ප්‍රසාද් මගේ පිටුපසින්ම මා ලුහුබැඳගෙන එතැයි යනුවෙනි මං හිතුවේ. ඒත් ඒ හාදයා එහෙම ආවේ නැත. ඒ ඉහවහා ගිය කේන්තිය නිසාද- නැත්තං බලාපොරොත්තු සුන්වීම නිසාද?
නත්තල්
දවස නිසා බස් රථ තිබ්බෙත් අඩුවෙනි. සෑහෙන වෙලාවක් බස් නැවතුමට වී සීතලේ
ගැහෙමින් බස් එකක් එනතුරු බලා සිටින්නටය, මට සිදු වුණේ.
![]() |
ඒ මිනිස්සුන්ට අමතක වෙනවා
අනිත් කෙනාගේ "ශරීරය" සම්බන්ධ තීරණ අපිට ගන්න බැහැ කියන එක... (Foto- ‘මාතලන්’
අඩවියෙනි.) |
‘මේ දෙවෙනි සැරේ නිමලෝ. මතකයිනෙ, ගෙදරින් පැනල ගිය වෙලාවේ බදුල්ලෙදී වෙච්ච දේ, විලියම් මාමාට අහු වෙලා... උඹේම වාසනාවට
වගෙයි ඒ මනුස්සයා එච්චරම නරුමයෙක් නොවුණේ. හැබැයි පුතෝ- හැමදාම වාසනාව උඹේ පැත්තෙ
හිටින්නෙ නෑ... අන්න එදාට...’ හිත දිගින් දිගටම අවවාද කළා... ඒ එදා!
ප්‍රසාද්ගේ කාමරයෙදී වෙන්න
ගිය දේ ගැන ඊට පස්සේ ඒ තරං දුරට කල්පනා කරපු බවක් මට මතක නෑ. ඒ ගැන කොච්චරක් නං
දේවල් හිතන්න තියෙනවද කියල පෙනුණේ ඒ post එකට ආදරණීය පාඨක ඔයාල එවා තිබුණු
විවිධාකාරයේ comments ගොන්න කියෙව්වාමයි.
කමෙන්ට්ස්!
Blog ලිපි කියවන ගොඩ දෙනෙක් පස්සෙන් පන්න පන්නා comments කියවන්නෙ නැති විත්තියයි
මගේ දැනීම. ඊටත් වඩා කමෙන්ට්ස් වැටෙන්නෙත් post එකක් පළ වෙලා දවස් කිහිපයක් තිස්සේ;
විඩෙන් විඩේ නෙව.
ඉතිං මේ වංගියේ මට හිතුණා
අද (2026 මාර්තු 2 වෙනිදා) උදේ වෙනකල් ‘හතලිහේදී 36’ පෝස්ටුවට ඇවිත් තියෙන
comments ටිකයි- ඒවාට ලියැවී තියෙන උත්තර ටිකයි ඔක්කොම post එකකට අරගන්න. හැබැයි
කිසිම තේරීමක් කළේ නැහැ. (කාවවත් තරහ කර ගන්න බැහැ නෙව!) මෙන්න තියෙනවා ඒ comments:
Anonymous February 25, 2026 at 6:12 PM
ප්‍රසාද් තනියම කෑම නොකන්නයි ඉඳලා ඇත්තේ.
කොළොම්පුරේ අසංග
නිදිගෙ පංච තන්තරේ February 26, 2026 at 5:05 PM
මටත් මුලින්ම හිතුණෙ එහෙමයි අසංග මහත්තයෝ.
----------
අඩේයප්පා...! අද පෝස්ට් එකේ මමත් ඉන්නවා.. පට්ටම හැපි!!!
ඩුප්ලිකේට් නිදි අයිඩෙන්ටිය
හැදුන විදිහ ගැන වෙනම කතාවක් තියෙනවා. වෙලාවක කියන්නම්කෝ ස්ටෝරිය.. :)
(ඩුප්ලිකට්) නිදිගෙ පංච තන්තරේ February 25, 2026 at 6:42 PM
//“කෝ... උඹට කිසිම හදිස්සියක් නැහැ වගේනේ... උඹ තවම ඇඳුම් පිටින්නෙ...
මං උදව් වෙන්නං ඕවා ගලවන්න...”
එහෙම
විත්තියක වගක්වත් නැති ප්‍රසාද් දුන්නු උත්තරෙන් මං උඩ ගියා. “... ඉවර වෙලානෙ ෆ්‍රෙන්ඩ්
වොෂ් එකක් දාන්න ඕනේ...”//
මේ ප්‍රසාද් ටයිප් එකේ
මිනිස්සුන්ගේ මානසිකත්වය ඇතුලේ එක්තරා විදිහක සමාජ ප්‍රශ්නයක් ගැබ්වෙලා තියෙනවා.
මේ මිනිස්සුන්ට අනුව තමන්ගේ පාට්නර් කියන්නේ නිකම්ම Object එකක් විතරයි. Porn addiction වගේ පුරුදු තියෙන අයටත් මේ
ලක්ෂන ඇතිවෙන බව අහලා තියෙනවා. එක ලිමිට් එකකට පස්සේ මේ අය පුරුදු වෙනවා තමන්ගේ
සහකරුවා/සහකාරිය ව objectify කරන්න. එතනදි ඒ මිනිස්සුන්ට අමතක වෙනවා අනිත් කෙනාගේ
"ශරීරය" සම්බන්ධ තීරණ අපිට ගන්න බැහැ කියන එක... (මට අනුව නම්
මනුස්සයෙක්ට තමන්ගෙම හස්බන්ඩ් / වයිෆ් ගෙ ඇඟ වුණත් අපහරණය කරන්න අයිතියක් නැහැ.)
එහෙම ඉමෝෂනල් බැඳීමක් නැති මිනිස්සු යන්න ඕනෙ sex workers ලා ගාවට. ඒක නම්බුයි මෙහෙම
බොරු කෙයාරිං එකක් පෙන්නලා වැඩේ කර ගන්න දඟලනවට වඩා...
![]() |
ඒ කපල් එකේ පිරිමියාත්
ඉන්දියන්. දවසක් රෑ.. |
මිනිහා හිතන් ඉන්නෙ තමන්ගෙ "මාර" බොඩි එක දැක්කම නිදි තුමා ශෘංගාරයෙන් මත්වෙලා, බුවාව ඇඳේ පෙරලගෙන... පට්ට පෝර්න් ෆිල්ම් එකක් වගේ ඉතුරු හරිය සිද්ධ වෙයි කියලා.. :D
(අර කිව්වට මුන් වගේ මිනිස්සුන්ට Sex workers ලා පැත්ත පලාතේ යන්න බැහැ ලොවෙත්. කොච්චර දියුණු රටක හිටියත් සමහර ගොබ්බ ගති වෙනස් කරගෙන නැහැ නේ..)
Lotus February 26, 2026 at 2:11 PM
WoW. ඩුප්ලිකට්
නිදි in full swing. කවිත් ලියනවානම්, නිමල්ගෙ ඩුප්ලිකට් නෙවෙයි twinnie වෙන්න ඕනෙ 👍😄.
Lotus February 26, 2026 at 2:39 PM
ඩුප්ලිකට් නිදි තුමා කියලා තියෙන විදිහෙ සීන් එකක් මෙහෙ ඇත්තටම වෙලා තියෙනවා.
(එහෙම scenes ගොඩක්
ඇති; මේක මම
පත්තරෙන් කියවපු දෙයක්). ඉන්දියන් මනුස්සයෙක් ලිංගික සේවා සපයන ස්ථානයකට ගිහින්, මුදල් ගෙවා ඒ සේවා ලබාගෙන.
නියමිත කාලය ඉවර වීගෙන එනකොට ගෙවපු මුදලට ඔහුට ලැබුණු සේවය මදි කියලා අදාළ sex worker කාන්තාවගෙන් බලහත්කාරයෙන්
තව සේවාවන් ලබාගෙන. ඒ සේවා ස්ථානය තමන්ගෙ සේවිකාවට තර්ජනය කිරීම සහ ඇයට හිරිහැර
කිරීම නිසා නඩු දාලා. ඉන්දියන් මනුස්සයා වරදකරු වෙලා, වන්දි ගෙවන්න වුනා.
දෙවෙනි සිදුවීම නම්
ඛේදාන්තයක්. මෙහෙ townhouse එකක පහළ තට්ටුවෙ ඉන්දියන් මනුස්සයෙකුයි, උඩ තට්ටුවෙ කපල් එකක්
ඔවුන්ගෙ මාස ගානක පොඩි බබා එක්ක ජීවත් වෙලා තියෙනවා. (මන් හිතන්නෙ ඒ කපල් එකේ
පිරිමියාත් ඉන්දියන්). දවසක් රෑ අර පහල තට්ටුවෙ ඉන්න ඉන්දියන් පිරිමියා sex worker කෙනෙක් ගෙන්න ගෙන, අදාළ කාර්‍යය ඉවර වෙලා ඔහු
අර කාන්තාව සමඟ රණ්ඩුවක් දාගෙන ඇයගෙ ගාස්තුව වැඩියි කියලා. ඊට පස්සෙ ඔහු ඇයට
පොරොන්දු වුනු ඒ මුදල නොගෙවා ගෙයින් පිටතට ගිහිල්ලා. අර කාන්තාව ගෙදරින් යන්න
කලින් තරහට (හා අසරණකමට) ඒ කාමරේ තිබුණු මෙට්ටය අරගෙන ගිනි ඇවිලෙන සුලු දෙයක්
වක්කරලා මෙට්ටයට ගිනි තිබ්බා. ඇය දන්නෙ නෑනෙ ගෙදර උඩ තට්ටුවෙ මිනිස්සු ජීවත් වෙනවා
කියල. ගින්න බුර බුරා උඩට පැතිරිලා, අර අසරන කපල් එක හා දරුවාගෙ ජීවිත නැති වුණා.
ඔවුන්ගෙ neighbours ලා කියලා තිබුනා ඔවුන් කොච්චර උත්සාහ කරාද ඒ වෙලාවෙ මේ පවුල බේරගන්න, නමුත් හිතා ගන්න බැරි
විදිහට ගින්න පැතිරුනේ කියා. ඒ කාන්තාව පොලිසියෙන් අත් අඩංගුවට ගත්තා. ඇත්තටම ඊට
පස්සෙ මොනවා වුනාද කියලා මම හරියටම දන්නෙ නෑ (follow up කරේ නම් නෑ). නමුත් ඉතින්
අහිංසකයො තුන්දෙනෙක් නැති වුණා.
![]() |
...ඒ වාගේ එදා මාත් බය වුණේ
අස්ථානයේද? |
ඩුප්ලිකට් නිදිගෙ පංච තන්තරේටයි, Lotusටයි දෙන්නටම ගොඩාරියක් ස්තුතියි...
ඔයාල දෙන්නම ගොඩක් වෙහෙසිලා
දිග comments ලියලා!
නිදිගෙ පංච තන්තරේ February 26, 2026 at 5:29 PM
තව ටිකෙන් අමතක වෙනවා, ඩුප්ලිකට්
නිදිගෙ පංච තන්තරේ.
ඔයා කියලා තිබ්බනේ
//ඩුප්ලිකේට් නිදි අයිඩෙන්ටිය
හැදුන විදිහ ගැන වෙනම කතාවක් තියෙනවා. වෙලාවක කියන්නම්කෝ ස්ටෝරිය...// කියලා.
මං වගේම අනිත් රසික-
රසිකාවනුත් බොහොම කැමැත්තෙන් ඇත්තෙ ඒ කතාව දැන ගන්න. අමතක නොකර ඒ කතන්දරේ අපට
කියනවා නේද?
----------
(ඩුප්ලිකට්)
නිදිගෙ පංච තන්තරේ February 25, 2026 at 6:59 PM
//...ඒ වාගේ
එදා මාත් බය වුණේ අස්ථානයේද / හිතෙන් මවා ගත් බිල්ලෙකුටද / ප්‍රසාද් ‘හවුලේ කෑමක්
කන්න’ට හිතුවේ නැතිවාවත්ද?....//
(ප්‍රසාද් දුන්න උත්තරේ නම්
දන්නෙ නෑ) හැබැයි මට අනුව නිදි තුමාගෙ පලවෙනි අනුමානය හරි..
නිකමට හිතලා බලමුකෝ..
1). ප්‍රසාද් හිතාගෙන හිටපු
විදිහට නිදි තුමා රූම් එකට එන්ටර් වෙච්ච ගමන් ම කිසි පිලිවෙලක් නැතුව, ඇඳුම් ගලවලා වීසි කරලා, ඉවක් බවක් නැතුව ගේමට
බැස්සා නම් එහෙම... ඔය අප්‍රිකන් කල්ලා ඔතනට එන්නේ කොයි වෙලාවෙ ද?? (එතන ඉන්නත් බැහැ. එලියට
පැනලා දුවන්නත් බැහැ. පට්ටම උගුලක් මේක.)
2). “Where is our friend?” කලින් දැකලාවත් නැති කෙනෙක් එක්ක "our
friend" කෙනෙක් ගැන අහපු හැටියෙන්
පේන්නෙ නම් මිනිහා සීන් එක දන්න පාටයි... (මිනිහා නොකියා කියන්නෙ ප්‍රසාද්+නිදිතුමා+කල්ලා
3දෙනා එක ටීම් එකක් කියන එක
නෙවෙයි ද??)
නිදිගෙ පංච තන්තරේ February 26, 2026 at 5:14 PM
කදිම විශ්ලේෂණයක් මහත්තයෝ!
----------
Lotus February 26, 2026 at 2:07 PM
හොඳ වෙලාවට නිමල්ට ප්‍රසාද්ගෙ බාත් රූම් එකට යන්න වුණේ නැත්තෙ. ගියානම් ඔය ප්‍රතිශත
අඩුවෙලා, අඩුවෙලා minus අගයකින් තමයි නවතින්නෙ 😄.
ප්‍රසාද්ට කොහොමත් නිමල්
එක්ක පොඩි තරහකුත් තියෙන්න ඇති බන්ටි හා අමන් එක්ක නිමල් සුහදව ආශ්‍රය කරන නිසා.
උඩ තියෙන කමෙන්ට්ස් වලින් කියනවා වගේ, may be he wanted fun and
revenge together 😉
පුදුමයි ප්‍රසාද් නිමල්ගෙ
පිටිපස්සෙන් ආපු නැති එක.
නිදිගෙ පංච තන්තරේ February 26, 2026 at 5:20 PM
මං හිතන්නේ Lotus, ප්‍රසාද්
පිටිපස්සෙන් එන්න නැතුව ඇත්තෙ ඒ වෙලාවේ මගේ තිබිච්ච කඩිසරකම තේරුම් ගත්ත නිසා
වෙන්න ඇති. එයා ඇඟ පිහිදාගෙන; ඇඳුම් ඇඳගෙන එනකොට කොහොමත් වෙලාව යනවනේ. එතකොට මං ගිහිල්ලා තියෙයි
කියලා හිතන්න ඇති.
----------
![]() |
අපි හැමෝටම අමිහිරි
අත්දැකීම්, ජීවිත
රහස් තියෙනවා. එකම වෙනස, අපි ඒ
හැමදේම... |
මට මේ නිකමට හිතුනේ, නිදිට
වඩා හොඳට මතක තියෙන්නෙත්, නැවත
ආවර්ජනය කරමින් රස විඳින්නෙත්, අමිහිරි ලිංගික අත්දැකීම් කියලයි. මම වැරදි වෙන්නෙත් ඇහැකි, ඒත් "Trauma
bonding" කියන්නෙ මේකටද?🤔
ඩ්‍රැකී February 26, 2026 at 10:04 PM
මං නං නැවත ආවර්ජනය කරමින් රස විඳින්නේ අර අඹතලේ නානළිඳ ගාව දර්ශනය. :D
D.G.M බස්සා February 26, 2026 at 11:27 PM
ආන්න ජංසොං. උන්දැට ඒ පිනම ඇති නිවන් දකින්න. ගලේ කෙටූ අකුරු වගේ මොලේ පදිංචි වුනා
රෙන්ට් නොගෙවම. 😁
නිදිගෙ පංච තන්තරේ February 27, 2026 at 4:36 PM
බස්සා මහත්තයෝ, 'කම්පන
බන්ධනය' ගැන නම්
ඇහුවේ අදයි.
ඔයා කියන කතාවේ ඇත්තක්
තියෙනවා. අපට වැඩියෙන් මතක තියෙන්නේ කටුක අත්දැකීම් නෙව. කඩවුණු බලාපොරොත්තුත්
අමතක නොවී හිතේ තියෙනවා. මට හුඟක් දේවල් මතක තියෙන්නේ ෆොටෝස් වගෙයි!
තව එකක්- මිහිරි අත්දැකීම්; මිහිරි ලිංගික අත්දැකීම්
සමහරක් වුණත් මට නං මතකයි. ඒත් ඒවා ලියන්න විදිහක් නැහැ- එතකොට බ්ලොග් පෝස්ට්ස් ප්‍රංශ
රස වගේ වෙන හින්දා.
නිදිගෙ පංච තන්තරේ February 27, 2026 at 4:41 PM
ගොඩක් ස්තුතියි ඩ්‍රැකී. ඔය අඹතලේ කතන්දරේ ගැන විඩෙන් විඩේ කියවුණාට කවුරුන්වත්
හරියටම කියන්නෑනේ...
D.G.M බස්සාFebruary 27, 2026 at 5:28 PM
අඹතලේ කතන්දරේ ඒ හැටි දෙයක් නෑ නිදි. ඔය රට්ටු/ලෝකයා, මගේ චරිතෙ ඝාතනය කරන්න, විඩින් විඩේ ඕක මතක් කරනවා.
ඒකට නීති උපදෙස් දෙන ගොබිලෙකුත් ඉන්නවා කියහංකො.🤣
නිදිගෙ පංච තන්තරේ February 28, 2026 at 3:54 PM
අප්පට සිරි- ඒකත් එහෙමද?
නිදිගෙ පංච තන්තරේ February 28, 2026 at 4:21 PM
පස්සෙයි කල්පනා වුණේ. බකුසුතුමෝ- අර නීති උපදෙස් දෙන ගොබිලා නඩුත් බලවන කෙනෙක්ද?
D.G.M බස්සා February 28, 2026 at 8:14 PM
අපොයි නෑ. එයා වැදගත්, උගත්
ද්විභාෂා පරමේෂ්වර. මුලදී 1.5 භාෂා
පරමේෂ්වර. අපිම තමයි උන්දව මඩේ දාලා, උනන්දු කරවලා, ද්විභාෂා කරවලා ගත්තෙ. මේ ලඟකදිත් ඒක මතක් කරලා
අපට පිං දුන්නා. දැන් අපේම අරක්කු අපිටම ගහනවා වගේ ඇරියස් අල්ලනවා.😋
----------
D.G.M බස්සා February 26, 2026 at 8:36 PM
ඔයින් ගියා මදැයි? එකාතකට
ඕව ඔහොම තමයි. අපි හැමෝටම අමිහිරි අත්දැකීම්, ජීවිත රහස් තියෙනවා. එකම වෙනස, අපි ඒ හැමදේම නොකියන එක
විතරයි.
Mahesh Rathnayake February 26, 2026 at 10:56 PM
සිරාම 😁😁😁
නිදිගෙ පංච තන්තරේ February 27, 2026 at 4:44 PM
මම නං එහෙම දේවල් කියන්නේ මැරෙන්න කලින් හිත නිදහස් කර ගන්නත් එක්කයි.
----------
![]() |
ඕනිම ජරාවක් වළඳන්න අපි කබරගොයි
නෙවෙයිනේ! |
හිතාගන්න පුළුවන් නේ නිමල් අයියා.
අර අමිල (සිරිබිරිස්)
කියනවා වගේ, එක ම ෆ්‍රික්වන්සිය
නැත්නම් එතනින් අයින් වෙන එක ඇඟට වගේ ම හිතටත් හොඳයි.
නිදිගෙ පංච තන්තරේ February 27, 2026 at 4:46 PM
සත්තකින්ම ඩ්‍රැකී, අමිල
කියන දේවල් ගොඩක් ජීවිතේට ප්‍රායෝගිකයි!!
----------
Mahesh Rathnayake February 26, 2026 at 10:55 PM
ඉන්දියන් බංග්ලාදේශ කියන්නේ නම් ගං හඩ්ඩො නේ. මට නම් පෙන්නන්න බැරිම උං. අනිත්
කට්ටිය තමයි ඔය අක්කරෙයිපත්තුව දිහා ඉඳලා එන සෙට් එක. සිටීබී වල වෙලාවකට සෙට්
වෙනවා මට සංසාරේ ඕන්නෑ.
කෑමක් කන්ඩ උනත් හිත
පිරියක් තියෙන්ඩ එපැයි නැද්ද නිදි අයියා.
නිදිගෙ පංච තන්තරේ February 27, 2026 at 4:49 PM
නැත්තං නැත්තං මහේෂ්. ඕනිම ජරාවක් වළඳන්න අපි කබරගොයි නෙවෙයිනේ!
----------
Pra Jay February 27, 2026 at 12:04 AM
https://en.wikipedia.org/wiki/Body_odour_and_sexual_attraction
නිදිගෙ පංච තන්තරේ February 27, 2026 at 4:53 PM
හරබර
වගේම වැදගත් කරුණු පිරිච්ච හරිම දිග ආටිකල් එකක link එක
එව්වට ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ.
----------
Pra Jay February 27, 2026 at 12:56 AM
https://kattakaduwa.blogspot.com/2026/02/blog-post.html
නිදිගෙ පංච තන්තරේ February 27, 2026 at 4:57 PM
Pra Jay මහත්තයෝ, කට්ටකාඩුවට ගිහිං බැලුව.
මරු post එකක්.
ඔයා මේ ලිපියේ link එකත් comment එකක් විදිහට ඒකෙ දාලා.
ගොඩක් ස්තුතියි!
-----------
D.G.M බස්සා February 27, 2026 at 10:49 AM
//මේ බලාපං... ෆ්ලේවර්ස් දෙකක
ඒවා තියෙනවා. කොයිකටද උඹ කැමති?//
නියම ඔරිජිනල් ඉන්දියන්
භාණ්ඩෙට "කරි" ෆ්ලේවර් රේන් කෝට් එකක් අන්දලා ගත්ත නං? නිදි හුරේ රන් එකක් දෙන
හැටි මැවිල පේනවා.😋
නිදිගෙ පංච තන්තරේ February 27, 2026 at 4:58 PM
කාටූන් ෆිලුමක වගේද?
----------
Ajith Dharma. February 27, 2026 at 3:42 PM
නිදි යන්තම් බේරිලා
තියෙන්නේ. මේක මම කලින් ලීවද කියල මතක නැහැ. 1993 මම රෝයල් ඊගල් කියන පැඩින්ටන් වල හොටෙල් එකේ
මැනේජර් වෙලා හිටියේ. ඒකෙ නැවතුනා ඒ දවස් වල DHS හෙවත් ආණ්ඩුවෙන් සල්ලි ගෙවන කොල්ලෙක්. ගෙදරින්
එලවපු සමලිංගික නිසා. මිනිහ එක මිනිහෙක් එක්ක ගිහින් තව මිනිහෙක් එකතු වෙලා රේප්
කරලා හොටෙල් එකට වැට අල්ලාගෙන බොහොම අමාරුවෙන් ආවේ. මම ඇම්බියුලන්ස් එකටයි
පොලිසියටයි කතා කලා. මම හිතන්නේ ඔය වගේ දේවල් වෙනවා මොකද පිරිමියා ලැජ්ජාවට
පොලිසියට යන්නේ නැති නිසා.
![]() |
තවත් විශේෂ පැත්තකටයි... |
ඒ අත්දැකීම අපට කිව්වට ගොඩක් ස්තුතියි අජිත් ධර්ම මහත්තයෝ!
----------
Ajith Dharma. February 27, 2026 at 3:43 PM
2018 දී
ඇරබික් මිනිහෙක් සල්ලි අඩුවෙන් නොදී ගිහින් මුස්ලිම් කෙල්ලෙක් හොටෙල් එකේ මෙට්‍රස්
එකට ගිනි තියල අවුරුදු හයකට හිරේ ගිහින්. https://www.mirror.co.uk/news/uk-news/teenage-prostitute-set-fire-hotel-13652336
නිදිගෙ පංච තන්තරේ March 1, 2026 at 8:58 PM
ගොඩක් ස්තුතියි අජිත් මහත්තයෝ. ඔබතුමාගේ comment එක spam එකට ගිහින් තිබ්බේ.
-----------
නිහඬපාල Nihandapala February
27, 2026 at 5:20 PM
සමහරවිට ඔය ප්‍රසාද් Mysophilia තත්වයේ කෙනෙක්ද දන්නේ නැහැ. (Paraphilia in which dirt or
dirty things produce sexual excitement.*)
(* ගූග්ල් පරිවර්තනයයි- මයිසොෆිලියා යනු අපිරිසිදුකම, අපිරිසිදුකම හෝ අපිරිසිදු වස්තූන්, බොහෝ විට විශේෂයෙන් භාවිත කරන
ලද හෝ අපිරිසිදු යට ඇඳුම් කෙරෙහි ඇති වන ව්‍යාධිජනක ලිංගික ආකර්ෂණයකින් සංලක්ෂිත පැරෆිලියාවකි.
අපිරිසිදු පරිසරයන්, නොසෝදා ඇති ශරීර හෝ ශරීර මළපහ වලින් ලිංගික තෘප්තිය ලබා ගැනීම එයට ඇතුළත්
වේ. එය පැරෆිලික් ආබාධයක ආකාරයක් ලෙස සැලකේ.)
නිදිගෙ පංච තන්තරේ February 28, 2026 at 3:58 PM
තවත් විශේෂ පැත්තකටයි නිහඬපාල මහත්තයෝ ඔයාගේ link එක අපිව අරං යන්නේ. ගොඩක් ස්තුතියි.
-----------
ඉතිං, හිතුවට වැඩිය ලොකු
ඉඩක් ගියානෙ අප්පා ඔයාලගෙ අපූරු comments ටිකට. ඒත් වටිනවා නෙව, එව්වාට උපරිම
අවධානය දෙන්න වටින හන්දා.
ඔයාලට පුදුම හිතෙයි ‘1994
දෙසැම්බර් 25 වෙනිදා සවුත්හෝල් බස් නැවතුමේ පට්ට හීතලෙන් ගල් ගැහි-ගැහී උන්නු
විත්තිය’ පළමුවෙනි වතාවට ඉතාම ලුහුඬින් මං කිව්වේ 2018 සැප්තැම්බර් 20 වෙනිදා publish
කළ ‘රැජන Colombo එයි- 3 කොටසෙදි’ බව සඳහන්
කෙරුවාම... පේනව නේද ඒක විස්තර ඇතුව කියන්න බලාගෙන ඉන්න වුණු කාලයක තරම!
මොකද- කොයි දේටත් සුදුසු කාලයක් හා සුදුසු තැනක් තියෙන බව නොසලකා හරින්න බැහැනෙ.
යුද්දෙකටත් සුදුසු කාලයක් තියෙනවද? සුදුසු තැනක්... කලාපයක්...
මැද පෙරදිගින් ලෝකෙටම යුද
ගිනි ඇවිලෙයිද- මොන නස්පැත්තියක් සිද්ද වෙයිද කියන විචිකිච්ඡාවෙන් දැවෙන අතරෙයි මං
වහන්සේ මේ post එක ලිව්වේ... ඊළඟ කොටස ලියන්න වෙන්නෙත් ඒ හැඟීම්වලින් ආතුර වෙලා
ඉන්දැද්දී වගෙයි. හැකිතාක් ඉක්මනින් යුද ගිනි නිවිලා- සාමය පැතිරේවා කියලයි මං ප්‍රාර්ථනා
කරන්නේ. ඔයාලගේ පැතුමත් ඒකම නේද?
ඉතිරි හරිය ඉතා ඉක්මනින්...





