පැයට සැතපුම් 350ක වේගයෙන් වෙන්නෝනි...
මිනිස් මොළය ඇතුළේ පණිවිඩ ගමන් කරන උපරිම වේගය ඒකයි කියලනෙ කියන්නේ.
![]() |
ආසන්න වශයෙන් රාත්තල්
හයක බරකින් යුතු මස්තිෂ්කය ඒ මොහොතේදී නොපමාවම අවසන් තීරණය ගත්තේය. ‘තමුසෙ ආයිත් England යනවා.’ |
එහෙත්...
අවුරුදු 25ක්
වනතුරුම වර්ධනය වෙන; 60%ක්ම මේදයෙන් සමන්විත; ආසන්න වශයෙන් රාත්තල් හයක බරකින්
යුතු මස්තිෂ්කය ඒ මොහොතේදී නොපමාවම අවසන් තීරණය ගත්තේය. ‘තමුසෙ ආයිත් England යනවා.’
ඒ වෙනකොට
මං වහන්සේ පළමුවෙනි වතාවට එංගලන්තෙට ගිහිං ඇවිත් අවුරුදු දහයකටත් වැඩිය.
‘රංජි, මම ටිකට් එකක් එවන්නං. ආයෙත් මෙහෙ ඇවිත් යන්නකෝ.’ ඒ අවුරුදු ගණනාව තිස්සෙම අපේ
අම්මාත් කිහිප විටක්ම කිව්වාය. ඩැඩාත් අම්මාට රුකුල් දුන්නා තමයි. ඒත් මට හිත
දුන්නේ නැත.
“මට තේරෙනවා...
ලොකූ ඩස්න්ට් want අම්මටම කියල වියදං කරවන්න, again. ඒක හින්දා නේද ඔයා එන්නෙ
නැත්තේ? I’ll send you a ticket. එහෙම කළාම එනව නේද ලොකූ?”
එහෙම කියමින් මට වඩාත්ම පෙරැත්ත කළේ Sam. සෑම් පුංචි කෙල්ල කාලෙ නං හෙණ මෝඩයි. එයා තමයි ඒ දවස්වල අපේ තාත්තගේ අම්මා; මහරගම ආච්චී මැරෙනකල් බලාගෙන උන්නේ. ‘එතකොට ආච්චිගෙ පර්ස් එක මට අයිති කර ගන්න පුළුවනිනෙ’ කිය-කියා. රූප ලස්සනෙනුත් සමන්ති වැඩියත්ම කිට්ටු වුණේ ආච්චිට.
ඒ හින්දද මංදා, සමන්ති නංගි තමයි අපේ පවුලේ කෙල්ලෝ පස් දෙනාගෙන් කැතම කෙල්ල වුණෙත්. චූටි
නංගි දීපානි තමයි ලස්සනම එක්කෙනා. හැබැයි- මොළේ වැඩිම කෙනා; වැඩියත්ම නුවණක්කාර
කෙනා සෑම්. එයාම තමයි අනෙක් අයව තේරුම් ගන්න සමර්ථම එක්කෙනා වෙන්නෙත්. (ඒ මම
තේරුම් ගන්න විදිහයි- හොඳේ.)
ඔය විස්තර සමහරක් නම් මීට කලිනුත්
‘නිදිගෙ පංච තන්තරේ’ පෝස්ට්ස්වලදී කියැවිලා තියෙනවා. (අලුතින් කියවන කෙනෙකුට
දැනගන්නයි ආයෙමත් ලියන්නේ.
අපේ පවුලේ පිරිමි පස් දෙනා අතරින් (මගේ නිගමනය විදිහට නම්) කඩවසම්ම හාදයා අපේ අනිල් මල්ලී. ඊළඟට
දීපාල්. ඒ දෙන්නා එකිනෙකාට වඩා කිට්ටුවෙන් හිටියෙ. එකටමයි අමු තකතිරු මොට්ටකම් කළෙත්.
අනිල් පිළිකාවෙන් පෙළුණු අවසන් කාලයෙත් හිටියෙ ගල්කිස්සේ දීපාල්ල ගෙදර.
රූප සම්පත්තියෙන් අඩුම කෙනා මගේ ලොකු මල්ලී; අපේ සුනිල්. (සුනිල්ලාට දුන්නු
පොරොන්දුව රැකපු නිසා තමයි මං වහන්සේට ගෙදරින් පැනලා යන වික්‍රමය කරන්න වුණේ! ‘දුන්හිඳ අද්දර මාරකේ’
post එක එහෙම ලියන්න ඇහැක් වුණේ.)
![]() |
අපේ කොල්ලො පස්
දෙනාගෙන්... (වමේ සිට-පිටුපසින්ම සුනිල්, අනිල් (මැද පෙළ)- නිදි, අම්මා, සමන්ති,
මානෙල්, අජිත් (ඉදිරියෙන්) දීපානි, දීපාල්. සමන්තිලා 1982 එංගලන්තයට ගිය දවසේ) |
අම්මාගේ රූප සම්පත්තිය වැඩියෙන්ම උරුම වෙලා තිබ්බේ දීපානිටයි, මටයි. ඊළඟට අජිත්ටයි, මානෙල්ටයි.
ඉතිං, ආයෙම
ප්‍රධාන කතන්දරේට යංකො.
“ලොකූ, දැන් මට සල්ලි තියෙනවා. I can ටිකට් එක එවන්න... Hounslowවල අම්මලගෙ ගෙදර ඉන්න
ඕනත් නෑ. ඔයා කැමති නං අපි එක්ක ඩ්රුතිල ගෙදර වුණත් ඉන්න පුළුවන්. 100% ෂුවර් ඩ්රුති
ගොඩක් කැමති වෙයි ඔයාට. එයා විතරක් නෙවෙයි. අර්ජුන් කුමාරුත්... එයාලා හරි ආසාවෙන්
ඉන්නේ ලොකූව meet වෙන්න. මං ඔයා ගැන ඔක්කොම විස්තර එයාලට කියලයි තියෙන්නෙ.” කියලත්
සමන්ති මට කිව්වා.
එයා
නිච්චියටම දැනගෙන නොහිටියත්, ඒ වෙද්දීත් අම්මා එයා ගැන සෑහෙන විස්තරයක් මට කියලයි
තිබුණේ- සැරෙන්-සැරේ.
“රංජි. දැඩා
නං හරි තරහෙන් ඉන්නේ, සමා එක්ක. මෙච්චර එංගලන්තේ සුද්දො ඉඳිද්දී, සමන්ති මේ කොහෙද
යන ඉන්දියන් කොල්ලෙක් එක්ක මාට්ටු වෙලානේ. ඉගෙන ගැනිල්ලත් නවත්තලා- දැන්
රස්සාවකුත් කරන්න පටන් අරං.” ඒ අම්මගෙ මුල්ම වාර්තාවල කියැවුණු ඒවායින් එකක්.
(එංගලන්තයේ තොරතුරු සේරම කියන්නටත්, ලියන්නටත් අම්මා කවදාවත් කම්මැලි වුණේ නැත.
ඒත් සමහර තැනදී අම්මාගේ අක්ෂර වින්‍යාසය දෝෂ සහගතය. අම්මා හැම විටම පාහේ ලිව්වේ ‘දැඩා’
යනුවෙනි. නමුදු ඇය ඒ වචනය උච්ඡාරණය කළේ ‘ඩැඩා’ යනුවෙනි.
‘අම්මේ, ලියනකොටත් දැඩා කියලා නෙවෙයි ‘ඩැඩා’ කියලා ලියන්න. ඒකයි හරි විදිහ.’ එකම
වැරැද්ද දිගටම කෙරෙනවා උහුලගෙන බලා ඉන්නට බැරිම තැන- නිමල් දිසානායක අතිපණ්ඩිත
මෝලා උගේ මෑණියන්දෑට උපදෙස් දෙන්නටත් ගියේය.
‘ඇයි, මම
දැඩා කියලා ලිව්වයි කියල නඩු දාන්නයැ...’ ෆ්ලැට් තියරියෙන් උත්තර දුන් අපේ අම්මා
ඊට පස්සෙත් ලියුම්වල ලිව්වේ ‘දැඩා’ කියලාමය.) නමුත් අනිත් අය ලියන-කියන හැටි ගැන
උනන්දු වුණාය.
“අපරාදේ!
සමන්ති අනිත් දෙන්නාට වැඩිය ඉගෙන ගන්න සමර්ථයි. පේනවනෙ- තවම මල්ලාට හරියට ඉංග්‍රීසි
ලියාගන්න බැහැයි කියලයි සැසිල් තිස්සෙම බනින්නෙත්...
එකම හොඳේ, සමන්ති යාළු වෙලා ඉන්න කොල්ලා අඩු කුලේක එක්කෙනෙක් නොවෙන එක. ඉන්දියාවේ
කිව්වට ඉන්දියාවේම නෙවෙයිලු. පංජාබිද ගුජරාටිද මොකක්දලු... පටෙල්- මහේන්ද්‍රභායි
පටෙල් කියලයි බිමල්ගේ වාසගම කිව්වේ...”
අම්මා ඉන්දියාවේ කුල ගැන ඉගෙන
ගත්තේ කොහොමද? / කවදා- කාගෙන්ද?
අම්මා එංගලන්තයේ පුරවැසිකම ලබා ගැනීමේ පරම; පවිත්‍ර අරමුණෙන්ම ‘ඩැඩා’ හා විවාහ වෙන්නට කලින් වුණත් ‘සැසිල්
ෆෙඩ්‍රික් ශ්‍රෝඩර්’ මොන කුලේට අයිති කෙනෙක්දැයි සොයා බැලුවාද? කියන ප්‍රශ්න දෙක-තුන
මං ඒ වෙලාවේ අම්මාගෙන් ඇහුවේ නැත.
![]() |
පරම පවිත්‍ර සුපිරිසිදු
සීයට සීයක් බෞද්ධ සිංහල කෙනෙකුගෙන් ‘ස්වදේශ වාත්සල්‍යය- දේශ මාමකත්වය- සිංහල සංස්කෘතිය’
ගැන ඇහුවාම සිද්ද වෙන දේ වෙනවාට සැක නැත. ‘#$@@# *&*/+#@!’ |
අපේ ආච්චිගෙ අඩුකුල පිළිකුල තදින්ම එළියට ආවේ අමරේ අපේ ගෙදරට ආවාමය.
ඇත්තෙන්ම යුරෝපීය රටවලත් කුල භේදය පවතිනවාද? එය දැනුවත් කෙනෙකුගෙන් අසා
ගන්නට වටිනා කරුණකැයි මට හිතෙයි!
ඒ දවස්වල හොයන්නට නොහිතුණු; හගිස්සා ගන්නට නොහිතුණු සමහර කාරණා ගැන මතක් වෙන්නේ දැන්- දැන්ය. අපේ ඩැඩා සුපිරිසිදු British සිටිසන් කෙනෙකු වීම ගැන පමණටත් වැඩියෙන් ආඩම්බරෙනි උන්නේ. ඒ අතරේම Schroeder වාසගම ගැනත් හරිම උනන්දුවෙන් උන්නේය. ඒ වාසගමේ හයවෙනි අකුර; e නැතුව ලියවිලා තිබුණොත් ගෝලු ගත්තාත් එක්කය.
මේ හරිය අකුරු කරද්දී මට මතක් වුණේ ඩැඩාගේ උජාරු Schroeder වාසගමේ ප්‍රභවය ගැන චුට්ටක් අන්තර්ජාලයෙන් හොයා බලන්නටය.
මේං තියෙනවා ලැබිච්ච උත්තරේ- ගෙඩිය පිටින්ම.
‘The name Schroeder is a German surname that
originated as an occupational name for a tailor or cloth cutter:
Origin
The name comes from the Middle Low German word schrōden or
schrāden, which means "to cut".’
හොඳ වෙලාවට දැන් ඩැඩා නැතිය. (උන්දෑ සමාදානයේ සැතපේවා!)
‘ඩැඩා කොහොමද 100% බ්‍රිටිෂ් වෙන්නේ? ඔයාගෙ සර්නේම් එක ජර්මන්නෙ?’ කියලා
එයාගෙන් ඇහුවා නං... පරම පවිත්‍ර සුපිරිසිදු සීයට සීයක් බෞද්ධ සිංහල කෙනෙකුගෙන් ‘ස්වදේශ
වාත්සල්‍යය- දේශ මාමකත්වය- සිංහල සංස්කෘතිය’ ගැන ඇහුවාම සිද්ද වෙන දේ වෙනවාට සැක
නැත. ‘#$@@# *&*/+#@!’
“... පටෙල්-
මහේන්ද්‍රභායි පටෙල් කියලයි බිමල්ගේ වාසගම කිව්වේ... අපේ සමා හරි ලක්කාරි!
ඔයා දන්නවද රංජි- තියෙන ලොකුම හොඳේ, බිමල්ගේ අක්කා ඩ්රුතී එයාගේ මල්ලිට තරම්ම අපේ
සමන්තිටත් ආදරේ එකයි. Sam දැන් හින්දි බාසාවෙන් කතා කරන්නත් දන්නවා...” වගේ දේවල්
කියමින් තමයි අපේ අම්මා මාව තව-තවත් දැනුවත් කළේ.
“සමා ලක්කාරි
නේන්නං අම්මේ.
අපේ හිතකවත් තිබ්බ දෙයක්යැ සිද්ද වුණේ. ලාල් අයියට හිතුණු නිසානේ සමාටත් එක්කම
වීසා ඉල්ලුවේ. හරි ගියොත් ගියාවේ- එතකල් සමාටවත් කියන්න එපැයි
කියලනේ ලාල් අයියා කිව්වෙත්.”
“ඔය එකක්වත් කෙරෙයිද මම එංගලන්තෙට නාව නං... ලොකා ලොකා කිය-කියා තවමත් කියවන්නෙ
ඔයාගෙ වරුණේ... තුන් දෙනාම එකයි. මට පේන්න බැරි, මං චුට්ටක් සැර කළත් ලොකාට කියලා යවනවයි
කියල කියන එක... එයාලව කුසෙන් වදපු- එයාලව එංගලන්තෙට ගෙනාපු මට වැඩිය ලොකුයි ඔයාව.”
![]() |
ආදරෙයි ගවුරවෙයි
බලෙන් ගන්න බෑ. එහෙම ගත්තත් වැඩක් නෑ. ඒවා ලැබෙන විදිහට වැඩ කළාම නිකංම ලැබෙයි. |
මා කලිනුත් කියා ඇත. අපේ අම්මා අඬන්නට ඉතා සමර්ථය. එයා අඬන්නට ගන්නවත් එක්කම නහය
රතු වී- ඉදිමී- බර වෙයි! (ඊට පස්සේ වැවක් පිරෙන තරමට සොටු දියර වගුරයි.)
“ආදරෙයි ගවුරවෙයි
බලෙන් ගන්න බෑ අම්මේ. එහෙම ගත්තත් වැඩක් නෑ. ඒවා ලැබෙන විදිහට වැඩ කළාම නිකංම
ලැබෙයි.”
“ඔය කිව්වේ... ඔය කිව්වේ...
නිකංම ලැබෙනවා නං කෝ? මම මෙච්චර කරනවා මදිද... කවදද රංජි, ඔයත් මගේ පැත්ත ගත්තේ?
ඔයාට දැන්වත් එයාලට කියන්න බැරිද මීට වැඩිය මට සලකන්නයි කියලා. එතකොට එයාලා
අහයිනෙ.”
“අම්මෙ අම්මෙ අම්මේ! අම්මට මතක නැද්ද මම තුන්-හතර වතාවක්ම, අම්මටත් කියල තියෙන
ලියර් රජ්ජුරුවන්ගෙ කතාව. ඇට නැති දිව හොලවලා ඕනි දෙයක් කියන්න ලේසියි. ඒක නෙවෙයි
වටින්නෙ කෙරුවාවයි. තිස්සෙම නොකිව්වත් අපි සේරම අම්මට ආදරෙයි. වෙලාව ආවම අම්මටම ඒක
පෙනෙයි.”
එදා මා කීවේ ඒ
වෙනවිටත් මා තේරුම් ගෙන සිටි සත්‍යයයි.
ඒත් ඒ වෙලාව නොපැමිණියේ නම් වඩා හොඳය!
අම්මාගේ අවසන් අවුරුදු දෙකේදී අම්මාට තිබුණු
අපේ ආදරය දැක ගැනීමේ
වෙලාව හා වාසනාව ඇයට උදා විණි. අවාසනාව ඒ වෙද්දී ඇය ඩිමෙන්ෂියාවට හා පිළිකාවකට
ගොදුරු වෙමින් හිඳීමයි.
නිරෝගීව සිටින
කාලයේදී අපේ අම්මාට උවමනා වුණේ ‘පූච්චානම් බස් ඇසීම’ටයි; රටුනට පෙනෙන සේ වැඳුම්
පිදුම් ලැබීමටයි.
රටුනට පෙනෙන ප්‍රදර්ශනාත්මක ආදරයකි, අපේ අම්මා තම දරුවන්ට පෑවෙත්.
එයට විරෝධය පාමිනි මා ‘එක වැළඳ ගැනීමකට රුපියල් පන්සීය බැගින්’ ඉල්ලා හිටියෙත්. (2018
වසරේදී මා ඒ විත්තිය ‘නිදිගෙ පංච තන්තරේ’ අඩවියට ‘හයටත් කලින් 2’ පෝස්ටුවේ
දී ලිව්වේ මෙහෙමය.)
‘...
ඒ දවස්වල දරුවන් වැලඳ නොගත් අපේ අම්මා දැන් දකින-දකින වාරයක් ගණනේ අප කාවත් බදා ගන්නට ලෑස්තිය. සිප ගන්නට ලෑස්තිය. පුතේ කියන්නට ලෑස්තිය. පරණ කෝන්තරය හිතේ තියෙන; අලියෙකුගේ මතකයක් ඇති මට එයාගේ ඔය වැඩ තුනම
අරහංය.
අම්මා
සාමාන්‍යයෙන් අවුරුද්දකට තුන් වතාවක්වත් ලංකාවට එයි. ඒ එක වාරයකදී අපේ අම්මාට මාව
බදාගත හැක්කේ එක වාරයකි. එතකොට
අවුරුද්දකට බදා ගැනීමේ උපරිමය තෙවතාවකි. එක සංචාර වාරයකදී මා සිප ගැනීමටත් ඒ සංතෑසියමය. ඒ දෙකම මා කන්ට්‍රෝල් කරගෙන
ඇත්තේ අම්මාගේ හිත නොතළාය.
![]() |
ජීව ගුණය රැකගෙන
මේ ක්‍රමේට... |
“ඔන්න අම්මා ලංකාවට එන
සැරයකදී එක පාරකට වැඩිය මාව ඉඹිනවා නම් හරි, මාව
කිස් කරනවා නම් හරි එක සැරේකට මට රුපියල් පන්සීය ගණනේ ඕනෑ!” මම
නීතියක් දැම්මෙමි. එදා
ඉඳන් මටත් වැඩිය හොඳින් ඒ නීතිය මතක අපේ අම්මාටය...’
ඔය
වගේ කාරණාවල් නිදිගෙ පංච තන්තරේ අඩවියේ (පෝස්ටු 678ක) ලියැවුණේ පහුගිය අවුරුදු 6
තිස්සේ- වරින් වර; කඩින් කඩ. හැබැයි ඒ එකක්වත් ලියැවුණේ එව්වා සිද්ද වෙච්චි අනුපිළිවෙලට
නම් නෙවෙයි.
දන්නවනෙ- එහෙම ලීවා නං රහ අඩු වෙනවා.
ජීවිතේ
එහෙමනෙ- තිර නාටක පිටපතක ලියැවුණු දේවල් නෙවෙයිනෙ සිද්ද වෙන්නෙ. සමහර කාලෙකට දිගටම
ආතල්... කාලෙකට දිගටම අවුල්- කචල්... කාලෙකට එක වැලට සිද්ද වෙන්නේ හරිම බෝරින්;
අප්‍රසන්න දේවල්...
ආන්න
ඒ නිසයි blog අඩවියේ ජීව ගුණය රැකගෙන; අතැනින් මෙතැනින් අරගෙන මේ ක්‍රමේට ලියන්නේ.
පරණ
ෆොටෝස්- ලියුම්- එක එක පන්නයේ සටහන් එහෙමත් මං ඒකෙදි උදව්වට ගන්නවා. ලියන්නේ මගේ
ජීවිත කතාව හින්දා මට නං ඒක හොඳට මතකයි- අවුලක් නැතුව කරුණු කාරණා ගළපගන්නත්
පුළුවනි.
ඒත් සංදුක්කේ කියවන ඔයාලට එහෙම නෙවෙයිනෙ. ඒ නිසාමයි ඔයාලගේ ලේසියට වැඩි විස්තර
හොයා ගන්න ලේසි වෙන්න පෝස්ටුවෙ රතු පාටෙන් links යොදාපු තැන් තියෙන්නෙ. අවශ්‍ය එව්වා
උඩ විතරක් වුණත් click කර-කර කියවන්නත් වෙලාවක් යනවනේ.
මම නං ඒ කාරණාවලුත් ගණන් බලනවා.
ඉතිං,
ඒ නිසාත්- මේ දවස්වල තියෙන අයහපත් කාලගුණය නිසාත් අද වැඩිය දිගට නොලියා ඉන්නයි හිතුවේ.
ඒත් බොලේ... (මේ posts මාලාවෙන් කියන්න යන්නේ 1994 අවුරුද්දෙ නිමල් දිසානායකයා
එංගලන්තෙට ගිය ගමනේ විස්තරයි. හොඳේ!)
‘Sauvage / Wild -2018’ ෆිලුම ගැන ගිය සතියෙ පළ කෙරුණු ‘අමුම අමු; වල් වනචර කතන්දරයක්’
post එකට සහෝදර blog රචක අජිත් ධර්ම මහත්තයා එවා තිබුණු comment එකත් මෙතනට ඔබන්න
හිතුණා. මොකෝ දන්නවද? 1993 කාලයේ එංගලන්තෙ සමාජ- සංස්කෘතික තත්ත්ව ගැන තොරතුරු ටිකක්
එයින් කියැවෙන නිසා.
![]() |
පස්සේ දැන ගත්ත
ගෙදරින් එලවල තියෙන්නේ සමරිසි නිසා කියල. හෙණ අහිංසකයි. ඒ කාලේ- 1993 එංගලන්තෙත් ගහනවා
ඒ අයට. |
මම padington වල හොටෙල් එකක මැනේජර් වෙලා හිටිය. අවුරුදු 19 ඉංග්‍රීසි
(සුද්දෙක් කියල ඔයාල කියන) කොල්ලෙක් ගෙදරින් එලවල, කවුන්සිල්
එකෙන් අපට එවල තිබ්බ රූම් එකක් දෙන්න කියල. පොර ඇයි homeless කියල මම දැනගෙන හිටියේ නැහැ. එක දවසක් මූ උදේ පාන්දර ලන්කට් එක පිටින් දුවගෙන
ආව. පස්සේ මම දැක්ක එළියට ගිහින් අඬනවා. ඇහුවට කීවේ නැහැ. පොලිසියෙන් ආවහම දැන ගත්තේ.
මූව පිරිමි දෙන්නෙක් අරන් ගිහින් සල්ලි දෙන්නම් කියල. හයිඩ් පාක් එකේ බංකුවක් උඩ රේප්
කරල- ඇඳුනුත් උස්සල.
පොලිසිය දුන්න අවවාදය ආයේ කරන්න එපා කියල. රේප් කරපු දෙන්නව පොලිසිය
හෙව්වේ නැහැ. මූව කවුරුත් ගණන් ගත්තෙත් නැහැ. මට පව් කියල හිතිලා රිපෝර්ට් කළේ නැහැ
කවුන්සිල් එකට.
පස්සේ දැන ගත්ත ගෙදරින් එලවල තියෙන්නේ සමරිසි නිසා කියල. හෙණ
අහිංසකයි.
ඒ කාලේ- 1993 එංගලන්තෙත් ගහනවා ඒ අයට.
මම මේ ෆිල්ම් එක ඒ දවස්වල බලල තිබුණා නම් හෝ
දැන් දන්නා දේ ඒ දවස්වල දැනගෙන හිටිය නම් ඒ දරුවට උදව් කරනවා. මොනව උනාද දන්නේ නැහැ.’
බස්සා මහත්තයත් අජිත්ගේ comment එකට මෙහෙම පෝර දාල තිබුණා.
‘D.G.M බස්සා November 24, 2024 at 3:52 PM
පල්ලිය තමයි ඒ පවුවලට වැඩිය වගකියන්න ඕනෙ. මම හිතන්නෙ කිසිම
ආගමක ඒ ගැන කතා කරන්නෙ නෑ, බාලාපචාර සාධාරණීකරණය කරන ආගම්වල පවා.
ඇලන් ටියුරින්ටත් බැස්ටිය දුන්නෙ එංගලන්තෙ නේද?’
ඊළඟ කොටසෙදි ඉතිරි විස්තර කියන්නංකො, හොඳේ.à
නිමල් අයියා සමලිංගික අයියා කෙනෙක්ද
ReplyDeleteමෙන්න Ano, උත්තරය විස්තර ඇතිවම දැනගන්න- කියවන්න:
Deleteහයටත් කලින්...
http://nidigepanchathanthare.blogspot.com/2018/11/blog-post_41.html
දොළහ වෙද්දී...
https://nidigepanchathanthare.blogspot.com/2020/02/blog-post_4.html
දහතුනේදී...
https://nidigepanchathanthare.blogspot.com/2021/03/blog-post_15.html
දාහතර වෙද්දී...
https://nidigepanchathanthare.blogspot.com/2021/06/blog-post_22.html
පහළොවේදී...
https://nidigepanchathanthare.blogspot.com/2021/10/blog-post.html
තිහේදී...
https://nidigepanchathanthare.blogspot.com/2022/10/blog-post_23.html
තිස් එකේදී...
https://nidigepanchathanthare.blogspot.com/2023/03/blog-post.html
අනුර කුමාරගෙ වැඩකිඩ
Deleteඅනුර කුමාර දිසානායක ජනාධිපති වී මාස දෙකක පමණ වී ඇති මේ අවස්ථාවේ කරපු වැඩ.
🔺මේරට ස්විටර්ලන්තය නෙමේ ලංකාව කියලා තේරුම්ගත්තා.
🔺වාහන , කෑමබීම එපා කියලා ඒව ඔක්කොම ගත්තා
🔺 ජනතාවට සේවය කරන්න නිල නිවාස අවශ්‍යයි කියලා පිළී ගත්තා.
🔺මිනිස්සු උනාම කාල බිලා ෂෝ එකක් බලල ඉන්න ඕනි කියලා අවබෝධ කරගත්තා. ඒක කෙනෙක්ට 50,000 උනත් කමක් නෑ කියලා තීරණය කලා.
🔺තනියම දොර ඇරගෙන බැස්සා.
🔺 වාහන පෝලිම ළග ළග යන්නෙ නැතිව ගොඩක් දුර තියාගෙන යනවා.
🔺 ඒවයෙ යන Ambulance වල ස්ටිකර ගැලෙව්වා.
🔺උගන්ඩාවේ සල්ලි නැහැ කියලා රටට හෙළි කළා.
🔺කතානායක බොත්තම දැමීම හා නැවත එය ගැලවීම ගැන කරුණු ඉදිරිපත් කළා.
🔺ජයමංගල ගාථා වැනි අහිතකර ආර්ථික ප්‍රතිපත්තීන් ඉවත්කලා.
🔺සිකියුරිටි රූම් කැඩුවා.
🔺කාලගුණික වෙනස්වීම් වලට වගකිවයුත්තා කාලගුණය බව හෙළි උනා.
🔺මහවිරු සමුළුව ගැම්මට කලා.
🔺කුණාටු දෙකක් ගෙනාව .
🔺 පට්ට වැහි කාලෙක උසස් පෙළ තියලා ළමයීන්ගෙ ඔලුව මැල්ලුම් කලා.
🔺බලියක් නැතුව නිධානයක් ගත්තා.
🔺 විසාල කළුගලක් රාජ්ය අනුග්‍රහයෙන් කුඩු කළා.
⭕තෙල් වලින් කාන්චන කොමිස් ගැහුවෙ නැහැ කියලා ඔප්පු කලා
⭕කිසිම ඇපයක් නැතුව දෙනව කිව්ව ලෝන් දුන්නා 😁
⭕පළවෙනි දවසෙම පාර්ලිමේන්තුවේ වියදම කෝටි 5
⭕බැංකු හොරා රවී කරුනානායකව පාර්ලිමේන්තුවේ වාඩි කෙරෙව්ව
⭕හාල් මාෆියාව එක පෑන් ඉරෙන් ඉවර කරනව කියලා ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් 70000 ගෙන්වන්න ටෙන්ඩර් දැම්ම
⭕ඇවිත් මාසෙන් අඩු කරනව කිව්ව විදුලි බිල අඩු නොකර ජනතාව මුලාවේ දැම්ම
එකී මෙකී නොකී පච සියල්ලම කියා පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් කර ජනතාවගේ පැතුම් සුන් විසුණු කරමින් කෝටි 5 හේ සැප වාහනයේ පස්ස තියාගෙන සැපම සැප ජීවිතයක් ගත කරමින් සිටියි .
ඉීගාව කොටහත් කියවලම බලමු.
ReplyDeleteහොඳාාාාාාායි Praසන්ன මහත්තයෝ.
Deleteසැටිපිකැට් ඇත්ත.
ReplyDeleteගෞරවය, ආදරය, මනාපය බලෙන් ලබා ගන්ට බෑ තමා. ඒ හන්දමනෙ ඡන්ද අපේක්සකයො ඒව දිනාගන්ට වැඩියෙම කැම්පේන් වලට වියදම් කරන්නෙ හිටං
බෑම කිව්වට පැරදුන කස්ටිය හිතනවා, දින්නෙ මාකටින් නිසා කියල හිතෙන්නෙ නැද්ද? දැන් මාගල් කමෙන්ට් ලියපු ඇනෝල වෙනුවට, හත්පොලේ පලිගහන ඇනෝ සැට් එක ඇවිල්ලා නේද?🤔
Deleteඔව් ඔව් 😀
Deleteනමී, එහෙම වියදම් කරල ගන්න මනාපේ වැඩිකල් රඳන්නේ නැහැනෙ!
Deleteබකුසුතුමෝ,
Deleteඔය පලි ගහන එව්වා ආපිට එනවයි කියලා උන්නැහේලා දන්නෙ නැතිව ඇති නේද?
අනෙක ඉතිං එයාලට ඔය කරන සේවෙට සල්ලිත් ගෙවනවා වෙන්නැතිනේ. නේද අජිත් මහත්තයෝ?
Delete@ බස්සා
Deleteමට කියන්න තියෙන්නේ මෙච්චරයි.
"විවේචකයාට දිය හැකි හොදම දඩුවම වගකීම් භාර දීමය !"
- වින්ස්ටන් චර්චිල්
The best penalty for the criticism is assigning them the responsibilities...!
- Winston Churchill
මරු වැඩේ බකුසුතුමෝ!
Delete@AnonymousDecember 1, 2024 at 8:31 AM
Deleteඒක හරි යාවිද කියල සැකයි මචං. වගකීම කලින් දීලනෙ තිබුනෙ, එයාලගෙ බොසාලට? එතකොට නෙව ඉහගෙන කෑවෙ බංකොලොත් වෙනකම්?
දැන් මේ යන්තම් ලියවෙන බ්ලොග් දෙක තුනටත් ඇවිත් අල හිටෝනවා. මේ ටිකත් වැහිල ගිය දාට, අගේට යාවි ආපහු බුකියට.
@ ඇනෝ
Deleteමම හිතන්නේ වින්ස්ටන් චර්චිල් කියපු කතාව අදාල වෙන්නේ වර්තමාන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට බව, එයාලා දිගටම කළේ විවේචනයන්, අපි පොඩි කාලේ ඉදන්ම අවුරුදු 25කට වඩා මට මතකයි විවේචනය කරපු බව දැන් ඉතින් වැඩ කරන්න ඕනේ, තාම වැඩ නෑ විසිල් වාදනය විතරයි, තාමත් ආණ්ඩුවේ ගොඩක්ම අය පරණ කට්ටියව විවේචනය කර කර ඉන්නවා, ඒත් පේන විදිහට යහපාලන ආණ්ඩුවට වෙච්ච දේ වෙන්න නියමිත බව ඉස්සරහට මේ අයත් මෙහෙම ගියෝත්
@ බස්සා
මම හිතන්නෙ ගොඩක් දෙනාට ප්‍රශ්නයක් වෙලා තියෙන බව පේනවා මෙතරම් විශාල මැතිවරණ ජයග්‍රහණයක් ලබපු ආණ්ඩුවක් පහුගිය දවස්වල එල්ටීටීඊ සංවිධානය යළි සැමරුමට විරුද්ධව පළ කරපු ෆේස්බුක් පෝස්ට් කීපයක් වෙනුවෙන් දේශපාලකයකු සහ තවත් දෙතුන් දෙනෙක් අත් අඩංගුවට පත් කරපු එක ගැන. ජාතික ජන බලවේගයට පක්ෂ කීප දෙනෙකුම මීට විරුද්ධව කතා කරලා තිබුණා.
මේ තියෙන්නෙ මාධ්‍යවේදී නන්දන වීරරත්න ඒ ගැන ලියපු සටහනක කොටසක්:
// මාලිමා පාලනය යටතේ ලේක් හවුසියේ පත්තර බිස්සක්ම තිබේ. රූපවාහිනි හා අයි.ටී.එන්. හි ඇති නාලිකාද දුසිම් භාගයකට කිට්ටුය. මීට අමතරව මාලිමාවට චන්ද කාලයේ මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් හමුදාවක් තනා ගැනිමත් පුළුවනි. එසේ තිබෙද්දී ලංකාවේ කුප්‍රකට පොලිසිය ලවා මාධ්‍ය පාලනයට ගොස් අත පුච්චා ගැනීමේ උත්සාහයට හේතුවක් මට සිතා ගත නොහැකිය. //
බලන්න මේ අදහස තාර්කිකයි නේද?
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිත් මීට සමාන අදහසක් පළ කරලා තිබුනා.
මේක බලන්න
https://m.youtube.com/watch?v=5R35DS03fsc
මම අහල තියෙන විදියට මේ වගේම 1977 එජාප ආණ්ඩුවත් බලයට ආවෙත් මේ වගේම විශාල මැතිවරණ ජයකින්. එතකොට විපක්ෂය හැඳි ගෑවිලම ගිහින් තිබුනා. නමුත් 1977 එජාප ආණ්ඩුව 1948න් පස්සෙ තිබුණ වඩාත්ම මර්ධනකාරී ආණ්ඩුව බවට පත් වුනා නේද?
තව පැත්තකින් ගත්තම මෙතන තියෙන්නෙ යම් මනෝභාවයක්. මේ මනෝභාවය ජවිපෙට බලය තියෙන විශ්ව විද්‍යාල තුළ පැහැදිලිවම දැක ගන්න පුළුවන්. ළඟදී රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරගෙන කරන්න හදන්නේ මොකක්ද කියල කියන්න පුළුවන්ද?
@ All
Deleteමංගල සමරවීර මීට වසර කිහිපයකට පෙර යහපාලන ආණ්ඩුව කරගෙන යන සමයේ කියපු මේ කතාව ගැන මොකද කියන්නේ?
https://www.facebook.com/share/v/15bifmq527/
ඩැඩා ගූ ගලෙන් හොයාබලන යුගයට කලියෙං වැඩහිටිය හන්ද හොඳා 😆
ReplyDeleteඔව්වොව්, එයා අද ඉන්නවා නං එහෙම ඩැඩාට වෙන වැඩක් කරගන්න වෙලාව ඉතිරි වෙන්නේ නෑ, ලෝක ප්‍රවෘත්ති ඔක්කොම හොය-හොයා ඉන්න නිසා.
Deleteමම ග්‍රීක තරුණ ගැටව් සමග ලිංගික සේවනයේ නිරත වෙලා තියෙනවා. නවමු රසවත් අත් දැකීමක්
ReplyDeleteඅජිත්
කිව්වට ස්තුතියි.
Deleteතොටගමුවේ රාහුල හිමියන්
ReplyDeleteටින්එක බොයි නිමල් පුතනුවන්
සමරිසි නොව අගමැති හරිනිත්
කොටි සමරමු අපිත් එකතුවන්
ඔබේ කවි හැදීමේ දක්ෂතාව තව දියුණු වේවා!
Deleteකලින් ලියපු මගේ කමෙන්ට් වාෂ්ප වුනා. ස්කෑම් ෆෝල්ඩරේ ඇති. ගොඩගනියෝ!
ReplyDeleteස්කෑම් නෙවෙයි බං , ස්පෑම්
Deleteයකඩෝ හරි නේන්නං. ස්තූතියි ඇනෝ, අපහාස නොකර වැදගත් විදිහට වැරැද්ද පෙන්නා දුන්නට.👌🙏💐
Deleteබස්සෝ, ඕං ගොඩ ගත්තෝ.........
Deleteගොඩ ගත්තා? කෝ?😮😵💫
Deleteමතක විදිහට ඒකෙ ලිව්වෙ, ලන්ඩන් ගමන 2 ලියන්න ගත්තට ස්තූතියි. ඔහොම යං! වගේ එකක්.👌
Spam ගොඩේ comments දෙකක් තිබ්බා. ඔයාගෙයි, අජිත් මහත්තයාගෙයි. ඒ දෙක publish කළානෙ දෙයියනේ... මොකද වුණේ?
Deleteලාෆ් ගෑස් ඇති තැනක් දන්නවද නිමල්? පක්ෂෙන් අහලා කියන්න. පෙට්‍රල් රුපියල් දෙකකින් අඩු කරාටත් අපේ හදපිරි ස්තුතිය,
ReplyDeleteඩීසල්, භූමිතෙල් වැඩි කරාට කමක් නැහැ. රට ගොඩ නගන්නනේ මේවා කරන්නේ. කාංචනගේ සාක්කුවට ගිය රුපියල් 100 කාටද යන්නේ. පක්ෂේ අරමුදලට. එහෙම නං කමක් නැහැ.
@ Ano
Deleteසැප පහසුව හොයන්න උත්සාහ කරන්න එපා ඉස්සරහට තව දුක්විඳින්න සිදුවන කාලයක් එන්නේ, මොකද දැන් ඉස්සරහට වැට් එකත් 21% කරන්න සිදුවෙන බව පේන්න තියෙනවා, ලංකාව ඔය IMF ණය උගුලේ හිරකලේ රනිල් වික්‍රමසිංහ 2015 යහපාලන ආණ්ඩුව, 2017 විදේශ විනිමය පණත, තෙල් මිල සූත්‍රය, 2001 දී IOC තෙල්සමාගම ලංකාවට ගෙන්වීම, 2023 IMF කොන්දේසි රටේ නීති බවට පත්කිරීම සහ තෙල් සමාගම් ගණනාවකට තෙල් විකිණීමට අයිතිය ලබාදීම වගේ දේවල් ගොඩක්ම රනිල් වික්‍රමසිංහගේ අමන වැඩ නිසා
අපි වහාම මේ නව ආණ්ඩුවට මේ IMF උගුලෙන් ගැලවෙන්න විකල්ප මාර්ග හොයාගන්න බලපෑම් එල්ල කරන්න ඕන නැත්නම් තත්ත්වය හරිම භයානකයි
අනික මම මාලිමා ආණ්ඩුවේ කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය පුරවැසියෙක්. රටේ ආර්ථිකය ස්තාවර වෙනකල් බලා ඉන්න මනුස්සයෙක්. ඒක කවුරු කරත් ඒකට සහයෝගය දෙන්න බලන් ඉන්න කෙනෙක්. ඒ ඇරෙන්න දේශපාලන වාසි ඇත්තේ නෑ. ඒ නිසා මේ වෙලාවෙ 2026-27 විතර වෙනකොට ඔක්කොටම එකතුවෙලා ආයෙත් පෝලිම්වලනම් ලගින්න වෙන එක නවත්වන්න බෑ.
හැබැයි කාට උනත් වැඩ කරන්න සාධාරණ කාලයක් අවශ්‍ය යි. ඒකයි මගේ මතය. අපි එහෙම කාගෙන්වත් පඩි ගන්නේවත්, කාගෙවත් කොන්ත්‍රාත් එකක් කරන මිනිසුවත් නෙවෙයි, ඒ නිසාම මේක බලන්න
https://www.globalresearch.ca/sri-lanka-imf-program-cannot-solve-internal-crisis/5817426?fbclid=IwY2xjawG4ee5leHRuA2FlbQIxMQABHZ48Zs1KviosF3C5v1xn-wtqKufHEfyveh_RfwCOZL3xbr-sg59KzIIzjA_aem_qWtkQYTS6upypdq4T5HVFQ
ඉස්සරහට ගොඩක් වෙලාවට එන්නේ ගොඩක් කට්ටිය දැඩිලෙස ඉච්චා-භංගත්වයට පත්වෙන යුගයක්. කිසිම විකල්පයක් නැතිවෙන යුගයක්, ඒකට දැන්ම ඉඳන්ම පිළිවෙතින් පෙලගැහෙන්න වෙයි වගේ. ඒ නිසාම ඒකට අපි හුරුවීමයි කලයුත්තේ.
ස්තුතියි චතුරංග මහත්තයෝ.
Deleteඒත් ප්‍රශ්නයක් තියෙනවා... ඇත්තටම නිඳාගෙන ඉන්න අයව නං ඇහැරවන්න පුළුවනි. බොරුවට නිඳාගෙන ඉන්න අයව...?
කයිතන් අප්පුහාමිලාගේ හේනේමාමලා ABBA කොන්සට් එක සේදීමට විරංජන කුඩු තුනක් භාවිත කරයි.
Delete1. මාලිමා නායකයින් පෞද්ගලික මුදලින් ප්‍රසංගයක් නැරඹීම සාධාරණය
2. මාලිමා නායකයින්ට ලද ආරාධනාවක් නිසා ප්‍රසංගය නැරඹීම සාධාරණය
3. මෙවන් විශේෂ අවස්ථාවක් සඳහා බදු මුදල් වියදම් කර සහභාගි වුව ද සාධාරණය
ඇයි මාලිමා නායකයින් මෙව්වට ගියාම මොකද? මාලිමා නායකයින් හිඟන්නන්ද, ගල්කිස්ස හෝටලේ ධනපතියන්ට විතරයිද වැනි කොමඩි කෑලි ද අතරින් පතර ඇසේ.
මේකට හොඳම කතාව කියා තිබුනේ කැකිරාවේ සුදස්සන හිමියන් ය. උන්වහන්සේ කියන්නේ
"දීර්ඝ කාලයක් වැද්දන් ලෙස හංවඩු ගසා සමාජගත කිරීමෙන් පසු රෙදි ඇඳීම ද ප්‍රවෘත්තියක් වන බවයි."
උන්ගේ විරංජන කුඩු තුනට නම් වතුර පාරක් ගැසිය යුතුමය.
1. මෙම සාදයට පෞද්ගලික මුදලින් සම්මාදම් වුවද රටේ මිනිස්සු බඩට නොකා අසීරුවෙන් ජීවත් වන මොහොතක එක වේලකට රුපියල් පනස් දහසක් වියදම් කිරීම කොතරම් සාධාරණය ද? පවුල් කීයක මිනිස්සු සීයකට කන්න තිබ්බ සල්ලි නේද? (මේවා ඔවුන්ගේම තර්ක වේ)
2. ආරාධනාවක් මත සහභාගි වුයේ නම් මෙය අල්ලසකි. මෙපමණ මුදලක් අය කරන ප්‍රසංගයක ෆ්‍රී ටිකට් දෙන්න මෙය චැරිටි වැඩසටහනක් නොවේ.
3. මහජන බදු මුදල් වී නන් එයද මේ මොහොතේ අනවශ්‍ය වියදමකි. ඊට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුය
තවත් හෝදන්න එන වාහෙලා ඉන්නවා නම් මුලින් පශ්චාත්භාග තිබේදැයි පරීක්ෂා කර බලාගෙන පැමිණිය යුතුය. මන්ද මොළය සහිත කොටස නැත්නම් කතා කර වැඩක් නැත
ස්තූතියි කමෙන්ට් එක දැම්මට . බැනුම් අහන්න වෙයි වගේ . මම ඔයොට කලින් ලිව්වා වගේ මතකයි ඔය ශ්‍රෝඩර් නම ජර්මන් වාසගමක් කියල . The distinguished surname Schroeder emerged in the former German province of East Prussia. The name is derived from the Low German verb "schroden," meaning "cut" or "chop," and was most likely originally borne by a wood-cutter, a tailor, or a transporter of beer and wine (known in North Germany as a Shröder).
ReplyDeleteEarly Origins of the Schroeder family
The surname Schroeder was first found in the northeastern regions of Germany, where the name was closely identified in early mediaeval times with the feudal society which would have prominent effects on the development of European history. The name would later be linked to noble families of great influence, having many distinguished branches, and becoming renowned for their involvement in social, economic and political affairs.
ගොඩක් ගොඩක් ගොඩාරියක් ස්තුතියි අජිත් මහත්තයෝ!
DeleteContemporary Notables of the name Schroeder (post 1700) +
ReplyDeleteBernd Schroeder (1944-2023), German writer who authored books, television plays, film scripts and audio plays
Binette Schroeder (1939-2022), German author and illustrator from Hamburg, Germany
Rudolph Alexander Schroeder (1878-1972), religious poet who founded a major publishing house in Germany (the Insel-Verlag)
Patricia Nell Scott "Pat" Schroeder (1940-2023), American politician who represented Colorado in the United States House of Representatives from 1973 to 1997, the first female U.S. Representative elected from Colorado
Andrea K. Schroeder (1964-2021), American politician who served as a Republican member of the Michigan House of Representatives from 2019 to 2021
Robert Anthony Schroeder (b. 1912), American noted attorney and senior partner of the Kansas law firm "Schroeder and Schroeder"
Henry Schroeder (1774-1853), English topographer and engraver, born at Bawtry, Yorkshire; he ran away from his home at an early age and passed three years at sea in the merchant service
John Schroeder (b. 1945), American professional PGA golfer
Jay Brian Schroeder (b. 1961), former professional American NFL football quarterback
Henry F. Schroeder (1874-1959), American Sergeant in the United States Army who received the Medal of Honor
බුදු අම්මෝ, ඊළඟ කොටස ලියන එක මාස ගණනාවක් කල් දාන්න කියලද අජිත් මහත්තය යෝජනා කරන්නේ... 😀😀😀
Delete"චූටි නංගි දීපානි තමයි ලස්සනම එක්කෙනා" didnt I tell this before that she's a hottie lol
ReplyDeleteස්තුතියි!
Deleteචූටි නංගිගේ දූලා තුන් දෙනාත්, අනිල් මල්ලිගේ දෝණියන්දාත්, මානෙල් නංගිගේ දූ හා මිනිබිරියනුත් රුවැත්තියන්...
This comment has been removed by the author.
ReplyDeleteනිමල් මල්ලි මෙහෙ එන්න
ReplyDeleteලපයව එලවමු අපි ඔන්න
නිමල්ගේ සහයෝගෙත් දෙන්න
රට හදමු අපි හෙට ඔන්න
නිමල් අයිය ටින් එක බී හාන්සි වෙයි
ReplyDeleteපච ලාපයා පඩ්ඩක් කර බුදියගයි රට්ටු සේරම හමතේ නිවන් යයි
Uඡන්දෙ දුන්නොක්කොම අපායයි
රුපියල් දෙකක පෙට්‍රල් ගහන්න ඕන ලපයාගේ පුකට
ReplyDeleteඔබ සැමට සෙත් වේවා!
ReplyDeleteරසවත් ලිපි පෙළකි නදී බ්ලොග් කරුවා රචනා කරන්නේ.
ReplyDeleteඑය නැවත නැවතත් කියවා තහවුරුකරගන්න එක සුදුසු බව රැකමන්ඩ් කරමි.
ස්තුතියි
ගොඩක් ස්තුතියි අශෝක මහතාණෙනි.
Delete"e" එක හැලුවොත් වැඩේ හරි
ReplyDeleteThe Schröder family is a Hanseatic family of Hamburg, that is, a family that belonged to the historical ruling class of grand burghers (also known more broadly in English as patricians) of the city republic prior to the constitutional changes in 1918–19. The Schröder family has traditionally been Lutheran.
https://en.wikipedia.org/wiki/Schr%C3%B6der_family
ඩැඩා මේවා දැනගෙන හිටියද මන්දා. e අකුර ගැන ගොඩක් උනන්දු වුණාට...
Delete@ නිමල් අංකල්
ReplyDeleteඅර ආදරෙයි ගෞරවෙයි නිකම්ම ලැබෙයි කියල දාල තියෙන quote එකට උඩින් තියෙන පින්තුරය ගැන විස්තර කියන්න පුළුවන්ද?
ඒකේ උඩ පින්තුරයේ ඉන්න හත්දෙනා කවුද? ඒ අය තාම ජීවතුන් අතර ඉන්නවාද? එහෙම නම් එයාලා දැන් කොහේද ඉන්නේ? යට පින්තූරේ ඉන්නේ ලාල් කාන්ත ටිල්වින් සහ විජිත කියලා තමයි මට හිතෙන්නෙ. ඒත් උඩ අය නම් දන්නේ නැත.
ඒ වගේම මේ පොඩි වීඩියෝ ක්ලිප් එක බලලා මේකට යටින් කමෙන්ට් එකක් දාල ජාතික ජන බලවේගයට රටේ ඉදිරි සංවර්ධන කටයුතුවලට ප්‍රායෝගික යෝජනා ලබාදී සහයෝගය දෙන්න
මෙන්න ලින්ක් එක;
https://www.facebook.com/share/v/1AnL7uzYR6/
2019 සැප්තැම්බර් 15 වෙනිදා ජොනි බට්ටෝ-Joni Battoo fb වෝලයේ ඒ foto එකත් එක්ක පළවී තිබුණු විස්තරයයි මේ.
Deleteජවිපෙ තහනමින් පසු හම්බේගමුව වනාන්තරේ සැඟවී සිටි රෝහණ විජේවීර පක්ෂයේ කටයුතු ක්‍රියාත්මක කරමින් සිටි කාලයේ සුමිත් අතුකෝරාල 1983 ඔක්තෝබර් ගත් ඓතිහාසික ජායාරූපය මෙහි දැක්වේ.
වමේ සිට ආනන්ද නෙත්තිකුමාර, පක්ෂයේ රියදුරෙකුවූ සේපාල ලියනගේ (වර්තමානයේ සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම්), විජේවීර, පියසේන රාමනායක, ඊෂ්වරගේ ආරියසේන, ධනපාල නොහොත් මුවා (වර්තමානයේ පොළොන්නරුවේ පදිංචිව සිටී) සහ අබේවර්ධන වේ. මින් දැනට ජීවත් වන්නේ පියසේන, ධනපාල, නෙත්තිකුමාර සහ සේපාල පමණි. සෙසු සියල්ලෝම ඝාතනයට ලක්විය.
මං වගේ දුහුනන් නෙවෙයි- යෝජනා ඉදිරිපත් කරන්න ඉතා සුදුසු ප්‍රායෝගික බුද්ධිමතුන් ඉන්න බවයි පෙනෙන්නේ. අනෙක දැනට එයාලට කරන්නට තියෙන වැඩ හොඳටම ඇති, නේද?
දොඩම් ගොඩ බදාගන්න ගියොතින් වෙනදේ දන්නවනෙ.
මේ නිමල් කියන කෙනාව මානසික වෛද්‍යවරයකු වෙත යොමු කලා නම් හරි.
ReplyDeleteමත්වෙන දේවල් නොගෙන ඉන්න යමෙක් තීරණය කරලා තියෙනවා නම්, ඒක සිරුරටත් හොඳයි, ආර්ථිකයටත් හොඳයි.
ඒවා ගන්න අයව පොරවල් කරලා උඩ දාන්නෙ මෝඩයො.
මමත් ඉඳහිට drink එකක් දානවා. ඒ්ත් මම කැමති නැහැ මගේ දරුවෙක් එහෙම හරි කරනවාට. මොකද මට පාලනයක් ඇතිව ඒක කරන්න පුලුවන් උනාට හැමෝටම ඒක බැහැ.
වෙනත් තරුණ පිරිමියෙක්ට උනත් මත්වෙන දේවල් ගන්න කියලා මම නම් උනන්දු කරවන්නේ නැහැ.
අරක්කු හෝ වෙනත් දේවල් වලට වියදම් කරන මුදල යොදවලා මොනවා හරි රසවත්, ගුණවත් කෑමත් අරන් ගෙදර ගිහින් ඒක පවුලේ අයත් සමග කන්න. ඒක පවුලේ සමගියටත් හොඳයි. එහෙම නැත්නම් කට්ටිය එක්ක පොඩි වටයක් ඇවිදලා එන්න.
නිදී දැක්ක නේද අර, විජිත හේරත් ඇමතිතුමා පුන්චි කාලෙ ඉදල ABBA සිංදුලු ඇහුවෙ.වාහනේ හැමදාන CD එකක් තිබුනලු...! අනිත් අයට මැජික් වුනාට ඒගොල්ලන්ට මැජික් නෙමෙයිලු. එතකොට ඒකාලෙ විප්ලවේ කරල තියෙන්නෙ ABBA සිංදු අහපු කාර්වල ගිය ධනපති විප්ලවකරුවන්ද ? එතකොට ඒ අය ඒ කාලේ විප්ලවේ කරල තියෙන්නෙ ගුනදස කපුගේගෙ සමාජවාදී සිංදු අහපු සමාජවාදී UNP ආන්ඩුවට විරුද්ධවද ?
ReplyDelete@ නිදී
ReplyDeleteඔයා මේ නිව්ස් එක දැක්කම මොකද හිතුනේ? මේ දවස්වල මහ ගංවතුර තත්ත්වය මත වගා හානි සිදුව තිබෙන හෙක්ටයාර ලක්ෂ දෙකකට අධික වගා ඉඩම්වලට රජයෙන් වෙන්කරලා තියෙන්නේ රුපියල් බිලියන එකයි, ඒක ඇතිවෙයි ද?
https://www.facebook.com/679254276/posts/pfbid0vXzDU7rAcuD7L6QhTDmyKAYzy3VKNSZGJkyFMjJsyjoxu3LBoWG9L7rZkhzuNMC5l/?app=fbl
මේකට දාල තියෙන මේ කමෙන්ට් එක ඇත්ත ද?
///මේ දවස්වල අමු මැටි රටගොන් මීහරක් ජෙප්පො කියන අමු ගොන් කාලකණ්නියෝ හැත්ත චූන් වෙච්චි තවත් නිව්ස් එකක් ඔය වගාහානි වලට ගෙවන බිලියනයක මුදල ගැන කියලා තියෙන්නෙ. බිලියනේට බිංදු කීයද නොදන්න මොංගල් ජෙපි වහල් බිංදුසාරල නොදැක්කට, ඒ පුවතෙම තීනව අස්වැන්න ටොන් ලක්ෂ 5ක් විනාසයි කියල..
අර රුපියල් බිලියනේ ලක්ෂ පහෙන් බෙදුවම අස්වැන්න ටොන් එකකට රුපියල් 2,000.00 යි. රුපියල් දෙදාහක් සුද්ද සිංහලෙන් කිව්වොත්
ඉස්සර ඔයවගේ දේවල් ගැන මන්දබුද්ධික කෙබර කුමාර කියන කාලකණ්නිම බල්ලා මොනවද නොකිව්වේ?
ලංකාවේ අනුර කුමාර ජනාධිපතිගෙ වචන වලිම්ම කිව්වොත් , "මේක කැඳ බොන්නත් මදි!" 🤭///
මේ තව කමෙන්ට් එකක්
// මම නිව්ස් එකක් දැක්ක බන් ගොන් ජෙප්පො ඔහේ හරක්වගේ ෂෙයාර් කරනවා අර අදානිට දීල තිබුන මන්නාරම සුලං බලාගාරෙ ජනාධිපති අනුර කැන්සල් කරා කියල...
මම මේ මග බලන් ඉන්නෙ ලබන මාසෙද කොහෙද මහලොකු අනුර කුමරු ඉන්දියා සංචාරෙ ගිහින් ඇවිත් ඒ නිව්ස් එක සිංහලීලාවෙන් එයාගෙ ශ්‍රී මුඛයෙන් කියද්දි ..දාර ගොන් වහල් ජෙප්පො / තැරිදාර පුන්නක්කු මීහරක් ජෙබයියො සතුටු වෙන ආකාරය බලන්න..😁😁//
//මොළේ කළඳක් නැති මේ ගොන් මීහරක් අධානි එක්ක හැප්පෙන්න යන්නෙ අවුරුදුවලට කිරිබතක් උයාගන්නවත් හාල් නැතිව නේද 🤣//
//විලිලැජ්ජාවක් නැති බොනිකර තරු ලප රිලවා කට උල්කරලා "මම ඉතාම වගකීමෙන් කියන්නේ මම එහෙම එකක් කිව්ව්‍ර් නෑහ්" කීවම ,
අර දාර කේප්ප මීහරකුන් ටිකගේ මූණු පූපවල් වෙනහැටි බලන්න තිබ්බනම් ඇති. 😂🤣😅 ආදානිට තව පෝලිමට බලාගාර විතරක් නෙවෙයි තමන්ගේ,රෙන්ට තියෙන පූප වුණත් පැන පැන දෙයි, ඒ වගේ මැටිහරක්නේ😁😀🤣//
මේ බලාගාර දෙක ආදානි සමාගමට දෙන එක ඇත්තටම නතර කරලා තියෙනවද? මේ ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
හපොයි නිමල් අයියේ
ReplyDeleteඅරෙහෙන් මාලිමාණ්ඩුවේ නායක පචකුමාර පින්ගොනයි උගේ කවුන්සිලේ එකසිය පනස් නමයේ ගොබ්බ රැලයි මාධ්‍ය වලයි පේස් බුක් එකෙයි එකසිය ගානට රෙනවා, මෙහෙන් මොක්කුද අමන ඇනෝ බේසිකයෝ මේකට කෙළගෙන ඇවිත් පෝස්ට් එකට අදාලත් නැති ආණ්ඩුවේ තකතීරු වැඩ ගැන කියවලා නිමල් අයියගේ බොගේ රෙනවා, මුන්ගේ සාප කිරීම් නිසාම නිමල් අයියාට කක්ක යන්නෙ නැද්ද? ටිකක් ගිහින් නවතිනවද? මේ කරදර නිසා ජීවිතේම එපා වෙලා වගේ ද? දුක් වෙන්න අවශ්‍ය නෑ මෙන්න විසදුම.
දැන්ම ඔබගේ අසල ඇති සුපිරි වෙලෙද සැලකින හෝ ඖෂධ අලෙවි සැලකින් තොග අවසන් වීමට කලින් ගොස් තොග පිටින් මිලදී ගන්න සිද්දාලේප වෙද මහත්තයා විසින් නිෂ්පාදනය කරන ලද "කක්ක කඩාගෙන යන්නා" තෛලය ඔබත් දැන්ම මිලදී ගන්න. ඉතාම පහසුවෙන් භාවිතා කල හැකි මෙය ඔබගේ දෛනික ජීවිතයේ වැඩ කටයුතු බොහෝමයක් පහසු කරවයි.බඩේ ගල් ඇති වීම වැනි බොහෝමයක් ලෙඩ රෝග වලටද මෙය සාර්ථක ප්‍රතිපල ලබා දී ඇත.
ඔබත් දැන්ම මෙම අගනා තෛලය මිලදී ගෙන වෙනස අත් විදින්න.මෙය ගෙදරටම ගෙන්වා ගැනීම සදහා හොදින් හිරු එලිය වැටෙන තැනකට ගොස් ඔබගේ #පුක ප්‍රදේශය තද අවුවේ වියලගන්න ❤️
ඊට පසුව
මේ මාධ්‍ය වාර්තාව බලන්න
https://www.facebook.com/share/v/12CTQ97Sr2v/
මේ ක්ලිප් එක බලන්න
https://www.facebook.com/share/r/19arC2JpHj/
ගරු ඇමතිතුමාගේ මේ පැහැදිලිකිරීම බලන්න
https://www.facebook.com/share/v/18E9BAzqJj/
මේ ක්ලිප් එක නම් නිමල් අයියාට සමාන අත්දැකීමක් ලබපු කෙනෙක් දාල තියෙන එකක් වෙන්න ඕන
https://www.facebook.com/share/r/183oQ1ngNT/
මේ පොඩි ක්ලිප් හතර පිළිබඳව එකිනෙකට විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද ඔයාට? පැහැදිලි කිරීම් හතරක් ඕනේ ක්ලිප් හතරට? ඕකේ?
නාමල් කරුණාරත්න මහතා පවසන මේ කතාව අහන්න නිදී, මේකේ කමෙන්ට් දෙක තුනක් දාල ෂෙයාර් කරලා සහයෝගයත් ලබා දෙන්න
ReplyDeletehttps://www.facebook.com/share/v/124Kpdi2Fhw/
@ Annos
ReplyDeleteඇත්තටම මාලිමාවේ මෙලෝ වැඩක් බැරි ගොන් කයියෝ රැලට බලය දුන්න එවුන්ට ස්තුති කරන්ඩොන.
නැත්නම් මුං තාමත් පොරවල් කියලා ගොඩක් මිනිස්සු හිතං ඉන්නෙ, දැන් දීපු උන්ටම එපාවෙලා, රටම ඉවරයි 😪
@ නිදිගෙ පංච තන්තරේ
ReplyDeleteඉස්සර මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට අල්ලස් ලෙස ආණ්ඩුවේ නායක ජනපතිවරයා විසින් ලබා දුන් බාර් ලයිසන් එලිදරව් කිරීම මිස එය අහෝසි කිරීමට මේ ආණ්ඩුව පෙළඹෙන්නේ නැත්තේ ඇයි..?
ඉතිහාසයේ පළමු වරට රනිල් වික්‍රමසිංහ විසින් බාර් ලයිසන් ලබා දීම වෙනුවට බාර් ලයිසන් විවෘත වෙළඳපොළේ විකිණීමක් සිදු කලා.
මෙතෙක් FL 4 යටතේ මධ්‍යසාර විකිණීමට ඇති බලපත්‍රයක් ලබා ගැනීමට යාමේදී රජයෙන් අය කල ගාස්තුව ලක්ශ 10 අඩු මුදලකි.
නමුත් රනිල් වික්‍රමසිංහ විසින් එම බලපත්‍රය ලබා දීම සඳහා රජයට ලබාගන්නා ගාස්තුව ලක්ශ 150 දක්වා වැඩි කරන ලදි.
ඒ අනුව ලබා දුන් බලපත්‍ර 361 මගින් රජය රුපියල් මිලියන 5,415ක මුදලක් උපයාගන්නා ලදි.
අද ඉදිරිපත් කල ජනවාරි සිට අප්‍රියෙල් දක්වා රජයේ වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුමෙහි මුලු රටම ඩිජිටල් කිරීම සඳහා වෙන කර තිබුනේද මිලියන 3600කි.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ විසින් බාර් ලයිසන් විකිණීම හරහා ලබා ගන්නා ලද ආදායම රටම ඩිජිටල් කිරීමට මාලිමාව වෙන් කල මුදලටත් වඩා වැඩි ප්‍රමාණයකි.
ජනාධිපති දිවුරුම් දීමේ උත්සවෙන් මිලියන 3ක් ඉතුරු කලා,
තනියම දොර ඇරගෙන ඉතුරු කලා,
පයින් ගිහින් ඉතුරු කලා,
කියන මුදල මෙන් අති විශාල ගුණයකින් වැඩි ප්‍රමාණයක් රනිල් මේ බලපත්‍ර හරහා භාණ්ඩාගාරයට ගෙන තිබෙනවා.
දැන් ආණ්ඩුවට ඕනෙනම් පුළුවන් මේ ලයිසන් ටික අවලංගු කරලා ඒ බලපත්‍ර ගාස්තුව නැවත ලබා දෙන්න..
කෙබර කුමාර මලහෝන්තුවටයි උගේ ඒ වගේම අමු මෝඩ මොංගලයො එකසිය පනහටයි වැල් බයිලා කියව කියව ඉන්නෙ නැතුව පුළුවන්නම් ඒක කරන්න කියල කියන්න
පැමිණිලි තිබුනා කියලා උපකුලපති සතියක් යන්න කලින් අයින් කරනවා... චෝදනා එල්ල වුන , විශ්‍රාම යන්න ඉන්න අය ලේකම් තනතුරවලට දානවා... පට්ට නේද?
මේ බලන්න මේක;
https://m.youtube.com/watch?v=Oie8p5ETtbA
කමෙන්ට් පෝරුමේ කියැවෙන්න ඕනෙ පෝස්ටුව ගැන අදහස් වුණත් ලියැවිලා තියෙන්නෙ කොහෙවත් නැති මාලිමා රජයක විස්තරනේ!
ReplyDeleteඅනේ බ්ලොග් කරුවන් පත්වෙලා ඉන්න තත්වේ!
@ අනුර
Deleteඒවා පෝස්ටුවට අදාලයි, බලන්න ඔය පෝස්ට් එකේ මැද හරියේ මාලිමාවේ කෙරුමෝ සෙට් එකක පින්තූර දාල උන්ට ආදරෙයි ගෞරවෙයි ලැබෙනවා වගේ මොකක්ද බයිලයක් ගහල තියෙන නිසා කට්ටිය මේ දවස්වල මාලිමාවට සහ මාලමාණ්ඩුවට ලංකාවේ සමාජය තුල පවතින ආදරය සහ ගෞරවය පුද කරලා ගිහිල්ල තියෙන බවයි මට පේන්නේ.
@ නිදි
මම හරි නේද?
අනුර මහත්තයෝ, කාලෙකින්!
Deleteගොඩාරියක් ස්තුතියි. ලඟදි දවසක ලාල් අයියාව බලන්න ගියා දෙවතාවක්ම. ඔයාත් ආව බව කිව්වා. ලඟදීම දවසක තජක අපි කට්ටිය එකතු වෙන්න සැලසුම් කරමින් ඉන්නේ.
@ Anonymous December 5, 2024 at 9:36 PM
Deleteඔයා යම් තරමකට හරි. ඒත්...
හුඟාක් Anoලා කරන වෛරී හා අන්තවාදී ප්‍රකාශනවල දහස් ගොඩාක් අදාළ දේවල් නෙවෙයි කියලයි මට පෙනෙන්නේ.
නමුත්... එහෙම අදහස් පහරන Anoලා ගැන වුණත් මට බැලෙන්නේ අනුකම්පාවකින්. (පහරන වචනය ගැනත් කියන්නම ඕනි. ඒක මළ පහකරන අරුතෙනුත් ගන්නවා. ඉවත් කරන අරුතෙනුත් ගන්නවා. මුද්‍රණයෙන් පළ කරන අරුතෙනුත් ගන්නවා.)
ඒ ඇනෝලාට එයාල කරන 'පහරන වැඩ'වලට ගෙවීමකුත් කෙරෙනවා වගෙයි. එහෙම හිතෙන්නේ එකම comment එක blog අඩවි ගොඩකට දමන නිසයි. එකම comment එක හැම තැනකටම අදාළ වෙන්න විදිහක් නැහැනෙ.
/අන්තවාදී ප්‍රකාශනවල දහස්/ යන්න 'අන්තවාදී ප්‍රකාශනවල අදහස්' විය යුතුයි. වැරැද්දට සමා වෙන්න ඕනි.
Delete