“අනේ බ්‍රදර්, බොස් උඹටත් දොස් කිව්වත් මොකුත් නොකියා අහගෙන හිටපං. ඊයේ මාත් බොස්ගෙන් හොඳටම බැනුම් අහලයි ඉන්නේ. ප්ලීස් බ්‍රදර්... මම විස්තරේ පස්සේ කියන්නං. එතකල් උඹ මොකුත් නොදන්නවා වගෙ ඉවසගෙන ඉන්නවනෙ? Please... ප්ලීස්!”
![]() |
ඔයාලා Dunki චිත්‍රපටය බලල තියෙනවද? ඒ ෆිලුම හදල තියෙන්නේ
2023 අවුරුද්දේ. |
ප්‍රසාද් වැඩට එන්නෙ අන්තිම
තත්ත්පරේදි. එදත් එහෙමමයි. එහෙම එද්දිත් මිනිහගේ ඔලුව කඩන් වැටිලා තිබ්බේ, මුහුණත්
අඳුරු වෙලා. ‘Good morning!’ කියාගෙන ප්‍රසාද් එයාගේ අයන් එකත් අතට ගත්තා.
ඇස් කොනින් බලපු මට පෙනෙනවා අහීර් මහත්තයා අර වේදිකාව උඩ හිටගෙන බලං ඉන්න හැටි.
උන්නැහේ බලං ඉන්නේ අපි දිහාවද?
ඒක තේරුම් ගන්න බැරි- එයා කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්න නිසයි!
බල්නූර් ඈත මේසෙක වැඩ.
කොයිකටත් කියල මාත් වෙනසක් නොපෙන්නා මදින රාජකාරිය කරගෙන ගියා. පැය බාගයකට විතර
පස්සේ මට දැනෙන්න ගත්තා කවුරු හරි මගේ කිට්ටුවෙන්ම; පිටිපස්සෙන් ඉන්නව ඉන්නවා වගෙ.
බොසා!
එයා අපිට පිටිපස්සේ අයනින් table
එක ළඟ හිටගෙන ඉන්නවා. මමත් නොදන්න ගණනට වැඩේ කරගෙන ගියා. ඊටත් ටිකකට පස්සේ Mr.
Aheer අපේ ළඟට ආවා.
“Nimal, come to the office.” කියාගෙන එයාගේ office එකට ගියා. මාත් ඒ පස්සෙන්ම...
‘නිමල් මට තියෙනවා උඹෙන්
කාරණා දෙක තුනක් දැනගන්න.’ කියලයි බොසා කතාව පටන් ගත්තේ. “මෙහාට වැඩට එන්න කලින් උඹ
ප්‍රසාද්ව අඳුනනවද? මට ඇත්තම කියපං...”
“No, I didn’t know him.”
“එහෙනං එයා උඹ දන්න කෙනෙකුගේ කව්රු හරිද?”
“ඒත් නෑ!”
“ඒත් උඹ එයාට ගොඩක් උදව් කරනවනේ... එයාගේ වැඩවලින් කොටසකුත් කරනවනේ... එහෙම කරනවට
උඹට මොනවද හම්බ වෙන්නේ?”
එතකොට මං කිව්වේ මා ප්‍රසාද්ට
එහෙම විශේෂ උදව්වක් කරන බවක් මට නොහැඟෙන විත්තියයි. “ඒත් ඒ මනුස්සයා ගොඩක් අසරණ
වෙලා, පිටරටක තනි වෙලා ඉන්න හිංදා - මට පුළුවන් තරමින් එයාට උදව් කරන්න කැමතියි! එහෙම
කරන්නේ මට වාසියක් ගන්න බලාගෙන නෙවෙයි. හැබැයි එහෙම උදව් කිරිල්ලෙන් මට සතුටක් හම්බ
වෙනවා...”
“ආ... ඒකත් එහෙමද?
මං ඊයේ මිස්ටර් යසිරුගෙනුත් උඹ
ගැන ඇහුවා. එයාත් මට කිව්වා උඹ ලංකාවේ ඉන්නකොටත් එක එක චැරිටි වැඩ කරපු කෙනෙක්ය
කියලා. එහෙම ඔර්ගනයිශේෂන් එකකදිලු නේද උඹට යසිරුව මීට් වුණෙත්. ඒක පැත්තකින්
තියමුකෝ...
මට පෙනෙන්නෙ නෑ ප්‍රසාද් උඹ කියන තරම් අසරණ වෙලා ඉන්න පාටක්...”
ඔයාලා Dunki චිත්‍රපටය බලල
තියෙනවාද? ඒ ෆිලුම හදල තියෙන්නේ 2023 අවුරුද්දේ.
(මට ප්‍රසාද්ව මුණ ගැහුණේත්, මිස්ටර් අහීර් එක්ක මේ කතාබහ කෙරුණේත් 1994
අවුරුද්දෙයි... හොඳේ.)
![]() |
උඹට ඔහොම කතන්දර අහන්න වෙලාව තිබ්බට
මට නම් ඕවට වෙලාව නෑ! |
ප්‍රසාද් ජීවිතේ පරදුවට
තියලා එංගලන්තයට සංක්‍රමණය වුණු හැටි ගැන විස්තර ඇතිවම ඔයාලටත් දැනගන්න ඕනිද?
එහෙනං මෙහෙම කරමු. ෂාරුක් ඛාන් ප්‍රධාන චරිතයක් රඟන Dunki ෆිලුම බලලා ඉඳිමු.
එදා මම අහීර් මහත්තයාට නං
එහෙම යෝජනා කළේ නෑ. ඒත් ප්‍රසාද් ඒ වෙනකොට හිටිය තත්ත්වය නං මට පුළුවන් ඉංග්‍රීසියෙන් පැහැදිලි කරලා කිව්වා.
“නිමල්, උඹට ඔහොම කතන්දර අහන්න
වෙලාව තිබ්බට මට නම් ඕවට වෙලාව නෑ. ඔහොම අනුන්ගේ බැරිකම් අහ-අහ ඉන්න ගියා නං; ඒවාට
ප්‍රයෝරිටිය දෙන්න ගියා නං කවදාවත් මට මෙහෙම සක්සස්ෆුල් බිස්නස්කාරයෙක් වෙන්න ලැබෙන්නෑ.
ඒත් ශ්‍රී ලංකන් උඹ අපේ ඉන්දියන්කාරයෙකුට මෙහෙම අනුකම්පා කළ එක ගැන නං මට
සන්තෝසයි.
උඹ හින්ද... උඹ හිංදා I am going to give him a chance! මම ප්‍රසාද්ට මාස දෙකක්
දෙනවා. ට්‍රේනී කෙනෙක් හැටියට එයා ඒ මාස දෙකේදී ස්පීඩ් එක වැඩි කර ගන්න ඕනි. එහෙම කෙරුවොත්
විතරයි මං එයාව job එකේ තියා ගන්නේ. එතකල් විතරයි මම උඹට එයාගේ වැඩවලින් කොටහක් කරන්න
දෙන්නේ. නැත්තං උඹම fed-up වෙලා, අන්තිමේදී උඹටම job එක එපා වෙයි. එකෙන් මටයි ලොකු
පාඩුවක් වෙන්නේ.”
එයාගේ තීන්දුව බල්නූර්ටත්- බල්නූර්ගෙන්
ප්‍රසාද්ටත් කියවෙන්න ඇති.
“ප්‍රසාද්. උඹ නිමල්ට කොච්චර තෑන්ක් කළත් මදි. අපේ බොසා කෙනෙකුට අනුකම්පාවෙන් මෙහෙම
චාන්ස් එකක් දෙනවා මම මීට කලින් දැකලම නෑ. ඕ yes brother. යූ ආර් වෙරි ක්ලේවර්...
උඹ දිනුවා.
අපි දෙන්නම ඊයේ බැනුම් අහපු හැටියට... අපි හොඳටම බයෙන් හිටියේ... බොස් උඹට job
එකත් එපා වෙන තරමට බනියි කියලා...” දවල් කෑම විවේකයේදී විස්තර අහගත්ත බල්නූර් කිව්වේ
සතුටෙන් ඉල්පෙමින්.
ඒත්, මිස්ටර් අහීර් අපේ
කතාවේ අන්තිමටම කියපු ටික මං එයාලට කිව්වේ නෑ.
“නිමල්, මේවා කාටවත් කියන්න
එපා.
උඹ ආපහු ලංකාවට නොගිහිං දිගටම මෙහෙ ඉන්න කැමතියි නං ඕනෙම වෙලාවක මට කියපං. උඹට
කසාද බැඳගන්න හොඳ ඩව්රි එකකුත් එක්කම හොඳ කෙල්ලෙකුත් මමම හොයල දෙන්නං. ඊට පස්සේ
උඹට දිගටම මෙහෙම රස්සාව කරන්නත් පුළුවනි.
මොකද කියන්නේ?”
![]() |
ඒත් ලස්සන ඉන්දියන් කෙල්ලෝ දෙතුන්
දෙනෙක්ම මේ දවස්වල මගෙත් එක්ක හිනා වෙවී ඉන්නේ... |
“හරි! ගිහිල්ලා ඉක්මනින් ආපහු වරෙන්. මතක තියා ගනිං.. උඹ කවද ආවත් ඉස්සෙල්ලම මෙහාට
ඇවිත් මාව හම්බ වෙයං. ඕනිම වෙලාවක මගේ ළඟ උඹට වැඩ තියෙනවා! ඒ වගේමයි- උඹට හරි යන
කෙල්ලො ගොඩක් ගැනත් මම දන්නවා...”
එහෙම නං ප්‍රසාද්ට කෙල්ලෙකු හොයා
දෙන්නැයි අහීර් මහත්තයාගෙන් ඉල්ලන්නට හිතලාත්- මං එහෙම කළේ නැත. ‘ප්‍රසාද්ට නොකියා
කියන්න ඕනි... හොඳට වැඩ කරගෙන ගිහිං, ඊට පස්සේ බොස්ගෙන් උදව් ඉල්ලන්න කියලා.’
ඒත් ප්‍රසාද් ඉක්මන් ප්‍රගතියක්
පෙන්වන්නට අසමත් වුණේය. මාත් උන්නේ ඒ ගැන අසතුටෙනි. ඒත් ඒ යක්ෂයාට නම් ඒ ගැන වගේ-වගක්
නොවිණි. “ප්‍රසාද්... තව වැඩි දවසක් නැහැනේ. ඔයාට ඉක්මන් කරලා වැඩ කරන ස්පීඩ් එක වැඩි
කර ගන්න වෙයි.”
“Don’t worry Nimal! මං හිතන්නේ දිගටම මට මේ job එක ඕනෑ වෙන එකක් නෑ වගෙයි.” ඒ
හාදයා කිව්වේ සතුටුදායක ස්වරයකින්.
“ඇයි, ඔයාට හොඳ ජොබක් හරි
ගියාද?”
“නෑ... ඒත් ලස්සන ඉන්දියන් කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම මේ දවස්වල මගෙත් එක්ක හිනා වෙවී ඉන්නේ...”
ඒ බූරු වහන්සේ හිතන විදිහ නං
එතකොට මට රහසක් නෙවෙයි. ‘පව්! කෙල්ලෙක් හිනා වෙනවයි කියන්නේ කසාද බඳින්න
ලැහැස්තියි කියන්න එකද?’ ඒත් ප්‍රසාද් හිතුවේ එහෙමය.
ප්‍රසාද්ගේ එකම ඉලක්කය වුණේ විවාහයක් මාර්ගෙන් එංගලන්ත පුරවැසියෙක් වෙන එක. එංගලන්තයේ
පුරවැසි තරුණියක විවාහ කරගෙන එයාටත් වීසා ලබා ගන්න එක.
මගේ මතේට අනුව නම්- එතැන තිබුණේ
එකම පරහක් විතරයි.
එහෙම වීසා ලබා ගැනීමේ අරමුණක් තියෙද්දීත්, ප්‍රසාද් හෙව්වේ සකලාංග සම්පූර්ණ සුන්දර
සුරූපිනියක්.
ප්‍රසාද් ලොකු හැන්ඩියෙකුත් නෙවෙයි.
සල්ලිය බාගේ- උගත්කම් එහෙම යහමින් තිබිච්ච කෙනෙකුත් නෙවෙයි. භද්‍ර යව්වන
ඉලන්දාරියෙකුත් නෙවෙයි. එහෙව් කෙනෙකු ඉහළම සුදුසුකම් එක්ක සහකාරියෙකුව හොයද්දී හිතන්න
ඕනිනේ- තමන් ළඟ තියෙන්නේ මොනවද කියලත්. යකාගේ හැටියට නෙව විමානේ!
මගේ මතය ඒක වුණත් මං ඒ ගැන
ප්‍රසාද්ට කියන්න ගියේ නෑ. මිනිහෙකු මෝඩ විදිහට තමන් ගැන අධිතක්සේරුවක් තියාගෙන
ඉඳිද්දී එයාට අවවාද දෙන්න යන එක ඩේන්ජරස් කියලයි මං හිතන්නේ...
“බලපං නිමල්.
මම මහා අවාසනාවන්තයෙක්. අර කෙල්ලොන්ගෙන් එක්කෙනෙක්වත් set වුණේ නැහැනේ...” දවස්
ගණනාවකට පස්සේ හවසක මගෙත් එක්ක bus stop එකට ඇවිදගෙන ආව ප්‍රසාද් නහයෙන් ඇඬුවා.
![]() |
ඒත් කලින් දවසේ වගෙම වෙනසක් නැතිව
ඒ අතේ උණුසුමත් නොකඩවා ගලාගෙන ආවා! |
“වැඩක් නෑ, වැඩක් නෑ... මං ඉන්දියාවේ ඉඳිද්දීත් මෙහෙමමයි.” එයා හූල්ලන ගමන්
කිව්වා. “මගේ වෙලාව නරකයි. මම කැමති කෙල්ලෝ මට කැමති වුන්නෑ... මට කිට්ටු වෙන්න
ආවේ මං කැමති නැති ජාතියේ එවුන්.”
එහෙම කියන
ගමන් ප්‍රසාද් හදිස්සියෙන් වගෙ මගේ අතකින් අල්ල ගත්තා... “ඒක න්... න්... නෙවෙයි
නිමල්. මම්ම්ම්ම උඹෙන් අහන්නමයි හිටියේ...
උඹ මට කැමතිද?”
ප්‍රසාද්ගේ ගොරෝසු අතේ හීන් වෙව්ලිල්ලක් මට දැනුණා. ඒත් කලින් දවසේ වගෙම වෙනසක්
නැතිව ඒ අතේ උණුසුමත් නොකඩවා ගලාගෙන ආවා.
එයින් දැනුණු
උද්වේගකර සංවේදනය යටපත් කරගෙන මට දැනුණේ නොරිස්සුමක්. ‘මෙයාට මාව ඕනි වෙන්නේ
වෙනින් කෙනෙක් නැතිකමට විතරද?’ ඒ හිතුවිල්ලත් එක්කම මගේ මහන්තත්ත ආඩම්බරකමත්
ඇවිස්සුණා. ‘මම මොකටද සෙකන්ඩ් වෙන්නේ?’
එහෙම හිතුණත් පොල්ලෙන් ගැහුවා වගෙ උත්තරයක් දීලා එයාව තරහ කර ගන්නත් මගේ හිත ඉඩ
දුන්නේ නෑ! මං තෝරා ගත්තේ මැද මාවත.
“යාළුවෙක්
විදිහට උඹට කැමති හින්ද නේන්නං මං උඹව ආස්සරේ කරන්නේ... නැත්තං මෙහෙම කතා කරනවයැ?”
ටිකක් විතර කටුක ස්වරයකින් කියැවුණු මගේ උත්තරෙන් ප්‍රසාද් එක විදිහක හේ බෑමකට ලක්
වෙච්ච බව මට පෙනුණා. එයාගේ අතත් නිකංම බුරුල් වුණා.
මගේම වෙලාවට
වගෙ bus එකත් ඈතින් මතු වුණා. “බස් එක එනවා. අපි හෙට කතා කරමුකෝ ප්‍රසාද්...”
කියාගෙන මං නැඟිට්ටා.
ඒත්... ඒත්...
තවත් දවස් ගණනාවක් යනතුරු අපිට ආයෙමත් නිදහසේ කතා කරන්න අවස්ථාවක් නොලැබෙන විත්තිය
අපි දෙන්නම එදා හිතුවේ නෑ!
වුණේ මේකයි...
පහුවදා උදේ
අපි සුපුරුදු විදිහට වැඩ කරන්න ගත්තා.
පැය එකහමාරකට විතර පස්සේ මිස්ටර් අහීර් හොඳටම කුලප්පු වෙලා office එකෙන් පහළට
බැස්සා. බැහැලා බල්නූර් ළඟට ගිහිං මොන-මොනවදෝ කිව්වා.
ඒ සැණෙන් බල්නූර් අපේ දිහාට ආවේ කඩා-බිඳගෙන කඟවේනෙකු වගෙ. ‘Hurry up! ඉක්මනට මගෙත්
එක්ක වරෙල්ලා’ අපෙන් සමහරුන්ට කිය-කියා බල්නූර් වේදිකාවට නැංගා. අපිත් වැඩ නවත්තලා
බල්නූර්ගේ පස්සෙන්... ප්‍රසාදුත් අපි එක්ක...
ඒ අතරේ
සමීරාත් වැඩ කර-කර උන්නු ගැහැනු ළමයි හත්-අට දෙනෙකු එක්කගෙන ආවා. මං දැකපු විදිහට
අපි සේරම පහළොවක් විතර එතන හිටියා.
![]() |
බාගෙට කළුවරේ, තැම්බි-තැම්බී, දහදිය පෙරමින්, බයෙන් ගැහි-ගැහී කල්පයක්
විතර හිටියට පස්සේ... |
හුඟ දෙනෙක්
අඩ අඳුරෙම ඇස් පියාගෙන දෙයියන් සිහි කරන්න ගත්තා... වෙලාව ගත වුණා. දොර ඇරෙන පාටක්
නැති වෙද්දී එහෙන්-මෙහෙන් කටවල් ඇරෙන්න පටන් ගත්තා. ඒත් හෙමින්... මුණු-මුණු ගෑවෙන
වචන අහුල ගත්තු ප්‍රසාද් ඒවා ඉංග්‍රීසියෙන් මගේ කණටත් එබුවා.
“පොලිසියෙන් පැනලලු...
/ Home Office එකෙනුත් ඇවිත් වගෙයි. / සමෝසා හදන තැනටයි
පැනල තියෙන්නේ... / Work පර්මිට් නැතිව වැඩ කරන අයව අල්ලගෙන යනවලු... / එතැන වැඩ
කරන ඔක්කොමලම වගෙ වීසා නැතිව හොරෙන් ආපු අයලු!”
බාගෙට
කළුවරේ, තැම්බි-තැම්බී, දහදිය පෙරමින්, බයෙන් ගැහි-ගැහී කල්පයක් විතර හිටියට පස්සේ
ඒ රහසිගත නිවාස අඩස්සි කාමරේ දොර ඇරුණා.
දොර ළඟ හිටියේ බොස්ලා විතරයි... ඒ විත්තිය දැකපු අපේ කට්ටිය සැනසුම් සුසුම්
හෙළමින්- දෙවියන්ට පිං දෙන්න ගත්තා.
“Listen...
හොඳට අහගනිල්ලා. දැන් කට්ටියම එක්කෙනා දෙන්නා ගණනේ ගෙවල්වලට යන්නයි තියෙන්නේ. එක සැරේම
ඔක්කොමලා යන්න එපා. තමුන්ලගේ bags එහෙමත් අරගෙන
යනවලා... දවස් දෙකක් විතර යනකල් වැඩට එන්න එපා. බල්නූරුයි සමීරායි call කරලා කියයි
වැඩට එන්න ඕනි දවස... තේරුණා නේද?” අහීර් මහත්තයා හින්දි- ඉංග්‍රීසි දෙබසින්ම කියල
දුන්නා.
“දවස් දෙකකට
පස්සේ නෙවෙයි නිමොල්, ඊට පස්සෙවත් උඹ ආයේ එතැන වැඩට යන්න එපා. ෂුවර් එකටම උඹලගෙ ෆැක්ටරියටත්
හෝම් ඔෆිස් එකෙන් පනියි.” ඩැඩා කීවේ එදා හවසය. සිද්ද වුණු අලකලංචියේ විස්තර අං-අඃ
වෙනකල්ම හාරා ඇවිස්සුවාට පස්සෙය.
“ඔය කිව්වේ! තුඃ තුඃ! ඔයත් කෙළ ගහන්න රංජි.” අම්ම කිව්වේ කේන්තියෙන්... “ඔය මනුස්සය
බුලත් විටක්වත් කන එකක්යැ?”
“Listen
carefully my son. මම කැමති නෑ උඹව black list කරලා බනානා බෝට්ටුවක පටවලා ආපහු
ලංකාවට යවනවට. උඹලගෙ මදර් සුපීරියර්ට මේවා තේරෙන්නේ නෑ නිමල්. උඹේ සහෝදර සහෝදරියෝ
තුන් දෙනෙක්ම දැනටමත් මෙහෙ සිටිසන්ස්ලා. එක්කෙනෙක් මැරි කරන්නයි ලෑස්තිය. හිතපන්කෝ
තව අවුරුදු විස්සක් විසිපහකට පස්සේ එන කාලෙ... බැරි වෙලාවත් උඹව බ්ලැක් ලිස්ට්
කරලා යැව්වොත් නං නිමොල් ආයේ ජීවිතේටම උඹ එංගලන්තෙට එනවා බොරු. අනාගතේ ගැන
හිතපං... Think about your future!” අම්මගේ ප්‍රතිචාරයෙන් කුපිත නොවුණු ඩැඩා මට
කිව්වේය.
![]() |
මෙහෙ තියෙනවා හෙළුවෙන් නටන කෙල්ලෝ
ඉන්න තැන්. අමාරුවෙන් හම්බ කරන සොච්චමත් එහෙම තැන්වලට පූජා කරන... |
ඒත්, තවත් වතාවක් එංගලන්තයට එන්නට උවමනාවක් මට නැත. නමුත් Work Permit එකක් නැතිව
රස්සාවක් කරලා අහුවුණොත්... මට සමන්තිගේ විවාහ මංගල්‍යයට සහභාගි වෙන්නට බැරි වෙයි.
මා මේ එංගලන්ත ගමන ආවෙත් ඒ වෙනුවෙනි. ඒ විත්තිය නොතකා සිටින්නේ කොහොමද?
එදා රාත්තිරියේම
බල්නූර් මට කතා කළේය.
“අද උදේ උඹ බය වුණේ නෑ නේද බ්‍රදර්... සමෝසා ෆැක්ටරියෙන් පහළොවකටත් වැඩියෙන්
අල්ලගෙන ගිහිං. උඹලව ගෙදර යැව්වට පස්සේ තමයි බොසා ගණන් හද-හදා බලල තියෙන්නේ.
දැනටමත් අපි පරක්කු වෙවීලු ඉන්නේ. බොස් කියන්නේ උඹල කට්ටිය නැතිව ෆැක්ටරියේ targetsවලට
යන්න බැරි වෙයි කියලා.
හැබැයි එයා එහෙම අමාරු අඩියක ඉන්න නිසා ප්‍රසාද්ටත් චාන්ස් එකක් වැදෙනවා... බොස්
ලෑස්ති වෙලා හිටියේ ප්‍රසාද්ව නවත්තන්නලු!”
“පව් වැඩේ!”
“මටත් දුකයි තමා... ඒත් නිමල් බ්‍රදර්, මේ මිනිහගේ කිසිම උනන්දු පාටක් නැහැනේ...
මිනිහා මෙහෙදී නාස්ති වෙලා යයි වගෙ... මගේ යාළුවෙක් මෙයාව දැකල නරක තැනකදී...” බල්නූර්
කිව්වේ හූල්ලමිනි.
“මෙහෙ තියෙනවා හෙළුවෙන් නටන කෙල්ලෝ ඉන්න තැන්. අමාරුවෙන් හම්බ කරන සොච්චමත් එහෙම
තැන්වලට පූජා කරන මිනිහෙක්ට කොහොමද කලක් යන්නෙ?”
ඉතිරි හරිය ඊළඟ
කොටසින්...
No comments:
Post a Comment