li Item

Wednesday, October 4, 2023

තිස් එකේදී... -විසිහතරවෙනි කොටස

ලියුමක් ලියල දුන්නට හරි යැව්වට හරි පස්සේ ආයේ වෙනස් කරන්නයැ... ඒක තමයි කෙනෙකුට යමක් ලියලා දන්නන එකේ තියෙන ලොකුම වැරැද්ද. හොඳට මතක තියා ගනිං! යමක් ලියලා යැව්වොත් යැව්වමයි රජෝ... ආයේ no හෙල්ලුම්...

ඒත් දන්න ඉංග්‍රීසි ඩිංගෙන් තටම-තටම හරි ලියනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නැහැනෙ. මොකෝ මූණට මූණ බලාගෙන කියන්නං කියලයැ.

පිදේනිය කැප කරන්නට ඕනේ යකාගේ හැටියටය! හැම යකාම එක වගේ නැත. එකේක යකා එකේක විදිහය... 

ඒ නිසා එයාව ඉහළින් තියලා, මේ වැඩේදී උඹට උදව් ඉල්ලන්න ඉන්න එකම එක්කෙනා එයාය කියල හොඳ පැහැදිලිව ලියහං. (තමුන්ව උස්සල-පුම්බල තියනවට අකමැති එහෙමත් කෙනෙක් විතරයිනේ.)

ඒත් එක්කම, මේක රහසක් විදිහටම තියා ගන්න කියලත් ඩැඩාට ලියපං...

ඒ ලියුම මුලින්ම ලියැවුණේ අර ‘රහසිගත ඉලක්කම් භාෂාවෙනි.’ ඊළඟටය එය කාටත් රහසින් ඉංග්‍රීසියට හැරෙව්වේ. එසේ හරවා ලියද්දී... ලිපිය ලියන්නට වුණේ ඉතාමත් පැහැදිලිවයි.
අපරාදෙ කියන්නට බැරිය. අපේ
ඩැඩාගේ අත් අකුරු ඉතා පැහැදිලිය; පිරිසිදුය; ලස්සනය. එයා ලිව්වේ වැල් අකුරුවලින් නොවේ... block lettersවලිනි. එයාගේ වැඩත් ලකයක් ඇතිවමය, කෙරුණේ!
සුද්දන්ගේ හැටිද මංදා- ඒ මානුස්ස පුත්තරයා bed room එකෙන් එළියට විත්, පහළ තට්ටුවට බහිනවා නං බැස්සේත් හොඳින් ඇඳ-පැළඳගෙන, ටයි එකත් ගැට ගහගෙනය.

පිදේනිය කැප කරන්නට ඕනේ යකාගේ හැටියටය! හැම යකාම එක වගේ නැත. එකේක යකා එකේක විදිහය...

ලියුම අතට ගත් ගමන්ම ඩැඩා බලන්නේ එය ලියා තිබෙන හැටිය; අත් අකුරු පැහැදිලිද කියලාය. එයා ලියුම කියවනවා ඇත්තේ ඊට පසුවය. ඒ නිසාය වෙසෙසින්ම පරෙස්සම් වෙමින්, හැකිතාක් නිවැරදිව හා පැහැදිලිව මා ඒ ‘පහිණ පත’ ලියුවේ.
මගේ ජීවිත කාලය මුළුල්ලේම ලියා ඇති ලිපිවලින් එතරම් පරෙස්සමින් ලියැවුණු වෙනත් කිසිදු ලිපියක් හෝ ලේඛනයක් හෝ නොමැති බවත් මෙතැන සටහන් කරන්නෙමි!

ලිපිය ලියා, කවරයක බහා, කවරය වසා, උඩින්ම රතු පෑනකින් ‘Confidential’ යනුවෙනුත් සටහන්කොට- ඊට යටින්ය මං ඩැඩාගේ නම ලිව්වේ.
ඩැඩාගේ කෝපි ප්ලාස්ක් එකත් එක්කම ලිපිය එයාගේ අතට දීලාය, එදා හිමිදිරියේ මං වහන්සේ අහමඩ්ලගෙ ගෙදරට යන්නට පිය නැඟුවේ.

එදා නම් මට හරි-හමං විදිහට වැඩ කර ගන්නට බැරි විණි. Wallpapers කිහිපයක්ම වායු බුබුළු නොහිටින විදිහට අලවා ගන්නට නොහැකි විණි. ඒවා එක සැරෙන්ම අලවා ගත්තොත් ගොඩය- නැත්තං ලෙඩය; කන්නට වෙන්නේ මඩය!

මං හිතාගෙන හිටියේ මගේ ලියුම කියවූ වහාම ඩැඩා මට ටෙලිෆෝනයෙන් කතා කරාවි කියලාය. ම්හු! එහෙම වුණේ නැත. නොඉවසිල්ලෙන් බලා හිටියත්, හවස් වෙනකල්වත් එහෙම වුණේ නැත.
මම ගණන් බැලුවෙමි. ‘දැන් ගෙදර යනකොට සෑම්, බඩා මල්ලියා දීපාල්, චූටි නංගි දීපානි තුන් දෙනාම ගෙදර ඇවිත් ඉඳියි. සමහරවිට අම්මත්... ඒ කියන්නේ අදම නං මට ඩැඩාගේ අදහස දැන ගන්න විදිහක් වෙන්නේ නෑ.’ එහෙමමය කටයුතු සිද්ද වුණේ.

ෂුවර් එකටම ඩැඩාත් ලියුමකින්ම විස්තර කියන්න හදනවා වෙන්නැති. එයත් හරි... (ඩැඩා ලියන්නේ බ්ලොක් ලෙටර්ස්වලිනි.)

‘අල බහිනකල් බලාගෙන ඉන්නට හැකිය. බලාගෙන ඉන්නට බැරි ඒවා තැම්බෙනකල්ය.’ ඒ කියමන කොච්චර ඇත්තක්දැයි මට පසක් වුණේ එදාය!

ලියුම කියෙව්වාද කියලාවත් මං ඩැඩාගෙන් ඇසුවේ නැත. දත කාගෙන; ඉවසාගෙන හිටියත්.... එහෙම අහන්නේ මේ දිසානායක නං නොවේ. මම බෝලය pass කළෙමි. දැන් ඩැඩා එයට ප්‍රතිචාර දක්වන තුරු විමසිල්ලෙන් බලා සිටිය යුතුය.
නුවුවමනා විදිහට කාල් ගාන්නට ගිහිං ‘වැඩේ කුරුවල් කර ගත යුතු නැත’.

ඩැඩාත් මට දෙවෙනි නැතැයි මා තේරුම් ගත්තේ ඊට පසුවදාය.
වෙනදා විදිහටම කෝපි ප්ලාස්ක් එක ගෙනිහින් දෙද්දීත් ඒ මනුස්සයා උන්නේ ලියුම ගැන හංකාවිසියක් නොදන්නා විදිහටය. මාත් ඒ ගැන හාරන්නට ගියේ නැත. ‘
ඩැඩාට තරහද දන්නෑ... නැත්තං පිළිකුල්...’ ඒත් වෙනදා විදිහටමනේ ඩැඩා අදත් වෙනසක් නැතුව වචන දෙක තුනක් කතා කළේ. තව කී දවසක් විතර අහමඩ්ලගේ ගෙදර වැඩ තියෙනවද කියලත් ඇහුවේ...

හිතක අරුමය ඒකය.
ප්‍රශ්නයකදී හෝ ගැටලුවකදී හෝ තමන්ගේ හිත සැනසෙන උත්තර හොයා ගන්නට හිත සමත්ය. එවන් හිත එදා මට ලබාදුන් අන්තිම තුරුම්පුව පදනමක් ඇති එකකි. ‘ෂුවර් එකටම
ඩැඩාත් ලියුමකින්ම විස්තර කියන්න හදනවා වෙන්නැති. එයත් හරි කැමතියිනේ ‘සර්ප්‍රයිස්’ කරවන වැඩවලට.’ වැඩේ තියෙන්නේ එයා එහෙම කරනවා නං, මට දවස් කීපයක්ම කුතුහලයෙන් දැවෙමින් ඉන්නට වෙන එකේය.

මං වහන්සේ ඒ තරම්ම අවාසනාවන්ත නැත!
මගේ මාහැඟි ලියුම් රාජයා අපේ
ඩැඩාට හස්තකප්‍රාප්ත කර තුන්වෙනි දවසේ හවස, උන්නැහේ අහමඩ්ලාගේ ගෙදරට call එකක් දුන්නේය. “Nimal, උඹලගේ ඩැඩී හවසට මෙහෙ එනවයි කිව්වා, උඹව pick කරගෙන යන්න. Cecil මොකක් හරි උවමනාවකට මේ කිට්ටුවට එනවා වෙන්න  ඇති.” අහමඩ්ගේ බිරිය කිව්වාම මගේ හුළං බැස්සා මට මතකය.

සති දෙකකට කලින් මා ලියූඅහන්නෙ මොනවද - කියන්නෙ මොනවද?’ පෝස්ටුවට comment එකක් එවමින් බස්සා මහත්තයා මගේ සිංහල දැනුම මෙතරම් හොඳ වීම ගැන විමතිය පළකොට තිබිණි. එතැනදී මම එසේ වීමේ රහස හෙළි කළෙමි. එයින් එකක් වුණේ මට ඇති නොසංසිඳෙන කියවීමේ රුචියයි.
ඒ රුචිය නිසාම මා කියවන දෙයින් භාෂාව- ලේඛන ශෛලීන් වැනි දේ තවමත් මම උගන්නෙමි!
එලෙස ඉගෙන ගන්නට කැමති තවත් උදවිය වෙතොත් හැකි තරමින් ඔවුනටත් උදව් වන්නෙමි. 

ඔයාට ශූන්‍යත්වයෙන් යම් දෙයක් අරගන්න බෑ. ලියද්දි, ඔයාගේ අත්දැකීම් භාවිත කරන්න. - Paulo Coelho

පසුගිය අගෝස්තු 24 වෙනිදා නිලක්ෂි බණ්ඩාර, ඇයගේ මුහුණු පොතේ කදිම උපුටා ගැනීමක් පළකොට තිබිණි. (ස්තුතියි නිලක්ෂි!) ඒ ප්‍රවීන ලේඛක පාවුලෝ කොයියෝගේ සටහනක පරිවර්තනයකි. ලියන්නෙකුට මසුරං වටින අදහස් ගොන්නක් අඩංගු ඒ ලිපියෙන් අදාළ කොටස් ටිකකි මේ; රිසියෙකුට නිසි පළ ලැබීමට:

… • තියෙන්නේ කතාන්දර වර්ග හතරක් විතරයි: මිනිස්සු දෙන්නෙක් අතර ආදර කතාවක්, මිනිස්සු තුන්දෙනක් අතර ආදර කතාවක්,  බලය වෙනුවෙන් කරන සටනක් සහ ගමනක්. 

ඔයාගේ පාඨකයා විශ්වාස කරන්න. දේවල් විස්තර කරන්න උත්සාහ කරන්න එපා. ඉඟි ලබා දෙන්න. එයාලා එයාලගෙම පරිකල්පනයෙන් ඒ ඉඟි සම්පූර්ණ කර ගනීවි.

ඔයාට ශූන්‍යත්වයෙන් යම් දෙයක් අරගන්න බෑ. පොතක් ලියද්දි, ඔයාගේ අත්දැකීම් භාවිත කරන්න.

ලේඛකයන්ට ඕනි එයාලාගේ පුරෝගාමීන් සතුටු කරන්න. එයාලට ඕනි හඳුනා ගැනීමට ලක් වෙන්න. මේක අමතක කරලා දාන්න. කවුද ගණන් ගන්නේ? ඔයා වද වෙන්න ඕනි ඔයාගේ ආත්මය බෙදා ගන්න එක ගැන, කවුරුත් නොකියවන විචාර ලියන අනෙක් ලේඛකයන්ව සතුටු නොකර ඉන්න එක ගැන.

ඔයාට අදහස් ග්‍රහණය කර ගන්න ඕනි වුණොත්, ඔයා අතරමං වෙනවා. ඔයා හැඟීම්වලින් වෙන් වෙනවා. ඔයාට ජීවත් වෙන්න අමතක වෙනවා. ඔයා තමන්ගේ ජීවිතේ නොවිඳින නිරීක්ෂකයෙක් බවට පත් වෙනවා. සටහන් ගන්න එක අමතක කරලා දාන්න. වැදගත් දේ රැඳිලා තියෙනවා. නොවැදගත් දේ අයින් වෙලා යනවා.

… • මම ලියන්නේ ලියවෙන්නේ ඕනි පොත. පළවෙනි වැකිය පිටුපස්සේ ඔයා අන්තිම වැකිය වෙත ගෙනියන හුයක් තියෙනවා.

කතාන්දර කීමේ අමුතු ක්‍රම ඇති කරන්න යන්න එපා. හොඳ කතාවක් කියන්න. ඒක ඉන්ද්‍රජාලිකයි. මම දකිනවා මිනිස්සු එකම කතාව එක එක විදියට කියන්න විදි හොයමින්, ශෛලිය ගැන හුඟක් මහන්සි වෙන්න දඟලනවා. ඒක විලාසිතා වගේ. ශෛලිය තමයි ඇඳුම. ඒත් ඇඳුමෙන් ඒක ඇතුළේ තියෙන දේ මෙහෙයවන්නේ නෑ - Paulo Coelho

‘ඇඳුමෙන් ඒක ඇතුළේ තියෙන දේ මෙහෙයවෙන්නේ නෑ’ වගෙමයි පිටස්තර පෙනුමෙනුත් ‘කෙනෙකුගේ අභ්‍යන්තරය’ කියන්න බැහැනෙ. තවමත්- අදටත් මගේ හැදිච්ච- අහිංසක පිටස්තර පෙනුම නිසා මට ලැබිය යුතු තරමට වැඩියෙන් වාසි- ගෞරව කිරීම් ලැබෙනවා කියලයි මට හිතෙන්නේ. ඒවා කොච්චර මගේම හිතට බරක් වුණාද? ඒ හින්දමයි මගේ හෘදය සාක්ෂියට එකඟව මෙහෙම ‘මගේ සැබෑ ජීවනාන්දරය’ හිතාදර ඔබ සැමට කියන්නෙත්...

ඒ කීමේ tone එකෙන් මට හැඟුණේ ඩැඩාගේ සිතුවිලි ගවරැල නිදහසේ මුදා හරින්නට ආසන්න බවයි.  

ඉතිං... එදා හැන්දෑවේ අපේ ඩැඩා අහමඩ්ලාගේ ගෙදරට ආවේය. මාවත් කාරයේ නංවාගෙන පිටත් වුණේය. “Let’s go for a coffee!” කියලත් කිව්වේය. ඒ කීමේ tone එකෙන් මට හැඟුණේ ඩැඩාගේ සිතුවිලි ගවරැල නිදහසේ මුදා හරින්නට ආසන්න බවයි. මම හොරැහින්; නෙත් කොණෙන් ඔහු දෙස බැලීමි.

ම්හු! ඒ මුහුණ සුදුමැලි කඩදාසියකි. ඇත්තමය, ඩැඩාගේ මුහුණ එයාගේ සිතුවිලි හෝ හැඟීම් හෝ පිළිබිඹු නොකරන්නකි. ඒ මනුස්සයාම කතාව පටන් ගත්තාවේ! මම නිහඬවම පාර දෙපැත්තට ඇස් දුවවන්නට පටන් ගත්තෙමි.

මෙතැන් සිට ලියවෙන්නේ එදා හැන්දෑවේ, Hounslow කෝපි හලේදී ඩැඩාත් මාත් අතර ඇති වුණු සංවාදයයි; හැබැයි ඒ කතාව කෙරුණේ ඉංග්‍රීසියෙනි. (ඩැඩා දැනගෙන හිටියේ එකම සිංහල වචනයක් බව; ‘පිස්සු’ බව මා ඔබට කලින් දවසකත් කීවා මතකය.)

“ නිමොල්, මං උඹව මෙතනට එක්කගෙන ආවේ උඹේ ලියුම ගැන නිදහසේ කතා කරන්න ඕනි නිසා. එහෙම දෙයක් discuss කරනකොට disturb වෙනවට මම කැමති නෑ. මම උඹේ ලියුම කියෙව්වා. දෙතුන් පාරක්ම. Honestly, I cant believe... මට විශ්වාස කරන්නත් අමාරුයි ඒකෙ ලියලා තියෙන දේවල්...” ඩැඩා කීවේය.

මා කළේ නිහඬවම සිටීමය. මෞන ව්‍රතය සමහර විටෙක වැකි දහසකට වඩා දේවල් පවසන දේකි!

“කොච්චර කල්ද උඹ මෙ..හෙ..ම absurd affairsවලට පු..රු..දු වෙලා...” ඩැඩා ‘ඇබ්සර්ඩ් එෆෙයාර්ස්’ වචන දෙක කියද්දීම මට හිතුණේ මේ කෙරෙන්නට යන සාකච්ඡාවෙන් කිසිම පලක්, ප්‍රයෝජනයක් නොවෙන විත්තියයි. Absurd වචනයට අරුත් දී තිබෙන්නේ ‘අයුක්ති සහගත, විහිලු, හාස්‍යජනක, න්‍යාය විරෝධී, මෝඩ’ වශයෙන් බව ඒ වෙද්දීත් මම උගෙන සිටියෙමි. ඩැඩා සමලිංගිකයන් දිහා බලන්නේ මෙහෙම ආකල්ප හිසේ දරාගෙනද?

ඒත්, දැන් කරන්නට දෙයක් නැත. මා වතුරට බැහැලා ඉවරය... දැන් ඇත්තේ පිහිනන්නටය. ‘එක පාරටම සැලෙන්න එපා බං!’

අවුරුදු හය වෙද්දී මට ෂර්ලිගෙන් වුණු අපයෝජනය ගණන් බැලිය යුතු නැත. පියසිරි අමනාප වුණු විටදී තරහෙන් මට කියූ ‘ගහපං xතේ!’හරුපයේ තේරුම සුදු මල්ලීගෙන් අසා දැන-ගන්නට ගියේ 1966 අවුරුද්දෙදීය. මා දැනුවත්වම මේ ගමන ඇවිත් තියෙන්නේ එතැන් සිටය. මේ 1985ය.
“Nearly 19 years...” කියලා මං උත්තර දෙද්දී නම් ඩැඩාගේ ඇස්දෙක නළලට ගියේය.

නිමොල්, දැන් දීපාල් මැචුවර් වීගෙන එන්නේ. එයාට හස්තෝපක්‍රමයගැන කියලා දෙන්න ඕනෑ නේද?” ඩැඩාගේ කතාවෙන් මම ගල්බීතවී ගියෙමි. අපි එව්වාට කියන්නේ කුණුහරුප කියලානේ!

“නිමොල්, උඹ ලියල තිබ්බනෙ, උඹ පිරිමියෙක් වුණත් උඹට දැනෙන්නේ ගෑනියෙක් වගෙයි කියලා... ඉතිං, උඹේ body එකෙත් එහෙම වෙ..න..ස..ක්...?”

මගේ සිරුරේ; අංග ප්‍රත්‍යයන්ගේ; ඉන්ද්‍රියයන්ගේ එහෙම කිසිම වෙනසක් ඇති බවක් මට නම් නොදැනෙන බව මම ඩැඩාට කිව්වෙමි. (ගැටවරයන්ගේ මෙන්ම වැඩුණු පුරුෂයන් රැසකගේත් නිරුවත් සිරුරු ඒ වෙද්දී නිදහසේ මගේ දෙනෙතට හසුවී තිබිණි; ස්පර්ශයටත් ලක්වී තිබිණි. එබැවිනි, තිර ලෙසම මා එසේ කිව්වේ.)

“උඹ නොදැන... මම අහන්නේ, උඹේ sex partnersලාවත් උඹට කියල නැද්ද උඹ ළඟ එහෙම වෙනසක් එයාලට දැනෙනවය කියලවත්...”

එහෙම අහද්දී නම් මට පොඩි ලජ්ජාවකුත් දැනුණු විත්තිය මගේ දිනපොත කියයි. මං ඇඹරුණා විතරය.
බෙහෙවින් තෘප්තිමත් රමණයකින් පස්සේ අභී අයියා, පියසිරි, සංජේ,
දේමිත්ත, පද්මේ වගේ ගොඩ දෙනෙක් එකේක විදිහට මට පැවසූ ‘පැසසුම් වදන්’ ඩැඩාට කියන්නේ කොහොමද? ඊටත් වඩා ඒ ලිංගික කාර්යයේදී මගෙන් කෙරෙනුයේ ‘ස්ත්‍රී  භූමිකාව’ විත්තියත් අභිමානයෙන් යුතුව ඔහුට කිව හැකිද?
(මේ කියන්නේ එදා මා සිතූ අයුරුයි. සමරිසි රමණයකදී Active; පුරුෂ භූමිකාව ඉටු කරන ලද-බොළඳ ස්වභාව ඇති සහකරුවන්...
Passive; ස්ත්‍රී භූමිකාව ඉටු කරන හැඩිදැඩි ස්වභාව ඇති සහකරුවන් වත්මන් ‘නිල් චිත්‍රපටවල’ නම් බෙහෙවින් දැක්වෙයි.)

තව දෙයක්! එදා ඩැඩාත් එක්කලා කෙරුණු අපේ සාකච්ඡාව හැබැහින්ම සිදු වූවක්දැයි කියලාත්, මෙතැනදී කෙනෙකුට සාධාරණ විචිකිච්ඡාවක් ඇති වෙන්නට ඉඩ තිබේ. අපේ වැඩිහිටියන් ඔවැනි දේවල් දරුවන් එක්කල කතා කරනවා තියා; කතා කරන්නට හිතන්නෙවත් නැති තරමේ සුචරිතවාදීන් නෙව...

එහෙම  අයෙකුට මතක් කරන්නට තියෙන්නේ අපේ බඩා මල්ලියා දීපාල්ට අවුරුදු 15ක් වෙන නිසා ‘හස්තෝපක්‍රමය කියා දෙන්න’යි මා එංගලන්තයට ගිය විගස දිනයෙක ඩැඩා මට කියූ බවයි. මා ඒ විත්තිය ‘නිදිගෙ පංච තන්තරේ කියවන දයාබර රසික ඔබට හෙළි කළේ 2018 අවුරුද්දේ ලියූ post එකකිනි.

‘... ඉතින්, අර එංගලන්ත නඩුව ආසන්න දවසකම අපේ ඩැඩා මට අපූරු යෝජනාවක් කළේය. (ඉංගිරිසියෙන්, හොඳේ. ඩැඩා දැනගෙන හිටියේ පිස්සුවගේ වචන දෙක තුනක් විතරය!) නිමොල්, දැන් දීපාල් මැචුවර් වීගෙන එන්නේ. එයාට හස්තෝපක්‍රමයගැන කියලා දෙන්න ඕනෑ නේද? ඩැඩාගේ කතාවෙන් මම ගල්බීතවී ගියෙමි. අපි එව්වාට කියන්නේ කුණුහරුප කියලානේ!’

මට කියවුණේ උඹම කියා දියංකියලාය.’

... තරුණ ජනගහන කමිටුවට සම්බන්ධ වීමෙන් පස්සේ මා ලබාගත් පරිචයයි; තජක වැඩ සටහන්වලදී, බොහෝවිටම මා දේශන පැවැත්වූයේ මානව ලිංගිකත්වය, ප්‍රජනනය හා පවුල් සැලසුම් ක්‍රම- සමාජ රෝගයන විෂයයන් දෙක පිළිබඳවයි.

මට හිතෙන්නේ අපේ ඩැඩාලා වඩාත් විවෘත සමාජයක හැදී වැඩී තිබුණු උදවිය හින්දාම, වහෙන් ඔරෝ නැතිව කතා කරන්නට පුරුදු වී හිටි බවයි. ඒ අතින් අපි...

අවුරුදු 19ක් තිස්සේ ලිංගික අත්දැකීම් අත්විඳ තිබුණත්, ඒවා ගැන කතා කිරීමේදී මමත් තරමක් හෝ කුලෑටි වීමි. ඒ අත්දැකීම් විග්‍රහ කිරීමට- ඒවා විශ්ලේෂණය කර ඒවායේ අභ්‍යන්තරයට කිඳා බැසීමට තරම් දැනුමක් ඒ වෙද්දී මට නොතිබිණි. එහෙත් මට එකම එක වාසිදායක කරුණකුත් තිබුණු විත්තිය මෙතනදී සිහිපත් කළ යුතුය.

ඒ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ- තරුණ ජනගහන කමිටුවට සම්බන්ධ වීමෙන් පස්සේ මා ලබාගත් පරිචයයි; තජක වැඩ සටහන්වලදී, බොහෝවිටම මා දේශන පැවැත්වූයේ ‘මානව ලිංගිකත්වය, ප්‍රජනනය හා පවුල් සැලසුම් ක්‍රම- සමාජ රෝග’ යන විෂයයන් දෙක පිළිබඳවයි. එබැවින්, මට එදා කෙරුණු සාකච්ඡාවට (යම් තරමක හෝ) සාර්ථකව මුහුණ දෙන්නට හැකි විණියි දැන් සිහිවෙයි.

එහෙත් න්‍යායයන් ගැන කතා කිරීම; පොදු කරුණු ගැන කතා කිරීම එකකි. පෞද්ගලික කරුණු නොවලහා හෙළිදරව් කිරීම ඊට හාත්පසින්ම වෙනස් එකකි; අසීරු දෙයකි.

මට එහෙම හිතෙද්දීය, ඩැඩා තවත් කඩයිම් ප්‍රශ්නයක් ඇසුවේ. “උඹ හොඳටම සැටිස්ෆයිඩ්ද උඹේ sex life එක ගැන... ඒක ගැන උඹට කිසිම ළතැවිල්ලක්; කනගාටුවක් නෑ...?”

à ඊළඟ කොටසට...

29 comments:

  1. තාම කවුරුත් ඇවිල්ල නෑ වගේ. පස්සෙ එන්නං කොමෙන්ට් බලන්න.

    ReplyDelete
    Replies
    1. හොඳමයි හොඳමයි- වැස්සෙන් බාධා නැද්ද ප්‍රසෝ?

      Delete
    2. වැඩේ කියන්නෙ ඔය කියන තරං අපිට වහින්නැති එකනෙ.

      Delete
    3. ඔහෙටත් එක්ක හරියන්න මෙහෙට... සප්ලයි එක ලැබෙනෝ. එලියට යනකොට සබන් කෑල්ලක් අරං යනඑකයි කරන්ට තියෙන්නෙ හිටං 😁

      Delete
    4. තුවාය නං වැඩක් ම නෑ...

      Delete
    5. හැම වැඩේම හිටං කරන්න යන්න එපා හිටං.

      ඖ ජොකා මිරිකල පිහිදගත්තැකිනෙ.

      Delete
  2. ජාතිත් මෙවන් ඩැඩාල වාසනාවන්.

    ReplyDelete
    Replies
    1. ඒ තරං විශේෂ dadaa කෙනෙක් ඒ මනුස්සයා නං, චමී.

      Delete
  3. සෑහෙන අභියෝගාත්මක සංවාදයක්නෙ. ඒ කාලෙ මේ තත්වය විකෲතියක් විදිහට හිතුව නිසා වෙන්න ඇති ඩැඩා 'absurd affairs' කියලා ඇහුවෙ.

    BTW, 'කොඩි ගහ යට' කියලා ටෙලි නාට්ටියක shorts දැක්කා YouTube වල. ඒ නාට්ටියෙ 'කලූ'ගෙ චරිතය ඉතාමදක්ශ විදිහට රඟ පානවා ඒ නලුවා. ඔක්කොම බලන්න ලැබුනෙ නෑ, shorts විතරයි දැක්කෙ. නිමල් ඒක බලනවද.

    ReplyDelete
    Replies
    1. සංවාදයේ තව ලියන්න තියෙනවා Lotus,
      මේ දවස්වල මං බලන්නේ ටෙලි දෙකයි. කොඩි ගහ යට හා ජීවිතයේ එක් දවසක.
      කළුගේ චරිතය නිරූපණය කරන්නේ අතිදක්ෂ වේදිකා නළුවෙකු වන නලින් ලුසේනා. කලින් ටෙලි කිහිපයකම හැඩිදැඩි- දඩබ්බර- මරුමුස් චරිත කළ නලින්ට වෙනම තෑග්ගක් දෙන්න වටිනවා මේ චරිතය රඟපානවට.
      ඊළඟ කොටසට කොඩි ගහ යට ගැනත් ලියලා ඉවරයි. හැබැයි කළු ගැන නෙවෙයි, ෂා ගැන!

      Delete
  4. "තියෙන්නේ කතාන්දර වර්ග හතරක් විතරයි" ඔය කීයක් තිබුණත් මට නම් හිතෙන්නෙ ලංකාවෙ බහුතරයකට ඕනෙ දෙන්නෙක් කසාද බැඳලා, බබාල හදලා ඉවර වෙන කතා විතරයි. 'පාර දිගේ' කියලා ටෙලි නාට්ටියක් කාලයක් බැලුවා (කරගන්න මෝඩ වැඩ තමයි). ඒ කතාවෙ ගෑනු ළමයා කරන තරමක් කරේ narcissistic love bombing. (හුඟක් අය ආදරේ කියලා රැවටෙන්නෙ ඒකටනෙ) ඒ කතාව ඉවර වෙන්න යන කාල බහුතරයක් කමෙන්ට්ස් දාලා තිබුනෙ "අනේ අපිට ඒ දෙන්නගෙ බබාලා බලන්න දීලා නාට්ටිය ඉවර කරන්න" කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි Lotus, ලංකාවේ බහුතරයකගේ කලා රසඥතාවක් ඇත්තෙම නැති තරං. හුඟ දෙනෙකුට සංස්කෘතික ජීවිතයක් නැහැ.
      අපේ රටේ පුරවැසියන්ගේ අඩු අධ්‍යාපනික දැනුමත්, දුප්පත්කමත්, වගේ කාරණා ඒකට බලපානවා ඇති. එයාලට ජීවිතය කියන්නේ 'කසාදයක් බැඳලා දරුවෝ හදන එක' විතරම වගේ....

      Delete
    2. වරක්, මානිගෙ තීරුවක ලියලා තිබුණා, මැතිවරණ පොරොන්දු කීපයක්... ඒ අතරින් එකක් වුණේ, (අර පහුගිය කාලෙක රූපවාහිනියෙ විකාශය වුණු, සෝමවීර සේනානායකගෙ දීර්ඝ කාලීන කොටස් වශයෙන් යන සෙලින්කෝ ඇඩ් එකක හිටපු) අහිංසයි එයා ඉන්න ගෙදර කොල්ලයි කසාද බන්දන එක.

      Delete
    3. අන්න හරි ගොඩක්ම තියෙන්නෙ සංස්කෘතියක් ,culture එකක් නැති ප්‍රශ්නයක්...

      අපි බටහිරකරනය වෙලා තියෙනවා හැබැයි සාරය නැතුව එහෙම වෙලා වගෙයි මට නම් පේන්නෙ...

      User manual එක නැතුව අදුරෙ අතපත ගාමින් යන ගමනක් වගේ

      Delete
  5. පාවුලෝ කොයියෝ ගේ සඳහන මාාාර විදිහට වටිනවා. මට මතක් වුණේ, රන්රෝස කියලා රුසියන් පොතක් තිබුණා අපි පොඩි කාලෙ...

    ReplyDelete
    Replies
    1. ඉතාම හොඳ පොතක් ඩ්‍රැකී. මට මතක හැටියට ආරියවංශ රණවීර මහත්තයගෙ පරිවර්තනයක්. 'රන්සුණු' කියන්නේ එහි දෙවෙනි කොටස වගේත් මතකයි.

      Delete
  6. මමත් මාගේ දරුවන් සමග කෙරෙන කථා බහේදී විවෘථව ලිංගික කරුණු කතා කරමි!
    තවමත් අප සිටිනා දූපත් මානසිකත්වය තුල යම් යම් කුලෑටි භාවයන් පෙන්වූවද මාගේ පරම්පරාවේ අනෙක් එවුන් අතර මා සිටින්නේ එවරස්ට් මුදුනේය!~

    ReplyDelete
  7. හුම්. ඉලඟ කොටහත් බලමුකෝ

    ReplyDelete
  8. කතාව වගේම, කමෙන්ටුත් රසවින්ඳා. නියමයි.🙏👌

    ReplyDelete
    Replies
    1. මං කියවන blog ලිපිවල බොහොමයක්ම comment තීරුවත් කියවනවා, බස්සා මහත්තයෝ. ඒකෙන් විවිධ අය ගොඩ දෙනෙකුගේ අදහස් දැනගන්න ලෙහෙසියිනේ.

      Delete
    2. මගේ කොමෙන්ට් එක මොන වගේ රසකටද දැනුනෙ.

      Delete
    3. ප්‍රසෝ, තමුන්නැහේ අහන්නේ නවනළු රසය ගැනද? දිවට දැනෙන රස ගැනද...

      Delete
  9. අපි දෙතුන් දෙනෙක් අද (සෙනසුරාදා රාත්‍රී 10ට ) පෝස්ට් එක බැගින් දාන්නයි යන්නේ. මම ඒකට නමක් දුන්නා "ශනිදා දහයට" කියලා . (හිනා වෙන්න එපා) බලමු ඊළඟ සෙනසුරාදා; "ශනිදා දහයට" එකතුවෙන්න!

    ReplyDelete
  10. 'ශනිදා දහයට' දිගුකල් දිනේවා!

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්