li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, January 7, 2024

fb මාරකැට්ටුවේ රැකටියර්...

පෙළක් වෙලාවට මං වහන්සෙත් ‘රං ගොජෙක්’ වෙනවා කිසිම සුනංගුවක් නැතුව!

ඒකෙ කිසිම අරුමයකුත් නෑ. එක අතකට. මාත් දිසානායක කෙනෙක් නෙව.
‘දිසානායකලාගේ ටිකිරි මොළේ’, ‘තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ’ වගේ පෝස්ටු එහෙම කියවල තියේ නං යුෂ්මතුන් වහන්සේලා දැනටමත් දන්නවා ඇතිනෙ, දිසානායකලාගේ ‘මොළ ගෙඩිවල දිග- පළල- වපසරිය’ හෙම.

පොඩි කාලේ ඉඳලමයි මට ඒ පුරුද්ද තියෙන්නේ. ඒ දවස්වල නං මම බදාගෙන ඉඳල තියෙන්නේ ටින්- බෝතල්!
හැබැයි මේක නං ඒ කතන්දර වගේ, කාශ්‍යප බුදුන්ගේ කාලෙ කතන්දරයක් නෙවෙයි.

මේ ළඟදී- මේ පහුණු අවුරුද්දේ තකතිරු මට වෙච්චි සංගදියක්. (පුංචි පහේ කෙළවිල්ලක්!) හරියටම කියනවා නං 2023 නොවැම්බර් මාසෙදියි ඕංංං...

ඉතින්... වෙච්චි පාඩුව දරාගෙන, සද්ද වහගෙන පාඩුවේ ඉන්නවා කියලයි හිතාගෙන හිටියේ. එහෙම හිතාගෙන උන්නේ අද; 2024 ජනවාරි 7 වෙනිදා උදේ වෙනකල්. අද උදේ තට්ටයාගේ කොලම blog අඩවිය ලියන හිතවත් මංජුල ලොක්කා ‘කැඩේ වෑවා’ නෙව.
මම එහෙම කිව්වට මොකද, තට්ටයා මහත්තයා හාංකවිසියක්වත් නොදැනයි මෙතැනට ගෑවෙන්නේ. ඒ උන්නැහැගේ අඩවියට අලුතින් post එකක් ලියලා.
Face Book Market Place’ තමයි ඒ පෝස්ටුවේ මාතෘකාව.
ඔන්න තට්ටයා මහත්තයෝ, කිසිම ඇහිල්ලක්- බැලිල්ලක්- විමසිල්ලක් නැතුව මං ඒ පෝස්ටුවෙන් කෑලි දෙක තුනකුත් මේ post එකට උපුටා ගන්නවා. හොඳේ. (ඊට ඉස්සර අපේ ආදරණීය පාඨකයන්ටත් මතක් කරනවා, ඒ ‘ෆේස් බුක් මාර්කට් ප්ලේස්’ post එක කියවන්න කැමතියි නං මෙන්න, හනික
එහාට යන්න පාර කියලත්.

ඉතිං ඉතිං, ඉස්සෙල්ලම කියන්න ඕනි මේ ලියන මාත් fb එකවුන්ට් එකක් තියෙන කෙනෙක්. මං නං වැඩියත්ම ඒක හදා ගත්තේ blog අඩවියට posts ලියද්දී ඕනි කරන තොරතුරු තහවුරු කර ගන්න; ෆොටෝස් හොයා ගන්න එහෙමයි. පස්සෙ-පස්සේ පරණ හිත-මිත්‍රාදීන් හොයා ගන්නත් ඒක මට උදව් වුණා. ඒ එක්කම blog අඩවිය pramote කර ගන්නත්.
ඒ වුණත් fb එකේ Friends List එක ගොඩක් වැඩි කර ගන්නත් මම කැමති නෑ. මොකද මම
අර 150 සීමාව විශ්වාස කරන හින්දා. හැබැයි තවම ඒ ෆ්‍රෙන්ඩ්ස්ලගේ ගණන 150ට අඩු කරගන්න බැරිවයි මං ඉන්නේ...

දෙවෙනි කාරණය තමයි, මං වහන්සේ ‘තද අතීතකාමියෙක්’. ඒ වගෙම උමතු සිනමාලෝලියෙක්!! තවත් දුරට මං ගැන විස්තර කියනවා නං ගොඩක් දේවල් එකතු කරන්නෙක්!!!
පොඩි කාලේ ඉඳලමයි මට ඒ පුරුද්ද තියෙන්නේ. ඒ දවස්වල නං මම බදාගෙන ඉඳල තියෙන්නේ ටින්- බෝතල්! (අවුරුදු කීපෙකට කලින් ‘චණ්ඩියා වගේ හිත හදාගෙන’ පොදි ගහගෙන හිටපු එක-එක පන්නේ විසිතුරු බෝතල් කන්දරාවම අයින් කළා; හැබැයි, තවමත් ඒ දුක හිටි ගමන් මතු වෙනවනෙ හලෝ!)
දැන් නං අපේ ගෙදර ගොඩ ගහගෙන හිටි දේවලින් ඉතිරිව තියෙන්නේ පරණ පොත්-පත්තර තමයි.

ඒ කාලේ පත්තරවල තිබ්බා...

ඔන්න ඔය කාරණා කීපයත් ඔළුවෙ තියාගෙන පෝස්ටුවේ ඉතිරි හරිය කියවනවා නං- ආදරණීය ඔයාලට ‘මට වුණු ඇබැද්දිය’ තේරුම් ගන්න ගොඩාක් ලේසියි. හොඳේ...

FMP ගැන මෙලෝ හසරක් මම දැනගෙන හිටියේ නෑ- (වඩාත් නිවැරදියි මීටර් වෙලා තිබ්බේ නැහැයි කිව්වම.) අද උදේ වෙනකල්. තට්ටයගේ කොලමේ අලුත්ම post එක කියවනකල්.
ඉස්සර පත්තරවල ලුහුඬු දැන්වීම්වල විස්තරවලින් පටන් අරං ඒ post එකෙන් එනවා FMP එකට.
(අර ලුහුඬු දැන්වීම්වල සුලමුල කියවාගෙන යද්දී මට මතක් වුණේ අපේ තාත්තා කියාපු විස්තරයක්.
“ඒ කාලේ පත්තරවල තිබ්බා දැන්වීමක් -ගෙදර වසංගතය මකුණෝ මැරීමට අත්දුටු ප්‍රතිකර්මයක්! හරි නොගියොත් මුදල් ආපසු. රුපියල් දෙකක මනි ඕඩරයක් හා ලිපිනය ලියූ මුද්දර කවරයක් එවන්න.- කියලා. ඒ දවස්වල හැම ගෙදරකම මකුණෝ හිටියනෙ.

-ඉතිං මිනිස්සුත් ඒ දැන්වීමේ විදිහට සල්ලි යැව්වා. ඒ හැමෝටම තැපෑලෙන් ප්‍රතිකර්මේ ඇවිත් තිබ්බා ‘මේ සමඟ ඇති උල් කරන ලද ඉරටුවෙන් මකුණාගේ පිටට ඇන තුවාල කරන්න’ කියලා තිබ්බ පුංචි දැන්වීමකුත් එක්ක.’)

වැඩේ කියන්නේ මට අපේ තාත්ත කියාපු ඒ කතන්දරේ මතක් වුණෙත් තට්ටයා මහත්තයගෙ පෝස්ටුව කියවද්දී.
(ඒකනේ මහත්තයෝ, ඔයා මේ post එක ලියන්න තිබ්බේ මාස තුනකට විතර ඉස්සර. එහෙනං මම මේ වළේ වැටෙන්නේ නෑ! වෙච්චි දේට ‘එන්න සෙයියදු’  කිව්වලු. ඒ වගෙමයි, වෙන්න තියෙන දෙයක් නවත්තන එකත් සක්කර දෙයියන්ට වුණත් කරන්න බැහැයි කියනවනෙ.)

තට්ටයාගේ කොලමෙ අලුත්ම post එකේ මෙහෙමයි FMP ගැන කියන්නේ.

‘... මේ සියළුම දේ මෙසේ සිදුවෙද්දී මේවන විට හිස ඔසවා ඇති සුපිරිම වෙළෙඳ "තට්ටුව" Facebook market place ය!

මට මෙය අලුත් දෙයක් වුනාට; මෙය කියවන දනන් හට එය තවත් එක් "නියැණ්ඩර්තාල්" කෙනෙක් හෝ "බළංගොඩ මානවයෙක්"  විය හැකි වුවත් මම ලබපු අත් දැකීම් ටිකක් මෙහි ලියන්නම්. 

FMP (කෙටියෙන් Facebook market place) මා වඩාත්ම ප්‍රයෝජනයට ගැනීමට පටං ගත්තේ කැන්ගරු දේසේදී....’

මම නං FMP එකෙන් පොරෝජන් ගන්න හිතුවේ සසිරිබර සිරි ලංකාවේදී.
ඒ දවස්වල fb එකේ පරණ සිංහල චිත්‍රපටිවල සිංදුවල දර්ශන එහෙම හෙණට වැටුණා. fb groups ගොඩාරියක. ඒ වගෙම filmsවල සමහර දර්ශනත්. ඊට ටික දවසකට පස්සේ මෙන්න බොලේ කියනවා ‘පැරැණි සිංහල චිත්‍රපටවල CDස්’ එහෙමත් විකුණන්න තියෙනවා කියලා.

හැබැයි අමු කොප්පයක් වගේ- ‘විජයපුරි වීරන්’ දෙමළ film එකෙන්ලු, කොප්පේ  ගැහුවය කියන්නේ.

මං වහන්සෙත් ඒ විස්තර දැක්ක ගමන්ම දැපනේ වැටුණා. මොකද ‘වීර විජය, සිරිමලී, සූරයා’ වගේ filmsවල CD පවා තියෙන විත්තිය කියවුණු හින්දා.

‘වීර විජය’; සිංහල සිනමාවේ 75වෙනි චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1960 දෙසැම්බර් 9 වෙනිදා.
මං ඒ ෆිලුම බැලුවේ පස්සේ කාලෙක, මහරගම අනුෂා තියටර් එකේදී. ඒකෙ හර්බි සෙනෙවිරත්න, ආනන්ද ජයරත්න, ලැඩී රණසිංහ, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, ක්‍රිස්ටි ලෙනාඩ්, ඇන්තනි සී පෙරේරා වගේ නළුවන් ගොඩක් රඟපෑවා. ජීවරාණි, ක්ලැරිස්, විජිත මල්ලිකා වගේ නිළියන් ගොඩකුත්...
හැබැයි අමු කොප්පයක් වගේ- ‘විජයපුරි වීරන්’ දෙමළ film එකෙන්ලු, කොප්පේ  ගැහුවය කියන්නේ.

ඒත් මොකෝ, හරියට කොපි කරන එක කරලා වෙන්නැති... මට නං ෆිලුම හිතට ඇල්ලුවා.
ඇයි සිංදු?

සිරි ආසිරිදායක මෑණී, ඉරණමට සැවොම ගැති වේවී, මේ ලෝකෙ ඉපදී කලක් ගියා- වගේ සිංදු තවමත් ජනප්‍රියයි.
මගේ ඇහේ නං තවම තියෙන්නේ ‘මේව තමයි ජිල් ජිල් ජිල්’ කියන සිංදුවේ දර්ශනය. විජිත මල්ලිකා තවත් නළුවෙක් එක්ක හිර ගෙදරට යනවා ‘ජිල් ජිල් ජිල්’ විකුණන්න. හැබැයි ඒ යන්නෙ හිර ගෙදර ඉන්න කෙනෙක්ව මුදා ගන්නයි.

පුදුමේ කියන්නේ 1960 ඉඳල 2024ට අවුරුදු 64ක් ගිහිල්ලත් හිර ගෙවල් ඇතුළේ සිද්ද වෙන ‘ජිල් ජිල් ජිල් ජිල්මාට්’ වෙනස් වෙලා නැති එකයි. තාම එව්වා නවත්තන්න මොන ජගතාටවත් බැරි වෙලා තියෙන විදිහයි පෙනෙන්නේ.

ඉතිං අර ෆිලුම්වල විස්තර දැක්කත්, ඒ දවස්වල අපේ අම්මාගෙ රෝගී තත්ත්වය හොඳටම නරක අතට හැරිලා තියෙන නිසා, මං කළේ ඒවයේ තොරතුරු ලියලා තියා ගත්තු එකයි.
බුද්ධික තෙන්නකෝන් මහත්තයා තමයි එහෙම තොරතුරක් එක්ක එයාගේ මොබයිල් ටෙලිෆෝන් අංකයත් දාලා තිබ්බේ. 0776 140936. ටිකක් ඉස්පාසු තිබ්බ දවසක මම ඒ නොම්මරේට කතා කළා.

“ඔව් මහත්තයා. මගේ ළඟ ගොඩක් පරණ සිංහල චිත්‍රපටවල CDස් තියෙනවා. එකක් රුපියල් තුන්සීයයි. මහරගමටනේ... තැපැල් ගාස්තුවත් 300/-ක් වෙයි.” 

ඉස්සර නං film CD එකක ගණන ඊට අඩු වුණත්, මං හෙට්ටු කරන්නට ගියේ නෑ. “මොනවද බුද්ධික මහත්තයා ළඟ තියෙන චිත්‍රපට?”
“මහත්තයට ඕනි ඒවා කියන්නකො. එතකොට මං කියන්නං ඒවා තියෙනවද නැද්ද කියලා.”
ඉතිං මම නම් ලැයිස්තුව කිව්වා. එයා එව්වා තියෙනවද නැද්ද කියලා කිව්වා.

එතකොට මහත්තයට ඕනි කරන චිත්‍රපටි එකකට රුපියල් තුන්සීය ගණනෙයි තැපැල් ගාස්තුවට තුන්සීයකුයි...

වීර විජය? / තියෙනවා.
සූරයා? / තියෙනවා.
යටගිය දවසයි සිරිමලීයි? / දෙකම තියෙනවා.
කොහොමද වැඩේ / ඒක නං නෑ මහත්තයා.

ආත්ම පූජා- අර ගාමිණී double ඇක්ටින් කළේ. / ඒක නං ෆීල්ඩ් එකේ කා ගාවවත් නෑ.
මාලිනී ඩබල් ඇක්ටින් කරපු සූරයා සූරයාමයි? / තියෙනවා. හරි ලස්සන චිත්‍රපටිය නේද මහත්තයා.
ධීවරයෝ? / ඒකත් කොහෙන්වත් හොයා ගන්න බැරි එකක්... බයිසිකල් හොරා- කතුරු මුවාත් වගේ ඩී. ආර්. නානායක්කාර හිටිය films?
එහෙනං කතුරු මුවාත් එකත් ගනිමු!

කතාවෙන් මට දැනුණේ බුද්ධික මහතා මැදිවියේ කෙනෙකු බවයි; සිංහල චිත්‍රපට ගැන හොඳින් තොරතුරු දන්නා බවයි.

“එතකොට මහත්තයට ඕනි කරන චිත්‍රපටි එකකට රුපියල් තුන්සීය ගණනෙයි තැපැල් ගාස්තුවට තුන්සීයකුයි මගේ එකවුන්ට් එකට දැම්මම මං CDස් ටික එවන්නං. එක සැරේ films ටිකක් වැඩියෙන් ගන්නවා නං ඔබතුමාට තැපැල් ගාස්තුව වියදම් වෙන්නේ අඩුවෙන්...”
“අපි ඉස්සෙල්ල මේ ටික අරගෙන බලමුකො.”
“මගේ bank එකවුන්ට් එකේ විස්‌තරත් මේ ගමන්ම කියන්න පුළුවනි, මහත්තයට ලියා ගන්න පුළුවන් නං.” බුද්ධික එවෙලේම ඒ විස්තරත් කිව්වේය. මමත් ලියා ගත්තෙමි.

එහෙම ලියා ගත්තත්, ඉක්මනින්ම බැංකුවට යන්නට හැකියාවක් මට තිබ්බේ නැත. ඒ දවස්වල මගේ blood count එක බැහැලාය තිබ්බේ. එහෙම වුණාම ඇඟට පණ කඳුළක් නැහැ වගෙය; ක්ලාන්ත ගතියකි නිතර දැනෙන්නේ- හිතෙන්නෙම ඇඳේ හාන්සිවී කොට්ටයට ඔළුව ගහගන්නටය. ඒ අව්වස්සේ බුද්ධිකගෙනුත් ඇමතුමක්. “මහත්තයා අර සල්ලි බැංකුවට දැම්මද?”

සනීප මදි විත්තියක් මේ නාඳුනන මනුස්සයට කියන්නේ මොකටද? “බුද්ධික මහත්තයා, මට තවම ඒකට වෙලාවක් හම්බ වුණේ නෑ. මම සල්ලි deposit කරපු ගමන්ම ඔයාට call එකක් දෙන්නං.”

මොන? ඒ උත්තරයෙන් සෑහීමට පත් වුණේ අලෙවිකරුවා නොවේ. නැවත නැවතත්; හතර-පස් වතාවක්ම මට දුරකථන ඇමතුම් දුන්නේය.

ගොන්- මොට්ට- තකතිරු- අම්බරු නිමල් දිසානායකයාට එතකොටවත් අමුත්තක් හිතුණේ නැත; සැකයක් හිතුණේ නැත.
ඒ අතරය, නමී උන්නැහේ මගේ සුවදුක් බලන්නට සම්ප්‍රාප්ත වුණේ. “අනේ නමී- තරහ නැතිව මට ලොකු උදව්වක් කරන්න ඕනි.” මම නමීව දැනුවත් කළෙමි.
“කව්ද හලෝ බඩු එවන්න කලින් සල්ලි යවන්නේ? නිදිටත් තියෙන්නේ ඉස්සෙල්ලා films ටික එවන්නයි කියල ඒ මනුස්සයට කියන්න. ඒවා බාර ගන්නකොට සල්ලි ගෙවන්නං කියන්න...” ඔහොම දේවල් ගැන මට වඩා දැනුම තියෙන විත්තිය පෙනෙන නමී එවෙලේ මට අවවාද කළේය.

හිතේ ඇති වුණු නොරිස්සුම හංගගෙනයි

“ඔය පොඩි ගණනකට මිනිහෙක් වංචා කරයිද නමී? අනෙක, මම දැන් එයාට වචනේ දීල ඉවරයිනේ. ඔයාට පුළුවන් නේද සල්ලි bank කරන්න.”

“නිදි කියනව නං මං සල්ලි දාන්නං. මට දෙන්නකො එයාගේ විස්තරයි, සල්ලියි.”

“නම බී.එස්.සී. තෙන්නෝන්. මීරිගම සම්පත් බැංකුවෙයි එකවුන්ට් එක තියෙන්නෙ. නොම්මරේ 108652246596. රුපියල් දෙදාස් එකසීයක් දාන්න ඕනි. Films හයට 1,800/-යි, තැපෑලට 300/-යි.”
“ඔහෙට සල්ලි වැඩියි.” කියමිනි, නමී ඒ රාජකාරිය කරන්නට බාර ගත්තේ. බොරලැස්ගමුව, සම්පත් බැංකු ශාඛාවෙන් බුද්ධික තෙන්නකෝන් මහතාගේ ගිණුමට රුපියල් දෙදහස් එකසීයක් 2023 නොවැම්බර් 15 වෙනිදා බැර කෙරුණේ එහෙමය!
එදාම රාත්‍රියේය අපේ
අම්මා පරලෝකප්‍රාප්ත වුණෙත්!

ඒ නිසා මුදල් බැර කළ විත්තිය බුද්ධික මහතාට දැන්වීම ටිකක් පමා විණි.
“... ඔව්, ඔව්. මහත්තය බැංකුවට සල්ලි දාල තිබුණා. ඕනි කරන films ටිකයි, මහත්තයගේ ඇඩ්‍රස් එකයි ආයෙමත් කියන්නකො. දවස් දෙක තුනකින් මම එව්වා තැපෑලට දාන්නං.” හිතේ ඇති වුණු නොරිස්සුම හංගගෙනයි මං උත්තර බැන්දේ.

දවස් තුන හතරක් ගියත් ‘ම්හු!’. බඩුත් නෑ- කතාවකුත් නෑ!!
කීප වතාවක් calls දීලයි ආයේ ඒ මනුස්සයව contact කර ගන්න ඇහැක් වුණේ. “මට පොඩි කරදරයක් වුණා. මම CD ටික රයිට් කරලයි තියෙන්නේ. තව දවස් දෙකකින් විතර මම මහරගම ඉස්පිරිතාලෙට එනවා. ඒ එන ගමන් මම CD ටික ගෙනත් දෙන්නං.” බුද්ධික කිව්වා. ‘හ්ම්’ කියනවා ඇරෙන්න වෙන උත්තරයක් ඒ වෙලාවේ මගේ හිතට ආවෙ නැහැ!
‘මහරගම ඉස්පිරිතාලේකට තියෙන්නේ අපේක්ෂා (පිළිකා) රෝහලනෙ. ඒ මනුස්සයාගේ කාට හරිත් පිළිකාවක්වත්ද?’

දවස් තුන-හතර මාසයකටත් වැඩි වෙලා දැන්. ඒත් තවම බුද්ධික තෙන්නකෝන් නොහොත් B.S.C. තෙන්නකෝන් මහතාගෙන් කිසිම තොරතුරක් නෑ. එයාගේ ජංගම දුරකථනය නං තවමත් වැඩය. ඇමතුමක් දුන්නාම නාද වෙයි. ටිකකින් අක්‍රිය කෙරෙයි. එහෙම කෙරෙන්නේ ඇයි?
(එහෙම කරන නිසාය, එයා මහත්මයෙක් නොවෙන බව මට හිතෙන්නේ!)

“අර CD ටික ආවද?” නමීත් මගෙන් ඇසුවේය.
නමීටත් ඇත්තම නොකියා මම බාග ඇත්තක් කීවෙමි. “ඒ මනුස්සයාගේ කාට හරි පිළිකාවක් වගෙද කොහෙද...”

එහෙම තියෙද්දී අද උදේ ‘Face Book Market Place’ පෝස්ට් එකේ මෙහෙමත් තිබුණාම...

ජීවිතයටම අමතක නොවන පාඩමක් ඉගැන්වීම වෙනුවෙන්

"... මෙහි හොඳම අවස්ථාවක් සිදුවූයේ 32mm Box Socket එකක් මිළදී ගන්නට ගිය අවස්ථාවේදීය. වසිකගේ යෙහෙළියක් මිළදීගත් අවුට්ලැන්ඩර් රථය ලියා පදිංචියට පෙර ලබා ගත යුතු රෝඩ් වර්දිය හෙවත් යෝග්‍යතා සහතිකයේදී එහි අළුත්වැඩියාවන් කිහිපයක් නිර්දේශ කොට තිබුනා. ඒවා නිම කිරීමට සිදුවූයේ මාහට! (මටත් වෙන දේවල්!) එහි ඇක්සල ගැලවීම සඳහා 32mm Box Socket එකක් අවශ්‍ය වූ අතර එය මිළදී ගැනීම සිදුවූයේද FMP හරහා මය! ඔහු එය මා අතට පත් කිරීම හා මුදල් ලබා ගැනීම සිදු කලේ හරි අපූරු ක්‍රමයකට!

"බොක්ස් සොකට් එක මාගේ තැපැල් පෙට්ටිය මත තබා ඇත! ඔබ එය ගෙන ඩොලර් 5 තැපැල් පෙට්ටියට දමන්න!" ඔහු මැසෙන්ජර් මගින් දැනුම් දී තිබුනි. අදාල දිනයේ මා එහි ගොස් ඩොලර් 5 පෙට්ටියට දමා බොක්ස් සොකටය රැගෙන ආවෙමි.

මේ පිළිබඳව මාගේ අත්දැකීම නම් FMP හරහා කිසියම් දෙයක් මිළදී ගැනීමට අවශ්‍ය වේනම්; තමන්ගේ අවශ්‍යතාවය කෙතරම් දැඩි වුවත් භෞතිකමයව දකිනා තුරු මුදල් යෙදවීම භයානක බවය!...’

fb එක හරහා ‘බොක්ස් සොකට්’ එක අලෙවි කරන්නට හැදූ ඕස්ට්‍රේලියාවේ තැනැත්තා ඔහුගේ ‘ගැනුම්කරුවා’ කෙරෙහි කොතරම් විශ්වාසයක් තබලාද?
මටම පුදුමය!

ඒකටත් එක්ක අපේ අලෙවිකරුවා...

ජීවිතයටම අමතක නොවන පාඩමක් ඉගැන්වීම වෙනුවෙන් ‘බුද්ධික තෙන්නකෝන්’ මහතාට ස්තුතිවන්ත වෙමින්, ඒ සිදුවීම අමතක කර දමා සිටියදී...
අද උදේ මට හිතුණේ තවත් පිරිසක් මෙවැනි ‘නොපනත්කම් කරන්නන්ට බිලි වීම’ හැකි තරමකින් හෝ වළක්වාලිය යුතු බවයි. ඒ සඳහා ආදරණීය රසික- රසිකාවියන්ට මගේ අත්දැකීම නොවලහා කීම සුදුසු බවයි. (තකහනියේ මේ පෝස්ටුව ලියැවුණේ එබැවිනි.)
ඒ අදහස මගේ සිතේ පහළ කරවූ තට්ටයා මහතාණෙනි, ඔබට පිං෴o෴

47 comments:

  1. "හේමප්‍රිය කණ්ඩම්බි සිනමා කෞතුකාගාරය" ගැන හුඟක් FB පෝස්ට් තියනව නේද?
    ලංකාවෙ පරණ ෆිල්ම් අයිතිය ගැන ප්‍රශ්නත් හුඟක් තියනව වගේ.

    ReplyDelete
    Replies
    1. හේමප්‍රිය කණ්ඩම්බිගේ ඔය සීන් එක තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුව!

      Delete
    2. හේමප්‍රිය කණ්ඩම්බිගේ ඔය සීන් එක තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුව!

      Delete
    3. එක එක නම්වලින් චිත්‍රපට ගැන කියවෙන fb groups ගොඩාක් තියෙනවා Pra Jay මහත්තයෝ.

      Delete
    4. හේමප්‍රිය මහතාගේත් fb සමූහයක් තියෙනවද, තට්ටය මහත්තයෝ?

      Delete
    5. නිමල් අයියේ ඒකනම් දන්නේ නෑ! ඔයාට මොනවා හරි තොරතුරක් ඕනෙ නම් මට ගිහිං හොයං එන්න ඇහැකි!

      Delete
    6. ගොඩක් ස්තුතියි තට්ටයා මහත්තයෝ. නොදන්නාකමටයි ඇහුවේ. ඒ හැමෝම ගැන දැන් මට තියෙන්නේ නොපහන් හැඟුම් ...

      Delete
  2. //“ඔහෙට සල්ලි වැඩියි.” කියමිනි, නමී ඒ..//
    නමියා "ස්ට්‍රීට් වයිස්" මීටරයකි.
    //“ඔය පොඩි ගණනකට මිනිහෙක් වංචා කරයිද නමී?//
    කෙරුව නේද, අපෙ හාංදුන්නේ? ඉතිං මොකේදෑ දන් වළඳන්නේ?🤭

    ReplyDelete
    Replies
    1. වංචාකරුගේ එකවුන්ට්, මොබයිල් නොම්බර තිබ්බත්, ගාණ පොඩි නිසා මුකුත් නොකරන පාටයි පේන්නෙ, ඒත් අඩුමගානෙ FMP එකේ සටහනක්වත් තියන්න බැරිද?

      ඒත් ebay, Aliexpress වල පවා ඉඳහිට හෝ අණ්ඩපාලලා නැත්තෙමෙත් නෑ. ඒත් ඒ ආයතන වල ඇති "බයර්ස් ප්‍රොටෙක්ෂන්" ක්‍රමවේදය නිසා මට සැමවිටම මුලු මුදලම නැවත ලැබිලා තියනවා.

      ඇමසන්, වෝල්මාට් වැනි සෑම ප්‍රධාන වෙළඳ ආයතනකම මාස තුනක රිටර්න් පහසුකම තියනවා .සමහර කපටි,බාල පාරිභෝගිකයන් මේ පහසුකම අවභාවිතා කරනව.ඔන්ලයින් ගණුදෙනු සිදුවන්නේ විශ්වාසය සුරැකීම මත නිසා මා කිසිසේත් එය අනුමත කරන්නේ නෑ. තැපැල් පෙට්ටි ගණුදෙනුවෙන් පෙන්නන්නේ ඒකයි.

      Delete
    2. //ebay, Aliexpress වල පවා ඉඳහිට හෝ අණ්ඩපාලලා නැත්තෙමෙත් නෑ.// හුම්. චීන සෙලර්ස්ල තමා වැඩිපුරත්.
      සමහර ඒව රිටර්න් කරන්න පුලුවන් කම තිබුනත් ඒකට යන ප්‍රවාහන ගාස්තු දරාගන්න වෙනව සමහර ඒවයෙදි. එතකොට බාන්ඩෙට වඩා ප්‍රවාහන වියදං වැඩි. එතකොට සද්ද නැතුං පාඩුවෙ ඉන්න එක හොඳා 😁

      Delete
    3. //රිටර්න් කරන්න පුලුවන් කම තිබුනත් ඒකට යන ප්‍රවාහන ගාස්තු දරාගන්න වෙනව..//
      එහෙම වෙනව නං ඒකෙන් ඇති සෙතක් නෑ. ඇමසන්,නිව්-එග් වගේ කම්පැණි වලින්, නොමිලේ රිටන් ලේබල් එක දෙනවා.

      ebay ගැන මතක නෑ, ඒත් Aliexpress ගැන නං සහතිකයි ආයෙ රිටර්න් කරන්න ඕනෙ නෑ කියල. ගිය සුමානෙ මට එහෙම වෙලා, මගෙ ෆෝන් එකට ඕඩර් කරපු කෑල්ලයි, සල්ලියි දෙකම ලැබුනා.

      Delete
    4. බස්සා මහත්තයෝ, ඔයා හරි- 2,100/- නිසා මම දුප්පත් වෙන්නෙත් නෑ, එයා පොහොසත් වෙන්නෙත් නැහැනෙ. ඉතිං ඒක හිතෙන් අත් ඇරලයි ඉන්නේ.ඉගෙන ගත්තු පාඩම මදැයි.

      Delete
    5. නමී, ඔහෙත් ඩරාස් පාරිභෝගිකයෙක් නේද?

      Delete
    6. පොඩි මුදලක්නේ කියා හිතලා ලොක්කා වාගේ අතහැර දාපු උන් හින්දා මේවාගේ කපටින් තාම යහතින් හොරකමේ යනවා. ඔයාවාගේ එක්කෙනෙක් දවසට මිනිහාට රැවටුනා නම් 2100 x 7 =14700 සතියට
      2100 x 30 =63000 මාසෙට.
      ලංකාවේ ජනගහනයෙන් වැඩිහිටියෝ හා ඔයවාගේ පැරනි දේවල් වලට ආසා අය කොපමනක් වේදැයි උපකල්පනය කරලා ගාන හදලා බලන්න. එතකොට මේකාට මේ හොරවැඩේ අවුරුදු කීයක් කරන්න පුලුවන්ද බලන්න පුලුවන් ..

      Delete
    7. මගේ මෝඩකම හිතුවාටත් වඩා තඩි එකක් නෙව බලාගෙන යනකොට. නේද අසංග?

      Delete
  3. https://myhobotales.blogspot.com/2024/01/blog-post.html?sc=1704699450369#c4758752746677464855

    ReplyDelete
    Replies
    1. ගියා, කියෙව්වා- ඒ බව කියමින් කවියකුත් ලිව්වා Pra Jay මහත්තයෝ. ස්තුතියි.

      Delete
  4. මේ වගේ මාර්ගගත අද්දැකීම් තිබුනත් ලියන්න ඊට වඩා කම්මැලියි. ඒ නිසා කියවල පොඩි කොමෙන්ටුවක් දාල යනව.

    ReplyDelete
    Replies

    1. ස්තුතියි කසුන්! මෙන්න ඔයාට කවියකුත්.

      ගතියට ඈලි-මෑලී
      කන්නකො ලෑලි කෑලී
      එතකොට පේළි පේළී
      ඉබේ ලියැවෙයි හෑලි හෑලී

      Delete
  5. කොහෙ, කලින් වචනෙ දුන්න හන්ද... මං ඉද්දිම නෙව ඒ කෙනාට සල්ලි දාන්නං කියල කන්පර්ම් කරේ කෝල් කරලම 😂🤭.

    ReplyDelete
    Replies
    1. මකුණයෙ කතාව කියවද්දි මතක් උනේ, පිටරටක අන්තර්ජාලෙ ඇඩ් එකක් දාල තිබිල අඩු මුදලකට 'ස්වයංක්‍රිය රෙදි වේලන යන්ත්‍රයක්' ගැන. ගෙන්නගත්ත අයට හම්බුවෙලා තියෙන්නෙ රෙදි වැලක් ගැට ගහගන්න කඹයක් 😂😂

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඔය මකුණො මරන යන්තරේ කතාව කෙරිල තියෙන්නෙ, නවසිය පනස් ගණන් වල තිබ්බ VPP කියන මුල්ම ඔන්-ලයින් මාකටින් ක්‍රමේටයි. ඒ අනුව බැලුවාම, එදත් හොරු අදත් හොරු.මෙතන තියනවා විස්තරේ:

      Value Payable Post

      Delete
    4. නමී, ඇත්තමයි- මම කාටවත් කියන්නෑ. ඔයාට නේද ජරාස් එකෙන් කඹයක් එව්වේ?

      Delete
    5. ගිහිං ලින්කුවට කියවන් යන වේලේ
      මාත් ගිය තැනකි- කියලා සිතුණි බොලේ
      අවුරුදු දෙකට මඤ්ඤං වීලාද මොළේ
      ගිහිං නෙවෙන්නං බස්සෝ- නිසංසලේ

      Delete
  6. නිදී; ඔය නමියා කියන හාදයා ඔයාගේ සල්ලි අරාහිංසක මිනිහගේ ගිනුමට දැම්මා කියලා හොඳටම ශුවර්ද?

    කොහොම උනත් හරි අපූරු ලියැවිල්ලක්!

    ReplyDelete
    Replies
    1. බොලේ හැබෑට!
      සල්ලි දාපු ගමන්ම call කරලා කියලා- slip එකේ foto එකකුත් එව්වා වුණත්...

      Delete
    2. අනේ තට්ටය මහත්තයෝ, ජංජාලයක් වෙලා. ඔයා අහසෙන් එන්න කසුන්ට ලියපු comment එකක් ස්පෑම් ගොඩේ තිබ්බා. ඒක පබ්ලිෂ් කරනවය කියලා මම ඩිලීට් කරලා. ඒක ආයේ දානවද- තරහ නැතිව.

      Delete
  7. නිදි රෑ වැටුන වල ගැන අනික් අයට කියපු එක හොඳයි, ගාන අඩු උනත් පොලිසි ගියා නම් තමයි හරි, මේ වැඩේ දිගටම වෙනවනම් ඒ ගැන බලයි.

    මේවා ඉන්ටෙර්නෙට් සමග එන විසාල ප්‍රශ්න, හැබයි බඩු දෙන්න කලින් බැංකුවට සල්ලි දැම වෙන රටවල නෑ. ක්‍රෙඩිට් කාර්ඩ් එක පාවිච්චි කරොත් බඩු ලැබුනේ නැත්නම් බැංකුවට පේමන්ට් ඩිස්පියුට් එකක් දන්න පුළුවන්, පේ පැල් කියන එක තව ආරක්ෂාදායී ගෙවීම් ක්‍රමයක්.

    අනික් දේ තමයි ලංකාවේ, පරිබෝගිකයා ආරක්ෂා කිරීමට ආණ්ඩුව ගන්න පියවර, මෙහෙනම් බලය ඇති ආයතන කීපයක් (ACCC, ඔම්බඩ්ස්මන් වගේ ) පරිබෝගිකයා ආරක්ෂා කිරීමට ආයතන පිහිටවා ඇත, මේ ආයතන වැරදි කරන අයට විසාල දඩ ගහනවා. හොර වැඩ කරන උන් නැතුව නොවේ, එත් දඩ වලට බයයි
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විජේබාහු මහත්තයෝ.
      ලිඳේ ඉන්න ගෙම්බෙක් වෙන මං වහන්සේ මොබයිල් ෆෝන්, ක්‍රෙඩිට් කාඩ් වගේ හුටපටවලට සම්බන්ධ නැති අහිංසකයෙක්!
      මට නැතත් ගොඩ දෙනෙකුට නං තමුන්නාන්සේ කියලා තියෙන දේවල් ප්‍රයෝජනවත් වෙයි.
      මං බුද්ධික තෙන්නකෝන් මහතාගේ ඇත්තම නම- මොබයිල් අංකය- බැංකු ගිණුම් අංකය වගේ විස්තර ලිව්වෙත් තව අය මේ වලේ වැටීමෙන් නවත්තා ගන්නයි.

      Delete
  8. ඉතාව වටින පොස්ට් එකක්. ලංකාවේ හරියට මිනිස්සු මේ වගේ වංචා කරනවා. ඔබගේ පාඩුව දරාගෙනම අනෙකාව දැනුවත් කිරීමට උත්සාහ කිරීම සඳහා මාගේ ගෞරවය පිරි නමමි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ලියෝනි!

      Delete
    2. මේ දැන් මගේ කල්පනාවට ආවේ...
      මේ post එක කියවන දෙතුන්-දෙනෙකුට බැරිද හැබෑවටම බුද්ධික මහත්තයට කතා කරලා බලන්න... මම කතා කරනකොටනේ උත්තර නොදෙන්නේ...

      Delete
    3. ඒ අදහස හොඳටෝම හොඳයි නේන්නං!
      මගේ හිතවතෙක් ඊයේ බුද්ධිකට ටෙලිෆෝන් කළා. අනේ, ඒ මනුස්සය යහතින් ඉන්නවා... films තියෙන බවත්, එවන්න හැක බවත් විස්තර ඇතිවම එයාට කිව්වා....

      Delete
    4. එහෙම නම් ඔයාට එවපු cd මඟදි නැතිවුනා වෙන්න බැරිද...?
      අපිට බැරිද තැපෑලෙන් එවන්න ඕන නෑ කියන තැනකට මුදලුත් අරගෙන එන්නම් ගෙනත් දෙන්න බැරිද කියලා අහන්න. තැපෑලෙන් එන බඩු නැතිවෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා...

      Delete
    5. ලියෝනි, තැපෑලේදි නැති වෙන්න තැපෑලට දාන්න ඕනි නෙව.
      එහෙම කළා නං ඒ මනුස්සය ෆෝන් එකට උත්තර නොදී මඟ අරින්නේ නැහැ නේද? මං කතා කරන එක වතාවක්වත් එයා ආන්සර් කරන්නේ නෑ.
      ඒ හොරහිත නිසා වෙන්නොනි නේද?
      දැන් ලංකාවේ තැපැල් සේවය හුඟක් දුරට හොඳයි!

      Delete
    6. ඔයා වෙන අංකයකින් කතා කලොත්.... ? ඉන්නකෝ ලඟදීම දවසක මමත් මෙතුමාට කතා කරලා ලොවෙත් නැති පික්චර් ටිකක් අහන්න. වැඩි විස්තර එදාට කියන්නම් කෝ.

      Delete
    7. බලමු එයා ලියෝනිට උත්තර දෙයිද කියල.

      Delete
  9. මලා ඩරාස් එකට දැන් ජරාස් කියලද කියන්නෙ? ඒත් දෙපැත්තටම සාධාරණයක් වෙන්න කියනව නං, හොර වැඩ කරන්නෙ විකුණන අයයි. කම්පැණියෙ වැරැද්ද හොඳ "මිලදී ගන්නාගේ ආරක්ෂාව" ක්‍රමවේයක් නැති කම වෙන්න ඇහැකි. ඩරාස් කියන්නෙ ඉන්දියාවෙ, පකිස්ථානෙ එහෙමත් තියෙන කොම්පැණියක් නේද? ඉස්සරම Aliexpress වුනත් එහෙමයි. පස්සෙ ඒ වැරදි නිවැරදි කරගෙන දැන් සෑහෙන විශ්වාසනීයත්වයක් ගොඩ නඟාගෙන තියනවා.

    මම වැඩියක්ම ගන්නෙ සුළු මුදලක් වැයවෙන බඩු. අවුල් නං, ඒ ගැන අමතක කරලා දැම්මෑකි. ඒත් වැඩි මුදලක් වැයවෙන බඩුවක් ඉඳලා හිටලා ගන්න වෙලාවට, අර නමියා කිව්වා වගේ හොඳට රිවීව්ස් කියවලා හොයලා බලනවා.

    ඔය වගේම Temu කියලා කම්පැණියක්, අඞබෙර ගහලා පටන් ගත්තා. මුල් දවස්වල හොඳ ඩීල් තිබ්බා. ඒත් පහු-පහු වෙනකොට දැන් කොහු-කොහු. ඔන්-ලයින් මාකටින් සර්ව සම්පූර්ණ නෑ, ඒත් අපි ටිකක් විමසිලිමත් වෙනවා නං, ඒක අපේ වාසියට යොදා ගන්න ඇහැකියි.

    ReplyDelete
    Replies
    1. මේ විස්තර එව්වට ගොඩක් ස්තුතියි බකුසුතුමෝ!

      Delete
  10. ෆේස්බුක් එකේ මෙහෙ ඉන්නෙත් වංචා කාරයෝ. ඒ කියන්නේ ලන්ඩන් වල වැඩියෙන්ම. කණගාටුවට කරුණ සංක්‍රමනිකයෝ තමා වැඩිපුරම වංචා කරන්නේ සහ අහුවෙන්නෙත් ඊබේ , amazon තමා මම නම් භාවිතා කරන්නේ.

    ReplyDelete
    Replies
    1. එංගලන්තයේ ඉන්න අපේ චූටි නංගි දීපානි අතින් හදන ග්රීටින් කාඩ්ස් අලෙවි කරන්නේ ඊබේ හරහාද කොහෙදයි අජිත්.
      මම තමයි එකේදිම අනා ගත්තේ!

      Delete
  11. දැඩි බැදීමෙන් ආසාවෙන් ඕනෑම දෙයක් ගැන පස්සෙන් යනකොට බුද්ධිය වෙනුවට හදවත් ඉස්සර වෙනවා....ආදරය කරනවා වගේ....නිදීගේ පරණ චිත්‍රපටි ලව් එකෙත් මොලේට කලින් හදවත් ඉස්සර වෙලා වගේ...

    - Mayya

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල අපේ ආච්චි කිව්වා චින්තාමණි කියල ෆිල්ම් එකක් ගැන. චින්තාමනිට පිස්සු වැටුණු කෙනෙක් අනිත් හැම දේටම අන්ධ වෙච්චි හැටි.

      ඔයාගේ comment එක කියවද්දියි මයියෝ, ඒ විත්තිය මතක් වුණේ.

      Delete
  12. මටත් හිතුනෙ උඩින් Mayya කියලා තියෙන දේමයි. අපි යම් දෙයක් ගැන ආසා ඇති කරගෙන, ඒ මතම fixate වෙලා ඉන්නකොට අනිත් තැනැත්තගෙන් එන cues නොපෙනී යනවා. නමියා පිටින් ඉඳන් මේක දැකපු නිසා සැකකටයුතු ස්වබාවය තේරෙන්න ඇති.

    මම FB නැති නිසා, Market Place ගැන දන්නෙ නෑ. ඔතන ඉන්න වෙලෙන්ඳන් පිලිබඳව reviews, ratings, stars දාන්න පාරිබෝගිකයින්ට පුලුවන් කමක් නැද්ද.

    අර මුලින්ම තියෙන ෆොටෝ එකේ ඔලුව හා මූණම නේද නිමල්ගෙ දැන් ෆොටොස් වලත් තියෙන්නෙ. වෙනසක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. අනේ Lotus, මම fb හිටියත් මාර්කට් ප්ලේස් කියලා එකක් තියෙන බවවත් තාම දන්නේ නෑ. අද තමයි හොයල බලන්න හිතුනෙත්.

      නමී ඕවා ගැන ගොඩක් දන්නවා- වැඩිය නොකිව්වට!

      මුහුණ නං වෙනසක් නැහැයි කිව්වේ- ගුටි කන පාට හින්දාද?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්