ඒ නිසා සෑම ජාතියකටම, ජනතාවකටම, සමූහයකටම තමන්ට අවශ්‍ය ආකාරයට සිතීමට, ක්‍රියා කිරීමට සහ ජීවත් වීමට "නිදහස" අත්‍යාවශ්‍ය දෙයක් බව තේරුම්ගත යුතුයි.’
ඒත්
එක්කම; අපේ නිදහස අපට රිසිසේ භුක්ති විඳිය හැක්කේ අනෙක් අයට හිරිහැරයක් හෝ කරදරයක්
හෝ නොවෙන විදිහට පමණක් බවත් අපි කවුරුත් සිහියේ තබාගත යුත්තෙමු.
ඒ ‘ශෝචනීය වියෝවෙන් පස්සේ’ තරුණ පුතුන් දෙන්නෙකු හා තාත්තෙකු පත්වී ඇති කනගාටුදායක තත්ත්වය... |
අනේ- එක පාරට දහස් වතාවක් සමාවෙන්න ඕනෑ දහනායක මහත්තයෝ. මේ වස්ගමු ගමනේ මුල්ම
වරුවෙන් පස්සේ- මොට්ට මං වහන්සේගේ වැඩකින් ඔබේ හිත රිදෙන්නට හැකි බව; ඔබට දුකක්
දැනෙන්නට හැකි බව මට එදා කල්පනා වී නැත.
වෙනදා
විදිහටම දහනායක හිතවතා, මෙවරත් අපේ; විශේෂයෙන්ම මගේ ඉවුම්-පිහුම් වැඩවලට බොක්කෙන්ම
උදව් දුන්නේය. ඉවුම්-පිහුම් කෙරෙන වෙලාවක නම් ‘චුට්ටක් අනුමත කෙරෙන වැඩ සිද්ද වෙන’
පැත්තට වුණත් නොගිහිං හිටියේය.
ටිරාන්ලගෙ නඩයේ පිරිමි කට්ටිය වුණත් අනුගමනය කළේ ඒ රටාවමය. ඒත් කෙරෙන්නට එතරම්
දෙයක් නැති විත්තිය හැඟුණු විටෙක නෙවිල්- හරිශ් දෙන්නාගේ සමාගමය හොයන්නට ඔවුන් මැලිකමක්
දැක්වුවෙත් නැත.
“දහනායකත්
අර පැත්තට යන්නැද්ද?”
“ඊට වැඩියෙන් හොඳ පාඩම් ටිකක් මම මේ මෙතන ඉඳගෙන ඔයාගෙන් ඉගෙන ගන්නව, නිමල් අයියේ.”
“ඒ මොනවද අප්පේ ඒ.”
“දැන් ටිකකට කලින් ඔයා මට කිව්වේ- හොද්දක් ළිපේ තියෙද්දී හැඳි ගාන්න ඕනි හැටි. මෙච්චර
දවස් මං ඒකවත් හරියට දන්නේ නැතිවයි හිටියේ.”
“ඕක
ඔච්චර දෙයක් නෙවෙයිනෙ මහත්තයෝ. හොද්දක් නටනකල් හැඳිගානකොට හැන්ද හොද්දේ තියෙද්දීම
එහා මෙහා කරන්නෝනි. එතකොට හොද්ද නිවෙන්නේ නෑ. ඉක්මනට උතුරනවා.
හැබැයි, හොද්ද ළිපෙන් බාලා ටිකක් වෙලා යනකල් නම් හැන්ද උස්ස-උස්සා හැඳිගාන එකයි
හරි. එතකොට හොද්ද කැටි ගැහෙන්නේ නැතිව ඉක්මනට නිවෙනවනෙ.”
“ඔයා
දන්නවද- ගෙදරදී දැන් මමනෙ නිමල් අයියේ, උදෙන් නැඟිටලා උයන්නේ.” (දහනායක, ඔයාට
මතකයිද- ඔයා එහෙම කිව්ව ශෝකී ස්වරය.) “පුතාලා දෙන්නට කෑම අරගෙන යන්නත් එපැයි...”
“එතකොට
රෑට?”
“ඒක තමයි ලස්සනම වැඩේ. මයංකයි- රෙහානුයි දෙන්නම හවස් වෙන්න කලින් මට call කරනවා.
කරල කියනවා ‘තාත්තේ, අද රෑට මම නොකා ඉන්නයි හිතන්නේ’ කියලා.”
“අම්මට සිරි! ඒ දෙන්නම ඩයටින් පටන් අරංද?”
“මොන
ඩයටින්ද නිමල් අයියේ. උන් දෙන්නම එහෙම කියන්නෙ එතකොට මම උයන්නෙ නැතිව ඉඳීයි කියලා.
ඉව්වට පස්සේ දෙන්නම රෑට කයිද ඩයටින් කර-කර ඉන්නව නං?”
ඒ ‘ශෝචනීය
වියෝවෙන් පස්සේ’ තරුණ පුතුන්
දෙන්නෙකු හා තාත්තෙකු පත්වී ඇති කනගාටුදායක තත්ත්වය ඒ විදිහට හෙළිදරව් වෙද්දී...
ටිකෙන්-ටික කියවෙද්දී... කියවෙද්දීවත් මට මීටර් වුණේ නැත!
කහ බත් උයනවා. තක්කාලි
යහමින් දාලා උකුවට හිටින්න ටිකාක් සැර හොද්දක් හදනවා. ඒකට බිත්තර... (අපේ මෙනු එකට
ගැලපෙන ෆොටෝවක් ජාලෙත් නෑනේ!) |
‘අරක කරනවද නදීකා නංගි; මේක කරනවද නදීකා නංගි’ යයි සිය සැරයක් ‘නදීකා’ නම උච්චාරණය
කළෙමි.
එය ඔබේ හදවතේ තුවාලය මත ලුණු ඇතිල්ලීමක් විත්තිය මට යාන්තමින්වත් කල්පනා වුණේ නැත.
අනේ
දහනායක, මේ පෝස්ටුව ලියවෙන අතරේය, මට සිහිපත් වුණේ ‘ඔබේ පළමු හා එකම පෙම්වතියත්,
ප්‍රියාදර බිරිය’ත් වුණේ නදීකා බව! මා හැම විටෙකම ඇයට කතා කළෙත් ‘නදීකා නංගි’
කියමින් බව...
මෑත
දිනයෙක මා මෙතරම්ම අපරීක්ෂාකාරී වුණු වෙනත් මොහොතක් මගේ සිහියට නොනැඟෙයි!
ඔය සිදුවීම වුණේ ජුලි නවවෙනිදා උදේ කෑමට ‘බත් - අර්තාපල්, තක්කාලි හොදි හා කරවල තෙල් දැමිල්ල’ක් හදන අතරවාරයේය.
‘නිදි,
තමුසේ මේවා මෙහෙම ලියල තියන එකත් ඔය දහනායක යාළුවට වේදනාවක් වෙන්න බැරිද?’ මේ
විස්තරය බ්ලොගයට ලියාගෙන යද්දී මං වහන්සේට කල්පනා විණි. කොයිකටත් කියලා මම දහනායක
උන්නැහෙගෙන් ඒ ගැන අදහස අහලා යැව්වේ එබැවිනි.
පිළිතුරත් ඉතාම ඉක්මනින් ලැබිණි
ඒ උත්තරය හරිම ලස්සන; සාහිත්‍යමය එකක්
නිසාමයි, ඒකත් මෙතනට ඇතුළු කරන්නේ.
‘සමාව ඉල්ලීමට තරමේ යමක් ඔබෙන් තවමත් මට සිදුව නොමැති බව
කාරුණිකව දන්වනු කැමැත්තෙමි. මන්දයත් මමද දෛවයට නතු වූවෙක්මි. මේ නදීකාත් එම
නදීකාත් හැර තවත් නදීකාවන් බොහෝ සිටිය හැකි නිසාවෙනි .
මෙය පළ කිරීමට මගේ අනුමැතිය විමසීමම මට මහත්වූ
ගෞරවයක්මය. ඔන්න ඉතින් OK
ඔන්න
ඉතිං මාත් ආපහු මැදපිටිය camping site එකට යනවා... හොඳේ.
“නිමල්
අයියේ, දවල්ට මොනවද හදන්නෙ?”
“කහ බත් උයනවා. තක්කාලි යහමින් දාලා උකුවට හිටින්න ටිකාක් සැර හොද්දක් හදනවා. ඒකට
බිත්තර තම්බල බැදලා දාන්නයි plan කරගෙන ආවේ.”
“එක කරියයිනේ. කිරට දෙයක්...?”
“උදේ අල හොදි එකෙන් ඉතුරුත් තියෙනවනේ නදීකා නංගි. ප්‍රියන්තලගෙ මැණිකෙ නංගි හදල
එවපු තඩි ළූණු බැදුමකුත් තියෙනවා. එක වේලකට නෙවෙයි, තුන් වේලකට විතර ඇතිවෙන size.”
“නිමල්,
අපි පපඩම් වගේකුත් ගෙනාව නේද?”
“ඔව්මයි! නදීකා, එහෙනං අපි පපඩම් බැදිල්ල
බාර දෙමු නේද ප්‍රියන්තලටම...”
“හරි හරි... ඕක මොකක්ද, අපි බදින්නං.” හරිශ්චන්ද්‍රය- ඉස්සෙල්ලාම කෝච්චියට බෙල්ල
තිබ්බේ; ඒ මදිවට අනෙක් කට්ටියවත් එයට ඈඳා ගත්තේ. “නෙවිල්, ප්‍රියන්ත, බණ්ඩාර,
පාලිත. මචංල මොකද කියන්නේ.”
මෑතක සිට යූ බටෙන් අනේක
ප්‍රකාර සූපවේදයන් නරඹන; ඒවා අත්හදා බලන්නටත් පසුබට නොවෙන… |
“ඔව්වොව්! ඒවා වරද්දන්න බෑ නේන්නං.” පුරුෂ පාර්ශ්වයෙන් මුක්කුවකුත්...
“චෙ
චෙ චෙ, එහෙමමත් කරන්න එපා ඉතිං. මම කියන්නං වැඩක්. අපි ටක් ගාලා පපඩම් ටික බැදලා
තියමුකො.”
“දැන්මම? පෙඟෙයි නේද හරිශ්...” කම්මැලියන්ට දිවැස් තියෙනවයි කියනවනෙ.
“නිමල් අයියේ, අපි දැන්මම පපඩම් ටික බැදල දුන්නම ඒවා ෂොපින් bag එකක දාලා තියන්න
පුළුවන් නේද... අපිට දෙන්නකො පපඩම් ටික. හරි, ඒවා හතරට කඩන එක මම කරන්නං. මචං-
ඔයාලා බදින වැඩේ කරනවද? ඉතින් වරෙන්කො නෙවිල්.” හරිශ් නොවේ, චුට්ටක්වත් පස්ස
ගැහුවේ.
ඉතින්
ඒ වැඩේට සම්මාදම් වෙවී නෙවිල් මුණු-මුණුවෙන් කිව්වේ ‘මේ පිස්සු xත්තෙක්ව trip එකට
එක්කගෙන ඇවිත් අපට තියෙන කරදරයක්’කියලද කොහෙදය. පාලිතත්, නුවනුත් බැදිල්ල අහවර වෙන
තුරු එතැනටම සිර වී සිටියහ. බණ්ඩාරට එසේ කරන්නට ඉඩක් නොතිබ්බේ, සිඟිති ජෙවීන්
තාත්තාගේ උකුලේ හුරතල් වෙමින් හිටි නිසාය.
මෑතක සිට යූ බටෙන් අනේක ප්‍රකාර සූපවේදයන් නරඹන; ඒවා අත්හදා බලන්නටත් පසුබට නොවෙන
ප්‍රියන්තත් එතනම හිඳිමින්; උපදෙස් දෙමින් නොමසුරුව හිත-මිතුරන්ට සහාය වුණේය.
“නිමල්
අයියා, අද dinner එක අපි දෙන්න හදනවා. මායි නදීකායි. මැකරෝනි හදන්නේ... මචං ප්‍රියන්ත,
jeep එකේ හාදයා එනකොට අපි කිව්ව chicken ගෙනෙයි නේද?” ටිරාන්ගෙනුත් නිවේදනයක්. “මැකරෝනිවලට
තමයි අපි වෙනම එළවලු ගත්තෙත්... ඔන්න- අද නිමල් අයියට නියමෙට rest කරන්න පුළුවන්.”
“Rest
කරන්න? මෙයාට... ඔන්න ටිරාන්, හොඳට notice කරපං මචං. මෙයාටත් ඕනි වෙයි උඹල කරන
වැඩේට හොට දාන්න!” මාව අවුස්සන්නට ප්‍රියන්තලා එහෙම කියන විත්තිය හැබෑය.
ඒත් තජකයෙන්
ලද පුහුණුවට පින් සිදුවෙන්නට මම ඉගෙනගෙන සිටිමි; පුරුදු
පුහුණු වී සිටිමි.
හොඳ නායකයෙකු ඕනෑම විටෙක හොඳ... |
කෙනෙකුට හොඳ කථිකයෙක් විය යුතු නම් අනිවාර්යයෙන්ම හොඳ සවන් දෙන්නෙකු වීමටත්
සූදානමින් සිටිය යුතුය.
හැම තැනෙකදීම Center of Attraction වී ඉන්නට ගියොත්- ඔබ ජෝකරයෙකු වෙතැයි සිහියේ
තබාගත යුතුය.
උපතින්ම අපට එක කටකුත්, කන්පෙති දෙකකුත් ලැබී තිබෙන්නේ අඩුවෙන් කතා කරන්නටත්;
වැඩියෙන් සවන් දෙන්නටත් බව හොඳින් මතකයේ තබාගත යුතුය. (අපේ සුමිතුරු අයස්මන්ත නං
කියන්නේ ‘ලියද්දී වගේම කියද්දීත් තිත්, කොමා, විරාම ලක්ෂණ ආදිය යොදන්නට උගත යුතුමය’
කියලාය.)
ඉහත
කී උපදෙස් මා හොඳින් අවධාරණය කරගෙන සිටින නිසාම, මේ මැදපිටියේදීම වෙනත් කෙනෙකුට
නිදහසේ සැමන් සම්බෝලයක් හදන්නට ඉඩදී මා helpකාරයෙකු සේ බලාහිඳ ඇත.
‘අපේ මිතුරු ඉංජිනේරු නඩයක් එක්ක ට්‍රිප් එකක් ගියා
වස්ගමුවේ මැදපිටියට. එක ඉන්ජෙක් හිටියා මැදපෙරදිග කාලයක්ම හිටපු. "මං තමයි
අයියේ චමරියේ ඉව්වේ. කොච්චර ඉව්වත් කට්ටිය කනවා...." පුරාජේරු වැස්සයි! ඔන්න
මිනිහටත් වේලක් උයන්න ඕනෙයි කිව්වා.
"නිමල්, එයාට වේලම නම් උයන්න දෙන්න එපා. එක ජාතියක් විතරක් හදන්න
දෙන්න." හිතවතෙක් කිව්වා; රහසෙන්. ඔන්න සැමන් සම්බෝලයක් හැදීම මිනිහට බාර කළා.
"හරි, නිමල්
අයියා මට ඕනේ කරන බඩු ටික විතරක් ළඟට දෙන්න." ඔන්න මිනිහා අවශ්‍ය කරන දේවල්
කියන්න පටන් ගත්තා.
“සැමන්, බී ළූණු, රතු ළූණු, අමුමිරිස්, ලුණු
කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, කෑලි
මිරිස්, ගොරකා, සියඹලා, දෙහි, විනාකිරි, තක්කාලි."
ඒ විතරක් නෙවෙයි, උන්නැහේට උම්බලකඩ කුඩුත් ඕනෙ වුණා!’
අද
සාක්කි කූඩුවට නැංගෙව්වට, මම ඔය විස්තර ලිව්වේ 2019දී, ‘යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස’ටයි.
ඉතිං
ටිරාන්- නදීකා ජෝඩුවේ උයමන නිරීක්ෂණය කරපු විස්තරවලට ඉස්සෙල්ලා කියන්න ඕනි, එදා
දවල් නෙවිල් අනුරසිරි උන්නැහෙගෙ ‘විස්මෘති අලකලංචිය’ ගැන!
ඔන්න
එයාල කට්ටිය එකතු වෙලා ‘පනහක විතර අනුමත වෙමු’ කියලා වටේට වාඩි ගත්තා. Bar Tender
වැඩේ කළේ නෙවිල්; පුරුදු විදිහටම. ටික වෙලාවකට පස්සෙයි ටිරානුයි- ප්‍රියන්තයි
එතෙන්ට set වුණේ. ඉතිං, රවුම ලොකු කරගෙන ඒ දෙන්නත් වාඩි වෙච්චි!
දඩයක්කාරයෙක් ආවද
දන්නෙත් නෑ! |
(අපේ
ප්‍රියන්ත බොන්නේ බියර් එකක් විතරයි.) නෙවිල් ගිහින් තිබ්බේ එයාට බියර් කෑන් එකක්
ගේන්න.
“මොකද
මචං අවුලෙන්?”
“අවුල් නැද්ද බං. කූල් වෙන්න දැම්ම බියර් cans දෙක උස්සලනෙ.”
“කවුද මචං මේ කැලේ මෙතෙන්ට එන්නේ ඔව්වා උස්සන්න...”
“ඒකම තමයි මචං ප්‍රශ්නෙත්... බියර් කෑන්ස් දෙක ෂොපින් bag එකක දාලා- හොඳට ගැට
ගහලා, රෙදි පටියකින් අත්තකටත් ඈඳල තමයි දොළේ ගිල්ලුවේ, cool වෙන්න.”
“වතුරේ
ගහගෙන යන්න ඇති නෙවිල්.”
“කොහෙ ගහගෙන යනවද හරිශ්. Bag එක ඉරලයි අරගෙන තියෙන්නේ.” නෙවිල් එහෙම කිව්වාමය
කවුරු-කවුරුනුත් කලබල වුණේ!
සතෙක්වත්ද?
/ දඩයක්කාරයෙක් ආවද දන්නෙත් නෑ / අපි මෙතැන හිටිද්දී? / යමු, යමු. දොළ පාරේ පහළට
ගිහින් බලමු. / අපේම කවුරු හරි... / පිස්සුද බං? / හිස් කෑන් එකක්වත් පේන්න නැද්ද?
/ මං කිව්වේ, එගොඩ හරියෙන් කවුද ගියා වගේ දැක්කයි කියලා...
(මමත් කලින් දවසක පල්ලෙහා පැත්තෙන් කවුද යනවා දැක්කා. කට්ටියම ගිහින් බැලුවත් එක්ක.
හිටියේ නෑ- සෙරානුත් අතීත කතාවක් කිව්වේය.)
ඔයින්-මෙයින්
අපේ නඩේම නප්පියට කුලප්පු වුණාටත් පස්සෙයි, කාටදෝ ගණදෙවි නුවණ පහළ වුණේ.
“පොඩ්ඩක් මතක් කරපං මචං... කොයි වේලාවෙද උඹ ඒවා cool වෙන්න දැම්මේ?”
“ඊයේ දවල්.”
“ඇයි හුයන්නෝ. ඒවා ඊයේ රෑ බොද්දී ගත්තනෙ. උඹ ඊට පස්සේ තවත් කෑන්ස් එතෙන්ට දැම්මද?”
“අම්මට
සිරි, නැහැ නේන්නං...”
‘#$@ &*^$ #%*@ . තිබ්බ වෙරියත් හිඳුනා!’
එවෙලේ කියැවුණු ශුද්ධ සංස්කෘත කතන්දර ටික ඇහිලා ලජ්ජාවෙන්දෝ, එදා හවස් වෙනතුරු ඒ අහල-පහළක කුරුල්ලෙකුවත් උන්නේ නැත.
“නිමල්
අයියේ, වෙනදා කනවට වැඩිය කට්ටියම අද දවල්ට බත් කයි! කහ බත්නේ... දැන්මම සුවඳේ ඉන්න
බෑ. මොනවද අප්පේ ඔච්චර සුවඳ එන්න ඔයා දැම්මේ?”
“විශේෂයෙන් කිසිම දෙයක් දාල නෑ. හැබැයි, හුඟ දෙනෙක් කරනවා වගේ කරදමුංගු, කරාබු
නැටි, කුරුඳු පොතු, ගම්මිරිස් ඇට, රම්පෙ, කරපිංච එහෙම බත ළිපේ තියනකොටම දැම්මේ නෑ...”
නිදහස් කතාබහක් කොතරම්
ළගන්නාසුලුද? (මේ නිදහස් කතාබහ කෙරුණේ ෆිෂින් හට් සිට සිරිපා
වන්දනාවේ යද්දීය.) |
“ඔය කිව්වේ! ඒක තමයි නංගි රහස.”
කවුරුනුත්
වැඩියෙන් දවල් බත සප්පායම් වෙද්දී ලසිතලා jeep රැගෙන ආවෝහ.
“ධනුෂ්ක, එයාලා දෙන්නවත් එක්කගෙනම එන්නකො බත් ටිකක් කන්න. එයාලටත් එක්කමයි ඉව්වේ.”
Trip එකේ සම්පූර්ණ විස්තර ලියනවා නං, ඊළඟට ලියන්නට
වෙන්නේ ‘වනචර
වෙමුද’
posts දෙකේදී කියැවුණු අප ගිය පාරවල් ගැනමය; වෙනසකට තියෙන්නේ
දුටු සතුන්- උන් හිටි තැන් ආදිය ගැන විස්තර විතරකි. එනිසාය අදත් ඒවා නොලියා ‘පුනරුත්
දෝෂය’ වළක්වා ගන්නේ.
එදා
රෑ ටිරානුත්, නදීකාත් එක්ව මැකරෝනි සෑදීම ඇත්තෙන්ම ‘Cookery Demonstration’ එකක්
බඳු විණි. එතරම්ම ක්‍රමානුකූලවය, කටයුතු සිද්ද වුණේ. මැකරෝනි ටික නටන වතුරට දැමූ
ටිරෝන් ළඟ සිටි මිතුරෙකු දෙසට හැරුණේය. “මචං මට විනාඩි පහකින් කියපං. මේවා හරියට
විනාඩි අටෙන් තැම්බෙනවා.” කියලත් කිව්වේය.
ටිරාන්ලා
මැකරෝනි හැදුවේ හොඳම ඔලිව් තෙල් පාවිච්චි කරමිනි. හොඳම Olive Oil හඳුනාගන්නා ක්‍රමයකුත්
එතැනදී කියවුණා වුණත් ඒක දැන් මගේ මතකයේ නැත. “අයියේ, පාන් ටෝස්ට් කරලා අරගෙන ඒක
උඩට නියම ඔලිව් ඔයිල් ටිකක් ගාගෙන කාල බලන්න. මාාාාාාර ටේස්ට්!”
සහතික
ඇත්තය!
මමත් එහෙම කරලා බැලුවෙමි. ඒ ගමනාවසානයේ ටිරාන්ලා මට තිළිණ කළ ඔලිව් තෙල් බෝතලයේ
තෙල්ම පාවිච්චියට ගනිමිනි. (ටිරාන්- නදීකා, ඔයාලට ගොඩක් ස්තුතියි!)
එදා ටිරාන්ලා හැදූ මැකරෝනිත් නඩේටම අල්ලලා ගිය බවයි, කාටත් පෙනුණේ.
ඒ
ජෝඩුව කුකුළු මස් කරියත්, මැකරෝනිත් හදන අතරේ බණ්ඩාරත්, මමත් කළ සාකච්ඡාව ගැන නාම
මාත්‍රිකව හෝ සඳහන් නොකර හරින්නට බැරි තරම් සාරවත්; හරවත් එකකි.
එවන් නිදහස් කතාබහක් කොතරම් ළගන්නාසුලුද?
එවැනි කතාබහකදී කොතරම් දේ දැන-උගත හැකිද?
පාලිත
සනතුත් රාජකාරී කරන්නේ සෙන්කඩගල ෆිනෑන්ස් ආයතනයේ බවත්- අපේ සුමිතුරු ගවීන්ගේ
මිතුරෙකු විත්තියත් හෙළි වුණේ එවැනි විටෙකය.
තලපත්පිටියේ සිටි; දැන් ඉතාලියේ සිටින නෙවිල්ගේ හිතවතෙකු ගැනත් ‘රසකතා බොහොමයක්’
අප්‍රසිද්ධියේ ප්‍රසිද්ධ කෙරුණෙත් ඒ අස්සේය. නහමක් නොසිතනු මැනවි, මං වහන්සේ ඒවා
ලියන්නට නොයන්නේ දැනටමත් මේ පොස්ටුව දිගු එකක් වෙතැයි පෙනෙන බැවිනි.
ඇතෙක්
කොතෙක් වැහැරුණා වුණත් කොරහක නාවන්නට බැරිය!
… ගයාන්
- ධනුෂ්ක දෙන්නා අපේ නඩේ දෙතුන් දෙනෙකුට විතරක් කියා තිබ්බ රහස් හෙළි වුණේ. (මේ
වනජීවී නියාමක ධනුෂ්කය.) |
“ඒක නේන්නං. මතක් කළා විතරක් නෙවෙයි, එයාලත් කිව්වනේ!”
මේ
විශේෂ ස්තුතිය නදීකා, මධූ, නදීෂා ගායිකාවන් තිදෙනාටය!
මේ
posts කීපයේදී වනජීවී නියාමක ගයාන්- ධනුෂ්ක දෙන්නා ගැනත් ටිකක්
වැඩියෙන් ලියවුණා වගෙයි. ‘ලියවුණා වගෙයි’ නෙවේ, ලිව්වා; හිතා-මතාම. එහෙම ලිව්වේ
‘වනජීවී නියාමකවරයෙක් ගැන ඉතාම අප්‍රසන්න මතකයක්’ මේ දෙන්නා නිසා ආපහු මතක් වුණු
හින්දයි. ඒ සිදුවීම ගැන අවුරුදු එකහමාරකට කලින් මම ලිව්වා ‘හෙනහුරු ගුණ්ඩු
බත්තලං... -පළමුවෙනි කොටසේ comments තීරුවේදී- මේ
විදිහට:
‘ඒ ගැන තියෙන ඉතාම අප්‍රසන්න මතකයක් කිව්වට කමක් නැහැනේ.
2008-9 වගේ අවුරුද්දක අපේ අම්මත් ලංකාවට
ආව වෙලාවක අපි යාල, වරහන
camping කරන්න
book කළා.
එහාටම ගියාට පස්සේ කියාපි 'පාද යාත්‍රාවේ එන පිරිස නිසා අපිට වරහන නවතින්නට ඉඩ
දෙන්න බැහැ'යි
කියලා. පස්සේ දවසක් ඒ වෙනුවට දෙන්නම් කියලත් කිව්වා.
මං පොඩි කොක්කක් දාගත්තා. එහෙම නං අපට කලින් දන්වන්නට
එයාලට යුතුකමක් තිබෙන බවත්, කොළඹ සිට දුර ගෙවාගෙන ආ වියදම- කාලය අපතේ බවත් කිව්වා. ඒ
පාර මගෙන් ඇහුවා වෙන වතුර පාරක, පුළුල් වැලි තලාවක කෑම්පින් කරන්න කැමතිද කියලා. මම හා
කිව්වේ පැනලා.
අපි එතන නැවතුණා. පොඩි පොද වැස්සක් වැටුණා හවස හතට විතර.
මෙන්න බොලේ වැල්ලෙන් (මෙරු මතු වෙනවා වගේ) කුරුමිණි සත්තු වගයක් මතු වෙන්න ගත්තා.
ට්‍රැකර් කිව්වේ 'කැකිරි
ඉබ්බෝ' කියලයි.
එදා රෑ අපිට ලන්තෑරුමක්වත් පත්තු කරගන්න බැරි වුණා. අර සත්තු නහයේ- කටේ- කනේ හිට
රිංගන්න ගත්ත. ඈතින් ගිනි මැලයක් ගහලා ඒ එළියෙන් තමයි අපි රෑට කෑවෙත්... එදා රෑ
ඉහේ හිට පොරවාගෙන- දාඩියෙන් තැම්බි තැම්බී තමයි අපි කට්ටිය වැල්ලෙ නිඳා ගත්තෙත්.
උදේ බලනකොට අපේ ට්‍රැකර් විතරක් යස අගේට පෙරවාගැනිල්ලක්
නැතිවම නිඳි. මිනිහගේ පැදුර වටේට කොහොඹ අතු පේළියට තියාගෙන. එතකොට කැකිරි ඉබ්බෝ
ළඟට එන්නේ නැතිලු.
හැබැයි, අපි දහ දෙනෙක් රෑ තිස්සේ වද විඳිද්දී මිනිහා නෙවෙයි, අපිට ඒ කෙම කිව්වේ. තනියම හොරාට
කොහොඹ අතු දාගෙන බේරුණා මිස!’
එදා අලි හිටිය ඉසව්වේ
වලස්සු පොරකමින් ඉන්න සද්දෙත් ඇහුණලු! (Foto- සෙරාන් එච්. ගමගේ) |
ජුලි 10 රෑ ඒ දෙන්නාගේ තිබුණු අමුත්ත අපිට මීටර් වුණේ නෑ. නමුත් ඒ දෙන්නා මුළු රෑ පුරාම මාරුවෙන් මාරුවට නැඟිටලා හිටියා. එහෙම හිටිමින්; ගිනි මැලේ යස අපූරුවට දස අතම එළිය කරමින්- පට පට ගගා ගිනි පුළිඟු විසුරුවමින් තියෙන විදිහට දර දැම්මා; ගිනි බෝ කළා. අන්තිමේ උදේ පහමාරට විතර අපි කීප දෙනෙක් නැඟිට්ටම තමයි, දෙන්නම හොඳට නිඳා ගත්තේ.
ඊටත්
පස්සෙයි ගයාන් - ධනුෂ්ක දෙන්නා අපේ නඩේ දෙතුන් දෙනෙකුට විතරක් කියා තිබ්බ රහස්
හෙළි වුණේ.
මැදපිටියේ
අපේ කූඩාරම්වලට චුට්ටක් එපිටින් වලස්සු වගයක් හිටියලු / උන් පොරකමින් ඉන්න සද්දෙත්
ඇහුණලු / කැලේ ඉන්න සත්තුන්ගෙන් වැඩියත්ම විශ්වාස කරන්න අමාරු සතා වලහාලු / ‘කට්ට්ටිය
බයවෙයි- කාටවත් කියන්න එපා. අපි මාරුවෙන් මාරුවට ඇහැරල ඉන්නවා. ඔයාල බය නැතිව නිඳා
ගන්න!’ කියල එයාලා අරගොල්ලන්ට කිව්වත් එක්කලු.
මං
වහන්සේ ඒ කැපවීම වෙනුවෙන් ගයාන්ටත්, ධනුෂ්කටත් උපහාර දැක්වූයේ -උදේ තේ බීමටවත් ඒ
දෙන්නාව කූද්දන්නේ නැතිව සිටීමෙනි. එහෙම
ඉඳලා- (අමතර කරදරයක් වුණත්,) එයාලම නැඟිට්ටාට පසු තේ හදා දීමෙනි. (ඔයාලා දෙන්නාටම
ගොඩක් ස්තුතියි!)
‘අහම්බෙන්වත්
වලසුන් කූඩාරම් කිට්ටුවට ආවා නං?’
ඒ එක්කම මට කල්පනා වුණේ, ජුනි 25 වෙනිදා ගොම්මන් යාමේ (මෙතැනම) අපේ කූඩාරම් අසලට අලි රංචුවක් ඇවිදින් හිටි
වෙලාවේ අපේ කට්ටිය කියූ දේවල්ය.
“අම්මෝ! උන් යන පාටක් නැහැනෙ...” / “කරුවල
වැටෙන්නත් එනවා.” / “අලි ඉන්න අස්සෙම වාහන සයිට් එකට හරවන්නේ?” / “ඇයි
බං, මෙතැන ගල් ගැහිලා ඉඳල හරි යනවද?” / “මෙච්චර
කිට්ටුව අලි ඉන්නැද්දි මට නං නිඳා ගන්න බෑ.”
ඊටත්
අමතරව... වතාවක් හැන්දෑවක- වස්ගමුවේම වවුල් ඇබේ camping site එකේ අප කූඩාරම්
අටවමින් සිටිද්දී වනයෙන් මතු වුණු දැවැන්ත හස්තියෙකු එතනට ආ හැටිත් මට මතක් වුණේය.
එවිට හොඳටම කලබල වුණු අපේ ඇත්තන්ගෙන් කිහිප දෙනෙක් දුවන්නට සැරසුණහ. ‘ඌ තව චුට්ටක්
ළඟට ආවා නං මම බලාගෙන හිටියේ ගඟට පනින්න.’ එක වීරයෙකු පස්සේ කිව්වත් එක්කය.
එදා මහවැලි නදියේ වතුර මට්ටම ඉහළින් තිබුණු විත්තියත්, තමන්ට අඩි දෙකක්වත් පිහිනිය
නොහැකි විත්තියත් ඒ මිතුරාට අමතක වී තිබිණි!
තල-තුනා නොගෙන ආරක්ෂක
ජැකට්ටු ඇඳගන්න හැටි පවා Team 39 ආයතනයේ ප්‍රධානි රවී හිතවතා... |
වල්
වැදී සිටින සංචාරක අප එවන් හදිසි අවස්ථාවක හැසිරිය යුත්තේ කොහොමද?
ඒ ගැන යම්කිසි දැනුවත් කිරීමක් ගමනාරම්භයට පෙර කෙරෙනවා නම් කොතරම් අගනේද?
ඒ අදහස කෙරෙහි වනජීවී දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වේවායි මම පතමි.
“සර්ලා
ඔය යන ගමන නං එච්චර හොඳ එකක් නෙවෙයි. ඒත් ඉතින් නාකි මං කිව්වට අහන වයසක නෙවෙයිනේ
සර්ල ඉන්නෙ.
මේ දවස්වල මදාවි අලි ටිකක් ඔය ඉසව්වේ කරක් ගහනවා. සර්ලා දන්නවද අලියෙක් එළවගෙන
ආවොත් කරන්න ඕන දේ?”
අවුරුදු තිස්පහකට විතර ඉස්සර දවසක ‘බෝගොඩ පාලම’ බලන්නට ගිහිං, එදා රෑ පන්සලේ බණ
මඩුවේ නවාතැන් ගෙන ඉන්නා අතරේය- අපට හලාඹේ පාලම ගැනත් ආරංචි වුණේ. පසුවදා උදේ අපි
පා ගමනින්ම හලාඹේ පැත්තට තිබුණු වනගත පාරට වැටුණෙමු. එවිටය අර කාරුණික දැනුමැත්තා
අපේ පෙරමඟට ආවේ; අපෙන් අරහෙම ඇසුවේ!
“පාර
නං වරදින්නේ නෑ. වල් බිහි වෙලා තිබ්බට අඩි පාර පේන්න තියෙනවා. මෙහෙ අලි තමයි වැඩි.
අපට හේනක් කුඹුරක්වත් කර ගන්න බැරි
තරමට...
අලියෙක් හෙම දැක්කොත් මහත්තයෝ, උඩු හුළඟට අහු නොවී ඉන්න බලන්න. ඒකත් හරි ගියේ
නැතුව ඌ එළවන්න ගත්තොත් පල්ලමකට දුවන්න. පල්ලමකට දුවද්දී අලියට හයියෙන් දුවගන්න
බෑ. උගේ කන්තල දෙකෙන් උගේම ඇස් දෙක වැහෙන්න ගන්න නිසා...”
එතෙක්-
මෙතෙක් වනගත ගමනකදී එවන් උපදෙසක් අපට ලැබී ඇත්තේ එදා පමණෙකැයි මගේ මතකය කියයි.
කිතුල්ගල ‘39 Team’ හරහා White Water Rafting ගිය හත්-අට වතාවෙම, නදියට බැසීමට පෙර
පැය බාගයක විතර දැනුවත් කිරීම්
රැසක් සිදු කෙරිණි. තල-තුනා නොගෙන ආරක්ෂක ජැකට්ටු ඇඳගන්න
හැටි පවා ඒ ආයතනයේ ප්‍රධානි රවී හිතවතා සජීවීව සනිදර්ශන සහිතවම පෙන්වා දුන්නේය.
එවැනි
පෙර සූදානමක් ඉතා වටිනා බව මගේ විශ්වාසයයි!
මේ posts
හතර මෙතැනින් අවසන් කරමින් මා ඔබට සිහිපත් කරන්නේ සංචාරක ගමනක් සංවිධානය කිරීමේදී උද්ගත
විය හැකි හදිසි අවස්ථාවනට මුහුණ දිය යුත්තේ කෙසේදැයි කියාත් සොයා බලන ලෙසයි.
හැබැයි, මේ වැදි බණකි!
මහමෙරක් වටිනා අගය
කිරීමකුත් මේ සංචාරය අතරතුරේදී... |
මහමෙරක්
වටිනා අගය කිරීමකුත් මේ සංචාරය අතරතුරේදී මට ලැබිණි. ඒ පිළිබඳවත් ලියලාම ‘කුණ්ඩලි’
සලකුණු යොදන්නෙමි.
“ම..මං
ඔයා එක්ක ත.ර..හ..යි. ඔයාට දෙන්නේ බිංදුවයි!” සිඟිති ජෙවීන් අයියා කෙනෙකුට කියනවා
ඇසිණි. අයියා පොඩිත්තාව කේන්ති ගස්සලාය. මම ජෙවීන්ව වඩා ගත්තෙමි; කේන්තිය අමතක
වෙනතුරු ඔහු හා කතාවේ යෙදුණෙමි. ජෙවීන්ව බිමින් තියන ගමන් ප්‍රශ්නයකුත් ඇසුවෙමි.
“ජෙවීන්, ඔයා මට marks කීයක් දෙනවද?”
පොඩිත්තා ඇඟිලි තුනක් දිගු කර පෙන්නුවේය. ‘Three!’කියලාත් කිව්වේය.
තුනයි?
මගේ යටිහිත දුකෙන් අහයි. ඒ ප්‍රශ්නය මධූටත් ඇසිලාවත්ද?
“අපේ ජෙවීන් පුතා නිමල් අයියට ඉහළම මාර්ක්ස් දුන්න නේද?”
“නෑ මධූ, තුනයි දුන්නේ.”
“ඉතින් හරිනෙ අයියේ.එයා තුනට විතරයිනෙ ගණින්න දන්නේ.”෴0෴
අලි මන්තරයක් එහෙම කියල දුන්නෙ නැතෑ 😂
ReplyDeleteබියර් කෑන් සිද්ධිය... මරැ ඇැැ 😁
අර ජෙවීන් පොඩි ලමයගෙ එකත් මරැ. ඇහුවෙ නැත්තං දන්නෙ... අඩු ලකුණක් හම්බුනාය කියල නෙව
Deleteගොඩ කාලෙකට කලින් උඩවලවේදී ට්‍රැකර් කෙනෙක් අලි මන්තරෙකින් අලියෙක්ව එලවනවා දැක්ක. එයා කිව්වා අලි මන්තර කියද්දී නිරුවත් දෙපයින්- පොළොවේ පය ගහලා ඉඳගෙන- මන්තරය කිව යුතු බව. එහෙම කිව්වෙත් කොඳුරලා වගේ.
Deleteඊට පස්සෙම අලි මන්තර කියන කෙනෙක්ව දැක්කේ නෑනෙ- අහගන්න.
නෙවිල් උන්නහෙව හමු වුනාම බියර් කෑන් ගැන අහගන්නකෝ තව විස්තර.
ජෙවීන් නං අපේ හිමන්‍යාගේ පලෝලේ හරිම හුරතල් දරුවෙක්!
නිදී ලංකාව මැච් එක පරාදයි නේද? ආසියානු කුසලාන එක්දින තරගාවලිය අවසන් තරගය ලංකාව කැතට පැරදුනා නේද?
ReplyDeleteඅර ඒ කාලේ 2019 අප්‍රේල් මාසයේදී ඊස්ටර් ඇටෑක් එක වෙලාවේ බීබීසී ලෝක සේවයට මෛත්‍රීපාල සිරිසේන ගේ ලේකම් විදියට වැඩකරපු භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් (Bharatha Prabhashana Thennakoon) සහ එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා කියපු විදියට
"ගහනව කියල නම් දැනගෙන හිටියා ඒ වුණාට මේ තරම් බරපතල විදිහට ගහයි කියල නම් හිතුණේ නෑ"
වගේ සීන් එකක් මේකත්... එහෙම නේද?
අනේ ජසොන් මහත්තයෝ, මම ක්‍රිකට් ගැන උනන්දුවෙක් නෙවෙයිනේ!
Deleteඉතින් නොදන්නා දෙමළෙට යන්නෙ නෑ. හොඳේ.
අද නං නිදි ලොක්කගෙ ඉවුම්-පිවුම් ගුරු මුට්ටියෙ පියන යාන්තමට දැක්කා.😉
ReplyDeleteසම්ම ජාතියකට හැඳි ගගා හොදි උයන්නෙ නං නෑ, ඒත් අර "හැඳි නොගා උයපු හොද්ද වගේ" කතාවෙ මොකක් හරි ඇත්තක් ඇති නේද?🤔
හොඳට පොල්කිරි දාල හදන හොද්දක් නටාගෙන එද්දී හැඳි නොගෑවොතින් කැටි ගැහෙනවනේ. ළිපෙන් බාලත් චුට්ට වෙලාවක් හැඳි ගාන්නේ ඒකයි.
Deleteහොද්දක් කැටි ගැහුණම රස අඩුයි... බකුසුතුමෝ.
... එතකොට හොද්දේ ආටෝප ගතියත් අඩුයි. මට නං මිරිසට උයපු හොද්දක වුණත් ටිකක් හරි ආටෝප ගතියක්- උකු ගතියක් තියෙන්නම ඕනි. ඉතින් මම කරන්නේ කුරක්කන් පිටි චුට්ටක් හොද්දට එකතු කරන එකයි. කොන්ෆ්ලාර් වෙනුවට.
Deleteමිරිසට උයන මාලුවකට නං එකතු කළාම හොඳ- පාන් කුඩු.
අහා! ආන්න ජංසං. 🙏👌
Deleteමේව "කොමන් සෙන්ස්" කියල නොලිය ඉන්න එපා. ඉවිල්ල ගියාම, අපට ඒක ඇත්තෙම නෑ.😂😉
++++++++++++++++++++
ReplyDelete+++ ස්තුතිය තරු තුනකින්- Pra Jay! +++
Deleteඉතින් හරිනෙ අයියේ.එයා තුනට විතරයිනෙ ගණින්න දන්නේ.”//
ReplyDeleteඑහෙනම් පුල් මාර්කස් හම්බවෙලා...
ඔව් ලලිත්!
Deleteකොහොමද පොඩ්ඩන්ගේ ලෝකෙ සරලකම?
"හුඟ දෙනෙක් කරනවා වගේ කරදමුංගු, කරාබු නැටි, කුරුඳු පොතු, ගම්මිරිස් ඇට, රම්පෙ, කරපිංච එහෙම බත ළිපේ තියනකොටම දැම්මේ නෑ...” ....."ඔයා ඒවා පෙඟෙන්න තියලා, බත ඉදුණම නේද ඒවා බතට යට කරලා තිබ්බේ?”
ReplyDeleteඒක නම් ඉතාම හොඳ ටිප් එකක්. මම කහබත් හදන්න පටන් ගන්න කොට සුවඳයි නමුත් උයලා ඉවර වුනාම ලොකුවට සුවඳක් එන්නෙ නෑ. මේ විදිහට ට්‍රයි කරන්නම්.
හොද්දකට රම්පෙ කරපිංච කුරුඳු පොතු දමද්දීත් - බතට රම්පෙ කොළ දමද්දීත් ළිපෙන් බානකොට දාලා බලන්න Lotus.
Deleteකරපිංච කොළවල ලස්සන කොළ පාටත් තියාගන්න කැමති නං හොද්ද ටිකක් නිවුනම- මඳ රස්නේ තියෙද්දී ඒවා දාන්න.
“මාර සිංදුනෙ එයාලා මතක් කළේ.” ඒ සිංදු මොනවද කියලා ලියන්න තිබුනනෙ. 'කම්පා නොවන් මහමායා' සිංදුව එහෙම කිව්වද. සිංදුවක් මතක් කරපු ගමන් වාදක මංඩලය ටක් ගාලා chords figure out කරගන්නවද, නැත්නම් වෙලා අරන් ගූග්ල් කරලා එහෙම බලනවද.
ReplyDeleteLotus, මේ පොස්ට් එක දිග වැඩි නිසා විස්තර ටිකක් අඩුවෙන් ලිව්වේ. එයාලා මුලටම මතක් කළේ සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ වගෙයි මට මතක!
Deleteඒ ඉසව්වට සිග්නල් නෑ. අපේ තනි වාදකයා නෙවිල් තාලය අල්ල ගන්නත්- ලලලල හරි නනනන හරි කියමින් ඉන්ටර්ලූඩ් එකත් නියමෙට දෙනවා.
වෙනුජ පුතත් එයා දන්නා සිංදුවලට ගිටාර් එක ගහනවා. එයා තාම නැඟී එන තරුවක්නේ!
"ඉතින් හරිනෙ අයියේ.එයා තුනට විතරයිනෙ ගණින්න දන්නේ" මම හිතන්නෙ අපි වැඩි දෙනෙක් අනිත් අයට marks දෙන්නෙ 'ගණින්න දන්න' පරාසය දක්වා විතරයි.
ReplyDeleteහුඟ දෙනෙක් නං Lotus දන්නා පරාසයේත් අඩුම ලකුණු දෙන්න තමයි කැමති. විවේචනයේදී තරම් පැසසුම් කිරීමේදී නිර්ලෝභී නෑ...
Deleteසමහරු ප්‍රශංසා කිරීම කියල දෙයක් තියෙනවද දන්නෙත් නෑ!
ට්‍රිප් යන සොමිය , මාත් ට්‍රිප් එක ගිහින් ආවා සොරි හම්බ වෙන්න බැරි වුනාට
ReplyDeleteඔයා හමුවකට ආරාධනා කරලත් මට එන්න විදිහක් නොතිබුණු එකට දුකයි, අජිත්!
Deleteඒත් ඇරයුමට ගොඩක් ස්තුතියි!!
තව පොඩ්ඩෙං බියර් කෑන් දෙකක් හින්ද අහක යන දඩයක්කාරයෙකුට වෙඩි කන්න වෙනව. හැක්..
ReplyDeleteඒක නෙවෙන්නං ප්‍රසෝ- සතිය නැතිකම!
ReplyDelete