li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, April 25, 2025

පිං බෝ වේවා!

“නිමල් නේද?”

“ඔ..ව්...” ඒ කටහඬ එච්චර පුරුදු එකක් නොවෙන නිසයි, මං කල් ගනිමින් උත්තර දුන්නේ.
“මම කරුණාරත්න... blog...” (කරුණාරත්න කියන්නේ බොරු නමක්, හොඳේ. මේ post එක ලිවීම පහසු වෙන්නයි ඒ නම යොදා ගන්නේ.)

ෂෙහාන්ලා කට්ටිය ‘අපේ පවුලේ අවුරුදු උත්සවය’ක් පවත්වන්නටත් සූදානම් වෙමින්ය, ඉන්නේ.

මට මතක් වුණා. “දැන් නං අඳුනගත්තා. ඉතිං, ඉතිං කරුණාරත්න මහත්තයෝ.”
“මම නිමල්ලා කරපු පිංකම ගැන කියෙව්වා. බොහොම හොඳ වැඩක්නෙ ඔයාල කරලා තියෙන්නේ... මාත් ගොඩක් impress වුණා!”

“අහන්නත් සතුටුයි කරුණාරත්න මහත්තයෝ. මම දැනුත් ඒ සීරීස් එකේ තුන්වෙනි කොටස ලිය-ලියා ඉන්නේ.”
“එහෙනං මම නිසා ඒ වැඩේටත් disturb වුණා නේද?”
“ඒක එච්චර බාධාවක් නෙවෙයි කරුණාරත්න මහත්තයෝ. කාලෙකින්නේ ඔයා කතා කළේ...”

“මම කතා කළේ නිමල් ලොකු වැඩකට. ඔයාගෙ posts කියවද්දී මටත් ආස හිතුණා Cancer Hospital එකට ලෙඩ්ඩු බලන්න එන visitorsලට බස් ගාස්තු ගෙවන්න.”

“අනේ සාදු, කරුණාරත්න මහත්තයෝ. අපි කරපු වැඩේ ගැන මං ලියන්න ගත්තෙත් තව කාට කාට හරි මේ වැඩේ කරන්න හිතෙයිනේ කියල හිතාගෙන. සත්තයි, මට හරිම සතුටුයි, දැන්මම ඒක ඉෂ්ට වෙන්න යන එක ගැන... කරන්න- කරන්න. අපෙනුත් ඔයාට ඕනි සහයෝගයක් දෙන්නං.”

“මෙහෙමයි නිමල්, මම සේරම වියදම් දෙන්නං. ඔයා තමයි මේ වතාවෙත් ඒ රාජකාරිය කරවන්න ඕනි.” කරුණාරත්න මහතා කිව්වේ එතකොටයි.

අම්මට සිරි!
වැඩේ හොඳ බවත් ඇත්තය. පිංකමක් බවත් ඇත්තය. අපේක්ෂා රෝහලේ නේවාසිකව සිටින ලෙඩුන් බලන්නට දුර බැහැර සිට එන ඥාතීන්ට මේ බස් ගාස්තු ගෙවීම ලොකුම ලොකු සහනයක් වෙන බවත් ඇත්තය. ඒ විදිහට බලද්දී ඒ මෙහෙයුම නැවත වතාවක් කිරීමට; තුන්වෙනි වතාවටත් කරන්නට ලැබීම වාසනාවකි. ඒත්... ඒත්...

ඒ යහපත් වැඩේදී පසුගිය දෙවතාවේම වැඩිම වෙහෙසක් දැරුවේ; ලොකුම බරක් ඇද්දේ මං වහන්සේ නොවේ. ඒක කළේ ෂෙහාන් ඇතුළු කණ්ඩායමයි. තවත් වතාවක් ඒ ‘කට්ට කන්නට’ එයාලා කැමති වෙයිද?
ඒ මදිවාට ෂෙහාන්ලා කට්ටිය ‘අපේ පවුලේ අවුරුදු උත්සවය’ක් පවත්වන්නටත් සූදානම් වෙමින්ය, ඉන්නේ.

“අනේ කරුණාරත්න මහත්තයෝ. චූටි ගැටළුවක් තියෙනවා. වැඩේ plan කළේ මම වුණාට, සේරම බර ඇද්දේ ෂෙහානුයි එයාගේ යාළුවොයි- මර්වින්, තමීර, නමී වගේ අයයිනෙ. තව පාරක් මේ වැඩේ කරනවා නං උදව් වෙනවද කියල මම එයාලගෙනුත් අහන්න ඕනි....”
“කමක් නෑ, කමක් නෑ. ඔයා එයාලගෙනුත් අහල ඉන්න.”

“එතකොට මේ වැඩේට කරුණාරත්න මහත්තයත් එක්ක තව දෙතුන් දෙනෙක්වත් සහභාගී වෙයිනෙ...” මෙහෙයුමට ඕනෑ කරන පිරිවර ගැන මනෝමයෙන් ගණන් හදමිනි මං කිව්වේ.

වැඩේ කරවන්න බාර ගත්තොත් පණ කඩාගෙන හරි ඒක හරියටම කරවන්න වෙනවා. නම කැත කරගන්නත් බැහැනේ! (foto- සෙරාන් එච්. ගමගේ)

“අනේ නෑ නිමල්. ඔයාල වැඩේ කරන්න. කීයක් වුණත් යන වියදම මං දෙන්නං.
හැබැයි ප්‍රධානම දේ...
මම එහෙම කරන බව ඔයා විතරක් දැන ගත්තම හොඳටම ඇති. මගේ නමවත්- විස්තරවත් කිසිම කෙනෙකුට කියන්න එපා. මට ඕනි වැඩේ කෙරෙන්න විතරයි.”

‘ඔය කිව්වට, post එක කියවද්දී කරුණාරත්න මහත්තයට හිතිච්ච ගමන්ම මට ටෙලිෆෝන් කළාද කියලා කවුද දන්නෙ? පස්සේ පස්ස ගැහුවොත්... නම ගම කියන්නත් එපාලු.’
තලියේත් කිඹුලන් දකින නිමල් දිසානායකයාට එවෙලේ හිතුණු විත්තිය හංගන්නේ මොකටෙයි? පස්සේ ඕන්නෑ කියල එයාටම හිතුණොත්...

කරුණාරත්න මහත්තයට ‘පරචිත්ත විජානන ඥානය’ තියෙනවාවත්ද? මං හිතපු දේ එයාට දැනිලද මංදා...
“මට හිතෙන්නේ නිමල්, ඔයාගෙ group එක බැහැයි කියන එකක් නෑ. ඔයාගේ Bank Account නම්බර් එකයි විස්තරයි එව්වොත් මම දැන්මම වුණත් රුපියල් xxxxxx ඒකට දාන්නං.” කරුණාරත්න මහත්තයා බොහොම සන්සුන් හඬින් කියපි!
රුපියල් xxxxxx... පුංචි ගණනකුත් නෙවෙයිනෙ. පහුගිය දෙවතාවේම බස් ගාස්තු වශයෙන් අපි ගෙවු මුදලට වඩා චුට්ටයි අඩු.

කාගෙ වුණත් සල්ලිනෙ. ලොකු වගකීමක්. වැඩේ කරවන්න බාර ගත්තොත් පණ කඩාගෙන හරි ඒක හරියටම කරවන්න වෙනවා. නම කැත කරගන්නත් බැහැනේ!

“කරුණාරත්න මහත්තයෝ, අපි මෙහෙම කරමු. දැනට මම blog එකට ලියාගෙන යන ‘අම්මාට පිං ඇත’ සීරීස් එකේ තව එක කොටසයි publish කරන්න තියෙන්නෙ. ඒකත් පබ්ලිෂ් කළාම ඔයාට හරියටම මේ වැඩේ කෙරුණු විදිහ ගැන සම්පූර්ණ අදහසක් ගත්තෑකි වෙයි. මම ඒ post එක දැම්මට පස්සේ අපි මේ ගැන කතා කරන එක නේද වැඩියත්ම හොඳ?” මං කිව්වේ කරුණාරත්න මහතාට තවත් හොඳට කල්පනා කරන්නට ඉඩ සලස්සල දෙමින්.

හිටි ගමන් මටත් එහෙම ආවේග ඇති වෙයි. එක එක දේවල් කරන්නට හිතෙයි. ඒත්, ටිකක් කල් ගත වෙද්දී ඒ සමහර හැඟීම් ගැන ඇති වුණු උනන්දුව මිලින වී- ඇල් මැරී යයි. කරුණාරත්න මහත්තයටත් එහෙම වුණොත්... එතුමාටත් කාලය ලබා දිය යුතුය...

“හොඳයි නිමල්. එහෙම කරමු... ඒ කොටස දැම්මට පස්සෙ මම ඒක කියවල ඔයාට call කරන්නං.”

තව එකක්. ඔය වැඩේට මහන්සි වෙන කට්ටියට...

කරුණාරත්න මහත්තයා කටින් බතල හිටවන්නෙකු නොවෙන විත්තිය දවස් තුනකින්ම තහවුරු වුණා. ‘අම්මාට පිං ඇත’ තුන්වෙනි කොටස පළ කරපු දවසට පහුවදාම කරුණාරත්න මහත්තය ආයෙත් මට ෆෝන් කළා. එතකොටත් මං ෂෙහාන්, මර්වින්, නමී, තමිර හතර දෙනාගෙන්ම කැමත්ත අරගෙනයි උන්නේ. මම ඒ විත්තිය කරුණාරත්න උන්නැහේට කිව්වේ හීනි ආඩම්බරයකිනුත් එක්ක. ඊට පස්සේ මං කරුණාරත්න මහතාට යැවූ මේ ඊ මේල් එකින් ඔයාලට පැහැදිලි වෙයි තවත් විස්තර.

‘කරුණාරත්න මහත්තයෝ,

සුබ අලුත් අවුරුද්දක් වේවා!

මේ එවන්නේ අපේ මල්ලිගේ දෝණිව බැඳලා ඉන්න ෂෙහාන්ගේ නම හා බැංකු ගිණුමේ විස්තරයි. ෂෙහාන් තමයි පසුගිය දෙවතාවේම බස් ගාස්තු ගෙවන වැඩේ මෙහෙයවූවේ.

......

මේ තියෙන්නෙ ෂෙහාන්ගේ ටෙලිෆෝන් නොම්මරේ: .......

මොකුත් හිතන්න එපා. හදිසියෙන් මං මළත් වැඩේ තිතටම කෙරෙන්න ඕනි නිසයි ඔයාට මේ විස්තර එවන්නේ.

ඔයා තරයේම කියපු විදිහට කාටවත් ඔයාගේ අනන්‍යතාව හෙළි නොකර ඉන්නම්!

මේ වැඩේ අප්‍රේල් 22 හෝ 24 යොදා ගන්නට හිතමින් ඉන්නේ. ෂෙහාන්ගේ වචනය ලැබුණොත්.

ස්තුතියි!’

(දැනගැනීම සඳහා පිටපත- ෂෙහාන් ගල්හේන මහතා වෙත)’

ඊ මේල් එක යවලා ටික වෙලාවයි ගියේ. කරුණාරත්න මහත්තයා ෂෙහාන්ට සල්ලි එවලත් ඉවරයි. “නිමල්, මම සල්ලි එව්වා. ෂෙහාන්ට කියන්න චෙක් කරලා බලන්න කියල... තව එකක්. ඔය වැඩේට මහන්සි වෙන කට්ටියට අපි දවල් කෑම දෙමු...”
“ඒක මං කරන්නං. කලින් දවස් දෙකෙත් මම එයාලට කෑම හැදුවා මහත්තයෝ.”
“ඔයා මහන්සි වෙන්න ඕනි නෑ නිමල්. එදාට මම කෑම එවන්නං. කී දෙනෙක් වැඩේට එනවද කියලා විතරක් මට කියන්නකෝ.”

‘කල දුටු කල වළ ඉහ ගැනීම’ මගේ පුරුද්දක් නොවේ. එහෙම කෙනෙකු නම් ‘කරුණාරත්න මහතා’ හොඳ මෝරෙකු යැයි හිතනවාට සැක නැත.

“කරුණාරත්න මහත්තයෝ, පහුගිය වතාවල අත්දැකීම එක්ක මට හිතෙන්නේ... බස් ගාස්තු ගෙව්වට පස්සේ සල්ලි ඉතිරිත් වෙයි. ඔයා තවත් වියදම්...”
“නෑ නිමල්, සල්ලි ප්‍රශ්නයක් නෑ. කෑමවල වියදම මම කරන්නං. සල්ලි ඉතිරි වෙනවා නං අපි ලෙඩ්ඩු බලන්න එන අයට තව කීය-කීය හරිත් දෙමුද?”

මම චුට්ටක් විතර තාවර වුණා.

අපි එයාලගේ සර්විස් එකත් ඇප්‍රිෂියෙට් කරමු! (foto- සෙරාන් එච්. ගමගේ)

“ඔයා එහෙම ඇහුව නිසයි හිතුණේ... පැසෙන්ජර්ස්ලට අපි බස් ගාස්තුව ගෙවනවනේ... නරකද, අපි ඒ බස්වල වැඩ කරන ඩ්‍රයිවර්- කොන්දොස්තර මහත්තුරුන්ට සැලකීමක් කළොත්... ඒ අයත් ලොකු කැප කිරීමකින් ඒ බස්වල වැඩ කරන්නේ. මෙතනට එච්චර අදාළ නැති කතාවකුත් කියන්න හිතුණා මහත්තයෝ.

-ඔය අපේක්ෂා ඉස්පිරිතාලෙට එන බස් එකක අවුරුදු ගණනාවක්ම වැඩ කරපු ඩ්‍රයිවර් මහත්තයෙකුත් පිළිකාවකින්ම අන්ත්‍රා වෙලා...”

“ඒ අදහස හොඳයි නිමල්. They deserve it! අපි එයාලගේ සර්විස් එකත් ඇප්‍රිෂියෙට් කරමු. ඒකට කීයක් විතර ඕනි වෙයිද නිමල්?”

“අමතරව තව සල්ලි ඕනි නෑ කරුණාරත්න මහත්තයෝ. මේ තියෙන එව්වයින්ම මැනේජ් කරගන්න පුළුවන් වෙයි.
මං හිතන විදිහට බස් දහයක් විතර තියෙයි. එතකොට ඩ්‍රයිවර්- කොන්දොස්තර මහත්තුරුන් විස්සයි. එක්කෙනෙකුට රුපියල් පන්සීය ගණනේ දුන්නොත් ඒකටත් දහදාහක් යනවා.”

“අනේ, පන්සීය මදි නිමල්. දාහ ගණනේ දෙමු!”

මං වහන්සේ නං දාන-මාන පිංකම් වුණත් කරන්නේ limit එකක් තියාගෙනය. කරුණාරත්න මහත්තයාට නං සීමා-මායිම් නැතුවා වගෙය. උන්නැහේ දාහ ගණනේ පරිත්‍යාග කරන්නට කැමැතියි නං මං එපැයි කියන්නේ මොකටද? සිතින් සාදුකාරයක් දී පිං අනුමෝදන් වෙනවා මිස...
‘කරුණාරත්න මහත්තයට තව-තවත් හරි යන්න ඕනි!’ මට හිතුණා. හුඟක් උදවිය දාන-මාන කටයුතු කරන්නේ පිං තකාම නෙවෙයි. ලෝකෙට පෙනෙන්නයි; ලෝකෙට පරකාසේටයි. එයාල හොයන්නේ නම. එයාලට ඕනි ‘මමයි වැඩ්ඩා’ කියල පුරසාරම් කියන්නයි.  එහෙම අයත් අපේ වැඩවලදී මට හම්බ වෙලා තියෙනවා.

එක වතාවක් රුපියල් ලක්ෂ හතරක් (වගෙයි මට මතක) වටින ‘සමාජ සත්කාරක පොදු ඉදිකිරීමේ කටයුත්තක්’ කරන වෙලාවේ සිද්ද වෙච්ච ලස්සන දෙයක් තියෙනවා. ඒකත් ඔයාලට කියන්නංකො.
වැඩේ කෙරුණේ දුර පළාතක. එහෙ ඉන්න මගේ හිතවතෙක්; xxxx (එයාත් අතින් කාල අනුන්ගේ හරක් බලාගන්නා වරිගේට අයිති කෙනෙක්.) තමයි අපි වෙනුවෙන් ඒ කටයුත්ත කෙරෙන විදිහ සොයා බලමින් මට විස්තර කිව්වේ.
ඒ කටයුත්ත පටන් ගන්නකොටම මම අපේ ආධාර පිරිනැමූ හිතවතුන්ට මෙහෙම කිව්වා.

“xxxx හොඳ අවංක හාදයෙක්. සතේට ගණන් බේරයි- සේරම විස්තරත් මට කියයි. ඒ විස්තර මම ඔයාලටත් කියන්නං. වැඩේ කෙරෙන අතරේ දෙපාරක් තුන්පාරක් විතර එහෙ තත්ත්වේ බලන්න අපිටත් එන්න වෙයි කියලත් xxxx කීවා. යමු! හැබැයි අපේ වියදමෙන්. වැඩේට හම්බ වෙච්ච ආධාර සල්ලිවලින් සතයක්වත් අපේ ගමන්වලට වියදම් කරන්නෙ නෑ. හරිනේ...”

එහෙත් ඒවා මේ සද් ක්‍රියාවට බලපාන්නේ නැති නම් ඒ ගැන කලබල නොවී... (foto- සෙරාන් එච්. ගමගේ)

හැමෝම එකඟ වුණා. එහෙම එහාට ගිය වෙලාවක xxxx හිතවතා මට අපේ නඩයේ කෙනෙකු ගැන රහසක් කිව්වා.

“නිමල් මහත්තයා, මෙච්චර දවස් මං ඔයාට නොකිය හිටියෙ. අර... අර මහත්තය ඔයාටත් වැඩියෙන් මට ටෙලිෆෝන් කර-කර මෙහෙ විස්තර ඇහුවා. හංගන්න දෙයක් නැහැනෙ. මාත් කිව්වා... ඊට පස්සේ තමයි වැඩේ! එයා කිව්වනෙ-නිමල් මහත්තයට වුණත් වැඩිය විස්තර කියන්න එපා. එයාට විතරක් එව්වා කිව්වම ඇති- කියලා. අදත් මගෙන් ඇහුවා, ඒ කතාව ඔයාට කිව්වද කියලත්. ඉතිං නිමල් මහත්තය මොකද්ද මම මීට පස්සේ කරන්න ඕනි?”

“xxxx, ඔයා මොකුත් වෙනසක් පෙන්නන්න එපා. එයා අහන ඕනෑම විස්තරයක් කියන්න. එයාත් රුපියල් 25,000/-ක්ම දුන්නු කෙනෙක්නෙ...
හැබැයි, එයා මොකක් හරි මගඩියක් යෝජනා කළොත් හෙම හොඳ ළමයා වගේ පට ගාලා මට කියන්න, හොඳේ!”

මිනිසුන් එහෙමය... එක එක්කෙනාගේ හැටි එහෙමය.
“බලාගෙනයි නිමල්. ඔය මහත්තයත් ලෝකයෙක්ද දන්නෑ... පරෙස්සමින්.” හිතවතෙකු අනතුරු ඇඟෙව්වාත් එක්කය. ඒත් කරුණාරත්න මහත්තයාගේ වැඩ-පිළිවෙලින් මට පෙනෙන්නේ ඔහු අවංක විත්තියයි. සමහර විට ඔහුටත් සැඟවුණු අරමුණු තිබෙනවා වන්නටත් ඉඩ තිබේ.
එහෙත් ඒවා අපට; මේ සද් ක්‍රියාවට බලපාන්නේ නැති නම් ඒ ගැන කලබල නොවීම මගේ සිරිතයි.

(කරුණාරත්න මහතාණෙනි, ඇත්තම පැවසීම ගැන උරණ නොවෙනු මැනවි!
මෑත අතීතයේ අවස්ථාවකත් ගිනි පෙනෙල්ලකින් බැට කන්නට මට සිදු විණි. ඒ අලුත් මතකය ප්‍රබල බැවින් මම කණාමැදිරි එළියටත් බිය වන්නෙමි. හරිහැටි ඔබව හඳුනාගන්නට මට කාලයක් අවශ්‍යය. හරිහැටි මා හඳුනාගන්නට ඔබටත් කාලයක් අවශ්‍යය. අපේ ස්වභාවය හරිහැටියෙන්ම හෙළිදරව් වන්නේ අප පවසන දේටත් වඩා අපේ ක්‍රියාවන් තුළිනි.)

ඉතිං...
මේ බස් ගාස්තු ගෙවීමේ පිංකම නිසා ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය රසික-රසිකාවන්ට නං සිද්ද වුණේ පුංචි අසාධාරණයක්. ඒ posts පළ කිරීම ටික-ටික පරක්කු වුණායින්. ඒ ගැන කනගාටුයි, හොඳේ.
අනෙක් අතට, අවුරුදු කාලෙ හින්දා ඔයාලටත් blog කියවනවට වැඩි වැදගත් දේවල් කොච්චර තියෙන්න ඇතිද?

එහෙම වුණත් මේ පෝස්ටුව පුළුවන් තරං ඉක්මනින් පළ කරන්න හිතාගත්තා. ඒ නිසාම post එකෙන් තුන්කාලක්ම 24 වෙනිදට කලින් ලියලා අහවර කළා...

අද 2025 අප්‍රේල් 24. වෙලාව උදේ 5.13යි.
ඊයේ රෑ කරුණාරත්න මහත්තයාට කතා කළා. සේරම වැඩ ටික සංවිධානය කරලා තියෙන විත්තිය කිව්වා. එහෙම කරන එක නෙව යුතුකම.
“ගොඩක් ස්තුතියි නිමල්, මගේ වෙනුවෙන් මහන්සි වෙනවට. කොහොමද කෑම වැඩේ? ඒකට කීයක් යනවද. මම ඒකට වෙනම සල්ලි එවන්න ඕනි.”

පහුගිය වතාවෙත්- මේ වතාවෙත් හැදුව slips දෙකේම ‘මාර අඩුවක්’ මට නං දැනුණා. ඒ දෙකේම ‘පණිවුඩය පවසන කෙනෙක්’ ගැන...

මට එක විඩේම හිතුණේ ‘වට්ටියෙන් වුණාම මොකද- පෙට්ටියෙන් වුණාම මොකද’ කියලයි.

“මම එදත් කරුණාරත්න මහත්තයට කිව්වේ, ඔයා එවපු සල්ලිවලින් මේ සේරම කරගන්න පුළුවනි...”
“බෑ බෑ බෑ නිමල්. කෑමවලට මං වෙනම සල්ලි එවන්න ලෑස්ති වෙලා ඉන්නේ. මෙහෙම වැඩවලට මහන්සිවෙලා help කරන කොල්ලො-කෙල්ලන්ට අපි හොඳට සලකන්න ඕනි...”

“හරි! මම හෙට බස්වලට බෙදන්න හරි ගස්සන slip එකේ වැඩ වගයක ඉන්නේ. හෙට දවල් දොළහට විතර මම ඔයාට call එකක් දෙන්නං විස්තර කියලා. කමක් නැහැනෙ කරුණාරත්න මහත්තයෝ.”
“කමක් නැහැ නිමල්... දැනට මේක විතරක් කියන්න දෙන්න... මට නිකම්ම කරුණාරත්න කියල කතා කරනවද මහත්තයෝ කෑල්ල අතෑරලා...”

ඒ වෙද්දීත් නමී උන්නේ, මං slip එකේ පිටපත කියවලා අනුමැතිය දෙනතුරුය.

‘ලීලා ශ්‍රෝඩර් මාතාවට පිං පැමිණවීම සඳහා සද්ක්‍රියාවක්
2025 පෙබරවාරි 22 වෙනිදාත්, මාර්තු 20 වෙනිදාත්
සිදු කෙරිණි. මහරගම අපේක්ෂා රෝහලේ
නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බලන්නට
ශ්‍රී ලංකාවේ සිව් දෙසින් පැමිණි ඥාතීන්ට
ආපසු ගමන සඳහා බස් ටිකට්ස්වල ගාස්තුව ගෙවීමය;
ඒ පිංකම වුණේ.

ඒ ගැන විස්තර රැසක් ‘නිදිගෙ පංච තන්තරේ’ blog අඩවියෙහි
‘අම්මාට පිං ඇත’ නමින් කොටස් තුනකින් යුතු ලිපි මාලාවක
ලියැවිණි. (
https://nidigepanchathanthare.blogspot.com/2025/03/blog-post_24.html ලින්කුව ඔස්සේ කැමති කෙනෙකුට
අන්තර්ජාලයෙන් ඒ රසබර විස්තර කියවා බැලීමට හැකිය.)

ඒ ලිපි කියවූ කරුණාබර මහත්මයෙකුට ‘යළිත් වතාවක්’
ඒ පුණ්‍ය කටයුත්ත සිදු කරවීමට සිතක් පහළ විණි. සිය
නම-ගම හා විස්තර පවා හෙළිදරව් නොකොට
තබා ගනිමිනි, ඒ මහත්මා අද; 2025 අප්‍රේල් 24 වෙනිදා
මේ සද්ක්‍රියාව කරවන්නේ.

ඒ මහත්මාටත්, මේ කටයුත්තේදී නන් අයුරින් සිය ශ්‍රම
දායකත්වය සැපයූ සියලුම දෙනාටත් ස්තුති පූර්වක වෙමින්
‘නිදුක්- නිරෝගී- සුව සම්පත හා චිර ජීවනය’ ප්‍රාර්ථනා කරමු!

(මේ පුණ්‍ය ක්‍රියාවේ රසබර විස්තර ඇතුළත් ‘පිං බෝ වේවා!’
ලිපිය අප්‍රේල් 26 වෙනිදා ‘නිදිගෙ පංච තන්තරේ’
blog අඩවියෙහි පළ කෙරෙනු ඇත.)’

පහුගිය වතාවෙත්- මේ වතාවෙත් හැදුව slips දෙකේම ‘මාර අඩුවක්’ මට නං දැනුණා. ඒ දෙකේම ‘පණිවුඩය පවසන කෙනෙක්’ ගැන කිසිම සඳහනක් නෑ!
‘එහෙම යොදනවා නං කාගේ නමද දාන්නේ? කරන වැඩේ මිසක් කාටවත් ප්‍රසිද්ධිය ගන්න බලාගෙන නෙවෙයිනෙ අපි මේ පිංකම කරන්නේ... ඒත්- මේ ගැන හැකිතාක් වැඩි පිරිසක් දැනුවත් වෙනවට අපි ආසයි. ඒ කරුණාරත්න මහතා වගේ තවත් සහෘදයන් ගොඩක් මේ සද් ක්‍රියාව කරන්නට පෙළඹෙයි කියා හිතමින්!

පිළිකා රෝහල ළඟින් පිටත්ව ගිය බස් රථ නවයක මඟීන්ගේ බස් ගාස්තු... (foto- සෙරාන් එච්. ගමගේ)

පොඩියට හරි!
තම-තමන්ගේ ශක්තියේ හැටියට සංවිධානය වෙලා එක බසයක මඟීන්ගේ බස් ගාස්තුව වුණත් ගෙවනවා නං...

“xxx මහත්තයෝ. ඔයා චුට්ට වෙලාවකට හරි මේ වැඩේ කෙරෙන වෙලාවේ අපේක්ෂා ඉස්පිරිතාලේ ගාවට ඇවිත් බලන්න.” මගේ blog ලිපි කියවන තවත් ව්‍යාපාරික හිතවතෙකුටත් මං ඊයේ දවල් ආරාධනා කළා.
“මම ඒත් හිත-හිතා හිටියෙ නිමල් අයියා මොකද මේ සැරේ මට ඔය ගැන නොකිව්වේ කියලා.”
“මුල්ම වතාවේ අපි ඒ වැඩේ කළේ පවුලේ තුන් හතර දෙනෙකු එකතු වෙලා. මේ සැරෙත් තනි මහත්තයෙක් තමයි සේරම වියදම් දරන්නේ. ඔයාටත් ලොකු යාළු සර්කල් එකක් තියෙනවනේ... OBA එකෙත්... නරකද එයාලටත් මේ පිංකම ගැන යෝජනා කළොත්...”
“අම්මට සිරි! හොඳ අයිඩියාවක් නේන්නං...” XXX කීවේය.

මගේ ඉලක්කය තව-තවත් සහෘද මහත්ම මහත්මීන්ගේ අවධානය මේ සද්කාර්යය කෙරෙහි යොමු කරවාලීමයි. ඔවුනුත් කණ්ඩායම් වශයෙන් සංවිධානය වී; ඔවුන් විසින්ම මෙම කාර්යය කරන්නට පෙළ ගැසෙන්නේ නම් මගේ අරමුණ ඉටු වුණා වෙයි!

අප්‍රේල් 24. වෙලාව දවල් දොළහයි.
“කරුණාරත්න මහත්තයෝ... සොරි. මහත්තයො නෑ. අපේ නඩේ කට්ටිය පිළිකා රෝහල ළඟට ගියා. එන්න හිටි දෙන්නෙකුටම නිවාඩු ගන්න බැරිව ආවේ නෑ. හය දෙනෙක් ගියා... දොළහමාර වෙනකොට කෑම ටික ගෙනෙයි.”
“ඒකට කීයක් වෙයිද නිමල්?”
“මගේ තක්සේරුවේ විදිහට නං ඔයා එවපු සල්ලිවලින් ඒ වියදම් සේරම cover කරගන්න පුළුවනි. වෙන සල්ලි ඕනි වෙන්නේ නෑ.”

“නෑ නිමල්. මම ඒක වෙනමම එවන්න හිතාගෙන ඉන්නේ. ඔයා දන්නවද... ඔයානෙ මේ වැඩේ අදට යොදා ගත්තේ. අදට මගේ තාත්ත අන්තරා වෙලා අවුරුදු පහයි!”
“අනේ! එහෙනං අපි ඔයාලගේ තාත්තටත් මේ පිං අනුමෝදන් කරවමු! දවස නං මම තේරුවා නෙවෙයි. පිළිකා එකේ clinic දවස නිසා අදට දාගත්තේ. බ්‍රහස්පතින්දාටලු වැඩිම සෙනඟක් එහාට එන්නේ..”

අප්‍රේල් 25. වෙලාව උදේ අටයි.
“ආයුබෝවන් කරුණාරත්න ම...” එතැනදී විතරක් චුට්ටක් පැටලුණා. අනිත් විස්තර ටික නම් පැටලුණේ නෑ.

අපේ කට්ටිය ඊයේ දහවල් පිළිකා රෝහල ළඟින් පිටත්ව ගිය බස් රථ නවයක මඟීන්ගේ බස් ගාස්තු ගෙවලා. දවල් 12.30 සිට 2.10 දක්වා. මහනුවර, මුලතිව්, හලාවත, නිකවැරටිය, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, ගිරිඋල්ල, හා මහියංගනය බස්වල මඟීනට. මං ඩීටේල්ස් එක්කම කිව්වා.
“අපේ කට්ටියටම පුදුමලු. බස් තුනකම ඩ්‍රයිවර්-කොන්දොස්තර මහත්තුරු එයාලට සල්ලි එපා කියලා. අපේ උදවිය එයාලට තේරුම් කරලා දුන්නලු... මේ වතාවේ පිංකමට ස්පොන්සර් කරන මහත්තයා එයාලගේ සේවය අගේ කරමින්- එයාලට කෙරෙන උපහාරයක් විදිහට දාහ ගණනේ පරිත්‍යාග කරන්නත් සල්ලි දීලයි තියෙන්නෙ කියල ඊට පස්සෙලු සල්ලි බාරගත්තේ.”

ඉතිං කොහොමද නිමල් අයියේ? ඊයේ වැඩේ සාර්ථකයිද? (foto- සෙරාන් එච්. ගමගේ)

දැනටමත් post එකේ වචන දෙදාහට වැඩිය. එබැවින් කරුණාරත්න මහතාත් මාත් අතර කෙරුණු කතාබහ සියල්ල නොලියමි. එකක් විතරක් ලියන්නෙමි.

එතුමා එවා තිබුණු මුදලින් ඉතිරියත්, පසුව (කෑමවලට) එවූ මුදලුත් සමඟ දැනටමත් රුපියල් 25,000/-කට ටිකක් වැඩි මුදලක් මගේ ළඟය! “ඔයා ඔය සල්ලිවලින් කීයක්වත් නොගන්න බව මම දන්නවා. ඊළඟට කවද හරි ඔයාල ආයෙමත් ඔය පිංකම කරනකොට ඔව්වා ගන්න. මතක ඇතිව එතකොටත් මට කියන්න...”

ඊට විනාඩි දහයකට පස්සේ තවත් හිතවතෙක් මට කතා කළේය. එයාත් blog අඩවිය නිසාම දැන-හඳුනාගත් (විදෙස්ගත) සහෘදයෙකි. “ඉතිං කොහොමද නිමල් අයියේ? ඊයේ වැඩේ සාර්ථකයිද?”
අපේ කතාවත් පැය බාගයකට වඩා ඇදුණි.
මගේ කියවිල්ලේ වැඩියෙන් තිබුණේ උද්දාමයද? ඒකෙන් අර හිතවතාට මොනවා හිතෙන්නට ඇතිද?

“ඔන්න ඔව්වා තමයි බොලේ පිංකම්. ඔහේ තව මාසෙකට දෙකකට ආයේ එහෙම වැඩකට අත ගහන්නේ නෑ කිව්වට මං නොදන්නවයැ පුතයගෙ තරම. 😂😂😂 දැන්ම මටත් එවනවා bank එකවුන්ට් විස්තරේ...
දුරම ඉඳල ඔතැනට එන්නේ මුලතිව් බස් එකනෙ.
වැඩිය නෙවෙයි- මගේ ගණනේ මුලතිව් බස් එකේ පැසෙන්ජර්ස්ලගේ බස් ගාස්තුව ගෙවන්න ඕනි... මම එවනවා තිස් දාහක්. හැබැයි ගොයියෝ, මගෙත් නං-ගං විස්තර කීම තහංචියි. හරිද?”

ඒ විදිහට බලද්දී දැනටමත් ඊළඟ ප්‍රයාමයට...෴0෴

17 comments:

  1. මෙදා පාර වැඩේට සම්බන්ද වෙන්න බැරි උනා (මගේ වරැද්ද, මට වැඩවැඩි උනා, eමේල් එකත් අතුරුදහන් උනා) දැන් අපි සෙට් නේ, ඊළඟ සැරේ මට කියන්න.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. කියන්නම්. ඒත් තව මාසයක්වත් යනකල් ආයේ බස් ගාස්තු ගෙවන වැඩේ කරන්නට වෙලාවක් යොදා ගන්න බැරි වෙයි, විජේබාහු මහත්තයෝ.

      Delete
  2. Replies
    1. ඒ පිං බෙලෙන් හැමටම සෙතක් ශාන්තියක් වේවා!

      Delete
  3. යහපත් වැඩට කැමති අය හිටියත් සංවිධාන ශක්තියත් අවශ්‍යයි සාර්ථක කරගන්න.

    ReplyDelete
    Replies
    1. ඒ සංවිධාන ශක්තිය ඇති- යහපත් වැඩට කැමති උදවියගේ කරුණාක්ෂිය වැඩි-වැඩියෙන් මෙවැනි දෙයට යොමු වේවා!

      Delete
  4. කරුණාරත්න මහත්මයා කවුද කියල හිතා ගත්ත . එය එහෙම තමා . නම ගම නොකියා ඕන ගොඩ උදව් කරනවා හැමෝටම වගේ. හිත බොහොම ලස්සනයි . ජයවේවා දෙවන වරටත් සාර්ථකව කලාට. මම නිදිට එවෙලේ ඒ ගැන වැඩිය කතා නොකළේ වෙන ප්‍රොජෙක්ට් එකක් යන නිසා, බට් වැඩේ මරු. ආයු බෝ වේවා

    ReplyDelete
    Replies
    1. ඔයාත් නිහඬව සමාජ සත්කාරක වැඩ ගොඩක් කරන බව ආරංචියි, අජිත් ධර්ම මහත්තයො. ඒ වැඩ සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල පතනවා!
      එහෙනං ඔබතුමාත් කරුණාරත්න මහතා ගැන දන්නවා!

      Delete
  5. Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ!

      Delete
  6. පරිත්‍යාග කරපු බ්ලොග්කරුවටයි නිදීටයි පිං. බොහොම හොඳ වැඩක්. ඊලඟ පාර කරනකොට බස් දෙකක් විතර මටත් දෙන්න.

    ReplyDelete
    Replies
    1. බස් දෙකක් නං දෙන්න විදිහක් නෑ ඉයන් මහත්තයෝ. එව්වා සේරම ලංකාවේ එක එක ඩිපෝවලට අයිති එව්වනේ.
      ඒත් බස් දෙකක මගීන්ට බස් ගාස්තුව ගෙවන වගකීම නං ඔයාට පවරන්න ඇහැකියි. හැබැයි ආයෙමත් මේ පිංකම කෙරෙන්නේ මැයි මාසයෙන් පස්සේ. මැයි මාසේ තව වැඩකට වැඩි දවසක් ගත කෙරෙන නිසා.

      Delete
    2. ... ඒ වගේම ඉයන් මහත්තයෝ- කරුණාරත්න මහත්තයා කෑම හා සුලු වියදම්වලට අයෙමත් මුදල් එවල තිබුණා. ඒ නිසා කරුණාරත්න මහතා එවූ මුදලින් රුපියල් 27,940.00ක මුදලක් ඉතිරිව තියෙනවා ඊළඟ දවසට ගන්න.

      මුලතිව් බසයේ මඟීන්ගේ බස් ගාස්තුව එවන බව කී හිතවතාත් ඊයේ ඒ සල්ලි එවලා තිබුණා. 30,000.00ක්.

      හැකියාවක් තියෙනවා නං ඉයන් මහත්තයෝ, දෙතුන් දෙනෙක් එකතු කරගෙන (අපේක්ෂා රොහල ළඟ බස් කීපෙකට හරි) බස් ගාස්තු ගෙවන වැඩේට ඔයාලම ඇවිත් බලන්න. එතකොට තේරෙයි ඇත්තම තත්ත්වේ.

      කොහොම වෙතත් ඊළඟ වැඩේ කෙරෙන්න කලින් ඔයාටත් මතක් කරන්නන්. ස්තුතියි ඉදිරිපත් වීම ගැන. හොඳේ!

      Delete
  7. පොඩි දෙන්නව DAYCARE දාලා අපි දෙන්නම FULLTIME වැඩ කරන්න පටන් ගත්ත නිසා ළග ළග එන්න බැරි උනත් මාසයකට, එකහමාරකට වතාවක් නම් අපි දෙන්න අනිවාර්යයෙන්ම මේ වැඩේට සහභාගී වෙමු කියලා අපි කතා වුණා.දෙන්නම බැරි උනත් එක්කෙනෙක් හරි.මෙවැනි උතුම් ක්‍රියාවකට සහභාගී වෙන්න ලැබීමම පිනක්නෙ ලොකු තාත්තෙ.ඒපිං සියලූම දෙනාට අනුමෝදන් වේවා.♥😇

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔයාල දෙන්නගේ උදව් නිසයි (මාස ගණනක් ඇදි-ඇදී තිබුණු) මේ පිංකම කෙරුණේ. ඒ වගේමයි ඉස්සරහටත් ඔයාලගේ උදව් ඕනි. මැයි වලින් පස්සේ... දැනටමත් සෑහෙන මුදලක් ඒ වෙනුවෙන් ලැබීලත්නේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්