li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, July 20, 2024

හරෝහරා හයවෙනි වරටත් සහ කීටෝ - තෙවෙනි කොටස

'අනේ කතරගම දෙයි හාමුදුරුවනේ! හිතට එකඟව මේ අසරණයා දවස් ගණනාවක් පේ වෙවී හිටිය විත්තිය තමුන්නාන්සේට පෙනෙන්න ඇතිනෙ. නොදැන ඒ සීලේ කැඩුණා තමයි. දැන් ඉතිං පිඟානට බෙදාගෙන තියෙන සීනි සම්බෝලයි,පොල් මැල්ලුමයි අහක දාන්නැයි... පිඟානට බෙදාගෙන කෑම අහක නොදාන මගේ පුරුද්ද අදත් රකිනවාට තමුන්නාන්සේ මට සමා වෙන්න ඕනෑ.’ කියලා හිතෙන් හිතාගෙනය,මං වහන්සේගේ දකුණතත්- මුඛයත් ඊළඟ විනාඩි දහය-පහළොව තිස්සේ නොකඩවා වැඩෙහි යෙදුණේ!’

ස්කන්ධ කුමාර, ගණපති දෙසොහොයුරන්ගේ පියාණන් වන ශිව දෙවියන් එක හස්තයකින් දරාගෙන ඉන්නා ‘ගඩුගුඩාවේ’ ඇත්තේත් (Bhang)කංසා බවයි සමහර තැනෙක කියවෙන්නේ.
ඒ අවුලේ පළමුවෙනි කොටසයි. එහි දෙවෙනි කොටසකුත් රඟ දැක්වෙන්නට නියමිතව තිබෙන බවක් අපෙන් කවුරුන්වත් දැනගෙන උන්නේ නැත!

එසේම ‘කදිර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ’ මගේ blog posts කියවන බවත් මේ තාක් කල් මම  නොදැන උන්නෙමි.
එහෙමයි දෙයි හාමුදුරුවනේ- තමුන්නාන්සේ මේ posts මාලාවේ දෙවැන්න කියවලා තිබෙනවා විතරක් නෙවෙයි- ඒකට පළමුවෙනි comment එකත් එවා වදාරා තිබුණු සේක!! ඒ ප්‍රතිචාරය වෙනුවෙන් ඔබ වහන්සේට බොහොමත්ම පිං!!!
(මෙන්න  ඒ කමෙන්ටුව)J

    ‘මං ගැත්තාට සමාව දුන්නා.

    මීට

    ස්කන්ධ කුමාර’

නෙවිලුත්, සම්පතුත් එක්කය මං චිත්තම්මාගේ මතක බණ පින්කම් ගෙදර ගියේ.
සම්පත් කිව්වේ සම්පත් රණසිංහටයි; කලකට ඉහතදී දවසක මහ පාන්දර මෝටර් සයිකලයෙන් ආපසු මීගමුවේ ගෙදරට යන අතරේ ‘වහලා තිබුණු වළං කඩය’ක් අස්සට මෝටර් සයිකලයෙන්ම; නින්දෙන්ම ගිය
’වළං කඩේ සම්පත්’ටයි.
එකටම බණ ගෙදරට ගියත්, යන පරක්කුවෙන් අප තුන් දෙනා තුන් තැනකය.

“නිමල් අයියේ! මතකයි නේද මාව? ප්‍රියන්ත අයියා කිව්වා ඔයාලත් අද මෙහෙ එයි කියලා...”
“දෙයියනේ ටිරාන්... අවුරුදු හතරකින් විතර නේද ආයේ ලංකාවට එනවයි කිව්වේ... කෝ නදීකා නංගි?”
“නදීකලා ඉතාලියේ. මම ටික දවසකට ලංකාවට ආවේ අයියේ, තනියම... ඉක්මනින්ම එයාලත් එක්ක ආපහු එනවා- ඔයාලත් එක්ක අර වගේම නියම ‘Wild Camping
ට්‍රිප් එකක්’ යන්න. කෝ අපේ නෙවිල් අයියා...”

“මමයි තව යාළුවෙකුයි මෙහාට ආවේ මනුස්සයා එක්ක. ටික වෙලාවයි ඒ දෙන්නම පේන්න හිටියෙ.”
“මිනිහ මිසින්ද? තව තව කට්ටිය හිටිය රංචු ගැහි ගැහී. ප්‍රියන්ත අයියා අද බොන්න දෙන්නෙ නැති නිසා කටුකුටු ගානවත්...”
“අද නං නෙවිල්ට බොන්න විදිහක් නෑ, ටිරාන්. අපි කට්ටිය හෙට දවල් පාද යාත්‍රාවේ යන හින්ද පේ වෙලා ඉන්නේ.”

පාද යාත්‍රාවේ යෙදෙන්නෝ මස්- මාංශයෙන් මෙන්ම මත්පැනින්ද වැළකී සිටිති. එහෙත් දුම් පානය කරති. ඊටත් එහා ගිහිං පාද යාත්‍රාව යන අතරතුර නැවතී ඉසුඹුලද්දී ‘ත්‍රෛලෝක විජය පත්‍ර’ භාවිත කරන උදවියත් හිඟ නැත. ඒ දේව භක්තිකයන්ට මේ වන්දනාවෙදී දුම්කොළ හා කංසා පත්‍ර පාවිච්චිය ‘අනුමත එකක්’ වී තිබෙන්නේ හින්දු දහමේ බලපෑම නිසාවෙන්ද?

ස්කන්ධ කුමාර, ගණපති දෙසොහොයුරන්ගේ පියාණන් වන ශිව දෙවියන් එක හස්තයකින් දරාගෙන ඉන්නා ‘ගඩුගුඩාවේ’ ඇත්තේත් (Bhangකංසා බවයි සමහර තැනෙක කියවෙන්නේ.

ඒවා කොහොම වෙතත් අපේ රටෙත්, තව බොහොමයක් රටවලත් මේ ‘කැනබිස් සැටයිවා’ සැලකෙන්නේ තහනම් මත් ද්‍රව්‍යයක් වශයෙනි.

මේකයිනෙ සම්පත්. ඕනිම දිහාවකට යන්න කලින්... (වමේ සිට) සමින්ද, සම්පත්, නදී, නෙවිල් සහ නිදි විල්පත්තුවෙදී

(එහෙම තහනං ගංජා ගැන ‘කට්ටකාඩුව අඩවියේ’ ඉතා රසවත් post එකකුත් තියෙනවා... කියවන්න කැමැතියි නං ගොඩ වැදිලම බලන්නකො.)

“ආ, දිසානායක කාල-බීල ඉවර වෙලා ගෙදරත් යන්න වගේ ලෑස්තිය?” රෑ එකොළහට විතර ආයෙමත් ප්‍රාදුර්භූත වූ නෙවිල් ඇහුවේය. සම්පතුත් ඔහු එක්කය. “බලපන් මචං. මෙයා හැමදාම මෙහෙමයි. ඕනි තැනක යන්නේ මාත් එක්ක- මගේ වාහනේ. හැබැයි ගෙදර යන්නෙ වෙන කාගේ හරි වාහනයක. එතකොට මං උන්නද මළාද කියලවත් බලන්නෑ...”

“මේකයිනෙ සම්පත්. ඕනිම දිහාවකට යන්න කලින් නෙවිල් කියන්නේ ඉක්මනට ආපහු එමු කියලා. හැබැයි කොහෙට වුණත් ගියාට පස්සේ මිනිහට වෙලාව යනවා දැනෙන්නෙ නෑ. ඉතිං මම අපේ පැත්තෙන් යන කවුරු හරි එක්ක ගෙදර යනවා. දැනුත් පෙනෙනවනේ... හෙට ගමනක් යන්න තියෙනවා කියල මතකයක් හරි තියෙනව වගෙද...”

“ඒ වුණාට නිමල් අයියේ අද නං එහෙම කරන්න එපා. මං හිතාගෙන ආවේ අද රෑ ඔයාලගේ ගෙදර හරි මේකගේ ගෙදර හරි night park කරන්න...”

“Sweet අතුල මාව අපේ ගෙදරට drop කරන්නං කිව්වා. තමුසෙලා දෙන්නා තවම කාලවත් නැහැනෙ. මට පාන්දරින් නැඟිටින්නත් තියෙනවා... වැඩ ගොඩයි. නෙවිල්ට නං පේ වෙලා ඉන්න විත්තියත් මතක නැති වෙන්න ඇතිනෙ...”
“පිස්සුද දිසානායක... මම එහෙම කරනවද? බලපන් මචං මෙයාලා අපි ගැන හිතං ඉන්න විදිය...”

“නිමල් අයියේ, මම ඔයාට බොරුවක් කියන්නෙ නැහැනෙ... මම ඒත් පුදුම වුණා. මූ බිව්වෙත් නෑ- bite ජාතියක් කෑවෙත් නෑ. හෙට ගමන යන නිසයි කියලා.”

“මේ- ඒක නෙවෙයි, මොනවද හලෝ අපිට දැන් කන්න පුළුවන් ජාති තියෙන්නෙ?”
“ඉඳියාප්පයි පරිප්පුයි... ඩෙසර්ට් ජාතිවලින් අයිස්ක්‍රීමුයි ජෙලියි විතරයි. අන්න, අතුල යන්න හදන්නේ... මම යනවා.”
“ඔයා ගියාම නිමල් අයියේ මං...”

“සම්පත්- ඔයත් නෙවිල්ල ගෙදර ගිහිං, උදේට අපේ දිහා එනවා නං එන්න. තමුසෙලා එනකල් මට නිඳි මරන්න බෑ!”
නිඳිමත පෙරමින් ගෙදරට ආ ‘නිදි උන්නැහේ’ ගෙදර ආ සැණින් නිඳි යහනට වැටුණේ මධ්‍යම රාත්තිරියේය. ඒත් ඒකා උදේ පහමාරට ඇහැරී ගමනට අවැසි දේවල් එක්කාසු කරන්නට වුණේය.

ඒ අතරේ අටටත් කලින් නෙවිල් සම්පතාවත් එක්කගෙන අපේ ගෙදරය!
“දන්නවද? අපි ගෙදර යනකොට පාන්දර දෙකයි...”

දෙමළ අය ගෙනියන බරේ හැටියට මේක nothing!

“කොහොමද මමත් ඕගොල්ලො එක්කම එන්න හිටිය නං...”

“මේකලත් එක්ක බෑ නිමල් අයියේ. ප්‍රියන්තල සාන්තල හරිශ්ල කට්ටියත් එක්ක දේශපාලනේ කතා කරන්න set වුණාම ලේසියෙන් නවතිනවයැ...
මචං නෙවිල්, උඹ වැඩට ගිහිල්ලනෙ එන්නේ... මම ටිකක් නිඳාගෙන ඉඳලා දානේ ගෙදර පැත්තට යනවා. නිමල් අයියේ, ඊට කලින් ඔයාට උදව්වක් හෙම...”

කුකුළු නින්දක් දැමූ සම්පත් උදව්වක් ලෙස මාත්තෙක්ක shopping යන්නට ආවේය. නාටාමි job එකත් කෙරුවේය.

“ඔයාලගේ ගෙදර ගෙනියන්න හරි ගස්සලා- ගොඩ ගහලා තිබ්බ දේවලුයි, මේ ගෙනියන දේවලුයි ඔක්කොම ඔයාල උස්සගෙනද යන්නේ? හය දෙනෙකුට බෙදුණත් පට්ට බරක්නේ... අඩේ- දැන් තමයි ඔයාලා කන්න යන පරිප්පුව හරියටම තේරුණේ.”

“දෙමළ අය ගෙනියන බරේ හැටියට මේක nothing සම්පත්!”
“එච්චර බරත් උස්සගෙන, හරි දුරක් යන්නත් තියෙනවනෙ... ගොඩ දෙනෙක් යනවත් ඇතිනෙ...”

2024; මෙවර 31,931 දෙනෙකු පාද යාත්‍රාවේ යෙදී ඇතැයි (නිල නොවන) වාර්තා කියයි. එහි සංයුතිය මෙසේය:
වැඩිහිටි පිරිමි 15,290 / වැඩිහිටි ගැහැනු 11,122 / අවුරුදු 15ට අඩු පිරිමි 3,291 / අවුරුදු 15ට අඩු ගැහැනු 2,227
එකතුව = 31,931 

ඒ ඒ දවස්වලදී පාද යාත්‍රා ගමනට කී දෙනෙකු බැගින් ගියාද කියන කාරණයත් මේ ගැන අධ්‍යයනය කරන කෙනෙකුට වැදගත් වේවි කියා හිතුණා.
ජුනි 30- 6,193 දෙනෙක් කුමන වනෝද්‍යානයට පිවිසෙන ගේට්ටුවෙන් ඇතුළු වෙලා පාද යාත්‍රා ගමනාරම්භ කරල තියෙනවා. ඉන් පස්සේ ඒ ඒ දිනයේ ගමන පටන් ගත් බැතිමතුන් සංඛ්‍යාව මෙහෙමයි.
ජුලි 1-  4,000
2-  1,753
3-  1,475
4-     933
5-  1,002 
6-  9,321
7-  2,497
8-  1,576
9-  1,839
10-1,152
11-  174
12-    16

මං ඉහතින් ලිව්වනෙ ‘ගමන පටන් ගත් බැතිමතුන්’ කියල. එහෙම ලිව්වේ ටිකක් සංවේගයෙන්. ඉස්සෙල්ලාම අපි පාද යාත්‍රාවේ ගියේ 2013. අවුරුදු 11කට කලින්. ඒ අවුරුදු 11 තිස්සේ හය වතාවක් අපේ නඩේ උදවිය මේ ගමන ගියා. එහෙම යනකොට අපි හැමෝම දැක්ක දෙයක් තමයි මේ
‘එන්න එන්නම මේ ගමනට එකතු වෙන සිංහල ජාතිකයන් ගණනින් වැඩි වුණා.’

ඒකේ කිසිම වැරැද්දක් නෑ.
වැරැද්ද තියෙන්නෙ අපේ වැඩි දෙනෙකුගේ ආකල්පවලයි.

දමිළ බැතිමතුන් මේ ගමන යන්නේ ඉතාම සරල ඇඳුම්වලින් සැරසිලා. ලොකු ලොකු තනතුරු දරන අය- ලොකු ලොකු ව්‍යාපාරිකයන් පවා සාමාන්‍ය මිනිසුන් වගෙයි ගියේ.

අපිත් ඉතිං නිකං තියෙන ඒවානේ කියලා කූඩාරම් අකුලලා...

හොඳටම සුහද වුණාට පස්සේ විතරයි- එයාලගේ රැකී-රස්සා විස්තර වුණත් කෙනෙකුට කිව්වේ. ඒකත් කළේ විමසුවොත් විතරයි.

අනිත් අයට කොහොම පෙනුණද මංදා. මට නං පෙනුණා- සමහර සිංහල උදවිය මේ ගමනෙදීත් ලොකුකම් අටවාගෙන ගිය හැටි.

ඒකට හොඳම සාක්කියක් තමයි මේ.
මං ඉතා ස්තුති පූර්වකව මේ කොටස උපුටා ගන්නේ මෙවර පාද යාත්‍රාවේ යෙදුණු කණ්ඩායමක කෙනෙකු fb එකට episodes හතකින් යුතුව ලියා තිබුණු ලිපි මාලාවකින්.

‘... එදා හැන්දෑවේ අපේ කෑම්ප් සයිට් එකට උඩින් විශාල නා** *** කණ්ඩායමක් ඇවිත් ජනපදයක් හදන්න ගත්ත- ඒ ගොල්ලන්ගේ පාද යාත්රාවේ යන ලොක්කන්ට. මේක තනිකර ගමක් කළා. කොටින්ම ජල මුද්රිත වැසිකිලි, හයිබෑක් වේවැල් පුටු, ශීතකරණ, ජෙනරේටර්, විශාල ලයිට්, හුඟක් ඉඩ පහසුකම් තියෙන ලොකු කූඩාරම්, radio communication, Buffet area ආදී සියල්ලෙන් අංග සම්පූර්ණව.

තනතුරු අනුව යම් පහසුකමක් තියෙනවානම් ඒක ගන්න එක වෙනම දෙයක්. නමුත් පාද යාත්රාවේ අරමුණ ඒ අය ඉෂ්ට කර ගන්නවාද යන්න ප්රශ්නයක්, විශේෂයෙන්ම මේ සියල්ල ජනතා මුදල් නිසා.

බොසා එන්නේ පහුවෙනිදා නිසා එතන හිටපු නිලධාරීන් අපිට කිව්වා කැමතිනම් ඒ අයගේ හදපු අර අති විශාල ටෙන්ට් පාවිච්චි කරන්න කියල. ඉතින් කලින්දා රෑ අපේ මදුරුවන්ට නිර්භීතව මුහුණ දුන් අපේ මචෝ පිරිමි ඉන් එකකට ගියා. අපිත් ඉතිං නිකං තියෙන ඒවානේ කියලා කූඩාරම් අකුලලා ඒවට ගියා, උදේට කූඩාරම් ගලවන්න වෙන වදෙන් ගැලවෙන්න සහ උදෑසනින් පිටත් වෙන්න පුළුවන් නිසා...’ (ඒ නඩයේ මහත්වරුන්ගේ යහපත හා ආරක්ෂාව ගැන හිතලයි, මං එයාලගේ නම් උපුටා දක්‌වන්නේ නැත්තේ.)

අනේ අම්මප නිදි, මොකක්ද තමුසෙ මේ පීලි-පැන පැන ලියන ලියැවිල්ල?

මමම මගෙන් අහගත්තා.
ඔව්නේ! ජුනි 29 උදේ සම්පතුත් එක්ක ෂොපින් ගිය තැනින් පීලි පැනලා... අන්තිමටම ජුලි 12 කුමන gate එකෙන් ඇතුළු වෙච්ච 16 දෙනා ගැනත් කිව්වනේ. කෝ තමුසෙලා ගෙදරින් පිටත් වෙච්චි විස්තර? ගමන ගැන විස්තරත් ඇති නේද ලියන්න.
තියෙනවා නේන්නං.
එහෙනං?

මං වහන්සෙත් මෙච්චර දවස් හිතාගෙන හිටියේ මගේ අතින්, නිදිගෙ පංච තන්තරේ ලියැවෙන්නේ විෂ්ණු ශර්මන් පඬිතුමාගේ ‘පංච තන්තරේ’ ආකෘතියට අනුව කියලයි. දන්නෙම නැතිව ඒ ආකෘතිය තවත් සංකීර්ණ වෙලා; Non Linear වෙලා! Non Linear??????

‘ගෝඨා go ගමේදී’ මං ‘පැය 69 – 1 = 68’ක් ඇල්වතුර පමණක් බිබී කරපු උපවාසය වෙලාවේ හිතවතෙකු බවට පත් වුණු සංජේ රණවකගේ fb ලියවිල්ලකින් පොඩි කොටහක් මෙතැනට ඔබන්න ඉඩ දෙන්නකො...

කුතුහලජනක බව මතු කර ගැනීමට උදව්වක් වෙන්නයි...
'... සිනමාවේ තියෙනවා චිත්රපටවල Linear සහ Non Linear කියලා චිත්රපට සංස්කරණය කරන ක්රමවේදයන් දෙකෙක්. මේ දෙක ගැන කෙටියෙන් විස්තර කළහොත් Linear Editing එකේදී චිත්රපටයේ ගලාගෙන යාම නැත්නම් සිදුවීම් වන ආකාරයේ පිළිවෙළක් තියෙනවා නිශ්චිත... එතකොට Non Linear එකේදී එහෙම සිදුවීම් පෙළගස්වන ආකාරයේ නිශ්චිත ක්රමවේදයක් නැහැ කියලා සරළව කෙටියන් කියන්න පුළුවන්...

මේ ක්රමවේදයන් දෙකම චිත්රපට නිර්මාණයේ දී භාවිත කරනවා, නිර්මාණකරුවා අපිට කියන්න යන්නේ මොන වගේ කතාවක්ද කියන එක මත...

දැන් Maharaja චිත්රපටය නිර්මාණය වෙන්නේ මේ Non Linear ක්රමවේදය යටතේ. එතකොට සිදුවීම්වල නිශ්චිත පෙළගැස්මක් නැහැඅතීත සිදුවීම්, වර්තමාන සිදුවීම් කියන දෙකම කළවමේ එකම රාමුවේ දුවනවා. එතකොට අපිට චිත්රපටයේ දර්ශන අතර ‘මොකක්ද මේ වෙන්නේ- ඇයි මේ එකකට එකක් සම්බන්ධ නොවන සිදුවීම්’ කියලා හිතිලා ටිකක් මොළය කොලොප්පම් වෙන ආකාරයේ වැඩක් වෙනවා...’

හැකි හැම වෙලාවේම තවත් blog අඩවිවලටත්, fb එකේ ලියකියවිලි තිබෙන තැන්වලටත් ගොඩ වැදෙන එක මගේ සිරිතක්. ඒ හැමෝටම කියන්න දේවල් තියෙනවා; ලියන්න දේවල් තියෙනවා.

ඒත් ඒ සමහරුන් ඒවා ලියා තියෙන විදිහ ‘පාඨකයා ඇද-බැඳ තබාගන්නා’ ගතියෙන් අඩුයි! රීඩබල් ගතිය අඩුයි; රුචිකර ගතිය අඩුයි. එහෙම වුණාම කොයි තරං හරවත් දෙයක් වුණත් දිගට කියවන්න හිතෙන්නේ නැහැ නේද? මට නං එහෙමයි!
මං මේවා කියන්න හිතුවේ මගේ පණ්ඩිතකම් පෙන්නන්න නෙවෙයි.

අලුතින් පොත්, පත්තර, blogs එහෙම කියවීමට එන පාඨකයන් පරම්පරාව දිගටම රඳවා ගැනීමට නං අපි ඉතා දැනුවත්ව; ඉතාමත් සබුද්ධිකව ලේඛනයේ යෙදෙන්න ඕනෑ හින්දයි- ඉතා විමසිල්ලෙන් සිටිමින් අපි අපේ වැරදි හදාගත යුතු හින්දයි. (හැබැයි, තවමත් මටත් වරදිනවා; මගේ අතිනුත් සමහර වෙලාවට තඩි ඔලමොට්ටලකම් සිද්ද වෙනවා.) අපේ වැරදි හඳුනාගෙන ඒවා හදාගන්න ඕනිත් අපි-අපි විහින්මනෙ.

ඕනෑම නිර්මාණාත්මක කාරියක තියෙන්න ඕනියි කියලා මං තරයේ විශ්වාස කරන දේවල් මේ. සරල බව- රසවත් බව- විචිත්‍රවත් බව- නාටකීය බව හා කුහුල දනවන බව...

කුතුහලජනක බව ඇති කර ගැනීමට උදව්වක් වෙන්නයි, මං වහන්සේ Non Linear ක්‍රමය අනුගමනය කරන්නේ. කාලානුක්‍රමය අනුගමනය නොකරන්නේ. Dramatic; නාට්‍යමය විස්තර මතක තියාගෙන ඉඳලා ඒවා මං ලියන postsවලට එකතු කරගන්නේ.
(හොඳින් බලන කෙනෙකුට නං පෙනේවි එක දවසකදී වුණත් අපේ ජීවිතවල කොයි තරම් නාටකීය දේවල් වෙනවද කියලා.)

මේ පෝස්ටු මාලාවේ දෙවැන්නට මගේ අතින් ‘එහෙම අනුපාන වැඩියෙන් වැටිලා’ වෙන්නැති- comments තීරුවේ Lotus රසිකාවිය මෙහෙම ලියන්නට ඇත්තේ.
(Lotusට ඕවා නියමෙට මීටර් වෙනවා!)

ඕනෑම නිර්මාණාත්මක කාරියක තියෙන්න ඕනියි කියලා...
‘අද පෝස්ට් එකේ මුල ඉඳලා අග වෙනකම්ම drama drama නේද.’

ඔන්න ආපහු නියම පීල්ලට වැටෙනවා; ඩ්‍රාමා තැනකින්ම.

“මම පිටිපස්සෙම සීට් එකට යන්නං. මමනෙ පොඩිම එකා...” නෙවිල්ලගේ ගෙදරදී නමී කිව්වේ සද්භාවයෙන්.
“යකෝ නමියෝ, ඇඳුමුයි බඩුයි bagsසුයි ටිකෙන්ම පිටිපස්ස පිරිලා. එතෙන්ට ගියොත් තමුසෙට ආසාවටවත් කකුල් දෙක දිග ඇරගන්න බැරි වෙයි.”
“Bagsවලට වැඩිය මෙතැන තියෙන්නෙ කාඩ්බෝඩ් පෙට්ටි වගයක්නේ!”
“හා හා තමිර- එව්වා පරෙස්සමෙන්... ඒවා දෙයියන්ගේ බඩු!”
දේවාල මාමා ඒ වචන කිහිපය උච්ඡාරණය කරන්නෙත් ඉමහත් භක්තියෙනි; දෑස් අඩවන්කොට- ස්වරය බරකොට- මඳ රිද්මයකිනි.

එතකොටත් නමී- තමිර- මර්වින් තුන් දෙනාත් නෙවිලුත් බිමය.

“මේ... උඹල හතර දෙනා කතාව නවත්තලා ඉක්මනින් වාහනේට නඟිනවද නැද්ද. ඇයි Xත්තනේ, මෙතනම පැය භාගයක් විතර ගියා. අපි අදම කුමනට ගිහිං ඉන්න ඕනිනෙ. ලෝකල් නසාර්, xxx උඹ මෙහාට ඇවිත් start කරපං බං වාහනේ... උන් ටිකට xකාගන්න කියලා.”

“උඹ අන්න එහෙම කරුණාවෙන් කිව්වා විතරයි මචං, බලපං- හතර දෙනාම වාඩි වෙලත් ඉවරයි. පූස් පැටව් වගෙයි, හ්ම් සද්දයක්වත් නෑ...” නෙවිල්ය, කොඩි මිසීලාගේ ගෙදරට යනතුරු වාහනයේ සුක්කානම කරකවන්නට යන්නේ.

ජුනි 29 වෙනිදා දහවල් දොළහමාර විතර වෙද්දී අපි කොට්ටාවෙන් අධිවේගී පාරට අවතීර්ණ වීමු!

“වැලිපැන්නෙන් තේ එකක් බීලම යමු මචං...”
“කොඩි මිසීලා කෑමත් හදාගෙන බලං ඉන්නවයි කිව්ව නේද පීරා... මෙහෙන් තේ බීලා ගිහිං කොහොමද මචං දවල්ට කන්නේ?”
“මචං මර්වින්, අපි තුන්දෙනා ගැනත් ටිකක් අනුකම්පාවෙන් හිතපංකො බං. සුමානයක් විතර තිස්සේ කීටෝ ඩයටින් කරලා- ඒ මදිවට පේ වෙන ගමන්... මං කොහොම වෙතත් නෙවිල් අයියටයි, තමිරයටයි දෙන්නටවත් ට්‍රීට් එකක් දෙන්න එපැයි- කීකරුව වැඩේ කළාට...”

පීරිස් එළවලු රොටි පහකුත්, සැන්විචස් පහකුත්, hot චොකලට් පහකුත් ගත්තේය.

“ඇයි පහක් විතරක්? හයක් ඉන්නවනේ...”
“මට කැපචිනෝ එකක් ගන්නවා...” පීරිස් හොර හිනාවකින් යුතුවය උත්තර දුන්නේ.

"යුෂ්මතුන්ලා හැමෝටම පුළුවන් කොඩි මිසීල ගෙදරදීත් බඩ පැලෙනකම්ම කන්න.
දන්නවනෙ, මම මෙච්චර කරුණාවන්ත වෙන්නෙ හොඳකට නෙවෙයි කියලා. ඕනි සෙල්ලමක් අද රෑ වෙනකල්. නෙවිල් අයියේ, හෙට පාන්දර ඉඳල අපි තුන්දෙනා ආයෙමත් කීටෝ ඩයටින්! පැය අසූවක් විතරයි...”

නෙවිල් ඒ වෙලාවේම මොකවත් කිව්වේ නැතිය. තමිරත් එහෙමය. එක්කෙනෙක් නිහඬතාව බින්දේ ඊට ටිකකට පස්සේ පීරිස් මහතා ඈතකට ගියාමය. “මේ වැඩේ හරි යන්නෙ නෑ මචං... මේ Xකෝරිස් අපි දෙන්නව බඩගින්නේ තියලා මරවන්නයි යන්නේ...”

දැන් ඉතිං බෙරේ බැඳගත්තා නං...
“දැන් කෙඳිරි ගාන්නේ... තමුසෙලා දෙන්න කැමත්තෙන්මනෙ ගිනියා පිග්ස්ලා වුණේ! දැන් ඉතිං බෙරේ බැඳගත්තා නං පුතෝ...”

“මූ උඩ දාගෙන; ලොකුවට වියදමුත් කරගෙන, මේ ගමන යන්න හදන්නේ මොකක් හරි experiment එකකට වගෙයි මචං. අපරාදේ! අපියි අහු වුණේ..."

“හොඳේ කියන්නේ, උඹලත් එක්කම ඌත් ඔය වැඩේ කරනවනේ... නමියෝ- නරකද මචං උඹත් ඔය වැඩේට join වුණොත්...”

“නමීට නං ආයේ ඩයටින් කරලා අඩු කර ගන්න බරක් තියෙන එකක්යැ. කටුයි හමයි විතරයිනෙ...”
“ඒකා කනකොට කන්නෙත් තෝර-තෝරා, හරිම චුට්ටයිනේ.”
කොඩි මිසීත් ඒ විත්තිය දැක තිබිණි.

“අර මොකද නිමල් අයියේ, ඔයාලගේ යාළුවා කෑම බෙදාගන්න විදිය. හොඳටම චුට්ට චුට්ට.”
“ඒ ලජ්ජාවට කොඩි! ඔයා ගිහිං ටිකක් බෙදන්න- බල කරලා!!”

“බලු වැඩ කරන්න එපා හලෝ. දැන් ඉතිං මෙච්චර ගොඩක් කොහොම කන්නද?” කොඩී එහාට යනකල් බල හිටි නමිනං උන්නැහේ කොඳුරයි. ඒ කෙඳිරිල්ල අයස්මන්තටත් ඇහිලා වගෙය.
“මේ මේ, හම්බන්තොට මිනිස්සුත් කෑම අහක දානවට කැමති නෑ. නොකා ඉතිරි කරනකොට එයාලා හිතන්නේ කෑම රස නැති හින්දා කියලයි...”
“අනේ නෑ, කෑම නං රසයි ඩොක්ටර්! මම කියන්නම කියලයි හිටියෙ...”
“කොඩී, මෙන්න මේ නමියා කියනවා කෑම නං රසයි කියලා.”
”එහෙනං තව ටිකක් බෙදන්නං... මොනවද ඕනේ?”

ඇහුවේ කොඩී මිසීය. නමී දත්කූරු කමින් රවන්නේ අහිංසක මටය!
à ඉතිරිය සිව්වෙනි කොටසට...

47 comments:

  1. මේ ගැන නිදීගෙ අත්දැකීම මොකද්ද? අනිද්දා පුවත්පතෙත් මේ ගැන ලිපියක් තිබුනා. https://www.vikalpa.org/article/43900

    ReplyDelete
    Replies
    1. නා - ආච්චිට හාල් ගරන්ඩ

      Delete
    2. හ්ම් සමහර තැන්වල පොඩි අතිශෝක්ෂිය ගතියක් දැණුනත්, වැඩි හරියක් ඇත්ත කියලයි හිතුනෙ.👌😯

      Delete
    3. වෘත්තාන්ත, කොළඹ ගමයා, බකමූණු කතා blog අඩවි තුනේ blog රචකයන් තිදෙනාටම ගොඩාරියක් ස්තුතියි, ඉස්සෙල්ලම.
      මේ ගැන මට ලැබුණු අත්දැකීම ඉදිරියෙදී ලියන්නං.

      අනිද්දා / විකල්ප වගේම තව අයගේ තොරතුරුත් ගොනු කරගෙනයි ඉන්නේ.

      Delete
    4. බකුසුතුමෝ, ඇත්ත එහෙම පිටින්ම ලියන්ඩත් හොඳ නැහැ වාගේ හිතෙනවා... ටිකක් අඩුවෙනුයි ලියන්නෙ සමහර තැන්වල.

      Delete
  2. මා මංගැන ලියවෙන ඕනැම දෙයක් බලනවා..
    මිට
    ස්කන්ධ කුමාර

    ReplyDelete
  3. සිංහල ගැත්තෝ කැබිලිත්තේ ගිහින් ඒ ගමන ගැන රසකරලා ෆේස් බුක් එකේ දාලා එහේ යෑම ව්‍යාපාරයක් කෙරේව්වා.. කැබලිත්ත විනාස කරා.. දැන් පාදයාත්‍රාව... කොහොම හරි තොපිලා දෙමලුන්ටත් උන්ගේ ඇදහිල්ලත් නැති කරපල්ලා..

    මිට
    ස්කන්ධ කුමාර

    ReplyDelete
    Replies
    1. සමාවෙනු මැනවි! කොයි දේටත් නියාමනයක්- පාලනයක් ඕනි වෙයි වගේ නෙව... මේ ගමනටත්...

      Delete
  4. අපේ අම්ම ලන්ඩන් ආපු වෙලේ වේල්ස් වල තියෙන හොර "කතරගම දේවාලෙට " ගියා. එතකොට තමා මම දන ගත්තේ සුමානයක් මස් මාළු නොකා යන්න ඕනේ කියල. දෙමල සිංහල අය හුඟක් යනව එතෙන්ට.

    ReplyDelete
    Replies
    1. එහෙම තැනක් ගැන ඇහුවෙත් අදයි අජිත් මහත්තයෝ.

      Delete
    2. Sorry Skanda Vale

      Delete
    3. ඔව් ඒක තමා ඇනෝ , https://www.skandavale.org/
      මගේ යාලුවෝ හෙම සෑහෙන පිරිසක් ගිහින් බාර හාර වෙලා තියෙනවා

      Delete
    4. එංගලන්තේ ඉන්න යාළුවොද අජිත්? පිහිට ලැබිලද...

      Delete
    5. //පිහිට ලැබිලද...?//

      උපාසක උන්නැහේ මගුලක් අහනවා? මෙහෙ කපු රාළලා මගේ කකුල් දෙක ලඟ පිල්ලි ගහනවා.☹️

      -Skanda Vale කුමාර-

      Delete
  5. පාද යාත්‍රාවත් මීමුරේ වගෙ වෙයිද? මීමුරේ දැන් සති අන්තෙට දෙල්කඳ පොල වගෙයි කියල ලියල තියනවා දැක්කා.🤔

    ReplyDelete
    Replies
    1. දෙල්කඳ පොළටත් එහා බකුසුතුමෝ. ඒකේ මෙහෙම පැත්තකුත් තියෙනවා. අතිදුෂ්කර, ඉතා සුන්දර ඉසව්වක ජීවත්වෙන මීමුරේ වැසියන්ට ලොකු ආදායම් මාර්ගයකුත් මේ සංචාරකයන් හින්දා පෑදිලා තියෙනවා.

      Delete
  6. //එතකොට අපිට චිත්රපටයේ දර්ශන අතර ‘මොකක්ද මේ වෙන්නේ- ඇයි මේ එකකට එකක් සම්බන්ධ නොවන සිදුවීම්’ කියලා හිතිලා ටිකක් මොළය කොලොප්පම් වෙන ආකාරයේ වැඩක් වෙනවා//

    අම්මපා නිදියෝ, මේ පෝස්ට් එක කියවද්දී මටත් එහෙම වුනා කියහංකෝ.😋😮🤔

    ReplyDelete
    Replies
    1. "ගිනියා පිග්" ගේ පිටේ බටර් ගෑම:
      පොඩි වංගුවක් තිබ්බත් පෝස්ට් එක නරකම නෑ. අර "මහන්තත්තකම" පෙන්නන කට්ටියේ වැඩ, දෙමල බැතිමතුන්ගේ අල්පේච්ච, ඒත් පරිසරයට සංවේදී ආකල්ප ගැන ඉස්මතු කරලා තියෙන විදිහ හොඳයි. 👌

      Delete
    2. ස්තුතියි බස්සා මහත්තයෝ.
      උත්තර දෙන එක දැනට නවත්තන්න හදන්නේ. Blood tests වගයක් කරව ගන්න යන්න තියෙනවා. නෙවිල් එනකොට ලෑස්ති වෙලා ඉන්න ඕනි.

      Delete
    3. නිදි සමහර ස්නායු වලංගු නැති කතාවක් කිව්වා මතකයි. ආයුබෝං! සුවපත් වේවා. ඔබතුමා නීරෝගිව ඉන්නව නං අපටත් ඒක හයියක්.👌🙏

      Delete
    4. ගිහිං ආවා.
      Blood tests නවයකට ලේ දුන්නා මං.
      (සාදර අනුග්‍රහය අයස්මන්ත මහත්තයා. Tests මොනවද කියලවත් වියදම් වෙන ගණන කීයද කියලවත් මම දන්නෙ නෑ.) X ray දෙකකුත් කෙරෙව්වා.
      ට්‍රාන්ස්පෝට් නෙවිල්ගෙන්.
      අයස්මන්ත, නෙවිල්, මර්වින් තුන් දෙනාගේ හදිස්සිය නං මට ඇල්ලුවේ නෑ.
      තාම ගොක් කොළ- සුදු කොඩි- සොහොන් ලකුණු එකක්වත් හීනෙන් පෙනුන්නෑනේ.

      Delete
    5. කියන්න හදපු දේත් අමතක වුණා වැල් වටාරන් කියන්න ගිහිං.
      බස්සා මහත්තයෝ,
      යාළුවන්ගේ නෑදෑ හිතමිත්රයන්ගේ වගේම ඔයාලගෙත් ආසිරි පැතුම් බලවත් මට කෙරෙන ප්‍රතිකාර සේරටම වඩා.

      Delete
    6. නිදුක් වේවා, නිරෝගි වේවා, සුවපත් වේවා

      Delete
    7. මා ඇතුළු සියලු සත්ත්වයෝම...

      Delete
  7. අගෙයි! ස්කන්ධ කුමාරයත් බ්ලොග් පැත්තට ගෙන්නවගන්න අපෙ නිදිතුමාට ඇහැක් උනා එහෙනං 🙈

    ReplyDelete
    Replies
    1. හැබැයි නිදියා බොට "නමිනං උන්නැහේ" කියපු කෑල්ල තමයි වටින්නෙ.🤣😋👌😊

      Delete
    2. එකක් ගැන නං මට බයයි නමියෝ! බස්සා මහත්තයෝ!!
      ස්කන්ධ කුමාර දිවිය පුත්‍රයාටත් blog එකක් ලියන්න හිතුණොත්...

      Delete
  8. "Lotus රසිකාවිය මෙහෙම ලියන්නට ඇත්තේ".....අම්මට හුඩු , ලෝටස් කියන්නේ ගැණු ළමයෙක්ද ? මං එක්ක ඉඳ හිට පැටලෙන එයා ගැණු ළමයෙක් කියල දැන්නේ දන්නේ ! මට ටිකක් කිචි උනා

    ReplyDelete
    Replies
    1. මට සිංදු කෑල්ලක් මතක් උනා. හංකිති හුරතල් - නටන සරුංගල්...

      Delete
    2. නිච්චියක් ගහන්න පුලුවන්ද දන්නේ නැද්ද ?

      Delete
    3. නිච්චියක්? වටහා ගන්න බෑ....

      Delete
  9. නිමල් අංකල් අද පෝස්ට් එකේ කතාවයි පින්තුර ටිකයි දැක්කාම මට එකපාරටම මතක් වුණේ ශිව් තාණ්ඩව් ස්ත්‍රෝත්‍රම් එක, පට්ට මියුසික් එකක් නිමල් අංකල් අහල තියෙනව නේද?

    මේක බලන්න පුළුවන්ද?

    https://youtu.be/2IlzAP9ibT0?si=hKv1CidKlGxrOXW3

    ඒ වගේම මේ දවස්වල සෑහෙන ලොකුවට යන බංගලි අරගලයේත් ලස්සන ගීත අහන්නට ලැබෙනවා ලංකාවේ අරගලේ වගේ පරණ ඒවා රීමික්ස් කරලා හදපු සහ ලොන්ත අරගල ලොඳ බයිලාවල් වගේ නෙමෙයි ඒවානම්, මේ බංගලියෝ අහන්න පුළුවන් ලස්සන සිංදු හදලා තියෙනවා

    මේක එකක්

    https://www.facebook.com/share/r/StK6J9Xfj4uBj1ES/?mibextid=14AR8G

    බංග්ලාදේශ අරගලයට ජය වේවා ! 😅 ලංකාවේ පින් ජනා රනිලා වගේ ඇමරිකානු නියෝජිත මොකෙක් හරි පොල් බූරුවෙක් බලයට පත් කරන්න මේ මීහරක් හැත්තත් කට්ට කාල ජීවිත පූජාකරලා අතපය කඩාගෙන වාත වුණාවේ 😂

    නිමල් අංකල් බංග්ලාදේශ අරගලය ගැන ඔබේ විග්‍රහය ඊළඟට දාන පෝස්ට් එකෙන් ඕනේ හරිද? ඇත්තටම බංග්ලාදේශයේ අරගලය බැලුවොත් තනිකරම කොපි කළේ ලංකාවේ මොඩ්ල් එක වගේ නේද. ඇමරිකන් සහ ඉන්දීය අරගල මෙහෙයවන්නන් ලංකාවේ තම අත්දැකීම් හොඳින්ම බංග්ලාදේශයේ චීන හිතවාදී හසීනා පාලනය පෙරලා දැමීමට මනාව භාවිත කරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන අතර කොටින්ම උන් ලංකාවේ අරගල කරපු මීහරක් හැත්ත අර මන්දිර ඇතුලට පැනලා ඒවයේ පූල් වල පැන පැන දියබුන් ගගහා නාන ඒවාත් බුකියේ දාලා අපිත් මෙහෙම බංගලි අගමැති මැදුරේ පූල්වල කරමු කියලා රඟලා තිබුණා නේද? 😅🤣😂 පට්ට ආතල් 😅🤣😂

    උනුත් ලංකාවේ වගේම හැම පේජ් එකකම කලු කොඩි දාගෙන, සෙලිබ්‍රීටිස්ලට කතා කරන්න කියලා ෆෝර්ස් කරලා, පිට රට පේජස් වල පවා කමෙන්ට් කර කර වෙනම මැච් එකක් ගහගෙන ආවා.

    වැඩක් නෑ එක දවසින් එකසිය පණහකට එලොව යන්නම වෙඩි තැබීමට නියෝග කරලා කපටි ශේයික් හසීනා බටකොළ ආච්චි රටේම ඉන්ටර්නෙට් කැපුවානේ!ෆේස්බුක් ලයිව් කරන්න බැරි වෙනකොට, ෆොටො ගහලා දාලා ලයික් ගන්න බැරිවෙනකොට, වෙඩිකාලා එකසිය ගානට මැරෙන බිලී බෝයිස්ලා වීරයෝ කරලා උන්ගේ පින්තූර වීඩියෝ දාලා කට්ටිය ෆෝම් කරන්න බැරි වෙනකොට, පිටරටවල සිටින සල්ලි තියෙන බංගලි ජාතික ඇමරිකන් ගැති ගොබ්බ තකතීරු හාවෝ හැත්තව හොඳට අන්දලා සල්ලි ගරන්න බැරිවෙනකොට අරගලයෙන් බාගෙකට වඩා හැලිලා යන්නැති 🥺 අපරාදේ උන්ට ටකා කෝටි ගණනක ආදායම් උපයාගන්න තිබ්බ චාන්ස් එක නැතිවුණා නේද?

    ReplyDelete
    Replies
    1. Ano,
      පළමු ලින්ක් එකට ගියා. විනාඩි 8.24ක්. අපූරුයි. මොකක්දෝ මෝහනීයකමක් එක්ක ඇවිස්සෙන ගතියක්...

      දෙවෙනි ලින්ක් එකටත් ගිහිං මේ ආවේ. අපූරුයි. මොකක්දෝ මෝහනීයකමක් එක්ක ඇවිස්සෙන ගතියක්... ඒකෙත්...

      ජාත්‍යන්තර දේශපාලනය ගැන මම නොදරුවෙක්, දැනුම නිල්. ඒ නිසා බංග්ලාදේශ අරගලය ගැන කොහොමද මොනවත් කියන්නේ?

      හැබැයි- මට මතක් වෙනවා ගොඩ කලකට කලින් කියවපු විස්තරයක්.
      ලෝකයේ රට රටවල් කොච්චර ඈතින් තිබුණත් වසංගතයක් වගේ දෙයක් ඉතාමත් ඉක්මනට එක තැනකින් තව තැනකට පැතිරෙනවාලු.
      අරගල- කැරලි වගේ දේවලුත් එහෙමලු.

      අනෙක තමයි 'අසීමිත බලය අසීමීතව දූෂිත කරනවාලු ඒ බලය ලබන්නාව' කියන මතය.

      Delete
    2. පැය 13ක් එකදිගට ලයිට් කැපෙනව කියන කොට, ගෙයි බත් හැලියක් ලිපේ තියාගන්න බැරි වෙනකොට, එදිනෙදා ගෙවපු විඳවපු සාමාන්‍යය ජීවිතයත් නැති වෙනකොට මිනිස්සු පාරට බහින්න දෙයක් නෑ. එතනට වැටිල ඉවරයි.

      Delete
    3. එහෙම පාරට වැටුණාට පස්සෙවත් එහෙම වැටුණේ ඇයි කියලා සබුද්ධිකව හිතනවා නං...

      Delete
  10. නි.දි. අංකල්, ඔය කැලෑ මැදින් කතරගම යන ගමන ඉස්සර මිනිසුන් නම් හරිම ස්වභාවික දේවල් අරගෙන පරිසරයට හානියක් නොවන විදියට ආපු බවයි මම අහලා තියෙන්නේ.

    ඒත් දැන් නම් විශාල පිරිසක් ප්ලාස්ටික් පොලිතීන් ඇතුලු දිරා නොයන කෘත්‍රිම දේවල් අරගෙන ගිහිල්ල පරිසරයට සෑහෙන ලොකුවට හානි සිදුව තිබෙන බව මම මාධ්‍ය වල සහ සමහර පරිසරවේදීන්ගේ ෆේස්බුක් පිටු වල දැකලා තියෙනවා.

    ඒ විතරක් නම් මදෑ වාහනත් සෑහෙන ගිහිල්ල පරිසරයට සහ වන සතුන්ට හානි සිදුව තිබෙන බව කියවෙනවා, වාහන කියනකොට මට තව කතාවක් මතක් වෙනව ඒක මේ දවස්වල මැතිවරණ උණුසුම එක්ක දේශපාලන පක්‍ෂ වලටත් සම්බන්ධ කර කට්ටිය කතා වෙනවා, ඒ ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව නැනෝ කාර් එකකට උපමා කරලා, ඒ කතාවේ හැටියට NPP මාලිමාව හෙවත් ටාටා නැනෝ කාර් එක දවසක් පාරේ කැඩිලා නැවතිලාලු, එතනින් ගියපු ෆෙරාරි කාර් එකක් නවත්තලා කිව්වාලු උදව්වක් විදියට ඕනේ නම් මම ඇදගෙන යන්නම් කියලා.. මේ ෆෙරාරි කාර් එක කියලා ඒ කතාව ගොතපු කට්ටිය කියන්නේ රනිල් රාජපක්ෂ සංධානයටයි.

    කතාවේ හැටියට ඒ පාරේ කැඩිලා හොල්ලන්න බැරුව තිබුණ ඒ නැනෝ කාර් එකේ රියදුරා අනුර සහෝදරයා වැඩේට කැමති උනාලු..
    ෆෙරාරි කාර් එකේ රියදුරා රනිල් කිව්වාලු මම යන වේගේ වැඩි නම් Head light ගහන්න කියලා..

    ඔන්න දැන් හෙමිට ඇදගෙන යන්න පටන් ගත්තාලු. කිලෝමීටර් දෙකක් වගේ යද්දී සජිත් ප්‍රේමදාස පැදගෙන ආපු සජබ කියන ලැම්බෝගිනි එකක් ෆෙරාරි එකට වෙට්ටුවක් දාගෙන 150kmph වලින් වගේ ගියාලු.. ෆෙරාරි එකේ රියදුරා රනිල්ට මේක දැක්ක ගමන් ආච්චි වැහිලා වගේ ඔන්න සජිත්ගේ ලැම්බෝගිනි එකත් එක්ක කරට කර රේස් එකට යන්න ගත්තාලු පිටුපසින් අනුරගේ මාලිමා Nano එක අදිනවා කියලා අමතක වෙලා...

    ඔන්න පොලීසියට කෝල් එකක් එනවාලු මෙහෙම..
    "අමතන්න ප්‍රධාන මධ්‍යස්තානය, ඔයාලා විශ්වාස කරන එකක් නෑ, අපේ මුරපොළ ගාවින් අධි වේගයෙන් පැයට කිලෝමිටර 250 ක වේගයෙන් ෆෙරාරි එකක් සහ ලැම්බෝගිනි රථයක් පසු කරා, ඕවර්... රොජර්... ඕමයිගෝඩ් මළකෙලියයියයි ඒකටත් පිටුපසින් මාලිමා ඉස්ටිකර් ගහගත්ත කසිකබල් Nano එකක් හෙඩ් ලයිට් ගගහා overtake කරන්න ඉඩ ඉල්ල ඉල්ල පස්සෙන් යනවා " over ....!

    ... උපහාසයට පමණයි... 😄

    ReplyDelete
    Replies
    1. ෂෙහාන්,
      ඉස්සර තිබුණු අල්පේච්ඡකම දැන් අපි හැමෝම ළඟ නෑ නේද? මං කියන්නේ එක එක තරමින්වත්.
      අපි වැඩි දෙනෙක් අධිපරිභෝජනයට හුරු වෙලා දැනුවත්ව හරි තරමක් නොදැනුවත්ව හරි. මට මේක පෙනෙන්නේ අනාගත පරම්පරාවලට අයිති සම්පත් පවා අපේ පරම්පරාව විසින් අනුකම්පා විරහිතව අසාධාරණ ලෙස භුක්ති විඳීමක් හැටියටයි.
      සමාජ ජාලාවල- මාධ්‍යවල කියවෙන පරිසර හිතකාමී දේවල් හොඳයි- අර විදිහට හිතද්දී. නමුත් වෛර සහගත විදිහට ලියවෙන දේට නම් මගේ රුචියක් නෑ.
      යාන් එක නං මරේ මරු.... නියමෙට හිනා වෙතෑකි. ස්තුතියි!

      Delete
  11. https://www.gossiplankanews.com/2024/07/kataragama-traffic.html

    ReplyDelete
    Replies
    1. Pra Jay, මේ සැරේ කතරගම පෙරහරට අපල ගොඩයි නේද?

      Delete
  12. දෙමළ කට්ටිය බැතියෙන් ඔය ගමන ගියාට අපේ ‘ගොඩක් අය‘ කොහේ ගියත් යන්නෙ රැල්ලට හින්ද ඒ අය සරල වෙන්න කැමති වෙන එකක් නෑ,
    ඔය Non Linear බ්ලොග් ලියවිල්ලට කියන්නෙ පඳුරු තලනව කියලනෙ. රවි අයියගෙන් පස්සෙ ඒ දේ හොඳටම කරන්නෙ ඔබතුමා තමයි. හැක්..

    ඇනෝ னයා

    ReplyDelete
    Replies
    1. ඕකට සමහරු කියන්නෙ වංගු ගහනවා කියලයි. නිදියා වංගු දෙයියා. හැක්!😋

      Delete
    2. එහෙනං මේ නිදි කබ්බාත් දෙයියෙක් වුණා?

      Delete
  13. මේකට ප්‍රෝපයිල් එකෙන් ලොග් වෙන්න දෙන්නැති එක දෙයියොම බලාගන්න ඕන ඉඳගෙන.
    னයා

    ReplyDelete
  14. ඔන්න னයෝ මේ සොච්චන් දෙයියා නං යුෂ්මතුන්ගේ කමෙන්ටුව බලල කියෙව්වත් එක්ක.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්