දැන්වත් ඉඳියිනෙ එක තැනකට වෙලා, දාංගලේ
නැතිව.... |
අම්මා දුම් ගෙයි රාක්කය අත-පත ගාන බව
මාලතී දැනගත්තේ බෝතල් ගැටෙන හඬිනි. බෙහෙත් තෙල් කුප්පිය ලාම්පුවට අල්ලා බැලූ
සිසිලියානා සැනසුම් සුසුමක් හෙළුවාය.
“හොඳ වෙලාවට අඩියේ මණ්ඩි ටිකක් තියෙනවා.
මේකෙන්ම ඇරිල යයි මයෙ දුවේ. උඹ බය වෙන්න එපා.... කෝ.... ඔය කකුල මෙහාට දික් කරපං
මේ තෙල් ඩිංගිත්ත ගාන්න.....”
ඉදිමී තිබුණු කකුලේ තෙල් ආලේප කරද්දී
මාලතී ඉවසා සිටියේ අසීරුවෙනි. ඇයට නොදැනුවත්වම පිටවූ කෙඳිරිය සිසිලියානාව
ඇවිස්සුවකි. “දැන් ඉතිං විඳවපංකො දුවේ.... ඇයි බං පරිස්සමිං වට-පිට බලල එපාද අඩිය
තියන්න. දවස් ගාණක් යාවි හරියන්න. අපෙ මොකෝ.... එක අතකට මේකත් හොඳා.... දැන්වත්
ඉඳියිනෙ එක තැනකට වෙලා දාංගලේ නැතිව....”
සිසිලියානා බුලත් කොළයක තෙල් තවරා එය පහන්
දැල්ලට අල්ලා රත්කොට, එයින් මාලතීගේ කකුල තැව්වාය. “පස්සට අදින්න එපා බං.... ඕවා
කර ගන්න තරං ලේසි නෑනෙ විඳවන්න ගියාම....”
ඔය මදැයි අපෙ අම්මා කියෙව්වා. නැත්තං.... |
සිසිලියානා නිහඬවම නැඟිට දුම් ගෙට ගියාය.
“අර මනුස්සයා එන්ඩ ඉස්සර වෙලා මොනවා හරි
රත් කරලා ගන්ඩ එපාය.” සැමියා එනවිට අහර පිළියෙළ වී නොතිබුණොත් බැණ වැදීමට තවත්
නිමිත්තක් ඔහුට ලැබෙනු ඇත. පොල් ගෙඩියේ මුඩ්ඩ කඩා දැමූ ඇය කැති පහරක් දී එය දෙපළු
කළාය.
මාලතී කකුල අද්දමින් දුම් ගෙය දෙසට එමින්
සිටියාය.
“ඇයි බං ඔය ඇමැට්ටි කකුලත් අද්ද-අද්දා
මෙහෙ එන්නෙ. අදවත් එක තැනකට වෙලා ඉඳිංකො....”
“ඕං බලාපල්ලකෝ .... මං ආවෙ අපෙ අම්මට උදව්
වෙන්ඩ.”
“උඹෙ උදව්ව නැතිවට කමක් නෑ, මයෙ අම්මා. මට
පුළුවන් මොන-මොනවා හරි තම්බලා ගන්න ඉක්-ඉක්මනට. හා හා... යමං... මාව අල්ලාන යමං මයෙ දුවේ...
බලාගෙන...”
අමාරුවෙන් ඇවිදින දියණියව වත්තන් කරගත් ඈ
ගෙතුළට ගියාය; මාලතීව ඇඳ මතින් හිඳුවා, අඩවන් කර තිබණු ජනෙල් පියනද වසා දැමුවාය.
“තිරේ පිච්චිලා....” කුප්පි ලාම්පුවේ එළිය අඩු වී ඇති බව දුටු සිසිලියානා ඇඟිලි
තුඩු දෙකින් අල්ලා තිරයේ උඩ කොටස කඩා දැම්මාය. “... උඹට තේ කහට ටිකක් දෙන්ඩද
දුවේ?”
එහෙනං ඔහොම ඉඳිං.... මං යනවා දුංගෙට... |
“එහෙනං ඔහොම ඉඳිං.... මං යනවා දුංගෙට.”
කනප්පුව මත තබා ඇති කුප්පි ලාම්පුවේ දැල්ල
සුළඟින් නටයි. ඒ කහ පාට ආලෝකයෙන් තමාගේ සෙවණැල්ල බිත්තිය මත පතිත වී ඇති අයුරු
මාලතී දුටුවාය. අත ඔසොවා.... ඇඟිලි විදහා... හිස පසෙකට හරවා.... දිව දිගුකොට...
නොයෙක් ලෙසින් සෙවණැල්ලට ඔච්චම් කළ ඈ කොට්ටයට හිස තැබුවේ, ඒ සෙල්ලමෙන් විඩාවට පත්
වූ පසුවය.
ඒ මුහුණ.... රෝමයෙන් වැසීගත් සුදුවන්
දෙපා... මාලතීගේ සිත එදින සැඳෑව කරා ඇදී ගියේ වේගයෙනි.
******
කළ ගෙඩියට වතුර පුරවා ගැනීම සඳහා දියට
නැඹුරු වූ මාලතී ඇගේම ඡායාව දිය මත පතිතව තිබෙනු දැක්කාය. දිය රැලි සංසිඳී යන තුරු
ඈ නොසෙල්වී සිටිපියේම බලා සිටියේ ආසාවෙනි. ක්‍රමයෙන් පැහැදිලිව පෙනෙන්නට වූ ඡායාව
රූමත් එකකි. දවසක් පුරා මෙහෙකොට අවරගිරේ සැතපෙන්නට යමින් සිටි හිරුගේ රැස් ඇගේ
මුහුණ වඩාත් රත් පෑ ගන්වමින් තැවරී තිබිණි. නළලත නළියමින් තිබුණු කියුඹු ලතාවක්
අතින් සකස් කළ මාලතී තමාගේම පිළිබිඹුව හා සිනාසුණාය.
ඒ චිත්‍රපටයේ නිළිය තරම්ම නැතත් තමාත් රූමත් එකියක නොවේද? |
ගෙල නවා බැලූ ඇයට ඇගේම තුනු පියයුරු
පෙනිණි. විළිබර සිතින් වටපිට බලා කිසිවෙකු ළඟපාතක නැති බව සැක හැර දැනගත් ඈ
සැනසුණාය. “කවුරුවත් දැක්ක නං.....”
ගල්කුළ මත නැඟී සිටිමින් මේ සියලුම රඟ
සොබා දුර දක්නය තුළින් නරඹන ධනුෂ්කගේ තුරුණු දෙනෙත පිළිබඳ හාංකාවිසියක්වත් මාලතීට
දැනී තිබුණේ නැත.
“අද නං අපෙ අම්මා හොඳටම බනී පරක්කු වුණා
කියලා...” මව පිළිබඳව සිහියට නැඟුණු විට මාලතී කලබල වූවාය. දිය කළය ඉඟට තබාගත් ඇයට
නැවතත් අර නිළියගේ රුව මැවී පෙනිණි. තාලයට පුළුලුකුළ සොලවමින් මාලතී දිය දහර හරහා
පා නැඟුවාය. මත් වූ කෙවිලියකසේ ප්‍රමෝදයෙන් සිටි ඇයට දිය සෙවලින් ගහණ ගල් ගෙඩි
පිළිබඳව සිතුණේ නැත. පයක් ලිස්සා යද්දී එය සිහියට නැඟුණත් එවිට ප්‍රමාද වූවා
වැඩිය.
අතු රිකිල්ල බිඳුණු හඬින් හැරී බැලූ ඈ ධනුෂ්ක දුටු විට.... |
අසල පඳුරුවල ලැග හුන් බටිති කුරුල්ලෝ කළය
බිඳී ගිය හඬින් බියපත්ව කිචි-බිචි හඬ නඟා අහසට වන්හ. ඒ කිසිවක් ගැන හිතන්නට මාලතීට
ඉඩ නොලැබිණි. දකුණු පය ඇඹරී යාමෙනුත්, ගල් මත ඇද වැටීමෙනුත් ඈ කම්පනයටත් වේදනාවටත්
පත්ව සිටියාය.
ධනුෂ්කගේ පය ගැටුණු ගල් ගෙඩියක්
පෙරැළීමෙන් නැඟුණු හඬ ඇසී, හැරී බැලූ ඇය දුටුවේ මිලින්දගේ ඡායාවයි. තවත් කෙනෙකු ඒ
වන විටත් පහළ බැසීම අරඹා තිබුණු බව ඇය නොදත්තාය. කිහිප වරක්ම හැරී බලද්දීත්
මිලින්දගේ ඡායාව ගල මතම වූයෙන් ඔහු තමා නොදකින්නට ඇතැයි සිතූ ඈ කලබල වූයේ නැත.
අතු රිකිල්ල බිඳුණු හඬින් හැරී බැලූ ඈ
ධනුෂ්ක දුටු විට බිය ගත්තේ එබැවිනි.
“කමක් නෑ... අමාරුවෙන් හරි මං ආපහු ආවනේ,
එයාලා ළඟට එන්න ඉස්සෙල්ලා.... මදෑ නිළියො වගෙ වෙන්න ගියා. දැන් ඉතිං
විඳවපල්ලකො....” මාලතී කොට්ටයට මුහුණ ඔබා ගත්තාය. පියැවී තිබුණු නෙතු පිය අතරින් ඒ
තිබුණු බැල්ම ඕ නැවත-නැවතත් දුටුවාය.
ADIC ආයතනයේ විස්තර පත්‍රිකාවකට ගිය
නිදි.... |
පළමු සෝදුපත දෙන්නට කලින් එහි වැරදි නිවැරදි කරවන්නට මට
සිතුණි.
සුප්‍රසිද්ධ ‘ඉන්න පොඩ්ඩක් බලන්න’ හෙවත් ‘IPB’ මුද්‍රණාලයේදී,
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ‘සැළසුම’ පත්තරයේ වැඩවලදී proof බලලා, ලබාගෙන
තිබුණු පුරුද්දත් එතැනදී මට උදව් වුණේය.
එහෙම නිවැරදි කරලා දෙවෙනි හෝ තුන්වෙනි හෝ සෝදුපතය මං
උපුල්ට දුන්නේ.
කියන්නේ ආඩම්බරයෙනි; IPB සෝමේ මහත්තයාගෙන් ලැබුණු රෙකමදාරුවම උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයාගෙනුත් ලැබුණේය! “මේ තියෙන්නේ.... මට බලලා හදන්න දෙයක් නැතිවම....” උපුල් කිව්වේය. ඒ මදිවාට අමතර රාජකාරියකුත් පැවරුවේය. “කුමරි පත්තරේට කොටස් වශයෙන් ලියද්දී කලබලේටනේ නිමල් මේවා ලිව්වේ... ටියුෂනුත් කරන අතරෙ... ව්‍යාකරණ වැරදි වුණත් තිබ්බොත් හදවන්න.... සිංහල පන්ති කරන සර් කෙනෙක් විදිහට මගේ සිංහලවලත් වැරදි තිබ්බොත් හරි නැහැනෙ....”
ඒ අතරේමය අර පොතක් ලියන කල්පනාව ආයෙමත්... |
ආයෙමත් කිව්වේ, ඊට කලිනුත් ලියා තිබුණු බැවිනි. ඉස්කෝලේ යන කාලේ ‘වාසනාව’ නමින් නවකතාවක් ලියූ බව මීට කලින් කියුවෙමි. ඒ සිසිර විජේසිංහත් මාත් තරගෙට වගේ චිත්‍රකතා - නවකතා හෙම ලියමින් උන් අවදියෙයි. මං දෙවෙනියට නවකතාවක් ලිව්වේ බතික් කරන කාලයේය. ඒකෙ නමවත් මතක නැතිය.... ප්‍රධාන චරිතය නම් ගණිකාවක බව හොඳටම මතකය. (අමු කුපාඩි කතන්දරයක්!)
“බට්ටො, මතකද ඔයා ඉස්කෝලේදී හදපු පත්තරේ?” අවුරුදු
ගණනාවකට කලින් රංජන් මහරගම සුපර් මාර්කට් එකේදී හමු වුණාම මගෙන් ඇහුවේය. රංජන්
විද්‍යාකර විද්‍යාලයයෙදී මගේ පන්ති සගයෙකි.
“මතකයි නේන්නං. සොම්නස!” මම කීවෙමි.
“දන්නවද බට්ටො? මගෙ ළඟ තවම තියෙනවා එයින් පත්තර දෙක
තුනක්.... අපි අතින් ලියපුවා- ඔයාම ආයෙමත් ලස්සන අකුරෙන් ලියලා අරගෙන එව්වා කපලා,
Brown Paper කඩදාසියක අලවල... ඔයා හැදුව පත්තරේ...” දැන් රංජන් හමු වෙනවා නම්....
‘සොම්නස’ foto එකක්වත් ගන්නට....
මම පර්යේෂණයක් කරනවා, ප්‍රසූත වේදනාව කොයි වගේද කියල... |
අපේ තාත්තාගේ අභාවය ගැන පණිවිඩය සිරීපාදේ උඩට ගෙන ගිහින්
තිබුණේ එයාය....
කළු අක්කාවත්, මාවත් කැන්ටින් කෙරුවාවට ඇදලා දැම්මෙත් ඒ හාදයාමය!
ඉතිං ආයෙමත් ලියන්නට ඕනි කියලා හිතුණත්, පටන් ගත්තත් වැඩේ කෙරුණේ නැතිය....
“ඩොක්ටර්, මම පර්යේෂණයක් කරනවා, ප්‍රසූත වේදනාව කොයි
වගේද කියල...”
දවසක් දොස්තර මහත්තයෙක්ව හම්බ වෙන්න ආව විද්වත්
මනුස්සයෙක් කිව්වා. “ඒක හරියටම දැනෙන්න නම් ඔහේ ගෑනියෙක් වෙන්න එපැයි!” දොස්තරත්
උත්තර දුන්නා. “ඒත්.....” එයා ඒ එක්කම කල්පනාවකට වැටුණා!
“... හරියටම නෙවෙයි... යම් තරමකට විතරක් ඒ කැක්කුම මොන
වගේද කියලා තේරුම් ගන්න ක්‍රමයක්...”
“මැරුණත් කමක් නෑ, කරමු...” විද්වතා කැමති වුණා.
අර විද්වතාගේ අධෝ මුඛයට මැහුම් කිහිපයක් දාලා වහලා දැම්මා... මෙයාලටත් එහෙම කරන්න.... |
ටික වෙලාවයි ගියේ... විද්වතාගේ බඩ කුරු-කුරු ගානවා;
පෙරළෙනවා; පට්ට කැක්කුමක් දැනෙන්න ගත්තා...
ආන්න ඒ වගේ කැක්කුමක් මටත් දැනෙන්න අරන් තිබුණේ 1996
මුල. බඩේ නෙවෙයි හිතේ... හිතේ!
රහසක්; ලොකුම රහසක් හිතේ හිර කරගෙන ඉන්න ගියාම කොහොමද?
කාටවත්ම නොකියා. මගෙ අම්මෝ... තිබ්බ අවුල! ඔන්න ඒ වේදනාව එළියට දාන්න මට හම්බ වුණු
‘විසඳුම’ තමයි ‘යුවති කිරිල්ලී’. ඒ නොඉවසිල්ල; ඒ දැවිල්ල හින්දාමයි, දවස් 21න් පොත
ලියලා අහවර කරන්න ලැබුණෙත්.
2
“දැන් මිලින්ද පුතා හෙට උදේම කොළඹ යනව
ආයෙ?”
දන්තුරේ බණ්ඩාර කුමාරිහාමි මිලින්දගෙන්
ඇසුවේ ඔහුගේ පිඟානට බත් හැන්දක් බෙදමිනි. මිලින්ද එක වරම පිළිතුරු දුන්නේ නැත.
සෙමින් හිස එසවූ ඔහුගේ නෙත් යොමු වූයේ ඉදිරිපසින්ම වාඩි වී සිටි ධනුෂ්ක දෙසටය.
මේ කෑම මේසය මාපිටිගම වලව්වේදී පාතරාසය ගනිද්දීය..(foto- මිෂාන් රන්දික) |
“අපෙ අම්මට උඹව එලෝගන්ඩ ඕන වෙලා වගෙ.”
“චී පුතා....!” කුමාරිහාමි ධනුෂ්කගේ කතාවට
අමනාපය පෑවාය.
“ආය මිලින්ද පුතා ඔව්ව ඇත්තට ගනී!”
කුමාරිහාමිට නොපෙනෙන සේ මිලින්ද ඇසක් වසා
ඉඟි කළේය. ධනුෂ්ක මඳ සිනා පෑවේ මවට රහසිනි. උණු-උණුවේ බදින ලද පපඩම් බඳුන රැගෙන
පැමිණි සිළිඳු මැණිකාට දෙමිතුරන්ගේ ඉඟි-බිඟි රහසක් වූයේ නැත.
“බලාපං සිළිඳු මැණිකා, මේ පුංචි අප්පෝ
කියන කතා. මං මිලින්ද පුතාව එලෝගන්න හදනවලු....”
“වලව්වෙ හාමුදුරුවන්ව කේන්ති කරවන්නනෙ ඔය.
ධනුෂ්ක අප්පො ඕවා ඇත්තටම කියන ඒවා නෙවෙයි කියලා මිලින්ද මහත්තයත් හොඳටෝම
දන්නවා...” සිළිඳු මැණිකා සිනාසෙමින් කීවේ යටහත් බවද පළ කරමිනි.
අපිට මේ තියෙන එව්ව ඇති නොවැ පරම්පරා හතකට
වුණත්... (මාපිටිගම වලව්වේ ආලින්දය- foto- මිෂාන් රන්දික) |
“මේකගෙ හැටි මං දන්නව නැන්දා. ධනුෂ්කම තමා
මට යන්න නොදෙන්නෙත්... තව දවස් දෙක-තුනක්ම ඉඳල යන්නලු.” මිලින්ද මාළු කැබැල්ලක්
බෙදා ගත්තේය. “අපිට බෙදා ගත්තැකි නැන්දා.... බලමු, අද සිළිඳු මැණිකගෙ කොළ සම්බෝලේ
කොහොමද කියලා... මට වෙනින් මොනවා තිබුණත් මේක විතර අල්ලන්නෙ නෑ!”
සිළිඳු මැණිකා පෑවේ තෘප්තිමත් සිනහවකි.
“අද අපූරු මුකුණුවැන්න දලු ටිකක් තිබුණා.
මං මැල්ලුම් නොහදා සම්බෝලෙ හැදුවෙත් මිලින්ද මහත්තයා කැමති නිසාමයි.”
“එළුවෝ ඉතිං අමු කොළ ජාති කන්න කැමතියිනේ
කොහොමත්....” ධනුෂ්ක රඟමින් කීවේය. මිලින්දත් පසුබට වූයේ නැත.
ලංකාවේ හුඟක් ගෑනු මැල්ලුම් හදන්නේ කොළ ටික හොඳටම තම්බලා- තම්බලා... |
“මැල්ලුම් හදපුවම හොඳ නැද්ද මිලින්ද
මහත්තයා?” ඒ සිළිඳු මැණිකාය.
“නෑ සිළිඳු මැණිකා, ලංකාවේ හුඟක් ගෑනු
මැල්ලුම් හදන්නේ කොළ ටික හොඳටම තම්බලා- තම්බලා ඉවර වෙලානේ. එතකොට ඉතිං ඒකෙ හොඳ
හරිය ගොඩක් විනාශ වෙලා ඉවරයි. මැල්ලුම් හදනවා නං යන්තමට මලවලා අරගන්නයි ඕනේ. හරිම
විදිහට නං එහෙම අරන් නිවුණට පස්සේ දෙහි බිංදු තුන- හතරක් මිරිකලා කලවම් කරන්න
ඕනිලු!”
“ඒ මොකද පුතා?” කුමාරිහාමිත් මිලින්දගේ
කතාවට කන් දීගෙන සිටියේ උනන්දුවෙනි.
“පලා ජාතිවල යකඩ තියෙනවා. ඒවා ඇඟට උරා
ගන්න ලේසි වෙන්නේ විටමින් සී තියෙන කෑමක් එක්ක කෑවාම. දෙහිවල විටමින් සී තියෙනවා නැන්දා.”
දෙහිවල කොහෙන්ද මිනිහෝ විටමින් සී? දෙහිවල තියෙන්නේ සූ එකනෙ.... |
“කෑම ටික සීතල වෙනවා ළමයිනේ...”
කුමාරිහාමි ඔවුන් කෑම කන අතරේ අඩුපාඩු බලන්නට වූවාය. “අපි විතරක් ඉන්දැද්දී මේ
වාගේ නෑනෙ මයෙ පුතා. හරී පාළුයි... එරන්දතී දූත් නැහැ... පුතත් නැහැ. වලව්ව තිබුණේ
පාළු අම්බලමක් වගේ, කවුරුවත් නැතිව.” ඇගේ ස්වරය ශෝකාකූල එකකි.
“කොහෙද සිළිඳු මැණිකා උඹල ගිහිල්ල හිටියේ?
රාමනුයි, සමරසිරියි, උඹයි තුන් දෙනාම එක පාරම කොහෙද ගියේ අපෙ අම්මව විතරක් වලව්වෙ
දාලා... බොහොම වැරදී.... බොහොම වැරදී...” ධනුෂ්ක මවා ගත් ගම්භීර ලීලාවකින් කීවේය.
“අප්පච්චිටවත් ඉන්ඩනෙ තිබුණේ!”
මවගේ කණගාටුව ඔහුට වැටහේ. ලෝක ස්වභාවය
මෙයයි. ඔවුනුත් එයට මුහුණ දිය යුතුය. එරන්දි අක්කා දමින්ද හා විවාහ වීමෙන් පසුව
සැමියාගේ නිවසේ පදිංචියට ගියේ එය කළ යුතු දෙයක් වූ බැවිනි. දන්තුරේ වලව්වේ පදිංචි
වී දිනපතාම රැකියාව සඳහා කොළඹට යාම කළ නොහැක්කක් නොවුණද අසීරු එකකි. සමාජශීලී
ජීවිතයකට ප්‍රිය කරන්නෙකුට දන්තුරේ වලව්වේම නැවතී සිටීම සිරගත දිවියක් ලෙස දැනෙන
බව නිසැකය. ඒවා අම්මාට කෙසේ පහදා දිය යුතුදැයි ඔහු නොදත්තේය.
මාලතී වැතිරීගෙනම පිල දෙසින් එන හඬට කන් දුන්නාය. |
“තව ටික දවසක් ගියාම අපෙ අම්මා මාව
වලව්වෙන් යවලා මිලින්දව මෙහෙ නවත්තා ගනී. අනේ සාදු! අනේ සාදු!!” ධනුෂ්ක රඟමින්
කියා මව දෙස යටැසින් බැලුවේය. කුමාරිහාමි පුතු දෙසට හෙළුවේ ප්‍රියජනක බැල්මක්
නොවේ.
******
මාලතී ඇඳේම වැතිරී සිටියාය. පෙර ගහේ අතු
අතර එහෙ-මෙහෙ දුවන ලේනුන් නඟන හඬ ඇයට ඇසේ. අතරින් පතර නැඟෙන කුරුලු කූජනයද හිරු
උදා වී ඇති බවට සාක්ෂියකි. එහෙත් දැනෙන අප්‍රාණික බව නිසාම ඇය ඇඳෙන් බැස්සේ නැත.
“මං ඉතිං ඔයාටත් පාන්දරම කීද්දුවෙ නැහැ.
ලොරිය ගැරේජ් එකේ නං ඉතිං පාන්දරින් ගියාය කියලා වැඩක් ඇත?”
බිරිඳගේ අතින් වතුර ජෝගුව ගත් විල්මට්ට
අඩුවක් දැනෙයි. වෙනදා නම් වතුර ජෝගුවත්, කිරි වීදුරුවත් ඔහු වෙතට ගෙනෙන්නේ මාලතීය.
පිටතට නොපෙන්නුවත් ඔහු දියණියට බෙහෙවින් ඇළුම් කරන්නෙකි. “කෙල්ල කෝ?”
මාලතී වැතිරීගෙනම පිල දෙසින් එන හඬට කන්
දුන්නාය.
“තාම නිඳි... උණත් වගේ. කකුල ඇමැට්ටි
වෙච්චි එකේ වේදනාවයි, වැටිච්චි එකේ රිදිල්ලයි දෙකම තියෙන නිසා වෙන්ඩැති.... නැත්තං
ඒකි මෙලාකටත් ඇහැරිලා.... මං ඒත් වෙනිවැල් ගැට ටිකකුත් ළිප තීවා...”
ඒ කාලේ මටත් ඉතිං පිස්සු හැදුණේ ඕවට
තමා... |
විල්මට් බිරිඳගේ දෙස වුවමනාවෙන් බැලුවේය.
ඇගේ රූමත් බව තවම වියැකී නැත. සැමියාගේ බැල්ම සිසිලියානාද දැක්කාය.
“හෙමිං හෙමිං... කෙල්ලට ඇහැරෙයි!”
“කිව්වට ඇස්වහක් නෑ. ඒකිටත් තියෙන්නෙ ඒ
කාලේ උඹට තිබිච්ච ඔමරියයි, හිනාවයි, ගැස්සිල්ලයිම තමා...”
“මේ මනුස්සයට පිස්සුද මංදා....”
සිසිලියානාගේ කටහඬ ප්‍රාණවත්ය. එහි ගැබ්වී තිබෙන්නේ සතුටකි. අතීතය සිහිපත් වීමෙන්
ඇගේ දෑසේ දීප්තිමත් බවද වැඩි වී තිබිණි.
“ඒ කාලේ මටත් ඉතිං පිස්සු හැදුණේ ඕවට
තමා...”
“මොකද ඒකෙන් නරකක් වුණ එකක්ය?”
ලොකාට කියන්ඩ අපේ යාලුවෙක් හිටිය ඌත් ලිව්වෙම 'වැල'පත්තර...උගෙ කතාවල ප්‍රධාන චරිතෙ හූනෙක්!!!
ReplyDeleteසිංහල සර්ටත් සිංහල බැරිද?
Deleteලොකු මල්ලි, හූනෙක් ගෙ කතාවක් ගියා සීදේවි පත්තරේ... ඒ ගැන ද කියන්නෙ?
Deleteකොච්චර උගතෙකුට වුණත් යම් යම් දේවල් මඟ හැරෙන්නට- වරදින්නට ඉඩ තියෙනවනෙ අසංග.
Delete"පුක මහල බඩ යන්ඩ බේත් දෙනව" කියල ගැමි කතාවක් තියෙනව. ඒකෙ සම්භවය වෙන්ඩැති අර උඩ කියල තියෙන්නෙ?
ReplyDeleteඒ කතාවෙන් වෙන්ඩ ඇති ඩ්රැකී මේ කතාව දියුණු වෙලා ඇවිත් තියෙන්නේ.
Delete“මං දෙවෙනියට නවකතාවක් ලිව්වේ බතික් කරන කාලයේය. ඒකෙ නමවත් මතක නැතිය.... ප්‍රධාන චරිතය නම් ගණිකාවක බව හොඳටම මතකය. (අමු කුපාඩි කතන්දරයක්!)” - අදකාලෙ කට්ටියගෙ ටේස්ට් එක බැලුවම මේ නවකතාව තිබ්බනම් නැගලයනවා ෂුවර්. ටෙලියකට හරි ෆිල්ම් එකකට හරි ගන්නත් ඉඩ තියෙනවා.
ReplyDeleteඑහෙම වෙන්නත් ඇහැකි තමා.
Deleteඒත් දැන් දැන් හොඳ පොත්වලිනුත් ටෙලි හැදෙනවානේ. මේ දිනවල මම බලන ගරුඬ මුහුර්තයත් මට නම් හොඳයි!
ඔයා ඒක දැක්කේ නැතිද චමී?
දැක්ක තියා ඇහුවෙත් දැනුයි. ඔයා කියපු නිසා තණමල්විල කොල්ලෙක් බැලුවා. අල්ලලා ගියා. දැන් ඉතින් මේකත් බලන්න තමයි වෙන්නේ.බලලා කියන්නම්.
Deleteමේක මටත් ප්‍රශංසාවක් චමී. ස්තුතියි!
Deleteඅර වලව ෆොටෝ එක වම් පැත්තේ ඉන්නේ පරාජේ ද?
ReplyDeleteනිදි , ගමේ මිනිස්සු කතා කරන විලාසයට ලියල තියනවා. ඒක හොඳයි
කොහොමද අජිත් මහත්තයෝ හඳුනා ගත්තේ? සිරස සරසන කෙසින්ද?
Deleteබදුල්ලේ කතාබහ තමයි වැඩි හරියක්....