li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, May 7, 2019

වීරයා ගෙදරද? පළමුවෙනි කොටස

ආච්චි කිව්වා, මම කොහොමද බං උඹට චිත්‍ර අඳින්න නිවුඩ් ගැහැනු හොයන්නේ......
“.... එක පාරක් මම ආච්චිට කිව්වා මට ඕනෑ ලයිෆ් ඩ්රෝවින්ග් අඳින්න කියලා. අපි හරිම එකතුයි. ආච්චි මට හිනාවෙලා කිව්වා, මම කොහොමද බං උඹට චිත්‍ර අඳින්න නිවුඩ් ගැහැනු හොයන්නේ, එහෙම කරන්න මට බෑ, උඹලා ඔය බලන සෙක්ස් මැගසින්වල (ආච්චි කිව්වේ බ්ලූ කියලා) තියෙන පින්තුර දෙක තුනක් ලොකු කරලා; එන්ලාජ් කරලා අරගෙන වරෙන් කියලා....”

කාලෙකට ඉස්සෙල්ලා දෙමටගොඩ හිටි කොලු ගැටයෙක්, කාන්තාවන්ගේ හෙළුවැලි චිත්‍ර අඳින්නට ඕනෑය කියලා ආච්චිට කියූ වග-විස්තරයකි ඒ.

කොල්ලාගේ වාසනාවට ඒ දෙමටගොඩ ආච්චී ගතින් වියපත් වුණත් සිතින් යව්වනියක් වුණු කෙනෙකි. මේ  හාදයා කියන විදියටම නම් “.... දැන් කෙල්ලෙකුට වඩා මගේ ආච්චී දියුණුයි!” ය. මේ මනුස්සයා එහෙම කියා තිබුණු බව 2017 නොවැම්බර් 17 වෙනිදා, ටිරාන් කුමාර බංගමආරච්චි රටටම ලියලා තිබිණි. ඒ ‘රාවය’ පත්තරයෙනි.

හදිස්සියේම පරණ විස්තර හොයලා ඒක කියවද්දී, මුල්ම වරට ඒ ලිපිය කියවද්දී වගේම ඉරිසියාවක් මගේ හිතේ ඇති වුණාය කියන්නේ ලජ්ජාවෙනි. අපේ ආච්චිත් ප්‍රගතිශීලී යව්වනියකි. මට අවුරුදු දහයේදී විතර කුමරි බඹසර- දෙවෙනි ගමන- පතිවත වගේ දේවල් ඇය කියූ බවත් ඇත්තය.

අපේ ආච්චිලා හිටි හික්ගස් හංදිය.......
ඒත් නාමල්ගේ ‘දෙමටගොඩ ආච්චී’ ඉන්නේ දසනායක රත්නවතීටත් වඩා ඉස්සරහින් වගේය. එක අතකට ඒකේ පුදුමයකුත් නැත. ඒ කාලේ අපේ ආච්චිලා හිටි හික්ගස් හංදිය ගමකි. දෙමටගොඩ එහෙමද? අනෙක් අතට ඒ ආච්චී චිත්‍රකලා ගුරුවරියකි. අපේ ආච්චිගේ කෙරුවාවල් තිබ්බේ කුස්සියේය. 

මේ සේරටමත් වඩා දෙන්නා ඉඳලා තියෙන්නේ කාල වකවානු දෙකකය. දෙමටගොඩ ආච්චී හිටියා වගේ පෙනෙන්නේ මගේ වීරවරියට වඩා අවුරුදු දහය-පහළොවකටවත් මෙපිටින්ය.

මෙහෙම කිව්වාය කියලා නාමල් ජයසිංහට කිසිම මදි-පුංචිකමක් සිද්ධවෙන්නේ නැත. දැන් නාමල් ඉන්නේ ඉතාමත් ඉහළ පියගැටයකය. තව-තවත් ඉහළටම යන්නට ඔහුට වාසනාව, ධෛර්යය, ශක්තිය ලැබේවා! 

මං එහෙම ප්‍රාර්ථනා කරන්නේ මා වැනිම වූ ලක්ෂ  ගණනාවක් වන රූපවාහිනී රසිකයන් වෙනුවෙනි.

නාමල් ජයසිංහ කිව්වාම නොදන්නා අය ඉන්නට පුළුවන්ය. ඒත්, ‘සහෝදරයා’ අධ්‍යක්ෂ කිව්වාම ඊට වඩා මීටර් වෙයි. බොහීමියානුවා, තාරා, සහෝදරයා, වීරයා ගෙදර ඇවිත් වගේ ටෙලිනාටකවල තිර රචකයා කිව්වාම නම් ආලවට්ටම් ඕනෑම නැත. මට නම් සෙනසුරාදා, ඉරිදා රාත්‍රියට ගෙදරට එන වීරයාටත් වැඩියෙන් නාමල් වීරයෙකි. ඇයි ආනන්ද අබේනායක? 

ආනන්ද, නාමල් හා රොෂාන් කියන තිදෙනා දායක වෙන නිර්මාණ මා මඟහරින්නේ නැත.
නාමල් ජයසිංහගේ තිර රචනයකින් හැදුව ටෙලියක් අනිවාර්යයෙන් නැරඹීම මගේ සිරිතය. ආනන්ද අබේනායකගේ අධ්‍යක්ෂණයක් ගැනත් එහෙමය. (පෝදා නාට්‍ය නම් මට මඟ හැරෙයි). රොෂාන් රවීන්ද්‍ර රංගන දායකත්වය සපයන ඒවායිනුත් මා නොබලා සිට ඇත්තේ කීපයක් විතරය.

සතියේ දින පහේම පෙන්වන මෙගා නම් මට අරහංය. මගේ හැඟීම නම් විනෝදාස්වාදය අපට අවශ්‍ය වුවත්, ඒකටත් සීමාවක් තිබිය යුතු බවයි. එහෙමය කියලා මට ගුණදාස අමරසේකර මහත්තයා තරම්ම සාහසික වෙන්නට නම් බැරිය. මං ඒ තරම් උගතෙකුත් නෙවෙයි නිසා වෙන්නැති එහෙම හිතෙන්නේ.

සැරයක් පත්තරයකින් සාහිත්‍යය ගැන කෙරුණු සම්මුඛ සාකච්ඡාවකදී, එතුමා කියවූ මෑතකාලීන කෘතිවල හොඳ-නරක විමසා තිබිණි. 

එතැනදී අමරසේකර මහත්තයා දී තිබුණු උත්තරයෙන් පෙනුණේ එතුමාගේ දරදඬුකමයි. ‘ගල් පිළිමය සහ බොල් පිළිමය’ මුද්‍රණ ශිල්පියා විදිහට මට එතුමා හමුවෙද්දී දුටු අනම්‍ය ස්වභාවයම තවමත් තිබෙන බවයි! පොල්ලෙන් ගහන්නා වගේ එතුමා කියා තිබ්බේ මේකය. “මං දැන් පළවෙන පොත් කියවන්නේ නෑ!”.

ඉස්සර එතුමාගේ තිබුණු දරදඬුකමම අදටත් තිබෙනවා ..................
මට දැන් රූපවාහිනියක් නැත. “ඒක එක දිගටම මාස ගණනක් තිස්සේ නිකම්ම තිබ්බම නරක් වෙනවා. සතියකට වතාවක්වත් tv එක බලහං”. කීප දෙනෙක්ම මට කිව්වෝය. බලන්නට තියෙන්නේ මොනවාද? මං කළේ tv එක නංගිලාගේ ගෙදරට පටවා ඒකෙන් නිදහස් වීමය.

හැබැයි, අලුතින් පටන් ගන්නා හැම ටෙලියකම මුල් කොටසක් බලා, දිගටම ඒක බලන්න වටිනවාදැයි තීරණ කිරීමය මං කරන්නේ. ඒක කරන්නේ ජාලයෙන් බලලාය. ඒ හින්දා කොම්පියුටරයට ආවඩා- ආයු බොහෝ වේවා කියා කිව්වත්, ‘මුළු හදවතින්ම ලියන්නෙ එක පේළියයි!”.

ඉතින්, මට නාමල් වීරයෙක් වෙන්නේ එයාගේ ඍජු කියුම්-කෙරුම් හින්දාය. මිනිහෙකුට තමන්ගේ වැරැදි ගැන; අඩුපාඩුකම් ගැන; දුබලකම් ගැන ප්‍රසිද්ධියේ කියන්නට හැකිවීම වීරකමක් නෙවෙයිද?

“...... මගේ කුඩා කාලය ගෙවෙන්නේ දමිළයන් සිහි වූ ගමන් ‘පර දෙමළා’ කියල බැනපු ආච්චිලා-සීයලා එක්ක. මම හිටියෙත් එතැන. මට මතකයි ’83දී අපේ ඉස්කෝලේ හිටපු  සම වයස් දෙමළ කොලු පැංචො දෙන්නෙකුට අපි සිංහල කොල්ලො එලව එලවා පහර දුන්න “දෙමළු මරපියව්” කියලා. අද මට ඒ සහෝදරවරු හමු වුනොත් දෑත් එක්කරල වැඳල සමාව ඉල්ලනවා.”. 
(2016 සැප්තැම්බර් 03- මංජුල වෙඩිවර්ධනගේ ‘ලංකාවේ සුභාවිත කලාව කියන්නේ විකල්ප යථාර්ථයක්- නාමල් ජයසිංහ’ පෝස්ටුවෙනි).

‘තාරා’ පිටපත ලියද්දී නාමල් දමිළයන් දිහාව බලන සානුකම්පිත බැල්ම මතකද? එතැනදී එළියට පනින්නේ මේ අත්දැකීමේ පසුතැවිල්ලෙන් ලත් කම්පනය නොවෙයිද?

නාමල් 'තාරා' ලියද්දී දමිළයන් දිහාවට හෙළන සානුකම්පිත බැල්ම.........
“වීරයා ගෙදර ඇවිත්” බලන රසිකයන් වැඩි දෙනෙකු ‘චාමරගේ’ අක්කා; අයිරාංගනී දිහාව බලන්නේ වේසාවියක දිහා බලන්නා වගෙය. රසිකයන්ගේ කමෙන්ට්ස් කියවා බැලුවාම පැහැදිලි වෙන්නේ ඒකය. 

සැමියා හැරදමා ගියාට පස්සේ තරුණ මවකට ලිංගික අවශ්‍යතා ඇතිවන්නේ නැතිද? වයස් පරතරයක් ඇති දෙදෙනෙකු අතර අන්‍යොන්‍ය බන්ධනයක් ඇතිවෙන්නට බැරිද? ලිංගික හෝමෝන - පොරමෝන ශ්‍රාවය වෙන්නේ අපට ඕනෑ හැටියටද නැති නම් ඉපදෙනකොටම අරගෙන එන ජාන සැකසුමට අනුවද?

එහෙව් සුචරිතවාදී දෝෂාරෝපණ වැස්සක් වහින්නට ඉඩ තිබියදීය, අවුරුදු දෙකකටත් එහා කාලයක නාමල් තමන්ගේ ‘ලෝලීත්වයන්’ ගැන කිසිම බයක්- සැකක් පැකිළීමක් නැතිව එළිදරව් කරලා තියෙන්නේ.

“ඔව්! ප්‍රේම සබඳතා ගොඩක් තිබුණා. එහෙම නොනවතින ගමනක් දුවලා ඇති වගේ හිතුණ වෙලාවක, දැන් දිව්වා ඇති කියලා කසාදයක් කර ගත්තා. ඇය චමිලා පීරිස්. එයාත් එක්ක එක තැනකට ඇවිල්ලා ජීවිතය ගත කරන්න තීරණය කළා. ඒත් අවංකවම කිව්වොත් ආයේ ආයේ එහෙම දුවන්නේ නැතිව ඉන්න බැරි වුණා. අද අපිට දුවෙක් ඉන්නවා. ඒ ආදරයේ ප්‍රතිඵලයක් විදියට ජීවිතය ගත කරගෙන යනවා.” (රාවයේ ටිරාන්ගේ ලිපිය).

අනුන්ගේ කුණු එකතු කරන්නෙකුට නම් මේවා චපලකම ගැන, සල්ලාලකම ගැන ඕපාදූපය.

28 වෙනි එපිසෝඩ් එකේදී ප්‍රක්ෂකයා ඉදිරියට එන සුධර්මා ආත්මාර්ථය ඉහවහා ගිය.............
එහෙත් මගේ හැඟීම නම් ‘නාමල් ජයසිංහට නිර්මාණ කාර්යයේදී ඉවර නොවෙන ඉල්ලමක් වෙලා තියෙන්නේත්’ මේ සංසාර ධාවනයේ අත්දැකීම් බවයි. ඒ තිර රචනා සප්‍රාණික වෙලා තියෙන්නේ මේ දිවිල්ල හින්දා බවයි. සමාජයේ; අපේ නාඩි වැටෙන හැටි නිකම්ම තේරුම් ගන්නට මොන ජගතෙකුටවත් බැරිය.

වීරයා 28 වෙනි කොටසේදී ප්‍රේක්ෂකයන් ඉදිරියට එන නංගී; සුධර්මා  (චමිලා පීරිස්) ආත්මාර්ථකාමී අම්මණ්ඩි කෙනෙකි. 

උගුලෙන් හරි - හබකෙන් හරි සතා අල්ලා ගන්නට හපන් ගැහැනියකගේ හැටි කියන්නට නාමල් ගන්නේ විනාඩි ගණනකි. වත්ත පිටිය හූරාගෙන යන්නට එන, කවදාවත් නොදෙන ණයක් ඉල්ලන ඒ ගැහැනියට රසිකයන් දොස් පවරන්නේ ‘අප ළඟත් ඉහට උඩින් තියෙන ආත්මාර්ථකාමීකම’ තේරුම් නොගෙනය!

හැබැයි ඒ එපිසෝඩ් එකේ මුලදී පොඩි දෝනියන්දාගේ පතුරු අරින අම්මා; ‘බේබි නෝනා’ පසුව එන සීන් එකකදී සුධර්මා එනවාත් එක්කම ඇයව පිළිගන්නේ ඉහවහා යන සතුටකිනි.

සුධර්මා ගැන ඇය මුලින් කී ඒවා බොරුය කියන්නා සේය. මුල ඉඳලාම අම්මාගේ කටකාරකමට වහ වැටී ඉන්නා අපට, ඇයගේ දෙපිටකාට්ටුකම කපටිකමක් සේ දැනෙන්නේ නැත. එහෙම වෙන්නේ අප ළඟත් එහෙම දෙබිඩිකම් තියෙන හින්දද? 

නැති නම් අපේ හිත දිනූ අයගේ නුගුණ නොදකින පුරුද්දක් අපට තියෙන නිසාද?

විශාඛාගේ සැමියා කුහකයෙකු බව කියන්නට ටෙලියෙදී ගතවෙන්නේ විනාඩි තුනකටත් අඩු කාලයකි. 
නාමල් මේවා සේරම කියන්නේ කෙටියෙනි. හුඟාක් ටෙලිනාටකවලදී කෙරෙනවා වගේ අදින්නේ නැතිවය. දර්ශන සේරම කෙටිය; ලස්සනය.   

නාමල්ගේ මේ ‘Short & Sweet’ හපන්කම 29 වෙනි කොටසේදීත් දැකගැනීම ලෙහෙසිය. විශාකාගේ සැමියා සනීපයට වාඩිවී ඉඳගෙන සිමෙන්ති ගල් හදයි. ඒ ගමන්ම, ඇනුව බදාම ලෑල්ලේ ඉතිරිව තිබියදීත් ‘ඕක අනල ඉක්මනට ගන්නවකො’ යනුවෙන් කියයි. 

පිරිමියෙකුටත් වෙහෙස ගෙන දෙන සිමෙන්ති ඇනීම ඉක්මනින් කරන්නැයි බිරිඳට මැසිවිලි නඟන සිරි කාලකන්නියාව හෙළා දකින්නට, තිර රචකයා චාමරගේ අක්කාව යොදාගන්නේ ඇය පිළිබඳව සෙනෙහසක්ද උපද්දවමිනි. “අර මූසලයට බැරිද ඔය අත්වැඩ ටික ඌටම කරගන්ඩ, උඹ ලව්වා කරවගන්නේ. පිංගුත්තරයා වගෙ, අච්චුවට කොට-කොට ඉන්නෙ.”

රස්සාව විතරක් කරන, දූ දරුවන්ගේ - ගෙදර දොරේ - ඉවුම් පිහුම් වැඩපළ සේරම ගැහැනු වැඩය කියන පිරිමි අදටත් කොච්චර ඉන්නවද? චාමර වීරයා වෙන්නේ දෑස නොපෙනෙද්දීත් දර පළලා දීම පවා කරන්නට ඉදිරිපත් වීමෙනි. 

වීරයා සති අන්තයේ අපේ ගෙදරටම ඇවිත් පෙන්වලා දුන්නත් අපට මෙව්වා මීටර් වෙනවාද. එහෙම තේරුම් ගනිමින්, ඇස පිනවන අතරේම අපේ ජීවිතයට එබී බලන්නටත් ‘වීරයා’ කවුළුවක් කරගන්නට හැකි නම්...........

ඇස පිනවන අතරේම අපේ ජීවිතයට එබී බලන්නටත්..............(ඡායාරූපය සුමිතුරු ප්‍රියන්ජන් සුරේෂ්ගෙනි.)
නාමල්ට ඕනේ අප ලවා ඒ ටික කරවන්නටය.

‘ලොකු වුණාම මොකද්ද කරන්නේ?’ කියලා මං පොඩි කාලේ කවුරුන් හරි ඇහුවොත් මං කිව්වේ ‘නළුවෙක් වෙනවා’ කියලාය. පේව්මන්ට් එකේ රජවෙන කාලයේදීම ඒ හීනය මට අමතක වී ගියේය. ජීවිත රඟ මඬලේ රඟපෑම ඊට වඩා අසීරු වුණත් ඒකට මුල් තැන දෙන්නට විණි. නාමල් ජයසිංහත් ඉපදී තියෙන්නේ සඳුන් ගැටයක් මිට මොලවාගෙන නොවේ. 


එහෙත් නාමල්ටත් නොතිත් ඉගෙනීමේ ආශාවක්, අභියෝගවලට මුහුණ පෑමේ හැකියාවක් හා 
සහෝදර ප්‍රේමයක් තිබිලාය.

“...... අපේ මව්පියෝ සාමාන්‍ය රස්සාවල් කළ අය. තාත්තා රියදුරෙක්. අම්මා සමූපකාරයක මැනේජර්කම කළා. මට අවුරුදු හතක්, අටක් වෙනකොට අම්මා රට ගියා. ඊළඟට අපි තාත්තා එක්ක හිටියා. ඇත්තම තත්ත්වය නම් අම්මා රට යනවත් එක්කම තාත්තාත් මඟහැරුණා. සමහර වෙලාවට තාත්තා දවස් තුන හතර ගෙදර එන්නේ නෑ. ආවත් අපිට කන්න මොනවා හරි ගෙනත් දෙනවා ඇරෙන්න ඊට එහා දෙයක් වුණේ නැහැ.

-මමයි මල්ලියි හිටියේ. ඉතින් එතැන ඉඳලා මල්ලිව බලාගන්න එක, මිනිහාගේ රෙදි හෝදන එක, කන්න හදලා දෙන එක, ඉස්කෝලේ අරගෙන යන එක මගේ සින්නක්කර වැඩ වුණා......

මොකක්දෝ එහෙකට ඉගෙනීමේ ආශාව පුංචි කාලේ ඉඳලාම තිබුණා. ඉස්කෝලේ යන්න බස් එකට දෙන සල්ලි හොරෙන් බස් එකේ ගිහින් ඉතිරි කරගෙන විජය, මිහිර ගන්න පුරුද්දක් මට තිබුණා.” (රාවයේ ටිරාන්ගේ ලිපිය).

මෙතුවක් කල් ‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළමින් මගේ ජීවිත කතාවේ පදාසයක්ම කියවා ඇති රසික ඔබට, ඉහතින් ඇති ටික කියවද්දී මොකද හිතුණේ? 
අප දෙදෙනාගේ පැටිවියේ අත්දැකීම් සීයට සීයක්ම සමාන නැතත්..........
මට නම් ඇති වුණේ පුදුමාකාර සහෝදර බැඳීමකි. අප දෙදෙනාගේ පැටිවියේ අත්දැකීම් සීයට සීයක්ම සමාන නැති බව ඇත්තය. ඒත් මේ තරම් සමීපකමක්? ඒ ලිපිය, මගේ ඉස්සරහින් ලොකු කන්නාඩියක් තිබ්බා වගෙය.

මගේ බොඳවුණු සිහිනයෙදී වගේ නාමලුත් නළුවෙක් වෙන්නට පෙරුම් පුරා තියෙයි. රඟපාලාත් තියෙයි. රංගනය හදාරන්නට වැඩමුළුවලටත් සහභාගී වෙයි. ඒ ගැනත්, ඊට පස්සේ කාලය ගැනත් කියන ටික කියන්නට මිනිහෙකුට කොච්චර ‘ගටක්’ තියෙන්නට ඕනද? 

හුඟක් අයට ‘කට්ස්’ තිබුණට ‘ගට්ස්’ ඇත්තේ නැත.

“අර වැඩමුළු පස්සේ ගියාම රඟපාන්න තමයි ඊළඟට එන ආශාව. ඒත් එහෙම චරිත හම්බ වුණේ නැහැ. නළුකම ඉගෙනගෙන රඟපාන්න නැති එක තරම් ඛේදවාචකයක් තවත් තියෙනවාද? මොකද මම ගෙදර ගිහිල්ල රඟපාන්නද? සුදු, කළු, එළිය, අඳුර තියෙන චරිත ලැබෙයි කියලා හිතුවා. මොන චරිතයක්වත් ලැබුණේ නැහැ. ඒ නොලැබෙන තැන මා තුළ අමුම අමු කුහකයෙක් වර්ධනය වෙන්න ගත්තා. ලොකුවට හිතලා නෙවෙයි, ඒත් චරිත නොලැබෙන තැන මම මගේ ඇතුළේ වද දෙන චරිත ගැන ලියන්න ගත්තා. 

හුඟක් අයට 'කට්ස්' තිබුණාට 'ගට්ස්' ඇත්තේ නැත.
-තනිකරම ඇරියස් ඇරිල්ලක් කළේ. ඒවා එකතු කරලා කෙටි නාට්‍යයක් කළා. මෙහෙම ඉන්නකොට තමයි ආනන්ද අබේනායක මහත්තයා එයාගේ නාට්‍ය පිටපතක් ලියන්න කතා කළේ. ඔහුගෙන් ඉගෙන ගනිමින් මම ඒක ලිව්වා. ඒක තමයි ‘ජීවිතයට ඉඩ දෙන්න’ ටෙලි නාට්‍යය”.

‘ජීවිතයට ඉඩ දෙන්න’ විකාශ වෙන කාලයේ මං පියසිරියේ ප්‍රින්ටින් මැනේජර්ය.

එහේ දවල් කෑම පැය භාගයේදී කට්ටියක් ඕමි ගසති. තවත් පිරිසක් nap එකක් දමද්දී පැත්තක සාකච්ඡා මණ්ඩපයකි. බොහොමයක් වෙලාවට මාත් ඉන්නේ ඒ අවටමය. ඒ වෙලාවට වැඩියෙන්ම කතා වෙන්නේ ටෙලි නාටක ගැනය. 

දවසක් කට්ටියම ‘කෝපි කඩේ’ ගැන කතා කරමින් ඉඳිද්දී මම මැද්දට ප්‍රශ්නයක් අතහැරියෙමි. “ජීවිතයට ඉඩ දෙන්න බලන්නැද්ද?”

පිළිතුරු තුන හතරක්ම හම්බ වුණේය. ඒ ප්‍රශ්නයකුත් ඇහුවාට පස්සෙය. “එහෙම එකක් මතක නැහැනෙ නිමල් අයියේ. දැනුත් යන එකක්ද?” ප්‍රශ්නයම මාර එකකි.

මං වෙනුවට උත්තරය දුන්නේ ඊටින් සිඤ්ඤෝය. එයාගේ නම ඒක නොවේ; ජනකය. හිටියේ පනාගොඩය. ඊටින් සිඤ්ඤෝත් හිටියේ සෝමවීර සේනානායක මහත්තයා ලියූ ටෙලියකය. “මචං, නිමල් අයියා කියන්නේ අර ගොලුවො වගේ ඉන්න නාට්ටිය බං. කතා නැතිව ඉන්නේ....”.  

අර ගොළුවෝ වගේ ඉන්න නාට්ටිය බං... කතා නැතිව ඉන්නේ.....
 ඔව්, ඔව්. මාත් හිතෙන සේරම එළියට දැමිල්ල අදට නවත්තා, ඒ ටෙලියේ අය වගේ ගොළු වෘතය රකින්නය හදන්නේ. හැබැයි දින කිහිපයකට; මේ පෝස්ටුවේ දෙවෙනි එක කොටනකල්....... 

25 comments:

  1. නිමල් දන්න කාලෙ මහරගම හන්දියෙ හික් ගහක්/ගස් තිබුනද?

    ReplyDelete
    Replies
    1. Pra Jay, මං දැනුවත්ව නං එහෙම සුවිශේෂ හික් ගහක් තිබුණේ නැහැ. නමුත් මහරගම ස්ටේෂම ළඟ (දැන් 212 නව රෝහල බස් නැවතුමට ඉදිරිපසින්) දැවැන්ත නා ගසක් තිබුණා.
      ඒ කාලේ ඇරැව්වල (නන්දිමිත්‍ර මහත්තයාගේ ගම)වගේම අපේ පමුණුවත් හරක් හොරුන්ගේ, මිනී මරුවන්ගේ, මංකොල්ලකාරයන්ගේ රජදහනක්. එහෙම දෙකක් ගැන ලියන්නත් හිතාගෙන ඉන්නේ.
      1964 වනවිට අප හිටි ඉඩමේත් ඇතෙකුට වුණත් හැංගී ඉන්නට හැකි තරම් පොඩි කැලෑවක් තිබ්බා.

      Delete
    2. මහරගම හික්ගස් හංදිය, මාදිවෙල ගොඩපරේ හංදිය තව දෙල්කඳ හංදිය කොස්ගස් හංදිය. .... කියමු ඉතිරියත්. ...

      Delete
    3. මහරගම හික්ගස් හංදිය, මාදිවෙල ගොඩපරේ හංදිය තව දෙල්කඳ හංදිය කොස්ගස් හංදිය. .... කියමු ඉතිරියත්. ...

      Delete
    4. මිගාර මහරගම අවට වගෙයි ඉන්නේ.

      ඔයාගේ කමෙන්ට් එක දැක්ක ගමන් ඔළුවට ආවේ ඇරැව්වල වෙරළුගස් හන්දියක් තියෙනව නේද කියලා. බෝකුන්දර නම් තිබුණා බෝ පැලේ හන්දියකුයි රෝදෙ කඩේ හන්දියකුයි. පන්නිපිටියේ කන්ද කපාපු හංදියෙ එහෙම තව ටික දවසකින් නමත් අමතක වෙලා යයි.

      හොයන්න වෙලාවයි, ගායයි තියෙන කෙනෙකුට මේකත් හොඳ මාතෘකාවක්, නේද මිගාර?

      Delete
  2. ආසම නැති විෂය ටෙලි නාට්‍ය,
    කූඹියෝ නම් මුල සිට අගට බැලුව එච්චරමයි ටෙලි නාට්‍යයක් ඉවර වෙනතුරු බලපු එකම අවස්ථාව. ඒකත් යූ ටියුබ් එකෙන්. මම හිතන්නෙ අයි ටී එන් එක යූ ටියුබ් එකෙන් හොයන්න ඇති මාර ආදායමක්. ඒත් ඒක එහෙමම එතනම නැවතුනේ ඇයි කියන එක මට හෙන ප්‍රශ්නයක්?
    1. ටී.වී, යූ ටියුබ් දෙකම හරහා පුචාරය වෙලත් ලාබයක් නැතිද?
    2. නැත්තම් එහෙම ඒව හදන්න තරම් වැඩ්ඩො නැද්ද?
    3.ඒත් නැත්තම් ඒකට දුන්න ෂෝෂල් මීඩියා මාකටින්ග් පාර අනිත් ඒවට නැද්ද?

    ReplyDelete
    Replies
    1. මධු, අද නම් ඔයාගේ ප්‍රශ්න එකකටවත් උත්තර දෙන්න තරම් දැනුමක් මට නැහැ. බලමු, මේවා ගැන දන්නා උගතෙක් පිළිතුරු දේවිද කියලා.

      Delete
  3. නිමල් අයියේ, මං මේ කතාව ගැන මට හිතෙන/දැනෙන දේවල් එකතු කරලා කාලෙකින් නොලියපු මගෙ බ්ලොග් එකත් ලියන්නයි හිතුවේ. මුල ඉඳලම ගියපු කොටස් 30ම බොහොම ආසාවෙන් බලලා බොහොම රසවිඳපු කතාවක්. ඒ කතාවේ නාමල් වීරයාගේ චරිතය නිර්මාණය කරනකොට පාවිච්චි කරල තියෙන දේ ගැන විශේෂයෙන් කියන්න ඕනෙ. මං හිතන්නේ ඒක වෙනම සබ්ජෙක්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. නියමයි කසුන්! හොඳටම ෂුවර් ඉතා රසවත්, හද බඳින (කසුන් වැනි) පෝස්ටුවක් වේවි! ඔයාගේ ඇහින් දකින දේනේ!

      Delete
  4. //එහෙම දෙකක් ගැන ලියන්නත් හිතාගෙන ඉන්නේ
    ඇරැව්වල පැත්තේ වැල්ලේ ආරොන් ගැන එහෙම අහලා තියේද

    ReplyDelete
    Replies
    1. අම්මෝ සිරිබිරිස් උන්නැහේ! කොහෙද අප්පේ ගිහින් හිටියේ? හොයා බැලුවාම හෙනෙක් කිව්වා හිටි ගමන් ඔයා ආපහු ඒවි කියලා. සතුටුයි ගොඩක්.

      ඇරැව්වල පැත්තේ අය ගැන නම් මං දන්නේ බොහොම අඩුවෙන්. මේ මර්ඩර්ස් දෙකම පමුණුවේ!

      Delete
  5. අපිත් ආසාවෙන් බලන ටෙලියක් වගේම අගනා ලිපියක්.
    අදමයි මේ පැත්තට ගොඩවුනේ..
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. පවන් රැල්ලකින්ද පවන්ව මේ පැත්තට ගහගෙන ආවේ? ස්තුතියි! නැවතත් එසේ වේවා!!

      Delete
  6. මාත් අද ආවේ මෙහෙට. පරණ ඒවත් කියවලාම එන්නම්.

    ReplyDelete
    Replies
    1. හැබැයි දරුවෝ මට ඔයාගේ නම නං හොඳටම නෝට්. ඒකට මොකෝ? ඔන්න අනෙක් හැමෝවම වගේ ඔයාවත් සාදරෙන් පිළිගන්නවා!

      Delete
  7. ගොඩක් ස්තූතියි. සහෝදරයා සහ විරයා ඩවුන්ලෝඩ් කරලම බලන්නම්...

    ReplyDelete
  8. අන්න මරු වැඩක්! සතුටුයි ඩ්රැකී!

    ReplyDelete
  9. හරිම ආකර්ශණීය ලිපියක්. හිත්වල මියයන සුභාවිත කලාවට ඔක්සිජන් දෙනවා.. ජය!...

    ReplyDelete
  10. මේ දවස්වල ආසාවෙන් බලන නාට්‍ය දෙකක් තියෙනවා. එකක් වීරයා ගෙදර ඇවිත්, අනික සුදු ඇඳගෙන කළු ඇවිදින්... නාමල් අයිය ගැන මට දැනෙන කාරණා මං මා දන්නා නාමල්ලා සහ සහෝදරයා කියන ලිපියෙ ලිව්වා. ටෙලි ක්ෂේත්‍රය තුළ ඔහු සුවිශේෂම තිර රචකයෙක් ඒ ගැන නම් විවාදයක් නැහැ

    ReplyDelete
    Replies
    1. තරූ, මං ඒ පොස්ට් එකත් කියෙව්වා. හැබැයි මං නාමල්ව දන්නේ නිර්මාණවලින් සහ ඔයාලා වගේ අයගේ ලිපිවලින්. ස්තුතියි!

      Delete
  11. නාමල් ජයසිංහ සහ චමිලා පීරිස් දෙන්නම අදටත් හිරිකිත නැතිව පුළුවන් දේ ඉතිරි කරපු දෙන්නෙක් ... නමුත් තවම බොහීමියානුවා, තාරා, සහෝදරයා, වීරයා ගෙදර ඇවිත්, ජීවිතයට ඉඩ දෙන්න අතරින් පතර ඔලුවට දාගත්තත් බලන්න වෙලාවක් ලැබුනෙ නැහැ ... ආයෙ මතක් කලාට ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. කණ්ඩා. ඇත්තටම කියන්නේ, මගේ පෝස්ට්ස් ටික කියවලා කම්ප්ලීට් කෙරිල්ල පැත්තකට දාලා ඔය ටෙලි ටික බලලා ඉන්න. ජීවිත කාලෙකට වටිනා වෙනස් නිර්මාණ ටිකක්. කූඹීයෝ, ගොළු තාත්තා වගේ තව ඒවාත් කිහිපයක් තිබුනා. මම දවසක් කිව්වා ගප්පි- ත්‍රී බිල්ල බෝර්ඩ්ස්- වොන්ඩර්- ශේප් ඔෆ් වෝටර් වගේ ෆිල්ම්ස් ගොඩකුත් කියන්නම් ඕනේ නම්.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්