li Item

Saturday, September 4, 2021

හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස

එහෙම කිව්වේ, ‘දෙපා අවසඟ පාපන්දු පිස්සා’; රාජමනි අංකල් .... 

ශ්‍රී ලාංකිකයෝ:

ඔවුහු එක බිරියක් හා පෙම්වතියන් හතර දෙනෙකු තබා ගනිති. නමුත් වඩාත්ම ආදරය කරන්නේ තම මවටය. 

එහෙම කියලාය, මං පසුගිය කොටස අවසන් කළේ. මේ ඉහතින් දැක්වූ ‘වචන දාහත’ (නොම්මර 17 නොවේ.) නිසා පාඨක Lotus හා අජිත් ධර්මකීර්ති (කොළඹ ගමයා) අතර ඉතා වටනා අදහස් හුවමාරුවක් සිදු විණි. බ්ලොගයක් ලියන අප දිරි ගැන්වෙන්නේ, post එක කියවන්නන් වැඩි වෙන තරමට වගේම- ඊට comments එවන සහෘදයනුත් වැඩි වෙන තරමටය. මේවා blog ලියන්නෙකුට ලැබෙන බෝනස්ය.

එහෙම කිව්වේ, දෙපා අවසඟ පාපන්දු පිස්සා’; රාජමනි අංකල් මට ඉගැන්වූ bonus පාඩමත් මට අමතක නොවෙන බැවිනි. 

93. හොඳම කම්මැළියා

‘අලස සුවය’ දන්නවාද?

තේරෙන්නට සරලව කියනවා නං කම්මැළිකම. සමහර අය ගොඩක් කම්මැළියි. එහෙම කෙනෙක් දවසක් කියනවා ඒක කම්මැළිකම නෙවෙයි, ‘අලස සුවය’ විඳීම කියලා.
හැබැයි ඉතිං ‘පරාභව සූත්‍රය’ දේශනා කරද්දී බුදු රජාණන් වහන්සේත් කම්මැළිකම කෙනෙකුගේ පිරිහීමට එක හේතුවක් විදිහටයි හඳුන්වලා දීලා තියෙන්නේ, සුවය කොහොම වෙතත්.

මේ කියන තුන් දෙනාම උපන් කම්මැළියෝ! දවසක් තුන් දෙනා කතාවට වැටුණා.

“උඹල කියන්නේ උඹලා දෙන්නා මටත් වැඩිය කම්මැළියො කියලද?” පළමුවැන්නා ඇහුවා.

එක්කෙනෙක් ‘ඔව්’ කිව්වා. අනිත් එක්කෙනා සද්ද නැතිව හිටියා.
“මොකද උඹ මොකුත් කියන්නෙ නැත්තේ?” පළමුවෙනියා නිහඬව සිටි කෙනාගෙන් ඇහුවා.

“ඒකටත් කම්මැළියි මචං.”

අනිත් දෙන්න දැන් වැඩියම කම්මැළියා කවුද කියලා තෝරගන්නයි ලැහැස්තිය.

“මචං, දවසක් අපේ පැත්තට ගංවතුර ගැලුවා... මං ඇඳේ හාන්සි වෙලා හිටියේ. ඇඳත් එක්කම මාව ගංවතුරේ පාවෙලා යද්දීත් මං කම්මැළිකමට ඔහේ හිටියා.
ඉතිං බලපං, මැරුණත් කමක් නෑ කියලනේ මම කම්මැළිකමේ හිටියේ.”

“ඕකත් වැඩක්ද මචං. දවසක් මං ගියා හෙණ ජෝක් තියෙන චිත්‍රපටයක් බලන්න. බලපු- බලපු හැම එකාම කිව්වා ඒකෙ තියෙන විහිළුවලට ගෙදර ඇවිල්ලත් හිනා යනවා කියලා. විශ්වාස කරපං මචං, මගේ කම්මැළිකම හින්දා මම ඒ චිත්‍රපටිය පටන් ගත්ත වෙලාවේ ඉඳල ඉවර වෙනකල්ම කඳුළු පෙර-පෙරා ඒක බැලුවා.”

ඕනෑම ගැහැනියකගේ ඉතිහාසය තීරණය කෙරෙනුයේ ඇයගේ භූගෝලය විසිනි!

ඒ පාර අනිත් දෙන්නම හිනා වෙන්න පටන් ගත්තා.

“උඹ මහ ඇට මෝඩයෙක්නෙ මචං. විහිළු චිත්‍රපටියක් අඬ-අඬා බලන එක කොහොමද බං කම්මැළිකමක් වෙන්නේ... උඹට අඬන්න කම්මැළි හිතුණේ නැද්ද?” එක්කෙනෙක් ඇහුවා.

“උඹලට තේරෙන්නෙ නෑ මචං. මං ඇඬුවා නෙවෙයි ඇඬුණා! මං ගිහිල්ලා වාඩි වෙනකොටම වාඩි වුණේ මගේ අණ්ඩ කෝෂයක් උඩ. ඒකෙ රිදිල්ලට ඇඬෙද්දියි මං පැය දෙකාමාරක්ම චිත්රපටිය බැලුවේ... නැඟිටලා ඒක හරි ගස්සාගෙන වාඩි වෙන්න කම්මැළිකමේ!”

94. ඉතිහාසය

ඕනෑම ගැහැනියකගේ ඉතිහාසය තීරණය කෙරෙනුයේ ඇයගේ භූගෝලය විසිනි!

95. තනි වචනේ උත්තරේ

එදා රූපවාහිනී වැඩ සටහනට සහභාගී වූයේ දේශපාලඥයෙකි. නිවේදකයා ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට පටන් ගත්තේය.

“තමුන්නාන්සේලාගේ පක්ෂය අත ඇරලා විරුද්ධ පක්ෂයට ගිය මන්ත්‍රීතුමා ගැන ඔබතුමාගේ අදහස එක වචනයකින් කියන්න පුළුවන්ද?”

දේශපාලඥයා ඉතා සාර්ථකව ඒ අභියෝගය බාර ගෙන මෙසේ කීවේය. “ද්‍රෝහියා”.

“විශිෂ්ටයි! ඔබතුමා ඉතා සාර්ථකව පිළිතුරු දුන්නා. සමහර විට ඔබතුමා දන්නවත් ඇති මේ වෙනවිට විරුද්ධ පක්ෂයෙනුත් මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක්ම ඔබතුමාලගේ පක්ෂයට පනින්න සූදානමින් ඉන්න බව. ඒ අය ගැනත් ඔබතුමාගේ අදහස එක වචනයකින් කිව්වොත්............”

නිවේදකයා ප්‍රශ්නය හමාර කරත්ම පිළිතුර ලැබිණි.

“නුවණක්කාරයො. එහෙමත් නැත්තං දේශප්‍රේමියෝ!”

මට ඔය ගමන යන්න දෙන්නත් ආණ්ඩුවට විදේශ විනිමය නැතිය කිව්වනේ.
ඔන්න ඒරොප්පේ රටක, වයිද්දිය විශේෂඥයන්ගේ ජාත්තියන්තර සමුළුවක් තිබුණාලු. ඉතිං එක සුප්පරසිද්ද පුංචි කොදෙව්වක එක්කෙනෙකුටත් ඒ සම්මේලනයට ආරාධනා පත්තරයක් ලැබිලා.

සිරි ලංකාවේ වගේම තමයිලු ඒ කොදෙව්වෙත්.
“තමුන්නාන්සේ වගේ උත්තමයෙක්; බුද්ධිමතෙක් ඔය වගේ සමුළුවකට තනියම යවන්න ඇහැකියැ.... ඒක අපේ රටටම කර ගන්න මදි පුංචිකමක් නෙව. තරුණම තරුණ ඇමටිටුමයි, කාරිය මණ්ඩලේ තුන්-හතර දෙනෙකුයි, උන්නැහෙලගේ අඳුරන ලොකු පුංචි අම්මලාගේ වාහෙලාගේ කිරි අත්තගේ මල්ලීගේ බාප්පාගේ පුතයි, තව බොක්කලා දෙතුන්-දෙනෙකුයි ඔබතුමාගේ පිරිවර විදිහට ඔය ගමනට එනවා ඕං!”
විශේෂ නියෝජිතයෙක් අර විශේෂඥයා හම්බ වෙලා කිව්වලු.

“උන්නැහේලා රොත්තක් ගමන යන්න?” වයිද්දිය විසේසඥයා එතකොට අහලා. “මට ඔය ගමන යන්න දෙන්නත් ආණ්ඩුවට විදේශ විනිමය නැතිය කිව්වනේ.”

“ඒකෙන් තමුසෙට වැඩක් නෑනෙ... වැඩිම වුණොත් 60 දෙනෙක් යයි. ඒ මහත්තුරු යන්නේ ආණ්ඩුවේ වියදමෙන් නෙවෙයිය, අනුග්ගරාහක ගරා යක්කුන්ගේ වියදමෙන්ය කියලා පොරවුර්තිත් ප්‍රචාරේ කරලා ඉවරයි! තමුසෙට තියෙන්නේ ඇමටිටුමා කියන විදිහට වැඩේ කරන එකයි!” නියෝජිතයා විසේසඥයාගේ කම්මුල අතගාලා කරුණාවෙන් කිව්වම, අනේ ඒ අසරණ මනුස්සයා කට වහ ගත්තලු.

ඉතිං කොහොමෙන් හරි එහාට ගියයි කියමුකෝ...
ඔන්න වයිද්දිය සම්මේලනේ පටන් අරන් ජයට කෙරීගෙන යනවලු. නියෝජිතයෝ කරුණු කියනවලු.

මේ තරුණයා උපන්නේ දෙපා අහිමි දරුවෙකු විදිහටයි. අපේ දොස්තර මහත්තුරු ඒ ළමයාට...

කාරණාවල් කියන්න එංගලන්තේ නියෝජිතයාගේ වෙලාව ආවලු. මිනිහා හරිම ආඩම්බරෙන් නැඟිට්ටාලු.

“මෙන්න තියෙනවා අපේ රටේ වෛද්‍ය විද්‍යාවේ හාස්කමක්!” එහෙම කියලා පෙන්නුවාලු, එයාගේ ළඟින්ම හිටි තරුණ හාදයෙක්ව.
“මේ තරුණයා උපන්නේ දෙපා අහිමි දරුවෙකු විදිහටයි. අපේ දොස්තර මහත්තුරු ඒ ළමයාට කෘත්‍රිම පාද දෙකක් ඉතා සාර්ථකව බද්ධ කළා. දැන් මෙයා අපේ රටේ කෙටි දුර ධාවන ශූරයා! එයාගේ අරමුණ ඊළඟ ඔලිම්පික් උළෙලේදී රන් පදක්කමක් දිනා ගැනීම!”

සම්මේලන ශාලාවේ හිටිය ඔක්කොමල අප්පුඩි ගැහුවලුනේ, ඒ කතාවට.

ඊගාවට තව රටකින් ආපු කෙනෙක් කිව්වලු, එයාලගේ රටේ අත් දෙක නැතිව උපන් දරුවෙක් ගැන. ඒ ළමයට අත් දෙකක් හයි කරලා. එයා යස අගේට සිත්තර කරුමාන්තේ කරනවාය, කියලත් කිව්වලු. සාක්කි විදිහට foto- වීඩියෝ එහෙමත් පොරදර්ශනේ කළාය කියන්නේ.

ඊළඟට අර කියාපු කොදෙව්වේ අයගේ කතාවලු තිබුණේ.

“ඔව්වා මොනවද? අපේ රට අද ඊයෙක ඉඳලා නෙවෙයි ඔය වගේ විශ්මකර්ම වැඩ කරන්නේ... වයිද්දිය විශේෂඥ මහත්තුරු විතරක් නෙවෙයි, ගංගොඩේ වින්නඹු අම්මලාත් එව්වා කරලා තියෙනවා.” කියලා කියවෙනවාත් එක්කම අත් ගොඩක් ඉහළට එසවිලා.
Who is වින්නඹු අම්මා?”

“වින්නඹු අම්මලා හිටියේ ඒ දවස්වල.... එයාලා තමයි ඒ දවස්වල බබාලා හම්බ වෙනකොට සේරම රාජකාරි කරන්නේ... දැන් ලොකු ස්පෙෂලිස්ට්ස්ලා කරන වැඩේ.... මෙහෙම- මෙහෙම, මෙහෙම- මෙහෙම!” ඒ වංගියෙ මිනිස්සු මීක් නැතිව අහගෙන හිටියාලු.

“... තමුන්නාන්සේලා කිව්වා වගේ අපේ රටෙත් හිටි-හිටි ගමන් ආබාධ තියෙන ළමයි උපදිනවා. වැඩියත්ම ඈත පත්තුවක... එහෙ එක පවුලක ඉපදෙන සේරම පිරිමි ළමයින්ගෙ මොළේ නැතිවයි ඉපදිලා තියෙන්නේ. දන්නවද, එතකොට අර වින්නඹු අම්මලා දිගටම කරලා තියෙනදේ....
පිරිසුදු හුඹස් මැටි ටිකක් අනලා මැටි ගුළියක් හදලා අරං ඒක ඔළු කට්ට ඇතුළට දමන එක!”

 “මොකද විශ්වාස කරන්න බැරි? අර අපේ තාත්තා ඉන්නේ..... මහප්පලා- බාප්පලා ඉන්නේ... මායි මගේ මල්ලිලයි ඉන්නේ...” කියලා කිව්වලු!”

“Impossible!”

“Unbelievable...” එතකොට සබාවේ උදවිය කියන්න ගත්තලුනේ...

හොඳ වෙලාවටලු අර තරුණ ඇමටිටුමා ඒකට ගිහින් හිටියේ. උන්නැහේ තමයි වීරකම පෙන්නලා අර කොදෙව්වේ නම්බුව බේරාගෙන තියෙන්නේ.
එටුමා දඩස් ගාලා නැඟිටලා “මොකද විශ්වාස කරන්න බැරි? අර අපේ තාත්තා ඉන්නේ..... මහප්පලා- බාප්පලා ඉන්නේ... මායි මගේ මල්ලිලයි ඉන්නේ...” කියලා කිව්වලු!

(ඔය කතාව යාවත්කාලීන කරපු එකක්ලු! කොහොම වුණාම මොකෝ, හිනා වෙන්න ඇහැකිනෙ.)

96. එහෙනම් අඩු කරන්නං!

පොළට යන ඔලීවියා නෝනා හැමදාම බඩු ගන්නේ හොඳටම කේවල් කළ පසුවය. එදා ඇය දුටුවේ කොලු පැංචෙකු කපුරු බෝල විකුණන අයුරුයි.

“ළමයා... ඔය කපුරු බෝල කීයද?”

“රුපියල් දහයට විස්සයි, නෝනා.”

“අපොයි බොහොම වැඩියි!”

“එහෙනම් දහයට දහයක් දෙන්නං නෝනා.”

97. රාමායණේ කළ එකා

පොලීසියට කොස්තාපල්වරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. දන්නවනේ ඉතිං, සම්මුඛ පරීක්ෂණවලට එන අය එන්නෙ රටේම තියෙන තරං සහතිකත් මිටි ගණන් උස්සගෙන; සුදුසුකම් කොහොම වෙතත්.

ඒ වගෙමයි, සම්මුඛ පරීක්ෂණය කරන අයත් අහන්නේ ඔල්මොරොන්දම් ප්‍රශ්න; අදාළ ඒවා නෙවෙයි. දෙගොල්ලොම තකට-තක!

කවුද රාමායණය කළේ?”
මේ තරුණ හාදයාත් ෆයිල් එකත් අරං එස්.පී. මහත්තයාගෙ ළඟට ආවා.

“වාඩි වෙනවා.” එස්.පී. මහත්තයා ගම්භීර තාලයට කිව්වා. තරුණ හාදයත් වාඩි වුණා.
එස්.පී. මහත්තයා තමයි ඉන්ටර්විව් කරන්නේ.

නම, ගම, අධ්‍යාපනික සුදුසුකම්, සහභාගී වෙලා තියෙන ක්‍රීඩා ඉසව්, දිනලා තියෙන ඒවා.... අරවා මේවා ඇහුවා. අපරාදේ කියන්න බෑ, අර හාදයාත් සාර්ථකව ඔක්කොටම උත්තර දුන්නා.

ඊළඟට ඔන්න සාමාන්‍ය දැනීම ගැන හොයන්නයි ලෑස්තිය. එස්.පී. මහත්තයා ඒ ගැන ප්‍රශ්නයක් ඇහුවා.
හරියටම ඔය වෙලාවේම සාජන් කෙනෙක් සම්මුඛ පරීක්ෂණේ කෙරෙන තැනට ඇවිත්, එස්.පී. මහත්තයට සැලියුට් කරලා පණිවිඩයක් කිව්වා.

“සර්ට ඩී.අයි.ජී. මහත්තයා කතා කරනවා.”

“හරි, එහෙනං මම ඩී.අයි.ජී. මහත්තයා හම්බ වෙලා එනකල් මෙයාව ටිකක් බලා ගන්නවකෝ.” කියලා එස්.පී. මහත්තයා එළියට ගියා.

ඔන්න දැන් සාජන් මහත්තයගේ වාරේ!
කොයි කවුරු කවුරුත් තමන්ගෙ හපන්කම් පෙන්නලා ලකුණු දාගන්නනේ බලා ඉන්නේ. සාජන්ට ඇහුණා, එස්.පී. මහත්තයා අර හාදයාගෙන් අන්තිමට අහපු ප්‍රශ්නේ. මිනිහා එස්.පී. මහත්තයා වාඩි වෙලා හිටපු පුටුවෙම වාඩි වෙලා, බොහොම ගම්භීර තාලෙට අර ප්‍රශ්නෙම ආපහු ඇහුවා.

“කවුද රාමායණය කළේ?”

අර හාදයා ටිකාක් කල්පනා කළා. මිනිහට ඒ ගැන මතකයක් ඇත්තෙම නෑ.
“මම දන්නෙ නෑ!” තරුණයා කිව්වා.

“දන්...නෙ....ම නෑ එහෙනං?” සාජන් මහත්තයා සැරෙන් ඇහුවා; නහයත් නටව-නටවා ඇහිබැම රැලි කරලා, මරුමුසු තාලෙට බැලුවත් එක්ක.
“පේනවනෙ! මා....ත් එක්ක ඔය සෙල්ලං බෑ පුතෝ. ක...වූ....ද රාමායණය කළේ?”

දැන් අර තරුණයා හොඳටෝම අන්දුන්-කුන්දුන් වෙලා.... උගුර කටත් වේළිලා.
“ඇත්තමයි සර්. මං දන්නෙ නෑ...”

සාජන් මේසෙට ගැහුවා.
“මේ, උඹට වැඩිය ලොකු දළකාරයන්ගෙනුත් මං ඇත්ත වමාරවාගෙන තියෙනවා. හරිද? කියපං.... කවුද රා....මා...ය...ණ..ය කළේ? එස්.පී. මහත්තයාව තැම්බුවට උඹට මාව තම්බන්න නං හම්බ වෙන්නෙ නෑ!”
සාජන් ගෝරනාඩු කළා.

දන්නෙම නෑ! මං උඹව තියන්නෙ නෑ, පරයා!

“කවුද යකෝ රාමායණය කළේ?”

“අනේ බුදු රාලහාමි, ඇත්තමයි, මං දන්නෙ නෑ.”

“දන්නෙ නෑ! උඹ එහෙනං දන්නෙම නෑ? උඹ දන්නවනේ... මොකද කියන්නේ, මිරිස් ගෝනියේ බහිනවද- ලාච්චුවට දාන්නද... නැත්තං ඉතිං ටයර් සෑයේ යවන්නත් පුළුවන්....”

“අනේ මං දන්නෙ නෑ සර්!” අර අහිංසකයා කිව්වා. කියලා ඉවර කරන්නවත් හම්බ වුණේ නෑ, එකක් කණට- චටාස්! තව එකක් බෙල්ලට- පටාස්!! තව එකක් පිටට- දඩිං!!!

“දන්නෙම නෑ! මං උඹව තියන්නෙ නෑ, පරයා!”

සාජන් අතපයේ හිරි ඇරගන්නයි ආයෙමත් ලෑස්තිය.

“ගහන්න එපා සර්! ම...ම මමයි ඒක කළේ.” තරුණයාට ඉබේම කියවුණා.

“ංආ...ඔය එන්නේ... ඔය එන්නේ. එහෙනං උඹයි රාමායණේ කළේ. ඕක ඉස්සෙල්ලම කිව්වා නං ඉවරයිනෙ...”
සාජන් තරුණයාගේ බෙල්ලෙන් අල්ලලා, පයින් එකක් පුකට ගහලා කූඩුවට දැම්මා. මිනිහට දැන් හෙණ සැටිස්. වාඩි වුණා පුටුවේ.

එතකොටමයි එස්.පී. මහත්තයා ආපහු ආවේ. සාජන් දඩි-බිඩි ගාලා නැඟිටලා කට පුරෝලා හිනා වුණා. හිනා වෙලා මෙහෙමත් කිව්වා.

“ඔන්න මං සර්ගේ රාජකාරිය ලේසි කළා. ඌ මාර මිනිහා සර්... කිව්වෙම නෑ. සර් දන්නවනේ, මගේ හැටි. හොඳ දෙක-තුන වදිනකොට දන්නෙ නෑ කිය-කියා හිටපු එකා යසට කිව්වා ‘ඌම තමයි රාමායණේ කළේ’ කියලා...
අන්න සර්, ඌ කූඩුවේ!”

98. වැඩි කැමැත්ත

“මහත්තයා, මං ඔබේ දුවව කසාද බැඳ ගන්න කැමතියි!” තරුණයා තම පෙම්වතියගේ පියාව හමුවී පැවසුවේය.

 “අපොයි ඔව්. ඒ වුණාට මං වැඩියම කැමති දුවට.”

“ඇත්තද? තමුසෙ මගේ නෝනවත් හම්බ වුණාද?”

“අපොයි ඔව්. ඒ වුණාට මං වැඩියම කැමති දුවට.”

පොතෙන් තව ඉතිරි කතන්දර දෙකයි. ටිකක් ඉඩ තියෙන නිසා හිතුණා මගේ පාමුල් පෙට්ටගමේ තියෙන පරණ කතාවක්, ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොකර ඉදිරිපත් කරන්න. මේ කතාව පළ වෙලා තිබුණේ 1993 මාර්තු හත් වෙනිදා ‘යුක්තිය’ පත්තරේ. ‘යුක්තිය’ පත්තරේ කතුතුමා සුනන්ද දේශප්‍රිය මහත්තයයි.
පස්සෙ-පස්සේ තරුවක් වුණේ එතුමාගේ සහෝදරයා මහින්ද දේශප්‍රිය මහත්තයායි. ඒ මැතිවරණ කොමසාරිස් ධුරයට පත් වුණාම.

මං දන්නා තරමට නං මේ කතාව ලිව්වේ DKR. ඩී.කේ.ආර්. හෙවත් රවීන්ද්‍ර චන්ද්‍රලාල් හෙවත් (ගුණසිරි කොළඹගේ මහත්තයා මාත් එක්ක කියූ විදිහට නම්) කඩවසම් හාදයා. ‘හිනා වෙන්න හිනා 1’ පොත් කවරයේ සිතුවම නොමිලේම ඇඳලා දුන්නෙත් ඩී.කේ.ආර්.
ඒ හාදයා දැන් ඇමෙරිකාවේ නිසයි, මං දන්නා දේවල් එයාගෙන්ම ඉන්න අහලා, තහවුරු කර ගන්න බැරි!
   

මෙන්න අර කතන්දරේ:

‘බැලූ බැල්මට මේ කතාව පිළිගන්න පුළුවන් එකක් නොවෙන්න පුළුවන්. ඒත් අපේ ලොක්ක අනුරාධපුරේ ගිය වෙලාවේ හඳ ලංකාව වගේ වුණ කතාව, එතකොට අර මල් පූජා කරද්දි මල් වට්ටියට කරඬුවක් පිටින් ම ධාතු වැඩපු කතාව, කොළඹ හතේ ගෙදරකට දන්ත ධාතුවක් වැඩම කරපු කතාව වගේ ප්‍රාතිහාර්ය සිද්ධ වෙන කාලෙක මේ කතාව ගැන සැක හිතනව නං ඒක මහා පාප කර්මයක්.

මේ සෞභාග්‍යය විඳින්න තරං පිං පිරිලා නැති දේශද්‍රෝහී කාලකණ්ණිත්....

ඉහිං කනිං පෙරෙන්න කිරි උතුරපු මේ වගේ සෞභාග්‍ය සම්පන්න කාලයක් මහා වංශයෙවත් නැහැ. ඒත් ඉතිං සමහර ප්‍රදේශවල මේ සෞභාග්‍යය විඳින්න තරං පිං පිරිලා නැති දේශද්‍රෝහී කාලකණ්ණිත් නැතුවම නොවේ. උන්ගෙ කාලකණ්ණිකම ගැන කියන්න වෙන මොකුත් උදාහරණ අවශ්‍ය නැහැ. උං ඔක්කොම ‘අලිය’ට විරුද්ධයි. ඒක ම ඇති නොවැ.

මෙන්න මේ වගේ අවාසනාවන්තයෙකු ගෙ ඉහත දක්වපු පව පල දීලා ගෙදර හරියෙ කන්න කියලා කිසි දෙයක් තිබුණෙ නැති දවසක ඒ යෝදය බිලි පිත්තකුත් කර තියා ගෙන ගැඩවිල් පණුවෙකු ගෙ අඟලක විතර කෑල්ලක් බිලී කටුවෙ අමුන ගෙන ගම අද්දර තිබුණු වක්කලමක දාගෙන බිලී බානව.

මිරිදිය මසුන් මැරීමේ ආනන්තරීය පාප කර්මය අපේ මතු බුදු, පසේ බුදු වෙන්න පෙරුම් පුරණ මහණ උන්නාන්සෙලා ගෙ පතළ මහා කරුණාවට අහුවෙලා නීතියෙම් ම තහනම් කරල තියෙද්දිත් ආණ්ඩු විරෝධී මෝඩයො මේ වැඩේ කරනව.

පැය දෙකක් විතර ගත වුණත් කිසි ම මාළුවෙක් මේ ඇම ගිල්ලෙ නැහැ. කේන්තියෙ රතු කට්ට පනින්න ඔන්න මෙන්න තියෙද්දි ජපන් බට්ටෙක් කරුමෙට වගේ පණුවට කට ගැහුවා.

පණ ගැහෙන මාළුව ගෙදර අරගෙන ගිය අපේ මිත්‍රයා ඒක භාර්යාවට දීලා මේක උයල ගන්නැයි කීවා. කොහොම ද උයන්නෙ? ගෑනි කඩන් පැන්න.
මිරිසට හදනව. මිනිහ කිව්වා. මිරිස්? මිරිස් කීය ද? කිලෝ එකක් 140 යි. කරල් දෙකක්වත් ගේ හරියෙ නෑ. එහෙනං කිරට හදනවා. අපේ මිත්‍රය ගෙ ආඥාව.
කිරි? පොල් ගෙඩියක් කීයක් කියල ද හිතේ? ගෙඩියක් දොළහයි. බෑය තිස් පහට තියෙන තැනකින් ගෙනාවොත් කිරට උයල දෙන්නං.

දැං තමයි වැඩේ! වතුරට වැටිල කරණමකුත් ගහල ආයෙ උඩට ආපු මාළුවා....

අපේ මෑන්ට දැං නහුතෙට තද වෙලා. ‘සුචරිත ස්ටෝස්’ මුදලාලි ගෙ කඩේ නං බෑය තිස් පහට ඇති. ඒත් ඉතිං ඒක ගේන්න කොළඹ යන්න එපායැ. එහෙනං ඉතිං බැදලවත් ගන්නව.

බදින්න? පොල් තෙල් කඳුළක් දැක්ක කලක් මතක නෑ. බෝතලේ 50යි. බුදු පාන පත්තු කිරිල්ලත් දැං මාසෙක ඉඳල නවත්තල. අනේ අපේ මිනිහට මේ කිසි දෙයක ගනිච්චියක් නැහැනෙ. බිරිඳ එක දිගටම දෝස් මුරේ දානව.

අල්ලගෙන ආපු මාළුව උයා ගෙන කන්නවත් නැතිකම කියල තරහෙන් පිපිරි-පිපිරී මාළුවව අරගෙන තෝ හින්ද මම ගෑනිගෙනුත් බැණුම් ඇහුවා කියල මාළුවට බැණ බැණ ගෙදරින් එළියට බැස්ස අපේ යාළුව ආයේ අර වක්කලම ගාවට ගිහින් මාළුවව වතුරට දැම්මා.

දැං තමයි වැඩේ! වතුරට වැටිල කරණමකුත් ගහල ආයෙ උඩට ආපු මාළුවා වරල් නටවල කෑ ගහල ප්‍රේමදාසට ජය වේවා! කියල ආයෙ වතුර යටට ගියා.’

ඔන්න ඔයාලා හැම දෙනාටමත් ජයෙන් ජයම වේවා කියලා පතමින්, පොතේ අන්තිම කතන්දර දෙකත් කොටලා, ‘හිනා වෙන්න හිනා’ අවසාන post එකේ අවසානයට කුණ්ඩලිය යොදනවා!

99. අසමානකම

දේශපාලකයොත් නළුවොත් සමාන වෙති. මේ දෙපිරිසම රඟපාති.

ඒ අතර නළුවෝ ගැහැනු මාරු කරති.
දේශපාලකයෝ ගැහැනු පමණක් නොව පක්ෂද මාරු කරති!

100. මහජන ආධාරේ

පැහැරගෙන යෑම්... මරා දැමීම්... අතුරුදහන් වීම්... අරවා-මේවා කෙළවරක් නෑ. මානව හිමිකම් උල්ලංඝනය වීම් නිරන්තරයෙන්ම කෙරෙනවා කියලා දිගටම චෝදනා එල්ල වෙනවා.
මේවා මෙහෙම තියෙද්දීම ඔන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට ආවා, නිරීක්ෂණ චාරිකාවකට.

... ඇවිත් උන්නැහේ රට පුරා ඇවිද්දා.

ඇවිත් උන්නැහේ රට පුරා ඇවිද්දා.

එල්.ටී.ටී.ඊයෙන් කෙරෙන වැඩ, රජයෙන් කෙරෙන වැඩ, හමුදාවලින්- පොලීසියෙන් කෙරෙන වැඩ, පාතාලයෙන් කෙරෙන වැඩ වගේ හැම දෙයක් ගැනම හාරලා බලන්නයි උන්නැහේට ඕනෑ වුණේ!

ඔන්න මේ මනුස්සයා නුවර ගිහින් අස්ගිරි- මල්වතු අනුනායක හාමුදුරුවරුන් වහන්සේලාත් හම්බ වෙලා, ආපහු එනවා කොළඹට.
කඩවත පහු වුණා විතරයි, මාර ට්‍රැෆික් එකක්!

පාර පුරාම වාහන තදබදේ... විනාඩි ගණනකටවත් අඟලක් නොයන තරමට වාහන තදබදේ.
දැන් ඉතිං මොනා කරන්නද? මනුස්සයත් වාහනේ ඇතුළේමයි. හොඳ වෙලාවට ඒක ඒ.සී කරපු වාහනයක්... නැතිනං තැම්බිලා මැරෙන්නයි වෙන්නේ, මේ දවස්වල කොළඹ රස්නෙට.

කොහොමින් කොහොමින් හරි ඉබි ගමනින් වාහනේ ටික-ටික ඉස්සරහට ඇදෙනවා. ඔන්න අර මනුස්සයට පෙනෙනවා, වාහන තදබදේට හේතුව.
පාර පුරාම, හැම වාහනයක් ළඟටම යමින් කව්දෝ කට්ටියක් මොන-මොනවදෝ කරනවා. දැන් මේ විදේශිකයාටත් මේක මහ පුදුමයක්...
මිනිහත් නොඉවසිල්ලෙන් බලං හිටියා, අර මිනිස්සු එයාලගේ වාහනේ ළඟටත් එනකල්.

“ගුඩ් ඊවිනින් සර්!” මිනිහෙක් බොහොම ආචාරශීලීව කිව්වා.

“ගුඩ් ඊවිනින්! මොකද මේ තදබදේ?” විදේශිකයා ඇහුවා, හැබැයි ඉංග්‍රීසියෙන්. එතනට ආපු මනුස්සයත් හොඳට කඩුව දාන කෙනෙක්.

“ඇයි, සර්ට තවම ආරංචි  නැද්ද?” මිනිහා පුදුම වෙලා ඇහුවා.

“මොනවද ආරංචි වෙන්නේ.... මොනවද වෙලා තියෙන්නේ?”

“හරි වැඩේනේ සර්! එල්.ටී.ටී.ඊ එකෙන් අපේ ජනාධිපතිතුමාවයි, විපක්ෂ නායකතුමාවයි, ජේ.වී.පී. නායකතුමාවයි තුන් දෙනාම ප්‍රාණ ඇපේට අරං...”

රටටම බලපාන ප්‍රශ්නනේ සර්....
“ඕ මයි ගෝඩ්! ඉතිං... ඉතිං..” විදේශිකයා ඇහුවා.

“එල්.ටී.ටී.ඊ එකෙන් කියනවලු රුපියල් බිලියන දාහක් දුන්නේ නැතිනං මේ තුන් දෙනාම  පෙට්‍රල් දාලා පණ පිටින් පුච්චලා මරනවා කියලා.”

“ඉතිං?”

“ලංකාව පුරාම මිනිස්සු පට ගාලා ඔර්ගනයිස් වෙලා දැන් ආධාර එකතු කරනවා.... රටටම බලපාන ප්‍රශ්නයක්නේ සර්....
සර්ගේ කන්ට්‍රිබියුෂන් එකත් අපිට ගොඩක් වටිනවා...”

විදේශිකයා පොඩ්ඩක් කල්පනා කළා.
“හරි දැන් කීයක් විතර එකතු වෙලාද?” එයා අර මනුස්සයගෙන් ඇහුවා.

“කීයක් විතර?
සර්ට පයිත්තියන්ද... දැනටමත් පෙට්‍රල් බවුසර් ගාණක් ආධාර හම්බ වෙලා තියෙන්නේ, තුන් දෙනාව පුච්චන්න.” ආධාර එකතු කරන්නා කිව්වා෴

90 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හෑ, ඒ කියන්නෙ "හිනා වෙන්න හිනා" ඉවරද?

    අහන,බලන හැමතැනම හිත කලකිරෙන දේවල්. හිනා වෙන්න හිනාත් ඉවරයි. හපෝයි!

    ReplyDelete
    Replies
    1. බකුසුතුමෝ! හිනා වෙන්න හිනා ඉවර වුණාට 'හිනා තවත් හිනා' දෙවෙනි පොත තියෙනවා!

      Delete
    2. හොක්කි හොක්කි හූ...දෙවනි පොතත් ඔය අතරින් පතර ලියලම දාමු නේද?

      ජිවීතේ කියන්නෙ මහ දිග කතන්දරයක්. එක එක්කෙනාගෙ කතන්දරේ වෙනස්. හෙමෝටම කියන්න කතාවක් තියනවා වුනාට, හැමෝම ඒ කතා කියන්නෙත් නෑ. සමාජයේ විවිධ ස්ථරවල අය ඇසුරු කරන්න ලැබිච්ච නිසා, නිදිගෙ කතාව විචිත්‍රයි කියලයි මට හිතෙන්නෙ.

      කලකට පෙර යුගයක හිටිය, ප්‍රවීන කතුවරුන්ගේ ගුරුකුල වලින් ආපු කුහකකම් වර්ථමානයේ අඩුයි. ඒ ඔන්න ඔහේ ජීවිත කතාව අස්සෙ හිනා කතාත් ඔබලා ලියලම දාමුද?

      Delete
    3. ලියන්නන්! තමුන්නාන්සේලාත් අනුපාන එකතු කරනවානේ...

      Delete
    4. මේ මොනවා අහනවද? දෙඤ්ඤංකො ඇස්ටි හැලෙන්නම.

      Delete
    5. ඔන්න එහෙනං සූජානං වෙනවා!

      Delete
  3. //“කවුද රාමායණය කළේ?”//

    මම මේ කතාවඅහලා තියෙන්නේ "විජයබා කොල්ලය" / "ගම් පෙරළිය" පොත් සම්බන්ධයෙනුයි.

    රාමායණය ගැන තව කතාවක් මතක් උනා.

    පාඨශාලා පරීක්ෂක තුමෙක්, එහෙම නැතුව සිංහලෙන් කියනවානම් ඉස්කූල් ඉනිස්පැට්ටර් කෙනෙක් පාසැල් පරීක්ෂාවකට ගියාලු. එක පන්තියකට ගිහින් පරීක්ෂා කරලා බලාපුවාම එදා උගන්වන්නේ "රාමායණය" ගැනලු.

    හොඳයි මං ළමයින්ගෙන් ප්‍රශ්නයක් අහන්නම්, කියලා,

    සීතා කුමාරිගේ තාත්තාගේ දුන්න කැඩුවේ කව්ද?? කියලා ඇහැව්වා.

    අහන හැම ළමයම මම නෙමේ සෑර් කියලා කියනවාලු. කේන්ති ගිය පරීක්ෂකුතමා, "ළමයි දන්නේ නැතිනම් තමුසේ වත් කියනවා" කියලා ගුරුතුමාට සැරෙන් කිව්වාලු.

    අනේ සර් මම මේ ඉස්කෝලෙට අලුත්, ඒක හින්දා මම දන්නේ නැහැ, අපේ ප්‍රින්සිපල් සර් ගෙන් වත් අහලා බලමු කිව්වලු.

    මල් වත්තක්ම පැනපු ඉනිස්පැට්ටර මහත්තයා, ගුරුතුමා සමගම ප්‍රින්සිපල් ගාවට ගිහිල්ලා , "බලනවා අයිසේ, සීතා කුමාරිගේ තාත්තාගේ දුන්න කැඩුවේ කව්ද කියලා ළමයි දන්නෙත් නැහැ, ඒ මදිවට ගුරුවරයා දන්නෙත් නැහැ. මෙහෙම කොහොමද වැඩ කරන්නේ?? කියලා සද්දෙන් කිව්වලු.

    මුල් ගුරුතුමා කිව්වලු,

    "සර් කලබල වෙන්න එපා. කවුරු කැඩුවත් මම ඉන්වෙන්ට්‍රිය ක්ලෝස් කරන්න කෑලි ටික හරි කොහොම හරි හොයලා තියන්නම්" කියලා.

    මේක (//ගෙඩියක් දොළහයි. බෑය තිස් පහට //) අතීතය සහ වර්තමානය දෙක පැටලිලාද කොහෙද??

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයා, ඔය කතාවෙ අන්තිම ටික තව දිගට තියෙනවා නේ ද?

      ඉස්කූල් ඉනිස්පැට්ටර මහත්තයා කියනවා මුල් ගුරුතුමාට "බලනව අයිසෙ මේ ඉස්කෝලෙ හැටි. මම අටේ පන්තියෙ ළමයින්ගෙන් ඇහුවා සීතා කුමාරිගේ තාත්තාගේ දුන්න කැඩුවේ කව්ද කියලා ළමයි දන්නෙත් නැහැ, ඒ මදිවට ගුරුවරයා දන්නෙත් නැහැ. මොකක්ද මේකෙ තේරුම?" කියලා.

      එතකොට මුල් ගුරුතුමා කියනවා, "මට නං ෂුවර් සෑර්, ඔය අටේ පන්තියෙ එවුන්ම තමා දුන්න කඩලා දාන්න ඇත්තෙ. ඔය පන්තියෙ ඉන්නෙම මහ එපාකරපු එවුන් ටිකක්. සෑර් ඉන්නකො මම මුංගෙන් ටිකක් තදට අහලා බලන්න" කියලා.

      ඉනිස්පැට්ටරට මලෙනුත් මලම පැනලා ලොග් සටහනක් දානවා. "මේ ඉස්කෝලේ කිසිම කමකට නැත. සීතා කුමාරිගේ තාත්තාගේ දුන්න කැඩුවේ කව්ද කියලා අටේ පන්තියේ ළමයි දන්නෙත් නැත, උගන්වන ගුරුවරයා දන්නෙත් නැත, ඒ මදිවට මුල් ගුරුතුමා දන්නෙත් නැත. වහාම මේ පිළිබඳව පියවරක් ගත යුතුය" කියලා.

      ඔය ලොග් සටහන යනවා කලාප අධ්‍යාපන කාර්යාලයට. එතැනින් ඉස්කෝලෙට ලියමනක් එනවා මෙන්න මෙහෙම.

      "සීතා කුමාරිගේ තාත්තාගේ දුන්න කැඩුවේ කව්ද කියලා අටේ පන්තියේ ළමයි දන්නෙත් නැත, උගන්වන ගුරුවරයා දන්නෙත් නැත, ඒ මදිවට මුල් ගුරුතුමා දන්නෙත් නැත" කියා මෙම පාසල පිළිබඳව චෝදනාවක් එල්ල වී තිබේ. කවුරුන් කඩා දැමුවත් මේවා රජය සතු බඩු භාණ්ඩය. එබැවින් ඉන්වෙන්ට්‍රියක් ගැනීම පිණිස කඩාදැමුනු දුන්නේ කැබැළි දෙක වහාම කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ලැමීමට සලස්වන්න.

      Delete
    2. @ Buratino,
      කතාව සම්පුර්ණ කලාට ස්තුතියි. මට අන්තිම කෑල්ල මතක් කරගන්න බැරි හින්දා ප්‍රින්සිපල් ගෙන්ම ඉවර කළා.

      මීට පස්සේ අපිට "හිනා වෙන්න හිනා" එකට විහිලු කතා ලියන්න වෙන්නේ නැති නිසා තවත් ඉස්කූල් ඉනිස්පැට්ටර් කතාවක් ලියන්නම්.

      පරීක්ෂකතුමා පන්තියට යනකොට පහල බාලාංශේ ළමයි ගනං ඉගෙනගනවා. ළමයින්ගේ දැනුම පරීක්ෂා කරන්න අවසර ගත්ත පරීක්ෂකතුමා ගණන් ප්‍රශ්නයක් අහනවා.

      ඔය ළමයින්ගේ පියා, ළමයින්ට ලොසිංජර දහයක් ගෙනත් දෙනවා. තුනක් අනුභව කරනවා දෙකක් අස්ථානගත වෙනවා කීයක් ඉතුරුද??

      ළමයි පාෂාණභූතයිස්ඩ් වෙලා බලා ඉන්න කොට පරීක්ෂක තුමා, ගුරුතුමාට කියනවා, මොනවද අයිසේ තමුසේ මේ ළමයින්ට උගන්නන්නේ? මුන්ට දහයෙන් පහක් අඩු කරගන්නවත් බැහැනේ!

      එතකොට ගුරුතුමා කියනවා, සර් මුන්ට ඕක තේරෙන හිංගලෙන් කියන්න ඕනෑ. මං ප්‍රශ්නේ අහන්නං.

      "තොපේ මහ එකා, තොපිට කඩචෝරු දහයක් ඇන්න එනවා. තුනක් කොටා බානවා. දෙකක් මක බෑ වෙනවා. ඉතුරු කීයද බොලාව් ??"

      පහායි පහායි කියලා මුළු පන්තියම එක හඬින් කිව්වලු.

      Delete
    3. තව සැරයක්, ගණං ප්‍රශ්නයක් අහනව.

      ෆිල්ම් එක රෑ හයයි තිහට පටං ගන්නව නං , මගෙ මල්ලි හිල්මන් කාර්එකක් එළවනවනං, දොරකඩ පොල් ගහ අඩි හැට පහක් උසයි නං, මගෙ වයස කීයද?

      අන්තිම පේළියෙ ළමයෙක් අත උස්සල කිව්වලු හතළිස් හතරයි කියල.

      හරියට හරි.

      ඉස්පැට්ටර කිව්වලු

      අනික් අයටත් ඉගෙන ගන්ඩ , ඔයා උත්තරේ හොයා ගත්ත හැටි කියන්ඩ

      හරි ලේසියි. ළමය කිව්වලු ... අපේ අයිය කෙනෙක් ඉන්නව. ඔය වගේ ප්‍රශ්න අහනව එයත් . එයාගෙ වයස විසි දෙකයි. එයාට බාගෙට පිස්සු . ඉතිං මං ඒක දෙකෙන් වැඩි කළා.

      Delete
    4. බුරා, අධ්‍යාපන අමාත්‍යාංශෙ ලේකම් ගැහුවලු කළාපෙට ලියුමක්

      කැඩුණු දුන්නේ කැබලි භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කර නැත්නම් අලුත් දුන්නක් නිකුත් කරන්න එපා

      කියල

      Delete
    5. දිසාපති නිල නිවාසයෙ භාණ්ඩ සමීක්ෂණයකට ගිය ක්ලාක් මහත්තයෙක් කොලයක් අරං බඩු ලිස්ට් එක ලියන්න ගත්තලු

      හවස් වෙද්දිත් අර ක්ලාක් මහත්තය ආපහු ආවෙ නැති නිසා බලන්ඩ ගියපු සීසීට දකින්න ලැබුණුලු ක්ලාක් සාලෙ වැටිල ඉන්නව. ළඟ තිබුණු කොලේ තිබූණලු :

      සාලය :
      වීදුරු කැබිනට් 1
      කැබිනට් එක තුළ විස්කි බෝතල් 1
      (ඒක කපල) විස්කි බාගයයි
      ( ඒකත් කපල ) හිස් විස්කි බෝතලයයි
      කැරකෙන පුටු 2යි
      කැරකෙන මේසයි
      කැරකෙන සෝපා එකයි
      කැරක ...


      Delete
    6. ඒ ටික මරු යකෝ.. හැක්

      Delete
    7. හෙහ්, හෙහ් කැරකෙන පුටු.😂

      ඩ්‍රැකියො බොටත් පුළුවනි මේ අඩුව පුරවන්න, ඉඳලා හිටලා හරි ගජබින්නාලංකාරෙ ලියලා.

      Delete
    8. ඔක්කොමලාටම රොම්බ තෑන්ක්ස්!

      හිනා තවත් හිනා පොතත් ඉක්මනටම දාන්න හිතෙනවා, ඔයාලගේ ප්රතිචාර දකිද්දී.....

      Delete
    9. අතුරු කතා ටිකත් මරු , ලිස්සුව එහෙනම්. සුනිල් පෙරේරා මැරුණ එකට තවම ෂොක්

      Delete
    10. ඔව් අජිත් මහත්තයෝ. කොන්ද පණ තිබණු මනුස්සයෙක්!

      Delete
  4. //මේක (//ගෙඩියක් දොළහයි. බෑය තිස් පහට //) අතීතය සහ වර්තමානය දෙක පැටලිලාද කොහෙද??//

    අඩේ මට හොඳ බිසිනොස් අයිඩියා එකක් ආව නෙව? දොළහ ගානෙ පොල් ගෙඩි ටිකක් බා ගත්තා නං, බෑය තිහ ගාණෙ වික්කත් හොඳ ගාණක් හොයා ගත්තෑකි නෙව?

    පෝ...ල්, පෝ...ල් ලාබා..යි පෝ..ල් කියල පොල් වික්ක හාදයෙකුට පෝල් කියන නම් තියෙන සුද්දෙක් තඩිබාලා යටත් විජිත යුගයෙදි.

    ReplyDelete
    Replies
    1. අඩේ ! පෝල් කතාව මරු ඈ

      Delete
    2. බස්සා මහත්තයෝ, පොල් කතාව DKR ය්ක්තියට ලියල තිබ්බේ 1993 නෙ. එතකොටත් බෑය සත 35 ට නෑ. පොල්තෙල් බෝතලේ රුපියල් පනහලු. මේ කතාව කොටද්දී මට කල්පනා වුණේ මිල ඉහළ යාම ගැන හොඳ වාර්තාවකුත් නේද කියලා. දැන් බෑය රපියල් තිස්පහටත් වැඩියි. පොල්තෙල් බෝතලේ රු. 700/- ට වැඩියි.

      මට යාන්තමට මතකයි (77 මැතිවරණෙදීද කොහෙද) අපේ සුපිරි නිළි දෙනවක හාමිනේ මැතිවරණ වේදිකාවලට නැඟලා ඇඟ කස-කසා 'කසනවා- කසනවා. සබන් නෑ, බෝල සබන් ගාලා තමයි මේ දවස්වල නාන්නේ' කියලා කිව්වා.
      පොල් බැයවල් දෙකක් අතේ තියාගෙන මේක කීයද කියලාත් කථිකයෝ අහනවා. දැන් වගේම තමා, උත්තර දෙන්න පුරුදු කරවලා හිටි අය කියනවා 'තිස්පහයි' කියලා. එතකොට මේක? කථිකයා අනෙත් බැයත් පෙන්නනවා. ඔර්ඩියන්ස් එකම මොර දෙනවා 'ඒකත් තිස් පහයි' කියලා.

      Delete
    3. බකුසු මහත්තයාටයි, ඩ්රැකීටයි දෙන්නටම ස්තුතියි කියන්නත් බැරි වුණා! සමා වෙන්නෝනි, හොඳේ.

      Delete
  5. කාලෙකට පස්සේ එද්දී හිනා කතාත් ඉවර වෙලා ... හ්ම් .. මට අල්ලලා ගියේ අර 10 ට විස්සක් දෙන එක අඩු කරලා ඉල්ලපු කතාව .. අනිත් ඒවා වෙනස් විදියට කලින් අහල තියෙනවා ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්, උත්තර ලියන්න විතරද වෙලාව හොයා ගන්නේ?

      යාන්ස්වල ව්දිහක් විදිහට මට පෙනෙන්නේ කාලෙන් කාලෙට පරණ එව්වා අලුත් චරිත එක්ක ආපහු කියවෙන එක! මේ යටින් බුරටිනෝ මැතිතුමාත් සාක්කියක් දීලා තියෙන්නේ!

      Delete
  6. අර DKR මහත්තයා ලිවුවය කියන කතාව මම නං කියෝලා තියෙන්නෙ, ඊජිප්තුවෙ ගමාල් අබ්දුල් නසාර්ගෙ ආර්ථික ප්‍රතිසංස්කරණ කාලෙ ඊට විරුද්ධව ලියැවුන යාන්ස් එකක් විදියටයි. ඔය කතාව මම කියෙවුවෙ පරණ (70 ගනන්වල වෙන්නෝන) 'සිළුමිණ කතා සයුරක' තිබිලා.

    අන්තිමේදි ඊජිප්තු කම්කරුවා මල පැනලා මාළුවාව නයිල් ගඟට වීසි කරලා දැම්මහම, මාළුවා වරළක් උස්සලා, සැලියුට් එකක් ගහලා, "නසාර්ට ජයවේවා!" කියලා යන්න ගියාලු.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Buratino!

      මෙහෙම දේවල් ලියලා එවනවා කියන්නේ අනාගතේ තොරතුරු හොයන කෙනෙකුට වුණත් ඒ විස්තර ගබඩාකොට තැබීමක්!
      70 ගණන්වල කතාවක් 93 අලුත් වර්ෂන් එකක් වෙලා...!

      Delete
  7. හිනා වෙන්න හිනා පොතේ කතන්දර ටික ඉවරවුනත් සුමානෙකට සැරයක් හිනා වෙන්න හිනා මාතෘකාව සහිතව හිස් පෝස්ට් එකක් දාන්න සලකා බලන්න. නිමල්. ඩ්‍රැකී, සෑම්, ඇතුලු පාඨකයින් දාන කමෙන්ට්ස් කියවලා අපිට හොඳටම හිනා වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. Lotus, හිනා තවත් හිනා කියලා දෙවෙනි යාන්ස් පොතකුත් මුද්‍රණය කළා. තුන්වෙනි එකකුත් ටයිප් සෙටින් කරලා තියෙද්දී තියෙද්දී තමයි මං අසනීප වුණේ.
      හිතාගෙන නොහිටියත්, දැන් හිතෙනවා ඉක්මනින්ම දෙවෙනි පොතත් කොටස් වශයෙන් ඔයාලට දෙන්න!
      මොකද කියවන අයත් ලියල එවනවනේ රසකතා මදිය නොකියන්නම! මේ දවස්වල හිනා වෙන්නම ඕනිනේ!

      Delete
  8. හිනාම තමා... පට්ට පට පට

    ReplyDelete
  9. මෙන්න මහේෂ් රත්නායක ආපහුලියන්නපටං ගෙන. උන්දැ ඇඩ් එකක් දාන්නැත්තං අපිවත් දාන්ඩෙපැයි

    ReplyDelete
    Replies
    1. මේ, මහේෂ් රත්නායක මහත්තයා කියනවා කමෙන්ට් මදි නිසා ලියන්න කම්මැලියිලු. හා දැන් හැමෝම ගිහින් කොමෙන්ට් එක ගානෙ කොටල වරෙල්ලා. ආයි ඤැහ්,බැහ් කියන්න එපා, කොටනව ඔලු ගෙඩි වලට.

      Delete
    2. පාර පෙන්නුවාට ස්තුතියි ඩ්රැකී,
      බකුසු මහත්තයෝ, මගේ ඔළුවට කොටනවට බයයි- බාගෙට තට්ටේ නිසා. ඔන්න ගිහින් කවියක්ම කොටලා ආවා!

      Delete
    3. ඤැහ්, බැහ්

      (බලමු අරූ කොටයිද කියල...)

      Delete
  10. ජයසේන මැතිඳුන් ෆැමිලි කමිට්මන්ට් නිසා බිසී ඇති, එත් පහුවෙලා හරි ඒවි. මේං මගෙන් උසාවි කතාවක්:

    නඩුකාරයා: යුෂ්මතා පැහැදිලි කරනවා, කොහොමද තමාට පොල්ලකින් එකහාමාරක් ගැහැව්වෙ කියලා.

    පැමිණිලිකරු: ඉස්සෙල්ලම මෙයා මට පොල්ලකින් එකක් ගැහැව්වාම, පොල්ල දෙකට කැඩුනා. ඊට පස්සෙ මම දුවන කොට, කැඩිච්ච පොලු කෑල්ලෙන් ගැහැව්වා.

    ReplyDelete
    Replies
    1. තවත් එකක්:

      නඩුකාරයා: යුෂ්මතා මේ පැමිණිලිකරුට පහරදීම ගැන ඇති නිදහසට කාරණා මොනවාද?

      විත්තිකරු: පැමිණිලිකරු මට, මීට අවුරුද්දකට පෙර චිංපන්සියා කියල බැන්නා.

      නඩුකාරයා: හරි, ඉතිං ඒකට ගහන්න අවුරුද්දක්ම බලාගෙන හිටියෙ ඇයි?

      විත්තිකරු: පිං ඇති හාංදුරුනේ, මම ගිය සුමානෙ තමයි සත්තුවෙත්තෙදි චිංපන්සියෙක්ව මුලින්ම දැක්කෙ.

      Delete
    2. ජයසේන මැතිඳාණන්ව මතක් වෙච්චි හින්දද තමුන්නාන්සේ උසාවි කතන්දරම ලිව්වේ?
      එහෙම ඇහුවට අමනාප වෙන්ඩ කාරී නෑ.... දෙකම රහයි, නරිමොටා (තුමා කියන්නද- මහත්තයා කියන්නද මන්දා.)

      හිතට හරි නෑ. මොකද අර කුකවියන් හතර දෙනාගේ කෙටි කවිය මතක් වෙනවා.

      ඒ දණ්ඩේ කොටා
      යන කලටා
      වැටුණේය ගඟටා
      හුටා!

      Delete
    3. ඔව්, ඔව් මතක්වෙලා තමයි එහෙම ලිව්වෙ. මොටා කිව්වම හොඳටම ඇති. අර කවිය නං නියමයි.

      Delete
    4. මොට්ස්තුමාට අඹතලේ පැත්තෙදි කිව්වෙ මොටෙයියා ලු, බස්තුමා කිව්වෙ

      Delete
    5. නරිමොටා අයිති ඩ්‍රැකී පොකුරටද බස්සා+ප්‍රාජේ පොකුරටද.

      Delete
    6. නරිමොටා කියන්නෙ PraJay ගෙම තවත් එක් හොල්මනක්!

      Delete
    7. පූජ්‍ය/ නෙලුං මිය / මෙනවිය,
      මොටෙයියාතුමා අයිති ආඳා/නරියා/බස්සා ලිස්සන මික්ස්චර් එකට.
      ඉස්සර තව හිටියා, ජෝර්ජ් ආර් ආර් මාර්ටින් යුගයේදි

      Delete
    8. ලෝටස්,

      පුරාවිද්‍යා කාල නිර්ණ ක්‍රමයක් තියෙනව “මාදිළී සැසඳීම“ කියල. ඒ ක්‍රමවේදය ම අනුගමනය කළ හැකියි කමෙන්ට්කරුවන්ගේ පොකුරු අධ්‍යයනය කරන්නත්... මාදිළී සැසඳීම මඟින් බස්සා සහ නරි මොටා එකට සැසඳේ...

      Delete
    9. උසාවියෙදි නඩුකාරතුමා ඇහුවලු සැකකරුගෙන්, යුෂ්මතා බොනවද කියල.

      සැකකරු කිව්වලු, “බොනවනං ඔන්නොහෙ පොඩ්ඩක් බොමු ස්වාමිනි“ කියල.

      තව සැරයක් නඩුකාරය ඇහුවලු “යුෂ්මතා වැරදි කරුද, නිවැරදිකරුද?“ කියල.
      සැකකරු කිව්වලු “ස්වාමිනි, මම එවිල්ල යුෂ්මතා නෙමෙයි, මුෂ්තපා“ කියල

      තව සැරයක් නඩුකාරය ඇහුවලු විත්තිකාරියගෙන්, “සැකකරු යුෂ්මතියට පහර දුන්නේ ද්වේෂයෙන් ද?“ කියල.
      විත්තිකාරිය කිව්වලු “ඔව් ස්වාමිනි, උන්දැ ඒකෙනුත් ගැහුවද කොහෙද? මුලිම්ම මෝල්ගහෙන් ගැහුවෙ. එතකොට මට සිහි නැති වුණා. ඊට පස්සෙ ගහන්ඩ ඇත්තෙ ඔය කියාපු එකෙන් තමා“ කියල.

      තව සැරයක් නඩුකාරය විත්තිකරුගෙන් ඇහුවලු, “තමුං මට හොඳට දැකල පුරුදුයි“ කියල.
      ඒ ගමන විත්තිකරු බොහොම සන්තෝසෙන් කිව්වලු “ඔව් ස්වාමිනි. ඔබතුමාගෙ පුතාට ගණං ටියුෂන් දුන්නෙ මං“ කියල.
      “හා එහෙමද. මිනිහ ගණං ෆේල්“ නඩුකාරය කිව්වලු. “බරපතළ වැඩ ඇතුව හයමාසයයි...“

      තව කතාවක් කියන්ඩද? එපා? හා එහෙනං යන්නං...

      Delete
    10. නිදි,
      ඔය කියාපු මාදිළීයෙ කවි ගැන මගෙ පෝස්ට් එකක් තිබුණ.

      Delete
    11. Buratino කියන්නෙ බස්තුමාගෙම තවත් එක් හොල්මනක්!

      Delete
    12. ඩ්රැකී. කයි පෝස්ට් එක කියෙව්වා. මල්!

      comments හා කමෙන්ටුකරුවෝ කියලත් පොස්ට් එකක් ලියන්නයි වටින්නේ!

      Delete
    13. නරිමොටාගෙ කමෙන්ට්ස් වල බස්සාගෙ character එක තියෙනවා. (චරිතය නෙවෙයි, ලාක්ෂනික ස්වරූපය හි හී) ඔවු මාදිලි සැසදීමක් තමයි ඩ්‍රැකී කිව්ව වගේ.

      comments හා කමෙන්ට්කරුවන් ගැන ලියන එක හොඳ අදහසක්. නිදීටම තමයි ඒ වගේ දෙයක් හොඳට ලියන්න පුලුවන්.

      Delete
    14. නරිමොටා=ප්‍රාජේ
      නරිමොටා=බස්සා
      බස්සා=බුරතීනෝ

      පොදු සාධක ඉවත් කලාම ප්‍රාජේ=බුරතීනෝ. ඔන්න ආයෙත් මට පැටලීගෙන එනවා.

      Delete
    15. බුරතීනෝ කියල දෙයක් නෑ ළමයි...

      බුරතීනෝ කියන්නෙ හෙල්ලෙන මනස

      Delete
    16. https://www.silumina.lk/sites/default/files/u87/01-01_3.jpg

      වැඩම කලත් දළදා හිමි සඳාණෝ
      දෙදළ කපා බිම හෙලනා ඇතාණෝ
      ඇවිදින කල අහිමිව වන පෙතානෝ
      හක්ක පටස් කා මියැදෙන ඇතාණෝ

      ඕං මගේ ගානෙ අලියට වඳින ගාතාව. හා දැන් කියපල්ලා නරියට වඳින ගාතාව. මේ මස්කටු නැද්ද මස්කටු?

      Delete
    17. ඕක ගාතාවක්යැ? කයියක් නෙ.

      Delete
    18. හෑ, එතකොට ගාතා කියන්නෙ පාලියෙන් කියන කවි නෙමෙයිද? හා එහෙනං කවියක් කියහං. ඇයි බං අපිට පෙරෙහැරේ යන්න චෑන්ස් එකක් දෙන්නෙ නැත්තෙ?

      Delete
    19. පෙරහැරේ යන එක පුදුම වදයක් නෙ. මහරෑ තිස්සෙ කිලෝමීටර් ගාණක් පයිං අනුන්ට ඕනෙ හැටියට යන එක මහ කට්ටක්. ඇයි බොලා ඒ කට්ට ඉල්ලන්නෙ?

      ඕනෙම නං නිල් තීන්ත බාල්දියකට පැනහං. පෙරහැරේ අරං යයි කරේ තියාගෙන.

      ඇත්තට ගාථා කියන්නෙ මොනවද? හොයල බලන්ඩ ඕනෙ.

      නරියට අදාළ ගාථාව නං මං දන්නෑ. මාමට වඳින ගාථාව නං මතකයි.

      “ඉමිනා පුඤ්ඤ කම්මේන - මාමේ බාල සමාගමෝ
      සතං සමාගමෝ හෝතු - යාව නිබ්බාණ පත්තියා“

      ඒක කිව්වම මතක් උනේ, අර යාං හෑල්ලෙ සුරංගගෙ තාත්ත අම්කිමට යනවලු නේ, තොපෙ නෑයො තමයි අර පංසලේ හාමුදුරුවො කියන්නෙ “හොන්තු ඤාතයෝ“ කියල. ආං උං...

      දවසක් සුරංග අම්මට කිව්ව කියන්නෙ, අර ගාථාවක පීතු පාදං නමා මහං කියල තියෙනව වගේ “තාත්තගෙ කකුල නමල මහන්ඩ ඕනෙ“ කියල

      Delete
    20. නරිමොටානංච ප්‍රාජේය
      බස්සාන බස්සති භවඃ
      ටොමියෝදරං කූංකූංච
      සබ්බ භූතං ඒකංචරාහ්

      නරිමොටා පෙරහැරේ යන්නෙ "සීඝ්‍ර ගමනං භවිස්සති" කියලා වෙන්ටෑ?

      Delete
    21. ආන්න මං හොය හොයා හිටපු පාඨයක්... ඔය සීඝ්‍ර ගමනං භවිස්සන්ති පදයෙ, සම්පූර්ණ ගාථාව මොකද්ද?

      Delete
    22. අපූර්වේ මරණං දිස්වා
      හස්තේ දණ්ඩක පිණ්ඩිකා
      ග්‍රාමේ ගඩු ගුඩං චෛව
      සීඝ්‍ර ගමනං භවිස්සතී

      Delete
    23. හනේ ගොඩාක් ස්තූතියි. ඔය කතාව තියෙනව කුමාරොදය තුන්වෙනි පොතේ. පුතංඩියට ඔය කතාව ඔරිජිනල් ම කියා දෙන්න කියලා ගාථාව හෙව්වා හෙව්වා හම්බුනේ නෑ.

      මීන් වයිල් ඉන් රවි‘ස් පෝස්ට් මෙහෙම එකක් හම්බුණා එයා ට මතක තිබුණු හැටියට...

      //නරියෙක් මරන්න ගමරාල, වූ එන පාරෙ හිටියලු දිගාවෙලා මැරිල වගෙ අතක බත් ගුලියකුයි අනෙක් අතේ පොල්ලකුයි තියාගෙන. තියරි එක, නරියා බත් ගුලිය කන්න ආහම පොල්ලෙන් ගහල වූ මරන්න.

      නරිය එක්ක කොහෙද ඒ සෙල්ලං. වූ දැනගත්ත ගමයගෙ ගැටේ.ඒ කරල මේ ශ්ලෝකෙත් කියාගෙන වූ මාරු උනා කියලයි කියන්නෙ.//

      Delete
    24. කුමාරොදයෙ නං තිබුණෙ, කෙමනක අහුවෙන මාලු රෑට නරියෙක් ඇවිත් කනව. ඒක අල්ලන්න ගමරාල පාණකුත් පත්තු කරං, බත්මුලකුයි පොල්ලකුයි දෑතෙ තියාගෙන මැරිලා වගේ උන්නා කියලා.

      රවි අයියයි, තවත් කෙනෙකුයි කියල තිබුණෙ කුකුල් කොටුවකට පනින නරියෙක් මරන්න ගමරාල අර විදිහට උන්න කියල.

      Delete
    25. නරි මොටාට මතක කොහොමද දන්නෑ?

      Delete
    26. //- මාමේ බාල සමාගමෝ// බාල මාමලා ඇසුරු කිරීමෙන් වලකින්න

      Delete
    27. “මාමේ, සමාගම බාල වැඩ කරනව“ වෙන්ඩ බැරිද?

      Delete
    28. ඔය සීවී රෙෆරන්ස් එකක්නෙ

      මාම වැඩකලේ බාලේන්ද්‍රගෙ සමාගමේ - ජෝන් කීල්ස්

      Delete
    29. අර බකුසුමොටාට අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකක්ද කොහෙද?

      හොක්කි හොක්කි හූ.....

      ආයි නං කුකුල් කොටුවට පනින්නෙ නෑ බුදු සාලාමි. ගමරාළ ආවෝ. මා නැතෝ!

      Delete
    30. @ බුරා

      සාදු සාදු සා.......

      Delete
    31. වැඩිය හූ කියන්න එපා.
      හෝන්තු ඥාතයෝ එයි
      වෘකයො, හිවල්ලු බොක්සර්ස්ලා

      Delete
    32. //අර බකුසුමොටාට අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකක්ද කොහෙද?//

      මං නං කරන්නෙ තියෙන අයි ඩී හැම එහෙකිම්ම එක පාර ක්‍රොම් කීපයක් ඕපන් කරගන්න එකයි.

      ඈ? නෑ මොකුත් නෑ. මං ගියා.

      Delete
    33. @Buratino
      https://www.facebook.com/628981326/posts/10159247123061327/

      Delete
    34. වැඩක් නෑනෙ. අර ඩ්‍රැකා අපි දෙන්නව වෙන් කළා.

      Delete
    35. හෑ, බොක්සර් දඩෝරියත් එනවද?

      සුරුස්...(ලිස්සුව)

      Delete
    36. // නරි මොටාට මතක කොහොමද දන්නෑ? //

      ඔය නිමල්ලගෙ ලේන් එකේ තියෙනෝ ලු තඩි කුකුළු කොටුවක්. හැමදාම රෑට නරිමොටා ඔය කොටුවට පැනලා හොඳ ගිනි කිකිළියෙක් උස්සන් පනිනවලු. අල්ලන්න ට්‍රයි කලත් හරියන්නෑ ලු, මොකද මොටා එකේක දවසට පනින්නෙ එකේක වේසෙන් ලු. අද මොටා වගේ, හෙට බස්සෙක් වගේ, අනිද්දාට ටොමියෙක් වගේ ලු.

      ඉතිං ලේන් එකේ උදවිය තීරණය කලාලු මොටාව අල්ලන්න හොඳම කෙනා ප්‍රාජේ තමා කියලා. මොකද ප්‍රාජේ මීට කලිනුත් ඔය වගේ ප්‍රොජෙක්ට් කීපයක්ම කරලා, "ප්‍රාජේ තමා හොඳටම කලේ" කියලා විරුදාවලියක් පවා ලබලා තියෙනෝලෙු. ඉතිං ඔන්න දවසක්දා රෑ ප්‍රාජේ ඉන්නවලු රැකලා, එක අතක රෝස් කරපු කුකුළු ගාතෙකුයි, අනෙක් අතේ දෙකේ හතරෙ පොල්ලකුයි තියන් පාර මැද්දෙ වැටිලා. හරියට ඩ්‍රැකියට ඩෝප් වැඩිවුනාම කාණුවෙ වැටෙනවා වගේ. ප්‍රාජේට විතරක් තනියම ප්‍රොජෙක්ට් එක කරන්න අරින්න හොඳ නැති හන්දා නිමල්ලා කට්ටිය සෙට් වෙලා නිමල්ලා ගෙදර අර රෝස් කුකුළගෙ අනිත් ගාතෙයි බෝතලේකුයි පොලිෂ් කරනවලු, ලාවට සිංදුවකුත් කියමින්.

      ඉතිං ඔන්න වෙනදා වගේම මොටා එනවලු. බලද්දි පාර මැද්දෙ ප්‍රාජේ ඉන්නවලු මළකඳ සේ. මොටා කොහොමත් ටිකක් මුට්ටිය දාලා බලලා තමාලු වෙනදත් එන්නෙ - ලෝකයා නෙ. ඉතිං එදත් මුට්ටිය දාලා බැලුවහම තේරුනාලු මේක තමා සීන් එක කියලා. එතකොට තමාලු අර ශ්ලෝකයත් කියලා පැනලා දිවුවෙ.

      Delete
    37. හෑ, වේලෙන්නත් කලින් කතාව පත්තරෙත් දාලා නෙව?

      මළකඳ සේම තමා හිටියෙ, ටිකිලා වැඩිවෙලා. උන්දැගෙ අතේ තිබ්බ කුකුල් ගාතෙත් අරං තමා දිව්වෙ. කොහෙද, අර වරත්තු දඩෝරියා පන්නන් තිබා ගත්ත නෙව?

      Delete
    38. This comment has been removed by the author.

      Delete
    39. "To Kill a Foxingbird"

      By Harpoy Lee Puppet.

      Delete
    40. හාපෝයි ලී පපට් තමා හොඳම

      Delete
    41. අපේ lane එකේ cctv හයි කළේ ලවුද බොලේ?

      Delete
    42. හැබෑට "ලවුද" බොලේ?

      Delete
    43. "කොල්ලනේ, ලව්නේරිස් අයියා ගල් කපන්නෙ(ගල් වැඩපල) කොයිබද?" කියලත් ඇහැව්වා. ක්‍රොස් මයි හාට්, ට්රූ ඉස්ටෝරි.

      Delete
    44. හා හා හා , හේ හේ , ප්‍රා ජේ කතාව මරු නරි මොටා . මැවිලා පෙනුන වැටිලා ඉන්නවා හොරට

      Delete
    45. කව්ද බොලේ කී කරද්දී මට K L අකුරු දෙක ටැපලිලා, ඩ්රැකී. එක ළඟ නෙ තියෙන්නේ...
      අකුරක් වෙනස් වුණාම දෙන තේරුම් වෙනස් වෙන අපූරුව.

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ඒක නෙමෙයි, බොන්ඩ නැද්ද? බොන්ඩ?

    ReplyDelete
    Replies
    1. මේං රා ගුබ්බෑයක්ම තියනවා , බීපිය.

      http://marcuspriyanthaperera.blogspot.com/2021/09/blog-post.html

      Delete
    2. ගියා. අඩෝ පට්ට ඈ... හැබැයි තිබුණෙ සියවසක් විතර පරණ රා.

      Delete
    3. ඒත් මොකෝ ඇඩම්. පීප්පෙන් වක්කරගෙන බොනකොට ආතල් නැද්ද?

      Delete
    4. මට දැන් මතක නෑ කොතනදීද කිව්වේ කියලා.
      මතකයිද මං කිව්වා 'පොල් ගහ යට - කොටිය අපට- අපි කොටියට 'කියලා අන්තරා කොටසක තියෙන සින්දුවක්. සිරිබිරිස් උන්නැහේටත් වංගියක් මම කිව්වා ඔය සිංදුව ගැන. උන්නැහේ නොසෑහෙන්න මහන්සි වෙලා මෙන්න හොයලා එවලා තියෙනවා.
      1976 දියමන්ති film එකේ තිබ්බ සින්දුවක්!

      https://www.facebook.com/RanwanGeeMadira1/videos/203295128077446/

      Delete
    5. දැක්කා ලොකා... ඊමේලුත් කරල, මැසෙන්ජරුත් දාල, කමෙන්ට් එකකුත් දාපු උද්යෝගය උදක් ම දැනුණා...

      Delete
    6. එහෙම දැනුම් දෙන්නම එපැයි. තමුන්නාන්සේලාත් සිංදු හොයල එව්වෙ, අනුමාන කරලා. අනෙක් වැඩේ කියන්නේ ඔහොම එකක් ඔළුවට ආවාම තියෙන හිතේ බර!
      පොඩි උදව්වක්ද සිරිබිරිස් උන්නැහේ කළේ, ඔය ප්‍රශ්නය විසඳලා දීලා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්