බලලෝභී නායකයන් යළි-යළිත් ඉපදෙනවාද? නැපෝලියන් ඉපිද වසර 129කට පසු හිට්ලර් උපන්නේය; ඔවුන් බලයට පත් වුණෙත් වසර 129 පරතරයකිනි. දෙදෙනාම යුද ප්‍රකාශ කළෙත්- පරාජය වුණෙත් 129 වසරක කාල අන්තරයක් සහිතවය! |
මම කිව්වා මතකනෙ..... හිට්ලර් ජර්මනියේ චාන්සලර් වන්නේ 1933දි; ඒ මහත් දේශපාලන මැරකම්වල, බිය වැද්දීම්වල ප්‍රථිපලයක් වශයෙන්.
ඒ වසරේදීම ඔහු ඔහුගේ කැබිනෙට්ටුවට පාර්ලිමේන්තුවෙන් නොවිමසා පනත් සම්මත කිරීම සඳහා
අසීමිත බලතල ලබා ගන්නවා, නීත්‍යානුකූලව!
එහෙමයි හිට්ලර් ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ
පූර්න බලතල තමා යටතට ගත්තේ.
අපි දන්නවනෙ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රධාන
අංග තුන වෙන්නෙ
1.ව්‍යවස්ථාව
2.විධායකය
3.අධිකරනය කියලා.
මේ විදියට බලයේ ප්‍රභේද කඩා ආයතන කිහිපයකට
දෙන්නේ හේතු රහිතවම නෙවෙයි. ‘බලය මිනිසා
දූශනය කරයි - අසීමිත බලය අසීමිතව මිනිසා දූශනය කරයි’ කියන අවුරුදු දහස් ගනනක් පරන ආප්තය ඇත්තක් නිසා. දිග අතීතයක් තිස්සේ අප
නැවත නැවතත් ‘ඒ සත්‍යය’ වේදනාත්මකව
(හොඳට රිදෙන්නම) අත්විඳ ඇති නිසා.
ඒත් හිට්ලර් ඒ 1, 2
ආයතන තම අතට ගත්තා. ව්‍යවස්ථාවයි, විධායකයයි!
|
මේ 1933දි පටන් ගත්තේ අපේ තුන්වෙනි අධිරාජ්‍ය සමය- Third Reich; හිට්ලර්
සපථ කරන්නේ මෙවර මේ අධිරාජ්‍යය වසර දහසක් කල් පවතින බවයි.
“දෙවියන්ට මිනිහෙක්ව විනාශ කරන්න ඕනි වුණාම කෙළින්ම ඒක කරන්නෙ නැහැල්ලුනේ....”
මට කට පියාගෙන ඉන්නට බැරි තැනටම කතාව ඇවිදින්ය. “දෙවියෝ කරන්නේ, තමන්ට විනාශ කරන්න ඕනි කෙනාට
වැඩි-වැඩියෙන් බලය දෙන එකලු.... එතකොට ඒ මිනිහම තමන්ගේ විනාශයට පාර කපා
ගන්නවලු....”
“ඒක නම් හැම තැනම වගේ දකින්න පුළුවන් නේද නිමල් අංකල්?”
“යකෝ, හැම කෙහෙල්මලම එයාලගෙන් අහන්නේ අපෙනුත්
අහපල්ලකො.... මොකද අපේ ඔළුවෙ තියෙන්නෙ ගොමද?”
“අන්න, අන්න මචං.... මූත් එක්ක දෙවියො කෝපවෙලා
වගේ!
හිට්ලර් එක්කත් එහෙම දෙවියො කෝප වෙලාද මන්දා, අපේ ජර්මන් හමුදා එන්න-එන්නම බලවත් වෙලා, ඔස්ට්‍රියාව ආක්‍රමනය කර ජර්මනියට ඈඳා ගන්නේ 1938දි.
දෙවියෝ කෝප වෙලා වගේ............ |
ඒක අපිට සුවිශේශි වෙනවා. පලමු අධිරාජ්‍යයෙ
තිබූ මේ පලාත ගිලිහී ගොසින් තිබියදී, ශතවර්ශ දෙකකට පස්සේ
හිට්ලර් එය අපිට ලබා දෙන්නෙ.
ඊලඟට- චෙකොස්ලොවැකියාව.
අපි 1939 සැප්තැම්බර් 1 දෙවන ලෝක යුද්ධය - එහෙම නැත්නම්, පලමු ලෝක
යුද්ධයට පිලිතුරු යුද්ධය පටන් ගන්නවා; යුරෝපයට, බ්‍රිතාන්‍යයට, ඇමෙරිකාවට
මග ඇරුනු පාඩම් කීපයක් කියල දෙන්න! අපි සාර්ථකව ප්‍රංශය, ඩෙන්මාකය, නෝර්වේ… බටහිර
යුරෝපයම පාහේ ගන්නවා අපේ අනසක යටතට.
1812දී ප්‍රංශ ජාතික නැපෝලියන් බොනපාට් රුසියාව ආක්‍රමනය කලමුත්, ශ්‍රේශ්ඨ රුසියන් හමුදාපති ජෙනරාල් කුටුසොව්ගේ හමුදාවලට පරාදව නොමැරී
යම්තමින් දිවි ගලවා ගත්තා.
දැන් අපේ වාරේ!
දෙවනි ලෝක යුද්ධය යුරෝපය පුරාමත්...... |
අපි 1941දී රුසියාවට කඩා වැදුනා. රුසියානුවෝ ආර්යයන් නෙමේ: ඔවුන් වැඩි හරියක් මරා දමා, ඉතිරි අය සයිබීරියාවට යවා වහලුන් කර, රුසියානු (වගා බිම්, සතුන්, තෙල්, ඛනිජ ආදී) සම්පත් ශ්‍රේශ්ඨ ජර්මානු ආර්යයන්ට අයිති කරගැනීමයි, අපේ අරමුන උනේ. මුලදී හිට්ලර් සමග යුද්ධ නොකිරීමේ සම්මුතියකට ස්ටාලින් එලඹ සිටියා.
ඒත්
ශූර නායකයෙකු වූ ස්ටාලින්,
කවදා හෝ හිට්ලර් තර්ජනයක් වන බව දැන ඊට යුධමයව සූදානම් වෙන්න
වෙලා තියෙන්නෙ 1933 ඉඳල! නමුත් අපේ ඔත්තු සේවා
මේ පෙර සූදානම දැක තිබුනේ නෑ.
සෝවියට් දේශය සමග අප කරන ලද යුද්ධය, මෙතෙක්
ලෝක ඉතිහාසයේ වාර්තාගත විශාලතම හා බිහිසුනුම යුද්ධය ලෙස සටහන් වෙනවා. නමුත් මේ සටන
තීරනාත්මක වෙනවා. අපගේ අක්ශ හමුදා, සෝවියට් හමුදා ප්‍රමුඛ
මිත්‍ර හමුදාවලට පරාද වෙනවා.
1944 ජූනි 6 වෙනිදා මිත්‍ර හමුදා ප්‍රංශයේ
නෝමන්ඩි ආක්‍රමනයෙන් (Operation Neptune - D Day; ලොව මෙතෙක් කරන ලද
විශාලතම මුහුදු ආක්‍රමනය) අපේ පරාජයේ ආරම්බය පටන් ගැනෙනවා.
අවුරුදු දහසක් පවත්නට තිබූ තුන්වන අධිරාජ්‍යය, එය ආරම්බ වී අවුරුදු දොලහකට පසු, 1945 මැයිවලදී සෝවියට් හමුදාවලට කොන්දේසි විරහිතව යටත් වීමෙන් අවසන් වෙනවා.
හිට්ලර් සහ ඔහුගේ බිරිඳ දිවි නසා ගන්නවා.
දෙවෙනි ලෝක යුද්ධයේ අවසන් වීම සටහන් කරමින් බර්ලිනයේ රතු ධජය ඔසොවමින්.... |
2020 ජුලි 11 වෙනිදා සිට අලුත් ටෙලි නාට්‍යයක් විකාශ වීමට පටන් ගත්තේය. ‘සත්‍යා’.... අධ්‍යක්ෂක චරිත් අබේසිංහයි. මීට කලිනුත් මා කියා ඇති පරිදිම, මා ඒ ටෙලිය බලන්නට හිතාගත්තේ රොෂාන් රවීන්ද්‍ර එහි රඟපාන බැවිනුත්, නාමල් ජයසිංහ එහි තිර රචනය කර තිබීමත් නිසාය. “තවම කොටස් හතරයි ගියේ..... දැන්මම කිව්වැකි නියම ටෙලියක් වෙයි.... හැබැයි කවුදෝ කියලා තිබ්බා ‘නාමල් ලියන්නේ එකම කතාවය.... එක-එක විදිහටය’ වගේ කතාවක්...”
“මේ යකාට කට පියාගෙන ඉන්න බැහැනෙ, හැබෑටම. දැන් තමුසෙ හදන්නෙ ඔය කොහෙවත් ඉන්න සත්‍යයෙක් ගැන කියන්නද, මේ කතන්දර ගොඩ අස්සෙ? මෙයාට මඤ්ඤං මචං”
“මම කියන්න හැදුවේ මේකයි. නාමල් එකම කතාව එක-එක විදිහට ලියනවා වගේ,
ලෝකෙ එක-එක යුගවල; එක-එක තැන්වල;
එකම කතන්දරේ repeat වෙනව වගේ නේද?
හිට්ලර්, ඉඩි අමින්, ගඩාෆි.... ටිකක් හිතනවලකො...”
“හරි! එතකොට ලංකාවේ?”
එකම කතන්දරේ එක-එක විදිහෙන් එක-එක කාලෙදි වෙනස් විදිහට සිදු වෙනවා! |
“මචංලා මෙන්න වැන්දා... Please keep quiet....නිමල් අයියගෙ බ්ලොග් එක වැඩියෙන්ම කියවන්නෙ ලංකාවේ readersලනෙ. උඹලා මොකුත් කියන්න ඕනි නැහැ, එයාලා එහෙම අයව අඳුන ගනියි, යුෂ්මතුන්ලගෙ xකේ උදව් නැතුවට...” එහෙම කියන ගමන් පීරිස් දොහොත් නඟා හතර අතටම වැන්දේය! ඊළඟට ඉතිරිය කියන්නට ගත්තේය.
මචං, යුරෝපයේ
යුදෙව්වෝ විතරක් මිලියන 6-7ක්.... ලක්ෂ 60-70ක් මරා දාලා තිබුනා. නිකම්මත්
නෙවෙයි. මරෝලා වැඩ අරගෙන, නැතිනං එක-එක පර්යේශනවලට අරගෙන.
1938
- 1945 කාලයේ හිට්ලර්ගේ ඒකාධිපති වියරුවෙන් හා ඊට එරෙහිව
සටන් කල ලොව පුරා මිත්‍ර හා අක්ශ හමුදා අතින් අහිංසක සිවිල් වැසියෝ කොච්චර මලාද? එහෙම සිවිල් වැසියන් වශයෙන් මියගිය ජන සංඛ්‍යාව කෝටි පහකට ආසන්නයි; ඒ
කියන්නේ අපේ ශ්‍රී ලංකා සමස්ත ජනගහනය මෙන් ආසන්න වශයෙන් දෙකහමාරක ගුනයක්.
මේ වකවානුව ගැන ප්‍රාමානික දැනුමක් ගන්න හොඳ
පිමිපෝරුවක් වෙන පොත් දෙකක් මම කියන්නද නිමල් අයියේ?
එකක් සුගතපාල ද සිල්වාගේ ‘හිට්ලර් එල්ලා මරයි’ නවකතාව.
නවකතාවක් කිව්වට ඒක ටිකක් පැරඩි ශෛලියට ලියල
තියෙන්නේ; දෙවන
ලෝක යුද්ධයෙන් පසු එහි යුධ අපරාධ විබාග කලේ ප්‍රසිද්ධ නියුරෙම්බර්ග් නඩු
විබාගයේදි. හිට්ලර් ජීවග්‍රහයෙන් අල්ලාගෙන නඩුවේ විත්තිකාර පාර්ශවයක් උනා නම්
මොකක් වෙන්න තිබ්බද?
කාටත් කියවන්න වටිනවා, ‘හිට්ලර් එල්ලා මරයි’.
මේ පොත් දෙකම බල උමතුව ගැන කියවෙන පොත්වලට හොඳ පිමිපෝරු! |
අනික තමා අපේ මිත්‍ර ප්‍රියන්ජන් සුරේෂ් ද
සිල්වා සොයුරාගෙ ‘අවසන් විසඳුම’ පොත.
පොත ලියන ප්‍රියන්ජන්, යුරෝපයේ
මේ යුද්ධ කරලියේ හිර කඳවුරු- වධකාගාර වගෙ වැදගත් තැන් ගොඩකටම ගිය කෙනෙක්. හුඟක්
ලිපි-ලේඛන, පතපොත කියවලා පර්යේෂණ කරලා ලියපු නිබන්ධනයක්
තමයි ඒ.
“ඩොක්ටර්, එතකොට දෙවැනි ලෝක යුද්ධයට වැරදිකාරයා
හිට්ලර්ද?” කල්පනාවේ හුන් ගවීන් ඇසුවේය.
නෑ, ගවීන් මල්ලී නෑ. ඕනිනං
මටත් ලේසියෙන්ම හිට්ලර්ගෙ ඔලුව උඩින් වතුර බස්සලා මේ සටහන අවසාන කරන්න පුලුවන්. යුද්ධ
ඔක්කොටම වැරදිකාරයා ‘අසීමිත බලකාමය!’ හිට්ලර්ටත්
ඒක තිබුනා.
ඒත් හිට්ලර් නිර්මානය කලේ කවුද, ඔහුව නිර්මානය කල ගර්භාශය තවම සක්‍රීය නැද්ද කියන එක නේද වැඩියෙන් වැදගත්. පොදු මිනිස් හැඟීම් දඩමීමා කරගන්න ගමන්, මිනිස් මොලයේ දෙවෙනි තට්ටුව අවුස්සන ගමන්, දේශපාලන/ ආර්ථික අස්ථාවර වේදිකාවට ගොඩ වෙන; ඒ මාර්ගෙන් බලය අල්ලන්න එන ශූර කථිකයන්ට…. එක්කෝ ඕන නෑ, නේද නිමල් අයියේ… කියවන්න ‘හිට්ලර් එල්ලා මරයි’ - හෙමීට. තේරුම් අරගනිමින්...
අයස්මන්ත රසවතා නව වතාවක් මනමේ නාට්‍යය නරඹලාත්..... |
“ගවීන්, මේ මනුස්ස පුත්‍රයා කියන ‘හෙමීට තේරුම් ගනිමින්’ කියන එකට, මම එයාගෙන්ම උදාහරණයක් අරගෙන දෙන්නං. පීරිස්... ඔයා කී සැරයක්
සරච්චන්ද්‍ර මහත්තයාගෙ ‘මනමේ’ බලල
තියෙනවද?”
“නව සැරයක්...”
“නිකම්ම නව සැරයක් කියල කියන්නේ නැතිව කියනවකො මහත්තයෝ බලපු විදිහත්...”
පීරිස් පසු බෑවේය. කලින් දවසක ඒ විස්තර මා සමඟ කියූ බව ඔහුට දැන්
සිහි වෙන්නට ඇත.
මේ අයස්මන්ත පීරිස් රසවතා ‘මනමේ’
නාට්‍යය නරඹා ඇත්තේ, එහි මුද්‍රිත පිටපත
කිහිප වතාවක්ම; කට පාඩම් වෙනතුරුම වගේ කියවා අවසනදීය.
එහෙම කරලාත් හිතට මදි නිසා, රංග ශාලාවටත්, හය වතාවක්ම ඒ පොත අරගෙන ගිහින්ය; නාට්‍යය
වේදිකාගත වෙද්දී, ඊට සමගාමීව පොතේ පිටුත් පෙරළමින්
සංසන්දනය කළේලු! “මම නං කියන්නේ මේ අක්ෂි වෛද්‍ය
විශේෂඥයාව මානසික රෝග විශේෂඥයෙකුට පෙන්නන්නයි තියෙන්නේ! හැබැයි, මෙයාට ට්‍රීට්මන්ට් දීලා ඉවර වෙන්න කලින් ඒ මිනිහට පිස්සු හැදෙයි!”
“මෙයා යමක් study කරන්නේ එහෙමලු.... ඇහුණද ගවීන්?”
ඒ හැම වතාවකම මට දැනුණේ වෙනස් විදිහකට.... |
ඇඩොල්ෆ් හිට්ලර්, ජෝසෆ්
ස්ටාලින්.
මේ දෙදෙනා පසුගිය සියවසේ කෝටි සංඛ්‍යාත
මිනිසුන් වසඟ කල නායකයින්. ඔවුන් දෙදෙනා
සම්පූර්නයෙන්ම ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස්, ප්‍රතිවිරුද්ධ කඳවුරු
නියෝජනය කලවුන්. ඒත් ඔවුන්ගේ මුල් වර්ධන කාල එක වගේ.
ඔවුන් සිය දේශපාලන පක්ශවල බලය ඇල්ලුවේ සිය
රටේ පොදු මිනිසුන්ගේ පොදු හැඟීම් සංකීර්නය අල්ලා ඊ මත ක්‍රියා කිරීමෙන්.
අවසන ඔවුන් නිර්මානය කල රාජ්‍ය ත්‍රස්තවාදය
නිසා කෙරුනු මිනිස් සංහාරය?
පුලුවන් තරම් වැඩ ගෙන, රෝගී
වූ පසු/ දුබල වූ පසු නොයෙක් කෲර වද දී මරා දමන ලද මිනිසුන් ගැහැනුන් හා දරුවන් ප්‍රමානය
කෝටි අටකට වැඩි මිසක් අඩු නෑ.
මෙන්න මේ පොදු ජන වසඟ කිරීමෙන් බලයට පත්වීම ගැන මම මාර බය ඒකයි නිමල් අයියේ.
මේ පොදු ජන වසඟ කිරීමෙන් බලයට පත්වීම ගැන මම මාර බයයි...... අම්බානකට බයයි! |
පොදුවේ ජන ගෝත්‍රයක තියන හීන මානයක්/ දැන් නැති, අතීත ශ්‍රී විභූති වංසෙ කබල් ගෑමක් එලියට අරගන, කැලයෙන් පරිනාමය වූ සතුන් හැටියට නිසගයෙන් අප තුල සැඟව ඇති සේව නූලක් පාදා මතු කරගන්නට තතනන වීරයන්ට මම බයයි නිමල් අයියේ....
අම්බානකට බයයි!
ගිනි පුපුරු සේ තියෙන මිනිස් ප්රචන්ඩත්වය, අපේ පර පීඩක තිරිසන් ආසාව හා ගටා, මුලු
ගෝත්‍රයම හරක් රැලක් සේ දක්කන්න එයාලට පුලුවන්.
තවද, මීයන් මැරූ විට ඊට
ගාස්තුව නොලැබුන කල්හි ඊට වාඩුව ගනු පිනිස, රටේ සියලුම ලමයි අතුරුදන්
කල piped piper වැනි
අවස්ථාවාදී නායකයෙක් කරලියට ආ ගමන් මෙම වසඟ කිරීම සිදුවීම ඇරඹෙනවා.
“සුසුම්වලින් කුණාටු මැවෙනවා නම්....” මට
හීල්ලුණි!
එහෙම වෙනවා නං නිමල් අයියේ, හැමදාම
බර්ලින්වලදී ඒක වෙනවා ශුවර්!
මට වාසනාව ලැබුනා බර්ලින්වල බිඳ දැමූ තාප්පය අසබඩ කෞතුකාගාරයකට යන්න. ඒ, බර්ලින් තාප්පයේ ඉතිහාසය ඇතුලු ලෝකයේ රාජ්‍ය ත්‍රස්තවාදය සම්බන්ධ කෞතුකාගාරයක්. ගිහින් බලන්නම වටින තැනක්....
ඉතිහාසය පුරා සිදු කෙරුණු අමානුෂික වධ බන්ධන මේ කෞතුකාගාරයෙදී බලාගන්නට...... |
අපේ පෙරදිග, ලෝකෙන් උතුම් මුතු ඇටය ඇතුලුව නොයෙක් රටවල රාජ්‍ය ත්‍රස්තවාදී අවදි; ඒවාට මංපෙත් සැකසුනු ඉතා ජනතාවාදී ආන්ඩු බිහි වී ක්‍රමයෙන් ජනතා ආශිර්වාදයෙන්ම ඒවා පොලිස් රාජ්‍ය බවට රූපාන්තරණය වූ හැටි ඒකෙදි නරඹන්න පුලුවන්.
එහෙම පොලිස් රාජ්‍යවලදි වදකාගාර
පවත්වාගෙන ගිය හැටි, වද දුන් විදි, මරා දැමූ විදි (සිතියම්
සහිත), ඒවායින්
බේරී ආ අයවලුන්ගේ සාක්කි එහෙම ඉතා විස්තරාත්මකව දැනගන්න පුලුවන් අධ්‍යාපන
චාරිකාවක් උනා ඒක.
ඒ මියුසියම් එක බලන්න ගිය අපි හැමෝම එතැනින්
ආවේ කඳුලු පුරෝගෙන.
ඒ වගේම දුක හිතෙන තැනක් ඊට ටිකක් එහායිනුත්
තියෙනවා. දෙවන ලෝක යුද්ධයෙදි මරා දැමූ යුදෙව්වන්ගේ සොහොන! එතනට ගිය කිසිවකු
නොහඬමින් එලියට එනු මම නම් දුටුවේ නැහැ; මමද ඇතුලුව.
ඔය විදිහට එකම ඛේදවාචකයක් වුනු, හිට්ලර්ගේ දේශපාලන ගමන අලලා බර්ටෝල්ට් බ්‍රෙශ්ට් නාට්‍යයක් නිර්මානය කලා; Resistible rise of Arturo Ui. මෙහිදී ඔහු මුලු සිද්ධියම අරන් ගිහින් පිහිටවනවා 1930 ගනන්වල චිකාගෝ මාෆියා කල්ලි බලයට පොර කන පසුබිමක.
මේ නාට්‍යයම ධර්මසිරි බණ්ඩාරනායක 'යක්ෂාගමනය' නමින් ................... |
මේ නාට්‍යය බලද්දි හිට්ලර්ට සමගාමීව සිහිවන්නේ Al Capone වැනි චිකාගෝ මාෆියා නායකයින්. මෙය පරිවර්තනය කර ධර්මසිරි බණ්ඩාරනායකයන් විශිශ්ඨ නාට්‍යයක් කලා ‘යක්ෂාගමනය’ නමින්.
මෙහි අවසානයේ මෙහෙම කියවෙනවා. මම එයින් ‘වසඟය’
ගැන කතාව නවත්තනවා නිමල් අයියේ.
Therefore
learn how to see and not to gape.
To
act instead of talking all day long.
The
world was almost won by such an ape!
The
nations put him where his kind belong.
But
don’t rejoice too soon at your escape-
The
womb he crawled from still is going strong.
ඉතින් නිමල් අයියේ; සිකුරාදා දවස්වල
හම්බන්තොට වැඩ ඇරිලා හවස් වෙලා ඔයාගෙ මහරගම භවනට එකතු වෙනවා
අපි මෙහෙම. විශේශයෙන් මම, නෙවිල්
අයියා, ගවීන්
මල්ලී හෙම.
ඔයා අමද්‍යප උනත් නිමල් අයියේ, මධුවිතකාමී අපිට කිසියම් කටදන මසවුලක්, පුලුටු වර්ගයක් දෙකක් සාදා දෙන්නේ අකැමැත්තෙන්ම නෙමේනෙ.
ළඟදිම අපි තුන්දෙනා බිලි පිතිත් අරන් ඇවිත් රිටිපන්නකාරයො වගෙ ඔයාගෙ පොකුණේ ඉන්න.... |
කිසියම් සුරාමේරයක්, අයිස් කැට හා මුසුකොට, ‘වෙරි වේවා!’ කියා වීදුරු ගටා පස්වෙනි සිල්පදය කඩන අපි ක්‍රමයෙන් නොයෙක් කලා ශාස්ත්‍රවල හා මානව ඉතිහාසයේ විශාරදයන් වෙනවා, අඩ පැයෙන් අඩ පැයට- ජාමයක් වෙනකල්!
පහුගිය ටිකේ ලොක්ඩවුන් නිසා සප්පායම් වෙන්නට
වෙන මුකුත් නැති වුනු අපට,
හම්බන්තොට කොල්ලන්ගේ කජු පුහුලන්වලින් කරපු
පර්යේශන තමයි පිහිට වුනේ.
“එයාලටත් ස්තුති කරලා ඉඳිමු නේද, දැන්මම.”
ටිකක් හිටහං බං.... හැබැයි, ඒවාට
පුලුටු ඉල්ලුවාම, ඔයා දැන් අපිට පාට් දානවා ටිකක් වැඩී,
හොඳේ.
ලඟදිම මමයි නෙවිලුයි ගවීනුයි බිලී පිත්තක්
ගෙනත්,
රිටිපන්නකාරයො වගෙ- ඔයාගෙ ඔය ගෙදර පොකුනේ ඉන්න තඩි මාලුවෙක් අත
දාලා ගන්නේ නැතිව විද්‍යානුකූලව; ක්‍රමේටම බිලී පිත්තෙන්ම
බාලා බාබකියු කරලා,
බයිට් එකට ගන්නවා... බලන්නකෝ. තරහ වෙන්න එපා ඕං!
“ඔව්, ඔව් මචං... කරමු, කරමු. මේකව කාමරේට දාලා දොර lock කරලා වැඩේට බහිමු....” දොස්තර මහත්තයාගේ පැත්තට මිස මගේ පැත්තට උදව් පිණිස එකෙක්වත් නැත!
මගේ ළදරු සංගීත දැනුම ඉවසා දරාගෙන..... |
ඉතින්, මගේ ලදරු සංගීත දැනුම ඉවසා පුලුවන් තරම් නිවරැදි කරන අතරේ, මෙහි එන සමරකෝන් ගීත ගායනා කර; මෙතෙක් නොදුටු රස පෙන්වූ, වලස්මුල්ල මහ විද්‍යාලයේ සංගීතාචාර්ය ධූරන්දර, මා කල්‍යාන මිත්‍ර ප්‍රියංකර කනක්කහෙට්ටිගේ මහතාටත්, ඔහුගේ සොඳුරු නිවසේ සංගීතකාමී බිරිඳ, අම්මා සොයුරියෝ සහ බෑනාටත් මගෙ හද පිරි ස්තූතිය.
ඇත්තටම මම සෑහෙන කලක් හිතාන හිටියේ ‘රම්‍ය
වන මලේ’ ගීතයේ
සංගීතය භෛරව රාගයෙන් කියල. මට ඒ ගීතය ඇහෙද්දි දස්තයෙවස්කිගේ The Gentle
Creature ශෝකාන්ත
නවකතාව මතක් වෙන්න ඒක ප්‍රබල හේතුවක් වෙන්න ඇති!
මොකද, භෛරව රාගය යොදාගන්නෙ
බැරෑරුම් සංකීර්න හැඟීම් විස්තර කරන්න. ඒක ශිව දෙවියන්ගෙ මුවින් ගිලිහුන රාගයක්
කියනවනෙ. ඒත් ප්‍රියංකර සොයුරා මෑත දවසක මට ‘රම්‍ය වන මලේ’ වාදනය
කරලාම පෙන්නුවා; ඒකෙ
රාගය භෛරව නෙමේ භෛරවී. ඉතින් ඔන්න බලන්න මගේ සංගීත දැනුමේ තරම!
“මම කතා කරන්නේ ඔබතුමා කියපු දේවල් ගැන... ඔය සිල්ලර දේවල් නෙවෙයි මට
නම් වැදගත්, අයස්මන්ත මහත්තයො... මට තේරුම් ගිය හැටියට නං
ඔයා කිව්වේ බොහොම පොඩි තියරි ටිකක්.
බලන්න, මම තේරුම් ගත්තු විදිහ හරිද කියලා...
මිනිහෙක් හැඟීම්බර වුණු ගමන්ම බුද්ධියෙන් කටයුතු කරන්න බැරිව යනවා.... |
හැඟීම්බර වුණාම; කලබල
වුණාම අපේ මොළයේ පළමුවෙනි තට්ටුවෙන් නෙවෙයි අපි හිතන්නේ; දෙවෙනි
තට්ටුවෙන්.... එතකොට අපි තීරණ ගන්නේ හැඟීම්වලට වහල් වෙලා.
ඔය රහස දැනගෙන හරි නැතිව හරි, නාසිසිස්ට්ස්ලා
අපිව හැඟීම්බර කරවලා උන්ට ඕනි තැනට අපිව දක්කනවා. අර නාසිසිස්ට් යක්ෂයා දක්ෂ වෙන
තරමට.... උගේ අභ්‍යන්තරය හිස් වෙන තරමට සිද්ද වෙන විනාසේ ලොකු වෙනවා....!”
“ඔය කිව්වේ එලකිරි වගේ...”
දන්නවද? මේ ලිපිවල පලමුවැන්නෙදි කියවුනු ගීත
ගෝවින්දයේ මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්තයගෙ සිංහල පරිවර්තනය, මම
දන්නා තරමින් තියෙන්නෙ හේමන්ත අරුනසිරි සොයුරා ගාව විතරයි. මා කියවා ඇති බොහෝ ඉංග්‍රීසි
පරිවර්තනවලවත් මේ ශ්ලෝකවල අශ්ඨපාදි ස්වභාවය රැකගෙන නෑ, ගම්ලතුන්ගේ
පරිවර්තනයෙ තරම්. මේ පොතේ වටිනාකම දන්න කෙනෙක් කාටවත් අල්ලන්නවත් දෙන්නෙ නෑ!
“හරි ලොක්කා, කාටවත් අල්ලන්නවත් නොදෙන පොතක් නිකම්ම දිරලා යනවා විතරයි නේද?”
මේක මාරම චාටු සීන් එකක් තියෙන සිංදුවක්...කෙල්ල කොල්ලව අන්දවනවා, ගාණට... |
හරි නේන්නං.... අමර පානියක්නේ෴
//හිට්ලර් සහ ඔහුගේ බිරිඳ, සිය දියනිය මරා දමා ඉන්පසු දිවි නසා ගන්නවා.//
ReplyDelete????????????????????????????????
Pra Jay මහත්තයෝ, ඔයාට ස්තුති කරන්න වචන මදි මේ බරපතල වැරැද්ද පෙන්වා දීම වෙනුවෙන්.
Deleteඑහෙම දරුවන් එක්කම දිවි නසා ගත්තේ ගොබෙල්ස්- 'බොරුව ඇත්ත කරන කසකාරයා' නේද? 0(ගොබෙල්ස් ගැන තිබුණු හරිය අයින් කළා, ලිපිය හොඳටම දිග වැඩි වෙන නිසා.
තවත් රසිකයන්ට වුනත් වැරදි කරුණක් යන්නට ඉඩ නොදී ලිපියේ වැකිය නිවැරදි කළා. පාඨකයන් වෙනුවෙනුත් ස්තුතියි!!
ගීත ගෝවින්දයේ මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්තයගෙ සිංහල පරිවර්තනය හරි වෙන සිංහල පරිවර්තනයක් හරි හොයාගන්න ක්‍රමයක් තිබ්බොත් මටත් කියන්න. ප්‍රවීන ගීතරචක ධම්මික බණ්ඩාරට පින්සිද්දවෙන්න මට මේගැන ලොකු උනන්දුවක් හා ඇල්මක් ඇතිවෙලා.
ReplyDeleteචමී, දවස් කිහිපයක් දෙන්නකෝ බලන්න. කොනවා හරි කළ හැකි වෙයි කියා හිතනවා.
Deleteචමී, දොස්තර මහත්තයා පොතේ කොපියක් pdf කරලා දෙන්නන් කිව්වා. කල්පයකට පස්සේ හරි වැඩේ කෙරෙයි. මට ඔයාගෙ ඊමේල් ලිපිනය එවන්න තරහ නැතිව.
Deleteමට හිතෙන්නෙ ඕවරෝල් බැලුවහම: මනුෂ්‍ය සංහතිය මහා අභාග්‍ය සම්පන්න තිරිසන්නු ජාතියක් කියලයි. මානව හිමිකම් ආදී මොන දේ සම්මත කරගත්තත්, කැලේ නීතිය අනුව පාලනය කරන්න පාලකයන් බිහිවන්නේ ම මේ ජන සමාජයේ තිඹිරිගෙයින් ම යි.
ReplyDeleteඩ්රැකී, පෘථිවි තලයේ වයසයි, ඒ ඒ සත්ත්වයන්ගේ වයසයි එක්කම තමයි මේ ගැන හිතන්න වෙන්නේ.
Deleteඅනෙක අප මානවයා වශයෙන් දියුණු වෙන්න අරන් ගතවී තිබෙන කාලය හා කාර්මික විප්ලවයෙන් පස්සේ සීඝ්‍ර සංවර්ධනයත් එක්ක මානව චින්තනයේ වෙනස්කම් ඇතිවී තිබෙන කාල සීමාව.
ඔහොම කාල වකවානු එක්ක බලද්දී අපි හරියට දැලි පිහි අතට ගත්තු සත්තුම තමයි ජීව විද්යානුකූලව.
දිග කතන්දරයක් ඉතාම ලුහුඬින් කිව්වේ... චායා මාත්‍රයකින් වුනත් ඔයාට හිතාගන්න හැකි නිසා.
තවමත්, ජීව විද්‍යානුකූලව පෙනෙන්නේ- සතුන් අතර උපදින හැම පස් දෙනෙකුගෙන්ම එකෙක් නායකත්ව ලක්ෂණ සහිතයි කියන එක හරි වගෙයි.
Deleteඒ අතරේම කියන්නේ, සතුන්ගේ සාමූහික චර්යාවන්ට මොළයේ 'මිරර් සෙල්ස්' ගැනත් අපේ දොස්තර මහත්තයාට ලියන්න කියලා වද කරමින් ඉන්නේ.... බැනුම් අහමින්....
වැරදීමක්- සමාවෙන්න, උඩින් කොටසේ වචන දෙකක් අඩුයි.
Deleteමිරර් සෙල්ස් බලපාන හැටි ගැනත්....