කොලඹ මහජන පුස්තකාලෙ තිස්ස අබේසේකර, ජයලත් මනෝරත්න, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, සුගතපාල ද සිල්වා,ඈශ්ලි රත්නවිභූශන... ආදී දැවැන්තයන් එකිනෙකා සමග, වඩයක් කමින් ප්ලේන්ටියක් බිබී කරන පිලිසඳරවල් කටත් ඇරගෙන අහගන සිට පුලුවන් තරම් උකහාගෙන ඉගෙන ගන්න කාලයක් උනා මේක.
මතකද නිමල් අයියේ පීටර් වයිස්ගේ මරාසාද්
නාට්‍යය... සුගතපාල ද සිල්වා කිසිම අඩුවක් නැතිව පරිවර්තනය
කර රඟ දැක්වූ හැටි:-
![]() |
ඒත් සුචරිත ගම්ලතුන් හිටි තැන මමත් ඉන්නවා; යහපත් altruistic සමාජයක් කරා මේ යන දුෂ්කර ගමනේ... |
යොන් පෝල් මරාගේ
ඉතින්.... සතිය මැද්දෙ මනමේ... සිංහබාහු.... නොරිකො+
දෙවෙන්දොරා සං; සති අන්තෙ
යොන් පෝල් මරාගෙ වද විඳීම සහ ඝාතනය...
“මේක මහ පුදුම අන්ත දෙකක් අතර දෝලනය වීමක්නෙ පීරිස් මහත්තයෝ. එක
අන්තයක මානව ප්‍රේමයේ හැඟීම් විග්රහ කෙරෙන සෞන්දර්ය කාව්‍යවල හොඳම එකක්... අනික්
අන්තයේ බලකාමී මජර දේශපාලනයෙ නිරුවත හෙළිදරව් කෙරෙන අපූර්ව දෘශ්‍ය කාව්‍යයක්...
එකම කෙනෙකුගේ රස වින්දනය මෙහෙම අන්ත දෙකක ගැවසීම වෙන්න පුළුවනිද?” මං වහන්සේ call
එකක් දීලා අයස්මන්ත හිතවතාගෙන් ඇහුවා.
මටත් මේක චුට්ටක් විතර විකාරරූපීව පෙනෙනවා නං... නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය රසික-රසිකාවියන්ට
කොහොම හිතෙන්න පුළුවන්ද? ඒ ගැන ඌන පූරණයකුත් අයස්මන්ත මහතාට කියල ලියවගත්තේ ‘තග
දාලා’.
'ඒ කාලෙ ලොකුවටම
තිබුනා කලාව කලාව සඳහාය' කියන මතයට එරෙහිව
කලාව ජනතාව සඳහාය කියන විවාදය. සීසෝවේ එක පැත්තක සරච්චන්ද්‍ර හා සරච්චන්ද්රවාදීහු.
අනික් අන්තයේ මහාචාර්ය සුචරිත ගම්ලත්, ගුනදාස
අමරසේකර, ගුනසේන විතාන
ආදීන්.
දෝලනය වෙන මගේ ආස්ථානය දවස ගානෙ වෙනස් උනා කියන්න පුලුවන්!
ඒත් සුචරිත ගම්ලතුන් හිටි තැන මමත් ඉන්නවා; යහපත්
altruistic සමාජයක්
කරා මේ යන දුශ්කර ගමනේ සමාජය වෙනුවෙන් කලාවට විතරක් නෙමේ, වෙන ඕනම
විශය පථයකට මඟ නොහැරිය හැකි වගකීමක් තියනවා කර ගහන්න වෙන.
'පවන' පවා ඕන
වෙන වෙලාවක් එනවා ඇහැරවන්නට.
කවදාහරි හැදෙන utopian/ altruistic සමාජයේදි
තව දුරටත් දුක අසාධාරනය රස විඳින්න යන එක කුනු රෙද්ද එකම වතුර බාල්දියේ ඔබ ඔබා උඩට
ගැනීමක්. අන්න එතකොට ඇවැසි වන්නෙ විශ්වීය අකාලික නිර්මාන.
මේක ලස්සනට මහාචාර්ය සුචරිත ගම්ලත් පැහැදිලි කරනවා
තමන්ම යුද්ධ ප්‍රකාශ කල සිය ගුරු දේව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ දිවිසැරිය
අලලා ලියන ලද 'ගුරු ගුන සමර' පොතේ…
මම හිතන්නේ සිංහල බසේ ලස්සන ගැන ඇති අති විශිශ්ටතම උදාහරනයක් තමයි ගුරු ගුන සමර. මගේ
ශ්‍රේනිගත කිරීම් වල හැටියට සුචරිත ගම්ලත්, සරච්චන්ද්‍රයන්
සිංහල භාශා අම්බරේ නොමියෙන තරු කැට; සුගතපාල
ද සිල්වා, අජිත් තිලකසේන, ඩී. බී.
කුරුප්පු කථන බසින් කල විස්කම් සහ ඒ බසට දුන් ගෞරවය අපි තවම අඳුනගෙන නැහැ. මේ දෙකම
ඇසුරු කරමින් මැද මාවතේ ගිය මහාචාර්ය
සුනිල් ආරියරත්න, ලූශන් බුලත්සිංහලලගෙ
නිර්මාන බලන්න. ඒවා සාමාන්‍ය නැහැ.
![]() |
අපේ set එක සිංහරාජයේ! |
ඒ ඔක්කොටමත් වඩා අයියේ, සම්පූර්නයෙන්
අන්ත දෙකක මතවාද දෙකක් එකම ඔලුවක විසංවාදී නොවී තියාගෙන විමර්ශනය කරන්න පුලුවන් කියන්නෙ
බුද්ධියේ ලක්ශනයක්ලු. ඇල්බ'ට් අයින්ස්ටයින්
එක විදියකට බැලුවොත් ආලෝකය රේඛීයව දිවෙන ශක්තියක් ලෙසත්, වෙන විදියකට
බලද්දි තරංගාකාර චලිතයක් ලෙසත්, වෙනමම තව විදියකට බැලුවොත් ෆෝටෝන් යන අංශුමය හැසිරීමක්
ඇති හෙයින් පදාර්ථමය බවත් හිසේ තියාගත්තා. භෞතික විද්‍යාවෙදි මේවා යා දෙක නොරත රත දේවල්!
මමත් මේ දෝලනයෙන් බුද්ධිමතුන් අනුකරනය කරනවා වෙන්න
ඇති!’
“පීරිස් මහත්තයෝ, මේ ටික විතරක් මදි. ‘මරාසාද්’ ගැනත් විස්තර ටිකක්
එකතු කරමුද? අලුතින් කරුණු හොයන්න දේකුත් නැහැනෙ මහත්තයෝ, ඔයා ඕවා වනපොත් කරලනෙ
තියෙන්නේ.”
“යකෝ! මම ඔය ටික හරි ලිව්වේ මහ රෑ. මමත් යුෂ්මතා වගෙ නිවාඩුවේ ඉන්නව කියලද
හිතන්නේ? මං රස්සාවක් කරන ගොබිලෙක් මිනිහෝ... ඉස්සර නං මටත්...”
එහෙම ගෝලු ගත්තු දොස්තර මහත්තයා පැය බාගයක් යන්නත් කලින් මට call කලා.
“මළ වදේ..., ඔන්න හෙට උදේට ඒකත් එවනවා!” එයාගේ කටහඬේ හැංගිච්ච හිනාවකුත් තිබ්බද
මංදා.
තිබිලා! තිබිලා! ඒක තේරුණේ එවල තිබුණු ඊමේල් එක බලද්දී.
‘නිමල් අයියේ, මරා සාද් ගැන ඔයා තව ටිකක් ලියල එවන්න කීවාට, මට හිතන්නවත් බැරි තරම් ඉහලම මට්ටමෙන් ඒක Anonymous කෙනෙක් කරලානේ, comment එකකින්! එයා ලියල නැති ටික විතරක් මෙන්න
ලිව්වා...’
ලිවීම නවත්තලා ගිහිං මාත් ඒ කමෙන්ටුව කියෙව්වා. අපි ඒ Anoගේ විස්තරාත්මක
කමෙන්ටුව කියවලා ඉඳිමුකෝ එහෙනං ඉස්සෙල්ලම.
‘Anonymous October 5, 2025 at 12:58 PM
ඇත්තටම නිදි, මරා කිව්වම එකපාරටම මට
නම් මතක් වෙන්නේ මැදමුලන මරා මිසක් Jean-Paul Marat කියන අපේ සොඳුරු
මරා නම් නෙවෙයි වීමත් හරිම කණගාටුවට කරුණක්.
![]() |
මරා-සාද් නාට්‍යයේ කේන්ද්‍රීය ප්ලොට් එක ප්‍රංශ විප්ලවයේ නායකයකු වූ
මරා සහ ඔහුගේ සමකාලීන, ප්‍රංශ ජාතික කුලීනයකු වූ
සාද් අතර විප්ලවයේ හරය, අරුත හා ඉදිරි මඟ පිළිබඳව
ඇතිවන විවාදයයි. |
නමුත් මීට පෙර යූගයක් එකළු කළ
"මරා - සාද්" වැනි බරසාර, ගැඹුරු නාට්යයනට අත ගසන්නට කැමති අර්ථපති
නළු නිමැයුවෝ අද නොවෙති. එබඳු නාටකයක රඟපෑම සඳහා කැපවන, ඉවසන, වෙහෙසෙන
නළු නිළියෝ ද අද දුලබයි.
ඇත්තටම මරා-සාද් කියන්නේ අධ්යක්ෂවරයකුට
හමුවන මහ මෙරකි. එය නැඟීම අති දුෂ්කරයි. එමෙන් ම, මරා, සාද්
සහ චාලට් කොර්දේ වැනි චරිත නිරූපණය, ඕනෑම තලයක රංගන ශිල්පියකුට මහත් අභියෝගයකි.
මෙහි මරා කීවේ ෂෝංපෝල් මරා (Jean-Paul Marat) මිසක් මැදමුලන
මරා නම් නෙවෙයි, මොකද
උගේ චරිතය නිරූපණය කරන්න ඉතින් පණ නැතිව ඔහේ වාඩිවෙලා ඉන්න නේ තියෙන්නේ වෙන මොනව රඟන්න
ද? වල පයයි
ගොඩ පයයි.
කලකට ඉහත ජර්මානු ලේඛක, චිත්‍ර
ශිල්පී හා නාට්‍ය අධ්යක්ෂවරයකු ද වූ පීටර් වයිස්, ජර්මන්
බසින් ලියා නිර්මාණය කළ ‘මරා - සාද්’ නාට්‍යයට ඇත්තේ කෝදුවකින් මැනිය හැකි තරමේ, දිගු
නමකි
මේකයි නම -The Persecution & Assassination of
Jean-Paul Marat as Performed by the inmates of the Asylum of Charenton Under the
Direction of the Marquis de Sade”
‘බලගතු ද සාද් ඇපාණන්ගේ අධ්‍යක්ෂණයෙන්
චැරින්ටන් සායනයේ නේවාසිකයන් විසින් ෂොන් පෝල් මරා ගේ වධ විඳීම සහ ඝාතනය රඟදැක්වූ ආකාරය’
තමයි ඇත්ත නම.
මරා-සාද් නාට්‍යයේ කේන්ද්‍රීය ප්ලොට්
එක ප්‍රංශ විප්ලවයේ නායකයකු වූ මරා සහ ඔහුගේ සමකාලීන, ප්‍රංශ
ජාතික කුලීනයකු වූ සාද් අතර විප්ලවයේ හරය, අරුත හා ඉදිරි
මඟ පිළිබඳව ඇතිවන විවාදයයි.
ප්‍රංශ විප්ලව ඉතිහාසය තුළ මරාගෙන්
නියෝජනය වූයේ විප්ලවයට පසුව ඇතිවූ දේශපාලන ව්‍යාකුලත්වයට පිළියමක් ලෙස ඒක පුද්ගල ආඥාදායකත්වය
පිහිටුවිය යුතුය යන මතවාදයයි.
![]() |
ඔහු හිංසාකාරී ලිංගික තෘප්තිය (Sadism)
අනුමත කළ අන්තවාදී කාමසුඛල්ලිකානුවාදියකු ලෙස... |
විප්ලවීය නායකයකුවත්, විප්ලවයට
හිතැත්තකුවත් නොවී නාට්‍ය නිෂ්පාදකයකු හා ලේඛකයකු ලෙස ප්‍රකට ව සිටි සාද්, විප්ලවයේ
අවශ්‍යතාවය දැන සිටියේය. සාද්ගේ කෘති, වර්තමාන ලංකාවේ දූෂිත පාලනය මෙන්ම දූෂිත
පාලක පන්තිය වෙත එරෙහි වූ දැඩි ප්රහාරයන් වූයේ එහෙයිනි. සාද් සිරගත කෙරෙන්නේ, ඔහුගේ
නිර්මාණ සදාචාර විරෝධී යැයි චෝදනා එල්ල වූ බැවිනි. ඔහු හිංසාකාරී ලිංගික තෘප්තිය (Sadism) අනුමත
කළ අන්තවාදී කාමසුඛල්ලිකානුවාදියකු ලෙස හංවඩු ගැසුනි.
මේ සංකීර්ණ මරා සහ සාද් චරිත, පීටර්
වයිස්ගේ නාට්‍ය තුළදී නව අර්ථකථනයකට ලක්කෙරෙයි. ශ්‍රී ලාංකීය ‘මරා - සාද්’ නිෂ්පාදක
සුගතපාල ද සිල්වා පවසන ආකාරයට මෙම නාට්‍යයේ ‘දහම’ දසදෙනකු විසින් දස ආකාරයකට තේරුම්
ගනු ලැබිය හැකිය.
සුගතපාලගේ නිෂ්පාදනය පිළිබඳව 1987 දී
අගනා විචාරයක් ලියූ ජයදේව උයන්ගොඩ එහිලා මෙසේ සඳහන් කරයි.
“බැලූ බැල්මට එක්තරා විකාර රූපී බවක්
මෙම රංග ශෛලිය තුළ තිබේ. එය මානසික රෝහලක් ඇතුළත කතා පුවත සිදුවන නිසාම ඇතිවූවක් නොවේ.
මිනිස් උප විඥානයේ ඇති අතාර්කික තර්කනය ‘මරාසාද්’ හි රංග ශෛලියෙන් සංකේතවත් වෙතැයි
මට සිතේ.
...තර්ක විඥානයේ අතාර්කිකත්වය සහ අතාර්කිකත්වයේ
ස්වායත්තතාවය මරා සහ සාද් ළඟට නාට්‍යයේ සිටි තුන්වෙනි ප්‍රධාන චරිතය විනැයි මම සිතමි.”
මෙම නාට්‍ය රචනයෙහිදී පීටර් වයිස් විසින්
විසංවාදී ශිල්ප ක්‍රම රාශියක්ම, මිශ්‍ර කරන ලදී. උපදේශාත්මක, කෲර, අභූතරූපී
හා බ්‍රෙෂ්ට් රංග ක්‍රමය ද එතුළින් විද්‍යමාන වෙයි. ඇතැම් විචාරකයන් ඊට පහර ගැසූ නමුදු, නාට්‍යයේ
නිෂ්පාදක පීටර් බෲක් එය අගය කළේය.
මෙය මාක්ස්වාදී නාට්‍යයකැයි පීටර් වයිස්ට
ලේබලයක් ඇලවීය. එය ස්ථිර වශයෙන් ම විප්ලවීය වෙනසක් ඉල්ලා සිටී. මරාගේ සුප්‍රකට දෙබස්
ඛණ්ඩයක් සුගතපාල ද සිල්වා විසින් සිංහලට නැඟුවේ මෙසේය.
'වැදගත් ම දේ මෙන්න මේකයි.
තමන්ගේ ම කෙස් වැටියෙන් අල්ලා ඇද
සිරුර කනපිට පෙරළා අලුත් ඇහැකින් ලෝකය දෙස බලන එකයි.'
පීටර් බෲක්, ‘මරා
- සාද්’ කෘතියට ලියූ පෙරවදන අවසන් කරන්නේ මෙසේය.
“වයිස් ප්‍රඥාසම්පන්න ලෙස කිසිවක් කීම
ප්‍රතික්ෂේප කරයි. ප්රතිපක්ෂ සම්බන්ධකොට දැකීමටත්, විසංවාදයට
මුහුණදීමටත් ඔහු අපට බල කරයි. ඔහු අප නොනිමි තත්ත්වයකට හෙළයි. ඔහු අර්ථයක් නියම කරනු
වෙනුවට අර්ථයක් සොයයි. එසේ කරමින් පිළිතුරු සොයා ගැනීමේ වගකීම නිසි හිමිකරුවන් අතට
ම බාර දෙයි. නාට්‍ය රචකයාගෙන් ඉවත්ව අප වෙත පැවරේ.”
![]() |
සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයේදී මරා ලෙස ජැක්සන් ඇන්තනී ද, සාද් ලෙස ඩබ්ලිව්. ජයසිරි ද, චාලට් ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු ද රඟපෑහ. |
ලොව පුරා විවිධ භාෂාවන්ගෙන් වේදිකාගත
වුවද විශිෂ්ටතම ‘මරා - සාද්’ නිෂ්පාදනය සඳහා ගෞරවය හිමිකර ගෙන සිටින්නේ පීටර් බෲක්
ය.
‘මරා - සාද්’ යනු අධ්‍යක්ෂවරුන්ගේ සිහිනයක්
මෙන් ම අභියෝගයකි. එම චරිතයන් (චාලට් කෝර්දේ භූමිකාව ද ඇතුළුව) රඟපෑම, නළු-නිළියන්ගේ
සිහිනයකි. එය ඔවුන්ගේ රංගන ජීවිතය තුළ පළඳින ආභරණයකි.
පීටර් බෲක්ගේ නිෂ්පාදනයේදී මරා ලෙස
ක්ලයිට් රිවිල් ද, සාද්
ලෙස පැට්රික් මැගී ද, චාලට්
ලෙස ග්ලෙන්ඩා ජැක්සන් ද රඟපෑහ.
සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයේදී මරා
ලෙස ජැක්සන් ඇන්තනී ද, සාද්
ලෙස ඩබ්ලිව්. ජයසිරි ද, චාලට්
ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු ද රඟපෑහ. (ඔවුන් කළ විශිෂ්ට රංගනයන්, නව පරපුරට
දැකගත නොහැකි ලෙස කාලයේ වාලුකාවෙන් වැසී ගොස් තිබීම මහත්ම පාඩුවකි.) සැමුවෙල් බෙකට්
(Samuel Beckett) ගේ ‘ගොඩෝ
එනකං’ (Waiting for Godot) ද නාටකීයත්වය
අවබෝධ කර ගැනීමට ද, රංගනයේ
උපරිම තලයට ළඟාවීමට ද යොදා ගත හැකි ‘බයිබලයක්’ බඳු ය. අර්ථ ශූන්‍ය, සම්පප්‍රලාප
ලෙස බැලූ බැල්මට පෙනෙන සංවාදයන්, ‘ගොඩෝ’ වල සුවිශේෂී ලක්ෂණය විය. සුසාධිත
නාට්‍යයක මෙන් එහි කතාවක් ද නැත.
1952 දී ‘ගොඩෝ එනතුරු’ මංගල දර්ශනය
දුටු ප්‍රංශ නාට්‍ය රචකයකු වූ ෂොන් ඇනුමි මෙසේ කීවේය. “කිසිවක් සිදු නොවෙයි. කිසිවෙක්
නොපැමිණෙයි. කිසිවෙක් නොයයි. එය අති බිහිසුණුය.” එසේම, ඔහු එය
අගයැවූයේ හතළිස් වසක් තුළ පැරිසියේ පැවැත්වූ වැදගත්ම මංගල දර්ශනය ලෙසිනි.
වර්තමාන නාට්‍යයක, දීර්ඝ
දෙබස් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. එබඳු තැන් ප්රේක්ෂකයනට දිරවාගත නොහැකි යැයි අධ්යක්ෂවරු
මෙන්ම රංගන ශිල්පීහු ද සැක පහළ කරති.
ගොඩෝ කතාවෙ එන චරිතයක් වන පොස්සෝ ගේ
එක් දෙබසක් පිටු දෙකක් පමණ දිගය. ලෝකයේ තිබෙන රංග ශිල්ප ශාලිකාවන් හිදී ශිල්පීනට පුහුණුවීමට
අනිවාර්ය කෙරෙන එක් දෙබසක් වෙන්නේ එයයි. නාට්‍ය සංවාද යනු විවිධාකාර ලෙස අර්ථ නිරූපණය
කළ හැකි, අමුද්‍රව්‍යයන්
බඳුය. ඉන් විවිධ හැඩතල මතු කළ හැකිය.
‘මරා - සාද්’, ‘ගොඩෝ
එනකං’ වැනි නාට්‍ය රඟ නොදැක්වෙන රංග ශාලා අඳයි, ගොළුයි, බිහිරියි...’
ඔයාලටත් ඒ comment තීරුවට ගිහිං බලන්න ඇහැකි නං... ගොඩක්
වටිනවා!
එහෙනං දැන් කියවමුකො පීරිස් මහතා Anoටත් අමතමින් අලුතින් එකතු කරන ටික.
![]() |
හැමදාමත් පාහේ ඔහුට එල්ලවෙන චෝදනාව? - ගනිකාවන් (ඇතැම් විට තරුනයින්)
රවටා තම මන්දිරයේ රහස් කාමරවල සිරගත කිරීම සහ නොයෙක් කෲර වද බන්ධන දෙමින් ලිංගිකව හැසිරීම. |
තමන්ගේම කෙස් වැටියෙන් අල්ලා ඇද, සිරුර
කනපිට පෙරලා, අලුත් ඇහැකින්
ලෝකය දෙස බලන්න බල කලා ඒ කාලෙ කලාකරුවෝ.
සැමුවෙල් බෙකට්ගෙ 'ගොඩෝ
එනකම්' නාට්‍යයෙ හමාරකීමක්
වැනි කෙටිකතාවක් තියනවා; අජිත් තිලකසේනගෙ
'පේමෙල් ආවට පස්සෙ'. නැති
කරන්නෙ/ ගල් කරන්නෙ නෑ කියල පොරොන්දු වෙනවනම් නිමල් අයියට කියවන්න දෙන්නම්!
කොහොමත්, යුරෝපීය
රාජාන්ඩු එකින් එක බිඳ වැටෙද්දී ඒවා පවත්තගන්න ගහපු ඔස්ට්‍රියානු දේශපාලන ගැට, දිනෙන්
දින දුප්පත් වෙන රටක රෝමයේ නීරෝ මෙන් සිහින දෙව් ලොවක මෙන් ජීවත් උන 16 වෙනි ලුවී සහ
මාරි අන්තුවානේ බිසව, බැස්ටිලය බිඳ
වැටීම, ජාතික ඇසැම්බ්ලිය
පිහිටුවීම, යොන් පෝල් මරාගේ
භූමිකාව, ඩැන්ටන් සහ රෝබ්ස්පියර්
නිර්මානය කල භීශන සමය- reign of terror- ආදිය
ගැන නොදැන මරාසාද් නාට්‍යය සම්පූර්නයෙන් තේරුම් ගන්න අපහසුයි. ඒ ගැන හොඳ සංක්ශිප්ත
හැඳින්වීමක් කලාට Anonymous ට තුති!
මරා-සාද් නාට්‍යය යුරෝපීය විචාරකයො හැඳින්වූයෙ 'සියලු
නාට්‍ය අවසන් කරන්න ආ නාට්‍යය' හැටියට.
සියවස් ගනනක් පරසිද්ද වංශවත් සාද් පරම්පරාවට
1740 දී ඉපදෙන මාකී ඩු සාද් (Marquis
de Sade) ඈපානන්
කසාද බැඳ මාස තුනක් ඉක්මවෙන්න මත්තෙම අනියම් ඇසුරක පැටලෙන්නේ සිය අනාගත වැඩකිඩ ඉඟි
කරන්න වගේ. එතැන් සිට නැපෝලියන් බොනපාට් විසින් 1801 දී චැරෙන්ටන් මානසික රෝහල් දිවි
ඇති තෙක් ගාල් කරවන්නට මත්තෙන් ඔහු බැස්ටීලයේ සිරගත වූ වාර අනන්තයි.
හැමදාමත් පාහේ ඔහුට එල්ලවෙන චෝදනාව? - ගනිකාවන්
(ඇතැම් විට තරුනයින්) රවටා තම මන්දිරයේ රහස් කාමර වල සිරගත කිරීම සහ නොයෙක් කෲර වද
බන්ධන දෙමින් ලිංගිකව හැසිරීම. අයිය දන්නවද මේ අස්වාභාවික පුරුද්දට උදව් කරන්නෙ සාද්ගෙම
බිරිඳ කියල?!
ගොදුරු නිරුවත් කර දම්වැල් ලා කස පහර දෙමින් වද දෙමින් ලැබූ ලිංගික ආස්වාදය නොහැංගුවා
පමනක් නොව, ඒ ඇසුරෙන් කාමුක
නවකතා, කවි සහ කෙටි කතා
සහ නාට්‍යය සෑහෙන්න ලිව්වා (Crimes of Passion) ඔහු.
![]() |
ඒ සුන්දර යුගය අවසානයේදී... |
අපකීර්තිමත් හැසිරීම් නිසා 1801දී චැරෙන්ටන් මානසික
සායනයේ නිත්‍ය නේවාසිකයෙක් වෙන ද සාද් ඈපානන් සිය රෝගී සගයින් යොදවා නොයෙක්වර නාට්‍යය
අධ්‍යක්ශනය කර රඟ දක්වනවා 1814 දි මිය යන තෙක්.
මොහුගෙ වික්‍රම සිද්ධ වෙන්නෙ ඇත්ත යොන් පෝල් මරාගෙ
ඝාතනයෙන් අවුරුදු ගනනාවකට පස්සේ. කවදාවත් මොවුන් එකිනෙකා මූනට මුන ගැහෙන්නෙ නෑ. ඒත්
නාට්‍යයේ මරා හා සාද් අතර ජවනිකා හරිම ජීවමානයි.
තව කෙනෙක්ට වද හිංසා කරමින් සහ ඒ වේදනා විඳින අයුරු
බලමින් ලිංගික තෘප්තියට පැමිනීමේ මානසික තත්වය අදටත් හඳුන්වන තාක්ශනික වදන වන sadism
හැදෙන්නෙ මෙන්න මේ ඈපානන්ගෙ නමින්...
හිතල බලන්න Ano / නිමල් අයියේ-
රටක් දේශයක් කියන චැරෙන්ටන් වේදිකාවේ,
නච්ච ගීත වාදිත අන්නපානාදියෙන්, මත්පැන්
ගංජා අයිස් වලින් මත් කරවා මන්ද මානසික කරවන
ලද inmates ලාම නලුවන් කර,
"මේ නිද්‍රාවෙන් ඇහැරියව්" කියා
කෑ මොර දෙන මරා වැන්නවුන්,
ඒ රටේ ද සාද් ඈපානන්ලා
සිය තෘප්තිය හා පැවැත්ම වෙනුවෙන්….
සැලසුම් සහගතව මානසික හා කායික වද බන්ධන වලට ලක්කර, එපා කරවා, සමච්චලයට
ලක් කරවා
ටිකෙන් ටික මරා දමනවානම්, සිය දිවි තොර
කරවාගන්න තැනට තල්ලු කරනවානම්…
එහෙම රටවල් ගැන අහල තියේද Ano / නිමල් අයියේ?!!...’
(ආයෙමත් නං වැඩි විස්තර ලියන්නැයි දොස්තර මහත්තයට කිව්වොත් නං ‘වඳුරු
කුණුහරුප’ තමයි අහගන්න වෙන්නේ. එහෙම හිතාගෙනයි මං වහන්සේ පීරිස් මහතාගේ
අතීතාවර්ජනයට ආපහු ඔයාලව කැන්දන් යන්නෙ.)
‘... ඉඩක් ලද ඇසිල්ලේ යන ක්ශේත්‍ර ගමනකදි (field trip), නැත්නම්
විනෝද ගමනකදි මේ අංකුර විද්‍යාඥයො ඉතා රසවත් කතා කියන, කවටකම් කරන, ගීත ගයන, සංගීත භාන්ඩ වාදනය
කරන, රස මවන්නො
බවට පරිවර්තනය උනා. අපිදු ඔවුන් අනුකරනය කරමින් මහන්සි වෙලා වැඩ කරන්නත්, විද්‍යානුකූලව
දේවල් හදාරා ඉගෙන ගන්නත්, ලැබෙන
පඩියට ගෙදරිනුත් 'විදේශාධාර' ගෙන බෝඩිම්, කෑම බීම, ගමන් බිමන්, ඇඳුම් පැලඳුම්
සකසුරුවම්ව කරගන්නත්, ඉඩක්
ලද වෙලාවට IFS පවුලම
සමග හිතේ හැටියට විනෝද වෙන්නත් අධ්‍යාපනය ලැබුවා!
![]() |
ඒ එකතු උන අපි බසයක යන්න උනා කන්ද උඩරටට... |
හැම දෙයක්ම කාලෙත් එක්ක වෙනස් වෙනවනේ.
මේ සුන්දර 1990- 1991 අවසානයෙදි විශ්ව විද්‍යාල
ඇරඹෙද්දි අපි හතර අත විසිරුනා.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය,
internships, ප්‍රේම සම්බන්ධතා, ප්‍රේමයේ විප්රලම්බ, ආවාහ විවාහ, දරු මල්ලෝ, රැකියා, රැකියා කරන ගමන්
පශ්චාත් උපාධි, විදේශ
අධ්‍යාපනය.... ආදියත් එක්ක 89 A 4 set එකේ IFS- PRA අපිට
අපි ගැන හොයන්න බලන්න බැරි උනා කියන්න පුලුවන්, ඒ ඒ ක්ශේත්‍ර වල උන් අනු කන්ඩායම් එකට උන්නත්.
අපි අපේ වෘත්තිය වල කෙලවරටම, යන්න
පුලුවන් සෑහෙනම දුර ගියා කියන්න නම් පුලුවන් නිමල් අයියේ.
මගේ සමාජ මාධ්‍ය වල හැසිරීම සීමිතයිනෙ. නමුත්
වට්ස්ඇප්වල ඉන්නවා.
වට්ස්ඇප් වැනි මාධ්‍ය වල වටිනාකම නම් මෙලෙස විසිරෙන ඉස්කෝල, දහම්
පාසල්, විශ්ව විද්‍යාල, රැකියා
ස්ථාන වල කන්ඩායම් නැවත එකතු කරගන්න හැකි වීම. ඉතින් අපි අතරෙ කීප දෙනෙක්ට ආයෙ අපිව
එක රැහැනින් බැඳෙනවා දැකීමේ සිහිනය ඇති උනා. ක්‍රමයෙන් අපි එකා දෙන්නා ඒ ගැන කතාබහ
කරන්න උනා.
ඉන්පසු වට්ස්ඇප් කන්ඩායමක් නිර්මානය කරගෙන ලෝකය පුරාම හොයමින් තවම එකට ඉන්න මනාප අය
සොයා එකතු කිරීමේ මෙහෙයුමක් දියත් කලා අපි.
අතීත කාමය කොතරම් දරුනුවට මට තියෙනවාද කියල ඔයා
දන්නවනෙ අයියේ. ඩිජිටල් තලයක හරි ඒ සුන්දර හන්තානේ මානවක සමයට යන්න ලැබීම මහත් සතුටක්.
අවුරුදු එකහමාරක් පුරා පැවති සාකච්ඡා වට ගනනාවකට පසු අපි හැම දෙනා මේ 2025 වසරෙ සැප්තැම්බර්
14 කොලඹදි හමුවීම එහි එක් කූටප්රාප්තියක්.
ඒ එකතු උන අපි බසයක යන්න උනා කන්ද උඩරටට.
දැන් NIFS උන අපේ IFS එකට.
බසය පුරා අපි එකිනෙකා වැලඳගනිමින් සිනහ වෙමින් අතීත අවස්ථා ආවර්ජනයේ යෙදෙමින්, වර්තමාන
තතු යාවත්කාලීන කරගනිමින් ගීත ගයමින් ගිය ගමන අර කූටප්‍රාප්තිය තවත් වර්නවත් කලා.
![]() |
අපේ අංකුර විද්‍යාඥයන් තොවිල් නැටූ දා... |
ඒ වගේම රෝහන මාරසිංහ අද වෛද්‍ය අධ්‍යාපනය පිලිබඳ
මහාචාර්ය ලෙස ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ විශාල සේවයක් කරනවා. සබරගමුව
විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්බ කරන්න හොඳටම කැප කිරීම් කල උදයංගනී අද එහිම මහාචාර්ය
උදයංගනී රාමදාස.
යසා කලුබෝවිල ශික්ශන රෝහලේ ප්ලාස්ටික් සැත්කම් වල විශේශඥ වෛද්‍ය. වයසට නොයන ගයා (දැන්
කටුලන්දගේ ජීවන සහකාරිය), ප්‍රියංකා, වින්ධ්‍යා
සහ, සමන්ත, නෙලුම්දෙනිය, මනෝජ්
විවිධ ක්ශේත්‍ර වල දක්ශ කීර්තිමත් විශේශඥ වෛද්‍යවරුත් වන පර්යේශකයෝ, විද්‍යාඥයෝ.
අනුරුද්ධ, මනූ, සෙනරත්, සුබා
ඔස්ට්‍රේලියාවේ විශේශඥ වෛද්‍යවරු. මොවුන් හරහා සිය දහස් ගනනක් වෛද්‍ය සිසුවෝ, වෛද්‍යවරු
ඉගෙන ගෙන ලෝකය පුරාම සේවය කරනවා මේ වෙද්දි.
කලා විශයෙන් A 4 ගෙන
IFS හි පුරාවිද්‍යා පර්යේශන කල මාවතගම පේමානන්ද තෙරුන්
වහන්සේ අද බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සංස්කෘත දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධාන සහ
ජ්‍යෙශ්ට කථිකාචාර්ය ලෙස මහඟු සේවයක් කරන යති වරයාන කෙනෙක්.
ශවීන්ද්‍ර දැන් මහාචාර්ය මනෝ වෛද්‍ය විශේශඥ ශලීන්ද්‍ර.
සේවය කරන්නේ ඔස්ට්‍රේලියාවේ. ලඟදීම ඔහු එහෙන් පහාය ගමනීයං වී අපේ අමුතු ඇටේ පසල් දනව්වක
විශ්ව විද්‍යාලයකට සිය දැනුම සේවය පිරිනමන්න ලෑස්ති පිට ඉන්නේ.
උපාලි නම් කොලඹ පොලිස් රෝහලේ විශේශඥ වෛද්‍යවරයා. ටොලූශා හා හර්ශ කරාපිටිය ශික්ශන රෝහලේ
විශේශඥ වෛද්‍යවරු.
එකල මගෙ රූමා නාලක විදානගමාච්චි; අද ඔහු
ඇමරිකානු ඇපල් පරිගනක සමාගමේ ඉංජිනේරු වරයෙක්. දැන් ඔබ අත් විඳින face
recognition නිර්මානයේ පුරෝගාමීම විද්‍යාඥයෙක් ඔහු. අලුතින්
එලි දැක්වෙන Apple VR technology තමා දැන්
ඔහුගේ ක්ශේත්‍රය. අනික් රූමා රසික ඔස්ට්‍රේලියාවේ.
නලින් ඒ කාලෙ වගේ අදටත් හැඩයක් නැති එකෙක්.
අයියේ ඔයා දන්නවද, ලංකාවට අන්තර්ජාලය (internet) අඳුන්වා
දුන් කන්ඩායමේ ඔහුත් උන්නා. ඉන් නොනැවතී internet calling, internet
fax, අඳුන්වා දුන්නා ඔහු ලංකාවට. යුද්ධය පැවති කාලයේ
ක්ලේමෝ bomb jammer සහ ත්රස්තවාදීන්
tracking devices හැදුවා ආරක්ශක
අමාත්‍යංශයට. ඒ සමහර දේ ආරක්ශක හේතු මත අදටත් මට කියන්න බෑ ඔයාට. හැබැයි ඔහු දැන් සියල්ල
අත හැර දූපතකින් කොටසක් මිල දී ගෙන ‘මඩොල් දූවෙ’ උපාලි ගිනිවැල්ල වගෙ අපිස් ජීවිතයක්
ගත කරන්නේ. ඔහු ආවේ පුතා එක්ක. ඒකා තාත්තගෙ කපාපු පලුව!
![]() |
මහාචාර්ය ශවීන්ද්‍ර කෑගල්ල මහ වලව්වේ පියානෝවෙන් ‘නිල් අහස් තලේ’... |
මේක කලින් කෑගල්ලෙ මහ වලව්ව. මෙතන තමා තිස්ස අබේසේකරගෙ
'මහ ගෙදර' සහ මහාචාර්ය
නිමල් සේනානායක, ධර්මසේන පතිරාජගෙ 'ඇල්ල
ලඟ වලව්ව' රූගත කලෙ.
මහාචාර්ය ශවීන්ද්‍ර මහගෙදර චිත්‍රපටයේ ආකාරයටම ඒ වලව්වේ පියානාව වාදනය කරමින් එහි එන, උත්ප්රාස
රසය වෑහෙන 'නිල් අහස් තලේ' ගීතය
ගායනා කලා. අපිත් පුලු පුලුවන් විදියට එකතු උනා.
හවස් වෙද්දි නුවර දැකුම්කලු හෝටලයක ලැගුම් ගෙන විවේක
ගත් අපි ලෑස්ති උනේ ඊලඟ දවසේ NIFS කරා යන්න.
ඊට කලින් එදා 14 රාත්‍රියේ අපි සාදයක් පැවැත්වූවා.
ඡායාරූප දුලබ ඒ කාලෙ ගැනුන, පාට පිච්චුන පරන
පින්තූර ඩිජිටල් වීඩියෝ තිරයක තිරගත උනා. පරන කතා නැවත සිහි ගැන්නුනා. කෑමෙන් බීමෙන්
සන්තර්පනය වී සමූහ වශයෙන් සිංහල දෙමල ඉංග්‍රීසි ගීත වලට හති වැටෙනකම් නටා නිදන්න යද්දි
මැදියම් රැයත් පහු වෙලා.
මගෙ මිතුරු සමකාලීනයෝ ලොව හැම දිග්බාගෙම දික්විජය
කර ශ්‍රී ලංකා නාමය ආඩම්බරව ලෙලවද්දි නිමල් අයියේ මම ගියා තම්මැන්නාවෙ වියලි කලාපයට.
(ඒ කාලේ විස්තර ටිකකුත් පීරිස් මහතා අවුරුදු කීපෙකට
කලින් මට ලියල එව්වා- මං විහින්ම ඇනයක් වුණාට පස්සේ.)
මුලින්ම රජරට වැව් බැඳි රාජ්‍යයේ 1998 දි සේවය ආරම්බ
කල මම සියලු පශ්චාත් උපාධි වලින් සමත් වූ පසුව පිවිසුනා රුහුනට- අටදහස් රට මාගමට...
(නමී, ගොඩක් ස්තුතියි පරණ ෆොටෝස්වලට
කඩිනමින් නව පෙනුමක් ලබා දුන්නාට!)
ඊළඟ කොටසින් ඉතිරිය කියවමු.










මාර සෙට් එකක්නෙ එතන ඉඳල තියෙන්නෙ.
ReplyDeleteඒක නේන්නං Praසන්ன මහත්තයො, මාර set එකක්ම තමයි. එයාලගේ කතන්දර අහනකොටත් නියමයි.
Deleteඒවා ලියන්න බැරි එක ගැනයි දුක.
වටිනවා මේවා
ReplyDeleteඔව් Oasis- මටත් එහෙමයි හිතුණේ.
Delete//ඔහු දැන් සියල්ල අත හැර දූපතකින් කොටසක් මිල දී ගෙන ‘මඩොල් දූවෙ’ උපාලි ගිනිවැල්ල වගෙ අපිස් ජීවිතයක් ගත කරන්නේ//
ReplyDeleteආන්න ලියනව නං කතන්දර. බෝනස් කොටස, ඔහුත් අටවන මාටින් කෙනෙක්. ඔහු එහෙම ඉන්නෙ, සක්‍රීය රාජකාරියේ ඉඳිද්දී දුටු දේ නිසා වෙන්න ඇති නේද? ඒත් ඔය "ඕෆ් ග්‍රිඩ්" ජීවිත කතා බැලුවාම බය හිතෙනවා අප්පා.
මේකත් ලස්සන මතක ආවර්ජනයක්.
//ආන්න ලියනව නං කතන්දර.//
Deleteලියන්න තියා තව කෙනෙකුට කියන්නවත් බැරි කතන්දර නෙව බස්සා මහත්තයෝ එව්වා. කට කොකියද්දී - අත නලියද්දී නිකං ඉන්නයි වෙලා තියෙන්නේ...
ලස්සන මතකයන් ටිකක් . අර මරාසාද් කමෙන්ට් එකත් මරු. අයස්මන්ත මහත්මයාගේ යාළුවෝ සෙට් එකත් අපූරුයි. ෆේස් රෙකග්නිෂන් එක ඩිවලොප් කරපු එකට මෙන්න පහක් .
ReplyDeleteගොඩක් ස්තුතියි අජිත් ධර්ම මහත්තයෝ.
Deleteසාද්ගේ ජස්ටින් කෘතිය එනමින්ම සිනමාවටත් නැගිලා තියනවා 1969දී
ReplyDeleteවැදගත් කාරණයක් Litseeker! ඒ ගැන කිව්වට තුති!
Deleteවෛද්‍ය මහත්මයාගේ කතාව කියවන කොට යම් යම් කාලවල කතාබහ නොකරත් ඔහුව හමුවෙලා ඇති. කාලයකදී සුදු ඇදුම් ඇඳපු ලොකු අය්යා කෙනෙක් තව කාලයකදී super සින්නෙක්. ඔය කාලය නාට්‍ය බලන්න අපිව හුරු කරේ තිබුණ භීෂණයේ වටපිටාවත් එක්කමයි. මරාසාද් ධවල භීෂණ මකරාක්ෂයා , ඔය හැම එකකම ජැක්සන් තමන්ගේ ආධිපත්‍ය පැතිරුවා. මරාසාද් එදා බැලුවට හරියටම තේරුනේ නැහැ. නාට්ටියේ අර්ථය විප්ලවයේ අදුරු පැතිකඩක්ද ? අපි නපුරු පාලකයෝ සහ රජවරු මරාදැම්ම දැන් අලුත් අධිපතිවරු අපිව රෑ ඉඳලා එළිවනතුරු නොමරා මරනවා. ඔන්න ඔහොම අර්ථයක් නේද ?
ReplyDeleteගොඩාරියක් ස්තුතියි නිහඬපාල මහත්තයෝ. මේ කාරණා ගැන ඔයාත් post එකක්ම ලිව්වොත් හොඳයි නේද?
Deleteසෑහෙන වෙලාවක් අරන් කියෙව්වා.
ReplyDeleteමාර සෙට් එකක්නෙ (*2).
අන්තිම ෆොටෝ එකට තමයි මම කැමතියි හැමෝම ඒ මොහොතේ උපරිම රස විඳින vibe එකක්.
සෑහෙන වෙලාවක් යනවා නේන්නං Lotus මේ post එක කියවන්න. මට මතක විදිහට නිදිගෙ පංච තන්තරේ පළ වුණු දිගම පෝස්ටුව මේකයි.
Deleteඒ ෆොටෝ එක හදාගත්තේ වීඩියෝ එකකින්. ඇත්තටම එයාලා සේරම උපරිම සතුටකින් ඉන්න හැටි ඒකෙන් දැක්කා.
වැඩේ කියන්නේ ඒවා ගැන අහලා- ඒවා මට එවනකල්ම දොස්තර මහත්තයට නිවනක් නොදෙන එක ගැන අහපු බැනුම්වලින් තවම කන්දෙක පිරිලා ...
ඒ සේරම අමතක වෙනවා ඒ ෆොටෝස් මෙහෙම අගය කරනවා දැක්කම.
"මටත් මේක චුට්ටක් විතර විකාරරූපීව පෙනෙනවා නං... නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය රසික-රසිකාවියන්ට කොහොම හිතෙන්න පුළුවන්ද?" නිමල්ට එහෙම හිතුනෙ ඇයි. මම හිතන්නෙ මේ පෝස්ට්ස් කියවන බහුතරය එහෙම හිතන්නෙ නැති වෙයි; මොකද ඒ හැමෝටම පුලුල් පරාසයක නිර්මාණ රසවිඳින්න පුලුවන් නිසා. චරිතය රස විඳලා move on වෙන එකනෙ වෙන්න ඕනෙ. හැබැයි ඊට වඩා වෙනස් දෙයක් මම දකිනවා ලන්කාවෙ ටෙලි නාට්‍යවලට වැටෙන යූටියුබ් කමෙන්ට්ස්වල. සමහර 'රසිකයින්' චරිත ගැන අදහස් දක්වන්නෙ රඟපාන නලුවා හෝ නිලිය තමන්ගෙ ප්‍රියතම නලුවා හෝ නිලියද යන කාරණය මත. තමන් කැමති නිලිය/නලුවා රඟපානවනම් අම්මෝ ඒ චරිතය මාර හොඳා..යි; වෙනස් අදහසක් කවුරුහරි දැම්මොත් පුදුම විදිහට defensive වෙනවා. උදාහරණයකට මේ දවස්වල යන එක ටෙලි නාට්‍යක හස්බන්ඩ්ගෙ චරිතය තමන් විතරයි හරි කියලා හිතන, වයිෆ්ගෙ හැඟීම් තේරුම් ගන්න උත්සාහ නොකරන කෙනෙක් (very likely a narcissistic personality). වයිෆ් ගත්තොත් හස්බන්ඩ්ගෙ රළු ගතිගුන නිසා පීඩා විඳින, නමුත් හස්බන්ඩ්ගෙ කෑම බීම තමන්ගෙ ලොකුම යුතුකම කියලා හිතන, හස්බන්ඩ් කන්න බෑ කියද්දිත් කන්න කියලා වද කරන සෑහෙන දුරකට tradwife රෝල් එකක්. (tradwife නරකයි කියන්න නෑ වරදවා හිතන්න එපා). ලස්සනම දේ තමයි චරිත දෙකම ගැන බැලන්ස්ඩ් කමෙන්ට්ස් දාන අයට සමහරු ඇවිල්ලා බනිනවා "අනේ ඇත්ත ජීවිතෙත් ඕගොල්ලන්ට මෙහෙම හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්න ඕනෙ" කියලා. හිනා වෙලා මැරෙන්න පුලුවන් කමෙන්ට්ස් කියවලා. ඊට සාපේක්ශව මේ බ්ලොග් පාඨකයින් බහුතරය "well rounded" කියලයි මට හිතෙන්නෙ. (නැත්නම් ඉතින් නිමල් ලියන දේවල් කියවන්නත් බෑනෙ 😉😜.. just kidding).
ReplyDelete(මගේ නිරීක්ශණයක් විතරයි. මම හරි කියලා අදහස් කරන්නෙ නෑ)
ඇත්තටම- පංච තන්තරේ කියවන වැඩි රසික-රසිකාවියන් පිරිසක් ඉතාම පුළුල් චින්තනයක් තියෙන උදවියයි. ඒ ගැන නං පුංචි ආඩම්බරයකුත් මට තියෙනවා.
DeleteLotus, ඔයා 'ජහුටා' බලනවා නේද? ටෙලිනාටකවලට වැටෙන comments වැඩි හරියක් බොහොම පටු අදහස් සහිත ඒවානේ.
පසු ගිය පෝස්ට් එක නිමල් පටන් ගත්ත වාක්යට -"නිමල් දිසානායක කියන්නේ මාර- පුදුමාකාර වාසනාවන්තයෙක්!" මම හරිම කැමතියි. එහෙම හිතන කොට ජීවිතේ ඇත්තටම වාසනාවන්ත වෙනවා නේද.
ReplyDeleteඑහෙම හිතනකොට මට නං ශක්තියක් ලැබෙනවා Lotus.
Deleteඅයස්මන්ත මහතාම මට කියා දුන් විදිහට මම කරන 'ස්තුති භාවනාව'ත් මට නං පොසිටිව් විදිහට වැඩ කරනවා.
මතක ඇති නේද මම ඒ ගැන ටික කාලෙකට කලින් ලිව්වා.
https://nidigepanchathanthare.blogspot.com/2023/02/blog-post_28.html
අර බස්සෙක ඇතුලෙ පිංතූරෙයි, ඊට උඩ පිංතූරෙයි දැක්කාම මට හිතුනෙ " මොබයිලෙ මැව් වෙනසක අරුමේ" කියලයි.
ReplyDeleteමම බස්සෙක් හින්දද මන්දා, අන්තිම පිංතූරෙ පාටියෙ මට ඈතින් සාදු කෙනෙක්ව පේනව නෙව?🤔
බස්සා
Deleteලංකාවේ සමාජ මාධ්‍ය ජාල තියෙන මේ කතාව ඇත්ත ද?
//
වසන්ත සමරසිංහ සීඅයිඩීය පක්කලි සර්විස්වලට යොදවයි!
සීඅයිඩීයට තියෙන වැඩ කරගන්නත් සෙනඟ මදි! වසන්ත මුදලාලි! ඔයාගෙ සල්ලිවලින් අපහාස නඩුවක් දාගන්න මහජන මුදල් නාස්ති නොකර!
https://whatnews.lk/2025/10/09/wasantha1009/
//ඊටත් එහා බිහිසුණු දෙයක් සිදුවී ඇත. ඇමතියාගේ මාධ්‍ය ලේකම් සමීර ප්‍රභාෂ් විජේසිංහ නම් කෙනා නිකුත් කළ නිවේදනයේ පහත සඳහන් සමාජ මාධ්‍ය ගිණුම් හිමි පුද්ගලයින්, සමාජ මාධ්‍ය පිටු සහ තවත් පුද්ගලයින් පිළිබඳව නීතිමය පියවර ගනු ඇත යනුවෙන් නිවේදනයෙන්ම කියා හමාරය. සීඅයිඩීය හරිනම් කුණුබක්කියට පැමිණිල්ල දැමිය යුතුය. මේ රටේ සාපරාධී අපහාස නීතියක් නැත. ඒත්, ඇමතියා පැමිණිල්ල කරද්දීම සීඅයිඩීය පියවර ගන්නා අයගේ නම් ටිකත් කියා හමාරය.//
මේක ගැන මොකද හිතන්නේ?
බස්සා මහත්තයෝ, ඒ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සංස්කෘත දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධාන සහ ජ්‍යෙශ්ට කථිකාචාර්ය මාවතගම පේමානන්ද තෙරුන් වහන්සේ වෙන්න ඕනේ.
Deleteදන්නෙ නෑ ඇනෝ.
Deleteබස්සා
Deleteඔය උඩ ඇනෝ දාල තියෙන එක අපේ හිතවත් තරිඳු උඩුවරගෙදර සහ තවත් බොහෝ අය ෂෙයාර් කරලා තියෙනවා, ලංකාවේ දේශපාලන වේදිකාව මත අපහාස ඕනෑම අයෙකුට ඕනෑම තරාතිරමක අයෙකුට කරන්න පුළුවන් ඒකට විරුද්ධව ඒ අය උත්තර දෙන එක පමණයි කරන්න පුළුවන් මම දන්න විදියට නමුත් වර්තමාන ජාජබ මන්ත්රීලාට ඇමතිලාට විවේචන දරාගත නොහැකිව පොලීසිය යොදාගෙන මර්දනය කිරීමට උත්සාහ කරන බවට තමයි මේ අය චෝදනා එල්ල කරන්නේ
මීට පෙර එජාප පොදු පෙරමුණු ආණ්ඩු සහ වසර දහයකට පහළොවකට පමණ පෙර පැවති දූෂිත රාජපක්ෂ රෙජීමය විවේචනය කරපු මාධ්‍යවේදීන්ට ඉතාමත්ම අවාසනාවන්ත ලෙස මර්දනය ක්‍රියාත්මක කළා නමුත් අවසානයේ ඉතාමත්ම අමාරුවෙනා භාෂණයේ නිදහස රට තුල ස්ථාවර කළාට පසුව මේ වර්තමාන දූෂිත අසික්කිත පාදඩ ජාජබ ආණ්ඩුවත් රාජපක්ෂ අමන රෙජීමය කරපු දේම කරන්නට කැස කවන බව තමයි මෙතනදී චෝදනාවලට ලක්වෙන්නේ
භාෂණයේ නිදහස කිව්වෙ මේ වගේ එව්වද?
Deleteකතා කිරීමේ නිදහස
අකමැත්තෙන් නමුත් නීත්‍යානුකූලව චෝදනා ගොනු කරන්න, ඇමතිලට ඇති අයිතිය පිළිගන්න වෙනවා නේද ඇනෝ? අවුරුදු 5 අවසානයේ තීන්දුවක් දෙන්න ඔබට වාරයක් ලැබෙනවා.
@ බස්සා
Deleteබොහොම ස්තූතියි. ඔය ලින්ක් එකෙන් ගියාම වැටුනේ වෙනත් බ්ලොග් එකකට, මම ඔය කියන බ්ලොග් එක කියවන කෙනෙක් නෙවෙයි ඒත් ඒකේ නිමල් දිසානායක මහතාට ඉතාමත්ම අසභ්‍ය වචන වලින් බැන වැදී ඇති බව දැක්කා, සමහර විට ඔහු සමග වෛරයක් ඇති කෙනෙක් හෝ ඒ බ්ලොග් එක මගින් ආණ්ඩුව විවේචනය කිරීම දරාගත නොහැකිව සිටින ආණ්ඩුවේ හිතවාදීන් බ්ලොග් එක අල කිරීම සහ පාඨකයන් එලවා දැමීමට කරන ලද වැඩක් වෙන්නත් බොහෝ දුරට ඉඩ තිබෙන බව සැක කරන්න පුළුවන්. මොකද එහෙම දේවල් සෑහෙන්න මේ ආණ්ඩුව කරපු ඒවා මම දැකලා තියෙනව, කලින් ආණ්ඩුත් එහෙමයි
කෙසේ වෙතත් මාතෘකාවට අදාලව භාෂණයේ නිදහස කියලා මම අදහස් කළේ බියකින් තොරව කතා කිරීමේ පදනම ඇතිකිරීම
භාෂණයේ නිදහස කියන්නේ, ඕනෑම ප්රජාතන්ත්රවාදී රටක ජීවය වැනියි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ ජාත්‍යන්තර නීතිවලින් මේ අයිතිය සහතික කරලා තියෙනවා.
නිදහස යනු කුමක්ද?
සරලවම කිව්වොත්, මෙය බියකින් තොරව, අපේ අදහස්, තොරතුරු සහ මතයන් සෙවීමට, ලබා ගැනීමට සහ ප්‍රකාශ කිරීමට අපිට තියෙන අයිතියයි.
උදාහරණ 1: ආණ්ඩුවේ විවේචනය (The Critic's Right): ආණ්ඩුවක් වැරදි තීරණ ගනිද්දී, "මේ දූෂණය නවත්වන්න, මේ ප්‍රතිපත්තිය වැරදියි" කියලා වීථියට බැස හඬ නැගීමේ අයිතිය මේකට අයත් වෙනවා. රජය විසින් සිදු කරන දූෂණ, නාස්තිකාර වියදම් හෝ අසාධාරණ ක්‍රියා ගැන මාධ්‍යවලින් හෝ සමාජ මාධ්‍යවලින් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිදහස නැති තැන තමයි ප්රජාතන්ත්රවාදය බිඳ වැටෙන්නේ.
උදාහරණ 2: කලාත්මක ප්රකාශනය: කවියකින්, ගීතයකින් හෝ චිත්‍රපටයකින් දේශපාලන විවේචනයක් ඉදිරිපත් කිරීමේ අයිතියත් භාෂණයේ නිදහසට ඇතුළත්.
භාෂණයේ නිදහස නොවන දේ
ඔබ ඉතා නිවැරදිව පෙන්වා දුන් පරිදිම, කුණුහරුප කීම හෝ අසභ්‍ය දේ ප්‍රසිද්ධියේ කීම කියන්නේ මේ නිදහස නෙවෙයි. මන්ද, එය පොදු සදාචාරය සහ අනෙක් පුද්ගලයාගේ ගෞරවය ආරක්ෂා කිරීම යන මූලධර්ම බිඳ දමන නිසා.
නමුත් මෙන්න ප්‍රධාන ගැටලුව:
ඔබ කියනවා වගේ, ආණ්ඩුව විවේචනය කරන හෝ දූෂණයට එරෙහිව හඬ නගන අයව 'නීතියේ ආධිපත්‍යය' මුවාවෙන් අත්අඩංගුවට ගැනීම හෝ මර්දනය කිරීම කිසිසේත්ම පිළිගත නොහැකියි.
මර්දනය යනු සැබෑ ප්රජාතන්ත්රවාදයක, විරෝධතාකරුවා සතුරා නොවේ. විරෝධතාකරුවන්ව අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ කටවල් වැසීමට උත්සාහ කිරීම, ආණ්ඩුවකට වගවීමක් නැති බව පෙන්වන ලක්ෂණයක්. ඔබගේ ස්ථාවරය ඉතා සාධාරණයි. අපිට ඕනේ විවේචකයන්ට හිංසා නොකරන, ඔවුන්ගේ අදහස්වලට සවන් දෙන පාලන ක්‍රමයක්.
උදාහරණ විදිහට පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) වැනි පක්ෂ වර්තමානය තුළ අපට අගය කළ හැකි සාධනීය ලක්ෂණ රැසක් තිබෙනවා.
a. ධෛර්යසම්පන්න, නොපසුබට විවේචනාත්මක භූමිකාව
ප්‍රතිපත්තිමය ස්ථාවරය: පෙසප යනු ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ මෙන් කේවල් කිරීමේ හෝ ඩීල් ගනුදෙනු දේශපාලනයේ නිරත නොවන පක්ෂයක් ලෙස සමාජයේ හොඳ පිළිගැනීමක් පවතිනවා.
ඔවුන්ගේ නායකයන් සහ ක්‍රියාකාරීන්, බලයේ සිටින කණ්ඩායම කවුරුන් වුවත්, ආණ්ඩුවේ වැරදි සහ දුර්වලතා ප්‍රතිපත්තිමය මට්ටමින් විවේචනය කරනවා.
උදාහරණ: 2022 දී ඇති වූ 'අරගලය' වැනි ජනතා නැගිටීම්වලදී, ඔවුන්ගේ ක්‍රියාකාරීන් ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළා. රජයේ දරුණු මර්දනයන්, අත්අඩංගුවට ගැනීම් සහ තර්ජන හමුවේ පවා ඔවුන් වීථි සටන්වලින් පසු නොබැසීම, රටේ ප්රජාතන්ත්රවාදී අරගලයට සහ භාෂණයේ නිදහසට විශාල ශක්තියක් වූ බව බොහෝ දෙනා අගය කරනවා.
b. න්‍යායාත්මක ගැඹුර සහ දේශපාලන අධ්‍යාපනයට කැපවීම
ගැඹුරු විශ්ලේෂණය: ඔවුන්ගේ නායකයන් වන කුමාර් ගුණරත්නම්, පුබුදු ජයගොඩ වැනි අය ඉදිරිපත් කරන බොහෝ විශ්ලේෂණ, හුදෙක් දේශපාලන මඩ ගැසීම්වලින් ඔබ්බට ගිය, මාක්ස්වාදී ක්‍රමවේද මත පදනම් වූ ගැඹුරු ආර්ථික සහ සමාජ විද්‍යාත්මක විග්රහයන් වන බව බොහෝ විද්වතුන් පවා පිළිගන්නවා.
උදාහරණ: ශ්‍රී ලංකාවේ ණය අර්බුදය හෝ ඛනිජ සම්පත් විදේශීය බලවේගවලට පැවරීම වැනි සංකීර්ණ මාතෘකා ඔවුන් විග්රහ කරන්නේ ගෝලීය ධනවාදී රටාව සහ අසමානතාව යන විශාල රාමුව තුළයි.
ජනතා දැනුවත් කිරීම: ඔවුන්ගේ ප්‍රධාන සාධනීය ලක්ෂණයක් වන්නේ දේශපාලන අධ්‍යාපනය සඳහා දක්වන කැපවීමයි. සාම්ප්‍රදායික මැතිවරණ දේශපාලනයට පමණක් සීමා නොවී, ඔවුන් දිවයින පුරා දේශපාලන පන්ති, වැඩමුළු සහ සංවාද පවත්වමින් තරුණ පරපුර සහ කම්කරු පන්තිය දේශපාලන වශයෙන් දැනුවත් කිරීමට උත්සාහ කිරීම ඉතා අගනේය.
c. විකල්ප දේශපාලන හා සංස්කෘතික ගුණාංග
නව විකල්ප දැක්ම: පෙසපය යෝජනා කරන්නේ විකල්ප ආර්ථික මාර්ගයක් පමණක් නොව, විකල්ප රාජ්‍ය ව්‍යූහයක් ද ය. ඔවුන් "ජනතා අරගල සභා" වැනි සංකල්ප යෝජනා කරන්නේ, ජනතා බලය පවත්නා නියෝජිත ආයතනවලින් බැහැරව ව්‍යූහාත්මකව ශක්තිමත් කළ යුතු බව පෙන්වා දෙමින්.
ඒ වගේම ජාතික ප්‍රශ්නයට විසඳුම්: වෙනත් වමේ හෝ වෙනත් දේශපාලන කණ්ඩායම් හා සසඳන විට, පෙසපය දෙමළ ජනතාවගේ ජාතික පීඩනය පිළිගැනීමට සහ සියලු ජාතීන්ගේ සමානාත්මතාවය සඳහා සටන් කිරීමට වැඩි අවධානයක් යොමු කරන බව පෙනී යයි. ඔවුන්ගේ "සමාන අයිතිවාසිකම් සඳහා වූ ව්‍යාපාරය" වැනි අනුබද්ධ සංවිධාන හරහා, ඔවුන් උත්සාහ කරන්නේ පන්ති අරගලයක් තුළින් ජාතීන් අතර බැඳීමක් ඇති කිරීමටයි.
Deleteඅවසාන වශයෙන්, පෙසපය යනු ප්‍රධාන ධාරාවේ දේශපාලනයෙන් රට වෙනසක් බලාපොරොත්තු වන අයට, සත්‍යය කතා කිරීමට බිය නොවන, න්‍යායාත්මකව ගැඹුරු සහ විකල්ප දැක්මක් සහිත දේශපාලන ව්‍යාපාරයකි. අපේ රටේ ප්රජාතන්ත්රවාදී අවකාශය ශක්තිමත් වීමට නම්, මෙවැනි විවේචනාත්මක සහ විකල්ප මතවාදවලට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතුමයි.
ඒ වගේම ආණ්ඩුවක් බලයට පත්වීම සමග ඔහේ බලාගෙන බකන්නිලාගෙන අවුරුදු පහ ගියාට පස්සේ බලමු කියන්නේ පීටකොඳු බිඳගත් ඔලමොට්ටල නිවටුන් එතකොට ආණ්ඩුව දූෂණ අක්‍රමිකතා හොරවැඩ දිගින් දිගටම කරනවා රාජපක්ෂ වනචර දශකය වගේ, අපි කෑ ගහන නිසා ඒක යම්තාක් දුරකට පාලනය කිරීමට හැකිවෙලා තියෙනවා
අනෙක ප්රජාතන්ත්රවාදී රටක විපක්ෂ බලවේග වල කාර්යය හැකි සෑම විටකම ආණ්ඩුව පෙරලා දමා බලය අත්පත් කරගැනීමයි එය නීත්‍යානුකූල අයිතියක්, නමුත් රාජ්‍ය යාන්ත්‍රණය රජයේ පොලීසිය හමුදාව ආදී ජාතික ආරක්ෂාවට සම්බන්ධ ආයතන ආණ්ඩුවේ බලය ආරක්ෂා කරගන්න යොදාගැනීම නීති විරෝධීයි. ඔහොම අවුරුදු පහ ඔහේ බලාගෙන හිටියානම් නන්දසේන 2024 අග වෙනකම්ම ලංකාවේ ජනාධිපති. පෙරටුගාමීන් ප්රමුඛ අරගලකරුවන්ගේ දැඩි පරිශ්‍රමයකින් තමයි නන්දසේන ගෙදර යවාගන්න පුළුවන් වුණේ, මේ ආණ්ඩුව හරි පාරට ආවේ නැත්නම් ඇත්තටම මෙයාලටත් ඒකම වෙන්න ඉඩ තියෙන බවත් කිව යුතුයි.
//ප්රජාතන්ත්රවාදී රටක ...ආණ්ඩුව පෙරලා දමා බලය අත්පත් කරගැනීමයි එය නීත්‍යානුකූල අයිතියක්, නමුත් ... ආණ්ඩුවේ බලය ආරක්ෂා කරගන්න යොදාගැනීම නීති විරෝධීයි//
Deleteඇර මාටින්!😮
විරුද්ධ මතවාදීන් එක පෙලට සිටුවා වෙඩි තබා, ලයිට් කණු වල එල්ලන කොට, භාෂණයේ නිදහස රැකේවිද? 🤔
ඇනෝ මහත්මයා මිනිසුන්ට පෞද්ගලිකව අපහාස කිරීම සඳහා නීතිමය පියවර ගැනීම භාෂණයේ නිදහස අහිමි කිරීමක් නෙමේ නේද? පෞද්ගලිකව පහර දෙන හැම වෙලාවකම මාතලන් වගේ උදවිය යුටියුබ් එකෙත් කියනව දේශපාලනයට ආවනම් මොකද්ද ප්‍රශ්නේ කියල. මමනම් රාජපක්ෂ පවුලේ දේශපලනය නොකරන යට කවදාවත් විරුද්ධව දෙයක් කියල නැහැ. ගෝඨාභය මහතාගේ පුතාට වැනි අයට . නාමල්ගේ වුනත් බිරිඳට ළමයින්ට මුකුත් කියල නැහැ. ජෙප්පෝ උනත් කිවනම් නාමල්ට අයිතියක් තියනවා නඩු යන්න. දැන් මේ බ්ලොග් එකේ අන්තිම කමෙන්ට් එක කොපමණ වැරදිද? එනිසා මම රජයට යෝජනා කරන්න කැමතියි ගුගල ඇනෝ ලවාත් හඳුනා ගැනීමට නීති සම්පදනය කරන්න කියල. මේ දොස්තර මහතාට ලොකු අසාධාරණයක් නේ වෙලා තියෙන්නේ.https://helapakade.blogspot.com/2017/07/blog-post.html
Delete@ බස්සා
ReplyDeleteමට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාගෙන් අහන්න කෙටියෙන් කිව්වොත් ඇත්තටම US ,Australia , Newzealand සහ මැදපෙරදිග රටවල වල විතරක් ඇයි ලංකාවේ අය, විශේෂයෙන්ම සිංහල අය ප්‍රකෝටිපතියො වෙන්නෙ ? ඇයි 🇬🇧 UK වල අය නැත්තෙ ? 😅
හැබැයි යූකේ වල ඉන්න මගේ යාලුවෝ කියන විදියට ගොඩ කාලෙකට කලින් ආපු Tamil අයගෙන් යම් පිරිසක් ඉන්නවාලු රැඟීමට පෙර නැගිටීම හරියට කරලා ස්තාවර වෙලා, වැඩි සද්ද නැතුව properties , businesses රට පුරාම maintain කරං ඉන්න. හැබැයි තව දෙයක් තමයි , Australia , Newzealand , USA වගේ රටවල් වලට පහුගිය අවුරුදු 20 ඇතුලත ගිය අයගෙන් බහුතරයක් ඉස්සර ඉඳලා ඒ UK ආපු බහුතරේටත් වඩා ආර්තිකමය වශයෙන් ඉහලින් ඉන්නෙ.
මෑත කාලීන UK වල බහුතරේ අතරෙ අපි දකින්නෙ ණයට ගත්ත වාහන ණයට ගත්ත ගෙවල්, ඒ අතින් බලද්දි ප්‍රතිශතයක් විදිහට අර රටවල ණය අඩුවෙන්, අතේ තියෙන සල්ලි වලින් ඒ දෙවල් කරපු අය වැඩියි නේද?
හැබැයි UK වලත් ඇත්ත ව්‍යාවසායකයන් ටිකදෙනෙක් FB වල පෙන්නනවට වඩා පැත්තකට වෙලා තමුන්ගෙ වැඩේ කරන් ඉන්නව ඈති.
ඒත් ඇත්තටම බ්‍රිතාන්‍යය කියන්නේ පරණ සල්ලිකාර දැන් බංකොලොත් වලවුවක් වගේ. වේයො ඉන්නවා, Maintenance වැඩී. ඒවගෙම යූකේ ඉපදුන මිනිස්සු යූකේ වලට තියෙන ආදරේ අඩුයි, මේක maintain කරන් යන හැටි අලුත් පරම්පරාවට තේරෙන්නෙ නෑ. යූකේ පොඩ්ඩක් වන කරං ඉන්නෙ. 😅 එත් නම්බුව තියෙනවා, තාමත් සමහර දේ වල තරමක quality එකක් තියෙනවා. ඒත් පැවැත්මෙ ලොකු ප්‍රශ්නයක් තියෙනවා.. කවුරු පිලිගත්තත් නොගත්තත් මේක ගැන හොයල research කරපු මනුස්සයෙක්ට තේරෙනවා මේක යන පොට වෙනස් නොවුනොත් පිස්සුවක් වෙයි කියලා. කාවවත් අධෛර්යට පත්කරන්න නෙමෙයි කියන්නෙ. තමුන් ඉන්න තැන ගැන දැනගෙන ජීවත් වෙන්න කියලා. කොහේ හිටියත් plan A, B දෙකක් තියගන්න ඕනේ. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්න මගේ යාලුවෝ කියන්නේම England කියන රටත් දැන් දුප්පත්ලු හරියට. සමහර වලව්කාරයෝ ඉන්නේ ලොකෙට පේන්න විතරක් ලෝකෙට පරකාසේ ඒත් අන්තිමට කන්න නැතුව වත්තේ තියෙන කොල තම්බල බොන්නේ ඒ වුණාට බොරු පුරාජේරු විතරයි England රටත් දැන් අන්න ඒ ඒවගේ ඉන්න රටක් කියලා ඒ අය හිනාවෙනවා. මේක ගැන ඔයාගේ අදහස මොකක්ද?
US ,Australia , Newzealand , UK ඉන්න අයගෙ ජීවිත විච්චේදනය කරන්න තරම් දැණුමක් හෝ අත්දැකීම් මට නෑ, ඇනෝ. මැදපෙරදිග ගැන සහ මම ඉන්න සාවිය ගැන මම දැක්ක දේ ලිව්වා. ඒක වුනත් මම දැක්ක දේ විතරයි, මගේ කෝණයෙන්. බාගදා මම වැරදිත් ඇති, ඒ මමත් බයස් නිසා.
Deleteඔබ තුමාගේ අර ටීටර් කරපු කතාව ඒ දවස් වල මම දිගටම කියවන්න ගත්තා හැබැයි අතරමඟ නැවතුනා. පුළුවන් නම් ඒ නවත්තපු තැන හොයලා මට කියන්නකෝ.. මම අවසානෙට කමෙන්ට් දමපු තැන හොයාගන්න පුළුවන් උනා නම් හරි.
ReplyDeleteලියෝනි, අපි කරපු නාට්‍ය කිහිපයක් මුල් කරගෙන සීරීස් ගණනාවක් ලිව්වා. ඔයා කියවලා තියෙන්නේ කොයි එකද කියල හිතාගන්න බෑ. මෙන්න එසීරීස්වල මුල්ම ඒවායේ නම හා links. ගිහිං බලන්න තරහ නැතුව.
Deletehttp://nidigepanchathanthare.blogspot.com/2018/04/blog-post_60.html අජාසත්ත -පළමු කොටස
https://nidigepanchathanthare.blogspot.com/2019/01/blog-post_11.html දිව්‍ය අංගනි සේ මම සැරැසී
https://nidigepanchathanthare.blogspot.com/2020/07/blog-post_22.html මාරක හී පහර
https://nidigepanchathanthare.blogspot.com/2022/01/blog-post_10.html බ්‍රොයිලර් මනමේ!
https://nidigepanchathanthare.blogspot.com/2022/03/blog-post_28.html සුප්පා දේවිගෙ බඩේ මයිල්
මේවා තනි posts:
https://nidigepanchathanthare.blogspot.com/2022/02/blog-post_11.html හොන මුත්තක්ද බලන්නේ?
https://nidigepanchathanthare.blogspot.com/2023/01/blog-post.html මුරදොල්ලේ හැඩකාරම මිනිහා
Thank you so much.
Delete