1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස

Wednesday, June 19, 2019

දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස

ඇතුල්පත හෙවත් මලුපිට අපෙන් ඈත් වෙලාම යයිද?
දුන්හිඳ තෙවෙනි පෝස්ටුවට කමෙන්ට්ස් එකතු කරමින් හිතාදර මද්දාත්, සෑම් පෙරේරාත් ‘ඇතුල්පත’ හෙවත් ‘මලුපිට’ට ඉහළම තැනක් දුන්හ. පැයක් විතර ජාලයේ සැරිසරලාත් ඒ වෙද්දී මට හමුවී තිබුණේ ෆොටෝ දෙකක් විතරය. දෙක එකක් කොට උඩින්ම දාන්නේ මධූටත් සෑම්ටත් තුති පුදමිනි.

එදා අපේ ආච්චීගේ හස්තයට මගේ ‘උණ’ අහුවුණේ නැත. ‘ටැයියාට මොකද වුණේ? කොහොමද මිනිහාව මිස් වුණේ? ඌට නින්ද ගිහින්ද?’ එච්චර සීරියස් ප්‍රශ්න වැලක් ඔළුගෙඩිය අස්සේ ආපහු-ආපහු දෝංකාර දෙද්දී උණ නොගෙන තියේවිද? එහෙම උණක් උණ කටුවකට වුණත් අහු නොවෙයි.

අත තියලා බලාගන්නට හැකි ජාතියේ උණක් නොවේ එදා මට ................
“සුනිල්, කරන්න තියෙන හොඳම වැඩේ ටැයියල ගෙදරට ගිහින් බලන එකයි. ඒත්.... තමුසේ කුණු කෙළ පිටින්ම එහෙට යන පුරුද්දක් නැහැනේ. ටිකක් දවල් වෙනකල් ඉවසගෙන ඉඳලා ගිහින් බලනවා..... නිකම් ටැයියව හම්බ වෙන්න යන විදිහට. වැඩිය බල කරලා නං නුගේගොඩ ඇන්ටිගෙන් අහන්න එපා.”

වෙලාවකට හොඳ වුණත්, වැඩි හරියකදී ඔරොප්පු මූඩ් එකකින් ඉන්නා නුගේගොඩ ඇන්ටි එක්ක ගනුදෙනු කරන්නට ඕනේ පරෙස්සමෙනි.

“හරි, හරි ලොකා. මට තේරෙනවා!” එහෙම කිව්වත්, ඒ එක්කම වගේ සුන්නාගේ විසිල් එක වැදෙනවා ඇහිණි. එතකොටත් මා හිටියේ බතල අල කපමිනි. ඒකත් නවත්තා මා කන් යොමු කළේ ටැයියාගේ උත්තරය; සිවුරුහන් හඬ අසාගන්නටය. ම්හු!.... සද්දයක් නැත. ඌ තාමත් මර නින්දේ වෙන්නැති. ටැයියා උදේ පාන්දර නැඟිටින්නෙක් නොවේ. දහයහමාරට විතරය අපේ සුනිලා එහාට ගියේ; ඒ මටත් කියලාය.

එදා සුනිල්ගේ අතේ කැටපෝලයවත් බයිසිකල් රිම් එකවත් තිබුන්නැත්තේ............
විනාඩි පහක් යන්නටත් කලින් සුනිලා ඉගිල්ලීගෙන ආවේය. හුඟ වෙලාවට කැටපෝලයක් හරි පරණ බයිසිකල් රිම් එකක් හරි අතේ තියාගෙන හිටින සුන්නාට එදා ඒවාත් අමතක වෙලාය.      
බතල කැපිල්ල නවත්තා මම දොඹ ගහ යටට ගියෙමි. කම්බි පොටවල්වලට පුවක් කොළපත් ඔතා; ගැට ගසා, ළමා නිවාස වත්තෙන් අපේ වත්තට රිංගන්නට permanent කඩුල්ල හදාගෙන තිබුණේ එතැනය. එතැන වැට දිගේ සරුවට වැවුණු කැහිපිත්තන් වැලක් තිබුණේය.

“කැහිපිත්තන් කොළ කොටලා ඉස්ම අරගෙන, සීනිත් දාලා දිය කරගෙන රැයක් තිබ්බාම ෂෝක්. උදේ වෙද්දී ඒවා මිදිලා තියෙනවා, උකුවට සව් හදා තියලා නිවුණම මිදෙන විදියට. රසයි!” විධුර නාට්‍යය දවස්වල අපේ ගෙදරට ආ කවුදෝ කිව්වේය. එතකොට අපට ශීතකරණ තියා විදුලියවත් තිබුණේ නැත. කාගෙ හරි මඟුල් ගෙදරකදී විතරය ජෙලි කාලා තිබුණෙත්. මට කැහිපිත්තන් ඔත්තුව දුන්නු කෙනා ‘ජෙලි’ ගැන දැනගෙන ඉන්නට නැතිව ඇති.

ඔහොම ඔත්තු නම් කීයටවත් අමතක නොකරන ‘නිදි’ ඒක අත්හදා බැලුවේය. කැහිපිත්තන් ඉස්ම උණු කළාද කියලා නම් දැන් අමතකය. ඒත් එව්වා හොඳින් මිදී තිබිණි. කොස්සකට තිබුණේ ටිකාක් කොළ රහක් දැනෙන එකය. දැන් නං කොහේදීවත් කැහිපිත්තන් වැලක් දැක්ක වගක් මට නිච්චි නැත!

කැහිපිත්තන් කොළ කොටලා ඉස්ම අරං සීනිත් දාලා රැයක් තිබ්බාම ................
“ටැයියා ඊයේ රෑ පැනලා ගිහින්!”
“හෑ?”
“ඒකනේ ලොකා, ඌ ගෙදරින් පැනල ගිහින්!”
“අපි නැතිව?”

ස්ටැන්ලිල අම්මා විස්සෝපයෙන් කම්මුලට අත තියාගෙන හිටියාලු. මල්ලිකා අක්කාගේත් ඇස් රතුවෙලා තිබ්බාලු. පීතර මාමාගේ නම් ලකුණක්වත් තිබ්බේ නැතිලු. “ගේ නිකම් මළ ගේ වගෙයි බං. දොරවල්වත් ඇරලා නෙවෙයි තිබ්බේ. දොරට තට්ටු කළාමයි නුගේගොඩ ඇන්ටි දොර අරගෙන ආවේ!”

සුනිල්ගේ විස්තරය නොවේ මගේ ඔළුවේ වැඩ කළේ. ටැයියා අපව දමලා බදුලු ගියේ ඇයි? කොල්ලා දුන්හිඳටම ගියාද? ගියත් එයා තනියම මොනවා කරන්නද?

දුන්හිඳටම ගියත් මිනිහා තනියෙන් මොනවා කරන්නද?
“මොකද අයියේ කරන්නේ?”
“රංජී.... සුනිල් .... දෙන්නම මෙහාට වරෙල්ලා. දැන්මම... දැන්මම.” අපේ තාත්තා ජනේලයෙන් එබීගෙන කිව්වේය. එතැනය තාත්තා හුඟ වෙලාවට ඉන්නේ. එතැනට අපේ ගෙදරට එන-යන අයත්, අපේ මිදුලත්, මිදුල කෙලවරේ දොඹ ගහත් නියමෙට පෙනෙයි. තාත්තාට පෙනෙන්නට හැකි බව අපේ කලබලය නිසා අපට අමතක විණි.

අප දෙන්නා තාත්තා ළඟට ගියේ මරන්නට දක්කන හරකුන් වගෙය!

“හරි, දැන් උඹලගෙන් එක්කෙනෙක් ආපහු දොඹ ගහ ළඟට පලයල්ලා. එක්කෙනෙක් මෙතැනම... කවුද එහාට යන්නේ?” තාත්තා අණ දුන්නේය. 
ඒ උපක්‍රමය අපට පුරුදුය. අපේ තාත්තා දෙතුන් දෙනෙකුගෙන් ප්‍රශ්න කරන්නට තියෙද්දී සේරමලා එක ගොඩේ තියාගන්නේ නැත. හිටි අඩියේ ප්‍රශ්න කිරීම පටන් ගන්නේ එක-එකා තනි කිරීමෙනි. බොරු කියන්නට ගියොත් අතේ caught ය.

ඒ හින්දා මටත් ලොකු වාසියක් වුණේය. ඇට්ටරකමක් කරද්දී, බොරුවක් කියන්නට වෙද්දී මං ඒක කළේ හොඳට හිතා-බලලාය. මතක තියාගෙනය. එතකොට අතේ කෝට් වෙන්නේ නැත. ඒ දැනීම හා පළපුරුද්ද නිසාය එදා දුන්හිඳ අසබඩදී අප ගැලවුණේත්; ඊට කලින්ම තාත්තාගෙන් බේරුණේත්. 
දැනටත් ලියලා හා ඉස්සරහට ලියන්නට තිබෙන අත්දැකීම්වලදීත් මේ ‘නෛපුණ්‍යය’ ප්‍රයෝජනවත් වූ හැටි කියැවෙයි. 
ඒ නිපුණතාව නිසාම බොරු නොකියා, ඇත්තත් නොකියා ගැලවෙන්නට සමත්මි. නායකයන්ට එහෙම දේවල් කරන්නට වෙයි; මං කිව්වේ දිසානායකයන්ට!

නායකයන්ට එහෙම කරන්නට සිද්ද වෙයි! මං කිව්වේ...........
තාත්තා ගෝරනාඩු කරලා අප දෙන්නාට එන්නැයි කියන අතරේම මම සුනිල්ට කෙඳිරුවෙමි. “ටැයිය පැනල ගිහින් කියලා කියපං. එච්චරයි!”

සුන්නාත් මාත් දෙන්නාගෙන් වෙන-වෙනම ප්‍රශ්න වැලක් අහලාත් අපේ තාත්තාට දැනගන්නට පුළුවන් වුණේ ස්ටැන්ලි ගෙදරින් පැන ගොස් ඇති බව විතරය.

එදා දවස ඇතුළත අපි වඩාත් පරෙස්සම් වීමු. සාකච්ඡා කරමින් කල් මරන්නට බැරිය. කොමිසන් සභා, තේරීම් කමිටු වගේ ඒවා තිය-තියා බොරු කරන්නට ඒ කාලේ අප දැනගෙන හිටියේ නැත. මගේ ‘සාධාරණ ඒකාධිපති තියරිය’ එදා ගොඩක්ම උදව් වුණේය.

“මොකද කියන්නේ. ටැයියාට විතරක් අමාරුවේ වැටෙන්න දෙන්න බැහැ. හෙට පාන්දර අපි දෙන්නත් බදුලු  යන්න ඕනේ.” මම තීන්දුව ප්‍රකාශ කළෙමි. සුනිල් විරුද්ධ වුණේ නැත. මේ යෝජනාව එයාලා දෙන්නාගේය. මං ඒකට එකතු වුණේ පස්සෙන් පහුය. ඒත් දැන් මට නායකත්වය දෙන්නට සිදුවෙලා තිබෙයි.

දැන් එයාලාට නායකත්වය දෙන්නට..... (උදේනි අල්විස් මින්නේරියේදී ගත් සේයාරුවකි.)
“ලොකා, බදුලු යන්නේ නැතිව අපට දුන්හිඳ යන්න විදිහක් නැද්ද බං? පුංචිලාට අහු වුණොත්.....” අපේ සුනිලාට බය හිතෙන්නට පටන් අරන්ද? 
සෝමා පුංචිලා ඉන්නේ බදුල්ලේය. සිරිසේන බාප්පා වැඩ කරන්නේ බදුලු කෝච්චියේය. කඩේ සීයලා, ලොකු මාමලා, හේනේ පුතාලා සේරමත් ඉන්නේ බදුල්ලේය. කොටින්ම 1964 වෙනතුරුම අප හිටියෙත් බදුල්ලේය.

“ඒකට බයවෙන්න ඕනෙ නෑ. අපි බදුල්ලෙන් ආවට පස්සෙම එහෙ ගිහින් නැහැනේ. දැන් අපි ටිකක්  හරි ලොකුයිනෙ. බදුලු නොගිහින් දුන්හිඳ යන්න නං විදිහක් තියෙනවද දන්නෑ සුනිල්.”

දුන්හිඳට යා යුත්තේ බදුලු-මහියංගන පාර ඔස්සේ බව එතකොට මං දන්නේ නැත. දැන් නම් ඒ පාර ඉතා හොඳ තත්ත්වයේ තිබෙයි. ඉස්සර ඒක අජපල් පාරකි! ඉස්සර ඒ වගේම සවුත්තුවට තිබුණු තැනකි බදුල්ලේ ඉස්පිරිතාලය. ඒත් දැන්.... රැඩිකල් වැඩකටත් අත ගසා තිබෙන මහ රෝහලකි.

මා දන්නා විදියට නම් රටේ වෙන තැනකින් වුණත් මෙහෙම නුවණක්කාර වැඩක් කෙරෙන්නේ පළමුවෙනි වතාවටය. ඌව වෙල්ලස්සේ පුත්තරයෙකු වෙන මේ ලියන්නා; ඉතාමත් ආඩම්බරයෙන් අත්පොලසන් දීලා, හුරේ දමා ඒ වැඩේට උපරිම ප්‍රචාරයක් දිය යුතු යයි හිතන්නේ මිනිහාගේ පෙකණිවැල කපලා තියෙන්නෙත් බදුල්ල මහ රෝහලේදී හින්දාය.

දන්නා විදියට නම් මෙහෙම දෙයක් මෙහේ කෙරෙන්නේ .......
වැඩේ මේකය.
ඉස්පිරිතාල කුස්සියේ කෑම පිසිද්දී දවසකට පොල් ගෙඩි සිය ගණනක් බිඳෙයි. මෙච්චර කල් පොල් බිඳිද්දී පොල් වතුරවලින් පලක් ගත්තේ කුණු කානුලු. දැන් ඒ තත්ත්වය නැති වෙලාය.

පරිස්සමෙන්; පිරිසිදුව එකතු කෙරෙන පොල් වතුර ලස්සන මැටි කළයකට පිරවෙයි. ඒක තියන්නේ ඉස්පිරිතාලයේ ආපන ශාලාවේය!

මේදයෙන් තොර, සිරුරට අත්‍යවශ්‍ය විටමින් වර්ග- ඛනිජ වර්ග- ඇමයිනෝ අම්ල වර්ග අඩංගු මේ පොල් වතුරට ඒ රෝහලේ දොස්තර මහත්වරුත්-නෝනලාත් හරිම කැමැතියිලු!

පොල් වතුර ලෙඩ ගොඩකටත් හොඳ බව කියැවේ. 
එහෙම අගනා දෙයක් අහක නොදමා පාවිච්චියට ගැනීමේ අදහස මසුරන් වටියි. 
හැම ඉලව්වකටම ස්ට්‍රයික් කරන්නට ඉන්නා සංගම්වල ලොක්කන්ගේ ඇසට මේ ප්‍රවෘත්තිය යොමු වේවා! මෙහෙම දේවල් දීප ව්‍යාප්ත කරන්නට  හැකිවෙන්නේ එතකොටය. නැතිනං පොල් වතුර එකතු කිරීමේ අමතර රාජකාරිය බැහැයි කියලාත් ස්ට්‍රයික් එකක් එන්නට පුළුවන්ය. ඒකේ කරුණු හොයන්නට පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කෙරෙන්නටත් පුළුවන්ය.
ජංජාලේ.... එහෙම වුණොත් නම් මටත් මේක ලියපු එක ගැන සාක්ෂි දෙන්නට එතැනට යන්න වෙනවාමය. ඊළඟට......?

1971 වෙද්දී අපට මිලියන-බිලියන ගණන් පුරුදු නැත.............
අර වාර්තාව කියන විදිහට නම් ඇමෙරිකාව 2007 වසරේ පොල් වතුරවලින් ඩොලර් මිලියන 4ක් උපයලාය. 2009 වෙද්දී එය ඩොලර් මිලියන 20ක්ලු.

1971 වෙද්දී මිලියන ගණන් සිරි ලංකාවට නුහුරුය; මීටර්, කිලෝ මීටර් නුහුරුය; කිලෝව නුපුරුදුය! අප දැනගෙන හිටියේ දහය - සීය - දාහ - දහහාහ- ලක්ෂයය. අඩිය - යාරය - බඹය - සැතපුම වගේ දේවල්ය. අවුන්සය - අරික්කාල - කාල - බාගය - රාත්තල - බෝතලය වගේ දේවල්ය. තිබුණු ලොකුම මුදල් නෝට්ටුව රුපියල් සීය වෙන්නට ඇතිය. අප ඒකක් දැක්කේ කල්ප-කාලාන්තරයකට සැරයක්ය. 

එදා දුන්හිඳ යන ගමනටත් අප අතේ රුපියල් සීයක්වත් තිබුණේ නැති බව නම් සැක නැතිවම කියන්නට පුළුවනිය.

‘ඔබ නොදැක එදා එක දවසක් ගත වුණිදෝ - ඒ දවසද කල්පයකට වැඩි දිග නේදෝ’ එච්. ආර්. ජෝතිපාල ගායකයාගේ ගීතයක කියවුණත් මට ඒ වග හරියටම තේරුම් ගියේ එදාය. දවස ගෙවුණේ ඒ තරම්ම හෙමින්ය. හිත තිබුණේම දුන්හිඳය. එහෙමය කියලා මා නිකම් හිටියෙත් නැත. දවසම ගෙව්වේ ආච්චිලාගේ බතල ටික කපලා ඉවර කරන්නටය.

සා දෙනෙකු ලෙසින් අවිහිංසක මගේ සෙවනේ...............
පහුවදා පාන්දර කිසිම අතුරු-අන්තරාවක් නැතිව; කඩුල්ලක්-බාධාවක් නැතිව සුනිලුත් මමත් ගෙදරින් පැන ගියෙමු! පාන්දරම තියෙන බදුල්ල බසය අප බදුල්ලට රැගෙන ගියේය. ගමන ගියා මිස වෙන විස්තර නම් එකක්වත් මතක නැත.

ඊළඟට මගේ මතක සංචිතයේ තියෙන්නේ බදුල්ලේ බස් නැවතුම් පොළේ තැනකි.

බස් නැවතුම තනි-තනි ඒකක ගොඩකි. ඒ හැම එකක්ම හදා තිබුණේ යකඩ පටි හා තහඩුවලිනි. කාගෙන්දෝ දුන්හිඳට යන විදිහ අසා තහවුරු කරගෙන, මහියංගන බසය එනතුරුය අප බස් නැවතුමට වී උන්නේ.

මා හිටියේ මගේ පළමු බතික් කමිසය ඇඳගෙනය. අම්මා මහන්නට ගිය තැනකින් ඉල්ලාගෙන ආ ඉතුරු-බිතුරු එකතු කොට ඒ කමිසය මසා දුන්නාය. කලිසම කළු කොට එකකි. ඒකත් බංගලාවකින් ගෙනා පත කලිසමක් කපලා අරන් මැසූ එකකි. ඒ දවස්වල මගේ favourite ඇඳුම ඒකය.

මහියංගණය බස් එක එන තුරුය අප බලාගෙන හිටියේ..............
බතික් කමිසය හරිම ලස්සනය. කහ- රතු- කළු පාටවලින් යුතුය. කමිසය මහලා තිබුණේ ටී ෂර්ට් එකක් විදිහටය, ඇඟට දාගත්තේ ඔළුවෙන්ය. අත් දෙකේත්, පහත වාටියෙත් ලස්සන මෝස්තරයකි. පසුබිම කළු පාටය. කහ, රතු පාට බිංදු -බිංදු ඉහිලාය. 
(එහෙම කරන්නේ උණු ඉටි පින්සලකට අරගෙන ක්‍රමවත්ව ඉසීමෙනි. ‘මෝස්තර එක්ක හත් වසරක්’ පෝස්ටු මාලාව කියවනවා නම්, සහෘද රසික හිතවතුනට රහසක් නොවේ; මම බතික් ශිල්පියෙකුත් වෙමි.) සුන්නා ඇඳගෙන හිටියේ මොන වගේ එව්වාද?

අපේ සුනිල් අදටවත් ඇඳුම් ගැන එච්චර වද වෙන්නේ නැත. එදාත් එහෙම වෙන්නැතිය.

ඉතින් අප දෙන්නා බස් නැවතුමේ හිටගෙන ඉන්න වෙලාවේ කොහේදෝ හිටි විරිදුකාරයෙක් එතැනට කඩා පාත් වුණේය. බස් ස්ටෑන්ඩ් එකේ හිටියෙත් තුන්-හතර දෙනෙක් විතරය. මිනිහා කොනක හිට එක-එක්කෙනාට විරිදු කියමින් එයි. 

මට තරහය. අප හිටියේ ශත පහත් පනහක් වටිනා වෙලාවකය. ඉතින් මේ කොහෙද යන විරිදුවෙකුට ශත පහක් හරි පුදන්නේ කොහොමද? මගේ උපක්‍රමය වුණේ අහක බලාගෙන ඉඳීමය. එහෙම හිටියත් මගේ කන් තිබුණේ මිනිහා ළඟය.

එදා ඒ මනුස්සයා මුලින්ම කිව් විරිදු පදය නම් මට අමතකය. ඒත් ඒකෙන් කිව්වේ අහක බලන් ඉන්නා ආඩම්බරකාර පොඩි මහත්තයෙකු ගැනය. 

දෙවෙනි විරිදු පදය ඇහුණාත් එක්කම මට බැලුණේ දකුණතේ මහපටැඟිල්ල දිහාය. ඇත්තය; සහතික ඇත්තය. තත්පරෙන් ඇඟිල්ල හකුළාගත් මම ශත පහක් දී මිනිහාගෙන් ගැලවුණෙමි.

ඒ  විරුදුකාරයා හැබෑ දක්ෂයෙකි, හොඳ නිරීක්ෂකයෙකි............
මිනිහා හැබෑ දක්ෂයෙකි. හොඳ නිරීක්ෂකයෙකි. ඒ මනුස්සයා කියූ විරිදුවේ දෙවෙනි පදය ඉස්පිල්ලක්-පාපිල්ලක් නෑර මට මතකය. මැරෙන මොහොත වෙනතුරුමත් ඒක අමතක වෙන එකක් නම් නැත.

“..... මැල්ලුම් ලියලාද කොහෙද ඇඟිල්ල ලියවිලා ඇත්තෙ.”

එව්වා හගිස්සන්නේ ඊළඟ පෝස්ටුවෙනි.

16 comments:

  1. අපේ කොම්පැනියෙ මුලුතැන්ගෙයින් පොල් වතුර අපතේ යන්නේ කාණුවට තමයි. මේ ලිපිය කියවලා ඉක්මනින්ම අයිඩියා බොක්ස් එකට යෝජනාවක් දැම්මා සේවකයින්ට අපතේ යන පොල් වතුර එකතුකරලා බොන්න දෙන්න තැනක් හදන්නය කියලා. ඒ එක්කම එවායේ ගුණ ගැනත් ලිපියක් එකතු කලා. වැඩේ හරි ගියොත් නිදි ලොක්කාටත් මේ වැඩේ ප‍්‍රසංසාව හිමි වෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසංග.
      වැඩේ කෙරුණොත් ප්‍රශංසාව යන්න ඕනේ බදුල්ලේ ඉස්පිරිතාලේ කට්ටියටයි, ප්‍රවෘත්තිය අපට දීපු අයටයි. මගෙන් පොඩි තල්ලුවක් කෙරුනා විතරනේ.

      Delete
  2. චීන කෑමවල බතල කොල කන්කුන් වගේ හදන රෙසිපි එක ජනප්‍රියයි. ලංකාවෙ බතල කොල එහෙම නෑ නේද?

    ReplyDelete
    Replies
    1. P.S.මං ඇහුවේ ලාංකික රෙසිපිවල

      Delete
    2. Pra Jay, ඔයා හොඳ නිලයක් ඇල්ලුවේ.

      ගොඩක් ගමේ-ගොඩේ කෑම මං කාලා තියෙන්නෙත්- දැනුවත් වෙලා තියෙන්නෙත් අපේ ආච්චිගෙන්. එයා වුණත් දෙපාරක් විතර තමයි බතල කරටි තෙල් දැම්මේ. බතල වවන්න ලොකු ඉඩක් යන නිසා වෙන්න ඇති බතල කොළ, කරටි රෙසිපීස් ජනප්‍රිය නැත්තේ.

      පබිලිස් මහත්තයාගේ කුකරි පොත්වල තියෙනවද දන්නේ නැහැ එහෙම රෙසිපීස්. මේ දැන් මං 'ගුණසේන සූප ශාස්ත්‍රය' පෙරලලා බැලුවා. 236 වෙනි වට්ටෝරුවේ කියන්නේ මැල්ලුමටත්, තෙම්පරාදුවටත් හොඳයි කියලයි. හැබැයි පත්තරවල, කුකරි සන්ගරාවලවත් බතල කොළ- කරටි වට්ටෝරු දැකපු බවක් මට මතක නැහැ.

      Delete
  3. අරූ ගිහින් තියෙන්නෙ දුංහිඳද මාරපන ද? :D

    ReplyDelete
    Replies
    1. ටිකක් ඉන්නකෝ සෙන්නා, අපි දෙන්නා තවම බදුල්ලෙනේ!

      Delete
  4. දැන් ඔය දෙන්නා පැනලා ගියේ කලින් ලෑස්ති කරපු සූට් කේස් එක නැතුවද ?
    මේ දක්වා මම හිතාගෙන හිටියේ, ඔය කියන කාලයේ 99 බස් ගියේ ලෝ ලෙවල් එකේ බවත් ,ගං වතුර කාලෙට විතරක් හයි ලෙවල් එකේ ගියා කියලයි. නමුත් මට ටැපලිලා කියලා දැන් හිතෙනවා. ගංවතුර කාලෙට 3 රත්නපුර බස් හයි ලෙවල් එකේ ගිය එක ගැන තියන මතකයත් එක්ක පැටලිලා වෙන්න ඇති .
    පොල් වතුර, භාජනයක දාලා තිබ්බාම ඉක්මනින්ම පැහෙනවා නේද ?? සීනි ටිකකුත් එක්ක ' රා මන්ඩි' පොඩ්ඩක් ඔය කියන පොල් වතුර ගුරුලේත්තුවට දාලා දවසක් තිබ්බානම් """රා"""
    ඔය පින්තුරේ තියෙන්නේ වේරහැර හදාපු 23 ශ්‍රී 5812 බස් එක නේද ?? බ්ලොග් පෝස්ට් එකට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අපොයි, ඒවා නැතිව කොහොමද? ගෙනිච්චා සෑම්. දෙකම. හැබැයි පොඩි සූට්කේස්. ට්‍රන්ක පෙට්ටි නෙවෙයි.

      බදුලු බස් නම් ගියේම හයිලෙවල් එකේ. ලෝ ලෙවල් එකෙත් යන්න ඇති, මං ස්තීරෙටම කියන්නේ දියවිනි ඉනාවෙදී කිව්ව විදියට අපි දියවින්නේ ගියෙත් බදුලු බසයේ නිසා, සිරීපාදේ යන්න කුරුවිටට ගියෙත් ඒකෙමයි.

      පොල් වතුර බඳුනක දමා තිබ්බොත්, අනිවා පැහෙනවා. රෝහලක කැන්ටිමේ එච්චර වෙලාවක් ඔව්වා ඉතිරි වෙයිද?

      සෑම්, මම බස් එකේ පින්තූරය හොයාගත්ත තැන නම් කියන්නන්. ආඑම බැලුවත් මටම බස් එක අඳුනගන්න බැහැ, මං පාටවල් වෙනස් කරලා නිසා. ගිහින් බලනවද, තරහ නැතිව. http://sltbbus.blogspot.com/

      Delete
  5. //සාක්ෂි දෙන්නට එතැනට යන්න වෙනවාමය
    බෝද බෝ ගියොත් කියයි මේක මගේම අදහසක් කෝ අර දෙනවයි කීව තෑග්ග දෙන්න කියල
    එහෙමට පුතය :-)

    ReplyDelete
    Replies
    1. අම්මපා, සිරිබිරිස් උන්නැහේ මාව අඳුනාගෙනනේ.

      Delete
  6. ඉතිරියත් කියවන්නට මග බලාගෙන සිටිමි

    ReplyDelete
    Replies
    1. ටෙම්පුව මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි කරනවකො හලෝ.. එපා වෙනව ලෝඩ් වෙද්දි ;-)

      Delete
    2. ස්තුතියි මහේෂ්.

      ඔයාගේ යෝජනාව ඇහුවාමයි එහෙම දෙයක් තියෙනව කියලවත් දන්නේ. සක්විත්තෙකුගෙන් අහලා එහෙම ෆ්‍රෙන්ඩ්ලි කරවන්න බලන්නම්. හැකියාවක් තියෙ නම්!

      එතකල් ඉතිරි ටිකත් කියවන්න එනවනේ?

      Delete
  7. මට පේන්නෙ ටැයිය හීනෙංම බදුලු ගිහිල්ල වගෙයි.
    මේ දෙන්න දුන්හිඳ යයිද ආපහු ගෙදර යයිද බලමු ඊගාව කොටහින්

    ReplyDelete
  8. ප්‍රසන්න, දැන් නං කතන්දරේ එළි කරන්න වෙලාව වගේ කියලයි හිතෙන්නේ, ඊළඟ කොටස තවම කොටන්න ගත්තේ නැහැ. මට හිතෙන්නේ එකේදි කියවෙයි 'ටැයියගේ අබග්ගයත්!'

    ReplyDelete