මං
උත්තර දෙන්නට පරක්කු වෙද්දී ඒ හාදයාම ඉස්සර වුණේය.
“You
don’t want...?”
මම හිස වනමින් එය එසේ යැයි ඇඟවීමි.
“If it is so, let’s forget it. ඒත් මගේ යෝජනාව රහසක්
විදිහටම තියෙයි නේද?”
සංසාර යාත්‍රාවේ හැටි එහෙමය. උන්හිටි ගමන්
අරුම ජීවීහු අපේ ඉදිරියට එති; අප හා ගැටෙති; වෙන්වී
යති. එහෙත් සමහර විටෙක... |
“Thanks Nimal. උඹ මාව රිජෙක්ට් කෙරුවට, උඹේ ඇස් දෙක එහෙම
නෙවෙයි කියන්නෙ. පස්සේ හරි උඹේ හිත වෙනස් වුණොත්...” කියලා කියමින් එයා...
මට දික් කළේ එයාගේ විසිටින් කාඩ් එකකි.
ඒකත් නොගෙන ඉන්නටය, එක
විඩේටම නං මට හිතුණේ. ඒත්... මගේ ජාගර- පුහුදුන්- අන්තිම කැත හිතත්, දකුණතත්
නොපමාවම ඉක්මන් වුණේය. අනිච්ඡානුග ක්‍රියාවක් සිද්ද වෙලාද කොහෙද, මගේ දකුණු අත
ඉස්සරහට දික් වුණේය: දික්වී... අර visiting card එක; විසිත්ත පත සාදරයෙන් බාර
ගත්තේය. (වඩාත් නිවැරදිව කියනවා නම් කිව යුත්තේ -විසිත්ත පත සාදරයෙන් ඩැහැ ගත්තේය-
යනුවෙනි.) මගේ ඒ අමන කෙරුවාව නිසාම වෙන්ටැති- අර කඩවසම් තරුණ හාදයාට, නව පණක්
ලැබෙන්නට ඇත්තේ.
“Please, contact me... I have a nice place... Together... we can have a nice- exploring
time there...”
ඔව්! Exploring... ඒ
හාදයා ඒ වචනය කිව්වේය. ඒ මොන-මොනවා එයාගේ හිතේ තියාගෙනදැයි එවෙලේ නම් මට හිතා
ගන්නටවත් බැරි වුණේය. ඒ වෙද්දී මං වහන්සේ, ඒ වචනය දැනගෙන හිටියේ යාන්තමින්ය.
ගවේෂණය කරනවා- කියලය.
එක්ස්ප්ලෝර් වචනයේ තවත් අරුත් ගොඩක් තියෙනවාවත්ද... ලිංගිකත්වයට අදාළවත්? ඒ තේරුම්
හොයන්නට එදා රාත්‍රියේම. මම ‘මලලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂය පීරුවෙමි.
‘Explore- විපරම් කරනවා,
(කලින් නොදත් රටක) තොරතුරු විමසීමට ඇවිදිනවා, අතපතගා බලනවා.’ යනුවෙනි ඒ පොතේ දක්වා
තිබුණේ. ‘අතපත ගා බලනවා’- එහෙනම් ඒකයි මේ!
අලුත් ලිංගික සහකරුවෙකු
කියන්නේත්, කලින් නොදත් රටක් වගේය! එහෙත් සමහර විට, ඒ රටවලින් වැඩි හරියක ගවේෂණය
කර සොයා ගන්නට තරම් අගනා දෙයක් නැත.
අහමඩ් මෙන්ම ඔහුගේ මිතුරාත් අරාබි ජාතිකයෙකු බව එක විඩේම පෙනෙයි. අඩි හයකට කිට්ටු උස... තීක්ෂණ දෑස... හමේ අමුතු දුඹුරු වර්ණය... ඒ සේරටමත් වඩා මගේ නෙත් සොරා ගත්තේ ඒ හාදයාගේ සියොලඟම වසාගෙන වැවී තිබුණු ඝන රෝම කූපයන්ය. එයින් කියන්නේ ඔහුගේ පුරුෂ ලිංගික හෝමෝන ශ්‍රාවය සරුවට සිද්ද වෙන විත්තිය නේද?
ඒ මගේ හුදෙකලා විපරම් කිරීම් අවසානයේ මා එළඹගෙන සිටි නිගමනයකි. බැලූ බැල්මට නම් මේ
ජීවියාත් ගවේෂණය කරන්නට තරම් වටිනා එකෙකි; explore කරන්නට තරම් වටිනා දීපංකරයකි,
මා ඉදිරියටම ඇවිදින් ඉන්නේ...
එදායින් පසු යළි කිසිදු විටෙක මට
දකින්නටවත් නොලැබුණු ඒ අරාබි ජාතික තරුණයාට තිබ්බේ උදාරම් පෙනුමකි;
කුමාර පෙනුමකි! |
එදා සිද්ද වුණෙත් ඒ ටිකමය...
මට නමවත් අමතක- එහෙත් රූපකාය හොඳින්ම මතක; එදායින් පසු යළි කිසිදු විටෙක මට දකින්නටවත් නොලැබුණු, ඒ අරාබි ජාතික තරුණයාට තිබ්බේ උදාරම් පෙනුමකි; කුමාර පෙනුමකි. අපරාදෙ! ඔහු මට හමු වෙන්නට තිබ්බේ, අශාන්ට කලින්ය. කටයුතු සිද්ද වුණේ එහෙම නම් මගේ මේ කතාව මීට වඩා වෙනස් වෙන්නටත් ඉඩ තිබිණැයි මගේ හිත කියයි.
ඔව්! ඒ හැන්ඩියාගේ කුමාර පෙනුමට වඩා ඉඩක්- ඒ වෙද්දීත් මගේ ජාගර සිතේ අශාන්ගේ
අවවාදවලට හිමි වී තිබිණි.
හැම විජ්ජාවටම වඩා ගැලවිජ්ජාව ලොකුයිලු නෙව!! තමුන්ගේ ආරක්ෂාව සලස්සගන්න ඕනි
තමුන්මයි- කියලා කවුරුන්දෝ බලවතෙකු කියලත් තිබ්බේ ඒ ආසන්න දවස්වලය.
“ඔයා
දන්නවද නිමල්, දැන් මෙහෙ අපි වගේ හෝමෝලා අතරේ මොකක්දෝ
ලෙඩක් පැතිරෙනවලු... මෙහෙ විතරක් නෙවෙයි. ඇමෙරිකාවෙත්...” අශාන් බැරෑරුම්ව කියයි.
“ඉස්සර
වගේ නෙවෙයි, දැන් අපි වගේ අය අපේ අයිඩෙන්ටිටි එක හංගගෙන
ඉන්නෙ නැහැනෙ. වෙනස් විදිහට හිතන්න බැරි අපේ රෝයි අයිය වගේ මිනිස්සු, අපේ ඒ forwardකමට තරහයි. ඒ මිනිස්සු කියනවා මේ
ලෙඩේ homo කමියුනිටි එක විනාශ කරන්න දෙවියන් වහන්සේ එව්ව
දඬුවමක් කියලත්...”
“Homo කොමියුනිටි
එක?”
“ඔයා
මේවා එච්චර දන්නෙ නැති එක ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ නිමල්. මේ රටවල්වල...”
‘තිස්
එකේදී... දහතුන්වෙනි කොටස’ ලියද්දී මම අශාන්ගේ ඒ
හිතෛෂී අවවාදය ගැන විස්තරාත්මකව එලෙස සටහන් කළෙමි. ඒ වෙද්දී අශාන්ගේ අනතුරු ඇඟවීම
සහේතුකවම කෙරුණ දෙයක් විත්තිය- අන් කවරෙකුටත් වඩා හොඳින් මට පසක්ව තිබිණි.
ඒ ඇමෙරිකන් ජනප්‍රිය
නළුවෙකු වුණු රොක් හඩ්සන්ගේ ඛේදජනක අකල් මරණයත් එක්කය!
ඇත්තම කියන්නට ඕනෑය. ලංකාවේ හිටියදී මං වහන්සේ Rock Hudson කියලා අමෙරිකානු
නළුවෙකු සිටියේ යැයි දැනගෙන උන්නේ නැත. (එතකොට අපට TV එකක් තිබ්බෙත් නැත. ඒ තියා
අපේ ගෙවල් පැත්ත පළාතකට විදුලිය පහසුකම තිබ්බේත් නැත.)
මිය යද්දී රොක්ගේ කඩවසම් බව හොඳටම පිරිහී
තිබ්බේ, දුටුවන්
තැති ගන්වන තරමිනි. |
“හරිම ලස්සන soap opera එක ලොකූ. You should watch with us...” සෑම් කිව්වාය.
“Yeee... My favourite!” චූටි නංගි දීපානිත් මුක්කුවක් ගැසුවාය. එයින් නොනැවතී ඒ
දෙන්නාම එකතුව ‘ඩිනස්ටි’ එතෙක් කතාව මට කියා දුන්හ; එහි රඟපාන නළු-නිළියන් හඳුන්වා
දුන්හ. ඉතා ඉක්මනිම මමත් ඩිනස්ටි ලෝලියෙක් වීමි.
(දීපාලුත්, අනිලුත් දෙන්නාම උනන්දු වුණේ ‘මල්ලව පොර තරග’ නරඹන්නටය.)
බොහෝ පිරිමින්ට නැති තරමේ
පෞරුෂවත්; ප්‍රතාපවත් පෙනුමකි, රොක් හඩ්සන්ට තිබ්බේ. Dynasty නරඹන්නන්ගේ ප්‍රසාදය
රොක්ට හිමි වන්නට ඇත්තේ ඒ පෙනුම නිසා යැයි, මට සිතේ. ඔහු මගෙත් ප්‍රියතම නළුවෙකු
බවට පත් වුණේය. රොක් හඩ්සන් මියගියේ ඒ අතරවාරයේය; 1985 ඔක්තෝබර් 2 වෙනිදාය.
සැඟවී
තිබුණු කරුණු රැසක්ම ප්‍රසිද්ධියට පත් වුණේ ඉන් පසුවය.
රොක්
දැඩි ලෙස සමලිංගික චර්යාවට ඇබ්බැහි වූවෙකි- ඔහු මියගොස් තිබෙන්නේ Acquired Immune
Deficiency Syndrome (AIDS) රෝගය ආශ්‍රිතව වැළඳුණු
නිව්මෝනියාවෙනියි එකල කියැවිණි.
‘ඒඩ්ස් රෝගය අසනිපාතයක්සේ ලොව පුරා
සන්නිවේදන මාධ්‍ය ආක්‍රමණය කළේ ජනප්‍රිය හොලිවුඩ් නළු ‘රොක් හඩ්සන්’ ඒ රෝගයෙන් මියගිය පසුය.
රෝගකාරක වයිරස පැතිරීම වළක්වාගනු පිණිස මුද්‍රා තබන ලද කවරයක බහාලමිනි, රොක් හඩ්සන්ගේ මෘත දේහය තැබුවෙත්...’
යනුවෙන් මා ‘අසිරිමත්වූ දේකි
-
එකොළොස්වෙනි කොටස’ ලියද්දී සඳහනක් කළා මතකය.
මිය
යද්දී රොක්ගේ කඩවසම් බව හොඳටම පිරිහී තිබ්බේ, දුටුවන් තැති ගන්වන තරමිනි.
1981
වසරේ ජුනි මාසයේදී ලෝස් ඇන්ජලිස්වලින්ය, මුල්ම වරට මෙවන් රෝගීන් පස් දෙනෙකු
පිළිබඳව වාර්තා වී තිබෙන්නේ. ඔවුන් පස් දෙනාම සමලිංගිකයන් වීල!
අවුරුද්දක් යන තුරුම ඒඩ්ස් ගැන කියවෙන හැම විටෙකම Gay කණ්ඩායම්වල- පුරුෂ සමලිංගික
කල්ලිවල නම කියැවිණි.
එයින් පස්සෙය, ඒඩ්ස් බෝ වුණු තවත් පිරිස් ගැන කියවෙන්නට පටන් ගත්තේ. සාමූහිකව මත්
ද්‍රව්‍ය එන්නත් කරගන්නන් අතරේ... රුධිර පාරවිලනයන් කෙරෙන රෝගීන් අතරේ...
ඒ අස්සෙම
නොයෙක් දුර්මතත් පැතිරී තිබිණි. ඒඩ්ස් රෝගීන්ට උවැටන් කරන උදවියටත් මෙය වැළඳේ යැයි
බියක්ද මතු වී තිබිණි.
ඔහොම
තොරතුරුවලින් හොඳටම සංතෘප්ත වෙලා ඉන්නකොට තමයි, අර අරාබියේ හැන්ඩියා මට එයාගේ
visiting card එක පූජා කෙරුවේ.
මිනිස්සුන්ගේ හැම ආසාවකටම වැඩියෙන් බලවත් වෙන්නේ ‘ජීවත් වීමේ ආසාව’ නේද?
තවත් විදිහකට කියනවා නං කවුද කැමති නිකං මැරෙන්න.
වනගත සංචාරවලදී යහමින් මුවෝ- ගෝන්නු දකින
සමහර වෙලාවට, මට ඒ තීක්ෂණ ඇස්දෙක මැවිලා... (Hampton
Courtහි නිදැල්ලේ සරන මුවෝ) |
“ඒඩ්ස් මාරාන්තිකය. මැකුවොත් හිරේ!”)
ඉතිං... තව දිග කාලයක් ජීවත් වෙන්න ආසාවක් මගේ
හිතෙත් හැංගිලා තියෙන්නැති...
අශාන්ගේ අවවාදයත් ආයෙ-ආයේම මගේ දෙසවන් ඇතුළේ
දෝංකාර දෙන්න පටන් ගත්තාම, මං තීරණේ කළා- මොනම කාරණයක් නිසාවත් නැවතත් අර අරාබියේ
කුමාරයාව හමු නොවී ඉන්න. ‘කොයිකටත් ඒක ඇඟට ගුණයි!’
ඒත් මට මාවමත් විශ්වාස මදි. වෙන කාටත් වැඩියෙන් ‘සතා ගැන හොඳටම දන්නේ’ මං
වහන්සේමනේ... ඒ මොහොතේම මං කළේ, අර විසිටින් කාඩ් එක පුච්චලා අළු කරලා දාපු එක!
ඒත් ඔයාලා විශ්වාස කරන එකක් නෑ. අපි නිතරෝම
වගේ යන වනගත සංචාරවලදී යහමින් මුවෝ- ගෝන්නු දකින සමහර වෙලාවට, තවමත්... මට ඒ අරාබි
තරුණයාගේ තීක්ෂණ ඇස්දෙක මගේ දිහාවට එල්ල වෙලා තියෙනවා වගේ දැනෙනවා. එහෙම වෙන්නේ ඒ
ඇස්වල සමානකමක් හින්දා නං නෙවෙයි. අහමඩ්ලාගේ ගෙදරට බස් එකෙන් යද්දී හැමදාම දැකපු
උද්‍යානයක දසුනක්- මතකයට නැංවෙන නිසයි.
ළඟදි දවසකයි මං ඒ park එකේ නම අපේ
දීපාල්ගෙන් ආයෙමත් අහගත්තෙ. “මල්ලා, ඔයාට මතකයිද මං පළවෙනි සැරේ England ආවාම
අරාබි පවුලක් ඉන්න ගෙදරක වෝල්පේපර්ස් අලවන්න ගියා... ඒ යනකොට මුවෝ රංචු රංචු
නිදහසේ ඉන්න පාක් එකක් දැක්කය කිව්වා. මතකයිද ඒකේ නම?”
“Oh my God! දැන් කොච්චර කල්ද... මට හරියටම
මතක නෑ ලොකූ.”
“එදා මම ඔයාගෙන් විස්තර ඇහුවම ඔයා මට කිව්වා එක කාලෙකට ඒ පාක් එකේ මුවෝ දඩයම්
කරන්නත් පර්මිට් දෙනවයි කියලා.”
“එහෙනං Hampton Court Deer
Park එක වෙන්ඩ ඇති.” දීපාල් කිව්වේය. “ඒත් ලොකූ, ඒකෙ හැමදාම දඩයම් කරන්න ඉඩ දුන්නෙ
නෑ. අවුරුද්දේ වැඩි කාලයක් මුවෝ ඒ පාක් එකේ ඉන්නවා, without any trouble. ඒත් මුවෝ
බෝවෙලා- බෝවෙලා ඕනිවට වැඩි වෙන කාලෙට තමයි Deer hunting පර්මිට් ඉෂු කළේ.”
“එච්චරට?”
“ඔව් ලොකූ. ඉංගලන්තෙ මිනිස්සු පරණ දේවල් ඒ විදිහටම තියා ගන්න කැමතියි. ගස්කොළන්වලට
ආදරෙයි. ඔයා දන්නවද, දැන් හැම්ප්ටන් කෝට් පාක් එක මැදින් බසුත් ගියාට ඒක හෙණ පරණ
තැනක්- ලොකුයිත් එක්ක.”
උඹ දන්නවද ඔය ඔපරේෂන් process එක
කොච්චර කාලයක් යන වැඩක්ද කියල? |
“ඒත් ලොකූ, දැන් නං ඒකෙ Deer hunting කරන්න දෙන්නේ නැද්ද කොහෙද... මුවෝ වැඩි
වෙද්දී park එකේ වැඩ කරන අයම උන්ට වැඩේ දෙනවා වගෙයි.”
“ලංකාවේ ඔය වගේ දෙයක් කරන්න ගිහිං මළ
කෙළියක් සිද්ද වුණානෙ මල්ලා.
එක සැරයක්, ගම්වල මිනිස්සුන්ට රස්සාවල් වැඩි කරවන්නයි- කෑම වේලට ප්‍රෝටීන් එකතු
කරවන්නයි කියලා තමයි ඒ ප්‍රොජෙක්ට් එක කරන්න හැදුවේ. වැව්වලට මාළු පැටවු දාලා උන්ව
බෝ කරන්න. අම්මට සිරි- වැඩේ පටන් ගන්නත් කලින්, පව්කාර වැඩක්ය කියලා... ඒ වැඩේට
හෙණට කචල් ඇද්දනෙ සත්ත්ව අහිංසා සමිති, හාමුදුරුවරු එහෙම එකතු වෙලා.”
“එහෙනං දැන් හැම තැනම වැව් මාළු විකුණන්න
තියෙන්නේ? පස්සේ ඒ ගොල්ලෝ ඒ project එකට කැමති වුණාද?” අපේ බඩා මල්ලියා ඇහුවාමය-
මට උත්තර දී ගන්නට බැරි වුණේ.
1985 අවුරුදේ දෙවෙනි වතාවටත් ඩැඩා
එක්ක අර Coffee Shop එකට ගියාමත්- මට එයාගේ ප්‍රශ්න ගොඩාරියකටම උත්තර දී ගන්නට
බැරි වුණේය!
“නිමොල්, උඹ දන්නවද ඔය
ඔපරේෂන් process එක කොච්චර කාලයක් යන වැඩක්ද කියල?”
“කැමත්තක් තිබිලා විතරක් මදි- body එකත් ඒකට ගැලපෙන්න ඕනෙලු.”
“සේරමත් හරි- වියදම කොච්චර විතර වේවි කියලද උඹ හිතන්නේ...”
“After the operation, what are you going to do? මොකක්ද උඹේ target එක... What is
your plan for the future?”
මං වගේ රං ගොජෙක්!
එතකොටය මට හිතුණේ.
සහතිකෙන්ම ඒ ප්‍රශ්න
එකක්වත්, වැදගත් ඒවා ලෙස මට හැඟී ගොස් තිබුණේ නැත; හොඳින් සිතා බැලිය යුතු ඒවා ලෙස
මට දැනී තිබ්බෙත් නැත. ඒ නිසාම මම නිරුත්තර වීමි.
ඒ නිරුත්තර වීම නිසා, අපේ සාකච්ඡාව ‘කන්දක් විලි ලා වැදූ මී පැටියෙක්’ වුණේය. ඩැඩාගේ
ජීවන අත්දැකීම් ඔහුට නුවණ දෙන්නට ඇතිවා නිසැකය. තවත් ප්‍රශ්න අසමින් ඩැඩා මා අපහසුතාවට පත් නොකළේ එබැවින් විය යුතුය.
“I will tell you... මං
හොයාගත්ත දේවල්.
ඔය ප්‍රොසෙස් එකට අවුරුදු ගණනාවක් යනවයි කිව්වා. The very important thing is... කෙමිකලි
වගේම මෙන්ටලිත් උඹව ඒ තත්ත්වෙට හුරු කරවන්නම වෙනවලු, ඔපරේෂන් එකට කලින්.”
ඩැඩා
දිගටම කියාගෙන ගියේය. “ඒක උඹ හිතන තරම් easy වැඩක් නෙවෙයිලු son.”
‘දෙරණ
ඩ්‍රීම් ස්ටාර් - Season 11’ තරගය නරඹමින් සිටින
අතරේය; නාරාහේන්පිට
මලිත් සිල්වා ගීතය ගායනා කරන අතරේය. |
ඔහුට අනුව මා එංගලන්තයට ආ
සංචාරකයෙකු පමණි. “Yes my son. උඹ අපේ පවුලේ ලොකු පුතා කියන එක මෙතනට අදාළ නෑ.
අනික දැන් උඹ adult කෙනෙක්. ළමයෙකුත් නෙවෙයිනේ. ලංකාවේදි වගේ ඕනෙම හොස්පිටල් එකකට
ගිහින් ඕනිම කෙනෙකුට ට්‍රීට්මන්ට්ස් ගන්න- මෙහෙදි බෑ.” ඩැඩා මට පහදා දුන්නේය.
ඒ අනුව ලිංගිකත්වය වෙනස්
කරවා ගැනීමේ සැත්කමකට මා මුහුණ දෙන්නේ නම්, ඒ සඳහා වැය වෙන වියදම අප විසින්ම දරා
ගැනීමට සිදු වෙයි. “That’s impossible! අපිට එච්චර දෙයක් ඔරොත්තු දෙන්නේ නෑ
නිමොල්... We can’t afford it. ලංකාවේ විදිහට බලද්දී උඹට අපි rich කියල හිතෙනව
ඇති. ඒත් ඒක නෙවෙයි නිමොල්, ඇත්ත.”
ඩැඩාගේ පැහැදිලි කිරීම
කෙතරම් සාර්ථක එකක් වුණත්, මගේ හදවත පාරන්නක් වුණේය; මගේ දිගු කාලීන සිහිනය
කඩා-බිඳ හෙළන්නක් වුණේය.
‘ඇයි මම මෙහෙම ඉපදුනේ?’
එදා රැය මුළුල්ලේ මම සිතුවෙමි. එහෙත් ඒ ආත්මානුකම්පා සහගත සිතිවිල්ල විනා
මට සැනසුම ගෙන දෙන සිතිවිල්ලක් මගේ හිතට ආවේ නැත.
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ නම් වෙනස්ම සිතුවිල්ලක් මගේ හිතට ආවේය. ඒ ‘දෙරණ ඩ්‍රීම්
ස්ටාර් - Season 11’ තරගය නරඹමින්
සිටින අතරේය; නාරාහේන්පිට මලිත් සිල්වා ගීතය ගායනා කරන අතරේය.
‘නොබලන්
කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුණු මා රුව
කලඹනු නොහැක ඉතින්
ළඳකගෙ
සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙන්//
නුරා පිරුණු නෙත් වෙනතක දල්වා
සමුගත මැනවි ඉතින්...’
කිත්සිරි
නිමල් ශාන්තයන් ඒ ගීය ලියන්නට පාදක කර ගත්තේ උම්මග්ග ජාතකයේ කියවෙන- සිරි කාලකන්නි
ප්‍රශ්නයේ ‘පිංගුත්තරයාව’ද?
දිසාපාමොක් ඇදුරුතුමන්ගේ හොඳම සිසුවා වුණු පිංගුත්තරට ඇදුරු දියණිය පාවා දෙනු
ලබයි. සතියක් තිස්සෙම බිරිය පිළිකෙව් කරන පිංගුත්තර, ඇයව අත්තික්කා ගහකට නංවලා- බිමට
බහින්න බැරි වෙන විදිහට ගහ වටේට කටු අකුල් ගොඩ ගහලා පැනල යනවා...
පිංගුත්තර හුදු නිදහස සොයන්නෙක්ද... වීතරාගී කෙනෙක්ද... නෂ්ටකාමියෙක්ද... එහෙමත්
නැත්තං...
à ඊළඟ
කොටසට...
🤞🤞🤞
ReplyDelete🤞🤞🤞 ස්තුතියි නවීන් 🤞🤞🤞
Delete
ReplyDeleteනිමල් ඔක්ස්ෆර්ඩ් යන්න ඇතිනෙ
https://www.reachtheworld.org/victorias-journey-germany/nature/deer-park
නෑ Pra Jay මහත්තයෝ, යා යුතුම තැන් ගොඩකට යන්න වුනේ නෑ. dadaගේ උකටලී බවයි, අම්මා හා අනිල්ගේ රස්සාවලුයි, සමන්තිලගේ පාසල් ගමනුයි නිසා. බ්‍රයිට්න් නම් ගියා.
DeleteLink එකට ගියා. ස්තුතියි!
ඒක තමයි මං තනියමත් ට්‍රිප් යන්න කැමති එකේ වාසිය
Deleteඒකත් ජය සිරි මංගලම්!
Deleteඔය ඩිනාස්ටිය අපි පොඩි කාලෙ ජාතික රූපවාහිනියෙ ගියා. ඒක ඒ කාලෙ පෙන්නුවෙ ඇඩල්ට්ස් ඔන්ලි කියල රෑ දහයට විතර. ඒ කාලෙ ඉතිං අපි ඕව බලන්න තරං මෝරල හිටියෙ නෑනෙ හිටං.
ReplyDeleteඒ කියන්නේ ප්‍රසෝ, දැන් තමුන්නැහේ මෝරලා!
Deleteඇර මාටින්. කන්සැප නං අඩුවක් නැතුව ලැබිලා තියෙන්නෙ. 😵💫😮
ReplyDeleteබලාගෙන ගියාම, ඒකත් එක්තරා ලැබීමක් තමයි.
වෙනස් වුනත්, අපි හැමෝගෙ ජීවිත වල ඔහොම අත්දැකීම් තියනවා. සමහර ඒවා අප්‍රකාශිත, සමහර විට ඒක පාක්ෂික ඒත් සුන්දර මතක.
කොයි කොයි දේත් ලැබෙන්නේ පතාගෙන එන හැටියට වෙන්නැති බකුසුතුමෝ.
Deleteඕනෑම කටුක- අමිහිරි අත්දැකීමක වුණත් රසයක්- මිහිරක් ගැබ් වෙලා තියෙන විත්තියයි මට නං හිතෙන්නේ, ඒවා මෙනෙහි කරද්දී. ඒක පුදුමයි නේද?
අපිට නෑනෙ ඔය කම්සැප සීන්. බිකෝස් අපි එකෙන්ම බ්‍රහ්මක්කචරියා.. 🙈🙈🙈
ReplyDeleteනියම සීරීස් එකක්.. ලියමු ලියමු.
ඉන්දියාවටත් දුන්න නේද පර්මිෂන්
අහන්නත් සංතෝසයි මහේෂ්, තවම පැකින් පිටින්ම ඉන්න කෙනෙක් ගැන අහන ලැබෙන්නේ කලාතුරකින්.
Deleteඉන්දියාව ගැන news එකත් දැක්කා!
// ලියමු ලියමු. // දිගටම ලියමු!
ඔයාට මම කිව්ව එක නෙිතේරුණාට මක්ක කොරන්නත. ආය කියවල.බලන්ට 🙈🙈🙈
Deleteසෑහෙන්න හිතන්න වෙයි වගේ. තාම මීටර් වුනේ නෑ... මහේෂ්.
Deleteසෑහෙන්න හිතන්න වෙයි වගේ. තාම මීටර් වුනේ නෑ... මහේෂ්.
DeleteAIDS ගැන වැඩසටහනක් පෙරේද බලල ඉවර කලා විතරයි 😁😁
ReplyDeleteපෝස්ටුව කියවද්දි මතක් උනෙ... The Deer Hunter (1978), Philadelphia (1993) ෆිලුම් දෙක.
පිරඩෙල්පියා එකේ... සමලිංගික හා ඒ සමග AIDS ඇතිවන වෘත්තිකයෙක් මේ හැම දේත් සමග සමාජය එක්ක ගැටෙනනෙ හා ජිවත් වෙන්නෙ කොහොමද කියල දැක්වෙන ෆිලුමක්. නිදිතුමා බලල තියෙ නෙ?
නෑ නමී, ඔය ෆිලුම් දෙකෙන් එකක්වත් බලපු බවක් මතකයේ නෑ.
Deleteදැන් නං ඒඩ්ස් ගැන වැඩි කතාබහක් නෑ නේද?
ඔය T. M ජයරත්නොනගෙ බලන් කුමරිය සිංදුව... ෆිලුමක එකක්ද
ReplyDeleteනෑ!
Delete"ජයරත්නොනගෙ බලන් කුමරිය" එහෙම සිංදුවක් නං ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ. 😉
Deleteනමීගේ comment එක කොටද්දී නො අකුර විතැන් වෙලා!
Deleteඔව් මෙ පෝං එකෙන් කොටද්දි වෙන මිස්කේට් 😂
Deleteබලාන ගියාම කාටද ප්‍රශ්ණ නැත්තේ?
ReplyDeleteජවහර්ලාල් නේරුතුමා නේද, තට්ටය මහත්තයෝ කිව්වේ 'හැම මිනිහෙක්ම ප්‍රශ්නයක්' කියලා.
Deleteඔය dynasty එකනම් මට ඇල්ලුවේ නැහැ. ඒ දවස් වල අපි සෝවියට් දේශයේ බැලුව එළිසවුරා කියල ලතින් ඇමෙරිකානු කතාවක්. මිශ්‍ර සම සහිත වහල් කෙල්ලක් ගැන.
ReplyDeleteඒඩ්ස් ආපු කාලේ මට මතක විධිහට මුළු රුසියවේම රෝගීන් 30 ක් අල්ලාගෙන හිටිය. හරියට අපරාධකාරයෝ වගේ. මොස්කව් වල වසංගත රෝග නිවාරණ රෝහලක් තියෙනවා. ඒක ළඟට යන්න බැහැ . ලොකු වැටක් ගහල හෙම තියෙන්නේ. තරමක් සනීප වෙච්ඡ අයව බලන්න යන්න පුළුවන්. අපේ කොල්ලෙක් ලංකාවට ගිහින් ඇවිත් බඩ යනව, ඇඟ ටිකක් කහ පාට වෙලා පොලික්ලිනික් ගියහම රුස්සෝ හෙපටයිටිස් කියල බය වෙලා ඌව ඒකට දැම්ම,. දාල දවස් දෙකෙන් ආයේ එලියට දැම්ම. අපි ගියා අරන් එන්න. පොර තමා අපට පෙන්නුවේ ඒඩ්ස් කට්ටිය දාල තියෙන එක. අර හොස්පිටල් එක ඇතුලේ සත්තු වත්තේ වගේ කම්බි ගහල වට කරපු පොඩි වාට්ටු දෙක තුනක අර 30 හිටියේ. කළු ජාතික ශිෂ්‍යයෝ දෙන්නෙකුත් හිටිය වගේ මතකයි. පව් උන් අපට අත වැනුව කතා කරන්න. අපිත් ඉතින් යන්න බයට ගියේ නැහැ. ඩොක්ටර්ස් ල නර්ස් ල අර පස්සේ ආපු කෝවිඩ් කාලේ වගේ මුළු ඇඟම වහගෙනලු ඇතුලට ගියේ. ලෙඩේ ගැන හරියට දන්නේ නැති කම නිසා ආපු බය තමා.
ගොඩාරියක් ස්තුතියි අජිත් මහත්තයෝ, ඒඩ්ස් චිත්‍රය තවත් වර්ණ ගන්නලා සම්පූර්ණ කළාට.
Deleteඩිනස්ටි ළඟට අපේ නංගිලා බැලුවේ 'ඩලස්' සෝප් එපෙරාව.
එක තැනකම නොසිට රැඳී
ReplyDeleteදැක මෙතැනට ආව ඇදී
දුක අතහැර ලිපිය විඳී
සැක නෑ යළි එනව නිදී.....
ජයවේවා !!!
මුතුන් මිත්තො රැඳුනා නං එක තැනක
Deleteඅද ලොව තියෙන්නේ නැවතී පල් වළක
නව තතු සොයා සරනා එක යහ වැඩක
ආයෙත් එන්න දුමිඳුනි ඉඩ ලද විටෙක!
ආහ්. ලස්සනයි කවිය.
Deleteනිදි
ReplyDeleteමේකේ මේ වැට් බද්ද වැඩිකිරීම ගැන කියන කතාව ඇත්තද?
https://www.facebook.com/100001803313771/posts/pfbid02Ba8LMPXzfa547qxwtCsiiFhCUmoZm5vBhynZJ2wFYPgYpUZY2d3WCaK85A5gtyr2l/?app=fbl
නොදනිමි.
Delete