සදවා සුදු වැලි පිවිතුරු
බඳවා රන් දද පියකරු
සිටුවා දොර දොර රඹ තුරු
තබවා පුන්කුඹු විසිතුරු - කියලනෙ ‘ගුත්තිල’ කාව්‍යයේ ‘උදේනි
පුර වරුණාවෙ තියෙන්නෙ.
දනෝ කෙළිති එළි වෙනතුරු... |
පළමුවෙනියා කිව්වේ ‘දනෝ කෙළිති එළි වෙනතුරු’
කියලයි. ඒ කාලෙ ‘කෙළිති’ වචනේ වුණත් අසැබි වචනයක් විදිහට සැලකුණා වෙන්නැති. එහෙමත්
නැත්තං ඒකා ‘කෙළිති’ වචනයට ආලවට්ටං දාපු හැටියයි; ඇස් නටෝපු හැටියයි නිසා වෙන්ඩ
ඕනි, පන්තියේ කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම ‘හානේ / ෆ්ෆ්ෆ්ෆු / ස්සූ...ස්ස්ස්’ වගේ ප්‍රතිචාර
දැක්වුවේ. (එතකොට; ඒ කිව්වේ හැට-හැත්තෑව දසකවල මහරගම විද්‍යාකර විද්‍යාලය මිශ්‍ර
පාසලක්.) ඒ ප්‍රතිචාරයෙන් ෆෝම් වෙච්ච දෙවෙනියාගෙත් කට ඇරුණේ එතකොටයි.
“නෑ මචං. දනෝ කෙළිති හම යනතුරු.”
කෙල්ලන්ගේ විලිබර ගතිය, ලජ්ජාව එතකොට තව ඩිංගක්
වැඩි වෙච්චි. කටවල් මුවා කරන්න අතුත් එසවෙච්චි. දන්නවනෙ, පියසිරිට
කෙල්ලන්ගේ එහෙම හුරතල් පේන්න බෑ! එයා කිසිම පැකිලීමක් නැතුව, එයාගේ දඩබ්බර
විලාසයෙන්ම තුන්වෙනි වෙනස කරල දැම්මා. “අඩෝ, කෙළිති නෙවෙයි, මචං... දනෝ xකති හම යන
තුරු කියල කියපං.”
ඒ කාලෙ විදිහට නං එහෙම එව්වා ‘කුපාඩි වැඩ’.
නොහොබිනා වැඩ. සදාචාර සම්පන්න නොවෙන ‘වල්- වනචර’ වැඩ.
ඒත් අද?
අද සමාජය ගොඩාරියක් වෙනස් වෙලා. විවෘත වෙලා... ගොඩාක් දේවල් විග්‍රහ කරමින්,
ගැඹුරටම කිමිදෙමින් හොයා බලන්නට පුරුදු වෙලා. මේ සටහන් කරන්න යන්නෙත් එහෙම විග්‍රහ
කෙරුණු සලරුවක් ගැනයි.
එයාලා ඒකේ රඟපානවා
නෙවෙයි- ඇත්තටම ජීවත් වෙනවා... |
හැබැයි තවමත් සමහර වෙලාවල, මේ ෆිලුමේ නළු-නිළියන් සජීවීව මගේ ඉදිරිපිට රඟනවා වගෙත්
මට දැනෙනවා.
ඒත් එයාලා ඒකේ රඟපානවා නෙවෙයි- ඇත්තටම ජීවත් වෙනවා...
දන්නවද වැඩක්? මෙතෙක් දුර ලියාගෙන ආවේ පෝස්ටුවට යොදන්නට ‘සුදුසු
මැයක්’ නැතිව තියෙද්දියි.
ඔන්න බොලේ එකක් එනවා. මේ post එකට ගැළපෙන මාතෘකාවක් ඔළුවට ආවේ දැනුයි. ඒකත් උඩින් අකුරු
කරලා දැම්මා- අමතක වෙන්න කලින්... ඊට පස්සේ ආයෙම මෙතනට ආවා විතරයි...
‘සුළං තදයි, විදුලියද කොටයි, හෙණ හඬ පැතිරෙයි...’ නෑ, නෑ. කව්රුවත් ‘අක්කෙ අක්කෙ අර බලන්නකෝ...’
සින්දුව කිව්වා නෙවෙයි. මේ වෙලාවේ තත්වය විස්තර කළා. කරලා හනික කොම්පියුටරේ off
කරල දැම්මා.
දවස් දෙකකට පස්සෙයි, ආයෙත් මේ blog ලිපිය ලියන
රාජකාරියට අත තියන්නට ඉඩක් ලැබෙන්නේ!
සම්භාව්‍ය ‘ගුත්තිල කාව්‍යය’ එහෙමත් රුකුලට
අරගෙන බර අඩු කරලයි, මේ ෆිලුම ගැන මුලින්ම ලියන්න හිතුවේ. ඇසිඩ් වර්ග වුණත් තනුක
කළාම ක්‍රියාකාරිත්වය අඩුයි නෙව.
මොකද මේ ප්‍රංශ film එක ගැන මෙහෙම
‘අන්විශ්වාසබල් කතාවකුත්’ පළකොට තියෙනවා මට හමු වුණා.
‘Sauvage (2018)
is a super raw movie that
follows a twenty something sex worker on the streets of Paris who really
just wants to find love. Some scenes are especially intense and NSFW, so,
again, I'm begging you to not watch this one with your parents.
ඒ කතාවෙන්ම ආයාචනා කර සිටිනවනෙ ‘මේ චිත්‍රපටය දෙමව්පියන් හා එකතුව නරඹන්න එපා!’
කියලා. යුරෝපා රටක එහෙම ඉල්ලීමක් කෙරෙනවා නං මේ ප්‍රංශ ෆිලුම කොච්චර ‘අමුවෙන්
ඇද්ද- වල් වනචර වෙයිද’ කියලා ආදරණීය පාඨක ඔයාලටත් හිතාගත්තැකිනෙ.
ඊටත්... මේක ‘ආදරය සොයා යමින්- ලිංගික ශ්‍රමිකයකු ලෙස රැකියාවේ නියුක්තව- පැරිසියේ
වීදිවල සරන විසි දෙහැවිරිදි මත්ලෝලී තරුණයෙකු ගැන කතාවක්ය කිව්වම...'
මේක වල්ම වල් කතාවක්
විදිහට... (Pianistට ඕනි ලේ ගලනකල් වද දෙන sex...) |
ඇත්තෙන්ම මේ චිත්‍රපටය අමුම අමුයි. තාත්විකයි: කුප්පනසුලුයි...
සමහර දෙනෙකුට හරි මේක වල්ම වල් කතාවක් විදිහට පෙනෙන්නත් ඇහැකි. මොකද මේ ෆිලුමේ කතා
නායකයා ‘පිරිමි වෛශ්‍යාවක්... පුරුෂ සමරිසියෙක්...’ ඉතිං වල් නොවී තියේවියැ.
ඒත් යකඩෝ- පහුගිය දවස් දෙක තුනක ඉඳල අහන- දකින- බලන-
කියවන දේවල් මීට වඩා කොච්චර ‘වල් වනචර- අසික්කිත- කුපාඩි’ද කියලත් හිතෙනවා. විශේෂයෙන්
දේශපාලන පොර-පිටියේ කෙරෙන වලත්ත වැඩ!
ඉතා දීර්ඝකාලීන පළපුරුද්දක් තියෙන නායකත්වයක්
යටතේ මහ මැතිවරණයට තරග වැදුණු ගෑස් සිලින්ඩරය ලකුණැති පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී
ධුරයකට එක්කෙනෙක් හොර පාරෙන්ම පත් වෙලාලු. අසාද් සාලි මහත්තයා ඒ විත්තිය කියමින් හිටු කියලා නෙළාගෙන
නෙළාගෙන යනවා.
ඒ ප්‍රහාරය කොච්චර බලසම්පන්නද කියනවා නං රවී
කරුණානායක මහත්තයාගේ ගෙදරට පොලිස් බලඇණියක ආරක්ෂාව සපයන්නටත්
වෙලා.
ඒ අස්සේ පක්ෂයේ ලේකම්තුමී කියනවා ජාතික ලැයිස්තු මන්ත්‍රී
නම් කරලා යැව්වේ රනිල් ලොක්කත් දැනුවත්ව- නීත්‍යානුකූල ගිවිසුමට අනුවය කියලා.
අලුත්ම news එක තමයි එජාප සභාපති වජිර අබේවර්ධන මහත්තයා
නිකුත් කරපු නිවේදනය. ඒක ඇත්තක් නං ‘රනිල් මහතා ඒ
මොකුත්ම දන්නෙ නැති කෙනෙක්’ය කියලා පිළිගන්නයි වෙන්නේ!
ඒවා කියවද්දී මට හිතෙන්නේ පිරිමි වෛශ්‍යාවෙකු; සමරිසියෙකු
වෙන Leo වුණත් අපේ බොහොමයක් පළපුරුදු දේශපාලුවන්ට වැඩිය සදාචාරවත් කියලයි...
අපේ අප්පුහාමිලා මේ දන්නා තරං දහංගැට ගහන්නේ තවදුරටත් බලය රැක ගන්නයි. බලය රැක
ගන්න හදන්නේ පුරුදු විදිහටම රට කෑම කරගෙන යන්න වෙන්නැති...
නැත්තං වෙන අහවල් එහෙකටද?
නන්නත්තාර තරුණ ලියෝගේ
චරිතය වගේම අනෙක් සියලු චරිතත්... |
Vidal-Naquet
හිතාගෙන ඉඳල තියෙන්නෙ මේ ලිංගික සේවා සපයන පිරිස ගැන සුමාන දෙකක අධ්‍යයනයක් කළාම
ඇතිය කියලයි. එහෙම කරලා කතාව ගොඩනඟා ගන්න; තිර රචනය ලියන්න තමයි Vidal බලාපොරොත්තු
වෙලා තියෙන්නෙ... ඒත් සති දෙක අවුරුදු තුනක් දක්වා දික් වෙලා. විඩාල් එච්චර කාලයක්
තිස්සේ එහෙම දැරුව මහන්සියේ ප්‍රතිඵලය බින්දුවක්වත් අපතේ ගිහිං නෑ කියලයි මට නං ඒත්තු
ගියේ.
ගෙයක් දොරක් නෑදෑයෙක් නැති, අකුරු කියැවීමේ හැකියාව
නැති, සුසිරිත් ගැන තැකීමක් නැති-
කුසගිනි හැදුණාම කරන්නට දෙයක් නැත්තං කුණු බක්කි අවුස්සා කෑමට යමක් හොයන-
වීදියේ පැත්තකින් ගලා යන කාණුවේ වතුරෙන් වුවද පිපාසය නිවා ගන්න-
සීතලේ වෙවුලමින් පදික වේදිකාවේම ගුළි ගැහී වැතිරිලා නින්දට වැටෙන-
එළඹෙන මොහොතේ ජීවත් වෙනවා මිස හෙටක් ගැන නොහිතන-
තදින්ම මතට ඇබ්බැහි වී සිටින, එහෙත් පරහිතකාමී ගතිවලිනුත් අඩු නැති-
නන්නත්තාර තරුණ ලියෝගේ චරිතය වගේම අනෙක් සියලු චරිතත් තත්‍ය ලෙසින්ම ගොඩනැඟිලා
තියෙන බව ෆිලුම බලද්දී වැටහෙන්නේ නිතැතින්.
අවුරුදු තුනක් තිස්සේ ලොකු වෙහෙසක් දරලා හොයාගත් කරුණු
ඉතා නැණවත්ව පාවිච්චියට අරගෙනයි Vidal මේ කතාවෙ සිදුවීම් ගොඩනඟලා තිබ්බේ. ඒ sex
උතුරා යන film එකක් හදන්නට නෙවෙයි... මානව චර්යාවන්; සමාජ චර්යාවන් එකිනෙක ගැටෙන
ෆිලුමක් නිර්මාණය කරන්නටයි.
විටෙක ඒ සිදුවීම් අතිශය බිහිසුණුයි!
උඹ කැමැත්තෙන්ම සමහර
ගනුදෙනුකාරයන්ව kiss කරනවයි කියන්නේ උඹට මේ ජීවිතේ අතාරින්න
බෑ කියන එකයි... හිතුවද මාත් දිගටම එක-එකාගේ dicks... |
මෞඛ සංසර්ගය හා අධෝමුඛ සංසර්ගය සඳහා ලියෝව වහලෙකු ලෙසින් යොදාගන්නා එයාලා එයිනුත් සෑහීමකට පත් වන්නේ නෑ. අතිවිශාල ඩිල්ඩෝවක් උපයෝගී කරගෙන රුධිරය වෑස්සෙන තුවාල පවා ලියෝට ඇති කරනවා. ඔවුන් අන්තිමේදී ඒ වෙනුවෙන් කිසිම ගෙවීමක් කරන්නෙත් නෑ. ගුටිබැට පූජාවක් දීලයි ඒ නරුමයන් Leoව පන්නා ගන්නේ.
තවත් විටෙක ෆිලුමේ එන සිදුවීම් මානව දයාවෙන් පිරීතිරෙයි!!
සිය ගොදුරු බිමේදී මුඛ සංසර්ගය සඳහා අය කෙරෙන (සම්මත ගණන වන) යුරෝ 20 වෙනුවට euro 5ක් අය කරන්නෙකුට ලිංගික ශ්‍රමික
සගයෝ එකතුව පහර දෙද්දී...
ඔවුනගේ සාධාරණ විරෝධය පිළිගනිමින් වුවද, දුර්වල Leo
තුවාලකරුවාගේ පිහිටට පෙරට එයි.
තදබල කැස්සකින් හා තවත් රෝගාබාධ කිහිපයකින්ද පෙලෙන ලියෝ
වෛද්‍යවරියක වෙත යයි. ඔහුගේ අසරණ බව ඇය මැනවින් වටහා ගනී. අනුනට සහනයක් දෙන්නට
ලියෝ සැදී-පැහැදී සිටියත්, ඔහුට සහනය සලසන්නට කිසිවෙකු නොමැති බව වටහා ගන්නා වෛද්‍යවරිය
මවක ලෙස මේ ජීවියාව වැළඳ ගනියි. ඉතා කාරුණිකව ඔහුට සලකයි...
එසේම... මෙවන් දුප්පත් අයගේ ජීවිතවල බොහෝ විට ගැබ්ව
පවත්නා සුවිසල් ඛේදවාචකය පිළිබඳවත් නරඹන්නන්ව දැනුවත් කරන්නටත් Vidal අමතක නොකරයි.
“උඹ වේසාවෙක් විදිහට දිගටම ඉන්න කැමැතියි වගේ... උඹ කැමැත්තෙන්ම සමහර ගනුදෙනුකාරයන්ව
kiss කරනවයි කියන්නේ උඹට මේ ජීවිතේ අතාරින්න බෑ කියන එකයි... හිතුවද මාත් දිගටම එක-එකාගේ
dicks උර-උරා ඉඳියි කියලා...
උඹට කැමති සල්ලිකාර නාකි මිනිහෙක්ව හොයාගෙන මේකෙන් ගැලවෙන්න හදපං මේ මං වගේ...”
Ahd ලියෝට කියයි.
කොතෙක් පිරිමින් හා ලිංගිකව සම්බන්ධ වුවත් ලියෝ ආදරය
කරන්නේ හැඩිදැඩි Ahdටය. සෙනෙහස පතන්නේද ඔහුගෙනි. විටෙක පිරිසට නායකත්වය දුන්නත්-
ඔවුන් අනතුරුවලින් ගලවා ගත්තත් Ahd සැරසෙන්නේ වියපත් ගනුදෙනුකරුවෙකු හා එක්ව විදෙස්ගත
වීමටය.
ඔවුහු සතුට ලබා ගන්නට
වෙහෙසෙති; නිදහස සොයා යති; සෙනෙහස හඹා යති! |
එහෙත් ලොව කොතැනත් සිටින්නේ එකම මානවයන්ය; එකම සිතුම්
පැතුම් ආශාවන් ඇත්තවුන්ය; පබල දුබලකම් සහිත එවුන්ය.
ඔවුහු සතුට ලබා ගන්නට වෙහෙසෙති; නිදහස සොයා යති; සෙනෙහස හඹා යති...
එවන් මිනිසුන් රැසක් ‘Sauvage
/ Wild’ ෆිලුමෙදී අපට හමු වෙයි.
එපමණක්මත් නොවේ, අද්‍යතන මිනිස් සමාජය ස්වේච්ඡාවෙන්ම කොතරම් දුරට සිරගත වී ඇතිදැයි
සිතන්නටත් මේ සලරුව අපව පොළඹවයි.
නමුත් මේ පිරිසේ එක්කෙනෙකුවත්- අඩුම තරමින් ලියෝවත් ‘මේ
ලිංගික ශ්‍රමික රැකියාවට යොමු වුණේ ඇයි/ කොහොමද / දිගටම එහි නිරත වෙන්නේ ඇයි’ කියන
දේවල් ගැන Vidal කතා කරන්නේ නෑ!
ඉතිං, මේ පෝස්ටුව කියවද්දී මේ ‘අමුම අමු වල් වනචර’ චිත්‍රපටය
බලන්නට හිතුණා නම්, ඉස්සෙල්ලාම ෆිලුමේ ට්‍රේලරය බලන්නැයි මම ඔබට
නිර්දේශ කරන්නෙමි. සම්පූර්ණ film එකම බලනවාද කියන තීරණය ගත යුත්තේ ඔබගේම කැමැත්ත
පරිදියි.
ඒත් පරෙස්සමෙන්!
මේ ෆිලුම ඕනෑම කෙනෙක් එක්කලා බලන එක නං රියලි- really ඩේන්ජරස්ය...෴0෴
ලිංගික ක්‍රියාකාරකම් වගේම ලිංගික දර්ශණ අඩංගු නිර්මාණත් 'වල්' කියන ආකල්පය තමයි සමාජයේ තියෙන්නේ. මේ මටත් මේ වගේ නිර්මාණ බලන්න ගෙදර අය ගෙදරින් බැහැරවෙන අවස්ථාවක් බලා ඉන්න තමයි වෙලා තියෙන්නේ.
ReplyDelete