‘මොකක්ද ලොකූ කියනවයි කිව්ව රහස?’ ඉරිදාට Sam අසනවා ඇත.
‘සමා, I am Gay!’ කියලා කෙටියෙන්ම කියලා දඩිබිඩියේම
call එක කට් කළොත්... ඔව්! ඒක තමයි කරන්න ඕනේ... එතකොට...
![]() |
එක තත්පරයක් ඇතුළත විශ්වයේ අලුත් තාරකා 4,600ක් උපත ලබනවලු! |
ඉරිදා වෙන්නට ආසන්න වශයෙන් තවත් පැය හතලිහකටත් වැඩියෙන් තිබෙයි. ඒ කියන්නේ තත්පර (40
x 60 x 60 = 1,44,000) එක්ලක්ෂ හතලිස්හතරදාහකටත් වැඩියෙන්... අම්මෝ ඒ කාලය ඇතුළත
තව කොච්චර දේවල් අලුතෙන් සිද්ද වෙන්න ඉඩ තියෙනවද?
එංගලන්තයේ...
ලංකාවේ... ලෝකයේ... විශ්වයේ...
එක තත්පරයක් ඇතුළත විශ්වයේ අලුත් තාරකා 4,600ක් උත්පත්තිය ලබනවලු! තව...
මං හිතන්නේ මගේ හිත ඇතුළේ ඊටත් වැඩියෙන් අලුත් අලුත් සිතුවිලි පහළ වෙන්න ඇති! කප්පරක්
විතර එහෙව් සිතුවිලිවලින් හෙම්බත් වෙලා ගෙදරට ගොඩ වදිනකොටම චූටි නංගි දීපානි දොර
ඇරියා. කෙල්ල මං එනකල් මඟ බලාගෙන ඉඳල වගෙයි. “සෑම් කතා කළා ලොකූ... twice! Is
there something wrong...”
“මොකටද කියල
සමා කිව්වෙ නැද්ද චූටි?”
“මට? කි..ය..යි මෙන්න කියලා. එයාට තවමත් මං චූටියිනෙ. She thinks me as a kid.
ඔයාලටත් එහෙම්ම තමයි ඉතිං. I know that...”
ඈ... දීපානි ඒ කළේ හින්ට් පාස් කිරිල්ලක්ද?
එතකොට
චූටියාට; දීපානිට අවුරුදු 21කි. ඒ දවස්වල එයා එක එක විදිහට- එකම මැසිවිල්ලක් දිගටම
නඟමින් උන්නාය. ‘මං දැන් adult කෙනෙක්. මට පුළුවනි මම කැමති දෙයක් කරන්න. මගේ ගැන
මටම තීරණ ගන්නත් පුළුවන්... ඒ නිසා මම ආස නෑ ඕනෑවට වඩා කවුරුවත් මගේ වැඩවලට ඇඟිලි
ගහනවට.’
එයා වැඩියත්ම එහෙම කිව්වේ අපේ අම්මාටය. දීපානි ගෙදරින් පිටතට යන්නට හදන ඕනෑම වෙලාවක
අම්මා ප්‍රශ්න සීයක් විතර මතු කරයි.
‘කොහෙද යන්නෙ / කවුරු එක්කද යන්නේ / මොකේද යන්නේ / කීයටද ආපහු එන්නේ’ වගෙ ප්‍රශ්න
නං වරදින්නෙම නැත.
එහෙම වෙලාවට
අපේ අම්මා
මොන tone එකෙන් ප්‍රශ්නේ ඇහුවත් චූටියාගෙන් ලැබෙන උත්තර ‘කැත්තට පොල්ල’ ජාතියේ
ඒවාය. ඒ චූටි නංගීගේ වැරැද්දමත් නොවේ. එයාගේ වයසේ වැරැද්දය!
“ඔයාත් සද්ද
නැතිව බලාගෙන ඉන්නේ... ඔයා නේද ලොකු අය්යා... දැක්ක නේද මම අහපු එකටවත් ආන්සර්
නොකර ගස්සගෙන පිටත්වෙලා ගිය හැටි. ඔයාටත් පේන්නැද්ද
රංජි දීපානි දැන් ගාණට වැඩියි කියලා... එයා හැදිල තියෙන විදිහ කිසිම කමකට නෑ...”
ඉතිරිය අම්මා කිව්වේ සද්දේ අඩුවෙනි.
”දැන්මම කොල්ලෙකුත් හොයාගෙන වගෙයි. කෝච්චරවත් පාටි... මං හිතන්නේ බොන්නත් පටන්
ගෙනද කොහෙද- ඒ මදිවට සිගරටුත්.”
![]() |
ඒ පාටියට සමන්තිවත් යන්නෑලු... බිමල් කසාද බඳින්න කලින් තියන බැචුලර්ස්
පාටිය. ඒක කරන්නේ මනමාලයාගේ ළඟම යාළුවො ටිකලු... |
“එහෙම කොහොමද? එයාල මෙහාට එක්කගෙන ආවට සිංහල- බුද්ධාගමේ ළමයි. මෙහෙ හැදුණයි කියලා
එයාලා සුද්දො වෙන්නැහැනේ රංජි.”
මේවා අම්මාට
තේරුම් කරන්නට අමාරුය. ළමා වයසේදීම එංගලන්තයට ඇවිත්- එහෙ ළමයින් එක්ක පාසල් යමින් හැදුණු-වැඩුණු
චූටි නංගීය, වැඩියෙන්ම එහාට අනුගත වෙලා තියෙන්නේ. එහේ විදිහට හැසිරෙන්නේ... බ්‍රිතාන්‍ය
ජාතික යව්වනියක් වී තිබෙන්නේ.
“එහෙමයි කියල
ඔයා කට වහගෙන හිටියම හරි යන්නෑ... කනට දෙකක් දීලා හරි අවවාද කරන්නයි තියෙන්නේ...”
අම්මා හදන්නේ බළලුන් ලවා කොස්ඇට බාවා ගන්නටය. “ඔයා කියන දෙයක් එයාලා නාහා ඉන්නෑ රංජි.
කරදඬු උස් මහත් වුණාට ඔය තුන් දෙනාම තාම ඔයාට බයයි...”
අම්මාට කිව යුතු දෙයක් හිතා ගන්නට කලිනි, ටෙලිෆෝනය නාද වෙන්නට පටන් ගත්තේ.
කතා කළේ Samය.
“අම්මටද කතා කරන්න ඕනේ... අද අම්මත් කලින් ඇවිල්ලද කොහෙද...” මං ව්‍යංග්‍යයෙන්
ගෙදර තත්ත්වය සමාට කියනකොටත් අම්මා එතැනට ඇවිත්ය. ‘කෝ, දෙන්න’යි කියමින් මගේ අතින්
ටෙලිෆෝනය ඩැහැගෙනත් ඉවරය.
“ඔයා අද දෙපාරක්ම මෙහාට කතා කරලා තියෙන්නේ මො..ක..ද
කියලා මම හිත-හිතයි හිටියේ ඩාාාාාලිං... ආ... ඒකටද... ඉන්න ඉන්න එහෙනං මං ලොකාටම
දෙන්නං. ආ... රංජි. සමන්තිලට ආරාධනාවක් කරන්න තියෙනවලු කියන්නේ අපිට.”
“ලොකූ, අනේ සොරි! මම දන්නවා දැන් නං ඔයාට ඔතන ඉඳගෙන
මොකුත් කියන්න බැහැයි කියලා. අම්ම කුස්සියේ හිටියට කන් දෙක ඔතැනින් තියල ගිහිං
ඇති. අද දවල් කතා කළේ ඔයාට හරි ලංකාවේ කෙනෙකුට හරි මොකුත් කරදරයක් හන්දා නෙවෙයි
නේද? මට මතක් වුණේ ලොකා අපේ තාත්තගේ tragic death එක වෙලාවේ ඔයා වැඩ කරපු හැටි...
ඇයි-අපේ නෝනක්කා සූසයිඩ් කර ගත්ත
වෙලාවේ... ඒකයි ලොකූ අදම ඔයාගෙන් අහගන්න හැදුවේ. අනේ සොරි ලොකූ. එහෙම මොකක් හරි
දෙයක් කියලයි මම හොඳටම බය වුණේ.”
“නෑ නෑ සෑම්.
ඇහුවට කමක් නෑ. කිසිම කරදරයක් නෙවෙයි. ඉරිදාට... ඔව් ඔව්, මම අනිද්දාටත් වැඩ.
බිමල්ට කියන්න මං ගොඩාක් තෑන්ක් කළයි කියලා, මටත් පාටියට invite කළාට. මං එන්නම් දීපාලුත්
එක්ක.”
අපේ සංවාදය ඉවර වෙනතුරුමත් අම්මා බලාගෙන ඉඳලා තියෙන්නේ
ඉවසිල්ලක් නැතිවය. “සමා ඔයාටයි බඩාටයි විතරද පාටියට එන්න කිව්වේ. ඇයි, දැන් තියාම
නාකි අපිව තිත්ත වෙලාලුද...”
“අම්මට නං ඇත්තටම පිස්සු. ඒ පාටියට සමන්තිවත් යන්නෑලු... බිමල් කසාද බඳින්න කලින්
තියන බැචුලර්ස් පාටිය. ඒක කරන්නෙත් මනමාලයාගේ ළඟම යාළුවො ටිකලු...”
![]() |
එහෙම වීම වෙනුවෙන් මෙදා පොටේ ඒ හාදයාට තෑගිත් හම්බ වුණේය. විස්තර ගොඩක්
හා ෆොටෝස් ගොඩක්!! එයින් කීපයක් මේ post එක ලස්සන කරන හැටි
ඔබටත් පෙනෙයි! |
“මටත් ඉන්වයිට් කරන්නේ මට තවත් අත්දැකීමක් ගන්න පුළුවන් වෙන හින්දලු. අනික ඉතිං
මමනෙ අම්මේ බිම්ගෙ අනාගත ලොකු මස්සිනා වෙන්න යන්නෙ.”
“ඔව් ඔව්. අනාගත මස්සිනාව ලොකු කරගෙන ඉහ උඩින්ම තියාගත්ත හින්ද නේන්නං එයාලගේ
වෙඩින් card එකටත් මස්සිනාගේ නමම දැම්මේ. වදපු හදපු අම්ම තාත්තගේ ඩැඩාගේ නමක් ගමක්වත් නොදා.”
“අම්මා කැමති
විදිහකට හිතා ගන්න අම්මේ. මම යනවා wash එකක් දාගන්න. ඊට කලින් මොකුත් උදව්වක්...”
“ඕන්නෑ! මම උයල ඉවරයි...” අම්මා කිව්වේ නොරොක් ස්වරයකින්. ඒක ගණනකට ගන්නැතුවයි මං wash
room එකට වැදුණේ.
Bachelor
Party ගැන 1994 වෙද්දී මං වහන්සේ දැනගෙන උන්නේ බොහොම චුට්ටකි.
ඒ එච්.ඩී. ප්‍රේමරත්න
නම් අතිදක්ෂ සිනමා අධ්යක්ෂවරයාට පිං සිදු වෙන්නටය. ටක්කෙටම කියනවා නං එතුමා හැදූ ‘මංගල
තෑග්ග’ නම්වූ සිංහල සිනමාවේ 646 වෙනි සලරුවට පිං සිදු වෙන්නටය. 1987 මැයි 7 වෙනිදා
තිරගත කෙරුණු ‘මංගල තෑග්ග’ ෆිලුමට වස්තු විෂය කරගෙන තිබුණේ බැචලර් පාටියකදී සිදුවන
අවාසනාවන්ත අහම්බයකි.
මා දන්නා තරමින් නම් bachelor partyයක් කේන්ද්‍ර කොටගත් වෙනත් කිසිදු සිංහල චිත්‍රපටයක්
හෝ ටෙලි නාට්‍යයක් හෝ මෙතෙක් නිර්මාණය වී
නැත!
ඒ කලා නිර්මාණ
ශිල්පීන්ට විතරක් නොවේ, මේ ලියන නිමල් දිසානායකයාටවත් අද වෙනතුරුම මේ බැචලර් පාටි
ගැන අමුතුවෙන් හොයා බලන්නට ඕනෑකමක් ඇති වුණේ නැත. ඒත් ඉහතින් ලියැවුණු විස්තර ටික
අකුරු කරද්දී නම් මට ප්‍රශ්නයක් මතු වුණේය.
ගැහැනු බැචලර් පාටිත් තියෙනවාද?
සමන්තිට එහෙම
පාටියක් තිබුණු විත්තියත්, Sam ඒකට ගියේ බිමල්ගේ අක්කා ඩෘතී එක්ක බවත් මගේ මතකයේ
තිබුණු හින්දය, අර ප්රශ්නය මතු වුණේ. ලිවීම නවත්තලා, මං කළේ ජාලයට පිවිසීමයි;
තොරතුරු සෙවීමයි.
නිදි ඔහුගේ
මතකය කාල් ගාමිනි ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්නේ. එහෙම කළත් ඒ ලියන කරුණුවල නිරවද්‍යතාව
හැකි උපරිමයෙන්ම තහවුරු කර ගන්නටත් ඒ හාදයාට උවමනාය. උඩින් පල්ලෙන් අත-පත ගා වනලා ගැහිල්ල
ඒකාට පුරුදු නැත. හැම දේකටම කලින්- තමා කරන දෙයට තමන්ම අවංක විය යුතුය!
එහෙම වීම වෙනුවෙන් මෙදා පොටේ මිනිහාට තෑගිත් හම්බ වුණේය. විස්තර ගොඩක් හා ෆොටෝස් ගොඩක්!!
එයින් කීපයක්
මේ post එක ලස්සන කරන හැටිත් ඔබට පෙනෙයි!
![]() |
මගේ මතකයේ තිබෙන්නේ ඇය කියූ දේවල්වල මිශ්‍රණයකි. |
කවුදෝ wash room එකේ දොරට තට්ටු කරයි. “ඔයා රෙදිත් හෝදනවද රංජි. තාම නාලා ඉවර
නැද්ද? මටත් බඩගිනියි. මං මේ බලාගෙන ඉන්නවා ඔයත් එනකල්- සීතල වෙන්න කලින් බත්
ටිකක් කන්න.”
අම්මගේ tone එක හොඳය. මට පේන්නේ එයාටම තේරෙන්න ඇති වෙඩින් කාඩ් එක ගැන මගේ ඇඟට ගොඩ
වෙච්ච එක වැරදියි කියලා.
“එවෙලෙම කියන්න
එපැයි අම්මේ... එහෙනං මං ඉක්මනට එනවනේ! යං, මම පට ගාලා එන්නං...”
පට ගාලා
නොවුණත් සුපුරුදු වේගයෙන්ම ලෝකය කැරකුණේය; ඉරිදාටත් හිරු පෑව්වේය; දහවල් එකත්
වුණේය. දවල් කෑමට කලින් සමන්තිට ඇමතුම අරගෙන සිටින්නැයි මට කීවේ බල්නූර්මය. ඒ
තල්ලුව මට දුන්නේ අමතර දිරියකි.
“හායි ලොකූ.
මම ඔයාට ගන්නද?” සමන්ති නංගි ඇසුවාය. ‘ඕනි නෑ සෑම්.’ මගෙන් කියැවිණි.
‘තවමත් මගේ දිව පැටලෙන්නේ ඇයි?’
උඹට ඒ තරමටවත් දහිරියක් නැද්ද නිමල්? වෙන දෙයක් වෙද්දෙන්... කියන්න හිතුව දේ කියහං
මිනිහෝ, කියහං... තමුසේ දැන් ඕක නොකිව්වොත් නං ආයේ කවදාවත් ඕක කියැවෙන එකක් නෑ යක්ෂයෝ!
‘හරි හරි හරි, ටිකක් ඉන්නවකො... මෙන්න එහෙනං...’
“Sam, I want
you to know... මේක... රහසක් සෑම්... මං ඔයාලා හිතාගෙන ඉන්න තරම් හොඳ කෙනෙක් නෙවෙයි සෑම්.
I am gay!”
අහා! මගේ
හිතට දැනුණු සහනය... විශ්වාස කරනු මැනවි. එතරම්ම සහනයකි මට දැනෙමින් තිබුණේ... ලොකු
රහසක්- අවුරුදු තිස් ගණනක් තිස්සේ හිත පතුලේම හිර කරගෙන උන් රහසක් එළියට දැම්මාම
එවන් සහනයක් දැනීම අරුමයක්ද?
එවෙලේ කාලය ඝනීභූතවී නැති බැව් මට නොහැඟිණි; ලෝකය පුරුදු පරිදිම කැරකෙමින් තිබෙන
බව මට කල්පනා නොවිණි; ටෙලිෆෝනයේ එහා කෙළවරින් සමන්ති නංගි මා අමතමින් උන් බවවත් මට
සිහි නොවිණි.
මා යළි පියවි
ලොවට එනවිට; යථා තත්ත්වයට පැමිණෙන විට සමන්ති නංගි හඬමින් ඉන්නවා මට ඇසිණි.
“Sam, Sam...
Why are you crying?” අඬන්නේ ඇයිදැයි මා සමන්ති නංගිගෙන් විමසූ බැව් මිස ඇය දුන්
පිළිතුරු ගොන්න එහෙම පිටින්ම මගේ මතකයේ නැත. මගේ මතකයේ තිබෙන්නේ ඇය කියූ දේවල්වල මිශ්‍රණයක්
පමණි.
දැන්වත් ඒ අවුල් ජාලය පිළිවෙලින් ගැළපුවොත්...
‘මට ගොඩක්
සතුටුයි ලොකූ, ඔයාගෙ ජීවිතේ ලොකුම ලොකු වැදගත් රහසක් මගෙත් එක්ක ෂෙයාර් කර ගන්න හිතුවට.
ඒක මට ලොකු honour එකක් ලොකා. ඇත්තමයි, I never thought ඔයා මාව මේ තරමටම විශ්වාස
කරයි කියලා.’
![]() |
ඔයාට අයිතියක් තියෙනවා ඔයාගේ අයිඩෙන්ටිටි එක ලෝකෙටම වුණත් කියන්නත්.
කැමති කෙනෙක් කැමති විදිහකට ඒක බාර ගනියි. |
‘ඔයාගේ sex
drive එක මොකක් වුණත්, මට නං ඒක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි ලොකා. ඒක ඔයාගේ කැමැත්ත.
That is your choice... Your will. ඔයාට ඕනි නං, ඔයාට ඕනිම කෙනෙකුට කියන්න ඔයා gay
කෙනෙක් කියලා. ඒ ඕනිම වෙලාවක මමත් ඔයා එක්කයි. Honestly, I am very proud of
you... ඔව් ලොකූ, ඔයා වගෙ ලොකු අයියෙක් ඉන්න එක ගැන මට හරි ආඩම්බරයි!’
‘ඒ වගේමයි
ලොකා. ඔයාට අයිතියක් තියෙනවා ඔයාගේ අයිඩෙන්ටිටි එක ලෝකෙටම වුණත් කියන්නත්. කැමති
කෙනෙක් කැමති විදිහකට ඒක බාර ගනියි. It’s up to them!’
එදා බල්නූර්ගේ ජංගම දුරකතනය ඔස්සේ ගලාගෙන ආවේ සමන්ති නංගිගේ වචන විතරක් නොවේ.
එයාගේ සහෝදරත්ව බැඳීමේ සවිමත් ආදරයයි; දිරි ගැන්වීමයි!
ගොඩාක්...
ගොඩාාාාක්... ගොඩා..රි..ය..ක් ස්තුතියි Sam!
සමන්ති නංගි ගැන
මා කළ තක්සේරුව නිවැරදිය. එයා ළිං ගෙම්බියක නොවෙන විත්තිය නං පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.
එහෙම වෙන්නට ඇත්තේ සෑම් මහරගම ආච්චිට සමීපව හිටි නිසා විය යුතුය. ඒ ආච්චී; දසනායක රත්නවතී උපාසිකාව ඒ
කාලයේ හැටියට ‘ගොඩක් වෙනස් අදහස්’ දැරූ ඇත්තියක වූවාය. නැත්තං මේ ලියන නිදිට
අවුරුදු දොළහ වෙන්නටත් පෙරාතුව ‘කුමර බඹසර හා කුමරි බඹසර’ ගැන තොරතුරු කියා දේවිද?
මගේ දැනුම් වපසරිය
තව-තවත් පුළුල් කරමින් මහරගම ආච්චී එදා කළේ සුවිසල් කාර්ය භාරයකි. (ආච්චියෙ ඔයාට
පිං!)
එදා අපේ
ආච්චී සිදු කළ ඒ මෙහෙවර වර්තමානයේදී මා වෙනුවෙන් ඉටු කරන්නෝ කිහිප දෙනෙක්ම වෙති.
Pra Jay මහත්තයා එයින් එක්කෙනෙකි. (මතකයි නේද උන්නැහේ ‘මට වෙච්ච දේ’ පොත
හොයා ගන්න ලේඛනාගාර පීරන්නට මාව කැන්දන්
ගිය හැටි!)
ඒ වාගේම, ප්‍රා ජේ මහත්තයා පෝස්ටුවලට අදාළ වැඩි විස්තර තිබෙන තැන්වලට යන්නට අගනා
linksතුත් එවයි. (රොම්බ තෑන්ක්ස් Pra Jay මහතාණෙනි!) පසුගිය කොටසටත් එතුමා එවැනි ලින්කුවක් එවා
තිබිණි. එහාට ගිහිං බැලුවාම...
![]() |
1951 අවුරුද්දෙදී තමයි gay වචනය පළමු වතාවට Oxford
English Dictionary එකට
ඇතුළු වෙලා තියෙන්නේ. ඒ සමලිංගික අර්ථය දෙමින්... |
For centuries
gay was used commonly in speech and literature to mean happy, carefree, bright
and showy, and did not take on any sexual meaning until the 1600s...’ වගෙ
විස්තර ගොඩක් අඩංගු ලිපියක් හම්බ වුණා. මං දන්නා ‘යන්තං සන්තං පදං ඉංගිරිස් ‘වලින්
ඔය උඩින් තිබ්බ ටික තේරුම් ගත්ත හරිද බලන්න ගූගල් පරිවර්තකගේ උදව්වත් ඉල්ල ගත්තා. මෙන්න
හම්බ වුණු පරිවර්තනේ:
‘... සමලිංගික යන වචනය 12 වන සියවස දක්වා දිවෙන අතර එය පැමිණෙන්නේ පැරණි ප්‍රංශ 'ගයි' යන වචනයෙන්
වන අතර එහි තේරුම 'ප්‍රීතියෙන්
හෝ ප්‍රීතියෙන් පිරී' යන්නයි.
එය පැරණි ඉහළ ජර්මානු 'ගායි' යන අර්ථය
ඇති ආවේගශීලී යන්නට ද සම්බන්ධ විය හැකිය.
සියවස්
ගණනාවක් තිස්සේ සමලිංගික යන වචනය කතා කිරීමේ සහ සාහිත්‍යයේ බහුලව භාවිතා වූයේ සතුටින්,
නොසැලකිලිමත්, දීප්තිමත් සහ දර්ශනීය යන අර්ථය ඇති අතර 1600 ගණන් වන තෙක් කිසිදු ලිංගික
අර්ථයක් ගත්තේ නැත...’
ඒ ලිපියෙන්
කියැවෙන විදිහට තවත් අවුරුදු ගණනක් යනකල් gay කියන වචනයෙන් අදහස් කෙරෙන තේරුම
ටිකෙන් ටික; හෙමි-හෙමින් වෙනස් වෙලා. කාලයකදී ඒ වචනෙන් අදහස් වෙලා තියෙන්නේ ගණිකා
නිවාස / වෛශ්‍යා වෘත්තියේ යෙදෙන්නන් එහෙමලු.
ඔහොම හෙමින්
නමුත් වෙනස් වෙන ගමනක් ඇවිදින් 1951 අවුරුද්දෙදී තමයි gay වචනය පළමු වතාවට Oxford
English Dictionary එකට ඇතුළු වෙලා තියෙන්නේ.
ඒ සමලිංගික අර්ථය දෙමින්...
මට කල්පනා
වුණේ... ඔයාලත් දන්නවනෙ මගේ කල්පනාවල දිග පළල...
හචින්සන්ලා- ලෙස්ලි පිගොට්ලා නිසා; රේස් කොළේ කියවන්න උවමනා වුණු නිසා කොඤ්ඤං කොඤ්ඤං ඉංගිරිස් පුළුවන් වෙච්චි අපේ ආච්චි (නියම කඩුව වනන්නියක් වෙලා) මේ gay කතන්දර දැනගත්තා නං... මගේ සමලිංගික අනන්‍යතාව ගැන දැනගත්තා නං... මීන සංහාරය දවසේ යක්ෂාරූඪ වුණාට නොදෙවෙනි හෙයියම්මාරුවක් වෙයි නේද?
ඉතිරි හරිය ඊළඟ
කොටසින්...
Love to have an honest friend like you......
ReplyDeleteස්තුතියි කුමුදු, හැබැයි ටිකාක් විතර බර වැඩි පැසසුමක්... හොඳේ.
Deleteහොඳ තොරතුරු ටිකක් ඇත්තටම නමුත් දැන් ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කරමින් පුරවැසියන් ඉදිරිපත් කරන ඉල්ලීම් සඳහා තොරතුරු ලබාදීම ජනාධිපති, අගමැති සහ කථානායක කාර්යාල, පාර්ලිමේන්තුව ඇතුළු රජයේ ආයතන නිසි පරිදි සිදු නොකරන බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා. ලංකාදීප පුවත්පත වාර්තා කර ඇති පරිදිම බොහෝ මාධ්‍යවල මේ ගැන විස්තර සහිතව පළවුණා, මේ ලංකාදීප වාර්තාව
ReplyDelete"තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කරමින් පුරවැසියන් ඉදිරිපත් කරන ඉල්ලීම් සඳහා තොරතුරු ලබාදීම ජනාධිපති, අගමැති සහ කථානායක කාර්යාල, පාර්ලිමේන්තුව ඇතුළු රජයේ ආයතන නිසි පරිදි සිදු නොකරන බව වාර්තා වේ.
ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, කථානායක කාර්යාලය සහපාර්ලිමේන්තුව වෙත ලියුම්කරු විසින් ජූලි මාසයෙහි යොමු කළ තොරතුරු ඉල්ලීම් කිසිවකට මෙම ආයතන තුනම මෙතෙක් තොරතුරු ලබාදී නොමැති වීම ද විශේෂත්වයකි.
ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය, පෞද්ගලික උපදේශකවරුන්, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය, කන්ටේනර් 329 පිළිබඳ වාර්තාව ඇතුළු තොරතුරු මෙලෙස ලබා නොදුන් තොරතුරු අතර වේ. අගමැතිවරියගේ කාර්ය මණ්ඩලය, වාහන වෙන්දේසිය ඇතුළු තොරතුර ද මෙතෙක් ලබාදී නොමැත.
කථා නායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය පිළිබඳ තොරතුරු ඉල්ලීම ද කථානායක වරප්‍රසාද අනුව හෙළි කළ නොහැකි බව දක්වමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත් මීට පෙර තොරතුරු අයිතිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තුවට ලබාදුන් තීන්දුව (CA/RTI/0004/2021) ໑໑໙ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශේෂිත පිරිසක් නොව ඔවුන් රටේ නීතියට අනුව කටයුතු කළ යුතු බව මහජනතාව විසින් පත් කරන මහජන නියෝජිතයන් මහජනතාවට වගකිව යුතු බවය.
එමෙන්ම තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සාමාජිකයන් සම්පූර්ණ නොවීම අනුව එම කොමිෂන් සභාවේ කටයුතු ද මන්දගාමී වී තිබේ. තොරතුරු කොමිෂන් සභාවේ පුරප්පාඩු වී ඇති කොමසාරිස් ධුරය සම්පුර්ණ කිරීම වෙනුවෙන් මේ වන විට ව්‍යවස්ථාදායක සභාව විසින් එක් පුද්ගලයෙකුගේ නමක් අනුමත කරනු ලැබ ජනාධිපතිවරයාට යොමුකර සති දෙකකට වඩා වැඩි කාලයක් ගතව ඇති බව වාර්තා වුවද මෙතෙක් ජනාධිපතිවරයා අදළ පත්කිරීම් සිදුකර නොමැත.
මේ වෙන විට තොරතුරු කොමිෂන් සභාව නියෝජනය කරන කොමසාරිස්වරුන් අතරින් තිදෙනෙකුම නීතිඥවරුන් වෙන අතර ඔවුන් අතුරින් එක් අයෙකු තොරතුරු කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ඇති බව ක්ෂේත්රයේ ප්‍රවීණයන් මෙන්ම නීති විශාරදයෝ පෙන්වා දෙති.
තොරතුරු කොමිෂන් සභාවේ සභාපති ධුරය පුරප්පාඩු වී මාස 06 ට වැඩි කාලයක් ගත වී තිබුණාද ජනාධිපතිවරයා එම සභාපති ධුරය පත්කිරීමේ කටයුත්ත පැහැර හැර ඇති බවත් ඒ හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් සඳහන් කරමින් ” තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංසදය සහ දැයට සවිය සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පසුගිය 29 දා ගොනු කළේය.
එමෙන්ම තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් සභාපතිවරයෙකු නොමැති බව හේතුවක් ලෙස දක්වමින් තීන්දු ලබාදීම කල්දමා ඇති බව සඳහන් කරමින් මාධ්‍යවේදී ආර්. බී. ජේ. සුරංග ඇතුළු පිරිසක් මානව හිමිකම් කොමිසම වෙතපසුගිය සතියේ පැමිණිල්ලක් ඉදිරිපත් ໑໒໖໖. (HRC/HO/2228/25)
මේ අතර තොරතුරු දැනගැනීමේ අයිතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් අදාළ කටයුතු සිදු කරන ලෙසත් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවෙහි සිදු කිරීමට නියමිත පත්කිරීම කඩිනමින් සිදුකරන ලෙසත් මාධ්‍ය සංවිධාන රැසක් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.
- ලංකාදීප පුවත්පත//
මේ කතාව ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
මේ කතාව තවත් විස්තර ඇතිව පැහැදිලි කෙරෙනවා නං මාත් සතුටුයි Ano.
Delete//ටෙලිෆෝනය ඩැහැගෙනත් ඉවරය.....//
ReplyDeleteහෙහ්, හෙහ් 🤣😁
මොකෝ හිනා වෙන්නේ?
Deleteමට නිකං මැවිලා පෙනුනා, ලීලාවතී මාතාව කුරුමාණන් අල්ලලා නිදියෙගෙ අතින් ටෙලිෆෝනය ඩැහැගන්න ආකාරය, ගර්ර්ර්....😋
Deleteඒක මිස!
Deleteහොඳ ම හොඳ නංගි කෙනෙක් සමන්ති කියන්නේ . අපේ බැචුලර් පාටි එකයි හෙන් පාටි එකයි දෙකම ගත්තේ ඇම්ස්ටර්ඩෑම් වලදී . හැබයි ජර්මනියේදී අම්මයි නංගියි තව හෙන් පාටි එකක් දැම්ම එයාට
ReplyDeleteමගේ මිම්මට අනුව අජිත් මහත්තයෝ, සමන්ති තමයි අපේ පවුලේ බුද්ධිමත්ම ළමයා. ඒ වගේමයි ධෛර්ය සම්පන්නකම අතිනුත් ඉතා ඉහළයි.
Deleteමම ලිව්ව 'Brighton Marathon - දිව්වද හයියෙන්'
https://nidigepanchathanthare.blogspot.com/2021/09/brighton-marathon.html
පෝස්ටුව විතරක් කියෙව්වම ඇති එයා ගැන දැනගන්න.
අම්මට සිරි! පාටි දෙකම එකට?
Deleteහෙන් පාටිය කියන්නේ බැචලර් පාටියේ කාන්තා එක වෙන්නැති නේද?
ඇයි ස්ටැග්/හෙන් පාටි කියලා නෙමෙයිද කියන්නෙ?🤔
Deleteසමන්ති ඉතා හොඳ නංගි කෙනෙක් බව පේනවා. හැබැයි මට එහෙම අය්යා කෙනෙක් මල්ලි කෙනෙක් හරි පියෙක් හරි වෙලා ඔය වගේ දෙයක් ඇහුනොත් ඒක එකපාරටම හිතා ගන්න අමාරුවෙයි. පිරිමි දෙන්නෙක් ආදරය කරනවා මට (බොරුවට රැඩිකල් කවි නවකතා ලියන්නවත් ) මවාගන්න බැහැ .පුදුමේ කියන්නේ නිදීට ඒ කාලෙත් හමුවුන බොහෝ අයත් සමරිසි, සමහරු පිරිමි පිරිමි පවුල් සංස්ථාවටත් ඇතුළු වෙලා.මට එහෙම අය හිත මිත්‍ර සමාගම්වල හමුවෙලාම නැහැ.පාසල් කාලේ ගල් කොල්ලා කියලා ලිංගිකත්වය මත පමණක් පදනම් වෙලා විහිලුවට ලක් කරපු කොල්ලෝ හිටියා. හැබැයි ඒ අයත් ආදරයේදී විශම ලිංගික වෙලා පවුල් සංස්ථාවට ඇතුළු වෙලා. එක එක්කෙනාගේ ජීවන ගමනේ හැටි.
Deleteමං ඉතිං වැඩිය කන-බොන මිනිහෙක් නොවෙයිනේ බස්සෝ.
Deleteස්ටැග් / හෙන් පාටි ගැන විස්තර දන්නෑ, ජීවිතේටම එහෙම එකකට ගිහිං තියෙන්නේ බිමල්ගේ පාටියට විතරයි!
ඔතැනදී නිහඬපාල මහත්තයෝ, මට කල්පනා වෙන දේවල් දෙක තුනක් තියෙනවා.
Deleteඑක. මත්පැන් බොන ඕනිම කෙනෙකුට පුළුවනි නොදන්න නගරයකට ගියත්, හොර මත්පැන් තිබෙන තැන් හොයා ගන්න.
දෙක. සමහර අයගේ හැසිරීම් / කතාබහ / ඉඟිබිඟි වගෙ දේවල්වලින් ලේසියෙන්ම හඳුනා ගන්නට පුළුවනිනේ ඔවුන්ගේ ලිංගික දිශානතිය.
ඉහතින් කියූ පළමු කරුනේදී මොකක් හෝ ඉවක් වැඩ කරනවා වගෙ- සමලිංගිකයන් අතරත් යම් රසායනයක් වැඩ කරනවද මන්දා.
මගේ සම්බන්ධයෙන් නම් වැඩියෙන් බලපාන්නට ඇත්තේ අම්මාගෙන් උරුමවුණු සෞම්‍ය ස්වභාවය හා නාසිඛ්ය කටහඬ වෙන්නැති.
කටහඬින් පෙම්වතුන් ගණනාවක් වසඟ කරගත් හැටි 2020 දී මම බ්ලොගයට ලිව්වත් එක්ක.
ආදර පූජාසනේ... - පළමුවෙනි කොටස
https://nidigepanchathanthare.blogspot.com/2020/08/blog-post.html
තුන. මට හමුවී ඇති බොහෝ සහකරුවන් 'පරාර්ථකාමී' සගයන්. ඔවුන්ගේ සමකාමී මිතුරන්වත් මට හඳුන්වා දීමට තරම්. දේමිත්ත වැනි. වෙලාවක් තිබෙයි නං කියවන්න.
තිහේදී... -දෙවෙනි කොටස
https://nidigepanchathanthare.blogspot.com/2022/10/blog-post_26.html
Bachelorette or hen party for the bride
DeleteBachelor party for the groom
ස්තුතියි Pra Jay!
Delete
ReplyDeleteඇත්තටම නිදී ලංකාවේ නාට්‍ය කලාව විනාශ වීමට සම්පූර්ණ වග කියන්න ඕනෑ ජයන්ත චන්දසිරි සහ විශිෂ්ඨ ටෙලිනාට්‍ය නිර්මාණ කරුවන් ඔවුන්ගේ නිහඬතාවය මෙගා නාට්‍යකරුවන්ට ආශිර්වාදයක් ලෝකය නරක් කරන්නේ නරක වැඩ කරන මිනිස්සු නෙවෙයි ඔවුන්ට ඒවා කරන්න ඉඩ දීලා තමන්ගේ පාඩුවේ ඉන්න හොද මිනිස්සු මේ කියමන කියපු කෙනා කවුද කියලා මතක නැහැ.
Ano, ඔය කාරණයේදී මගේ අදහස නං වෙනස්.
Deleteකලා නිර්මාණයක් කරන්න කෙනෙක් පෙළඹෙන්නේ කියන්නට යමක් ඇති විට. බොහොමයක් කලාකරුවන් සතුව කියාගත නොහැකි වූ කරුණු ගොඩක් තිබෙන බවත් ඒ වගෙම ඇත්තක්.
ඒත් කාටවත් බැහැනෙ- බලහත්කාරකමෙන් එයාලගෙන් කලා කෘති බිහි කරවාගන්න. එහෙම වෙනත් අරමුණු පෙරදැරිව කරන නිර්මාණ ගොඩක් වෙලාවට අසාර්ථකයි.
ඒ වගේමයි, ඕනෑම කෙනෙකුට වරදින්නත් පුළුවනි. (මගේ අවංක හැඟීමේ හැටියට) ජයන්ත චන්ද්‍රසිරි කියන යුග පුරුෂයාටත් හොඳටම වැරදුනාය කියල මට හිතෙන්නේ 'නන්නත්තාරේ' ටෙලියෙදීයි- 'මහරජ ගැමුණු' ෆිල්ම් එකේදියි.
හැබැයි, වැරැද්ද දැක දැක තමන්ගෙ පාඩුවේ නිස්සද්දව ඉන්නවය කියන එක නං ඔයාට වගේම මටත් නොදිරවන වැඩක්!
ඉහළයි සාරයි සොඳුරුයි post එක
ReplyDeleteකිවිඳිය විඳින පාටයි ඇගෙ life එක
තේරුම් අරං ඇති විට සැප වගෙම දුක
කෙනෙකුට ලැබිය හැක සුරසැප දෙව් ලොවක!
කවිය ලියලා ආවේ හිතහොඳ 'තරූගේ' අලුත්ම post එකේ comment තීරුවේ. ඉතා තදින් මට වැදුණු ලිපියක් ඒ.
"ජීවිතය දිය දහරක්. එය ගලා යනවා." වත්සලා කන්නන්ගර
https://tharurasi.blogspot.com/2025/08/blog-post.html
වචනවලට පිටුපසින් ගොඩනැගෙන ආකල්ප අනුව ඒවායේ තේරුම් ද වෙනස් වෙනවා. 'සමලිංගික' අයින්වෙලා 'සමරිසි' ඇවිත්නේ. ඒකෙත් ආකල්ප වෙනස් උනොත් තව වචනයක් හැදෙයි. LGBTQ කියලත් එකක් තියනවානේ. 'වල්අලියා' 'වනඅලියා' උනේ ඇයි කියල නම් දන්නෙ නෑ.
ReplyDeleteඕක හැම ෆීල්ඩ් එකකදීම වෙනවා නේද Litseeker?
Deleteපියන් වචනේ කාර්යාල කාර්ය සහායක වුණේ!
වල් අලියා වන අලියා වුණේ වනචර වුණු නිසානේ...
Nidi uncle, ko Lotus Akki baba?
ReplyDeleteඑයා තවම ඇවිත් නැහැ නේද හිච්චි බබෝ...
Deletehttps://www.divaina.lk/videos/17729
ReplyDeleteස්තුතියි බකුසුතුමෝ. ටිකාක් දිග වැඩි නිසා හවසට බලන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.
Delete//සියවස් ගණනාවක් තිස්සේ සමලිංගික යන වචනය කතා කිරීමේ සහ සාහිත්‍යයේ බහුලව භාවිතා වූයේ සතුටින්, නොසැලකිලිමත්, දීප්තිමත් සහ දර්ශනීය යන අර්ථය ඇති අතර 1600 ගණන් වන තෙක් කිසිදු ලිංගික අර්ථයක් ගත්තේ නැත...’//
ReplyDeleteමේක නිවැරදි නෑ.
වෙන්න ඕනෙ "සමලිංගික යන තේරුම දෙන ඉංග්‍රීසි වචන සමූහයට "ගේ" යන ඉංග්‍රීසි වචනයත් මෑත අතීතයේදී එකතුවී ඇත" කියන දෙයයි.
@ Pra
Deleteහෙමි-හෙමින් අනුර කුමාර ඇතුළු npp ආණ්ඩුව ඉතාම වේගයෙන් නාමල් රාජපක්ෂව ඊළග ජනාධිපතිවරයා වශයෙන් බෞතීස්ම කරමින් ඉන්නවා. මේ ආණ්ඩුව ආපු ගමන්ම වගේ නාමල් කියපු කතාවක් තමයි “මට තාත්තා නැති වෙන්න කලින් මේ ආණ්ඩුව යටතේම මහින්ද රාජපක්ෂ හොරෙක් නෙමෙයි කියන එක ඔප්පු කරගන්න ඕනි කියලා” අනුරලා මේ කිසි හිරිකිතයක් නැතුව කරමින් ඉන්නේ ඒක.
රාජපක්ෂලා කියන්නේ නීලකාස හොරු. ඒක ආයේ අහන්න දෙයක් නෙමෙයි. හැබැයි ඒක එහෙම නෙමෙයි කියලා කියන්න මේ ආණ්ඩුව තමන්ගේ උපරිම කැපවීම යොදමින් ඉන්නවා. ඉතා සරළව චීචීලාගේ රොකට් යවපු කම්පැණිය ආයෝජනය කරා කියන සල්ලි රටින්ම පිට කරලා නැවත ගෙනාපු කලු සල්ලි වීමේ ඉතා ඉහළ හැකියාවක් තියෙද්දි කිසිම උඩක් පල්ලක් නැතුව හරිනි පාර්ලිමේන්තුව ඇතුලෙම සුප්‍රීම් සැට් එක හෝදලා නාවලා දෙනවා. අඩුම ගානේ තමන් කියන කතාව ගැන වගකීමක් ගන්න හරිනිට බෑ. එයා දීපුවා මෙයා දීපුවා කිය කිය උස්සන් ආපු හෑල්ලක් පාර්ලිමේන්තුවේ දිග අරිනවා.
අනික් එක නාමල්ගේ ලෝයර් පට්ටම. අර ලුණු වසන්තයා දුවගෙන ගිහින් ඒ ගැන පැමිණිල්ලක් දැම්මා. අද වෙනකම් ඒකට වෙච්ච දෙයක් නෑ. කාවදාවත් ඔප්පු කරන්න පුළුවන්ද නාමල් විභාගයක් කොපි කරා කියලා. නීති විද්‍යාලය තමන්ගේ ක්‍රෙඩිබිලිටි කඩාගෙන ඒ බව ඔප්පු කරන්න උදව් කරයිද. අන්තිමට ඕකත් ඉවර වෙන්නේ නාමල්ගේ හොර ලොයර් පට්ටම සිරා ලොයර් කෙනෙක් විදියට නාමල්ව නිදොස් කොට නිදහස් කරලා.
ආණ්ඩුව කිරෙන් හෝදලා නාවලා දුන්නට පස්සේ නාමල්ට තියෙන්නේ කාට හරි වද කොත්තුවක් කව්වලා, තව කාගේ හරි පැලෝපීය නාලයක් මිරිකන්න විතරයි. අද ඔය npp ආණ්ඩුව වටේ තැග් ගැහි ගැහි ඉන්න ජෙබයියෝ ඔක්කොගෙම උන්ඩකපූච්ච එදාට උණුවෙනවා. ඒ උණුවුනු පරක්කුවට උන් මේක දාලා එතනට දුවගෙන යනවා. මේ වගේ පෝස්ට් දැක්කම මුලින්ම දුවගෙන එන්නේ ඒ වගේ තක්කඩි ජෙබයියෝ තමා. ඔය උඩ පැන පැන අපි එක්ක එල්ලෙන හැම එකෙක්ම අතීතයේදී නැහැමින් රාජපක්ෂලා එක්ක නිදි#දුනු එවුන්.
අපිට කාලයක් MR බයියෝ පරුෂ වචන වලින් බැන්නා. දැන් උන්ම npp ජෙබයියෝ විදියට පරුෂ වචනයෙන් බැණ වදිනවා. හරිනිලා බොහොම ඉක්මනට උන්ව ආයේ MR බයියෝ කරලා අපේ ඉස්සරහට අරන් එනවා.
Pra Jay මහත්තයෝ. වැරැද්ද පෙන්නලා දුන්නට. හැබැයි වැරද්ද කරලා තියෙන්නේ ගූගල් පරිවර්තකයෝ!
Deleteමටත් එහෙම විත්තියක් හැඟුණු නිසාමයි ඇල අකුරින් යෙදූ ඒ පරිවර්තන ඡේද දෙකට පසුව, මගේ අනුවර්තනයක් විදිහට හැඟී යන විදිහට ඡේද දෙකකින් ඔබතුමා කියන අදහස යොදා තිබෙන්නේ.
එතකොට අවුලක් නෑ කියලයි මට හිතුණේ.
@ PraJay
Deleteඔබ සඳහන් කළ පළමු ප්‍රකාශය නිවැරදියි. 'Gay' යන වචනයට මූලික වශයෙන් ලිංගික අර්ථයක් ආරෝපණය වී නොතිබුණි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ, මෙම වචනය භාවිතා වූයේ පහත අර්ථයන් සඳහායි
12 වන සියවස: 'සතුටුදායක,' 'ප්‍රීතිමත්,' 'දීප්තිමත්'
14 වන සියවස: 'දීප්තිමත් වර්ණවලින් යුත්,' 'විචිත්‍රවත්'
17 වන සියවස: 'නොසැලකිලිමත්,' 'අලංකාර'
18 වන සියවස: 'ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන,'
විශේෂයෙන්ම කාමුක හෝ දුරාචාරමය හැසිරීම් ඇති පුද්ගලයන් විස්තර කිරීමට මෙය භාවිතා විය.
19 වන සියවස වන විට, 'Gay' යන වචනයට ලිංගික අර්ථයක් එකතු වීමට පටන් ගත්තා.
කෙසේ වෙතත්, එය වර්තමාන සමලිංගික අර්ථයෙන් භාවිත වූයේ නැහැ. ඒ කාලයේදී, එය 'විකාරරූපී,' 'බහු ස්ත්‍රී සේවනය කරන්නන්' වැනි අර්ථයන් සඳහා භාවිත විය.
20 වන සියවසේ මැද භාගය වන විට, 'Gay' යන වචනය සමලිංගික පුරුෂයන් හැඳින්වීමට බහුලව භාවිත වන්නට විය. මෙලෙස, ශතවර්ෂ ගණනාවක් පැරණි 'සතුට' යන අර්ථයෙන් පැවති වචනයට, කාලයත් සමඟම වෙනස් අර්ථයන් එකතු වී, අවසානයේදී සමලිංගිකත්වය සඳහා භාවිත වන ප්‍රධානතම වචනය බවට පත් විය.
ඔබගේ දෙවන ප්‍රකාශය වන, "සමලිංගික යන තේරුම දෙන ඉංග්‍රීසි වචන සමූහයට 'Gay' යන ඉංග්‍රීසි වචනයත් මෑත අතීතයේදී එකතු වී ඇත," යන්න නිවැරදි කිරීමක් අවශ්‍යයි. එය සම්පූර්ණයෙන් සත්‍ය නොවේ.
සැබවින්ම, 'Gay' යන වචනයට සමලිංගික යන අර්ථය ආරෝපණය වීම ආරම්භ වූයේ 1960 දශකයේ සිටයි. මෙය මෑත අතීතයක් ලෙස සැලකිය හැකි වුවත්, සමලිංගිකත්වය හැඳින්වීමට වෙනත් වචනවලට වඩා බහුලවම භාවිත වූ වචනය බවට 'Gay' පත් විය. 'Homosexual' වැනි වචන ඊට කලින් පැවතුනද, 'Gay' යන වචනය සමලිංගික පුරුෂයන් අතර වඩාත් පොදු සහ පිළිගත් වචනය බවට පත් විය.
සාරාංශයක් ලෙස, ඔබ ඉදිරිපත් කළ පළමු ප්‍රකාශයේ කතාව නිවැරදියි. එහි සඳහන් කරුණු ඓතිහාසික වශයෙන් පවා තහවුරු වී ඇත. ඔබේ ප්‍රකාශය මගින් එම කතාව නිවැරදි කිරීමට උත්සාහ කළද, එය නිවැරදි නොවන අතර, 'Gay' යන වචනය ක්‍රමයෙන් කාලානුරූපව සමලිංගික අර්ථය ලබාගත් ආකාරය අවබෝධ කර ගැනීම වැදගත්.
@ Ano 9.06 AM
එකම බොරුව දීර්ඝ කාලයක් තිස්සෙ අහපුවහම ඒක ඇත්තමයි කියල ඒක අහන කෙනා හිතනව මේකට කියන්නෙ illusion truth effect මානසික තත්වය කියල. මෙන්න මේ සමාජ විකෘතිය කරල තමයි වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන ගාමක බලවේගය JVP එක බලය ගත්තෙ.. දැන් උන්ට වැඩේ rivers වෙනව මොකද ඇත්ත කියන දේ ඇත්තම තමයි කොච්චර හංගන්න හැදුවත් වැඩක් නෑ අනිවාර්යෙන් උඩ එනව..
අපි 2015 යහපාලන රජය වෙනුවන් පෙනී සිටි කාලයේ මමත් 2019 විතර වෙනකන් මේ දාර කෙප්පෙ සැකයක් සහිතව නමුත් මොකක් හරි දෙයක් ඕක යට ඇති කියලා විශ්වාස කල ඩයල් එකක්..ලැජ්ජයි හොඳේ... (ඩල්ස් ඕක එදා පාර්ලිමේන්තුව ඇතුලෙම විස්තර සහීතව ගැටේ ලෙහනකන් මමත් විශ්වාස කලා ඇත්තටම)
වසන්ත සමරසිංහ කිව්ව රොකට් යවල ඒ සල්ලි වලින් බල්ලගෙ කරට පවුම් 90 ක චේන් එකක් දාල කියල (හැබැයි ඒක විශ්වාස කරන්න තරන්නම් මට ට්‍රැක් නෑ 😁)
ඒ දවස් වල කෝටි 11000 බෙදල icu ඇඳන් කීයක් ගේන්න පුළුවන්ද ? ඉස්කෝල කීයක් හදන්න පුළුවන්ද කියලා විග්රහ කරපු මගේ යාළුවොත් හිටියා..
මේකනම් සාහසිකම ඇන්දවීමක්
බං...😌
දැන් රෝහිත ගොනාට නිකම්ම ඉල්ලමක් පෑදුනා මේකෙන්, දැන් රාජපක්ෂ බයියන්ට කියන්නට පුළුවන් මහින්ද ලොක්ක නෙමෙයි පොඩි පුතා එක්ක බැලුවත් සමහර දේශපාලකයො රටට සත පහක වැඩක් කරල නෑනේ, බලන් ගියාම ඒ අතින් ඌ කෝටි 34,390 ක ලාභයකුත් රටට අරන් දීලනේ...
ඒක නෙමේ සීන් එක අවුරුදු 15 ක් චිචීගෙ රොකට් එකට ගහපු මඩක් විනාඩි 04 න් නිෂේධනය කරපු ඩී.වී චානකයි.. අගමැති හරිනිටයිත් thanks කරන්න ඕන..
මම ඕකේ ඇත්ත කතාව කියන්නම්, ඇත්තටම ඔය බොරුව ප්ලාන්ට් කලේ මංගල.. බොරුව කරේ තියං පෙට්‍රල් ගගහ දිව්වෙ ඒ දවස් වල ඔය අද ඉන්න සීයලගේ සෙට් එක සහ සජ්ජාගේ සෙට් එක. මාලිමා වහල්ලු ඕක විද්‍යාත්මක විග්රහ එකතු කරන් ලොකුවටම උස්සන් දිව්වෙ 2020 පස්සෙ..
අන්තිමට පචේට කිච උනේ මාලිමාවො උන් විතරයි.... 😁
ප්‍රොජෙක්ට් එක ගහපු මංගල වලේ ඉදං පුපෙන් හිනා වෙනව ඇති ...
ඇත්තටම ඔය රෝහිත චිචී කියන ගොන් මෝලාට ඇත්තටම මොළේ තියෙනවානම් බුකියේ වීඩියෝ එකතු කරගෙන අපහාස නඩු දැම්මොත් ඌටයි බල්ලටයි හොඳ ගානක් හොයා ගන්න පුළුවන් .. 😁 අර වසන්ත සමරසිංහ කිවවේ උගේ බල්ලාගේ බෙල්ලේ පවුම් අනූවක මාලයක් තියෙනවා කියලා ඒක තමයි ආතල්ම කතාව
This is the news report
Delete///අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් රෝහිත රාජපක්ෂ මහතාගේ රොකට් අත්හදා බැලීම සම්බන්ධයෙන් පැතිර ගිය තොරතුරු පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. එම පැහැදිලි කිරීම්වල ප්‍රධාන කරුණු පහත පරිදි සාරාංශගත කළ හැකිය.
රජයේ අරමුදල් භාවිත කර නැත
අගමැතිනිය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, "සුප්‍රීම් සැට්" (SupremeSAT) චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු මුදලක් ආයෝජනය කර නොමැති බවයි. ඇය මෙම කරුණු තහවුරු කළේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සතුව ඇති නිල ලේඛන පදනම් කරගෙනය. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම පෞද්ගලික ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක වී ඇති අතර, එය රජයේ මුදල්වලින් සිදු වූ පාඩුවක් නොවන බව ඇය අවධාරණය කළාය.
ව්‍යාපෘතියෙන් රටට ලැබුණු ආදායම
මෙම ව්‍යාපෘතියෙන් රටට ලැබුණු ආදායම් පිළිබඳවද අගමැතිනිය විසින් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන ලදී. 2015 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලය තුළදී, "සුප්‍රීම් සැට්" සමාගම විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට වාර්තා කර ඇති පරිදි, රුපියල් බිලියන 343.9 ක ආදායමක් උපයා ඇත. මෙය, ව්‍යාපෘතිය මගින් රටට ඩොලර් මිලියන ගණනක පාඩුවක් සිදු වූ බවට පැවති කතාවේ සත්‍යතාව බිඳ දමයි.
ව්‍යාපෘතියේ මූලික විස්තර
ආයෝජන ගිවිසුම: "සුප්‍රීම් සැට්" (පෞද්ගලික) සමාගම 2012 මැයි 23 වන දින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත.
ආයෝජනය: ව්‍යාපෘතියේ ආරම්භක ආයෝජනය රුපියල් බිලියන 1.828 ක් ලෙස සටහන් වී ඇත.
ව්‍යාපෘතියේ අරමුණ: මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ දේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින්, විදුලි සංදේශ සහ විකාශන සේවා සැපයීම සඳහා චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමයි.
රෝහිත රාජපක්ෂ මහතාගේ භූමිකාව: රෝහිත රාජපක්ෂ මහතා මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියරේදී ප්‍රධාන තාක්ෂණික අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇත. නමුත් එම තනතුර පෞද්ගලික ආයතනයක් තුළ ලැබුණු එකක් වන අතර, එය රජය විසින් ලබා දුන් තනතුරක් නොවේ.
අසත්‍ය ප්‍රචාරවල බලපෑම
මෙම චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලන වේදිකාවල සහ සමාජ මාධ්‍යවල විවිධ චෝදනා සහ අසත්‍ය තොරතුරු පැතිර ගිය බව අගමැතිනියගේ ප්‍රකාශයෙන් තහවුරු විය. ඇය පෙන්වා දුන්නේ, මෙම චෝදනා පදනම් විරහිත බවත්, ඒවා සත්‍ය කරුණු මත පදනම් නොවන බවත්ය.
ඒ අනුව, රෝහිත රාජපක්ෂ මහතාගේ චන්ද්‍රිකා ව්‍යාපෘතිය හේතුවෙන් රජයට ඩොලර් මිලියන 320ක පාඩුවක් සිදු වූ බවට පැවති කතාව අසත්‍යයක් බව අගමැතිනිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නිල දත්ත මත පදනම්ව තහවුරු වේ.///
අවුරුදු ගණනාවක් තිස්සේ දේශපාලන වාසි තකා පැතිර වූ මෙම අසත්‍යය දැන් හෙළිදරව් වී ඇත. මෙම සිදුවීමෙන් පෙනී යන්නේ, යම් බොරුවක් නැවත නැවතත් කියන විට එය සත්‍යයක් ලෙස පිළිගැනීමට සමාජය පෙළඹෙන "illusion truth effect" නැමැති මානසික සංසිද්ධිය අපගේ දේශපාලන ක්ෂේත්රයේ කෙතරම් දුරට බලපෑවාද යන්නයි.
මෙම සටහන, වසර ගණනාවක් පුරා අසත්‍ය ප්‍රචාරවලට හසුවූ අප සියලු දෙනාටම වැදගත් පාඩමක් සපයයි. ඕනෑම කරුණක් පිළිබඳව නිවැරදි තොරතුරු සොයා බැලීමේ වැදගත්කම මෙම සිදුවීමෙන් නැවත වතාවක් අවධාරණය වෙනවා.
මේ අඩවියට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අදහස් දැක්වීම වෙනුවෙන් ගොඩාක් ස්තුතියි ඉමේෂ් මහතාණෙනි.
Deleteආයෙත් එන්න!
Deck the halls with boughs of holly, Fa la la la la, la la la la.
ReplyDeleteTis the season to be jolly, Fa la la la la, la la la la.
Don we now our gay apparel, Fa la la la la, la la la la.
මට මේ සින්දුවේ gay apparel කියන කොටස ඇහෙනකොට පොඩි ප්‍රශ්නයක් තිබ්බා ඉස්සර ඉඳල .. ප්‍රාජේ ගේ උත්තරෙන් ඒක පැහැදිලි උනා .
මේකේ Don we now our gay apparel කියන්නේ Now we put on our party clothes. :)
ඇත්තටම නිදී , ඔයාව තේරුම් අරන් ඔයාට ඔය විදියට සලකන පවුලක් ලැබීම ලොකු වාසනාවක් .. බොහෝ අයගේ කතා දුක් බරයි නේ ..
ඔබ සඳහන් කළ "Deck the Halls" ගීතයේ "gay apparel" යන කොටස පිළිබඳව ඔබට ඇති වූ ගැටලුව සාධාරණයි. මෙම වචනයේ අර්ථය කාලයත් සමඟ වෙනස් වී ඇති නිසා, එය වර්තමාන අර්ථයෙන් සිතන විට ව්‍යාකූල විය හැකිය.
Delete"Gay" යන වචනයේ ඉතිහාසය සහ ගීතයට එහි අදාළත්වය
මෙම ගීතය මුලින්ම ලියැවී ඇත්තේ 1862 වසරේදී වන අතර, එහිදී "gay" යන වචනය යෙදී ඇත්තේ වර්තමාන "සමලිංගික" යන අර්ථයෙන් නොවේ. ඒ කාලයේදී සහ ඊට පෙර ශතවර්ෂ ගණනාවක් පුරා මෙම වචනයට තිබූ ප්‍රධාන අර්ථය වූයේ "සතුටු," "ප්‍රීතිමත්," "දීප්තිමත්," හෝ "විචිත්‍රවත්" යන්නයි.
ඒ අනුව, ගීතයේ "Don we now our gay apparel" යන කොටසෙහි සැබෑ අර්ථය වන්නේ:
"අපි දැන් අපගේ ප්‍රීතිමත් ඇඳුම් අඳිමු."
"අපි දැන් අපගේ දීප්තිමත් හා විචිත්‍රවත් ඇඳුම් අඳිමු."
මෙම කොටසින් කියැවෙන්නේ, නත්තල් සමයේ ප්‍රීතිය සහ උත්සව වාතාවරණයට ගැලපෙන පරිදි, දීප්තිමත් වර්ණවලින් යුත් සහ අලංකාර ඇඳුම් ඇඳීම ගැනය.
"Gay" යන වචනයට සමලිංගික යන අර්ථය ආරෝපණය වීම ආරම්භ වූයේ 20 වන සියවසේ මැද භාගයේ සිටයි. එබැවින්, 19 වැනි සියවසේ රචිත මෙම ගීතයේ එම අර්ථය බලාපොරොත්තු විය නොහැකිය.
සරලව කිවහොත්, ගීතයේ සඳහන් වන "gay apparel" යනු නත්තල් උත්සවයේ සතුට විදහා දැක්වෙන වර්ණවත් හා උත්සවශ්‍රීයෙන් පිරුණු ඇඳුම් ගැනයි කියවෙන්නේ
ඒ වගේම පැතුම්, ඇත්තටම මේ කියන කතාව ඇත්ත නේද? මේක ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල ඉතාමත්ම ජනප්‍රිය වෙච්ච සහ බොහෝ දෙනක් එකඟ වුණ ලියවිල්ලක්
/////ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් හෝ ජාතික ජන බලවේගයේ සාමාජිකයෙක් හෝ නොවන පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය ප්‍රකාශ කල පුරවැසියෙක් ලෙස කිව යුතු කතාවක් තියෙනවා. ඒ කතාව තමයි මේ...
ජනාධිපතිවරයා පත්වෙලා අවුරුද්දකට ආසන්නයි. ආණ්ඩුවට මාස 10 විතර වෙනවා. මේ කාලය තුළ දැකපු දෙයක් තමයි ආණ්ඩුවේ ජනප්‍රියත්වය දිගින් දිගටම අඩු වෙලා ආණ්ඩුවට විරුද්ධව මොකක් හරි බරපතල විවේචනයක් සමාජයේ ඇති වෙනකොට හරි ඇමතියෙක් මොකක්හරි හද්ද ගොන් වැඩක් කරල හරි කියල හරි නා ගන්නකොට, ආණ්ඩුව කුජීත වී පච වෙනකොට ජනාධිපතිවරයා සිරසට හරි , පාර්ලිමේන්තුවට හරි ඇවිත් මොනවා හරි කයිවාරු ටිකක් කතා කරල අවධානය වෙනතකට යොමුකිරීමට උත්සාහ කිරීම..
ආසන්නතම සිදුවීම පෙරේදා පාර්ලිමේන්තුවේ දී හරිනි අගමැතිනිය SupremeSAT චන්ද්‍රිකාව ගැන කරපු ප්‍රකාශය. ඇත්තටම අගමැතිනියගෙ පිළිතුර ආණ්ඩුවටම මහා පාරාවළල්ලක් වුණා. මාලිමාවට බැහැලා වැඩ කරපු සහ ඡන්දය දීපු අය මේකෙන් දැඩි ලෙස කළකිරුණා. ඒකෙන් පොහොට්ටුවට සැලකිය යුතු දේශපාලන වාසියක් ආවා. ඊයෙ ජනාධිපති පාර්ලිමේන්තු ඇවිත් කතා කලේ පෙරේදා සිදුවීම යටපත් කරන්න හා එහි අවාසිය මඟ හරවාගන්න කියල දේශපාලනය ගැන සරල අවබෝධයක් තියෙන කෙනෙකුට තේරුම් ගන්න එක එච්චර අමාරු නෑ..
ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඇවිත් හැමදාම කියන්නෙ එකම කතාව සහ එකම කයිවාරු ටික, දැන් අපට ඒක කටපාඩම්. ජනාධිපතිවරයා නිතරම පාර්ලිමේන්තු ඇවිත් හැමදාම එකම කතාව කියන්න ගියාම වෙන්නෙ ඔහු ඔය වගේ සත පහකට ගණන් ගන්නෙ නැති වෙන එක. ඇත්තෙන්ම එයින් හෑල්ලුවට ලක් වෙන්නෙ අනුර කුමාර දිසානායක ජනාධිපති පමණක් නෙවෙයි එම තනතුරත් සම්පූර්ණයෙන්ම හෑල්ලුවට ලක් වෙනවා..//
//ඒ වගේම අපි පෙර ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට පැමිණ කතා කරනවා දැකල තියෙනවා. පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව ජනාධිපති කතා කරනකොට කවුරුවත් බාධා කරන්නෙ නෑ. ඒ වගෙම ජනාධිපතිවරයා තමන්ගෙ කතාව ඍජුව කරනවා මිසක් ඉදිරියේ ඉන්න විපක්ෂ මන්ත්‍රීවරු සමඟ සංවාද ස්වරූපයෙන් කතා කරේ නෑ. නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තමන්ගේ කතාවේදි ඉදිරිපස ඉන්න විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙ නම් කියමින් ඔවුන් සමග සංවාදයේ යෙදෙමින් ඔවුන්ට චෝදනා සහ මඩ ප්‍රහාර අවලාද එල්ල කරමින්, ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින් ඒ මන්ත්‍රීවරුන්ගේ බාධා කිරීම් , කෑගැසීම් මැද්දෙ හරිම බොළඳ අසාර්ථක ලෙස තමයි කතා කරන්නෙ. ඇත්තටම එවැනි පරිචයක් නැති අපරිණත බොළඳ හැසිදීමක් ජනාධිපති තනතුරට ගැලපෙන්නෙ නෑ.
Deleteජනපතිවරයා ජනතාව අතර ඉන්න වෙලාවට පොළොවේ පය ගහල ඉන්න බව පෙන්වීමට උත්සාහ කරන එක වෙනම කතාවක්. ඒත් තනතුරට ලැබිය යුතු ගෞරවය අභිමානය ආරක්ෂා විය යුතුයි. එහෙම නැති උනොත් ඔය දැන් අනුරට වෙලා තියෙනව වගේ ජනාධිපතිවරයාව හැම එකාම ජෝක් එකට අරගෙන සත පහකට ගණන් ගන්නෙ නැති ජෝක්කාරයෙක් වෙනවා. තනතුරේ ගෞරවය අභිමානය ඉබේම ආරක්ෂා වෙන්නෙ නෑ. ඒක ආරක්ෂා වෙන්නෙ අදාළ තැනැත්තාගේ ක්‍රියාකාරිත්වය අනුව.. බලන්න සමාජ මාධ්‍යවල ඔහුට අතිශය හිරිකිත ලෙස අපහාස කරන හැටි කෙබර පචයා, පච හරකා, කොට මී හරකා වගේ මහා කැත විදිහට අපහාසාත්මකව බොහෝ අය කමෙන්ට්ස් දමලා තියෙනව
ඊයෙ ජනාධිපතිවරයා කිව්වා රාජ්‍යය වැට්ටීමට කුමන්ත්‍රණය කරන පිරිසක් ඉන්නවා කියල. නමුත් රාජ්‍යය හා ආණ්ඩුව කියන්නෙ දෙකක්. රාජ්‍යය වට්ටන්න කටයුතු කරනවා කියන්නෙ ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒකට එරෙහිව ගන්න ඕනි තරම් නෛතික ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහයේ , ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන පනතේ හා මහජන ආරක්ෂක ආඥා පනතේ ඕන තරමට තියෙනවා. මුළු රාජ්‍යය යාන්ත්‍රණයම තමන් යටතේ තියෙන්නෙ. ජනාධිපති , ආරක්ෂක ඇමති , සන්නද්ධ සේවාවන්හි අණදෙන නිලධාරී අනුර. ඒ හින්දා රාජ්‍යයට එරෙහිව මොනම හෝ ක්‍රියාවක් කරනවනම් ඒක වේදිකාවල බොරුවට කිය කියා , මතක් කර කර , සද්දේ දාගෙන කට්ටිය බය කර කර ඉන්නෙ නැතුව කෙලින්ම නීතිය ක්‍රියාත්මක කර වීමයි කල යුත්තෙ..
තව එකක්, ඒ වගේම ලංකාව ප්රජාතන්ත්රවාදී රටක් නිසා ආණ්ඩුව වට්ටන්න ඕනෑම ක්‍රියාවක් කරන්න පුලුවන්. ආණ්ඩුව කියන්නෙ රාජ්‍ය නෙවෙයි දේශපාලන පක්ෂ කණ්ඩායමක්. ඒක මාරු කරන්නට ඒ පක්ෂ වල අය වගේභ පොදුවේ ගත්කල ජනතාවට ව්‍යවස්ථාව අනුව ලැබී ඇති ප්රජාතන්ත්රවාදී අයිතියක්. ලංකා ඉතිහාසයේ ඕන තරම් ඒවට උදාහරණ තියෙනවා. 2022 අරගලයත් රාජ්‍ය විරෝධී එකක් වුණත් අන්තිමට ඒක ආණ්ඩු විරෝධී එකක් කරගෙන විපක්ෂයට ඡන්දයකින් තොරව පාලන බලය ගන්න පුළුවන් විදියට රනිල් ඒක වෙනසක් කළා. ඒ හැර පහුගිය 1931 සිට වසර 95 කට වඩා ලංකාව දිගටම ප්රජාතන්ත්රවාදියි. ඒ හින්දා ආණ්ඩුව කල යුත්තේ විපක්ෂයේ ආණ්ඩු පෙරළීමේ වෑයම විවේචනය කිරීම හෝ තර්ජනය කිරීම නෙවෙයි , එවැනි අවස්ථාවන් උදා නොකිරීමට වගබලා ගැනීම..
ජනාධිපතිවරයා ලැජ්ජාවක් නැතුව සියවෙනි පාරට ද මන්දා ඕන්න ඊයෙත් කිව්වා හමුදා කදවුරකින් T 56 හැත්තෑ පහක් පාතාලයට යාම ගැන. මම විතරක් ඕක ජනාධිපතිවරයගෙන් විවිධ අවස්ථා විසි වතාවකට වඩා අහල තියෙනවා. අහලම එපා වෙලා. කියව කියව ඉන්නෙ නැතුව ඒවා හොයගන්න එකයි බලයේ සිටීන ජනපතිවරයෙක් කළ යුතු. ඔයාලගෙ ආණ්ඩුවක් තියෙන්නෙ. ඕක තවදුරටත් කීමෙන් ප්‍රදර්ශනය වෙන්නෙ නොහැකියාව..
ඔය ගිනි අවි වගෙම ආර්ථිකයෙ , දේශපාලනයෙ ප්රගමනයට ඇති සම්ප්‍රදායික බාධා ගැන කලින් වගෙම ඊයෙත් හැමදාම කියන කතන්දර මාෆියා බයිලාව කිව්වා. විධායක ජනාධිපතිකම , 2/3 පාර්ලිමේන්තුව , පළාත් පාලන ආයතනවල වැඩි බලයක් දුන්නෙ තමන්ට ඕනි නිලධාරීන් පත් කරල , ඕන නැති අය අයින් කරල ඒ ඒ ක්ෂේත්රවල වෙනස්කම් ඇති කරන්න මිසක් ඔය වගේ විලාප ලතෝනි දාගෙන කෙඳිරි ගාන්න නෙවෙයි.. ඒක කරන්නට විපක්ෂයේ හිටපු කාලේ ඕන තරම් වෙලාව තිබුණට ආණ්ඩුවට ආවම ඒක සම්පූර්ණයෙන්ම වෙනස් බව දැන්වත් තේරුම්ගත යුතුයි.//
//ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව දශක ගණනාවක් මිනිසුන්ට කතා කලා විපක්ෂෙ ඉන්නකොට. දැන් ඔයාල ආණ්ඩු කරන්නෙ. ආණ්ඩු කිරීම කියන්නෙ බොරුවට කයිය ගැසීම නෙවෙයි වැඩ කිරීම. කයිය ගැසීම අයිති විපක්ෂයට. මොකද විපක්ෂයට වෙන කරන්න වැඩක් නෑනෙ. ආණ්ඩුවට කයිය ගහන්න ඕනිම නම් වැඩ කරල ඉවර වෙලා කයිය ගහන්න..
Deleteආණ්ඩුවේ ඉන්න බහුතරයක් මැති ඇමතිවරු කතා නොකර කට පියාගෙන ඉන්නවනම් ජනාධිපතිවරයාට සිරසට හා පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථා සෑහෙන්න අඩු කරගන්න පුලුවන්. මෑතදී සුනිල් හඳුන්නෙත්ති , ලාල් කාන්ත , වසන්ත සමරසිංහ , නාමල් කරුණාරත්න , නලින් හේවගේ , නිලන්ති කොට්ටහච්චි , ලක්මාලි හේමචන්ද්‍ර, රූවන් රණසිංහ වගෙ ඇමතිවරු මන්ත්‍රීවරුන් බොහෝ අය කතා නොකර ඉන්න තරමට ආණ්ඩුවේ පැවැත්ම ආරක්ෂා වෙනවා..
ආණ්ඩුවේ ඇතැම් වැඩ ජනතාව වෙත සන්නිවේදනය කිරීම ඉතාමත් දුර්වලයි. ඒ දුර්වලකම හින්දා සමාජගත වෙන්නෙ විපක්ෂය කියන කතා හා සමාජ මාධ්‍ය වල තියෙන දේවල් සහ ඇතැම්විට ගොතන ලද , විකෘති කරන ලද තොරතුරු. ආසන්නතම උදාහරණය තමයි අගමැතිනිය ඉදිරිපත් කල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. තම අමාත්‍යාංශයේ වැඩපිළිවෙළවත් හරියකට සන්නිවේදනය කිරීමේ නොහැකියාවෙන් අංක එක අගමැතිනිය.. අනිත් අය ඊටත් හපන්, තමන්ගේම අමාත්‍යාංශය කරන්නේ මොකක්ද කියල බෝහෝ ඇමතිවරුන්ට කිසිම අවබෝධයක් නෑ මාධ්‍යවල හාන්නේ ඒකනේ
ලංකාව කියන්නෙ පසුගිය දශක ගණනාවක අපරාධ රැසක් සිදුවූ රාජ්‍යයක්. දේශපාලන කාරණා උදෙසා මිනිමැරීම් , පැහැරගෙන යාම් , අතුරුදහන් කිරීම් , කප්පම් ගැනීම් , දේපොළ මංකොල්ලකෑම් , සොරකම් , රාජ්‍ය දේපළ සොරකම් , වංචා කිරීම් , සාවද්‍ය පරිහරණය කිරීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතම මැතිවරණ පොරොන්දුවයි..
ඔය සියලු ආකාරයේ අපරාධ සඳහා ලංකාවේ දැනට පවතින නීතිය ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. ගැටලුව තියෙන්නෙ නීතියේ නෙවෙයි නීතිය ක්‍රියාත්මක නොවීමේ. පෙර පැවති ආණ්ඩු සමයන්හි කල අපරාධ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමේ අරමුණකින් තොරව විය යුත්තක්..
දේශපාලන විරුද්ධවාදියටත් තම පක්ෂයේම අයටත්, දරුණුම අපරාධකාරයටත් සාමාන්‍ය මිනිසාටත් නීතිය ක්‍රියාත්මක ක්‍රියාත්මක විය යුත්තෙ සමානව.. දඬුවම නියම කිරීම ස්වාධීන අධිකරණයෙන් කරයි නමුත් හැමෝටම සාධාරණව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීම
ජනාධිපතිවරය ඊයෙත් ඉන් පෙරත් දිගින් දිගටම කිව්වා පසුගිය රජයන් සමයේ කරපු අපරාධ සඳහා පවතින නීති මදිනම් අලුතෙන් නීති හදල හරි දඬුවම් කරනවා කියල. බොහෝ බුද්ධිමත් මැදහත් ජනතාව සහ රටේ බුද්ධිමතුන් නීති විශාරදයන් ඒක දකින්නේ පළිගැනීමේ අදහසින් ද්වේෂයෙන් කරපු කතාවක් පමණක් විදිහට..
මම එහෙම කියන්නෙ කරුණු දෙකක් මත. එකක් ඒ සියලු වැරදිවලට දඩුවම් කරන්න පුලුවන් නෛතික ප්‍රතිපාදන දැනටමත් රටේ නීති පද්ධතිය තුල තියෙනවා..
දෙවෙනි කාරණය අතීතයට බලපාන දණ්ඩන නීති පනවන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (6) ව්‍යවස්ථාවේ ඒ බව සඳහන් වෙනවා. එහි අතුරු විධානය අනුව ඉතාමත් සීමිත අවස්ථාවක් තිබෙනවා අතීතයට බලපාන දණ්ඩන නීති පනවන්න. හැබැයි ඒක හරියට කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවටත් වඩා දුර්ලභයි..
මේ ගැන ජනාධිපතිවරයාට අතීතයට බලපාන දණ්ඩන නීති ගැන නෛතික තත්ත්වය කියන්න හර්ෂණ නානායක්කාර ගරු අධිකරණ ඇමැතිතුමා ඔබතුමා දීර්ඝ කාලයක් අපරාධ අධිකරණවල කටයුතු කල ජ්‍යේෂ්ඨ නීතිඥයෙක්. ඔබතුමාට ජනාධිපතිතුමාට එකී නෛතික තත්ත්වය ඒත්තු ගැන්වීම සැණකින් කරන්න පුලුවන්. මම එහෙම කරන්න කියල කියන්නෙ ජනාධිපතිවරයාගේ ඒ ප්‍රකාශයෙන් ප්රජාතන්ත්රවාදයෙන් ඔබ්බට යාමක් විද්‍යාමාන වෙන නිසා..
දේශපාලන බලය භාවිතා කර කල අපරාධ සඳහා නඩු පවරල තියෙන්නෙ කොළඹ. කොළඹ මහාධිකරණවලට තිබෙන නඩු ප්‍රමාණය අනුව නඩු දින දෙකක් අතර අඩුම මාස 4 ට වඩා වැඩි දිනයක් යනවා. එවැනි අපරාධ සඳහා දඬුවම් පැමිණවීමට අවංක උවමනාවක් තියෙනවනම් කරන්න ඕනි කොළඹ මහාධිකරණ ප්‍රමාණය වැඩි කිරීමට පහසුකම් සැලසීමයි..
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගැන මම මේ විවේචනාත්මක සටහන ලිව්වෙ එකම එක හේතුවක් නිසා. ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාව අතර අතිමහත් බහුතරය 95% කට වඩා විශ්වාස කළේ ජනාධිපතිවරයා පමණයි. ඔවුන්ට ආණ්ඩුවේ මැති ඇමතිවරු ගැන කිසිම විශ්වාසයක් නෑ. ජාතික ජන බලවේගයට ඡන්දය නොදුන් ඇතැම් විපක්ෂ අය අතර පවා අනුර කුමාර ජනාධිපතිවරයා ගැන යම් විශ්වාසයකින් සිටි අය හිටියා. අන්න ඒ විශ්වාසය ජනාධිපතිවරයාගේ මේ වගේ මෝඩ වැඩ සහ අපරිණත ක්‍රියා හේතුවෙන් බිඳ වැටුනොත් එදාට මිනිස්සු බලාපොරොත්තු දහසක් පෙරදැරිව ගොඩ නගාගත් ජාජබ ආණ්ඩුව ස්ථීර ලෙසම බිඳ වැටීම ආරම්භ වෙනවා. මේ විපක්ෂයට ආණ්ඩුව වට්ටන්න බැරිවුණත් ආණ්ඩුවට පුළුවන් තමන් කියන කරන මේ මරි මෝඩ තකතිරු අමු ගොබ්බ වැඩ නිසාම ආණ්ඩුව වට්ටගන්න..///
මේ ගැන විස්තර සහිතව explain කරන්න පුළුවන්ද?
ස්තුතියි පැතුම්!
Deleteගීතය ගැන Ano විස්තර කියල තියෙනවනෙ. ආයේ මම මොනව කියන්නද?
ඇත්තටම පැතුම්, ඔයා කියනකොටයි තේරෙන්නේ මම කොච්චර වාසනාවන්තද- මෙහෙම පවුලක් ලබන්න කියල! ඒ කාරණය මෙච්චරකල් මට හිතිලා තිබ්බෙම නැති එකක්! ස්තුතියි, ඒක මට පෙන්නල දුන්නට.
Ano, ගොඩාරියක් ස්තුතියි. දිග comments වෙනුවෙන්.
Deleteමමත් මාලිමාව වෙනුවෙන් ඡන්දය දුන් කෙනෙක්. නමුත් එයින් කෙරෙන හැමදේම හොඳයි කියා කියන්නෙක් නෙවෙයි. ඒවා වැරදි විදිහට මට පෙනුනත් ඔවුනට එසේ නොපෙනෙනවා ඇති කියලයි මං හිතන්නේ.
තල වැපිරුවොත් තල ලැබෙනවා මිස උඳු ලැබෙන්නේ නෑ කියන විත්තිය මාලිමාවේ අයත් දන්නවා ඇතිනේ!
හ්ම් අදයි මම මුලින්ම මේ බ්ලොග්ස් එක බැලුවේ හපොයි මොනවාද මේ ලියලා තියෙන්නේ, ඊයා ඔය වගේ විකෘති ලිංගික අදහස් ඇති වෙන්නේ සාතන්ගේ බලපෑම මත කියලා අතිඋතුම් කාදිනල් උතුමාණන් පැහැදිලිවම ප්‍රකාශ කළේ?
ReplyDeleteකෙල්ලෙක්ට ආදරේ කරපන් යකෝ ඔය වගේ කොල්ලෝකාරයෙක් නොවී එහෙම බැරිමනම් පූජකවරය ලබා ගන්න සූදානම් වෙයන් යකෝ පූජකවරය යනු දෙවියන්වහන්සේගේ බලයයි. උන්වහන්සේ මෙම බලය යොදාගන්නේ තම සියලුම දරුවන්ට ආශිර්වාද කිරීමට සහ උන්වහන්සේ සමඟ නැවත ජීවත් වීමට නැවත පැමිණීම සඳහා ඔවුන්ට උපකාර කිරීමටයි. දෙවියන්වහන්සේ පොළොවේ සිටින තම දරුවන්ට පූජකවර බලය ලබා දී ඇත්තේ මේ වගේ විකෘතීන්ගෙන් බේරී දේව ධර්මයට පටහැනිව වැඩ නොකර සිටීමටයි
ඔබට වයස අවුරුදු 14ට වැඩි නම් පූජකවරය සඳහා ඉදිරිපත්වෙන්නට පුළුවන්. ඒ වගේම උසස් පෙළ සමත්විය යුතු වෙනවා.පදවි පූජක වරයෙකු වීමට අවම වශයෙන් වසර 8ක් දෙව්සත්හල් පුහුණුව ලැබිය යුතුයි. (කුඩා දෙව්සත්හල - වසර 1, කලුතර - වසර 1, නුවර - වසර 6)
විදේශ වලට යවන්නේ දෙව්සතහල් කමිටුවේ සහ පදවියේ දේව කැඳවීම් කමිටුවේ නිර්දේශය මතයි.මේ විභාගය සමත්විය යුතු වෙනවා, මොකද සියළුම ඉගැන්වීම් වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා.
මේ විභාගය පළවෙනි වතාවෙන්ම සමත් විය යුතු නෑ, බොහෝ අය සිටිනවා මෙය දෙවෙනි වර තෙවෙනි වර සමත් වූ. ඊට අමතරව කුඩා දෙව්සත්හලෙන් මේ විභාගය සඳහා හොඳ පුහුණුවක් දෙනවා.
මේක පූජාත්වරය නමැති සක්‍රමේන්තුව කේන්ද්‍ර කරගෙන දෙව්සත්හලට ගැනීමේදී අනිවාර්යයෙන්ම පවුල් පසුබිමත්, එම පුද්ගලයාගේ ක්‍රියා කලාපයත් සළකා බලනවා. මොකද කෙනෙකුගේ හැදියාවට පවුල් පසුබිම හේතු වන නිසා. ඒ නිසයි බොහෝ විට පියතුමකුගෙන් දෙව්සත්හලට යන්න ඇසූ විට ටිකක් කල් ගන්නේ. දෙව්සත්හලට ගැනීමට පෙර මේ ගැන සොයා බලන නිසා. සාධාරණ හේතුවක් නැතිව දෙව්සත්හලෙන් යවන්නේ නෑ.
හැබැයි සමහර අවස්ථාවන් වාර්ථා වෙලා තියනවා දෙව්සත්හලෙන් යවපු හේතුව නෙමේ සමාජයට ගිහිල්ලා තියෙන්නේ. දෙව්සත්හල තුළ විභාග වලදී කොපි කිරීම, ගහ ගැනීම වැනි දේ වලදී කෙළින්ම ගෙදර යවන නමුත්, අනෙක් වැරදි වලදි ගෙදර යැව්වද එම වැරදි හදාගෙන නැවත පැමිණීමේ හැකියාවක් තියනවා.
කාලයක් එහෙම ඉදලා තේවාචාර්යවරය දක්වාම කෙනෙකුට තීරණය කරන්න පුළුවන් තමන් දිගටම මේ වැරදි පුරුදු කරගෙන යනවාද, නැත්නම් දෙවියන් වහන්සේට කීකරුව මේ අතිශයින්ම දුෂ්ට බලවේග වල බලපෑම මත කරන මේ සමලිංගික විකෘති වැඩ සම්පූර්ණයෙන්ම නවත්වනවා ද කියලා. මොකද සමහර විට පසු කාලයේ පවුල තුළ සිදුවන වෙනස්කම් සමඟ තමන්ගේ තීරණය වෙනස් කරන්න පුළුවන්. මොකද දෙව්සත්හලට ඇතුලත් වුනාට පස්සේ අනිවාර්යයෙන්ම ඒ කෙනා පියතුමකු විය යුතු නිසා. ඒ වගේම දෙව්සත්හල තුළ සෑම කෙනෙකුටම ආත්මීක අධ්යක්ෂ පියතුමකු ඉන්නවා මේවා වගේ විකෘති ලිංගික දේවල් නිසා ජීවිතය විනාශ කර නොගෙන සිටීමට හරියට මඟ පෙන්වන්න.
මේ බ්ලොග් එක කියවන්න ආවාට ගොඩක් ස්තුතියි Ano. එක post එකක් කියෙව්වට මදි වගෙ හිතෙන්නේ නැද්ද ඔයාට... කීපයක්වත් කියවල බලන්නකෝ වෙලාවක් තියෙ නං.
Deleteආ... මම දෙවියන් වහන්සේ ගැන දන්නෙ ඉතාම අඩුවෙන්. ඔබ කියන දහම ගැනත් එහෙමමයි. ඒත් මිනිහව මැව්වේ දෙවියන් කියල නේද ඒ දහමේ කියවෙන්නේ. ඒක ඇත්තක් නං ඇයි ඒ දෙවියන් වහන්සේම සමරිසි මිනිස්සුන්ව මවන්නේ?
@ Annonymous August 8 2025, at 9.12 AM
Deleteඔයා කියන කතාව සත්‍යයක් මටත් ඔය සමලිංගිකත්වය ගැන කියනකොට හරිම අප්පිරියයි මම නම් උග්‍ර ලෙස විෂම ලිංගික පුද්ගලයෙක්
මම එක්තරා කාන්තාවකට වැඩේ කරනවා.අපි හරිම ආසාවෙන් තමයි කරන්නේ.එයාට හය වතාවක් පමණ සුරතාන්තය වෙනවා කියලා එයා කියනවා.එහෙම වෙද්දී එයා කෙඳිරි ගගා මාව තදින් බදාගෙන ඉඹිනවා තොල් උරනවා.මම තව තවත් වේගයෙන්ම ගහගෙන ගහගෙන යනවා.අවසානෙදි එයාට පණ නැතිව මගේ ඇඟටම ඇලිලා ඉන්නවා.ඔයාට එහෙම කවුරුත් ගහන්නේ නැතිද?
Mission accomplished නේද.
ReplyDelete"එදා බල්නූර්ගේ ජංගම දුරකතනය ඔස්සේ ගලාගෙන ආවේ සමන්ති නංගිගේ වචන විතරක් නොවේ. එයාගේ සහෝදරත්ව බැඳීමේ සවිමත් ආදරයයි; දිරි ගැන්වීමයි!" ඒකනෙ... ආදරය හා දිරිගැන්වීම ඔහොම දෙන්න පුලුවන් නංගිලට විතරයි, Girl power 😉
akki kohomada?
Deleteඔව් Lotus ඒ මෙහෙයුම සාර්ථකයි! Girl power තමයි...
ReplyDeleteමෙහෙමයි ඇත්තටම පුද්ගලයෙකුගේ ලිංගික අනන්‍යතාවය පිළිබඳ කතා කිරීමේදී, එයට බලපාන සාධක බොහෝමයක් තිබෙනවා. සමලිංගිකත්වය යනු හුදෙක්ම ජානවලින් පමණක් තීරණය වන දෙයක් නොවන අතර, අප ජීවත් වන සමාජයේ බලපෑම්ද එයට සෘජුව හෝ වක්‍රව බලපාන බව මනෝවිද්‍යාඥයන් සහ සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
ReplyDeleteසමලිංගිකත්වය ඇති වන්නේ සමාජ බලපෑම් නිසාම පමණක් යැයි කීම විද්‍යාත්මකව නිවැරදි නොවන නමුත්, සමාජය පුද්ගලයෙකුගේ අනන්‍යතාවය ගොඩනැගීමේදී අතිශයින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා.
පුද්ගලයෙකුගේ ස්වභාවික නැඹුරුව, ඔවුන්ගේ හැදී වැඩෙන පරිසරය, පවුලෙන් ලැබෙන ප්‍රතිචාර, අධ්‍යාපනය, සහ මිතුරු ඇසුර වැනි කරුණු මත රඳා පවතිනවා. මෙම සාධක මගින් පුද්ගලයෙකු තම අනන්‍යතාවය හඳුනාගන්නා ආකාරය, එය සමාජයට ප්‍රකාශ කරන ආකාරය සහ සමාජයෙන් ඊට ලැබෙන ප්‍රතිචාර බොහෝ සෙයින් වෙනස් විය හැකියි.
සමලිංගිකත්වය වැනි විෂම ලිංගික නොවන අනන්‍යතාවයන් සම්බන්ධයෙන් සමාජය තුළ පවතින පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම, පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යයට සහ ස්වයං අවබෝධයට දැඩිව බලපානවා.
ඇතැම් පුද්ගලයන් තම ලිංගික අනන්‍යතාවය පිළිගැනීමට හෝ සමාජයට ප්‍රකාශ කිරීමට බිය වන්නේ මේ සමාජ පීඩනය නිසයි. මේ තත්ත්වය, ඔවුන්ගේ ජීවිත කාලය පුරාම මානසික ගැටලු සහ තනිකම වැනි දේවල්වලට මුහුණ දීමට හේතුවිය හැකියි.
Deleteමෙම සංකීර්ණ සම්බන්ධය, ජානමය හා සමාජීය සාධක අතර අන්තර් ක්‍රියාවක් ලෙස සැලකිය හැකියි. පුද්ගලයෙකුගේ ජීව විද්‍යාත්මක නැඹුරුව, සමාජ පරිසරය තුළදී අත්දකින සිදුවීම් අනුව හැඩගැසෙනවා. මෙම සිදුවීම්වලට පවුලේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර, පාසලේදී ඇතිවන අත්දැකීම්, සහ සමස්ත සමාජයේ ආකල්ප අයත් වෙනවා.
මේ වගේ වෙනත් සිදුවීමක් උදාහරණ සහිතව ලියන්න පුළුවන්, ගනේමුල්ලේ කොස්සින්න නමැති සුන්දර ගම්මානයේ, එකම සෙවණකින් පිදුරු සෙවණ ලද නිවෙස් දෙකක් විය. එක් නිවෙසක ජීවත් වූයේ "හූරියදේවඅච්චිගේ" නමැති වාසගම උරුම කරගත් සොයුරන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුල්ය. මේ පවුල්වල ජීවිත ගමන, ගමෙහි සෙසු ගැමියන් මෙන් සරල සහ නිහඬ විය. එහෙත්, මේ වාසගම තුළ, අතීතයෙන් පැමිණි නොපෙනෙන සෙවණැල්ලක් සැඟවී තිබූ බව ඔවුන් දැන සිටියේ නැත.
එක්දාස් නවසිය හැටේ දශකයේ අවසාන භාගයේදී, මේ පවුලේ වැඩිමහලු සොයුරා සහ ඔහුගේ පියා විසින් විප්ලවීය තීරණයක් ගනු ලැබිණි. ඔවුන්ගේ පරම්පරාගත වාසගම වන "හූරියදේවඅච්චිගේ" යන්න වෙනස් කර "සූරියආරච්චි" ලෙස නම් කිරීමට ඔවුන් කතිකා කර ගත්හ. මේ තීරණය හුදෙක්ම වාසගමක් වෙනස් කිරීමක් නොව, අනාගතය පිළිබඳව ඔවුන් දුටු සිහිනයක ප්‍රායෝගික පියවරක් විය. මන්ද, ඔවුන් විශ්වාස කළේ මේ වෙනස් කිරීම තුළින් සමාජය තුළ ඔවුන්ට වඩාත් පිළිගත් සහ උසස් තත්වයක් ලැබෙනු ඇති බවයි.
කෙසේ වෙතත්, මේ තීරණයට සියල්ලන්ම එකඟ වූයේ නැත. පවුලේ බාල සොයුරා මේ වෙනසට දැඩි ලෙස විරුද්ධ විය. ඔහුට අවශ්‍ය වූයේ තම මුතුන්මිත්තන්ගෙන් උරුම වූ වාසගම, ආඩම්බරයෙන් යුතුව ඉදිරියට ගෙන යාමටය. ඔහු සිතුවේ, වාසගමක ඇති සැබෑ අභිමානය, එහි ඉතිහාසය මිස එයට සමාජය විසින් ලබා දෙන අර්ථකථනය නොවන බවයි.
වාසගම වෙනස් වූ දින සිට, මේ පවුලේ කතාව දෙකඩ විය. "සූරියආරච්චි" වාසගම ලබාගත් පවුල, ගමෙන් තරමක් ඈතට යමින්, නව සමාජයකට අනුගත වීමට උත්සාහ කළහ. එහෙත්, ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවිය. ගමේ අය විසින් ඔවුන්ගේ පැරණි වාසගම සහ නව වාසගම සංසන්දනය කරමින්, සෝපාහාසාත්මක කතා නිර්මාණය කරන්නට විය. මේ කතා, වාසගමක් වෙනස් කිරීමේ සිදුවීමකට එහා ගිය, ඔවුන්ගේ මුළු පවුලේම අනන්‍යතාවයට එල්ල වූ පීඩනයක් බවට පත්විය.
මේ සිදුවීම්වලින් වැඩිමනත් පීඩනයක් අත්වූයේ, එම බ්ලොග්කරුවාටයි. ඔහුට තම ළමා කාලය තුළ, ගමේ යාළුවන්ගෙන් සහ සමාජයෙන් ඈත් වී තනි වීමට සිදු විය.
මේ "හූරියදේවඅච්චිගේ" යන නම කියූ විට ඔවුන්ට ඇති වූ සිනහව, ඔහුගේ ළමා මනසට දරාගැනීමට නොහැකි තරම් බරක් විය. ඔහුට අහිමි වූයේ හුදෙක්ම වාසගමක අභිමානය පමණක් නොව, නිදහසේ ගම්මානය තුළ දුව පැන සෙල්ලම් කළ හැකි සරල ළමා වියයි. මෙම තනිකම සහ සමාජයෙන් එල්ල වූ පීඩනය, ඔහුගේ පසුකාලීන පෞරුෂය සහ හැසිරීම කෙරෙහි දැඩි ලෙස බලපාන්නට ඇති බව පෙනී යයි.
එහෙත්, වාසගම වෙනස් නොකළ බාල සොයුරාගේ පවුලට එවැනි ඉරණමක් අත්වූයේ නැත. ඔවුන් තවදුරටත් ගම්මානයේම ජීවත් වූ අතර, එම වාසගම පිළිබඳව කිසිදු සමාජීය පීඩනයකට ඔවුන්ට මුහුණ දීමට සිදු වූයේ නැත. ගමේ අය ඔවුන්ව සුපුරුදු පරිදි පිළිගත් අතර, ඔවුන්ගේ දරුවන් අදටත් සාමාන්‍ය පරිදි කොස්සින්න, නිවන්දම වැනි ප්‍රදේශවල සතුටින් ජීවත් වෙති.
කෙසේ වෙතත්, මේ පවුලේ ඇතැම් දරුවන් පසුකාලීනව "සූරියආරච්චි" වාසගම භාවිත කිරීමට තීරණය කර තිබීමෙන්, ඔවුන්ටද සමාජයීය වශයෙන් යම් ආකාරයක පිබිදීමක් හෝ අවශ්‍යතාවක් තිබී ඇති බවට අනුමාන කළ හැකියි.
මෙම කතාව හුදෙක්ම පුද්ගලයෙකුට සිදු වූ දෙයක් පමණක්ම නොව, සමාජයීය අර්ථකථන, පවුල්වල තීරණ සහ ළමා කාලයේ අත්දැකීම්, මිනිසෙකුගේ ජීවිතය හැඩගස්වන ආකාරය පිළිබඳව අපට කියා දෙන ගැඹුරු පාඩමක්. එයින් පෙන්නුම් කරන්නේ, පුද්ගලයෙකුගේ හැසිරීම හෝ අනන්‍යතාවය තීරණය කිරීමට, ජානවලට පමණක් නොව, ඔවුන් ජීවත් වන පරිසරයට සහ අත්දකින සිදුවීම්වලටද විශාල බලපෑමක් ඇති බවයි.
දිගු විස්තරයක්... වෙහෙස නොතකා අප වෙනුවෙන් අකුරු කිරීම ගැන ගොඩක් ස්තුතියි Ano.
Delete