන්න ඔය සුවද විතරක් නෙවෙයි හේතු උනේ.. කථාබහත් එක හේතුවක් උනා , එත් වැඩේ අප්සට් උනේ මගේම වාචාල කට නිසා, මගෙත් එක්ක වැඩ කරන කොල්ලෙක් ඇහුව උබ ඕක කරන්න බලාපොරොත්තු වෙන්නේ සිරා වටමද කියල, මං ගොනා වගේ කිව්වා,පිස්සුද බං මට ගමේ කෙල්ලක් ඉන්නවා කියල.. එකෙන් වැඩේ අප්සට් උනා..

    ReplyDelete
  3. අනිවාරෙන්ම අපි හැමෝගෙම නරක පැත්තක් තියෙනවා. ගොඩක් අය ඒක එළියට දාන්නෙ නැති එකයි තියෙන්නෙ.

    අපේ ජීවිතේ මං නම් හිතන්නෙම අර yinyan එක වගේ කියලා.

    එහෙම නැත්නම් දයලෙක්තික dialectics කියන සංකල්පය ගන්නත් පුලුවන්...

    ReplyDelete
    Replies
    1. කවි පදයක් මතක් වුණා, නවීන්.
      නිදොස් කෙනෙක් මෙදියත උපදිනේ නැත

      Delete
  4. අන්තිමට කියපු එක නම් සාපේක්ෂයි නේද නිදි මාමෙ.

    මෙහෙම හිතන්නකො මට නම් මගෙ තියෙන නරක පැත්තක් ප්‍රසිද්ධියෙ අඩුම තරමෙ යාලුවෙකුටවත් කියන්නෙ නැති තරම්. (සමහර නරක පැති. ඒවා නරක නොවෙන්න පුලුවන් ඒත් නරක කියන වචනෙ පාවිච්චි කරන්නම්)

    දැන් ඔයා නම් වයසයි ජීවිතේ ගොඩ කාලයක් ගෙවිලා ඉවරයි. ඒ වගේම ආශ්‍රය කරන ගොඩක් අයත් ගොඩක් අත්දැකීම් සහිත පරිණත උදවිය කියලා හිතන්න පුලුවන්.

    හැබැයි ඔයා මේ කතා ටික ඒකාලෙම කියලා තිබුණා නම් මේ හැමදෙයක්ම සෑහෙන වෙනස් වෙලා තියෙයි....

    මගෙ දැනට තියෙන හොඳම උදාහරණෙ නරක කියලා මම හඳුන්වන දෙයක්. මම ගෑනු ළමයට කීවා. ඊට පස්සෙ දවස ඉදලා සම්බන්ධෙ ඉවරයි😂


    ඉතින් හරිම සෝචනීයයි.....

    ReplyDelete
    Replies
    1. දැන් අපට පුළුවන් උපකල්පනය කරන්න තමයි.

      අන්තිම එක. ශෝචනීය නෙවෙයි, අතිශය වාසනාවන්තයි. නවීන්. එච්චර පටු මානසිකත්වයක් තියෙන කෙනෙක් එක්ක කොහොමද සම්බන්ධයක් තියාගන්නේ.

      Delete
    2. ඔව් ඒක හරි නිදි මාමෙ. මාත් දන්නවා ඒක නැති උන එක හොඳයි කියලා. හැබැයි තාම පොඩි සාංකාවක් වගේ තියෙනවා 😂😂 ඒකයි අවුල.

      වෙන කෙල්ලෙක් හම්බුනාම හරි යාවි😄😅

      Delete
    3. සෙත් වේවා
      හමු වේවා
      හොඳම කෙනෙක්
      Set වේවා!

      Delete
  5. නවීන් කියල තියෙනව වගේ මනුස්සයෙක්ගෙ සඟවගෙන ඉන්න නරක? පැත්ත මේ වගේ ලියල දාන්න හැමෝටම ශක්තියක් නෑ. එහෙම දැම්මනං නිදි වගේම මේ වගේ දේවල් කෙරිච්ච තවත් අය ඕනතරං අය හොයාගන්න පුලුවං වෙයි.

    ReplyDelete
    Replies
    1. අනික ඒවා කියපුවාම තව වෙන්න පුලුවන් දේවල්; consequences ගැන හිතලයි ගොඩක් අය නොකියා ඉන්නෙ මාත් ඇතුලුව.

      Delete
    2. ඇත්තම කියන්න මට තියෙන ඉඩ, නිදහස ගොඩ දෙනෙක්ට නැහැ තමයි. අනෙක හෘදය සාක්ෂිය. මේ post එකේ මම ලියලා තියෙන // ඒක කටු ඔටුන්නක් තරමටම දරාගෙන ඉන්න බැරි තැනට ආවා, 1994දී. එතකොටයි ගිනි කන්දේ පළමු පිටාර ගැලීම සිද්ද වුණේ! ඒකටත් දැන් අවුරුදු තිහක් වේගෙන එන්නෙ...// කොටසෙන් කියවෙන්නේ ඒකට පූර්විකාවක්. ඔහොම කියවාගෙන යමුකො....

      Delete
    3. හෙ හෙ මටත් හිතුණා ලියමුකො හිමීට

      Delete
  6. ඔය කුණාල ජාතකයමද මන්ද මං අහල තියෙන ජාතක කතාව... එක කොටන්නම් මෙතැන.
    රජතුමා පිරිවර එක්ක එකක් බෙහෙත් ගන්නවා. මතක විදිහට දඩයමේ ගිහින්ද කොහෙද තුවාල වෙලා. රෑ වේද ගෙදර නවතිනවා. සාත්තු කරන්නෙ වෙද ගෙදර අර මූලිකයාගෙ කැත කෙල්ල. කරුවලේ රජතුමාව කෙල්ල අල්ලපු ගමන් රජතුමාට... දෙව්පහස දැනෙනවා. කොහොමින් හරි බිසව කරගත්තම පුරෝහොත මේ ගැන කෙලින්ම රජතුමාගෙන් අහනවා. රජතුමා සලුවක එහායින් බිසවව තියල අත දික් කරන්න කියල පුරෝහිතට අල්ලන්න දෙනවා... පුරෝහිතට වැඩේ තේරෙනව 😂

    ReplyDelete
    Replies
    1. නමී මහත්තයාට මේ දවස්වල වැඩ වැඩි නිසා මේ කෑල්ල මඟ ඇරුණාවත්ද?
      //ජාලයේ තියෙන කුණාල ජාතකයේ වචන 10,200කටත් වඩා වැඩියි. කැමති ඇත්තන්ට ඇහැකියි එහාට ගිහිං සේරම කියවන්න.//

      Delete
  7. "හැබෑ ජීවිතේදී අපේ පෞද්ගලිකත්වය අපි කොච්චර වහං කර ගෙනද ඉන්නේ?" අපේ ජීවිතවල සුලු හෝ අද්භූත බවක් (mystique) තියෙනකොට විතරයි අනිත් අයට අපිව interesting කෙනෙක් විදිහට පේන්නෙ.
    ,
    "කිපී බැළු හෙයින් මුන්ද නාසයද දෑත දෙපයද යන පඤ්ච ස්ථානය විරූප විය". නහය හා අත පය විරූප වූ පමනින් ගෑනු ලමෙක් විරූප වෙනවද. (නිමල් දාල තියෙන්නෙ අවශ්‍ය සාරාංශය විතරයිනේ, දිග කතාවෙ විස්තර ඇති).

    නිමල්ට හොඳ sex life එකක් තිබීම ක්‍රියාශීලී ජීවිතයක් පවත්වාගෙන යන්න ආධාරකයක් වෙන්න ඇති. Happy hormones ඇති තරම් තියෙන්න ඇතිනෙ. නිමල් නංගිලා මල්ලිලාගෙ වගකීම් බාරගෙන යම් දුශ්කරතා සහිත ජීවිතයක් ගතකරපු කාලෙ නිමල්ට වෙන විදිහකින් යම් සතුටක් ලබාදෙන එකත් ඒකෙන් වෙන්න ඇති. ස්වබාව ධර්මය හැම දේම ලස්සනට බැලන්ස් කරලා දෙනවා.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ කාන්තා පාර්ශවය නම් ඒ කියපු අත්භූත බව බොහොම හොඳට නඩත්තු කරනව නේද ලෝටස්😄😄

      Delete
    2. ඔය කියන තරම් සොබාවධර්මය හොඳයි කියලා මං නම් හිතන්නෙ නෑ. අපේ හිත් හදාගන්න අපිම එහෙම අර්ථකථනය කරගන්නවා නෙමේද?

      Delete
    3. Lotus, ඔයා තවත් ඇසකින් - කෝණයකින් මගෙ තත්ත්වය දිහා බලලා!
      ගොඩක් ස්තුතියි!

      Delete
    4. නවීන්, මගෙ අදහස නම්- සොබා දහම අපි හැමදෙනාටම වඩා දක්ෂ බවයි.

      Delete
    5. //නිමල්ට හොඳ sex life එකක් තිබීම ක්‍රියාශීලී ජීවිතයක් පවත්වාගෙන යන්න ආධාරකයක් වෙන්න ඇති. Happy hormones ඇති තරම් තියෙන්න ඇතිනෙ.//
      කාවවත් sexවලට පොළඹවන්න නෙවෙයි කියන්නේ, මගේ දැනීම හා හැඟීම අනුවත් ඔයා කියන දේට 100%ක්ම එකඟයි, Lotus.

      Delete
    6. "ඔය කියන තරම් සොබාවධර්මය හොඳයි කියලා මං නම් හිතන්නෙ නෑ. අපේ හිත් හදාගන්න අපිම එහෙම අර්ථකථනය කරගන්නවා නෙමේද?" නවීන් තාම ඉගෙනගන්නව නේද. හොඳ 'deadly' crushes කීපයක්, සැර බූට්ස් දෙක තුනක් එහෙම වැදිලා අත්දැකීම් ලබපු කාලෙක, ඊට වඩා හොඳ ඔප්ශන් එකක් හොයාගන්න ලැබුනොත් අපිටත් ඇවිල්ලා කියන්න.

      ඔව්, නිමල්, ස්වබාව ධර්මය හරිම smart.

      Delete
  8. පවුලේ වැඩිමහල් පිරිමි දරුවා මවගේ පුරුෂ ස්වභාවය වගේම වැඩිමහල් ගැහුනු දරුවා පියාගේ ස්ත්‍රී ස්වභාවය කියලයි කියන්නේ (First born son is the male version of the mother. First born daughter is the female version of the father). මගේ අත්දැකීමේ හැටියට මේකේ යම් ඇත්තක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. චමී, අපේ අම්මගෙයි මගෙයි foto එකත් ඔයා කියන දේට සාක්කියක්!

      Delete
  9. Replies
    1. මං නම් බැලුවමයි ඔහොම එකක්

      Delete
    2. නවීන්, මට හිතෙන්නේ ඔයා ලෝකය දිහාව බලන්න අරං තියෙන්නේ ළඟකදි හිට කියලයි.

      Delete
    3. ඩ්‍රැකී, දෙකක් නැහැ. විශිෂ්ට රංගනයක්!
      විනාඩි 3.11 කෙටි රංගනය ඇතුළේදී වුණත් අර්ධනාරි ස්වභාවයත් අනිත් විස්තරත් නර්තනයෙන් දක්වන අපූරුව. විෙශ්ෂයෙන් ඒ දෙන්නාගේ දෙනෙත්වලින්; මුහුණෙන් පවා දක්වන අභිනයන්.... දෙවෙනි විනාඩියෙන් පස්සේ ශිව ලාස්‍ය විලාසයේ නර්තනයටත්, ශක්ති තාණ්ඩව විලාසයේ නර්තනයටත් අවතීර්ණ වීම හරිම අපූරුයි!

      Delete
    4. ඔව් නිදි මාමෙ බොහොම ළගක ඉඳලා...

      Delete
    5. නිදි එවපු ආයස්මන්ත පීරිස් දොස්කර මහත්තයාගේ කමෙන්ටුව ලැබුණා. බලමු මේ විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන් වෙයිද කියලා. (ටෙස්ටිං)

      //අර්ධනාරීස්වර විශ්ව සත්‍යයක් විදාරනය කරනවා. ඒ ස්වරූපයෙන්ම ශිවගෙන් පාර්වතී බිහි වෙනවා. පාර්වතී අනිත් අයගෙ කර්මයන් අවශෝශනය කරන්න කාලි අම්මා වෙනවා. එවිට කාලිගෙ පයට හිර වෙන්නෙ මානය අත් හරින ශිව....
      එතකොට මේකත් අර්ධනාරී ස්වරූපයක්ම තමා//

      Delete
    6. රයිට්. පොටෝ එක මෙතෙන්ට ඔබන්න බැරි උනත්, ලිංක් එකක් විදිහට දාන්න හැකි වුණා. ලිංක් එක ක්ලික් කරලා පින්තූරෙ බලන්න පුළුවන්. එහෙම කමක් නෑ නේද නිදි?

      Delete
    7. නවීන්, නිදි,
      මට හිතුණේ, ඔය වගේ පොහොසත් සංස්කෘතියක් බිහිකරපු මානව ප්‍රජාව මොන තරම් උසස් මනසකින් යුක්ත ද කියලා...

      Delete
    8. ඕක ඉතින් හිතුවා කියලා ඇති ඵලේ කිමැ🤔

      Delete
    9. මමත් දැකලා තිබුනෙ නෑනෙ එහෙම එකක්. ඒ සන්කල්පය පෙන්වන නැටුම් දැකලා ඇති නමුත් මේ වගේ සියුම් හා ප්‍රබල එකක් දැක්කමයි. බැක්ග්‍රවුන්ඩ් එකෙන් දෙන narrative එකට සබ් ටයිට්ල්ස් නැද්ද.

      "ඔය වගේ පොහොසත් සංස්කෘතියක් බිහිකරපු මානව ප්‍රජාව මොන තරම් උසස් මනසකින් යුක්ත ද කියලා". ඇත්ත. මට තවත් රසවත් කොටසක් හම්බවුනා ඒ ගැන කියවන්න ගිහිල්ලා.

      Essentially, it is not two people longing to meet, it is two dimensions of life longing to meet – outside as well as inside. If you achieve it inside, the outside will happen one hundred percent by choice. If you do not achieve it inside, the outside will be a terrible compulsion. This is the way of life. This is the reality which is being expressed in a beautiful dialectal form – Shiva included her as a part of himself and became half-woman, half-man.

      This is a symbolism to show that if you evolve in your ultimate context, you will be half a man and half a woman – not a neuter – a full-fledged man and a full-fledged woman. That is when you are a full-blown human being. You are not skewed development, you are not just masculine or feminine, you have allowed both these things to grow. Masculine and feminine does not mean male and female. The “feminine” and “masculine” are certain qualities. Only when these two qualities happen in balance within, can a human being live a life of fulfillment.(https://isha.sadhguru.org/us/en/wisdom/article/ardhanarishvara).

      Delete
    10. ඩ්‍රැකී, ඉස්සෙල්ලාම දොස්තර මහතා ඒ comment එක එවීම ගැන. එයා මේ posts කියවන්නේ නැහැ. ඒ නිසා මම ඔයා එවූ නැටුමේ link එක එයාට යැව්වා, බලන්නමය කියලා. විනාඩි තුනක් විතරයි කියලාත් කියමින්. එකටයි මට මැසේජ් එකක් එව්වේ, තව ව්ස්තර ලියමින්. ඒ comment එක තමයි ඔය.
      දොස්තර මහතා පෙරදිග ආගම් ගැන- උනන්දුයි.

      Delete
    11. ඩ්‍රැකී, Lotus දෙන්නාගේ ප්රතිචාරත් දැන් එයාට යවන්න හිතුණා! ඔයාලටත් කරන ගෞරවයක් විදිහට.

      //Essentially, it is not two people longing to meet, it is two dimensions of life longing to meet – outside as well as inside.//
      වගේ අදහස්...!

      Delete
    12. මෙන්න එහෙම යැව්වාම හම්බ වුණු මැසේජ් එකෙන් අදාළ කොටසක්..
      'මේ තමයි මේ විශ්වයේ අවසාන සත්‍යය. හින්දු ආගමේ මූලික පදනම වන අද්වෛත වේදාන්තයේ අද්වෛත කියන්නෙ not two. There is only one. There was never two.
      ඒකෙම විලෝමය තමයි සබ් ඒක....

      Delete
    13. ලෝටස්,
      සබ් නෑ මට ලැබුණේ. නමුත් පසුබිමෙන් ගිය එක ගායන කොටසක් නම් රාවණ හැදුවාය කියන ශිව තාණ්ඩව ස්තෝත්‍රයේ කොටසක්. ඒක සම්පූර්ණයෙන් හෙඩ් ෆෝන් එකෙන් ඇහුව නම් රෝමෝද්ගමනය වන තරම්...

      නිදි,
      පේනවානේ... සියළුම ආගම්වල ගැඹුරු දර්ශනයක් අඩංගුයි.

      Delete
    14. නියම කොමෙන්ට් එක ලෝටස්

      Delete
    15. තැන්ක් යූ ඩ්‍රැකී, නිමල් සහ අජිත්. නිමල් උපුටා දැක්වූ වාක්‍යය තමයි එතන ඉතාම වැදගත් ඒ වගේම 'Masculine and feminine does not mean male and female' කොටස. අයස්මන්ත මුලින්ම එවලා තිබුනු කමෙන්ට් එකේ අදහස මට එච්චර තේරුනේ නැති නිසා මම ටිකක් කියවන්න ගියෙ. දැන් මට ඒ මුල් කමෙන්ට් එක හා ඊට පසුව එවපු කමෙන්ට් එකයි දෙකම හොඳට තේරෙනවා. හැමෝටම ස්තුතියි.

      Delete
  10. නිදි ඔය අම්මයි බබයි ඉන්න පින්තුරේ ඔයා නම්, දකුණු පැත්තේ රවුමට ඉන්න පින්තුරේ ඔයාද ? අම්මාද? ඒ ඔයා නම් - ගැහැණු ළමයෙක් වගේනේ ඉඳල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. රවුමට ඉන්න foto එක මගෙ, දහනවය- විස්සේ විතර- සුප්පා දේවිට රඟපාන්න කොණ්ඩය වවලා හිටි කාලේ.

      Delete
    2. යකෝ ඔයා අර මෙහෙ ඉන්න ට්‍රාන්ස් වුමන් කෙනෙක් වගේ ලස්සන පැටික්කියක් වගේනේ ඉඳල තියෙන්නේ. ඒක තමා ඔය කොල්ලෝ ඔක්කොම එන්න ඇත්තේ ඒ පැත්තේ. ඔයා ගේ ලයිෆ් එකේ දුකයි සැපයි දෙකම මිශ්‍රව විඳලා තියෙනවා. සමහර විට සෙක්ස් ඕවඩ්රයිව් යන්න ඇත්තේ අර දුක පැත්ත අඩු කර ගන්න වෙන්න ඇති

      Delete
  11. මට හිතෙන්නේ අපි ඒ කාලේ භාවිතා කරපු භාෂාවෙන් පෝලිමක් නේ දාල තියෙන්නේ. දේවමිත්ත හරිද වැරදිද කියන්න දන්නේ. consent එක අරන් නිසා ඉතින් වැරැද්දක් නැහැ. නමුත් කෙල්ලන් සඳහා පෝලිම් දැමීම අනුමැත කරන්නේ නැහැ කැමැත්තෙන් නෙමේ නම්.

    ReplyDelete
    Replies
    1. පෝලිමක් තමයි!
      පෝලිමක් නෙවෙයි තනිවම කෙරුණත් බලහත්කාරය නම් මමත් අනුමත කරන්නේ නෑ අජිත් මහත්තයෝ, කොහෙත්ම.

      Delete
    2. මේක මම රුසියාවට ගිය පලවෙනි අවුරුද්දේ වුන දෙයක්. රුසියවේ කෙල්ලෝ ඩෙනිමක් හරි මොකක් හරි ගන්න කොල්ලෙක් එක්ක සම්බන්ධයක් හදා ගන්න එනවනේ. දැන් මේ කෙල්ලෝ ගණිකාවෝ නෙමෙයි. (ගණිකා වෘත්තියේ යෙදෙන ය පහල දමනවා නෙමේ මේ හොඳද ) එහෙ යන ආසියානු (ධනුෂ්ක වගේ) අප්‍රිකානු , අරාබි කොල්ලන්ට ඕක වැඩිය තේරුනේ නැහැ. පස්සේ තමා තේරුම් ගන්නේ. හුඟක් වෙලාවට ඩෙනිමක් හොඳ බටහිර ඇඳුමක් සින්දු කැසට් එකක් දෙනවනම් ඒ වෙලාවේ වුනත් සෙක්ස් කරයි . හැබැයි කෙල්ල පස්සේ ආයි එන්න මගක් හදා ගන්නවා . ඕක නොදැන ගණිකාවක් ලෙවල් එකට ගත්තම අවුල් වෙන වෙලාවල් තියනව. ඉතින් අපේ මුල් අවුරුද්දේ කෝස් එකේ හිටිය නේපාල කොල්ලෝ 7ක්. (මේ 1984 හරිය) පලවෙනි එකා ඩෙනිමක් දෙන්න පොරොන්දු වෙලා කෙල්ලක් ගෙනල්ල කාමරේට. වැඩේ කරගෙන කෙල්ලට කියල තියනවා උගේ යාලුව එක්කත් සෙක්ස් කරන්න (නේපාල) . කෙල්ල වලි දාල. මූ එලියේ ඉන්න නිත් නේපාල සෙට් එකත් කාමරේට අරගෙන. කොහොමත් මුන් පෝලිමක් දාන්න තමා ඉඳල තියෙන්න. කෙල්ල දඟලන නිසා දෙතුන්දෙනෙක් කෙල්ල අල්ලාගෙන අනික් එවුන් වැඩේ කරන කම්. කෙල්ල කොහොම හරි එක අවස්ථාවකදී වෙලාව බලල ළඟ තියෙන (මුන් මාළු උයනව හරියට) මාළු උයපු සෝස් පෑන් එකක් උස්සල මේකි ඒ වෙලේ දුෂණය කරපු එකාටයි ළඟ හිටපු එකාටයි ගහල. ඇඳුම් ටික අරගෙන එලියට පැනලා ඇඳුම් අඳින ගමන් දුවනවා කොරිඩෝවේ. (මම දැක්කේ නැහැ මේ කියපු කතාව) නේපාල එවුන් මාළු කරී පෙරාගෙන පස්සෙන් එලවනවා. පස්සේ බලනකොට කෙල්ල දුවලා තියෙන අරුන් ඇඳන් හිටිය ඩෙනිම් දෙකකුත් උස්සගෙන. දැන් මුං තර්ක කලේම ඒකි ගණිකාවක් උන් හත් දෙනා එක්කම ඉන්න ඕනේ කියල.පන්තියේ අනිත් එවුන් කීවේ. උන් වැරදියි, කෙල්ල ගෙනාව නම් යමක් දෙන්න පොරොන්දු වෙලා ඒකට ගරු කරන්න ඕනේ කියල. එකෙක් ගේ දතක් කැඩිලා ගහපු පාරට. ඒකට නම් ඌ බයිට් වුනා සෑහෙන කාලයක්. හැබැයි නේපාල එවුන් එකෙක් වත් පිලි ගන්න වගක් පෙනුනේ නැහැ ගණිකාවක් හෝ නැතත් ඒක දුෂණය කිරීමක් කියල.

      Delete
    3. අජිත්, මට ඔයාගේ ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ පොත මතක් වුණා.

      Delete
  12. https://hattorvittor.blogspot.com/2022/11/blog-post.html

    ReplyDelete
    Replies
    1. link එක දැම්මාට ස්තුතියි Pra Jay. හැට්ටර් මල්ලිට ජය වේවා!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්