... දවසක් උදැහැනැක්කේ මං දේවතා දූට ඇප උපස්තාන කර කර ඉන්නකොට, දිවිය රාජයා කිසි ගරු-සරුවක් නැතිව එතෙන්ට කඩා වැදිලා..... මාව එක අතකින් උස්සගෙන, මම කවදාවත් නොදැකපු කාමරේකට ගෙනිච්චා.
තිර රචකයාගේ හිතේ මැවුණු
චිත්ත රූප- අධ්‍යක්ෂවරයාට මනාප විදිහට... |
ඒක ඇතුළෙ පේන්න තියෙනව බැලූ බැල්මටම, විසාල කට ඇති ළිඳක්!
ඔය ළිං කටට කරලා මාව අතින් එල්ලගෙන උන්නාන්සෙ ‘කෙළෙහි ගුණයක් නැති මනුස්සය, මගෙ දෑහැට නොපෙනී ආපු අතක් බලාගන්’ කියල, මට කට අරින්නවත් ඉඩක් නොතියා මාව අත ඇරියා!
පොතක්
කියන්නේ පොතක්. Film එකක් කියන්නේ film එකක්.
පොත කියවද්දී අපට ඕන ඕන විදිහට; අපි කැමති විදිහට ඒ කතාවේ චිත්ත රූප මවා ගන්න
ඇහැකියි. ඒවාට සීමාවන් නෑ.
ෆිලුමකදී එහෙම නෙවෙයි! තිර රචකයාගේ හිතේ මැවුණු චිත්ත රූප- අධ්‍යක්ෂවරයාට මනාප
විදිහට, කැමරාකරුගේ උදව්වෙන් රූපයට නැඟෙනවා... (සමහර වෙලාවට සංස්කරණයේදී හිතුවෙවත්
නැති අරුත් සපයමින් කතාවට නව අරුත් දීපු අවස්ථාවන් ගැනත් කියවෙනවා.)
අපට පෙනෙන්නේ- දැනෙන්නේ රූප, සද්ද සේරමත් එක්ක එන හැඟීම්. එහෙම නෙවෙයිද? (නිකමට action ෆිලුමක සද්දෙ නැතිව බලන්නකෝ මොනවද දැනෙන්නේ කියලා!)
ඒ නිසා,
පොතක් ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය වෙද්දී වෙනස්ම විදිහට අර්ථ කථන දෙන්නත්
ඇහැකියි. ඒකට හොඳ උදාහරණයක් ගැන ඩ්රැකී ලිව්වා... ලිව්වා කිව්වට වැඩිය හොඳයි, ඩ්රැකීට
ලියන්න වුණා කිව්වම. 2022 මාර්තු 3 ‘යුද්ධ කතාවක්’ කියලා ඩ්රැකී ලිව්වේ ‘බැරන් මුන්චෝසන්’ film එක
ගැනයි.
(බැරන් මුන්චෝසන් කියන්නෙත් ‘මැංචෝසන් සාමි’ කියන්නෙත් එකම එක පුද්ගලයා බවට
දිවුරුම් ප්‍රකාශයකුත් දෙන්න වෙයිද මන්දා...)
වල්කන් දෙයියා ගැන කොටහ ෆිලුමෙදී වෙනස් කරගෙන
තියෙන හැටි ඩ්රැකී ආදිපාදතුමා ලියා තිබ්බේ මෙහෙමයි:
වල්කන් ඔහුට පෙන්වනවා, න්‍යෂ්ඨික බලය අවියක් ලෙස
යොදාගන්නා හැටි. |
මුන්චෝසන් බැරන්: මොකද්ද මේ?
වල්කන්: ආ, මේ අපේ මූලාකෘතියක්.
අන්තර් මහද්වීපික, රේඩාර්වලට හසු
නොවන, බහු ශීර්ෂක, න්‍යාෂ්ඨික මිසයිලය.
මුන්චෝසන් බැරන්: අහ්! මොකද්ද ඒකෙන් කරන්නෙ?
වල්කන්: කරන්නෙ? සතුරන් මරණ එක.
මුන්චෝසන් බැරන්: සතුරන් ඔක්කොමද?
වල්කන්: ඔව්. උං ඔක්කොම. උන්ගෙ
භාර්යාවන්, උංගෙ දරුවන්, උන්ගෙ බැටළුවො, උංගෙ හරක්, උංගෙ බළල්ලුයි බල්ලොයි, ඔක්කොම විනාශ වෙනව.
සැලී: ඒක බිහිසුණුයිනෙ.
වල්කන්: ආාාා, ඉතිං... ඒකෙ තියෙන
වාසිය තමයි, ඒ කිසිම එකෙක්
මැරෙන හැටි අපට දකින්න වෙන්නෙ නැති එක. අපි මයිල දාස් ගාණක් ඈත තැනක සැප පහසුවට
වාඩිවෙලා ඉන්න ගමං, සරළවම
බොත්තමක් ඔබන එක විතරයි කරන්න තියෙන්නෙ....”
මොකද හිතෙන්නේ? ඒ post එක ඔබ තමුන්නාන්සේලා කියවලා
තිබුණත් කාරි නෑ, ආයිමත් කියවල බලන්න වටිනවා- වෙලාව තියේ නං.
ඇහැකියි නං, The Adventures of Baron Munchausen (1988)
චිත්තරපටයත් බලන්න. ඩ්රැකීම link එකත් දීල තියෙනවා!
පරාණ බය නැතිකොට දැන් මම
ඉන්නෙ දිවිය ලෝකෙකනේ? වටපිට
බැලින්නං... |
පහළට වැටෙන්න ගත්තු වේගෙට මගෙ
ඔළුව කැරකෙන්න ගත්ත. බයටම සිහිසන් නැතුව නින්ද ගියා වගේ උණා. ඇහැරුණේ ඉර එළිය
වැටිල බබළන වතුරකට වැටුණහමයි.
දණ ගාන වයසෙදි ඉඳන් පීනන්න
පුරුදු වෙච්ච රුසියෙක් මම. වතුරේ ඕනි සෙල්ලමකට ඔට්ටුයි! කලින් තිබිච්ච පරාණ බය
නැතිකොට දැන් මම ඉන්නෙ දිවිය ලෝකෙකනේ? වටපිට
බැලින්නං, හතර
වටේම මහ මූද. පේන තෙක් මානෙක වෙන දෙයක් නෑ. වල්කන් දෙයියන්ගෙ කම්මලේ ඉඳල ආපු මට
මෙහෙ වතුර බොහොම සීතලයි.
ඔහොම ඉන්නකොට මම දැක්ක විසාල
කන්දක් වගෙ මං දිහාවට පාවෙවී එන මොකක්ද කුට්ටියක්. ටිකක් වෙලා බලනකොට මේ එන්නේ
අයිස් කන්දක්නෙ. වටේටම පීනලයි,
හොයා ගත්තෙ පය ගහල උඩට නඟින්න පුළුවන් තෙනක්. ටිකක් මාන්සි වෙලා මුඳුනට නැඟ ගත්ත.
එතන ඉඳන් බැලුවත් ගොඩ බිමක්
පේන්නෙ නෑ.
දැන් ඉතිං මොනවා කරම්දෝ කියල තේරුමක් නැතුව ඉන්න අතරෙදි, රෑ වෙන්න ටිකකට ඉස්සෙල්ල
රුවලක් ඇහැ ගැහිච්චි. අයිස් කන්දත් අත ඉක්මන් කරල ඒ පැත්තටම පා උණා.
තරමක් ළඟට ආවහම මම නැවට කතා කළා ජර්මන් බාසාවෙන්. එහෙන් උත්තර දුන්න ඕලන්ද
බාසාවෙන්. එතකොටම මම මූදට පැන්න.
නැව්කාරයෙක් කඹයක් මූදට බාල
මාව ගොඩට ගත්ත.
එට්නා කන්දෙන් ගිලිච්ච මම
පොළොව මැදින් මේ දකුණු මූදටයි කිඳා බැහැල තියෙන්නෙ. |
ලෝකෙ වටේ වට වලංගුවේ යන්න වාගෙ නෙවෙයි, මේක බොහොම කෙටි පාරක්.
හැබැයි, මම ඇරුණහම මෙලෝ පුතෙක් මේ පාරෙන් යනව තියා යන්න හිතලවත් නෑ. අනිත් පාර
යනකොට මීට වඩා හොඳින් මඟතොට බලා ගන්නයි මගෙ කල්පනාව.
ඩිංගක් මොනවත් කාල බීල මම
නිඳා ගත්ත.
ඕලන්දක්කාරයෝ කිව්වහම මහ මූසල
ජාතියක්. දැන් මේ කිව්ව වගෙම මගෙ ගමන නැවේ නිලදාරින්ටත් විස්තර කෙරුව. නායකයයි
තවත් ටික දෙනෙකුයි මං කියාපු දේ දණින් ඉහළට ගත්තෙ නෑ. ඒ ගොල්ලන්ගෙ බැල්මෙනුයි
මුනු-මුනුවෙනුයි මට ඒක තේරුණ. කොහොමටත් මාව නැවට අරං සාත්තු මේච්චල් කරන වෙලාව
නේදැයි කියල මම මොකුත් නොකිය කර බාගත්ත.
ඊළඟට අහල බැලුව මේ ඇත්තෝ මේ
කොයි යන ගමන්ද කියල.
අලුත් රටවල් හොයන්න යනවලු!
මං කියන විදිහට, ලෝකෙ වටේ යන්න අලුත් පාරක් හොයා ගත්තා නං කොහොමටත් හිස් අතින්
ආපිට යන්නෙ නෑ නේද කියලත් අහපි!
දැන් අපි යන්නෙ හරියටම කපිතන්
කුක් පළමු සැරේ යාත්තරා කරපු පාරෙන්. පහුවෙනිදා බොටනි වරායට ළඟා උණා. ඉංගිරිසි
ආණ්ඩුවට මම නං කවදාවත් කියන්නෙ නෑ අපරාදකාරයෝ මෙතෙන්ට එවන්න වටිනවයි කියල. දඬුවමකට
එවනවා නං එවන්න ඕනෑ හොඳ වැඩක් කරපු උදවිය. හත් මූදකින් මෙපිට හොයන්න බැරි තරම්
ලස්සන තෙනක් මේක!
‘පිං කෙත හෙළ රන් දෙරණේ’ වන්දනීය රුවන්වැලි සෑයේ චූඩා මාණික්කයත් හොරෙන් ගලවගෙනද කොහෙදලු!!! |
අරුම පුදුම රටවල
ඔය
මාතෘකාව key කරන ඇසිල්ලෙම මට කල්පනාවක් ආවා නෙව. ලෝකේ තියෙන අරුම පුදුම රටකට හොඳම
උදාහරණේ අපේ මාතෘ භූමිය වන ශ්‍රී ලංකාව නේද.
කොච්චර අරුම- පුදුමද කියනවා නං, ‘පිං කෙත හෙළ රන් දෙරණේ’ වන්දනීය රුවන්වැලි සෑයේ
චූඩා මාණික්කයත් හොරෙන් ගලවගෙනද කොහෙදලු!!!
‘රුවන්වැලි
මහා සෑයේ පැරැණි කොතේ පලඳා ඇති මැණික් ගල (චූඩා
මාණික්‍ය) ගලවා ඒ වෙනුවට වීදුරුගල් අල්ලා ඇති බව ඇතුළු ඒ සම්බන්ධයෙන් එල්ලවන
චෝදනා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පති සී.ඩී.
වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට
නියෝග කර තිබේ.
නුවර
කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලී චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන් සහ
දායක සභාව විසින් පොලිස්පතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් කර තිබුණු ඉල්ලීම් කිහිපයක්
මුල් කරගෙන එම නියෝගය කර ඇත.
පල්ලේගම
හේමරතන හිමියන් සහ දායක සභාව විසින් පොලිස්පතිවරයාගෙන් අවස්ථා කිහිපයකදී මේ ඉල්ලීම
කර තිබේ.’
පුදුමේ
කියන්නේ මොකා කොහොම මේ හොරකම කරන්න ඇද්ද කියන එක නෙව...
උපාසක- උපාසිකාවන්ට මලක් පුදන්න; පහනක් පත්තු කරන්නවත් රෑ නවයෙන් පස්සේ
අටමස්ථානවලින් එහෙකටවත් ඇතුළු වෙන්න දෙන්නෙත් නැහැ නෙවෙද?
මේ හොරකම
කළෙත් ජාතික කෞතුකාගාරේ බිඳපු ‘කන් ගැට්ට’මද දන්නෑ!
ඔව්වගෙ සිද්දි හගිස්සන්න ගියොත් නං කෙළවරක් වෙන්නෑ. ඒත් මෙව්වාත් අපේ මතකේ හරි
තියා ගන්න වටින ප්රවුර්ති නෙව. ඉක්මනටම ‘ඒ නඩුවලටත් බඩුම තමයි’ කියලයි කියන්න
වෙන්නේ!
මූදේ පාටත් වෙනස්. මේ හරියේ
මූදු වතුර නිල් පාට නෙවෙයි, කිරිම
කිරි පාටයි! |
බොටනි වරායේ දවස් තුනක්
නැවතිල ඉඳල පිටත් උණා. වැඩි ඈතක් යන්න ඉස්සෙල්ල බරපතල කුණාටුවකට අහු උණ. නැවේ
රුවල් හීනි තීරුවලට ඉරිල පලච්චි. ඇණි-කුඹේ දෙදරල ගියා. රුවල්වලට උඩින් තිබිච්ච
ඔක්කොම අඩුවැඩිය කැඩිල බිඳිල ගියා.
ඒවා ඇවිල්ල කොම්පාසුව තිබිච්ච කාමරේ වහලේ කඩාගෙන ඒ පිට වැටිච්චි. කොම්පාසුවේ
කෑලිත් නෑ!
මූදු ගමන් පුරුදු ඕනෑ කෙනෙකුට
අපට මූණ පාන්න වෙච්ච ඇබැද්දියෙ බයානකකම තේරෙනව.
ඉන්නෙ කොහෙද, යන්නෙ කොයි පැත්තටද මොකුත් දැන ගැනිල්ලක් නෑ. ඔහොම ගිහින් කුණාටුව
නැවතිල කාලයක් යනකම්ම හුළඟින් හිරිහැරයක් නොවී තිබුණ.
තුන් මාසයක්ම යාත්තරා කළා. හොඳ
හරියක් පහු කරන්නත් ඇති. හිටි හැටියෙ නැව වටේට තියෙන හැම දෙයක්ම වෙනස් වෙලා. සුළු
පටු වෙනසක් නොවෙයි... අපේ ඇඟට කියන්න බැරි තරං සනීපයි! හිතට ලොකු සතුටක්... අනිත්
අතට එහෙම සුවඳක්! මොළේට පවන් ගහන්න වාගෙ... හුස්ම පහළට එලන්න හිතෙන්නෙම නෑ.
මූදේ පාටත් වෙනස්. මේ හරියේ
මූදු වතුර නිල් පාට නෙවෙයි, කිරිම කිරි පාටයි!
තරමක් ඈත ගොඩබිමකුත් පේන්නෙ.
වරායක් බලාගෙන නැව ගෙනිච්ච ඒ අතට. ළං වෙලා බැලුවහම වරායේ බොහොම ඉඩකඩ තියෙනව.
ජඹුරත් මෙච්චරයි කියල හිතන්න බෑ.
වතුර නෙවෙයි තියෙන්නෙ. වෙළෙන්දන්ට අහු නොවෙච්ච පිරිසිදු කිරි!
ගොඩට පය ගහල බැලුව... ඒ දූව තනිකරම කේජු කෑල්ලක්! දිග පළල හැතැප්ම ගාණෙන් මනින්න
ඕනෑ. පොඩි පටලැවිල්ලක් නොවෙන්න මේ කේජුවල විත්තිය කවදාවත් අපට අහු වෙන්නෙ නෑ.
අපේ කාණ්ඩේ හිටිය එක
මිනිහෙක්, මිනිහට කේජු පෙන්නන්න බෑ. පොළොවට පය ගහපු ගමන්ම මිනිහට කලන්තේ හැදුණ.
සිහිය ආපු හැටියේ කෑ ගහන්න පටන් ගත්ත. කකුල යට තියෙන කේජු ටික අහකට දාන්න කියල.
එතකොට තමා අපි ටිකක් විපරම් කළේ- කලින් කිව්ව වගේ කේජු දූපතක් බව වටහ ගත්තෙ.
ඒකට හරි යන්න කකුල් තුනයි.
වැඩිහිටි උදවියගෙ නළලෙ අඟක් එනව. ඒ අඟ පාවිච්චි කරන්නත්... |
රටේ පදිංචිකාරයො කඩවැහුම ඇති
මිනිස්සු ජාතියක්. හුඟ දෙනෙක්ම අඩි නවයක් විතර උහයි. එක අතයි ඒ ගොල්ලන්ට තියෙන්නෙ.
ඒකට හරි යන්න කකුල් තුනයි. වැඩිහිටි උදවියගෙ නළලෙ අඟක් එනව.
ඒ අඟ පාවිච්චි කරන්නත් පුදුම විදියෙ ඇබ්බෑසියක් එවුන්ට තියෙන්නෙ.
කිරි මතුපිට ඇවිදිනව, දුවනව, ගිලිල්ලක් නෑ. හරියට අපි තණකොළ පිට්ටැන්නක යන්න එන්න
වාගෙ.
මේ දූපතේ, හරියටම කියනව නං මේ
කේජු කුට්ටියේ, තියෙනව බර ගොයම් වගාවක්. කරල් පූදින්නෙ හතුවල හැඩහුරුවට. කිරි
වැදිල මෝරනකොට හොඳට පිච්චිලා පදම් වෙච්ච පාන් ගෙඩි!
කේජු පොළොවෙ ඇවිදිනකොට අපිට මුණ ගැහුණ ගංගා නවයක්. හතකම ගලන්නෙ කිරි. අනිත් දෙකේ
වයින්!!
ඒ පැත්තෙ ඉඳන් දවස් දාසයක්
යාත්තරා කරල අපි දූපතේ අනිත් පැත්තෙන් ගොඩ බැස්ස. පරණ වෙලා, පරණ වෙලා, නිල් පාට
ගැහිච්ච කේජු තැනිතලා එහෙ. කේජු කෑජරයො කැමති පරණ වෙච්චට තමා. මේ හරියේ පණුවො රජ
කරනව ඇති කියල තමා, අපිත් කලින් හිතුවෙ.
නෑ!
වටිනා කියන රූස්ස ගස් හැම
තෙනම.
චෙරි, පීච්, ඇප්රිකට්... තව අපි නාඳුනන ගස් ජාති විස්සක් විතර. අහස උසට වැවෙන මේ
පත ගස් පුරාම කුරුලු කූඩු. ඔය අස්සේ තිබුණ පිළිහුඩු කූඩුවක්. ලන්ඩන් නුවර සන්ත
පෝල් පල්ලියෙ බෝක්කු පියස්ස වාගෙ පස් ගුණයක් හිටී ඒකෙ වට රවුම. විසාල ගස් එකතු
වෙලා එක ලතාවකටයි කූඩුව හැදිල තිබුණේ. බිත්තර පන්සීයක් විතර ඒක ඇතුළෙ. චූටිම
බිත්තරයක් ලේගරේකට කුඩා නෑ. පිළිහුඩු පැටව් නං එකෙක්වත් බලා ගන්න බැරි උණ. උන්ගෙ
කිචිබිචිය නං කොච්චරවත් ඇහෙනව. බැරි පුළුවන් ගාණෙන් බිත්තරයක් බිඳපුකොට පිහාටුවත්
ඉදිලා නැති පැටියෙක් එළියට පැන්නේ.
ගස් එකක් නෑර- පංගුවක් වට සීයෙ
හමාරෙ ඒව- දෙසැරයක් බිමට නැවිල අපට ආචාර කළා. ඔක්කොම එක විඩේට. |
උකුස්සෝ විසි දෙනෙකුට වැඩිය ලොකුයි. පැටියා එළි බැස්ස විතරයි- මහ පිළිහුඩුව කොහෙද
ඉඳල පාත් වෙලා අපේ කපිතන්වත් නිය පඳුරෙන් උස්සගෙන ඉගිලුණා. හැතැප්ම තුනක් විතර උඩට
ඉගිල්ලිලා, පිහාපත්වලින් හොඳටම තඩි බලා මිනිහව මූදට අත ඇරියා.
ඕලන්දක්කාරයෝ කොහොමටත් පීනන්න දස්සයො. අපේ මිනිහත් වැඩි වෙලා යන්න ඉස්සෙල්ල ආපහු පීනගෙන ආව. අපි අත ඉක්මන් කරල නැවට නග්ග ගත්ත.
අලුත් අලුත් මොනවත් බලා ගන්න කියල වෙන පාරකින් ආපහු එන්නයි අදහස.
අපට
තළා ගන්න අහු උණ සත්තු අතරෙ උන්නා, එක තාලෙක මී හරක් දෙන්නෙක්. ඒක ගැන පස්සෙ අපි දුක්
උණා. ඒ රටේ මිනිස්සු මුන්ව හීලෑ කරං තවලම් ගෙනියන්නයි, පිටේ යන්නයි ගන්නව. උන්ගෙ
මසත් බොහොම අනර්ගයි කියල අපට කිව්ව. ඒත් කේජු කකා කිරි බොන මිනිස්සුන්ට මස්වලින්
පලක් තියෙනවයැ?
නැවට නැඟල මේ කිරි උතුරණ
රටෙන් පිටත් වෙන්න හදනකොටම, මූද අයිනේ තියෙන ගස් එකක් නෑර- පංගුවක් වට සීයෙ හමාරෙ
ඒව- දෙසැරයක් බිමට නැවිල අපට ආචාර කළා. ඔක්කොම එක විඩේට. ආයිත් ඒ තිබිච්ච හැටියටම
හිට ගත්ත.
ඉවක් බවක් ඇතුව, දැනගෙන යන
කතරගමක්යැ?
තිබිච්ච කොම්පාසු කටුවත් පොඩි උණා නෙ. අපිත් ඔහෙ ඒ අතට මේ අතට පා වෙලා
කළූම කළු වතුර පිරිච්ච මූදකට වැටුණ.
මේ පල් වතුර ටිකක් දිව ගාල බැලින්නං, බීගෙන මළත් සැපයි!
මේ විනෝද සාගරේ වැඩි වෙලාවක්
පීනන්න අහු උණේ නෑ. අරහෙන් මෙහෙන් අපිව වට කර ගත්ත නේද... |
අපේ මිනිස්සුන්ව පදමට ගහල, වමට බඳින්න නොදී බේර ගත්තෙ නව වැඳුම් වැඳලයි.
මේ විනෝද සාගරේ වැඩි වෙලාවක්
පීනන්න අහු උණේ නෑ. අරහෙන් මෙහෙන් අපිව වට කර ගත්ත නේද තල්මසුයි තව ඒ වල්ලේම
මාළුයි.
එක මාළුවෙක් හිටිය, අර චීනක්කණ්නාඩියෙනුත් බැරි උණා උගෙ වලිගෙ කෙරෝල බලා ගන්න.
කරුමේම තමා! අත ළඟටම එනකං අපි ඌව දැක්කෙ නෑ.
ඌ මිනිස්සුයි රුවලුයි ඔක්කොම අඩුවැඩිය පිටින් නැව එක උගුරටම ගිල ගත්ත.
මාළුවගේ උගුරෙ ටික වෙලාවක්
රැඳිල හිටිය.
එක පාරටම ඌ වතුර බොන්න කට ඇරිය. ඒ උගුරට ගත්තු වතුරෙ පාවෙලා අපේ නැව මාළු බඩටම
රිංගුවා.
කිසිම හැල හොල්මනක් නැති වරායක නැංගුරං දාගෙන ඉන්නව වගෙයි, එහෙ ඉඳිල්ලත්.
වාතෙ නං තරමක් උණුහුමයි. මේ
වරායේ අපිට අහු උණා නැංගුරං, දම්වැල්, බෝට්ටු දුසිම් කනක්කු ගණන්. නැව් විස්සක්
තිහකුත් තිබුණ. සමහරක බඩු පටවපු ගමන්... අනිත්වයෙ මොකුත් නෑ.
මේ හැම එකක්ම මෙහාට සේන්දු
වෙලා තියෙන්නෙ අපි ආපු මාරක කටින්මයි.
ඉරක් හඳක් තියා තාරුකාවක්වත්
පේන්න නැති හින්ද, අපි පන්දම් පත්තු කර ගෙන එළිය බැලුව. දවසට දෙපාරක් අපව මහ
කාන්තාරෙකට වැටෙනව. දෙපාරක් පා වෙන්න ගන්නවා. මාළු කූරියා වතුර ඇබිත්තක් ගිල්ලහම
නැව පා වෙනව. ඒ ටික පිට කළහම පලාතම වේළුම් කනව. මූ බොන දිය කන්දරාව මැනල බැලුවහම,
හැතැප්ම තිහකට වැඩිය වටේ දුර තියෙන ජීවා විල පුරවන්න ඒ වතුර උගුරක් සෑහෙනව.
මේ අන්දකාර බූමි බාගෙ හිර
අඩස්සියට වැටිල දෙවෙනි දවසෙ, බා-දිය තියෙන වෙලාවක (ඒ කියන්නෙ, අපේ මාරයා වතුර පිට
කළහම) කපිතනුයි තව මුලාදෑනි හතර පස් දෙනෙකුයි එක්ක නැවෙන් බැහැල වටපිට විපරම්
කරන්න ගියා. ලොකුවයින් පන්දම් පත්තු කර ගෙනයි, අපි පිටත් උණේ.
ලොකුම කුඹ ගස් දෙකේ කෙරවලවල්
එකට ගැට ගහල, මාළුවා
කට අරිනවත් එක්කම- ආයිත් පියවන්න බැරි වෙන්න මේ රිට හිටවන්න. |
සමහරු හත් අට අවුරුද්දක් මාළු බඩේ හිටපු අය!
මේ ගොල්ලෝ ලොකු සබාවක් රැස් කරල මේ ගැන සාකච්ඡාවක් කරන්න සූදානං උණා. සබාපති
උන්නැහෙ නැඟිටලා ඉදිරිපත් කරන්න යන යෝජනාව ගැන කියල දුන්න විතරයි, අපේ හෙනහුරා
ආයිත් වතුර බොන්න උණ. හැඩ පාරට අහු නොවී අපි අපේ නැව්වලට පැන ගත්ත. වයසක පහේ උදවිය
පණ බේරගත්තෙ පීනලයි.
ඊළඟ බා-දිය වෙලාවේ අපි ආයිත්
රැස් උණා. මේ රැස්වීමේ මූලාසනේට තෝරගත්තෙ මාවයි. මම යෝජනා කළා අපි ගාව තියෙන ලොකුම
කුඹ ගස් දෙකේ කෙරවලවල් එකට ගැට ගහල, මාළුවා කට අරිනවත් එක්කම- ආයිත් පියවන්න බැරි
වෙන්න මේ රිට හිටවන්න.
යෝජනාව ඉහළින්ම සම්මත උණා.
අපි සියක් දෙනෙක් - ඇඟපත හයිය තියෙන අයගෙන් - තේරුණ, කාරිය ඉස්ට කරන්න, මගෙ කියමනේ
විදිහට කුඹ ගස් දෙක ගැට ගහල ඉවර කරන්න ලැබුණෙත් නෑ... නැකත ආපි! අපේ යාළුවා ඈනුම්
අරින්න උණා. රිටේ යටි කෙරෝල දිවේ ඇනල, උඩි කෙරෝල උඩු තල්ල හිල් කරගෙන යන විදිහටයි
අපි වැඩේ කෙරුවෙ. (ආන්න
ජංසන්! අපේ යෝජනා කරන අය ඕනි තරං උන්නට- වැඩේ කරන්න ඕනි වෙනිං අය නෙව!)
මින් මනතට තවත් කට පියවීමක් උන්දැට නෑ!
බෝට්ටුවල නැඟිල තොටුපළෙන්
මෙගොඩ වෙලා, මනුස්ස ලෝකෙට ආයිත් ආව. හිරේ හිටපු සුමාන දෙකේම නොදැක ඉඳල, දැන් ඉර
දකිනකොටත් සන්තෝසයි.
හැම කෙනෙක්ම හිර ගෙයි දොරටුවෙන් මෙහාට ආවහම අපේ සේනාව සුළු නෑ. හැම ජාතියකටම අයිති
නැව් තිස්පහක හමුදාවක්.
උගෙ ඉස්සරහ ගාත් දෙක දෑතින්
උස්සලා, මර අඬ
දෙනකං මිරිකුව. මිරිකල, හයින්
හාමතේ පණ යනකම්ම මේ තාලෙට අල්ලාගෙන හිටිය... |
දැන් අපට ලොකුවටම ඕනැ මේ කොයි
පළාතද කියල දැන ගන්නයි. නිච්චියටම දැන ගන්න සෑහෙන කාලයක් ගත උණා. අන්තිමේදී ඉස්සර
මතක තියා ගත්තු හලකුණු වගයක් මට අහු උණ. මේ කැස්පියන් මුහුදනෙ!
හතර වටේම ගොඩබිමෙන් වට වෙච්ච
මේ මූදට අපි කොහෙන් කඩා වැටුණද කියන එක මට පුදුමයක්. කේජු දූවෙ මිනිහෙක් මම
එක්කරන් ආවනෙ. ඒකා ඉඳල කියාපි පැහිච්ච කතාවක්. අපිව ගිල ගත්තු මාළුව පොළොව යට
උමඟකින් මේ මූදට එන්න ඇතිලු. කොයි කෙරේමෙන් හරි මෙහෙම එන්න ලැබිච්ච එක ලොකු
වාසනාවක්. ඉක්මන් කරල ගොඩබිම දිහාවට යාත්තරා කළා. කලින්ම ගොඩට පැන ගත්තෙ මමයි.
පුදනකොටම කාපි යකා!
ගොඩට පැන්න විතරයි, මේ අනිත්
පැත්තෙන් වලස් තඩියෙක් ඇඟට පනින්නේ. හොඳ වෙලාවට ආවේ, උඹට දෙන්නං කියල, උගෙ ඉස්සරහ
ගාත් දෙක දෑතින් උස්සලා, මර අඬ දෙනකං මිරිකුව. මිරිකල, හයින් හාමතේ පණ යනකම්ම මේ
තාලෙට අල්ලාගෙන හිටිය. හිනැහෙන්න වැඩේ නේද?
නෑ! නෑ!! දවස් ගාණක් ගියෙ නෑ.
උගෙ කකුල් ලෙව කන්න නොදී තිබ්බොත් සුළු වෙලාවයි පණ අල්ල හිටින්නේ. මේ දඩයමෙන්
පස්සේ වලස්සු කාගෙත් මට බයපස්සකමක් තියෙනව. එකෙක්වත් බොරුවට ඇඟේ හැපෙන්න එන්නෙ නෑ!
දැන් නං
ඇඟේ හැප්පුණයි කියලා බොරුවට කියනවා විතරක් නෙවෙයි අත් අඩංගුවටත් ගන්නවා
ආයුබොවන්... අනේ අම්මේ, එව්වා හැමෝටම පෙනෙනවා- වැටහෙනවා- නොදැක්ක ගාණට ඉන්නවා
වුණාට.... අල බහින්න වැල මැරෙන්නම එපැයි. ඔහොම යංකෝ කියාගෙන අපිත් බලාගෙන ඉඳිමු
ඉතිං...
එතකල්...
නිමලෝසන් සාමි පාදයාත්‍රා ගැනත් ලියයිනෙ
ReplyDeleteමුලින් නං හිතාගෙන හිටියේ ලියන්න ඕනි නෑ කියලා... ඒත් Pra Jay මහත්තයෝ දැන් නං හිතෙනවා එක පෝස්ටුවක්වත් ලියන්න. ඒ තරමට අලුතින් දේවල් එකතු වුණු නිසා.
Deleteරුවන්වැලි මහා සෑයේ මැණික ගලවන්න පුලුහංද සාමාන්‍ය එකෙක්ට... අනික ඕක හොරෙන් ගන්න වෙන විදිහට හංගලා තිවන එකක්ද.
ReplyDeleteමේවට තමා නන්දා මාලනී සිංදුවෙන් කීවේ 'බුදු හිමියන්ටත් කලියුගයේ දෙවියන්ගේ පිහිටයි' කියල
කව්රු කොහොම කිව්වත් වෙන්නේ එකම දේ. පුදුමේ කියන්නේ එහෙම කරන මිනිසුන්ට හරි යන එකනෙ නමී.
Deleteමේක කියවගෙන යනකොට මතක් උනේ. අර කාංචන විජේසේකර තෙල් ගැන දෙප උත්තර ඉගැන්නුවේ නිදී ද දන්නෑ!
ReplyDeleteඑයාලා ඒ දේවල්වලට ඩිග්රි ගහලා ඉන්නේ, Litseeker. අපි මොන්ටිසෝරියේ එයාලා එක්ක සසඳද්දී.
Deleteපොළොව මැදිං යනකොට ලෝදිය හම්බඋනේ නැද්ද දන්නෑ.
ReplyDeleteඒක නම් ඇත්ත තමයි ප්‍රසන්න. යුරෝපාකරේ ඒ විශ්වාසය නැතිව වෙන්නැති.
Deletehttps://nilukakadurugamuwa.blogspot.com/2022/07/blog-post.html
ReplyDeleteගියෙමි, අදහසත් කීමි - නමී, මං මේ ලෙසින්
Delete' සොයා රන් කුසලාන
පැමිණියෙමි නමියගේ
වීදියේ සඳහනින්
තුටුය, ඔබෙ මදිරාවෙ
හෙළ බසෙහි අසිරි දැක-
මගේ දැනුමට අනුව
නිවැරදිය නණලළත්!'