මම ගෙදරින් පැනලා යනවා..... |
ජීවිතයේ සමහර දේවල් හිතා ගන්නටවත් බැරි තරමට
පුදුමාකාරය; විහිළු සහගතය.... වෙනින් කෙනෙකු මා අද ඔබට කියන කතාව වැන්නක් කිව්වා
නම් මං වුණත් දෙවරක් හිතනවාය. ‘මේ මිනිහා
ඇත්තමද කියන්නේ?’ ඒත් මේ කතාව සත්තක ඇත්තය. ඒ හින්දාම පාත්‍ර
වර්ගයාගේ අනන්‍යතාව හංගන්නටත් වෙයි!
“බෑ දිසානායක බෑ! මම ගෙදරින් පැනලා
යනවා.....” එහෙම කතාවක් කොල්ලෙකු වුණත්, තවත් කෙනෙකුට කියන්නේ
කලාතුරකිනි.
එතකොට අර වාක්‍යය කියූ තරුණ කෙල්ල, අප ගෙදරින් පැනලා ගිය කතන්දර;
‘දුන්හිඳ අද්දර මාරක’ ගැන දැනගෙන
උන් එකියකුත් නොවේ. එහෙම දැනගෙන හිටියා නම්, උපදේශයක්
ගන්නටවත් ආවය කියලා හිතා ගන්නට තිබිණි. හොඳම වැඩේ කියන්නේ සුසිලා ඇවිත් තිබ්බේ
මල්ලීත් එක්ක වීමය; සුසිලුත් එක්ක
වීමය.
සුසිලා, සුසිල් විතරක්
නොවේ, එයාලගේ ගෙදර හැමෝමත් මගේ හිතවතුන්ය. ඒ
යාළුකම ඇති වුණේ ‘උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය’
හින්දාය. UNP එක හින්දාය.
1970දී බටු ඇට කොල්ලෙකු විදිහට,
මහරගම ජයන්ති ෆාමසිය වත්තේ තිබුණු
දේශපාලන රැස්වීමේදී කෝට්ටේ ජිනදාස
නියතපාල මහතාගේ ජය පතමින් කතාවක් පැවැත්වූ දවසේ ‘තාත්තා සුසිලා’ මගෙත් එක්ක බුදු fit
වුණේය!
තාත්තා සුසිලා?
මේක නං මෙතෙක්
දවස් ‘නිදි’ පාවිච්චි නොකළ විදිහේ යෙදුමකි.
මාස කීපයකට කලින් දොස්තර අයස්මන්ත පීරිස්
මහත්තයා ‘මරු’ attachment
එකක් එවලා තිබ්බේය. ‘බැචාලා
වර්ගීකරණය’ කරමින් ඒක
ලියලා තිබුණේ සුනිල් අබේධීර කියලා කෙනෙකිය.. බැචාලා ගොඩක්නෙ. ඒ ඒ බැචා ගැන
වෙන-වෙනම ලියා තිබිණි. අම්මා බැචා, තාත්තා බැචා,
.... වගේ සේරම බැචාලා ගැන ලියලා තිබුණා විය
යුතුය.
මං මෙතනට ඔබන්නේ අම්මා බැචා ගැන විතරය.
අම්මා බැචා, තාත්තා බැචා, .... වගේ
සේරම බැචාලා.... |
අම්මා යැයි කීවාට මූ පුරුෂ ලිංගිකයෙකි.
ඇතුවත් බැරි නැතුවත් බැරි එකෙකි. මොහුගේ මව් ගුණය කැපී පෙනෙන්නේ අනිත් රූමලා
දෙන්නාටය. උදේම නැඟිට අනිත් උන්ට බැණ වදිමින් කාමරය අස්පස් කොට අතුගාන මූ, තේ වත්
කර දරුවන් දෙදෙනා අවදි කරවයි. ඉදින් සීනි ඉවර නම් මතු දැක්වෙන ‘දරුවා බැචා’
අවදිකොට ‘පෝසත් බැචා’ගේ කාමරයට යවා
ඉල්ලාගෙන එයි. ඉක්බිතිව ඉවුම්-පිහුම් කටයුතුය. හොද්ද හැඳි ගාද්දීත් අනිත් රූමලාගේ
නොසැලකිලිමත්කම ගැන ආඩපාලි කියයි. උන් දෙන්නාගේ කලිසම් මතු නොව ජොකා පවා මාසෙකට
සැරයක් හේදෙන්නේ අම්මා බැචාගේ ආඩපාලි නිසාය....’
අම්මා බැචා, තාත්තා බැචා,
දරුවා බැචා, අසල්වාසී බැචා,
මනමාල, බඹර බැචාලා
විතරක් නොවේ, නයා බැචා ගැන එහෙමත්
විශ්වවිද්‍යාල සිසු-සිසුවියන් නම් හොඳටම දන්නවා ඇතිය.
ඔය බැචාලා ගැන, මේ දැන් මගේ මතකයට ආවේ
සුසිලාගේ ගෙදර කට්ටියව නම් කරන්නට ගියාමය. ‘මක්කැයි කියලා
දොඩනවා නං’ ඒ ගෙදර එක්කෙනෙකුගේවත් වංහුං කියන්නට
විදිහක් නැති හින්දා, මෙහෙම නම් දාගත්තාම ලෙහෙසිය.
මගේ ‘කුළුඳුල් දේශපාලන කතාව’ ඉවර වෙනවාත්
එක්කම ‘තාත්තා සුසිලා’ තවත් කීප දෙනෙකුත් එක්කම මගේ ළඟට ආවේය. ‘හරිම ෂෝක්
මිස්ටර් නිමල්’ කියලා කිව්වේය. ඒ එයාගේ හැටිය. මැරෙන
තුරාවටමත් ඒ මනුස්සයා මට ඇමතුවේ මිස්ටර් කෑල්ලත් එක්කමය. මං එයාට කිව්වේ ... අයියා
කියලාය.
“අපේ ගෙවල් ළඟත් නියතපාල මහත්තයාගේ support
එකට මීටින් එකක් ලැහැස්ති කරනවා... ඔන්න නොවරද්දාම
මිස්ටර් නිමල් ඒකට එන්න ඕනි.... මම දැනටමත් මිස්ටර් Pට කියලයි
තියෙන්නේ....”
ජාති-ජම්ම නොබලා අපේ එකා ලස්සනට ගිනිකන
වැටිලා... |
-යං යං, පුතෝ ගෙදරටම. අනෙක් කට්ටිය එනකල් මොකුත් බීලා ඉඳිමු!” කියලා මාව
ගෙදරට වඩම්මාගෙනත් ගියාය.
අම්මා සුසිලාගේ මව්වත්කම බොක්කෙන්ම ආ එකක් විණි. මූණිච්ඡාවට කෙරුණු එකක් නොවිණි. “එනවා නේද පුතෝ?” කියලාත් ඇහුවාම ‘එන්නං අම්මේ’ යයි මට කියැවුණේ නිකම්මය. ඒ ඇමතුම අදටත් මගෙන් එහෙමම කියැවෙයි. අනේ, ඒ අම්මාටත් දැන් ඩිමෙන්ෂියාවය. නෙවිල්ලාගේ අම්මා වගේමය.
ඒ පවුලේ දරුවන් හතර දෙනෙකි. ලොකු අක්කා මැද පෙරදිග රස්සාවකට ගිහින් සිටි අතර, අයියා හිතුවක්කාර කසාදයක් කරගෙනය. ඒ දවස්වල ගෙදරට එන්නට අම්මා සුසිලාගෙන් අවසර තිබ්බේ ලොකු පුතණ්ඩියාට විතරය. “ඒ ලීලේ නං මම ජීවත් වෙලා ඉන්නකල් මගෙන් අපේ ලේලි පොඩ්ඩට හම්බ වෙන්නෙ නෑ පුතෝ .... දන්නවය, අපට පෑහෙන කට්ටියක් නෙවෙයි, අඩු කුලේ....
-අඩු කුල එවුන් ඇහැට-කණට පේනවනෙ කොහොමත්....
ජාති-ජම්ම නොබලා අපේ එකා ලස්සනට ගිනිකන වැටිලා... මං නං කියන්නේ, උන් ඉනාවක් කවලම
තමයි.... ඒකට කරන්න ඕනි දේවල් කර-කර ඉන්නේ.... අපේ එකාට ගෙදරට එන්න ඉඩ දීල
තියෙන්නෙත්, ඉනාව කපපු ගමන් ඌ ගෙදර නවතිනවය කියලා ගුරුන්නාන්සෙ කියපු හින්දා!”
ලොකු පුතාලට දරුවොත් ඉන්න
එකේ... |
එහෙම පවුලේ අභ්‍යන්තර ප්‍රශ්නත් එයාලා මට කීවේ, මං වහන්සේ ‘ඒ පවුලේම කෙනෙකු වගේ’
බවට පත් වුණාට පස්සෙය.
සුසිලා අර පැනලා යන කතාව කියාගෙන අපේ ගෙදරට
ආවේ, ඊට අවුරුදු කිහිපයකට පස්සේ දවසකය.
“හුස්මක්... හුස්මක් අරගෙන හිටහං සුසිලෝ...
තමුසෙලා අක්කට මොකක්ද වෙලා තියෙන්නෙ සුසිල්? මොකද මේ
මනුස්සයා මේ පරල වෙලා...” සුසිලාට
ටිකාක් නිවෙන්නට ඉඩ හරිමින්, කල්වේලා
අරගෙනය මං හිනාබරව කිව්වේ.
“අනේඒඒඒඒ මන්දාආආ නිමල් අයියේ. ඔයා දන්නවනේ
මෙයාගේ හැටි... එයාගෙන්ම අහ ගන්ඩකො.” සුසිල් කිව්වේය. ඒ
එයාගේ හැටිය.
එතෙක්-මෙතෙක් එහෙම අක්කෙකුයි, මල්ලියෙකුයි
මට මුණ ගැහිලා නැතිය. සහෝදර-සහෝදරියන් වුණාට ඒ දෙන්නා යාළුවන් වගෙය. කොහේ යතත්
ගියේ දෙන්නාම එකටය.
“ඉතිං කියහංකො සුසිලො, මොකද්ද මේ හුටපටේ...?”
“බලපං නිමල්.... අපේ තාත්තා මට මඟුලක්
ලැහැස්ති කරලා..... මට තරහෙ බෑ බං!”
මට ඒ මඟුල එපා... එපා.... එපාමයි! |
“අනෙ-අනේ දිසානායක... මට ඒ මඟුල එපා...
එපා.... එපාමයි!”
“මේ, ඔහොම කිව්වට
කොහොමද සුසිලෝ මොනවාවත් හිතා ගන්නේ? හෙමින් සැරේ
කියහංකො විස්තරේ...... අක්කට බැරි නං තමුසෙවත් කියනවකො සුසිල්... ඔයාලගේ අක්කා
ආවේශ වෙලා වගෙයිනෙ ඉන්නේ.” මම සුසිල්
දෙසට හැරුණෙමි.
මං දන්නා විදිහට නං, කෙනෙකු ආතතියකින්
ඉන්නා විට එයාගේ හිතේ කැකෑරෙන දේවල් එළියට ගන්නට වෙන්නේ දැඩි-බිඩියේ නොවේ; එක
එල්ලේමත් නොවේ. හීන්
සීරුවේය. කල්-වෙලා ගත කරමිනි; ඉවසිල්ලෙනි.
“නෑ, නෑ නිමල්
අයියේ.... පොඩි අක්කා ගෙදරින් ආවේම ඔයාට මේ සේරම කියන්ඩ බලාගෙන.... පොඩි අක්කෙ, කලබල
නැතිව හීන් සීරුවේ කියනවකො, නිමල් අයියට කතන්දරේ....”
“අම්මට සිරි! එකත් එහෙමද? එහෙනං ඉතිං ලේසි
කේස් එකක් නෙවෙයි වගේ!”
තාත්තා සුසිලා ඉහළම බැංකුවකය රස්සාව කළේ.
අම්මා සුසිලාට පවුලෙන් උරුම වුණු ඉඩකඩම් ගොඩකි. ඒ පවුල කිසිම අග-හිඟයක් තිබුණු
එකකුත් නොවේ. පතරංග ඉඩමක, ඒ කාලේ හැටියට
ඉදි කෙරුණු හොඳ නිවසකය සුසිල්ලා හිටියෙත්. තාත්තා සුසිලා දෙවෙනි දුවට මනාලයෙක්
හොයාගෙන තිබුණෙත් අර බැංකුවෙන්මය.
“එහෙනං මනුස්සයා නරක කෙනෙක් වෙන්න ඉඩක්
නැහැනෙ සුසිලා... වැඩ කරන්නෙත් තාත්තලා එක්කම නම්, තාත්තා එයාව නොදන්නවා වෙන්න
බැහැනෙ බං. ඒ මනුස්සයට හොඳ පඩියකුත් හම්බ වෙනවා ඇතිනෙ.... තමුසෙට හරි යන්නෙත් එහෙම
කෙනෙක්නෙ. නැද්ද සුසිල්, අක්කට වියදමට බැංකුවක් කඩන්නයි වෙන්නේ අක්කා හිඟන්නෙක්ව
බැඳ ගත්තොත්.... පරණ පිනක් සුසිලෝ උඹට කඩා වැටෙන්න යන්නේ....”
මගේ වාචිකාභිනය හින්දා සුසිලාට හිනාවක්
ආවේය.
අජිත් නේද ඔයාගේ හොඳම යාළුවා? (දකුණු කෙළවරේ- අජිත් මල්ලී) |
සුසිලා රතු ඇපල් ගෙඩියක් නොවේ; කහ පැපොල්
ගෙඩියකුත් නොවේ; කළු කෙල්ලෙකි. මගේ ඇස් පෙනීමේ හැටියට නං කියන්නට තරම් විශේෂ
ලස්සනක් නැතත්, අවලස්සන එකියකුත් නොවේ. ප්‍රසන්න පෙනුමකුත්, නිරන්තර හිනාවකුත්
සුසිලාව ලස්සන කළ විත්තියත් නොකියා බැරිය!
ඒ සේරටමත් වැඩියෙන් මට මතක සුසිලාගේ අරුංගල්ය. එයා දැම්මේ ජිප්සි වර්ගයේ
අරුංගල්ය... එල්ලෙන, ලොකු රවුම් කරාබු!!
“මේ සුසිලො! උඹ මටත් සුදුලූනු පොඩි
කරන්නැතිව ඔක්කොම කියන්න නේද ආවේ? ඉතිං, දැන් හරි මාව විශ්වාස නැහැයි කියලා
හිතෙනවා නං නොකිව්වට....”
“අනෙ-අනේ බං.... එහෙම අවිශ්වාසයක් නෙවෙයි....මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද
කියලා.... මට හිතෙන්නෙම ගෙදරින් පැනලා යන්න....”
“කාත් එක්කද?”
මං එහෙම ඇහුවේ හේතුවක් ඇතිව නොවේ. එහෙම
වුණත් එතකොට කෙල්ලගේ මුහුණ නම් එළිය වැටුණේය; ඇස්දෙක දිලිසෙන්නට ගත්තේය; නාඩි
බැලුවා නං, හදවත ගැහෙනා රිද්මයත් වැඩිවී තිබුණු බව කියන්නට තිබිණි.
“සුසිල්, තමුසෙ අක්කගෙ වලිගෙ වුණාට කමක් නෑ.
දැන් අපි දෙන්නා වැඩිහිටි කතාවක් කරන්නයි යන්නේ.... ඒවා අහන් ඉඳලා ඔයාටත් නරක
වෙන්න දෙන්න බෑ.... ගිහිල්ලා ඔයාගේ යාළුවො දෙන්නව හම්බ වෙනවකො...”
“දෙන්නෙක්? කවුද නිමල් අයියේ දෙන්නා?”
“ඇයි, අජිත් නේද ඔයාගේ හොඳම යාළුවා?”
මට පේන්නේ නම් උඹ මොකද්ද
කස්තිරමක් අල්ලන්න ලෑස්ති වෙනවා වගෙයි! |
“ඇයි අපේ ආච්චී!” මම කීවෙමි. සුසිල්-සුසිලා දෙන්නාම අපේ අජිත් මල්ලීටත්, ආච්චීටත්
හොඳටම එකතු බව ගෙදර හැමෝම දැනගෙන සිටි දෙයකි.
“අනෙ-අනේ, ඕන්න එහෙනං මං යනවා ආච්චිව බලලා එන්ඩ.”
මල්ලී එතැනින් ගියාට පස්සේ, මං සුසිලා
දිහාවට හැරුණෙමි. “ඉතිං කියපං බං... මට පේන්නේ නම් උඹ මොකද්ද කස්තිරමක් අල්ලන්න
ලෑස්ති වෙනවා වගෙයි!”
ආයෙත් අර ඇස් දිලිසිල්ල!
“එහෙම නෙවෙයි දිසානායක... අපේ තාත්ත කියනවා
දැන් මාත් කසාද බඳින්න ඕනිලු. මනමාලයෙකුත් හොයාගෙන.... තාත්තා වැඩ කරන තැනම...”
“ඉතිං මොකක්ද එකේ තියෙන වැරැද්ද? උඹ දසසිල් වෙන්න නෙවෙයිනේ ඉන්නේ... එහෙම හිතාගෙන
ඉන්නවා නං ආරාමයක් හොයමු!”
“උඹට ඉතිං විහිළු.... ඇත්තමයි, නිමල්. මට
අරූව පේන්න බෑ.... ජූතකයා....!”
“කවුද අරූ?”
සුසිලා අරූය කිව්වේ මනමාල බැචාටය. “එහෙනං උඹත් ඌව අඳුරනවා?” මම ඇසුවෙමි.
“දවසක් දෙකක් අපේ ගෙදර ඇවිත් තියෙනවා, අපේ තාත්තත් එක්ක. ඌ ඇවිත් තියෙන්නේ මාව
බලාගන්නයි කියලා කියලා දන්නවා නං, එදාමයි මම ඌව පන්නා ගන්නේ.” සුසිලා කියාගෙන
ගියාය.
“මිනිහා නාකියෙක්ද?’
“නෑ බං.”
“කැතයිද?”
“මට නං ලස්සන නෑ, දිසානායක.”
මං බාග ඇත්තක් කිව්වේ.... |
“මාත් ලස්සන නෑ තමයි බං.... ඒත් මටත් ගැළපෙන්නැත්තං?”
“මේ සුසිලො.... දැන් නං මට පේනවා උඹේ හිත
කොහෙද කියලා... කියපං, මම උඹට උදව් කරනවා! කවුද උඹ යාළු වෙලා ඉන්න කොල්ලා?”
සුසිලා ඇගේ පෙම් පලහිලව්ව ගැන මට කිව්වේ එතකොටය.
කොල්ලා ඒ අසලම තිබුණු ෆැක්ටරියක සේවය කරන්නෙකි. (මගේ මතකය හරි නම්, අම්මා සුසිලාගේ
කස්ටමර් කෙනෙකි. අම්මා සුසිලා ඒ ෆැක්ටරියේ කිහිප දෙනෙකුටම දිවා-රාත්‍රී කෑම
පාර්සල් කිහිපයක් දෙමින් සිටියාය.)
“හරි, දැන් කවුද ඕක දන්නෙ? තාත්තලා දන්නවද?”
“පිස්සුද බං?”
“උඹට ඌව විශ්වාසයිද?” ඒ මගේ ඊළඟ ප්‍රශ්නයයි. සුසිලාගේ උත්තරය කෙළින් එකකි.
“මට නං විශ්වාසයි....”
“ඔච්චර උඹලගෙ ගෙදරට ඇවිත් තියෙන එකේ මට
මිනිහව හම්බ වෙලා නැද්ද?”
“එයා හරිම ලජ්ජාකාරයා, නිමල්... කාටවත් මුහුණ දීලා කතා කරන්න ලජ්ජයි.... බයිසිකලේක
එන්නෙ..... කෑම එක ගත්ත ගමන් ඉගිල්ලෙනවා.... සුදුයි; උසයි. නළුවෙක් වගේ...”
මෘත දේහය රැගෙන කුරුවිටටත්
ගිහින්.... |
සුසිලා හිත හොඳ එකියකි. සල්ලිය බාගෙත්
යහමින් අතේ ගැවසෙයි.
ඊට අවුරුදු කිහිපයකට කලින් සුසිලලා මහරගම
පිළිකා රෝහලට දානයක් දෙන්නට ගිය විටෙක රෝගී තරුණයෙකු හඳුනා ගත්හ. මේ අක්කාත්,
මල්ලීත් අම්මට කියා කෑම උයවාගෙන, අඩුපාඩුත් අරගෙන නිතිපතාම වාගේ ඒ රෝගියා බලන්නට
ගියහ; මුදල්-හදල්වලින් පවා ආධාර කළහ. කුරුවිට පැත්තේ තරුණයෙකුවූ ඒ රෝගියා, රෝහලේදී
මිය ගිය විට (අතින් සියලු වියදම් කොට) මෘත දේහය රැගෙන කුරුවිටටත් ගිහින්, මළගමටත් සහභාගී වූහ!
හත් දොහේ පින්කමටත්....
ඒ හිත හොඳ දානපතිකම දැනගෙන හිටි කෙනෙකු, සුසිලාව ඉල්ලමක් කරගත්තාවත්ද?
“හරි සුසිලො, දැන් උඹ කොල්ලට කිව්වද
තාත්තලාගේ මංගල යෝජනාව ගැන....”
“ඒකනෙ බං. කිව්ව දවසේ ඉඳලා එයා තරහෙන් ඉන්නේ, මාත් එක්ක... එයාටත් හිතා ගන්න
බැරිලු කරන්න ඕනි දේ....”
“මොනවා කරන්නත් ඉස්සෙල්ලා මට ඒකව මුණ ගස්සන්න වෙනවා.... කියහං වෙලාවක ඇවිත් මාව මුණ
ගැහෙන්න.... එහෙම කරමුද?”
මේ කුමරුවන් දෙදෙනා සියලු
ශිල්ප ශාස්ත්‍රයෙහි නිපුන් ව.... |
මේ කුමරුවන් දෙදෙනා සියලු ශිල්ප ශාස්ත්‍රයෙහි නිපුන් ව සුදුසු කළ වයසට එලඹෙන්නේ ඔවුනගේ දෙමාපියන්ගේ බලවත් පෙරැත්තය නිසාම සරණ බන්ධනයන්ට ඇතුලත් වීමට සිතා තමන්ට සුදුසු රූප ශ්‍රීයෙන් අගතැන්පත් පංච කල්‍යාණියන් දෙදෙනෙකු සොයා දුන මැනවැයි එක්තරා ධූර්තයෙකුහට වස්තු දී ඉල්ලා සිටියෝය....
එකල කුමාරවරු නම් මෙකල ඩ්‍රැකී හා ලොකු මල්ලී වන මම ම වම්හ. එකල......’
එතකොට කෙලවෙන ගමේ කුමාරවරු දෙන්නගෙ ධූර්තයා නිමල්ද?
ReplyDeleteකට්ටකාඩුවේ ලොකු මල්ලී කියන විදිහට නං..... Pra Jay...
DeleteNiDi Illagena kanna wage yanne (wijebahu)
ReplyDeleteඔව්නේ විජේබාහු මහත්තයෝ. හිටි ගමන් මගෙන් එහෙම වැඩත් වෙනවා නේන්නං.... පැනලා බෙල්ල දෙන්නේ!
DeleteSusila kemathi Nidi ta, Nidi kemathia???
Deleteඑහෙම ලේසියෙන් කාට හරි කැමති වෙන්න තිබුණා නං, මම තවම තනියෙන් ඉන්න වේවිද මහත්තයෝ?
Deleteeelanga eka balagena innawa
ReplyDeleteස්තුතියි ඉයන් මහත්තයෝ, ඊළඟ කොටස මඟ!
Deleteතෙල සරුපය අන්තයේ වහරා පියා වදාළ උප කතාන්තරයේ අරමුණ වහා කියව, නිමල! නැතිනම් තා පරසක්වලෙන් ගෙන දෙකකුලේ ගසා පියා වදාරන්නම් වෙම්ද?
ReplyDeleteඔබතුමානෝ වනාහී මෙකල අමුතු ඇට කොදෙව්වෙහි වසන්නාවූ නායක-කාරකාදීන් මෙන්ම, වදාරණු ලබන්නාවූ දෙයම කරන්නේමය; කිසිවකුදු කිරීමට උකටලී නොවන්නාහුමය, එබැවින් මහත් බිය ඇත්තෙමි, මා පර සක්වල ගසනු නොමැනවි, උප කතාන්තරය වහා අකුරු කරන්නෙමි!
Deleteලොකු මල්ලියෙ මෙහෙට වරෝ
ReplyDeleteමේ කතාව කියෝපියෝ
අපි දෙන්නව හොල් සේල්
කොරලා ඇත බලාපියෝ
චීත්තවාහිනියක්මයි මේ බ්ලොග් එක දැන් දැන්
නෙවිල්ට දී විවේකයක්, සුසිලා එයි කැන්දන්
ඇසුරු කරපු උදවිය හට වෙන්න හොඳයි ඉක්මන්
තව තව වග වාසගමුත් එලියට එයි විගසින්
ලොකු මල්ලී, ඩ්රැකී වුණත්
Deleteබොරුද මං කියා ඇත්තේ?
සේරම වගතුග ඊළඟ කොටහෙදි
ලියවෙනු ඇත්තේ
මම ගෑවුණු- මටමත් වුණු
දේවල් නොලියා කොහොමද?
ඇසුරු කරන අය හොල්මන්
වෙයි කියලා නොලියන්නද?
නම ගම හා විලාසම
සැඟවිය යුතු තැන්ද දැන
රස මතුවන විලාසෙන
ලියමි, ඔහෙත් බලාගෙන!