li Item

Monday, December 26, 2022

සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස

දෙසැම්බර් 18 වෙනිදා උදේ අපේ පිරිසත් එක්ක trip එකට පිටත්වී, මඟක් යද්දී අතුලට දුරකථන ඇමතුමක් ලැබිණි. තාත්තා අන්තරා වුණා’...ඒ දුක්බර ආරංචිය ලැබෙනකොට අතුලලා හිටියේ මීරිගම ප්‍රවේශයට කිට්ටු වෙමිනි.

සරත්ගේ වාහනයේ අපි කට්ටිය හිටියේ කඩුගන්නාවට නුදුරෙනි!

අපේ දෙවෙනි සංචාරයටත් පිටත් වෙනවා කියලා තිබ්බේ...
අපේ දෙවෙනි සංචාරයටත් පිරිස පිටත් වෙනවා කියලා තිබ්බේ හරියට පහටය. ‘හරියට වෙලාවට පෙර එහාට යමු’යි කියා කියන්නට ගිහිං කොතරම් බැනුම් ඇහුවත්, පරක්කු වෙන්නට මගේ හිත ඉඩ දෙන්නේ නැත. සතියකට කලිනුත් නෙවිල්ගෙන් ඔය කාරණාවෙදී බැනුම් අහගෙනය මං හිටියේ.

අප දෙදෙනාම එක වගෙය. හෝද-හෝදා මඩේ ඔබන්නෝ වෙමු. මගේ ‘නොපමා ප්‍රතිපත්තිය’ මම දිගටම රකින්නෙමි. අනිත් අය වගේ වෙන්නැයි නෙවිල් මට කියයි. ඒත්, මට බැන වැදෙමින් හරි මේ වතාවෙත් නෙවිල් මගේ මතයට ඉඩ දුන්නේය. මාව නංවා ගැනීමට පාන්දර 4.35ට අපේ ගෙදරට ආවේය.

ඒ මගේ බල කිරීම නිසාමය.
අවුරුදු 26ක් වෙන තුරුමත්, වෙලාවට වැඩ නොකිරීම පුරුද්දක් කර ගෙන සිටි මොට්ටයෙකි- මං වහන්සේත්. මා ඒ කැත පුරුද්ද අත්හැර ගත්තේ පුදුමාකාර විදිහටය. 1980දී පටන්ය. තජකයේ උඩවැඩියා පාඨමාලාවේ
ආචාර්ය එම්.ජී. ප්‍රේමරත්න මහතාව ආදර්ශයට ගනිමිනි!

මේ ‘කැත පුරුද්ද’ ඊයේ පෙරේදාවක ශ්‍රී ලංකාවේ නමටත් කැළලක් එක් කළ බව වාර්තා වී තිබුණේ මෙහෙමය:

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ සහය ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  ඊයේ (21) සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයට පැමිණි කොරියානු ආපදා සහන පදනමේ සභාපතිවරයා රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව විනාඩි 30ක් ප්‍රමාද වීම හේතුවෙන්  අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය. මෙම රැස්වීම විනාඩි 30ක් ප්‍රමාද කිරීම පිළිබඳව ලජ්ජා විය යුතු බවත් බවත් රජයේ නිලධාරීන් සහ ඇමතිවරුන් මීට වඩා වගකීමකින් වැඩ කළ යුතු බවත් ඔහු අවධාරණය කරමින් සිය නොසතුට පළ කළ බව වාර්තා වේ.

සු චෝ ලි සිය අදහස් දැක්වීම කොරියානු භාෂාවෙන් සිදු කළ අතර එය පරිවර්තකයකු විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී. එහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ මෙවැනි ප්‍රමාදයක් දකුණු කොරියාවේ සිදු වූයේ නම් එවැනි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පවා ඉඩ තිබුණා යනුවෙනි.

බොරු කීම බොරු පොරොන්දු දීම සාමාන්‍ය දෙයක් වෙලා.

අපේ රටේ රැස්වීමකට විනාඩියක් පරක්කු වුණා නම් ඉවරයි. ඒක ලජ්ජා විය යුතු දෙයක්. ශ්‍රී ලංකාවේ ඒක අතිශය සාමාන්‍ය දෙයක් වෙලා. බොරු කීම බොරු පොරොන්දු දීම සාමාන්‍ය දෙයක් වෙලා. විදේශිකයෙක් ඇවිත් මේ දේ ශ්‍රී ලංකාව ගැන කීම පිළිබඳව ජාතියක් ලෙස ඔබ ලජ්ජා විය යුතුයි. දැන් මේ තත්ත්වය ඔබේ සංස්කෘතියක් බවට පත් වෙලා. මේක වෙනස් කර ගන්න බැරි වුණොත් බිස්නස් ඉවරයි. විදේශ සම්බන්ධතා ඉවරයි. මෙම තත්ත්වය වෙනස් විය යුතුයි.

-තවත් ඉතාම වැදගත් කාරණාවක් තමයි අප ඉතාමත් අවංකව සාධාරණව වැඩ කරන්න ඕන. අප සත්‍යවාදී විය යුතුයි.

-ඊළඟ කාරණාව තමයි තමන්ට යම් යුතුකමක් වගකීමක් පැවරී තිබෙනවා නම් ඒ වගකීම සියයට සියයක් අවංකව නිවැරදිව ඉටු කළ යුතුයි. යම් කිසි වැඩක් බාර දුන්න නම් නම් ඒකට වග කියන්න අප දැනගත යුතුයි. අපිට වෙලා තිබෙන්නේ ඒ පිළිබඳව වගකීමක් අපි බාර ගන්නේ නෑ. එවැනි වෙලාවක නිදහසට කරුණු කීම සාධාරණීකරණය කිරීම අපි සාමාන්‍ය දෙයක් කරගෙන. මට යම් වගකීමක් දීල තිබෙනවා නම් මගේ ජීවිතය කැප කරල හරි ඒක රක්ෂා කරන්න වැඩ කළ යුතුයි.

-ශ්‍රී ලංකාවෙන් කොරියාවට ගිය සමහර තරුණයන් වැඩ කරන්නෙත් එහෙමයි. ඔවුන් වැඩ කරන තැන ප්‍රධානියා ඉන්නකොට යටහත් පහත්ව වැඩ කරනවා. ඔහු එතනින් ගිය ගමන් ඔහේ ඉන්නවා. එහෙම අය අප ඉවත් කරනවා. ශ්‍රී  ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ඉන්නේ රජවරු වගේ. මේ රටේ ආකල්ප වෙනස් විය යුතුයි. ඒ සඳහා මේ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි.

-එබැවින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ සහ මිනිසුන්ගේ චින්තන රටාවේ වෙනසක් සිදුවිය යුතුයිලී වැඩිදුරටත් පැවසීය.

ඉතිං, පාන්දර 4.35ට අපේ ගෙදරට ආ නෙවිල් පුදුම වුණේ මගේ ඇඳුම් බෑගයට අමතරව තිබුණු ලොකු බෝතල් මල්ල දැක්කාමය.
“මෙච්චර ගොඩක් බෝතල්? තමුසෙ අපිට ෂැන්ඩි දෙනවද මේ සැරේ?” මෙගා බෝතල් හතරක් දැමූ බෑගය දුටු නෙවිල් ඇහුවේ කට පුරා හිනා වෙමිනි.
“මට එච්චර කැසිල්ලක් නෑ!”

“එහෙනං මොනාද මේ?”
“කොළ කැඳ!”
“කවුද හලෝ මේ පාන්දර කොළ කැඳ බොන්නේ...”

“තමුසෙට බැරි නං නොබී නිකං ඉන්නවා. ගිය සැරේ ගමනෙදී මං සාන්තලට කිව්වා කරපිංචා කැඳ ටිකක් හදාගෙන එනවයි කියලා.”
“ඉතිං මේ ටිකයිද හලෝ?” නෙවිලුත් කොකම් පෑම නවත්තන්නේ නැත.

“මං බබිතා නංගිගෙන් අහගත්තනෙ. මේ සැරෙත් තිහක්ද කොහෙද trip එක යනවා. එක මෙගා බෝතලයකට කැඳ වීදුරු අටක් නවයක් විතර අල්ලනවා. එතකොට හරිනේ... දන්නවද, අතුල හකුරුත් අරං එනවයි කිව්ව හලෝ!”

එතකොටමය- ප්‍රියන්තගේ බාල නැඟනිය මැණිකේත්, සරතුත්, දියණිය මිත්මාත් එහාට ආවේ.

“ආාාාාාා! තමුසෙ මේ ප්ලාස්ටික් වීදුරු ගත්තේ කොහෙන්ද කියනවා එතකොට.” නෙවිල් ඒවාත් දැකලාය. මං එව්වා ගත්තේ එයාලගෙ ගබඩාවෙනි. Plastic වීදුරු- කොක්ටේල් බීම හදන බඳුන් වගේ නෙවිල්ලාගේ අඩුම-කුඩුම ගබඩාව තියෙන්නේ අපේ ගෙදරය. ඒ මදිවාට ගමනකට පෙර ‘බෝතල්’ එහෙම මිලදී ගත්තොත් ඒවාත් තැන්පත්කොට තියන්නේ අපේ ගෙදරය.

“මං ඒවා ගත්තේ තමුසෙලගෙ ගබඩාවෙන්. එව්වා පරෙස්සමට තියාගෙන ඉන්නවට බිම් කුලිය ගත්තම මොකද වෙන්නේ?”

එදා හරිශ්චන්ද්‍ර වෙලාවටම ලැහැස්ති වී උන්නායින් 4.55 වෙද්දී අපි තිදෙනා ප්‍රියන්තලගේ ගෙදරය.
“බලපං හරිශ්... මේ බූරු මෝඩයෙක්ගෙ කරච්චලෙන් බේරෙන්න ඕනි හින්දා, අදත් පාන්දරින් නැඟිටගෙන ආවා. දැන් බලනවා. අපි විතරයි... අපි තුන්දෙනා විතරයි, ඇවිත් ඉන්නේ. පලයංකො දැන් තනියම. ගෙදර මිනිස්සුවත් තවම ලෑස්ති නෑ.”
එහෙම කියනකොට මං ඉන්නේ බීරි වෙච්චි ගණනටය.

එතකොටමය- ප්‍රියන්තගේ බාල නැඟනිය මැණිකේත්, සරතුත්, දියණිය මිත්මාත් එහාට ආවේ.

“අයියෝ, නිමල් අයියලා විතරද තවම ඇවිත් ඉන්නේ? අපේ පොඩි අක්කලා එහෙමත් කලින් එනවයි කිව්වනෙ, අපේ van එකේ යන්න... අපට සරත්ලගේ මහ ගෙදරටත් ගිහිල්ල එන්න වෙනවා, අයියේ... අපි වේලාසනින් පිටත් වුණේ නැත්තං, අනිත් අයටත් බලාගෙන ඉන්නයි වෙන්නේ, නුවරට ගිහිං. ඔයාල තුන් දෙනා අපේ van එකේ යමුද- නුවරට යනකල්වත්.” මැණිකේ නංගි ඇහුවාම ‘බැහැ’ කියන්නද?

අප තුන්දෙනා, ඒ තුන් දෙනාත් එක්ක (පළමුවෙන්ම) පිටත් වුණේ පිළිමතලාවට යන්නටය.

ගමනට ගිය අයගෙන් ජංගම දුරකතනයක් නොතිබ්බේ මට විතරකි! අනෙක් හැම දෙනාගේම අතේ ඒවාය!!
ඒ මෝබයිල් ෆෝන් මඟින් අනිත් වාහන ගැන- ඔවුන්ගේ ගමනේ ප්‍රගතිය ගැන තොරතුරු හුවමාරුව අඛණ්ඩව සිදු වුණේය.

“පීරිස් මහත්තයලා මර්වින්වත් අරගෙන කටුනායක පැත්තෙන් ගිහිං, දැන් සම්පත්වත් ගන්න යන ගමන්. එයාලා නුවරදී අපිව හම්බ වෙනවලු.” මුල්ම දැනුවත් කිරීම හරිශ්ගෙනි. (වළන් කඩේ සම්පත් ඉන්නේ මීගමුවේය.)
“මචං, ඔය ගමන්ම පෝල්ටත් call එකක් අරං බලපංකො, කොයි හරියෙද කියලා.”
“මට බෑ! ඇයි නෙවිල්- ඔයාටත් ෆෝන් එකක් තියෙන්නේ..”
“ඇයි යකෝ, උඹට වගේ පිනා උපහාර ෆෝන් එකක් තියෙනවද මට?” නෙවිල් අහයි. ඉතිං, කීකරු වෙන හරිශ්චන්ද්‍ර අංක ඔබයි; කතා කරයි.

පෝල් මහත්තයල කෙළින්ම පිටත් වුණාද බොරැල්ලේ ඉඳලා... හා, හා. මම මැණිකෙට කියන්නං, රවීලගේ ගෙදර location එක එවන්න කියලා.”

රවීලගේ ගෙදරදී අපි සේරම එකතු වෙලා, එහෙන් උදේට කාලයි පිටත් වෙන්නේ.

සරත්ගේ බාප්පාගේ පුතණු කෙනෙකු වෙන රවීලාගේ ගෙදරින්ය, මෙවර අපේ උදේ කෑම සූදානං කෙරුණේ.

ගමනට යන වාහන හයෙන් තුනක්ම පිටත් වුණේ එකිනෙකා හමු නොවීමය. විටින්-විටය. “රවීලගේ ගෙදරදී අපි සේරම එකතු වෙලා, එහෙන් උදේට කාලයි පිටත් වෙන්නේ.” ප්‍රියන්ත කිව්වේ අපේ ගමනාන්තය ගැන හෙළිදරව් නොකරමිනි. “එතැන ඉඳලා ඔක්කොමලම මාව follow කරපුවම හරි!”

“අපි තමයි පරක්කු වෙන්නේ කියල හිතුවට, අපේ අයියලා පරක්කු වෙයි වගේ. එයාලත් අලව්වට ගිහිං රසිකලගේ අම්මවත් එක්කගෙන එපැයි එන්න.”
“එහෙමත් තියෙද්දිනෙ මැණිකේ, මේ මෝඩයා පාන්දර එකේ ඉඳලා ඇහැරිලා ඉන්නේ!”
“ඈ? එකේ ඉඳලා.. ඇත්තද නිමල් අයියේ මේ නෙවිල් කියන්නේ?” වාහනය පදවන සරත්, නෙවිල්ගේ කතාවට පොහොර දමන්නේ යන්තමට හැරී බලමිනි.

“මමමයි එයාට ඒක කිව්වේ... හරි වැඩේනෙ මට වුණේ. දෙකට ඇහැරෙනවයි කියලා හිතාගෙන නිඳා ගත්තා. රෑ මැද්දේ ඇහැරිලා අත් ඔරලෝසුව දිහා බලනකොට දෙකයි. ඉතිං ඉක්මනට නැඟිටලා කැඳ හදන්න පටන් ගත්තා... පැයකට විතර පස්සේ වෙලාව බලද්දි එතකොටත් වෙලාව දෙකයි. මං නිඳි මරගාතේ දෙකයි කියලා නැඟිටල තියෙන්නේ එකට!”

“පව් නෙවිල් අයියේ! එහෙනං එච්චර මහන්සි වෙලා ඔයා හදාගෙන ආව කැඳ බොමු, නිමල් අයියේ.” මැණිකේ නංගි සැනසිලි වදන් කියයි.

“හැබැයි හකුරු ගන්න බැරි වුණා. ඒවා ගේන්නේ අතුලනෙ.”
“හකුරු ඕනේ නෑ, අයියේ.”
ඉතිං බෝතලයෙන් වීදුරුවලට කැඳ වත්කොට දුන්නේ නෙවිල්ය. “පිරෙන්නම දැම්මේ නැත්තේ හැළෙයි කියලා. තව ඕනි නං කියන්න නංගි. මචං, උඹට...”

“මට බෑ. සරත් යන්නේ හෙමින් නෙවෙයිනෙ. Colour ලයිට් එකක් ගාවදි slow වුණාම බොමු.” හරිශ් උත්තර දෙයි. ඒ ගමන්ම මටත් අවවාද කරයි. “ඔයාත් චුට්ට වෙලාවක් ඉන්න නිමල් අයියේ.”

අතුලයියා යනකොටම කියලලු ගියේ, ගමන කඩාකප්පල් කර ගන්න එපැයි කියලා...

“නිමල් අයියා උඹ වගේ බබෙක් නෙවෙයි බං...” නෙවිල් වීදුරුවකට කැඳ දමමින් කිව්වේය; මට ඒ වීදුරුව දුන්නේය. වාහනය එවිටම පාරේ තිබුණු ගැට්ටක් උඩින් ගියේය. කැඳ වීදුරුවෙන් බාගයක්ම මගේ කමිසයේත්- කලිසමෙත්ය.

“ හඃ හඃ හඃ පේනවද... ඕකනෙ මං ඔයාට කිව්වේ... කෝ ඇහුවද.” හරිශ්චන්ද්‍ර උදම් අනයි.
“අපරාදේ... නිමල් අයියගේ සුදු කමිසේ. පැල්ලම් හිටියි. ටිෂූ එකක් තෙමල පිහදාමු.” මැණිකේ විස්සෝප වෙයි.

“පේනවනෙ නංගි. මේ යක්ෂයා ඔයාලගෙ වීදුරුවලට බාගෙ- බාගෙ දාලා මට දාද්දි පෙත්තටම දැම්මා. තරහටත් එක්ක.”
“එහෙම අසාධාරණ කතා කියන්න එපා මිස්ටර් දිසානායක. බෝතලේ ඇල කරනකොට අනිත් වීදුරුවලට වැඩියෙන් ටිකක් වැටුණා. මට කැල්කියුලේට් කරගන්න අමතක වුණා, ඔයාගේ අත වෙව්ලන එක. ඒකෙනුයි වැඩේ වැරදුණේ... ඒ වුණාට කැඳ එක නං කොලිටි!”
නෙවිල් මගේ ලේන්සුව තෙමා කමිසයේ ඉහිරී තිබෙන කැඳ පිස දමමින් 😉😊 ඉංගිතයක් පායි.

ඒ අතරේය, මැණිකේ නංගිට අතුලගේ පියා ගැන දුක්මුසු ආරංචිය ලැබුණේ.
“හරි වැඩේ වෙලා තියෙන්නේ... අතුල අයියගේ තාත්ත නැති වෙලා... අතුලලා ආපහු හැරිලා යනවලු. ඒකෙ හිටිය පොඩි අක්කලාව වෙන වාහන දෙකකට නැග්ගෙව්වලු...” මැණිකේ විස්තර කරයි.

“එතකොට trip එකට තව තුන් දෙනෙක් අඩු වෙනවනේ මැණිකේ.”
“ඒක නේන්නං හරිශ් අයියේ. Doctor ශිරන්ත අයියලත් ඊයේ රෑ තමයි එන්නෙ නැතෙයි කියලා තියෙන්නේ.”
“දැන් එතකොට අපිත් දවස් දෙකෙන් ගමන නවත්තලා මළගමට සහභාගී වෙන්න එනවද?”
“එහෙම කෙරෙන එකක් නෑ. අතුලයියා යනකොටම කියලලු ගියේ, ගමන කඩාකප්පල් කර ගන්න එපැයි කියලා...”

“හරිශ්... දැන්මම call එකක් දීපන් මචං, හක්ස්ලිට! එයානේ ගිය සතියේ අතුලගෙන් ඇහුවේ -උත්සවේ කවදද- කියලා.”
“අනේ මට බෑ නෙවිල්, උදේ පාන්දරම බැනුම් අහන්න. හක්ස්ලි තාම නිදි ඇති.”

“ඇයි මිනිහෝ. එයා trip එක එන්නෙත් නැතිව ගෙදරනේ ඉන්නේ. හරි, උඹට බැරි නං මම කතා කරන්නං. උඹ call එක අරගෙන මට දීහංකො.” හරිශ්චන්ද්‍ර හක්ස්ලිට ඇමතුමක් ගත්තේ නෙවිල් එහෙම කීවාමය.
“ආ නෙවිල්... ආ. Rings යනවා.”
“යනව නං උඹම කතා කරපංකො.”

විටෙක ඒ දබරයන් අතිශය කටුක; රළු බවටත් පත් වෙයි. ඒ දේශපාලන මාතෘකාවට ආවාමය. එහෙම...

පැකිළෙමින් කතාව පටන් ගත් හරිශ් ආලවට්ටම් දමමිනි, කතාව කරගෙන ගියේ. “මේ නෙවිල් තමයි කිව්වේ ඔයාට කියන්නය කියලා. හඃ හඃ හඃ! අනේ හක්ස්ලි... ඔන්න ඔයා අපි සේ..ර..ම නියෝජනය කරමින් අවමංගල්ලෙට සහභාගී වෙන්න ඕනි. එහෙම නැතිව හොඳ නැහැනේ. ඒ යන ගමන් අපේ මල්කාන්තිවත් එක්කගෙන යනවද තරහ නැතිව? මම මල්කාන්තිටත් කියන්නං.”

හරිශ්චන්ද්‍ර කතාව ඉවර කරන්නත් පෙරාතුවය, මැඬවීම පටන් ගැනුණේ.
“බලනවා සරත්, මූ වගේ මිනිහෙක්. මල්කාන්තිවත් එක්කගෙන යන්න වෙන මිනිහෙක්ට පවරනවා... යකෝ. උඹේ
bestman වෙච්ච මටවත් කියල තියෙනවද මල්කාන්තිව ඔහොම කොහෙවත් එක්කං යන්න කියලා?”

“හරිශ්චන්ද්‍ර අයියේ. ඔයා ඔය කතන්දර ගණන් ගන්න එපා...”
“මේ පිස්සොන්ගේ පිස්සු කතා කව්ද මැණිකේ ගණන් ගන්නේ. මෙයාලා මහ මෝඩයොනෙ.” හරිශ්චන්ද්‍ර කියන්නේ හිනා පාමිනි! “හැබැයි නෙවිල්, පරිස්සම් වෙලා හිටපං මචං. වාහනෙන් බැස්ස ගමන් මම උඹට හොඳ ගුටියක් දෙනවා.”

අද මට කියන්නට හැක්කේ, මා අබියස කෙරෙන මෙවන් කතාබහ ගැන විතරය. අපේ කට්ටිය බෙදී, වෙන වෙනම වාහනවල නැංගාම සිදු වෙන එක අවාසියකි; ඒ ප්‍රණය කළහ සීමා වීම.
අප දහ-දොළොස්දෙනා එකම වාහනයක යන විට කෙරෙන කතාබහ, විහිළු-තහළු, රණ්ඩු-දබරවලින් සීයට එකක්වත් මෙවැනි විශාල පිරිසක් එක්ව යද්දී සිද්ද වෙන්නේ නැත.

සමහර විටෙක ඒ දබරයන් අතිශය කටුක; රළු බවටත් පත් වෙයි. ඒ දේශපාලන මාතෘකාවට ආවාමය. එහෙම වෙන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන දේශපාලන ධාරාවන් කිහිපයම නියෝජනය කෙරෙන පිරිසක් අපේ මිතුරු සංසදයේ සිටින බැවිනි. ඔවුහු නිතර ගැටෙති. නමුත්, තිබෙන ලොකුම හොඳේ, ඒ ගැටෙන්නේ ‘මති මතාන්තර සමඟ මිස පුද්ගලයන් සමඟ නොවෙන අපේ ප්‍රතිපත්තිය’ට මුල්තැන දෙමින් වීමයි.

ඒවාත් හරියටම මුතුසිරිත්, අප්පච්චිත් අතර ඇතිවෙන ඝට්ටන වැනි තියුණු ගැටුම්ය.

සිරි මාමා, තම අප්පච්චිත් එක්ක ගැටෙන ඒ ජවනිකාව තත්පර 38ක එකකි. තිබ්බේ එයා දැන් බැඳලා’...

සිරි (මහේන්ද්‍ර පෙරේරා): ඇයි? උඹට ඕන මනමාලය වෙන්ඩද? අප්පච්චි මේ, අවුරුදු හතළිස්පහක් උඹ නටපු නාඩගම් මං බලන් හිටිය. දැන්වත් මට මගේ ජීවිතේ ගත කරන්ඩ ඉඩ දීපන්.

අප්පච්චි (සරත් කොතලාවෙල): දැන් එතකොට අර ඉන්නෙ සීතාදේවි වෙන්නැති.

සිරි: මගේ ගෑනි අම්බපාලි වෙන්ඩ පුළුවන්. උඹ ජීවිත කාලෙම කළේ සීතා දේවිල ගෙනල්ල අම්බපාලිලා කරලා පාරට දාපු එක. උඹ මගෙ අම්මට කරෙත් ඒ ටිකමයි.

වෙසඟනක වූ සුද්දිව විවාහ කරගෙන එන සිරි මාමා, තම අප්පච්චිත් එක්ක ගැටෙන ඒ ජවනිකාව තත්පර 38ක එකකි. තිබ්බේ ‘එයා දැන් බැඳලා- 5’  කොටසේ විනාඩි 15 තත්පර 10 සිටයි.
මේ සති අන්ත දෙකේදී කෙරුණු අපේ ගමන්වලදී, දෙතුන් වතාවක්ම එවැනි උද්වේගකර (දේශපාලන) ගැටුම් අපේ පිරිස අතරෙනුත් මතු වුණේය! මතුවී පැයකින් දෙකකින් ඒ සටන් සමහන් වෙලාත් ගියේය.

වාද-විවාදවලට වඩා වැඩිම වෙලාවක් අපේ ගමනේදී වැය වුණේ සංගීත සාජ්ජයන් සඳහාය.
“මම තැන book කරනකොටම මේ ගැන ඇහුවත් එක්ක. අපට එක floor එකක්ම වෙන් කර ගන්න නිසා ඒකේ සිංදු කිව්වට කමක් නැහැල්ලු. හැබැයි රෑට කාගෙන් හරි complain එකක් ආවොත් නං නවත්තන්න වෙයි කිව්වා.” ප්‍රියන්ත කල් තියාම අනතුරු ඇඟෙව්වේ මාරබැද්ද රිසොර්ට් එකේදීය.

සර් ජෝන්ස් බංගලාවම වෙන් කරගෙන හිටි නිසා, සද්දෙ වැඩිය කියලා පැමිණිලි කරන්නට කවුරුන්වත් හිටියේ නැත. එතනදී අපේ සංගීත සාද වඩාත් රසවත් කරන්නට සාන්තගේත් අතුලගේත් රැඟුම් ලීලා සමත් වුණේය. ඒ දෙන්නා වටේ හිටි පිරිසගේ ඉල ඇට කැඩෙව්වේ නැති ටික විතරකි; කළේ.

“මර්විනුත් හිටිය නං තමයි මරු!” කවුදෝ එදා දැනුණු අඩුවකුත් සඳහන් කළේය.

“ලබන සතියේ trip එකට මර්වින්, සම්පත් දෙන්නම එනවය කිව්වා.” ප්‍රියන්ත කීවේ එතකොටය.
ඒ කිව්වා වගේම සම්පතුත්, මර්විනුත් ආවෝහ. සම්පත් වෙනම ගමන් මල්ලක දර්බග් එකත්, පොල් කේක් කීපයකුත්, බයිට්වලට ‘යහමින් කට දන මුරුක්කු’ කිලෝ දෙක-තුනකුත් පුරවාගෙන ආවේය.

Congo drum එකට වඩා කාගෙන යන සද්දය නිසා සම්පත්ට දර්බග් එක වයන්නට වුණේ අඩුවෙනි.

මියැසි සාදය තවත් ඔප ගැන්වුණේ (ප්‍රියන්තගේ දෙවෙනි පුතු) වෙනුජ ඉලන්දාරියාගේ ගිටාර් වාදනයෙනි. ‘කොල්ලා ඉක්මනින්ම වැඩේ අල්ල ගන්නවා. ගිය සුමානෙට වැඩිය මේ සතියේ ගොඩක් දියුණු වෙලානේ!’
මමත් ඒ මතයට එකඟ වීමි. “මට තේරෙන විදිහට වෙනුජට හොඳ කණකුත් තියෙන පාටයි, හපන්කම වගේම.”

“අපේ ලොක්කා කවිජටත් ඔය වගේම ගිටාර් එක ගහන්න පුළුවන්. දෙන්නම එකටනෙ, ගිටාර් class යන්නෙ. ඒත් මිනිහා ලජ්ජාකාරයා. කාමරේට වෙලා හොඳටම සද්දෙ අඩු කරගෙනයි play කරන්නේ.” ප්‍රියන්ත කිව්වේය. “එයාලා එහෙම වෙන එක හොඳයි... මට සිංදුවක්වත් කියන්න බැරි එකේ, ඒ දෙන්නා හරි කියයිනේ...”
“බාප්පා වගේ...” එහෙම කියැවුණේ නලින්ට ඉඟි කරමිනි.

මියැසි සාදය තවත් ඔප ගැන්වුණේ (ප්‍රියන්තගේ දෙවෙනි පුතු) වෙනුජ ඉලන්දාරියාගේ ගිටාර් වාදනයෙනි.  

අපේ නඩේ පළමු ගමනේ මාතලේ දක්වා කොටසත්- දෙවෙනි සංචාරයේ නුවර දක්වා විස්තරත්ය, දැනට කියා තියෙන්නේ. මේ තවත් ටිකකි.

දෙවෙනි සංචාරයේදී, සරත්ලගේ මහ ගෙදරටත් ගිහිං අප මහයියාවට යන තුරුමත්, අපේ කට්ටියේ එක වාහනයක්වත් එතැනට ඇවිත් තිබ්බේ නැත. “බලාගෙන ගියාම අපිනෙ ඉස්සර වෙලා තියෙන්නේ.”
“පීරිස් මහත්තයලා ළඟ එනවලු. තව විනාඩි පහෙන් මෙතනලු.”
“එතකොට පෝල්ලා....”
“මම හැමෝටම location එක යැව්වා නෙවිල් අයියේ. අපේ අයියලයි පොඩි අයියලයි තමා පරක්කු වෙන්නේ. ඒ දෙගොල්ලෝ තාම high way එකේලු.” මැණිකේ කියද්දී සරත් නිගමනයකටත් බැස්සේය. “මේ දෙගොල්ල මෙතෙන්ට ආවට පස්සේ අපි රවී අයියලගේ ගෙදරට යමු.”

රවීලාගේ පවුලේ කීප දෙනාම අප හා එක්ව සංචාර කීපයකටම ගොස් තිබේ. එයින් එක අයෙකු මට හමු වුණු දුර්ලභ කෙනෙකි. “ඔව් නිමල් අයියේ, මහින්ද මහත්තයා මට අතට අත දුන්නම මං සුමානයක් යනකල් ඒ අත හේදුවේ නෑ!” අවුරුදු පහළොවකට විතර කලින් දවසක එයා මටම කිව්වේ, හෝර්ටන් තැන්නේ නවාතැනේදීය.

අපේ වාහන තුනක් රවීලාගේ ගෙදරට යනකොටත් එයාලා මඟ බලාගෙනය.

“අනේ, දැන් කට්ටියටම බඩගිනිත් ඇතිනෙ. අනිත් කට්ටිය එනකල් ඔයාලා කෑම කන්න.”
ඒ යෝජනාවට නම්, අපි බැහැයි නොකීවෙමු!

මං හිතාගෙන හිටියේ පෙරේතකම තියෙන්නේ මට විතරක් කියලාය. නැත. එහෙම උදවිය තවත් සිටිති. මට එහෙම හිතුණේ එක-එක්කෙනාගේ ප්‍රතිචාර කණට වැටෙනකොටය.
ඉස්මුරුත්තාවටම කෑවා. මිරිස් මාළු හොද්ද නිසාම. / ඇයි ලුණුමිරිස? / කිරිබතටත් පදමට ලුණු. / නුවර පාන් වුණත් කොළඹ එව්වට වැඩිය හොඳයිනෙ මචං.

මං හිතාගෙන හිටියේ පෙරේතකම තියෙන්නේ මට විතරක් කියලාය. නැත. එහෙම උදවිය... (සර් ජෝන්ස් බංගලාවෙදී)

“මට නං ඉස්තරම්ම මාළු හොද්ද!”

“රවී අයියල කේටරින් සර්විස් එකකුත් කරනවනේ නිමල් අයියෙ. හෝටලේකුත් තියෙනවා.” මැණිකේ නංගි කිව්වේ සතුටින් ඔද වැඩුණු විත්තිය හංගාගෙනය. එහෙම ආඩම්බර වෙන්නම ඕනිය. සරත්ගේ බාප්පා, රවීලා- ගීතලා හා දූරුන් සියල්ලෝම අපට කළ සත්කාර- දැක්වූ අව්‍යාජ සෙනෙහස ඒ තරම්ම උණුසුම්ය!

ඊළඟටය ප්‍රියන්තගේත්, නලින්ගේත් වාහන දෙක එහාට ළඟා වුණේ.

“නිමල්ටත් පීරිස්ගේ වාහනයට යතෑකි නේද? අතුලලගේ වාහනේ හැරිලා ගිය නිසා අපේ ඩිෆෙන්ඩර් එකේ දොළොස් දෙනෙක් හිර වෙලා ආවේ. පෝල්ගෙ කාර් එකටත් දෙන්නෙක් දැම්මම...” ප්‍රියන්ත කෑම බෙදාගෙන ඇවිත් හීන් සීරුවේ සැලසුම් හදයි.

“ඔයා දන්නවද, අතුලලා හැරිලා ගිය ගමන්ම මම සුමිත්ලට කතා කළා. එයාල අට දෙනෙක්ම එන්න ඕනියි කිව්ව නිසානේ හැලුණේ, ඉඩ නැතිව. දැන් ඉඩ තියෙනවයි කිව්වා විතරයි, එයාලත් එන්න ලෑස්ති වෙනවා. Van එකකුත් කතා කරගෙන. දහයමාරට කලින් පිටත් වෙනවයි කිව්වා.”

“එතකොට එන්න ඕනි තැන?”
“හඃ හඃ හඃ. එයාලා නුවරට ආවට පස්සේ මට call එකක් දෙයි. එතකොට තමයි කියන්නේ. ඒ වෙද්දී අපි යන තැනට ගිහිං ඉවර වෙලා තියෙයි!” ප්‍රියන්ත මාරබැද්ද ගැන අපට නොකියා වසංගාගෙන හිටියේ එච්චරට සූක්ෂ්මවය...-->

23 comments:

  1. මගෙ වැඩ කොහොමවෙතත් තව අය සම්බන්ධවෙන වැඩවලට වෙලාවට යන එක මාත් කරනවා. අනිත් අය එහෙම නැතිවුනාම annoying.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිපත්තිය අගෙයි Pra Jay මහත්තයෝ.

      Delete
  2. මංනම් වෙලාවට වැඩ. ඒත්... අනෙක් අය වෙලාවට වැඩ නැති නිසාත් මග රස්තියාදුවට අකමැති නිසාත් මම තැන අනුව වෙලාවට වැඩ නොකරන අවස්ථාත් තියෙනෝ.

    ජංගම දුරකතනයක් නොතිබ්බේ මට විතරකි// දුන්න එක පාවිච්චි කොරන්නේ නැති කතාවක් මන් අහලා තියෙනෝ. ඇත්තද මන්ද

    මං නිඳි මරගාතේ දෙකයි කියලා නැඟිටල තියෙන්නේ එකට - කැඳ වීදුරුවෙන් බාගයක්ම මගේ කමිසයේත් කලිසමෙත්ය// හෙහ් හෙ.. 😂😂

    ReplyDelete
    Replies
    1. මඟ රස්තියාදුව තියෙද්දිත් ඔයා පාද යාත්‍රා ගමනට ප්‍රැක්ටිස් කරන දවස්වල හෙම වෙලාවට ආවේ.

      මර්වින් දුන්ණු ෆෝන් එක මාස ගාණක් එහෙමම තිබිලා- ආපහු අරං ගියා. සමන්ති නංගි ගෙනත් දුන්නු i phone එක නම් දැන් එළියට ගන්න වෙලයි තියෙන්නේ, නමී. විදුලි- ටෙලිෆෝන්- වතුර බිල් ලබා ගන්න වෙන නිසා.

      ඇඟ පුරා කැඳ හැලෙන එක හිනා වෙන්න කාරණයක්ද මිනිහෝ?

      Delete
    2. පාද යාත්‍රා ප්‍රැක්ටිස් එකට ආවේ අනෙක් රාජකාරිත් කරමින් ආ අයනේ. ඒක නිසා මන් වෙලාවට ඉන්න වගබලාගාත්තා.
      අපේ මිනිහෙක් ඉන්නවා අද හවස 4ට එන්න කිව්වා නම් පහුවද 4ට වත් මිනිහ නෑ. තව එකකේ ඉන්නෝ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් දීල ඇහුවත්... මේ මග ඉන්නෙ කියන සයිස්.

      ඇඟ පුරා කැඳ හැලුණේ මගේ නෙවේනේ. 😂😂

      Delete
  3. මගේ කොමෙන්ටෙක කෝ බොල.

    ReplyDelete
    Replies
    1. https://m.facebook.com/story.php?story_fbid=686738569561878&id=100046772243050&sfnsn=mo&mibextid=VhDh1V

      මේක ගහල හොයා ගම්මු

      Delete
    2. පේනවා නේද ප්‍රසන්න? නැද්ද ගොඩකවෙල පැත්තෙ සුදුලූනු මල් එහෙම.... ඩ්‍රැකීලා එව්වට බයයි.

      Delete
  4. අපේ පරක්කු වෙන එකනම් හරිම ප්‍රශ්නයක් තමයි. ඔය කොරියන් කාරයා කීව එක ඇත්ත. මහා වදයක් වෙලාවකට කිසි දෙයක් පටන් ගන්න බැහැ. අපේ බිරින්දෑ ඉස්සර ලංකාවේ අය පාටියක් කීවහම මම එපා කිව්වත් වෙලාවටම යන්න වද දෙනවා. බොහොමයක් වෙලාවට ගියහම අපි තමයි ඉස්සෙල්ලම ඇවිත් ඉන්නේ අනිත් අය පැය දෙක තුන පරක්කුයි. ඉතින් අපේ යාලුවෝ දැන් අපට කියන්නේ ටිකක් පරක්කු වෙලාවක්. හැබැයි එනිසාම දැන් අපි යන්නේ හොඳටෝම පරක්කු වෙලා අන්තිමටම

    ReplyDelete
    Replies
    1. මගෙ දැක්ම නං අජිත් මහත්තයෝ- අපිත් සමාජ ඔරලෝසුවේ දැති රෝද වගෙය කියන එක. එක රෝදයක් හරි, හරියට වැඩ නොකරනවා නම් අනෙක්වාත් නිසියාකාරව වැඩ කරන්නැතිව යනවා.

      මේ පාඩම පන්සීය පනස් ජාතක පොතේ 'ලුනුවරුන (වගෙයි මතක) ජාතකයෙනුත් කියා දෙනවා.

      Delete
  5. වෙලාවට වැඩ නොකිරීම අපේ ජාතියේ අබාග්ය, අනෙක බොරු කීම, කොහොමද බාස් ලගේ බොරු කීම?, හෙට උදේ එනවා
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. බාස්ලත් අපේ සමාජයේම මිනිස්සු නෙව විජේබාහු මහත්තයෝ!

      Delete
  6. මරු ට්‍රිප් එකක් වගේ. කිරිබත් සහ මාළු හොදි කියන්නේ නියම කම්බිනේශන් එකක්.

    ReplyDelete
  7. හොඳ පෝස්ට් එකක් නිදී හැබැයි මෙතන නිදිත් වර්ණපාල තියරිය භාවිතා කරලා තියෙනවා නේද?

    නිදි දන්නව ඇතිනෙ වර්ණපාල තියරි එක, උදාහරණයක් විදියට ලංකාවේ රට්ටු හිනහ ගන්වමින් පිස්සු කියවමින් බහුබූත කරභින් ඉන්න මුග්ධ විපක්ෂනායක පුටාණෝ නම් ගොනා මේ දවස්වල උගේ වහල්ලු පිරිවරාගෙන රැස්වීම් වලට ගිහින් ඌටම ” බස් මෑන් ” කියලා නමක් දාගෙන ස්ටේජ් වලට නැගල කියනවා. ඒ පොල් බූරුවා හිතන් ඉන්නේ ඒ නම නිකන් බැට් මෑන් වගේ සුපර්හීරෝ අයිටම් එකක් කියලා. මෝඩ මූසල මීහරකෙක් ඌනම් . ඔය වගේ හරක්ට පුළුවන් ද රටක් පාලනය කරන්න. ලබ්බෙ දස රාජ ධර්මය...

    ඒ වගේම නිදිත් මෙතන ට්‍රයි එකක් දෙනවා නේද වර්ණපාල තියරි එක දාලා පොරක් වෙන්න නැද්ද හා?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන් මහත්තයෝ!
      trip දෙකම නියමෙට තිබුණා.
      අලුත් කෝණයකින් බලල විවේචනයක් කිරීම ගැන Anonymous මහතාට ස්තුතියි.
      කිසිම විටෙක මම පොරක් වීමේ චේතනාවක් නං මගේ ළඟ නැහැ. සමහර විටෙක මමත් නොදැනුවත්ව එහෙම දෙයක් මගෙ යටි හිතේ තියෙනවාද කියලයි හිතන්න වෙන්නේ. මොකද මමත් තවම මාව තේරුම් ගෙන ඉවර නැති නිසා.

      Delete
  8. මේක කියෙව්වේ ඊයේ. නමුත් කමෙන්ට් එකක් දාන්න ඉස්පාසුවක් ලැබුණේ දැන්.

    සර් ජෝන්ස් බංගලාවට යන්න ඔ්නෙ, වෙලාවක. මන්දාරම් නුවර ඉන්න අපේ සභාවක වැඩ කරන කෙනෙක් ටික කාලෙක ඉඳං පෙරැත්ත කරනවා එන්න එන්න කියලා.

    නිදි දන්නවද, චැරියට් පාත්?

    ReplyDelete
    Replies
    1. දැන්ම ගිහිං බලන්න වටිනවා. නකල්ස්, මානිගල, මන්දාරම් නුවර, ඔක්කොම හයික්ස් යන්න වෙන තැන් නිසා අතපය හයි-හත්තිය තියෙන කාලෙම තමයි යන්න ඕන.
      චැරියට් පාත් ගැන ඇහුවේත් ඔයාගෙනුයි ඩ්‍රැකී. හොයලා බලනකොට යන්න ඇත්නං හොඳයි වගේ පෙනුණේ.

      Delete
  9. කියෙව්වාම හොල්මන් වුණු කතන්දරයක්:
    https://thilakasitha.blogspot.com/2022/12/blog-post_29.html
    ෆිලිප් දුපතේ දරු උපත

    ReplyDelete
    Replies
    1. මට මතක් වුණේ කැකිරි දූපතේ දරු උපත...
      https://www.dinamina.lk/2017/07/25/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/37904

      Delete
    2. වැඩ ගොඩක් අස්සේ වුණත් ආයෙත් කියෙව්වා. ඒ තාක්ෂණය අද... ස්තුතියි ඩ්‍රැකී!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්