ඉන්ධන, හාල්, කිරිපිටි
වගේම ගෑසුත් මිල ඉහළ ගියා. හැබැයි, ගෑස්
මිල නුදුරු දිනයකම නැවතත්; තවත් ඉහළ දාන්න.... |
“මෙච්චර
කාලෙකට මට ඔයා වගේ කෙනෙක් මුණ ගැහිලා නෑ ශිහාන්.
ඔයා එන්න-එන්නම ශක්තිමත් වෙනවා... හරිම පුදුමයි.... ඒත් මම නං බාගෙට
මැරිලා....”
“ශිහාන්?” වෙනස්
පිරිමි කටහඬක් නැඟුණේ අඳුරෙනි.
“... මම
ජනක. ශිහාන් අන්න එළියෙන් වාඩි වෙලා පෝලිමේ එන අපෙන් දහදාහ ගානේ අය කරනවා.”
ඒ
පසුගිය කොටසේ අන්තිම ටික.
ඔන්න ආයෙමත් පෝලිමට බඩුවල මිල වැඩි වේගෙන එනවා; රැල්ලට වගේ. ඉන්ධන, හාල්, කිරිපිටි වගේම ගෑසුත් මිල ඉහළ ගියා. හැබැයි, ගෑස් මිල නුදුරු දිනයකම නැවතත්; තවත් ඉහළ දාන්න වෙනවය කියලාත් ප්‍රකාශයක් දැනටම කෙරිලා! ඒ ප්‍රවෘත්තිය කියවලා ඉවර වෙලා fb පැත්තට ගියාම පංකාදු posts, සිංදු හෙම ගොඩාරියක් දැක්කා.
මගේ මිම්මෙන් නං, හොඳම
ගීතය තිබුණේ ඉවාන් පව්ලූෂාගෙ වෝලයේ.
ඉවාන් පව්ලූෂාත් ඉස්සර
blog රචකයෙක්, දැන් fb එකේ බින්න
බැහැලා!
මේ අපූරු ගීතයේ පාදවල
මාත්‍රා ගණන් එහෙම හරියටම හරි, කවුරු හරි කෙනෙකුට කැමතියි නං සංගීතය එක්කම, මේ පදමාලාව
මුල් තනුවට අනුවම ගයන්නත් ඇහැකියි.
එහෙම ගායනා කරනවා නං
ඉතිං පද රචකයා එක්කත් කතා කරලා අවසර ගන්න වෙයි! මං නම් ඉවාන්ගෙන් අහන්නේ නැතිවම
සිංදුව උපුටා ගත්තා මදිවට, මාතෘකාවකුත් දැම්මා පෙනුම වැඩි වෙන්න.
අයියණ්ඩියේ
උඹ නෑවිත් හිටි දවසේ - ගිනි ඇවිළුණා තඩි නැවකට අපෙ මූදේ |
‘අයියණ්ඩියේ උඹ
නෑවිත් හිටි දවසේ
ගිනි ඇවිළුණා තඩි නැවකට අපෙ මූදේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද මම රජ වුණ අද දවසේ
අම්මගෙ සොහොන
හදලා මම ඇනගත්තේ
පාලන මිලට හාලුත් ඇටයක් නැත්තේ
ගැසු ගැසු ගැසට් මී බෙටි ලෙස විසි වෙන්නේ
ඩඩ්ලිත් අනේ අයියේ කෝචොක් දැම්මේ
ගංවල හංදි
ගානේ රැස් වූවාම
චීනගෙ පෝර වක්කරගෙන නෑවාම
හොඳටම කරයි හිතලා ඇනගත්තාම
උඹට සැපක්දෝ මට කෙළවී යාම’
සින්දුව කියවලා හරි
ගායනා කරලා හරි ඉවරයි නං, පොතෙනුත් කතා කිහිපයක් කියවමු නේද.
29. විකල්පය
මිස්ටර්
ශර්මා ගෙදරට ගොඩ වැදෙනවාත් එක්කම මිසිස් ශර්මා හිනාවීගෙන ඉස්සරහට ආවා, මහත්තයාව
වැළඳ ගත්තා.
“ඔයාට
දැන් සනීපයි වගෙනෙ... ගියාද ඩොක්ටර්ව හම්බ වෙන්න?”
“ඒක තමයි....” මිසිස්
ශර්මා කෝල හිනාවක් දැම්මා.
“මොකද
ඩොක්ටර් කිව්වේ.....”
දැන්ම
කලබල වෙන්නවත් කාටවත් කියන්නවත් එපාලු... |
ඊට
පහුවදා උදේම ටෙලිෆෝන් කෝල් එකක්... මිසිස් ශර්මා උත්තර දුන්නා.
“ගුඩ්
මෝනින්!”
“ගුඩ්
මෝනින්!! මේ කතා කරන්නෙ රිලයන්ස් ඒජන්සි එකෙන්... කාටද මං මේ කතා කරන්නෙ? මිසිස්
ශර්මාටද....”
“ඔව්...
ඔව්. මිසිස් ශර්මා තමයි...”
“අපට
බොහොම කනගාටුයි, මිසිස් ශර්මා. මාසයක් පරක්කුයි නේද?” රිලයන්ස්
ඒජන්සි එකෙන් කතා කළ කෙනා ඇහුවා. මිසිස් ශර්මා හොඳටම කලබල වුණා!
“කොහොමද ඔයාලා හරියටම දන්නේ?”
“ඇයි
මිසිස් ශර්මා, මාසයක් පරක්කු වෙන කේසස් ඔක්කොම වෙනමම
මෙහෙ සටහන් වෙනවනෙ...”
“මොනවා!
ඔක්කොම ඔහෙ සටහන් වෙනවා....”
“සත්තකින්ම!
අපට වැරදීමක් වෙන්නෙ නැහැ.”
“අනේ
මන්දා මොනවා කියන්නද කියලා...මේ ගැන අපේ මහත්තයාට කියන්න ඕනි.... එයා තමයි සේරම
තීරණය කරන්නෙ....” මිසිස් ශර්මා කීවා.
මේකට එක
රුපියලක්වත් මම තමුසෙලාට ගෙවන්නෙ නෑ! |
“මම
මිස්ටර් ශර්මා... තමුසෙලගෙ ෆයිල්වල මොනවද අපි ගැන තියෙන්නෙ, කියනවා
බලන්න....”
“කලබල
වෙන්න එපා මිස්ටර් ශර්මා... අපේ ලිපිගොනු අනුව දැනටමත් මාසයක් පරක්කුයිනෙ. ඉතිං
පුළුවන් තරම් ඉක්මනින් ගෙවනවා නම්.....”
“ගෙවන්න?
ගෙවනව මං...! මම මොකටද මිනිහෝ තමුසෙලට ගෙවන්නේ? මේකට එක
රුපියලක්වත් මම තමුසෙලාට ගෙවන්නෙ නෑ.....” මිස්ටර්
ශර්මා කඩා පැන්නා; පුපුරා හැලුණා.
“සමා
වෙන්න මිස්ටර් ශර්මා. එහෙම වුණොත් කනගාටුවෙන් වුණත් අපිට සිද්ද වෙන්නේ....” පුළුවන්
තරම් ආචාරශීලීව උත්තරය ආවත්, මිස්ටර් ශර්මා කතා කළේ
කේන්තියෙන් ගැහි-ගැහී.
“මොනවද
තමුසෙලට සිද්ධ වෙන්නේ?”
“....
කනගාටුවෙන් වුණත් කපලා දාන්න....”
“කපලා
දාන්න? එතකොට මගේ නෝනට මොකද වෙන්නේ?”
“ඒක
නං සර්, අපේ ප්‍රශ්නයක් නොවෙයිනේ.... සමහරවිට
මිසිස් ශර්මාට විකල්පය විදිහට ඉටිපන්දම් පාවිච්චි කරන්න වෙයි!”
(රිලයන්ස්
ඒජන්සි යනු ඉන්දියාවේ විදුලි බලය සපයන සමාගමයි.)
| එවෙලේම කෝච්චිය බිංගෙයකට ඇතුළු වුණා |
ජුන්ඩයි, බණ්ඩයි
දෙන්නම හද්ද පිටිසර ගමකයි උපන්නේ. ගමේම හැදුණා වැඩුණා මිසක දෙන්නගෙන් එක්කෙනෙක්වත්
ගමෙන් පිටට අඩියක් තියලා තිබ්බේ නෑ.
දවසක්
මේ දෙන්නා නගරයට යන්න ආවා. දෙන්නගෙ ලෑස්තිය කෝච්චියෙන් යන්නයි.
වටපිට බල-බලා
කෝච්චියේ එන අතරේ වෙළෙන්දෙක් පෙයාර්ස් විකුණමින් ආවා.
“ආ
පෙයාර්ස් ගන්න... ලාබයි ලාබයි... රසයි! ගුණයි!! බඩගින්නට තිබහට පෙයාර්ස්....” වෙළෙන්දා
කියෙව්වා.
කෝච්චියේ
මඟීන්ගෙනුත් සමහරු පෙයාර්ස් අරගෙන කන හැටි දැකපු අපේ යාළුවො දෙන්නටත් ඒවා ගන්න ඕනෑ
වුණා. අනෙක ජීවිතේට ඒවා කාලත් නැහැනෙ.....
ඔන්න
ජුන්ඩා පෙයාර්ස් ගෙඩි කීපයක් අර ගත්තා. ගෙඩි දෙකක් කප්පවාගෙන දෙන්නා කෑල්ලක් දෙකක්
කෑවා විතරයි, එවෙලේම කෝච්චිය බිංගෙයකට ඇතුළු වුණා.
විනාඩි
දෙක තුනක් ගිහිල්ලා කෝච්චිය බිංගෙයින් එළියට ආවා විතරයි, ජුන්ඩා
බණ්ඩාට මෙහෙම කිව්වා.
“අනේ
බං බණ්ඩො, මෙයින් කෑල්ලක් කෑවා විතරයි ටිකක් වෙලා
යනකල් මගේ ඇස් දෙක අඳුරු වෙලා මොකුත්ම පේන්නේ නැතිව ගියානේ!”
“පුදුමේ
කියන්නෙ බං ජුන්ඩෝ, මටත් එහෙම වුණානෙ. ආයෙමත් මම
නං ජීවිතේටම මේවා කටේ තියන්නේ නෑ.”
31. හපනා
කවුද?
“උඹ
දන්නෙ නෑ මචං මගෙ මොළේ....”
පේනවද? ටොයෝටා
එකක්... මේඩ් ඉන් ජැපෑන්! හරිම වේගවත්! |
“හොඳයි, උඹ
කියන්නෙ උඹ මට වැඩිය මොළකාරයා කියලද?”
“ඔව්!”
“මචං, මං
ඉපදිල මාස පහේදී ඇවිදලා තියෙනවා.... කවුද එහෙම ඇවිදින්නේ?”
“අයියෝ...
උඹ දන්නෑ... මට මාස පහේදී මං අපෙ ගෙදරට එන-යන හැමෝටම කියලා මාව වඩවාගෙනත් තියෙනවා.
හරිද?”
32. මේඩ්
ඉන් ජැපෑන්
ඇමෙරිකාවේ
සංචාරයක යෙදුණු ජපන් ජාතිකයා ආපසු සියරට බලා යාමට සැරසී කුලී රියකට ගොඩ වුණේය. කුලී
රිය පෙරට ඇදෙද්දී ටොයෝටා වර්ගයේ මෝටර් රියක් එය පසු කර ඇදී ගියේය.
“පේනවද? ටොයෝටා
එකක්... මේඩ් ඉන් ජැපෑන්! හරිම වේගවත්...” ජපනා
කීවේය.
තවත්
ටික දුරක් යද්දී මිට්ෂුබිසි රථයක්ද කුලී රිය පසු කළේය.
“ඒක
මිට්ෂුබිසි... ඒකත් මරු. දන්නවනෙ, ඒකත් ජපානේ හදන්නෙ.....” ජපනා
නැවතත් උදාරම්ව කීවේය.
කුලී
රථයේ රියදුරා නොරිස්සුම සඟවා ගෙන නිහඬවම සිටියේය. ඒ සමඟම තවත් රථයක්ද ඉස්සර
කෙරුණි.
“ආ...
අර ගියේ හොණ්ඩා එකක්. ඒකත් ස්පීඩ් කරතෑකි.... ඒකත් ජපන්!” ජපාන
ජාතිකයා තුන්වෙනි වරටත් කිව්වේය.
“දැන්
අපි එයාර්පෝට් එකේ සර්!” කුලී රථයේ රියැදුරා වාහනය නවත්වා ගරුසරුවෙන් කිව්වේය.
“ගණන
කීයද?” ජපනා ඇසුවේය.
“ඩොලර්
දෙසීයයි.” පිළිතුරු ලැබිණි.
“මොනවා....
ඩොලර් දෙසීයක්? ගණන් වැඩියිනේ....”
“පිස්සුද
සර්, මේ මීටරෙත් මේඩ් ඉන් ජපෑන්. හරිම ස්පීඩ්.” කුලී
රියදුරා හිනැහී කීවේය.
තමුසෙලා
නං කියයි.... මගේ කකුල්වලට පෑඩ්ස් බැඳ ගන්නේ නැතිව බැට් කරන්න එන්නයැ.... |
ක්‍රිකට්
උන්මාදය කැලෑ සතුන් අතරත් පැතිර ගොස් තිබිණි.
සත්තු
මහා ක්‍රිකට් තරගයක් සංවිධානය කළහ. කාසියේ වාසිය දිනාගත් පිලේ නායකයා, පළමුවෙන්ම
පන්දුවට පහර දීම ප්‍රතිවාදී පිලට පැවරුවේය.
එම පිලේ
සියලුම ක්‍රීඩකයන් දැවී යන තුරුමත් ආරම්භක පිතිකරුවාට පිටියට පිවිසීමට නොහැකි
වුණේය. “තමුසේ දැන්ද එන්නේ? අනිත්
ඔක්කොමලා අවුට් වෙලත් ඉවරයි. දැන් බම්බු ගහගන්නවා. මෙච්චර වෙලා තමුසේ කොහෙ මකබෑ
වුණාද?” අන්තිමේදී ආරම්භක පිතිකරුවා ක්‍රීඩා
පිටියට දුවගෙන එද්දී සගයෝ ඇසූහ.
“තමුසෙලා
නං කියයි.... මගේ කකුල්වලට පෑඩ්ස් බැඳ ගන්නේ නැතිව බැට් කරන්න එන්නයැ....” ආරම්භක
පිතිකාර පත්තෑයා කීවේය.
අතිදක්ෂ ප්‍රවීන blog රචකයෙකු වෙන ‘මාතලන්’ fb එකෙත් වැඩ
පෙන්වනවා. මාතලන්ගෙ ‘මැණිකේ හා බෆලෝ කූඩැල්ලා’ පෝස්ටුව කියවනකොට මට
නං ලජ්ජාවේ බැරිව ගියා. මහ ලොකුවට blogs ලියන්නත් පටන් අරගෙන
තිබුණට මං ලියන්නේ ‘මැල්ලුම්’ නේද කියලත් හිතුණා.
ඒ post එක හිනා කන
එකක්! ඒකට comment
කරලා තියෙන
ඇත්තෝ ලියා තියෙන කතන්දරත් එකකට එකක් දෙවෙනි නෑ.... පැණි වෑහෙනවා....
එව්වයේ කොලිටිය බලා
ගන්නකො මේ කතාව කියවලා. (මේ සාම්පලයක් විතරයි. එහාටම යන්න කියලයි මේ
link එක දාන්නේ.)
මාතෘකාවක් දැම්මාම ලකයක් තියෙන නිසා ඒක දැම්මේ, මං වහන්සේ.
ජිද්‍රවල තරම
‘මත්ද්‍රව්‍යවලට
ඇබ්බැහි වී සිටි සරසවි සිසුන් දෙන්නෙක්, මත්ද්‍රව්‍ය භාවිත
කරමින් සිටියදී පොලීසියට කොටු වුනා. දෙන්නවම උසාවියට ඉදිරිපත් කළා. විනිසුරු, දෙන්නා ගැනම
තොරතුරු විමසලා, අමුතු ආකාරයේ තීන්දුවක් ගත්තා.
ඔව්
කියමු බලන්න, තමුන් කී දෙනෙක්ව මත්කුඩු බීමෙන් මුදාගත්තද කියලා. |
ඔන්න ඉතින්
මාසෙකට පස්සේ පොලීසිය ආයෙත් මේ දෙන්නව උසාවියට ගෙනාවා.
එක්කෙනෙක්
තරුණයන් හත් දෙනෙක්ව අරන් ඇවිත් තිබුණා.
අනිත් එක්කෙනා එක්ක මහා සෙනඟක් ඇවිත් හිටියා.
දැන් විනිසුරා
කරුණු විමසනවා. අර සුළු පිරිසක් එක්ක ආව කෙනාගෙන් මුලින්ම කරුණු විමසුවා.
‘ඔව් කියමු
බලන්න තමුන් කී දෙනෙක්ව මත්කුඩු බීමෙන් මුදාගත්තද කියලා.’ නඩුකාරතුමා
ඇහුවා.
‘ස්වාමීනී, මම මගේ
යාළුවන් හත් දෙනෙක් කුඩු බීමෙන් ඉවත් කරගත්තා.’ අර විශ්ව විද්‍යාල
සිසුවා පිළිතුරු දුන්නා. ‘කොහොමද ඒක කළේ?’ විනිසුරුතුමා
ඇහුවා.
‘හරි සරල ක්‍රමයකට
ස්වාමීනි. මම කොළයක් අරගෙන ඇන්දා රවුම් දෙකක්. පළවෙනි රවුම ලොකුයි; O, දෙවැනි එක
පොඩියි;
o. O සහ o.
මම මේ සහෝදර
ශිෂ්‍යයන්ට ඒ රවුම් දෙක පෙන්නලා කිව්වා, ‘මල්ලි මේ බලන්න, මෙන්න කුඩු
බීලා හිරේ යන්න කලින් ඔයාලගේ මොළේ තරම තමයි, මේ ලොකු රවුමෙන්
පෙන්නන්නේ. මේ පුංචි රවුමෙන් පෙන්නන්නේ කුඩු බීලා අහුවෙලා, හිරේ ගිහින්
එළියට එනකොට ඔයාලගේ මොළේ තරම කියලා.
මෙයාලා ඒක
හොඳින් තේරුම් අරගෙන, කුඩු බීමෙන් ඉවත් වුණා’.
විනිසුරුතුමා
බොහොම සතුටට පත්වුනා.
‘කෝ ඊළඟ
එක්කෙනා’
කියලා
අනිකාටත් කතා කළා.
| ‘මල්ලිලා, මෙන්න උඹලා කුඩු බීලා අහුවෙලා හිරේ යන්න කළින් උඹලාගේ ගුද මාර්ග ජිද්‍රයේ ප්‍රමාණය; o’ |
ඔන්න ඉතින්, අර දෙවැනි
විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තමන් කළ දේ විස්තර කළා.
‘ස්වාමීනි මම 156 දෙනෙක්ව කුඩු
බීමෙන් ඉවත් කරගත්තා. මමත්, මගේ යාළුවා වගේම
කොළයක් අරගෙන රවුම් දෙකක් ඇන්දා. පළවෙනි එක පොඩියි. දෙවැනි එක ලොකුයි. o, O.
මම මගේ
යාළුවන්ට කිව්වා....
‘මල්ලිලා, මෙන්න උඹලා
කුඩු බීලා අහුවෙලා හිරේ යන්න කළින් උඹලාගේ ගුද මාර්ග ජිද්‍රයේ ප්‍රමාණය; o! මෙන්න… ගිහින් ආවට
පස්සේ O!!
කෝමද ඒක?’
එහෙම නං ආයෙමත් ‘හිනා තවත්
හිනා’
පොතේ යාන්ස්
කීපයක් කියවමු. එයිනුත් අපි කතන්දර 33ක් දැනටමත් කියවලා
ඉවරයිනෙ. මෙන්න ඊළඟ එක:
34. පළමුවැන්නා
“මම
හරි වාසනාවන්තයෙක් සුජා... ඔයා වගේ ලස්සන කෙල්ලෙකුට ඉස්-ඉස්සෙල්ලාම ආදරේ කරපු කෙනා
වෙන්න ලැබිච්ච එක කොයි තරං දෙයක්ද... එහෙම නේද?”
“ඔව්
අනේ! ඒත් හැම පිරිමියාම වගේ ඔය කතාවමනේ මට කියන්නේ!” ඇය
කීවාය.
| නෑ නෙවෙයි මචං, ඔව්! ඊට පස්සේ මූට පුළුවන් සුපර් මාර්කට් ගිහිල්ලා බඩු ගේන්නත්... |
සුජිතුයි
අජිතුයි දෙන්නා හොඳ යාළුවො. දෙන්නම හොඳ හැන්ඩියෝ, රස්සාව
‘සේල්ස් රෙප්’. දෙන්නම
බැචුලර්ස්ලා!
හැබැයි
හැම තිස්සෙම දෙන්නම බැලුවේ, අනෙත් එක්කෙනාට වැඩිය චුට්ටක්
හරි ඉහළින් ඉන්න; කැපී පේන්න.
ඔන්න
දවසක්දා අජිත් ආවා සුජිත්ගේ ඇනෙක්ස් එකට. සුජිත් බල්ලෙක්ව ගෙනල්ලා. එදා තමයි අජිත්
ඒ බව දැන ගත්තෙත්.
“ෂා... නියම කුක්කෙක්නේ...” අජිත්
කිව්වා.
“කුක්කෙක්? අනේ
මචං උඹ දන්න තරම. උඹ දන්නවද මෙහෙම පුංචියට හිටියට මෙයාට කරන්න පුළුවන් දේවල්...?” සුජිත්
උත්තර දුන්නෙත් ප්‍රශ්නෙකින්.
“මොනවද
පුළුවන්?”
“මචං, මම
චෙක් එකක් ලියලා මුගෙ බෙල්ලේ එල්ලලා තියෙන මේ හම් පෙට්ටියට දාපුවම මූට පුළුවන්
තනියම බැංකුවට ගිහිල්ලා චෙක් එක මාරු කරගන්න...”
“නෑ!”
“නෑ
නෙවෙයි මචං, ඔව්! ඊට පස්සේ මූට පුළුවන් සුපර් මාර්කට්
ගිහිල්ලා බඩු ගේන්නත්... මට ගෙන්න ගන්න ඕනෑ ලිස්ට් එක ලියලා දුන්නම මෙයා ඒ ඒ
තැන්වලට ගිහිල්ල ඒ බඩුත් අරන් එනවා...” සුජිත් උජාරුවෙන් කිව්වා.
අජිත්
දන්නවා සුජිත් කිව්වේ බොරුවක් නොවෙන විත්තිය. මිනිහට දැන් මාර අප්සෙට්. කොහොම හරි
සුජිත්ගේ බල්ලා වගේම එකෙක්ව හොයා ගන්න ඕනියි කියලා අජිත් හිතා ගත්තා. එහෙට- මෙහෙට
දුවලා, දාස් ගණන් වියදම් කරලා අජිතුත් අර වගේම
බල්ලෙක්ව හොයා ගත්තා. ඌවත් හොඳට පුහුණු
කරලයි තිබුණේ!
ඔන්න
සුජිත් ආවා අජිත්ගේ ඇනෙක්ස් එකට.
දම්වැල
අල්ලාගෙන යනවා ලස්සන නෝනා කෙනෙක්. ටොමියට දැන් බැල්ලිව දාලා යන්න හිතක්... |
සුජිත්ට
තේරුණා මේ ඔක්කොම කරන්නේ එයාට පෙනෙන්න තමයි කියලා. ඒත් ඉතිං මොනව කරන්නද? මුකුත් නොදන්නා ගාණට අජිත්
එක්ක ‘චැට්’ එකක්
දාගෙන හිටියා.
ඒ අතරේ
ටොමියා බැංකුවට ගිහින් චෙක් එක මාරු කර ගත්තා. සුපර් මාර්කට් ගිහින් බඩුත් ගත්තා.
ඒවාත් කරගෙන ඔන්න දැන් ටොමියා ආපහු ගෙදර එනවා.
ඒ අස්සේ
මූ දැක්කා ලස්සන බැල්ලියෙක්.
කරුමේ
කියන්නේ බැල්ලිව දම්වැලකින් බැඳලා... දම්වැල අල්ලාගෙන යනවා ලස්සන නෝනා කෙනෙක්.
ටොමියට දැන් බැල්ලිව දාලා යන්න හිතක් ඇත්තෙම නෑ. ඒ අතරේ බැල්ලිත් ටොමියා දිහාව
බලලා, ඇඹරිලා ඌක්- ඌක් කියලා කෙඳිරි ගෑවා.
ඔය
අස්සේ නෝනගේ අතේ තිබුණු මොබයිල් ෆෝන් එකට කෝල් එකක් ආවා. එතැනම පාර අයිනේ නැවතිලා
නෝනා කතාව පටන් ගත්තා.
ටොමියට
තේරුණා ‘මේක තමයි හොඳම චාන්ස් එක’ කියලා.
ටොමියා බැල්ලිට කිට්ටු කරලා ‘ආදරේ’ ප්‍රකාශ
කළා. බැල්ලිත් කැමැත්ත දුන්නා.
කෝල් එක
ඉවර වෙලා නෝනා බලනකොට බැල්ලි විතරක් නෙවෙයි, බල්ලෙකුත්
ඉන්නවා; නිකනුත් නෙවෙයි. ‘සුනඛ
සංසර්ගය’ හමාර වුණා විතරයි.
එක
යුද්ධයයි! බැල්ලි මේ පැත්තට අදිනවා- ටොමියා අනිත් පැත්තට අදිනවා.
දැන් මට
හෙණ හතක් වදියි! |
ටොමියා
පරක්කු මොකද කියලා මඟ බල-බලා හිටිය අජිත් දැක්කා ඈත එන ටොමියව.... ඊළඟට බැල්ලිව...
ඇයි අර නෝනා?
අජිත් බොහොම
උජාරුවෙන් සුජිත් දිහා බලලා මෙහෙම කිව්වා!
“පේනවද
මචං, මගේ ටොමියා බැංකු ගිහින්- චෙක් එක මාරු කරගෙන
බඩු-මුට්ටු අරගෙන එනවා විතරක් නෙවෙයි, ඌත්
බඩුවක් ගහලා - මටත් එකක් එක්කරං එන්නවා..... අර බලපංකො බොරුද කියලා!”
36. හෙණ
හත නොවැදුණොත්
“ස්වාමීනී, මං
කියන්නෙ සහතික ඇත්ත. මට ඕනෑ දේවාලෙක දිවුරන්න පුළුවන්. මං මේ මනුස්සයාගේ වත්තෙ
කෙහෙල්කැන කපාගෙන ගියා නං මේ දැන් මට හෙණ හතක් වදියි!”
“හොඳයි, මම
යුෂ්මතාගේ ප්‍රකාශයට ගරු කරනවා. තව විනාඩි තිහක් මේ අධිකරණය යුෂ්මතාට ලබා දෙනවා, අතන
උසාවිය කෙළවරටවී සිටගෙන සිටින්නට. ඒ කාලය තුළ තමාට හෙණ හතක් නොවැදුණොත්- යුෂ්මතාට
දෙසතියක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම වේවි!”
37. අර්ථ
කථනයක්
‘ගැහැනියක
සුවිසල් අවන්හලකට ගිය තරුණියක බඳුය.
ඇයට
අනුභව කළ හැකි වන්නේ ඉතා ස්වල්පයක් පමණක් වුවද, අවන්හලේ
තිබෙන තරම් දේ අවශ්‍ය කරයි!’
(සුප්‍රකට
නිළි සොපියා ලොරේන් කියුවකි.)
සියලුම
බ්ලොග් රචක-රචිකාවයන් වෙනුවෙන් ආදරණීය සහෘදයන් වෙත කෙරෙන ඇරයුමකි! |