li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, December 6, 2023

පාරවයි හද වේදනා... - පළමුවෙනි කොටස

දවස 2023 නොවැම්බර් 15 වෙනිදාය. වෙලාව හවස 7.20ය. ටෙලිෆෝනය නාද වෙන්නට පටන් ගත්තේය. එහා පැත්තෙන් කතා කළේ අපේ ගාමිණීය; මානෙල් නංගිගේ සැමියාය.

“ලොකා, දැන් ටිකකට ඉස්සෙල්ල අම්මා අන්තරා වුණා.”

දෙයියන්ගේ පිහිට හම්බ වෙනවා නං මිනිස්සුන්ට ලෙඩ හැදෙනවද? අනෙක අම්මේ, pleasure කියන්නේ සතුටට. ප්‍රෙෂර් තමයි...

ඒ ආරංචිය දුක්බර එකක් වුණත්, පුදුම සහගත එකක් හෝ අනපේක්ෂිත එකක් හෝ නොවිණි.

2022 සැප්තැම්බරයේය අපේ අම්මා එංගලන්ත රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ලද්දේ. ඒ වෙද්දී අප සැමට හොරෙන් අම්මාගේ බඩවැලේ පිළිකාව සීඝ්‍රයෙන් පැතිරෙන්නට පටන්ගෙනය.

‘හැදෙනවා නං හැදෙන්න ඕනේ නම්බුකාර; මහන්තත්ත ලෙඩය’ කියලය අපේ අම්මා විශ්වාස කළේ!
වරෙක අපේ අම්මාම සාඩම්බරයෙන් කියුවේ ‘දෙයියන්ගේ පිහිටෙන් මට ඩයබිටික්, ප්ලෙසර්, කොලෙස්ටරෝල් සේරම තියෙනවා...’ යනුවෙනි.
“මොනවද අම්මේ ඔය කියන මොට්ට කතා?” කට වහගෙන ඉඳලා නොපුරුදු මට එතැනදී කියැවුණේ නිකම්මය.
“මොට්ට කතාවක් වෙන්නේ කොහොමද රංජි. ඒ ලෙඩ මට තියෙනවනේ...”

“ඔව්, ඔව්! දෙයියන්ගේ පිහිට හම්බ වෙනවා නං මිනිස්සුන්ට ලෙඩ හැදෙනවද? අනෙක අම්මේ, pleasure කියන්නේ සතුටට. ප්‍රෙෂර් තමයි ලෙඩේට කියන නම.”
“ඔය ඉංග්‍රීසි අකුරක් එහාට මෙහාට වුණයි කියලා මට නං එංගලන්තෙදී කවදාවත් පාඩුවක් වෙලා නෑ රංජි.” අම්මා එහෙම වෙලාවට කියන දිනුම් පදය ඒකය.

නමුදු, දෙවියන් දුන් අර ලෙඩ ලැයිස්තුවට පිළිකාවත් එකතු කරගෙන ආඩම්බරයෙන් උදම් අනන්නට නම් අපේ අම්මාට හැකියාවක් ලැබුණේ නැත. ඇයට පිළිකාවක් වැළඳී ඇති බව හෙළිදරව් වෙද්දී, අම්මා ලෙඩ ඇඳටම සින්න වී උන්නු බැවිනි, ඒ.

‘ඔබලගෙ අම්මා ගොඩක් දුර්වලයි. ඔපරේෂන් කරන්න පුළුවන් තත්ත්වෙකත් නෙවෙයි ඉන්නේ. ඒත් කීමෝතෙරපි ට්‍රීට්මන්ට්ස් දෙන්න පුළුවන් ඔයාලගේ අම්මා කැමැත්ත දෙනවා නං. මිසිස් ශ්‍රෝඩර්ට දැන් 85ක්නෙ...’ වෛද්‍යවරුන් පහදා දී තිබිණි. සමන්තිත්, මල්ලිකාත්, බිමලුත්, අනිලුත්, මාත් මුහුණ පෑ අමාරුකම් හොඳින් දැනගෙන සිටි අම්මා පිළිකාවට ප්‍රතිකාර කිරීම අවශ්‍ය නැතැයි තීරණය කළාය;
ඒත්, මඳ සුවයක් හෝ ලැබුණු විගස ලංකාවට ඇවිත් යන්නට ආසාවෙන් සිටින බවත් නොසඟවා කීවාය.
“ඩොක්ටර්ස්ලා ok එක දෙයි අම්මා ටිකක් සනීප වෙච්ච ගමන්ම. එහෙම වුණොත් අපි අම්මව ලංකාවට ගෙනියන්නං!” දීපාල්ලා අම්මාට දිගු කළ ‘පිදුරු ගහ’ නැව් කඹයක් වෙලාය. අම්මා ලංකාවට පැමිණිය යුතු යැයි සිතා අර නැව් කඹයේ එල්ලිලාය. එයින්ම දිරි ලබා පුනර්ජීවනයක් ලද්දාය. ඒ මාස හතක් වැනි කෙටි කාලයකදීය.

“ඩොක්ටර්ස්ලා කිව්වට අම්මව ලංකාවට එක්ක යන්න පුළුවන්ද දීපාල්. Hounslow ගෙදර අජිත් අයියත් එක්ක දිගටම ඉන්න දෙනවට වැඩිය හොඳයි, අම්මව අපේ ගෙදරට එක්ක එමු. මං අම්මට ඕනි විදිහට අපේ ගෙදර කාමරයකුත් වෙනස් කරන්නං...” දීපානි යෝජනාකොට තිබිණි.

ෂෙහාන් විවාහ වී සිටින්නේ ප්‍රමෝද්‍යගෙ එකම නැඟණිය සිඟිති සමඟිනි.
අම්මා ඒ යෝජනාවට එකඟ නොවුණු හින්දා චූටි නංගිගේ හිතත් චුට්ටක් විතර නොරොක් වෙලාය තිබ්බේ!

“ගණන් ගන්න එපා චූටි. ඔයා දරුවෝ පස් දෙනෙකුයි, සුදිතුයි බලා ගන්න එකම මදැයි. ඒක වෙන්නැති අම්මා බැහැයි කිව්වේ.”

දීපානි මෙන්ම අජිත් මල්ලීවත් සනසවන්නට දීපාල්ලට සිද්ද වෙලාය. “කොච්චර වුණත් අජිත් අයියේ, අම්මා මානෙල් අක්කල ගෙදර ඉන්න එක වැඩිය හොඳයි. ලොකාත් එහාට නිතර එයි. අම්මටත් හොඳයි පරණ දේවල් නිතර මතක් කරවන එක. නැතිව ඔය අම්මව බලා ගත්තේ නැතිව කියල නෙවෙයි. හොඳේ.” 
මාස ගණනාවක්ම හවුන්ස්ලෝ නිවසේ සද්ධි විහාරිකයෙකුව සිටිමින් අම්මාට ඇප-උපස්ථාන කළේ අජිත් මල්ලීය. අන්තිමේදී අම්මාව ලංකාවට කැටුව එන යෝජනාව ඒකමතිකව සම්මත කෙරිණි. අප්‍රේල් 28 වෙනිදා අම්මාත් දීපාලුත් ලංකාවට පැමිණියහ. ඒ මානෙල් නංගිගේ නිවසටය.
ඒ එද්දී අම්මාට ආයාසයෙන් හෝ දෙපය නඟා ඇවිදින්නට පුළුවනිය. අමතක වීම් සිද්ද වුණෙත් අඩුවෙන්ය.

දීපාල් මැයි මාසය අවසානයේ තනිවම එංගලන්තයට ගියේය.

එතැන් සිට තොරතුරු ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන රසික රසිකාවියන් වෙනුවෙන් මා’තින් ලියැවිණි. ‘මවුනි, මා ඔබ රැවටුවා නොවේ!’ posts කීපයත් ඒ අතර වෙයි.

“දිගටම ලංකාවේ නැවතිලා ඉන්න නිසා අම්මගේ වීසා දික් කරගන්න වෙයි!” මම දීපාල්ට මතක් කළෙමි.

“ප්‍රමෝද්‍යයයි, ෂෙහානුයි මානෙල් අක්කලත් එක්ක ගිහින් ඒ වැඩේ කරලා දෙයි...” දීපාල් එංගලන්තයේ සිට කිව්වේය.

“වැඩේ නං කෙරුණා තමයි. හොඳ වෙලාවට ප්‍රමෝද්‍යයයි, ෂෙහානුයි එක්ක ගියේ.
කීප සැරේ එහාටයි- මෙහාටයි යන්න වුණා ලොකා. ඔක්කොටම හපන්- රෝද පුටුවේ ඉන්න අම්මව උඩට එක්ක යන්න වුණාම. එහෙම රෝද පුටු අරන් යන්න පුළුවන් විදිහට නෙවෙයි ඒ බිල්ඩිම හදල තියෙන්නේ. අන්තිමේ ෂෙහාන් අඳුරන ලොකු මහත්තයෙකුට කිව්වමයි වැඩේ ඉක්මන් කෙරුණේ.” මානෙල් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළාය.
“අම්මව උස්සගෙන යන්න ප්‍රමෝද්‍ය හිටි නිසා හොඳයි. නැත්තන්...” ගාමිණීත් අත්වැල් ඇල්ලුවේ සුසුම් ලමිනි. “අවුරුද්දක වීසා ගහන්න දහස් ගණනින් සල්ලි නං අය කළා, අඩු නැතිවම-සර්විස් එක කොහොම වෙතත්...” (ප්‍රමෝද්‍ය
අපේ අනිල් මල්ලිගේ දෙවෙනි පුත්‍රයාය. ෂෙහාන් විවාහ වී සිටින්නේ ප්‍රමෝද්‍යගේ එකම නැඟණිය සිඟිති සමඟිනි.)

අම්මාගේ වීසා කාලය අවුරුද්දකට දික් කරවාගෙන තිබ්බත් ‘වසවර්ති මාරයා’ එය ගනිච්චියකට ගත්තේ නැත! එදා; නොවැම්බර් 15 වෙනිදා හැන්දෑවේ ඒකා අපේ අම්මාව උගේ වසඟයට ගත්තේය.
ගාමිණීගෙන් ඒ පණිවුඩය ලද සැණෙන් නෙවිල්ටත් ඒ බව දැනුම් දුන් මං වහන්සේ 7.30 වෙද්දී උන්නේ ත්‍රී වීලරයක නැඟී කොට්ටාවට යමින් ගමන්ය.

බදුල්ලේ ඉඳලා ඔහාට එන්න තරං සනීපෙකින් නෙවෙයිනේ මයෙ පුතා මාත් ඉන්නේ... ඒ හින්දමයි පුතේ ලීලක්කව බලන්න අපේ දූලාව එව්වේ. (කලකට ඉහත- සෝමා පුංචි, ලොකු දූ අනෝමා මානෙල් හා ඥාතිවරියක්)

එදා හවසත් මානෙල් මට කියා තිබ්බේ, අපේ අම්මාගේ තත්ත්වය හොඳ නැති විත්තියයි.
“අපට ඉතිරි වෙලා තියෙන්නේ බලාගෙන ඉන්න විතරයිනේ මානෙල්. මම ඔයාට කතා කරන්නං රෑ වෙලා.”

සුමාන තුනක් තිස්සේම අපේ අම්මා හිටියේ බාගෙට මියැදිලා වගෙය.

නොවැම්බර් 3 වෙනිදා වෙන විට අම්මාට යමක් කැවීමට බැරිම තත්ත්වයකි උදාවී තිබ්බේ. දියර ආහාරයක් පමණි, වදෙන්- පොරෙන් හරි අම්මාගේ උගුරෙන් පහළට ගියේ. ඒකත් උකු වැඩි නම් පෙවුණේ නැති තරම්ය.
“මානෙල් දුවේ, දෙළුම් ඉස්ම ටිකක් පොවන්න...” දිනපතාම වීඩියෝ ඇමතුමකින් තොරතුරු හොයා බලන
සෝමා පුංචි මානිට කියා තිබිණි.
“අනේ රංජි පුතේ, බදුල්ලේ ඉඳලා ඔහාට එන්න තරං සනීපෙකින් නෙවෙයිනේ මයෙ පුතා මාත් ඉන්නේ... ඒ හින්දමයි පුතේ ලීලක්කව බලන්න අපේ දූලාව එව්වේ. එහෙනං... හයිය හත්තිය තිබ්බා නං මෙලහකටත් මම ලීලක්කා ළඟ. අනේ ලීලක්කා මෙදා සැරෙත් ආයෙම පණ ගහලා ආවොත්...” සෝමා පුංචි මටත් කිව්වාය.

ඇය කියූ ලෙසින් අපේ අම්මාට දෙළුම් යුෂ පෙවිල්ලත් යුද්ධයක් වුණේය.

“අම්මට අපිව පේන්නෙත්  නැහැ වගේ. හැබැයි අපි කියන දේවල්වලට ඇහුම්කන් දෙනවා වගෙත් පේනවා. ඒත් අම්මට මොකුත්ම කියා ගන්න බැරි විදිහයි.” අපේ මානිත්, දිසානායක පරම්පරාවේ අයිඩියානන්ද ජාන සහිතව උපන්නියක විත්තිය පහුවදා වෙද්දීම යළිත් තහවුරු විණි.
“ක්‍රමයක් හොයා ගත්තා! දැන් අම්මට බොන දෙයක් පොවන්න ලේසියි.” පෑන්වලට තීන්ත පුරවන්නට පාවිච්චි කෙරෙන වර්ගයේ බටයක් හොයාගත් මානෙල් ඔකඳ වෙමින් කීවාය. “හැබැයි, එහෙම පොවාගන්නත් පැයක් විතර යනව ලොකා.”

එංගලන්තයේ සිටියත්, හැමදාම අම්මා ගැන තොරතුරු හොයන සමන්ති- දීපාල්- දීපානි තුන්දෙනාටත් අලුත්ම තත්ත්වය දන්වා යැවිණි. ඒ 3 උදේය.  තුන්වෙනිදා හවස හය වෙද්දී Sam, දීපාල් දෙන්නා ලංකාව බලා ගමන් කරන ගුවන් යානයකට නැඟලත් ඉවරය.

“අම්මා සිහියෙන් ඉඳිද්දී Good bye කියන්නයි මට ඕනි. මැරුණට පස්සේ නෙවෙයි.”
“ඉතින් හරිනේ සෑම්!” දීපාල් අප කාටත් දිරි දෙමින්, එතැන වාතාවරණය සතුට දනවන්නක් කරන්නට වෙර දැරුවේය. “We can be happy. දැන් අවුරුද්දකටත් වැඩිය we are doing our best...”

සමන්තිත්, දීපාලුත් දෙන්නාම හදිසියෙන් ලංකාවට එන්නට නිවාඩු ලබාගෙන තිබ්බේ අසීරුවෙනි. සෑම් අප එක්ක පාද යාත්‍රාවේ යෙදෙන්නටත් දෙසතියක් නිවාඩු ගත්ත නෙව!

මරණය ජීවිතයේ ලොකුම පාඩුව නොවේ. ලොකුම පාඩුව නම් ජීවත්ව සිටියදීම අප ඇතුළතින් මිය යාමයි!

“එහෙම තියෙද්දි තමයි ලොකූ, boss මගේ නිවාඩු අනුමත කළේ. තව එක්කෙනෙකුත් holiday ගිහින් හිටියේ. මං දන්නවනෙ අපි දෙන්නෙක්ම එක සැරේ නිවාඩු අරගෙන බැරිය කියලා.

මම ඒක කිව්වම මගේ boss මොකක්ද දන්නවද මට කිව්වේ. ‘It’s my problem. Not your’s.’ එයා දන්නවා, වැඩ වැඩි වුණාම මං support කරන විදිහ. අනෙක ලොකූ, මගේ බොසුත් ලංකාවේ එක්කෙනෙක්.”

“ෂා! නියමයිනෙ Sam. ලංකාවේ එක්කෙනෙක්!” නෙවිල්ගෙන් කමෙන්ටුවක්. “මෙහෙ බොසාලා නං ඔහොම කරයිද?”
“I have no idea about it නෙවිල් අයියේ. නමුත් අපේ බොස් දන්නවා මං වැඩ කරන විදිහ. උවමනාම දෙයකට විතරයිනෙ මම නිවාඩු ගන්නෙත්. ඒ හින්දමයි බිම්ට
 අසනීප වෙච්ච වෙලාවේ මට මාස ගාණක්ම ලීව් approve කළෙත්.”
“Sam, ඔයා දන්නවද මම වැඩ කරද්දී අමතක නොකළ දේ? කොහේ වැඩ කළත් ඉස්සෙල්ලම එතැනට තමන් නැතිව බැරි කෙනෙක් වෙන විදිහට- අවංකව රාජකාරි කරන්න ඕනි! එතකොට කවදාවත්ම තමන්ට රස්සාවක් නැතිව යන්නෙත් නෑ. Demand කරන්නත් පුළුවන්කම ලැබෙනවා.” ඒ සාකච්ඡාවට මගෙන් කෙරුණු සම්මාදමය ඒ.

නොවැම්බර් තුන් වෙනිදා සිට මානිල ගෙදරදී අප අතරේ ඔවැනි කතාබහ ගොඩක් කෙරුණේය. ඒවා ගැන ලියන්නට මගේ හිතේ තිබ්බේ නැත. ඒත් ඒ සේරම වෙනස් වෙන්නට කාරණ යෙදුණේය. කොච්චර බලගතු කාරණාද කියනවා නං...
‘අපේ අම්මා පණ පිටින් ඉඳිද්දී කෙරෙන්න ඕනි යුතුකම් අපි උපරිමයෙන්ම කළා. ඒ මනුස්සයා දැන් යන ලෝකෙකට ගිහින් ඉවරයි. ඉතිරි වෙලා තියෙන රොඩ්ඩත් ගවුරවයෙන් පොළොවට යට කරන්න උඹලා අපිට දෙන්නැත්තං, තොපිම මිනිය තියාගනියව් කියලා මළගම අතෑරලා දමමුද?’ කියන අදහසත් ඉස්මතු වුණේය.

‘අම්මගෙ මිනිය බාර නොගෙන ඉන්න... පාංශුකූලේ නොදී ඉන්න!!!!!!!!!!!!!!!!!!!’
71 කැරැල්ල කාලේ, 89 භීෂණය කාලේ, ඊළාම් යුද්දය කාලේ දහස් ගණනින් එලොව ගියෙත් පාංශුකූලය දෙන්නට ඉඩක් ඉතිරි කරල නෙවෙයිනෙ.

“ඔන්නොහෙ මෙච්චර දවසක් ඉවසුවා වගේ තව එකම-එක දවසක් ඉවසල බලමු!” ප්‍රතියෝජනාව වැඩි ඡන්ද ගණනාවක් ලබාගෙන සභා සම්මත වුණේය. ඒත් ඒ සිදුවීම් මාලාව අපේ රටේ නීතිය ක්‍රියා කරවන ආයතන හා දෙපාර්තමේන්තුවල ‘මුග්ධ- අමනෝඥ- අකරුණාවන්ත ස්වභාවය’ මොනවට පැහැදිලි කරවයි.

මෙවන් දේ අත්විඳින්නට වෙන්නේ අපට පමණක්ද... අප මේ අසාධාරණකම් ඉවසන්නේ අපේ දීනකම නිසා නේද...
නැතිනම් මෙවැනි දේවල් අත්විඳින උදවිය ඒවා ගැන ලෝකයට නොකියාම ඒවා දරා ගන්නවාද?

 ‘ඒ කතන්දරයේ සුලමුල ලිවීම’ ශ්‍රී ලංකාවේ තවත් කිහිප දෙනෙකුට හෝ ප්‍රයෝජනවත් වෙතැයි...

“රට වටේම මෙහෙම දේවල් වෙනවා ලොකු අයියේ... කොච්චර කිව්වත් ඒවා නැවතෙන්නෙත් නෑ... ඒ වගේමයි අයියේ, ඔයාට ඒවා ලියන්න තැනක් තිබ්බට- ඔයාට ඒවා ලියන්න පුළුවන්කම තිබ්බට- හැමෝටම එහෙම නැහැනෙ. මේ කටයුතු ඉවර වුණාම ඔයා මේවා ලියන්න.” හේමමාලිගේ සැමියා; කුමාර මට කිව්වේ ඒ අතරතුරේය. එතැන හිටි තවත් කිහිප දෙනෙක්ද ‘ඒ කතන්දරයේ සුලමුල ලිවීම’ ශ්‍රී ලංකාවේ තවත් කිහිප දෙනෙකුට හෝ ප්‍රයෝජනවත් වෙතැයි කියාද මට කීහ.”පුළුවන් අයවත් ඕවා හයියෙන් කියන්න ඕනිනේ!”

මටත් ඒ කතාව ඇත්තක් යයි සිතිණි.
එබැවිනි, ‘තිස් එකේදී - 33 වෙනි කොටස’ ලිවීම තාවකාලිකව පසෙකට දමා, හද පාරවන මේ විස්තර ලියන්නට ගත්තේ.

ඉතින්, 15 වෙනිදා රාත්‍රී 7.45 වෙද්දී මං හිටියේ මානෙල් නංගිලාගේ ගෙදරය.
උණු කඳුළු බෙදාගැනීම් කිහිපයක්... අම්මා ඒ මොකුත් නොදැක- නොදැන කාමරයේ සැතපී හිඳියි. අසල්වැසි හේමමාලිත්, නිල්මිණිත් අම්මාට තනි රකිති. මගේ බර දරාගත් පුටුව කිට්ටුවෙන්ම වාඩිගත් Sam බිඳුණු හඬින් විස්තර කියයි.

“හවස ඉඳලම අම්මගෙ අතපය සීතල වෙලා තිබ්බේ. උගුරේ සෙම පැටලිලා වගෙයි පෙනුණෙ. අපි දෙන්නා අම්මව ටිකක් කෙළින් කරවලා කොට්ටයක් තියන්නයි හැදුවේ. ඒත් ලොකූ...” Sam වචන හොයන බවක් පෙන්නමින් කඳුළු වසංගයි. “සුදිත්ලගේ අක්කලත් ඇවිත් හිටියේ... එයාලා ෆෝන් එකෙන් වීඩියෝ කර-කර ඒවා චූටි නංගිලට send කර-කර හිටියේ...”
“කෝ සමන්ති මානෙල් අක්කලා?”
“එයාලා මරණ සහතිකේ ගන්න වැඩවලට ගියා. පොලීසියටයි- ග්‍රාමසේවක මහත්තය ළඟටයි- කවුද මන්දා රෙජිස්ට්‍රාර් කෙනෙක් ළඟටයි යන්න වෙනවයි කිව්වා. දීපාලුත් ඒ එක්කම ගියා. දීපාල්නෙ අම්මගෙ භාරකාරය විදිහට sign කරලා තිබ්බේ. එයත් ගියා...”

“අන්න නෙවිල් අයියත් එනවා.” යැයි කියූ කුමාර නෙවිල්ට පුටුවක් පෑවේය. පාලා, නෙවිල්ව ළඟින් වාඩි කරවා ගෙන එතෙක් කතාව කිව්වේය. ඊට පස්සේ... නෙවිල් අයස්මන්ත මහතාට අංග සම්පූර්ණ වාර්තාවක් දුන්නේය. එයා දෙතුන් දෙනෙකුට විතරකි, ආරංචිය කියා තිබ්බේ. එතැන සිට දුරකථන ඇමතුම් ගලන්නට ගත්තේය; මට නොවේ. නෙවිල්ට.

“ඇයි හලෝ. අන්තරා වුණේ තමුසෙලගෙ අම්මා. අහන තරමක් දෙනා විස්තර අහන්නේ මගෙන්නෙ...”
“කේන්ති ගන්න එපා නෙවිල් අයියේ. ඒ ගොල්ලෝ දන්නවා ලොකාව contact කර ගන්න බැරි වෙලාවට කාටද කතා කරන්න ඕනි කියල. ඉන්නකො මම ඔයාලට කෝපි ටිකක් හදන්න.”

“මානෙලුයි, දීපාලුයි ආවට පස්සේ තීරණය කරන්න වෙයි නේද මළගමේ කටයුතු කොහොමද- කවදද කෙරෙන්නේ කියලා.” දැනුම්-තේරුම් ඇති කුමාර කතාව වෙනතකට හරවමින් කියයි.

ඇඟපත රිදෙද්දී- ඔළුව උස්සාගෙන සිටින්නට බැරිව. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම උකටලීව... මුසුප්පුව... රෝගීව...

“අපි ඒ ගැනත් කතා වුණා කුමාර. අම්මගෙ දේහය මල් ශාලාවකයි තියන්නේ, ගණන් අඩුම පෙට්ටියක. පරිසරේ දූෂණය කර-කර ආදාහනය කරන්නෙත් නෑ- පොළොවට පොහොරක් වෙච්චාවේ!

අපි හිතාගෙන හිටියේ නං එක දවසක් විතරක් තියලා අවසන් කටයුතු කරන්න. දැන් පෙනෙන විදිහට නං හෙටම අවමංගල කටයතු කරන්න බැරි වෙයි.”

“අනේ ඔව් ලොකා. බදුල්ලේ ඉඳලත් කට්ටිය එන්නයි හදන්නේ. Funeral එක කවදටද කියලා අහ-අහ ඉන්නේ. මම සෝමා පුංචිට කිව්වා තීරණේ ගත්ත ගමන්ම එයාට කියන්නං කියලා.”

“ඉන්නකො Sam, මං දීපාල්ට call කරලා බලන්න, තවම නැත්තේ මොකද කියලා. දැනටමත් දහයයි. රෑ තිස්සේ ඔය වැඩ කෙරෙන එකක් නෑනෙ.” නෙවිල් ෆෝන් එකේ බොත්තම් ඔබන අතරේය, කියන්නේ.

මේ post එක කියවන ඔබ සැමගෙන් මා සමාව ඉල්ලා සිටිය යුතුය.
මෙතැන සිට එදා රාත්තිරියේ සිදුවුණු දේවල් අනුපිළිවෙලින් නොවේ ලියවෙන්නේ. ඒවා විමසා පෙළ ගස්වා ගන්නට සිටියදීය ‘වැඩේ දෙල් වුණේ’.
හත්දොහේ දානය ඉවර වෙනවාත් එක්කම මට ඇස් ලෙඩ බෝ වෙලාය. මගෙන් තවත් අයට රෝගය බෝ වෙන්නට ඉඩ දිය යුතු නැත. එයට ඉඩ තියෙන බවත් නොතකා හිතවත් නෙවිලුත්, අයස්මන්තත් බෙහෙත් රැගෙන ගෙදරටම ආවෝහ.
මම විහින්ම නිවාස අඩස්සියට වැටුණෙමි. දවස් පහක්ම ගත විණි.

ඒ දවස් පහ ගෙවෙනකොට- වෛරස් උණ මාව වැළඳ ගන්නට සැදී-පැහැදී ඉඳලාය. තව සතියක් ඇඳේ. නිකම්මත් නොවේ. ඇඟපත රිදෙද්දී- ඔළුව උස්සාගෙන සිටින්නට බැරිව. පණක් කියලා දෙයක් නැතිව!
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම උකටලීව... මුසුප්පුව... රෝගීව...
“නිමල් අයියා කීමෝතෙරපි ගනිද්දීනේ මේ හුටපට වුණේ. ඒකෙන් ඔයාගේ ඉමියුන් සිස්ටම් එක බැහැලා තියෙන අතරේ තමයි ඔයා වැඩියෙන් විෂබීජවලට expose වෙන්න ඇත්තේ. වැඩියෙන් මහන්සි වෙවී- proper නින්දකුත් නැතිව හිටි නිමල් අයියා ඔයින් බේරුණා ඇති!” අවසානයේදී දොස්තර හිතවතුන්ගෙන් කාරුණිකව කියැවුණේ එහෙමය.
“ඒත් Xත්තො, අපි කියන දේ අහලා තව සුමාන දෙක-තුනක්වත් පරෙස්සං වෙයන්- පිස්සු කෙළින්නැතිව!”

ඒ අස්සේ 26 වෙනි ඉරිදා පාන්දර සිට මගේ කොම්පියුටරයේ hard disk එක ‘ගිහින්’ය. කේයස් කිවිඳු ‘සුදෝ සුදු’ පොතේදී ‘විපතට විපත එක් වුණු තැන මහ විපත’ යනුවෙන් කියූ කියමන ඇස් පනාපිටම සිද්ද වීමකි ඒ. එයින් වුණේ තියාගෙන හිටි සටහන් සේරම වඩබා මුඛයට යාමය!

ඉතින්, එදා- 15 වෙනිදා රෑ (මානෙල්ලා නිතර ප්‍රතිකාර ගන්නා) වෛද්‍යවරුන් දෙදෙනෙක්ම ‘අපේ අම්මා ස්වභාවික මරණයකට පත්ව සිටිතැයි’ සහතික කරන්නට බැරි බව කියා තිබිණි. අම්මාව බලන්නට කිහිප වරක්ම ගම්පහ සිට පැමිණි ඥාති වෛද්‍යවරියක ඒ මැදියම් රැයේම අවුදින්- ඒ කටයුත්ත කර දෙන්නට සැරසෙද්දී, එය නැවැත්තුවේ නෙවිල්ය.

යන්තං ඇති. ඉවරයි වෙන්නැති!

අපේ සුමිතුරු දොස්තර මහත්මයෙකුට call එකක්දී තත්ත්වය පහදා දුන් නෙවිල් එතුමා හමුවන්නට මානෙල්ලාව එක්කගෙන ගියේය. අපේ අම්මාගේ ‘මරණය’ සහතික කෙරුණේ හැඳුනුම්කම නිසාය!

ඊළඟට පොලිසිය නින්දෙන් අවදි කරවා ගන්නට හැකි වුණේත් ‘ලොකු තැන් හා සබඳතා ඇති හිතවතෙකු’ ලවා දුරකථන ඇමතුමක් දීමෙනි. ලංකාවේ වැඩ කෙරෙන හැටි ගැන මනා අවබෝධයක් සහිත දීපාල්ගේ ඒ හිතවතා එයින් නොනැවතී පොලිසියටත් පැමිණ- රාත්‍රී දෙක වෙනතුරු අප හා රැඳී සිටියේය!!

ඒ නිසාම විය යුතුය, පොලිස් නිලදරුවෙකු රාත්‍රී 12.30ට මානෙල් නංගිලාගෙ ගෙදරට එක්කගෙන එන්නට ඉඩ ලැබුණේත්. ඒ නිලධාරියාත් ඒ කටයුතුවලට නවකයෙකු බවයි පෙනුණේ. එහෙත් ඔහු උනන්දුවෙන් රාජකාරියේ යෙදුණේය.
විස්තර විමසනු ලැබිණි; වෛද්‍ය වාර්තා සියල්ල පිරික්සා බලනු ලැබිණි; මළ සිරුරේ තැලුම් පහරවල්- සීරීම් හෝ තුවාල ආදිය තිබෙතැයි කියාත් විමසා බැලිණි; Fotos පවා ගැනුණි!!!

‘Body එක ගෙනියන්න දැන් මල් ශාලාවට එන්න කියන්න.’
වෙලාව රාත්‍රී දෙකය. අපි සැනසුම් සුසුම් හෙළුවෙමු. යන්තං ඇති. ඉවරයි වෙන්නැති.
‘හෙට උදේට මරණ සහතිකේ වැඩ ටික කර ගන්න පොලිසියට එන්න.’

නොවැම්බර් 16 වෙනිදා පාන්දර හයාමාරට ගෙදර පැමිණි මම fb එකට පණිවිඩයක් දැමුවෙමි.

"ඊයේ (15 වෙනිදා) රාත්රියේ අම්මා අන්තරා වුණා. අවසන් කටයුතු තීරණය කරන්නට වෙන්නේ අද දහවල්.
කරුණාකර විස්තර දැනගන්නට නම් අද (16) දහවල් 12න් පසුව ......... අංකයට කතා කරන්න.
ස්තුතියි!
-නිමල් දිසානායක”

උදේ අටහමාරට මං වහන්සේ ආපහු මානිලගේ ගෙදරට යද්දී ‘ඔක්කොම කණපිට’ හැරිලාය!

“හරි වැඩේනෙ ලොකා. අම්මගෙ මිනිය මල් ශාලාවේ ඉඳලා ආපහු කළුබෝවිල ඉස්පිරිතාලේ මෝචරියට ගෙනියන්න ඕනිලු! මරණ පරීක්ෂණ කතාවකුත් කියවුණා...”
ඉතිං...

32 comments:

  1. ඉපදෙන විටදි කොයි කවුරුත් දැන නොදැන
    අරගෙන එනව බැල්මක් මාරය මවන
    සැරසෙන ජීවිතේ දුකටම නතු කරන
    විඳවන හිතක් නොරිදා යන එක වටින...

    දුක්බර අතීතයක්. නිවන් සුව එතුමියට පමා වී හෝ..

    ජයවේවා !!!

    .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී, කවියට පැතුම්බර
      මරණය පොදුය, නැත කිසිවෙක් වී අමර
      එදහම නොදත් අය පෑවත් ගති සූර
      මරු ආ විටදි ඒ සෙල්ලම් වෙයි ඉවර!

      Delete
  2. මෙහෙ පහසුවෙන් කරගන්න පුලුවන් දේවල් හුඟක්ම සිමීතයි.
    (පාලර් එකට යන පාර හොයාගන්න එක ඇතුලුව)

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයලට පාලර් එක හොයා ගන්න අමාරු වෙලා වගෙයි.

      Delete
  3. අජිත් ධර්මකුමාර - මොස්කව්December 6, 2023 at 10:04 PM

    පිළිකා රෝගියෙකි නිමලුත් ඔහුගේ අම්මා මෙන්ම
    මල්ලි අජිතුත් බෝතලේ බී මහපාරේ කුණු වෙන්න
    දුක්කිත පවුලකි මේ අය ලංකාවේ කරුමෙට ඉන්න
    මරුවා රැගෙන යයි නිමලුත් ලගදීම අයියෝ ඔන්න

    ReplyDelete
    Replies
    1. ලෙඩවිම හා මිය යෑම මෙලොව උපන්න සෑම දෙනෙකුටම නොවරදීම ලැබෙන දෙයක්. ඒවුනාට කෙනෙකුට මරණය පතන්න තරම් ඉහත කොමෙන්ටුව කොටපු ඔබ කොතරම් පහත් තත්වයකද ඉන්නේ. මනුස්සයන් වශයෙන් අපි සතෙකුටවත් මරණය පතන්නේ නැත. අනුන්ගේ නමින් පෙනි සිටිමින් පහත්පෙලේ මන්ද මානසික වැඩනොකර ඉන්න. ඔබට යහපතක්ම සිදුවේවා...

      Delete
    2. අජිත් ධර්මකුමාර මහතාටයි මේ පැතුම.

      ස්වස්ති සිද්ධම්!

      Delete
    3. ඔබතුමන්ගේ අවංක අදහස නොපැකිල ඉදිරිපත් කිරීම වෙනුවෙන් මගේ ප්‍රණාමය පිළිගනු මැනවි, Ano මහතාණෙනි.

      Delete
  4. ඉපදෙන තරං ලේසි නෑ වගේ මැරිල පොළොවට පස් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලේසි? ලංකාවේදී?
      මෙහෙදී හැම දේම ලේසි වෙන්නේ ලොක්කන්ටයි එයාලව දන්න කියන උදවියටයි තමා ප්‍රසෝ!

      Delete
  5. ලංකාවේ මනුස්ස ජීවිත වලට ලැබෙන වටිනාකම අවම බවයි මට හැඟුනේ. ආණ්ඩුවේ රෝහල්වල සහ පොලීසියේදී අගතියට පත් නැති-බැරි මනුස්ස පරාණ වලට ලැබෙන සැලකිල්ල ගැන අහන්න ලැබුන කතා නිසයි එහෙම හිතුනේ. එහෙම තියෙද්දී, සියවසකට ආසන්නව නෑ-සිය ඇප උපස්ථාන මැද ජීවත් වූ අම්මාගේ වියෝවීම ගැන, පොලෝසියේ උනන්දුව ප්‍රශ්ණාත්මකයි.

    ReplyDelete
    Replies
    1. //ආණ්ඩුවේ රෝහල්වල සහ පොලීසියේදී අගතියට පත් නැති-බැරි මනුස්ස පරාණ වලට ලැබෙන සැලකිල්ල ගැන අහන්න ලැබුන කතා//
      ඔව් බස්සා මහත්තයෝ, සෑහෙන්න උදව් තිබියදී අපටත් මෙහෙම වුණා නං අසරණ දුප්පත් කෙනෙකුට?

      Delete
  6. කොපමණ කාලයක් කුමන තත්ත්වයක ජීවත් උනත් දරුවෙකුට අම්මා නම් අම්මාමය. මාගේ කණගාටුව!

    ReplyDelete
  7. අජිත් ධර්මකීර්තිDecember 9, 2023 at 12:58 AM

    චෙර්නෝබල් වෙත ගිය ගමන

    යූක්‍රයීනයේ චෙර්නෝබල් ව්‍යසනයෙන් වසර කීපයකට පසුව චෙර්නෝබල් වෙත යාමට මම සාෂා රේෂී සමග කථා කර ගත්තෙමි. සාෂාට රේෂී කියා කිවේ ඔහුගේ හිසකේ රන් පැහැති නිසාය​. මේ කාලය වන විටද චෙර්නෝබල් නගරය විකිරණ අවධානම නිසා පැවතියේ තහනම් නගරයක් ලෙසටය​. ග්‍රාමීය මාර්ග හරහා චෙර්නෝබල් වෙත ලඟා විය හැකි බව සාෂා රේෂී මට කීවේය​. සාෂා සතුව පැරණි වොල්ගා රථයක් තිබූ අතර ඔහු මීට ප්‍රථම චෙර්නෝබල් නගරය ආසන්නයට ගොස් තිබුනේය​. තරුණ මදය නිසා අවදානම් වැඩ කිරීමට යන සාෂා රේෂී මටම ගැලපෙන මිතුරෙකු විය​.

    ෂිතොමීර් නගරය හරහා නෝවෙයි සෝකොල් නගරයට අවතීර්ණව පැරණි ග්‍රාමීය පාරවල් ඔස්සේ චෙර්නෝබල් වෙත ලඟා විය හැකි බව සාෂා කීවේය​. මෙම අවදානම් චාරිකාවට පෙර අයඩීන් පෙති ගැනීමටද අප ගිවිස ගත්තෙමු. එහෙත් සාෂාටත් මටත් යාමට ලැබුනේ ෂිතොමීර් දක්වා පමණි. චෙර්නෝබල් නගරයට යන මාර්ග සියල්ලම යුද හමුදාව මගින් අවහිර කොට තිබෙන බව අපට ෂිතොමීර් වලදී දැන ගැනීමට ලැබුණි. මේ නිසා අප චාරිකාව නවතා දමා සාෂා රේෂී ගේ නිවසට ආවෙමු.

    කෙසේ නමුත් චෙර්නෝබල් ආසන්නයට ගිය නිසාදෝ මගේ වෘෂණ කෝෂ ඉන් පසුව නිතරම ඉදමීමට පටන් ගත්තේය​. ඉන් පසු මාව පරික්‍ෂා කල ලිංගික ගැටළු පිලිබඳ මහාචාර්‍ය ගර්දේගා මගේ පුරුෂ ග්‍රන්ථීන් ඉවත් කල යුතු බව කීවේය​. මේ නිසා මම ඉතා වේදනාකාරී ශල්‍යකර්මයකට මුහුණ දුන්නෙමි.
    එසේම මාගේ හිසකෙස් සියල්ලමද හැලී ගියේය. පාද වල වේදනාවක්ද තිබේ.

    - අජිත් ධර්මකීර්ති -

    ReplyDelete
  8. මරණයත් ජරමර ගොඩක් උනා නේද
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔව් විජේබාහු මහත්තයෝ, ඒ නිසාමයි මේ posts දෙකක් ලියවෙන්නේ.

      Delete
  9. ඒ සිදුවීම් ඇත්තටම හද පාරවනවා තමයි. හැමෝම එකතු වෙලා අම්මව බලාගත්ත සතුට ඒ හැමදේමටම වඩා ඉහලින්නෙ.

    මේ තරම්ම නැතත් ලෝකෙ දියුනු රටවලත් ඔය වගේ red tapes තියෙනවා. කොහොමත් රාජ්‍ය අංශයේ වැඩ තරමක උදාසීන ගතියකින්නෙ කෙරෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය සේවය 100%ක්ම නිවැරදි හෝ කාර්යක්ෂම හෝ වෙන්න ඕනයි කියල මාත් බලාපොරොත්තු වෙන්නේ නෑ.
      ඒත් Lotus මේ තරම් හිංසාකාරී හා කිසිදු තර්කනයකට නොවැටෙන තරම් රස්තියාදුකාර දෙයක් වුණාම? එයාලා වැටුප් ලබන්නේ ඒ රාජකාරි කරනවට නේද?

      Delete
  10. “ඔය ඉංග්‍රීසි අකුරක් එහාට මෙහාට වුණයි කියලා මට නං එංගලන්තෙදී කවදාවත් පාඩුවක් වෙලා නෑ රංජි.”
    ඒක නම් ඇත්ත. අකුරක් එහා මෙහා වෙලා කියලා අපි කාටවත් පාඩු වෙලා නැතුව ඇති. ඒ වගේම එහෙම වැරදීම් වෙලා යම් අපහසුතාවයකට මූණ දෙන්න වුනොත්, ඒකත් gracefully ගන්න කාලයක් යද්දි හුරු වෙනවා.

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ, ඕනෑම කෙනෙක් ඉගෙන ගන්නටත්- හැකිතාක් නිරවුල්ව සන්නිවේදනය කරන්නටත් තරමක හෝ උනන්දුවක් දැක්විය යුතුය කියලයි.
      ඉංග්‍රීසිවලට අම්මාගේ තිබුණු නොසැලකිල්ල නිසා ලොකු කරදරයක් නොවුණු එක වාසනාවක්.
      ඒත් පොඩි සිද්දියක් විතරක් කියන්නම්. (Lotus, මේක මම කලින් ලිව්වා වගෙත් මතකයි.)
      වතාවක් අම්ම ලංකාවට එද්දී අසනීප වගයකට බෙහෙත් අරගෙනයි ආවේ. කොහොමද ඒවා ගන්න තියෙන්නේ කියල බලද්දි...
      Four times a day කියන එකද කොහෙද අම්මා තේරුම් අරගෙන තිබ්බේ ඒක සැරේකට පෙති හතරක් ගන්න කියලයි!

      Delete
  11. මට තවම හරි හැටි තේරුනේ නැහැ මොකද්ද වුනේ කියල. මරණ සහතිකය ගන්න අමාරු බවයි තේරුනේ. වෙනත් රටක වැසියෙක් නම් ඒක අමාරුයි කියල මමත් දන්නවා. මොකද ඒ රටවල නීතිය බලවත් නිසා. කොහොමත් නිදි ඔය කට්ටියම අම්මව හොඳින් රැක බල ගත්තනේ. එනිසා සතුටු වෙන්න.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, බ්‍රිටිෂ් හයි කමිෂන් එකෙන් කෙරෙන්නට ඕනෑ අවසර දීම්, මරණය පිළිගැනීම් සේරම වරුවක් ඇතුලත කෙරුනා. එහෙම වෙලත් ලංකාවේ ආයතනවලින් හිතාමතා කෙරුණු පමාකිරීම් ගැනයි මේ ලියන්නේ.

      Delete
    2. අජිත්, මට හැගෙන විදිහට වැදගත්ම කාරණය ඊළඟ කොටසේදී ලියන්නන්.

      Delete
  12. ඇත්ත. අර කුමාර මහතා කිව් විදිහට පුලුපුලුවන් අය ලියන්න ඕන, හඬ නගන්න ඕන... මේ විසම ක්‍රමේට එරෙහිව!

    ඇයට සුබ ගමන් පතනව 🙏

    ReplyDelete
    Replies
    1. කුමාර ඒ පැත්තේ ජනමත නායකයෙක්!
      ස්තුතියි නමී.

      Delete
  13. මරණය ජීවිතයේ ලොකුම පාඩුව නොවේ. ලොකුම පාඩුව නම් ජීවත්ව සිටියදීම අප ඇතුළතින් මිය යාමයි! ඒක නම් හිතට වැදුනා

    ReplyDelete
    Replies
    1. ඔය බණේ අපි හැමෝගෙම හිතට වැදෙනවා නං ඉවාන් ලෝකේ කොච්චර අරුත්බර තැනක් වෙයිද?
      ඉවාන්, රට ගියාට පස්සේ ඔයාට නං ලියන්න වැඩි වෙලාවක් ලැබෙනවා වගෙයි. මරු!

      Delete
  14. අදයි කියවන්න හම්බ වුනේ:
    'මැරෙන එකත් පණ යන වැඩක්'
    https://www.praja.lk/life/%e0%b6%b8%e0%b7%90%e0%b6%bb%e0%b7%99%e0%b6%b1-%e0%b6%91%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b6%ab-%e0%b6%ba%e0%b6%b1-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b6%9a%e0%b7%8a/

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්