li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, September 4, 2018

පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස


මාස්ටර් බබ්ලාව දන්නවාද? මා නම් උන්නැහෙව දැකලාවත් නැත. හැබැයි එයා ඉන්නේ අද්‍යතන ශ්‍රී ලංකාවේය. 

මැජික් පෙන්වන.....
ඒත් ශ්‍රී ලාංකිකයෙකුත් නොවේ. බංග්ලාදේශ ජාතිකයෙකි. සිංහල කතා කරන්නටත් හැකියාව තිබේ. රස්සාවට කරන්නේ මැජික්ය. මැජික් පෙන්නන එකය. ITN, TNL, tv දෙරණ, TV 1 වගේ රූපවාහිනී නාලිකා බලනවා නම් ඔයාලා ඔහුගේ මැජික් වැඩසටහන් දකින්නටත් ඇත. ඒ ගැනත් මට කියන්නට ඇත්තේ ‘නිශේධාර්ථය’ දෙන උත්තරයකි. මා ඒ වැඩ සටහන් දැකලාත් නැත!

දැන් නම් ඔයාලා ඇත්තේ මළ පැනපු මූඩ් එකක වෙන්න ඕනය.

මෙහෙම වෙලාවක මට නම් එහෙම වෙයි. ඒ විතරක් නෙවෙයි, ප්‍රශ්නයකුත් ඇහෙයි! “තමුසේ එයාව දන්නෙත් නැත්නම්, දැකලත් නැත්නම්, එයාගේ ප්‍රෝග්‍රෑම් එකක්වත් බලලත් නැත්නම් මොන ලබ්බක්ද මේ ලියන්නේ?”. සාධාරණය. එහෙම ඇහීම 100% ක්ම සාධාරණය.

අපට කරන්නට කියා අපේම චන්දයෙන්.....
මා දැක තියෙන්නේ මැජික් තුවාන්ය. මැජික් තුවාන්ගේ මැජික්ය. ඒ කාලයේ මා මෙන්ම ඔහුත් පදික වේදිකාවේ මැජික් පෙන්නුවේය. මා දන්නා තරමට නම් මැජික් කියන්නේ එහෙම පිටින්ම ‘බොරුවකි’. ඒකේ විස්මය තනිකරම රැඳී තියෙන්නේ ශිල්පියාගේ ප්‍රවීනතාව හා වේගය මතය. ආයෙමත් සිරිමත් වචනයක් කියන්නට හිතෙයි. ‘අනේ නිමල්, උඹ දන්නා ලබ්බ!’.

දැන් ඉන්නා පලා බබාලා පවා කිසිම උගත්කමක් නැතිව, කිසිම ප්‍රවීනතාවක් නැතිව කොච්චර වේගයෙන් මැජික් පෙන්නනවාද? අපට කරන්නට කියා අපේම මනාපය හිඟා කා බලයට එති; අපේම චන්දයෙන් බලයට ආ විගස අපටම කෙළවමින්, අපේම වියදමින් ‘මැජික් වේගයෙන්’ තර වෙති. ඒ අතින් මැජික් තුවාන් කැලේය.


බලයට ආවාට පස්සේ.....
මේ පිශාචයන්ට බලයට ආවාට පස්සේ ‘පස්ස’ තියන්නට, එකකට රුපියල් 6,40,000.00ක් වියදම් වෙන පුටු ඕනෑය. එතුමන්ලාගේ රත්තරන් මොළ ඇත්තේ ‘පුකේ’ නිසා එහෙම දැනෙනවාවත්ද?

මැජික් තුවාන් එයාගේ වටේට රැස්වෙන සෙනඟින් කෙනෙක් ඉදිරියට අරගනියි. මෙන්න බොලේ, ඒ මනුස්සයාට චෝදනාවකුත් කරයි. “මගේ මැජික් තොප්පියෙන් සල්ලි ගත්තා නේද?”. අර මනුස්සයා කරකවලා අත ඇරියා වාගෙය. ඒ අස්සේ මැජික් තුවාන් ඒ කෙනාගේ අතින්, කටින්, ඇඳුමෙන්, ඔළුවෙන්, අතින්.... කොටින්ම කිව්වොත් හැම තැනින්ම කාසි ඇදගෙන පෙන්නයි! සමහර වෙලාවට අර අපූරු මැජික් තොප්පියට කාසි වක්කරවයි! මැජික් තොප්පියට ඔබන ලොකුම-ලොකු ලේන්සුවකින් පරෙවියෙක් අරගනියි.....

මුලින්ම තුවාන් මාමාගේ සල්ලි උල්පත් මැවීම දුටු විට නම් මං හිටියේ විස්මලන්තයේය. ඇයි දෙයියනේ මේ මනුස්සයා පේව්මන්ට් එකේ රස්සාවට එන්නේ? ඇති පදං සල්ලි මවාගෙන, ගෙදරටම වෙලා ‘ෂපාන් එකේ’ ඉන්න පුළුවනිනේ? මට හිතුණේ එහෙමය. අනේ, මගේ මැටි මොළේ.

පරෙවියෙක්....
තුවාන් මාමා කොහෙට ගියත් සෙනඟ නම් අඩු වුණේ නැත. ඒත් මැජික් එකක් අතරමඟදී නවත්තා, සල්ලි එකතු කරන්නට ගනිද්දී නම් හුඟාක් දෙනා ලිස්සා යන හැටි මටත් පෙනුණේය. මං ‘රජවෙද්දී’ වුණත් එහෙමය. අනේ, ඒ වෙලාවට හිතෙන දුකක්!

එහෙම කාලයකදී වුණත් ඉෂ්ඨ දේවතාවෝ අහක නොබලති. මටත් එහෙම වුණේය.

එතකොට තාත්තා හිටියේ කොළඹ ඉස්පිරිතාලයේය. වාට්ටුවකය. ත්‍රොම්බෝසිස් හින්දා තාත්තාගේ ඇඟිලි එකින්-එක, ටිකෙන්-ටික, කෑල්ලෙන්-කෑල්ල කපා ඉවත් කරමින් උන් අවදියයි. ඒ අසනීපයෙදී වෙනවාය කීවේ ‘ලේ කැටියක් යම් නහරයක හිරවී, එතනින් එහාට රුධිර ගමනය නැවතීම’යි. හිතන්නකෝ කකුලේ ඇඟිල්ලකය කියා. ඔන්න, ඇඟිල්ල ක්‍රමයෙන් කළු පාට වෙන්න පටන් ගනියි. ඇදුම් දෙන්නට ගනියි. වේදනා දෙන්නට පටන් ගනියි.

ඉතින් කරන්නේ ඒ ඇඟිල්ල කපා ඉවත් කරන එකය. ඔහොම-ඔහොම ඔපරේෂන් හැට ගණනකට තාත්තා මැරෙන්නට පෙර මුහුණදී උන්නේය. තාත්තා ගෙදරට වඩා හිටියේ ඉස්පිරිතාලයේය. හැබැයි, කලිනුත් පෝස්ටු ගණනාවකදී මා කියා ඇති විදියටම ගෙදර ඉන්නා ටික කාලයේදී උපරිමයෙන්ම කාර්යබහුලව උන්නේය. දවාලටත් වඩා රාත්තිරියෙදී සක්‍රීයව උන්නා වගෙය.කොතෙක් රෝගීව උන්නත් තාත්තා ලිංගිකව නම් රෝගීවී නොහිටියේය. ඒක පෙනුණේ ඒ ටික දවසේදීම අපේ අම්මා ගැබ්බර වීමෙනි!

ඔහොම වකවානුවකදීය විපස්සී හාමුදුරුවෝ තාත්තාව අඳුනාගෙන තිබුණේ. උන්නාන්සේ මොකක්ද සංවිධානයකින් ඉස්පිරිතාලයේ නේවාසික රෝගීන්ට එක-එක ආධාර ලබා දුන්නේලු.

රේඩියෝ සිලෝන් එක ඒ දවස්වල ...
“රංජි, විපස්සි හාමුදුරුවෝ කිව්වා උඹව රේඩියෝවේ වැඩ සටහනකට ගෙන්නගන්න ඕනෙය කියලා.” තාත්තා කිව්වේය. (මොන විපස්සිද කියලා නම් මතක නැත.)

දවසත්, වෙලාවත් තීරණය වීමෙන් පස්සේ මට ‘රේඩියෝ සිලෝන්’ එකට යන්නට විණි. ඒ පළමු වතාවටය. ඒත් එදා මගෙන් මොනවා ඇහුවාදැයි මට මතක නැත. මා මොනවා කිව්වාදැයි කියලාත් මතක නැත. ඒත් දෙකක් මතකය. ‘ආරෝග්‍යශාලා සේවය’ වැඩ සටහන ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වෙන බවත්, දවසත්, වෙලාවත් එදා මට කී බව පළමුවෙනි එකය. වඩා වැදගත් දෙවැන්නය.


කුප්පි ලාම්පු එළියෙන්....
කුප්පි ලාම්පු එළියෙන් රාත්තිරියේ අඳුර යාන්තමින් නිවාගනිමින් උන් අපේ ගෙදරට රේඩියෝවක් නොතිබුණු නිසාත්, (මට මතක හැටියට හවස 4ත් 5.30ත් අතර විනාඩි 15කදී) ප්‍රචාරය කෙරෙන වෙලාවේ මා පේව්මන්ට් එකට නොගිහින් ගෙදර හිටියොත් අප බඩගින්නේ නිසාත් මට ඒ වැඩ සටහන අසාගන්නට බැරි වුණේය.

ඒ සංදියේ කිසිම කඩයක, හෝටලයක තියා සාමාන්‍ය ගෙදරකවත් උදවිය වෙළෙඳ සේවය මිස ස්වදේශීය සේවය ඇහුවේ නැත. ඒක ඇහුවේ ‘බණ’ යන වෙලාව වගේ විශේෂ අවස්ථාවල පමණි.

ඕනෑම කෙනෙකුට තමන්ගේ ප්‍රථම ප්‍රේමය අමතක වෙන්නේ නැතිලු. මං හිතන්නේ ප්‍රථම අත්දැකීම ගැනත් ඒ තියරිය වලංගු වෙනවා කියලාය. ඊට පස්සේ ගුවන් විදුලි වැඩ සටහන් කිහිපයකට සහභාගි වුණත්, පස්සේ එව්වා ඇහුවත් මොකටද, පළමුවෙනි එක ‘මිස්’ වුණකොට! එතනදී නම් ඉටු දෙවිවරු මා දිහා බැලුවේ නැත.


වයස අවුරුදු පනහක විතර කෙනෙක් හිතින් මවාගන්න. වැඩිය උස නැත. තරමක් පුෂ්ටිමත් සිරුරක් ඇති ඔහුට තියෙන්නේ ලොකු තට්ටයකි; වටේට විතරක් සුදු කෙස් වළල්ලක් එක්කය. කරුණාබර, ප්‍රසන්න මුහුණ දකින ඕනෑම කෙනෙකුගේ හිතට සැනසිල්ලක් දෙවයි. මේ කිව්වේ ඒ දවස්වල 118 රූට් එකේ දිව්ව බස් එකක රියදුරා ගැනය.

නුගේගොඩ සිට දෙහිවලට; කළුබෝවිල හරහා දිව්වේ ඒ බස් එකය. මේ ඩ්‍රයිවර් මහත්තයා බස් එකට නඟින හැම කෙනෙකුටම ‘තෙරුවන් සරණයි’ කියා ආසිරි පතයි. ඒ නිකම් ‘ලාචෝරු’ ආටෝපයට කරන සුබ පැතිල්ලක් නොවේ. බොක්කෙන්ම කෙරෙන්නකි.

ඒ මදිවාට ඔහු බස් එකට නඟින දරුවන්ටත් එහෙම සුබ පතන්නැයි කියා උගන්වයි. අද ඉන්නා මඟමරු මාතලීලාටත් ඒ ‘මහාත්මයා’ දකින්නට සැලැස්විය හැකි නම්! දැන් ඉන්න අපට කොහෙන්ද එහෙම මහා ආත්ම, චූල ආත්ම මිසක්?

චූල කිව්වාමය මතක් වුණේ, දැන් රුපියලේ කාසියත් අප ගණන් ගන්නේ නැති වග.

ටිකට් කඩන මැෂිමයි, කලින් මුද්‍රිත සත පහේ ටිකට් එකකුයි 
දන්නවද, ඒ දවස්වල නුගේගොඩ සිට කළුබෝවිලට full ticket එක සත පහකි. අතින් කරකවා ටිකට් කඩන මැෂිමේ කැඩිය හැක්කේ සත පහේ සිට ඉහළට විතරය. නමුත් කලින්ම අච්චු ගහලා තියෙන ටිකට්වල සත තුනේ ටිකටුත් තිබුණේය. ඉතින් ළමයිනුත් එක්ක කළුබෝවිලට යන ගොඩ දෙනා කොන්දොස්තර ළඟ තියෙන්නේ ටිකට් කඩන මැෂිමක් නම් ඒ බස් එකට නඟින්නේ නැත. වෙන එකක් එනතුරු සිටියි. මාත් එහෙමමය. එක ගමනකදී සත දෙකක් වුණත් වැඩියෙන් වියදම් කරගත්තෑකිද?

කෙනෙකුට මෙය කුම්මැහිකමක් හෝ ලෝබකමක් ලෙසින් පෙනෙන්නටත් ඉඩ ඇත. 


මෙන්න මෙතැනදී නම් කියන්නටම වෙන්නේ අදටත් ඒ පුරුද්ද මගෙන් ඈත්වී නැති බවයි. සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හුරු වීම වරදක්ද?  

මම කලිනුත් කිව්වෙමි. එකම ෂොපින් බෑගයක්වත්, අවම වශයෙන් දෙවරක්වත් පාවිච්චි නොකොට විසි කිරීම මගේ සිරිත නොවේ. හැමදාම නාන විටදී, සබන් මිශ්‍ර නොවනසේ වතුර එකතුකොට ඒවා මිදුලේ ගස්වලට දාන්නෙමි. කුස්සියේ පාවිච්චි කරන වතුරත් එහෙමය. පේපර් සර්වියට්ස් වෙනුවට සෝදා නැවත පාවිච්චියට ගත හැකි රෙදි අත පිස්නාය අපේ ගෙදර ඇත්තේ. මා තේ හදන්නට වතුර උණු කරන්නේ අවශ්‍ය කෝප්ප ගණනට පමණක් වතුර රත් කරලාය. අප මේ ඉවක්-බවක් නැතිව කරන්නේ අපේ සම්පත් විනාශ කිරීමක් නොවේද?

මා අරපිරිමහන්නේ ‘අප දැනටමත් අනාගත පරම්පරාවේ සම්පතුත් අපේම පාවිච්චියට ගන්නා බව’ සිතමිනි. අප පරිසරය රැක ගත යුතු බව මෙනෙහි කරමිනි. මීතොටමුල්ලේ වැනි කුණු කඳු ඛේදවාචක නිර්මාණය කරන්නේ අප බව අමතක නොකරමිනි.

අපිම හදන අපව නසන කුණු කඳු....
ලෝකයේ කුණුවලින් 10% ක්ම පොලිතින්, ප්ලාස්ටික් බවත්, එව්වායෙන් 50% ක්ම එකම එක වාරයක් විතරක් පාවිච්චියට අරන් වීසි කර ඇති බවත් යළිත් මතක් කර ගනිමිනි. අපේ මහ ලොකු සංවර්ධනය මේකද? අල්පේච්ඡතාව දුරලා අධිපරිභෝජනයට හුරුවූ සමාජයකය අප ඉන්නේ!

අධිපරිභෝජනය! අදත් එක්ක සසඳද්දී නම් වැඩිම දෙනෙක් ඒ කාලේ කළේ කෑම නෙවේ, ලෙව කෑමය. අපිත් එහෙමය.

ඒක අවුරුද්දට වුණත් එහෙමය. ඒ දවස්වල, අප්‍රේල් මාසය පටන් ගන්නටත් පෙර මට අතිකාල කරන්නට වෙයි. මගෙම කොම්පැනියනේ, වැඩියෙන් වැඩ කළත් පඩියක් නැත. එහෙම වැඩ කරන්නට වෙන්නේ අවුරුදු කන්නට කීයක් හරි හොයාගත යුතු නිසාය. අලුත් ඇඳුමක් මසාගත යුතු නිසාය. හිතුවේ මට විතරක් කියලාද? අපි සේරටමය. ඇඳුමක් කිව්වාම ගැලපෙන චීත්ත රෙදිවලින් මහන කමිසයක්ය. මැහුම් කුලියක් නැත්තේ අම්මාම මහන නිසාය. (මගේ පෝස්ටු හැමෙකක්ම කියවන; එව්වාට කමෙන්ට්ස්වලින් යමක් එකතු කරන සිරිබිරිස් උන්නැහේ, මේ කාරණය හරිද බලන්න. හොඳේ? ඒ දවස්වල චීත්ත යාරයක් රුපියල් 2.65කි. බ්ලූ ලයින් චයිනීස් පොප්ලින් යාරය 2.12කි.)

මගේ චීත්ත කමිසයක්....
මේ තියෙන්නෙත් එහෙම චීත්ත රෙදිවලින් අපේ අම්මා මසා දුන් කමිසයකි. හැබැයි අම්මා අපේ තාත්තාව කසාද බඳිද්දී නම් මැහුම් ගෙතුම් වැඩ මොකවත්ම බැරිලු. “අනේ බින්තැන්නේ එවුන් දන්නා මැහුම්! මෙයාලා ඒ දවස්වල රෙදි කැපුවේ මන්නෙන්.” ඒක නම් තාත්තාගේ අතින් දමා කීමක් වෙන්නට ඇති.

මා දන්නා විදියට නම් අම්මා ගෙතුම් වර්ගවලින් දැනගෙන හිටියේ ‘වූල් ගෙතීම’ විතරය. ඒක නිච්චියටම මතක මේ කතාව හින්දාය.

අපේ අහේනි කාලයේ එක සුමානයක කූපන් හාල් ගන්නටවත් අපට සල්ලි තිබුණේ නැත. “රංජි, උඹ ගිහිල්ලා නුගේගොඩ ඇන්ටිගෙන් මං කිව්වා කියලා රුපියල් පහක් ණයට ඉල්ලාගෙන වරෙන්. කියපන් ලබන සුමානේ දෙනවා කියලා.” අම්මා එදා එහාට යැව්වේ මාවය. (අපේ කුළුඳුල් නාට්‍යය පෙන්වන දවසේ සේරමල්ලාට තම්බලා දුන්නෙත් නුගේගොඩ ඇන්ටිලාගේ කොස් බව ‘අජාසත්ත’ පෝස්ටුවලදී ලිව්වෙමි.)


නුගේගොඩ ඇන්ටිලාගේ ගහේ......
මාත් එහාට ගිහින් යාප්පුවෙන් අම්මාගේ පණිවිඩය කිව්වා විතරය. නුගේගොඩ ඇන්ටි ගස්සාගෙන ගෙට ගියාය. “එහෙනම් ඔහොම ඉන්නවකෝ රංජි, මං දන්නවා, ඔය ලීලා ඉල්ලලා එවන්නේ මට වූල් ගොතන්න කියලා දීපු එකේ කුලිය තමයි!” එහෙම ආඩපාලි කිව්වත් ඇය ආපහු ආවේ රුපියල් පහක් දික්කරගෙනය. “අම්මට කියනවා මේක වූල් ගොතන්න ඉගැන්නුවට කුලියයි කියලා. ණයක් නෙවෙයි කියලා!”.

වූල් ගෙතිල්ල නිසා නොවෙතත් මැහුම් නිසා අපේ ජීවිත සහමුලින්ම වෙනස් මඟකට යොමු විණි. අනෙක් පැත්තෙන් රේන්ද ගෙතිල්ල හින්දාය. මැහුවේ අම්මාය. රේන්ද ගෙතුවේ මාය. ඒ කතන්දරවලට එන්නට නම් මේ කතාන්දරය; පේව්මන්ට් එකේ රජවුණු කතාන්දරය අහවර කළ යුතුය. වෙනස්ම මිනිසුන් හමුවෙන්නට ඉඩ ලැබුණු තවම නොකී කතාවකුත් කියලා ඉන්න ඕනෑය.


වෙනස්ම මිනිසුන් හමුවෙන්නට ඉඩ ලැබුණු.........
1966 වසරේ වෙසක් මාසයේ අවසන් සතියේ මුල සිට 1970 මාර්තු විතර වෙනතුරු මම එසේ රජ වුණෙමි. (70 වේ මහ මැතිවරණය තිබුණේ  මැයි මාසයේය. මා ගණන් හැදුවේ ඒ මතය.)

මා පේව්මන්ට් රස්සාවට ආයුබෝවන් කිව්වේ ඉතාමත් හදිස්සියෙනි. රණසිංහ ලී මුදලාලිත්, ගුරුලා මුදලාලිත් ඒ සමුගැනීමට මඟ පෑදූහ. ජිනදාස නියතපාල මහතාත් එහි සෑහෙන කොටස්කාරයෙකි. සේරටමත් වඩා mpm. (තවමත් මහරගම දිවි ගෙවන mpm ගැන අන්වර්ථව; නම හංගා ලිවීමෙන් මට නිදහසේ ලියන්නට හැකිය.)

‘දියෙන් හැදෙන ලුණු නැසෙන්නෙත් දියෙනි’ කියා කතාවක් තිබේ. කට නිසාම පේව්මන්ට් එකේ රජ වුණු මා කට නිසාම ඊට සමුදුන් හැටි ‘මඩ ගොහොරුවක පචවී’ පෝස්ටුවලින් කියන්නම්! ඔයාලා ඒකත් කියවනවා නේද?


පසුවදන: 
තාත්තේ, ඔයා මට කිව්වාටත් වඩා දෙයක් මම කළෙමි. ඉස්පිරිතාලය ළඟට ගිහින් මගේ අතීතය කියා, නොමිලයේ කවි පොත් ටිකක් බෙදනවාට වඩා මේ ක්‍රියාව පුළුල්ය. එය සුළඟේ යන එකකි. ඔයාගේ කාලයේදී මෙවන් දේවල් ගැන හිතන්නටවත් හැකියාවක් තිබුණේ නැත. ඒත් 'රංජි' මුල අමතක කරන්නේ නැත. 

තිස්සෙම ඔබ කියූ අයුරින් 'ඇත්ත කියන්නත් බිම ඉඳගන්නත්' මා බිය නැත. ඒ හින්දාම මගේ ජීවිත කතාවම මෙලෙස ලියන්නෙමි. අද හෙට මා මිය ගියත් අනිද්දාත් කෙනෙකුට මෙව්වා කියවන්නට පුළුවන්ය. ඒක වැඩිය හොඳයි නේද?

අද ඔබ කොහේදැයි මට හිතාගන්නටවත් බැරිය. ඒත් මගේ හිතේ නම් ඔයා තවමත් රජවී හිඳියි. පුළුවනි නම් මේවා කියවලා බලලා සැරෙන් හරි හොඳ නරක කියන්න!

ඒ වාගේමය. පුරා අවුරුදු හතරක් තිස්සේ පේව්මන්ට් එකේදී, පොළේදී, පින්කම් පොළේදී හෝ ඉස්කෝලයකදී මට උදව් කළ; සත පහකින් හෝ ආධාර කළ ඒ හැමෝටමත් මේ පුදන්නේ මගේ හද පිරි භක්ත්‍යාදර ස්තුතියයි!    

4 comments:

  1. පේව්මන්ට් එකේ රජවී කතා දහයම එක දිගටම කියෝගෙන ආව. බලාගෙන ගියාම නිමල් අයිය මාර පොරක් නෙ. මේ කතාවනං පොතක් ගහන්න වටිනව.

    ReplyDelete
  2. ස්තුතියි ප්‍රසන්න.
    පොතකට නම් කරන්න වෙන්නේ මං ගියාට පස්සේ, මොකද මුළු ජීවිත කතාවමනේ බ්ලොගයේ ලියන්නේ, තැනින් තැන.

    ReplyDelete
  3. හම්මේ ... මේ පංච තන්තරේ කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර වෙයිද කියල තේරෙන්නෙ නෑ :O

    ReplyDelete
    Replies
    1. ගලන ගඟකි ජීවිතේ - දයාලූ ලෝකයේ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්