li Item

Sunday, March 20, 2022

මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස

මම හිතන්නේ උන්නැහේට මොළ හතක් නං තියෙන්ඩ නැතිව ඇති!

ඉස්සර දවසක් කළා වගේ ඇහේ ගින්දරෙන් තුවක්කු කණට ගිනි අවුළුවනවද කියලත් කල්පනා කෙරුව.

ඒක ඒ තරං ඇඟට ගුණ ඇති වැඩක් නෙවෙයි. එදා ඒ ගත්තු ගින්දර ගැනිල්ලෙන් ඇහේ හැදිච්ච වේදනාව් තවමත් තියෙනව. වෙන ගැලවිජ්ජාවක් නෑ. බිම හිම ගොඩේ හිටවිල තියෙන පිහිය තමයි එකම ගැලවුම්කාරය. ඒක ගන්න ගුරුකමකුයි දැන් ඕනෑ. එහෙමයි පහුගිය කොටස ඉවර වුණේ. මේ ඊළඟට...

ටික වෙලාවකින් මට හොඳ අදහසක් පහළ උණා. වාසනාවටම පහළ වෙච්ච අදහසක්.

දඩයක්කාරයින්ටත් දර්සනවාදියන්ට වගේම වෙලාවට ඇදල ගන්න මොකාක්ම හරි ගුණ්ඩුවක් අත ළඟම තියෙනවා. මම දඩයමේ යනකොට ගෙනියන මෙවලම් මල්ල ආයුද ගබඩාවක්. අතුරු ආන්තරාවක් වෙච්චි තැනදී ඇදල ගන්න මොකක් හරි බේතක් ඒක ඇතුළේ වරදින්නෙ නෑ.

කඩිමුඩියේ මෙවලම් මල්ල අවුස්සල බැලින්නං නූල් බෝලෙකුයි, යකඩ කොක්කකුයි, ඉටි පුරවාපු පෙට්ටියකුයි අහු උණා. ඉටි ටික හීතලට හොඳටම හයි වෙලා. මම පපුවට තියා ගත්ත ටිකක් උණු වෙනකං. යකඩ කොක්ක නූලෙන් ගැට ගැහැව්ව. කොක්කේ ගෑව අර ඉටි පදාසයක්ම. ගාපු සැණෙන්ම කොක්ක බිමට බෑව. පදමට ඉටි ගාල තිබ්බ කොක්කේ ඇලුණ පිහියේ මිට.

කොහොමද මැංචෝසන් සාමිතුමාගේ ටිකිරි මොළේ?
මම හිතන්නේ උන්නැහේට මොළ හතක් නං තියෙන්ඩ නැතිව ඇති. සාමාන්නිය මිනිස්සු නං කෙනෙකුගේ අතක-පයක ඇඟිල්ලක් වුණත් වැඩියෙන් තියෙනවා නං, ඒ දිහා බලන්නේ නුහුරට නෙව. මොළ හතක් තියෙන කෙනෙකුගේ ඔළුව ලොකු වෙන්ඩත් එපැයි, එව්වා දරා ගන්ඩ....

මේ ලියන ගොබ්බ මට නං වැදගත් තියෙන අවයව ගණනාව නෙවෙයි, එව්වයෙන් හරියට වැඩ ගන්නවද කියන එකයි!

පරාණ බයටම මම අත ටික ටික ඇතුළට තල්ලු කළා. දැන් උරහිස්සට යනකං අත ඇතුළේ හිර වෙලා...

‘හරියට වැඩ ගන්නවා’ කියලා මං වහන්සේ අදහස් කළේ ‘තමුන්ගේ බඩ වඩා ගැනිල්ල’ ගැන නම් නෙවෙයි, හොඳේ. රටේ, ජනතාවගේ, මනුස්ස සංහතියේ යහපතට කටයුතු කරන එකයි!

බලමුකෝ එහෙනං, මැංචෝසන් සාමි තනි මොළෙන් ගහන ගේම කොහොමද කියලා!

ආයිත් හීතල හුළං වැදිල ඉටි ටික හයි උණහම, බදාමයක් ගැහුවා වගේ කොක්ක පිහි මිටට හාවෙලා. සීරුමාරුවෙන් පිහිය ඉහළට ඇද ගත්තා. ඒක අතට අරං ගිනිගල හයි කරන අව්වස්සේ වලස් හාමි ගහට නඟින්නත් පටන් අරං. ඌ පරක්කු උණා වැඩියි. ආයිත් ගස් නඟින්න හිතන්නෙවත් නැතිවෙන විදිහට මම උන්දැට සැලකුවා.

පස්සේ දවසක වෙච්ච වැඩේ ඊට හපන්. කැලේදී හිටි අඩියෙම වුර්කයෙක් පැන්න මගේ ඇඟට. අරහෙට මෙහෙට පැනල මඟ අරින්න තියා හැරෙන්නවත් බෑ ඇඟටමයි පැන්නෙ. දෙයියන් සිහි කර ගන්නවත් වෙලාවක් නෑ!

ඉබේටම මගේ අත දැමුණ වුර්කයාගේ කටට.
පරාණ බයටම මම අත ටික ටික ඇතුළට තල්ලු කළා. දැන් උරහිස්සට යනකං අත ඇතුළේ හිර වෙලා. මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද?
මේ ඉන්න ඉඳිල්ල නං මට කොහොමත් රුස්සන්නෙ නෑ. වුර්කයගෙ මූණට මූණ ළං කරගෙන. අපි දෙන්නට දෙන්නා බලන බැල්මත් ඒ තරම් සුබ එකක් නෙවෙයි.

අත එළියට ඇද්දොත් වුර්කය කලින් වතාවටත් වැඩිය ලස්සනට මං පිට පනිනවාමයි. උගෙ ඇස් දෙකින්ම පේන්නෙ නැතෑ ඒක. මම සිටිස් කියල අල්ල ගත්තා උගේ වල්ගෙන්, ඇද්දා අත ආපිට. වුර්කය කණපිට හැරුණ. නිකං මේස් එකක් වගේ. කුණ පැත්තකට වීසි කරලා මම යන්න ගිය ගමන ගියා.

කොයි ජාතියේ කෙරුම්කාරයෙක් උණත් දෙය්යන්ගේ පිහිටයි කියල පාරෙ බුදිය ගත්තොත් කපෝතියි.

මං පස්සෙන් එලවපු පිස්සු බල්ලා එක්කත් මේ සෙල්ලමටම ගියා නං වරදිනව. මේක උණේ සැන්ට් පීටර්ස්බර්ග් නුවර මුඩුක්කුවකදී.

දෙන්න එක්ක දුවල බලමුයි කියලා ඇඳන් හිටපු ලොම් කබායත් පාරේම දාල, මම අඩියෙන් දෙකෙන් ගෙදෙට්ට පැන ගත්ත, කබාය ගේන්න වැඩකාරයව ඇරියා. කොල්ලත් ඒක ගෙනත් අනිත් රෙදි එක්ක අල්මාරියේ දා තිබ්බ. පහුවෙන්ද කොල්ල බෙරිහන් දෙනකොට මාව උඩ ගියා.

“අනේ දෙයියනේ! මහත්තයගෙ කබායට පිස්සු වැහිලා.” කියල මූ කෑ ගහන්නෙ. දුවල ගිහින් බලනකොට මගෙ ඇඳුම් ඔක්කොම එහාට මෙහාට ඉහිරවලා- පටිවලට ඉරල දාල.
කබායට පිස්සුයි කියලා කොල්ල කියපු එක ඇත්තනෙ. මගෙ ඇස් පනාපිටම මේ කබාය අල්මාරියේ තිබිච්ච හොඳම ඇඳුම් කට්ටලේ උඩට පැනල ඒක එහෙ මෙහෙ වීසි කරලා තවත් පෙරළියක්.

පස්වෙනි පිම්ම
දඩ බල්ලන්ගේ අගය

එන එන අතකට ගහ උළු අස්සා කිව්වනෙ. එහෙම මොළේ පාවිච්චි කරලා, අතේ වීරියෙන් තමා ඔය හැම තැනදීම අනූ නමයෙන් බේරුණේ. ඕවගේ මයිල් කෙලින් හිටින සිද්දිවලින් තමයි දඩයක්කාරයන්ගේ, නැව්කාරයන්ගේ, සොල්දාදුවන්ගේ ජීවිතේ අහුපෑවත හිටින්නේ.
මේ කොයි ජාතියේ කෙරුම්කාරයෙක් උණත් දෙය්යන්ගේ පිහිටයි කියල පාරෙ බුදිය ගත්තොත් කපෝතියි. තමන්ගෙ සාස්තරේ තියෙන හොඳ හොඳ කෑලි ගැන හොයන්නේ නැතුව, වෙලාවට ඕනෑ හොඳම ආම්පන්න ගැන කල්පනා නොකර යනවා නං ඊට වැඩිය තකතීරුකමක් නෑ.

රාත්තිරියට මං මේ බැල්ලිගෙ වලිගෙ ලන්තෑරුමක් ගැට ගහනව. දෙන්න එක්ක ඔහෙ යන එකයි රස්සාවට.

ඔය දෙපැත්තෙන්ම කාටවත් බෑ මට දොසක් කියන්න.

හැම වෙලාවකම මට අහු උණ අස්සයො, බල්ලො, තුවක්කු ඔක්කොම ගහේ බඩු!

සත්තු නැත්තං ආයුද ආම්බං කරන්නත් ආයිත් මට උගන්නන්න දෙයක් නෑ. වනාන්තරෙයි, සෙල්ලම් පිට්ටැන්නෙයි දෙකේම නම පවතින විදියටයි මම වැඩ කරල තියෙන්නෙ. මගෙ ඉස්තාල ගැනවත්, බලු රෑන ගැනවත් පුරසාරමකට මෙතැන්දි වෙලා නෑ. මගෙ පණ වගේ හැම තැනම මට උදව් කරපු බල්ලො දෙන්න ගැන නං නොකියම බෑ. එකෙක් දඩයමට කියාපු සතා. හොඳ තේරුමක් ඇති කල්පනාකාර බැල්ලි. මාන්සි වෙනවයි කියල එකක් ඒකිට නෑ; රෑ දාවල් කියල වෙනසක් නෑ; ඕනැ වෙලාවක මාත් එක්ක දඩයමට යන්න ඔට්ටුයි.

රාත්තිරියට මං මේ බැල්ලිගෙ වලිගෙ ලන්තෑරුමක් ගැට ගහනව. දෙන්න එක්ක ඔහෙ යන එකයි රස්සාවට. දවාලටත් වැඩිය සිකුරුයි!

හත්වලාමේ, අපි මක්කටෙයි ‘ලයිට් කපනවා’ කිය-කියා හූල්ලන්නේ. මේ තියෙන්නේ සුපිරි අයිඩියා එකක්. ලටිට් නැත්තං පත්තු කර ගන්නවා ලන්තෑරුමක්. එල්ලනවා බල්ලගෙ වලිගෙ.
මක්කිව්වා? අපට කොයින්ද ඉතිං බූල් බල්ලො?
ඒකත් හරි නේන්නං... හැබැයි මට නං ඔව්වා ප්‍රශ්න නෙවෙයි හලෝ. ලන්තෑරුම ගහ ගන්නවා xකේ. එතකොට පම්පෝරි ගහන්නත් පුළුවනි ‘අපෙන් විතරයි - ලකෙන් පුයිට්’ කියලා!

අනේ හැබෑටම ඔහෙලා දන්නවා නං මේ දවස්වල post එකක් කොටා ගන්න මං විඳින දුකක්! දැන් පාන්දර 3.27යි. දවල් දවසේ පැය ගණන් කරන්ට් කපනවනේ. මේ ජාම වෙලාවට තමයි, ඔන්න කොම්පියුටරෙන් වැඩක් කර ගන්න ඇහැකි, බාධා නොවී.

අනෙක internet. හුඟක් දවල් වෙලාවලට අන්තර්ජාලයෙ වේගය අඩුයි. මහ රෑට ඒ ගතියත් නෑනෙ.

ඉතිං හුඟ දවස්වල රෑ දෙක-තුන වෙද්දී මං ඇහැරිලා. තව වැඩකුත් නිසා විසේසෙන්.
ගිය ඔක්තෝබරයේ අපේ ගෙදරටත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් වතුර ගන්න වුණා.
අපේ ගෙදර  තියෙන්නේ ජය භූමියක කියලා මෙච්චර කල් මං වහන්සේ හිටියේ හරිම උජාරුවෙන්. මොකද දන්නවද? උසක තියෙන තැනක් නිසා.
ජල සැපයුම දුන්නු දවසේ හිට තමයි ‘ජය භූමියේ රඟ’ තේරෙන්න ගත්තේ. දවල් දවසේ වතුර එන්නේ නෑ. Pressure එක මදි...

මගෙ කණට ඇහිච්ච අඳෝනාව පපුවක් ඇති කෙනෙකුට අහගෙන ඉන්න බෑ!

මාත් මැංචෝසන් සාමි වගේ මනුස්සයා. ප්‍රායෝගික විසඳුමක් හොයා ගත්තා. රෑ ජාමෙට නැඟිටලා වතුර කරාමය අරිනවා!

ආන්න එහෙමයි මං එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙකුවම මරා ගන්නේ; ආන්න එහෙමයි මං ජල ප්‍රශ්නෙයි, ජාල ප්‍රශ්නෙයි දෙකම විසඳගන්නේ.

‘අදට ඔය මදැයි නිදි, අතුරු කතා කිව්වා. පොතට යං නේද’ හිත කියනවා. හොඳමයි! මේං ගියා රතු පාටට!!   

මම බැඳපු අලුත අපෙ හාමිනේටත් ඕනැ උණා අපි කාණ්ඩේත් එක්ක දඩයමේ යන්න. සත්තු මොක්කුවත් බලා ගන්න කියල මම ටිකක් කාණ්ඩෙන් ඉස්සර වෙලා ගියා. වැඩි දුරක් යන්න උණේ නෑ.
මගෙ බැල්ලි; ඩයනා හොයා ගත්ත, කොබෙය්යෝ සීයකටත් වැඩි රෑනක්.

මගෙ දෙවෙනියයි, වැඩකාරයෙකුයි එක්ක ආපු හාමිනේ කිට්ටුවට එනකං වෙඩි තැබිල්ල ටිකක් පහු දැම්ම. බලා හිටිය, හිටිය කවුරුවත් එන පාටක් නෑ. මොකක් හරි වැරදිල්ලක් තමයි කියල, මාත් ගිය පාරේම ආපිට ආවා. බාගයක් දුර එනකොට මගෙ කණට ඇහිච්ච අඳෝනාව පපුවක් ඇති කෙනෙකුට අහගෙන ඉන්න බෑ. ඇහෙන්නෙ නං මේ අත ළඟ. ඒත් මනුස්ස පුළුටක්වත් පේන්න නෑ.

අස්සය පිටින් බැහැල පොළොවට කණ තියල බැලුව. ළතෝනිය ඇහෙන්නෙ පොළොව යටින්. අපෙ එක්කෙනාගෙයි, අනිත් දෙන්නගෙයි කටහඬ මම ඇඳින්න. කලකට උඩදී මම ගල් අඟුරු පතලක දෝනාවක් හෑරුවේ මේ ඉසව්වේ බව මතක් උණා. අනේ අනිච්චං! මං කපාපු වළේ නොවැ අපෙ හාමිනේ වැටිල තියෙන්නෙ!

කිට්ටුම ගමට ගොහිල්ල පතල්කාරයො හත් අට දෙනෙක් එක්කරන් ආව.

මේ දවස්වල ඉල්ලන්කාද්වීපයේ ඇත්තන්ගේ ලේ නං කැකෑරි- කැකෑරී තියෙනවලු!

ඒ මිනිස්සුත් මාන්සියක් නොබලා, පතලේ හාරල පොළොව ගිල ගත්ත තුන්දෙනාව වළෙන් ගොඩ ගත්ත. වළත් පොඩි නෑ. අඩි අනූවකටත් වැඩිය යට.

කලින්ම වැඩකාරයයි, එයාගෙ අස්සයවයි ගොඩ ගත්ත. ඊළඟට මගේ දෙවෙනියයි, මිනිහගෙ අස්සයවයි. අපෙ හාමිනෙයි, හාමිනේගේ සුරුවං අස්ස පොඩිත්තයි ගත්තෙ අන්තිමට. ඔක්කොටම වැඩිය පුදුමේ, මේ තරං නරකාදියක වැටිලත්, මේ තුන් දෙනාටවත් අස්සයින්ටවත් තුවාලයක් නූණ එකයි. පොඩි හීරිල්ලක් දෙකක් විතරක් තිබුණ.

ඒ උණාට ගොඩ එනකොට එක්කෙනෙකුගේවත් ඇඟේ ලේ නෑ, ඔක්කොම වතුර වෙලා.

තරහ අවසර.
කෙටි ප්‍රශ්නයක් විතරයි අහන්නේ.
මේ දවස්වල ඉල්ලන්කාද්වීපයේ ඇත්තන්ගේ ලේ නං කැකෑරි- කැකෑරී තියෙනවලු; වතුර වුණාමද ඒ?

පස්සෙන්ද උදේම ලොකු වැඩකට මට ගෙදරින් යන්න සිද්ද උණ. එහෙ දවස් ගාණක්ම ඉඳලයි ආවේ. ආ හැටියේ මම අපෙ ඩයනා ගැන විපරම් කළා. එදා අපි කරදරේ වැටිච්ච දවසේ ඒකිව මතක නැති කරලනෙ ආවෙ. වැඩකාරයො එකෙක්වත් දන්නෙ නෑ බැල්ලිට මොනවා උණාද කියල. උන්ගෙ හිතේ බැල්ලි නං ආයිත් එන එකක් නෑ කියලයි. මගේ මොළේට ආව පංකාදු කල්පනාවක්. එකත් එකට එදා අර හිටපු කොබෙයි රෑන මුර තියාගෙන බැල්ලි තාමත් එතැන ඇති.

මොහොතක්වත් සුනංගු උණේ නෑ, වැඩේ හරි යයි කියලා මට හොඳටම විස්වාසයි. දිගටම ගියා එතෙන්ට. ඔය ඉන්නෙ ගල ගැහුවා වගෙ- අපෙ බැල්ලිනෙ. පාළොස් දවසකට ඉස්සෙල්ල මම ඉන්දල ආපු තැනමයි.

බැල්ලි දිහා නං බලන්න බෑ. ඇටෙයි හමයි විතරයි. මා ළඟට ඇදෙන්නවත් වාරු නෑ.

උසි! උසි!!කියල කියනකොටම බැල්ලි කොබෙයි රෑන ඉගිල්ලෙව්වා. එක වෙඩිල්ලක් තියල ලේසියෙන්ම විසිපස් දෙනෙක් බිම දා ගත්ත.

බැල්ලි දිහා නං බලන්න බෑ. ඇටෙයි හමයි විතරයි. මා ළඟට ඇදෙන්නවත් වාරු නෑ. අස්සය පිට තියාගෙන ආවෙ නැත්තං ඒකිව ගෙදර එක්කෙන්න වෙන්නෙත් නෑ.

මොනවා උණත් ඒකිව ඔඩොක්කුවේ ඉන්දගෙන එන එක ඒ වෙලාවේ මට හරි  සතුටක්. හොඳට කන්න දීලා, පොඩි පහේ නිවාඩුවක් දුන්නහම බැල්ලි ආයිත් පණ ගැහිල ආව. ඔයින් සුමාන දෙක තුනකට පස්සේ මට උණේ මහම අබියෝගයක්. බැල්ලිගෙ පිහිටෙන් නෙවෙයි නං කවදාවත් ඒක තෝර ගන්න බෑ.

දවස් දෙක තුනක්ම මාන්සි වෙලා, එක හාවෙක් හිටිය මට වෙඩි තියා ගන්න බැරුව, මට යකා ඇවිස්සුණ. බැල්ලි ගිහිල්ල මේකව වෙඩි වදින සෙව්වට ගේනව. ඒත් මට වෙඩි තියා ගන්න වෙන්නෙ නෑ. එක්සැණෙන් හාවා අන්තරස්දාන වෙනව. මීට වැඩිය විපිරියාස දැකල තියෙන හින්ද මේක දිස්ටියක්, අවතාරයක් කියල හිතා ගන්නත් මට පුළුවන්කමක් නෑ.

කෝක උණත්- විස්වාස කරන්න, මේ සතාට නං මොකක් කරම්දෝ කියල මටම හිතා ගන්න බැරුව ගියා. අන්තිමේදී තුවක්කු කටට ගෑවෙන්න තරමට කිට්ටු කරල මේකව තඩි බා ගත්ත.

ඌ පිම්මක් වීසි වෙලා, උඩ යට මාරු වෙලයි වැටුණේ. ඒකනෙ බලන්න වැඩේ!

මූ පුදුම තාලේ දෙබිඩි හාවෙක්නෙ. පිට පැත්තේ කකුල්  හතරයි- බඩ පැත්තේ කකුල් හතරයි.

යට පැත්තේ ගාත් හතරට මාන්සි වෙනකොට ඌ අනිත් පැත්ත හැරෙනව, හරියට හොඳ පිනුම්කාරයෙක් වගෙ. ඊළඟට අලුත් ගාත් හතරෙන් යන්න පටන් ගන්නව, කුරුල්ල මිටෙන් ඇරිය වගේ.

එදත් අදත්- තව දැක්කෙ නෑ ඒ අච්චුවෙ හාවෙක්. අපෙ ඩයනා නොහිටින්න මොන ඉරිසිය හිටියත් මේ හාවා තළා ගන්න ලැබෙන්නෙත් නෑ. අගේකට ආඩම්බරේකට කියනවා නෙවෙයි. ඩයනගෙ අහළට කිට්ටු කරන්න ඒ ජාතියේ එක බල්ලෙකුටවත් බෑ. මා ළඟ හුළං බල්ලෙක් හිටිය- ඌ නොහිටිය නං මට කට පුරා කියන්න තිබුණ, ඩයනත් එක්ක හරි අල්ලන්න බල්ලෙක් කොහෙත්ම නෑ කියල.

දවසක් විසිත්ත කාමරේ නෝන මහත්තුරුත් එක්ක...

මේ හුළං බල්ලා කියන්න තරම් ලොකු එකෙකුත් නෙවෙයි. දුවන්න නං උපන් පුතය. මම සත්තු පස්සේ එළවනකොට අරන් ගියේ මේකව තමා.

ඌව දැක්කොත් කාට උණත් හරි ආදරයක් හිතෙනව. මම මේ තරම් ඌට සලකන එක ගැනත් පුදුම වෙන්නෙ නෑ. මේ බල්ලා කොච්චර හය්යෙන්, කොච්චර කාලයක් මගෙ උවන්දිරම්වලටම දිව්වද කියනව නං අන්තිමේදී ඌට දුවන්න කකුල් වලංගු නැතුව ගියා.

ඊට පස්සෙත් ඌ මාව අත ඇරියෙ නෑ, අවුරුදු ගාණක්ම මට දඩයම් හොයා ගන්න උදව් කළා.

මේ හුරතල් බල්ලන්වත්, මා ළඟ හිටපු ලිතුවේනියාවේ අස්සයව වගේ මට නිතරම මතක් වෙනව. එහෙම මතක් වෙන එකත් සැපක්. ඔය කියාපු අස්සයා සල්ලිවලට නං බරට බර දීලවත් ගන්න ලැබෙන සතෙක් නෙවෙයි. අස්සයො මේච්චල් කරන්න මගෙ පළපුරුදුකම පෙන්නලා මේකව ලබා ගන්න පුළුවන් උණේ අහම්බෙන්.

ලිතුවේනියාවේ පිටිහරට වෙන්න තිබුණ, මගෙ යාළු සාමි කෙනෙකුට අයිති විසාල වාසස්තානයක්. මම එහෙ ඉන්දැද්දී දවසක් විසිත්ත කාමරේ නෝන මහත්තුරුත් එක්ක තේ බිබී හිටිය. මහත්තුරු කවුරු කවුරුත් පහළ මිදුලට ගොහිං හිටිය, පට්ටියෙන් ගෙනාපු සැර අස්ස නාම්බෙක් බලන්න. හිටි ගමන් අප‍ට ඇහුණ කෑ ගැහිල්ලක්. මම ඉක්මනට පහළට බැහැල බැලින්නං, එතැන එක හෙයියම්මාරුවක්- අස්ස නාම්බව මේච්චල් කරන්න කෙනෙක් නැතුව. කිසි කෙනෙක් උගේ පිටේ නඟින්න තියා කිට්ටු වෙන්නවත් එන්නෙ නෑ.

අස්සයෝ ආම්බං කරලම පැහිච්චි පුරුදුකාරයො අන්දුන් කුන්දුන් වෙලා ඉන්නව, ඔක්කොම පරාදෙට අකුළල.

මම එක පිම්මෙන් පැන්න අස්සය පිටට. ඌ දන්නෙත් නෑ. ගාණෙන් උගෙ සැර බාල කරල, කියන එක අහන විදියට මෙල්ල කර ගත්ත. නිකම්ම නෙවෙයි; දන්න ඔක්කොම සෙල්ලම් පෙන්නලයි. මමත් එසේ මෙසේ අස් ගොව්වෙක්යැ?

මේ ලබ්බේ කංකාරිය පදයක්වත් නොවරද්දා යස මහිමෙට නටනවා බලා හිටිය....

මගෙ කෙරුවාව උඩ තට්ටුවේ හිටිය බබලත් උදවියටත් පෙන්නන්න ඕනැයි කියල හිතුණ. ඒ ගොල්ලන් පහළට ගෙන්නවල කරදර කරන්නෙ මොටදැයි කියල, මම ඇරලා තිබිච්ච ජනේලෙකින් අස්සයාව උඩ තට්ටුවේ විසිත්ත කාමරේට පැන්නුව. කාමරේ වටේ දැක්කුව- අඩි ගමනින්. ඊළඟට ටිකක් පන්නල, අනිත් සැරේ පිම්මේම එළවල, ඒක ඉවර කරල නැංගෙව්වා තේ මේසෙට. එතැනත් ඒ සෙල්ලම ආයෙත් වටයක්.

ඉඩ පොඩ්ඩ උණාට නියම තාලෙට ඔක්කොම හපන්කම් කෙරුව - පීරිසියක් කෝප්පයක් හීරෙන්නේවත් නැතුව.

මේ ලබ්බේ කංකාරිය පදයක්වත් නොවරද්දා යස මහිමෙට නටනවා බලා හිටිය නෝනා මහත්තුරුන්ට ඇති වෙච්ච සන්තෝසෙ කියන්න බැරි තරම්. මට බොහොම ඉහළින් සත්කාර. සාමිවරයට කොයි තරම් හිතට ඇල්ලුවද කියතොත්, මේ අස්සයව බාර ගන්න කියල මට වැන්දෙ නැතුව විතරයි; මියුනික් සාමි යටතේ ඒ ළඟදීම තුර්කියට විරුද්දව පටන් ගන්න තිබුණ යුද්දෙදි උගෙ පිටේ ගොහිං දිනලා නම්බු ලබා ගන්නෙයි කියල.    

යුද්දේ නං ආයෙමත් පටන් අරං. ඒ රුසියාවේ. මෙහෙ ඉන්න අපට නං ජීවන යුද්දේ. ඒක කොච්චරක් අමාරුද කියල උඩ ඉන්නවය කියන දෙයියන්ටවත් පෙනෙන්නේ නැතුව වගෙයි......

24 comments:

  1. Replies
    1. මාගේ මේ ව්‍යායාමය හුදෙක්ම... කියලා බස්සා මහත්තයා පැහැදිලි කිරීමකුත් කරයිවත්ද Pra Jay මහත්තයෝ?

      Delete
    2. මාගේ මේ ව්‍යායාමය හුදෙක්ම.....සුරුස්

      Delete
  2. දෙයියොත් ඇටනමලස්සෙ මතයට ඉඩ දීල ඉන්ටෙ නිදි.....

    ReplyDelete
    Replies
    1. නෑ නමී, දෙයියොත් පල් වෙනවා ඔය ඥානක්කලා වගේ අතරමැදියන්ට රැවටිලා......

      Delete
    2. සංතූර් අනිත් කොටහ.. නිදි
      https://geemuthumala.blogspot.com/2022/03/blog-post.html?showComment=1647942930768#c8631344455202025858

      Delete
    3. මේපල් ගස
      https://malsithroo.blogspot.com/2022/03/blog-post_20.html?showComment=1647946648894#c6086381727750721199

      Delete
    4. නමී,
      ඔයාට blog තානාපති කියලා බස්සා මහත්තයා නේද කිව්වේ. ඒක හරි නේන්නං....
      දෙතැනටම ගියා. දෙකටම comments නොදා බැරි වුණා. එකක් මගේ අතීතයට සම්බන්ධයි, අනෙක වර්තමානයට ගෑවිලා. ඉතිං කවියක් ලිව්වෙවත් නෑ- දිග කමෙන්ටු කෙටුවා මිස!

      ස්තුතියි, අපිවත් එහෙ-මෙහෙ යවන මෙහෙවරට!

      Delete
  3. දෙයියන්ට උනත් මොළ හතක් නෑනෙ. තාම ප්‍රොසෙසින් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දෙයියෝ පවතින්නේ මිනිස්සු දෙන පිං වලින් කියලා කියනවා නේද ප්‍රසන්න..... මට හිතෙන්නේ දැන් හැමෝම එයාලටත් අම්ම-මෝ නැතිව සාප කරනවා මිසක පිං දෙන එකක්ය, දෙයියන්ට පණ නැතුව ඉන්නවා ඇත්තේ.

      Delete
  4. ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ කථාවත් මැංචූසන්ගෙන් උපුටා ගත්තු එකක් වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. බොලේ හැබෑට! මකියාවෙල්ලිගේ 'කුමාරයා', 'අර්ථ ශාස්ත්‍රය' පොත් එක්ක මේකත් තියෙන්න ඇති තමා එයාලට කියවන්ඩ.

      Delete
  5. කතාවේ මුල් කොටස්වල තිබ්බ රහ අඩුයි පොතේ මැදට යනකොට. පරිවර්තන ගැටළුවක් වෙන්න ඇති නේද නිදි

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවනි. මුල් පොතේ අනුවාදයක් නෙව. සමහර විට මේ පරිසර අපට අදාළ නොවෙන නිසා වෙනස්ව දැනෙනවා වෙන්නත් ඇහැකියි නේද අහස් යාත්රිකයාණෙනි.

      Delete
  6. නිව්ස් එකක් දැක්කා කැලනියේ නයා මාලදිවයිනෙන් ජලය දෙබෑ කරගෙන මතුවෙයි කියලා. මැංචෝසන් කොහෙද ඒවා එක්ක බලද්දි.

    නිමල් අර නාට්‍ය පන්තියකට ගිහිල්ලා සාරි හොයන්න යන එකක් ලියමින් සිටියා නේද. ඒක ඉවරද.

    ReplyDelete
    Replies
    1. ආ දැන් දියන්කො උත්තර.. ලීවෙ නැත්තෙ ඇයි

      Delete
    2. නාමල් කුමාරයා අහලා තිබුණා 'ක්‍රීඩා ඇමති විදිහට වෙන රටකට ගිහින් ජල ක්‍රීඩාවක යෙදීම වරදක්ද' කියලා. එහෙදිත් try කළාද දන්නෑ නයෙක් ගෙන්නා ගන්න.

      Lotus,
      අපේ සිංහබාහු නාට්‍යය ගැන කතන්දරේට අදාළ චූල විස්තර ටිකක් තමයි, ඒ 'හොන මුත්තක්ද බලන්නේ' post එකෙන් ලිව්වේ. Post එකක අගට 'කුණ්ඩලිය' ෴ ලකුණ දාන්නෙ ඒ post එක අවසන් කළාම විතරයි.
      ඒකෙත් එහෙම යෙදුව. ඒත් කතන්දරේ ඉවර නෑ වගේ දැනෙනවා ඇති නේද?
      https://nidigepanchathanthare.blogspot.com/2022/02/blog-post_11.html

      Delete
    3. නමී, ලියන්න පටන් ගත්තා. ලබන සතියේ 'සුප්පා දේවිගේ බඩේ මයිල්-1' post එක publish කරනවාමයි පණ පිටින් හිටියොත්!
      එච්චර හරි පරක්කු වුණේ තවත් 'කාලීන/ වැදගත්' පෝස්ටුවක් 'නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!' නමෙන් මේ සිකුරාදාට දාන්න සූදානං කරමින් ඉන්න නිසා.
      ප්‍රමාදයට සොරි වෙන්ඩ ඕනි!

      Delete
    4. හොඳා හොඳා මං නිකමට කීවේ...

      Delete
    5. මගේ ලිපි ගැන සැලකිල්ලක් නැති නං ඔයා එව්වා කියවන්නේවත්, comment කරන්නේවත් නැහැනේ නමී. ඒ සැලකිල්ල ගැන මට නං ගොඩක් සතුටුයි.

      Delete
  7. Replies
    1. ලිඛිතා නෝනේ, තරහ නැතිව ඔයා පාවිච්චි කරන code එකත් එවනවද, උත්තරේ කියවාගන්න......

      Delete
    2. එහෙම කෝඩ් එකක් නැහැ අනේ.. නියම නිසා ඉතින් වැටක් ගැහුවා

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්