ඒත් වෙනස්
වෙන්නේ කවුරුන්වත් නොවේ! |
යකෝ, අපිත් පෘතග්ජන මිනිස්සු... කන-බොන එවුන්නෙ මචං.....”
ඔහොම සංවාද හැමදාමත්
සිදු වෙයි. ඒත් වෙනස් වෙන්නේ.... අප
දෙගොල්ලන්ගෙන් කවුරුන්වත් නොවේ. හැබැයි, එයාලා මගේ මතයටත් ගරු කරමින්- කන-බොන-පමා
වෙන හැම දේම සීමාවකට යටත්ව කරන්නටත් වග බලා ගනිති!
“මේ විහිළු නෙවෙයි
යකුනේ.... නෙවිල්ට ප්‍රශ්නෙකුත් නෑ. කොට්ටාව වහල නැති හින්දා. දොස්තර මහත්තයටත්
අවුලක් නෑ... මිරිහාන- නුගේගොඩ lockdown කරල නැති නිසා.... මට තමයි....” මම නහයෙන්
ඇඬුවෙමි.
“නවත්තගනිං බං.... මටත්
අනාගතය පේනවා.... යුෂ්මතා හිතන්නේ මම නිකම්ම ඔය අත්වල විදපු තැන්වලට අලෝපු
ප්ලාස්ටර් ගලවන්න එපැයි කිව්වා කියලද? නෑ, යකෝ! ඒවා තියා ගන්න කිව්වේ බැරියර් එක
හරහා යාගන්න උදව් කර ගන්න...”
අයස්මන්ත මහත්තයා
කිව්වා. මට මතක් වුණේ කාලෙකට ඉස්සෙල්ලා උන්නැහේම එවපු ලිපියක කොටසක්.
‘දෙවන ලෝක යුද්ධෙ කාලෙ ජර්මනිය ප්‍රංශයට පහර දෙද්දි, ප්‍රංශය
යටත් උනා; මුලු යුරෝපයටම- ලෝකයටම උරුම සංස්කෘතික ගොඩනැගිලි සහ කලාකෘති විනාශ වෙන
හෙයින්. ඒ 1940 ජූනි 22 දා.
ඒත් ක්‍රමයෙන් සාහසික වෙන ජර්මන් පාලනයත් ඊට සහයෝගය දුන් Vichy රෙජිමයත් කවදාවත් එකට එක් නොවෙන
මිනිස්සු එකට එක් කලා විරුද්ධව පෙල ගැහෙන්න.
ආන්දෝලනාත්මක ප්‍රහසනයක් වන Allo Allo.... |
ජර්මානුන්ගේ
පරාජය සලකුනු කල 1945 ජූනි 6 නෝර්මැන්ඩි වෙරලට බට මිත්‍ර හමුදා ජයග්‍රහනයට Resistance මහත් රුකුලක් උනා. විශේශයෙන්ම ගරිල්ලා වර්ගයේ පහරදීම්, ඔත්තු
බැලීම්, ජර්මානු හමුදාවන්ගේ මෙහෙයුම් කඩාකප්පල් කිරීම්, ඔවුන්ගේ විදුලි ග්‍රිඩයන්
හා සන්නිවේදන සම්ප්‍රේශන විනාශ කිරීම් සහ
තැන තැන හිර උනු මිත්‍ර හමුදා සාමාජිකයන් ප්‍රවේසමෙන් ආරක්ශිත තැන්වලට ප්‍රවාහනය
කිරීම් ඉතා කාර්යක්ශමව කලා ඔවුහු.
මේ
අන්තිමට කී, ඔත්තුකරුවන් මුර කපොලු හරහා පැන්නීමට පාවිච්චි කල එක විදියක් තමා මිනී
ගෙන යන කරත්ත (hearse) පාවිච්චි කරන එක.
මෙම කරත්තවල යටින් රහසිගත ඉතා පැතලි කුටීරයක
අදාල පුද්ගලයා සඟවා, ඊට උඩින් බාගෙට නරක් උන, ඉවසිය නොහැකි දුර්ගන්ධයක් හමන මිනිය
හොවනු ලැබුවා. මේ අප්‍රසන්න ගඳ නිසා, නාසි භටයන් මේ මිනී කරත්ත සුපරීක්ශාවෙන්
පරීක්ශා කලේ නෑ. අනෙක් අතට මේ ජවනිකාව Resistanceලා
රඟ දැක්වූවේ ගොම්මන් වෙලාවල, එහෙම නැත්නම් රෑ.
Resistance අලලා බීබීසිය අගනා මෙගා ටෙලි නාට්‍ය දෙකක් නිර්මානය කලා;
The Secret Army
සහ ආන්දෝලනාත්මක ප්‍රහසනයක් වන Allo
Allo. (මේ ටෙලි දෙකම මම ITN නාලිකාවෙ
බලල තියනවා. ඔයා මේව බලල නැත්නම් ඔයාට වෙඩි තියන්න වටිනව, නිමල් අයියේ!)’
ඒ විදිහට බැලුවාම දොස්තර
මහත්තයා කරන්නට හිතන්නේ ‘අලෝ අලෝ’වරිගයේ සම්‍යක් ප්‍රයෝගයකි.
සමහර
ඇත්තක් කිව්වාටම මදිය. ඇහේ ඇනෙන තරමට.... |
ඉතිං blood testsවලට ලේ සාම්පල්ස් ගත්තත්, ඖෂධ සමග මිශ්‍ර කර සේලයින් දෙන්නට කැනියුලාවක් සවි කළත් එහෙම තැන්වලට නොවරදවාම පුළුන් කැබැල්ලක් තබා ප්ලාස්ටර් දමන්නට වෙයි.
(වෙනෙකක් තබා රැවුල බෑමේදී යන්තම් හෝ සීරීම් තුවාලයක් වුණත්, වරින් වර දිගටම ලේ
ගලන්නට ගනියි. ඒ බව තදින්ම හිතේ ඇති බැවින්, වෙනදාට නම් මා ඒ පුළුන්-ප්ලාස්ටර්
ගලවා දමන්නේ හවස් වෙලාය. ‘මෙයාගෙන් ලේ ගත්තා කියලා ප්‍රදර්ශනේ කරන්නනෙ ඕවා ගලවන්නේ
නැත්තේ... සෝබනේ බං...’ සමහර දවසක මට විහිළු කරන දොස්තර මහත්තයාම, එදා මට
ප්ලාස්ටර් ගලවන්නට එපා කියා ඇත්තේ සහේතුකවය.
“කාවවත් රවට්ටන්න
නෙවෙයිනේ.... මචං නෙවිලා... හම්බන්තොට ඉඳලා යන ගමන් වැලිපැන්නේදී තේ එකක් බොන්න
නැවැත්තුවත් මෙයා වාහනෙන් බැහැ ගන්නෙ කකුල් හිරි වැටිලා කියාගෙන... ඒ මදිවට
ඉදිමිලා කියාගෙන...
ඕවා ඔක්කොම බැරියර් එකට කිය-කියා ඉන්නවට වැඩිය හොඳ නැද්ද, එක බැල්මකින්ම තමුසෙ මහ
ලෙඩෙක් කියලා පෙන්නන එක.... ඔය තමුසෙ හිටි ගමන් අපිවත් අන්දන්න act කරන්නේ; අද
දෙනවා නියම ඇක්ටින් පාරක්- මැරෙන්න යන ලෙඩෙක් වගේ!”
බලාගෙන ගියාම ඒ එකක්වත්
බොරු නොවේ. සමහර ඇත්තක් කිව්වාටම මදිය. ඇහේ ඇනෙන තරමට උලුප්පලා පෙන්වන්නටත් ඕනෑය.
අපේ රටේ වැඩියෙන්ම කෙරෙන්නේ බොරුව ඇත්තක් ලෙස පුන-පුනා ඉදිරිපත් කිරීමය; රඟා
පෙන්නීමය. අපි හැමදාමත් ඒවාට රැවටෙන්නෙමු. ඒ විදිහට බැලුවාම අප කරන්නට යන්නේ
‘අහිංසක ප්‍රයෝගය’ක් විතරය.
කොරෝනා
නිසා වැඩියෙන්ම පීඩාවට පත්ව තිබෙන්නේ...(රෝහලේ හිතවතුන්ගේ දූ-පුතුන් කොටසක්..) |
පොඩිවුන්ට විතරක් නොවේ
අපටත්, පිටස්තරයන් හා මුහුණට මුහුණ මුණ ගැසී සන්නිවේදනය කිරීමට ඉඩ නැති වී සිටීම
දඬුවමකි. එලෙස හුදෙකලාවීම කොතරම් අවාසනාවක්ද?
“.... දිනක් ආරාමයට
පැමිණි කේසී නම් අශ්ව හික්මවන්නකු හා බුදුරජාණන් වහන්සේ අතර සාකච්ඡාවක් ඇති විය.
“ඔබ අශ්වයන් හික්මවන්නේ කෙසේ දැ යි” බුදුරජාණන් වහන්සේ ඇසූ හ.
“ස්වාමීනි, මම සමහර අසුන් පරුෂ භාවයෙන් හික්මවමි, සමහරුන් මෘදු භාවයෙන් හික්මවමි.
සමහරුන් මෘදු පරුෂ දෙකින් හික්මවමි” යි කී ය.
“එසේ හික්මවන්නට බැරි අසුන්හට කුමක් කරනුවා දැ” යි බුදුරජාණන් වහන්සේ නැවැත ඇසූ හ.
“ඔවුන් මරා දමමි” යි කේසී කී ය.
අනතුරු වැ කේසී, “ඔබ
වහන්සේ ශිෂ්‍යයන් හික්මවන්නේ කෙසේ දැ” යි ඇසී ය. “මමත් සමහරුන් නරකෙහි නරක විපාක
පෙන්නා පරුෂ භාවයෙන් ද හික්මවමි. සමහරුන් හොඳෙහි හොඳ විපාක පෙන්නා මෘදු භාවයෙන් ද
හික්මවමි” යි බුදුරජාණෝ කී හ.
“එසේ හික්මවන්නට බැරි අයට කුමක් කරනුවා දැ” යි කේසි ද ඇසී ය.
“ඔවුන් මරා දමමි” යි බුදුරජාණන් වාහන්සේ ප්‍රකාශ කළ හ. එවිට කේසී, “ස්වාමීනි, ඔබ
වහන්සේගේ ශාසනයෙහි මැරීම තහනම් නො වේ දැ” යි ඇසී ය.
අති පූජ්‍ය
මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන් වහන්සේ 1958 මාර්තු 17 වෙනිදා..... |
මෙය බුද්ධ ධර්මයෙහි සඳහන් බ්‍රහ්ම දණ්ඩය යි, ඉහළ ම
දඬුවම යි.....”
මේ කොටස උපුටා ගත්තේ,
අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන් වහන්සේ 1958 මාර්තු 17 වෙනිදා
‘දිනමිණ’ පත්තරේට ලියා තිබුණු ලිපියකිනි.
කෙනෙකුව සහමුලින්ම හුදෙකලා කිරීම කොතරම් දරුණු දැයි, එදවස ඡන්න තෙරුන් වහන්සේට ‘බ්‍රහ්ම
දණ්ඩය’ පැනවූ බුදුරජාණන් වහන්සේත් හොඳින්ම දැන සිටියහ!
මට කල්පනා වෙයි!
එකිනෙකා හා කතාබස්
කිරීමට- ඔවුනොවුන් ගැන දැන ගැනීමට හා අන්‍යයන් ඇසුරේ ගැවසීමට අපි කෙතරම් ප්‍රිය
කරමුද? අප රූපවාහිනී- චිත්‍රපට- නාට්‍ය නරඹන්නේ ඒ නිසා නේද? පොත්- පුවත්‍පත්
කියවන්නේ ඒ නිසා නේද? නොයෙකුත් සාද- හමුවීම් පවත්වන්නේ ඒ නිසා නේද?
fb යන්නේ, මේ තරමටම දුරකතන සමාගම් පොහොසත් කරවන්නේ ඒ නිසාම නොවෙද?
කොටින්ම, ඔබ ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන්නට එන්නෙත්; comments එවන්නෙත් එවන්
සන්නිවේදනයක යෙදෙමින් බවයි මට හිතෙන්නේ.
ඉතිං, කොරෝනා නිසා නොනිල
වාරණයකට ලක්වී සිටි අප ‘ඇරියස් cover කර ගනිමින්’ එදා ශිරෝමිලාගේ ගෙදරදී එතරම්
වෙලා දොඩමළු වෙන්නට ඇත්තේ ඒ නිසාම විය යුතුය. එදා අපට වෙලාව යනවා නොදැනුණු තරම්ය.
මගේ ජීවිතේ ඉතිරි බාගෙ, මේ ඉන්නේ! |
“නිමල් අයියා දන්නවද?
මගේ ජීවිතේ ඉතිරි බාගෙ, මේ ඉන්නේ!”
එවෙලේ ආසිරිට නොකිව්වත්
මගේ සිහියට ආවේ කිසා ගෝතමියයි; කිසාවගේ නිබ්බුත පදයි. ‘... නිබ්බුතා නූන සා
නාරී...!’ හැම අඹුසැමි යුවලකටම ඒ උදානය කළ හැකි නම්.....
ඒ කෑම මේසයේ, බත්
මාළුපිණි මදිවාට කෙසෙල්- අයිස්ක්‍රීම්- දිවුල්කිරිත්...
ඒ අස්සේ කුප්ප
වැඩකුත්.... ගෙදර ඉන්නා ගවීන්ව අවුස්සවන්නට; ශිරෝමිලාගේ කෑම මේසයේ foto වැලක්ම
ගවීන්ට ගියේය.....! කෑම කැවුණේ එහෙම දඟ වැඩ අස්සේය. ඊළඟ ‘සම්මා වායාමය’ මං වහන්සේව
අවුස්සන්නටය.
“තරහ වෙන්න නං එපා...
පොඩ්ඩක් පුටුවක් උඩම හරි නිඳා ගෙනත් ඉවර වෙලයි මචං මම නං වාහනේට නඟින්නේ...
නෙවිලෝ!”
“මටත් එහෙම තමයි පීරා... ටිකාක් rest නොකර මදි-මදි වගෙයි මචං.....”
එහෙම පන්දුවලට නිදැල්ලේ
යන්නට ඉඩ හරිනවා නං වඩා හොඳය. එතකොට වැරදෙන්නේ එයාලාටමය. ඒ අත්දුටු බෙහෙත එදාත්
වැඩ කළේය!
හම්බන්තොට
මිසීලා දාපු ඔය ප්ලාස්ටර්.... (ඔවුන්ගෙන් කොටසක් පොලොන්නරුවේදී...) |
කෙරුණේ එහෙමය. මවුලානා
අපට අරගෙන එන්නට පිළියෙළ කර දුන් මල්ලේ තිබුණේ, ඉෆ්තාර් කන්ජි විතරක් නොවේ.
උණු-උණු මසල වඩේ හා උළුඳු වඩේත් තිබිණි. ඒවාත් ගෙවල් කිහිපයකටම ඇති තරමටය.
ඔය සේරම වැඩත් ඉවරවී, පැය
තුනකට විතර පස්සේ පමුණුව පාරේ බැරියර් එක
ළඟදී....
දොස්තර මහත්තයාම මගේ වෛද්‍ය වාර්තා ලිපි ගොනුත් අරන් වාහනයෙන් බැස්සේය. එතැන
රාජකාරි කරමින් හුන් නිලදරුවන් හා මොන-මොනවාදෝ කිව්වේය. අපට lockdown පමුණුවට
ඇතුළු වෙන්නට අවසරය ලැබිණි. වාහනය අපේ ගෙදරටම සේන්දු විණි.
“මෙච්චරයි නේද නිමල්
අයියගෙ බඩු තියෙන්නේ....” කවදාවත් නැති කලබලයකින් අයස්මන්ත මහතා මගේ බෑග බිමට
බෑවේය. “මම යනවා නිමල් අයියේ!”
“මොකක්ද කලබලේ? මම කෝපි
එකක් හදන්නයි ලෑස්ති වුණේ!”
“බෑ බෑ. අතන officersලට මං කිව්වා විනාඩි පහෙන් ඔයාව drop කරලා එනවයි කියලා.... ඒ හාදයෝ
මගේ word එක විශ්වාස කරලා මට respect කළා වගේ, මාත් එයාලට රෙස්පෙක්ට් කරන්නෝනි
කියපු විදිහටම කරලා...” අයස්මන්ත මහත්තයා ඉගිල්ලුණේ එහෙම කියලාය.
අනේ! අපේ රටේ
පාලක-කාරකාදීනුත් එහෙම රෙස්පෙක්ට් කරනවා නං.... කියන වචනය රකිනවා නං... එදා රෑ
හීනෙනුත් මට පෙනුණේ එහෙම රටක ඉන්නා හැටිය.
“යන්න කලින් මතක් වුණේ,
යුෂ්මතාගේ අතේ foto එකක් අරගෙන තියාගන්නවා, හම්බන්තොට මිසීලා දාපු ඔය ප්ලාස්ටර්
ගලවන්න කලින්! අද දවස මතක් වෙන්නත් එක්ක...” දොස්තර මහත්තයා පිටත්ව යද්දී විහිළුවට
කී කතාවකුත් ඇත්තටම ප්‍රයෝජනවත් වෙතියි එදා නම් මට හිතුණේ නැතිය.
ඒත් මං මගේ දෙවෙනි සෙල්ෆිය ගත්තේ එදා රාත්‍රියේය! ජංගමයෙකුගෙන් නොවේ, I Pad එකෙනි!
යහමින්
සලකලා.... (සලකන්නට ඇත්තේ මෙහෙමද?) |
අපට ඉතාම නුදුරින් වූ
නිවසකට, මැයි 7 වෙනිදා සෑහෙන පිරිසක් අවුදිනි. Lockdown අඩවියේ නිවසකට පැමිණි
පිරිස දුටු lns මහතා ඔහුගේ මොබයිල් දුරකතනයෙන් ඒ පිරිසගේ පැමිණීම කැමරාවෙන් සටහන් කර
ගන්නට පටන් ගත්තේය.
නාමල් ජයසිංහ තිරරචනය කළ- චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කළ ‘සත්‍යා’ ටෙලිය
බලද්දී මට හිතුණේ ‘වැඩේ හරි’ කියලාය. ඒ කිව්වේ, සත්‍යා නාට්‍යය ආදර්ශයට ගෙන නොයෙකුත් අවනීති- නොයෙකුත් දූෂණ- නොයෙකුත් වංචා ආදිය ගැන සාක්කි
රටවැසියන්ගේ ජංගම දුරකතනවල සටහන් වෙනු ඇති කියලාය.
ම්හු! එහෙම වුණේ නැත.
ඒ ඇයිදැයි මට තේරුම්
ගියේ lns මහත්තයාට වුණු සංගදිය හින්දාය.
අර පිරිසේ එකෙක්, lns
මහත්තයාගේ කැමරාකරණය දැකලාය. වහාම ක්‍රියාත්මකවූ ඔවුන් ඒ මහ දවාලේම, ඒ මහතාව ඇදගෙන
ගිහින් යහමින් සලකලා, වීඩියෝ දර්ශනත් delete කර දමලාය. “අපි ..... එකේ. තමුසෙට ඕනි
නං යනවා පොලිසි.... ඔන්නං ගිහින් බලනවකො මොකද වෙන්නේ කියලා....” මදාවියන් lns
මහතාට තගකුත් දමලාය.
සිදු වුණු දේ ගැන වසං කරගෙන ඉන්නා එක වඩා හොඳ යැයි ‘මූණු නාලුවී’ හිටි lns මහත්තයා
තීරණයක් අරගෙනය. (එබැවින් කොරෝනා කාලේ- අපේ ඉසව්වේ සිදු වුණු මේ කතාව අදහන්නට බැරි
නං, එය නිදි දුටු හීනයක්ය කියලා සිතා ගත්තත් මගේ අමනාපයක් නැත.)
බොරැල්ල
කනත්තේ අංක 5 ආදාහනාගාරයේදී දැවී භෂ්මාවශේෂ බවට.... |
ශාන්ත කුමාර අපොන්සු මගේ මිත්‍රයෙකි; තජකයේත්- සලඅතසයෙත් අප හා එක්ව එකට කටයුතු කළේය. (සමස්ත ලංකා අමද්‍යප තරුණ
සංවිධානයේ පුවත් සඟරාව වුණු ‘අමද්‍යප හඬ’ත් කාලයක්ම සංස්කරණය කළේය. අපොන්සුගේත්-
බබීගේත් විවාහ මංගල්‍යයෙදීය, මං ‘කේඳිලන කුකුළු මස්’ ගැන
දැන ගත්තේ!)
“තාත්තට තිබුණේ වකුගඩු
අමාරුවක්. අප්‍රේල් 26 වෙනිදා කොළඹ මහ රෝහලට ඇතුළු කළා. එදා ඉඳලම දවස් තුනෙන් තුනට
තාත්තාට PCR ටෙස්ට්ස්සුත් කළා නිමල් අයියේ....
පස් වෙනිදා test එකෙන් තාත්තාට කොරෝනා පොසිටිව් කියල කිව්වා. මැයි 6 වෙනිදා තාත්තා
අන්තරා වුණා!”
කොරෝනා ආසාදනය වී ඇතැයි
සලකුණු බැවින් ධනපාල අපොන්සු පියාණන්ගේ මෘත දේහය රෝහලෙන් නිදහස් කෙරුණේ නැත.
“අපි ගල්කිස්ස පොලිස්
වසමේ නිසා ගල්කිස්ස පොලිසියෙන් කෙනෙක් ඉස්පිරිතාලෙට යන්න ඕනිලු, බොඩි එක නිදහස්
කරවා ගන්න. අඳුරන-කරන අයගේ උදව් අරගෙනත්; පුදුම
අමාරුවකින් තමයි ඒ ටික කර ගත්තේ.... ඒත් අපිට දේහය දෙන්නෙ නෑ. පැය දෙකක් යන්න
කලින් සේරම කරලා ආදාහනාගාරෙටත් යවනවය කිව්වා....”
කොරෝනා මරණයක කටයුතු
කෙරෙන හැටි ගැන සම්පූර්ණ විස්තරයක් අපොන්සු මා හා කීවේය. ශ්‍රී ලංකාවේ ක්‍රම සහ
විධි එතැනදීවත් වෙනස් නැති වග විතරක් මෙතැනදී කීම සෑහේ! සල්ලි දෙයියන්ගේ මල්ලිය.
ශ්‍රී මිහිඳු දහම් පාසලේ
ආචාර්යවරයෙකු මෙන්ම ඉංග්‍රීසි ගුරුවරයෙකුද වුණු ධනපාල අපොන්සු ගුරු පියාණන්,
බොරැල්ල කනත්තේ අංක 5 ආදාහනාගාරයේදී දැවී භෂ්මාවශේෂ බවට පත් වුණේ ඥාති මිත්‍රාදීන්
දෙදෙනෙකු පමණක් ඉදිරිපිටදීය; සහජාත පුතුන් දෙදෙනෙකු පමණක් ඉදිරිපිටදීය.
තාත්තගේ
දේහය බලන්නවත් අපට අවසර නෑ.... |
අපොන්සුට තවමත් ඒ දුක්බර මතකය අලුත්ය.
කොරෝනා එහෙමය. පලාතක ගෞරවයට පාත්‍රවූ ජනමත නායකයෙකු වුවද අවසන් ගමන් යැව්වේ අසරණ
සෙය්යාවකිනි. දරු පරපුරක නැණැස පෑදූ ඔහු නික්ම ගියේ හොරෙන්ම වාගෙය; රහසින්ම වාගෙය.
මටත් කළ හැකි වුණේ මුහුණු පොතෙන් කවියක් ලියා යැවීම පමණකි.
මරණය අසුන්දර නැත මිය යන්නන්ට
නොගිහිං හැකිද යළි මෙලොවට පැමිණෙන්ට
අදරැති අයට සතුටින් සමුදී යන්ට
පතමු, මිතුර පැතු සුවයක් අත්වෙන්ට!
ඉතිං... කොරෝනා ඇති කළ- ඇති කරමින් තියෙන හුටප්පර තවමත් ඉවර නැතිය. එහෙත්, අපට නම් ඉතිරිව තිබෙන්නේ හැකිතාක් හුදෙකලාව; ප්‍රවේසම් සහගතව; ගෙදර ඇතුළටමවී උපේක්ෂාවෙන් බලා හිඳීම විතරය෴
දැන් නම් ලංකාවේ කොරෝනා පැතිරීම පාලනය කරගන්න බැරි තරමට දුර දිග ගිහිල්ලා වගේ!
ReplyDeleteබේතක් විද්දාම, ලේ ගත්තාම, කැනියුලා එකක් ගැලෙව්වාම අපිට වෛද්‍ය උපදෙස් දෙනවානෙ, ඒ අතින් බර උස්සන්න එපා, බර වැඩ කරන්න එපා,බ්ලා බ්ලා බ්ලා, කියලා. මට ලේ කැටි ගැසීමේ අඩු වැඩියක්වත්, වෙනත් ප්‍රශ්නයක්වත් නැති නිසා ඔය උපදෙස් ඒ කණෙන් අහලා මේ කණෙන් පිට කළා. නමුත්, අවුරුදු එකහමාරකට විතර කලින් වෙච්ච සිද්ධියක් නිසා දැන් නම් ඒ උපදෙස් පිළිපදිනවා.
අද මම පළවෙනියා වෙලා නේද?
ඔව්නේ Sam, අද ඔයා ඉස්සෙල්ලාම ඇවිත්.
Deleteවෛද්‍ය උපදෙස් පිළිපැදීම හොඳයි කොහොමත්. මම එහෙම කිව්වේ පොඩි කාලේ ඉඳලාම මට ලේ කැටි ගැසීමේ අඩුව තිබුණා. ඒක මල්ටිපල් මයෙලොමාවේ ලකුණක්ද මන්දා...
යෙපිලට තමා පුෂ්, පුෂ්😢
ReplyDelete-ලාවතී අක්කා ප්‍රමුඛ පමුණුව අසල්වාසී, ලොක්-ඩවුන් සංගමය-
පව් දෙයියනේ. එතකොට 1965 අංකය දීල තිබ්බේ නැහැනෙ. අතීතයට බලපාන විදිහට lockdown නීතිත් සලකනවා නම් අපේ වසමේ අයටත් බඩු මලු ලැබෙයි... නේද?
Deleteඅලෝ අලෝ මං බොහොම කැමැත්තෙන් බලපු කොමඩි එකක්. ආන්දෝලනාත්මක මොකද?
ReplyDeleteප්‍රංශකාරයෝ, නාට්සිකාරයෝ, බ්‍රිටිශ්කාරයෝ ඇතුලු ඔක්කොටම හිනාවෙන හින්දද? හිනාවීමෙන් නාට්සි අපරාධ trivialize (සිංහල වචනෙ ශුවර් නෑ ) කලා කියල අධි පොලිටිකලි කරෙක්ට් අය නම් කිව්වා.
Deleteමං හිතන්නෙනම් හොද කොම්ඩි එකකින් හැමදේකම කොමිකල් පැත්ත උලුප්පන්න ඕනෙ. සීරියස් කියන්න වෙන මාධ්‍ය තියනවනෙ
මමත් එංගලන්තයේ ඉන්දදී allo allo බැලුවා.
Deleteපීරිස් මහත්තයා ආන්දෝලනාත්මක වචනය යෙදුවේ මොන අදහසෙන්ද කියලා නං මට දැනුමක් නැහැ.
ඒ දවස්වල නං මට උඩු පෙළ මිසක් යටින් තිබුණු දේශපාලන පණිවිඩ, උපහාස හෙම වැටහුණේ නෑ, Pra Jay මහත්තයෝ.
හොඳ කොමඩියකින් වුණත් ගැඹුරු පණිවිඩ දෙන්න හපන්නුත් ඉන්නවා නේද?
මේක කියවද්දී ආපහු එදා දවසට ගියා. ඊළඟ හමුව අපේ ගෙදර ගමු අය්යේ. එතෙක් පරිස්සමෙන් ඉන්න.
ReplyDeleteතෙරුවණ් සරණයි!
නම නැති නිසා තුන් දෙනෙකුව අනුමාන කරගන්නයි වෙන්නේ. ඒ දැනටම අපට කියලා තියෙන නිසයි. කාට වුණත් මොකෝ? හා හා හා!
Deleteඔයාලටත් තිසරණ සරණයි!
ලබන සුමානේදීත් ලියන්න කොච්චර හුටප්පර තව එක්කාසුවෙනවාද? මාසෙක හුටප්පර කියලා පොස්ටු මාලාවක් කරමු.
ReplyDeleteඅම්මෝ අසංග. ඒ සතියේ වෙච්චි දේවල් සේරම ලියන්න ගියා නං මාස ගණනාවක් යයි.
Deleteමේ ලියාගෙන ආව එකත් අද ඉවර කළේ, තව අත්දැකීම් දෙකක් ගැන වෙනම කතා කරන්න තීරණේ කල නිසයි. එයින් එකක් වුණේ මැයි 8. අනෙක 14 වගෙයි මතක. ඊළඟට ඒ ගැන කියනවා.
අර Ins මහත්තයාට සළකපු සෙට් එක ආපු අයද නොඑන අයද? :)
ReplyDeleteධනපාල අපෝන්සු මහතා ඇතුළු ඒ විදියට අපෙන් සමුගත් හැමෝටම සුබ ගමන්! කොරෝනා නොවුනා උනත් අවසන් කටයුතු නාඩගම් හැකිතාක් අඩු කරලා අවමංගල කටයුතු හැකි ඉක්මනින් ඉවර කරන ක්‍රමයට මම පුද්ගලිකව කැමතියි. මිනිස්සුන්ට ගෞරව දක්වන්න සළකන්න ඕනි ජිවතුන් අතර ඉන්න කාලේ. :)
කමි, එයාලා ආපු අයවත් නොඑන අයවත් නෙවෙයි. කටු කන බල්ලෝ! උන් වැඩිය සැරයිලුනේ, හැදියාවක් නැති නිසා අර දෙගොල්ලන්ට වගේ.
Deleteමමත් ඔයා එක්කයි! කිසිවෙකුට කරන ගෞරවයක් සැලකීමක් කළ යුතු ජීවත්ව ඉන්නා විටයි.
This comment has been removed by the author.
ReplyDelete