li Item

Thursday, December 5, 2024

හතලිහේදී... දෙවෙනි කොටස

ඇලන් ටියුරින්ටත් බැස්ටිය දුන්නෙ එංගලන්තෙ නේද?

බකමූණු කතා බ්ලොගයේ රචක බස්සා මහත්තයා පසුගිය පෝස්ටුවට comment එකක් එවමින් එලෙස විමසා තිබිණි.

ප්‍රශ්නයේ තියෙන ‘සමලිංගික අයියා’ වචන දෙක බැලූ බැල්මටම නං පෙනෙන්නේ අහිංසක පාටටය.

ඒ post එකට පළමු කමෙන්ටුව එවා තිබුණේ Unknown කෙනෙකුය. ‘නිමල් අයියා සමලිංගික අයියා කෙනෙක්ද’ යනුවෙනි ඒ සහෘද පාඨකයා අසා තිබුණේ. (එහෙම අහන්නට ඇත්තේ නිදිගෙ පංච තන්තරේ කියවන්නට අලුතෙන් පැමිණි ආදරණීය පාඨකයෙකු නිසාවෙනැයි හැඟුණු බැවින් තනි වචනයේ උත්තරයක් නොදුන්නෙමි. ඒ වෙනුවට කියවා බැලීම සඳහා අදාළ විස්තර සහිත පසුගිය පෝස්ටු මාලා කිහිපයක Links දැක්වීමි.)

තවත් කාරණයක්... ඔහොම පුරස්නෙකට උත්තර දෙන්ඩ කලියෙන් හොඳට හිතා බලන්ඩත් එපැයි. අනිවා, ගොඩාරියක් පරෙස්සං වෙන්නටත් සිද්ද වෙයි.

ප්‍රශ්නයේ තියෙන ‘සමලිංගික අයියා’ වචන දෙක බැලූ බැල්මටම නං පෙනෙන්නේ අහිංසක පාටටය. සමහර විටෙක මේ Unknown රසිකයා හිතන්නට ඇත්තෙත් එහෙමය. ඒත්... ඒත්...
අයියා පාට් දමන්නන් ගැන හිතද්දී නම් මගේ මතකයට එන්නෙ සුන්දර දේවල් විතරක්ම නෙවෙයි.

ඒවා මීට කලින් මේ බ්ලොගයේම තැනින් තැන ලියැවිලාත් තිබෙයි. වරෙක ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ (වයෝවෘද්ධ) ව්‍යාපාරිකයෙක් මුඛ සංසර්ගය සඳහා මේ ලියන්නාව පොලඹවා ගැනීමට තැත් කළේය.
ගෙදරින් පැන ගිය එකම වතාවේදීත් ගැලවුම්කාරයෙකු ලෙස පෙනී සිටි
අයෙකුට ගොදුරු වෙන්නට මට සිදු විණි.
ඇයි... පිම්පි ඩග්ලස්ගේ උපායකට හසු වී
විකිණෙන්නට සිදු වීම- ඊට දෙවෙනි නැත.

මට තිබෙන වාසනා මහිමයක් නිසාදෝ, ඒවායින් එකක්වත් එතරම්ම දරුණු; කර්කශ අත්දැකීම් නොවිණි. එහෙම වෙන්නට ඇත්තේ අනපේක්ෂිතව; මගේ අනුමැතියකින් තොරව- මා ගොදුරට ගන්නට සැරසුණු සහ මා ගොදුරට ගත් කිහිප දෙනාම දරුණු ගණයේ සමරිසි පීඩකයන් නොවුණු නිසාවෙනි.

මට හමුවී තිබෙන්නේ එහිදීත් ‘මධ්‍යම ප්‍රතිපදාව’ පිළිපදින අයියලායි. ඊට පස්සෙත් එහෙම්මය!
ඒත් ඔවුනගෙන් සමහරුත් තදින් සිප ගත්හ... චර්මයේ රක්තවර්ණ ළප කැළැල් පවා මතු කළහ... මගේ අස්ථි පඤ්ජරය බිඳෙන තරම් තදින් වැළඳ ගත්හ... 
ආශාවෙන් මුසපත්ව, මෘදුව- එහෙත් රිදෙන තරම් දැඩිව පශ්චාත් භාගයට පහර දුන්හ!

එහෙත් හැම active සගයෙක්ම එසේ නොවේ.
දැඩි හිංසාකාරී, රුධිර පිපාසිත, පරපීඩක, ඝාතක වියරු කාමාතුරයන්ද ලොවේ සිටින බැව් කියැවෙයි. කුමර වයසේ සිටින දරුවන් පවා ඔවුනගේ ගොදුරු බවට පත් වෙයි. ලොව පුරාමත් එවන් සිදු වීම් විරල නැත.

මා සමරිසියෙකු වුණත් පරපීඩකයෙකු නොවේ, අනෙක- හැම ලිංගික සබඳතාවකදීම passive partner වුණේ මාය!

මිනිසා මවන දෙවියන් බඹුන් හෝ යම්කිසි අදිසි බලවේගයක් හෝ කර්මය හෝ ජාන හෝ වේවා, ඒවාට මා බෙහෙවින්ම ස්තුතිවන්ත විය යුතුය! ඒ නිමල් දිසානායකව මේ තරමින් බේරුවාටය.

එම හේතුවෙන් ටියුරින් ලිංගික බෙලහීනතාවට (Impotent) ලක්වුණා සේ ම ඔහුගේ පියයුරු නෙරා එන්නටත්...

මා බිහි වී තිබෙන්නේ ‘කුමර ලිංගික ඇසුර’ ප්‍රිය කරන්නෙකු ලෙස නොවේ. ගොදුරක් වෙන්නට රිසි වුවත්, ගොදුරු කර ගන්නෙකු වීම මට නොරිසිය!!

එබැවින් නොබා කියමි. මම කිසිම විටෙක බාලාපචාරයකට යොමු වී නොමැත්තෙමි.

මා මේවා හෙළිදරව් කරන්නේ ආඩම්බරයකින් හෝ අවමානයකින් හෝ යුතුව නොවේ. බිය ගුල්ලෙකු නොවී- සැබෑව සැබෑ ලෙසින්ම පැවසීම සඳහාවූ අභිලාෂය පෙරදැරිවය.
ස්වකීය අනන්‍යතාව හෙළි වීම නිසා ජීවිතයෙන්ම වන්දි ගෙවන්නට සිද්ද වුණේ ඇලන් ටියුරින්ලාටය. එංගලන්තයෙදී එහෙම වෙලා තියෙන්නෙ මං වහන්සේ උපන් අවුරුද්දේම වීම අහම්බකාරකයක් වෙන්නැති.

පරිගණකයේ පියා ලෙසින් සැලකෙන්නෙත් මේ ඇලන් ටියුරින්මයි...

‘... 1952දී ටියුරින්ව අත්අඩංගුවට පත්වුණේ සමලිංගික ක්‍රියාවල යෙදෙන්නෙක් බවට චෝදනා ලබමින්. එවකට සමලිංගිකත්වය යනු අපරාධයක් ලෙසයි බ්‍රිතාන්‍යය නීතිය පිළිගත්තේ. අධිකරණය ඔහුට විකල්ප දෙකක් ඉදිරිපත් කළා.

එකක්, ඔහුගේ සමලිංගිකත්ව ස්වභාවය අපරාධයක් ලෙස පිළිගෙන සිර දඬුවමකට යටත් වීමයි.
අනෙක නම් රසායනික අණ්ඩහරණය (නැතහොත්
Chemical Castration) නම් ක්‍රියාවලියට මුහුණ දීමයි. බ්‍රිතාන්‍ය අධිකරණය තීරණය කළේ හෝර්මෝන ශරීරගත කිරීම මගින් ඔහුගේ ලිංගික ප්‍රාජකය (Sex Drive) නැති කර එයින් ඔහු සමලිංගික ඇසුරේ යෙදීම වැළැක්වීමයි.

සිරගත වීම දරාගත නොහැකි වූ ටියුරින් රසායනික අණ්ඩහරණය භාර ගත්තා.

ඒ අනුව ඔහුට වසරක් යනතුරු හෝමෝන චිකිත්සාවට (Hormone Therapy) ලක්වීමට සිදු වුණා. එම හේතුවෙන් ටියුරින් ලිංගික බෙලහීනතාවට (Impotent) ලක්වුණා සේ ම ඔහුගේ පියයුරු නෙරා එන්නටත් පටන් ගත්තා....

ඒ වාගේම අපරාධකාරයෙකු ලෙසට හංවඩු ගැසුණු නිසා ටියුරින්ට ඔහු කළ රජයේ රැකියාව අහිමි වුණා. ඉන්පසු මැන්චෙස්ටර් නගරයට ගිය ටියුරින් හුදෙකලාව පර්යේෂණ කරන්නට පටන් ගත්තා.
එලෙස අසමසම පර්යේෂණ කරමින් සිටි ටියුරින්ගේ මියගිය සිරුර 1954 වර්ෂයේ එක දිනෙක
, ඔහුගේම ඇඳ මත තිබියදී ඔහුගේ නිවාස පිරිසිදු කරන්නාට හමු වුණා. සයනයිඩ් ශරීර ගත කරගෙන ටියුරින් සියදිවි නසාගෙන තිබුණා......

මේ blog අඩවියට 2021 ඔක්තෝබරයේදී මං වහන්සේ පහළොවේදී...’ posts මාලාවේ ‘පළමුවෙනි කොටස’ ලියන්නට පටන් ගත්තේ ‘ඇලන් ටියුරින්’ ගැන වූ ඉහත සඳහනින්. (ඒ පෝස්ටුවේ එතුමා ගැන තව විස්තරත් බොහොම තියෙනවා.)

එදා; එවෙලේ මා සහමුලින්ම දෙලොවක් අතර අතරමංව සිටිකොට...

නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය රසික රසිකාවියනි.
එවන් කරුණු මතකයේ රඳවාගෙන මේ posts මාලාව කියවන මෙන් ඔබ සැමගෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ නිමල් දිසානායක වන මම්ම වම්හයි කියා, චිත්ත ප්‍රීතියෙන් යුක්තව... දෙවෙනි එංගලන්ත ගමන් කතන්දරයේ ඉතිරි හරියත් මෙතැන් සිට ලේඛනගත කරන්නෙමි.

මං පහුගිය කොටසෙ මුල හරියේදී මෙහෙම කිව්වා.
‘වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කියතොත් එදා; එවෙලේ මා සහමුලින්ම දෙලොවක් අතර අතරමංව සිටිකොට...’

එහෙම වුණේ නිකංම නොවේ!

“ලොකූ, I’m going to get married. ඔයාට වීසා ඇප්ලයි කරන්න ඕනි කරන ඩොකියුමන්ට්ස් ඔක්කොම ඔන්න මං post කළා. දන්නවද, Wedding එකේදි ඔයත් එක විට්නස් කෙනෙක් හැටියට sign කරන්න ඕනි ලොකූ. ඔන්න බෑ කියන්න නං එපා.
පස්සෙ බලමු- පස්සෙ බලමු කිය-කියා ආයිත් England එන්න මෙච්චර දවස්; අවුරුදු දහයක්ම බැලුවා හොඳටම ඇතිනෙ ලොකූ. It’s time to come to England again. Please do come ලොකූ! බිමලුත් ඔයාට කියන්න කිව්වා එන්නම කියලා.” අපේ සමන්ති නංගි 1994 දවසක මට කීවාය.

සමන්තිත්, දීපාල් හා දීපානිත් එංගලන්තයට ගියාට පස්සේ වැඩියෙන්ම සන්නිවේදනයේ යෙදුණේ මගෙත්තෙක්කය. එතකොට අපේ ගෙදරට විදුලිය තිබුණේ නැත. ටෙලිෆෝන් තිබුණේ නැත.
ඒත් ලංකා ළමාරක්ෂක සංගමය මඟින් පවත්වාගෙන ගිය මහරගම, පමුණුව පාරේ පිරිමි ළමා නිවාසයට විදුලියත්, දුරකථන පහසුකමත් යන ද්විත්වයම තිබිණි. (අද; 2024 වෙද්දී ඒ ළමා නිවාසය එතැනින් ඉවත් කරගෙනය.) අම්මලා එංගලන්තයේ සිට මට කතා කළේ ඒ ටෙලිෆෝනයටය.

(එවක ළමා නිවාසයේ අධිකාරි කුලතුංග මහතාත් ඔහුගේ පවුලේ සියලු සාමාජිකයෝත් මගේ හිතවත්තු වූහ. ඉන්පසු ඒ තනතුරට පත් අතුල දහනායක මහතාත් වික්‍රමසිංහ මහතාත් මා සමඟින් ඒ හිතවත්කම එලෙසින්ම පවත්වාගෙන ගියහ. එනිසාමය ඒ දුරකථනය මටත් පාවිච්චි කරන්නට අවසර ලැබුණේ.
නමුත්, ඍජු  ප්‍රතිපත්තිත්- අභිමානයකුත් සහිත කෙනෙකු ලෙසින් මා කිසි විටෙකත්- ඒ අවසරයෙන් අයුතු ප්‍රයෝජන නොගත් බවත් කිව යුතුමය. මා ඒ ෆෝනය පාවිච්චි කළේ ලැබෙන ඇමතුම්වලට පිළිතුරු දීමට පමණකි. කිසිවෙකුට හෝ ඇමතිය යුතු නම් ඒ සඳහා මා ගියේ
මහරගම සෝම බෙහෙත් ශාලාවටයි.) 

ලොකු අය්යේ ඩැඩාලගේ අක්කා අපේ ගෙදර මාස තුනක් නවතින්න ආවා!

ටෙලිෆෝන් එකෙන් අම්මලත් එක්ක කරපු කතාබහවලින් සමහර සංවාද තවමත් මගේ දෙසවන් ඇතුළේ නිම්නාද දෙයි!

මේ post එකට ඒ සංවාදයන් මෙනෙහි කරද්දී මට මීටර් වුණු දෙයක් මේ.
අද කාලෙ ගොඩක් දෙනා පණිවිඩ හුවමාරු කර ගන්නේ විද්‍යුත් ක්‍රම මඟින් නෙව. එයාලා නිමක් නැතිව ආදරේ කරන්නේ- වරු ගණන් මල් කඩන්නේ- මැසේජ් යවන්නෙ එහෙමත් ඒ ක්‍රමවල උදව්වෙන්... ඒත්, තව අවුරුදු තිහ-හතලිහකින් ඒ පණිවිඩ බලාගන්න; හොයාගන්න ඇහැකි වේවිද? එච්චර අමාරුවක් නැතුව...

අවුරුදු තිහ-හතලිහක් කිව්වේ හේතුවක් ඇතුවයි. සමන්ති- දීපාල්- දීපානි තුන් දෙනා එංගලන්තයේ ඉඳලා එවාපු ලියුම් ගොඩක් තවමත් මගේ සන්තකයෙ තියෙනවා; අතීතයේ සෙනෙහස පතුරවමින්. එයින් එකක් ලියල තියෙන්නෙ 1983 මැයි 16. කැඩිච්ච සිංහලෙන්... වැරදි අකුරුවලින්... ඒ තුන්දෙනා සිංහලෙන් ඉංගිරිසියට මාරු වෙන සංක්‍රාන්ති සමයේ...

‘සදා සැප හා ජය ලැබේවා
මා ආදරනීය ලොකු අය්යා සහ ගෙදර සැමට
ලොකු අය්යේ ගෙදර සැම හොදින් සිටිනවාද  අපි නම් සුපුරුදු සුවෙමී  අජිත් අය්යේ ආච්චීට සනීපද  සීයාටත් සනීපද අජිත් අය්යේ  ආච්චී ස්පිරිතාලෙද . මම ප්‍රාර්ථනා කරනවා කරනවා විජහට ආච්චීට සනීප වෙන්නයි කියලා  ලොකු අය්යේ  සුනිතක්ක, සිරි අය්යා, අනුලාන්ටි, සිරානි අක්කා, සුදුනෝනා , බබී , සුදුඅය්යා , සුදු මහත්තයා , හිච්චියා මතක්කලා කියන්න . ලොකු අය්යේ
සෝම වීර අය්යා, විජිත අය්යා මතක් කලා කියන්න.

අය්යේ අනිල්යා තාමත් කඩේද . ලොකුඅය්යෙ ඕගොල්ලන්ට දැන් පාලුයි නේද  ලොකු අය්යේ මවින් අය්යා වත් මතක් කලා කියන්න . ලොකු අය්යේ ඩැඩා ලගේ අක්කා අපේ ගෙදර මාස තුනක් නවතින්න ආවා  ඒ ආන්ටියි අංකලුයි හරි හොදයි. ලොකු අයියේ  අපි මෙහෙ සූ එක බලන්න ගියා  අපි එන බදාදා අපි මෙහේ මුහුද බලන්න යනවා  අපි මුහුදු ගිහිල්ලා දවස් ගනක් නැතිලා ඉඳලා එන්නේ . අජිත් අය්යේ  නිශාන්ත අය්යා දීපිකා දීපිකාගේ අම්මා නිශාන්ත අය්ගේ මල්ලී මතක් කල කියන්න . ලොකු අය්යේ මම දැන් මල්ලිකාක්කාට ටිකක් ලියනව හාද

ඔබේ සදාදර චූටි නංගියා xxxxxxxxxxxx

(එතැන ඉතිරිව තිබුණු පුංචි ඉඩේ -සමන්තිට හොරෙන් වෙන්න ඇති- අපේ ඇට්ටර දඟ මල්ල; චූටි නංගි දීපානි මෙහෙම කුරුටු ගාලාය. ‘ඔය සමන්ති කියන්නේ බොරු’)

තෙරුවන් සරනයි
මා ආදරනීය මල්ලි කාක්කා වෙතයි මල්ලි කාක්කේ මල්ලි කාක්කාට දැන් පාලුයිනේද  අපිටත් හරි පාලුයි . මල්ලි කාක්කේ රෝහිණී චන්ද්‍රදාදානි අක්කා ලක්සිරි අය්යා සඳුනි මතක් කලා කියන්න.’

ඒ සමන්තිගේ ලියුමෙන් ලොකු කොටහක්.

ලොකඅයියේ  දැඩී මට වඩුවැඩ  කරන  සෙට් එකකුයි  යකට බඩු සෙට් එහෙකුයි ගෙනත් දුන්න.

ඊළඟට ලියල තිබ්බේ දීපානි. පේළි දෙකයි!

‘මට  එච්චර  ලියන්න  දෙයක්  නැහ   මෙතනින්  මම  නවතිමි
ඔබේ   සදාදර චූටි   නංගියා
xxxxxxxxxxxx’

මොකක්ද මේ x ගැහිල්ලේ තේරුම කියලා එයාලගේ මුල්ම ලියුම්වලදී නං අපට තේරුණේ නෑ. “ලොකූ, එක x එකක් කියන්නේ එක උම්මා එකක්!” දීපානිම තමයි කලින් දවසක කියල දුන්නේ.

හොඳම ලස්සන සුද්ද සිංහල තිබ්බේ බඩා මල්ලියා; දීපාල් ලියාපු කොටහෙයි.

‘බුදුසරනයි මාආදර නිය සිය පවුලට  ලොකඅයියේ  දැඩී මට වඩුවැඩ  කරන  සෙට් එකකුයි  යකට බඩු සෙට් එහෙකුයි ගෙනත් දුන්න   මම ඩැඩාට  ඈස්රේ එකක් හදල දුන්නා.   මං තව මෙහෙ එනඅන්කල්ලටත් දුන්නා   ලොකු අයියේ
ඩොරති ආන්ටි මටයි  සමති අක් කටයි නංගිටයි  චිත්රඅදීන්න පුරුදුකරනවා  ලොකුඅයියේ  අපි 18 වෙනිදා දවස් 5හක ගමනක් යනවා  මුහුදුවෙරල අයිනේ ලොකු අයියේ  මෙහෙ ඇපල් එහෙම සෑහෙන්න  මම ලොකු අයි යලාට පාසලයක් එවන්නන්  මගේ ළඟ පඋන් 10 ක් තියෙනවා  අම්ම මටයි සමන් තිඅක්කටයි හැම දාම සෙනසුරාදට පඋම පඋම දෙනවා...’

ඒත්... සමන්තිගේ නම සඳහන්ව තිබ්බේ අපේ අම්මාගේ- තාත්තාගේ හෝ ඩැඩාගේ හෝ නමක් එක්කලා නොවේ. මගේ නමත් එක්කය!

සමන්තිලා උසින් මහතින් දැනුමෙන් වයසෙන් වැඩුණත් ඒ විත්තිය යාන්තමින්වත් මට මීටර් වී නොතිබුණු ගණනය. සමා විවාහ වෙන්නට සැරසෙනවාය කියූ විටය; මට ඒ බව ටක්කෙටම ඒත්තු ගියේ.

Sam මට ඒ විස්තර කියා දවස් කීපයක් ඇතුළත අවශ්‍ය ලියකියවිලි ගොන්නම මට ලැබිණි. සමන්ති නංගිගේ මංගල්‍ය ඇරයුම් පත කියවාගෙන යනකොටය, මට ඉහිලුම් නොදුන්නේ.

ලංකාවේදී නම් වෙඩින් කාඩ් එකක යොදන්නේ මනාලයාගේත් මනාලියගේත් දෙමව්පියන්ගේ නම්ය. සමන්තිගේ wedding card එකෙහිත් Bimalගේ නම ඒ විස්තර සමඟිනි තිබ්බේ. ඒත්... ඒත්... සමන්තිගේ නම සඳහන්ව තිබ්බේ අපේ අම්මාගේ - තාත්තාගේ හෝ ඩැඩාගේ හෝ නමක්- විස්තරයක් එක්කලා නොවේ. මගේ නමත් එක්කය!

‘Samanthi
beloved sister of Mr. Nimal Dissanayaka of Sri Lanka...’

“ඇයි සමා ඔයා එහෙම කළේ. හරි නෑනේ... අම්මගෙයි ඩැඩාගෙයි නම් නේද card එකට දාන්න තිබ්බේ...” මං සමන්තිගෙන් ඒ කාරණය ගැන ඇහුවත් එක්කය.
“අනේ නිකා ඉන්න ලොකූ... මම ඉපදෙනකොටත් ඔයා අපේ පවුලේ bread winner වෙලා ඉවරයි. අපි පුංචිම කාලෙ ඉඳල අපිට අම්මයි තාත්තයි දෙන්නම වුණේ ඔයානෙ. ඉතිං කොහොමද ඔයාගේ නම දැම්මම වැරදි වෙන්නේ.” Sam නොපැකිළවම පිළිතුරු දුන්නාය. “You deserve more than that, Loku!”
එච්චර ගෞරවයක් ලබන්නට තරම් නිස්සෙක් වුණෙමිද- මම?

විශ්වාස කරනු මැනවි. මට දැනුණේ මහත් වරදකාරී හැඟීමකි. තේරෙන සිංහලෙන් කියනවා නම් ‘ගිල්ටි ෆීලින්’ එකකි.

‘තමුසෙ හරි බෝධිසත්තයෙක් වෙලානෙ ඉන්නේ. දෙබිඩ්ඩා! එයාලා උඹ ගැන ඇත්තම ඇත්ත කතන්දරේ දන්නව නං හෙම ඔය තරමටම තමුසෙට ගෞරව කරයි කියලද හිතන්නේ?’
හිමි නැති දෙයක් ලැබෙද්දී, ‘එපා’ යයි කියන්නට එදා මට දිරියක් තිබුණේ නැත. එය නිවටකමක් බව දැන-දැනම මම නිහඬ වීමි.

සමන්ති නංගිලා මගේ රහසිගත ජීවිතය ගැන; මගේ රහසිගත විශ්වයේ වැසියන් ගැන විස්තර දන්නවා නම්... මගේ කාමාශක්ත ලෛංගික ජීවිතය ගැන දන්නවා නම්...

“රංජි, ෂුවර් එකටම සමන්තිගෙ wedding එකට එනව නේද?” දෙවෙනි වතාවටත් මා එංගලන්තයට එන්නේදැයි දැනගන්නට අපේ අම්මාට තිබුණේ ලොකු වුවමනාවකි.
“නෑවිත් කොහොමද අම්මේ?” මං උත්තර දුන්නේ හරිම පරිස්සමින්.

ලස්සන තමයි! ලංකාවේ නං... (උදේනි අල්විස් හිතවතාගේ foto එකකි.)

“එන්න එන්න. මේ සැරේ සමා ඔයාට ටිකට් එකත් එවනවයි කිව්වලුනෙ... දැන් එයාල ලොකු බිස්නස්කාරයෝනේ... ඔයාට ඕනි නං ඩ්රුතීල ගෙදර නවතින්නත් පුළුවන් කිව්වලු නේද? ඔන්න රංජි, දැන්මම කියනවා. ඔයා එහෙම කරන්න යන්න නං එපා.

කොච්චර වුණත් එයාල පිට මිනිස්සු නේද? තවම නෑදෑයෝ වෙලා ඉවර නැහැනෙ... සමා කරපු ජරා වෙඩින් කාඩ් වැඩෙන් ඩැඩාගේ හිත රිදිලයි ඉන්නේ, හොඳටම.
දන්නවනෙ ඩැඩාගෙ හැටි! සැසිල් මගෙන් අහනවා සෑම් උඹේ දුවෙක් නෙවෙයිද කියලත්...” ටිකෙන් ටික අම්මාගේ හඬ හැඬුම්බර වේගෙන එයි.

ඩැඩාත් ඔහොම දේවල් ගණන් ගන්න කෙනෙක්ද? අම්මා එයාගේ පිටින් දමා මේ කියන්නේ ඇයගේ අදහස්ද?

“මේක සෑම්ගේ වෙඩින් එකනෙ... එයාට කැමති විදිහට කර ගත්තාවේ. අම්මලට තියෙන්නෙ සන්තෝෂ වෙන්නයි- ඒ වැඩ ලස්සනට කෙරෙනකොට.”

“ලස්සනට? ලස්සන තමයි! ලංකාවේ නං එහෙම මෙව්වට මූණට කෙළ ගහනවා. කොහෙ තියෙන චාරිත්තරයක්ද මේ... කසාද බඳින්නත් කලින්ම මිනිහගෙ ගෙදර පදිංචියට යන සිරිතක් තියෙනවද? කියන්නෙ නං ඩ්රුතීලා ගෙදරයි ඉන්නෙ කියලා. ඒ කිව්වට බිමලුත් ඉන්නෙ එහෙමනේ... කවුද දන්නෙ මොන මොනවා වෙනවද කියලා...
ඩ්රුතීද සමන්තිගේ අම්මා? මමනෙ... අම්ම කෙනෙකුට නේද දුවෙක්ව හරියට හදා ගන්න පුළුවන්...”

“අම්මේ දැන් ඔය රටවල ලිවින් ටුගෙදර් කියල සිස්ටම් එකකුත් තියෙනවලු නේද?”
“තියෙනවා නේන්නං. නැහැදිච්චකම... අපරාදෙ... මෙයාලට ලංකාවෙම ඉන්න දෙන්නයි තිබ්බෙ.”
“ඇයි අම්මේ, නොදන්න තාලෙට කතා කරන්නේ... 1970 ගණන්වල මුල් කාලෙත්, ඩික්මන්ස් රෝඩ් එකේ සී හාමුලගේ
ගෙදර දෝණියන්දල දෙන්නම ලංකාවේදීත් එහෙම හිටියේ... කවුද එයාලගේ මූණට කෙළ ගහන්න ගියේ... නොදන්නවා වගේ හිටිය මිස... වැඩිය එපා, අම්මත් ඒවාට මොකුත් කියන්න ගියායැ, යසට කට වහගෙන උන්නේ...”

“ඕගොල්ලො ඔක්කොටම ඕනි දේකට මේ අම්මා නේන්නං සේරටම වැරදිකාරි!” අම්මා දිනුම් පදය කිව්වේ හොටු හූරා දමමිනි.
ඒ මොහොතේ නිහඬව හිටියත්- ඒ දවස්වල මා උන්නේ තඩිම- තඩි ජයග්‍රාහී මානසිකත්වයකිනි!
මට මගේ අනෙකා හමු වී තිබුණු බැවිනි ඒ!!
අපේ සබඳතාවට අවුරුදු හයක් තරම් දිගු කාලයකුත් ගෙවී තිබුණු බැවිනි ඒ!!!

එවන් සබඳතාවකට ප්‍රේමයක් යයි කීම කොතරම් දුරට නිවැරදිදැයි...

‘... ග්‍රීක මහ දෙවි සියුස් මුලින්ම මවා ඇති මිනිසාට ලිංග භේදයක් තිබී නැත. ඔවුනට මුහුණු දෙකක්, අත් සතරක් හා කකුල් සතරක් බැගිනුත් තිබුණේලු. ඒ නිසාමදෝ ඔවුනට අසාමාන්‍ය ශක්තියකුත් තිබුණේල. එය දුටු මහ දෙවි රජිඳා මතු වන්නාවූ බිහිසුණු තත්ත්වය පිළිබඳව උපකල්පනය කොට බෙහෙවින් ත්‍රස්ත වීල. එය වළක්වා ගැනීම පිණිස නොපමාව සුදුසු පියවරක් ගත්තේල.

ඒ, අර ශක්තිමත් මිනිසා දෙපළු කොට- එක භාගයක් ස්ත්‍රීන් බවටත්, අනෙක් භාගය පුරුෂයන් බවටත් පත් කිරීමෙනි.

එදා ඉඳන්ම මිනිහා කරන්නේ තමාට අහිමි කෙරුණු තමන්ගේ අනෙක් භාගයසොයමින් වෙහෙසීමලු!’

මේ ග්‍රීක පුරාණෝක්තියකි. එහි පදනම කුමක් හෝ වේවා...
මට මගේ ‘නැති වුණු අනෙකා’ හමු වී තිබිණි-යි කිව්වේ ඒ දිනවල මගේ ලිංගික සහකරුවා ගැන මෙනෙහි කරමිනි.
ඒ දිනවල; 1994 වෙනවිට හය වසරකුත් ඉක්මවා තිබුණු මගේ ඉතා දැඩි ප්‍රේමය...
එහෙත් එවන් සබඳතාවකට ප්‍රේමයක් යයි කීම කොතරම් දුරට නිවැරදිදැයි මම නොතකමි.

මා සම්බන්ධයෙන් ගත් කල ‘ප්‍රේමය රාගයෙන් සපිරි එකකි. අනුරාගයෙන් පිරුණු එකකි.’ ඉදින් කෙසේ නම් මගේ ඒ ප්‍රේමය පාරිශුද්ධ වූවකි; සුරම්‍ය වූවකි යැයි කියන්නද? මා සම්බන්ධයෙන් නම් සුපසන් ආදරය යනු විහිළුවක් නොවෙද?

ඒ ගැන හිතා බලන්නට දයාබර ඔබට කාල-වේලාව ලබා දෙමිනි, මා ඊළඟ කොටසට යන්නේ. හොඳද...à

39 comments:

  1. “//අනේ නිකා ඉන්න ලොකූ... මම ඉපදෙනකොටත් ඔයා අපේ පවුලේ bread winner වෙලා ඉවරයි. අපි පුංචිම කාලෙ ඉඳල අපිට අම්මයි තාත්තයි දෙන්නම වුණේ ඔයානෙ. ඉතිං කොහොමද ඔයාගේ නම දැම්මම වැරදි වෙන්නේ.//.හරිම කෘතවේදී කෙනෙක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඉයන් මහත්තයෝ.
      මේ ලිපි පෙළේදි Sam ගැන වැඩියෙන් කියන්න වෙනවා. එතකොට බලන්නකෝ.

      Delete
  2. දේවාශීවාද ලැබේවා!
    නිදියා අයා වෙත ලියමි. නිදි අයේ සෙපසනීප කහමද? මම නං සට-සට ගා වවුලමින් සැපෙන් සිටිනෙමු. අයාත් සැපෙන් සිටිනෙමුද? ප්‍රාජේ අයාටත් සැප වාවා!

    මේ වග,
    බසා

    (සාදර අනුග්‍රහය ඊ.ආර් එරත්ත මයා)

    ReplyDelete
    Replies
    1. බසා මලා සීතලෙන්ද? තට අකුලග්න

      Delete
    2. @ බස්සා

      කේස් එක සීතල ද නැත්නම් ෆොන්ට් එකේ අවුලක් ද?

      ඇත්තටම සමලිංගිකයන්ට සම අයිතිය ලබාදීම වගේ බටහිර රටවල තියෙන නීති රීති ලංකාවට හඳුන්වාදීම පිළිබඳව ඔයාගේ අදහස හොඳයි ඒත් ඔය වගේ ටිකක් controversial වැඩ කරන්න කලින් සාමාන්‍ය එදිනෙදා පුනරාවර්තන වැඩ ටික කරගෙන ලංකාවේ ආර්ථිකය සහ රජය කළමණාකරණය කරන එකත් හරිම බරපතල ලෙස අමාරුවේ වැටෙන තැනකට මේවන විට මාලිමාවේ නව රජය පත්වෙලා තියෙන හැටියට ඔය වගේ වැඩ කරන්න ගියොත් නන්දසේන පෝර තහනම කරන්න ගියාටත් වඩා ලොකු ප්‍රශ්නයක් වේවි කියලයි මට හිතෙන්නේ

      මොකද ඇත්තටම වසර 30ක පමණ කුරිරු යුද්ධයක් එක්ක තමයි මැදමුලන නාකි මයිනා මහින්ද වැඩ පටන් ගන්නේ. ඒ වෙනකොටත් හිටපු ජනාධිපති වරු කීපදෙනෙක් යුද්ධය ඉවර කරන්න හරි දේශපාලනමය නායකත්වයක් දීලා තිබුනේ නැ.උතුරේ කොටි ප්‍රබල ත්‍රස්ත කන්ඩායමක් වෙලා තිබුනේ.(1989-93 කාලේ පුෂ්පෙට දකුනේ භීෂණයට මූණ දෙන්න වුනා එයාගේ කාලවකවානුවෙදි. ඒකත් මෙතනදි අමතක කරන්න බැ. හරි හෝ වැරදි සාර්ථක ප්‍රතිපල ලබාගන්න ආකාරයට පුෂ්පේ දකුනෙ භීෂණේට මූන දුන්නා)

      ඉතිං ත්‍රස්ත යුද්දේ අවසන් කරන්න හැබෑ උවමනාවක් අධිශ්ඨානයක් තිබුන නායකයෙක් විදිහට නාකිමයිනා මහින්ද අනවශ්‍ය විදිහේ විවේචන යුද්ධය අරඹයා නොකරන ලෙස කියන්න ඇති. ඒකේ ඇති වැරැද්ද මොකද්ද? ඒත් ඔබම කියන විදිහට 'මාව විවේචනය කරන්න, හැබැයි යුද්ධය විවෙචනය නොකරන්න' සරලම කතාව ඒකනේ.

      අද මාධ්‍ය සාකච්චා සුහද පාටියක් වුනාට එදා ගෙවුන හැම තප්පරයක්ම යුදමය තත්වයක් තිබුනේ. අද යුද්යක් නැ එදා කුරිරු යුද්ධයක් තිබුන බව අමතක කරන්න එපා.

      අනික ඒ යුද්ධයට මූණ දුන්න හැම කෙනෙක්වම හෑල්ලුවට ලක් කරන්නත් එපා. මේ කිව්වේ යුද පෙරමුනේ හිටපු අයත් ඊට දෙසපාලන වශයෙන් සහය දුන්න හැමොමත් පිලිබදව.

      හැබැයි කනගාටුයි මේ මෑතක දැක්කා ඒ ජීවිත විනාශ වුන යුද ජයග්‍රහනයට වඩා දේශපාලන බල හුවමාරුවක් ඉතා ඉහල බව කියලා ත්‍රස්ත යුද ජයග්‍රහනය හෑල්ලුවට ලක් කරනවා.

      කිව යුතු තව වැදගත්ම කාරනය වන්නේ ත්‍රස්ත යුද්ධය යුදමය වශයෙන් අවසන් කලත් ඊලම් බෙදුම්වාදී මතවාදය තවමත් තිබිය හැකියි. ඒක දේශපාලන ව්‍යාපාර වගේම නොසිතන විදියට වෙන ආකාරයකට එන්න වුණත් බැරිම නෑ කියන එකයි මගේ මතය මොකද මතකනේ 2019 පාස්කු සිදුවීම?

      ඒ නිසා පත්වන ඕනෑම රජයක් ඉතා පරිස්සමෙන් ඒ තත්වයන් වලට මූණ දිය යුතු වෙනවා, ගැලරිය චූන් නොකර... එහෙම නේද?

      Delete
    3. පලතුරු දුන් දෙන්නාටම සැප වවා!👌

      Delete
    4. උත්තර දන්නු ඔක්කොටලම දෙයි පහිටයි.

      Delete
    5. බස්සා මහත්තයෝ. ඔයා කිව්වාට පස්සෙයි මතක් වුණේ සහ සමානකම් පෙනෙන්න ගත්තේ. අපේ මල්ලාත් රොමා වගේම තමයි ඒ දවස්වල...

      Delete
  3. තට්ට අජිත්, තට්ට රසික, තට්ට මංජු නං සමරිසි ඇසුරට කැමතියි කියන එක හැමෝම දන්න දෙයක්නේ.

    හැබැට සමලිංගිකයෝ ගොඩක් අයට තට්ටේ තියෙන්නේ ඇයි? සාදුලත් එහෙමනි

    ReplyDelete
    Replies
    1. @ කුමාර

      මම හිතන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වය අනුව වෙන දෙයක් වෙන්න ඕන, කෙස් වැවීම සහ තට්ටය පෑදීම ටෙස්ටෙස්ටරෝන් හෝමෝනයේ සහ ඊස්ට්‍රජන් හෝමෝන ක්‍රියාකාරීත්වය මත තීරණයවෙන නිසාම ඒක එම අදාල පුද්ගලයාගේ ලිංගික දිශානතිය තීරණය වීමටත් බලපනවා වෙන්න ඇති, මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පර්යේෂණ research papers අධ්‍යනය කරන්න ඕන හරියටම කියන්න සමහර වෙලාවට අලුතෙන්ම රිසර්ච් එකක්ම කරන්න වෙයි.

      Delete
    2. කොයි දේත් නිසි අධ්‍යයනයකට බඳුන් වීම හරි වටින දෙයක් නේද කුමාර?

      Delete
  4. @ නිදි

    ඔයාට මතකද තමන් සමලිංගිකයෙක් බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. මම හිතන්නේ ඉහළම දේශපාලන නායකයකු ලෙස එසේ ප්‍රසිද්ධ ප්‍රකාශ කළේ ඔහු පමණයි.

    ඒ වගේම තමන්ගේ සමලිංගික කැමැත්ත සැඟවිමට කිසිදු හේතුවක් නැතැයි කියූ ඔහු කෙනෙකුගේ ලිංගිකත්වය තවත් අයකු ප්‍රශ්නයක් කරගත යුතු නැති බව ද පෙන්වා දුන්නා.

    බුදුන්වහන්සේගේ අසූ මහා ශ්‍රාවිකාවන් අතරින් 34 දෙනෙකු ම නිදහස් ලිංගික කාන්තාවන් යැයි ද ඔහු පෙන්වාදුන්නා.

    ඔහු මේ බව අන්තර්ජාල නාළිකා සමඟ පැවති සාකච්ඡාවලදී විවෘතවම පැවසූවා මතකයි.

    පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සමලිංගික විවාහ නීතිගත කිරීමට උත්සාහ කළ අතර මංගල සමරවීර ප්‍රබල ඇමතිවරයෙකු වූ එම ආණ්ඩුවේ අධිකරණ ඇමැතිවරයෙකු ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂ අමතා හත් වරක් ඊට අනුමැතිය ඉල්ලා තිබුණත් එය ක්‍රියාත්මක කිරීමට විජේදාසලා කැමති වුණේ නෑනේද?

    නමුත් වර්තමානයේ පවතින ජාතික ජන බලවේගයේ රජය යටතේ එම සමරිසි විවාහ පණත ක්‍රියාත්මක කිරීමට ලේසියෙන්ම ඉඩකඩ ලබාගත හැකි බවට මට විශ්වාසයි.

    මංගල සමරවීර මීට වසර කිහිපයකට පෙර යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස සිටි සමයේ කියපු මේ කතාව ගැන ඔයා මොකද කියන්නේ?

    https://www.facebook.com/share/v/15bifmq527/

    ReplyDelete
    Replies
    1. කතාවකින් යාන්තම් ටිකක් විතර බලලා දහස් දැක්වීම එච්චර හරි නෑ නේද? මොකද උලුප්පන කෙනාට ඕනි කරන අදහසනෙ දෙන්න හදන්නේ...

      Delete
  5. අගමැතිනි හරිනිත් සමලිංගික නේද. එයාගේ පාර්ට්නර්ට අගමැති කාර්යාලයේ තනතුරක් දීලා ඔය ලගම තියාගෙන ඉන්නේ හැම වෙලේම. එකට වේලිච්ච ගමන් දකින හැම වෙලේම.

    ReplyDelete
    Replies
    1. නොදන්නා දේ ගැන කතා නොකිරීමයි මගේ පිළිවෙත .

      Delete
    2. ඇයි නිදී ආප්ප සීන් ගැන ඉන්ටරස්ට් එකක් නැද්ද? හොයල බලන්න ආස හිතෙයි, ඔය අගමැටි මජර මොංගල් මලහෝන්තුව ඕපන් යුනියේ හිටපු කාලේ නටපු නාඩගම් ගැන පෝස්ට් සීරීස් එකක්ම දාන්න පුළුවන් වෙයි.

      Delete
  6. @ නිදී

    මේක ගැන ඔයාට මොනවද කියන්න පුළුවන්?

    Refer to the IMF publications and news reports, IMF highlighted that vehicle importation and excessive consumption contributed to the crisis in the following ways:

    1. Pressure on Foreign Exchange Reserves:

    Sri Lanka heavily relied on imports for vehicles and luxury goods, which drained its limited foreign exchange reserves.

    Vehicle imports were among the largest non-essential import categories, creating a significant trade deficit.

    Ref: https://www.imf.org/en/Publications/WEO

    2. Economic Imbalances:

    High levels of consumption, fueled by credit expansion and low import restrictions in previous years, led to unsustainable import levels.

    The imbalance between imports and exports worsened the foreign exchange shortage.

    Ref: https://www.imf.org/en/Countries/LKA

    3. Policy Response - Import Bans:

    To address the crisis, the government imposed strict import bans, including on vehicles, to conserve foreign exchange.

    While this reduced pressure on reserves temporarily, it led to inflation, supply chain disruptions, and reduced economic activity in sectors reliant on imports.

    Ref:
    https://www.imf.org/en/News/Articles/2024/03/01/022224oped-srilanka-economic-reform-program-is-starting-to-work

    ඒ වගේම ආර්ථික විද්‍යානුකූලව ඒ පිළිබඳව විද්වතෙක්ගෙන් මේ ගැන දත්ත සහ ඉතාමත් තාර්කිකව පැහැදිලි කර දුන් දේ ගැන ඔබේ සහ පාඨක අවධානය යොමු කිරීමටත් ඕනේ

    මොකද මම පොදු ප්‍රවාහනයේ අගය දන්න ඒ වෙනුවෙන් පෙනී හිටින කෙනෙක් විදියට ලංකාවේ ආර්ථික කඩාවැටීමට අමතරව රටේ බලශක්ති ප්‍රවාහන කාර්යයක්ෂමතා පැත්තෙනුත් වාහන ආනයනයට ඉඩ දීම විශාල ගැටලු මතු කරනවා.

    පෞද්ගලිකව බැලුවොත් වාහන ආනයට ඉඩදීම මට වාසියි, මම ඒ ක්ෂේත්‍රයේ ව්‍යාපාර කරන නිසා මෙන්ම 2019 ආනයනය තහනමට පෙර විදුලි වාහන ආනයනයටත් මූලික වුණ කෙනෙක් නිසා, රටේ විදුලි වාහන ප්‍රවර්ධනය කරන්න සෑහෙන ක්‍රියාත්මක වුණු කෙනෙක් නිසා.

    එමෙන්ම නැවත මාලිමා රජය වාහන ආනයනයට ඉඩ දුන්නොත් මමත් ඒ ව්‍යාපාරය ලංකාවතුල කරනවා මොකද මම මෙතෙක් කරලත් තියෙනවා. සාධාරණ ව්‍යාපාර පිළිබඳව, විදුලි වාහන පිළිබඳව රටේ විශ්වාසයකුත් ගොඩනගාගෙන තියෙන නිසා මටත් හොඳ මුදල් ප්‍රමාණයක් අවංකව සාධාරණව උපයා ගන්නත් පුළුවන්.

    එහෙම තියෙද්දිත් මම මේ ගැන කතා කරන්නේ අපේ පෞද්ගලික ලාභ පාඩු මොනවා වුණත් රටට විය යුතු හොඳ දේ නිවැරදි දේ ගැන කතා කළ යුතු නිසා.

    මේ ගැන තියෙන ඉංග්‍රීසියෙන් පළවුණු මේ ලිපියකට ලින්ක් එක මේ.

    https://www.ft.lk/columns/Lifting-import-ban-on-automobiles-Sri-Lanka-sleepwalks-into-disaster/4-769115

    මේකට උත්තර දෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියන්නං මහත්තයෝ. ඔයා කියන සේරම හොයා බලා මගේ අදහස් කියන්න තරම් වෙලාවක් මට නෑ. ඒ වගේමයි මට ඒ ගැන තියෙන දැනුමත් මදි.
      අවුරුදු ගණනාවක ඉඳලා ඉතාම අඩුවෙන් ගෙදරින් බැහැර යන මට අලුත් අත්දැකීමුත් මදි.

      Delete
  7. https://www.manchestersfinest.com/articles/manchester-myths-apple-logo-alan-turing/

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ - ඉතා වටිනා ලිපියක ලින්ක් එක එව්වාට.

      Delete
  8. හෙහ්..හෙ. බඩා මලය නිසා පඋම ලියන හරි විදිහත් එකසැරේට අමතක උනා 😆.

    ReplyDelete
    Replies
    1. ඇලන් ටියුරින්ට වෙච්ච වැඩේනං අන්තිම සවුත්තුයි. අපෙ නොදන්නංකම් හන්දම ව්‍යයවසන වෙන ප්‍රමාණය වැඩි වෙනව කියලයි හිතෙන්නෙ.

      Delete
    2. නමී දැන් පඋම්වලින් වගෙයි වැඩ...
      එහෙම ව්‍යසන ගැන කියද්දී මට මතක් වෙන්නෙම සොක්‍රටීස් හා නූගත් සෙබළෙකුගෙන් හිස් ගැසුම් කෑ ප්‍රාඥයා. (මේ මොහොතේ මට නම මතක් වෙන්නේ නෑ. හිරු එළිය මුවා කරන්නේ නැතිව අහකට වෙන්නයි කිව්වාම සෙබලා කඩු පහර දුන්නේ.)

      Delete
  9. Dear Nidi, hope you remember me, I am the person who sent you the plan of your flat in Hounslow. Another bit of trivia- the venue of the wedding C & L Country Club is still there- over the past three decades many Sri Lankan events have been hosted there. It's a very popular event location among British Asians. You can check the venue on Google, there are some pics too online

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ගොඩාක් ස්තුතියි Ano. ඔයා එවූ නිවාස සැලසුමට ආයෙමත් ස්තුතියි!
      උත්සවය පැවැත්වුණු ශාලාව ගැන විස්තර හොයා බලන්නං. ෆොටෝත් තියෙනවා නං තවත් අගෙයිනේ...

      Delete
  10. Maybe Sam put your name down so thet you can get the visa easily- the printed card can be then submitted to the British High Commission in Sri Lanka

    ReplyDelete
    Replies
    1. ඒකත් එක කාරණයක් වෙන්න පුළුවන්.
      නමුත් මම ඒ ගැන සෑම්ගෙන් ඇහුවාම ලැබුණු උත්තරයයි post එකේ ලියල තියෙන්නෙ.
      වීසා ගන්න ගිය විස්තර ඉදිරියෙදි ලියනවා.

      Delete
  11. මුදලාලිගේ බටේ නිමල්ගේ කටේ
    නිමල් යයි ලපයට කඩේ

    ReplyDelete
  12. නිමල් මල්ලි, ඔබතුමාට බරපතල ලිංගික අතවර කරපු අයට නඩු දාමු.
    මම කැමති උදව් කරන්න මල්ලිට.

    හමුවෙන්න එන්න මාව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඒ කීප දෙනා දැන් මිය ගිහිං.

      Delete
  13. රංග තේනුවරDecember 6, 2024 at 8:35 PM

    සිංහල බ්ලොග් ලියන ගොඩක් අය සමලිංගික පිරිමි නේද?

    රසික, තිලකේ, නිමල්, පැරකුම්, ලෝටස් අජිත්, අමිල, අටන්, මංජුල, ඉකොනෝ, ඉයන්..

    ඒ තියා මෙච්චර කාන්තා පාර්ශවයන් අඩුවක් නැති හැලපත් ටවුමේ තේ කඩේ මත්තයයා ට කලිසම පාත් කරානේ

    ReplyDelete
  14. ඇලන් ටියුරින් කතාව සහිත චිත්‍රපටය The Imitation Game මා (නිවසේ දී) නැරඹූවා. මුළ දී ආසාවෙන් නැරඹූ නමුත් අවසානයේ ඉතා කණගාටුදායක කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් රසික මහත්තයෝ, මාත් දැඩි කම්පනයට පත් වුණා එය බලද්දී.

      Delete
  15. 'ගොදුරක් වෙන්නට රිසි වුවත්'

    දැන් ඔන්න රසික ඉන්න දෙන එකක් නෑ නිමල්ට

    ReplyDelete
  16. නිමල් මේ නිව්ස් ක්ලිප් එකේ කියවෙන අදහස නම් හොඳයි නේද?

    https://www.facebook.com/hirunews/videos/549464541259688/?app=fbl

    ReplyDelete
    Replies
    1. Ano, ඔයා ප්‍රශ්නය අහන විදිහෙන්ම පේනවනේ බලාපොරොත්තු වෙන උත්තරේ...

      Delete
  17. සමලිංගිකත්වය කියන එක නරක දෙයක් කියල දැන් පිලිගන්නේ නෑ නේද? ඒක සාමාන්‍ය තත්ත්වයක් ලංකාවේ මෝඩ මිනිස්සුන් සමහරක් ඕක ලෙඩක් කියල විශ්වාස කරනව ඒත්,ඊට වැඩිය නරක ලෙඩ ලංකාවේ,තියෙනව නේද?

    උදාහරණ විදිහට 69 ලක්‍ෂයේ “රණවිරු ගායට” එහා භයානක ලෙඩක් තමයි ඔය මෑතකදී ආපු 68 ලක්‍ෂයේ “පුප රුදාව”.. නේද?

    ReplyDelete
    Replies
    1. Ano, ඔයාත් ප්‍රශ්නය අහන විදිහෙන්ම පේනවනේ බලාපොරොත්තු වෙන උත්තරේ...

      Delete
  18. ලංකාවේ ජනප්‍රිය චරිත ගත්තාම හිටපු අගමැති රනිල්, හිටපු මුදල් ඇමති මංගල, ඒ වගේම සාගල සහ අලුත් කට්ටිය ගෙන් ලාල් වගේ අයත් ඔය අංශයට උනන්දුව තියෙන අය කියලා අපි අහල තියෙනව නිමල්, ඒ අයගැන මේ වගේ කතන්දර අහල නැද්ද? ඔයාට ඒ වගේ රටේ ප්‍රසිද්ධ ප්‍රබල චරිත වලින් මේ සම්බන්ධව අත්දැකීම් නැද්ද?

    හැබැයි දැන්නම් දේසපාලුවන් සේරම එපාවෙලා තියෙන්නේ නිදී, ගියපාර මම උදව් කලේ රනිල්ට ඒත් පොර පරාදයි, අපි අරගල කරලා ගහලා පන්නපු නන්දසේන උනත් දැන් ඉන්න දෙකයි පණහේ පිස්සු ජෝකර්ලාට වඩා දස දහස් ගුණයක් හොඳයි කියල දැන් හිතෙනවා නේද මොකද අඩුම ගානෙ නන්දසේන යුද්දෙ දිනන්න සක්‍රියව දායක උනා, කොලබ ආසියාවෙ වේගයෙන්ම දියුනු වෙන නගරය විදියට ලස්සනට හැඩ කරා. උබලගෙ මොංගල් පචකුමාර කියන කයියතන් http කරපු වැඩ 5ක් කියපන් පුලුවන්නම් 😂 කයිය ගහන එක ඇරුණාම 😋

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්