සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ.... |
ඒ විවිධාකාර පුද්ගලයන් විවිධ විදිහට ආදරේ බලාපොරොත්තු වෙනවනෙ.
සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ.
ඒ ගැන තවත්
පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ; ඒත් ආදර කතාවක්
ඒවායින් නවත්වන්න හැකි වෙයිද?
නීතියකට පුළුවන් වේවිද ආදරයකට හරස් වෙන්න?
කෙනෙක්ට පුළුවන්ද තවත් කෙනෙක් සිතන පතන ආකාරය වෙනස් කරන්න?
අසම්මත නිසා තමන් ආදරය කරන පුද්ගලයාව සිතින් යටපත් කරන්න පුළුවන්ද?
අසම්මත වුණත් ආදරයට කියන්න වෙනත් නමක් තියනවාද?’
මගෙ අම්මෝ!
ප්‍රශ්නයක් දෙකක් නෙවෙයි ප්‍රශ්න පත්තරයක් කියලද හිතුවේ.
ඒත් මොකෝ, ජීවිතේ කියන්නෙ උත්පත්තියේ ඉඳලා- මරණය තෙක්ම නොනැවතී ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න
මාලාවක්. දැනුවත්ව හරි නැතිව හරි අපි එව්වාට උත්තර හොයනවා; විසඳුම් දෙනවා. සමහරක්
හරි යන උත්තර, සමහරක් වරදින එව්වා.
ඒත් ජීවිතේ නවතින්නෙ නෑ, ඔහේ ඉදිරියට ගලාගෙන යනවා....
‘ජීවිතේ
ගංගාවකී - දෛවෙ එහි දිය පාරකී
ජීවිතේ ගංගාවකී
ඒ ගඟේහී පාවෙනා - පිදුරු කැබලිය ලෝ දනා//
එකට එක්වී - ටික දුරක් විත්
ආයෙ වෙන්වී යයි වහා....’
ලතා වල්පොල ගැයුවා මතකයිද ‘පුරුෂ රත්නය’ චිත්‍රපටියට. ගොඩ දෙනෙකුට ඒක මතක හිටින්න
නං විදිහක් නෑ, පුරුෂ රත්නය ආවේ 1959 අවුරුද්දෙනේ....
සුනිල්වන් නිලෙන් දිලෙන දීප්තිමත් අහසෙ නිරුවත් පා යුවලක් දිස් වෙනවා. |
ඉතිං, අද
පෝස්ටුවේ මුලින්ම කියපු ‘ප්‍රශ්න පත්තරේ’ මං ලියපු එකක් නෙවෙයි.
xxx xxx ලිව්ව එකක්.... ටක්කෙටම කියනවා නං, xxx ලියපු එකක පේළි කිහිපයක්.
‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළන්නට එන දයාබර හිතවතුන්ට නං, මේ අඩවියේදී මීට ඉස්සර
xxxව හම්බ වෙලා නෑ. මාත් මේ ළඟදී එයාව හඳුනා ගත්තේ, නොදැක; හමු නොවී; ලියන-කියන
දෙයින් විතරක්!
xxxව මුණ
ගැහෙන්නට මඟ පෑදුණේ වික්ටර්ස් හරහාය!
සුනිල්වන්
නිලෙන් දිලෙන දීප්තිමත් අහසෙ නිරුවත් පා යුවලක් දිස් වෙනවා. ඒවා චලනය වෙන්නේ
පිහාටුවක් පාවෙන තරමේ හෙමිං..... ඉහළ පහළ යන චලන කිහිපයකට පස්සේ වේගය වැඩි වෙනවා,
හිටි ගමන්. ආ.... fit කොල්ලෙක් පොලා පනිනවා. (දන්නවනේ, එහෙම කිව්වේ මගේ දැනීමේ
තරමටය.
නිකමට වාගේ අයස්මන්ත දොස්තර මහත්තයාගෙන් ඒ පොලා පැනීම ගැන ඇහුවාම, ඒ සෙල්ලමට කියන
ඉංග්‍රීසි වචනය කිව්වේය. Trampoline.) මුලින් දර්ශන ටික තිබිලා තියෙන්නෙ slow
මෝෂන්වලින්, එතකොට තමයි අපටත් ඒ පාවීම දැනුණේ....
ඊළඟට මෙන්න බොලේ අර හාදයා හැටට-හැටේ ෆුට් සයිකලය පාගනවා.
අපට හිතෙන්නේ එහෙම කරන්නේ ව්‍යායාමයට කියලාය.
අනේ,
වැරදිලානේ. ඒ හාදයා වැඩට යන්නේ සයිකලයෙනි. වැඩ කිව්වාට මහ ලොකු සුදු කරපටි
රස්සාවකුත් නොවේ; ගෘහ භාණ්ඩ හදන තැනක කම්කරු වැඩක්.
වැඩ අහවර වුණු ගමන් මේ හාදයා මල් පොකුරකුත් අරගෙන දුවන්නේ ඉස්පිරිතාලෙටය.
තම ශක්තිමත් සිරුර ගැන උනන්දු වෙන ඔහුගේ උදරයේ මාංශ පේශි දැනටමත් පමණට වඩා
වැඩි වෙලා වගේද? |
ඔහු;
වික්ටර්ස් එතරම් සුවපහසු දිවියකට හිමිකරුවෙකු නොවෙන බවත්, ඉන් පස්සේ අපට පෙනෙයි.
තම ශක්තිමත්
සිරුර ගැන උනන්දු වෙන ඔහුගේ උදරයේ මාංශ පේශි දැනටමත් පමණට වඩා වැඩි වෙලා වගේද? ඒවාම
සොයමින් ඉඳලාත් බැරිය. රෑට යමක් උයා ගන්නටත් තිබේ. ටෙලිෆෝනය නාද වෙන්නේ එතකොටමය.
හරිම අපූරු
film එකකට, නියමෙටම ගැළපෙන උපසිරසි යොදන xxx, මෙන්න මෙතැනදී sub එකක් විදිහට
කොටන පළමු වචනය ‘ඔව්’ කියන එකය.
The Man with the Answers චිත්‍රපටයට
උපසිරසි සපයන xx xxxට ‘ඔව්’ වදන කොටන්නට film එක පටන් ගෙන විනාඩි 4 තත්පර
27ක් යනතුරු බලා හිඳින්නට සිදුවී තිබේ.
මම චිත්‍රපට
හදන්නෙක් නොවෙමි; විචාරකයෙක්ද නොවන්නෙමි. එහෙත් මට වදින ෆිලුමක් බැලුවාම; මට දැනෙන
ෆිලුමක් බැලුවාම, හැකිතාක් දෙනා එය බලනවාට කැමැත්තෙක්මි. ඇත්තම කියතොත්, මේ ෆිලුම
මාව උස්සලා පොළොවේ ගැහුවා වගේ.....
නෑ, නෑ, නෑ. ඒ උපමාව මෙතනට හරි යන්නේ නැත; දරදඬු වැඩිය. කොහොමද ‘බූරු ඇඳක වැතිරී
හිටි මං වහන්සේව ඔසොවාගෙන ගිහින් සුවපහසු මෙට්ටයක් උඩට අත හැරියා වගෙයි’ කිව්වොත්?
ග්‍රාම්‍යයිද....
සිනමාව
තියෙන්නේ රූපාවලියකින් කතන්දර කියන්නටය. ප්‍රධාන වශයෙන්ම කැමරාවෙන් කෙරෙන ඒ
කටයුත්තේදී ආලෝකය, වර්ණ, දුර-සමීප රූ වගේ ගොඩාක් දේවල්වලින් ප්‍රයෝජන ගැනෙයි.
ඉස්සර නම් සිනමා කැමරාවෙන් ඒ දර්ශන සිර කර ගත්තාය කිව්වේ, සෙලුලොයිඩ් පටිවලය. දැන්
වෙනස්- දියුණු තාක්ෂණික මෙවලම්ය භාවිත වෙනවයි කියන්නේ.)
අනෙක්
තැන්වලදීත් තෝරා ගැනෙන්නේ වැරදි මිනිසුන්වය. |
සමා
වෙන්නෝනි! මේ කියන්නේ අපේ රටේ වැඩි දෙනෙක් බලන මෙගා ටෙලි ගැන එහෙම නෙවේ. ඒ වැඩි
හරියක් ‘ගුවන් විදුලි නාට්‍ය’ය. රූප නොදැක්කාට කමක් නැත. දෙබස්වලට කන් දුන්නාම
ඇතිය. වැඩි හරියක්ම එහෙම වෙද්දී වෙනස්ම එව්වාත් රූප පෙට්ටියට එයි.
එතකොට නං නිකම්ම නිකං ඉන්නට බැරි නිසාය ‘වීරයා ගෙදරද?’ වගේ; ‘තණමල්විල
කොල්ලගෙ යටිබඩ’ වගේ posts මගෙන්
ලියැවුණේ.
වීරයා එකේ චාමර තරම්වත්, තණමල්විල කොල්ලා දීප්ත තරම්වත් ලකයක් නැති කොල්ලෙක් විදිහටයි, මේ ෆිලුමේ Wiktoras මම නං දැක්කේ;
පතෝලයා, කූරා, කිතුලා වගේ මැරෑටියෙකු විදිහටය. ඒ එක්කම මොකක්දෝ හීන් දුකකුත්
වික්ටර්ස්ව දකිනකොටම නරඹන්නන්ගේ හදවතට කාන්දු වෙන්නට පටන් ගනියි. The Man with the Answers කාස්ටින් මැනේජර්ලාගේ හපන්කමයි ඒ.
කලිනුත්
කිව්වෙමි. අපේ රටේ නොකෙරෙන්නෙත් සුදුසුම අය තෝරා ගැනීමයි! Filmsවලදී විතරක් නොවේ,
අනෙක් තැන්වලදීත් අප තෝරා ගන්නේ වැරදි මිනිසුන්වය.
එහෙම කියන්නට
නම් ලෙහෙසිය; කෙරුවාවය අමාරු. බොහොමයක් පැතිවලින් බලද්දී, අපේ පුංචි කොදෙව්ව- මහ
විශාල රට-රාජ්ජයන් එක්කලා සැසඳීම සාධාරණ නැති බවත් ඇත්තය. ඒත්... පුළුවන් තරමටවත්
කරන්නට උත්සාහ ගත යුතු නැත්ද... අනේ මන්දා!
ඉතිං, වික්ටර්ස් දුවන්නේ....
තරහ නැහැනෙ, ඒ දර්ශන පෙළ
මගේ වචනවලින් කියනවට. ‘මගේ අවිය’ වචන නෙව! |
උඩිනුත්
තියෙන මේ ඡේදය ආයෙමත් මෙතනට දැම්මේ වැරදිලා එහෙම නෙවෙයි, හොඳේ.
ඒ ඡේදයට වචන විසි
හයයි තියෙන්නේ.
ඒ දර්ශන පෙළ තිරයේ දිස් වෙන්නේ තත්ත්පර 32ක් වගේ කෙටිම කෙටි කාලයකදී....
තරහ නැහැනෙ, ඒ දර්ශන පෙළ මගේ වචනවලින් කියනවට.
‘මගේ අවිය’ වචන නෙව!
ඒ රථවාහන
තදබදය සහිත වීදියකි. වික්ටර්ස් උදේ සිටම ඇඳගෙන ඉන්නා සරල ඇඳුම පිටින්ම; බෑගය පිටේ
එල්ලාගත් ගමන්ම, පාර පනින්නට බලා හිඳී. ඔහුගේ අතේ මල් පොකුරකි. පාර පනින ඔහු ඇතුළු
වෙන්නේ මහල් ගොඩනැඟිල්ලකටය.
ඒ බිල්ඩිමේ දොරටුව අසලම සිටගත් වියපත් මිනිසෙක් දුම් පානයට සැරසෙයි. ඔහු රෝගියෙකු
බවත්, ගොඩනැඟිල්ල තුළදී දුම් පානයට අවසර නැති බවත් පෙනෙන්නේ, සේලයින් බෝතලයක්
එල්ලූ ධාරකයකුත් වැඩිහිටියා අසල තිබීමෙනි.
වික්ටර්ස් පඩි පෙළ තරණය කොට වාට්ටුවට ඇතුළු වෙයි. අපට පෙනෙන්නේ එහි ඇති ඇඳන් තුනක් විතරය. තුනේම
වියපත් රෝගීහු වැතිර සිටිති. තිදෙනාටම සේලයින් බෝතල් සම්බන්ධ කළ ගමන්ය. වික්ටර්ස්
යන්නේ මැදින් ඇති සයනය වෙතය.
ඒ කියන්නේ, එක කොටසකට
දවස් තුනක වගේ කාලයක් ගියා. |
ඇගේ ජීවිත පහන නිවී යන්නට ආසන්නය කියනවාසේ, ඒ ගිලන් සයනයට ඉහළින් ඇති ටියුබ් ලයිටය
දැල්වෙන්නේ, නිවි-නිවීය.
මේ දර්ශන ටික රූගත කරන්නට කොච්චර පිරිසක්- කොච්චර කාලයක් ගත කරන්නට ඇතිද?
කොච්චර වියදමකුත්....
The Man with the Answers චිත්‍රපටය
රටවල් තුනක තුන් දෙනෙකුගේ නිෂ්පාදනයකි! එතකොට වියදම හිතා ගතෑකිය.
‘ඒ කාලේ
ටෙලිනාට්‍යයක් කරන විට, සියයට සීයක්ම තිර නාටකය අංගසම්පූර්ණ කරගෙනයි රූගත කිරීම්
කරන්නේ. දර්ශන තල හරියටම බලලා වෙන් කරගෙන තමයි රූගත කිරීම් කළේ. මෙහි තිබෙන්නේ
කොටස් දාහතක් වුවත්, එය රූ ගත කිරීමට මාස දෙකකට ආසන්න කාලයක් ගත වුණා. ඒ කියන්නේ,
එක කොටසකට දවස් තුනක වගේ කාලයක් ගියා. ඒ නිර්මාණය එතරම්ම සැලසුම් කළ නිසයි එතරම්ම
සාර්ථක වූයේ. අද කොටස් තුනක් එක දවසට රූ ගත කරනවා....’
අද උදයකාන්ත වර්ණසූරිය මහත්තයා එහෙම කියන්නේ, එදා; 1983 රූගත කළ ‘දිය සුළිය’ ටෙලි නාටකය ගැනයි.
අද එක දවසට කොටස්
තුනක්... අපේ කලා නිර්මාණවල ප්‍රමිතිය පහළ බහින එකත් පුදුමයක්ද?
උසස් ගණයේ විදෙස් කලා නිර්මාණවලට අපේ හිත ඇදෙන්නේ, එව්වා
‘තිබ්බා - ගැහුවා’ කුලකයේ නොවන නිසාවෙනි.
එහෙම
අය එහාට එන්නෙ අලුත් films ගැන දැන ගන්නයි, නොමිලේම filmsවලට දෙන සබ්ස් අර
ගන්නයිනෙ. |
xxx xxx ‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියට ලියූ ලිපියේදී
කියලා තිබුණා.
xxxගේ ලේඛන ශෛලිය ගොඩක් ආලවට්ටම් නැති; ඍජු එකක්.
බයිස්කෝප් අඩවියට එන වැඩි දෙනෙකු ඉලක්ක කර ගන්න ජාතියේ. අනෙක ඒ site එකේ රසිකයන්
වැඩි දෙනෙකුත් යෞවන වයසේ අය විත්තියයි commentsවලින් මං තේරුම් ගත්තෙත්.
එහෙම අය එහාට එන්නෙ අලුත් films ගැන දැන ගන්නයි, නොමිලේම filmsවලට දෙන සබ්ස් අර ගන්නයිනෙ.
නිමල් දිසානායක වගේ එතැන තියෙන සම්පූර්ණ ලිපියම කියවලා ‘සාහිත්‍ය රසයක්’
විඳින්නවත්, IMDB රේට්ස්සුයි කුණු තක්කාලි අගයයි දෙකම ගණන් අරගෙන; පස් මහ බැලුම්
බලන්නවත් නෙවෙයිනෙ.
හැබැයි සමහර වෙලාවට වැඩි දෙනෙකුට නාල්ලන films වුණත්,
මාව නං සසල කළ අවස්ථා තියෙනවා. දන්නවනේ, මං සතියකට films පහක්වත් බලනවා.
හැමදාම වගේ බයිස්කෝප් සිංහලෙන් site එකටත් ගොඩ වැදෙනවා. එහෙව් කෙනෙකුගේ හිත සසල
කරවන චිත්‍රපටත් සෑහෙන්න තියෙනවා වෙන්න ඕනේ නේද? තියෙනවා! නමුත් ඒවා සේරම ගැන
ලියපං, ලියපං කියලා මගේ හිත වද කරන්නේ නෑ.
ඒත් මෙදා....
සමහරුන්
නම් ලියන්නේ බඩගෝස්තරේ උපයා ගන්න.... අපි එහෙමයැ? |
ඉතිං මේ වගේ post එකක්, මටම හොඳය කියලා හිතෙන විදිහට ලියන්න නම් ගොඩාරියක් ගෙදර
වැඩ කරන්න වෙනවා. ඒකට වෙලාව කැප කරන්න වෙනවා.
ඒ වේලාවෙන් ටිකක් ඉතිරි කර ගන්න රුසිත් දිලීප මට උදව්
කළා. බයිස්කෝප් site එකේ ලිපි copy කර ගන්න බැරි නිසා ඒවා බලාගෙන, උපුටා ගන්න තැන්වලට
ආයෙම අකුරු කොටන්නයි මට වෙලා තිබුණේ.
බ්ලොගය ලියන්න ගත්තු දවස්වල මං අමුම අමු මැට්ටා හිංදා ‘copy paste’ කෙරිල්ලක්
දැනගෙන හිටියේ නෑ. උපුටා ගැනීම්වලදී පුදුම පරිප්පුවක් කෑවා මතකයි, ‘සමුදුරු
මූර්තිය’ ගැන ලියද්දිත්.
දැන් ටික-ටික එක-එක්කෙනාගෙන් අහගෙන හය-හතරෙන්
දශම එක-එක විතර මාත් දන්නවා.
fb එකෙනුත් විස්තර හොයා ගන්නවා.
දන්නෙ නැති වුණත්, මිතුරෙකු නොවුණත් මං xxxට massage
එකක් යැව්වා, film එකේ ලිපියේ පිටපතකුයි- සබ්ස් පිටපතකුයි ඉල්ලලා. අනේ, අපරාදේ
කියන්න බෑ, ඒවා එව්වා. හැබැයි නුවණක්කාර විදිහට ‘මොනවටද?’ කියන එකත් අහලා දැනගෙන,
ඊට පස්සේ.
Wonder ෆිලුම බලලා කැළඹුණු හිතිං ලියූ ‘විරූපීට
රැවටෙන්නේ සුරූපී කියලා’ වගේ
postsවලිනුත් බයිස්කෝප් සිංහලෙන් site එකට වරදක් නොවුණු බවත් xxx වටහා ගන්න
ඇතිනෙ.
සුධා
ධවල සීතල හිමෙන් සැරසීගත් කඳු මුඳුනේ කාරය නවත්වන වික්ටර්ස්, අනන්තය දෙස බලා
හිඳිද්දී වටහා ගන්නේ ‘මැතියාස්’ යනු තම ජීවිතයේම කොටසක් බවයි. |
“ඒක හොඳ හින්දා....”
‘හොඳයි කිව්වේ....?’
“හො..ඳ..යි කියන්...නේ හො-ඳ හින්දනේ....!”
‘තමුසෙගෙ නළවන කතන්දරයි, වචන හරඹයි
තියා ගන්නවා තමුසෙටම. ඔය වගේ උත්තරවලින් තමුසෙට අනිත්
අයව තම්බන්න ඇහැකි වෙයි. මාව නෙවෙයි.’ යටි හිත කියන්නේ කිණ්ඩි හිනාවකුත් එක්කමය.
මම මගේ ඇතුළාන්තයට එබෙමි; යටි හිතට එබෙමි.
සහතික ඇත්තය. මේ දිනවල මා බ්ලොගයට ලියමින් සිටියේ posts මාලා දෙකකි. මවිසින්ම රචිත ‘හිනා වෙන්න හිනා’ පොතේ කතන්දර ඉදිරිපත් කිරීම එකය. දෙවැන්න ‘දාහතර වෙද්දී’ය. දාහතර වෙද්දී මට ලැබුණු අතිශය සංවේදී අත්දැකීමක් මගේ ජීවිතයට බෙහෙවින් බලපෑ බව මම පිළිගනිමි. (නොඑසේ නම් මා දීඝායුගේ නමේ මුල් අකුරෙන් අපේ චූටි නංගීටත්, බඩා මල්ලාටත් දීපානි- දීපාල් කියා නම් යොදන්නේ නැත.
බණ්ඩාරවෙලදී මට දීඝායු හමු වීමෙනි; ඒ අත්දැකීම් මාලාව ඇරඹුණේ. දැනටමත් ඒවායින් බොහොමයක් එම posts කියවා ඇති ඔබ දනියි. ඒ දිනවල මගේ මනෝ භාවයන්... සිතුම්-පැතුම්.... කෙසේ වීද?
The Man with the
Answers චිත්‍රපටය ඒවා යළි මට සිහි ගන්වයි!
‘ඔන්න ඔහොම ඇත්ත කියපං! ඒ නිසයි නිමල් උඹ මේ film එකට
ඔච්චර කැමති!’
Film එකේ 59 වෙනි විනාඩියෙදී, ‘වික්ටර්ස්’ බැවේරියාවේ
සීත කඳුකර පාරක මැතියාස්ව තනිකොට දමා පලා යන්නේ තරහෙන් පුපුරමිනි.
සුධා ධවල සීතල හිමෙන් සැරසීගත් කඳු මුඳුනේ කාරය නවත්වන වික්ටර්ස්, අනන්තය දෙස බලා
හිඳිද්දී වටහා ගන්නේ ‘මැතියාස්’ යනු තම ජීවිතයේම කොටසක් බවයි.
ඔහු නැවතත් මැතියාස් සොයා එයි. 62 වෙනි විනාඩියෙදී වික්ටර්ස් මැතියාස් වැලඳ ගන්නේ
හද පිරුණු සොම්නස නොසඟවමිනි.
ඔහුගේ
ළය මඬලේ හිස රුවාගන්නට මට උවමනා විණි. එහෙත් මට එය කළ නොහැකි විය. මෙදා වික්ටර්ස්
එය කරන විට.... |
මෙදා වික්ටර්ස් එය කරන විට, මැතියාස් තම සගයාව තුරුළු කර ගන්නා විට එතැන හිඳින්නට ඇත්තේ මාද?
කෙනෙකුට අනුව The Man with the Answers
යනු සමරිසි චිත්‍රපටයක් විය හැකිය. මගේ දැනීමේ හැටියට, ශ්‍රී ලංකාවේ මෙම තේමාව
යටතේ නිපදවී තියෙන්නේ එකම එක film එකක් විතරය. ‘මලට නොඑන බඹරු’. එවැනි තේමාවන් අපට
අරහංය. අප සිල්වත් මහෝපාසකයන්ය; හීනෙන්වත් වැරදි නොකරන්නවුන්ය. නිකෙලෙස් ඇත්තන්ය;
කියනවා නම් තව දිගට කිව හැකිය!
එහෙත්, මට නම් ‘පිළිතුරු දන්නා මිනිසා’ චිත්‍රපටය අසම්මත
ආදර අන්දරයක් පමණක් නොව ජීවිතයද විවරණය කෙරෙන්නකි.
‘සම්මතෙන් එහා ගිය
අසම්මත
බැඳීමක්....
ඒත්,
ආදරයට කොහෙද
සීමා
මායිමක්....
හැඟීම්
ආධ්‍යාත්මික
නම්
කොහේද එතන
අසම්මතයක්...
ආදරය
අසීමාන්තිකයි....
මුළු කතාවම නං කියන්න නෙවෙයි මගේ අදහසත්. ඒත්... |
මෙතරම් ප්‍රේමයක්....’
බයිස්කෝප් සිංහලෙන් අඩවියට xxx සපයා තිබුණු ලිපිය අවසන් කරලා තියෙන්නේ එහෙමයි. ඒත් මගේ පෝස්ටුව නං අදම ඉවර කරන්නෙ නෑ රජෝ. පළමුවෙනි කොටස විතරයි මේ අවසන් කරන්නේ.
Film එක පැයයි විනාඩි 25ක් දිගයි කියලා දැනටමත් ඔයාලා දන්නවනේ. මුළු කතාවම
නං හිතාදර ඔයාලට කියන්න නෙවෙයි මගේ අදහසත්.
ඒත් මේ අපූරු සිනමා සිත්තමේ හැඩරුව ලියන්න වෙන්නෙ තව එක කොටසක්වත් අරගෙනයි.
මොකද දන්නවද?
දාහතර වෙද්දී පෝස්ටු මාලාව ඉවර වුණාට පස්සේ ලියන්නට හිතාගෙන ඉන්න ‘පහළොවේ සිට....’ postsවලටත් මේ කතන්දරේ කියවෙන දේවල් සමීප නිසා!
එහෙනං... අදට.....
This comment has been removed by the author.
ReplyDeleteස්තුතියි රුසිත්.
Deleteබයිස්කෝප් site එකට මේ film එක හා සබ්ස් දීලා, මට ලියන්නට නිමිත්තක් ලබා දුන්නාට.
commentsවලින් පෙනෙනවා නේද අපේ හිතාදර පාඨක රසවතුන්ගේ අදහස්වල විවිධත්වය. එයාලගෙන් තව අදහස් ඒවි, දෙවෙනි කොටසුත් තියෙනවානේ මේ ලිපියේ.
එතකොට film එක බලපු අයත් ඉඳීවිනෙ.
https://www.advocate.com/love-and-sex/2018/8/13/16-iconic-same-sex-couples-throughout-history
ReplyDeleteඒකෙත් හැටි කියන්නෙ, ඇඩ්වකට් ඩොට් කොම් වෙච්චි හැටි...
Deleteඅබ්බගාත් ඩොට් ඩොට් ඩොට්......
Deleteප්‍රා ඇන්ඩ් ජේ - very famous too
Deleteදැන් දැන් Pra Jay මහත්තයා කෙටි comments වගේම දිග කමෙන්ට්ස්තුත් දාන එකයි මට නම් පෙනෙන විශේෂත්වය, ඉස්සර වගේම links දෙන අතරේම.
Deleteඔහොම යනකොට කොහොමද Pra Jay මහත්තයාටත් බ්ලොග් අඩවියක් පටන් ගන්න හිතුණොත්...
//..Pra Jay මහත්තයාටත් බ්ලොග් අඩවියක් පටන් ගන්න හිතුණොත්...//
Delete1. රාවණා නැගිට "බෙඩ් ටී" එකක් ඉල්ලනු ඇත.
2. ලී බෝනික්කෙක් බ්ලොග් ලියනු ඇත.
3 දියසේන යළි ඉපිද ජනාධිපති වනු ඇත.
4 හෙළ යක්ඛ විද්‍යාඥයින් "ෂැමෝටි" දොඩම් තාක්ෂණය, ප්‍රති-මැවිසුරු කර, බිබිලේ දොඩම් වවා රට පටවනු ඇත.
එවං මේ සුතං!
5. බස්සො නොලිස්සනු ඇත.
Deleteහරියටම නිච්චි නෑ,
Deleteඅනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා වැස්සක් වස්සලා වගෙයිනෙ!
දියසේන කොහොම වෙතත් දියාරුසේනලා නං ගොඩාරියක් පහළ වෙලා ඉන්නේ! උන් එක්ක බලද්දී බස්සොන්ගේ ලිස්සීම් nothing!
ප්‍රා ජේ උපදෙස පරිදිම පෝස්ට් එක කියෙව්වෙ නෑ.
ReplyDeletehttps://www.twaamc.com/vampire-training-course-san-antonio-tx.html
Deleteමාත් කියෙව්වෙ නෑ, ඒත් කමෙන්ට් නං කියෙව්වා.ආයෙ එන්නං.
Deleteඩ්‍රැකියො, නියම රා ටිකක් තියනවා මෙතන. ගසමුද?
http://marcuspriyanthaperera.blogspot.com/2021/09/blog-post.html
අම්මට සිරි!
DeletePra Jay කියාපු දිහාට ගියාම තිබ්බනේ කාලය එක්ක හටන් කරන්න පුහුණු කරෝන තැනක් ගැන. ඩ්රැකීට නං ඔව්වා ඕනි වෙනෙකක් නෑ, අපට මිසක්.
රා නොබිව්වට මොකෝ බොන අයව බලන්න කියලා ගියා බකුසුතුමෝ මීගමුවේ මාකස් ප්‍රියන්ත පෙරේරා මහත්තයාගේ පොට් එකට! ස්තුතියි එහාට පාර කිව්වට. පෙරේ+රා මහත්තයෙක් කළ වික්‍රමයක් ගැනත් කියවෙන post එකක් ඔළුවෙ කැරකි කැරකී තියෙන දවස් මේ. ඒකට වැඩක් වෙයි වගේ, මේ ලිපියත්.
links දෙකට දෙන්නාටම ස්තුතියි!
baiscopelk සයිට් එකේ තාමත් හොඳ movies දෙනව ද? කාලයක් - ඒ කියන්නෙ අවුරුදු 8-10කට කලින් - ඒ සයිට් එක මගෙ ප්‍රියතම තැන වෙලා තිබුනා movie torrents download කරන්න. ඒ කාලෙ එයාලා සිරාම සිරා movies ගොඩක් දුන්නා. පස්සෙ පස්සෙ මෙලෝ රහක් නැති TV series යි කොරියන් ඩ්‍රාමායි දෙන්න පටන් ගත්තම මම එතැන අතෑරලා දැම්මා.
ReplyDeleteමේක හොඳයි
Deletehttps://torhd.cc/
Buratino මහත්තයෝ, මේ පොස්ටුවේම link එකත් දමා තියෙන සමුදුරු මූර්තිය ලිපිය ලියන අතර සඳහන් කළා වගේ මතක දෙයක් කියන්නං. ඒ අවුරුද්දේ ඔස්කාර් සම්මානවලට නිර්දේශිත films නවයටම බයිස්කෝප් සිංහලෙන් site එකෙන් සබ්ස් දීලා තිබුණා.
Deleteදෙන සේරම films නං මම බලන්නේ නෑ, තෝරා ගන්නවා. මගේ දැනීමේ හැටියට නං තවමත් එහෙන් හොඳ films දෙනවා.
සමුදුරු මූර්තිය- The Shape of Water ෆිලුම ගැන මම 2018 ලියූ ලිපියට link එක දාන්නේ මෙතෙක් කියූ දේට සාක්ෂියක් විදිහටයි.
http://nidigepanchathanthare.blogspot.com/2018/04/blog-post_9.html
ස්තුතියි!
බකුසු මහත්තයෝ, මගේ ඉංග්‍රීසි යන්තං සන්තං පදං හින්දා රුසිත්ලා වගේ අයට පිං දිදී තමා සිංහල subs එක්ක films බලන්නේ.
Deleteලේසියට...
ඒත් ඔයා දීලා තියෙන link එක වෙන කාට හරිවත් ප්‍රයෝජනවත් වෙයිනෙ, ස්තුතියි!
නිදි කියන කතාව ඇත්ත. baiscopelk එකෙන් කෙරෙන සේවය සිංහල සබ් දෙන එකයි. ඒ අනුව අපේ සිංහල පාථකයොන්ට ජාත්‍යන්තර සිනමා රසවිඳින්න අවස්තාවක් ලැබෙනවා.
Deleteඒත් අපි එතනම පල් වෙන්න ඕනෙ නෑ කියන එකයි, මගේ අදහස. බොහෝවිට මෙතන ප්‍රශ්ණය වන්නේ ඇක්සන්ට් එක නිසා, ඉංග්‍රීසි සබ් දාගෙන බලන්න කියලා තමයි, මම නං කියන්නෙ.
ඔයා හරි බස්සා මහත්තයෝ. ප්‍රධාන ප්‍රශ්නේ ඇක්සන්ට් එක තමයි. අනෙක් කරුණ (මට නම්) පුරුද්දයි. සමහර ඉංග්‍රීසි වචන හොයන්න ඩික් එක ගන්න වෙනවා film එක බැලිල්ල නවත්තලා. ඒත් ඉංග්‍රීසි
Deleteලිපි එහෙම කියවද්දී ඒ රශ්නය එච්චර බලපාන්නේ නෑ.
// සමහර ඉංග්‍රීසි වචන හොයන්න ඩික් එක ගන්න වෙනවා film එක බැලිල්ල නවත්තලා//
Deleteඅපි හෙමීට හරි තාක්ෂණය දෙන පහසුකම් පාවිච්චි කරන්න, පුරුදු වෙන්න ඕනෙ. Windows වල System-wide ඩික්ෂනරි එකක් නැතිකම ලොකු අඩුවක්. ඒ අඩුවට විකල්පයක් ලෙස:
https://wordweb.info/
භාවිතා කල හැකියි. වචනයක තේරුම හොයන්න, පොත් පෙරලන්න වෙන එක ආතල් කැඩෙන වැඩක්. ඒත් කම්පූටරේම ඉඳගෙන කන්ට්‍රොල්+ටැබ් ගහලා වචනෙ හොයන එක ඊට වඩා ලේසියි. ටිකක් කරදර වුනත්, භාෂාවක් ප්‍රගුණ කිරීමට අවස්ථාව ලැබීමේ වාසිය එතන තියනවා.
තව උදාහරණයක් ලෙස, දැන් මම ලින්ක් දාන්නෙ අමුවෙන්. ඒ ලික් එක හයි-ලයිට් කරලා, රයිට් ක්ලික් මෙනු එකෙන් "Go to..." එකෙන් ලින්ක් එකට යන්න හැකි නිසා.
මේ කමෙන්ට් එක ලියන කොටත්, සිංහල/ඉංග්‍රීසි අතර මාරුවෙන්න වින්ඩෝස්+ස්පේස් පාවිච්චියත් ඒ වගේම ලඟදී පටන් ගත්ත ක්‍රමයක්.
@DGM,
Deleteමම දැන් පාවිච්චි කරන්නෙ Bit Che කියන software එක. Torrents හොයන්න ජාලෙ පුරා රවුං ගහන්න උවමනා නෑ. Movie එකේ නම type කරලා search කලාම උන්දෑ මට ලෝකෙ තියෙන torrents ඔක්කොම ටික හොයලා දෙනවා. මට තියෙන්නෙ feeds හොඳට තියෙන torrent එකක් තෝරලා බාගන්න විතරයි.
@නිදි,
මට සිංහල sub-titles නං එච්චර වැඩක් නෑ, බලන්නෙ දෙමළ හෝ කෙළිඟු හෝ වගේ ෆිල්ම් එකක් ඇරෙන්න. ඒකයි වැඩිපුරම බයිස්කෝප් සයිට් එක අතෑරලා දාන්න හේතුවුනේ. ඒ වගේම ඒකෙ සමහර උදවිය දීලා තිබුනු සිංහල sub-titles දිහා බැලුවම හිතුනා ඊට වඩා හොඳා නොදන්න දෙමළ දාන් බලන එක කියලා.
ඇර සොයිසා! ඔය තියෙන්නෙ, මමත් දැන්ම අත්හදා බලන්න ඕනෙ. ස්තූතියි.
Deleteබුරටිනෝ මහත්තයෝ, මාත් තමුන්නාන්සේ එක්ක එකඟ වෙනවා. හැබැයි බාගෙට.
Deleteසමහර අයගේ subs හරි නැහැ තමයි. එහෙම වෙනවා ඇත්තේ subs දෙන හුඟාක් අය නවක- තරුණ අය නිසා වෙන්නොනි. ඒත් එහෙම සමහරුන් අත්දැකීම් ලබද්දී පරිනත වෙන විත්තියත් පෙනුණා.
බ්ලොගය ලියද්දී මං වුණත් තවම එක-එක දේවල් ගොඩාරියක් ඉගෙන ගන්න නිසා වෙන්නැති, එහෙම අඩුපාඩු තරමක් දුරට ඉවසන්න මට හැකිවෙලා තියෙන්නේ.
ආ, ඔයා දීලා තියෙන උපදෙස්වලටත් ස්තුතියි, හොඳේ.
අද පෝස්ට් එකේ අමුතු රසයක් තියෙනවා. නිදි, රුසිත් දෙන්නගෙම ලිවීමෙ එකතුවක් නිසා වෙන්න ඇති. Netflix වල search කලා මේක නැහැනෙ.
ReplyDelete'හැඟීම් ආධ්‍යාත්මික නම්- කොහේද එතන අසම්මතයක්...' Not sure. බුදු හාමුදුරුවොවත් මේ කාලෙ වැඩ හිටියානම් අහගන්න තිබුනා.
(අද sleep talking බස්සා ඇවිල්ලා නැත්තෙ මොකෝ).
ආව, ආව ඇවිත් ලිස්සල ගියා බුදියන්ට :). නැත්නං රට්ටු කයි කතන්දර කියනව නෙව?😂
Deleteබස්තුමා නැති බ්ලොග් පෝස්ට් එකක කොලිටිඑකක් නෑ. නරියෙක් පැනපු නැති කුකුල් කොටුවක් වගේ.
Deleteඔව්, ඒක ඇත්ත. බස්සා දොය්ය බබා උනාට කමෙන්ට්ස් ඇල'ට්.
Deleteහැමෝටම ස්තුතියි!
DeleteLotus ඔයා හරි! ලිපිය රසවත්වීමට ලැබෙන ලකුණුවලින් වැඩි හරියක් මට නෙවෙයි අයිති. එහෙම සංවේදී film එකක් හැදූ අයට, subs එක්ක එය හඳුන්වා දුන් රුසිත්ට හා බයිස්කෝප් සිංහලෙන් site එකට.
ඒ වගෙමයි, නාඳුනන මං සබ්ස්වල හා ලිපියේ පිටපතක් ඉල්ලලා යවපු ගමන් ඒවා එවූ රුසිත්ට ආයෙම වතාවක් ස්තුති කරන්න වෙනවා. ඒවායේ උදව්වෙන් තමයි පෝස්ටුව ලියද්දී වෙලාව ඉතිරි කරගෙන ගොඩක් දේවල් විග්‍රහ කරගන්න ඇහැක් වුණේ!
මේ කවුරුහරි අපි ගැන මුකුත් කිව්වද? ඔහෙට කියන්න ජයසේන දොරේ, කුකුල් කට්ටක් කාපු කාලයක් මතක නෑ. මැලියං රාළගෙ කොටුවට පනින්න බෑ, උන්දෑ හපුයියා.
Deleteමේ , මස්කටු නැද්ද, රා කට්ටක් වුනත් හොඳා නැතිකමට.
Hey, long time no see. Welcome back, Motts.
Deleteනරිමොටා සහෝ, ඔයා කියන්නේ සිරිපාල දොරේ ගැන නෙවෙයි නේද?
Deleteඔව්වොව්, ජයසේන දොරේ උත්තරත් දීලා තියෙන්නේ.
කිසිම ආදරයක් අසම්මත විය හැකිද?
ReplyDeleteචමී, සම්මත අසම්මත සේරම ඇතිවෙන්නේ ඒවා නිර්වචනය කරන අයගේ නිර්ණායක එක්ක නේද?
Deleteකෙනෙකුට රස - කෙනෙකුට වස කියන්නේ ඒ නිසා වෙන්නැති!
අසම්මත ආදරයක් කියල මම හිතන් හිටියේ කසාද බැඳපු කෙනෙක් විවාහයට පිටින් කරන එකක් කියල. නැත්නම් අර ලොලිටා නබකොව් වර්ගයේ ඒවා කියල. ඒකෙත් හැටි
ReplyDeleteඅජිත් මහත්තයා ලොලිටා වගේම මිනිත්තු එකොළහේ කතාන්දරය- ෂැන්හයි සොඳුරිය- වගේ පොතුත් කියවලා ඇති නේද?
Deleteසමා වෙන්නොනි, මෙතැන ඒ පොත්වල ඉංග්‍රීසි නම් කියන්න මතක නැතිවට.
දැනට නම් මතක් වුණේ මෙච්චර වුණාට තව ගොඩක් තියෙනවා...
තව එකක් අජිත් මහත්තයෝ, අසම්මත ආදරයක් කියන වචනය පාවිච්චි නොවුනත් ඒ ඒ වකවානුවලට නොගැළපෙන, සමාජයෙන් වරද විදිහට දැකපු කතා 550 ජාතක පොතේ හා තව බණ පොත් ගොඩකත්,
Deleteහින්දු දේව කතා, ග්‍රීක පුරාණෝක්ති, බයිබලේ වගේ තැන්වලත් තියෙන්නේ....
වෙනමම ස්තුතියි dash පාරක් ගහන්න බෝලේ උස්සලා දුන්නාට.
අසම්මත නොවේමැයි හද රැඳුන
ReplyDeleteප්‍රේමයක්
දුක නිවන සිත හදන නෙත රැඳුන
හීනයක්
හිමි අහිමි කෙසේ වුව අසම සම
මහ මෙරක්
ලොව කෙසේ ඇදහුවද ආදරය
ගීතයක්
නැත ලොවේ අන් රසඳුනා
Deleteආදරේ සේ සුව දෙනා!
ස්තුතියි දිමුතු (නංගී).
🤗🤗👌
ReplyDeleteමේ භාෂාව තාම ඉගෙන ගන්න බැරි වුණා නවීන්. ඒත් ස්තුතියි!
Delete