ඒ ශෘංගාරාත්මක සංවාදය එතනින් නැවැත්තුවා වුණාට ප්‍රසාද් නෙවෙයි පසුබැස්සේ. එයාත් බස් එකට නැංගා. මට නිච්චි නැතිවයි හිටියෙ වෙනදට වැඩිය රෑ වෙලා විත්තියත්, ඒ නිසා බස් එකේ ඉන්න කට්ටිය අඩු විත්තියත්. කලින් දවසේ වගේ එදාත් ඩබල් ඩෙකර් බස් එකේ උඩ තට්ටුව ගොඩාරියක් හිස්වයි තිබ්බේ. එකම සීට් එකක මගේ ඇඟටම තෙරපීගෙන වාඩි වුණු ප්‍රසාද් වැඩිය පරක්කු නොවී මගේ අත එයාගේ කර ගත්තා.
![]() |
පාදාන්තයෙන් පටන් ගත්ත අමුතු
සීතලක්- හීන් සීරුවේ දෙකලවා දක්වාම නැඟගෙන එන හැටි... |
ඒ වෙලාවේ මං ඇස්දෙක පියා ගත්තා. පියාගෙන හිතා ගත්තා...
මගේ ඇඟට තෙරපීගෙන මගේ ළඟින්ම වාඩි වෙලා ඉන්නේ අමන්ය කියලා. මගේ රහසඟ උඩින්
දඟකාරකම් කරන හස්තයේ අයිතිකාරයාත් අමන්මයි කියලා. උපරිම වලත්තකමින් එහෙම හිතන නිමේෂයේ...
මගේ පාදාන්තයෙන් පටන් ගත්ත අමුතු සීතලක්- හීන් සීරුවේ දෙකලවා දක්වාම නැඟගෙන එන හැටි
මට දැනුණා. හරියට සර්පයෙක් දිව දික් කර-කර, මොකකටදෝ ඉව අල්ල-අල්ලා මගේ දෙපා අතරින්
ඉහළට බඩගාගෙන එනවා වගේ.
මං
කොහොමද දෙයිහාමුදුරුවනේ, එවෙලේ මට දැනුණු මිහිරි හැඟීම අකුරු කරන්නේ? ඒ සුඛදායී
හැඟීමෙන් හොඳටෝම ආතුර වෙලා හිටි මං වහන්සේ බොහොම ඉක්මනින් දිනුම් කනුව පහු කළා; උත්තරෝත්තරාතිශයට
පැමිණුනා.
“Is
it so good?” ප්‍රසාද් මගේ කණට කෙඳිරුවා. එයා හිතන්නැති මං ඉක්මනින්ම කඳු මුඳුනට
ගියේ එයාගේ හපන්කම නිසාය කියලා! මගේ රහසිගත විශ්වයේ සාමාජික හුඟක් පිරිමි එහෙමයි.
අනෙක් හැම දේකටම වඩා මේ විෂයයේදී එයාලා එහෙමයි. තමන්ගේ හපන්කම්- සූරකම් ඉස්තරම්
කියලා කියනවා නං එයාලා හරිම කැමතියි. ‘ඔයා තමයි best!’ කියල අඟවනවට- කියනවට හරිම
කැමතියි.
ටික
වෙලාවක් මගේ හස්ත හිංසනයට ලක්වෙලා උන්නු ප්‍රසාදුත් එහාට-මෙහාට ඇඹරුණා; සලිත වුණා;
නලියව්වා; හිර කරගෙන හිටි ගැඹුරු හුස්මක් පිට කරලා නිසල වුණා.
හිටි
ධාරණේ සිද්ද වෙන දේවල්වල හැටි...
ඒ වෙලාවේ මුළු බස් එකම වෙරළු මල් සුවඳකින් පිරිලා යනවා මට දැනුණා. එච්චර තද
සුවඳක්... අපි දෙන්නගෙන්... එහෙම වෙන්නේ කොහොමද?
මගේ දෙවෙනි නැත්තං තුන්වෙනි සහකාර සමරසිරි හෙවත් සුදු මල්ලී තමයි හැම තිස්සෙම මට
ඔය වෙරළු මල් සුවඳ ගැන අනතුරු ඇඟෙව්වේ. එයා තමයි මගේ පළමුවෙනි නිල නොලත් ‘ලිංගික
අධ්‍යාපනික ගුරුතුමා’ වුණෙත්. නොදන්නා කාරණයක් ගැන ඇහුවාම සුදු මල්ලී
ඉතාමත් දක්ෂ ලෙස; රුචිකර ලෙස ඒ පාඩම සවිස්තරව; සනිදර්ශනවමයි කියා දුන්නේ!
අවුරුදු හයකට කලින් ඒ විස්තර ‘දොළහ වෙද්දී - සිව්වෙනි කොටස’ post එකේ ලියද්දී මේ රචකයා මෙහෙමත් ලිව්වා.
‘..
ගෙවුණු දින කිහිපයකට පසුව සමරේ මට කිව්වේ ඇඟ කිළිපොළා යන තරමේ කතාවකි!
“රංජි මල්ලී, දැන් ඉතින් නිකම්ම පපුව එළියේ දමාගෙන ඉන්න එපා. ඔයාලගෙ තාත්තට පෙනෙයි!” සමරසිරි
කිව්වේය.
“මොනා පෙනෙන්නද?”
“දන්නවද? අපි මෙහෙම ධාතු පිට කරන්න ගත්තම
පපුවේ පොඩි වළක් හැදෙන්න පටන් ගන්නවලු. ඉතින් ගුණපාල අයියට ඒක නෝට්
වුණෝතින් මළකෙළියක් වෙයි.... ඔයා
කෝකටත් බැනියමක් අඳින්න පටන් ගන්න.... එතකොට ඉවරයිනෙ.”
![]() |
මේ කැලේ කොහෙන්ද සමරේ
ඔය තරම් හොඳට පිහදගන්න රෙද්දක්. මම පුළුවන් තරමට තමයි පිහදගත්තේ- මේ ගහකින් කොළ
ටිකක් කඩලා අරං. |
ඒත්
සමරසිරිගේ මාහැඟි උපදේශ එකක්වත් අහක දමන්නටත් මට හිතුණේ නැතිය. මනුස්සයා ඒ තරම්ම expert කෙනෙකි කියලාය මං පිළිගෙන තිබුණේ...’
මට එහෙම ඉගැන්නූ
ඒ ගුරුතුමා ‘ලන්දක හරි- අවසර කල් රහස් තැනකදී හරි පැවැත්වූ ප්‍රායෝගික සැසි’වලින්
පස්සේ තවත් දෙයකින් ‘පරෙස්සම් වෙන්න’යි හැමදාමත් මට උපදෙස් දුන් බව මට මතකය.
“රංජි මල්ලී- මතක ඇතිව හොඳට පිහදාගන්න...”
“මේ කැලේ කොහෙන්ද සමරේ ඔය තරම් හොඳට පිහදගන්න රෙදි. මම පුළුවන් තරමට තමයි
පිහදගත්තේ- මේ ගහකින් කොළ ටිකක් කඩලා අරං.”
“රංජි මල්ලී දන්නවද?
අපේ ධාතු වෙරළු මල් සුවඳයි. ඉතිං හොඳට පිහදගත්තේ නැත්තං ඒ සුවඳින් ඔයාව ගුණපාල
අයියට මාට්ටු වෙයි... ඒකයි මං ඔයාට කිව්වේ. දන්නවනේ, ඔයාලගේ තාත්ත ලෝක අණ්ඩපාලයෙක්නෙ...”
දැන් නං මේ වෙරළු මල් සුවඳ
එන්නෙ හිතෙන්. ඒක දැනෙන්නේ හිතට. නහයට නෙවෙයි!
බස් එකේ වෙන කාටවත් එහෙම සුවඳක් දැනිච්ච පාටක් නැහැනෙ. වෙන එකක් තියා ප්‍රසාද්ටවත්...
ඊට පහුවදා හිමිදිරියේත්
මට අමන්ගෙන් අර උණුහුම් hug එක හම්බ වුණා. “Aman, I want to say something...
නමුත් දැන් නෙවෙයි. later...” මං කිව්වේ එයා මාව වැළඳගෙන උන්නු තත්පරයේදී.
“Why later. අපි දැන්මම කතා කරමුකෝ...” මාව නිදහස් කරපු අමන් කිව්වේ මගේ උරහිස්වලට
එයාගේ අත් දෙක තියලා; මගේ මූණට එබීගෙන. මට නිකංම බැලුණේ ප්‍රසාද්ල දිහා.
ප්‍රසාද් විතරක් නෙවෙයි
එතකොට බන්ටිත් හිටියෙ අපි දිහා බලාගෙන.
“ප්ලීස් අමන්... මං කියන දේ අහන්නකො... අපි අද දවල්ට කතා කරමු... lunch බ්‍රේක්
එකේදී.”
ඔළුව වැනුව අමන් කීකරු තාලෙන් ඉස්සරහ table එකට ගිහිං ඉස්තිරික්කේ අතට ගත්තා.
ගිවිසගත්ත විදිහට අමනුයි
මායි දෙන්නා ඉක්මනට lunch එක අරං ඇවිත් වේදිකාවේ උඩින් වාඩි වුණා. ඒ වැඩිය කවුරුත්
ඉඳගන්නෙ නැති ඉසව්වක. “කෝ, ඉතිං... ඔයාට මොනවද කියන්න තියෙනවයි කිව්වේ...” ඉඳගන්න
පමාවෙන් අමන් ඇහුවා. “දිග කතාවක්ද කියන්න තියෙන්නේ?”
“ම්හු!” මං වචන තේරුවා. “අමන් please... don’t misunderstand me... ඔයා මාව hug
කරන එක නැවත්තුවොත් හොඳයි නේද?”
“ඇයි ඒ? ඔයා කැමැති නැත්තං මං එහෙම නොකර ඉන්නං...”
“අනේ නෑ අමන්... මගේ අකැමැත්තක් නෙවෙයි. හැමදාම ඔයා එහෙම කරනකොට දකින අය බලයිනෙ මේ
මොකද කියලා.”
![]() |
| මාත් ඔයාට කොච්චර කැමතියිද කියලා ඔයා දන්නවා නං... (foto- Soban Raj) |
මේ යක්ෂ පැටියාට ‘නැහැයි’ කියලා බොරුවක් කියන්නත් බැරිය. ‘එහෙම නේන්නං හිතුවේ’ කියලා ඇත්තම කියන්නත් බැරිය. නිමල් දිසානායකයා එහෙම ‘මුක පූට්ටු වී’ ඉඳිද්දී අමන්ම කතා කළේය.
“මේකයි ෆ්‍රෙන්ඩ්... මම ඔයාට ගොඩක් කැමතියි. ආදරෙයි... ඒත් ඒක sex රිලේටඩ් love එකක්
නෙවෙයි. මං කියන්නේ අද මම ඉන්න තත්ත්වේ... අනෙක, අනිත් අය අපි ගැන මොනව හිතුවත්-
මොනව කිව්වත් මට කමක් නෑ. මම ඒ එකක්වත් ගණන් ගන්න හාදයෙක් නෙවෙයි!
හැබැයි කවද හරි දවසක මම change වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මම sexually ඔයාට ඇට්රෑක්ට්
වෙන්න වුණත් පුළුවන්. එහෙම වුණොත් එදාට මම ඒක ඔයාට කියයි... මගෙත් එක්ක එහෙම
රිලේෂන්ෂිප් එකකට කැමතිද කියලත් ඔයාගෙන් අහයි. That’s me! ඕක තමයි නිමල් මගේ
විදිහ...”
මගේම වාසනාවටය වෙලාව
ගතවෙලා තිබ්බේ. එතකොට දවල් කෑම විවේකය ඉවරය. ඒ නිසාය, අපේ කතාවට විරාමයක් තියන්නට සිද්ද
වුණේ.
‘අනේ අමන්! මගේ ඇත්තම ඇත්ත
විදිහත් ඔයාට කියන්න තිබුණා නං... මාත් ඔයාට කොච්චර කැමතියිද කියලා ඔයා දන්නවා නං...’
ආයෙමත් වැඩ පටන් ගන්නට කලින් ඒ ටික එයාට කියා ගත්තා නං...
එහෙම නොකළ එක ගැන නං ඒ වෙලාවේ මට මගෙත් එක්කම දැනුණේ ලොකු තරහක්.
ඔයාල දන්නවද- අදටත් මට අමන්
වගේම අශේන්වත් මතකයි!!!
පුදුමේ කියන්නේ ඒ දෙන්නම මට හම්බ වුණේ
එංගලන්තයේදී වීමයි... අශේන් නම් මට හම්බ වෙනකොටත් එයාගේ යාළුවෙකු එක්ක සමරිසි සම්බන්ධකමක්
පවත්වාගෙන ගිය හාදයෙක්. ඒ හින්දම මගෙත් එක්ක එකතු නොවුණු; මට සමීප වෙන්න පවා බය
වුණු කෙනෙක්... ඈතින් ඉඳගෙන මට ආදරේ කරපු කෙනෙක්.
කෙනෙකුට එහෙම සෙනෙහෙවන්තයන් ඉන්න බැරිද? එහෙම...
බෑ බෑ ඔහොම කරලා බෑ!
ඔහොම හැඟුම්බර වෙවී; අතීතකාමී වෙවී තමුසෙගෙ ජීවිත කතාව ලියන්න ගියොත් ඒ වැඩේ කවදාවත්
ඉවර වෙන එකක් නෑ. අනෙක තමයි- ‘නිදිගෙ පංච තන්තරේ කියවන තමුසෙගෙ ආදරණීය රසික ජනතාව’ගේ
කුතුහලයත් දන්නෙම නැතුව නැතිව ගිහින් තියෙයි; කතන්දරේ ටක් ගාලා එළිවෙලා.
රහ තියාගන්න නං රහස් එළි කරන්න ඕනේ ටිකෙන් ටිකනෙ.
![]() |
මගේ මතකයේ විදිහට සිංහල
චිත්‍රපට ගීත අතරේ තිබුණු දිගම දිග ගීත තුනෙන් එකක් වෙච්ච ‘සරා ගොයිය’ මේබල්
බ්ලයිත් නිළි-ගායිකාවගේ ගැයුමක්! |
‘මෙහෙමයි. ඔය කතාවට
මාත් තරමක් දුරට එකඟයි. ඒත් ඒ දවස්වල නං උන්නු නිදි නෙවෙයිනෙ අද ඉන්නේ. ඒ දවස්වල
හිතපු විදිහයි දැන් හිතන විදිහයි වුණත් වෙනස් වෙලා නේද තියෙන්නේ... (ඒක නම් එහෙමද
කියලත් සැකයි!)
ඒ වගේමයි- එදා හිටන්ම මේ නිමලයා පුරුදු වෙලා හිටියෙ සිද්ද වෙන දේවල් ගැන
විමසිල්ලෙන් බලන්න; බලල තේරුම් ගන්නට වෑයම් කරන්න; ඊළඟට ඒවා විග්‍රහ කරගන්න...
ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවනේ. ඉතිං, ඒ පුරුද්ද මේ හදිසියේ වෙනස් වෙයියැ?’
ඒකට කමක් නෑ. ඉක්මනටම ආපහු
කතන්දරේට යනවා!
‘හරි හරි! තේරුණා!! ඕන්න අවවාදේ හිසමුඳුනෙන්ම පිළිගත්තා.’
ඊළඟ දවසේ උදේ අමන්ගේ හග්
එක නොලැබුණාම නං මට පොඩි දුකකුත් හිතුණු විත්තිය නොකිය කොහොමද? ඒත් අපි දෙන්නම හිටියෙ
එහෙම දෙයක් නොවිච්ච ගණනට; ගොළුවො වගෙ. හැබැයි- වෙන වෙන දේවල් නං කතා කළා. වචනෙන් දෙකෙන්-
වැඩ අස්සේ.
අමන් නං සතුටු මූඩ් එකක ඉන්න විත්තියයි මට පෙනුණේ... එයා සැරෙන්-සැරේ මොකක්දෝ
සිංදුවක තාලයකුත් ‘හ්ම්’ කරනවා ඇහුණා.
අහල නැති සිංදුවක්!
අතරින් පතර එකම වචන දෙකක් විතර ආයෙ-ආයෙමත් කියැවෙන හැටිත් මං නිසොල්මනේ අහගෙන
හිටියෙ.
‘සරා සරා...’
ඒ වෙනකොට මගේ මතකයෙ තිබුණේ
‘සරා’ කියන සිංහල වචනයයි, ‘සරා ගොයිය හරි මිනිහා’ කියන දිගම දිග සිංදුවයි විතරයි. (මගේ
මතකයේ විදිහට සිංහල චිත්‍රපට ගීත අතරේ තිබුණු දිගම දිග ගීත තුනෙන් එකක් වෙච්ච ‘සරා
ගොයිය’ මේබල් බ්ලයිත් නිළි-ගායිකාවගේ ගැයුමක්.)
ඒ මතක ගොන්නට මේ ‘සරා
සරා’ත් එකතු වුණා. අවුරුදු තිහකටත් වැඩිය ඒ මතකය බලපෑම හිතේ රැඳිලා තිබුණු හැටි
ඉස්සරහ කොටසකදීම ඔයාලට කියන්නං!
ඕන්න ඔය දවස්වලමයි අපේ මව්තුමී දීපාල්ට කියල අපේ ගෙදර තිබිච්ච පරණ නත්තල් ගහ එළියට වැඩම්මෙව්වේ. (ඒ නත්තල් ගහ වෙන්න ඕනි 1985දී අපේ ගෙදර තිබ්බෙත්!)
එතකොට බඩා
මල්ලියාත් දීපානිත් දෙන්නම ළමයි. දැන් එහෙමයැ? මල්ලාට 24ක්. චූටි නංගියා දීපානිට 21ක්.
ඒ වයසෙදි එයාලට නත්තල කියන්නේ එච්චරට සුවිශේෂ දෙයක් නෙවෙයි. දෙසැම්බර් 24 වෙනිදා
මහ රෑ දොළහට නත්තල් සීයා තෑගිත් අරං ගෙවල්වලට එනකල් හීන දකින වයසේ නෙවෙයිනෙ එතකොට
එයාලා උන්නේ.
![]() |
ඉස්සර නං නත්තල් සීයා එනකං
බලාගෙන හිටිය තමයි. දැන් අපි දන්නවනෙ ඇත්ත මොකක්ද කියලා. |
“අනේ මේ දීපානි. මට උදව් කරන්න බැරි නං නිකං ඉන්න එකයි තියෙන්නේ- සිලි එක්ස්කියුසස් නොකියා... අවුරුද්දට එක පාරයිනෙ නත්තල එන්නේ. ඔයාලා දැන් දන්නවා වැඩියි. නත්තල් ගහ සරසලා තිබ්බම කොච්චර සිරියාවන්තයිද- ඒ චාරිත්තර කළාම ගෙදරට එළියක් නැද්ද? ඩැඩා වුණත් ක්‍රිස්මස්කාරයනෙ...” අම්මා තරහෙන් එහෙම වගපල කිව්වේ දීපානිට. "මෙහෙදී ජීසස්ව ගණන් නොගෙන හිටියොත් අපිට හරි යන්නෑ."
ආගම් ගැන නං අපේ අම්මාට තිබුණේ අන්ධ භක්තියක්.
එතකොටයි මතක් වුණේ, Radiance of Numbers වත්පොතේ තිබුණු ‘චෛත්‍ය වන්දනාව’ ගැන
අපූරු සටහනක්. මේ එයින් චුට්ටක්.
‘...
ගොඩක් දෙනෙක් කරන්නේ 'අන්ධ භක්තියෙන්' (Blind Faith) චාරිත්ර
ටිකක් කරන එක විතරයි. හැබැයි අපේ මුතුන් මිත්තෝ මේ යෝධ චෛත්යය නිර්මාණය කළේ නිකන්ම
වඳින්න පුදන්න විතරක් නෙවෙයි. මේක ඊට වඩා එහා ගිය Advanced Energy Technology
(දියුණු
ශක්ති තාක්ෂණයක්).
ඔබ
නොදැනුවත්වම කරන චාරිත්ර පිටුපස ඇති 'Bio-Physics' (ජෛව
භෞතික විද්යාව) මෙන්න:
ඇයි
බිම බලාගෙන, පාවහන්
නැතුව යන්නේ?
(Earthing) මේක
ගෞරවයට කරන දෙයක් විතරක් නෙවෙයි. චෛත්යය වටා ඇති වැලි මළුව කියන්නේ අතිශය ප්රබල ධන
අයන (Positive
Ions) ගබඩා
වූ කලාපයක්. පාවහන් ගලවා ඇවිදින විට ඔබේ සිරුරේ ලෙඩ රෝග හදන 'Static Energy' පොළොවට
ඇදලා ගන්නවා. මේක විද්යාවේ 'Earthing' ක්රියාවලියයි.
ඇයි
ගෝලාකාර හැඩය?
(Energy Dome) පිරමීඩ
හැදුවේ මළ සිරුරු තියන්න. හැබැයි චෛත්යයේ 'බුබ්බුලාකාර' හැඩය
(Geodesic
Dome) ක්රියා
කරන්නේ විශ්ව ශක්තිය (Cosmic Energy) එක තැනකට ෆෝකස් කරන ඇන්ටනාවක්
වගේ. ඔබ මළුවට ගිය සැණින් ඔබේ සිත නිවෙන්නේ මේ 'Energy Field' එක
නිසයි.
කොත
සහ චූඩා මාණික්යය (Crystal
Transmitter) කොත
මුදුනේ තියෙන්නේ නිකන්ම වීදුරුවක් නෙවෙයි, පිරිසිදු පළිඟු (Quartz Crystal). රේඩියෝ
තාක්ෂණයේදී වගේම, මේ
පළිඟුව මගින් චෛත්යය තුළ ගබඩා වන ශක්තිය විශ්වයටත්, අවට
පරිසරයටත් මුදා හරිනවා.
නිගමනය:
චෛත්යය කියන්නේ ආගමික ස්මාරකයක් පමණක් නොව, ජීවමාන 'ශක්ති
උත්පාදකයක්'
(Energy Generator)...’
![]() |
චෛත්‍ය වන්දනාවේ විද්‍යාත්මක
පැත්ත ගැන නියම අවබෝධයක් ඒ සටහනින් මං ලබා ගත්තා. ඒත්... |
“... අපරාදේ මම ඔයාලව මෙහාට
ගෙනාවේ. ලංකාවේම ඉන්න අරින්නයි තිබ්බේ. එහෙනං ඔයාලත් වැඩිහිටියන්ට කීකරුව ඉන්න
ළමයි වෙන්න තිබුණා...”
“ඔව් ඔව්... වෙන්න
තිබුණා... ඒත් අපි දැන් ඉන්නේ එංගලන්තෙනේ- ලංකාවේ නෙවෙයිනේ.” චූටියා කට ගහගෙන
ගියා.
“අම්ම දන්නවද... ඔය පරණ කබල් නත්තල් ගහ විසි කරලා ලොකු, අලුත් Christmas tree එකක්
ගෙනත් හයි කෙරුවනං ගෙදර සිරියාව තව වැඩි වෙයි.”
“එහෙම කරන්න තිබුණා උඹලත් හම්බ කරන සල්ලි මට දෙනවා නං... ඒවා නිකංම නාස්ති කර-කර එනවා
මට උගන්නන්න. උඹලත් ඉතිං තාත්තගෙම දරුවොනේ... මොනවා නැතත් අතිපණ්ඩිතකමයි කටයි නං
තියෙනවා...”
සුරූස්! අම්මා නාසය සූරා
දමයි. දැනටමත් එයාගේ නහය රතු ජම්බු ගෙඩියකි.
Coming colour is not
goodය! අම්මා සැරසෙන්නේ එයාගේ අතිප්‍රබල ආයුධය පාවිච්චියට ගන්නටය. අඬන්නටය. මටත්
මැදිහත් වෙන්නට කාලය ඇවිත්ය.
“චූටි නංගි, ඔය ඇති... අම්මත් කට වහගත්ත නං ඉවරයිනෙ අම්මේ. මම දීපාල්වත් අල්ලාගෙන
හෙට අනිද්දා දවසක නත්තල් ගහයි ගෙදරයි සරසලා දෙන්නං...”
ඉතිරි හරිය ඉතා ඉක්මනින්...






No comments:
Post a Comment