“මට දුක නැද්ද Cecil... ඌ මගෙ මල්ලී. ඌ කොලුකාරයෙක් කියලා දැන ගත්තම මං දුක් වෙච්ච තරමක්... ඊළඟට ඌ අර කයිසරයෙක් එක්ක එක ගෙදරක පවුල් කන්න ගියාම...”
ෂැන්ඩි නැතිව neat ෂොට්ස්ම
වත් කරගත් හින්දාද කොහෙද රෝයි අංකල් දොඩමලුවී හිටියි. ඒ විත්තිය තේරුම් ගත්
සමන්තිලා හීන් සීරුවේ නීලියාගෙන් සමුගෙන උඩ තට්ටුවට යති.
“...
එහෙම සහෝදරයෙක් ඉඳගෙන ලජ්ජා නැතිව කොහොමද සැසිල් මම යාළුවොන්ට face
කරන්නේ? පොන්නයෝ!”
“අනේ නීලියා, Can you explain him please ඒක ඒ ළමයි ඉපදිලා තියෙන
විදිහය
කියලා. දෙවියන් වහන්සේගෙ කැමැත්තනේ ඒ”
සමහරවිට හැංගුණු
දුකකුත් ඇති. එයාට ඕනි දෙයක් කියලා, එයාගේ හිතේ තියෙන බර release කර
ගන්න ඉඩ දෙන්න... |
‘සුමිත්‍රා ඇන්ටිගේ tone එක අඩු නොකළත් මොකෝ. රෝයි අංකල් අපේ ඩැඩාව නොනවතින කෝච්චියකට නග්ගගෙන නෙව.’
“සුමිත්‍රා, සමහර දේවල් තියෙනව අනේ- දෙවියන් වහන්සේම පෙනී හිටලා කිව්වත් මිනිස්සු
පිළිගන්නේ නැති. මොකෝ රෝයි මෝඩයෙක්ද? මට හිතෙන්නේ රෝයි මෙතනදී නං ටිකක් arrogant
වගේ කියලයි. පේනවනෙ, සැසිල් එක්ක කියන විදිහ... මම නං හිතන්නේ සුමිත්‍රා, just
ignore his comments... එයා කියන දේවල් ඔයා ගණන් ගන්නම එපා! For me, Ashan is a
nice guy! නමුත් මැචෝ පිරිමියෙක් විදිහට රෝයිට තරහ ඇති අශාන් ගැන. සමහරවිට හැංගුණු
දුකකුත් ඇති. එයාට ඕනි දෙයක් කියලා, එයාගේ හිතේ තියෙන බර release කර ගන්න ඉඩ
දෙන්න.”
නීලියාගේ
කතාවෙන් මට නම් පසක් වුණේ, එයා මං හිතාගෙන හිටියාටත් වැඩියෙන් බුද්ධිමත් බවයි!
එදා
රාත්තිරියේ මං වහන්සේ ඒ විත්තිය අම්මාට කිව්වේ මගේ අදහස ප්‍රකාශ කිරීමක් විදිහටය.
මොට්ට තකතිරු මං... මගේ ඔය කෙලින්ම කතා කරන පුරුද්ද හින්දා කිහිප වතාවක්ම ‘කෙළවී’
ඇතත් තවමත් මම ඒ මෝඩකම කරන්නෙක්මි. (මතකනේ, ‘මගෙන් මංගල යෝජනාවක්’
පෝස්ටුවේදී
කිව්වෙත් ඒවායින් හොඳම මෝඩකමක් ගැනයි! අනූ වාගෙම...) එදා අපේ අම්මාත් අල්ලාගෙන
තිබ්බේ මගේ කතාවේ වැරදි කොණයි.
“ඒකනෙ
රංජි මම ඔයාට කිව්වේ. නීලියා හොඳ කෙල්ල. ටිකක් විතර ඔයාට වැඩිමල් ඇති... මියුරියල්ට
වැඩිය ඔයා නීලියාට කැමතියි නේද? ලජ්ජා වෙන්න ඕනි න්න්න්...”
“මඟුලක්
කතා කරනවා!” කියාගෙන එතනින් පිට වුණු මං කාමරයට වැදුණා මිස, පහුවදා වෙනතුරු එළියට
ආවේ නැත.
කාමරය-
මගේ කාමරය... මගේ කාමරය තිබ්බේ උඩ තට්ටුවේය. අම්මලාගේ Council Flat එකට තිබුණේ
කාමර තුනකි. ඒ උඩු මහලේය. ඒ කාමරවලින් ලොකුම එක අම්මාටත්, ඩැඩාටත්ය. ලොකුයි
කිව්වාට ඒකෙ තිබ්බෙත් සොච්චම් ලොකුකමකි. අම්මලාගේ double bed එකත්, වෝඩ්රොබ්
(wardrobe) එකත්, කුඩා කැබිනට්ටුවකුත් නිත්‍ය පදිංචිකරුවන් වෙලා හිටි ඒකේ- ඉතිරිව
තිබුණේ කෙනෙකුට එහා මෙහා යන තරමේ ඉඩක් විතරකි.
(වාසනාවට වාගේ ඒ කැබිනට්ටුව සැරෙන් සැරේ ලොකු වෙන්නේ නැති එකකි! ලංකාවේ කැබිනට්ටුව
නං ගෙම්බන් පනින වාරයක් ගණනේ පිම්බෙයි.)
ඔය ගඟේ ළිඳේ නානකොට වගේ
හතර අතේ වතුර විසි කර-කර මෙහෙදී නාන්න බෑ! |
“අනිල් අයියේ, ඔයාටයි මටයි දෙන්නට Sleeping bags දෙකක මෙතන නිදියන්නයි වෙන්නේ.” දීපාල්
පෙන්නුවේ යට තට්ටුවේ මිනි බාරයටත්, සෝෆාවටත්, පියානෝවටත් ඉදිරියෙන් තිබුණු
බිම්කඩයි.
“Anil,
ප්ලීස් බී කෙයාර්ෆුල් when you are smoking at nights.” එතකොට ඩැඩාත් හොට දැම්මේය.
ඊළඟට අම්මා.
“ඔව්
ඔව් අනිල්, සිගරැට් එක පත්තු කරගෙන නිඳියන්න ගිය කීප දෙනෙක්ම- සිගරැට් කොටේ කාපට්
එක උඩට වැටිලා ගිනි අරං මැරිලා තිබුණලු.”
එහෙ දැඩි සීතල නිසා හැම ගෙදරකම බිමට කාපට්ස් අතුරා තිබෙන බව මම කලින්ම ඔබට කීවෙමි.
“අඩ
නින්දෙ හිටිද්දී සිගරැට කොටේ කාපට් එක උඩට වැටුණම ගිනි දැල් මතු වෙන්නේ නැතුවට-
කාපට් එක දුම් දදා පිච්චෙන්න ගන්නවලු. ඒ දුම නිසා එතැන ඉන්න අයට සිහි නැති වෙන
එකලු මුලින්ම වෙන්නේ. ඊට පස්සේ ඉතිං...” අම්මා කියන්නේ දිග විස්තරයකි.
(එවැනි අර්ධ දහනයකදී නිකුත් වෙන කාබන් මොනොක්සයිඩ් විෂ වායුව නිසා කෙනෙකු ක්ලාන්ත
වෙන බව; මරණයට පවා පත්වෙන බව මං දැන ගත්තෙත් ඉන්පසුවය.)
අප
එංගලන්තයට පැමිණි දවසෙම අපේ අම්මා අන්නාටත් මටත් මේ කාපට් ගැන ලොකු විස්තරයක්
කිව්වාය. “මේ කාපට් තෙමුණොත් ඉවරයි! ඒ හින්දා හරිම පරෙස්සමින් නාන්න- ඇඟ හෝදන්න
ගියාමත්.” අම්මා කිව්වේ නාන කාමරයේ කුඩා කබඩ් එකක තිබුණු ඉටි රෙදි කිහිපයක් දිග
හරිමිනි.
“මේවා පෙනෙනවනේ. මේවා බිමට එළලා ඉවර වෙලා, bath tub එකට බැහැලයි නාන්නේ. ඔය ගඟේ
ළිඳේ නානකොට වගේ හතර අතේ වතුර විසි කර-කර මෙහෙදී නාන්න බෑ. නාල ඉවර වෙලා, මේ
ඉටිරෙදිවලට ඉහිරිලා තියෙන වතුරත් පරෙස්සමින් අයින් කරලා- මේවා ආපහු තිබ්බ තැනින්ම
තියන්න ඕනි.”
“ඔව්වා
සේරම කරන්න සෑහෙන වෙලාවක් ඕනිනෙ අම්මෙ.”
“එහෙම තමයි අනිල්. තව වැඩක්! මතක ඇතිව නාලා ඉවර වුණාම බාත් ටබ් එකත් හොඳට හෝදලා
සුද්ධ කරන්නම ඕනි ඔන්න...” අම්මා අවධාරණයෙන්ම කිව්වාය.
ඒ D.G.M. බස්සා
මහත්තයාගේ ඉල්ලීම් කිහිපයක්ම මතක් වුණු නිසාය. බකමූණු කතා අඩවිය රචනා කරන බස්සා
මහත්තයා අසා තිබුණේ... |
“ඒක ඔයාගේ වැඩක්! හැබැයි මෙච්චරකල් මෙහෙ bath room එක තිබ්බ වගේම ක්ලීන් එකට-
පිළිවෙලට නොතිබුණොත් නං ඩැඩාට
තරහ යයි.” අම්මා අනිල්ට කිව්වේ තරහෙනි.
“අම්ම
‘ක්ලීන් එකට- පිළිවෙලට’ කියද්දී මට මතක් වුණේ තාත්තා කියපු ‘බදුල්ලේ කණ උන්දැගේ විස්තරේ’.” මට කියැවුණේ නිකංමය. “ඒ මනුස්සයා ගැන
අනිල්ටත් කියල දෙන්න වෙලාවක...”
මේ
විස්තර ටික මෙතැනට ලියවෙන්නට හිතේ පෙළ
ගැසෙමින් තියෙද්දී; මුහුදට හත් ගව්වක් තියෙද්දී නොව ගව්වක් විතර තියෙද්දී, මම
අමුඩයක් ගසා ගත්තෙමි. ඒ D.G.M. බස්සා මහත්තයාගේ ඉල්ලීම් කිහිපයක්ම මතක් වුණු
නිසාය. බකමූණු කතා අඩවිය රචනා කරන බස්සා මහත්තයා
අසා තිබුණේ ‘... මේ
කියන "ආණ්ඩුවේ ප්ලැට්" එකක පෙනුම, සැලැස්ම තියෙන
පිංතූරයක්/කටු සටහනක් නැත්ද?’
කියලාය.
මං
කළේ (ගිය මාසයේ අපේ අසනීප අම්මාව ලංකාවට එක්කගෙන ආ) බඩා මල්ලාව අල්ලා ගැනීමයි.
කලකින් නොදුටු ලංකාවේ කප්පරක් යහළුවන් මුණ ගැහෙන්නට දවසේ පැය 24 මදිවී සිටින ඒකාව-
එක තැනක තියා ගන්න වෙච්චි මහන්සියක්! “මල්ලා, මට අපේ ඩැඩාලගෙ Hounslow ගෙයි plan
එකක් ඇඳලා ඕනි. දැන්...”
“දැන්මමද
ලොකූ?”
ඔච්චර මහන්සි වෙලා ඕවා
කරන්නේ මොනවටද හලෝ? කවුද ඕවා බලන්නේ? |
“ලොකූ, ඔය දන්නවද... ඔය flats ඇවිල්ලා Prefabs. ඩැඩාගේ යාළුවෙක් අපේ ගෙදරදි දවසක්
කිව්වේ.”
“මොන ෆැබ්ස්? මොකක්ද මොකක්ද ඒ කතාව?” මම හාරා ඇවිස්සුවෙමි.
“සෙකන්ඩ්
World War එක ඉවර වෙනකොට ඉංගලන්තෙ මිනිස්සුන්ට ඇතිවෙන්න ගෙවල් තිබිල නෑනෙ. ගෙවල්
හදන්න කල් යන නිසා වෙනම ෆැක්ටරිවල කෑලි කෑලි හදල ගෙනත් fix කරලලු ඔය flats හැදුවේ.
ඒකයි එව්වට Prefabricated
homes කියලා තියෙන්නේ.” දීපාල් මට කියා දුන්නේය.
“ආර්.
ප්‍රේමදාස මහත්තයත් ඔය වගේ වැඩක් කරලයි ලංකාවේ නමක් හදා ගත්තේ. පූට්ටු ගෙවල්
කියලයි ඒ දවස්වල ඒ project එකට කිව්වේ...” පෙරළා දීපාල්ටත් තොරතුරු සංග්‍රහයක්
කරමින්ම, මම කඩදාසියත් පෑනත් ඔහුට දික් කළෙමි.
ඒවා
එයාගේ අතට වඩම්මන්නට පෙර සූදානමකිනි, මං වහන්සේ හිටියේත්.
ඉතිං, අප දෙන්නාගේ ඔළුගෙඩි දෙකේ තිබුණු සැලැස්මවල් එක කටු සටහනක් වුණේ එහෙමය. ඒක
blog එකට ගැලපෙන විදිහට හරි ගස්සන රාජකාරියට උර දුන්නේ අපේ නමිනං උන්නැහේය.
“නමී,
ඊළඟ post එකට දාන්න මට මේ plan දෙක ඉක්මනටම ඇඳල දෙන්න ඕනි.”
“එච්චර ඉක්මනට ඕනිද නිදි?”
ඒ පැවැරුම නමීට බාර දෙද්දී එතැන හිටි නෙවිල්ලා කට්ටියටම සිනා වෙන්නට කටවල් මදි වුණු පාටය.
“අපි උඹට කිව්ව නේද නමී, නිමල් අයියත් එක්ක යාළු වෙන එක යකා බැඳ ගත්ත වගේ වෙයි
කියලා.” / “දැන් ඉතිං පුතෝ, තමුසෙගෙ වැඩ ඔක්කොම පැත්තකට දාලා කරනව මෙයාගේ වැඩේ!” /
“ඔච්චර මහන්සි වෙලා ඕවා කරන්නේ මොනවටද හලෝ? කවුද ඕවා බලන්නේ.”*
‘ඒක
නේන්නං!’ කියමින් ඒ පැත්තටත් සැනසෙන්නට රුකුල් දුන් නමී, අපේ ආදරණීය blog පාඨක
සහෘදයන් වෙනුවෙන් ගොඩාරියක් මහන්සි වුණේය. Plan එක අඳිමින්, විස්තර අසමින්, වෙහෙසී
එය වඩාත් විචිත්‍ර කර යළි සකස්කොට එවමින් ‘සැලසුම අඳින රාජකාරිය’ තිතටම නිම කළේය.
(එහි වැරද්දක් වෙතොත්, ඒ උපදෙස් දුන් මගෙන් සිදු වුණු එකකි!)
ගොඩාක් ස්තුතියි නමී!
මේ තියෙන්නේ
ඒ plan එකයි!
බිම් මහලේ හා උඩ තට්ටුවේ සැලසුම් දෙකම. (මටම වැටහෙන අඩුපාඩුවකුත් මේ plan එකේ
තිබේ. නිවසේ අනුපාතයන් එතරම්ම නිරවද්‍ය නොවේ.)
ඒ නිවාස ඒකකයන් ගැන
යම්කිසි අදහසක් හෝ ඇති කර ගන්නට මේ සැලැසුම් උදව් වෙන බව... |
උඩ තට්ටුවේ
කුඩාම කාමරය මා වෙනුවෙන් වෙන්කර තිබිණැයි මම ඔබට කීවෙමි.
“නිමොල්, look at the sky... ඔය ජනේලෙන් අහස දිහා බලාගෙන හිටපං විනාඩි පහක්
විතර...” එහි ගිය මුල්ම සතියේ දවසක ඩැඩා මට කිව්වේය. ඇත්තය! එය බලා හිඳින්නට
තරම් වටිනා දසුනකි.
“Do you know, අද ලෝකෙ වැඩියම බිසියස්ට් එයාර්පෝට් එක මොකක්ද කියලා...” ඩැඩා
ඇසුවේය.
උත්තරය
නොදැන හිටියත් මම කණාපල්ලම් පාරක් ගැසුවෙමි. “හීත්රෝද?”
“නෑ.
ඇම්ස්ටර්ඩෑම්. Second one is හීත්‍රෝ!” ඩැඩා අපේ නිවසේ ජනේලයෙන් පෙන්නුවේ හීත්‍රෝ
ගුවන් තොටුපළට යන එන ගුවන් යානා තොගයයි.
ඒ කාමරයේ සිට බලන විට වම් කෙළවරෙන් මතුවෙන ගුවන් යානයක් දකුණු කෙළවරින් නොපෙනී
යන්නට කලින් තවත් එකක් ඔබේ දර්ශන පථයට ඇතුළු වෙයි! රෑ-දවල් කියා වෙනසක් නැතිව, දවසේ
පැය 24 පුරාම දිගටම එය එසේ සිද්ද වෙයි!!
“අපේ
ගෙවල්වලට double glass windows දාලා තියෙන්නෙත් ෆ්ලයිට්ස්වල සද්දෙ වැඩි නිසා.”
එවෙලේ ඩැඩා පැවසුවේය.
ඒ
නිසාම 1985 කාලයේ හවුන්ස්ලෝ පැත්තේ නිවාසවලට වැඩි ඉල්ලුමක් තිබ්බේ නැත. ඒ බව අජිත්
ධර්ම හිතවතාත් මේ පෝස්ටු මාලාවේ අටවැන්නට comment එකකින් කියා තිබිණි.
‘ඒ
පැත්තේ ගෙවල් ගණන් ගියේ අඩුවෙන් කියලයි මම අහල තියෙන්නේ. හීත්‍රෝ එක ළඟ නිසා.’ නමුත්
දැන් ඒ තත්ත්වය වෙනස්වී තිබෙන බව Anonymous කෙනෙකුගේ පිළිතුරකින් කියැවිණි.
‘Not anymore Ajith, Hounslow prices have
risen very fast in the last few years.’
පෙරේදා
publish කරපු මේ post එකට ඊයෙ මසුරං වටින link
එකක්
එවලා තිබුණා Anonymous මහත්තයෙක්.
ඒ Brookwood Roadවල
නිවාස සැලැස්මක් හා ෆොටෝස්... |
පෙරේදා publish කරපු මේ post එකට ඊයෙ මසුරං වටින link එකක් එවලා තිබුණනෙ Anonymous
මහත්තයෙක්. ඒ Brookwood Roadවල නිවාස සැලැස්මක් හා ෆොටෝස් වගයක් තියෙන තැනක
ලින්කුවක්. ඒ comment එකයි, ඒකට මම දුන්නු උත්තරෙයිත් මේ post එකේ යටින් එහෙමම තියෙනවා.
ඒ, මෙතනට ඇතුළු කරන්නේ house plan එක විතරක් නිසයි. Foto බලන්න නං තරහ නැතිව ඒ link
එකට යන්න.
මේ මෙහෙයුම කෙරුණේ- Ano, බස්සා, නමී මහත්වරුන් තිදෙනාගෙම සහයත් ඇතිවයි. ඒ
නිසයි, මේ තුති පොදිය මෙතැනදී ඒ තිදෙනාටම පිරිනමන්නේ.
හත්
ඉලව්වයි!
නීලියා ගැන අපේ අම්මගේ කතාවෙන් උරණ වුණු මා කාමරයට වැදුණු විත්තිය එහෙම පිටින්ම
අමතක වෙන තරමට වෙනත් විස්තර මං ලියලය. ආපහු නියම පීල්ලට වරෙං නිදි.
එන්නං, එන්නං. මේ චුට්ටත් ලියලා.
වෙනත්
විස්තරත් ලිවීම... එසේ කිරීම ඔබෙන් කවරෙකු හෝ ප්‍රිය නොකරන්නේ නම් ඒ ගැන කමා වෙනු
මැනවි. මට වැටහෙන විදිහට, මගෙ දයාබර පාඨකයෝ වැඩි දෙනෙක් ඒ විස්තර දැනගන්නටත්
කැමැත්තෙන් සිටිති.
එපමණක්ද, මගේ ජීවනාන්දරය ලියද්දී ඒ හා බැඳුණු පසුබිමත්- අදාළ කාල සීමාවේ තතුත්
ලිවීම ඉතිහාසයක් ලියා තැබීමකුත් වෙයි. එබැවිනි ඒ වගතුගත් ලියැවෙන්නේ.
හොඳම
කෑල්ල ලියල නෑ! |
වීදි
නැටුම් ශිල්පීන්, වාදකයන්, මැජික්කරුවන් හා එක එක දේවල් අලෙවි කරන්නන් ගොඩක්... ඒ
හැම කෙනෙකු වටේම එක්රොක් වුණු ප්‍රේක්ෂකයන් රැසකුත්...
“Let’s go there... අතැනටයි නීලියා එනවයි කිව්වේ. හැබැයි එයා එනවයි කිව්ව වෙලාවට
තව කල් තියෙනවා... නිමොල්... ඒ දවස්වල මේ වගේ සෙනඟ වට කරගෙන
කතා
පවත්තපු හැටි උඹට මතක් වෙනවද, මෙතැන දැක්කම.” ඩැඩා අහන්නේ මැජික්කරුවෙකු
පෙන්වමිනි.
“දැන්
මට ලොකු help එකක් ඕනෑ, මෙතැන ඉන්න childrenල තුන් දෙනෙකුගෙන්... ඊළඟ මැජික්
එකට...” ඒ මැජික් ශිල්පියාත් කියන්නේ මැජික් තුවාන් වගේමය. නමුත් මැජික් තුවාන් මාමා ඔහුට
උදව් වෙන්නැයි කිව්වේ ශ්‍රී ලංකාවේ වැඩිහිටි ප්‍රේක්ෂකයන්ටය. ඒ වැඩිහිටියෝ නම්
එකෑවර ඉදිරිපත් නොවුණෝහ; පසු බැස්සෝහ; වෙනින් කවරෙකු හෝ ඉදිරිපත් වෙනතුරු බලා
සිටියෝහ.
නමුත් එංගලන්ත ශිල්පියා උදව් කරන්නැයි ඉල්ලුවා විතරකි. හුරුබුහුටි දරු-දැරියෝ
හත්-අට දෙනෙක්ම පෙරට ආහ. මැජික්කරුවා එයින් තිදෙනෙකුය තෝරා ගත්තේ.
වටේට
රොක්වී සිටියවුන් සිනා ගන්වමින් මැජික්කරු විමසූ ප්‍රශ්නවලට ඒ ළමෝත් නොපැකිළ
පිළිතුරු දුන්හ. අහා... එහෙම forward සිඟිත්තන්... බුහුටි දරුවන්...
“සොරි
සැසිල්, two මිනිට්ස් පරක්කු වුණා. ලීලා, අපි යමු එහෙනං. මිනිස්සුන්ව ඇතුල් කරන්න
පටන් ගත්තා.” දිගටම කියාගෙනය, නීලියා අප සිටි තැනට ආවේ.
පසුගිය
කොටස කියවූ සහෘද Lalith කමෙන්ටුවක් එවමින් කියා
තිබුණේ ‘චැ... හොඳම කෑල්ල ලියල නෑ... නාට්‍යාගාරයේදී නීලියා නිදි ගාවින්ම ඉඳගනී
කියල මන් හිතන්නේ....’ යනුවෙනි. අපේ අම්මා දත කෑවෙත් එහෙම කරවන්නටය. ඒත් ඒ
උත්සාහයට නීලියා රුකුල් නොදුන්නීය. ඇය හිඳ ගත්තේ එක කෙළවරකට වෙන්නටය; මගේ ළඟින්
නොවේ.
“බෑ
ලීලා, මම ඔහාට ඇවිත් බෑ. මගෙ ළඟින්ම එහා පැත්තෙ සීට් එක book කරල තියෙන්නෙත් මගෙ
යාළුවෙක්!”
(පසු
සටහන:
කවුද ඕවා බලන්නේ.* ඒ ප්‍රශ්නයට හොඳම උත්තරය ලබා දී තිබෙන්නේ
‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළන දයාබර රසික-රසිකාවියන් වන ඔබ විසිනි. දැන් මේ blog අඩවියේ
Hit Counter එක දෙලක්ෂ පනස්දාස් පන්සිය හතත්; 2,50,507ත් ඉක්මවා ගිහින්ය. හිතාදර පාඨකයිනි, නිදිගෙ පංච
තන්තරේ දිගටම කියවන ඔබ සැමට ඉතාමත් ස්තුතියි!)
à ඊළඟ කොටසට...
ආන්න ජංසන්. ඔය තියෙන්නෙ ගෙදර විස්තරේ නියමෙට. නමියාටත් එක්ක දායකවූ සැමටත් ස්තූතියි. ආයෙ එන්නං
ReplyDeleteස්තුතියි බස්සා මහත්තයෝ, කීප වාරයක්ම plan එක ගැන විමසමින් මාව උනන්දු කෙරෙව්වාට!
Deleteඅනිත් නිලි මහත්මිය නේද
Deleteඒ ප්‍රශ්නයට නිදැල්ලේ යන්නට හරිනවා..
Deleteනිමල් අයියා මේකේ කියන කතාවේ කොටසකට එකඟයි නමුත් ජාතික ජන බලවේගය ඇත්ත වශයෙන්ම ලංකාවේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ම කැප වී ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරන සැබෑ දේශපාලන පක්ෂයක් ලෙස ඔබ ජවිපෙට කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාර බව අවබෝධ වෙනවා ඕන කෙනෙකුට
ReplyDeleteඔබ මොකද හිතන්නේ ලංකා විදුලි බල මණ්ඩල ඇස්තමේන්තු අනුව 2023 වසරට විදුලි ඒකක මිලියන 4,000 ජලයෙන් විදුලිය නිපදවා ගන්නට පුළුවන් වබට ලංකා පාරිභෝගික අධිකාරියේ ඇස්තමේන්තුවගැන?
ලංකාව තුල විදුලි පාරිභෝගිකයන් ගණන මිලියන 6.8යි. එතකොට අර මිලියන 4,000 අපි 6.8න් බෙදුවහම උත්තරේ 49 යි.
ඒ අනුව සෑම විදුලි පාරිභෝගිකයකුට ජල විදුලියෙන් නිපදවනු ලබන විදුලිය ඒකක 49ක් ලබා දෙන්න පුළුවන්. නමුත් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට ලබාදී ඇති තොරතුරු වලට අනුව ජල විදුලිය නිපදවීමට යන්නේ ඒකකයකට රුපියල් 3.05යි.
සම්ප්‍රේෂණ වලදී සිදුවන නාස්තිය පරිපාලන වියදම් ඒ සියල්ල එකතු කරලා රුපියල් 3.50 ට මෙම අගය තියමු. එහෙම නම් පළමුවන ඒකක 49 ලංකාවේ සිටින සෑම පාරිභෝගිකයෙකුට ම රුපියල් 3.50 ට දෙන්නට පුළුවන්.
නමුත් විදුලි බල මණ්ඩලය යෝජනා කරපු විදියට පලවෙනි ඒකක 30 දෙන්නෙ රුපියල් 30 ගානේ. ඒකක 90 වෙන් පස්සේ මේක රුපියල් 50 වෙලා තවත් වැඩිවෙමින් යනවා.
ඔය අතරේ සුපිරි මහල් නිවාස සාප්පු සංකීර්ණ රජයේ කාර්යාල සඳහා අය කරන්නේ පළමු ඒකක 180 දක්වාම රුපියල් 40 බැගින්.
සරදියෙල්ගේ යුගයේ පටන් අපි අහල තිබ්බේ නම් තියෙන එකාගෙන් අරගෙන නැති එකාට දෙනවා කියලා. ඒ වගේම වර්තමාන රනිල් වික්‍රමසිංහ මෙහෙයවන දූෂිත ආණ්ඩුවේ බදු පැනවීමේ අරමුණු මේකෙන් පැහැදිලිව පෙනෙන අතර රජයක් විසින් ලොව පිළිගත් මූලධර්ම අනුව කටයුතු වන්නේ ඇති අයගෙන් අරගෙන නැති අයට යවලා ආදායම නැවත බෙදා හැරීම.
නමුත් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දූෂිත පාණ්ඩුව කටයුතු කරන්නේ වැඩියෙන් සල්ලි තියෙන මිනිහගේ විදුලි බිල දූප්පත් මිනිහට පටවලා. සමාජ සාධාරණය පැත්තෙන්, යුක්තිය පැත්තෙන් අසාධාරණ ලෙසයි විදුලි බිල වැඩි කරලා තියෙන්නේ.
මෙන්න මේ රනිල්ගේ අමන ආණ්ඩුවේ නිරුවත වසාගෙන හිටපු පිරුවට එළියට ඇදලා දාලා රටට හෙළිකිරීම තමයි හෙට දිනේ ජනක රත්නායක දංගෙඩියට ගෙන යෑමට මිනිහා කරපු වැරැද්ද වෙලා තියෙන්නෙ.
ජනක රත්නායක කියන්නේ නන්දසේන බලයට ගේන්න කඩේ ගිය සහ පොහොට්ටුවේ අන්තේවාසිකයෙක් බව ඇත්ත තමයි ඒත් මේ මොහොතේ ඔහු ගෙනයන ජනතාවාදී වැඩපිළිවෙළට සහාය දීමට අප කටයුතු කළයුතුයි පාරිභෝගික ජනතාව වෙනුවෙන් එහෙම නේද?
//නිමල් අයියා මේකේ කියන කතාවේ කොටසකට එකඟයි නමුත්......//
Deleteමැක්කා වනාහී.......🤣😂
අවු 30කට ඉස්සර ඉන්ගලන්තෙ (සොරි, මං ලියන විදිහ ) සෑහෙන්න වෙනස් නේද?https://www.ipsos.com/sites/default/files/ct/news/documents/2019-10/moral_attitudes_2019.pdf
ReplyDeleteහැබැයි ලඟදී පොඩ්ඩක් විතර ආපස්සට ගියයි කියනව. ඒත් ඉතිං කලින් තත්වයට යන්නෙ නෑනෙ.
https://www.theguardian.com/society/2019/jul/11/acceptance-gay-sex-decline-uk-first-time-since-aids-crisis
ඇත්තෙන්ම බටහිර සමලිංගිකත්වය ගැන 60/70 ගණන්වල ඉඳන් ක්‍රමයෙන් ලිබරල් වුනා. ඒත් 80 ගණන්වල ඒඩ්ස් ප්‍රසිද්ධ වුනාම ආයිත් පසුගාමීවුනා ඒත් වැඩි කාලයකට නෙමෙයි
ලංකාවත් ඉස්සරට වඩා වෙනස්. ලිබරල්වෙලත් කියන්න පුලුවන්.
ඒත් ලංකාව අමුතුයිනෙ. ක්‍රමක්‍රමයෙන් වෙනවා අඩුයි. වික්ටෝරියන් සදාචාරයේ සමහර දේවල් දේශීය ඒවා තමයි කියලා තාම හිතනවා. 70 ගණන්වල ලිබරල් සමහර ඒවා ආයිත් පසුගාමී වෙලා. ආගම්, සංස්කෘතිය අන්තවාදයට නැඹුරුවෙලා. සමහර දේවලින් ෆෝවර්ඩ්, ඒත් ප්‍රශ්නයකදී බැක්වර්ඩ් ගතිය ඉක්මනට එලියට පනිනවා
මට හිතෙනව ඒකට යුද්ධයත් බලපෑවයි කියල.
ඉස්ලාම් අන්තවාදය & radicalization මෑතකදි යුද්ධවලින් වැඩි වුනා වගේ, මෙහෙ යුද්ධයෙත් විවිධ අතුරුපල තියනව. හරියටම ප්‍රතිඵල කියලා පින් පොයින්ට් කරන්න පුලුවන් ඒවා එනෙමෙයි, ජන විඥානයට බලපෑම් තමයි.
කොහොමත් යුද්ධයක් මෑතකදී නොතිබුන රටකට වඩා වෙනස් එහෙම තිබුන රටක සෑම දේම වගේ
Pra Jay මහත්තය දීලා තියෙන links දෙකටම ගියා. මුල් එක පිටු 38ක ලියවිල්ලක්නෙ. දෙකම ගොඩක් සාරයි. ඒ නිසා දෙකම print කරගත්තා පස්සේ කියවන්න.
Deleteගොඩක් ස්තුතියි මහත්තයෝ, අදහස් සපිරි දිග කමෙන්ටුවටත්!
ඉන්ගලන්තෙ මම ආසම දෙයක් තමයි හුඟක් ප්‍රදේශවල ගෙවල් ඈඳිලා attached, semi-detached තිබීම සහ තට්ටු ගෙවල්. මිනිස් වාසස්ථාන එක ගොඩකට ලංකරලා
ReplyDeleteඉතා ජනාකීර්ණ ප්‍රදේශවලත් විවෘත තැන් (උයන්, පොඩි කැලෑ, ඉවුරු , තෘණභූමි වගේ ) හුඟක් තිබීම. නගරයක කොයිතරම් පාර්ක් තියනවද !! සමහර ඒවා පර්චස් දෙක තුනයි. ඒත් හැම තැනම තියනව. හිතට පුදුම සහනයක් දැනෙනවා නිකම් පාරක ඇවිදින්කොටත් දකින (ඉතා කුඩාහරි) විවෘත ප්‍රදේශ නිසා.
ලංකාවේ ජනාකීර්ණ ප්‍රදේශවල හැමතැනම ගෙවල්, කාර්යාල, ගරාජ්, ලී මඩු, කඩ තියන නිසා, ඇවිදින්න පුලුවන් විවෘත ප්‍රදේශ නෑ. ටවුන් එකක පාරක ඇවිදින්න පුලුවන් කොලඹ 7 විතරයි !
මෙහෙත් විසඳුම සිරස් අතට ගොඩ නැගීම තමයි. දැන් මිනිස්සුත් අකමැත්තෙන් හරි දන්නවා ෆ්ලැට්ස් තමයි විසඳුම කියලා. ඒත් දැන් ලස්සන කරන්න හා නිදහසේ ඉන්න ප්‍රදේශ හදන්න පරක්කු වැඩියිනෙ. විවෘත උයන්වලට ඉඩ තියා හරියට ඇල දොල රිසවේශන්වත් නෑ.
ලංකාවේ පහුගිය දශක වල විශේෂයෙන් අසූ ගණන්වල සහ අනූ ගණන්වල මනා නාගරික සංවර්ධන සැලසුම් තිබුණේ නෑ දැනටත් අඩුයි බ්‍රිතාන්‍ය පාලන සමය තුල කොළඹ නගරය සැලසුමකට අනුව හදල තියෙනවා, කොටි හත ගෝල්ෆේස් කෝල්ලුපිටිය වගේ ලංකාවේ උන් ඒවත් ජරාකරගෙන උදාහරණ විදිහට ගෝල්ෆේස් එකත් දැන් කාල තියෙනව
Deleteඔය වගේ නාගරික සංවර්ධනය, පරණ ගොඩනැගිලි Restoration සහ Reuse කරන එක වගේ දේවල් Heritage development and tourism management වගේ විෂයයන්ට කිසිම තැනක් නෑ
තීන්දු තීරණ ගත යුතු පිරිසට නායකත්වය දිය යුතු දේශපාලනය කරන අය සත පහකට වැඩක් නැති ගොබ්බ රැලක්, දියවන්නාවේ ඉන්න කයි පප්පලා 225 ට අලුතෙන් තව කයිවාරුකාර නිකම්මු ටිකක් බෝ කරන එකම විතරයි, ඔය සජබෙයි එජාපෙයි පොහොට්ටුවෙයි මාලිමාවෙයි අන්තරෙයි ලොක්කොන්ගේ ළමයි සහ ඊළඟ දෙවෙන පරපුරේ උන් මහජන මුදල් නාස්ති කරමින් දිගටම සිස්ටම් එක පවත්වාගෙන යන්න ඊළඟ සෙට් එකට පුරුදු වෙනවා විතරයි.
වෙලාවට අපිනම් ලංකාව දාල මාරු වුණ නිසා ගොඩ කියලා කියන්න පුලුවන්, ඒත් ලංකාවේ මිනිස්සුන්ට සහ ඊළඟ පරපුරට හොඳ ජීවන තත්ත්වයක් ඇතිව ඉන්න නම් ලංකාව සේරටම කලින් රටේ ආර්ථිකය නැංවීමට සහ ස්ථාවර කර ගැනීමට අවශ්‍ය ඍජු පියවර ගැනීම අත්‍යවශ්‍යයි නමුත් ඒ ගැන ඔය නිකමුන්ගේ කිසිම අදහසක් හෝ කිසිම වගක් නෑ.
තව උදාහරණ විදිහට බලන්න ලංකාවේ අපනයන කර්මාන්ත වලට වෙලා තියෙන දේ?
ගෝලීය WTO එක නිදහස් වෙළඳපොල ක්‍රමය විස්වාස කරන එයමත ගොඩනැගී ක්‍රියාත්මක වන නිසා ජාත්‍යන්තර වෙළඳපොළ මත යැපෙන ඕනෑම ව්‍යාපාරයක් සාර්ථක වීමට දේශීය මෙන්ම ගෝලීය සාධක කිහිපයක් බලපානවා. මෙම සාධක ගතිකයි (dynamic). ඒවායේ හැසිරීම පිළිබඳව මනා විමර්ශනයක් සහ නිරන්තර අධ්‍යනයක් නොකිරීම දැඩි අවාසියකට පාර කපනවා.
ලංකාවේ පසුගිය වසර හය හත තුල සිදු වූ වෙනස්කම් (ලංකාවට වඩා අඩු වියදම් සහිත ශ්‍රම බලකායක් ඇති රටවල් කිහිපයකම භාණ්ඩ නිමාවේ ගුණාත්මක බව ඉහල යාම, ලංකාවේ දේශපාලනික සහ ආර්ථික අස්ථාවර භාවය. ලෝක වෙළඳ පොළේ ආර්ථික පසුබෑම ආදිය) බොහෝ ඉහල තලයේ ව්‍යාපාරිකයන් හඳුනා ගත්තා. මේ නිසා ඔවුන් ඉන්දියාව, බංගලිදේශය, වියට්නාමය සහ අප්‍රිකාවේ සමහර රටවලට තම ආයෝජන රැගෙන ගියා. ඔවුන් රැගෙන ගියේ ආයෝජන පමණක් නොවේ ලංකාවේ දශක 3 ක් පමණ වැඩි දියුණු වූ භාණ්ඩ ගුණාත්මකබාවය, කළමනාකරණ දැනුම සහ ලංකිකය සතු නිර්මාණශිලිත්වයයි. මේ නිසාම ලංකාවට සිදුවන අවාසිය වඩ වඩාත් වර්ධනය වුණා. මේ බව රජය නොදුටුවා සේ සිටියා. සුළු සහ මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම සේවකයන්ටද මේ පිළිබඳව දැනුමක් තිබුණේ නැහැ.
ලංකාව ඇඟළුම් ක්ෂේත්‍රය අතහැර ඩිජිටල් fashion design, AI, robotics, smart IT ආදී නව ව්‍යාපාර කෙරේ යොමුවීමට තිබුණේ මීට වසර 5කට පමණ පෙර බව මගේ හැඟීමයි, ඉදිරියේ අප්‍රිකාවේ රටවල්වල වේගවත් ආර්ථික සංවර්ධනය සමග චීනයේ ඇති චීන සහ සමහර බහුජාතික සමාගම්වල ඇතැම් ලෝටෙක් කර්මාන්ත ශාලා අප්‍රිකාව දෙසට විතැන් කිරීම සහ චීන ආර්ථිකය හයිටෙක් සංවර්ධිත ආර්ථිකයක් ලෙස ඊළඟ පියවරට යාමත් සමග ලංකාවට ඇපත් නැති වන බව අවබෝධ කරගෙන දැන්වත් ඒකට පියවර ගත යුතුයි ඔය වගේ මෙලෝ වැඩකට නැති රට බයිලා නවත්වලා, ඔබට පුළුවන් නම් ඒකට මොනව හරි කරන්න උත්සාහ කරන්න.
Pra Jay, එංගලන්තයේ කිව් උද්‍යානය ගැනයි, Hampton Park එක ගැනයි, කුඩා ගෙවතු ගැනයි ඉස්සරහට ලියවෙන්න තියෙනවා. මං ගොඩක් impress වුණු කරුණු තුනක් ඒ.
Deleteගොඩක් ස්තුතියි Ano, කියවන අයව තවත් දැනුවත් කිරීම වෙනුවෙන්.
Deleteමේන් එන්ට්‍රන්ස් එක ගාවම වොෂ් රූම් එකක් තියෙන්නෙ ගෙදරට එන එකා නාවලම ගන්න වෙන්න ඇති. හැක්..
ReplyDeleteපහල තට්ටුවෙ තියෙන, ඒ පොඩි වොෂ් රූම් එකේ ෂවර් එකක් නෑ. ඒකට කියන්නෙ "පවුඩර් රූම්" කියලයි. හැක්...
Deleteබලන්නකෝ ප්‍රසෝ ඒකෙත් හැටි! පවුඩර් room... අදමයි මමත් ඒ නම ඇහුවෙත්.
Deleteඔයා හරි බස්සා මහත්තයෝ. ඒ කාමරයේ තිබ්බේ කොමඩ් එකයි චූටි සින්ක් එකකුයි විතරයි.
මම ඒ පව්ඩර් room එක පාව්ච්චි කළෙම නෑ!
DeleteSerious question, how did you clean after absolutions then? There are any bidets or bidet showers in most houses, so Sri Lankan’s find it tough not being able to use water lol
DeleteCorrection “ there aren’t any bidets or bidet showers”
Deleteඅපේ ගෙදර ලොකු wash room එකෙත් බිඩේ ෂවර් එකක් තිබ්බේ නෑ. නමුත් අවැසි විටෙක වතුර පුරවාගත හැකි කුඩා
Deleteප්ලාස්ටික් බාල්දියක් තිබුනා. නමුත් හැම ගෙදරකම තියෙනවා වගේ ටොයිලට් පේපර්ස්තුත් තිබුනා.
කියවන අපිට සාධාරණයක් කරන්න ඔච්චර මහන්සි වෙනකොට කියවන්නේ නැතුව ඉන්නේ කොහොමද.
ReplyDeleteසහතික ඇත්ත චමින්ද අයියේ, ලංකාවේ තියෙන ජඩ මාධ්‍ය ආයතන වලට සාපේක්ෂව මේවගේ බ්ලොග් ලියන කියවන අය දාහෙන් සම්පතක් මෙහෙම මහන්සි වෙලා ලියන එකට වෙනමම සම්මාන ප්‍රදානය කළ යුතුයි කියලත් හිතෙනව නේද?
Deleteමොකද අවුරුදු තිස් හයක මගේ ජීවිත කාලය පුරාම ලංකාවේ දේශපාලන පක්‍ෂ වලට වාල් කම් කරන උන් හැදිලත් නෑ ලංකාවේ ජඩ මාධ්‍ය සංස්කෘතිය හැදිලත් නැති බව සහතික කර කියන්න පුළුවන්.
අපි මෙතනදී මාධ්‍ය ගැන යමක් කියන්න ඕන දැන් චමින්ද අයියා නිකමට හිතන්නකෝ ලංකාවේ ඉන්න Playboy type කොල්ලෙක් ( හිතමු රාජගිරියේ එකෙක්) ආසාවට Pain room එකක් එහෙම නැත්නම් Re.d room එකක් හදලා තිබ්බා කියලා. ඒක දැකපු ලංකාවේ පත්තර වල එහෙම නැත්තං ප්‍රවෘත්ති වන කොහොම කියයිද?
මෙහෙම නෙවෙයිද?
සිරස මීඩියා නෙට්වර්ක්/ නිව්ස් පස්ට් - Breaking news. අප දැන් යොමු වෙනවා එම ලෝකයේ එතෙක් මෙතෙක් හමුවූ අතිශය භයානකම වධකාගාරය තුල දර්ශණ වෙත. මෙන්න බලන්න... මේක... මෙන්න මෙහෙමයි මේක ක්‍රියාත්මක කරලා තියෙන්නේ... (රඟපා හාන්සි වී පෙන්නයි..)
සියත මාධ්‍ය ජාලය - රාජගිරියේ තරුණයක්ගේ නිවසක වධකාගාරයක්. මාස ගාණක් විවිධ තරුණියන්ට වද දීලා.
දිනමිණ - නැවතත් භීෂණයක් ? රාජගිරියේ නිවසක වධකාගාරයක්. පොලීසිය සීරුවෙන්.
ස්වර්ණවාහිනී - කෘර ලොව තුල ඔබ , දැනගෙන යන මග , සැම විට මිණි කැට , ලලනාවනි පරිස්සමින්. පේනවනේ කුරිරු ලෝකයේ හැටි රාජගිරියේ රතු වධකාගාරයක්.
හිරු - රාජගිරියේ වධකාගාරය . ක්‍රිකට් ක්‍රීඩකයෙක් සොයා පරීක්ෂණ.
රූපවාහිනි - රාජගිරියේ හදිසි තත්වයක්.
අද දෙරණ - හදිසියේ රාජගිරියෙන් මතුවු පුදුමාකාර වධකස්ථානය... ඇත්ත දැනගන්න රැඳී සිටින්න අප සමග... etc..
ඔන්න ඔය වගේ... එහෙම නේද?
කියවීම සම්පූරණ මිනිසෙකු බිහි කරයි නම්, කියවන්නට ලියන විටදී ගොඩක් සැලකිල්ලෙන් ඒවා ලියන්න ඕනි නෙව චමින්ද මහත්තයෝ.
Deleteඇනෝගේ පරිකල්පනයත් මරු!
දෙන්නාටම ස්තුතියි!!
නීලියා අවංක, බුද්ධිමත් කෙනෙක් කියල හිතෙනවා. අපරාදෙ නිමොල්ට නිලීයාව බැඳගන්නයි තිබුනෙ. ඔහොම පාට්නර්ල හම්බ වෙනවා අඩුයි. ඇත්ත කියලා , ඕපන් මැරේජ් එකකට කැමති කරව ගන්න වගේ එකක. දැන් මෙහෙමයි කියන්න ඕනෙ:
ReplyDeleteනිමොල්: නීලියා, මම ඔයා හිතන උප්පාසක පූෂෙක් නෙමෙයි. ඔහොම ඉන්න බලන්න, මම අල්ලපු මීයො ගාණ බලන්න. එකයි, දෙකයි..............අසූ පහයි.......
ඒ කාලෙම මෙහෙම උපදේශ හම්බ වුණා නං.....
Deleteබැන්දනම් මෙහෙ ඉඳගෙන බ්ලෝග ලියනවනේ අපි දෙන්නම . ඉඳල හිටලා ඩ්‍රින්ක් එකකට සෙට් වෙන්නත් තිබ්බ. ඉවානයත් ඉන්න එකේ 😀
Deleteඑහෙමද අජිත් මහත්තයට හිතෙන්නේ?
Deleteමම දන්නා ඉන්දියන් පොරක් හිටිය එහෙම. තවමත් ඉන්නව ෂෙපඩ් බුෂ් පැත්තේ ෆාමසියක මෑන් ෆාමසිස්ට්. අම්මලාගේ කීමට පොරම ඉන්දියන් කෙල්ලක් බැඳලා. හැබැයි කෙල්ල ලෙස්බියන් මූ gay. උන් හතරදෙනා අපට හම්බවුනේ පාටියක දී. පවුල් වලට පෙන්වන්න ළමයෙකුත් හදාගෙන ඉන්නේ. ඌ කියන්නේ ඌ කාටවත් වරදක් කලේ නැහැ. මව්පියන්ටත් ඒ ගොල්ලන්ගේ මුණුපුරා දුන්න. මෑන් නුත් හොඳින් ඉන්නව කියල. ගෙදර ඇරෙන්ජ්මන්ට් එකනම් දන්නේ නැහැ. ඒ වගේ දේ ගැන වපර ඇහින් මෙහෙ බලන්නේ නැහැ මම දන්නා විධිහට
Deleteඅජිත් මහත්තයෝ, ඔයාගේ comment එක කියවද්දී එක පාරටම මගේ ඔලුවට ආවේ මේක:
Deleteළිඳ මගේ නම්, මම ළිඳේ නම් කාටවත් ඇයි වේදනා!
බෑ ලීලා, මම ඔහාට ඇවිත් බෑ. මගෙ ළඟින්ම එහා පැත්තෙ සීට් එක book කරල තියෙන්නෙත් මගෙ යාළුවෙක්!”//
ReplyDeleteහපොයි .....නීලියගෙ වෙන්ඩ මහත්තයා ද ඒ සිට එකේ ඉදගත්තේ ?
ඊළඟ කොටසින්... ලලිත්!
Deleteඅද කොටස නියමයි.
ReplyDelete//ආපහු නියම පීල්ලට වරෙං නිදි//
අද එහෙම එකක් තේරුනේවත් නෑ. ආන්න එහෙම තමයි වංගුව ගන්න ඕනෙ, ඇඟට නොතේරෙන්න. අර කනේ වැලි ගෑවෙන්න ගත්තාම තමයි..... ඒත් එහෙම කිව්වෙත් අහිතකින් නෙමෙයි, මේ කතාවට ඇති කැමැත්ත නිසයි.
ආයෙමත් ස්තුතියි බස්සා මහත්තයෝ.
Deleteයකූ අර විදියට නාන එකෙන් නම්... ඉවසීම පුරුදු වෙතෑකි 😂
ReplyDeleteඇත්තමයි නමී. ඒක හරියටම පේ වෙනවා වගේ වැඩක්.
Delete+++++
ReplyDelete+++++ස්තුතියි ඉයන් මහත්තයෝ+++++
Deleteචීනෙ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙනවා "දේශපාලන මඩ" බියුරෝ එකක්. ඒකට "50 cent army" කියල කියන්නෙ, කමෙන්ට් එකකට සත පනහක් ගෙවන නිසා බව කියැවෙනවා. අන්‍රයියත් "සමාජවාදී" චීනෙන් ඉගෙන ගෙන එහෙම එකක් අටවගෙන වත්ද කියලා සමහර කමෙන්ට් දැක්කාම හිතෙනවා.
ReplyDeleteඉස්සර කතාව, කමෙන්ට් වලින් තවත් අලංකාර වුනා. ඒත් දැන් මේකත් දේශපාල රැස්වීමක් ගාණයි.
එක එක්කෙනාගේ රිස්සනේ මහත්තයෝ...
DeleteSmall correction bro, please don’t take any offence. Heathrow has had a night curfew since the 60s, so it’s likely that your beauty sleep was disturbed by early morning flights, arrivals between 0430 and 0600. Also the worlds busiest during that time in the 80s was Chicago’s O’Hare airport. But no harm done, Heathrow is one of the busiest for international flights.I am an aviation buff so apologies for being anal ( lol pun unintended) about facts.
ReplyDeleteනිවැරදි තොරතුරු සැපයීම වෙනුවෙන් ගොඩාරියක් ස්තුතියි Anonymous මහත්මයා.
Deleteඒවා තමයි යුතුකම්! නමුත් මම ලියා ඇති දේ එහෙමම තියෙන්න අරින්නම්. මොකද අපේ ඩැඩා මට කියපු දේවල්නේ ඒ.
ලන්ඩනයේ විත්ති තවත් ලියවෙන නිසා කරුණාකර අඩුපාඩු පෙන්වා දෙන්න, හොඳ මහත්තයා වගේ.
පොස්ට් කියවන්න වෙන්නෙ...වැඩ කරනගමන් සුද්දියන්ට ජන්ගි මහන ගමන් හින්දා සමහර තැන් අත ඇරුනා..
ReplyDeleteමඟ හැරෙමින් වුණත් කියවනවාට ගොඩක් ස්තුතියි මෙන්ඩා! කොයි දේටත් කලින් රාජකාරි කරලා ඉන්න එපැයි.
Deleteඅර කිව්ව "උද්‍යාන වරුනාව" ගැනත්, රසවත් ලිපියක් බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteමහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් එංගලන්තයේ රැකියාව කරන කාලයේ දී, එක්තරා දිනක ඔහු උයන් කොනක වාඩි වී පරිසරය විඳින දැරියක් ව දකී. එම දැරිය සීත හුලං පිරුණු පරිසරයේ හිඳ එම හුළඟින් ගසාගෙන යන වියළුණු රන් පැහැ ගස් කොළන් වල පත්‍ර දිහා ඉතා ආශාවෙන් බලා සිටියි. එම සුන්දර දැරිය හා එම පරිසර වර්ණනාව මහාචාර්ය මහේන්ද්‍රයන් අතින් පද කිහිපයකින් ලියවී පසුව ගීතයක් බවට පරිවර්තනය වෙනවා
https://www.youtube.com/watch?v=y68oaXFVMcM
ස්තුතියි බස්සා මහත්තයෝ. මගෙ මතකය නිවැරදි නම් තිස්ස අබේසේකර ශූරීන් මේ ගීතය ගැන ඉරිදා ලක්බිම පත්තරයට ලිපියකුත් ලිව්වා.
Deleteහොයන්න try කළා. හරි ගියේ නෑ. අයාලේ ගිය මතක සටහන් ලිපි පෙළ වගෙය් මතක.
ෂා, මේක නියමයි. අර ඇතුලෙ පිංතූරයි, ගෙවල් වල ඉදිරි පෙනුම වගේම බැක්-යාඩ් එකත් එක්ක දැන් ඔක්කොම සම්පූර්ණයි. මේකට නිදිගෙ විස්තර කිරිල්ලත් මුහු කලාම, ජාඩියට-මූඩිය වගේ තියෙයි.👌🙏
ReplyDeletehttps://www.oag.com/en/busiest-airports-world#:~:text=Calculated%20using%20international%20frequency%20only&text=The%20busiest%20airport%20for%20international,is%20London%20Heathrow%20(LHR).
ReplyDeleteඅම්මට සිරි! මේ තියෙන්නේ තවත් යාවත්කාලීන තොරතුරුත්, ස්තුතියි අජිත් මහත්තයෝ.
Deleteසමහර කවුන්සිල් ගෙවල් අතුල සෑහෙන්න ලොකුයි
ReplyDeleteඅපි ඉස්සර රුසියාවේ ඉඳන් සමර් එකට ආවහම බංග්ලාදේශ් එවුන්ට අයිති කවුන්සිල් ගෙවල් වල තමා නතර වෙන්නේ. ඒවා කුලියට දෙන්න තහනම් නිසා ගාන අඩුයි. දැනුත් ඔය සීන් එක එහෙම්මමයි. බංගලි, පකිස්තාන් , ඉන්දියන්, ශ්‍රී ලන්කන් කට්ටිය දුක කියල , රස්සා නැහැ කියල ඔය ගෙවල් ගන්නවා. ඊට පස්සේ හීන් සීරුවේ ගෙයක් මොර්ට්ගේජ් කරලා ගන්නවා. කවුන්සිල් ගේ කුලියට දෙනවා. ඕක තමා බිස්නස් එක. එහෙම කරගෙන හිටිය කෙනෙක් පස්සේ අප්‍රිකාවේ බිස්නස් කරලා සෑහෙන ධනපතියෙක් වුනා. ලංකාවේ පත්තරෙත් ගියා.
ReplyDeleteඅහා! දැන් තේරෙනවා ඇයි සැසිල් වගේ සුද්දො අපේ අය දිහා වපර ඇහෙන් බැලුවෙ කියලා.🤔
Deleteඔහෙ පලයන්!!!
Deleteහොඳ හොඳ සෙල්ලම්!
සුද්දන්ට ඒ වැඩේ අල්ලන්නේ නැහැ. උන් දන්නවා ගේම් යනවා කියල. ඇෆ්රිකන් එවුන් ඊට එහා ගේම් දෙන්නේ. වෙලාවක ලියන්නම්.
Deleteඔයා එංගලන්තේ ඉන්න එකේ, විස්තරත් දන්න එකේ, ලියන්නත් ඇහැකි එකේ... ඉක්මනින්ම ලියමුකො අජිත්!
Deleteස්තුතියි, ස්තුතියි, ස්තුතියි, ගොඩක් ස්තුතියි Ano මහත්තයෝ. එවා තිබුණු link එක මසුරං වටිනවා.
ReplyDeleteලොකුම කාරණේ මගෙ මතකය ගොඩක් දුරට නිවැරදි බව ඔයා එවලා තියෙන plan එකෙන් ඔප්පු වීම.
මෙතෙක් නොකළ දෙයක් කරන්ටත් හිතුනා, ඒක දැක්කම. ඒ plan එකත් post එකට ඇතුළු කරන්න.
ඒත් ඒක කොපි කර ගන්න බෑ. (මං ඔය හුටපට දන්නේ යාන්තමින්.) ඒ පාර නමීට පණිවිඩයක් දුන්නා - වැඩේ කරලා දෙන්න ඇහැකිද- අහලා. ඒ යෝධයා ඒ plan එකේ කොපියක් දැනටමත් ඊමේල් එකෙන් එවලා ඉවරයි.
ඔයාලගේ commentsවලට උත්තර දීල ඉවර වෙලා post එක update කරන්නය් හදන්නේ පින් දිදී!
තව ඉදිරියටත් මෙහෙම උදව් කරන්න, හොඳේ!!
Hey Nidi, least I can do, been following you since ever lol there’s a lot that I have know that resonates with your writing of people and places, so it’s a pleasure. You probably know that Mrs Celia (nurse at Gen Hospital) whoyou have written about previously has grand children in UK ( Her son Lalith’ s Children) just an example that Sri Lanka is a small village lol
ReplyDeleteඔබගේ ප්‍රතිචාරය වෙනුවෙන් මෙන්න මගේ නොවක් තුතිය.
ReplyDeleteවිශේෂයෙන්ම ඔයාත් සෑහෙන්නට විස්තර දන්නා බැව් පෙනෙන නිසා....