ඇය නිරුවතින් ගේ වටා දුවන්නට හේතුව මුළු ගමම දැනගෙන හිටි බවය........ |
අබිසරු ලියකවූ ඇය නිරුවතින් ගෙය වටා දුවන්නට හේතුව ගමම දැනගෙන හිටියා වගෙය.
“කරපු පව්කාර රස්සාවේ හැටියට කරුමේ පල දීලා.... කුණු
ලෙඩක් හැදිලා ඔඩු දුවලා. ගමේ මිනිස්සුන්ටත් බෝවෙයි මෙහෙම ගියෝතින්. ගූ ගහලා ගමෙන්
පන්නලා දාන්නයි තියෙන්නේ!”
ගමේ සමහරු කීහ. හැබැයි වැඩි ප්‍රසිද්ධියේ නොවේ! පසුගිය කොටස අවසන් වුණේ එහෙමය!
එයාලා එහෙම කට-පට්ට නොඇද්දේ ‘සිරිල්කාරයා’ට තිබුණු බය හින්දාය.
“ඔය සිරිල්කාරයා නොන්ජලයා වගේ හිටියාට මොකද මන්තර
කප්පිත්තා. ගුරුකම් වැඩ නොකළාට මොකෝ ඉස්සර ලොකු-ලොකු මිනිස්සුත් සිරිල් ළඟට ආවලු
වැඩ කරගන්න.”
“එච්චර වැඩ දන්නා මිනිහා මේ වේසා පඳුරිට වසී වෙලා ඉන්න
එක නොව තේරුම් ගන්න බැරි? ඊටත් මේකි රූප සුන්දරියක්ද?”
“ඒක නේන්නං පුදුමේ! හැබැයි ලෙඩ හැදුණට පස්සේ ගෑනිව
හොයාගෙන එන එවුන් අඩු වුණාලු....”
ඒ දවස්වල මහරගම- පමුණුව හරියේ හිටි අබිලින්ලාට;
දයාවතීලාට; එන්සිනාලාට මේ බ්ලොගය කියවන ඔයාලා ගොඩක්; ගොඩාක්; ගොඩාරියක් ස්තුතිවන්ත
විය යුතුය. පංච තන්තරේට විස්තර අඩු නැත්තේ ඔවුන් නිසාය!
එයාලා සිල්ලප්පු වත්තේ අපේ ආච්චිලාගේ ගෙදරට ඇවිදින් ගමේ තොරතුරු සියල්ල ඉස්පිල්ලක්-පාපිල්ලක් නෑරම වාර්තා කළෝය. ඒ ස්වේච්ඡාවෙන්මය.
ඒ හැමෝම අපේ ආච්චිලාගේ ගෙදරට ඇවිදින් ගමේ පට්ටන්දර දිගාරිද්දී..... |
නිමල් දිසානායක අවුරුදු හයක් පිරෙන්නටත් කලින්ම අකුරු ඉගෙනගෙන, ආච්චිලාට ඇහෙන්නට දිනපතා ‘ලංකාදීප’ පත්තරය හඬ නඟා කියවන තරමට මෝරලා හිටිය බව!
ඒ අතරේම අපේ තාත්තාගේ දණ්ඩ නීති සංග්‍රහයටත් අනුගත වුණු
ඒ බටු කොල්ලා උඩින් අහිංසක- යටින් මැරෑටි- කට්ට වෙට්ට පිත්තල සූත්තර පුංචෙකුවී
තිබුණේය. අමු කැලේගේ ලොකු මුණුබුරා වෙද්දී.... අයිඩියානන්ද ගුණපාලගේ (නීත්‍යානුකුල)
ලොකු පුතා වෙද්දී ඒ පරම්පරාවේ ජානත් මේ ලියන්නාට නොඅඩුව උරුමව තිබිණි.
ඒ නිසාම ඒ නොට්ටිගේ පුතා, මොකුත්ම නොතේරෙන- මොනවාවත්ම
කනකට නොගන්නා- වගේවගක් නැතිව වැඩටම ඇලී-ගැලී ඉන්නෙකු පරිද්දෙන් අර වැඩිහිටි
සාකච්ඡා මණ්ඩපවලින් ගොඩක් දේවල් උගත්තේය; වයසට කලින් මේරුවේය; ඇට්ටකුණා වුණේය....
“මචං... මේකා ඔය ඇස් වහගෙන හිටියට නිඳාගෙන නෙවෙයි ඉන්නේ.
නිඳාගත්තත් මූට කන් ඇහෙනවා!” ගිය සතියේ හම්බන්තොට රෝහලට ගිහින් එන අතරේත්, මට
කැරැක්ටර් සැටිපිකේට් එකක් ලැබුණේය; හිතෛෂීවන්ත මිත්‍රයෙකුගෙන්. මගේ ඒ පුරුද්දත්
නරක නැත.
අඩු වයසෙන්ම වුණත් මට ගොඩක් දේවල් දැනගන්නට ලැබී තියෙන්නේ........ |
සිරිල්කාරයාගේ බිරියට ‘කුණු ලෙඩක්’ හැදිලා තියෙන බවත්, ඒවා හැදෙන්නේ කොයි වගේ අයටද කියන බවත් පැටි වියේදීම මං දැනගත්තේ ඒ ‘මනාව සවන් දීමේ’ පුරුද්ද හින්දාය.
‘අසිරිමත්වූ දේකි’ පොතේ 40වෙනි පිටුවේ උඩ කොටසටය මේ
පිවිසෙන්නේ.
“සමාජ රෝග කියන්නේ
මොනවාද?
සමාජ රෝග කියලා කියන්නේ
සංසර්ගයෙදී බෝවෙන රෝගවලටයි. සමාජ රෝග වර්ග රාශියක් ඇතත් වැඩිපුරම දකින්නට ලැබෙන්නේ
සිෆිලිස් හා ගොනෝරියා කියන සමාජ රෝග දෙකයි. උපදංශ හා සුද බිංදුම කියා කියන්නේ මේ
රෝග දෙකටයි.
සමාජ රෝගියෙකු දැකීමෙන්
හඳුනා ගන්න පුළුවන්ද?
බැහැ. බොහෝ විට සමාජ
රෝගියෙකුව හඳුනා ගත හැක්කේ හොඳින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව පමණයි. සමාජ
රෝගීන්ද බොහෝ විට ඔවුන්ට එම රෝග ඇතැයි කියා දන්නේ නෑ.
සමාජ රෝගයක් සෑදී ඇති බව
දැනගන්නේ කොහොමද?
ගොනෝරියා රෝගය වැලඳී ඇති
කෙනෙකු; සුද බිංදුම රෝගියෙකු සමඟ සංසර්ගයක යෙදී දිනකින් හෝ දින කිහිපයකින් මුත්‍රා
මාර්ගයෙන් සුදු දියරයක් පිට වෙනවා. සුද බිංදුම කියලා මේ රෝගය හඳුන්වන්නේ ඒ නිසයි.
ඒ වගේම ඉවසිය නොහැකි මුත්‍රා දැවිල්ලක් ඇති වෙනවා. මෙම මුත්‍රා දැවිල්ල නිසා තමයි
බොහෝ විට රෝගීන් වෛද්‍යවරුන් හමු වීමට යන්නේ.”
මටම පුදුමය. මට හුඟාක්ම
දේවල් ඉගෙනගන්නට ලැබී තියෙන්නේ අහම්බෙනි; නොහිතු විදිහටය. එහෙම දැනගත් සමහර දේවල්
අන්තිම කෙප්පය!
එදා ඉඳලාම මහරගම පොළ සතියේ දවස් තුනක් තිස්සේ පැවැත්වෙයි..... |
අපේ තාත්තා ත්රොම්බෝසිස් රෝගය නිසා අවුරුද්දෙන් වැඩි කාලයක් කොළඹ මහ ඉස්පිරිතාලයේ වාසය කළ බව දැනටමත් ඔබ කියවා ඇත. හිර ගෙදර, ඉස්පිරිතාල වගේ තැන්වල දිග කාලයක් ඉන්නට වුණාම එතැන ගෙදර වගේම වෙයි. අපේ තාත්තාටත් එහෙම වුණේය.
“මචං, මේ ඉන්නේ ලොක්කා. මිනිහා තමයි දැන් අපේ පවුලම රකින්නේ. තවම ඉස්කෝලෙත් යනවා....”
දවසක් තාත්තාව බලන්නට ගියාම, තාත්තා අල්ලපු ඇඳේ හිටි රෝගියාට මාව පෙන්නා කීවේය. “රංජි, මේ මාමාත් මහරගම.... පොලේ වෙළෙඳාම් කරනවලු. මේ සැරේ ගෙදර ගියාම මටත් එන්නයි කිව්වා එයාත් එක්ක බිස්නස් කරන්න. උඹලගේ සීයත් උදව් කරන්න කැමතියි. මෙයාගේ බක්කිය ළඟින්ම ඉඩක් දෙන්නංලු.”
ඒ මාමා කියූ විදිහටම
වැඩේ පටන් ගැනුනත්, අපේ තාත්තාටවත් සීයාටවත් ඒ කෙරුවාව අල්ලලා ගියේ නැත. ඒ වෙළෙඳාම
කෙරුණේ මාසයක්- දෙකක් වගේ කෙටි කාලයක් විතරය.
ඉස්සර හිට අද දක්වාම, මහරගම
පොළ සතියකට දවස් තුනක් පැවැත්වෙයි. සඳුදා, බ්‍රහස්පතින්දා හා සෙනසුරාදාය. කොළඹින්
පොළට එළවලු ගෙනෙන්නේ කලින් දවසේ රාත්‍රියේය. ඉතින් සතියේ දවස් තුනකදීම අපේ ගෙදරින්
කාට හරිත් පොළේම රාත්‍රිය ගත කරන්නට වුණේ, ගෙනා බඩු පරෙස්සම් කර ගන්නටය. එදා එතන
හිටියේ සීයාත් මාත්ය.
හරි හමං පැදුරක්- කොට්ටයක් නැතිව, මදුරුවන් බුරුතු පිටින් වටවී පහර දෙද්දී වුණත් මට නින්ද ගියේය. කීයටද මන්දා මට ඇහැරුණේ දෙන්නෙකුගේ කතා සද්දෙටය. එහෙම ඇහැරුණත් නිඳි මරගාතේ හිටියා මිස මං නැඟිටින්නට ගියේ නැත. එබැවින් අර දෙන්නාට බාධාවක් වුණෙත් නැත; කතාව නැවතුණේත් නැත.
ඒ දෙන්නාගේ කතාව මෙතෙක් මා අසා ඇති ඉතාම ග්‍රාම්‍ය........ |
එතෙක්-මෙතෙක් මා අසා ඇති
ඉතාම ග්‍රාම්‍ය- අසභ්‍ය- ශෘංගාරාත්මක සංවාදවලින් පළමුවැන්න එයයි!
එකෙකු කතා කළේ
අන්තඃපුරයක් හිමි සුල්තාන්වරයෙකු වගෙය. ‘අම්මපා? මරුනේ! නෑඃ! මාර චාන්ස් එකක් බං.
පින තමා බං.’ වැනි හූමිටි තැබීම විතරය දෙවෙනියාගෙන් කෙරුණේ. ගොඩ වෙලාවකට පස්සෙය; ඒ
මනුස්සයා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ.
“ඔහොම හැම එකීටම ඔබන්න
ගියාම ලෙඩ හැදෙනවලු නේද මචං?”
“ආ, ඒක හොයාගන්න එක
සිම්පල්.... වැඩේට කලින් රතුළූණු ගෙඩියක් පොඩි කරලා ඇල්ලුවාම දැනගන්න පුළුවන්.....”
ඒ කොහොමදැයි දෙවැන්නා
ඇහුවේ නැතිවායින් මට ඒ විස්තර දැනගත නොහැකි විණි. පසු කාලයක නම් එකට උත්තර ලැබිණි.
ලිංගිකත්වය වැඩ සටහනකදී කවුදෝ ඒ ප්‍රශ්නය නැඟුවේය. දේශකයා උත්තර දුන්නේ සභාවම
හිනස්සමිනි.
“පුතා, මම නම් දන්නේ
නැහැ එහෙම test එකක් තියෙනවද කියල. හැබැයි, මට හොඳටම විශ්වාසයි... එහෙම කරන්න
ගියොත් ස්ත්‍රී පරාණකාරී ඒ මනුස්සයාව එළවා ගන්නවා ෂුවර්, ලිංගයේ අච්චාරු දාන්න
හදනවා කියලා! අනෙක් වැදගත්ම දේ තමයි, මේ අසනීප බෝවෙන්නේ ගැහැනු-පිරිමි භේදයකින්
තොරවනේ....”
නිමලෝ! අද නම් නුඹේ
පරිකතා වැඩිය, වහාම ‘අසිරිමත්වූ දේකි’ පොතට යනු යෙහෙකි!!
මේං ගියා, මේං ගියා.
සිෆිලිස් රෝග ලක්ෂණ පහළ වෙන්නේ රෝගියකු සමඟ ලිංගික ඇසුර පවත්වා..... |
“..... මෙම රෝග ලක්ෂණ
ගැහැනුන්ගේ එතරම්ම පැහැදිලිව මතු වෙන්නේ නැහැ.
ඒත් සමහර අවස්ථාවලදී
බාතොලියන් ග්‍රන්ථිය ඉදිමෙන්න පුළුවන්. එහෙම වුණාම කුඩා දෙතොල අතර වේදනාවක් හා
ඉදිමුමක් ඇති වෙනවා. නමුත් රෝගයට නියම ප්‍රතිකාර නොගත්තොත්, රෝගය කල් ගතවී වෙනත්
ආබාධ ඇති වීමට පුළුවන්.
ඉදිමීම, කොරවීම, ඒ වගේම
පැලෝපීය නාල ආසාදනයවී සිදු වෙන ඇහිරීම මඟින් වඳ භාවය ඇති වීම ආදි දේ සිදු වෙන්න
පුළුවන්. පිරිමින්ගේ මුත්‍රා නලය පටුවී සිදුර කුඩා වීමටත් පුළුවන්. මුත්‍රා
අඩස්සිය, වකුගඩු නරක් වීම ආදී දේ මෙහි ප්‍රතිඵල තමයි.
සිෆිලිස් රෝගය?
සිෆිලිස් රෝගය මීට වඩා
වෙනස්.
මෙහිදී සංසර්ගයේ යෙදී
දින 10 -90 කාලය තුළ ප්‍රාථමික රෝග ලක්ෂණ හටගන්නවා. එනම් විෂ බීජ ඇතුළුවූ ස්ථානයේ
තුවාලයක් සෑදෙනවා. වැඩි වශයෙන් එය හට ගන්නේ ශිෂ්ණයේ හිසේ හෝ යෝනි මාර්ගයේ මුඛය
අවටයි.
අසිරිමත්වූ දේකි පොතේ 40,41,42 පිටුවල ඇත්තේ............... |
මේ තුවාලය කිසිම වේදනාවක් ගෙන දෙන්නේ නෑ. ඒ වගේම ටික දිනකින් මෙය හොඳවී යනවා.
රෝගය මෙලෙසට මතු පිටින්
හොඳ වුණත් මාස 4කින් පමණ නැවතත් කුෂ්ටයක් ලෙසින් මතු වෙනවා. සාමාන්‍යයෙන් ශරීරය
පුරාම මේ කුෂ්ටය මතු වීමට පුළුවන්. මෙම කුෂ්ටයත් ටික කලකින් ඉබේම හොඳ වෙනවා.
මේ රෝගයේ ඇති භයානකකම
එයයි.
තුවාලය හා කුෂ්ඨ ඉබේම
හොඳ වෙනවා නම් ඇයි එය භයානක වෙන්නේ?
ඒකට හේතු කීපයක්
තියෙනවා.
1. තුවාලය උඩින් හොඳ
වූවාට ලෙඩය සනීපවී නෑ. ලෙඩය ඇඟ ඇතුළට පැතිරීම පමණයි වෙන්නේ.
2. මෙම අවස්ථාවේ සිටින
රෝගීන්ට පහසුවෙන් අන් අයට රෝගය පතුරුවන්නට පුළුවන්.
3. පිටතින් රෝගය සුව වූ
නිසා රෝගියා තම රෝගය නොසලකා හැර ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සිටිනවා. මේ නිසා ඔවුන්ට
පසු කාලයකදී මේ රෝගයේ භයානක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා.
තුවාල, කුෂ්ට සනීප වෙලා වගේ පෙනුණත් විෂබීජ මුළු සිරුර පුරාම පැතිරෙනවා...... |
මේ භයානක ප්‍රතිඵල
මොනවාද?
තුවාලය හා කුෂ්ඨය හොඳ
වුවත් විෂබීජ මුළු ශරීරය පුරාම පැතිරිලා- මොළය, හෘදය, ස්නායු, අක්මාව ආදී වැදගත්
අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ලම මේ රෝගයෙන් විනාශ වෙන්න පටන් ගන්නවා. නමුත් එක්වරම
ඔවුන් ඉන් මිය යන්නේ නෑ. කාලයක් තිස්සෙම දුක් විඳිමින් කල් ගත කරලයි මිය යන්නේ.
සමහර විට ඔවුන් පිස්සන්
හෝ ඔල්මාදකාරයන් ලෙසත් හැසිරෙනවා. සමහර විට අංශභාගයත් හැදෙනවා. මෙසේ සියයකුත් එකක්
ආබාධ ඔවුන්ට හැදෙන්නට ඉඩ තියෙනවා. මෙහි කණගාටුදායක දෙය නම්, මේ වන විට ඔවුන් තව
දහස් ගණනකට මෙම භයානක රෝගය පතුරුවා හැර තිබීමයි.”
මේ විස්තර අනුව නම් මට හිතෙන්නේ
සිරිල්කාරයාගේ බිරියට වැලඳී තිබෙන්නට ඇත්තේ සිෆිලිස් රෝගය බවයි.
දැන් කොහොමදැයි නොදනිමි.
80 ගණන්වල මැද හරියේ ශ්‍රී ලංකාව සමාජ රෝග ව්‍යාප්තිය අතින් ලෝකයේ පළමු තැනට ආවේය.
ඒ කොළඹ මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග අංශයේ ඉහළම නිලධාරීන් තජක අප හා එක්ව කටයුතු කළ
අවදියයි. “සොරි, මීට පස්සේ ඔයාලටවත් මේ සංඛ්‍යා ලේඛන දෙන්න විදිහක් නැහැ. අපේ
ලොක්කෝ කියනවා ඒවා දෙන්න එපා කියලා.....” එතෙක් අප හා කුළුපගව කටයුතු කළ xxxx ප්‍රනාන්දු
මහතා මේ ලියන්නාටම කීවේය.
අප එහෙමය. ගෙයි කුණු ටික
පාපිස්සට යට කළාම හරිය. කුණු වෙන දෙයක් තිබිලා ගඳ ගැහුවත් කාටවත්ම පෙනෙන්නේ නැත.
ඔන්න මං ‘අසිරිමත්වූ
දේකි’ පොතේ 43 පිටුවේ උඩ කොටසට යනවා.....
සංසර්ගයේ යෙදීමකින් තොරව වුණත් සමාජ රෝග; ලිංගාශ්‍රිත රෝග බෝවෙන්න..... |
“සංසර්ගයේ නොයෙදීත් සමාජ රෝග බෝ වෙන්න පුළුවන්ද?
ඉතාමත්ම කලාතුරකින් සිදු
වෙන්න පුළුවන්. සමාජ රෝගීන් පරීක්ෂා කිරීමේදී හා බෙහෙත් හේත් කිරීමේදී වෛද්‍යවරුන්ට
සහ වෛද්‍ය සේවකයන්ටත් මෙම රෝගය හැදෙන්න ඉඩ තියෙනවා.
ඒ වගේම සංසර්ගයේ
නොයෙදුණත් සිප ගැනීම වැනි අවස්ථාවලදී තොල්වල හෝ දිවේ හෝ මේ රෝගය හටගන්න පුළුවන්.
සමාජ රෝග බෝ කරන
විෂබීජවලට ශරීර උෂ්ණත්වයෙන් පිටත ජීවත් විය හැක්කේ තත්පර කීපයක් පමණයි. ඒ නිසා
ශරීරය සමඟ කෙලින්ම සම්බන්ධයක් ඇති නොවී රෝගය බෝවීමට හැකිකමක් නෑ.
ඒ වගේම මේ විෂබීජවලට
පහසුවෙන් සිරුරකට ඇතුළු විය හැක්කේ ශ්ලේෂ්මල පටල තුළින් නිසා එවැනි අවස්ථා දකින්නට
ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. රෝගියෙක් සමඟ කතා කිරීමෙන් හෝ එකට වාඩිවී දුම්රියක
හෝ බසයක ගමන් කිරීමෙන් - ලේන්සුව, පිඟන්-කෝප්ප ආදිය පාවිච්චි කිරීමෙන් හෝ පොදු
වැසිකිළි පාවිච්චියෙන් මේ රෝගය වැලඳීමට ඉඩක් නෑ.
සෑම ගණිකාවකටම මේ රෝගය
තියෙනවාද?
අවශ්‍යයෙන්ම තිබිය යුතු
නැහැ. එහෙත් ගණිකාවන් තමන් කරා එන්නන් මෙම රෝගවලින් පෙළෙනවාද නැද්ද යන්න ගැන
නොසොයා සියල්ලන් සමඟ සංසර්ගයේ යෙදෙන නිසා හැම ගණිකාවක්ම මෙම රෝගයෙන් පෙළෙනවා කියා
අපට සාමාන්‍යයෙන් හිතන්න පුළුවන්.
සමහරවිට මෙම දරු උපත සිදුවෙද්දී ..... |
සමාජ රෝගයක් වැලඳී ඇති මවකගෙන් දරුවාටත් මෙය බෝවෙන්න පුළුවන්ද?
ඔව්. බොහෝවිට මෙම රෝගවලින්
පෙළෙන මව්වරුන්ගේ දරුවන්ට මෙම රෝග වැලඳී තියෙනවා. සමහර විට මෙම දරුවන් උපදින්නේ
මැරිලයි. සමහර ළදරුවන්ගේ ඇස්වලට ගොනෝරියා රෝගය හැදෙන්න පුළුවන්. ඉක්මනින් ප්‍රතිකාර
නොකළහොත් එහි ප්‍රතිඵලය වන්නේ ඒ දරුවාගේ ඇස් අන්ධ වීමයි.
යමෙකුට මෙම රෝගය ඇති
යැයි සැක සිතුණහොත් කළ යුත්තේ මොකක්ද?
වහාම වෛද්‍යවරයා ළඟට හෝ
ළඟම ඇති රෝහලට ගොස් ලේ බලවා ගන්න ඕනෑ. බාහිර රෝග ලක්ෂණ නැති වුණත්
‘වී.ඩී.ආර්.එල්.’ කියන ලේ පරීක්ෂාවෙන් රෝගය ඇති-නැති බව දැනගන්න පුළුවන්. ඉක්මනින්
ප්‍රතිකාර ගතහොත් රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගන්න පුළුවන්.
වී.ඩී.ආර්.එල්. කියන
පරීක්ෂණය කරන්න ඕන සංසර්ගයේ යෙදී සති දෙකක් ගියාට පස්සෙයි. ඊට ඉස්සර වෙලා මේ
පරීක්ෂණය කිරීමේ තේරුමක් නෑ.”
මූණ පුළුටු කරගත්ත ලස්සන
කෙල්ලෙක් දොස්තර මහත්තයාගේ කුටියට ඇතුළු වුණා... පෙනෙන විදිහට නම් ලෙඩක් නැහැ
වගෙයි. ඒත් දොස්තර මහත්තයා තුණ්ඩුවක නම- ගම- වයස- ලිපිනය ලියාගත්තා.
ඉතින් ස්වීට් හාර්ට්..... මෙච්චර ලස්ස්සන ගෑනු ළමයෙකුට මොකක්ද තියෙන...... |
“ඉතින් ස්වීට්
හාර්ට්.... මොකක්ද මෙච්චර ලස්සන ගෑනු ළමයෙක්ට තියෙන අසනීපෙ...” ඇහැක් වහලා දොස්තර
මහත්තයා කිව්වේ ‘හරි ගියොත් බුවා’ කියලා ඇඟවෙන තාලෙන්.... ඒ එක්කම පුටුවත් ටිකක්
කෙල්ලගේ පැත්තට කිට්ටු කර ගත්තා. “ලජ්ජා වෙන්න එපා. Doctor කෙනෙක්ට කියන කොච්චර
රහසක් වුණත් කවදාවත් එළිදරව් වෙන්නෙ නැහැ කියලා ඔයා දන්නවනේ...”
“ඒ වුණාට මට හරි බයයි
ඩොක්ටර්! මගේ boy friend රූම් එකේදී කිව්වෙත් කිසි දෙකට බය වෙන්න එපා කියලා.... ඒත්...”
“මට තේරෙනවා. ඔයාලා
දෙන්නා රූම් එකේ තනිවෙලා.... ඊට පස්සේ...?” කෙල්ල මොකුත්ම කිව්වේ නැහැ. ඇඹරුණා
විතරයි. “...ඊට පස්සේ එයා ඔයාව මෙහෙම ළඟට ඇදලා ගත්තා... එහෙම නේද?” දොස්තර මහත්තයා
රඟපාලා පෙන්නුවේ ‘සහාය නිළිය’ විදියට රෝගිනියව අරගන්න ගමන්. කෙල්ල තව ටිකක් ලජ්ජාවෙන්
රතු වුණා, නිස්සද්දව. ‘හරි! කෙල්ල හරි.’ දොස්තර හිතුවා.
“ඊට පස්සේ එයා ඔයාගේ
ඇඳුම්.... මෙහෙම කළා.... මෙහෙම kiss කළේ ඊළඟට....”
දොස්තර මහත්තයා ප්‍රශ්න
අහන ගමන්ම හැබෑවටම රැඟුවා. තරුණිය ඔළුව හොලවමින් උත්තර දෙන අතරේම තරුණ දොස්තර
හැන්ඩියාට මනාපයක් කරගන්නත් ඉඩ දුන්නා.
ඊට පස්සේ බුවා එබුවා වුණා! (foto- වාසනා ප්‍රනාන්දුගේ ත්‍යාග දිනූවකිනි.) |
ඊට පස්සේ දොස්තර කුටියේ
දොර lock කරලා ආපු ඩොකා, නිරුවත් තරුණියව ඔසවලා ගිලන් ඇඳෙන් දිගා කළා. ඊළඟටයි බුවා
‘එබුවා’ වුණේ. ඊටත් ටික වෙලාවකට පස්සේ දෙන්නාම ඇඳුම් ඇඳගෙන, පුටු දෙකට බර දුන්නාම
තමයි ඩොක්ටර් ආයෙම එයාගේ භූමිකාව පටන් ගත්තේ.
“ඉතින් ඊට පස්සේ මොකද
වුණේ?”
ඒ සැරේ නම් කෙල්ල ටිකක්
එඩිතර වෙලා වගෙයි. කඳුළු පිරුණු දෑසින් යුතුව කතා කළා. “එ එ... එයා මගේ කම්මුලට
ගැහුවා!”
“නිකම්ම ඔයාගේ කම්මුලට ගැහුවා? ඔයා මොනවත් නොකර හිටිද්දිම?” දොස්තර මහත්තයා පුදුමෙන් ඇහුවා. කෙල්ල හෙමිහිට මුහුණ ටිකක් ඉස්සුවා...............
අදත් ආසනය වෙන්කරගත්තා.
ReplyDeleteඅර පොටෝවේන්ම පේනවා අනුන්ගේ කතාවලට හොදින් සවන්දෙන්නෙක් කියලා.
Deleteමේක හරි වැඩක් උනානෙ බොලේ...!
Deleteඉස්කෝලේ යන කාලේ ට්‍රයි කරපු කෙල්ලෙක් කිව්වා අපායට ගියත් වේලාසනින් යන්න කියලා..
Deleteඅපාය?
Deleteනිමල් අයියෙ මෙන්න මූ!
ඩ්රැකී. එයා කෙල්ලෙක්ගෙ ලනුවක් කාලද කොහෙද. කෙල්ලෙක් මට කිව්වේ පරක්කු වෙලා ගියාම අපායේ ඉන්න ගොඩ උඩටයි වැටෙන්නේ කියලා. එතකොට චප්ප වෙන්නෑලු කියලත් කිව්වා......
Deleteමගෙ උන්දැ මට ඔය වගේ දේවල් කිව්වෙ නෑනෙ... හිටිංකො අද ගෙදර ගිහිං අහන්ඩ... (එක්කො උන්දැ! නැත්තං ඒත් උන්දැ!!)
Deletehttps://www.ranker.com/list/historical-figures-with-syphilis/philgibbons
ReplyDeleteගොඩක් ස්තුතියි Pra Jay, ඉතිහාසය පීරන්නේ මොකටද කියන අයටත් කියවන්න වටිනා ලිපියක්.
Deleteදොස්තරලා වි.ඩි.ආර්.එල්. පරික්ෂණය ගැබිනි කාන්තාවන්ට අනිවාර්ය කරලා තියෙනවාද?
ReplyDeleteදොස්තර මහත්තයගෙන්ම අහලා අලුත් තත්ත්වය දැනගන්නකල් පරක්කු වුණේ. අසංග මහත්තයෝ මඟ හැරියා නෙවෙයි.
Deleteගැබිණි කාන්තාවන්ට මේ පරීක්ෂාව කරනවාමලු!
මට මතකයි රවි වීරසිංහ දවසක් ලියල තිබුණා, "ඒ කාලෙ අපි ඩීවීඩී ගැන දන්නෙ නෑ. කවුරුහරි ඩීවීඩී කියල කිව්වොත් අපි හිතන්නෙ ඒකත් සමාජ රෝගයක් කියලයි" කියලා...
ReplyDeleteහරි නේන්නං, ඒ දවස්වල කිව්වේ VD කියලා. ඊට පස්සේ තමා STD වුණේ!
Deleteඅසංග... එනු කඩුවට...! ගනු සටන...! අද මේකෙ දෙකෙන් එකක් බේරගන්ඩ...!!!
ReplyDeleteඑකපාරක් ඉස්පිරිතාලෙ හිටියා. බුදු අම්මෝ මට බැරියෝ....
Deleteමාත් එකපාරක් ඉස්පිරිතාලෙ හිටියා. එපා උනා.
Deleteඑහෙනං මටත් බෑ...
01 ඕනමැන්ටල්ටගේ ජීවාණුගරණය කථාව මතක් උනා
ReplyDelete02. තව කවුද එකේක ලියපු මහත්තයා හම්බ කරන් කන්න තියෙන හු..තේ අච්චාරු දාන්න ලදනවාද කියලා පිටකොටුවේ අක්කි කෙනෙක් ඇහුවාලු/
හොයා බලන්න හිතුනා ජීවානුහරන කතාව..... දෙවෙනි කතාව නං ප්‍රසිද්ධයිනෙ.
ReplyDeleteඋදාර මහත්තයෝ,ඇහැකි නං ඔය මුල් කතාවේ link එක දෙන්නකෝ, හොඳ ළමයා වගේ.
http://ornaya.blogspot.com/2012/02/blog-post.html
Deleteමේ තියෙන්නෙ...
අනික් පෝස්ට් ටිකත් කියවල බලන්න. ඒ කාලෙ නැගලම ගිය ලේඛකයෙක් තමා.
ගජබින්නාලංකාරය කැළේ
Deleteඒ ගැන කියනුම කවරේද? ඕනය නිකං අපි දිහා හැරිල බැලුවත් හිනා යනව...
Deleteඋදාර, ඩ්රැකී දෙන්නාටම පින්!
Deleteඅම්මෝ... හිනාවෙලා තවම ඇස්වල කඳුළු! ආයෙත් ස්තුතියි!! අපරාදේ එයා බ්ලොග් ලිවිල්ල නවත්තලා තියෙන්නේ.
Delete