“....
මිනිහා මෙහෙදී නාස්ති වෙලා යයි වගෙ... මගේ යාළුවෙක් මෙයාව දැකල නරක තැනකදී...”
බල්නූර් කිව්වේ හූල්ලමිනි.
“මෙහෙ තියෙනවා හෙළුවෙන් නටන කෙල්ලෝ ඉන්න තැන්. අමාරුවෙන් හම්බ කරන සොච්චමත් එහෙම
තැන්වලට පූජා
කරන
මිනිහෙක්ට කොහොමද කලක් යන්නෙ?”
![]() |
බලාගෙන ගියාම මූ මහ වනචරයෙක්නෙ... උදව් කරන්න නෙවෙයි
නිකං යාළුවෙක් විදිහට ආස්සරේ කරන්නවත් නොවටින... |
“ඒකනේ බ්‍රදර් කියන්නේ... ප්‍රසාද්ව එහෙම තැනකදී දැකලා තියෙනවා මගේ යාළුවෙක්...
ඉතිං බලපං... මේකා ඉන්නේ නං උපාසකයා වගෙ. බලාගෙන ගියාම මූ මහ වනචරයෙක්නෙ... උදව්
කරන්න නෙවෙයි නිකං යාළුවෙක් විදිහට ආස්සරේ කරන්නවත් නොවටින බැල්ලිගෙ පුතෙක්නෙ...”
බල්නූර් එහෙම කිව්වම නං
දුකකුත් එක්කම මට ඇති වුණේ පසුතැවිල්ලක්. පව් ප්‍රසාද්!
ප්‍රසාද් කියන්නේ තාපසයෙක්
නෙවෙයිනේ. එයා පිරිමි හෝර්මෝන
හොඳට
නිපදවෙන සරීරයක අයිතිකාරයෙක් වගෙයිනෙ. ඒ මගේ නිරීක්ෂණයේ results. එයාගේ අතපයේ වුණත්
යහමින් පඬි වැවිල තියෙනව නෙව. නිකංම එහෙම වෙන්නෑනෙ..
(පඬි කියනකොට මතක් වුණේ. ඒවාට හුඟ දෙනෙකු කියන්නේ මයිල් හරි මවිල් හරි කියලයි.)
එහෙම යහමින් පිරිමි හෝර්මෝන නිපදවෙන කෙනෙකුට අනිත් අයට වැඩියෙන් ලිංගික ආශාවන් ඇති
නොවී තියේවියැ?
මට නිතරම කල්පනා වුණු වනචර ඇත්තක්
කියන්නද?
තරුණ වයසේදීම කසාද බැඳලා ඉන්න උදවිය කොහොමද අවුරුදු ගණන් ඈත් වෙලා ඉන්නේ... කොයි
තරං තරුණ සැමියන්- තරුණ බාරියාවන් පිටරටවල රස්සාවලට ගිහිං විප්‍රවාසීව ඉන්නවද?
අවුරුදු ගණන් දෙන්න දෙපොළක... ඔයාලට තේරෙනව ඇති නේද මං කියන දේ? මට නං...
‘එයාල නිකෙලෙස්- වීතරාගී
උදවිය වෙන්නැති, යක්ෂයෝ! තමුසෙ වගෙ වනචරයෙකුට ඔහොම දෙයක් හිතා ගන්නවත් අමාරු ඇති
නේද? ඒකට ඉතිං වෙන කවුරුවත් පළි නැහැනෙ නිදි.’
මං මෙහෙම ලියන දේවල් කියවන
කෙනෙකුගේ අප්‍රසාදයට ලක් වීමට ඉඩක් තියෙද්දි තමයි මගේ සැබෑ හැඟීම් ලියන්නේ.
2018දී නිදිගෙ පංච තන්තරේ ලියන්න පටන් ගනිද්දී මං උන්නේ ටිකක් විචිකිච්ඡාවෙන්. ඒත්
පහු-පහු වෙද්දී මගේ ඒ සැක-සංකා ගොඩක් නැතුව ගියා.
අතිසුචරිතවත්; සුපේසල ශික්ෂාකාමී හැදියාවකින් යුක්ත ‘පොඩිහිටියන්’ ටික දෙනෙක්
විතරයි ‘මගේ නිරුවත් සත්‍ය ප්‍රකාශ’ කියවල වික්ෂිප්ත වුණේ. Blog ලිපි කියවන වැඩි
දෙනෙකු ඒවා තේරුම් ගැනීමට තරම් මේරූ; පරිණත; පුහුදුන්; වැඩිහිටි උදවිය බව මට පසක් වුණා.
ඔවුනුත් හොඳට හුස්ම ගන්නා;
පසිඳුරන් වැඩ කරන; හොඳට නාඩි වැටෙන උදවිය බවට තියෙන විශ්වාසයයි- මේ විස්තර නොබා;
නොපැකිළ ලියන්නට නිදිව පොලඹවන්නේ. (ඔබ සැමට ගොඩක් ස්තුතියි!)
ඉතිං... එදා රෑ බල්නූර් මට
ටෙලිෆෝන් කළාට පස්සේ මගේ කෙලෙස්බර තණ්හාදිපතිකම තදින්ම මට දොස් කිව්වා. ‘පේනවනේ, ඒ
මනුස්සයත් උඹ වගෙම ලොකු අසහනේකින් ඉන්නව ඇත්තේ. ඒක තේරුම් ගන්න උඹට බැරි වුණානෙ.
ලොකුකම් අටවන්න ගියා. අපරාදෙ අතටම ආව චාන්ස් එකක් තමුසේ මිස් කර ගත්තේ.’
![]() |
උඹලා ඔක්කොම දුවන්නේ සල්ලි පස්සේ. උඹලට කිසිම ඇතිවිල්ලක්
නෑ! |
‘ඊළඟ සැරයක් උදා වෙන්න ඒ
හාදයව හම්බ වෙන්න එපැයි, මෝලෝ! ආයෙමත් වතාවක් ප්‍රසාද්ව දකින්නවත් ලැබෙයිද කියල
කවුද දන්නේ...’
Aheer මහත්තයා තීරණේ කළොත් ප්‍රසාද්ව වැඩට ගෙන්වන්නේ නැතිව ඉන්න!
‘තමුසෙගෙ හිතේ තියෙන කැත! කෙහෙල්මල් ප්‍රසාදෙක් ගැන හිතන්නේ- හිතපංකො නයනානන්ද
ගැන. මාස හයක් ඉවසගෙන ඉන්න බැරි තරමටම දැවිල්ලක්ද උඹට තියෙන්නේ...’
ටක්... ටක්... ටක්!
දැවිලි කතන්දරේ අමතක කරවමින් කවුද කාමරේ දොරට තට්ටු කරනවා. “කවුද... දොර lock කරල
නෑ.” ඇඳේ ගුළි වෙලා ඉන්න ගමන්ම මං කිව්වා.
“ලොකූ, යසිරු අයියලා ඇවිත්...”
“මම ඇඳුමක් දාගෙන ටක් ගාලා එනවයි කියනවද තරහ නැතුව...”
යසිරුලාටත් උදේ වෙච්ච
සිද්ධිය ආරංචි වෙලා. අහීර් මහත්තයම කියන්න ඇති.
මං පහළට යනකොටත් Dada එයාලත් එක්ක සාකච්ඡාව පටන් අරගෙන ඉවරයි.
“එතකොට මිස්ටර් සැසිල් කියන්නේ නිමල්ට මීට පස්සේ එහෙ වැඩට නොගිහිං ගෙදර නවතින්න
කියලද?”
“ඒක නේද මේ වෙලාවේ කරන්න ඕනි නුවණක්කාර වැඩේ... නිමොල් England ආවේ රස්සාවක් කරන්න
නෙවෙයිනේ. එයාගේ loving sisterගේ වෙඩින් එකට... මොකද වෙන්නේ අද Home Office එකෙන්
මෙයා වැඩ කරන තැනට පැන්නා නං... What a disaster? එහෙනං මෙයාවත් බනානා බෝට් එකෙන්
හෙට අනිද්දාම ලංකාවට යවනවා නේද?” ඩැඩා කියාගෙන ගියේ නොනවත්තා.
“Yes my dear Cecil! ඉට් ඉස්
පොසිබල්... මම පිළිගන්නවා, උඹ කියන කතාව ඇත්තයි. ඒත් සැසිල් අපි හැමෝම risks
අරගන්න එක නේද ජීවිතේදී කරන්නේ...
ඔයා ආන්ටි ලීලාව මැරි කළේ එහෙම වගකීමක් අරං. Samලව එංගලන්තෙට ගෙන්න ගත්තෙත් risk
එකක් අරං.”
“ඔව්නේ සැසිල්... ඒ දෙකෙන්ම
ඔයාට වැරැද්දක් වුණායැ?” යසිරුගේ ප්‍රියම්බිකාවත් එක්ක කතා කරමින් හිටපු අපේ අම්මත්
ඇහුවේ උජාරුවෙන්.
“ඔව්! ඔව්! මට කිසිම වැරැද්දක් වුණේ නෑ නේන්නං.” ඩැඩා කිව්වේ සෝපහාස ස්වරයෙන්. “මම
තවම පණ පිටින් මේ ඉන්නේ! මට කියන්න තියෙන්නේ මෙච්චරයි. උඹලා ඔක්කොම දුවන්නේ සල්ලි
පස්සේ. උඹලට කිසිම ඇතිවිල්ලක් නෑ... විශේසෙන් ලීලා- උඹ. උඹ තමයි නිමොල්වත් මෝටිවේට්
කරන්නේ... I don’t want to ආර්ගිව් or ෆෝර්ස්. උඹලට කැමති දෙයක් කර ගනිල්ලා...”
කෝපි බෝතලයත් අරගෙන ඩැඩා උඩ
තට්ටුවට නැංගා. වියපත් වෙමින් උන්නු නිසා වෙන්නැති- එයා ඉස්සර තරම් වාදවලට
පැටලෙන්න කම්මැලි; විවේචන කරන්නට අකැමැති.
“මොකද යසිරු පුතා මේකට
කරන්නේ? මෙහෙම දේකුත් තියෙනවා. ඔය මනුස්සයා යමක් කිව්වොත් වරදින්නේ කලාතුරකින්. මම
හිතන්නේ රංජි ටික දවසක් හරි ගෙදර නැවතෙන එක හොඳයිත් වගෙ.” අම්මා එයාගේ අදහස කිව්වේ
කාටත් කලින්. ඩැඩා නොපෙනී යනවත් එක්කම- ටිකක් හෙමින්.
“මම හිතන්නේ ලීලා ආන්ටි- මෙතැනදී ඩිශිෂන් එක ගන්න ඕනි නිමල් කියලයි. වෙන ඕනිම
දෙයකට මූණ දෙන්න වෙන්නේ නිමල්ටනේ!”
![]() |
සහෝදර blog රචක අජිත් ධර්ම හිතවතාගේ fb post එකක- ෆොටෝ කීපෙකුත් එක්ක. එයින් දෙකක් තමයි... |
“සමන්තිගේ වෙඩින් එකට තව දවස් දහයක්ද කොහෙදනේ තියෙන්නෙ. ඒ ටික මං ගෙදර ඉන්නං. ඊට
පස්සේ මොනවා වුණත් කමක් නෑ කියලා වැඩට යන්නං. එතකොට ඩැඩා කියපු දේත් පිළිගත්තා
වෙනවනෙ. යසිරුට පුළුවන් නේද Mr Aheerට කියන්න මගේ තත්ත්වේ. මාත් එයාට කෝල් කරන්නං.”
යසිරු එකඟ වුණේය. අහීර් මහතා
අපේ තීරණය පිළිගෙන තිබ්බේ ‘වෙන මොනවා කරන්නද’ කියමිනි. දවස් දෙකකට පස්සේ බල්නූරුත් විස්තර
කිව්වේය. “We miss you brother. මේ ප්‍රසාද්ටත් උඹට කතා කරන්න ඕනිලු.”
“Nimal, it’s me Prasad. උඹ
නැතුව හොඳටම පාළු මටයි නිමල්. ඔයා ගෙදර නේද ඉන්නේ? මම බල්නූර්ගෙන් ඔයාගෙ නොම්මරේ
ඉල්ල ගත්තා. ටික දවසකින් හවසක කතා කරන්නං. කමක් නැහැනේ?”
“කමක් නෑ,.. කමක් නෑ... කැමති වෙලාවක කතා කරන්න.”
දවස් දහයක්! ඒ කියන්නේ ලොකු
කාලයකි. ගෙදරටම හිරවී හිටිද්දී දවස් දහය මාස දහයක් තරම් දිගට දැනෙයි... ලංකාවේ හිතවතුන්ට
ලියුම් ලියන්නට වැය කෙරුණේ වරුවකටත් අඩු කාලයකි.
අහම්බෙන් හම්බ වුණු නිවාඩුවෙන් ප්‍රයෝජනයක් අරං, ලංකාවට යනකොට ගෙනියන්නට පොඩි තෑගි
ටිකක් ගන්න ගියොත්!’
ඒ අදහස හිතේ දරාගෙන Hounslow පැත්තට
ගියාමය මං හොල්මන් වුණේ.
අවරුදු එකොළහකදී හවුන්ස්ලෝ සෑහෙන්නට
වෙනස් වෙලාය. පොඩි පොඩි කඩ-සාප්පු අඩු වී ගිහිංය. ලොකු ලොකු වෙළෙඳ සංකීර්ණ පැටව්
ගහලාය. එව්වායේ පැන්ස ගණන්වලට- පවුමට දෙකට විකුණන අයිටම්ස් නැති තරම්ය!
ඒ වෙනස්වීම් සිද්ද වෙලා තිබ්බේ අවුරුදු එකොළහක කාලයක් අතරතුරේය. එදා ඉඳලා අද වෙද්දී;
අවුරුදු තිහකදී කොයි තරම් නං දේවල් වෙනස් වෙලා ඇද්ද?
පුදුම හිතෙන තරං දේ...
කොච්චර ඉක්-ඉක්මනට සිදු වෙමින් යනවද?
‘අද
අම්මාගේ අසූ වැනි උපන්දිනය. මාලන් රොෂාන් ෆේස්බුක් පෝස්ට් එකක් දැම්ම ගූගල් නැනෝ බනානා
කියන අලුත් ඒඅයි ටූල් එකෙන් පරණ පින්තූර එඩිට් කරල දෙනවා කියල. අම්මගේ පරණ පින්තූර
දෙක තුනකුයි තාත්ත ඉන්න පින්තූරයකුයි එඩිට් කරල අම්මට යැව්වා. එයාට හරිම සතුටුයි. ප්‍රින්ට්
කරලා එවන්නලු. ස්තුතියි මාලන් ටිප් එකට.’
ඔය උඩින් තියෙන ඡේදය මගේ ඇහැ ගැහුණේ ඊයේ. සහෝදර blog රචක අජිත් ධර්ම හිතවතාගේ fb
post එකක- ෆොටෝ කීපෙකුත් එක්ක. එයින් දෙකක් තමයි උඩින් තියෙන්නේ. (අජිත් මාතාවට සුබ
උපන් දිනයක් වේවා!)
![]() |
අපේ අතීත මතකයන් එළියට ගන්න ඇහැකි විදිහේ tool එකක් හැදුණොත් කොහොමට හිටියිද? |
අනාගතේ දවසක අපේ අතීත මතකයන් එළියට ගන්න ඇහැකි විදිහේ tool එකක් හැදුණොත් කොහොමට
හිටියිද?
මං වහන්සේ පණ පිටින් ඉන්දදී
නං ඒ වගෙ තාක්ෂණික ගැජට්ටුවක් හැදෙන එකක් නෑ කියලයි හිතෙන්නේ.
‘ඔව්, ඔව්.. දිසානායක- ලබන ආත්මෙකදී තමයි තමුසෙට ඒවා බලා ගන්න වෙන්නේ. ඒ හින්ද එහෙම
දෙයක් හැදෙනකල්, තමුසෙට පුරුදු විදිහටම ඔහේගෙ මතකය අවුස්ස- අවුස්සා නිදිගෙ පංච
තන්තරේ ලියනවා!’
හරි, හරි... මෙන්න ලියනවා.
මෙන්න...
ඉතිං හවුන්ස්ලෝ ටවුමෙන් මොකුත් නොගෙනම මං එදා ආපහු ගෙදර ආවා. ඒ එනකල් අපේ ඩැඩා මඟ බලං
ඉඳලා. “නිමොල්, අන්න ප්‍රසාද් කියල කෙනෙක් උඹට කතා කළා. අද හවසට එයා ආයෙමත් කෝල් එකක්
දෙනවයි කිව්වා. කවුද ඒ... යාළුවෙක්ද?”
“ටිකක් විතර...” මං කිව්වෙ ටිකක්
විතර නොසැලකිල්ලෙන් වගෙයි.
එහෙම නොකළා නං හෙම ආයෙ දෙකක් නෑ, ඩැඩා මට ප්‍රශ්න පත්තරයක්ම දෙනවා ෂුවර්!
දවල් කියල තිබ්බ වගෙම ප්‍රසාද්
හවස කතා කළා.
“නිමල් මට උඹව හම්බ වෙන්න ඕනෑ... අද හෙටම. ඔයා ගෙදර ඉන්න හිංදා හවස වැඩ ඇරෙන
වෙලාවට මෙහෙ බස් ස්ටොප් එකට එන්න බැරිද... Please! බැහැ කියන්න නං එපා- ෆ්‍රෙන්ඩ්...
මට දැන් කතා කරන්නවත් කෙනෙක් නැතුවයි ඉන්නේ... ෆෝන් box එකකින් ගත්තේ... සල්ලි ඉවර
වෙනකොට cut වෙයි...”
“හරි, මං හෙට එන්නං!” මාත්
විජහනියට කිව්වා.
මං බස් නැවතුමේ ඉන්න විත්තිය
ඈත තියාම දැක්ක ප්‍රසාද්ගෙ මුහුණේ ලොකු හිනාවක් ඇඳුනා. හරියට අවුරුදු ගණනාවක් නොදැක
උන්නු දෙන්නෙක් හම්බ වුණා වගෙයි ඒ යෝදයා හැසිරුණේ. තදින් මාව බදා වැලඳගත්තු ප්‍රසාද්
බස් නැවතුමේ සීට් එකක් උඩින් එයාගේ ලෑටි පස්ස තිබ්බා.
(ලංකාවෙ නං කතාවක් තියෙනවා -පිරිමියෙක් වුණාම පෙනෙන තරමට බඩකුයි, පුකකුයි තියෙන්න
ඕනි- කියලා. ඒකට අනුව බැලුවොත් නං ප්‍රසාද් පිරිමියෙක් නෙවෙයි! මිනිහට ඒ දෙකම නෑ!!)
“ඉතිං...”
“ඉතිං තමයි. කියපං...”
“මම නෙවෙයි කියන්න ඕනෙ. You! ඔයානේ ප්‍රසාද් මට අද හවස මෙතෙන්ට එන්න කිව්වේ... කතා
කරන්නවත් කෙනෙක් නැහැයි කියලා.”
“Thanks Nimal, thank you
very much! ඇත්තමයි නිමල්- ඔයයි බල්නූරුයි දෙන්නා නොඉන්න මං මෙලහටත් මේ රස්සාව අතෑරලා
ඉවරයි. මේක තිත්ත වෙන වැඩමයි මට වෙන්නේ...”
![]() |
ඌ මං වගෙ හොරෙන් මෙහාට ආව එකෙක් නෙවෙයි. ටුවරිස්ට්
වීසා උඩ ඇවිල්ල තියෙන්නේ... |
“ප්ලීස් නිමල්, මට හිනා වෙන්න එපා. මිස්ටර් Aheer ඉන්දියාවෙන් ආපු තවත් හාදයෙක්ව
වැඩට අරගෙන... ඌ මං වගෙ හොරෙන් මෙහාට ආව එකෙක් නෙවෙයි. ටුවරිස්ට් වීසා උඩ ඇවිල්ල
තියෙන්නේ... එහෙම ආව අයට වුණත් මෙහෙ jobs කරන්න බැහැ නේද? උඹත් එහෙමයිනෙ...”
“ඔව්, ඔව්... ඉතිං?”
“එහෙම වුණත් ඒ ඌරා අලි වංශෙන්
ඉන්නයි හදන්නේ. බල්නූර් වුණත් හරිම ගරු-සරුවෙන් ඌව වැඩට දැම්මේ ඔයා හිටිය තැනට. ඌටත් තවම වැඩ බෑ. ඒ වුණාට
දෙන්නෙ අලි ටෝක්ස්. උගේ හොම්බට දමල අනින්නමයි මට හිතෙන්නේ.”
“හැබෑටම ඔයාට පිස්සුද ප්‍රසාද්? ඕනි කෙනෙක් ඕනි දෙයක් කියා ගත්තාවේ කියලා ඔයා ඔයාගේ
පාඩුවේ ඉන්න. නැති කරදර පටලවා ගන්නැතුව. කව්රු වුණත් කියන දේවල් අපේ ඇඟේ ඇලෙනවද?”
ප්‍රසාද් ටික වෙලාවක්
කල්පනාවට වැටුණා. ඊට පස්සේ මිනිහා ඇහුවේ අමුතුම ප්‍රශ්නයක්.
“උඹ මොන කුලේද?”
“උඹට මොකටද ඒවා? මං ඔය casts ගැන තකන කෙනෙක් නෙවෙයි, ප්‍රසාද්.”
“හරි හරි. ඒත් උඹලගෙ රටෙත් කුල තියෙනවනෙ. උඹ ඉපදිලා තියෙන්නේ මොන කුලේද කියලා
කියපංකො...”
අපේ අම්මාත් තාත්තාත්
දෙන්නාම ‘ගොයිගම’ කුලයේ උදවිය බව මං එතකොට කිව්වා. “ඒත් ඒ කුලයට ඉංග්‍රීසියෙන් කියන
නමවත් මං දන්නේ නෑ යක්ෂයො!”
එතකොට ප්‍රසාද් ඇහුවේ ‘ගොයිගම’
කුලය උසස් එකක්ද- පහත් එකක්ද කියලයි.
“මං දන්න තරමට නං ඒක පහත් කුලයක් නෙවෙයි!”
“ඒක තමයි... ඒක තමයි... පහත් කුලයක ඉපදිච්ච කෙනෙකුට විතරයි නිමල් ඒ නිසා විඳින්න
වෙන කෙනෙහිලි තේරුම් ගන්න පුළුවන්.”
“ප්‍රසාද්, ඔය කුලවල කතන්දර
ඔයා මෙතෙන්ට ඇදල ගත්තේ මොන කෙහෙල්මලකටද කියල මට හිතා ගන්නවත් බෑ. අපි වෙන දෙයක්
ගැන කතා කරමුද? අර අලුතෙන් වැඩට ආව හාදය ගැන නේද ඔයා කිය-කියා හිටියේ...”
මං එහෙම කිව්වා විතරයි, කර බාගෙන හිටිය ප්‍රසාද් ඔලුව උස්සලා බැලුවා.
අම්මෝ, එහෙම බැලිල්ලක්!
ඇස්දෙක රතුම රතු වෙලා... එයාට දත්මිටි කැවෙමින් හිටියේ!!
“ඒකම නේන්නං මං කිව්වේ. බන්ටි
බ්‍රාහ්මණ කුලේ එකෙක්... මම අඩු කුලේක එකෙක්.”
“කවුද බන්ටි?”
“ඌ තමා... ඌ තමා බන්ටි. අලුතෙන් වැඩට ආව එකා... fuxxxxx බ්‍රාහ්මන්!”
මට සෑහෙන වෙලාවක් ගියා ප්‍රසාද්ගේ
කේන්තිය තේරුම් ගන්න. ප්‍රසාද් මට කියල දුන්නා ඉන්දියාවේ කුලභේදයේ තරම ගැන.
(උඩින් ප්‍රකටව නොපෙනුණා වුණත් වර්තමානයේදී පවා ලංකාවෙත් ‘වංශ කබල් ගෑම’ යහමින්
කෙරෙන විත්තිය මං ඉගෙන ගත්තේ පසු කාලෙකයි. පතපොත හා චිත්‍රපට තමයි මට ඒ දැනුම ලබා
ගන්නට උදව් වුණේ. විශේෂයෙන්ම ‘රාවය’ කතුවර වික්ටර් අයිවන් මහතාගේ ලියවිලි. එතුමාට
සගමොක් සුව ලැබේවා!)
![]() |
ඌ හිතන්නෙ ඌ මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ අම්මගේ වැජයිනා එකෙන් නෙවෙයි- බඹාගේ කටෙන් කියලයි.. |
“මොනවද පුළුවන් වුණොත්...”
“... අර බන්ටියගේ දත් දෙක තුනක් බඩට යවන්න... ඔව් නිමල්. ඌ මගේ දිහා බලන්නෙත් ජරා
ගොඩක් දිහා බලන විදිහට… මහන්තත්තකමෙන් ඉතිරි ඉතිරී තමයි ඒ පර බල්ලා අපි වගෙ අය
දිහා බලන්නෙත්...” ප්‍රසාද් කිව්වේ කේන්තියෙන් පුපුරණ ගමන්.
“ප්‍රසාද්... අපේ ආගමේ නං
කියල දෙන්නෙ මිනිහෙක් උපදිනකොටම කුලවන්තයෙක් වෙන්නෙ නැහැ කියලයි. මිනිහෙක් කරන වැඩ
අනුව- ජීවත් වෙන විදිහ අනුව තමයිලු මිනිහෙක් කුලීනයෙක් හරි වසලයෙක් හරි වෙන්නේ...”
“ඔයා කියන්නේ බුද්ධාගමේ නේද? උඹ බුද්ධාගමේ නේද... බුදුහාමුදුරුවෝ ඉපදුණේ අපේ රටේනෙ...”
“උන්නාන්සේ මොන රටේ ඉපදුණත් කියල
තියෙන්නේ ලොකු ඇත්තක්නේ. ඉතිං ප්‍රසාද් ඇයි ඒ විත්තිය දැන-දැනත් එයින් වැඩක්
නොගන්නේ...”
“අම්මෝ... අම්මෝ... උඹත්
එක්ක කතා කරන්න මම ඉගෙන ගෙන මදි ෆ්‍රෙන්ඩ්. ඒත් ඔයා එක්ක කතා කරනකොට වෙලාව යනව
කියල නං තේරෙන්නෙ නෑ. අහගෙන ඉන්න ආසයි.”
“ඒකට කමක් නෑ කොල්ලෝ. එක බස් එකක් ගියානේ. ඊළඟ bus එක ආවාම මම යන්නං, හොඳේ... මම
ආයේ වැඩට එනකල් බන්ටි එකක් රණ්ඩු නොවී ඉවසිල්ලෙන් ඉන්න.”
“හරි! මම එන්නෙයි කියපු
ගමන්ම අද මෙහාට ආවට ගොඩක් thanks නිමල්!” ප්‍රසාද් කිව්වේ මගේ අතකින් අල්ලාගෙන.
බස් එක එනකල්ම එයා මගේ අත අතහැරියෙ නෑ. මං බස් එකට ගොඩවෙනකොටම ප්‍රසාදුත් ඒකට
නැංගා.
“... මාත් එනවා. මට ඔයාලගේ ගෙදර තියෙන තැන බලාගන්න ඕනි.”
ඉතිරි හරිය ඊළඟ කොටසින්...
‘ කුලේ ‘ නිසා ලොව සමහරු මුලා වේ.
ReplyDeleteඔබෙ ෆුක පැලුවත් තකිනර රතු ලේ
Deleteමගෙ ෆුක පැලුවත් තනිකර රතු ලේ
ඔබ xකුවත් ඔබේ xx නැගිටිනවා
මා xකුවත් මගේ xx නැගිටිනවා
සමාන වී ඉපදී දිවි තලාවේ....
වෙන්න අති නෙහ්...
Deleteස්තුතියි දෙන්නාටම!
DeletePraසන්ன මහත්තයෝ, ඔයාගේ comment එක කියවද්දී මගේ සිහියට ආවේ නං 'අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මෙලෝකේ වසලයා' ගීතය.
Deletehttps://bassigenawathana.blogspot.com/2025/09/how-time-flies-when-youre-stuck-in.html?sc=1756878096586#c2753742413477222284
ReplyDeleteතෑන්ක්ස් බොසා දෙන සප් එකට...!
DeletePra Jay මහත්තයා එහෙම තමයි. Bolg නොලිව්වට ලියන අපි හැමෝටම උපරිමයෙන්ම සප් එක දෙනවා!
Deleteඩඩාගෙ කොටස නං කියෙව්වා.
ReplyDeleteතෑන්ක්ස් බොසා දෙන සප් එකට...!
Deleteඅඩේ කමෙන්ට් එක මාරු වෙලා...
Deleteස්තුතියි බකුසාණෙනි!
Deleteමව් තුමිගේ පින්තුරේ දාල සුභ පැතුවට ස්තූතියි නිදි . ඔයාට පුළුවන් බ්ලොග් එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න . go to your Blogger dashboard, then click Settings > Manage blog > Back up content and click Download to get an XML file of your blog's posts, pages, comments, and themes. You can also download a copy of your blog's theme by going to the Theme menu, clicking More, and selecting Backup
ReplyDeleteඑතකොට කවුරුහරි ඉදිරියේදී හරි බලයි , බ්ලෝග එක අයින් කලත් .
Deleteඑළ එළ බොක්කා....!
Deleteඩුප්ලිකේට් නිදි මටත් කලින් ඔයාට උත්තර ලියල තිබ්බට මගේ හිතට මදි අජිත් මහත්තයෝ. උපදෙසට ගොඩක් ස්තුතියි.
Deleteඉන්දියානු කාරයෝ අතර කුල භේදය නම් හරි සරයි . ලංකාවේ උතුරේ දෙමල අයත් එහෙමයි . /ඉන්දියාවෙන් එන්නට සිටි අවසන් දවස් දෙකේ මා නැවතී සිටි හෝටලයෙන් එපිට තිබුනේ නගරයේ මහ පාරයි. මෙහි පදික වේදිකාවේ ඇතැම් තැන්වල නොයෙකුත් දිළිඳු නිවාස නැති පවුල් දැකිය හැකිය. එවන් එක පවුලක් පාර අයිනේ යන්තම් අටවා ගත් ඉටි රෙදි කඩමලු යට ජිවත් වෙනු දුටිමි. ඒවායේ දොරක් කියා දෙයක් නැත. යන්තමට අව්වට වැස්සට හසු නොවී සිටින්නට අටවා ගත්තකි. මහා වැස්සක දී වුව මෙවන් අයට කඩ පිලකට වත් එන්නට කඩ හිමියන් ඉඩ දෙන්නේ නැත. පුංචි දුවෙකුත් පුතෙකුත් සිටි ඔවුන් ගේ මේ පුංචි "පැල්පත" පිටිපස කුණු වතුර ගලන කාණුවකි. උදේ නැගිට ජනේලයෙන් බලන විට මා දුටුවේ පාර අයිනේ ගලා යන වැසි වතුරෙන් දුවගේ මුහුණ සෝදන මවයි. වැස්ස තුරල් වූ පසු දරුවන් දෙදෙනා වැරහැලි අන්දවා පාරේ සෙල්ලම් කිරීමට යොමු කල මව ඉටි රෙදි වැසූ පැල්පතට වී සිටියාය. ටික වෙලාවකින් කොහෙන්දෝ සොයාගත් කෑම ටිකක් ගත් පියා එතනට පැමිණියේය. හතර දෙනාම පැල්පතේ ගුලිවී උදේ ආහාරය ගත්හ. දෙමව්පියන්ට ගුලිවී පුංචි උන් දෙන්නා කෑම ගන්න ආකාරය බලා සිටියෙමි. දිළිඳු වුවත් නැතත් දරුවන්ට මවු පියන්ගේ උණුසුම තිබේනම් කොපමණ අගෙයිද?//ඒ කාලේ ලියපු එකක් . : https://kolambagamaya.blogspot.com/2015/11/blog-post_17.html
ReplyDeleteලියපු කාලය වෙනස් වුණත් අජිත් මහත්තයෝ- අදටත් එදා තිබුණු තත්ත්වයන් වෙනස් වෙලා නැහැ නේද?
Deleteඇත්තටම කුලබේදය දේශපාලනයටත් බලපාන ආකාරය ගැන විස්තර සහිතව පෝස්ට් එකක් දාන්න පුළුවන්ද නිදි?
Deleteතව දෙයක් ඔයාට පුළුවන්ද දක්ෂිණ භාරතය තුල තලපති විජේගේ දේශපාලන පිවිසුම හෙවත් තවත් එක් සෙලියුලොයිඩ් යථාර්ථය සහ දේශපාලන විගඩම ගැන විස්තර සහිතව ලියන්න?
මට තේරෙන විදියට
තමිල්නාඩුවේ සුපිරි නළු 'තලපති' විජේගේ දේශපාලන පිවිසුම දකුණු ආසියානු දේශපාලනයේ සිදුවන නව වෙනස්කම් මැනවින් පෙන්වයි. දේශපාලන වේදිකාවට පිවිසි විජේගේ උපාය මාර්ග සහ හැසිරීම් රටා ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගය (NPP) සහ එහි නායක අනුර කුමාර දිසානායකගේ ව්‍යාපාරයට සමානකම් දක්වන බවට බොහෝ දෙනාගේ මතය වී ඇත.
ආකෘතියේ සමානකම්
නව මුහුණු සහ ජනප්‍රියත්වය: ශ්‍රී ලංකාවේ NPP පක්ෂය ජනප්‍රිය නායකයකු සහ නව මුහුණු සමඟින් දූෂිත දේශපාලනයට විකල්පයක් ලෙස පෙනී සිටියේය. ඒ හා සමානව, විජේ ද චිත්‍රපටවල ලැබූ ජනප්‍රියත්වය පදනම් කරගෙන, පවුල් දේශපාලනය සහ දූෂණයට එරෙහි සටනක පෙරගමන්කරුවා ලෙස ඉදිරිපත් වේ.
සටන් පාඨ සහ සංදර්ශන: අඩි සියයේ ධජ, ආකර්ෂණීය රුස්වීම්, සහ චිත්තවේගීය සටන් පාඨ දෙරටේම දේශපාලන ව්‍යාපාරවල පොදු ලක්ෂණ විය. "වෙනසක්" බලාපොරොත්තු වූ ජනතාවට මෙම සංදර්ශන මගින් පණිවුඩයක් ලබා දීමට ඔවුන් සමත් විය.
පොදු සතුරා: ශ්‍රී ලංකාවේ NPP පක්ෂය සියළු ගැටළු වලට වගකිව යුතු බවට "ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන්" පොදු සතුරෙකු ලෙස නම් කළා සේම, විජේ ද දමිළ දේශපාලනයේ පැරණි නායකයන් සහ මෝදි වැනි දේශපාලන චරිතවලට එරෙහිව සිය සටන දියත් කරයි.
යථාර්ථය සහ යථාර්ථය නොවන දේ
කෙසේ වෙතත්, මෙම සමානකම්වලට වඩා දෙරටේ පවතින සන්දර්භයන් අතර විශාල වෙනසක් ඇත.
ලංකාවේ තත්ත්වය තුල ලංකාව වසර කීපයකට පෙර තාවකාලික ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි බැවින්, ජනතාව වෙනසක් අපේක්ෂාවෙන් සිටියහ. NPP පක්ෂය එම වෙනස සඳහා වූ ජනතා අපේක්ෂාව දිනා ගත්තේ, ඔවුන්ගේ සටන් පාඨ සහ ආකර්ෂණීය දේශපාලන රැලී මගිනි. එහෙත්, බලයට පත් වූ පසු එම අපේක්ෂා කිසිවක් ඉටු නොකිරීම හේතුවෙන් දැන් ඔවුන් ජනතාව අතර දැඩි අප්‍රසාදයට සහ විහිළුවට ලක්ව ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරපු කාර්යාලයක් ආණ්ඩුවේ මැර බලය යොදවා බොහෝ දෙනෙකුට තුවාල කර බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති අතර පොලෝසිය කිසිත් නොකර මුනිවත රකී, ඒ අස්සේ මේ දිනවල තම පියාගේ මිනීමරුවා මරා මාධ්‍ය මගින් බොරුවට පොරක් කරවූ අයෙක් සහ ඔහු සමග සම්බන්ධ සාමාන්‍ය මිනීමැරුම් සහ යම් ජාවාරම් කල කීපදෙනෙක් ඉන්දුනීසියා පොලීසියෙන් අල්ලා දුන් එක අල්ලාගෙන බොරු චූන් දෙමින් සිඟිති ආතල් ගනිමින් සිටින විහිළුවක් බවට පත්ව සිටින ලංකාවේ වර්තමාන ආණ්ඩුව වගේම තලපතිටත් එබඳුම තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත.
තමිල්නාඩුවේ තත්ත්වය: අනෙක් අතට, තමිල්නාඩුව ඉන්දියාවේ දෙවන විශාලතම ආර්ථිකය සහිත ප්‍රාන්තයකි. එහි දරිද්‍රතාවය 1.43% තරම් අඩු මට්ටමක පවතී. මෙවැනි දියුණු සමාජයක්, හුදු චිත්තවේගීය සටන් පාඨ සහ 'සෙලියුලොයිඩ් වීරත්වයකට' රැවටෙනවාද යන්න ප්‍රශ්නයකි. තමිල්නාඩු ජනතාවට අවශ්‍ය වන්නේ සැබෑ ආර්ථික හා සමාජ විසඳුම් මිස, චිත්‍රපටවලින් බලාපොරොත්තු වන වීර චරිත නොවේ.
මේ අනුව, විජේගේ දේශපාලන පිවිසුම, ජනප්‍රියත්වයේ රැල්ලක් පමණක් වුවහොත්, එය ඉක්මනින්ම වියැකී යා හැකිය. ජනප්‍රිය දේශපාලන ව්‍යාපාරයකට සැබෑ වෙනසක් ගෙන ඒමට නම්, එය ජනතාවට දෙන පොරොන්දු ඉටු කළ යුතුය. එසේ නොමැති නම්, එය ශ්‍රී ලංකාවේ NPP ආණ්ඩුව මුහුණ දෙන ඉරණමටම මුහුණ දීමට සිදුවනු ඇත. ලංකාවේ පසුගිය අන්ත දූෂිත හොර රාජපක්ෂ රෙජීමයක් ඊට පෙර පැවති අන්ත දූෂිත යහපාලන චෞර රෙජීමයත් ඔවුන්ට නොදෙවනි වූ වර්තමාන අන්ත දූෂිත හොර මාලිමා පාදඩ අමන රෙජීමයත් මෙන් තලපති විජේද කුජීත වීම සමග ජනතාවට කිසිදු ආකාරයක දේශපාලන නායකත්වයක් නැතිවී ලංකාවේ වර්තමාන තත්ත්වය මෙන්ම ජනතාව දැඩි ලෙස අපේක්ෂා භංගත්වයට පත්වනු නිසැකය. මේ ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද?
ඇත්තටම කුලබේදය දේශපාලනයටත් බලපාන ආකාරය ගැන විස්තර සහිතව පෝස්ට් එකක් දාන්න පුළුවන්ද නිදි?
Deleteතව දෙයක් ඔයාට පුළුවන්ද දක්ෂිණ භාරතය තුල තලපති විජේගේ දේශපාලන පිවිසුම හෙවත් තවත් එක් සෙලියුලොයිඩ් යථාර්ථය සහ දේශපාලන විගඩම ගැන විස්තර සහිතව ලියන්න?
මට තේරෙන විදියට
තමිල්නාඩුවේ සුපිරි නළු 'තලපති' විජේගේ දේශපාලන පිවිසුම දකුණු ආසියානු දේශපාලනයේ සිදුවන නව වෙනස්කම් මැනවින් පෙන්වයි. දේශපාලන වේදිකාවට පිවිසි විජේගේ උපාය මාර්ග සහ හැසිරීම් රටා ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගය (NPP) සහ එහි නායක අනුර කුමාර දිසානායකගේ ව්‍යාපාරයට සමානකම් දක්වන බවට බොහෝ දෙනාගේ මතය වී ඇත.
ආකෘතියේ සමානකම්
නව මුහුණු සහ ජනප්‍රියත්වය: ශ්‍රී ලංකාවේ NPP පක්ෂය ජනප්‍රිය නායකයකු සහ නව මුහුණු සමඟින් දූෂිත දේශපාලනයට විකල්පයක් ලෙස පෙනී සිටියේය. ඒ හා සමානව, විජේ ද චිත්‍රපටවල ලැබූ ජනප්‍රියත්වය පදනම් කරගෙන, පවුල් දේශපාලනය සහ දූෂණයට එරෙහි සටනක පෙරගමන්කරුවා ලෙස ඉදිරිපත් වේ.
සටන් පාඨ සහ සංදර්ශන: අඩි සියයේ ධජ, ආකර්ෂණීය රුස්වීම්, සහ චිත්තවේගීය සටන් පාඨ දෙරටේම දේශපාලන ව්‍යාපාරවල පොදු ලක්ෂණ විය. "වෙනසක්" බලාපොරොත්තු වූ ජනතාවට මෙම සංදර්ශන මගින් පණිවුඩයක් ලබා දීමට ඔවුන් සමත් විය.
පොදු සතුරා: ශ්‍රී ලංකාවේ NPP පක්ෂය සියළු ගැටළු වලට වගකිව යුතු බවට "ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන්" පොදු සතුරෙකු ලෙස නම් කළා සේම, විජේ ද දමිළ දේශපාලනයේ පැරණි නායකයන් සහ මෝදි වැනි දේශපාලන චරිතවලට එරෙහිව සිය සටන දියත් කරයි.
යථාර්ථය සහ යථාර්ථය නොවන දේ
කෙසේ වෙතත්, මෙම සමානකම්වලට වඩා දෙරටේ පවතින සන්දර්භයන් අතර විශාල වෙනසක් ඇත.
ලංකාවේ තත්ත්වය තුල ලංකාව වසර කීපයකට පෙර තාවකාලික ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි බැවින්, ජනතාව වෙනසක් අපේක්ෂාවෙන් සිටියහ. NPP පක්ෂය එම වෙනස සඳහා වූ ජනතා අපේක්ෂාව දිනා ගත්තේ, ඔවුන්ගේ සටන් පාඨ සහ ආකර්ෂණීය දේශපාලන රැලී මගිනි. එහෙත්, බලයට පත් වූ පසු එම අපේක්ෂා කිසිවක් ඉටු නොකිරීම හේතුවෙන් දැන් ඔවුන් ජනතාව අතර දැඩි අප්‍රසාදයට සහ විහිළුවට ලක්ව ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරපු කාර්යාලයක් ආණ්ඩුවේ මැර බලය යොදවා බොහෝ දෙනෙකුට තුවාල කර බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති අතර පොලෝසිය කිසිත් නොකර මුනිවත රකී, ඒ අස්සේ මේ දිනවල තම පියාගේ මිනීමරුවා මරා මාධ්‍ය මගින් බොරුවට පොරක් කරවූ අයෙක් සහ ඔහු සමග සම්බන්ධ සාමාන්‍ය මිනීමැරුම් සහ යම් ජාවාරම් කල කීපදෙනෙක් ඉන්දුනීසියා පොලීසියෙන් අල්ලා දුන් එක අල්ලාගෙන බොරු චූන් දෙමින් සිඟිති ආතල් ගනිමින් සිටින විහිළුවක් බවට පත්ව සිටින ලංකාවේ වර්තමාන ආණ්ඩුව වගේම තලපතිටත් එබඳුම තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත.
තමිල්නාඩුවේ තත්ත්වය: අනෙක් අතට, තමිල්නාඩුව ඉන්දියාවේ දෙවන විශාලතම ආර්ථිකය සහිත ප්‍රාන්තයකි. එහි දරිද්‍රතාවය 1.43% තරම් අඩු මට්ටමක පවතී. මෙවැනි දියුණු සමාජයක්, හුදු චිත්තවේගීය සටන් පාඨ සහ 'සෙලියුලොයිඩ් වීරත්වයකට' රැවටෙනවාද යන්න ප්‍රශ්නයකි. තමිල්නාඩු ජනතාවට අවශ්‍ය වන්නේ සැබෑ ආර්ථික හා සමාජ විසඳුම් මිස, චිත්‍රපටවලින් බලාපොරොත්තු වන වීර චරිත නොවේ.
මේ අනුව, විජේගේ දේශපාලන පිවිසුම, ජනප්‍රියත්වයේ රැල්ලක් පමණක් වුවහොත්, එය ඉක්මනින්ම වියැකී යා හැකිය. ජනප්‍රිය දේශපාලන ව්‍යාපාරයකට සැබෑ වෙනසක් ගෙන ඒමට නම්, එය ජනතාවට දෙන පොරොන්දු ඉටු කළ යුතුය. එසේ නොමැති නම්, එය ශ්‍රී ලංකාවේ NPP ආණ්ඩුව මුහුණ දෙන ඉරණමටම මුහුණ දීමට සිදුවනු ඇත. ලංකාවේ පසුගිය අන්ත දූෂිත හොර රාජපක්ෂ රෙජීමයක් ඊට පෙර පැවති අන්ත දූෂිත යහපාලන චෞර රෙජීමයත් ඔවුන්ට නොදෙවනි වූ වර්තමාන අන්ත දූෂිත හොර මාලිමා පාදඩ අමන රෙජීමයත් මෙන් තලපති විජේද කුජීත වීම සමග ජනතාවට කිසිදු ආකාරයක දේශපාලන නායකත්වයක් නැතිවී ලංකාවේ වර්තමාන තත්ත්වය මෙන්ම ජනතාව දැඩි ලෙස අපේක්ෂා භංගත්වයට පත්වනු නිසැකය. මේ ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද?
කුලය උලුප්පලා නම් දාන එක නවත්තන්න ඕනේ. එතකොට එකපාරටම මොන කුලේද කියලා හොයාගන්න බැරිවෙනවා
ReplyDeleteඅපි නං හරි වෙනස්. කුලේ ගණන්ගන්නෙම නෑ වගේ ඉඳලා ඕනැ වෙලාවට ඇදලාගන්නවා.
ReplyDelete