එහෙව් වෙහෙසක් දරා ඔවුන් විකිණීමට ගෙනෙන ‘මඩු පියලි’ මිලට ගැනෙන්නේත් ස්ථිර ගැනුම් මිලකට වෙන්නට බැරිය. අපිදු ඒවා මිලදී ගන්නේ හැකිතාක් අඩු මිලකට ඒවා විකුණන්නට තිබෙනවා නම් විතරක් නේද?
කොහොමෙන්- කොහොම වෙතත් වැඩි ශ්‍රමයක් දරන; වැඩි වෙහෙසක්
දරන නිෂ්පාදකයාට සාධාරණ මිලක් මෙතනදීත් නොලැබෙන බවකි- මට නං පෙනුණේ...
මට මතක් වුණේ අවුරුදු
කිහිපයකට කලින් අපි, මාදුරුඔය වනෝද්‍යානයට ගිය වෙලාවක... |
දැන් කියල ඉන්නවකො- හෙට්ටිපොළෙන් වස්ගමුවට ගියාට පස්සේ විස්තර... විශේෂයෙන්ම park එකට ගියාට පස්සේ විස්තර.’ ඔයාලට එහෙම හිතුණද? කිහිප දෙනෙකුට හරි එහෙම හිතෙන්නට ඇතැයි මට සිතෙයි!! හනික ඒ විස්තරවලට යන්නෙ ආන්න ඒ හින්දාය!!!
“හරි
වැඩේනේ ප්‍රියන්ත.” මට කියැවුණේ වස්ගමුවේ පිවිසුම අසල තාවර වෙමින් සිටින අතරේය. ලියකියවිලි
වැඩ අහවර වී, අප එහෙම හිටියේ ට්‍රැකර්ස්ලා දෙන්නා සූදානම් වී එනතුරුය. එවිටය ප්‍රියන්ත
කිව්වේ ‘බංගලා දෙකක්’ ගැන!
“මේකයි නිමල්. මම හැදුවේ කදුරුපිටිය බංගලාවම දවස් දෙකකට බුක් කරන්නයි. එතකොට
මැදපිටියේ ඉඳල අපිට යන්න එන්නත් ළඟයිනෙ. කරුමෙට සෙනසුරාදා කදුරුපිටිය booked. ඒකයි
එදා රෑට විතරක්, මහවැලි බංගලාව ලේඩීස්ලට බුක් කළේ. ඉරිදාට එයාලට කදුරුපිටියට එන්න
පුළුවන්. හැබැයි ගෑනු කට්ටියම දවල්ට මැදපිටියට එයි, පොඩි දරුවනුත් එක්ක. දවසම අපිත්තෙක්ක
ඉඳලා එයාල හවසට යනවා බංගලාවට.”
“මේකනේ
ප්‍රශ්නේ ප්‍රියන්ත. අපි හාල් තුනපහ-
එළවලු එහෙම වෙන වෙනම ගෙනාවේ කෑම්පින් site එකටයි, බංගලාවටයි කියලනේ. දැන්
ඒවාත් බංගලා දෙකකට බෙදල ගෙනියන්න වුණාම...”
(මට මතක් වුණේ අවුරුදු කිහිපයකට කලින් අපි, මාදුරුඔය වනෝද්‍යානයට ගිය වෙලාවක-
බංගලාවකදී සිද්ද වුණු හරියයි. එක වේලකට මයිසූර් පරිප්පු ග්රෑම් 500ක් උයන්නට
දීලාත්, එතැනදී අපි දහ දෙනාට බත් කන්නට වුණේ ‘හැඳි තුඩෙන් පරිප්පු බෙදාගෙනය’. අනිත් වෑංජනවලටත් ඒ සංතෑසියමය.
සමහර කෝකියෝ එහෙමය! කොතරම් වැඩියෙන් දේවල් ගෙනිච්චත්, කොටසක් පිල්ලි යවති; සඟවා
ගනිති.)
“අපි දන්නෙ නැහැනෙ ප්‍රියන්ත මහවැලියේ ඉන්න එක්කෙනා කොහොම කෙනෙක්ද කියල.”
“ගිහිල්ලම
තමයි බලන්න වෙන්නේ... දැන් අපි කට්ටියම මැදපිටියට ගියාට පස්සේ තමයි හරියටම තීරණය කෙරෙන්නේ- බංගලාවටත් කට්ටිය
යනවද කියල. එතැනත් පොඩි අවුලක් තියෙනවා, නිමල්. එහෙම යනවා නං ටිරාන්ලගෙ පිරිමි
කෙනෙකුටත් එහාට යන්න වෙනවා ගෑනු කට්ටියත් එක්ක! හැම එකාටම ඕනෙ camping site එකේ
ඉන්නයි- තනියම බංගලාවට ගිහින් ආතල් එකක් ගන්නයැ?”
“ආ,
අන්න ගයාන්ලා එනවා... ගයාන්, මෙයාටම නේද ගිය සැරේ අපිත් එක්ක
එන්න බැරි වුණේ?” මට කියැවුණේ අලුත් නියාමකවරයාගේ මුහුණ
හුරු ගතියක් දැනුණු බැවිනි. “මොකක්ද ඔයාගෙ නම?”
“මම
තමයි සර් සුමාන දෙකකට කලින් ඔයාලත් එක්ක එන්න හිටියේ.” අලුත් ට්‍රැකර් හිනාවෙමින්
කියයි. “මට මරණ ගෙදරක යන්න වෙච්ච නිසා තමයි මේ ගයාන් මල්ලී ඒ ගමනට ආවේ... මං
ධනුෂ්ක.”
බිහි වෙන සතුන් පස්
දෙනෙකුගෙන් එක අයෙකු නායකත්ව ගුණාංග සහිතව උපත ලබන බවයි. මේ 5:1 අනුපාතය ඕනෑම
සත්ත්ව කොටසකට අදාළ බවත්... |
ටිරාන්ලගේ
නඩය නැංගේ ලසිතගේ සෆාරි ජීප් රියටය. වැඩිහිටි පිරිමින් දෙතුන් දෙනෙකුට නම් අපේ
වාහනයට නඟින්නට සිද්ද විණි.
Safariයේ නැඟුණු යොවුන් පිරිසේ ජංගමයන්ට නං නිවනක් නොතිබුණු පාටකි; එදා පෙනුණේ!
මැදපිටිය
කඳවුරු බිම තිබුණේ දෙසතියකට කලින් අපේ නඩය තියා ආ විදිහටමය!
අපි එහෙමය. වන පෙතකට යන අපි ‘අපේ පා සටහන් පමණක්’ එහි ඉතිරිකොට එන්නට සැලකිලිමත්
වන්නෙමු. ආ... ආ... ආ... එහෙම කියන්නටත් බැරිද මංදා. සමහර වෙලාවට අපි අරගෙන යන ඉදල
විතරක් ගහක උඩින් රඳවා එන නිසාය, එහෙම කියන්නට බැරි.
ගොඩ දෙනෙකු මෙහෙම ගමනකට අරගෙන නොයන්නකි; ඉදල.
වියලි කලාපීය වනාන්තරවල පොළොවට පතිත වෙන තුරුපත් අපමණය. අප සැරිසරන සීමාවේ තිබෙන
එවැනි වියලි කොළ අතුගා දැමීම අපෙන් නොපමාවම කෙරෙන රාජකාරියකි. ඒ එවන් කොළ ගොඩවල් යට උරග
සතුන් රැඳී සිටිය හැකි බැවිනි.
ඉස්සර
අපේ ගමන් සගයෙකු වූ නදී (ප්‍රසන්න) අප වල් වැදෙන හැම විටෙකම- නොවරදවාම භූමිතෙල්
බෝතලයක් අරගෙන එන්නට පුරුදුව සිටියේය. අරහෙම කොළ අතුගා දමා, tents ගැහුවාට පස්සේ-
නදී කරන්නේ භූමිතෙල්වලින් අපේ සීමාව සලකුණු කිරීමය.
“ඔය
මොකද්ද නදී කරන්නේ... භූමිතෙල් ගඳේ බෑ...”
“ඒකටම තමයි මෙහෙම හලන්නේ... එතකොට සර්පයෝ එන්නෙ නෑ!”
Camping
site එකට ගිය ගමන්ම ජීප් රියේ උඩට නැංගේ සෙරාන් හා වෙනුජ පුතාලාය. Tent රෙදිවලින්
ආවරණය කර, වැඩිම අඩුම-කුඩුම කන්දරාවක් එතැන pack කරලා තිබුණේ ඒ දෙන්නාය. Unpack කිරීම සිද්ද වෙන අතරේ වාහන
ඇතුළේ තිබුණු බඩුත් එළියට ගැනිණි. “ඉක්මනට බත උයාගෙන ඉඳිමු...”
විනාඩි කිහිපයක් යනකොටම මම එක දෙයක් වටහාගෙන සිටියෙමි.
‘ටිරානුත් බිරිය නදීකාත් දෙන්නාම නායකත්ව ගුණාංග ඇතිව ජන්ම ලාභය ලද්දෝ වෙති.’
සත්ත්ව
විද්‍යාඥයන්ගේ මතයකින් කියවෙන්නේ ‘බිහි වෙන සතුන් පස් දෙනෙකුගෙන් එක අයෙකු නායකත්ව
ගුණාංග සහිතව උපත ලබන බවයි. මේ 5:1 අනුපාතය
ඕනෑම සත්ත්ව කොටසකට අදාළ බවත් ඔවුහු කියති.
බලනකොට ටිරාන්ලාගේ ජෝඩුවම ඒ ගොඩේ වගේය.
කාගේවත්
මෙහෙයවීමකින් තොරවම නදීකා මධූටත්, නදීෂාටත් කතා කළාය. “අපිත් නිමල් අයියලට උදව්
වෙමු අනේ. දෙන්න අයියේ... එක්කෙනෙක් හාල් හෝදයි. තව මොනවද කෙරෙන්න ඕනි.”
මධූ තිලංග බණ්ඩාරගේ බිරියයි. නදීෂා පාලිත සනත්ගේ බිරියයි.
බෙරගම ප්‍රසන්නත්-
නිරෝෂා නංගිත් අපට උදේ කෑමක් ලැහැස්ති කළ දවසක ආයෙමත් තැල් කොළ කතන්දරය... |
“කිරි හොද්දක්? කිරට හදාගෙන ඇවිත් නරක් වෙන්නේ නැද්ද?”
“ඒකයි මස් එකයි දෙකම ෆ්‍රීස් කරලා අරගෙන ආවේ. දැන් නං යන්තමට සීතල ගතිය තියෙන්නේ.
මේ කිරිහොදි එක රත් කරලා ඒකට තැල් කොළ ටිකක් කපලා දාන්න තියෙනවා.”
මගේ
තැල් කොළ දොළදුක හොඳටෝම උත්සන්න වුණේ ‘සඳගලතැන්න’ ටෙලි නාට්‍යය විකාශය වෙන කාලයේය.
ඊට කලින්ය- මේ දිසානායකයා, තැල් කොළ ගැන අරහෙන්- එහෙන්- මෙහෙන් දැනගෙන තිබ්බේ.
සඳගලතැන්නේ ‘ලමී’ත්, ඩබ්ලියු.ඒ. සිල්වා ශූරීන්ගේ ‘කැලෑහඳ’ නවකතාවේදී හමුවන
‘නිකිණියානේ විදුලි කම්බිය’ ජාතියේය.
ලමී අතැන- මෙතැන හැම අහටම රිංගන්නේ
‘තැල් කොළ’ ඩිංගක් කඩා ගන්නා මුවාවෙනි.
“හිටපංකො
මචං. මං ගමේ ගිය වෙලාවක උඹට තැල්කොළ ටිකක් හොයාගෙන එන්නං. එතකොටවත් උඹේ ආසාව ඉෂ්ට
වෙයිනෙ.’ තජකයේ සුනීතා රත්නායකගේ සැමියා බණ්ඩාර මට පොරොන්දුවකුත් වෙලාය තිබ්බේ.
බණ්ඩාර කුරුණෑගල- තැල්කොටේ ගම් වැසියෙකි.
අනේ! බණ්ඩාරට ඒ පොරොන්දුව ඉටු කරන්නට රුදුරු මරුවා ඉඩ දුන්නේ නැත. (හිතවත් බණ්ඩාර-
ඔබට නිවන් සුව!)
ඊළඟට
තැල් කොළ ගැන අහන්නට ලැබුණේ තිස්සමහාරාමයේ- දෙබරවැව කොඩිකාර මිසීලාගේ ගෙදරදීය. යායට වැවී තිබුණු
වැල් ගොන්නක් ගැන වංහුං හෙව්වාමය.
“අනේ, නිමල් අයියේ... ඔය අපි වවලා නෙවෙයි. ඔන්නොහෙ ගාලට වැවෙනවා. තැල් කොළය
කියන්නේ. කනවත් එක්කලු. අපි නං...”
ඒ වංගියේ එහෙන් තැල් දඬු කීපයක්ම ගෙනත් මෙහෙ හිටෙව්වත් හරි ගියේ නැත.
බෙරගම ප්‍රසන්නත්- නිරෝෂා නංගිත් අපට උදේ කෑමක් ලැහැස්ති කළ දවසක ආයෙමත් තැල් කොළ
කතන්දරය කරළියට ආවේය.
“අපරාදෙනේ
නිමල් අයියා මෙච්චරකල් මගෙන් නාහා හිටියේ. මේ අහ හැම තැනම තැල් තියෙනවා. මට සෙම
ගතියක්- කැස්සක් හැදෙනකොටම මං තැල් කොළ මිටක් මලවල කනවා. ඒකම අහනවා.
ඉන්නකො. මං අපේ තාත්තට කියලා දැන්මම ඇට ටිකක් ගෙන්නලා දෙන්න, අපේ මහගෙදර වත්තේ
තියෙනවා... හදා ගන්න අමාරුත් නෑ.” නිරෝෂා අපට කට හොලවන්නට ඉස්පාසු නොදී, එවෙලේම
තාත්තාටත් ටෙලිෆෝන් කළාය.
එතකොට
අපේ අයස්මන්ත දොස්තර මහත්තයා දොහොත් නඟා දෙවියන් යැද්ද හැටි මට තවමත් මතකය.
“නිරෝෂා, මේ පයන්නට තැල් කොළ ඇට ටිකක් හොයල දෙන එක නෙවෙයි වැඩේ. මේකා ඕවා හිටවල
හදා ගත්තට පස්සේ අපිටත් ඕවා කන්න වෙන එක. අනේ දෙය්යනේ, ඔය ඇට එකක්වත් පැළ වෙන්න
එපා.”
“හිනා නෙවෙයි, ප්‍රසන්න. මළ කෙළියක් වෙන්නේ... නිමල් අයිය මෙව්වා ඉව්වම ඉස්සෙල්ලම
මටයි කන්න දීල test කරන්නේ.... පීරා, මාත් දෙයියන්ට කියන්නං මචං.” නෙවිලුත් දොස්තර
මහත්තයාට මුක්කුවක් ගැහුවේය.
මට හම්බ වුණේ රස තැල්. වැලේ දණ්ඩෙ පොඩි බූසි ගතියක් තියෙන- සමහර කොළ මැද්දෙ දම් පාටට හුරු පැල්ලමක් හිටින- ලා දම්පාට මල් පිපෙන වර්ගය තමයි ඒ. (ලමීගේ foto එකකුත් ඔන්න තියෙනවා!) |
දැන් වල් පැලෑටියක් තරමටම පැතිරී, ‘තැල්’ අපේ කුඩා ගෙවත්ත ආක්‍රමණය කර හමාරය!!
“කොයිකටත්
පරෙස්සමින් නදීකා. ඔය නොදන්නා කොළ ජාති කාලා... නේද මචං...” ප්‍රියන්ත අනතුරු
අඟවද්දීමය, උකුවට හදාගෙන ආ කිරි හොද්ද නටවාගෙන- ළිපෙන් බාද්දී කෑලිවලට කැපූ තැල්
කොළ ඊට එක් කෙරුණේ. ඒ තැල් කොළ කිරි හොද්ද හැම දෙනාටම අල්ලලා ගිය බවය; පස්සේ
පෙනුණේ!
අච්චර
අමාරුවෙන්- පෙරුම් පුරමින් බලං ඉඳලා- දුෂ්කර ක්‍රියාකොට ‘මහරගමට’ තැල් කොළ ගෙනාවට
පස්සෙය, මම දැක්කේ...
කොළඹ ගෙන්දගම් පොළොවේත් හැම තැනම වාගේ තැල් වැල් වැවී තිබෙයි. ඒත් කාරණාව හුඟ දෙනා
ඒවා අඳුරන්නේ නැති එකය.
හම්බ වෙන්නේ හොයන්නාටය! තැල් ගැන විස්තරවලටත් ඒ න්‍යාය පොදුය.
ත්‍රිවෘත් (Convolvulaceae) කුලයට අයිති තැල් (Ipomoea sagittifolia) ලංකාවට ගෙනාවයි කියන්නේ රාම- රාවණ යුද්දේ වෙලාවේලු.
වර්ග හතරක තැල් තියෙනවලු- රස තැල්, වස තැල්, ලප් තැල්, ගොතැල් කියලා. මට හම්බ වුණේ
රස තැල්. වැලේ දණ්ඩෙ පොඩි බූසි ගතියක් තියෙන- සමහර කොළ මැද්දෙ දම් පාටට හුරු
පැල්ලමක් හිටින- ලා දම්පාට මල් පිපෙන වර්ගය තමයි ඒ.
තැල් කොළ ඇඹුලත්
පංකාදු වෑංජනයකි! හදා ගන්නට අමාරුත් නැත.
ඔන්න බස්සා මහත්තයෝ, තමුන්නැහේ කලින් වංගියක කරපු යෝජනාවක් ඉටු කළා; අපේ වෑංජනයක්
හඳුන්නලා දුන්නා. මෙතෙන්ට ගිහින්
බලන්නකෝ තව විස්තර.
ඒත්, එතන නැති- වැදගත්
‘කුකරි tip’ එකකුත් මේ ගමන්ම දෙන්නං, හොඳේ.
මං වහන්සේ නං ඔය වගේ වෑංජන ජාති එකක්වත් හදද්දී ‘කොළ’ ඕනෑවට වඩා තම්බන්නේ නෑ!
එදා අපේ දවල් කෑම පරක්කු වුණයි
කියල කවුරුවත් මැසිවිලි කිව්වෙ නෑ. මොකද tents ගහල- වයරින් කරල- එකේක වැඩවලට උදව්
වෙලා- ඇඟපත සෝදන උදවිය ඒ රාජකාරිත් කරගෙන එනකොට, කෑම බාගෙට නිවිලත් තිබ්බේ...
පරක්කුව තිබ්බේ ‘විකාල භෝජනේ වළඳන්න’ එන උදවියගේ අතේ නෙව...
(බොරුවට නිහතමානී වෙන්න ඕනෙ නෑ. මම කෑම බෙදා ගනිද්දී මගේ හිත හොඳටෝම පිරිලයි
තිබ්බේ- අලුත්ම හිත-මිතුරු නඩේ ප්‍රතිචාර දැකලා.)
තැල් කොළ මාර රසයිනේ / මං ආසම
පොල් සම්බෝලේට- හරි සුවඳයි! (එහෙම නොවී තියේවිය? පොල් ගෙඩියක පොල්වලට හීන් නාරං
ගෙඩි දහයක- දොළහක ඇඹුල් දාලා සම්බෝලය හදපුවම.) / මස් කරියත් නැඟල යනවා!
‘මෙහෙම ගමනකදී වළන් පිඟන් අරගෙන යන්නේ හැකිතාක් අඩුවෙනි’යි කියා නඩයක පිරිමින්ට බොහෝවිට අමතක වෙයි. ඒ චුට්ටක් අනුමත වෙන්නට පටන් ගත්තාමය... |
මෙහෙම කෑම්පින් trip එකක් ගියාම සම්පූර්ණ පිරිසම එකවර කෑවොත් උයන-පිහන කට්ටියට
ලෙහෙසිය. ඊළඟ වේල උයන්නට ගන්නෙත් එකම භාජන නිසාය ඒ. ‘මෙහෙම ගමනකදී වළන් පිඟන් අරගෙන යන්නේ
හැකිතාක් අඩුවෙනි’යි කියා නඩයක පිරිමින්ට බොහෝවිට අමතක වෙයි. ඒ චුට්ටක් අනුමත
වෙන්නට පටන් ගත්තාමය.
“දැන් කවුද බංගලාවට යන
කට්ටිය එක්ක යන්නෙ... ගයාන්ද- ධනුෂ්කද?”
උත්තරය ලැබුණේ ප්‍රියන්තගෙනි. “එක්කෙනෙක්වත් යන්න ඕනෙ නෑ නිමල්.” ප්‍රියන්ත කීවේ
හිනාවෙමිනි. “ගෑනු කට්ටියත් ළමයි එක්ක මෙතැනම ඉන්නලු යන්නෙ!”
එහෙම වෙතැයි මට හිතුණේ
අප මැදපිටියට පා තබා පැය බාගයක් යන්නට කලින්ය.
එතැනට ගිය විගසම කුඩාම
දරු-දැරියන් ගස්, වැල් අතරින් දුවමින් රිංගමින් සෙල්ලම් කරන්නට වුණේ ලෝකයම දිනා
ගත්තා වැනි සතුටෙනි. විශේෂයෙන්ම ජෙවීන්!
අපේ නඩේ හිටි ලාබාලම සාමාජිකයා ජෙවීන්ය. එයාගේ වයසේ- එයාගේ පලෝලේ වෙනත් පොඩිත්තන්
අපේ කණ්ඩායමේ නොහිටියත් ජෙවීන් එය ගණනකට ගත්තේ නැත. හිතේ හැටියට, ලොක්කන් පස්සේ එහාට දිව්වේය- මෙහාට
දිව්වේය; දුවන අතරේ මුලක පය පැටලී වැටුණේය; අඬාගෙන මධූ ළඟට ආවේය.
චුට්ටා හැඬුවත්, සිද්ද
වෙලා තිබ්බේ චුට්ටං සීරීමක් විතරය!
ඒ අතරේ ජෙවීන්ලාට වඩා ටිකක්
වැඩිමහලු දූලා පුතාලා කළේ දොළ පහරට බැසීමයි. ජෙවීන්ටත් ඕනෑ වුණේ ඇඬිල්ල පැත්තකට
දාලා ඔවුන්ට එකතු වෙන්නටයි. ඒ වෙනුවෙන් ජෙවීන් අම්මාට ඉදිරිපත් කළේ සවිමත්
තර්කයකි. “අතනින් වතුර ටිකක් අරගෙන ගෑවාම මේක සනීප වෙනවා.”
“ඔව් අම්මේ.” ජෙවීන්ගේ අක්කාත් සාක්කි දුන්නීය. පාලිත- නදීෂා දෙන්නාගේ දියණියත් ඒකට උදව්
වෙයි.
“අපි මල්ලිව බලා ගන්නං ආන්ටි!”
ඉතිං ඔහොම කෙළි සෙල්ලම් සිද්ද වුණු හින්දා, දූලා පුතාලා ආම්බාන් කරමින් ඔවුන්ගේ පස්සෙන් දුවන්නට අම්මලා තිදෙනාට සිදු වුණේ නැත. ‘මෙහෙව් නිදහසක් බංගලාවක බිත්තිවලට හිරවී නැති කර ගන්නේ මොන මෝඩියන්ද?’ කියලා ඔවුන් සිතන්නට ඇතැයි මට හැඟිණි.
හැම දෙනාම මැදපිටියේම
නවතින්නට තීරණය කිරීම ගැන වඩාත්ම සතුටට පත් වුණේ ප්‍රියන්තයි. (foto- සෙරාන් එච්.
ගමගේ) |
මට කල්පනා වුණේ වනෝද්‍යානයක
තිබෙන බංගලාවක් වුණත් ආරක්ෂිතද කියන කාරණයයි. හොඳම උදාහරණයකුත් මැදපිටියට පැය
බාගයක විතර දුරින්ය තිබුණේ!
වතාවක් කදුරුපිටිය
බංගලාවටත් වල් අලි ප්‍රහාරයක් එල්ලවී තිබිණි. බංගලාවේ බිත්ති කිහිපයක් කඩා වැටෙන
තරමටම ඒ ප්‍රහාරය බලවත් එකකුත් වෙලා තිබිණි!!
වන්නාටය. අප යන්නේ වන සතුනටම වෙන් කෙරුණු වන රජ දහනකටය. එය ඔවුන් සතු බිම් පෙදෙසක්
විත්තිය; වන සතුන්ගේ වාසභූමියක් විත්තිය
අප අමතක නොකළ යුතුය. හුදෙක් අපේ සතුට උදෙසාම සතුන් නරඹනු සඳහා වල් වදින අපෙන්
ඇත්තටම ඔවුනට සිද්ද වන්නේ හිරිහැරයක් නේද; ඔවුනගේ නිදහස අහිමි කිරීමක් නේද?
අපේ වාසනාවටය ‘තමන්ගේ
නිදහස අහිමි කිරීම පිළිබඳව අපට විරුද්ධව නඩු යන්නට සතුන්ට හැකියාවක් නැත්තේ!
‘මාතලන්’ blog අඩවියට
‘සුදු අලි පෙරහරේ යහතින්
යද්දී හීලෑ අලි ගැන වොරි වී හඬා වැලපෙමු.’යි මාතලන් ලියා තිබුණු post එකකට ඔය නිදහස
පිළිබඳව හරිම අපූරු comment එකක් ලැබී තිබිණි. කමෙන්ටුව එවා තිබ්බේ Anonymous කෙනෙකු
වුණත්, කියා තිබුණු කාරණා තවකෙකු සිතන්නට පොළොඹවන ඒවායි. (තවත් වැදගත් comments
ගණනාවකුත් එතැනම තිබෙයි.)
‘ඔයාට නිදහස කියන එකේ
වටිනාකම අවබෝධ වෙලා නෑ, ලංකාවේ
මිනිසුන් ජීවිත පරිත්‍යාග කර 1818, 1848, 1915 වගේම සරදියෙල් වගේ අය අටසිය හැට ගණන්වල පවා සටන් කලේ
නිදහස වෙනුවෙන්, ලංකාව
විතරක්ම නෙවෙයි ලෝකයේ ගොඩක්ම රටවල් එක්සත් ජනපදය එංගලන්තයෙන් නිදහස් වීම යුරෝපීය
ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතිය වගේ දේවල් කරලියට ආවේ ඒකයි, මට සත්ව ලෝකයෙන් උදාහරණ සහිතව පෙන්වා දෙන්නත් පුලුවන්, මේ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ
කොම්බාරු අභයභූමියට යාබද තානායමකින්.
මෙන්න මේ කතාව බලන්න;
දිවියෙක් බල්ලා පසුපස හඹා යමින් සිටියේය. බල්ලා ජනේලයකින් වැසිකිළියකට ඇතුළු විය.
වැසිකිළිය පිටතින් වසා තිබුණි.
"නිදහස" හැම ජීවියෙකුටම අත්‍යාවශ්‍ය දෙයක් බව හැම දෙනාම තේරුම්ගත යුතුයි. |
දිවියා දුටු බල්ලා කලබල වී නිහඬව එක් මුල්ලක වාඩි විය. ඔහු බුරන්නට පවා එඩිතර වූයේ නැත.
දිවියා බඩගිනි වී
බල්ලා එළවාගෙන ආවත් ඔහු බල්ලා අල්ලාගෙන කෑවේ නැත.
එක පිම්මකින්ම බල්ලා
ඉරා දමා ඔහුට රාත්‍රී ආහාරය ගත හැකිව තිබුණි.
නමුත් සතුන් දෙදෙනා
පැය දොළහකට ආසන්න කාලයක් විවිධ කොන්වල එකට සිටියහ. මේ පැය දොළහ තුළ දිවියාද නිහඬව
සිටියේය.
වන ජීවී දෙපාර්තුමේන්තුව විසින් දිවියා අල්ලා ගත්තේ නිර්විදනය කළ පසුවය.
දැන් ප්‍රශ්නය, බඩගිනි කොටියා ලේසියෙන් පුළුවන්කම තිබුනත් බල්ලව ඉරාගෙන
කෑවේ නැත්තේ ඇයි?
වනජීවී පර්යේෂකයන් මෙම ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ මෙහෙමයි:
ඔවුන්ට අනුව, වන
සතුන් ඔවුන්ගේ නිදහසට ඉතාමත්ම සංවේදීයි.
ඔවුන්ගේ නිදහස අහිමි
වී ඇති බව දැනගත් වහාම, ඔවුන්ගේ
කුසගින්න අමතක කිරීමට තරම් ඔවුන්ට දැඩි ශෝකයක් දැනිය හැකියි.
ආමාශය පෝෂණය කිරීම සඳහා ඔවුන්ගේ ස්වභාවික අභිප්‍රේරණය මැකී යාමට පටන් ගනී. මෙය
නිදහස සහ සතුට සම්බන්ධයි.
ඒ නිසා සෑම ජාතියකටම,
ජනතාවකටම, සමූහයකටම තමන්ට අවශ්‍ය ආකාරයට සිතීමට, ක්‍රියා කිරීමට සහ ජීවත් වීමට "නිදහස" අත්‍යාවශ්‍ය
දෙයක් බව තේරුම්ගත යුතුයි.’
නිදහස... මට මේ බ්ලොගය
ලියන්නට හිතේ හැටියට නිදහසක් තිබුණත්, ඒ සඳහා විවේකය ඇත්තේ ඉතාම සීමාසහිතවය. ඒ
වෙනුවෙන් සහෘද පාඨක හිතවතුනට මගේ කනගාටුව ප්‍රකාශ කරමිනි, අදට විරාමයක් ගන්නේ.
සෙස්ස ඊළඟ කොටසෙනි...
සත්තුන්ට ඇති නිදහස සම්බන්ධව ලංකාවෙ තත්වයනං අතිශය ශෝකජනකයි කියල තමයි මටනං හිතෙන්නෙ.
ReplyDeleteකිරිහොදි ෆ්‍රීස් කරල කල් තියාගන්න පුලුවන්නෙ කියන එක අද තමයි ඔළුවට ආවෙ. ඒත් ඉතිං ඒ වැඩේ කරන්න පුලුවන් වෙන්නෙ උයන්න ලිපක් ගෙනියන ගමං වලදි විතරයිනෙ.
යකඩ දාච්ච ගෙයි පුළුන් ඉතිරිද කියල හොයනවා වගෙයි ප්‍රසන්න අපිත්. මනු සතුන්ටවත් නියම නිදහසක් නැති රටක සතුන්ගේ නිදහස කොහේ රැකෙයිද?
Deleteකිරිහොදි වුණත් ෆ්‍රීස් කරලා ගෙනිච්චේ ටක් ගාලා රත් කරගන්න ලේසි නිසා. තනි මට උයන නිසා මම ගෙදරදිත් ඕනෑම මසක්- මාළුවක්- එළවළුවක් උයද්දී ටිකක් වැඩියෙන් උයලා පොඩි පොඩි භාජනවල දාලා ෆ්රීසරේ තමයි තියාගන්නේ.
බස්ස තැල්කොල කාල මොන අඩව්වක් අල්ලයිද දන්නෑ ඉඳගෙන.
ReplyDeleteප්‍රසෝ, ඉඳගෙන කොහොමෙයි අඩව් අල්ලන්නේ?
Deleteදෙමල කඩවල ගොටුකොළ, මුකුණුවැන්න සහ මුරුංගා කොලත් , තව නම නොදන්න කිල ජාතිත් එනවා. ඒත් තැල්කොල තියන බවක් මතක නෑ.
Deleteතවම ලංකාවේ දකින්නට නොලැබෙන කීර ජාතියක් එංගලන්තෙදී මම දැක්කා. මෙයිති. වේලා පැකට් කරපු මේති කොළ පැකට් එකක් මේ ලඟදි හැට්ටර් මලයාගෙන් මට තෑගීත් ලැබුණා. ස්තුතියි මලේ!
Deleteමේති කියන්නේ උළුහාල් පැලවලට!
බකුසුතුමෝ, අසමෝදගම් කොළ තියේ නං සම්බෝලයක් හදලා බලන්න. වෙනමම රසක්!
අසමෝදගම් කොළද මන්දා? ඉන්දියන් අය කන නිසා, එක එක කුළුබඩුවල කොළ තියනවා. පොල්, ලුනු, ලූනු, තායි මිරිස් සහ දෙහි දාලා ගත්තාම නරකම නෑ තමයි.
Deleteඅසමෝදගම් කොළවලටත් හරිම වෙනස් රහක් - සුවඳක් තියෙන්නේ බකුසුතුමෝ.
Deleteමේ පාර ආපු වෙලේ පොළොන්නරුවේදී කෑව අසමෝදගම් කොළ මැල්ලුම , ගොටුකොල වගේ
Deleteඅජිත්, අසමෝදගම් සම්බෝලද මැල්ලුම්ද ඔයාට හම්බ වුණේ. මේවා වෙනමම රසයක් තියෙන කොළ ජාතියක්..
Deleteමටයි ඉනෙස්ටයි තැල් කොළ ව්‍යංජනයක් හදල දුන්නේ තරු රසී නංගිගේ අම්මා. අනන් කතා කරලා යන්න. පට්ට රහයි.
ReplyDeleteඅජිත්, මම තරුගෙන් අහගන්නන්කෝ එයාලගෙ රෙසිපිය.
Deleteතැල් කොල ඇඹුල රසයි කියල ටිපී එකේදි දැන ගත්ත.
ReplyDeleteසරදියෙල් නිදහස සඳහා සටන් කලයි කියලනම් දැන ගත්තෙ දැන් තමයි :D. (කාගෙ මොන නිදහසක් ගැනද කියල නැති නිසා ඒක ඇත්ත නෙමෙයි කියන්නත් බෑනෙ )
මමත් දැන ගත්තේ අද තමා. රොබින් හුඩ් වගේ පොරක් නිසා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ
DeletePra Jay මහත්තයෝ, ටීපී එකේදී තමුන්නාන්සේලට තැල් කොළ ඇඹුල හදාගෙන ආවේ මමනේ. රසයි කියල කීවාට ස්තුතියි!
Deleteසරදියල් ගැන නං අහන්න වෙන්නේ ඒ කමෙන්ටුව දාලා තිබ්බ ඇනොගෙන්.
Pra Jay, අජිත්- අපේ දේශපාලඥ එස් බී දිසානායක මහත්තයගේ මස්සිනා හදවපු සරදියෙල් ගම්මානයට ගිහින් තියෙනවද? මට නං තවම යන්න ඉඩක් ලැබිල නෑ.
ගිහින් නැහැ. එස් බී සරදියෙල් වගේ තමයි, අනිත් පැත්තට
DeleteDr. Ariyasena Gamage?
Deleteඔව් Pra Jay මහත්තයෝ, ඉස්සර පත්තරවලට ඉතා අගනා ලිපි ලිව්වෙත් මේ ගමගේ මහතාම තමයි.
Deleteඑයා පිලිකාවකින් සවර්ගස්තවුනා
Delete//ඔන්න බස්සා මහත්තයෝ, තමුන්නැහේ කලින් වංගියක කරපු යෝජනාවක් ඉටු කළා//
ReplyDeleteනයි කයිද රෝස් පාං කිව්වලු, දැන් හොයාපංකො මේ හිමේ තැල්?😂
හෙහ්..හෙ කුරිය සර්විස් එහෙකින් එවන්න කියන්නෙයි 😜
Deleteඇත්තටම තැල් කොළ පිටරට එවන්න හිතෙන්නේ නැත්තේ ඇයි කාටහරි. නියම ආහාරය
Deleteමී කුණ විකුණා පොහොසත් වීමේ ගමන පටන් ගත්තු උත්සාහවන්තයා වගේ කෙනෙකුට හොඳ අදහසක් අජිත් ඔය දෙන්නේ.
Deleteනමී- යවමුද බකුසුතුමාට තැල් කොළ ටිකක්?
ඒ එක්කම බස්සට අඳු කොල ටිකකුත් යවාගන්න ඕන.
Deleteඅඳු නැතුවට කොහිල තියනවා.🤣
Deleteලංකේ තියන කොළ ජාති පැකට් කරලා එවන් ව්‍යාපාරයක් කවුරුහරි පටන් ගන්න. දෙමල කඩවල පට්ට ගණන්
Deleteඇත්තටම... බසූ අහවල් දිසාවය කියල කිව්වනං හිට එවන්ට තිව්න නිදිලොක්කට කියල ඔය කොල ජාතිය,
Deleteඔන්නං ගංජ මිටියකුත් ඒ අස්සෙ එවන්ට බැරියැ 😁
ගංජා එපා. ඒව මෙහේ තහනම් නැතුව එලිපිට විකුණනවා. ඉස්සො වඩේ ටිකක් එවහං.😂
Deleteනමීටම බාරයි බසුතුමාට උත්තරයක් යවන එකත්.....
Deleteතැල කොළ දැකල තියෙනවා... කනවා කියල දන්නේ නෑ ,නිදි මැල්ල කොළ කාල තියෙනවද , බැදුම ගොඩක් රසයි...
ReplyDeleteදැන්වත් තැල් කොළ කාලා බලන්නකෝ ලලිත්.
Deleteමෙතන කිව්වට කමක් නැහැනේ. අපේ ආච්චිලා එව්වට ඉව්වේ 'හුජ්ජ මැල්ල' කියලයි. මම දන්නා තරමට නං ඒවා බැදලා විතරයි හදන්නේ.
මහරගම අපේ මහගෙදර වත්තේ ඕවිට මායිමේ බඩවැටියේ මැල්ල, කැබැල්ල, ඇඹිල්ල, ගොඩපර, මුස්සැන්ද, කැහිපිත්ත්තන් වැල්ජාති සේරම තිබ්බා. දසනායක රත්නවතී ; අපේ මහරගම ආච්චිට පින් සිද්ද වෙන්න මම ඔය ජාති සේරම කාලා- උයන හැටි ඉගෙනගත්ත. (ගොඩපර හා ඇඹිල්ල හැර)
තවත් ඔත්තුවක් කියන්න හිතුනා.
Deleteඔහොම ගමේ කෑම විකුණන තැනක් ගැන. පොල්ගහවෙල පොල්අතු? බත් කඩේ. කොළඹ ඉඳල යනකොට පාරේ දකුණු පැත්තේ තියෙන්නේ. ඒ කඩේ ඉස්සරහ බකිනි ගහකුත් තියෙනවා- පාරෙන් වම් පැත්තේ.
අපි එතනින් කෑම කපු දවසක මැල්ල කොළ බැදලා තිබ්බා.
තැල් කොල එකනම් රහයි.
ReplyDeleteභූමිතෙල් ගඳට සර්පයො විතරයෑ... නයි එන්නෙත් නෑ නේද 😅
ස්තුතියි නමී.
Deleteසර්පයෝ කිව්වම නයිත් අයිතියි කියලයි මං හිතුවේ- හැබැයි, ...னයා හැර!
හැක්.. අපිව ලාම්පුතෙල් ගහල නවත්තන්න හිතුව මදි නමියො.
Deleteනහී නහී... මා මිත්‍ර පෂාතුමා 😁
Deleteලාම්පුතෙල් වගේ ද කෑලි හයේ ටෝච් පාර, පතෑං!
Deleteහැබෑටම කෝ මේ අලකොමා?🤔
හැබෑ නේන්නං!
Deleteමේ දවස්වල අල ගලෝන කාලෙනෙ. මිනිහ බිසි.
Delete"මං වහන්සේ නං ඔය වගේ වෑංජන ජාති එකක්වත් හදද්දී ‘කොළ’ ඕනෑවට වඩා තම්බන්නේ නෑ!" ඒක නම් ඇත්ත. කොළ විතරක් නෙවෙයි, එලවලු වුනත් සමහර අය තම්බලා, තම්බලා උයන විදිහට ඒ වගේ තියෙන nutrients විනාශ වෙනවා ඇති.
ReplyDeleteමම අහලා තියෙනවා තැල් කොල ඇඹුල ගැන ආච්චි අම්මා කියනවා, හැබැයි කාලා නම් නැත.
නිමල් මේ මඩු පියලි ගැන මෙච්චර කියන්නෙ ඒ අංගනාව/ ලලනාව ගැන හිත වැටිලා නේද.
තැල් කොළ ගැන හොයද්දී ඒක මෝනින් ග්ලෝරි ප්‍රභේදයක් කියන විස්තරෙත් දැක්කා. ඔයා ඉන්න රටෙත් ඒවා තියෙනවා විය හැකියි Lotus.
DeleteIpomoea sagittifolia
Wikipedia
https://en.wikipedia.org › wiki › Ipomoea_sagittifolia
ipomoea sagittifolia from en.wikipedia.org
Ipomoea sagittifolia is a species of morning glory in the genus Ipomoea. It is native to Africa, India, the Malay Archipelago, and Australia.
හෙට්ටිපොළ තොග කඩේ අංගනාව දැක්මට ප්‍රිය උපදවන කෙනෙක් නේන්නං- වැඩ කොහොම වෙතත්. අනෙක එයාගේ පෞරුෂයත් ගොඩක් පිරිමින්ට පවා නැති විත්තියයි- මගේ හැඟීම. එහෙම අය දැක්කාම මගේ නං 'වී වේලෙනවා' තමා!
ඇත්තෙන්ම Lotus, ලංකාවේ පෝෂණ ඌනතාවට එක හේතුවක් විදිහටයි- මට හිතෙන්නේ මේ කෑම ඕනාවට වඩා පිසීම.
Deleteතැල් කොල ගැන විස්තරේට තැන්ක් යූ, නිමල්. බලමු හොයාගන්න පුලුවන් වෙයිද කියලා.
Deleteතැල් කොළ සොයා ගන්නට ලැබේවා!
Delete"හැම දෙනාම මැදපිටියේම නවතින්නට තීරණය කිරීම ගැන වඩාත්ම සතුටට පත් වුණේ ප්‍රියන්තයි". ඉතිං අපරාදෙනෙ booking එක හා සල්ලි.
ReplyDeleteඒක නං ඇත්තයි Lotus, බුකින් එකේ සල්ලි අපරාදෙ තමයි. ඒත් ප්‍රියන්ත ඒවා ගණන් නොගන්න පොහොසතෙක්නෙ.
Delete