li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, October 9, 2024

අනුරට කෝටියක්- මමත් ඉන් එක්කෙනෙක්! තෙවෙනි කොටස

‘අනේ මං මාලිමාවට කැමති බව ඇත්ත. ටික වෙන්න කඩේ ගිය විත්තියත් ඇත්ත. ඒත් අරහෙම විශේෂ යාළුකම්- සම්බන්ධකම් මොකුත් මේ පුංචි සිංඤෝට නෑ!

හැබැයි එයාලා රට හදයි කියල විශ්වාසයක් මට තියෙනවා.
ඒත් මම මාලිමාව අදහන්නෙක් නං නෙවෙයි.

සුරංග ඉස්කෝල කාලෙම තනාගත්තු පෙම් ලෝකයේ කිරුළු පළඳින්න... (දැන් ඒ ලෝකයේ පුරවැසියෝ හතර දෙනෙක්....)

ඒ හින්දම සිද්ද වෙනදේ ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නත්, තේරුම් ගන්නට උත්සාහ කිරීමත් කරතෑකි. ආශ්චර්යයන් බලාපොරොත්තු වෙන්නේ නැතිව. කලබල වුණොත් කොරොස් කටේ වුණත් අත දමා ගන්න බැරි වෙනවනේ. අපි හැමෝටම තියෙන්නෙ ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නයි.’

‘අනුරට කෝටියක්- මමත් ඉන් එක්කෙනෙක්!’ පළමුවෙනි කොටස ලියනකොටම මං එහෙම කිව්වා. ඒත් හුඟක් දෙනා ඒ කාරණය එතරම් ගනිච්චියකට අරගෙන තිබ්බේ නෑ වගෙයි... මාලිමාවෙන්; අලුතින් පත්වුණු ජනාධිපතිතුමාගෙන් නැත්තං දැන් පවතින ආණ්ඩුවෙන් අහන්න ඕනෑ ප්‍රශ්න මගෙනුත් අහනවා. ඒත් දෙය්යනේ මේ පුංචි සිංඤෝ තමන්ගේ තරම දන්නවනෙ... ඒ හින්දා එව්වාට නොදන්නා පණ්ඩිත උත්තර දෙන්න යන්නෙ නෑ. ඒ ගැන කවුරුන්වත් අහිතක් හිතන්න එපා, හොඳේ?

තමන්ගේ තරම...
ඒ වගේමයි මම අනිත් අයගේ තරාතිරම හා ඔවුනගේ අදහස් දරන්නට ඔවුන්ට ඇති අයිතිය ගැනත් වෙසෙසින් සැලකිලිමත් වෙනවා. ඒ වගට මට තියෙන හොඳම සාක්කියක් මේ ‘අවුරුදු දොළහක් විතර පරණ කතන්දරේ’.

අපේ මානෙල් නංගිගේ එකම පුතණ්ඩියා ලලීන්ද්‍ර ශ්‍යාමන් (සුරංග) ඉස්කෝල කාලෙම තනාගත්තු පෙම් ලෝකයේ කිරුළු පළඳින්න සූදානං වුණා- කල වයසට ආවට පස්සේ...
එතකොට පුතාටත් ඉස්සෙල්ලා මංගල උත්සවේ ගැන plan කරන්න ගත්තේ කොල්ලගෙ අම්මයි! ඒ කිව්වේ අපේ නංගියි!! උන්දා මගෙත් එක්කත් ඒවා ගැන කියෙව්වා.
(සුරංග උත්පත්තියේ හිටන්ම මගේ එක්කත් ඉතාම සමීපයි. පළමුවෙනි වතාවේ;
1985 එංගලන්තය ගිහිං හිටි මං, වීසා තියෙද්දිත් 1986 මුල ලංකාවට ආවේ සුරංග ඉපදෙන වෙලාවේ මානෙල් නංගිගේ ළඟ ඉන්න ඕනි නිසයි.)

ඉතිං සුරංග මාව හම්බ වෙන්න ඇවිත් ඇහුවා ‘ලොකු මාමේ, කොහොමද මගේ wedding එක ගන්න හොඳ?’ කියලා. ඒ හාදයාගේ හිතේ තියෙන දේවල් ටිකකුත් කිව්වා.

“මිනිහෝ, කසාද බඳින්න යන්නේ තමුසෙ. කෙනෙක් කසාදයක් බඳින්නේ එක වතාවයිනේ. ඉතිං ඔයාගේ කසාදෙ ඔයාට ඕනි විදිහට; ඔයා කැමති විදිහකට කරනවා. මං දන්නවා ඔයාලගේ අම්මත් දැන් තියාම ඕන්නැති තරමටම ඇඟිලි ගහන්න පටන් අරගෙන බව. ඔයාගේ අම්මා වෙන්න කලින්නෙ එයා මගේ නංගි වුණේ... මම දන්නවනෙ එයාගේ හැටි!
ඔයාට ඕනි නං අම්මට කෙලින්ම කිව්වත් කමක් නෑ, මම මේ කියන දේවල්.
බය නැතිව ඔයාටයි ඉසංකාටයි ආස විදිහට මඟුල plan කරනවා හලෝ. හැබැයි, ඒකට අපෙන් කෙරෙන්න ඕනි දේවල් අපිට කියනවා.”

අනුර කුමාර දිසානායක ජනාධිපති තනතුරට පත් වුණේ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ අපේ ඡන්දයෙන් බව ඇත්තය. එහෙම වුණු පළියට අපි හැමෝම කියන-කියන දේවල්...

(දැන් වයස අවුරුදු පනස් හයක් වන) අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාටත් එහෙම නිදහසක් දිය යුතු විත්තියයි, මට හිතෙන්නේ. ඔහු ජනාධිපති තනතුරට පත් වුණේ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ අපේ ඡන්දයෙන් බව ඇත්තය. ඒත් අපි හැමෝම කියන-කියන දේවල් කරන්නට ගියොත්... අපි හැමෝම ගහන-ගහන පදයට නටන්නට ගියොත්... නව ජනපතිතුමන්ට මොනවාවත්ම කර ගන්නට බැරි වෙනු ඇත.

ඒ නිසාමයි මගෙන් මෙහෙම කවි දෙකක් ලියැවුණේත්:   

අනුරට හිමි වුණේ ජය නොව මාවතය
ඒ මඟ දිගේ ගොස් ඔහු ජයගත යුතුය
ගමන අසීරුයබාධක          අපමණය
ඒ අභියෝග අනුරල ජයගනු     ඇතිය

ඇලඩින්ගේ පහන නැත          පිරිමදින්නට
හොරු හතලිහට වැඩියෙන් ඇත මඩින්නට
පොදු ජන පැතුම් තියෙනව ඉටු   කරන්නට
ඒ කාරියට ඉඩ දෙමු                   මාලිමාවට

හැබැයි ඔය නිමල් දිසානායකගේ අදහස. ඒක දිව්‍ය භාෂිතයක් නෙවෙයි. මම වැරදි වෙන්නත් ඉඩක් නැතිවම නෙවෙයිනෙ.
ඒ වගේමයි, අනුර ගැන- මාලිමාව ගැන එච්චර පැහැදීමකින් නොහිටි සමහරුන්ගේ අදහස් වුණත් හෙමිහිට වෙනස් වෙන්න පටන් ගෙන...

‘//පොරගේ ඩවුන් ටු අර්ත් කෑල්ලක් තියනව සජිත්ට නැති//

මට ජෙප්පො එක්ක සෑහෙන ඇරියස් තිබ්බා. ඒත් දැන් ඒක වෙනස් වේගන යනවා.

වර්තමානයේ භාවිතයේ නැති, බරපතළ ඉංග්‍රීසි කෑලි දාලා කතා කරන්න ගිහිල්ලා, "චොයිස් ඔෆ් වර්ඩ්ස්" අනාථ කරගෙන සජිත් නාගන්නවා මම වරක් දැක්කා. පොෂ් ඉංග්‍රීසි = බුද්ධිමත්කම කියල හිතන්නෙ මෝඩයො. අනුර පළමු කතාව සිංහලෙන් කළා. විදේශිකයො ට්‍රාන්ස්ලේෂන් එක ඇහැව්වා. මම ඒකට කැමතියි (ලෝකෙ අනිත් නායකයො කරන්නෙත් ඒක). විවෘත භාවය, අවංකකම සහ නිහතමානීකම තියෙනව නං වරදින්න විදිහක් නෑ. ඔහු කිව්වා, මට මැජික් කරන්න බෑ, මට ඔබෙන් උදව් අවශ්‍යයි කියලා. මම නොදන්න දේ, දන්න අයගෙන් අහගන්න ඕනෙ කිව්වා. මම අනුර ගැන පැහැදුනේ ඒකයි. ඔහු හොඳ ආදර්ශවත් නායකයෙක් වේ යැයි හිතෙනවා. මෙච්චරකල් කම්බා හොරු හිටපු රටක, සමාජමය ආකල්ප වෙනස් කර ගන්න, මේක හොඳ ආරම්භයක්.’

Comment එකකින් එහෙම කියල තිබ්බේ බස්සා. කොළඹ ගමයා අඩවියේ ‘නොලියා බැරි නිසා ලියමි’ post එකේ කමෙන්ටු තීරුවට.

ඒ තීරුවේ දැනට comments 86ක් තියෙනවා. අලුත් වෙනස blogsවල comments තීරුවලටත් බලපාලා වගෙයි... වැඩි පාඨක පිරිසක් එයාලාගේ අදහස් දක්වනවා! ඒක කොයිතරම් හොඳ ප්‍රවණතාවක්ද? හැබැයි එහෙම අදහස් දක්වන හුඟ දෙනෙකුට තියෙන්නෙ පුදුමාකාර නොඉවසිල්ලක් විත්තියයි මට පේන්නේ.

හොරු හතලිහට වැඩියෙන් ඇත මඩින්නට!

අනෙක එයාලා මස් රාත්තලම ඉල්ලා හිටින ෂයිලොක් වංශයේ අය වගෙයි. තව කාරණයක්. ‘උපමා කැඩපත’ පොතේ කියවෙන මේ අපූරු කවියත් එයාලට ඇහැ ගැහිලා නැති පාටයි.

තද     සැර  තමයි  සැරයෙන් වැඩි හෙණ  සැරය
වෙඩි  සැර  තමයි  ඊළඟ සැරයෙන්           සැරය
රාම   සැර  තමයි  උත්තම මහ                 සැරය
හීන්   සැර  තමයි  හැම සැරටම                සැරය

කලබල වුණාම කොරස් කටටවත් අත දා ගන්න බැරි වෙන විත්තිය මතකෙ තියාගෙන; රාම සැරයටත් වැඩියෙන් හීන් සැරය බලගතු බව තදින්ම හිතේ ධාරණය කරගෙන අලුතින් පත් වුණු ජනාධිපතිතුමා නං වැඩ කරන විදිහයි මට පෙනෙන්නේ.    

fb එකේ ඉන්න ගොඩක් දෙනා වුණත් තලත්තෑනි; ඉහ නිකට පැහුණු උදවිය නෙවෙයිනෙ.
පුරාතන ගද්‍ය-පද්‍ය පොත්පත්වලිනුත් ඈත් වුණු පරම්පරාවකටයි එයාලා අයිති. ඒ මදිවට ඒ පරම්පරාවේ වැඩි දෙනෙකුට හිතන්න- විමසා බලන්න හුරු කරවලත් නෑ... රටේ පාලක පැලැන්තියට උවමනා කරලා තිබුණෙත් එහෙම ‘අංශභාග’ පරම්පරාවක් හදා ගන්නයිනෙ.
අනුකාරක උගතුන්- කොඳු කඩාගත් වියතුන්- හෘදය සාක්ෂියක් නැති මිනිසුන් වැඩි-වැඩියෙන් බිහි කෙරෙන අතරේ වුණත් ‘නියම බුද්ධිමත්; සවිමත් කොන්දක් සහිත; හැබෑ මිනිසුනුත්’ සෑහෙන්නට බිහි වෙලා තියෙන විත්තිය පෙනෙන්නේ දැන්... වෙනසක් වෙන්නට පටන් ගන්නවත් එක්කම ඔවුනුත් කලඑළියට එන්න පටන් අරං... ඔවුනගේ මති-මතාන්තරත් සමාජගත කරන්නට පටන් අරං.

තුමුල හෙට්ටිආරච්චිත් එයින් එක්කෙනෙක්. මේ එයාගේ විශ්ලේෂණයකින් කොටහක්:
‘... 06. හොරු ඇල්ලුවද දැන් මෙයා හිරේද වගේ කතාවලට මේ ටික ලියාගෙන යන්නම්.
ආවට ගියාට නඩු දාලා ලිස්සන්න පාරවල් ඉතුරු කරලා මුන්ට ලේසියෙන් බේරෙන්න බේරිලා ආයේ වීරයෝ වෙන්න තරම් මේ ආණ්ඩුව ඉඩක් තියයි කියලා මම හිතන්නේ නෑ. දාන නඩු හරියට වෙලාවට තිතට මෙච්චර කල් එකතු කරගන්න බැරුව මුන් හංගපු සාක්ෂිත් හොයාගෙනම වෙලාවට වැටෙයි කලබල නොවී ඉන්න.

07. අන්තිමට මේ ටික ලියන්න හිතුවා. අලුත උපන් දරුවෙක් වේගෙන් ලොකු උනාට අවුරුදු 76ක් එක එක විදියට මරලා දාපු මළකඳකට පණ දෙන්න; ආයේ මිනිහෙක් කරන්න දවසෙන් දෙකෙන් පුළුවන් වෙයි වගේ විකාර හිතේ තියන් ඉන්න එපා.

මුත්තා කිව්ව වැල් පාලම් කතා අපිට කියලා සැපේ සනීපේ සෙට් එක එක්ක ආතල් ගත්තට, ගෙදර ගිහිල්ලත් මිනිහට උයන්න කෝකියෝ 16ක් ඉල්ලුවට... සැබෑම වැල් පාලමේ යන්න වෙලා තියෙන්නේ වත්මන් ආණ්ඩුවට හා මහජනතාවට. ඒ නිසා කල්පනාවෙන් හැම අඩියක්ම තියාගෙන පරිස්සමට මේ ගමන ගියොත් දැනට දැනෙන වෙනස වගේ සිය ගුණයක වෙනසක් දැනෙන රටක් අවුරුද්දක් යන්න කලින් හදාගන්න බැරිවෙන එකක් නෑ.

මේක ලේසි මැච් එකක් නොවේ!

ඒ නිසාම එකතුවෙමු... ශක්තිමත් බලයක් දෙමු... පුරවැසියෝ විදියට හැමදේම විමසිල්ලෙන් හොයමු... අපි අපේ රට හදමු...

මේක ලේසි මැච් එකක් නොවේ!’

ඔව් තුමුල, මේක කොහෙත්ම ලේසි මැච් එකක් නෙවෙයි. මේ සෙල්ලම ඊට වඩා හාත්පසින්ම වෙනස්. සංකීර්ණ එකක්. භයානකම එකක්... ඒක කරන්න වෙලා තියෙන්නෙ කකුල්වලින් අදින- වෙට්ටු දාන- ලෙඩ දමන ‘බලලෝභී’ පිරිවරක් එක්කයි.

අද; ඔක්තෝබර් 8 වෙනිදා හවස පහයි පනස් පහට විතර Ano කෙනෙකුගෙ කමෙන්ටුවක් වැටිලා තිබ්බා, මේ ලිපි පෙළේ දෙවැන්නට- පහුගිය කොටසට.

‘නිමල් අංකල්, මංචි බිස්කට් ඇතුලු නිෂ්පාදන කරන CBL ආයතනයේ ලොක්කා ඔන්න සතොස සභාපති ලෙස පත් කරලා අනුර දිසානායක ජනපතිවරයා? ඇයි ඒ?

CBL එක SPAR සුපර් මාකට්වල දේශීය හවුල්කරු වන නිසා මෙතන දැඩි conflict of interest එකක් තියෙනවානේ? එහෙම වෙද්දි ඇයි මෙහෙම කරන්නේ?

විස්කෝතු හදන එකාට රිටෙල් ෂොප් දෙනවා. බිස්නස් එක හාබර් එකේ තියන එකාට හාබර් එක අයිති පළාතේ ආණ්ඩුකාරකම දෙනවා.

අප්පට සිරිවෙන සිස්ටම් චේන්ජ්..

විකුණන්නේ නැහැ රාජ්‍ය ආයතන. කොම්පටිටර්ලට දෙනවා එයාලගේ බිස්නස් එක්ක මර්ජ් කරගෙන යන්න..

හරි පුදුමයිනේ මේ වගේ පාදඩකරණය කරන්නේ ඇයි රජයේ ආයතන? මේවටද ඔයාලා මාලිමාවට ඡන්දය දුන්නේ? කෝ මේවට විරුද්ධව කතා නොකරන්නේ ඇයි? කෝ මේවට උත්තර? ඔයාලා මාලිමාව ඇතුලේ කතා කළාම මොනවද මේකට හේතු විදියට දුන්නේ?

මෙතැනදී මේ පෝස්ටුවේ මුලින්ම කිව්ව කරුණු කිහිපයක් ආයෙමත් අවධාරණය කරන්නයි මට සිද්ද වෙන්නේ!

මම මාලිමාවට සහය දුන්නේ සහ ඉදිරියටත් සහාය දෙන්නට හිතාගෙන ඉන්නේ;
ජනපතිවරණයේදී අනුර කුමාර දිසානායකට ඡන්දය දුන්නේ;
එළඹෙන නොවැම්බර් 14 පැවැත්වෙන මහ මැතිවරණයේදීත් මාලිමාවට ඡන්දය දෙන්නේ මේකයි.

අනෙක් උදවියට හා අනෙක් පක්ෂවලට සාපේක්ෂව මාලිමාව හොඳ බව පෙනෙන නිසයි; දැනෙන නිසයි. නමුත් එයින් (මම නම්) අදහස් කරන්නේ නෑ එයාලා සර්වතෝභද්‍ර උදවියය කියලා. Perfectම මිනිසුන්ය කියලා.

එයාලා අනෙක් අයට සාපේක්ෂව වඩාත් හොඳ විත්තියයි මගේ අදහස!
එයාලා අනිත් හැමෝටම වඩා අවංක බවයි මම හිතන්නේ. මාලිමාවේ පිරිස දූෂණවලින් තොරවීම හා කැපවීම අතින් උපරිම වීම වුණත් කොයිතරම් සාධනීය කාරණාවල්ද?

ඒත් දැන් තත්ත්වය එච්චරටම නරක නැතුවා වගෙය. වෙනස් වෙන්නට; වෙනසක් කරන්නට තිබුණු බිය අතුරුදහන් වී ගොසිනි.

“නිමල්, මං උදව් කරන පැත්තේ අය දිනුවොත් විතරක් නෙවෙයි- විරුද්ධ පැත්තේ ඉන්න අය දිනලා ආණ්ඩුවක් ආවත් මට රේඩියෝ එකේ බණ කියන්න හම්බ වෙන්නේ නෑ. ඒක මම දන්නවා. ඕන්නං වැඩිම වුණොත් එකම එක බණක් කියන්න පුළුවන් වෙයි...” කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් වහන්සේ වතාවක් මගෙත් එක්ක කිව්වා.

(ඒ මං අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ මැනේජර්කම කරන සංදියේ. චින්තන පර්ෂදයේ මහාචාර්ය නලින් ද සිල්වා, ගෙවිඳු කුමාරතුංග, ගුණදාස අමරසේකර වගේ මහත්වරුන් මට නිතර හමුවෙන කාලයේ. අපි ගණිත ගැටේට අහු වුණෙත් ඒ වකවනුවෙමයි.)

“ඇයි හාමුදුරුවනේ, එහෙම කිව්වේ?”
“මොකා වුණත් බලයට එන්න කලින් කියන දේවල් නෙවෙයිනෙ බලේට ආවට පස්සේ කරන්නේ... එහෙම දේවල් දැක දැක කට පියාගෙන ඉන්නද? එව්වා විවේචනේ කරන්න ගත්ත ගමන්ම මට වැදෙනවනෙ ‘ආණ්ඩු විරෝධී හංවඩුව’. එතකොටම මට රේඩියෝ බණ නොදී අරිනවා...” උන්වහන්සේ කිව්වේ එදා තිබුණු තත්ත්වයයි. 2024 අවුරුද්දේ මාස 9ක් ගෙවෙන තුරුත් තිබුණේ එහෙම වාතාවරණයකි.

ඒත් දැන් තත්ත්වය එච්චරටම නරක නැතුවා වගෙය. වෙනස් වෙන්නට; වෙනසක් කරන්නට තිබුණු බිය අතුරුදහන් වී ගොසිනි.

දැන් රහසිගත games ගැහිල්ල ලේසි නැත; හොරාකෑම ලේසි නැත. පාලකයනුත් දූෂණ විරෝධීන්ය.
සමාජ මාධ්‍ය බලවත්ය; බහුලය. විචාරාක්ෂි; විමංසනාක්ෂි එමටය. උකුසු ඇස් හැම තැනමය.
බලය තිබියදී කරන නොපනත්කම් ප්‍රසිද්ධ නොවුණත් බලය නැතිව ගිය විගසින්ම ඒවා ප්‍රශ්න කෙරෙයි; වාර්තා කෙරෙයි.

‘යෝෂිත, ජොනී, සේනාධිපතිට මෙතරම් ගිනි අවි කුමටද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හිටපු මේජර්වරයකු වන නිශ්ශංක සේනාධිපති යන අය පසුගිය රජය සමයේ ආයුධ විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර ඒවා හැකි ඉක්මනින් ආපසු භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් දී ඇත.

යෝෂිත රාජපක්ෂ  මිලිමීටර් 9 පිස්තෝල 6ක් ඇතුළු ගිනි අවි 7ක් රැගෙන ගොස් ඇති අතර, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මිලිමීටර් 9 පිස්තෝල තුනක් සහ බෝර රිපීටර් පහක් ලෙස ගිනි අවි 8ක් පසුගිය රජයෙන් ලබාගෙන තිබේ.  නිශ්ශංක සේනාධිපති මහතා පිස්තෝල 7ක් (මි.මී. 9) සහ බෝර රිපීටර් 2ක් ඇතුළුව ගිනි අවි 09ක් ලබාගෙන ඇත.

නිශ්ශංක සේනාධිපති මහතා ආයුධ ලබාගෙන ඇත්තේ ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ඇවන්ගාඩ් නමැති සමුද්‍ර ආරක්ෂක ආයතනය සඳහා බව පැවසේ.

හොරකමින්- වංචා හා දූෂණවලින් තොර රටකට යන මාවත...

තනතුර අතහැර පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පසුගිය රජය රට පුරා පුද්ගලයින් 1,500කට ආයුධ 1,690ක් නිකුත් කර ඇති බව වැඩි දුරටත් වාර්තාවේ...’

එඩිතරව මෙවන් දේ වාර්තා කරන්නටත්- ප්‍රශ්න නඟන්නටත් මෑත අතීතයේ ඉඩක් තිබිණිදැයි අමුතුවෙන් මතක් කරගත යුතු නැත.
මේ නිදහසම වුවද මට නම් අමිලය! හොරකමින්- වංචා හා දූෂණවලින් තොර රටකට යන මාවත දැන් විවෘත වී තිබෙන බවට හොඳම සාක්ෂියකි ඒ.

ඔය කිව්වේ මට හිතුණු දේවලුයි. මේ posts කියවපු සමහරුන් හිතන්නේ මං දාර ජෙප්පෙක් කියලයි. අනේ නෑ. මම අඩුම තරමින් මාලිමාවේ සාමාජිකයෙක්වත් නෙවෙයි. මම පිටිං ඉඳගෙන ඔවුන්ට සහාය දෙමින් මගේ අදහස් පළ කරනවා විතරයි. උපදේශන දෙන්නෙත් නෑ...

ඔවුනගේ සමහර ක්‍රියා- පිළිවෙත් ගැන මගේ එතරම් ප්‍රසාදයක් නැතත් මට ඒවාත් ඉවසාගන්නට හැකියි- ආණ්ඩුවකට හිතුමතේ වැඩ කරන්න පුළුවන්යැ? නීති-රීති තියෙනවනේ...

ඒ වගේමයි, පුහුදුන් මට වගේම ඔවුන්ටත් හැමදේම එක සැරේ කරගන්න බැරි බව මට නං තේරුම් ගත්තැකි.
ඒ වගේමයි, මම නොදන්නා දේවල් එමටයි. ඒ බව හොඳින්ම දන්නා කෙනෙකු හැටියට, මට හිතාදර පාඨක ඔයාලා අහන සමහර දේවලට උත්තර දෙන්නට හැකියාවක් නැති බව කනගාටුවෙන් වුණත් කියන්නම වෙනවා.

හැබැයි ඔහොම හුරස්-පරස් කොච්චර තිබ්බත්, මම තවමත් මාලිමාවට කැමැතියි. ඔවුනගේ ප්‍රතිපත්තිවලට කැමතියි. ඉදිරියේදී පැවත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ට වැඩි බලයක් ලැබෙනවාටත් කැමැතියි.
ඒ එයින් රටටම යහපතක් වේවි කියල හිතන නිසයි!
ඒ නිසයි ‘අනුරට කෝටියක්- මමත් ඉන් එක්කෙනෙක්’ කියලා අවංකවම ප්‍රාර්ථනා කරමින් මෙහෙම blog posts තුනක්ම ලිව්වේ෴0෴

34 comments:

  1. ඉවසීමෙන් සැනසීම ලැබේ!

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම!
      ස්තුතියි ගොඩක්...

      Delete
  2. මාලිමාවට පාර්ලිමේන්තු ආසන 150 ක්‌ වත් ලැබෙනවා නං මම කැමති.

    හැබැයි දැන් දැන් ඒ අය කරන කියන වැඩ දැක්කම එහෙම බලයක් ඒ අයට ඕනි නැහැ කියලා එයාලම හිතනවද කියලත් පේනවා.

    මම නං ගිය චන්දෙ දුන්නේ වෙනින් පක්ෂෙකට. මේ පාර්ලිමේන්තු චන්දෙ මාලිමාවට තමයි දෙන්න ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මමත් මා දන්නා බොහොමයක් හිතමිතුරනුත් අසල්වැසියන් බොහෝ දෙනෙකුත් චන්දය දුන්නේ මාලිමාවේ අනුරට.
      දිලිත්ට එක්කෙනෙකුත්- සජිත්ට දෙන්නෙකුත් දීලා තිබුණා. මේ වතාවේ එයාලාගෙන් දෙන්නෙකුත් මාලිමාවට ඡන්දය දෙන්න තීරණය කරලා.
      අප අතරින් නං කසිම කෙනෙක් මේ යන විදිහ ගැන කලකිරිලා නෑ Ano... සමහරෙක් විතරක් කැමැතියි අධිවේගයෙන් වැඩ සිදු වෙනවා නම්...

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. කියන්න ඕනෙ ටික හොඳින් ලියලා තියනවා.
    //සමහරුන් හිතන්නේ මං දාර ජෙප්පෙක් කියලයි. අනේ නෑ. මම අඩුම තරමින් මාලිමාවේ සාමාජිකයෙක්වත් නෙවෙයි....//

    නිදි මේක පුන,පුනා කියනවා මම දැක්කා. ඒත් ඒක නොදැක්කා වගේ දාන කමෙන්ට් දැක්කාම, සමහරු පෝස්ට් එක නොකියවන බවත්, එන්නේ වෙන ඇජෙන්ඩාවක් ඇතිව කියලත් හිතෙන්නෙ මට විතරමද?🤔

    බොරුවට "බුදි" වගේ ඉන්න අයට ඇහැරවන්න "නිදි"ට වුනත් ලේසි වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බස්සා මහත්තයෝ.
      වෙන ඇජෙන්ඩා තියෙන උදවියත් අපේ blogs කියවන බව හොඳටම පෙනෙනවා. (සමහරවිට ඒ උදවියට ඒ කියවීම - ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් මුදලුත් ලැබෙනවා ඇති. පහුගිය දවස්වල සිම් 25,000ක් එහෙමත් බෙදුවයි කියන්නේ...)

      ඒ වගේම තමයි- සමහර දෙනෙකුට හොඳින් යමක් කියවලා ධාරණය කර ගන්න බැරිකමකුත් තියෙන විත්තිය පෙනෙනවා. එහෙම වෙන්නේ එයාලා එහෙම කරන්නට හුරු වී නැති හින්දා වෙන්නත් පුළුවනි. (මං ලියන ක්‍රමයේ වැරැද්දක් නිසා වෙන්නත් පුළුවනිනේ....)

      ඒ කොයික වුණත් මම දිගටම ලියනවා- මගේ අදහස් පළ කරනවා. ඒ මට කිසිම වාසියක් ලැබෙන නිසා නෙවෙයි. වාසි ලැබෙයි කියලා බලාපොරොත්තුවෙනුත් නෙවෙයි. එහෙම කරන්නැයි මගේ හෘදය සාක්ෂිය මට කියන නිසා.

      හැබැයි, මමත් පුහුදුන් කෙනෙක් නිසා එකම එක වාසියකුත් සිදු වේයැයි මහ විශාල; පොදු බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒ අපේ මව්බිම පතිරූප දේශයක් බවට පත් කරන්නට මාලිමාවට හැකි වේවා! කියන එකයි.

      Delete
  5. //ඔය කිව්වේ මට හිතුණු දේවලුයි. මේ posts කියවපු සමහරුන් හිතන්නේ මං දාර ජෙප්පෙක් කියලයි. අනේ නෑ. මම අඩුම තරමින් මාලිමාවේ සාමාජිකයෙක්වත් නෙවෙයි.//
    කවුද නෑ කිව්වේ.. අර පන්සලේ හාමුදුරුවෝ නේද නිමල් දාර JVP කාරයෙක් කියලා හංවඩු ගහලා දානෙත් එපා කිව්වේ?
    https://nidigepanchathanthare.blogspot.com/2020/06/jvp.html

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අසංග මහත්තයෝ.
      අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ තමයි එහෙම කිව්වේ- අවුරුදු 40කටත් කලින්. ඒ කාලෙත් ඇත්ත කියනකොට- විවේචන කරනකොට එහෙමයි; ජේවීපීකාරයා නැත්තං චේ ගුවේරාකාරයා කියල හංවඩු ගහනවා.

      Delete
  6. // ‘අනේ මං මාලිමාවට කැමති බව ඇත්ත. ටික වෙන්න කඩේ ගිය විත්තියත් ඇත්ත. ඒත් අරහෙම විශේෂ යාළුකම්- සම්බන්ධකම් මොකුත් මේ පුංචි සිංඤෝට නෑ!

    හැබැයි එයාලා රට හදයි කියල විශ්වාසයක් මට තියෙනවා.
    ඒත් මම මාලිමාව අදහන්නෙක් නං නෙවෙයි.//

    චන්දේ දීලා සති 3ක් වත් නෑ නේද ? එච්චර ඉක්මනට එපා උනාද ? අපි නම් ඕක දන්නවා

    ReplyDelete
    Replies
    1. Ano මහත්තයෝ, අදහන්නෙක් නෙවෙයි කියලා මම කිව්වේ 'එපා වුණා' කියන එක නෙවෙයි. අන්ධ භක්තිකයෙක් නෙවෙයි, කොයිකටත් එහෙයි කියන්නෙක් නෙවෙයි කියන එකයි.

      ඔයාට වෙලාවක් තියෙ නං ආයෙමත් post එක කියවලා බලන්නකෝ- තරහ නැතිව.

      Delete
  7. "අලුතින් පත්වුණු ජනාධිපතිතුමාගෙන් නැත්තං දැන් පවතින ආණ්ඩුවෙන් අහන්න ඕනෑ ප්‍රශ්න මගෙනුත් අහනවා" 'නියෝජ්‍ය ජනාධිපතිතුමා මමයි' කියලා හිතාගෙන, ඔන්න ඔහෙ ඔය අහන ප්‍රශ්ණ වලට උත්තර දීලා දාන්න නිමල් 😁.

    "අපි හැමෝම ගහන-ගහන පදයට නටන්නට ගියොත්... නව ජනපතිතුමන්ට මොනවාවත්ම කර ගන්නට බැරි වෙනු ඇත" ඔව්, ඒ මදිවට සමහර අය හිතන්නෙ නායකයෙක් හැම පොඩි දේම හොයා බලමින්, micromanagement එකක් ගෙනියන්න ඕනෙ කියලා වෙන්න ඇති. ඔය හැම දේම කරන්න ගියොත් නායකත්වය, vision එක දෙන්න බෑනෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Lotus,
      මාලිමාවට පක්ෂව ලියන නිසා මේ පුංචි සිංඤ්ඤෝගෙන් මෙච්චර ප්‍රශ්න අහනවා නං අලුත් ජනාධිපතිතුමාගෙන් කොච්චර ප්‍රශ්න අහනවා ඇද්ද?
      ඔයා කියනවා වගේ Lotus, ඒ මනුස්සයට වෙන වැඩක් කරන්න වෙන්නෑ- සේරටම උත්තර දිදී ඉන්නවා මිස.

      Delete
  8. "ඒත් දැන් තත්ත්වය එච්චරටම නරක නැතුවා වගෙය. වෙනස් වෙන්නට; වෙනසක් කරන්නට තිබුණු බිය අතුරුදහන් වී ගොසිනි"... 'අපේ හොරා අපිට හොඳයි' ආකල්පය නැති වුණා කියන්නෙම එසේ මෙසේ දෙයක්ද අපේ හාංදුරුවනේ....

    ReplyDelete
    Replies
    1. ආන්න point එක!
      ඇත්තෙන්ම Lotus, රටේ පුරවැසියන්ගේ ආකල්ප වෙනස් වෙන්නට පටන්ගෙන නේද? මට දැනෙන විදිහට නං වෙලා තියෙන ලොකුම යහපත ඒකයි!

      Delete
  9. රට හොද අතට ගමන් අරබා තියෙනවා කියල මම හිතන්නේ,
    නාමල් පුළුවන් නම් හොරකම් අල්ලපන් වගේ කතාවක් කිව්වා, හිරිකිතයි, ලැජ්ජයි..

    ReplyDelete
    Replies
    1. රට හොඳ අතකට ගිය නිසා හොඳ අතට යන බවයි මගෙත් අදහස ලලිත් මහත්තයෝ.
      මම මේ බලාගෙන ඉන්නේ නාමල් මහත්තයා (සිය පවුලේ කීර්තිය වෙනුවෙන්) මේ වීඩියෝව පළ කරපු කෙනාට විරුද්ධව නඩුවක් දානකල්:
      https://www.youtube.com/watch?v=HSEeLv6ma0E

      Delete
  10. @ නිමල් දිසානායක

    ඔයා විකුණපු බඩු වල වගකීම වෙනුවෙන් දිගටම පෙනී සිටින්න, එය ඔබේ වගකීම බව පැහැදිලිවම තේරුම්ගත යුතුයි. බොරුවට ඤං පචං මෝඩ උත්තර දී ආඳකු මෙන් අන්තනෝමතිකව ලිස්සා යාමෙන් වලකින්න. එයයි වැදගත් මිනිහෙක් කළ යුතු. නිකම් හොරෙක් වංචාකාරයෙක් විදියට සමාජයේ චාටර් වෙන්නේ නැතුව මාලිමාව කරන හොඳ නරක දෙකටම වගකීම බාරගන්න. ස්තූතියි.

    ReplyDelete
  11. මේ දවස්වල නිදී ගේ ලොන්ඩරියට මාර විදියට වැඩ වැඩියි වගේ 🤣 Day & night වැඩ කරලත් ගොඩ දාගන්න බෑනේ, වැඩේ ලේසි නෑ වගේ නේද? කට්ටියත් දැන් ටික ටික වැඩේ අතෑරලා දාලා මාරු වෙනවා නේද? හපොයි ඔයාටත් වෙච්ච දෙයක් 😔😓😪

    ReplyDelete
    Replies
    1. මගේ ගැන දුක හිතුවට ස්තුතියි මධුක. ඒත් මම හොඳින්- වෙනදාටත් වඩා හොඳින්, රට හොඳ අතට යන නිසා සහ තවත් මාසෙකින් විතර මාලිමාවට තවත් බලයක් ලැබෙන බව පැහැදිලිව පෙනෙන නිසා.

      කට්ටියක් නං දැන්මම මාරු වෙන බව අපිටත් පෙනෙනවා. මාලිමාවෙන් වාසි ගන්න- නොමිනේෂන් ගන්න හෙම බලාපොරොත්තුව ඉඳලා ඒවා හරි නොයන විත්තිය පෙනුණු කට්ටිය...

      Delete
  12. නිදහසේ ලියපන් මචන් , එච්චරයි
    අර ජපන් ආධාර නැවැත්වුවා මතකද? ඔය බනින එවුන් එතකොට කොහෙද හිටියේ ? ජපනාට අන්තිමටම එපා වුනේ අර නිතර නිදිය එකා ඉල්ලපු කොමිස් එකෙන් . උගේ නියෝජ්‍ය ඇමැති එක්ක . එතකන් ජපනත් සල්ලි දුන්න . අන්තිමට දැන් ආපහු පටන් අරන් යන්තන් . සාමන්‍යයෙන් දෙමළ ප්‍රශ්නය නිසා අකමැත්තෙන් හිටපු යූකේ දේශපාලන පක්ෂ දෙකත් පොඩි නැම්මක් තියනව . එක අවස්ථාවයි එයාලට තියෙන්නේ .ඒක හරියට කර ගත්ත නම් හරි

    ReplyDelete
    Replies
    1. නැහැ අජිත්, දැනට ජපන් ආධාර යටතේ කරන ව්‍යාපෘති ඔක්කොම සුදු අලි ව්‍යාපෘති. ඔය කටුනායක ගුවන්තොටුපල ව්‍යාපෘතිය කරේ Taisei කියලා ජපන් කොන්ත්‍රාත් කාර සමාගමක්, ඔය සමාගමට ඩොලර් බිලියන බාගයකටත් වැඩි මුදලකට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හදන්න දීල තියෙනව පහුගිය කාලේ ඒත් මිලියන ගණනක් දීලත් 2022 වෙනකොටත් progress එක හොඳටම මදි, සල්ලි කබාසීනියා කළා විතරයි. නිමල් සිරිපාල පල් හොරා ඒ අස්සේ 201 විතර තායිසේ එකෙන් සල්ලි ඉල්ලලා කරදර කරලා ඒකට එවකට ජනපති හිටපු නන්දසේන මෑන්ව ඇමතිකමෙන් එලෙව්වා, ඊට පස්සේ රනිල් ජනාධිපති වුණාම මූව ආපහු වරාය ගුවන්සේවා ඇමති ලෙස පත් කළා. ඒක එච්චරම ප්‍රශ්නයක් වුණේ නෑ, ජපන් ව්‍යාපෘති නැවැත්තුවේ 2922 ණය තිරසරභාවය පිළිබඳව ප්‍රශ්න නිසා.

      නමුත් ඔය LRT සුදු අලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකළේ ඒක විශාල දැවැන්ත මුදල් නාස්තිකාර තේරුමක් නැති ව්‍යාපෘතියක් නිසා. ජපන්නු ඕක 2023 විතර ඉඳලා ලංකාවේ ඇඟේ ගහන්න එනවා රනිල් වික්‍රමසිංහ රජය කාලේ දිගටම බෑ කියල මග ඇරියා, මම හිතන්නේ අනුරලත් ඕවට බෑ කියලා පොඩි පොඩි ව්‍යාපෘති විතරක් කරානම් හරි. ඔය තායිසේ වගේ ආයතන සල්ලි ගිලිනවා, ගොඩක් වෙලාවට ජපන් ආණ්ඩුවේ දේසපාලුවන්ට සහ තානාපතිලට අතයටින් සල්ලි දෙනවා ඔය ආයතන, ලංකාවේ උන් හිතාගෙන ඉන්නේ ජපන්නු හරි සුද්දවන්තයෝ කියලා, ඒක ජපාන සාමාන්‍ය ජනතාව ගැන නම් ඇත්ත ඒ රටේ නීතිය නිසා ඒත් දේසපාලුවන් නම් කොහෙත් එකයි මාට්ටු නොවෙන්න ගේම් දෙන උන් ඉන්නේ, එංගලන්තයෙත් එහෙම නේද?

      අනික මමත් මේ සැරේ ලංකාවෙන් පිට ඉඳගෙන මාලිමාවට සහයෝගය දුන්නා ලංකාවේ ඉන්න නෑයෝ යාලුවෝ මාලිමාවට ඡන්දය දෙන්න පෙළඹූවේ ඔවුන් හොඳම විකල්පය නිසා, තාමත් මම ඉන්නේ ඒ මතයේ, ඒත් අපේ ආදරණීය ජනපතිවරයා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කමට පත් කිරීමට උදව් කරපු බොහෝ පිරිසක් දැන් කලකිරීමට පත් වෙලා ඉන්නේ. එතුමා ගැන තිබුන බලාපොරොත්තු සියල්ල පුස්සක් වනු ඇති බව ඔවුන් හිතන බවයි මට පෙනෙන්නේ. එක්සත් ජනපදය මූලික බටහිර රාජ්‍ය සහ උතුරේ සුමන්තිරන් වගේ අය පසුපස සිටින බෙදුම්වාදී බලවේග බදාගෙන ලන්කාව දියුණු කරන්න බැරි බව ඔහුට නොතේරෙන බවයි පෙනෙන්නේ. මීට පස්සේ කෙමෙන් කෙමෙන් සමාජ මාද්‍යවල මාලිමාව කියලා ප්‍රසිද්ධියේ උදව් කරන අය ඉතාම අඩු වනු ඇති. එනමුත් වාසනාවකට වගේ තාම මාලිමාවට එරෙහිව හොඳ ජනකාන්ත විපක්ෂ බලවේගයක් ගොඩ නැගිලා නැති නිසා ඒ වාසිය දැනට තියෙන එකම වාසියයි. නමුත් බලමු ඉස්සරහට කොහොම වෙයිද කියල.

      Delete
    2. අජිත් හා Ano මහත්වරුන් දෙන්නාටම ගොඩක් ස්තුතියි.

      Delete
  13. මේ නිව්ස් එක ඇත්ත නේද?

    //ජනපති අනුර තනතුරට පත් වීමෙන් පසු දෙසතියක් තුල රුපියල් බිලියන 347ක් අලුතින් ණය අරන්..!



    ශ්‍රී ලංකාවේ නවවන ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉතාම කෙටි කලක් තුල දේශීය වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 347,500ක අතිවිශාල ණය ප්‍රමාණයක් ලබාගෙන ඇතැයි ආර්ථික විද්‍යා මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.

    කෙසේ වෙතත් මෙරට ආර්ථිකය කඩා වැටුවේ ණය වැඩි වීම නිසා යයිද පැවසූ ඔහු නව රජයත් දිගටම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකාවේ රජය අත්සන් කර ඇති ගිවිසුමේ කොන්දේසි අනුව මුල්‍ය අරමුදලේ පලමුවැනි එකගතාව ණය තිරසරභාවය බවත් පැවසුවේය.

    නව රජය යටතේ 2024 වසරේ ඔක්තෝබර් 10 වන දිනයේදීත් රුපියල් මිලියන 95,000ක අතිවිශාල භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් ද සිදු කිරීමට නියමිත වී ඇත.//

    මෙහෙම අධික ලෙස ණය ගත්තාම මේවා ගෙවන්නේ කවුද? පොලෝසියෙන් ද?

    ReplyDelete
    Replies
    1. Ano මහත්තයෝ, ඔයා ප්‍රශ්නය අහන විදිහෙන්ම මට නං පෙනෙන්නේ ඔබතුමා උත්තරෙත් දන්නා විදිහයි.
      තරහ නැතිව පුලුවනිද අපි වෙනුවෙන් ඒ උත්තරෙත් කියා දෙන්න.

      Delete
  14. අනුරට හිමි වුණේ ජය නොව මාවතය
    කට ඇරපන් නිදී දාන්නට පනහක් සතය
    ජය ගත් පසු උනේ මග නොපෙනුනු එකය
    මේ වර එම නොවේවයි පතනෙම් සකිය

    ReplyDelete
    Replies
    1. කාගෙත් පැතුම ඒකයි කෞශල්‍ය මිත
      එයින් උදා වෙනු ඇත සිරිලකට සෙත
      හොරු කලබල වෙලා දැනටම හතර අත
      ළඟදිම යැවෙයි උන් හැම සිර ගෙදර වෙත

      Delete
  15. ආන්ඩුව දුවන්නෙම 3න් දෙනෙක්ගෙන් වෙච්චිකොට හා ගෙවුනු සති කීපයක් අල්ලලා යමක් කියන්නට යෑමම විකාරයි.

    ReplyDelete
    Replies
    1. විකාර+ද විශාරදලට ඒ වැඩේ විකාර නෑ නමී!

      Delete
  16. නිදි,
    වෙනසකටත් එක්ක එදිනෙදා ජීවිතය, පාර තොටේ මුණගැහෙන ජීවිත, ගෙදර දොර ගුරු-හරු කම් වගේ දේවල් දාලා පෝස්ට් එකක් ලියමුද?🙏

    - ඉස්සර බ්ලොග් ලියපු පක්සියෙක් -

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ අදහසට ගැළපෙනවද බලන්නකෝ තව ටිකකින් publish කෙරෙන post එක.

      දැන ගන්නයි අහන්නේ. //ඉස්සර බ්ලොග් ලියපු පක්සියෙක්// කියන විශේෂණය ලස්ස්ස්ස්ස්සනයි නේද 'තවමත් ලියන' වචන දෙකත් පක්ෂියෙක් වචනය ඉස්සරහට එකතු වුණා නම්?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්