li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, February 2, 2024

ප්‍රෝඩාරාමය - පළමුවෙනි කොටස

'ඔව්මයි ඉයන් මහත්තයෝ, අජිත්ට අපෙන් කිසිම වෙනසක් නොකෙරුණු එක ගැනත්- දේපලවලට තණ්හාවෙන් කාකොටා නොගැනීම ගැනත් මටම පුදුමයි.

හරි වැඩේ කියන්නේ, ඔයාට මේ උත්තරය ලියන්න ගන්නකොට හිතේ නොතිබුණු දෙයක් ගැන post එකක් ලියන්න ඕනිය කියලා මේ දැන් ඔළුවට ආවා. පෝස්ටුවේ නමත් එක්කම- 'ප්‍රෝඩාරාමය'! ඒ ගැන ඔයාට ස්තුතියි ඉයන් මහත්තයෝ. මේ සීරීස් එකට පස්සේ ඔන්න ඒ පෝස්ටුව ලියනවා...’

මේ ‘ප්‍රෝඩාරාම’ කතන්දරේ එසේ-මෙසේ කතන්දරයක් නෙවෙයි කියලා මුලින්ම කියල ඉන්නංකො. ඒක ලක්ෂ අසූවක් වටිනා දේපලක් ගැන ‘හිනා කන’ කතන්දරයක්.

මෙයිට කලිනුත් ගොඩක් වාරයක් මම ඔයාලට කියල තියෙනවා ‘අම්මව දෙනවය කිව්වා නං පුතේ, තාත්තව ගස් බැඳලා හරි දීපං!’ කියන පාඩම ගැන. ඒක අපට ඉගැන්නුවේ අපේ තාත්තා. අද වෙනකලුත් මම ඒ ප්‍රතිපත්තිය රකිනවා, උපරිමෙන්ම.

ඒ හින්දමයි ‘ඉයන්ගේ අඩවිය’ ලියන ඉයන් මහත්තයට වෙච්චි පොරොන්දුව ඒ විදිහටම ඉෂ්ට කරන්න හදන්නේ.

Ian සහෘදයා ‘තිස් එකේදී 33 කොටස’ට comment එකක් එව්වා, මෙහෙම කියලා.
‘වැඩිය කමෙන්ට් නොකලට මම මේ කථා ඔක්කොම කියවනවා. ඉඩකඩම්වලට තන්හා නොවීම ගොඩක් දෙනෙක්ට ඔබ කියන වයසෙදි නැහැ. සමහර අයට මැරෙනකන්ම නැහැ. ඒ  අතින් නිමල් ගෙ පවුලෙ අය ඒ කාලෙත් පරිණතයි. අජිත්ව වෙනසක් නොකර පිළිගැනීමත් ඒ වගේ.’

එතකොට තමයි මං වහන්සේ අර මුලින්ම කියල තියෙන උත්තරය ලිව්වේ.

දේපල වලට කා කොටා ගන්නෙ නැති සහෝදර සහෝදරයින් සිටීම කොච්චර වාසනාවක්ද... අනිත් ප්‍රශ්ණ කොහොම උනත්... කියලා අපේ මයියා සහෘදයාත් ප්‍රතිචාර දක්වලා තිබ්බා; ඒ post එකටම.
එහෙම තණ්හාවක් අපට නොතිබ්බ හින්දාම නේන්නං මේ ලියවෙන කතන්දරේ සහසුද්දෙන්; ගෙඩිය පිටින්ම ලියන්න ඉඩ ලැබෙන්නේ!!!!!

ඉතිං රජෝ, අද කියන්න යන මේ ‘ප්‍රෝඩාරාම’ කතන්දරේ එසේ-මෙසේ කතන්දරයක් නෙවෙයි කියලා මුලින්ම කියල ඉන්නංකො.
ඒක ලක්ෂ අසූවක් වටිනා දේපලක් ගැන ‘හිනා කන’ කතන්දරයක්.
(ලක්ෂ අසූව ගැන නං... ඒක එච්චරම නොවෙන්නත් පුළුවනි, හොඳේ... අපේ අම්ම කියන දේවල් මම නං පිළිගන්නේ තාර බරත් අඩු කරලයි.) වටිනාකම් හුටප්පරේ චුට්ටක් එහා-මෙහා වුණත්, ඒ වැඩේ නං මට පෙනෙන්නේ අපේ මව් යානයේ සුපිරි තකතිරුකමක් විදිහටයි.
කතාව හරියටම පැහැදිලි වෙන්න නං, මීට කලින් ලියැවුණු අතුරු විස්තරත් සැරෙන් සැරේ හිතාදර පාඨක ඔයාලගේ මතකයට නංවන්න වෙනවා.

දන්නව නෙව, ඔය කතාවට ඈඳුණු ගොඩාරියක් දේවල් දැනටමත් මගෙන් ලියැවිලා තියෙනවා, හොඳේ. ඒ ලින්කුත් මේ post එකට ඔබන්නේ තමුන්නාසේලගේ විශ්වාසය තවත් තහවුරු කරන්නයි; ඉඩකඩ හා විවේකය තියෙන නවක පාඨකයන්ට ප්‍රයෝජනවත් වෙන්නයි-යන කාරණා දෙකටම.

අපේ අම්මා එංගලන්තෙ ඉඳලා එව්ව සල්ලිවලින් බොරලැස්ගමුවේ හන්දියෙන්ම ඉඩම් කෑල්ලක් ගත්තා. දුර බලලා මං තීරණේ කළානෙ, ඒ ඉඩම කොටස් දෙකකට- සුනිල්ටයි මටයි දෙන්නගේ නම්වලට ගන්න. අපි ඒ ඉඩම ගනිද්දීත් ඒකෙ එකට ඈඳුණු කඩ කාමර දෙකක් තිබ්බා.

කඩ දෙකම හොඳින් කෙරීගෙන යද්දී තමයි, අපේ ලොකු නංගි වස බීලා සියදිවි හානි කර ගත්තේ. (වමේ සිට සිව්වැන්නී)

නිමල් දිසානායක එයින් එක කඩයක සිල්ලර බඩු විකුණන වෙළෙඳහලක් පටන් ගත්තා.
සුනිල් ගෝඨාභය දිසානායක අනෙත් කඩ කාමරය පළතුරු කඩයක්  බවට හැරෙව්වා.
කඩ දෙකම හොඳින් කෙරීගෙන යද්දී තමයි, අපේ ලොකු නංගි වස බීලා සියදිවි හානි කර ගත්තේ.

ඊට පස්සේ කඩේ අනිල් මල්ලිට බාර කෙරුණා. එතකොටත් හොඳ බොනපාට් කෙනෙකු වෙලා හිටිය අන්නා දන්නෙම නැතිව වගේ ‘බොරලැස්ගමුවටම තඩි මෝරෙක්’ වුණු හින්දා, කඩේ බංකොළොත් වුණා. මිනිහා වෙලා තිබුණු ණය කන්දරාව ගෙවන්න පුළුවන් වුණේ ඒ කඩ කාමරය විකුණලයි! (කඩය විකුණලා ගත්ත සේරම සල්ලි වැය වුණේත් ණය ගෙවන්නයි!)

පසු කාලයක සුනිලුත් එයාගේ කඩ කාමරය විකුණුවා. එතකොට එයාල (අපේ අම්මාම අරගෙන දුන්) බෝකුන්දර ඉඩමක ගෙයක් හදාගෙන පදිංචි වෙලයි හිටියේ.

මාත් එතකොට දැන් ඉන්න ගෙදර හදාගෙන ඒකෙ deposit වෙලයි උන්නේ.
“අයියේ, අපි හොරණ ඉඩමක් බලන්න යනවා... ඔයත් එනවද?” එක දවසක උදේ මල්ලිකා ටෙලිෆෝන් එකෙන් ඇහුවා.
“තමුසෙලට තියෙන ඉඩම මදිද තව එකක් බලන්න යන්නෙ? අනික යකඩෝ ඔච්චර ඈතින්?”
“ඈත නිසා තමයි අයියේ ඉඩම් ලාබ. සල්ලි තියාගෙන ඉන්නවට වැඩිය වටිනව ඉඩම් කෑල්ලක් දෙකක් අරං දාල තිබ්බම. ඉඩම්වල වටිනාකම එන්න එන්නම නඟිනවා අයියේ.”

අපරාදේ කියන්න බෑ. අපේ (ඔය මැරිච්ච ලොකු නෑනණ්ඩි) මල්ලිකා ‘නිකං හරි ලාබෙට හරි දෙනවා නං ඕනිම ඔළුවෙ කැක්කුමක් බාර ගන්න වරිගයේ සැදැහැති උපාසිකාවක්!

ඒ ගොල්ලෝ ඉඩම් බලාගෙන ආවට පස්සෙත් මට කතා කළා.
“අයියේ... අපි ඉඩම් කෑලි දෙකකටම ඇඩ්වාන්ස් ගෙව්වා. මාර ලස්සනයි අයියේ. කඳු ගැටයක් මුඳුනේ... වෙන්දේසි ඉඩමක්. ඊට චුට්ටක් එපිටින් කැලෑවකින් වැහිච්චි කන්දකුත් තියෙනවා. රක්ෂිතයක්ද කොහෙද. තවම විකිණිලා නැති ඉඩම් කට්ටි තව තියෙනවා. එකක් අරගෙන පොඩි ගේ කෑල්ලක් අටවගත්ත නං, ඔයාටත් ඔය ලියන වැඩක් හෙම කරගත්තෑකි නිස්කාන්සුවේ...”

“නිස්කාන්සුව වටිනවා තමයි. හැබැයි වැඩියෙන්ම ඒක තියෙන්න ඕනි හිතේ. එතකොට කොහෙ වුණත් සැනසිල්ලේ ඉඳිතෑකි.”
“අයියට වැරදිලා... බුදුහාමුදුරුවන් වහන්සේත් වදාරලා තියෙන්නේ ‘පතිරූප දේශ වාසෝච’ කියල නේද?” බන්ධුල මල්ලිකාවන්ටත් වඩා සැදැහැති උපාසිකා මාතාවක් වුණු අපේ නෑනණ්ඩි ඒ වෙලාවේම මට බණක් දෙසලා- පොඩි ධර්මදානමය පින්කමකුත් කරගත්තා.

බණෙන් තියා අණෙන්වත් මෙල්ල කරන්න බැරි නසරානියෙක්...

ඒත් අනේ, මං වහන්සේ බණෙන් තියා අණෙන්වත් මෙල්ල කරන්න බැරි නසරානියෙක් නෙව.
ඒ නිසා වෙන්නැති අර ධර්ම දේශනාවෙන් පස්සෙවත් මගේ හිතේ ඉඩම් තණ්හාවේ බිජුවටක් රෝපණය නොවුණේ.

ඒ අස්සේ අපේ අම්මත් ලංකාවට ආපි!

අම්මා එංගලන්තෙ හිටියට මොකෝ, අවුරුද්දකට දෙතුන් පාරක් ලංකාවට එන්නයි පුරුදු වෙලා හිටියේ. ඒ එන හැම වතාවකම අම්මා ආපහු යන්නෙ මාසෙකින්. විදේශිකයෙකු හැටියට අම්මට නොමිලේ වීසා ලැබෙන්නේ මාසෙකට විතරයිනෙ. අමතරව සල්ලි ගෙවලා වීසා දික්කරගන්න අම්මා කැමති වුණේ නෑ. එතැන පොඩි රහසකුත් තිබුණා!
අර මාසය ඇතුළත අපේ අම්මා දන්න-කියන, ළඟින්ම ඉන්න අයව නොහොඳ කරවලත් ඉවරයි.

ඉක්මනට ගියාම හරි! සීන් එක එළි වෙනකොට අම්ම ආපහු ගිහිං...

මාළුවාට වතුර වගෙ තමා, අපේ අම්මාටත්; කවුරු කවුරු හරි එක්ක කාජාව දාගෙන ඉන්න තියෙනවා නං එයිට වැඩිය සැපක් එයාට තිබ්බේ නෑ. හැබැයි එයා කියවන දේවල්වලට අහගෙන ඉන්න මනුස්සයා කන් දීගෙන ඉන්නත් ඕනි; හූමිටි තියන්නත් ඕනි; අපේ අම්මටම ඇති පදම් කතා කරන්න දෙන්නත් ඕනි.
ඉතිං සිහි බුද්ධිය කියන දේ මංචාඩියක් හරි තියෙන කෙනෙක් ලේසියෙන් අපේ අම්මගෙ කෝච්චියට බෙල්ල තියන්න එන්නෑ, දෙවනි වතාවටත්. (ඔය කථා කෝච්චියේ තිබිච්ච ලොකුම වැරැද්ද තමයි- ඒවායින් ගොඩ හරියක් අනුන්
කෙටවෙන කතන්දර වීම!)

නමුත් අපේ අම්මගෙ ඔය පිළිවෙල දැනගත්තු ‘හොක්කි-හොක්කියෝ’ කියන වංශේ උදවිය  නං අම්මව මුරුංගා ගහේ උඩම අත්තට නැංගෙව්වා. ඒක මහ අමාරු වැඩක් වුණෙත් නැහැනෙ. ඇට නැති දිව යහමින් හොලවලා, වචීපරම කෙනෙකු වෙලා සම්පප්‍රලාප දොඩවන්න විතරයි තිබ්බේ!

(අම්මගෙ තරම කියන්නේ- වතාවක් අපේ අම්මම උගන්නල සෝමා පුංචිලගෙ පොඩි ඈයෝ අම්මට ලන්ඩන් හාමු කියල කතා කරන්න ගත්තා. මගේ නුවණ මෙහෙයවලා තමයි ඒ කතන්දරේ උපායෙන් භූමදාන කෙරෙව්වේ.)
ඔය වගේ විත්තිත් ඔයාලගේ මතකේ තියාගෙනම යංකො එහෙනං- තව ඉස්සරහට.

දැනුයි මතක් වුණේ!
ඉස්සරහට යන්න කලින් ඒකත් කියලම ඉන්නං. හොඳේ!!

ළඟදී දවසක ශතකය ගහපු මයියා... (එයා ශතකය ගැහුවේ එයාගේ බ්ලොගයෙදි ‘මයි ශතකය’ කියලා.) තිස් එකේදී- 33 post එකට comment එකක් එවමින් මෙහෙම idea එකක් දීල තිබ්බා. 
‘... මොනා උනත් නම් ටික මතක තියා ගන්න එක නම් ගේමක් තමයි.... නරකද පවුල් ගස ඇඳලා, ෆොටෝ එකක් ගහලා පෝස්ට් එකකම අප්ලෝඩ් කලොත්... පොඩි අදහසක්...-
Mayya

අපේ අම්මා ‘පිරිමියෙකුට පැදුර පෑගුණත් ගැබ්බර වෙන ජාතියේ අංගනාව’ක් වුණු හින්දා- අපේ පවුලේ දරුවන්ම දහයක් නෙව. ඒ නම් දහය වුණත් කාටද ලේසියෙන් මතක හිටින්නේ... මටත් හිතුණා මයියාගෙ අදහස කිරියාවට නංවන්න... ඒත්... ඒත්...  

වැඩේ පවරලා පැය 24ක් යන්න කලින් නමී හදලා එවපු ‘දිසානායක පවුල් ගහේ’ රූප සටහන තමයි...

ඒ විලිසියානු රත්තරං අදහස හොඳයි තමා.
ඒත් දෙයියනේ දකුණු අතේ ඇඟිලි ටික මට ගොඩක් අකීකරුකොට- (බත් කනකොට වුණත් දැන් මම එහෙම කරන්නේ හැන්දක උදව්වෙන් නෙව... පෑනක් පැන්සලක් අල්ලලා මම දැන් ලියන දේවල් මටම කියවාගන්න බැහැ. ඉස්සර තමයි මාත් හැඩට-රුවට අකුරු ලිව්වේ; අකුරු ඇන්දේ.) ඉතිං කොහොමෙයි රූප සටහන් අඳින්නේ?

හිත ඇති නං පත කුඩාද? මං තීරණේ කළා ඒ රාජකාරිය අපේ නමී උන්නැහේ ලව්වා කරව ගන්න. ඔව්, ඔව්. නමියගෙ වීදිය  run කරන හාදයා තමා. ඊයේ නමී ආවා මාව බලලා යන්න.

ගෙට ගොඩ වුණා විතරයි, මං උන්නැහේට කිව්වා මට උවමනා දේ...
අනේ ගොඩක් ස්තුතියි නමී.
වැඩේ පවරලා පැය 24ක් යන්න කලින් නමී හදලා එවපු ‘දිසානායක පවුල් ගහේ’ රූප සටහන තමයි ඔය චුට්ටකට උඩින් යොදල තියෙන්නේ.

ඉතිං... ලංකාවට ආව R.V. ලීලාවතී හෙවත් ලීලා ශ්‍රෝඩර්ටත් අර විකිණීමට තියෙන ඉඩම් කට්ටි ගැන ආරංචිය ලැබිලා!

“රංජි, සුනිල් ඔයාටත් කිව්වලු නේද හොරණ ඉඩම් කට්ටි වගයක් ගැන. මාත් ගිහිං බලන්නයි ඉන්නේ... ඔයාටත් එහෙන් ඉඩම් කෑල්ලක් ගන්න තියෙන්නේ...” අම්මා මගෙන් ඇහුවාමයි මං ඒ විත්තිය දැන ගත්තේ.
“අම්ම්ට මොකටද ඉඩම්? අම්මා කවදාවත් එංගලන්තෙ දාලා ලංකාවට එන්නෑනෙ පදිංචියට.”
“මටයි කියල තැනක් ලංකාවෙත් තිබුණොත් හොඳයිනෙ. එතකොට කාගේවත් ආඩම්බර නොබලා මට ඕනි විදිහට එතන වැටිලා ඉන්න පුළුවන්නේ” අම්මා pass කරපු hint එක මට නොතේරුණා නෙවෙයි.

Hint එකේ කතන්දරේ මේකයි!
1986 ලංකාවට ආව මං, RPRලගේ ඉල්ලීමට එකඟ වෙලා පමුණුව පාරේ, පිරිමි ළමා නිවාසයට යාබද ඉඩමක් ගත්තනෙ. ඉඩම පර්චස් 10ට චුට්ටක් අඩුයි. Odd shape. පැති හතක්...
“ඔයාට මම සල්ලි දෙන්නං... ලොකුවට ගේ හදමු, තට්ටු දෙකකට. මං ලංකාවට ආවම මටත් ඒකෙ ඉන්න පුළුවන්...”
මාත් දුරදිග හිතුවේ නෑ. කැමති වුණා. “එක තට්ටුවක් අම්මට, අනෙක මට.” කියලත් මුලදීම කිව්වා.

ගේ හදලා 1992 අපි ඒකෙ පදිංචි වුණා.

නැකතට හාපුරා කියලා ගෙට ඇතුළු වුණේ ඊවා හාමු!
එතකොට
ඊවා හාමු ගොඩාරියක් වියපත් වෙලා; රූපශ්‍රීය වියැකිලා තිබ්බේ. ග්‍රෙගරි පාරේ නිවසට ගිහිං, අපේ ගෙට ගෙවැදීම ගැන කියලා ඊවා හාමුට ආරාධනා කළාම එයාගේ ඇස් දෙකේ කඳුළු පිරුණා.

බෑ! මම ගෙදරින් පැනලා යනවා.

“අනේ නිමල්, මම දැන් හොඳටම දුප්පත් වෙලානෙ ළමයෝ ඉන්නේ... ඉස්සර හිටි ඊවා සේනානායක දැන් නෑ නිමල්. ඔයා වෙන කාට හරි ආරාධනා කරන්න, ඔය වැඩේට.”

“”සමාවෙන්න ඊවා හාමු. සුබ නැකතින් අපේ ගෙදරට ඉස්සෙල්ලාම ඇතුළු වෙන්න ඕනි ඔබතුමී වගේ හිත හොඳ කෙනෙක්. ලොකු හාමුයි, ඊවා හාමුයි අපට කරපු උදව් මට තවම මතකයි. මං ඔබතුමීට ආරාධනා කරන්න ආවේ, මේ වැඩේට හොඳම කෙනා හාමුම හින්දයි!” මං එතකොට කිව්වා.

“ඔයා ඔච්චරම කියන නිසා මම එන්නං. හැබැයි නිමල් මම එන්නේ තෑගිබෝග නැතිව!”
එහෙම කිව්වත් ඊවා හාමු ආවේ තෑග්ගකුත් අරගෙනයි. තවමත් මම ඒ තෑග්ග සුරැකිව තියාගෙන ඉන්නවා.
පුංචිම පුංචි පර්ස් එකක්- රුපියල් පහේ කාසි පහළොවක්- විස්සක් විතර එකේ පුරවලා! (තවමත් මම ඒකෙ තියෙන කාසි ගණන බලල නෑ.) ඒත් ඒ පර්ස් එක මහමෙර තරම් ලොකුවටයි මට දැනෙන්නේ! ඒ කාසි ටික මට නං අමිල වස්තුවක්!!
එතුමියගේ හැබෑ අව්‍යාජත්වය- සෙනෙහස අපේ අම්මා ළඟින්වත් මට දැනිලා නෑ.

එදා ලාල් අයියාත් ඇවිත් හිටියා. පොල්තෙල් පහන දල්වලා- කැවුම්, කිරිබත් හෙමත් කාලා එයාත් මට ආසිරි පැතුවා.
ඊට පහුවදා අපේ දිහාවට ආවා
අන්දොස් මංගල්ලේ’ post එකේදී ඔයාලට හම්බ වෙච්චි සුසිලායි, සුසිලුයි. බෑ දිසානායක බෑ! මම ගෙදරින් පැනලා යනවා..... කියාගෙන මාව හමු වෙන්නට ආව යුවතිය.

“අපි නිමල්ල අම්මට කිරිබත් ටිකකුත් හදාගෙනයි ආවේ.” සුසිලා කිව්වා. තඩි පාර්සලයකුත් මේසේ උඩින් තියන ගමන්.

“ආ..නේඒඒඒඒ කි..රි..බ..ත්! කොච්චර ෂෝක්ද සුසිලෝ ඕඕඕඕඕ? සුමාන ගා..ණ..කි..න් කිරිබත් ටිකක් කන්න ලැබුණේ නෑ අනේ මේ සැරේ!” අම්මා පාර්සලය ළිහා බලන ගමන් කිව්වා. “... රංජි, දෙන්නකො මට පිඟානක්...”
“ඇයි දිසානායක, ඔයා ඊයේ කිරිබත් ඉව්වේ නැද්ද ගෙට ගෙවැදෙනකොටවත්...” ඒ අස්සේ සුසිලාත් අහපි. මං ගොනා වගේ මුනිවත රැක්කා.

බඩ කපාගන්න තරං තරහක් උහුලගෙනයි, මං සුසිලලා යනකල් ඉවසගෙන හිටියේ. අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ. එයාලා නොපෙනී යනවත් එක්කම අම්මගෙයි, මගෙයි රණ්ඩුව ඇවිළුණා. ඒත් අන්තිමට මටම කට වහගන්න වුණේ, අම්මා සුපුරුදු තැටියක් ගැහුවට පස්සේ. “මං කොච්චර කළත් ඔයාලට පේන්නෙ මගේ වැරදිමනේ... ඉහි... ඉහි. අනේ මමත් ගිය ආත්මේ හරි ලොකු කරුමයක් කරලා ඇති මෙහෙම ගුණේ නැති දරුවො ලබන්න.
උපන් වෙලාව බලනකොටත් කියවුණා වගේ, අපිට එක වහලයක් යට ඉන්න බැරි ඒ කරුමේ නිසා තමයි...”

එහෙම කිව්වා මිස තමන්ගේ අතින් සිදු වෙන අර වගේ වැරදි අපේ අම්මා කවදාවත් තේරුම් ගත්තේ නැත!

තැනට සුදුසු ලෙස කතා කරන්නට නොදන්නා නමුත්, හැම විටම මොනවා හෝ කිව යුතු යැයි හිතන එවැන්නවුන් කිසිසේත් හිඟ නැත!

අපේ අම්මාට වඩා සමාජ අත්දැකීම් ඇති උගත් උදවියත් ‘ඇට නැති දිව ලෙළවීමේදී’ වරද්ද ගන්න විදිහ දැක්කාමය, මං වහන්සේ ටිකක් මෝදු වෙන්නට පුරුදු වුණේ. ඒත් එතකොට අස්සයා ඉස්තාලෙන් පැනලා ගිහිං ඉවරය...

සමහරුන් හිතන්නේ හමුවෙන ඕනෑම කෙනෙකුව සතුටට පත් කරන්නටය. බොරුවෙන් හරි!
එහෙම බොරු කිරීමේදී- බොරු කීමේදී ඒවා නිසා තවත් උදවියට ප්‍රශ්න ඇතිවෙන බව එයාලාට සිහි වෙන්නේ නැත. තැනට සුදුසු ලෙස කතා කරන්නට නොදන්නා නමුත්, හැම විටම මොනවා හෝ කිව යුතු යැයි හිතන එවැන්නවුන් කිසිසේත් හිඟ නැත. එයාල නිසා ඇතිවෙන පැටලිලිවලත් නිමක් නැත.

ඉතිං, අපේ අම්මාගෙනුත් එකම විදිහේ වැරදි- එක දිගටම සිද්ද වෙද්දී මගෙත් රතු ඉර පැන්නයි කියමුකෝ!

එදා අම්මා අනිලුත් එක්ක මොකක්දෝ ගැන වාදයක්... ටිකෙන්-ටික සද්දේ වැඩි වුණා. ඉතිං මටත් මැදිහත් වෙන්න වුණා. “හෙමින්... හෙමින්... වටපිට තව මිනිස්සු ඉන්නවා අම්මේ.” මං කිව්වා.
“හරි වැඩක්නේ මේ. මගේ කුසෙන් වදපු දරුවෙකුට මගේ ගෙදරදි බණින්න මට අයිතියක් නැද්ද? මේ ගෙදරට මටත් අයිතියක් තියෙනවා.” එතකොට අම්මත් සද්දෙන්ම කිව්වා.
“අම්මට අයිතියද ඕනි. එහෙනං අම්මා මේ මුළු ගෙදරම ගන්න! මම ආපහු අර කාමරේටම යන්නං. අම්මගෙ පූච්චානං කතන්දර අහගෙන මෙහෙ ඉඳල මටත් දැන් ඇති වෙලයි තියෙන්නේ.”

“අනේ රත්තරං පුතේ, මෙන්න වැන්දා... ඔයා කොහෙවත් යන්න ඕනි නෑ. මම යන්නං... අනිල්, අර කාමරේ තියෙන bag එකට මගේ බඩු ටික දාගන්න උදව් වෙයන්...” කියල රඟාගෙන අම්මා කාමරේට වැදුණා. පූස් පැටියෙකු වගේ අනිලුත් ඒ පස්සෙන්..
මෙන්න බොලේ විනාඩි ගණනකින් අන්නා අම්මගෙ බෑග් එකත් උස්සං එනවා... අම්මත් ඒ පස්සෙන්... “මම අනිල්ලගේ ගෙදට්ට යනවා.”

කේන්තියෙන් පරල වෙලා හිටිය මගේ මෝඩ අහංකාරකමත් එතකොට දොඩමලු වුණා.
“දැන් එතකොට මමනේ වැරදිකාරයා. හරි! අම්මා යන්න. හැබැයි, හොඳට මතක තියා ගන්න. මීට පස්සේ එක දවසක්වත් අම්මයි, මමයි හවුලේ මේ ගෙදර ඉන්නෑ. එහෙම කිව්වම අම්ම බය වෙන්න එපා. අම්මට ඕනි දවසක, ඕනි කාලයක් මේ ගෙදර ඉන්න පුළුවනි. ඒ විත්තිය මට කියලා දවස් තුනක් ඇතුළත මම මේ ගෙදරම අම්මට බාර දෙනවා, මහ පාරට බැහැලා හරි.”

ඒ කීම මා වෙනස් කළේම නැත.
අම්මා නම් ඒ කතාවල් අමතක කළ විත්තිය පෙන්වමින්- ආයෙමත් අපේ ගෙදරට එන්නට හැදුවාය. “මම එදාම අම්මට කිව්වනේ. එන්න... ඉන්න... අම්මා එනකොට මම යනවා...”

මං වහන්සේගේ ඒ අනම්‍ය ප්‍රතිපත්තියටයි, අපේ අම්මා අර විදිහට ඇනුම් පදයක් කිව්වේ.
ඉතිං ඊට පස්සේ... දෙවෙනි කොටසෙන්...

48 comments:

  1. මුල්ම කමෙන්ට් එක දාන්න අදහසක් නැහැ. මගේ අකවුන්ට් එකෙන් ලොග් වෙන්න විධිහකුත් නැහැ. - කොළඹ ගමයා

    ReplyDelete
    Replies
    1. විදිහක් නැති වුනාට මේ පළමුවෙනි comment එක වැටිලා තියෙන්නේ. ස්තුතියි!

      Delete
  2. නිදි ගේ මරු කතාව කියෙව්වම මතක් වුනේ. 1990 විතර මම ඉඩමක් අරන් දාල තිබ්බ ගෙයක් හදන්න පස්සේ . කැලණිය හා කටුනායක අතර. තෙල් සංස්ථාවේ නළයක් ටිකක් දුරින් යන හරියක. ඕක මගේ ඥාතිකයෙක් සහ එයාගේ යාලුවා කොහොම හරි අපේ තාත්ත කැමති කරගෙන ඒක විකුණලා හොරණටත් එහා ගමක ඉඩමක් අරන් දීල. ඔක්කොම කරලා තියෙන්නේ අරුන් දෙන්නට පොඩි ගානක් ගන්නයි අර යාලුවා කියන එකාගේ වෙන ප්ලෑන් එකකටයි. මම ලංකාවට ඇවිත් බලන කොට මගේ ඉඩම නැහැ. දැන් ඒ හරියේ පර්ච් එකක් ලක්ෂ 20 කට වත් ගන්න බැහැ. ඔන්න ඔහොමයි වෙන්නේ. හේ හේ 😀 - කොළඹ ගමයා

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි මහත්තයෝ.
      තමන්ට පොඩි වාසියක් ගන්න වුණත් - අනිත් මිනිහෙකුට ලොකු පාඩුවක් කරන්න ලැහැස්ති මිනිස්සු ලංකාවේ වැඩියි. සමහරු කපටිකමටත් තව සමහරු මෝඩකමටත් එහෙම කරනවා....

      Delete
    2. ඔන්න දැන් හරි. නමින් කමෙන්ට් කරන්න පුළුවන්. ගුගලයටත් හිටපු ගමන් පිස්සු හැදෙනවා.

      Delete
    3. අපිත් හිටි ගමන් පිස්සු කෙලිනවනේ අජිත් මහත්තයෝ!

      Delete
  3. "ඉක්මනට ගියාම හරි! සීන් එක එළි වෙනකොට අම්ම ආපහු ගිහිං..." අය්යෝ....හිනා යනවා. අම්මා has been a character.

    හැබැයි මට හිතෙනවා ඔය එන්ගලන්තෙ වගේ නිතරම gloomy skies සහිත, depressing රටක ඉන්න අය කියන කරන දේවල් ගැන අනිත් අය ටිකක් අනුකම්පාවෙන් බලන්න ඕනෙ කියලා. හොඳට ඒ රටට පුරුදු වෙලා ඉන්න අයට නම් ප්‍රශ්ණයක් නැතුව ඇති. නමුත් නිමල්ගෙ අම්මා අවුරුද්දකට දෙතුන් සැරයක් ඇවිල්ලා, ඔය වගේ 'fun' එකක් අරන් යන එක එයාගෙ ශාරිරීක මානසික සෞඛ්‍යට හොඳ වෙන්න ඇති.

    BTW, නමී පවුල් ගස ඉතා පැහැදිලිව ඇඳලා

    ReplyDelete
    Replies
    1. ඔයාට විතරක් නෙවෙයි Lotus, මටත් හිනා.
      අම්මගෙ වැඩ නං තවම අපිටවත් තේරුම් ගන්න බෑ. ඔය කෙටවෙන කතන්දර විශේෂයෙන්. ඒවායින් මිනිස්සු තරහ වෙන බව එයා හිතුවේ නෑ. කවුරු කවුරු හරි අතරේ ආරවුල් ඇති කරවන්න හිතුවෙත් නෑ.
      එයාට ඕනි වුණේ බොරු කියලා හරි අනිත් කෙනාට තමන්ගේ හිතවත්කම පෙන්නන්න.

      Delete
    2. ලෝටස් ඇත්තම හිතන්නේ එංගලන්තේ එහෙමයි කියලද. මටනම් එංගලන්තේ මාරයි. වහිනවා තමයි. ඒත් අයිස්ලන්තය , ෆින්ලන්තය වගේ රටවල් ඊට අමාරුයි. මාස හයක් හිරු එලිය හරියට නැහැ කියන්නේ depression කේස් හරියට තියනව කියල ඒ අයම කියනව. එංගලන්තේ සීත කාලෙට පොඩ්ඩක් මිනිස්සු අප්සෙට් යනවලු. මටනම් එහෙම වෙලා නැහැ. අපි ඇවිදින්න යන නිසා වෙන්නඇති. මම රුසියාවේ මයිනස් 20 වගේ වෙනකොටත් ඉඳල තියෙන නිසා එංගලන්තේ කාලගුණය මෘදු එකක් කියල මට හිතෙන්නේ.

      Delete
    3. අජිත් මහත්තයෝ, ගොඩක් ස්තුතියි විස්තර එකතු කරනවට.
      මට නං හෙණම අවුල් ඔය දොර-ජනෙල් වහගෙන ඉන්න වෙන එක. මං දන්නෙ එංගලන්තෙ ගැන විතරයිනෙ. මං ආස නෑ එහෙ තියෙන ග්ලූමි ගතියටත්...

      Delete
    4. උත්තර ධ්‍රැවයට සේසයක් මෙහායින් පදිංචි වෙච්ච , ඝර්ම කලාපීය මූකලන් බස්සෙකුගේ සත දෙක:
      ඔය සීත ඉර්තුව පිටින් පේන තරමටම නරක නෑ. මැස්සො, මදුරුවො සහ අනිත් හානිකර කෘමීන්, ආසනික් නැතුවම සෙත්ත පෝච්චි කරල දෙනවා. දූවිල්ල අවමයි. සනීපෙට නින්ද යනවා. හීත හුලං වැදි, වැදී කන උනුහුම් කෑම, බොන කෝපි එකේ පවා තියෙන්නෙ වෙනමම ආතල් එකක්. හැබැයි පරිසරයට අනුගත වුනාමයි, ඒ ආතල එක ගන්න ඇහැකි. නිදි වගේ මාස 2-3 කට එන සංචාරක පක්සීන්ට ඒක සංසාර දුකක් වගේ දැනෙන්නෙ ඒකයි.

      Delete
    5. එහෙම දේකුත් තියෙන්නැති තමා!

      Delete
    6. @නිදි අපේ ගෙදර ඉතින් එහෙමට දොර ජනෙල් වහගෙන ඉන්නේ නැහැ. අපි දෙන්නම දවල්ට ගාඩ්න් එකේ ඉඳන් කනවා. හවසට සුරුට්ටුවක් පත්තු කරගෙන කිරි තේකක් හදාගෙන ගාඩ්න් එකට වෙලා ඉන්නව. වයිෆ් කොහොමත් නිදා ගන්නකොට ජනේලේ ඇරලා නිදියන්නේ. ආයි මයිනස් ගියත් එහෙම තමයි.

      Delete
    7. @බසු කියන කතාව ඇත්ත. අවංකව කල්පනා කරලා බැලුවොත් මම අවුරුදු 40කම ජිවත් වෙලා තියෙන්නේ යුරෝපයේ. එනිසා දේශගුණයට අනුගත වෙලා තියෙන්නේ මං හිතන්නේ. ලෝටස් හා නිදි එහෙම වුනේ නැති නිසා ඒ අදහස් සාධාරණයි. මදුරුවෝ කන සීන් එකනම් හෙනම අවුල්. අවුරුදු හතළිහකට කලින් ඔච්චර මදුරුවෝ ලංකාවේ හිටියේ නැහැ. මට නම් රටවල් දෙකම - ලංකාව හා එංගලන්තය -හොඳයි. දෙකම ලස්සනයි. මිනිස්සුත් දෙකේම හොඳයි. (හොයා ගන්න ඕනේ ) . රුසියාව , ජර්මනිය වුනත් මටනම් තේරෙන්නේ ඒ විධිහට.

      Delete
    8. ඇත්තමයි අජිත්, වෙහෙස නොබලා ඔයාල එකතු කරන විස්තරාත්මක කමෙන්ට්ස්වලින් ලොකු මෙහෙවරක් සිදු වෙනවා. එන්න එන්නම පින්තූරය පරිපූර්ණ වෙනවා. ගොඩක් ස්තුතියි!

      Delete
  4. අපේ වංසෙ ගැන මොකක්ද කිව්ව නිසයි ආවෙ. අපි හොඳ වැදගත් සිගාල වංසෙ. ඔහෙලත් බයියොන්ට හූ කියන කොට, අපිත් ඔය ඉඳලා හිටල හුවක් කිව්වට මොකෑ නේද?

    ඔහේගෙ මෑණියැන්දෑත් නියම ගිණි පෙනෙල්ලක් නෙව බලාගෙන ගියාම. හනුමා වගේ වටේටම ගිණි තියලා, වැඩේ පත්තුවෙන්න කලින් රටෙනුත් මාරු.🤭🤣👌

    ReplyDelete
    Replies
    1. ආයුබොවන්, ආයුබෝවන් නරිමොටා උන්නැහේ.
      යන්තං හරි නම කියවුණොත් එනවා නං හැමදාම ඔය නරි වැඩ මොන-මොනව හරි ලියනවනේ. හූ කිව්වටත් කිසිම වැරද්දක් නෑ!!!
      xරි වැඩ කළ නරි ඇමටි කෙනෙක්ව ඊයේ හිර ගෙදරට ගෙනියද්දී මිනිස්සු හූ කිව්වේ.

      ගිනි පෙනෙල්ල- හනුමා වගේ... නියමෙට ගැලපෙනවා. මට ඔය වචන මතක් වුනේ නැහැනෙ යකඩෝ. ඊළඟ කොටස් ලියවෙද්දී නං ඔයාට පින්සිද්ද වෙන්න මතක් වෙයි වගේ..

      Delete
  5. ම්ම්.. තවත් කොටසක් තියෙනවා එහෙනම්...
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා දුමී. එකකට වැඩියත් වගෙයි...

      Delete
  6. බොහොම ස්තූතියි නිදී. නිදී ගෙ අම්මා එක්ක ලඟ නෑදෑ කෙනෙකුට තරහ ගියත් පිටින් බලන කෙනෙකුට නම් හිනා යනවා. ඔය කථාවට බොරු කේලම් කියන කෙනෙක් මමත් දන්නවා. මට තේරිලා තියෙන්නෙ එයා ඒ මිනිස්සු කොටවන්න බලාගෙන කරන එකක් නෙවෙයි. ඒ වෙලාවට තමන්ව උලුප්පලා පෙන්වන්න කරන දෙයක්. මානය නිසා වෙන දෙයක් මිසක් ඒකෙන් වෙන අයට කරදර වෙනව කියන එක ඒ අයට වැටහීමක් එන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි ඉයන් මහත්තයෝ.
      මුල් කාලේ නං මට අපේ අම්මගෙ ඔය ගතිය ගැන හිතුණේ මහ පිළිකුලක්. ඉතිං තිස්සෙම වලි තමයි. මාත් හුඟාක් වයසින් මෝරනකොට තමයි ට්කක් මෝදු වෙලා ඉවසන්න පටන් ගත්තේ.
      ඒ ගැන තව ටිකක් ඊළඟ posts වලදී ලියවෙයි.

      Delete
  7. ඇත්තටම ඔය දව කියන දේ නැත්තං කෙිච්චර දේවල් වෙනස් වෙලා ඇතිද.. කොච්චර දේවල් 🤭🤭😉😉

    වයසට යද්දි ඔක්කම එක වගේ වෙන්නැති නේ 😂😂

    ReplyDelete
    Replies
    1. දිවේ මහිමය ඉස්සර උදවිය හොඳටම දැනගෙන හිටි නිසානේ මහේෂ්, එයාල අර කියමනක් කිව්වේ.
      'රට වට කර වැටක් බැන්දත් කට වට කර වැටක් බඳින්න සමතෙක් නෑ' කියල.
      වයසට යද්දී ඔක්කොම එක වගෙද කියල මං තවම දන්නෙ නැ මහත්තයෝ- මං තවම එහෙට ගිහිං නැති හින්දා.....

      Delete
  8. ආ බොහෝම ස්තූතියි නිදී මගෙ බ්ලොග් එකට ඇඩ් එකකුත් දාන ගමන් පවුල් ගසත් පින්තූරෙකින් දැම්මට.නමියාටත් ස්තූතියි මේ වැඩේට කරලා දුන්නට..දැන්ම මේක ස්ක්‍රීන් ශොට් එකක් ගහලා සේව කරලා දානවා...නැත්තං සමහර වෙලාවට අගමුල පැටලෙනවා මේ නම් ගොඩත් එක්ක..කොහොමත් මට නම් මතක හිටින්නේ නැති අවුලකුත් තියෙනවා...වයසට යද්දි බිරිදගෙ නමත් අමතක වෙලා ඩාලිං කියන්න වෙයි කියලා බයකුත් තියෙනවා
    බොරලැස්ගමුවේ කඩයක් කියන්නේ දැන් නම් ඉතින් සල්ලි උල්පතක් තමයි.

    හොරණ ගෙදර ට මොකද උනේ කියලා එහෙනම් බලමු. කිව්වත් වගේ දේපල තණ්හාවක් නම් පවුලේ කාටවත් තිබිලා නෑ.

    මට නම් එක ගෙයක් හදලත් එපා වෙලා ඉන්නේ මේ බාස්ලත් එක්ක, නිමල් නම් ගෙවල් හදන එක එච්චර ගේමක් නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. මයියා,
      මම නිතිපතාම Blog Stats ගැන බලනවා. Top Referrers ගැනත්... ඒ නිසාම මට තේරුම් ගිය දෙයක් තමයි blog සින්ඩිවලින් වගෙම බ්ලොග්ස්වලිනුත් කියවන්නන් ගොඩක් මගේ blog අඩවියටත් පිවිසෙන බව. ඉතිං මමත් හැකි හැම විටම සහෝදර blog අඩවිවලට සහාය දෙනවා- අදාළ; සුදුසුම තැනකදී.

      Delete
    2. බොරලස්ගමුවේ කඩ දෙක නම් දැන් ජයටම කෙරෙනවා...
      අපොයි බාස්ලද? මං එක ගෙදරයි හැදුවේ. සුළු සුළු නොකරම බැරි රෙපයාර් කෙරෙව්වා දෙතුන් වතාවක්. ඊට පස්සේ දැන් ඒවා අතෑරලම දාල ඉන්නේ බාස්ලත් එක්ක බැරි නිසා.

      Delete
  9. ඊවා හාමු ගැන කොටස කියවලා කණගාටු හිතුනා. 💔
    ඒත් ඈ හිත හොඳ උතුම් කාන්තාවක් වගෙයි පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බස්සෝ, මට හමු වුණු ඊවා හාමුත්, එයාගේ අම්මා ලොකු හාමුත්, සීදේවි හාමුත්, සුරංගනී හාමුත් කියන අය නියමම හාමුලා. වලව් පැලැන්තියෙන් පැවත ආව උදවිය. අභිමානවත් වුනාට ආඩම්බර වුනේ නෑ; නම්බුව බලෙන් ගන්න ගියේ නෑ. කරුණාවන්තයි.
      එයාලගේ දූ දරුවන්ව මම දකින්නෙ ඊට වඩා වෙනස් විදිහට.

      අපේ අම්මා පරම්පරා සල්ලිකාරියක් නෙවෙයිනෙ. බදුල්ල කණුපැලැල්ලේ දුප්පත් ගැමියෙකුගේ දුවක්. අපේ තාත්තා බදුල්ලේ සීයා ගැන කියපු 'කෝච්චියට තණකොළ කපාගෙන ආව කතාවෙන්ම' තේරෙනවනේ බදුල්ලේ සීයා; R V කිරිවන්තේ කොච්චර අහිංසක මනුස්සයෙක්ද කියලා.
      ඉතිං පස්සේ පස්සේ අලුතින් සල්ලිකාරයන් වෙන කාටත් හැදෙන ලෙඩේ අපේ අම්මටත් හැදුණා. කොච්චරද කියනවා නං- වතාවක් මට මෙහෙමත් කිව්වා; මේ ගෙදරට ආව දවස්වල. "මොකක්ද රංජි මේ අහල පහළ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ, ඇයි ඒ මිනිස්සු ඔක්කොම ඔයාට නිමල් අයියේ කියන්නේ. මෙච්චර ලොකු ගෙදරකත් ඉඳගෙන නිකංම බලාගෙන ඉන්නේ- ඒ මිනිස්සුන්ට කියන්න ඔයාට නිමල් මහත්තයා කියල කථා කරන්න. මට නෝනා කිව්වොත් කටේ දත් හැලෙයිද එහෙම නොකියන්නේ."

      Delete
  10. අර උඩ ඉයන් නිදිගෙ අම්මා ගැන කියලා තියෙන එක හරි වෙන්නත් ඇහැකි. ඈ ඕන කමින් කාවවත් කොටවන්න නොකලා වුනත්, ඒත් වැඩේ අල වේගන එනකොට සුරුස් ගා මාරු වීමෙන් කියවෙන්නෙ වෙනම කතාවක්. 🤭

    මම නිදිගෙ ජීවිත කතාවට කැමති එක හේතුවක් තමයි, ඒක කොලේ වහල ගහන කතාවක් නොවෙන එක.මමත් ඇතුලුව අප බොහෝ දෙනෙක් ලියන්නෙ අපේ පුරාජේරුව. එහෙම ලියන කොට බොහෝ විට ඉස්මතු වෙන්නෙ අපේ වීරත්වය. මෝඩකම් සහ කල වැරදි යට යනවා. ඒත් නිදි ඒවා ඔක්කොම ලියනවා. ඒක වටින්නෙ, අනිත් අයට ඉගෙන ගන්න පාඩම් වැඩි හරියක් තියෙන්නෙ ඒ වැරදි/මෝඩකම්/අමනකම් තුල වීම නිසයි.

    නිදිලෑ අම්මා සහ ඩැඩා අතර විවාහය "මැරේජ් ඔෆ් කන්වීනියන්ස්" වගේ එකක්ද? කතාවෙන් කියවුන හැටියට ඩැඩා සහ ආර් ලීලාවතී පොර කුකුල් ජෝඩුවක් මෙන් "සක්‍රීය" fowl-ජීවිතයක් ගතකල බව හැඟුනා. අකමැති නැත්නම් ඒ ගැනත් ලියන මෙන් ඉල්ලා සිටිනවා.

    ශ්‍රෝඩාරාමය - දැන් බලාන්ට නෝනා, මේ පිනෙන් සැසිල් මහත්තයට
    ස්වර්ගයේ ඉඳලා තව්තිසාවට ට්‍රාන්ස්ෆර් එකක් ලැබෙනවා. බෝනස් එකක් විදිහට අපි බග් පියට් එකකුත් ඒ පැකේජ් එකටම දානවා.

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ, ඔයාගේ උඩ comment එකට උත්තර ලියන්න කලින් මේ comment එක කියවලා නොහිටිය නිසයි අච්චර විස්තරයක් ලියැවුණේ!!!!!!

      ඒ නිසා පළමුවෙනි ඡේද දෙක අත හරිනවා. Comment එකේ 3,4 ඡේදවලට විතරක් උත්තර ලියනවා, හොඳේ.
      අපේ අම්මා නං ඩැඩාව බැඳගන්න ඇත්තේ එංගලන්තෙ වීසා ලැබෙන හින්දාම වෙන්නැති. ඩැඩා නම් මගෙත් එක්කම කිව්වා එයාට ඕනේ වුනේ නියම කම්පැනියන් කෙනෙක් මිස sex partner කෙනෙක් නෙවෙයි කියලත්.
      (අම්මව එංගලන්තෙට ගෙන්න ගත්තු තිරීස් මිසී සියදිවි හානි කරගත්තට පස්සේ) ආන්ටි එරීන්ලගේ ගෙදර අපේ අම්ම උන්නු අහිංසක විදිහ දැකලා ඩැඩා හිතන්න ඇත්තේ 'ආසියාතික house wife' කෙනෙක්ව හම්බ වුණා කියලයි.
      මට හිතුනු විදිහට නම්- පළමු බිරියගෙන් දික්කසාද වෙලා; පුතාගෙනුත් ඈත්වෙලා හිටි ඩැඩා වැඩියත්ම ඉඳල තියෙන්නේ එරීන් ආන්ටිලගේ ගෙදරයි. සමහරවිට අපේ ඩැඩා එයාලට ඇණයක් වෙන්නත් ඇති.
      ආන්ටි එරීන් කපුකම කරලා එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙක්ම මැරුවා වගෙයි නේද? එරීන් ආන්ටි එහෙම අතිදක්ෂ අංගනාවක්!
      ඔය විස්තර සමහරක් විටින් වට ලියවිල තියෙන්නේ. ඒත් ඔන්න ඔයාගේ යෝජනාවත් අනාගත post එකක් ලියනවද කියන ගොඩට දමා ගත්තා.

      Delete
    2. ශ්‍රෝඩාරාමේ ගැන තව ඉස්සරහට ලියනවනේ... දැන්ම මොකුත් ලියන්නෑ!
      කමක් නැහැ නේද?

      Delete
    3. ශ්‍රෝඩාරාමේ ගැන අලුත්ම තොරතුරු හොයන මිෂන් එකකුත් plan කරලයි තියෙන්නේ.

      Delete
    4. ආන්න ජංසං. තව දාහක් වටිනවා.💐👌🙏😊

      Delete
  11. අලුත් රසවත් කතා වැලක ඇරඹුම!

    ReplyDelete
    Replies
    1. ඔව් තට්ටය මහත්තයෝ! ස්තුතියි!!

      Delete
  12. ඊව හාමුට ගෙට ගෙවදින එකට ගෙන්නුව එක නම් පංකාදු වැඩේ. ඇති කාලෙ සැලකුම් ලබාගෙන නැතිදා අමතක කරන්නෙ නැතුව.

    ඒත් මට ආතිවුන පුරස්නෙ නිදි ලොක්ක ගෙට ගෙවදින උත්සවයක් වගේ එකක් තිව්වද කියන එක. අම්ම එන නිසාත් එහෙම කලාද. එහෙම උස්සවයක වරදක් මංනං දකින්නෙ නෑ. නිකමට ඇහැව්වෙ 😁

    ReplyDelete
    Replies
    1. ඇහුවට මොකෝ නමී. හිතට එන දේනෙ අහන්නේ. උත්තර දෙන්න හැකි නං උත්තර දෙනවා. නැත්තං පන්දුව නිදැල්ලේ යන්න හරිනවා.
      මං හිතනවා මම මුල අමතක නොකරන කෙනෙක්ය කියල. හැකි හැම විටම කළගුණත් සලකනවා. ඒ නිසයි ඊවා හාමු, ලාල් අයියා දෙන්නටම ගෙවැදීම කිව්වේ.

      ඔයාගේ සැකය හරි නමී, ගෙට ගෙවැදීමේ උත්සවයක් තිබ්බේ නෑ. උදේ තේ මේසයක් පිළියෙළ කළා විතරයි.

      Delete
  13. ඊගාව කොටහත් බලලමු ඉමුකො එහෙනං.

    නමියට හොඳට පවුල් ගස් අඳින්න පුලුවංකම තියෙනවනෙ ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. ඊගාව සැරේ හිටං අඳිනව... වවුල්මොටාගෙ පෞල් ගෂ 🤭

      Delete
    2. නමී, කවුද තෝම්බුව දුන්නේ?

      Delete
    3. බස්සා වැඩ කරන්නේ ආකයිව්ස් එකේද?

      Delete
  14. මමත් ඔබගේ පොස්ට් ඔක්කොම වගේ කියවල තියෙන්නේ. කමෙන්ට් කරන්න මග හැරුණත්... අලුත් කතාවත් දිගට ලියන්න... ඔබ ලියන ආකාරය හරිම රසවත්...

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට ගොඩක් ස්තුතියි ලලිත්!
      ප්‍රෝඩාරාම කතන්දරේ posts කීපෙකටම තමයි ලියන්න වෙන්නේ, මහත්තයෝ. මොකද අදාළ විස්තර ගොඩක් තියෙන හින්දා... දිගටම කියවන්නකෝ...

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්