li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, December 17, 2023

තිස් එකේදී... තිස්තුන්වෙනි කොටස

 අපේ අම්මයි, තාත්තයි දෙන්නගෙ පවුකාර පටු කල්පනාවේ මහිමයෙන් ‘පියා නොදනී’ පට්ටම ඇතිව උපන් අජිත් මල්ලීව, නිසි වයසේදී ඉස්කෝලෙට දාගන්න නං පුළුවන් වුණා. ඒ බුවෙනකබා ලොකු ඉස්කෝලේ මහරගේ සර්ට පින් සිද්ද වෙන්නයි. ‘හැබැයි ආච්චියෙ, වැඩි දවසක් යන්න නොදී දරුවගෙ උප්පැන්නේ හරි ගස්සා ගන්න වෙයි. දරුවා ලොකු වෙනකල් හිටියොත්, එයාගේ හිත තැලෙයි...’ මහරගේ සර් අපේ ආච්චිට අවවාද කරලත් තිබ්බා.

ඒත් ඒ රාජකාරිය කෙරුණෙත් හුඟක් පහු වෙලා. පියාගේ නම තීරුවට ඩී. එච්. ගුණපාල කියලම දාන්න තීන්දු වුණා කියලයි, මට ඇහුණේ.

මතකය අලුත් කර ගන්නය කියලා ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය පාඨකයන්ට...

ඔයින්-මෙයින් සිද්ද වුණේ අජිත් මල්ලී අපෙන් ගොඩක් ඈත් වෙච්ච එකයි.
හීනමානයකින් පෙළෙන- වැඩිපුර බොරු කියන- එක විදිහක ගුප්ත මිනිහෙක් වෙච්ච එකයි.

අජිත්ගේ ආදරේ වැඩි කර ගන්න හිතාගෙන- අපේ ආච්චිත් පරණ කතන්දර එයාට කියලා වගෙයි මං දැක්කේ! එතකොට එයා කොයි තරං කම්පනයකට පත් වෙන්න ඇත්ද?
ඒත් අපි හැමෝම අජිත්ට සැලකුවේ කිසිම වෙනස්කමක් නැතිව. ඇත්තම කියනවා නං, එහෙම කෙරුණෙත් අවබෝධයකින් නෙවෙයි; නිකම්මයි.

හැබැයි- එයාගේ නමෙන්මත් එයාට වෙනස්කමක් කෙරිලනෙ තිබ්බේ... ඒවා අජිත්ට තේරෙන්න ඇති. නිමල්, සුනිල්, අනිල්, දීපාල් වගේ නම් අතරට අජිත් කිව්වම...

මං වහන්සේ එහෙම ලියලා මාස දෙකකටත් වැඩියි. ඊට පස්සේ වෙනින් කාලීන posts කීපයක්ම ලියන්න සිද්ද වුණා.
තිස් එකේදී postsවලට මොකක්දෝ අපලයක් ලබලා වෙන්නත් පුළුවනි. මීට කලිනුත්, මේ posts මාලාවේ 22වෙනි කොටස ලිව්වට පස්සේ හෙනහුරා ලැබුවා. ඒ නිසාම මුල් කොටස් විසිදෙකෙන් කියවුණු දේවල් සාරාංශගත කරලා, 23වෙනි කොටස මුලට ඇතුළු කළා.
මං දන්නවා. අපි කොයි කාටත් වැඩ වැඩියි- නිදහස අඩුයි.

එහෙම තියෙද්දී ‘තිස් එකේදී 23වෙනි කොටසේ’ හිට 32වෙනි කොටස දක්වා ආපහු කියවලා මතකය අලුත් කර ගන්නය කියලා ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය පාඨකයන්ට කොහොමද කියන්නේ. ඒ නිසාමයි, ඔයාලට පහසුවක් වෙන්න- ඒ කොටස් ටිකේ සාරාංශයක් මෙතැනට ඔබන්නේ.

23වෙනි කොටස- මානෙල් පළමු දරුවා ලබන්නට බලාපොරොත්තුවෙන් සිටියි / අහමඩ්ගෙ ස්වභාවය / ඔහු නිවසේ යතුරකුත් මට බාර දෙයි / සේවිකාවගේ වැඩ / ලිංගික සැත්කම ගැන කියා- එයට සහාය ඉල්ලමින් ඩැඩාට ඉංග්‍රීසියෙන් ලිපියක් ලිවීම පටන් ගත්තෙමි.

24වෙනි කොටස- ලිපිය දුන්නා /  ඩැඩා සමඟ Hounslow කෝපි හලට / ඩැඩාගෙන් කෙරුණු වැඩි දුර විමසීම්

25වෙනි කොටස- සංක්‍රාන්ති ලිංගිකයන් ගැන වත්මන් ශ්‍රී ලංකාවේ තත්ත්වය / ලිංගිකත්වය පාපයක්ද? / සමරිසි වීම පුරුද්දක් විතරද? / තව මාස හයකට අපේ වීසා දිගු කර ගැනෙයි

26වෙනි කොටස- Countryside සංචාරය / ශනිදා දහය / ස්ට්‍රෝබෙරි ගොවිපල / අහමඩ්ගේ මිතුරාගේ ලිංගික ආරාධනය / ඔහු මට විසිත්ත පතකුත් දෙයි

27වෙනි කොටස- Aids / ප්‍රකට හොලිවුඩ් නළු රොක් හඩ්සන්ගේ මරණය / අශාන් කල් තබා කළ අවවාද / හැම්ප්ටන් මුව උද්‍යානය / එංගලන්තයේ සෞඛ්‍ය පහසුකම්

ඒ දෙන්නගේ එකම එක foto එකක කෑලි’ තමයි පස්සේ කාලෙක ආයෙමත්...

28වෙනි කොටස- පුරුෂෝත්තම ලෝකයක ගැහැනියක් වී ජීවත් වෙන්නට වුණොත්.../ මගේ ලිංගික සහකරුවන්ගේ ආකල්ප හා චර්යාවන් ගැන ආපසු හැරී බැලීමක්

29වෙනි කොටස- දවල් මිගෙල්ලා හා රෑ දනියෙල්ලා / සංක්‍රාන්ති ලිංගික සැත්කමකින් ගැහැනියක වී සාම්ප්‍රදායික බිරියක් වීමෙන් මට තෘප්තිමත් විය හැකිද? / එංගලන්තයේදී හැදූ බොම්බෙලි කරවල බැදුම් / අසල්වාසීන්ගේ පැමිණිලි / නීලියාත් රහස දැනගෙනය

30වෙනි කොටස- අහමඩ්ලගේ ගෙඋයනේ වැඩ / අජිත් මල්ලී / හොඳටම හිත රිදවගත් සුනිල්ගේ ලිපිය / අම්මාත් තාත්තාත් අතර ඇති වුණු ලොකුම රණ්ඩුව

31වෙනි කොටස- අනාචාර චෝදනාව / අම්මාව ගෙදරින් පිටමං කෙරේ / අපේ පවුලේ ආරවුල පිළිබඳව කෙරුණු පොලිස් විභාගය ගැන ලංකාදීප පත්තරේ වැටෙයි / ළමෝ මට කොලොප්පම් කරති / මම පාසල් යන්නට බැරි බව කීවෙමි / අම්මලා නැවත සමාදාන වෙති / දැන් අජිත් මල්ලී බේබද්දෙකු වෙලාය / ඒ....

32වෙනි කොටසතාත්තාගේ අඹුසොඬකම විහිළුවට ලක්වෙයි / ඔහුට ත්රොම්බෝසිස් රෝගය වැළඳෙයි; රැකියාව නැති වෙයි / අජිත් මල්ලීගේ උප්පැන්නයේ ‘පියාගේ නම තීරුව’ හිස්ය / එයින් උද්ගත වුණු ප්‍රශ්න

අද ලියන්නේ ‘එතැන් සිට’ ඉදිරියට වෙච්ච දේවල්.

ජන සමාජයක ජීවත් වෙන ඕනෑම කෙනෙකුට තමන් කැමැති ඕනෑම දෙයක් කරන්නට පුළුවන්ද?
ඒ පුරස්නෙට මගෙන් නං හම්බ වෙන්නේ ‘නෑ’ කියන උත්තරේ.
පැරැණියන්ගේ කීමක විදිහට නං ‘තමුන් කැමති නං මිරිස් වතුරෙන් වුණත් තමුන්ගේ xxx සෝදා ගන්නට කොන්ත නෝනාට පුළුවන්’ තමයි. ඒත් දැවිල්ල ඇල්ලුවම? කොන්ත නෝන දැවිල්ල උහුලගන්න බැරිව දඟලන්නයි- කෑ ගහන්නයි ගත්තම වටේ ඉන්න උදවියටත් ඒක කරදරයක් වෙනවා නේද?

අපේ තාත්තගෙයි අම්මගෙයි රණ්ඩුවත් ඒ වගේ. තාත්තා හිතුවේ ‘එයා කැමති ඕනෑම තීරණයක් ගන්න එයාට අවසර තියෙනවා’ කියලයි. අම්මා හිතුවේ ‘සැමියාට කීකරු වුණාම මදැයි’ කියලයි. (ඒ දෙන්නම දරුවන් ගැන තැකීමක් කළේ නැහැ වගෙයි.)

ඒ මොට්ට තරහෙනුත්; දබරයෙනුත්; දුර්දාන්ත තීරණවලිනුත්; ගොබ්බ කීකරුකමෙනුත් සිද්ද වෙච්ච දේවල් කෙළවරක් නෑ...
එව්වාගෙන් මං වැඩියත්ම ප්‍රධානකොට සලකන්නේ අපේ අජිත් මල්ලීගෙ පෞරුෂත්ව වර්ධනය අඩාල වීම තමයි. දෙවැන්න- අපිට බදුල්ල හැර දමා කොළඹට එන්න වෙච්චි එකයි. තුන්වැන්න- අපේ ගෙදර තිබුණු අපේ තාත්තගෙයි- අම්මගෙයි foto සේරම කෑලි වෙලා- ගිනිබත් වීම. (අපේ මහෞෂධ නුවණක්කාර පියාණන් වහන්සේත්- කෙතේ ගොයම් මුවෝ කෑවාම ගෙදර තිබ්බ මුව හමට තඩි බාන ජාතියේ වෙන්නැති!)  
කවුද පවුලේ හිතවතෙක් හංගලා පරෙස්සම් කරගෙන තියාගත්තු ‘ඒ දෙන්නගේ එකම එක foto එකක කෑලි’ තමයි පස්සේ කාලෙක ආයෙමත් අපේ ගෙදරට වැඩම්මුවේ!

මෙලහකටත් අපි ගිහිං අයියේ, ඔයාට පොරොන්දුවක් නොදී හිටිය නං!

ඉතිං, එයින්- මෙයින් අපේ අජිත් මල්ලී ආච්චිලටම සින්න වුණා!

මුල්ම postsවලදී යාන්තමින්වත් නොකිය- නොකියා හිටි අජිත් මල්ලිගේ ඔය විස්තරේ මං ඔයාලට කියන්න පටන් ගත්තේ 30වෙනි කොටසේ ඉඳන්. මතක ඇතිනේ අපේ සුනිල් එවපු ලියුමක් ගැන මම කිව්වා ඒ කොටසේදී...

අයියේ, ඔයාලා ඉක්මනට ලංකාවට එනවා නේද? ඔන්න ඔයාලා එනකං විතරයි අපි මේ ගෙදර ඉන්නේ. ඔයා මෙහාට ආව ගමන්ම- ඔයාලට ගේ බාර දීලා අපි මේ ගෙදරින් යනවා. මෙලහකටත් අපි ගිහිං අයියේ, ඔයාට පොරොන්දුවක් නොදී හිටිය නං. බය වෙන්න එපා. මායි මල්ලිකායි ඒ පොරොන්දුව ආරස්සා කරනවා. ඒ කිව්ව විදිහටම අපි ඔයාලා එනකල් මේ ගෙවල් දොරවලුයි- ආච්චිවයි බලා ගන්නං.

ඒත් ආච්චියි අජිතුයි කරපු මේ ජරා වැඩේ හින්දා, මට ඒ දෙන්නගේ මූණ බලන්නත් හිරිකිතයි. මට හොඳටම හිතට අමාරු මේ තරං රහසෙන්... සුනිල් එහෙම කිව්වේ හේතුවක් නැතිව නෙවෙයි.

ඒ දවස්වලත් අපේ සහෝදර-සහෝදරියන් කවුරු-කවුරුනුත් ඉඩකඩම්-සල්ලි පස්සේ දුවපු අය නෙවෙයි. (අපේ අම්මයි-තාත්තයි කියල ඉඩකඩම් තිබිච්ච දෙන්නෙකුත් නෙවෙයිනෙ.) සීයලා එළිසාච්චිගෙන් අරගත්තු, සිල්ලප්පු වත්තේ පර්චස් 34 ඉඩම් කෑල්ල තමයි අපට තිබිච්ච එකම නිශ්චල දේපල වුණේ.

“රංජි, අපි දෙන්නා නැති කාලෙක මේ ඉඩමෙන් කාලක් අජිත්ට අයිති වෙන්න ඕනි. ඉතිරි තුන්කාල ඔය ළමයි හත් දෙනාට පවරන්නයි අපි කතා වෙලා ඉන්නේ. “ අපේ සීයා නිතරෝම කියමින් හිටියේ එහෙමයි.

එහෙම වෙලාවක මං වහන්සෙත් මගේ මතය කියලයි තිබ්බේ.
“සමන්ති, දීපාල්, දීපානි තුන්දෙනා ආයේ ලංකාවට පදිංචි වෙන්න එන එකක් නෑ. ඉතිං එයාලට මේවා ඕනි වෙන එකකුත් නැහැ. මටත් ඉඩම් එපා.
ඒ හින්දා සීයේ, අපි හතර දෙනාගේම කොටස විදිහට හිතලා ඉඩමෙන් තව කාලක් අජිත්ටම දෙන්න!
අම්මා මානිලටත් ඉඩමක් අරන් දීලා ගෙයකුත් හදවල දුන්නනේ. ඒත් සුනිලුයි, අනිලුයි, මානෙලුයි තුන් දෙනා වෙනුවෙන් මම තීරණ ගන්නෙ නෑ... එයාලම ඒ තීරණ ගත්තාවේ.”
“මටත් ඔය ඉඩම් තණ්හාවක් නෑ.” එතකොට අපේ සුනිලුත් එහෙමය කිව්වේ.

“අපි එහෙමත් කියලා තියෙද්දී, ආච්චී අපි කාටවත්ම නොකියා හොරෙන්ම අජිතුත් එක්ක ගිහින් ඉඩමෙන් බාගයක් අජිත්ට ලියලා. ලියල ඉවර වෙලා ගෙදර ආවාමයි අපට කිව්වේ. ඇයි අයියේ එයාලා හොරෙන්ම එහෙම කළේ.  කල් තියා ඕක අපට කිව්වත් අපි කව්රුවත් එපා කියනවද? මගේ නං හොඳටම හිත බිඳුණා. අපි බලාගෙන ඉන්නේ ඔයා ලංකාවට ආව ගමන්ම අපි දෙන්නා කුලී ගෙදරකට යන්න.

එතකොට ආච්චිටයි, අජිත්ටයි කැමැත්තක් කර ගන්න පුළුවනිනේ...” සුනිල් ලියා තිබිණි.

අනෙක් අතට Brighton වෙරළේ පොදිකමින් හිටි සෙනඟ... “හැමදාමත් මෙහෙමද Sam?”    

ඒ දවස්වලමය, අපි බ්‍රයිට්න් වෙරළට සංචාරයක් ගියේ. ඒ ඉරිදාවකය.

මට වැඩියෙන්ම මතක තියෙන්නේ අපේ වාහනය park කරන්නට හිස් ඉඩක් හොයමින් රස්තියාදු වුණු විදිහය. එහෙම වෙලත් වාහනය ගාල් කරන්නට හැකියාව හම්බ වුණේ හැතැප්ම එකහමාරක් විතර දුරින්ය. “සැසිල්, අපි ආපහු යං. කාටද පුළුවන් මෙච්චර දුර පයින් ගාටන්න. ආපහු එනකොටත් මේ දුරම එන්න එපැයි...” අම්මා මැසිවිලි කිව්වේ ‘වාහන පිරී-ඉතිරී ගිහිං තිබීමට වගකිව යුත්තේ ඩැඩා යැයි අඟවමිනි.
“What is wrong with you? උඹටම නේද ලීලා අදම මෙහෙ එන්න ඕනෑ වුණේ. I told you... මං කිව්වනේ අද මෙහෙ සෙනඟ හිටියි කියල. You didn’t listen...”

“ඒ දෙන්නට වාද කර ගන්න ඇරලා අපි ඉක්මනට යං ඉස්සර වෙලා. එතකොට ඔය ගෝරිය නිකම්ම නැවතෙයි.” අනිල්ගෙ යෝජනාව එතැනට ගැලපුණේය. අපි සෙනඟ පීරාගෙන වෙරළට බැස්සෙමු. අනේ! ඒ තරම් ප්‍රසිද්ධ වෙරළේ වැල්ලක් නැද්ද...
වැලි වෙනුවට ඒ වෙරළ දිගටෝම තියෙන්නේ කුඩා ගල් කැටය. හැමදාම එහෙමද මන්දා... ඒ මදිවාට මුහුදේ වතුරත් අයිස් තරමටම සීතලය. “මේ සීතලේ මුහුදට බහින්න? සන්නිය හැදෙයි හලෝ!” අනිල්ට කියැවුණේ එක විඩේමය.

“මේ යක්කු දාස් ගණන් වියදම් කරගෙන අපේ රටවල්වලට පිඹගෙන එන්නෙ ඇයි කියල දැනුයි මට තේරෙන්නෙ. මීට වැඩිය කොච්චර ෂෝක්ද ලංකාව?”  අනිල් කියාගෙන ගියේ එයාගේ  අදහසයි. ඒ කතාවට එහෙම පිටින්ම එකඟ වෙනවා මිස- විරුද්ධ වෙන්නේ කොහොමද?
අනෙක් අතට
 Brighton වෙරළේ පොදිකමින් හිටි සෙනඟ... “හැමදාමත් මෙහෙමද Sam?”  

“නෑ අනිල් අයියේ. අද holiday එකක්නේ...  ඒකයි මෙච්චර crowded.”

තදබදය අඩු; වඩාත් සෙනඟ නොගැවසෙන ඉසව්වක නැවතී හිඳගෙන ඩැඩාත් අම්මාත් බර කතාවකය. අනිල්, දීපාල් හා දීපානි තුන්දෙනාත් දැන් සීතල නොතකා රැල්ල පාගමින් එහෙ-මෙහෙ දුවති.
“අපිත් යමු ලොකූ අම්මල ළඟට!” සමන්ති කියයි. “මමත් මුහුදට ආසයි, ලොකා... හැබැයි මෙහෙ මුහුදට නෙවෙයි.’

“නිමොල්. From here, you can see France...” ඩැඩා ක්ෂිතිජයට ඇඟිල්ල දික් කරමින් කිව්වේය.

“කෝ, කෝ, කෝ? මට පේන්නෑනෙ...” අම්මා කලබලෙන් අනන්තය දිහා බලමිනි, ඉන්නේ. “රංජි දන්නවද? මං ළඟදීම ප්‍රංශෙට ගිහිං එන්නයි හදන්නේ... යාළු මිසී කෙනෙකුයි, මමයි. ටිකට් එකට එච්චර ගණනක් වෙන්නෑලු. ඔයත් එනවද? ඩැඩාට කියමුද ඔයාටත් වීසා ඉල්ලන්න කියලා. දවස් දෙකක් හොඳටම ඇතිනෙ.”
“කවුද අප්පේ අම්මගෙ ඔය තරං අගේ ඇති යාළුවා.. අපි නොදන්න කෙනෙක්ද?” Sam අහන්නේ ඔලොක්කුවට වගෙය. ඒ සමච්චල් සහගතකම අම්මට වැටහී නොමැත.

ලංකාවේ ළමයි වගේ නෙවෙයිනෙ මෙහෙ ළමයි. අපිත්

“සමන්තිට මතකයිද, අපිට අර ජම්බල් සේල් එකකදී හම්බ වුණේ... අර මියුරියල්...”

“අපෝ ලොකූ, සල්ලි දෙනවයි කිව්වත් ඔයා නං ඔය tour එක යන්න එපා අම්මලත් එක්ක. ඒ නාකි හෝන්තුව එදා ලොකා දිහා බැලුවේ ගිලින්න වගේ. අම්මට වැඩිය චුට්ටයි ඒ අම්මණ්ඩිට වයස අඩු!”

“සමා, නොදන්න දේවල්වලට කට නොදා ඉන්නවා. මෙව්වා පොඩි ළමයින්ගේ කතන්දර නෙවෙයි.”
“මාත් දැන් පොඩි ළමයෙක් නෙවෙයි අම්මේ. තව ටික දවසකින් මට දහ අටක්. ලංකාවේ ළමයි වගේ නෙවෙයිනෙ මෙහෙ ළමයි. අපිත් එහෙ උපන්නට හැදුණේ මෙහෙ ළමයි වගේනෙ... මට පෙනෙන හරි වැරැද්ද කෙලින්ම ඕනි කෙනෙකුට කියන්නයි මට පුරුදු!” Sam කියාගෙන ගියේ අම්මාට මැදිහත් වෙන්නට බැරි විදිහටය.
“That’s enough!” ඩැඩා කිව්වේ තරහෙනි. “What is wrong with these people? ලීලා, නිමොල්ට තනිකඩව ඉන්න ඕනි නං ඒකට ඉඩ දීපං. Now he is an adult- not a child.”

සතුටු වෙන්නට ගිය සංචාරය ඉක්මනින් නිමාකොට අප ආපසු ආවේ තිත්ත කසායක් බිව් ගොළුවන් විදිහටය; බුම්මාගෙනය.

බ්‍රයිට්න් වෙරළේදී කියූ හැටියටම සමන්ති නංගිට අවුරුදු 18 ලැබුවේ 1985 දෙසැම්බර් 5 වෙනිදාය. ඒ බ්‍රහස්පතින්දාවකි. එදා උදෙන්ම Samගෙ නමට ලියුම් තුන හතරක්ම ලැබිණි.
ඒවා එවා තිබුණේ එංගන්තයේ ක්‍රියාත්මක දේශපාලන පක්ෂවලිනි. සමන්තිට සුබ පතමින් ඔවුන් කියා තිබුණේ, එදා සිට ඇය වගකිව යුතු ඡන්දදායිකාවක වෙන බවයි.
‘අපේ දේශපාලන ප්‍රතිපත්ති මේවාය. ඔබේ පාර්ලිමේන්තු කොට්ඨාශයට අපේ පක්ෂයෙන් තරග වදින්නේ මෙතුමාය. කරුණාකර එළඹෙන මැතිවරණයේදී ඔහු වෙනුවෙන් ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කර, අපගේ අනාගත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහාය වන්න.’ වැනි අදහස් ඒ හැම ලිපියකම ගැබ්ව තිබිණි.

“ඔන්න බලපං නිමොල්. උඹලගේ රටේ වගේද කියලා. ඡන්දය එනකොට විතරයිනෙ උඹලගෙ පොලිටීෂියන්ස්ලා active වෙන්නේ. අපේ එහම නෙවයි. බොරු show off වැඩ නෑ.” ඩැඩාට ඒ ලියුම් ගැන පැවසූ විට ඔහු කිව්වේ ආඩම්බරයෙනි. “මෙහෙ සේරම මිනිස්සුන්ගේ විස්තර කොම්පියුටරයිස් කරලයි තියෙන්නේ. හැම ළමයෙකුටම අවුරුදු 18 පිරෙන දවසට ඔය වගේ ලියුම් එවන්න පුළුවන් වෙන්නේ ඒකයි. මේ රටේ සේරම වැඩ මෙතඩිකල් විදිහට කෙරෙනවා.” ඩැඩා මට එහෙම කීවේ 1985දීය.

මයිඩාස් රජතුමාත්, මෙඩුසාත් ගැන ප්‍රසිද්ධ කතන්දර දෙක නොදන්නා කෙනෙකුට...

දැන් ඩැඩා විතරක් නොවේ, අපේ අම්මාත් මිය පරලොව ගිහිංය. මේ 2023; මේ නොවැම්බරයේ- අපේ අම්මා ශ්‍රී ලංකාවේදී මියගිය වෙලාවේ ‘අපේ ඇත්තන්ගේ methodical වැඩවල මහිමය’ මදිය නොකියන්නට අත් වින්දෙමි. ඒ අත්දැකීම් අළලා ‘පාරවයි හද වේදනා... පළමුවෙනි කොටස හා දෙවෙනි කොටස වශයෙන් posts දෙකක්ද ලිව්වෙමි!

දිගට ලියන්නට වෙතත්, මා මෙවන් අත්දැකීම් ලියා තියන්නට කැමතිය. අත්දැකීම්වලිනි, අප වඩා හොඳින් ඉගෙන ගන්නේ; ජීවිත පරිඥානය ලබන්නේ. ඒවායින් පෝෂණය ලබමිනි මානව ජීවීන් හැදී-වැඩී තිබෙන්නේ. අපේ දැනීම පුළුල් නම් ‘අනෙකා ගැන තේරුම් ගැන්ම’ අපට පහසුවෙන් කළ හැකි වෙයි. පටු දැනීමක් තිබෙන කෙනෙකුගේ චින්තනයත් පටුය- ආකල්පත් පටුය- තේරුම් ගැනීමත් පටුය!

ඉහතින් තිබෙන රූපය ඊට හොඳම නිදසුනකි.

මයිඩාස් රජතුමාත්, මෙඩුසාත් ගැන ප්‍රසිද්ධ කතන්දර දෙක නොදන්නා කෙනෙකුට ඒ රූපය අප්‍රබංශයක් විතරකි... නමුත්...
à ඊළඟ කොටසට...

38 comments:

  1. නිමල් අයියා අද උදේම පැමිණ ඇත
    තිස්‌තුන් වෙනි කතන්දරේ කොටස ගෙන
    අජිත් මල්ලි කර ඇත්තෙම ජරා වැඩ
    අසරණ නිමල් හට වෙන්නෙම මෙවන් හබ

    ReplyDelete
    Replies
    1. ජීවත්වීම යනු එන හබ විසඳීම
      ඒවා විසඳමින් පෙරටම පිය නැඟුම
      අභියෝගය එයයි, කළහොත් ජයගැනුම
      සතුටින් කළ හැකිය අවසන් නික්මීම

      Delete
  2. කතාව නං කියෙව්වා, හොඳයි. ඒත් හිටපු ගමන් නම්-ගම් පැටලිලා සුනිල් කව්ද අනිල් කව්ද අමතක වෙනවා, අනිත් නම් වුනත් එහෙමයි. ඩිමෙන්ෂියා මූලික ලක්ෂණවත්දෑ? 🤔

    ReplyDelete
    Replies
    1. මටත් ඔය දේ මුලින් මුලින් උනා. කොටින්ම... නෙවිල් - මර්වින් දෙන්න හිට ටපලෝගත්ත 😁🙈

      Delete
    2. ඔව් බස්සා මහත්තයෝ. ටිකාක් විතර ටැපලෙනසුළුයි නේන්නං. නිමල්, සුනිල්, අනිල්, අජිත්, දීපාල්- කොල්ලෝ පහයි,.. පුෂ්පා (නෝනා), මානෙල්, සමන්ති, දීපානි- කෙල්ලෝ හතරයි... (ඒ සති ගණනෙන් නැතිවුණු නංගි හැර) නව දෙනෙකුගේ විස්තර විතරක් වුණත් සැරෙන් සැරේ කියවෙනකොට?

      Delete
    3. නමීත් කියනවා වගේ මගේ විවෘත විශ්වයේ මිත්‍ර සම්පත්තියේ විස්තරත් එනකොට...
      හොඳ වෙලාවට රහසිගත විශ්වයේ අයගෙන් සීයට එක- දෙකක් විතරක් ගැන postවලදී කිව්වේ.... නැත්තං වෙනම සූචියකුත් අමුනන්නම වෙනවා.

      Delete
  3. වැඩිය කමෙන්ට් නොකලට මම මේ කථා ඔක්කොම කියවනවා. ඉඩකඩම් වලට තන්හා නොවීම ගොඩක් දෙනෙක්ට ඔබ කියන වයසෙදි නැහැ. සමහර අයට මැරෙනකන්ම නැහැ. ඒ අතින් නිමල් ගෙ පවුලෙ අය ඒ කාලෙත් පරිණතයි. අජිත්ව වෙනසක් නොකර පිළිගැනීමත් ඒ වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්මයි ඉයන් මහත්තයෝ, අජිත්ට අපෙන් කිසිම වෙනසක් නොකෙරුණු එක ගැනත්- දේපලවලට තණ්හාවෙන් කාකොටා නොගැනීමත් ගැන මටම පුදුමයි.
      හරි වැඩේ කියන්නේ, ඔයාට මේ උත්තරය ලියන්න ගන්නකොට හිතේ නොතිබුණු දෙයක් ගැන post එකක් ලියන්න ඕනිය කියලා මේ දැන් ඔලුවට ආවා. පෝස්ටුවේ නමත් එක්කම- 'ප්‍රෝඩාරාමය' ඒ ගැන ඔයාට ස්තුතියි ඉයන් මහත්තයෝ. මේ සීරීස් එකට පස්සේ ඔන්න ලියනවා...

      Delete
  4. ඔයාගේ පොස්ට් කියවනකොට මටත් හිතෙන්නේ සමහර දවස් ආයේ එනවානක් කියලා හිතෙන තරමට සුන්දරයි කියලා තමා නිමලයියේ

    ReplyDelete
    Replies
    1. ඉවාන්, අපි හැමෝම අතීතකාමී මිනිසුන් නේද.... අනිත් අතට එහෙම නොවෙනවා නං මොනවද අපට ඉතිරි?

      Delete
  5. හෑ මම එයාට කිව්වෙ මිඩාස් කියලනෙ?
    මයිඩාස්, තේරුනා. මයිඩාස් , මෙඩුසාව රන් පිලිමයක් කලා. මෙඩුසා,මයිඩාස් රජතුමාව ගල් කලා. ඒත් ඇත්තටම මයිඩාස්, මෙඩුසාට අත දෙන්න කිට්ටු වෙන්න ඉස්සෙල්ලා මෙඩුසා දෙනව බැස්ටිය. ගෑණු ඔහොම්මයි.😨

    ReplyDelete
    Replies
    1. https://ifunny.co/picture/medusa-meeting-dwayne-johnson-for-the-first-time-medusa-staring-UlshKVhp7

      Delete
    2. හෙහ්, හෙහ් ඒක නියමයි. 👌🙏

      Delete
    3. ස්තුතියි Pra Jay මහත්තයෝ.
      Link එකට ගියා. කියවන්නත් ගත්තා. ඊට පස්සේ හොයන්න වුණානෙ කවුද dwayne Jhonson කියලත්...
      බස්සා මහත්තයෝ, ඔයා?

      Delete
  6. අවසානෙදී පටු දැනුම ගැන කියද්දීම මතක් උනේ තාගෝර්ගෙ කාව්‍යයේ අදහස දැක්වුනු සේකර ලීව
    'පටු අදහස් නම් පවුරින් ලෝකය කැබැලි වලට නොබෙදී ඤාණය නිවහල් වී...' ගීය

    ReplyDelete
    Replies
    1. මෙතන පදපෙලයි මුල් ගීයයි, ගීය ගැන විස්තරයයි තියේ. කස්ටියට බලන්න දානව ඕං

      https://www.facebook.com/groups/2376901992391999/permalink/2588634144552115/?mibextid=rS40aB7S9Ucbxw6v

      Delete
    2. ගියා, කියෙව්වා. ස්තුතියි නමී. සින්දු තුන අහන්න යන්නෙ පස්සෙයි.
      උඩඟු ලියන ගීතයට පාදක වී තියෙන්නේ සරෝජිනී නායිදු කිවිඳියගේ පබැඳුමක් නේද?

      Delete
    3. ඒ සන්නාලියනේ ගීය නේද... 🤔

      Delete
    4. කතන්දරේ බ්ලොගේ ඔය ගැන ලියවිලා තියේ. ඒකෙ ලිංක් එකත් දාන්නම්... කස්ටියට බලාගන්ටත් එක්ක

      http://kathandara.blogspot.com/2013/01/pushp-ki-abhilash.html?m=1

      Delete
    5. '//මේ "පුෂ්ප් කි අභිලාෂා" කියන කවිය ලියා ඇත්තේ නොබෙල් සාහිත්‍ය සම්මානය ලබපු තාගෝර් වගේ අපි දන්න කෙනෙක් නොවුනාට ඉන්දියාවේ ප්‍රසිද්ධ මඛන්ලාල් චතුර්වේදී හින්දි කවියායි.//
      ගොඩාරියක් ස්තුතියි නමී. link එකට ගියා, තව කට්ටිය යන්නත් ඇති- බලන්නත් ඇති. එතකොට හම්බ වුණු (ඉහතින් යෙදු) කොටස තමයි මට නම් වැදගත්. ඒ බව දැනගත්තේ අදමයි.

      Delete
  7. යකෝ අජිත් කියන නම ඔඡ්ච්ර අවුල්ද 😀

    ReplyDelete
    Replies
    1. ඒක ටිකා......ක් "සජිත්" කිට්ටුවෙන් යනවා නේද? ඒ හින්ද වෙන්ටෑ? 😏🤔🤣😂😁

      Delete
    2. වෙන්නත් ඇති. සුට්ටන් බබා අම්මියි ජලයි එක්ක හොඳින් ඉන්නවද

      Delete
    3. අජිත් ධර්ම,

      වික්‍රමසිංහ ජනපතිගේ රුධිර පිපාසය සංසිදුවන්න ඔබ තවත් මිනිස් ජිවිත ලක්ෂ කීයක් බිලි දෙනවද?

      Delete
    4. නම මොකක් වුණත් ඒ නම දරන කෙනා වෙනස්ම කෙනෙක් වෙන්න ඇහැකියි නෙව අජිත් මහත්තයෝ.
      ධනපාලලා හිඟා කන්නේ, ධර්මදාසලා...එක්කෝ ඕන්නෑ .

      Delete
  8. නිදි ගේ මේ කතාව පොතක් ගහන්නම ඕන, ඔයා පොත් ගහපු මිනිහෙක් නේද?
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔව් විජේබාහු මහත්තයෝ,
      පොත් හතරක් ගැහුවා. මුල්ම පොත කර්තෘ ප්‍රකාශනයක් විදිහටයි පස්සේ ගොඩගේ පොතක් විදිහටයි.
      යුවති කිරිල්ලී.
      දෙවැන්නත් ගොඩගේ පොතක්- 'සුපර් ස්ටාර්'. තෙවැන්න 'හිනා වෙන්න හිනා' , හතරවැන්න 'හිනා තවත් හිනා. 1,3,4 පොත් තුනක්ම මේ අඩවියටත් දාලයි තියෙන්නේ 'අකුරු මැකී නෑ' කැටගරිය යටතේ.

      ඒ පොත් පල කිරීමේදී ලැබුණු අත්දැකීම් නිසා ආයේ පොතක් ගහන්න හිතන්නේ නැත්තේ, මං දැන් ගෙදරටම සින්න වුණු කෙනෙක් වගේ නිසයි!

      Delete
    2. //ඒ පොත් පල කිරීමේදී ලැබුණු අත්දැකීම් නිසා....//
      මමත් ඔය කතාව බොහෝ තැන්වල ලියැවිලා තියනවා දැකලා තියනවා. පේන විදිහට ඒ හැටි සුන්දර අත්දැකීමක් නොවෙන පාටයි. 🤔

      Delete
    3. කෝටි දෙකකට වැඩි ජනගහනයක් ඉන්න රටක ගොඩක් පොත්වලින් මුලින්ම අච්චු ගැහෙන්නේ දාහයි. ඒ එකක්...
      පොත් සාප්පු කීයද ලංකාවේ තියෙන්නේ?
      කතුවරයාට ලැබෙන කර්තෘ භාගය.../ පොත් මිලදී ගන්න ක්‍රමවේදය.../ බෙදාහැරෙන ක්‍රමය...
      ඒ සේරම ගැන හොයා බලන්නකෝ!

      හැබැයි ඒ සේරම ප්‍රශ්නවලට සාර්තකව මුහුණ දීපු කතුවරුත් ඉන්නවා!!!!!!!!

      Delete
  9. Brighton Pier එකට ගියෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. https://www.brightonpier.co.uk/

      Delete
    2. ගියා Pra Jay මහත්තයෝ, ඒත් ඒ ගැන ලියන්න තරං දෙයක් මතකේ නැහැනෙ.
      අනෙක මේ සීරීස් එක දැනටමත් දිග වැඩිය කියලයි මට හිතෙන්නේ.

      Delete
  10. දේපල වලට කා කොටා ගන්නෙ නැති සහෝදර සහෝදරයින් සිටීම කොච්චර වාසනාවක්ද...අනිත් ප්‍රශ්ණ කොහොම උනත්...


    මොනා උනත් නම් ටික මතක තියා ගන්න එක නම් ගේමක් තමයි....නරකද පවුල් ගස ඇදලා ෆොටෝ එකක් ගහලා පෝස්ට් එකකම අප්ලෝඩ් ක්ලොත්...පොඩි අදහසක් ... - Mayya

    ReplyDelete
    Replies
    1. Mayya, ඔයාගේ යෝජනාව දැක්කේ දැන් තමයි.
      මීට අදාළ වෙන උත්තරයක් උඩින් තියෙනවා. ඒත් ඔයාගේ අදහසත් කරවගන්න බලන්නං.

      Delete
  11. පසුව ඇවිත් කියවන්නම්!

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්