“අපොයි ඔව්! උඹට තියෙන්නේ එසේ-මෙසේ කැක්කුමක් නෙවෙයි කියලා නං මට විතරක් නෙවෙයි, උඹේ දරු පරම්පරාව දකින ඕනි කෙනෙකුට වුණත් පේනවා. අපරාදෙ කියන්න බෑ. ඒකිත් උඹටම හරි යන ගෑනි. බදුල්ලේ අම්මණ්ඩිල දන්නෙත් වදන්න විතරයිනේ- දරුවෝ හරියට හදන්න නෙවෙයිනෙ. මේ වදන්න යන්නෙත් නවවෙනියනේ!”
මට දුක
උඹ ගැනයි පුතේ! |
“...
නවයෙනුත් නවත්තන්න එපා පුතේ. දුසිමක්ම හදපං! දුසිමක්ම හදපං!!”
යැයි දිනුම් පදය කියාගෙනමය, අපේ ආච්චී මිදුලට බැස්සේ.
“හදනවා තමයි එච්චරකල්
ඉන්න පුළුවන් වුණොත්. අම්මලට ඉතිං පුළුවන් වුණේ එකෙක් විතරක් හදන්නනේ!” තාත්තාත්
ජනේලයෙන් ඔළුව එළියට දමා කීවේය.
“තූ නොදකින් වලත්තයා! තමුන්නෙ දෙමාපියන්ට නේද බොල, තෝ ඔය වනචර කතන්දර කියන්නේ?”
ආච්චී එහෙම කියාගෙනම පල්ලම් බැස්සා මිස, එතැන තැවරි-තැවරී හිඳින්නට ගියේ නැත.
ආච්චී එනකොට මං හිටියේ, මගේ පුංචි කුටියේ ජනේලය ළඟ වාඩි වෙලාය.
“මට දුක උඹ ගැනයි පුතේ! උඹ නොහිටිය නං මේ කිරි සප්පයෝ මෙලහටත් සුදහ ගින්දරේ මැරිල ගිහිං. හැබැයි ඉතිං උඹ දිගටම සහෝදරයෝ මත්තෙම නැහි-නැහී හිටියොත්, මතු කාලෙක බොට මොනා වෙයිද කියලත් හිතෙනවා පුතේ....”
සංජේ දිගින්-දිගටම මට
කියන්නෙත් මේකමවත්ද?
සායි පූජෝපහාරවලට යන
මුවාවෙන් අප වැල්ලවත්තට ගිය හැම විටෙකම සංජේ මා හමු වුණේය; ආපසු එන අතරේ එක
වතාවක්වත් අඳුරු තැනකදී තරයේ මා සිප ගත්තේය. මා පොළඹවා ගන්නටත් තැත් කළේය. මගේ පහස
නොමැතිව තමන් උමතුවී සිටිතැයි කීවේය.
‘අපිට ඕනි විදිහට නිදහසේ ඉඳිතෑකි. අපේ ගමේ යමු රංජි’ යැයි පුන-පුනා යෝජනා කළේය.
එහෙමය කියලා ආත්මාර්ථකාමී වෙන්නේ කොහොමද...
මට තිබෙන්නේ නිදහස ලබා
ගැනීමේ අපේක්ෂාවක්ද- එහෙමත් නැත්නම් උණුසුම් සෙනෙහසක් සමඟින් ලබන කාමුක සන්තර්පණය
පෙරදැරි කර ගැනුණු අපේක්ෂාවක්ද?
ඒ දිනවල
මම දෙලොවක් අතර අතරමංවී; බෙහෙවින්ම අවුල්වී... |
කොහොමින් බැලුවත් සංජේ පිටස්තරයෙක් නේද...
ඒ දිනවල මම දෙලොවක් අතර
අතරමංවී; බෙහෙවින්ම අවුල්වී සිටියෙමි.
අපේ ආච්චීගේ ‘දැඩි එපා
කීම්’ පවා නොතකමින් 1973 මැයි මාසයේ අග හරියේ, අපේ තාත්තා ආයෙමත් කොළඹ මහ ඉස්පිරිතාලේ
නැවතුණේය. අම්මා නවවෙනි දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වෙන්නට සූදානමින් සිටියාය.
මං වහන්සේ කුම්භකර්ණයා
වගේ නිඳන්නෙක්මි.
“නිඳා ගත්තට කමක් නෑ රංජි. වෙනද වගේ බෑ. කොයි වෙලාවේ හරි මට අමාරු වුණොත්
නැඟිටින්න බලාගෙන ඉන්න වෙයි!” අම්මා කල් ඇතිවම මට කියා තිබ්බෙත්, ඒ නිසා වෙන්නැති.
“... එහෙම වෙලාවක ඉස්පිරිතාලෙට ගෙනියන්න ඕනි කරන ඔක්කොම දේවල් මේ වේවැල් කූඩේ
අහුරලයි තියෙන්නේ. යනකොට වරද්දන්නෙ නැතිව මේකත් ගන්න මතක තියා ගන්න...”
‘ටක් ටක් ටක්!’
කල්පනාවෙන් හිටි නිසාද කොහෙද ඒ මහ රෑ එක ජනේලයට තට්ටු කිරීමකින්ම මට ඇහැරුණි.
කොට්ටයෙන් ඔළුව උස්සන්නටත් කලින් ආයෙමත්... ‘ටක් ටක් ටක්!!’
ඒ එක්කම රහසෙන් කෙඳිරිල්ලක්....
“රංජි, සද්ද කරන්න
එපා. හෙමින්... හෙමින්... මම... මම සංජේ!”
“ඔයා? මේ රෑ...”
“සද්ද නැතිව දොර ඇරල ඉන්නවකො, මට ඇතුළට එන්න.” සංජේ අණ කළේය.
දොර ඇරුණේය; සංජේ ඇතුළට එවුණේය; විනාඩි කිහිපයක් ගත වෙද්දී මගේ සරමකට බැසගෙන, මගෙ
ළඟින්ම පැදුරෙහි වැතිරුණේය.
“මොකටද ආවේ?” - “ආවෙද... මේකට...!” |
“කොහෙවත් ගියා නං මෙහෙ එනවද... මෙහාටමයි ආවේ...”
“හෙමින්... හෙමින්. තාත්තා...”
“මේ දවස්වල ගුණපාල අයියා ඉස්පිරිතාලෙනෙ... සිරා මට සේරම කියනවා. ඒකයි මෙහෙම එන්න හිතුණෙත්....”
“මොකටද ආවේ?”
“ආවෙද... මේකට...!”
මගේ ජීවිත කතාවෙන්
වැඩි හරියක්ම දැන් දයාබර රසික- රසිකාවන් වන ඔබට හෙළිකොට අවසන්ය. එසේම ඉදිරියේදී
මා’තින් ලියවෙන්නට තිබෙන postsවලට සබැඳෙන පෝස්ටු රැසක්ම ලියැවෙලාත් අවසන්ය. මේ
දිනවල ලියැවෙන ලිපිවලට වැඩි-වැඩියෙන් අතීත පෝස්ටුවල links යෙදෙන්නේ පූර්වාපර සන්ධි
ගලපා දක්වන්නටත් මට සිදු වෙන බැවිනි.
ලිවීමේ පහසුව තකා;
තේරුම් ගැනීමේ පහසුව තකා කොටස් කරමින්- බෙදමින් ලිව්වාට ජීවන ගමනේ සිදු වීම් සිද්ද
වෙන්නේ අනුපිළිවෙලකටම නොවේ. එකකට පස්සේ එකකුත් නොවේ; එකක් ඉවර වුණාට පස්සේ එකකුත්
නොවේ. සමහර වෙලාවට ඒවා එක පිට එක දිගට; වැලට සිද්ද වෙයි...
ඔය කාරණා සේරෝම
තියෙද්දෙන්! ඒවා ලියද්දී... යුද්දය තියෙන්නේ ඒවා ලියද්දීය.
නිදිගෙ පංච තන්තරේ
කියවන්නට ඇති ඔබ සැමගේ පාඨක රුචිය නොනැසී පවත්වා ගන්නටත් මට අවැසිය. මා ලියන දේවල්
ඔබ දිගටම කියවන බව දකිද්දී මගේ ලිවීමට ඇති උනන්දුව වැඩෙයි; මට අනුප්‍රාණයක්
ලැබෙයි.
එනිසාම දයාබර පාඨක සැමගේ කුතුහලය අවුළුවා- නොනිවා තබා ගන්නටත් මේ ලියන්නාට සිදු
වෙයි.
හැබැයි, ඒ නිසාවත් මට
සිදු නොවුණු දේවල් අලුතින් පබඳින්නට නොහැකිය. (Blog අඩවිය පටන් ගන්නා විටම මා මටම
කොන්දේසියක් දමා ගෙනය, පටන් ගත්තේ. නිදි ලිවිය යුත්තේ සත්‍යයම පමණකි! එහෙම වුණත්
ඇත්ත පැටලෙන විදිහට ලියන්නට- විශ්වාස නොගැනෙන විදිහට ලියන්නට- හිතාදර පාඨකයන් ඇවිස්සෙන විදිහට ඇත්තෙන් බාගයක් හරි-
කොටසක් හරි විතරක් ලියන්නට, පඩත්තල නිදිට කිසිම බාධාවක් නැත. ඒකා මදි නොකියන්නට එව්වායින්
වැඩ ගනී. ඒ උගේ තියෙන නොසන්ඩාල නසරානිකමය!)
නුදුරු
කාලයේදීම ඒ ආයුධ වැඩි-වැඩියෙන් මට අවශ්‍ය වෙන බවට කිසිම සැකයක් නැත! |
නුදුරු කාලයේදීම ඒ ආයුධ වැඩි-වැඩියෙන් මට අවශ්‍ය වෙන බවට කිසිම සැකයක් නැත!
“කීයටද ඔයා යන්නෙ?”
වෙහෙසකර ප්‍රයාමයකට පස්සෙවත් සනීපෙට නිඳා ගන්නට උවමනා නිසාය, එදා රෑ මං සංජේගෙන්
එහෙම ඇහුවේ.
“මේ ජාමේ මට කොළඹ පැත්තට
යන්න බස් නෑ, රංජි. හතරට විතර තමයි, දුර බස් එකක් හරි එන්නෙ. දැන්ම ගියොත් මට
හීතලේ තනියම තමයි ඉන්න වෙන්නේ, හිටගෙනම... ඊට වැඩිය හොඳ නැද්ද මෙහෙම තුරුල්... ”
“ඉතිං අපි දෙන්නටම නින්ද ගියොත්...”
“ඒකට දෙන්නම නිඳා ගන්නේ නැතිව ඉමු.”
“නිඳි මරාගෙන- මුළු
රෑම?”
“ඔයාට මෙච්චර කරන මගෙ වෙනුවෙන් පැය තුන-හතරක් නිඳි මරන්නවත් බැරිද? මේ රෑ තිස්සේ
මට මෙහෙ බඩ ගාන්න පුළුවන්. ඔයාට...”
“ඔයා හිතන්නෙ මම කියන දේ නෙවෙයිනෙ, සංජේ. ඔයාම දන්නවනෙ මට නින්ද යන විදිහ... මම
ඉතිං හිටගෙනත් නිඳා ගන්න එකානේ ළමයො!”
“එහෙනං යං ළමා
නිවාසේ ළිඳ ළඟට. අපිට මෙතැනනෙ කතා
කර-කර ඉන්න බැරි. ඔයාට තව වැදගත් කාරණාවක් කියන්නත් තියෙනවා.” සංජේගේ යෝජනාවට
බැහැයි කියන්නටත් බැරිය.
අපේ කොලු නඩවල
කවුරුනුත් ඒ දවස්වල නිදහසේ සාකච්ඡා- සම්මන්ත්‍රණ වැඩියෙන්ම පැවැත්තුවේ ඒ ළිඳේ
තාප්පය උඩදීය. ඉතිං, ඒ මහ රෑ ජාම වෙලාවෙත් අපි දෙන්නා එතැනට ගියෙමු. මහ දුරකුත්
නෙවෙයිනෙ, විනාඩියකටත් වැඩියෙන් අඩු දුර... අනෙක, අපේ ගෙවල් දෙකින් කොයිකේ කෙනෙකු
හරි එළියට බහිනවා වුණත් ඒ ළිඳ ළඟට පෙනෙයි.
එදා සංජේත් මාත් පැය
දෙක තුනක් තිස්සේ කතා කළේ මොනවාදැයි මට මතක නැත; එකම එක කාරණයක් හැර.
ටිකක්
ඉවසගෙන ඉන්නවා... |
“කාගෙ පොතක්ද? මොකක්ද නම...” මම ඇසීමි.
“කාගෙද කියල නං මට මතක
නෑ රංජි. පොතේ නම විතරක් මතකයි... මට වෙච්ච දේ...”
“ඔයාට මොනවද වුණේ මේ හදිස්සියේ?”
“මට වෙච්ච දේ කිව්වේ ඒ පොතේ නම රංජි.”
“ඒක මිසක්! ඉතිං... ඉතිං...”
“ඉතිං ඉතිං ගෑවට වැඩක්
නෑ. ටිකක් ඉවසගෙන ඉන්නවා... තමුසෙ පොත කියවනවකො මං ගෙනත් දුන්නම!” ඒ කතාබහෙන්
පස්සේ සංජේ පිටත්ව ගියේ පාන්දරය.
දවස 1973 ජුනි 5 දා
විය යුතුය. අපේ අම්මාට අමාරු වුණේය. ඒ වතාවේත් අම්මාව රෝහලට ඇතුළත් කරන්නට වුණේ
මටය. චූටි නංගී උපන්නේ ජුනි 6 වෙනිදාය. උදේ පාන්දරින් අම්මට කෑම-බීමත් අරගෙන කළුබෝවිල
ඉස්පිරිතාලයට ගිය මාව ගැබිණි වාට්ටුවේ ‘සිස්ටර්’ගේ අතටම හසු විණි.
‘ගෑනු වාට්ටුවක් අස්සේ රිංගන්නට ගියා’ය කියලා මාව පොලිසියට බාර දෙන්නටය ඒ සිස්ටර්
හැදුවේ. කනිපින්දම් කියලා- දහ වැඳුම් වැඳලාය මං එදා ගැලවුණේ.
"ඔන්න ආයෙමත් එහෙම අම්මට බබෙක් හම්බ වෙන්න ඉස්පිරිතාලේට එක්ක යන්න වුණොත් අන්න එදාට මං ඔළුව හැරිච්ච පැත්තක යන එක යනවාමයි." පස්සේ වෙලාවක මං සිංහ නාදයක් දැම්මා’ කියලා, මං වහන්සේ ඒ විස්තර ලිව්වේ 2018 අවුරුද්දෙය; (ඒ තග දැමීමෙන් සිදු වුණු විනාශයත් එක්කම!) මීට අවුරුදු හතරකට කලින්ය.
ඒත් එදා සංජේ ගැන කිසිම දෙයක් මං කිව්වේ නැත. නමුදු අද ඔබට කියන්නෙමි. එහෙම තර්ජනය කරද්දී කේන්තියෙන් පිපිරෙමින් හිටි මං හිතුවේ, ‘ඔළුව හැරුණු පැත්තකට නොව සංජේලගෙ ගෙදරට යෑම’ ගැනය.
බිලිඳු චූටි නංගීව ගෙදරට එක්කං ආවාම; එයාගේ මිහිරි කිරිකැටි සිනාව දැක්කාම මගේ තරහව මට අමතක වුණේය.
(මේ ටික අදාළ වෙන්නේ අපේ පවුලේ කෙනෙකු මේවා කියවනවා නම් විතරය. තව දුරටත් හංගාගෙන ඉඳලා තේරුමක් නැත. අපේ සොහොයුරු සොහොයුරියන්ගෙන් මගෙ favourite එක්කෙනා දීපානිය. ඊළඟට බඩා මල්ලා; දීපාල්ය. මං වඩාත්ම අගය කරන්නේ සමන්ති නංගිවය. මගෙන් වැඩිපුරම සැලකිලි ලබන්නේ මානෙල් නංගිය.)
‘නංගිලා
මල්ලිලා හැම කෙනෙකු වෙනුවෙන්ම රුපියල් ලක්ෂය බැගින් තැන්පත් කරන්නෙමි’ (1971 විතර සුනිල්, පුෂ්පා,
අනිල්, අජිත්, මානෙල් හා සමන්ති) |
දිගු කාලයක් තිස්සේ මගෙ හිතේ තැන්පත්ව තිබුණු ‘ඉටු කරගෙන මිස පස්ස නොබලන්නෙමි’යි දිවුරාගත් අධිෂ්ඨානය මසිතේ ජනිත වුණෙත් 1973ය; දීපානි නංගිගේ උත්පත්තියත් එක්කය.
‘නංගිලා මල්ලිලා හැම කෙනෙකු වෙනුවෙන්ම රුපියල් ලක්ෂය බැගින් තැන්පත් කරන්නෙමි’ කියලාය, මං එදා මටම දිවුරා ගත්තේ. (එතකොට රුපියල බාල්දු වීමක් ගැන අල්ප මාත්‍රවූ හැඟීමක්වත් මේ ගොන් හරකාට නොතිබිණි.)
“රංජි මල්ලී, අන්න සංජේ අද රෑට එනවයි කිව්වා!” ඒ ආසන්න දවසක ඒ පණිවිඩය ගෙනාවේ සිරි අයියාය.
“අද දවල්ට අම්මගේ ටිකට් කපනවයි කිව්වනෙ.”
“ඒකම තමයි සංජේ අද එනවයි කිව්වෙත්. අම්මව එක්ක ආව ගමන්ම ගුණපාලයියත් ගෙදර එයිනේ.” එහෙම
කියද්දී සිරි අයියාගේ මුහුණ ඔප කරමින් තිබ්බේ ‘කින්ඩි හිනාව’කි.
පණිවිඩයෙන් කියා එව්වා වගෙම, සංජේ එදා මහ රෑ ආවේය.
ඒ දවස්වල මගේ ‘අති ධාවන කාම යෝගය’ උච්ච වෙලා, එයින් කොටසක් සංජේටත් බලපාන්නට වී තිබ්බා වගෙය!
සංජේ
කතා කරන්නට ඉසිඹුවක් ලබා ගත්තේ දිගු වෙලාවකට පස්සෙය.
“රංජි,
මම අර පොතත් ඉල්ලගෙන ආවා!”
“ඔයා එනකොට මොනවත් අතේ තිබුණේ නැහැනෙ.”
“පොත සාක්කුවේ දාගෙන ආවේ...”
එවෙලේම සංජේගේ කලිසම් සාක්කුවෙන් ඒ පොත අතට ගත්තත්, අඩ අඳුරේ යමක් කියවා ගන්නට බැරි විණි. පොත
මහ විසාල එකකුත් නෙවේ. පොඩි පොතකි.
තමුසෙට
අනෙක් මඟුල් ඔක්කොම අමතකයි... |
“එහෙනං කියනවකො, මොකද්ද ඔය පොතේ විශේෂෙ?”
සංජේ කිව්වේය. එය අසා මම භ්‍රාන්ත වීමි.
සංජේ පිටත්ව යන තුරු මං හිටියේ නොඉවසිල්ලෙනි. එයා ගියාට පස්සේ කුප්පි ලාම්පුව
පත්තු කර ගන්නට පුළුවනිනෙ. ඒ එළියෙන් පොත කියවන්න ඇහැකිනෙ.
මං
කළෙත් ඒකමය.
එළිය
වැටෙන්නත් පෙරාතුව මං ‘මට වෙච්ච දේ’ කියවා හමාරය!
Twist!
ඔලිවර් ට්විස්ට් නොවේ. නිකම්ම ට්විස්ට්.
මට හිතෙන විදිහට නම්, මෙතැනට සුදුසුම වචනය ඒකය. ගුණපාල මලලසේකර ‘ඉංග්‍රීසි - සිංහල
ශබ්ද කෝෂය’ ඒ වචනයේ අරුත් දක්වන්නේ මෙහෙමය:
‘එකට අල්ලා ගොතනවා, වලිකනවා, (නූල් ලනු) අඹරනවා, රිදෙන සේ අල්ලා කරකවනවා, ඇත්ත
පෙරළා බොරු දක්වනවා, (පාර) ඇද වෙමින් යනවා, උරුක්කර ගන්නවා...’
මට වෙච්ච දේ පොතත් එදා මේ ලියන්නාව ‘ඇඹරුවේය; රිදෙන සේ අල්ලා කැරකෙව්වේය!’
එදා;
මට අවුරුදු 19ක්ව තිබියදී, සංජේ ගෙනත් දුන්නු පොත ‘අවුරුදු පහළොවක් විතර තිස්සේ’
මගෙ මතකයේ පැලපදියම්ව තිබ්බේය; වරන්-වර මතුව ආවේය; මට වද දුන්නේය. ඒ සැරෙන්-සැරේ මතුවී
ඇවිළෙන ගින්නක් වෙමිනි.
දෛවය
අපේ ජීවිත අඹරන ඇඹරිල්ල කොතරම් සංකීර්ණ එකක්ද? |
නිදිගෙ පංච තන්තරේ නිත්‍ය පාඨකයන් නම් දැනටමත් හරියටම ගෙස් කරලා ඇති. නිදි ඊළඟට
ලියන්නෙ මට වෙච්ච දේ පොත ගැනයි!
හිතාදර
රසික රසිකාවනි. ඔබ නිවැරදිය. හැබැයි ඊට කලින් ‘සුප්පා දේවිගේ බඩේ මයිල්’ පෝස්ටු
පෙළ අවසන් කර සිටිය යුතුය.
ඒත් එහෙම කරන්නට කලින් තවත් කරුණු කීපයක් සිහිපත් කර සිටින්නැයි මගේ සිත කියයි.
ඊවා හාමු මට වැල්ලවත්ත රෙදි මෝලේ රැකියාවක් ලබා දෙන්නට උත්සාහ නොදැරුවා නම්, මගේ වෙනුවට බන්දුල ජයකොඩි එහාට යැවෙන්නේ නැත.
සේ ටීචර් රැඩිකල් නාට්‍යයක් ලියන්නැයි යෝජනා නොකළා නම් මගේ අතින් ‘සිංහබාහු’ ලියවෙන්නේ නැත.
ඒ කරුණු දෙකම සිදු නොවුණා නම් සරත්
රංචාගොඩ- සංජේ දෙන්නා අපේ ගෙදරට එවෙන්නේ නැත.
එහෙම එවුණේ නැති නම් ‘මට වෙච්ච දේ’ මගෙ අතට එන්නෙත් නැත: මීළඟ posts කීපය ලියැවෙන්නෙත්
නැත.
හේතු ඵල වාදය කියන්නේ මේකටද?
දෛවය අපේ ජීවිත අඹරන ඇඹරිල්ල කොතරම් සංකීර්ණ එකක්ද කියලාය, මම තවමත් කල්පනා කරන්නේ෴0෴
ජීවිතේ, දෛවය සංකීර්ණ නැත්නම් වැඩක් නෑ කියලා තමයි අපේ අජිත් මාමා නම් කියන්නෙ.....
ReplyDeletehttps://naveensandeepakumara.blogspot.com/2022/09/blog-post.html?m=1 මේ පැත්තෙන් එන්න🤗🤗🤗🤗
හැබැයි නිදිගේ තරම් සංකීර්ණ වෙන්න ඕනෙත් නැහැ. මේක සංකීර්ණයේ අමාරුම එක
Deleteනවීන්, දවස් තුනක් ගෙදර හිටියේ නෑ. අද ඔයාගේ blog අඩවිය පැත්තෙ එන්නං.
Deleteඅජිත්, නවීන් දෙන්නාටම ස්තුතියි.
ජීවිතේදී අපට වෙන දේවල් අපට වුනත් දැනගන්න වෙන්නේ වුණාට පස්සෙනේ. ඒක සරලද සංකීර්ණද කියලා ඔහෙ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ.....
නවීන්, ඔයාගේ අඩවියට ගිහිං මෙහෙම කවියකුත් ලියලයි ආවේ:
Deleteතේරුම් ගන්න වලිකන තරමට දිවිය
උත්තර යන හැඩයි ඈතට වැඩි වැඩිය
එනමුත් මිඟිඳු සිරිතත් නරකම නැතිය
පමණට කළ යුතුයි දිවි අවලෝකනය!
බොහොම ස්තුති නිදි මාමෙ🤗💕
Delete//ඒක සරලද සංකීර්ණද කියලා ඔහෙ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ.....//
අන්තිමට ඉතින් ඔහෙ බලාගෙන තමයි ඉන්න වෙන්නෙ කොහොම කරත් නේද?
දැං ඉතිං ඔක්කොම නවත්තල නිදියට වෙච්ච දේ අහන්න එපැයි. හත්තික්කේ අපිට වෙච්ච දේ.
ReplyDeleteහැක්..
ප්‍රසෝ, ඒ කාලේ දියවින්නේදී මම දැක්ක දෙයක් තමයි හත්තිලව්වේ වචනේ.... ගොඩ අය නිතර කිව්වා. ඒකෙ ප්‍රභේදයක්ද හත්තික්කේ?
Deleteඅපි අහුවෙයි ඕවට. ඉවසිල්ලයි උපේක්ෂාවයි අපට හොඳට හුරුයි. නිදි දාන වෙලාවක වෙච්ච දේ ලියල දාන්ඩ. හදිසියක් නෑ.
ReplyDeleteඩ්රැකී, එහෙම කමක් නැද්ද එහෙනං?
Deleteලිව්වොත් කියවනවා, නැත්තං නිකං ඉන්නවා. රාහුල හාමුදුරුවො කියල තියෙන්නෙ:
Deleteකීමට උපන්නා
එගැන අරිනුව පන්නා
කවි රස විඳින්නා
එසේ නැතහොත් ඔහේ ඉන්නා
කියල...
නියම කවියක්, ස්තුතියි ඩ්රැකී!
Deleteela
ReplyDeleteස්තුතියි මෙන්ඩො!
Delete+-------+
ReplyDeleteස්තුතියි නමී!
Deleteනිදිට වෙච්ඡ දේ තමා කතාව
ReplyDeleteඒ ඒ කාලයේ වෙච්චි දේවලුත් එක්කම!
Delete“දෛවය අපේ ජීවිත අඹරන ඇඹරිල්ල කොතරම් සංකීර්ණ එකක්ද කියලාය, මම තවමත් කල්පනා කරන්නේ” - නිදි අපිව අඹරන ඇඹරිල්ලත් ඊට දෙවෙනි නෑ .
ReplyDelete“දෛවය අපේ ජීවිත අඹරන ඇඹරිල්ල කොතරම් සංකීර්ණ එකක්ද කියලාය, මම තවමත් කල්පනා කරන්නේ” - නිදි අපිව අඹරන ඇඹරිල්ලත් ඊට දෙවෙනි නෑ .
ReplyDeleteචමී, මට විතරද මෙහෙම වෙන්නේ?
Deletehttps://parikalpanaonline.blogspot.com/2022/09/blog-post_16.html
ReplyDeleteඑහාට ගියා නමී. ස්තුතියි!
Deletehttps://zutobi.com/us/driver-guides/hand-signals-driving
ReplyDeletehttps://www.tripsavvy.com/common-hand-signals-for-scuba-diving-2963222
https://badgework.prepscouts.org/junior-scouts/national-scout-membership-badge/scout-whistle-and-hand-signals
https://www.rookieroad.com/basketball/strategy/hand-signals/
https://netballzug.com/2013/10/03/umpiring-hand-signals/
https://www.google.com/search?rlz=1C1CHBD_enLK994LK994&sxsrf=ALiCzsakoIBTZQK078q-Pv4BhOtrj-IrNQ:1663572205607&source=univ&tbm=isch&q=naval+hand+signals&fir=y-U8JoHafLsLoM%252CSu-3Yw1KG8bqAM%252C_%253BCxI1QoPO5BFYjM%252CubY9Npd00lrArM%252C_%253BksPVPcscL4eiZM%252C5XL14VLRq3foNM%252C_%253B-OBjRrdUAF8trM%252CzTJN1FN7J2318M%252C_%253B4B4IDy6KJHnj4M%252C9CuFcKQTKif-bM%252C_%253B2qvI6z0F0mX8IM%252CFAJ7YZi2JLvSbM%252C_%253BOYCCtrkMmAebPM%252CiNw8xs1hP3BHCM%252C_%253B3JyyqoUKY_mJxM%252Cgg2bY9X9PYXwFM%252C_%253B0Ue0P-SjgMwAFM%252CixYYRkm6nFVHvM%252C_%253BzgeCFKtCWCC-cM%252CTAFKAkCJKpltEM%252C_%253BjlPA8EsQ8Ez0_M%252CHO8qoci3ZAab_M%252C_%253BFNR2r8p_WOnx7M%252C37I1HOps4xDi0M%252C_%253BTIaJPDPm5GsTNM%252Caud-G4zwrTs0NM%252C_%253B92MyhHMpFu2hIM%252CzjNeK4hhrzO2SM%252C_%253BefLWwO44EkZSTM%252Caud-G4zwrTs0NM%252C_%253BeRIbSLAHKTH6bM%252CixYYRkm6nFVHvM%252C_&usg=AI4_-kTAYSonxNDL42DVLauJp-DbajRWfw&sa=X&ved=2ahUKEwjzgf6yqaD6AhXVUnwKHVWvDloQjJkEegQIAxAC&biw=1280&bih=552&dpr=1.5
ස්තුතියි Pra Jay මහත්තයෝ links තොගයට!
Deleteබඩේ මයිල් කවදාවත් බලන්ඩ වෙන්නේ නැති පාටයි ...... අටම්
ReplyDeleteඔයාට ඉස්සෙල්ලා කොටස මිස් වුණාවත්ද?
Delete