“මේකේ ඇඳන් හතරක් තියෙන්නේ... තුන් දෙනා නෙවෙයිද ඉන්නේ...”
“හ..ත..ර..යි!”
“කොහෙටද ගියයි කිව්වේ දෙන්නයිනේ ප්‍රසාද්.”
“ඉතිරි එකාට අද උදෙන්ම මම කිව්වා අද රෑ වෙනකල් කාමරේට එන්න එපැයි කියලා.” ප්‍රසාද්
නං කියයි. එයා එහෙම කිව්වට හදිසියෙවත් මිනිහා ආවොත්? තවත් රින
-5%ක්. දැන් මගේ මූඩ් එකෙන් සීයට 15ක්ම අඩු වෙලා ඉවරයි!
![]() |
පියවරෙන් පියවර සායම් තවරමින් චිත්‍රයක් අඳින්නා වගේ... පියවරෙන්
පියවර; අඩියෙන් අඩිය ඉස්සරහට... |
ප්‍රසාද් කාමරයේ දොර වැහුවා... හනි-හනික ඇඳුම්
ගලවන්න පටන් ගත්තා. ඒ ඇඳුමුත් කිසිම පිළිවෙලක් නැතිව ඇඳක් උඩට ගියා. ”ඇයි උඹ
බලාගෙන ඉන්නේ... මං උදව් කරන්නද?” බැනියමයි, යට ඇඳුමයි විතරක් ඉතිරි වෙලා තියෙද්දී ප්‍රසාද් මගෙන් ඇහුවා.
ඒත් එක්කම එයා ලාච්චුවකින් එළියට අරගෙන මට පෙන්නුවෙ කොන්ඩම් පැකට් එකක්...
අඃ, එතැනදී මට පොඩි වැරද්දක් වුණා. ප්‍රසාද් මට පෙන්නුවෙ කොන්ඩම් පැකට් එකක්
නෙවෙයි, දෙකක්! “මේ බලාපං... ෆ්ලේවර්ස් දෙකක ඒවා තියෙනවා. කොයිකටද උඹ කැමති?” කියල
කියාගෙනම ප්‍රසාද් ඒ කොන්ඩම් පැකට් දෙක මගේ මූණ ළඟටම දික් කළා.
රින ලකුණු 15%ට තවත් රින 5%ක් එකතු වුණේ
එතකොටයි.
ඒ ප්‍රසාද්ගේ ළඟින් වහනය වුණු අමුතුම ගන්ධයක් මට දැනුණු නිසා. ඒක ප්‍රසාද්ගේ දහදිය
ගන්ධයයි; එයා දාලා හිටිය සුවඳ විලවුන් සුගන්ධයකුයි මිශ්‍ර වෙච්ච එකක්! මහ අමුතුම
කුයිලක්!!
“කෝ... උඹට කිසිම හදිස්සියක් නැහැ වගේනේ... උඹ තවම ඇඳුම් පිටින්නෙ... මං උදව් වෙන්නං
ඕවා ගලවන්න...”
“ඉස්සෙල්ලම මට තුවායක් ඕනේ ප්‍රසාද්. මට wash එකක් දාගන්න ඕනි සේරටම කලින්.”
ඒ තමයි මගේ පුරුද්ද. පියවරෙන් පියවර සායම්
තවරමින් චිත්‍රයක් අඳින්නා වගේ... පියවරෙන් පියවර; අඩියෙන් අඩිය ඉස්සරහට...
එහෙම විත්තියක වගක්වත් නැති ප්‍රසාද් දුන්නු
උත්තරෙන් මං උඩ ගියා. “... ඉවර වෙලානෙ ෆ්‍රෙන්ඩ් වොෂ් එකක් දාන්න ඕනේ...”
“අනේ මේ ප්‍රසාද්, පිස්සු නැතිව මට ටවල් එකක් දීලා ගිහිං ඔයත් හොඳට ඇඟ හෝද ගන්නවා.”
ප්‍රසාද් මගේ දිහා බැලුවේ පුදුමයෙන් වගේ. හරියට මං ‘මිනියක් මරන්න’ කිව්වා වගේ.
පසුගිය කොටසේ ඔය විස්තර කියවනකොට (ඩුප්ලිකට්*)
නිදිගෙ පංච තන්තරේට හිතිලා තිබ්බා අපූරු අදහසක්.
(*ඩුප්ලිකට්- කිව්වේ මේ රසික හිතවතා comment කරන්නේත් ‘නිදිගෙ පංච තන්තරේ’ නමින්ම
වීම හින්දායි. එයාට අපූරුවට කවි ලියන්නත් පුළුවන්. මුලදි මුලදී මටත් පැටලුණා- කව්ද
බොලේ මේ මනුස්සයා කියලා. පස්සේ හොඳින් විපරම් කරලා බලනකොට මට හොයා ගන්න ඇහැකි වුණා
එයායි මායි අතරේ එක වෙනසක්.
‘ඩුප්ලිකට් නිදිගෙ පංච තන්තරේ’ගෙ නමට ඉස්සරහින්
තැඹිලි පාට ලෝගෝ එක
![]() |
නිරුවත් සංදර්ශන වේදිකාවක ඇවිදින නිරූපණ ශිල්පියෙක් වගේ. බාගෙට ප්‍රාණවත් වෙලා තිබුණු එයාගේ ‘පුරුෂ නිමිත්ත’ත් එහාට- මෙහාට වන- වනා හරිම ආඩම්බරෙන්... |
‘... පේන හැටියට මේ ප්‍රසාද් කියන මනුස්සයට තියෙන්නෙ වැඩේ කරගන්න තියෙන උවමනාව
විතරයිද කොහෙද. වෙන ඉමෝෂනල් කෑල්ලක් නම් පේන්න නෑ...’
සහතික ඇත්ත.
මං මවාගෙන; හිතාගෙන උන්නු ප්‍රසාද් මෙහෙම කෙනෙක් නෙවෙයි. සුදුසු රහස් තැනක් හම්බ
වුණාම එයා ආදරණීය ලිංගික සහකරුවෙකු විදිහට; ඉමෝෂනල් හාදයෙකු විදිහට ‘කෝෂයෙන්’
එළියට ඒවි කියලයි මං හිතුවේ. දැන් පෙනෙන විදිහට මේ හාදයාත් ‘ඇන්නා පැන්නා’ ජාතියේ
බුවෙක් වගේනෙ; දැන් පෙනෙන විදිහට මේ යක්ෂ පැටියට තියෙන්නේ පුදුමාකාර තදියමක්
විතරයිද කොහෙද... හරියට හත් අවුරුද්දක් සාගතෙන් ඉඳල වගේ...
“Go, go Prasad, have a wash!”
මං එහෙම කිව්වම කාමරේ දොර අඩවන් කරපු ප්‍රසාද් නුරුස්සන ගතියකින් මගේ දිහාවට තුවායක්
විසි කළා. ඊළඟට එයාගේ යට බැනියමයි, යට
ඇඳුමයි දෙකමත් ගලවලා මගේ ඉස්සරහින් එහාට-මෙහාට සක්මන් කෙරුවා... නිරුවත් සංදර්ශන වේදිකාවක ඇවිදින නිරූපණ ශිල්පියෙක් වගේ. බාගෙට ප්‍රාණවත් වෙලා තිබුණු එයාගේ ‘පුරුෂ
නිමිත්ත’ත් එහාට- මෙහාට වන- වනා හරිම ආඩම්බරෙන්... “පේනවද ඔරිජිනල් ඉන්දියන් බඩු...”
ඒ දවස්වල ඔය වගේ පම්පෝරිකාරයන්ගේ වාගාලාපවලට උත්තර
දෙන්න තරං දැනුමක් මට තිබුන්නෑනෙ. අන්තර්ජාලයට පිං සිද්ද වෙන්න අද නං මං වහන්සේ
දන්නවා ඉන්දියාව කොතනද ඉන්නේ කියලා.
රටවල්
අසූ අටක පිරිමින්ගේ ලිංගේන්ද්‍රිය ප්රමාණවල දත්ත ඇසුරෙන් සකස් කරපු ‘වාර්තාව’ක් තියෙනවා. ඒ
ගැන 2022 අවුරුද්දේ ‘තිහේදී- පස්වෙනි කොටස’ ලියනකොටත් මං ඔයාලට කිව්වා.
‘... ලෝකෙ සෘජු වූ පුරුෂ ලිංගයක සාමාන්‍ය දිග සෙමි.13.58ක් වෙනවා.
ඒ කියන්නෙ අඟල්
5.35ක්.
රටවල් අනුව බැලුවම දිගම සාමාන්‍යය තියෙන්නෙ සෙ.මි.17.61ක්.
ඒ කියන්නෙ අඟල්
6.93ක්.
මේ රට තමයි ඉක්වදෝරය.
වැඩියෙන්ම සාමාන්‍ය ශරීර උස වාර්තා වෙන්නෙත් ඉක්වදෝරයෙන්.
හැබැයි ඒක හැම තැනකදිම එහෙම වෙන්නෙ නෑ.
පොඩිම සෘජු වූ ශිෂ්නයේ ඇවරේජ් එක වාර්තා වෙන්නෙ කාම්බෝජයෙන්.
ඒක සෙ.මි.10.01ක්.
ඒ කියන්නෙ අඟල්
3.95ක්...’
ඒ වාර්තාවට අනුව ඉන්දියාව ඉන්නේ
57 වෙනි ස්ථානයේ. ශ්‍රී ලංකාව ඉන්නේ 85 වෙනි තැන. හැබැයි මගේ අත්දැකීම්වලට අනුව
නං අපේ ශ්‍රී ලාංකිකයන් අතරෙත් ඉන්නවා ඉක්වදෝර්, කැමරූන්, බොලිවියා, සුඩාන්, හයිටි
වගේ රටවල ඇත්තන්ගේ ‘ජාන’ උරුම වෙච්ච king ෆයිසාල්ලා... ඒත් ඉතිං එයාලා ඒ ‘අතිශය පෞද්ගලික
දේපල’ ප්‍රසිද්ධියේ හැමොන්ටම පෙන්න පෙන්නා ඇවිදින එකක්යැ...
“... එතකොටවත්
ඔයා කතා කළේ නෑ. කීප සැරයක්ම මං ඔයාට වද කළාට පස්සෙයි ඔයා කට ඇරලා කතා කළේ.... ඒකත්
බොහොම හෙමිං, එකම වචනයයි.... මතකද ඔයා හැදිච්චකමට කියපු
වචනේ....”
“මීයා කියලනේ?”
“ආන්න හරි!
ඒ වුණාට ඩාලිං, ඔයා නොදන්නකමට නේද එදා එහෙම කිව්වේ? පුංචි ළමයි විතරයි මේකට මීයා කියල කියන්නේ... ඒකමයි
මං ඔයාව කසාද බැඳ ගත්තෙත්.... ඉතිං දැන්වත් ඔයාට කියලා දෙන්න ඕනිනේ.... මේකට කියන්නෙ
‘මීයා’ කියල නෙවෙයි! හ....රි....ද?”
දේශපාලක උත්තමයට එයින් එහාට එක වචනයක්වත් කියන්න ලැබුණෙ නෑ. බිරින්දෑගෙ කට ඇරුණා.
“මීයා නෙවෙයි? මීයා නෙවෙයි තමයි!
ඒත් ඉතිං ඕකට මීයා නොකියා xxx
(ගැමි වහරේ මෙම අකුරු තුනේ වචනය පුරුෂ ලිංගයට
මෙන්ම මඩිස්සලයටද යෙදේ.) කියන්නයැ? එහෙම කියයි xxxක් නොදැකපු එවුන්... මම නං නෙවෙයි!”
ඒ අහිංසක ආර්යාතුමී වගේ දරුණු විදිහට
මොකුත් නොකියා මං ප්‍රසාද්ව නාන කාමරයට තල්ලු කළා.
“හරි
අප් ප්‍රසාද්... අයි ඈම් getting late...” මං එයාව wash room එකට තල්ලු කරලා ඉවර
වෙලා මගේ සපත්තු මේස් ගැලෙව්වා... කමිසයත් ගැලෙව්වා. කලිසමේ zipper එක බුරුල්
කරන්න හිතාගෙන තුවාය අතට ගත්තේ ඉන වටේ දවටා ගන්නයි.
කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු!
ඒක brown belt පන්නයේ තුවායක්... ග..ඳාාාාාායි!!!!!
ඒ
බ්‍රවුන් බෙල්ට් කතාව කියැවුණේ 1979 ‘ඇක්වයිනාස් කොලේජ්’ එකේ ඉගෙන ගනිමින් උන්නු
තරුණ හිතවතෙකුගෙන්. තජක වැඩ මුළුවක් පැවැත්වෙන අතරේ.
“අයියෝ නිමල් බොසා... ඔයා එක ඇඳුමක් එක සැරයක් ඇඳපු ගමන් හෝදනවද? ඔන්න ඒකටත් එක්ක
අපි. අන්ඩර් වෙයාර් එකක් නං බ්‍රවුන් බෙල්ට් වෙනකල් අඳිනවා... වැස්ස දවස්වලට නං black
belt වෙනකලුත්...”
“ඔය බෙල්ට් දෙන්නේ කරාටේවලදි නේද?”
“ඔයාට
කියන්න බොසා, මේ බෙල්ට් හම්බ වෙන්නෙ නිකං. දවස් හතර පහක් එකම සුදු පාට යට ඇඳුම්
අඳිනකොට එව්වා මුලින්ම බ්‍රවුන් බෙල්ට් ඒවා වෙනවා... එතකොටත් හේදුවේ නැත්තං බ්ලැක්
බෙල්ට් වෙනවා...”
ඒ
ආසන්නයේ දිනයක යට ඇඳුම් කිහිපයක් මිලදී ගන්නට සාප්පුවකට ගියාමත් ඊට නොදෙවෙනි දෙයකි,
සිද්ද වුණේ.
“සුදු පාට එව්වා නං ඉවරයි සර්... තද පාට ඒවා නං තියෙනවා...” වෙළෙඳ සහායකයා කිව්වා.
“... හුඟ දෙනෙක් හොයන්නෙ තද පාට එව්වා. කිලිටු වුණත් පේන්නෑනේ සර්!”
![]() |
එයා වොෂ් එකක් දානවා... |
ඊට අවුරුදු පහළොවකට- විස්සකට විතර පස්සෙත් එහෙම brown beltකාරයෙකුව එංගලන්තයේදී
හම්බ වුණයි කිව්වම...
තුවාය
ඉන වටේ දවටා ගනිමින් හිටිය මගේ ඇස්දෙක ඉබේමයි, හිටි ගමන් ප්‍රසාද්ගේ යට ඇඳුම් දිහාවට
ඇදුණේ. ඒවාත් කල්පෙකින් හෝදලා නැති පාටටයි පෙනුණේ.
හිටු කියලා මගේ ‘ශෘංගාර රසය’ විතැන් වෙවී ‘බීභත්ස්‍ය රසය’ ඉස්මත්තට එන අතරතුරේ- දඩස්
ගාලා කාමරයේ දොර ඇරුණා. තක්බීර් වෙච්ච මං වහන්සේ සද්දේ ආව පැත්තට හැරුණා.
.......?????
උළුවස්ස මැද්දෙන් ප්‍රාදූර්භූත වෙලා උන්නේ හැඩිදැඩි කල්ලෙක්; සද්දන්ත කළු ජාතිකයෙක්.
(අප්‍රිකානුවෙකු කියලයි මට හිතුණේ. ඒත් එක්කම මතක් වුණා, බන්ධුල හරිශ්චන්ද්‍ර
මාස්ටර් ඇඳපු ‘කස පහර’ චිත්‍ර කතාවේ හිටි කාපිරියෙකුගේ විදිහත්...)
“Where
is our friend?” ඒකා මගෙන් ඇහුවේ මවා ගත්තු සංවරශීලී ගතියකින් බව හොඳටම පෙනුණා...
මට දැනුණේ ඒ සද්දන්තයා නිමල් දිසානායකයාව full scan පාරක් දාන හැඩක්.
“එයා වොෂ් එකක් දානවා...”
“ඕ කේ... එයාට කියන්න මම තව පැයකින් එනවයි කියලා.”
ඒ කීමත්, කියූ ලතාවත්
කොහෙත්ම මගේ හිතට ඇල්ලුවේ නැත.
මට මතක් වුණේ භානු යාළු පළමුවැන්නායි.; පාළු පොල් වත්තකදී මා භානු හා එක් වෙන තුරු
සැඟවී කල් බලා උන් මිතුරායි; ඉන් පසුව මගේ ළඟින්ම වැතිරී ‘අරූ බබෙක් රංජි මල්ලී....
සැපක් ගන්න දන්නෙත් නෑ- දෙන්න දන්නෙත් නෑ... කමක් නැහැ නේද...’ කියා කෙඳිරි ගාමින්
මා වසඟයට ගත් මිතුරායි.
‘ඔව් ඔව් නිමලෝ... එන පොට නං එච්චර හොඳ
නෑ වගෙයි. භානුගේ
යාළුවා කලින් දන්න එකෙක්නෙ... ඒත් මූ? පු..ළු..වා..න් තරං ඉක්මනට ඔතනින් පිට වෙලා
පලයන් නිමලෝ... නැතිනං උඹට මොකෙන් මොක වෙයිද දන්නෑ රජෝ. Blue filmsවල තමුසෙ දැකල
තියෙනවනෙ ඔය වගේ කළු මිනිස්සුන්ගෙ වැඩකිඩ කොහොමද කියලා... හනුමා දර පළනවා වගේ!’
![]() |
එදා මාත් බය වුණේ අස්ථානයේද /
හිතෙන් මවා ගත් බිල්ලෙකුටද? |
ඒ හැම
මොහොතක්ම අධිවේගයෙන් දිවෙන කාටූන් film එකක දර්ශන මෙනි මගේ මතකයේ තවමත් රැඳී
තියෙන්නේ.
ගිනි පෙනෙල්ලෙන්
බැට කෑ එකා කණාමැදිරි එළියටත් බයයිලු නෙව.
ඒ වාගේ එදා මාත් බය වුණේ අස්ථානයේද / හිතෙන් මවා ගත් බිල්ලෙකුටද / ප්‍රසාද් ‘හවුලේ
කෑමක් කන්න’ට හිතුවේ නැතිවාවත්ද?
ප්‍රසාද්
මගේ පිටුපසින්ම මා ලුහුබැඳගෙන එතැයි යනුවෙනි මං හිතුවේ. ඒත් ඒ හාදයා එහෙම ආවේ නැත.
ඒ ඉහවහා ගිය කේන්තිය නිසාද- නැත්තං බලාපොරොත්තු සුන්වීම නිසාද?
නත්තල්
දවස නිසා බස් රථ තිබ්බෙත් අඩුවෙනි. සෑහෙන වෙලාවක් බස් නැවතුමට වී සීතලේ ගැහෙමින්
බස් එකක් එනතුරු බලා සිටින්නටය, මට සිදු වුණේ.
එදා; 1994 දෙසැම්බර් 25 වෙනිදා හිම පියල්ලක්වත් පතිත නොවුණු නත්තල් දිනයක එලෙස සවුත්හෝල්
බස් නැවතුමක තනිවී සිටියදී...
ඉතිරි
හරිය ඉතා ඉක්මනින්...





ප්‍රසාද් තනියම කෑම නොකන්නයි ඉදලා ඇත්තේ.
ReplyDeleteකොළොම්පුරේ අසංග
මටත් මුලින්ම හිතුණෙ එහෙමයි අසංග මහත්තයෝ.
Deleteඅඩේයප්පා...! අද පෝස්ට් එකේ මමත් ඉන්නවා.. පට්ටම හැපි!!!
ReplyDeleteඩුප්ලිකේට් නිදී අයිඩෙන්ටිය හැදුන විදිහ ගැන වෙනම කතාවක් තියෙනවා. වෙලාවක කියන්නම්කෝ ස්ටෝරිය.. :)
//“කෝ... උඹට කිසිම හදිස්සියක් නැහැ වගේනේ... උඹ තවම ඇඳුම් පිටින්නෙ... මං උදව් වෙන්නං ඕවා ගලවන්න...”
Deleteඑහෙම විත්තියක වගක්වත් නැති ප්‍රසාද් දුන්නු උත්තරෙන් මං උඩ ගියා. “... ඉවර වෙලානෙ ෆ්‍රෙන්ඩ් වොෂ් එකක් දාන්න ඕනේ...”//
මේ ප්‍රසාද් ටයිප් එකේ මිනිස්සුන්ගේ මානසිකත්වය ඇතුලේ එක්තරා විදිහක සමාජ ප්‍රශ්නයක් ගැබ්වෙලා තියෙනවා. මේ මිනිස්සුන්ට අනුව තමන්ගේ පාට්නර් කියන්නේ නිකම්ම Object එකක් විතරයි. porn addiction වගේ පුරුදු තියෙන අයටත් මේ ලක්ෂන ඇතිවෙන බව අහලා තියෙනවා. එක ලිමිට් එකකට පස්සේ මේ අය පුරුදු වෙනවා තමන්ගේ සහකරුවා/සහකාරිය ව objectify කරන්න. එතනදි ඒ මිනිස්සුන්ට අමතක වෙනවා අනිත් කෙනාගේ "ශරීරය" සම්බන්ධ තීරණ අපිට ගන්න බැහැ කියන එක.. (මට අනුව නම් මනුස්සයෙක්ට තමන්ගෙම හස්බන්ඩ් / වයිෆ් ගෙ ඇඟ වුණත් අපහරණය කරන්න අයිතියක් නැහැ.) එහෙම ඉමෝෂනල් බැඳීමක් නැති මිනිස්සු යන්න ඕනෙ sex workers ලා ගාවට. ඒක නම්බුයි මෙහෙම බොරු කෙයාරිං එකක් පෙන්නලා වැඩේ කර ගන්න දඟලනවට වඩා..
//ඊළඟට එයාගේ යට බැනියමයි, යට ඇඳුමයි දෙකමත් ගලවලා මගේ ඉස්සරහින් එහාට-මෙහාට සක්මන් කෙරුවා... නිරුවත් සංදර්ශන වේදිකාවක ඇවිදින නිරූපණ ශිල්පියෙක් වගේ. බාගෙට ප්‍රාණවත් වෙලා තිබුණු එයාගේ ‘පුරුෂ නිමිත්ත’ත් එහාට- මෙහාට වන- වනා හරිම ආඩම්බරෙන්... “පේනවද ඔරිජිනල් ඉන්දියන් බඩු...”//
මිනිහා හිතන් ඉන්නෙ තමන්ගෙ "මාර" බොඩි එක දැක්කම නිදී තුමා ශෘ ංගාරයෙන් මත්වෙලා, බුවාව ඇඳේ පෙරලගෙන... පට්ට පෝර්න් ෆිල්ම් එකක් වගේ ඉතුරු හරිය සිද්ධ වෙයි කියලා.. :D
(අර කිව්වට මුන් වගේ මිනිස්සුන්ට Sex workers ලා පැත්ත පලාතේ යන්න බැහැ ලොවෙත්. කොච්චර දියුණු රටක හිටියත් සමහර ගොබ්බ ගති වෙනස් කරගෙන නැහැ නේ..)
WoW. ඩුප්ලිකට් නිදී in full swing. කවිත් ලියනවානම්, නිමල්ගෙ ඩුප්ලිකට් නෙවෙයි twinnie වෙන්න ඕනෙ 👍😄.
Deleteඩුප්ලිකට් නිදි තුමා කියලා තියෙන විදිහෙ සීන් එකක් මෙහෙ ඇත්තටම වෙලා තියෙනවා. (එහෙම scenes ගොඩක් ඇති; මේක මම පත්තරෙන් කියවපු දෙයක්). ඉන්දියන් මනුස්සයෙක් ලිංගික සේවා සපයන ස්ථානයකට ගිහින්, මුදල් ගෙවා ඒ සේවා ලබගෙන. නියමිත කාලය ඉවර වීගෙන එනකොට ගෙවපු මුදලට ඔහුට ලැබුණු සේවය මදි කියලා අදාළ sex worker කාන්තාවගෙන් බලහත්කාරයෙන් තව සේවාවන් ලබාගෙන. ඒ සේවා ස්ථානය තමන්ගෙ සේවිකාවට තර්ජනය කිරීම සහ ඇයට හිරිහැර කිරීම නිසා නඩු දාලා. ඉන්දියන් මනුස්සයා වරදකරු වෙලා, වන්දි ගෙවන්න වුනා.
Deleteදෙවෙනි සිදුවීම නම් ඛේදාන්තයක්. මෙහෙ townhouse එකක පහළ තට්ටුවෙ ඉන්දියන් මනුස්සයෙකුයි, උඩ තට්ටුවෙ කපල් එකක් ඔවුන්ගෙ මාස ගානක පොඩි බබා එක්ක ජීවත් වෙලා තියෙනවා. (මන් හිතන්නෙ ඒ කපල් එකේ පිරිමියාත් ඉන්දියන්). දවසක් රෑ අර පහල තට්ටුවෙ ඉන්න ඉන්දියන් පිරිමියා sex worker කෙනෙක් ගෙන්න ගෙන, ආදල කාර්යය ඉවර වෙලා ඔහු අර කාන්තාව සමඟ රණ්ඩුවක් දාගෙන ඇයගෙ ගාස්තුව වැඩියි කියලා. ඊට පස්සෙ ඔහු ඇයට පොරොන්දු වුනු ඒ මුදල නොගෙවා ගෙයින් පිටතට ගිහිල්ලා. අර කාන්තාව ගෙදරින් යන්න කලින් තරහට (හා අසරණකමට) ඒ කාමරේ තිබුණු මෙට්ටය අරගෙන ගිනි ඇවිලෙන සුලු දෙයක් වක්කරලා මෙට්ටයට ගිනි තිබ්බා. ඇය දන්නෙ නෑනෙ ගෙදර උඩ තට්ටුවෙ මිනිස්සු ජීවත් වෙනවා කියල. ගින්න බුර බුරා උඩට පැතිරිලා, අර අසරන කපල් එක හා දරුවාගෙ ජීවිත නැති වුණා. ඔවුන්ගෙ neighbours ලා කියලා තිබුනා ඔවුන් කොච්චර උත්සාහ කරාද ඒ වෙලාවෙ මේ පවුල බේරගන්න, නමුත් හිතා ගන්න බැරි විදිහට ගින්න පැතිරුනේ කියා. ඒ කාන්තාව පොලිසියෙන් අත් අඩංගුවට ගත්තා. ඇත්තටම ඊට පස්සෙ මොනවා වුනාද කියලා මම හරියටම දන්නෙ නෑ (follow up කරේ නම් නෑ). නමුත් ඉතින් අහිංසකයො තුන්දෙනෙක් නැති වුණා.
ඩුප්ලිකට් නිදිගෙ පංච තන්තරේටයි, Lotusටයි දෙන්නටම ගොඩාරියක් ස්තුතියි...
Deleteඔයාල දෙන්නම ගොඩක් වෙහෙසිලා දිග comments ලියලා!
තව ටිකෙන් අමතක වෙනවා, ඩුප්ලිකට් නිදිගෙ පංච තන්තරේ.
Deleteඔයා කියලා තිබ්බනේ
//ඩුප්ලිකේට් නිදී අයිඩෙන්ටිය හැදුන විදිහ ගැන වෙනම කතාවක් තියෙනවා. වෙලාවක කියන්නම්කෝ ස්ටෝරිය..// කියලා.
මං වගේම අනිත් රසික- රසිකාවනුත් බොහොම කැමැත්තෙන් ඇත්තෙ ඒ කතාව දැන ගන්න. අමතක නොකර ඒ කතන්දරේ අපට කියනවා නේද?
//....ඒ වාගේ එදා මාත් බය වුණේ අස්ථානයේද / හිතෙන් මවා ගත් බිල්ලෙකුටද / ප්‍රසාද් ‘හවුලේ කෑමක් කන්න’ට හිතුවේ නැතිවාවත්ද?....//
ReplyDelete(ප්‍රසාද් දුන්න උත්තරේ නම් දන්නෙ නෑ) හැබැයි මට අනුව නිදී තුමාගෙ පලවෙනි අනුමානය හරි..
නිකමට හිතලා බලමුකෝ..
1). ප්‍රසාද් හිතාගෙන හිටපු විදිහට නිදී තුමා රූම් එකට එන්ටර් වෙච්ච ගමන් ම කිසි පිලිවෙලක් නැතුව, ඇඳුම් ගලවලා වීසි කරලා, ඉවක් බවක් නැතුව ගේමට බැස්සා නම් එහෙම.. ඔය අප්‍රිකන් කල්ලා ඔතනට එන්නේ කොයි වෙලාවෙ ද?? ( එතන ඉන්නත් බැහැ. එලියට පැනලා දුවන්නත් බැහැ. පට්ටම උගුලක් මේක.)
2). “Where is our friend?” කලින් දැකලාවත් නැති කෙනෙක් එක්ක "our friend" කෙනෙක් ගැන අහපු හැටියෙන් පේන්නෙ නම් මිනිහා සීන් එක දන්න පාටයි.. (මිනිහා නොකියා කියන්නෙ ප්‍රසාද්+නිදීතුමා+කල්ලා 3දෙනා එක ටීම් එකක් කියන එක නෙවෙයි ද??)
This comment has been removed by the author.
Deleteකදිම විශ්ලේෂණයක් මහත්තයෝ!
Deleteහොඳ වෙලාවට නිමල්ට ප්‍රසාද්ගෙ බාත් රූම් එකට යන්න වුණේ නැත්තෙ. ගියානම් ඔය ප්‍රතිශත අඩුවෙලා, අඩුවෙලා minus අගයකින් තමයි නවතින්නෙ 😄.
ReplyDeleteප්‍රසාද්ට කොහොමත් නිමල් එක්ක පොඩි තරහකුත් තියෙන්න ඇති බන්ටි හා අමන් එක්ක නිමල් සුහදව ආශ්‍රය කරන නිසා. උඩ තියෙන කමෙන්ට්ස් වලින් කියනවා වගේ, may be he wanted fun and revenge together 😉
පුදුමයි ප්‍රසාද් නිමල්ගෙ පිටිපස්සෙන් ආපු නැති එක.
මං හිතන්නේ Lotus, ප්‍රසාද් පිටිපස්සෙන් එන්න නැතුව ඇත්තෙ ඒ වෙලාවේ මගේ තිබිච්ච කඩිසරකම තේරුම් ගත්ත නිසා වෙන්න ඇති. එයා ඇඟ පිහිදාගෙන; ඇඳුම් ඇඳගෙන එනකොට කොහොමත් වෙලාව යනවනේ. එතකොට මං ගිහිල්ලා තියෙයි කියලා හිතන්න ඇති.
Deleteමට මේ නිකමට හිතුනේ, නිදිට වඩා හොඳට මතක තියෙන්නෙත්, නැවත ආවර්ජනය කරමින් රස විඳින්නෙත්, අමිහිරි ලිංගික අත්දැකීම් කියලයි. මම වැරදි වෙන්නෙත් ඇහැකි, ඒත් "Trauma bonding" කියන්නෙ මේකටද?🤔
ReplyDeleteමං නං නැවත ආවර්ජනය කරමින් රස විඳින්නේ අර අඹතලේ නානළිඳ ගාව දර්ශනය. :D
Deleteආන්න ජංසොං. උන්දැට ඒ පිනම ඇති නිවන් දකින්න. ගලේ කෙටූ අකුරු වගේ මොලේ පදිංචි වුනා රෙන්ට් නොගෙවම. 😁
Deleteබස්සා මහත්තයෝ, 'කම්පන බන්ධනය' ගැන නම් ඇහුවේ අදයි.
Deleteඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා. අපට වැඩියෙන් මතක තියෙන්නේ කටුක අත්දැකීම් නෙව. කඩවුණු බලාපොරොත්තුත් අමතක නොවී හිතේ තියෙනවා. මට හුඟක් දේවල් මතක තියෙන්නේ ෆොටෝස් වගෙයි!
තව එකක්- මිහිරි අත්දැකීම්; මිහිරි ලිංගික අත්දැකීම් සමහරක් වුණත් මට නං මතකයි. එත්හ් ඒවා ලියන්න විදිහක් නැහැ- එතකොට බ්ලොග් පෝස්ට්ස් ප්‍රංශ රස වගේ වෙන හින්දා.
ගොඩක් ස්තුතියි ඩ්රැකී. ඔය අඹතලේ කතන්දරේ ගැන විඩෙන් විඩේ කියවුණාට කවුරුන්වත් හරියටම කියන්නෑනේ...
Deleteඅඹතලේ කතන්දරේ ඒ හැටි දෙයක් නෑ නිදි. ඔය රට්ටු/ලෝකයා, මගේ චරිතෙ ඝාතණය කරන්න, විඩින් විඩේ ඕක මතක් කරනවා. ඒකට නීතී උපදෙස් දෙන ගොබිලෙකුත් ඉන්නවා කියහංකො.🤣
Deleteඅප්පට සිරි- ඒකත් එහෙමද?
Deleteපස්සෙයි කල්පනා වුණේ. බකුසුතුමෝ- අර නීති උපදෙස් දෙන ගොබිලා නඩුත් බලවන කෙනෙක්ද?
Deleteඅපොයි නෑ. එයා වැදගත්, උගත් ද්විභාෂා පරමේෂ්වර. මුලදී 1.5 භාෂා පරමේෂ්වර. අපිම තමයි උන්දව මඩේ දාලා,උනන්දු කරවලා, ද්විභාෂා කරවලා ගත්තෙ. මේ ලඟකදිත් ඒක මතක් කරලා අපට පිං දුන්නා. දැන් අපේම අරක්කු අපිටම ගහනවා වගේ ඇරියස් අල්ලනවා.😋
Deleteඔයින් ගියා මඳැයි? එකාතකට ඕව ඔහොම තමයි. අපි හැමෝටම අමිහිරි අත්දැකීම්, ජීවිත රහස් තියෙනවා. එකම වෙනස, අපි ඒ හැමදේම නොකියන එක විතරයි.
ReplyDeleteසිරාම 😁😁😁
Deleteමම නං එහෙම දේවල් කියන්නේ මැරෙන්න කලින් හිත නිදහස් කර ගන්නත් එක්කයි.
Deleteහිතාගන්න පුළුවන් නේ නිමල් අයියා.
ReplyDeleteඅර අමිල (සිරිබිරිස්) කියනවා වගේ, එක ම ෆ්රික්වන්සිය නැත්නම් එතනින් අයින් වෙන එක ඇඟට වගේ ම හිතටත් හොඳයි.
සත්තකින්ම ඩ්රැකී, අමිල කියන දේවල් ගොඩක් ජීවිතේට ප්‍රායෝගිකයි!!
Deleteඉන්දියන් බංග්ලාදේශ කියන්නේ නම් ගං හඩ්ඩො නේ. මට නම් පෙන්නන්න බැරිම උං. අනිත් කට්ටිය තමයි ඔය අක්කරෙයිපත්තුව දිහා ඉඳලා එන සෙට් එක. සිටීබී වල වෙලාවකට සෙට් වෙනවා මට සංසාරේ ඕන්නෑ.
ReplyDeleteකෑමක් කන්ඩ උනත් හිත පිරියක් තියෙන්ඩ එපැයි නැද්ද නිදි අයියා.
නැත්තං නැත්තං මහේෂ්. ඕනිම ජරාවක් වළඳන්න අපි කබරගොයි නෙවෙයිනේ!
Deletehttps://en.wikipedia.org/wiki/Body_odour_and_sexual_attraction
ReplyDeleteහරබර වගේම වැදගත් කරුණු පිරිච්ච හරිම දිග ආටිකල් එකක link එක එව්වට ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ.
Deletehttps://kattakaduwa.blogspot.com/2026/02/blog-post.html
ReplyDeletePra Jay මහත්තයෝ, කට්ටකාඩුවට ගිහිං බැලුව. මරු post එකක්. ඔයා මේ ලිපියේ link එකත් comment එකක් විදිහට ඒකෙ දාලා. ගොඩක් ස්තුතියි!
Delete//මේ බලාපං... ෆ්ලේවර්ස් දෙකක ඒවා තියෙනවා. කොයිකටද උඹ කැමති?//
ReplyDeleteනියම ඔරිජිනල් ඉන්දියන් භාණ්ඩෙට "කරි" ෆ්ලේවර් රේන් කෝට් එකක් අන්දලා ගත්ත නං? නිදි හුරේ රන් එකක් දෙන හැටි මැවිල පේනවා.😋
කාටූන් ෆිලුමක වගේද?
Deleteනිදි යන්තම් බේරිලා තියෙන්නේ . මේක මම කලින් ලීවද කියල මතක නැහැ . 1993 මම රෝයල් ඊගල් කියන පැඩින්ටන් වල හොටෙල් එකේ මැනේජර් වෙලා හිටියේ . ඒකෙ නැවතුන ඒ දවස් වල DHS හෙවත් ආණ්ඩුවෙන් සල්ලි ගෙවන කොල්ලෙක් . ගෙදරින් එලවපු සමලිංගික නිසා . මිනිහ එක මිනිහෙක් එක්ක ගිහින් තව මිනිහෙක් එකතු වෙලා රේප් කරලා හොටෙල් එකට වැට අල්ලාගෙන බොහොම අමරුවෙන් ආවේ . මම ඇම්බියුලන්ස් එකටයි පොලිසියටයි කතා කලා. මම හිතන්නේ ඔය වගේ දේවල් වෙනවා මොකද පිරිමියා ලැජ්ජාවට පොලිසියට යන්නේ නැති නිසා .
ReplyDeleteඒ අත්දැකීම අපට කිව්වට ගොඩක් ස්තුතියි අජිත් ධර්ම මහත්තයෝ!
Delete2018 දී ඇරබික් මිනිහෙක් සල්ලි අඩුවෙන් නොදී ගිහින් මුස්ලිම් කෙල්ලෙක් හොටෙල් එකේ මෙට්‍රස් එකට ගිනි තියල අවුරුදු හයකට හිරේ ගිහින් . https://www.mirror.co.uk/news/uk-news/teenage-prostitute-set-fire-hotel-13652336
ReplyDeleteගොඩක් ස්තුතියි අජිත් මහත්තයෝ. ඔබතුමාගේ comment එක spam එකට ගිහින් තිබ්බේ.
Deleteසමහරවිට ඔය ප්‍රසාද් Mysophilia තත්වයේ කෙනෙක්ද දන්නේ නැහැ. (Paraphilia in which dirt or dirty things produce sexual excitement.)
ReplyDeleteතවත් විශේෂ පැත්තකටයි නිහඬපාල මහත්තයෝ ඔයාගේ link එක අපිව අරං යන්නේ. ගොඩක් ස්තුතියි.
Delete