li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, August 5, 2018

පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස


අපේ බඩා මල්ලී; දීපාල් එංගලන්තයට ගිහින් ආපහු ලංකාවට ආ පළමු වතාවේ කළු සුද්දෙක්වී හිටියේය. හැබැයි මිනිහාට ටික වෙන්නට 'හෝම් සික්' එකත් තිබුණේය. (විස්තර ටිකක් 'නැණ ලැබ ගත්තෙමි... - 4 පෝස්ටුවෙදීත් ලියැවිණි.) 

"ඇයි ලොකූ, ඔයා මාව එහාට ගෙනියන්න අම්මට ඉඩ දුන්නේ? කොච්චර කන-බොන දේවල් තිබ්බත් මෙහෙ වගේ නෑ ලොකා!" ඒ උගේ පළමු මැසිවිල්ලය.

දෙවෙනි මැසිවිල්ල කීවේ ඊළඟ දවසේය. "මෙහෙ එච්චර කැරැක්ටර්ස් නෑ වගේ නේද....." අප්පට සිරි. ඒ ඩිංගට මේකා සමාජ විද්‍යාඥයෙක් වෙලානේ! මට හිතුණේය. ඒත් අහලාම බලමුකෝ....

"ඒ කිව්වේ?"

"නෑ ලොකූ, මං ටිකක් ස්ටඩි කරනවා එක-එක විදියේ කැරැක්ටර්ස් ගැන. මට පේන්නේ ලංකාවේ ස්ටඩි කරන්න තරම් ස්පෙෂල් කැරැක්ටර්ස් නෑ වගෙයි!"

මා ඔහුට කිව්වේ 'හොඳින් නිරීක්ෂණය කරහන්' කියලාය. අප යන-එන ඕනෑම තැනක විශේෂ නොව අතිවිශේෂ චරිත එමටය. පදික වේදිකාවේත් එහෙමය. සුවිශේෂී චරිත එමටය. ප්‍රශ්නය වැඩිය කවුරුන්වත් එයාලා ගැන අධ්‍යයනය නොකිරීමයි.

'ගී සිංදු ගයා වයා මාවතේ - මා ඉන්නේ කඳුළු මැදින් සිනා සිසී ජීවිතේ
මද්දහනේ කඩේ පිලේ මේ වගේ - වට රවුමේ අහන් ඉන්න දුගී ලොවේ ගී මගේ'
  
ටයි මහත්තයා චණ්ඩියා එක්ක
ටයිටස් තොටවත්ත කියන්නේ එහෙම සුවිශේෂී අයෙකු ගැන හිතට වද්දා ගත්තු කෙනෙකි. වද්දා ගත්තා විතරක් නොවේ! ඔහුගෙන් වැඩකුත් ගත්තේය.

"චණ්ඩියා" සිංහල සිනමා අම්බරයේ 112 වැන්නයි. 1965 දී චණ්ඩියා රිදී තිරය ඉරාගෙන කඩා පැන්නේය. 'නුවන් නයනජිත්'ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශයේ නම් තියෙන්නේ ඒ ෆිල්ම් එකේ 'සිරිවර්ධන වේලු' කියා කෙනෙකුත් රඟ පෑ බවයි. පේව්මන්ට් දිවියේදී මා නම් ඔහු දැන හිටියේ 'අන්ධ වේලු' නමිනි.

වේලු කළේ රබානක් වයමින් ගී කීමය.

'සිනමාවේ නෑසේවී - පෙම් ගීත මාගේ - නැත නාමේ ජනකාන්ත වීලා
ජීවිතයේ දුක් පීඩා - හිස රන්දා ඉන්නා - කොයි කාටත් මා ගී ගයාලා
උපකාරේ සතේ සතේ වේවා - මට සතේ සතේ වේවා
මහපාරේ ප්‍රසංගයේ ගායකයා මං තමා'

අසහාය ගායක ජෝතිමත් ජෝති එහෙම 'මහපාරේ ගායකයා ජනකාන්තවී නැතැයි' ගැයුවත් ටයි මහත්තයා වේලුටත් තමන් හැදූ චිත්‍රපටයේ සිංදු කියන්නට ඉඩක් දුන්නේය. වේලු සිනමාවේ අමරණීය වුණේ ඒකෙනි.

එක සැරයක් පේව්මන්ට් එකේදී වේලුගේ සිංදු ඇහූ කෙනෙක් දෙවෙනි වතාව මඟ හැරගන්නේ නැත. ඒ තරමට ඒ සිංදු අපූරුය. සින්දුවලටත් වඩා විස්මිත දෙයක් කරන්නට වේලු දැනගෙන උන්නේය.

හරියටම තත්පරයට වෙලාව කියන්නට. ඇස් පෙනෙන කෙනෙකුට නම් ඔරලෝසුව බලාගෙන වෙලාව කියන්නට බැරියැයි. දෑසම අන්ධ වේලු කොහොම ඔරලෝසු බලන්නද? ඒත් කොයිම වතාවකවත් වේලුට වෙලාව වැරදුණේ නැත; උපදින වෙලාවේදී නම් නැකත වැරදිලා වෙන්නැති! නැති නම් දෑසම අන්ධ වේවියැ.

අන්ධ වේලු
ඒ අහිංසක පදික වේදිකා සගයා කටින්ම අපූරු හඬකුත් නඟමින්ය ගී ගැයුවේ! මා දන්නා තරමින් නම් පේව්මන්ට් එකේ කවුරුත් වේලුට උදව් කළහ. ඒ කවුරුවත් ඔහුගේ ජාතිය හෙව්වේ නැත!

'භාරතයේ සරසවියේ නව රාග තාලේ - ස්වර මාලා මා නම් නොදන්නේ
රන් වීණා වයලීනේ නැතුවත් සිතාරේ - සංගීතේ අඩුවක් නොවන්නේ
මේ වාගේ විනෝද ගී ගයලා - මම විනෝද ගී ගයාලා
ආ හා හා අද වාගේ ගෙන එන්නම් වාසනා'

ජෝතිපාලට මේ ගීතය රචනා කර දුන්නේ කවුදැයි හොයන්නට දන්නා තරම් දහිරිය දැම්මත් හරි ගියේ නැත. ඒත් ඒ  ලියුවේ කවුරුන් හෝ වේවා, පේව්මන්ට් රජ දහන 'හොඳින් නිරීක්ෂණය කරන්නට ඇත; ස්ටඩි කරන්නට ඇත.' එහෙම නැතිව මෙවන් ගීයක් ලියතහැකිද?

මගේ පදික වේදිකා ජීවිතය ගැනවත්, ළමා අවදියේ කටුක අත්දැකීම් ගැනවත් 'අඳෝසංසාරයක්' නොදන්නා හිතවතෙක් මේ පෝස්ටු කියවා ප්‍රශ්නයක් ඇහුවේය. 

"බලාගෙන ගියාම නිමල් පුදුම දුකක්නේ විඳලා තියෙන්නේ?" ඒ ප්‍රශ්නයම විකාර එකකි. මට නම් එව්වාගේ දුකක් නැත. එව්වායේ තියෙන්නේ ජීවිතයට මුහුණ දීම විතරය.

'එන-එන විදියට ගහ උලුවස්සා!' කියන්නැහේ මම ජීවිතයට මුහුණ පෑවෙමි. ඒ හැම දෙයකින්ම පන්නරය ලැබුවෙමි. අපේ නංගිලා මල්ලිලා මා තරමටම 'ඔරොත්තු දෙන්නන්' වී නැතැයි මට හිතේ. ඒ ඔවුන්ගේ පංගුවටත් එක්කම මා සටන් කළ බැවිනි. සද් භාවයෙන් යුතුව එහෙම කළත්.....

මා එහෙම කළේ ඔවුන් ගැහැට විඳිනවා බලන්නට අකැමැත්තෙනි.  

ජීවිතයට එළඹෙන බාධක, අභියෝග ආදියට මුහුණ පෑමෙන් අපට පන්නරය ලැබෙයි; නුවණ මුහුකුරා යයි. වැඩි සුව පහසුව ජීවිතය අලස භාවයට පත් කරනවාවත්ද? නංගිලා මල්ලිලා වෙනුවෙන් නොවෙහෙසී මා ඔවුන්ටම පරිණත වෙන්නට හැරියා නම්.....

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
"සීත කඳු යායේ - ගැයෙන ගී රාවේ..." ඇහෙන කොටම කාවද මතක් වෙන්නේ? චන්ද්‍රලේඛා පෙරේරා. හරි. ඊළඟට? සිංදු ගැන උනන්දු කෙනෙක් නම් කියයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන නමත්. ජාතික තරුණ සේවා සභාවෙ 'යොවුන් ගී කණ්ඩායමෙන්' 1979 දී ගැයුණු අමරණීය ගීයක්! 

දන්නවද, ඒ චන්ද්‍රසේන මහත්මයා වතාවක් කියලා තිබ්බා පුංචි කාලේ අග-හිඟකම් නිසා දුක් විඳි හැටි. තාත්තත් එක්ක වැඩ කරන්න ගිහින් සිමෙන්ති අනපු හැටි...... කොළඹින් ප්ලාස්ටික් බඩු ගෙනිහින් ගෙයක් ගානේ ඇවිදලා එව්වා වික්ක හැටි එහෙම. ඒ ඉන්නෙත් දරිද්‍රතාව ජයගන්න අභීතව සටන් කළ කෙනෙක්!

හොයන කෙනෙකුට ඕනෑ තරම් උදාහරණ හොයාගන්න පුළුවන්.  ඉන්දියාවේ 'මුම්බායි කොටස් වෙළෙඳපොළේ රජු' කියන විරුදාවලියෙන් හඳුන්වපු 'දිරුබායි අම්බානි' මහත්තයාත් ළමා කාලය ගෙව්වේ අහී-දුප්පත්කමින් පීඩිතව. අද? එයාගෙ දෙපුතුන්ගේ ව්‍යාපාරය ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වටින එකක්!

දිරුබායි අම්බානි 
මං ඔය විස්තර කිව්වේ නිකම්ම නෙවෙයි. අපේ තාත්තට මං වෙච්ච පොරොන්දුවකුත් ඉටු කරන්න සූදානමක් විදියටයි.

"රංජි, උඹ ලොකු වෙච්ච දවසක මොන තත්වේ හිටියත් පේව්මන්ට් එකේ නටපු එක අමතක කරන්න එපා!" ඔහු කිව්වේය. 

මා එව්වා අමතක නොකළ බවට, තවමත් එව්වා මතකයේ නිදන් කරගෙන ඉන්නා බවට දයාබර කියවන්නන් වන ඔයාලා සාක්ෂිය. ".... ඒ වගේමයි. ඉඳහිට දවසක හරි කළුබෝවිල ඉස්පිරිතාලේ ළඟට ගිහින්, දැන් උඹ විකුණන කවි පොත්- කවි කොළ ටිකක් නොමිලේ බෙදලා දීපන්! උඹ මට පොරොන්දු වෙන්න ඕනෑ ලොකු වුණාම ඒක කරනවා කියලා ලජ්ජා හිතන්නේ නැතිව."

මම දනිමි. තාත්තාගේ ඒ හැම උපදෙසකින්ම කියවුණේ එකම දෙයකි. ඔහුට ඕනෑ වුණේ මා 'මුල මතක තියෙන' අයෙකු කිරීමටය.

පසු කලෙක, වතාවක් මම දකුණු කොළඹ මහ රෝහල ළඟට නිරීක්ෂණ චාරිකාවකුත් ගියෙමි. දැන් අර ගේට්ටුව පැත්තේ ඉඩක් නැත. දුටුගැමුණු මාවත පළල් වෙලාය. ලෙඩුන් බලන්නට එන අය ඉස්පිරිතාලයට ඇතුළු කරවන්නේ ඉස්සරහ ගේට්ටුවලිනි. එතන 'රජ වෙනවා' තියා 'හිඟන්නෙක් වෙන්නවත්' ඉස්පාසු ඇති තැනක් නොවේ.

ඉතින් පේව්මන්ට් රස්සාව ගැන විතරක් නොවේ, මගේ ජීවිත කතාවම ලියන්නට ඕනෑ යැයි තදින්ම හිතාගෙන හිටියේ අර තාත්තාට වුණු පොරොන්දුවත් එමඟින් ඉටු කරන්නටය.

ඔන්න තාත්තේ, දැන් මා ඒ පොරොන්දුවෙනුත් නිදහස්ය!

එච්චර හොඳ ගති මට හුරු කළ අපේ තාත්තා මට වීරයෙකි. එහෙමය කියා මා ඔහුගේ දුබලකම්, පසික්කාඩුකම් හෝ අමනකම් ගැන අමතක කරන්නෙත් නැත. එහෙම කොටසක් විතරක් අමතක කරන්නට බැරිකම මගේ දුර්වලතාවකි.

මේත් තාත්තාගේ එවන් දයා විරහිතකමකි.

එදා තාත්තාත් මා එක්කම කොළඹ ගිය දවසකි. කොටුවේ පල්ලිය ළඟ, ලක්සල ළඟ, හතරවෙනි හරස් වීදියට හැරෙන තැන වැනි තැන් කිහිපයකම 'රජවී' සෑහෙන මුදලකුත් ලැබී තිබුණු දිනයකි. මා පිටකොටුවේ බෝධීන් වහන්සේට වැඳ පඬුරකුත් දමා එළියට ආවා විතරය.


කොළඹ පේව්මන්ට් රස්සාව කරන්න පටන් ගත්දා සිට එය මගේ වතාවතක් විණි.

"රංජි, මේ බෝධියට ගොඩක් අනුහස් තියෙනවලු. උඹ මෙහෙ එන හැමදාම බෝධීන් වහන්සේට පඬුරක් දාහන්.'' තාත්තාමය මට එහෙම කියාදී, ඒ වතාවත පුරුදු කළෙත්. අනෙක ඒ දවස්වල මහරගම - පිටකොටුව බස් නැවතුම තිබුණෙත් ඊට ටිකක් එහායින්; පාරෙන් එහා පැත්තේය. බෝධිය පහු කරගෙන යන්නට කලින් වැඳලා පඬුරක් දැමීම ලෙහෙසිය. ඉතින් මං එහෙම කර එළියට ආවා විතරය. තාත්තා මට පැත්තකට කතා කළේය.

"රංජි. අද තවම මේ හරියේ සෙනඟ වැඩියි. අරහෙත් සැරයක් කතා කරලා ආවොත් බස් එකේ ගණනවත් ෂේප් වෙයිනේ." ඔහු හිසෙන් පෙන්නුවේ පස්වෙනි හරස් වීදියයි.

එක දිගට කතා පැවැත්වීම ලේසි නැත. වෙහෙසකරය. පුරුදු වුණාම නම් එහෙම නොවෙතත්, දිගට කතා කරද්දී උගුර බැරැන්ඩි වෙයි. අනේ, මොනවා කරන්නද? හොඳ පණ ගිහින් හිටියත් මම පස්වෙනි හරස් වීදියේදී තවත් වතාවක් රජවී ආවෙමි. 

තාත්තේ, ඔයා මිය-පරලොව නොගිහින් හිටියා නම් ඒ තරම් අකාරුණික වෙන්නේ කොහොමදැයි මා අද ඔබෙන් අහනවාට සැක නැත. ඒ තරමටම ඒ සිදුවීම මගේ හදවතේ ඇනුණු කටුවක්වී රිදුම් දෙයි!

කිඹුලා කනවා උහුලතත් කොහිල කටු ඇනෙන එක ඉවසන්නට බැරිය කියන්නේ මේ වගේ එව්වාටද? 

ඒ එක්කම මට හිතෙන්නේ මා ඕනෑවටත් වඩා පුංචි දේවලුත් මතක හිටින කෙනෙකි කියලාය. නැති නම් ඒ කාලයේ ඩබල් ඩෙකර්වලම යන්නට බලා හිටි හැටි මතක තියේවිද? ඒක ඒ හැටි වැදගත් දෙයක්ද? මට නම් එහෙමය.
ඩබල් ඩෙකර් - දෙවර්ගයේම කවුළු සහිත බස්
ඒ දවස්වල මහරගම සිට පිටකොටුවට, කොටුවට දුවන තට්ටු දෙකේ බස් තිබුණේය. 138 මහරගම-කඩවතය. 107 මහරගම-ඇලකන්දය. 112 බසය ගියේ මහරගම සිට කඩුවෙල දක්වා හෝ කොටුව දක්වාය. 

ඒ කොහාට යන බස් එකක් වුණත් මං බලාගෙන උන්නේ කවුළුවෙන් බාගයක් අරින්නට පුළුවන් පන්නයේ එකක් එනකල්ය. සමහර බස්වල තිබුණේ වාතය ඇතුළට ගලාගෙන එන්නට හැකි උඩින් ඇරුණු කවුළුය.

එව්වායේ කවුළුවලින් එබී පාර දෙපැත්තේ ඇති ගෙවල්, කඩපිල්, ගහ-කොළ බලාගෙන යාම හරිම විසිතුරු අත්දැකීමකි. සමහරු නම් හොරෙන් වාගේ හැරි-හැරී බලමින් ගියේ උඩ තට්ටුවේ අන්තිම යුගල ආසනය දිහාවය. හැම බස් එකකම ඒ සීට් එක අරාගෙන හිටියේ පෙම්වතුන් යුවලකි. තිබ්බෙ අහිංසක පෙම් රැඟුම්ය.

අද වාගේ හැම තැනම 'රූම්ස්' නොතිබුණු ඒ දවස්වල එවන් 'කපල්ස්වලට' පිහිටට හිටියේ ඒ ආසනයත්, චිත්‍රපට හෝල්වල මැටිනි දර්ශනත්ය.

මෙතනදී ඒ වකවානුවේදීම මගේ ටිකිරි මොළයට වැටුණු තවත් කල්පනාවකුත් කියන්නට අවසර.

යසපාලිත නානායක්කාරගේ 'තුෂාරා' ෆිල්ම් හෝල්වල පැල් බැඳගෙන දිව්වෙත් ඒකෙ අඳුරු දර්ශන වැඩි නිසා යැයි මට හිතුණි. සාමාන්‍යයෙන් එකල චිත්‍රපටවල සීන්ස් සේරම හොඳින් ආලෝකවත්ය. 

තුෂාරා ඊට වෙනස් නිසා ඒක බලන්නට ආදරවන්තයන් වැඩියෙන් හෝල්වලට රිංගූ බව මගේ මැටි නිගමනයයි. වට්ටෝරුව, සිංදු, විජය මාලිනී සෝනියා ජෝ වාගේම අලුත්ම විදියට කෙරුණු ප්‍රචාරක වැඩ සටහනුත් එක්ක බලද්දී, අලෝකකරණයත් නිකම්ම එහෙම වුණා වෙන්නට බැරිය! 



එවැනිම අහම්බයකුත් ඇත. මගේ පේව්මන්ට් එකේ රජවීම අපේ පාසලේ එකම ළමයෙකුගේවත් විහිලුවට ලක් නොවිණි. 

ඒ ගොල්ලන්ගේ උත්තමකමක් හෝ නොතකා හැරීමක් හෝ නිසා එහෙම වෙන්නට ඇතැයි මට හිතේ. පමුණුවේ අයටත් එහෙමය. හැබැයි සමහර ගුරු මහත්ම-මහත්මීන් පවා මට විශේෂ අනුකම්පාවකින් කටයුතු කළ බව මතකය.

බුද්ධිපාල, එන්.එම්. පෙරේරා, වීරසිංහ, මංගලජීව මට මේ මොහොතේ එහෙම සිහියට එන ගුරු මෑණිවරුන් කීප දෙනෙකි. ඒ කාටත් යහපතක්ම වේවා!

හැබැයි හිතා ගන්නටවත් බැරි තරමේ උත්තමයෙක් නම් ඉහිලිය නොහැකි කේන්තියකින් මට 'හිඟන කොල්ලා' කියා ප්‍රසිද්ධ මහජන රැස්වීමකදී 'ටයිටලයක්' පිරිනමා තිබිණි. එතුමා එහෙම කිව්වේ ‘තමනුත් එක්තරා ආකාරයක හිඟා කෑමක යෙදී හිටියදී වීම’ය හොඳම උත්ප්‍රාසය.

මිනිසුන්ට කේන්ති ගියාම තැන-නොතැන පෙනෙන්නේ නැත. කිව යුතු-නොයුතු දේවල් තේරෙන්නෙත් නැත.


මට නම් ‘හිඟන කොල්ලා’ ටයිටලය ගැන අංශු මාත්තරයක තරම්වත් දුකක් හෝ ලජ්ජාවක් හෝ හිතුණේ නැත. ඒ මා ‘හිඟන කොල්ලා’ කියවා තිබුණු හින්දාය. 

අපි ඒ පොත හොයා ගන්නට වලි කෑවේ ‘සිංහල පෙළ පොතක’ තිබුණු ‘සයියාගේ පුතා වයියා’ (ඒක සක්කරයාගේ පුතාද කියලාත් සැකය. වයියාද වයිමාද කියලාත් හරියටම නිච්චි නැත.) පාඩම කියවූ දවසේ ඉඳන්ය. පොත ලිව්වේ ඩබ්ලියු.ඒ. සිල්වා කතා සක්විත්තාය. 1923 දීය.

ඒ පොතෙන්, ඒ නමෙන්ම චිත්තරපටියකුත් හැදුවේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා උන්නැහේය. එවකට වැඩිම ආදායම් වාර්තාවට හිමිකම් කිව්වෙත් ඒ ෆිලුමමය.

ඉතින් කාඩ්බෝඩ් ඔටුන්නක් දමාගෙන, පේව්මන්ට් එකේදී රජ වෙන මේ හුජ්ජ කොල්ලාට එහෙව් නමක් දීම ඌට ආඩම්බරයක් වෙන බව ඒ උත්තමයාට නොතේරුණ හැටි!

ඒ විස්තර සේරම වෙන දවසකයි කියන්න වෙන්නේ. තරහ නැහැනේ? එහෙනම් එතකල් ආයුබෝවන්!

3 comments:

  1. ඩබල් ඩෙකර් වල යන්න ආසාවට වයස් භේදයක් නැහැ ... මායි හාමිනෙයි බැඳපු අලුත රටපිට ඇවිත් බොහොම අහේනියෙන් ඉන්න කාලෙ ඇවිදින්න කොයිතරම් ආසාව තිබ්බත් අතේ සතේ නැති නිසා ... සාජ වල ජුබයිල් බස් හෝල්ට් එකට ඇවිල්ල ... පොඩි එකෙක් වගේ හාමිනේවත් අතින් අල්ලගෙන පෝලිමේ ඉන්නව ඩබල් ඩෙකර් බස් එකක් එනකං ඩුබායි යන්න ... උඩ තට්ටුවේ වට පිට බල බලා යන ඒ පැයක ගමනත් බොහොම ලොකු දෙයක් අපිට ඉස්සර :)

    ReplyDelete
    Replies
    1. නමුත් කණ්ඩා, හොඳට හිතා බලන්න. එදා එහෙම ඩබල් ඩෙකර් එකේ ගිය ගමන අදටත් දැනෙන්නේ කොච්චර රසවත්වද කියලා. ඒක නේද ජීවිතේ?

      Delete
  2. ඒක ඇත්ත සැප වාහනයක ගියාට වඩා ඒ මතකය රසවත් !

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්