1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. සීයයි!
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස

Friday, January 11, 2019

දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස

‘කවාලා විළඳ ජාතී - ඇති කළත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී - රැව් දිදී ලබනා සෙ වන සැපතා’

දමාලා යන්නෙ ඉගිලී රැව් දිදී ලබනා සෙ ...........
අබරන් මාස්ටර් උච්ඡ ස්වර සප්තකයම පාවිච්චියට අරගෙන වගේය. අපේ ගෙදර වහලයත් දෙදරයි!

‘කිරෙන් කා තෙලෙන් අත සෝදා අපේ මේ ජීවිතේ රකිනා
දුවත් නම් සිරුරු කූඩුව මෙහි තබාලා ආව කල මරුවා’

ඊට කලින් කවදාවත් මං ඒ ගීතය අහලාවත් තිබුණේ නැත. ඒත් ඒ ගීතය රස විඳින්නට ඒකෙන් කිසිම බාධාවක් වුණෙත් නැත. “මෙන්න බලාපං ගුණේ!” අබරන් මාස්ටර් ආඩම්බරයෙන් හිස ඔසවා, කෙස්ස ගස්සා සිනාසී, අත් දෙකේ ඇඟිලි දහයම ස්වර පුවරුව මත දිවෙව්වේය.

“සුරින්දා සේ සිරින් වසනා සදා කල් මේවු පුරවරයේ....” 
දැන් අබරන් මාස්ටර් ගයන්නේ වෙනත් ගීයක් බව ටිකාක් කන් දීගෙන ඉන්නා විටම කාටත් තේරෙයි. කිසිම සබකෝලයක් නැතිව, පැකිළීමක් නැතිව, පැටලීමක් නැතිව අබරන් මාස්ටර් ‘ෆුට් බැලෝ’ සර්පිනාව වයමින්ම සින්දුව කියූ අපූරුව!

කිසිම ඇකිළීමක්, පැකිළීමක්, පැටලීමක් නැතිව අබරන් මාස්ටර්.......
‘උපන්නොත් යම් සතෙක් ලෝකේ මරණයත් කොටා ඇත නළලේ
තැවෙන්නේ ඇයි තුටින් ඉන්ටයි වටින්නේ ලෝ දහම් එලෙසා”

නිදිට මඤ්ඤංද කියලාත් දැන් නම් ඔබට හිතෙන්නට ඉඩ තියෙයි. 
දැන් ‘කවාලා විළඳ ජාතී’ ගීතය ඇහෙන්නේ ටිකක් වෙනස් පදමාලාවක් විදියටය. 
එහෙම වෙන්නට පුළුවනිය. තව අවුරුදු 18 ක් යද්දී ඒ ගීතයට වසර සියයක් ලබයි. 
සිරිසේන විමලවීර මාස්ටර් 1936 දී ‘රොඩී කෙල්ල’ ටීටර් එකට මේ ගීතය රචනා කොට ඇති බව මා දැනගත්තේ පොතකින්ය.

පොත ‘නූතන ගේය කාව්‍ය සංහිතා’ය. කතුවරයා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. 

අද පණ්ඩිතයා වගේ මේ විස්තර සේරම ඇද බෑවත් එදා නම් මේවා එකක්වත් මං දැන හිටියේ නැත. ඒ තියා මේ සින්දුවවත් කලින් අහලා නොතිබුණු හැටි. කොහොම අහන්නද, එතකොට; 1966-67 කාලයේ හිතේ හැටියට කියවන්නට පොත්-පත්තර මට ලැබුණේ නැත. අපේ ගෙදරට රේඩියෝවක් තිබුණේත් නැත. පමුණුවෙන් තුන්කාලකටම විදුලිය තිබුණේත් නැත.

පමුණුවෙන් විතරක් නොවේ, මහරගමින් වැඩි හරියකුත් ඒ කාලයේ රාත්තිරියට තිබුණේ කුප්පි ලාම්පු එළියෙන් ආලෝකවත් වෙමිනි. 

මං හිතන්නේ ඒ කාලය වෙනකොට ‘මහරගම’ නාමය නම් පැළපදියන් වෙලා අහවරය. එහෙම කීවේ මුල් කාලයේ මහරගමට කිව්වේ ‘හික්ගස් හන්දිය’ කියලා නිසාය. මහරගම හන්දියේ රූස්ස හික් ගහක් තිබුණා වෙන්නට ඇත. අනේ, ඒකෙත් හැටි. ඔය විස්තර කාගෙන් කියලා අහගෙන, තහවුරු කරගන්නද?

'නූතන ගේය කාව්‍ය සංහිතා' පොතේ කතුවර මහාචාර්ය සුනිල් ආරියරත්න........
ඒ තියා, දැන් මහරගම-නවරෝහල 212 බස් නවත්වන තැනට ඉදිරියෙන් දැවැන්ත නා ගහක් තිබුණු බව මගේ කාලයේ බොහෝ දෙනාටත් අමතකවී ගිහින්ය. 
ඉතින් එතැනට ටිකාක් එපිටින් බුලත් විට- අච්චාරු විකිණූ කළු-මිටි වෙළෙඳන් අම්මාව කොහේ මතක හිටින්නද? 
කිරිගහට ඇන්නා වගේ නිමිති-සාත්තර කියන්නටත්, කේන්දර බලන්නටත් ප්‍රසිද්ධවී හිටි ‘බුලත්සිංහල මහත්තයා’ ගැනවත් අහලා වැඩක් තියේවිද? එයාගේ මීමුණුබුරාලා නම් තවමත් පමුණුව දේවාල පාරේ දවසරිති. 
ඔහොම මහරගමකය අපේ නාට්ටිය පෙන්නුවේ.

1966 පොසොන් පෝයදා අපි මහරගම හන්දියේ ‘අජාසත්ත නාට්‍යය’ පෙන්නූ රඟ ‘නිදිගෙ පංච තන්තරේ’ මුල හිට කියවූ අය නම් දැනටමත් දනිති. ඒ නාට්‍යය නිසාම, මං ‘පේව්මන්ට් එකේ රජ වෙන්නට’ ගිය හැටිත් දයාබර ඔබ කියවන්නට ඇත. 

දැන් සූදානම් වෙන්නේ ආයෙම 1966 ට ඔබ කැටුව යන්නටය.

අජාසත්ත පෙන්වා දවස් දෙකක් හරි තුනක් හරි ගෙවුණා විතරය. සිල්ලප්පු වත්තේ උඩහට; පාර කෙළවර වෙන තැනට කාර් එකක් ආවේය. එතකොටම පොඩි එකෙක් ‘රූං’ කියාගෙන අපේ ගෙදරට කඩා වැදුණේය. “කාර් එකේ ආපු කෙනෙක් ගුණපාල ළමයාගේ ගෙදර හොයනවා....” කොල්ලා හති හලමින් කියයි. එතකොටත් අපේ ගෙදර තුන්-හතර දෙනෙක්ම රැස්වෙලාය. අජාසත්ත එකේ ‘පශ්චාද් පරීක්ෂණය හා විශ්ලේෂණය’ කරන්නටය.

“ටිකක් උඩහට ගිහින් බලනවකො බන්දු!” අපේ තාත්තා උඩහට යැව්වේ බන්දුලවය. අජාසත්ත කුමාරයාට ඇන්ද බන්දුල මතකයිනේ? බන්දුල ජයකොඩි.

බන්දුල ජයකොඩි අමුත්තාත් එක්කම පල්ලම් බැස්සේ හරිම...........
උඩහට ගිය බන්දුල වාහනයෙන් පැමිණි අමුත්තාත් එක්කම පල්ලම් බැස්සේ උජාරුවෙනි. හරියට කාර් එකයි, අමුත්තායි දෙන්නාමත් එයාට අයිති වුණා වගේය! ඒ පළමු වතාවට මා අබරන් මාස්ටර් දුටු දවසයි. අමුත්තා දකින විටම අපේ තාත්තා නැඟිට්ටේය. “මාස්ටර්! මෙහෙ?”

“ඉතින්, ඉතින් ගුණේ. කොහොමද?” පුටුවකට බර වෙමින් මාස්ටර් ගෙදරත්, වටපිටාවත් හොඳටම බලා ගත්තේය. 

“යකඩෝ, උඹ මරු වැඩක්නෙ කළේ! මේ ඇඹිටිල්ලන් කොල්ලෝ කෙල්ලෝ ටිකක් අල්ලාගෙන. මං දැන් දවස් දෙක තුනක් තිස්සෙම පෙරුම් පුරලා, යාන්තම් නිවාඩුවක් හම්බ වුණු ගමන් මේ ආවේ.”

“මාස්ටර් හදිසියේ?”

“මොන හදිස්සියක්ද ගුණේ? උඹලගේ අජාසත්ත ටීටර් එක මාත් දැක්කා. මරුනේ බං. අපිත් ඉතින් ටවර් එකේ ටීටර් කරපු මිනිස්සුනේ. දැන් වයසට ගිහිල්ලා වුණත්, නිකම්ම පණ ගහලා ආවා, උඹලගේ නාට්ටිය දැක්කම....”

හැබෑ කලාකරුවන් එහෙමය. කලා නිර්මාණයක් දකිද්දී, රස විඳිද්දී ඔවුහු අනුප්‍රාණය ලබති. ඔකඳ වෙති. සමහර විටෙක නිර්මාණාවේශයත් ලබා ගනිති. 

අබරන් මාස්ටර්ට සිදුවී තිබුණෙත් ඒ සන්තෑසියමය. “මට තේරුණා ගුණේ, උඹට හොඳ කොල්ලෝ-කෙල්ලෝ ටිකක් ඉන්න බව. උඹත් ඉතින් එදා ඉඳලම දක්ෂයා නෙව. මගේ ළඟ තියෙනවා මරු බඩුවක්. විධුර! ටවර් එකේ නටපු ටීටර් එකක්. මොකද කියන්නේ? නටවමුද?” අපේ දෙවෙනි නාට්‍යයට අත්තිවාරම වැටුණේ එදාය!

අබරන් මාස්ටර් අපේ ගෙදරත්, වටපිටාවත්.............
අබරන් කීවාට ඔහු අබරන් නොවේ. ඒබ්‍රහම්ය! හැබැයි, දිව උළුක්කු වෙන හින්දාද කොහෙද කවුරුත් ඔහුට කිව්වේ අබරන් මාස්ටර් කියලාය. මාස්ටර් හිටියේ මහරගම හන්දියේමය. දැන් ‘හේමන්ත ටෙක්ස්ටයිල්ස්’ සාප්පුවට යාබද ඉඩමේය. සේවය කළේ ‘ලේක් හවුසියේ’ය. මා දන්නා තරමට නම් ‘අච්චු අකුරු වක් කරවන අංශයේ’ය. ෆොර්මන්වරයෙකු විදියටය.

අපේ තාත්තාගේ ගැටවර කාලය ගෙවී තිබෙන්නේ මහරගම බුවෙනකබා විද්‍යාලය ඉදිරිපිට, හයිලෙවල් පාරෙන් මෙහා පැත්තේ ඇති වපසරියේය. 

ඊට එහා පැත්තේ දැනටත් ඇත්තේ බුවෙනකබා මහා විදුහලයි. බුවෙනකබාව ඉදිරිපිට ඡායාරූපයේ උසම ගහ පෙනෙනවා නේද? හරියටම එතැන ඉසව්වේය මහරගම පළමු තොරණ ඉදි කෙරුණේ!

“උඹලගේ තාත්තාට බොහොම ඕනෑ වුණා xx ඇන්ටිව කර ගහගන්න. තව ඩිංගෙන් උඹේ අම්මා වෙන්නේ එයා. අර මගේ විරුද්දේ හින්දාම මුලින් නැවතුණා!” පසු කාලයක අපේ ආච්චී තාත්තාට මදන යකා ගහලා හිටි කාලය ගැනත් සිහිපත් කළේ එහෙමය.




බුවෙනකබාව ඉදිරිපිට උසට පෙනෙන මේ ගස ඇත්තේ 1966 මහරගම පළමු තොරණ ඉදි කෙරුණු .........

“xx ත් වලි කෑවේ අපේ එකාගේම කරේ එල්ලෙන්න. අන්තිමට ගුණේට රස්සාව හම්බ වෙලා බදුල්ලට ගියා විතරයි, උඹලගේ අම්මගෙ ඉනාව කෑවා! xx ට වැඩිය ලීලා පෙනුමයිනේ. ඔන්නං උඹලගෙ තාත්තණ්ඩිගෙන්ම අහල බලපංකො වෙලාවක, හීන් සැරේ.
xx යි, අපේ ගුණෙයි දෙන්නට දෙන්නා ලෙව් කරන කාලේ පොරොන්දුවකුත් වෙලාලු හිටියේ.... දෙන්නට කසාද බඳින්න බැරි වුණොත්, ඉස්සෙල්ලාම උපදින ළමයි දෙන්නවවත් කසාද බන්දවමු කියලා. හොඳ වෙලාවට පවුල් දෙකේම, දෙන්නටම ඉස්සෙල්ලම හම්බ වුණේ පුතාලම දෙන්නා, දෙන්නා. xx ඇන්ටිට ඉස්ස්සෙල්ලම දුවෙක් හම්බ වුණා නම් රංජියෝ, උඹට බැඳගන්න වෙන්නේ එයා!”
.
බැරි වෙලාවත් රාxx නංගි ඒ පවුලේ වැඩිමලියවී උපන්නා නම් අපේ තාත්තා මොනවා කරාවිද? “මට නම් හිතෙන්නෙම xx ගෙ ලොකු පුතා වුණත් උඹේ අයියා කියලයි. පේන්නැද්ද, කොල්ලාට තියන්නේ අපේ ගුණේගේම මුහුණුවරමනේ. ඊටත් ඌ තාත්තට වැඩිය ආදරේ ගුණපාල මාමට. යකාගෙ මාමා!” අපේ ආච්චී ඔහොම කයි-කතන්දර කිව්වේ නිකම්ම නම් වෙන්නට බැරිය!   

එවැනි ආගිය කතා ටිකෙන්-ටික හෙළිවෙද්දී පෙනුණේ තාත්තාගේ ‘ටෙරිටරිය’ ගොඩක් පුළුල් බවයි. දැනට ඒ ටික පැත්තකින් තියමුකො. නේද? ඕවා එක පාරම එළියට දාන්නට ගියොත් දිසානායක පරම්පරාවට වෙන්නේ මදි නොකියන්නම නාගන්නටය.

ඒ දවස්වල මහරගමත් නාන තටාක- නාන ටැංකි තිබුණු බව මතක කාටද?

ළිං කියන්නෙත්, පිං ළිඳවල් කියන්නෙත් නම් ඒ දවස්වල අමුතු ඒවා නොවේ. එහෙත් මේකේ තිබුණු අමුත්ත සල්ලි ගෙවා නාගන්නට ඉඩ තිබුණු එකය. සිමෙන්තියෙන් බක්කි බැඳ, වතුර පුරවා ඇති ටැංකිවලින් ඕනෑම කෙනෙකුට මුදලක් ගෙවා නාගන්නට එදා ඉඩ තිබිණි.

XX වලි කෑවෙම අපේ එකාගේ කරේ එල්ලෙන්න............
ඒ වියාපාරය කළෙත් අබරන් කෙනෙකි. හැබැයි, ඔහුගේ නමට කලින් ‘ගල්’ කියලා විශේෂණ පදයකුත් තිබුණේය. ‘කොලු’ කියලාත් සමහරු කීහ. 
පස්සේ උන්දෑ ඇස්බැස්ටෝස් තහඩු වෙළෙඳාමට බැස්සායින් පසුව, (වයසත් යමින් තිබුණු හින්දාදෝ) ගල් කෑල්ලත්, කොලු කෑල්ලත් වාෂ්පවී ගිහින් ‘ෂීට්’ කෑල්ලකුත් ඒකට එකතු වුණා මට මතකය. අද ඒ නාන තටාක තිබුණු හරියේ වැජඹෙන්නේ ‘ඇමිටි බිල්ඩින්’ එකය!

තවත් එකක්! මේ අබරන්ලා දෙන්නාම උග්‍ර unp කාරයෝ වූහ. ඒ ගොඩටම වැටුණු අනෙක් දෙන්නා රොබියස් අල්විස් වීරක්කොඩි, ‘මනුවෙල් අයියා’ හා ‘අංකල් අයියා’ය. (මේ අයියලා දෙන්නාගේම  නමවත් මා දන්නේ නැතිවීම වස වැරැද්දකි!). මහරගම කැපී පෙනෙන ශ්‍රී ලංකාකාරයෙක් වුණේ ‘කිංකොං’ය. kingkong කිව්වාට එයා අර ගොරිල්ලා නොවේ; මනුස්සයෙකි. කළේ ස්වයං රැකියාවකි. කළු-මිටි-මහත කිංකොං මාමාගේ සයිකල් වින්කලය තිබුණේ බුවෙනකබා විදුහල අසල බෝධීන් වහන්සේ යටය; මුල්ලට වෙන්නටය. දැන් ඒ හරිය පාරේය!

කිංකොං මාමාගේ පුත්තරයාත් වාමාංශික දේශපාලනය කළේය. 89 භීෂණය කාලයේ වෙඩි උණ්ඩයකට ගොදුරුවී මියපරලොව ගියේය. අයිවන් ජයසේකර කිව්වාමය ඒ කාලේ හැමෝම දැනගෙන හිටියේ. තාත්තාගේ උරුමය ලැබුණු කිංකොංගේ මුණුබුරු චතුර ජයසේකරත් දැන් දිනේෂ්- යදාමිණි ගුණවර්ධන පිය-පුතු දෙන්නා හා එක්වී දේශපාලන ගමනක් යයි! 

එදා නාන ටැංකි තිබුණේ අද 'ඇමිටි ගොඩනැඟිල්ල' පිටුපස ඉසව්වේය!
ඒබ්‍රහම් මාස්ටර් එදා අපේ ගෙදරට ඇවිත් තිබුණේ නිකම්ම නොවේ. හොඳ සූදානමකිනි. “ගුණේ, කාර් එකේ පොඩි බඩුවක් තියෙනවා. ගෙනෙමු ගෙදරට. දීපංකො මට හයිහත්තිය තියෙන දෙතුන්-දෙනෙක්.” හයි-හත්තිය තියෙන අය මාස්ටර් එක්කලා ගිහින්, කාර් එකෙන් උස්සාගෙන ආවේ ලොකු පෙට්ටියකි. ඒකෙ තිබුණේ අපූරු භාණ්ඩයකි.

මා පළමුවරට ෆුට් බැලෝ; ‘දෙපයින් පාගමින් වාදනය කරන’ සර්පිනාවක් දුටුවේ එදාය. සර්පිනාව විතරක් නොවේ, ඔහු ගෙනවිත් තිබුණේ. මොනිටර් ඇක්සයිස් පොතකුත්! 
‘විධුර’ නාටකයේ පිටපත ලියා තිබුණේ ඒ පොතේය.

“ගුණේ, මේකේ සිංදු විසිපහක් තිහක් තියෙනවා. සේරම නැඟලා යන ටියුන්ස්. ඔන්න බලහංකො.....” කාගෙන්වත් ආරාධනයක් නැතිවම මාස්ටර් ‘කවාලා...’ ගීතය ගයන්නට පටන් ගත්තේ එහෙම කියලාය. 
ඊළඟට ඒ තනුවටම ‘සුරින්දා සේ සිරින්....’ ගීතයත් ගැයුවේය. 

අහල ගං හතකට ඇහෙන්නට මාස්ටර් සිංදු කියද්දී ඉස්සෙල්ලාම අපේ ගෙදරට ගොඩ වැදුණේ නුගේගොඩ ඇන්ටිය. ඊළඟට තව එක්කෙනෙකි. මාස්ටර් එනවිටත් අපේ ගෙදර දෙතුන් දෙනෙක් හිටි බව ඔයාලට මතකයි, නේද?

“ගුණේ, ඔය සුරින්දා සේ සිරින් වසනා සදාකල් මේවූ පුරවරයේ සින්දුව ‘විධුර’ එකේ කුරු රජ්ජුරුවොයි කියන්නේ. ඔය ටීටර් එක ටවර් එකේ නටද්දී ඒ පාට් එක කළේ මං!” මාස්ටර් කියද්දී මට පෙනුණේ ‘කුරු රජතුමා ප්‍රතාපවත් ගමනින් වේදිකාවේ එහා-මෙහා යමින්; තේජස පතුරුවමින්’ ගීතය ගයන අයුරුයි!
ඇටි කෙහෙල් කෑ උගුඩුවා................
උගුඩුවා ඇටි කෙහෙල්වලට පෙරේතයෙකි. ඇටි කෙසෙල් ඉදුණාම පලාතම සුවඳ ගහනවාලු. මට කිව්වේ අපේ ආච්චීය. 

“ඇටි කෙහෙල්වල මදේට වැඩිය තියෙන්නේ ඇට. ඒවා කෑවාම උගුඩුවාට අමාරු වෙනවා, බෙටි දාන්න ගියාම. ඔන්න බොහොම අමාරුවෙන් තටමලා-තටමලා බෙටි දාලා උගුඩුවා කියනවා ‘ආයේ නම් ඇටි කෙසෙල් ගහක් දිහා බලන්නේවත් නැහැ’ කියලා. ඒත් ඇටි කෙසෙල් කැනක් ඉදිලා සුවඳ ගහද්දී ඌට ඉවසාගෙන ඉන්න බැරි වෙනවා. රහ මතක් වෙනවා.......”

හරියටම අපේ රටේ පාලක උත්තමයන්ට වගේ වෙන්නැති. ඉතින් පෙරේතකමට ආයෙම එතනටම යන්නට වළිකන්නේ මජරකමට වෙන්නැතිය.

“ඉතින් උගුඩුවා තමුන්ටම කියා ගන්නවාලු ‘ගහ ළඟට ගියාට මං ගහට නඟිනවායැ.’ කියලා. ගහ ළඟට ගියාට පස්සේ ඌට ඒක මතක නැහැ. ගහට නැංගට කවුද ගෙඩියක්වත් කන්නෙ- එහෙමයි ඊළඟට ඌ හිතන්නේ. කෙසෙල් කැන ළඟටම ගියාම ඌට ඉවසාගන්නම බැරිව යනවලු. ඔන්නොහෙ එක ගෙඩියක් කනවා. එකක් කෑවාට මොකද වෙන්නේ? කියලා කන්න ගන්නවාලු. කෙසෙල් කැනම කැවෙනකල් ඌ දන්නේ නැහැල්ලු. ඔන්න ඒකේ රඟ ඌට තේරෙන්නේ පහුවදා උදේටලු!”

විහින්, හිතාමතා ඇටි කෙසෙල් නොකෑවත් එදා අප වැටී උන්නෙත් සකල අමාරුවකටය. අබරන් මාස්ටර් ගෙදරට කඩා වැටුණේ හිටි හැටියේය.

එදා අපට කෝඩේය. මාස්ටර්ට තේ එකක් දෙන්නට නම් පිරිමසාගත්තත් අනෙක් පිරිවරට තේ හදන්නේ මොනවායින්ද? සීනි කාලක්වත් නැතිව බැරිය. ඒ නිසාමදෝ අපේ කවුරුන්වත් තේ ගැන මතක් කළේ නැත. දිවැසින් දැක්කා වගේය. මාස්ටර්ට අපේ තත්ත්වය වැටහුණා විය යුතුය. ඉණේ බැඳගෙන උන් පටියේවූ පොකැට්ටුවෙන් කීයක්දෝ ගත් මාස්ටර් ඒක තාත්තාට දුන්නේය.

එදා අපට කෝඩේ දවසකි.
“මට හරි සතුටුයි ගුණේ. අද මගේ ගණනේ මේ ඉන්න හැමෝටම තේ එකක් දෙන්න ඕනේ. ගෙන්නහං මේකෙන් සීනි තේකොළයි, පාන් ගෙඩි දෙහෙකුයි.”

අනේ, සත්තකටම අදත් එදා මට දැනුණු දුගී බවේ ලජ්ජාව දැනුත් ජීවමානව වගේ මට දැනෙයි! ඒක එහෙමම තිබියදී අදට ‘බායි’ කියන එක හොඳය!