li Item

Thursday, December 16, 2021

පහළොවේදී...- නවවෙනි කොටස

එල්ගේත්, ‘සිරිගේත් පෙම් කූඩුව කඩා ඉහිරවන පාප කර්මයට මේ ලියන මටත් හවුල් වෙන්නට සිදු වුණු විත්තිය....

මං බාස් උන්නැහේ ගැන ලිව්වේ අවුරුදු තුනහමාරකට විතර ඉස්සරින්, 35 වෙනි post එකේදීය; ‘අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති...’ පෝස්ටුවේදීය. ‘එල්’ගේත්, ‘සිරි’ගේත් පෙම් කූඩුව කඩා ඉහිරවන පාප කර්මයට මේ ලියන මටත් හවුල් වෙන්නට සිදු වුණු විත්තිය හෙළි කළේ එහිදීය.

බාස් උන්නැහේ නිසා සිද්ද වෙච්චි හරිය ඊළඟ කොටසින් කියන තුරු, ඉඩක් තිබේ නම් ‘අනේ කුරුළු කූඩු..’ පෝස්ටුවත් නැවත කියවලා ඉන්න..... පසුගිය කොටස අවසානයේදී මම ඔබට එලෙස කිව්වෙමි. මේ එතැන ඉඳලාය.

 “රංජි!” තාත්තාගේ කටහඬේ tone එකෙන්ම ලොකු ගිනි ගෙඩියක් පෙරළීගෙන එන විත්තිය මට දැනුණේය. බාස් උන්නැහේත් බිම බලා ගත්තේ මා මඟ හරින්නට වගෙය.

“කවද ඉඳලද යකෝ තෝ පිම්පිකම් කරන්න පටන් ගත්තේ?” අපේ තාත්තා ඇහුවේ වෙවුලමිනි. “...ඔහොම දේවල් කරන්ඩද යකෝ තොපිව මේ හදන්නේ?”

තාත්තා අහන්නේ උත්තර අනවශ්‍ය ප්‍රශ්නය.
ඒවාට උත්තර දෙන්නට යාම කොහොල්ලෑ බබාට පහර දෙන්නට යාමකි. මම හිටි තැනම ගල් ගැසී බලා උන්නෙමි. “නොදකින් බූරුවා! උලමා වගේ බලා ඉන්න හැටි... තියපන්, තියාපන් ඔය පොත් ටික ඇතුළෙන්... තියලා වරෙන් මෙහාට.” තාත්තා ඉඳගත් තැනින් නැඟිටින්නේවත් නැතිව මට විධාන දෙයි.

“එහෙනං ගුණපාල උන්නැහේ, ඔහේ ලොකු ළමයා එක්ක ඔව්වා තේරුම්-බේරුම් කර ගන්නකල් මං කඩේ පැත්තට ගිහින් එන්නං.” කියාගෙන බාස් උන්නැහේ නැඟිට්ටේය.

“නෑ නෑ නෑ. තමුසෙත් ඉන්නවා. තමුසෙටත් ළමයි තුන් දෙනෙක් ඉන්නවනේ... අද තමුසෙටත් බලා ගන්න පුළුවන් කොහොමද ළමයි හදන්න ඕනි කියලා... අනික මූ දන්නවා තමුසේ තමයි මට මේවා කියන්නෙ කියලා...” තාත්තා බාස් උන්නැහේට කීවේය.
(බාස් උන්නැහේගේ දියණියන් දෙදෙනාම ඊට වසර කිහිපයකට පස්සේ අපේ දීපානි බතික් ආයතනයේ සේවය කළහ. ‘කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන්’ පෝස්ටුවකදී කී පරිදි සෝමවීර හා ඔට්ටුවට ‘පාන්
රාත්තලක් ගිල දමා’ දිනුවේ බාස් උන්නැහැගේ දෙවෙනි දියණිය වූ වජිරාය.)

“කවුද කියපං ඔය බුවෙනකබාවේ ඉන්න උඹේ යාාාාළු චණ්ඩි...”

අපේ තාත්තා තද නීතිකාරයෙක් වුණේය. ඒ අතරේම දැඩි අභිමානවත් බවකින් යුතු, ආඩම්බරකාරයෙක්ද...

තාත්තා එක-එක අතට හරවමින් ප්‍රශ්න වැලක්ම අහගෙන- අහගෙන ගියේය. කටක් ඇරියේ මං නොවේ.

එකක් ෂුවර්ය. දීඝායු ගැන විස්තර තාත්තාට ආරංචි වී නැත.... ඒ ස්වර්ණා ගැනත් එහෙමමය.... ආරංචි වෙලා තිබ්බේ කොඤ්ඤං- කොඤ්ඤං වගේය. අහන ප්‍රශ්නවලින් මට තේරුණේ එහෙව් විත්තියකි.
‘විද්‍යාකරේ ගෑනු ළමයෙක්ව යාළු කර ගන්න බුවෙනකබාවේ කොල්ලෙක් try කරලා. සපෝට් එකට ගිහින් තියෙන්නේ රංජි. තව ඩිංගෙන් ඉස්කෝල දෙකේ කොල්ලො මරා ගන්නවා.....’

“ඈ බොල වේසිගෙ පුතෝ... තෝ හිතන්නේ කට වහගෙන හිටියම මං වැඩේ අත අරියි කියලද? උඹ කට වහගෙන හිටපං... කට වහ ගෙනම හිටපං... මේ තාත්තා දන්නවා යකෝ උඹට වැඩිය ලොකු මිනිස්සුන්ගෙත් කට අරවන හැටි!” තාත්තා පුටුවෙන් නැඟිට්ටේ කොර අනිමිනි. “අද උඹට මම...”

“කොහෙද ගුණපාල උන්නැහේ බැරි-බැරි ගාතේ ඔය යන්න හදන්නේ... ඔය.... ඔය. වැටෙනව දැන්. මොනවද ඔහේට ඕනේ?” වැටෙන්නට ගිය අපේ තාත්තාව වත්තන් කර හිඳවූ බාස් උන්නැහේ ඇසුවේය.

“මට ඕනද?.... මට ඕනේ පුවක් අත්තක් කපා ගෙන එන්න....” තාත්තා කිව්වේය.
“පුවක් අත්තක්...”
“ඔව් ඕයි... අන්න අර ගොඩපර ගහ ළඟ තියෙන පුවක් පැලේකින් කපාගෙන එනවා හොඳ අමු අත්තක්....” අපේ තාත්තා බාස් උන්නැහේට කීවෙත් තරහෙන්මය.

බාස් උන්නැහේ ගිහින් පුවක් අත්තක් කපා ගෙන ආවේය; තාත්තාට දුන්නේය. තාත්තා ඒ පුවක් අත්තේ කොළ ටික සැස දැම්මේ මහ නාරටිය විතරක් ඉතිරි වෙන පරිද්දෙනි. වෙන්නට යන දේ මට තේරුණේ එතකොටය.

අපේ තාත්තා තද නීතිකාරයෙක් වුණේය. ඒ අතරේම දැඩි අභිමානවත් බවකින් යුතු, ආඩම්බරකාරයෙක්ද විය. (ඒ ගති එහෙම පිටින්ම වගේ මටත් දායාද වෙලා තිබේ යයි මට හිතේ.)
කෙනෙක් අභිමානවත් වීම; ආඩම්බරයකින් යුක්ත වීම වැරැද්දක් නොවේ. තමන් ආඩම්බර වෙන තරමටම; අභිමානවත් වෙන තරමටම අනුන්ටත් එසේ වීමට අයිතියක් ඇති බව නොපිළිගන්නේ නම් එතන වැරැද්දක් තිබෙනවා නේද?

කොයි පිරිමියාද- කොයි ගැහැනියද උත්තම දරුවන් ලැබීමේ සද් චෛතසිකයෙන් යුතුවවැඩේට බහින්නේ....

තාත්තේ, එච්චර ආඩම්බරයක්; අභිමානයක් තිබුණු කෙනෙක් වෙලත්- තව කෙනෙකුටත් පුංචි හෝ අභිමානයක් තිබෙන්නට පුළුවන්ය කියල ඔයාට නොසිතුණේ ඇයි. හිඟන්නෙකුට වුණත් තමන් ගැන ආඩම්බර වන්නට අයිතියක් නැද්ද?

ඇත්ත, ඔයා මේ ලියන මාව ජාතක කරන්නට ඇති. ඒත් තාත්තේ, මං ජනිත වෙන්නට ඇත්තේ ඔයාගේ ලිංගික කටයුත්තේ අතුරු ප්‍රතිඵලයක් විදිහට නේද... කොයි පිරිමියාද- කොයි ගැහැනියද ‘උත්තම දරුවන් ලැබීමේ සද් චෛතසිකයෙන් යුතුව’ වැඩේට බහින්නේ....

ඒක එහෙමම වුණයි කියමුකෝ.
කොහොමෙන් හරි, චේතනාන්විතවම හරි ජීවයක් ඉපැද්දුවාට පස්සේ ඒ ජීවයට හානි කරන්නට අයිතියක් ඔයාට තියෙනවද... ඒ ජීවියාට අගරු කරන්නට...; ඒ ජීවියාට අවමන් කරන්නට අයිතියක්...
එතොට මට අවුරුදු පහළොවක් තාත්තේ.... ඔයාම කියන්නට පුරුදු වෙලා හිටි හැටියට ‘
නැට්ටට කිරි උනලා තිබ්බ වයසේ!’  

ඒ වයසේදී ටෙස්ටස්ටරෝන් ‘පිරිමි’ හෝමෝනය වැඩියෙන් ශ්‍රාවය වෙන්නේල!
ගැටවර වියේදී යෞවනයන් වඩා උද්වේගකාරී වන්නේත්;
ආවේගශීලී වන්නේත් එනිසා බව කියැවේ. ඒ ආවේගශීලී බව මට ජවයක් දුන්නා විය යුතුය.

මම දත් මිටි කාගෙන බලා සිටියෙමි!

ලොකු අනතුරක් ගැන බයක් තියෙද්දී, පොඩි අනතුරක් ගැන ගැන යාන්තමටවත් කල්පනා වෙන්නේ නැත! සොබාවය එයයි.
එදා වුණේත් ඒකය. තාත්තාගෙන් අම්බානක ගුටි කන්නට වුණත් කමක් නැත. දීඝායු ගැන නොකියා සිටිය යුතුය. එකල දීඝ කෙරෙහි මගේ හෘදය අභ්‍යන්තරයේ තිබුණේ එතරම්ම දැඩි හැඟීමකි. ඒ ආදරයද?

අපට හැම දෙයක් ගැනම පැහැදිලි කරන්නට පුළුවන්ද?
හැම දෙයක්ම සිදු වෙන්නේ නීතියකට හෝ රීතියකට අනුව පමණක්ද? අහම්බයන්ට මේ විශ්වය තුළ ඉඩක් නැද්ද....
මට තවමත් වටහා ගන්නට බැරි බව කියන්නට වෙයි. ඒ දවස්වල දීඝායු කෙරෙහි එතරම්ම තදබල වශීයකින් මම වෙළී සිටියෙමි. කෙටියෙන් කිවහොත් ඔහු වෙනුවෙන් නොකළ හැකි දෙයක් මට නොතිබුණි.

ටජ්මහල තනා ආදරියට ප්‍රණාම දැක්වූ ෂාජහාන් අධිරාජයා සිහි වුණා විය යුතුය. ඔවුන් ගැන මතකය....

ඉතිං...

“මෙහාට වරෙන්! මෙහාට... මගේ ළඟට වරෙන් මගේ යකා අවුස්සන්නේ නැතිව....” කියලා අපේ තාත්තා ගෝළු ගනිද්දී මම කීකරු වීමි; තාත්තා අසලට ගෑටුවෙමි.
“උඹ කට අරිනවද.... මං අරවන්නද?” කියලා අහද්දී සෙල් පිළිමයක්සේ ගල් ගැසී උන්නෙමි.

‘චටාස්!’ පුවක් පිත්තෙන් එකක්... මගේ කකුලකට.
රිදුණේය.... හොඳටම රිදුණේය... සිරුරට වඩා හිතට රිදුණේය. ඒ එක්කම මොකක්දෝ ශක්තියකුත් මගේ හිතට කාන්දු වුණා මතකය.
‘චටාස්!!’... දෙවෙනි පාරත්... තුනක්- හතරක්....

ඒ වෙලාවේ මට වීර මද්දුම බණ්ඩාර ගැන සිහි වුණා වෙන්නට ඇත. දෛවයෝගයේ මහානාද ගැන සිහි වුණා වෙන්නට ඇත. ‘මියෙම්වා රැකෙම්වා’ කියා දියට පැන දික්තලාගේ පස්සෙන් වැටුණු කාළගෝලයා සිහි වුණා වෙන්නට ඇත. ටජ්මහල තනා ආදරියට ප්‍රණාම දැක්වූ ෂාජහාන් අධිරාජයා සිහි වුණා විය යුතුය.
ඔවුන් ගැන මතකය මට සවිබල දුන්නා විය යුතුය.

“කතා කරපං යකෝ!” තවත් පහර ගහමින් තාත්තා ගිගිරුවේය.
නොකඩවා ගලන කඳුළින් දෙකොපුල් තෙමෙද්දී, පුවක් පිත්ත වැදුණු තැන්වල වයිර-පලු මතුවී එද්දී මම නොසෙල්වී උන්නෙමි.

“ගුණපාල උන්නැහේ! ඔය මදැයි... ලොකු ළමයෙක් නේද....” බාස් උන්නැහේ අපේ තාත්තාට කිව්වත්, ඒවා තාත්තාගේ කනට වැටුණු විත්තියක් පෙනුණේ නැත.
කොහෙදෝ ගිහින් හිටි ආච්චී ගෙදර එනකොටත් පුවක් පිත්ත කැඩිලා ඉවරය. මගේ දෙකකුල් පුරා, පිට පුරා තැලුම් පහරවල් ඉදිමී අහවරය.

“නොද්දකින් බූරුවා! ගහලා හදන වයසකද යකෝ මේකා ඉන්නේ? මේ අනික් පොඩි එවුනුත් හොඳටම බය වෙලා... බලපං...” ආච්චී පටන් ගත්තෙම තාත්තාට දෙස්සක් කපමිනි.
“මගේ එකාට ගහන්න බැරි නං මරනවා.... අම්මා අම්මගේ පාඩුවේ වැඩක් බලා ගන්න....” තාත්තා ආච්චීටත් බුරා පැන්නේය.
“වරෙන් පුතේ.... මං තෙල් ටිකක් ගාන්නං.... උඹලත් වරෙල්ලා ළමයිනේ, මං සේරෝටම තේ ටිකක් වක් කරල දෙන්නං.” ආච්චී අප හැමෝම කැන්දාගෙන පල්ලම් බැස්සාය.

එහෙත් ඒ සම්බන්ධය  ඉක්මනින්ම වාගේ අවසන් වූ ගැටවර ප්‍රේමයක් වී තිබුණේ නොසිතූ විලසිනි.

ඒ මං අපේ තාත්තාගෙන් අන්තිම වතාවට ගුටි කෑ අවස්ථාවයි!
මටම පුදුමය... අවුරුදු පහළොවෙදීත් මට ඒ සා දරදඬු හිතක් තිබිණිද...

එයින් පසු වුවද දීඝායුටත් ඒ ස්වර්ණාටත් උදව් දෙන්නට මා පැකිළුණේ නැත. එහෙත් ඒ සම්බන්ධය  ඉක්මනින්ම වාගේ අවසන් වූ ගැටවර ප්‍රේමයක් වී තිබුණේ නොසිතූ විලසිනි.
“ඒක ඉවරයි නිමා!” දීඝායු කිව්වේ එතරම් දෙයක් නොවෙන විදිහටය. එතකොට නම් පුංචි දුකක් වගේම සතුටකුත් මට ඇති වුණේ මගේ පුහුදුන් ගතිය මතු වුණු නිසාද?

දැන්.... ආයෙම ටික දවසක් ආපස්සට; දීඝායුලාගේ ප්‍රේම සම්බන්ධය අවසන් වෙන්නට කලින් දවස් වෙත යන්නට වෙයි.
ගිහින්... ඩග්ලස් ගැනත් කියලා හිටියාම ලෙහෙසිය... ඩගී අපේ තාත්තාව හමුවී ‘අර වැදගත් ලොකු මහත්තයා’ හමු වෙන්නට දිනයක් යොදාගෙන තිබුණේය.
“ඔන්න නිමල්, ලබන ඉරිදා... දවල්ට යමු එහෙනං!” ඩගී මටත් කිව්වේය.

ඉරිදා දහවල් අපි දෙදෙනා ගමන පිටත් වීමු.

“ඔයා සෙලින්කෝ එකට ගිහිල්ලා තියෙනවද?”
මහරගමින් 112 කඩුවෙල බස් එකට නැංගාට පස්සේ ඩග්ලස් ඇහුවේය. මහරගමින් පිටත් වෙන ඒ බසය හයිලෙවල් පාර ඔස්සේ ගිහින්, ඩික්මන්ස් පාරෙන් ගාලු පාරට දමා ගෝල්ෆේස්- කොටුව හරහා යයි.
“ඉස්සරහින් ගිහින් තියෙනවා විතරයි... ඒක නේද ලංකාවේ උසම බිල්ඩිම?”

මගේ මතකය නිවැරදි නම් එවකට ශ්‍රී ලංකාවේ උසම ගොඩනැඟිල්ල ‘සෙලින්කෝ බිල්ඩිම’යි. එය තට්ටු හතක එකක්ද කොහෙදය. උඩම තට්ටුවේ තිබුණේ ‘ආකාස කඩේ’ය. එච්චරකුත් නොවේ. දුවන පඩි පෙළක් තිබුණෙත් එතැන විතරය.
“ඒකටද ඩගී අපි යන්නෙ?”

“හ්ම්! මං ඔයාට කිව්වේ... ඒ සර්ගෙ office එක තියෙන්නෙත් උඩ තට්ටුවක. ලොක්කෙක්නේ...”

ඉස්සෙල්ලාම දුවන පඩි පෙළක ගියේනැෂනල් ඇන්දේහැඳි-ගෑරුප්පුවලින් කාලා සුදහ ගින්දරේ හිටියෙ...
දැන් තවත් හෙළිදරව්වක් කරන්නට හිතෙයි. කොච්චර චණ්ඩිකම් කිව්වත්, ඇත්තම ලියන්නට හිතාගෙන පටන් ගත්තත් මුල් වකවනුවේ මගේ හිතේ චූටි චකිතයකුත් නොතිබුණාම නොවේ. කියවන අය මං ලියන ඒවා කොහොම පිළිගනීවිද?

එසේම ‘links’ යොදා කලින් ලියූ පෝස්ටුවකට මඟ පෙන්වීමට හැකි බවකුත් මම කලක් යන තුරුම දැනගෙන නොසිටියෙමි. (කොළොම්පුරේ අසංග රණසිංහආරච්චි හිතවතා එය කරන හැටි කියා දුන්නේ පසුවය.)

ඒ ක්‍රමය දැනගත්තා වගේම, දැන් දැනගෙන සිටින්නෙමි. නිදිගෙ පංච තන්තරේ කියවන දයාබර රසික ඔබ පටු මානසිකත්වයක පසු වන්නන් නොවේ!
මුලදී ඒ අවබෝධය නොතිබුණු නිසාවෙනි; ආකාස කඩේට ගිය දෙවෙනි අවස්ථාව ගැන 2018 අප්‍රේල් මාසයේ ලියද්දී- මේ පළමු ගමන ගැන වචනයක්වත් නොලිව්වේ.
එදා මා ලියා තිබුණේ මෙච්චරය.

අම්මෝ, එදා තමයි එදා!
ඉස්සෙල්ලාම දුවන පඩි පෙළක ගියේ
, නැෂනල් ඇන්දේ, හැඳි-ගෑරුප්පුවලින් කාලා සුදහ ගින්දරේ හිටියේ එදානේ! ඒත් අප්පා දිළිහි-දිළිහි, බැබලි-බැබලි හිටිය සිංහයෝයි-සිංහ ධෙනුවෝයි රංචුවක්ම දැකගන්න ලැබුණු වාසනාවත් සුළු-පටු එකක්යැ?

ඉතිං, ඉරිදා දවසක් වුණු නිසාදෝ ‘දුවන පඩි පෙළ’ වැඩ කරමින් තිබුණේ නැත. ඩග්ලස්ට නම් එතැන පුරුදුයි වගෙය. කිසිම පැකිළීමක් නැතිව ඒකා මාවත් ඉස්සර කරගෙන ‘සර්’ගෙ office එක තිබුණු තට්ටුවට ගියේය.
මුළු තට්ටුවටම හිටියේ ඒ මහත්තයා විතරය.
මැදි වයසේ කෙනෙක්.... තරමක් මිටි- මහත කෙනෙක්.....

මාව පුටුවක වාඩි කරවා, තනියෙන්ම සර් හිටි කාමරයට ගිය ඩග්ලස් මොන-මොනවාදෝ කතා කරනවා පෙනිණි. ඊට පස්සේ මගේ ළඟට...
“කෝ... සර් කියනවා ඔයාගේ සූට් එක ඇඳ ගන්නලු!”

පේව්මන්ට් එකේදී මං කළේ ඉස්සෙල්ලාම කමිසය උනා දමා රජ හැට්ටය ඇඳ ගන්නා එකය. එතකොටත් මිනිසුන් මගේ වටේ රැස්වී ඉවරය. අද එහෙම එකතු වෙන්නට පිරිසක් නැත. මට දැනුණේ නුහුරු බවකි. ඊට කලින් දැනී නොතිබුණු ලජ්ජාවක් මට දැනිණි. ඒත්... මම කමිසය ගැලවීමි.

මාරක කතා කියවීමේ පුරුද්ද නිසාම ඒ දවස්වල මගේ හිතේ ඇටුවන් බැසගත් භීතියක්....

රජ හැට්ටය ඇඳ ගන්නටත් කලින් ‘සර්’ මා ළඟට ඇවිත්ය.
“නිමල් නේද නම කිව්වේ?"
මම හිස සොලවා ඔව් යැයි ඇඟවීමි.

“කෝ... කලිසම ගලවන්නේ නැතිව, ඒක උඩටමද යට කෑල්ල අඳින්නේ...”
වෙනින් වෙලාවක නං ඒ යක්ෂයාට හොඳ උත්තරයක් දෙන්නට පුළුවන්ය. ඒත් ඩග්ලස් මඟින්-මඟටත් මට කියමින් ආවේ ‘සර්’ගෙ හිත රිද්දන්නට නං එපා කියලාය.
ඒ අතරේම
භානුගේ ආශාවත් මට සිහිපත් වුණේ නිකම්මය.

“ඉන්න... මං උදව් කරන්නං.... කලිසම ගලවන්න...” සර්ට සත්ත මහා කරුණාව පහළ වෙලාය!
ඒකා එන්නේ....

මාරක කතා කියවීමේ පුරුද්ද නිසාම ඒ දවස්වල මගේ හිතේ ඇටුවන් බැසගත් භීතියක් තිබුණේය. ‘ලිංගික ප්‍රීණනය ලැබුවායින් පසු නාඳුනන මිනිස්සු වින්දිතයාගේ ජීවිතයට පවා හානි කරති.’
ඔයාලට මතකයිද? දවස ගානේ මට
චොකෝනට් ගෙනවුත් දුන් ලින්ටන්  ගැන මට තිබුණු සැකය... බාබර් අජිත් අයියා ගැන ඇති වුණු බය...

අද එහෙම ගැලවෙන්නට ඉඩක් නැත.
මම වටපිට බැලුවෙමි. පෙනෙන පෙනෙන පැත්තේ ඇත්තේ හිස්ම හිස් මේස, පුටු, කබඩ් විතරකි. ඒ අතරේ තවත් එකම එක මිනිස් ප්‍රාණියෙකුත් සිටියේය. ඩග්ලස්..... ඩගීගේ දෙනෙත මගේ දෙනෙතට හසු කර ගත්තා විතරය. ඒකා ආංගික අභිනයෙන් කිව්වේ ‘ගණන් ගන්න එපා- ඔන්නොහෙ සද්ද නැතිව ඉන්න’ කියලාය.

“මූදේ නැව් ගියාට පාරක් ඉතිරි වෙනවය?” පියසිරි- රණවක වගේ අය කියන්නට පුරුදුවී හිටි දේවලුත් මට ඒ එක්කම මතක් වුණේය.

අපේ ලිංගික සංතෘප්තිය රැඳී තියෙන්නේ කොතැන- කවුරුන් ළඟද? එවන් ආශාවන්හි උපරිම තලයට ළඟා වීමට අප කළ යුත්තේ මොනවාද?

දෙයියනේ, මං විකිණිලා....

‘කෞමාර ලිංගික ආශාව ඇත්තෝ බාල වයස්කාර පිරිමි ළමුන් වෙතින් කුමන ආකාරයේ තෘප්තියක් ලබත්ද’ යන්න මට නම් ප්‍රශ්නයකි. වෙසෙසා කිව යුතුය. මා මෙසේ විමසා බලන්නේ මගේ අත්දැකීම් ඇසුරෙන් පමණකි.

ඒ පට්ට පාලු කාර්යාල පරිශ්‍රයේදී මගේ ඇඳුම් උනා දමා මා නිරුවත් කළ සර්, ඔහුගේ ඇඳුම්ද ගැලෙව්වේය. විනාඩි කිහිපයක් තිස්සේ දෑස් දල්වා මගේ දිහා විපරමින් බලා සිටියේය. ඒ බලන්නේ ඔහුගේ මනසේ තැන්පත්ව ඇති රූපයක් දිහා විය යුතුය.
“සර්!” ඒ අතරේ ඩග්ලසුත් එතැනට ඇවිත්ය. ඔහුගේ අතේ රෙද්දකි. ඩගී මගේ පැත්ත නොබලන්නට පරිස්සම් වෙමින්, පුරුදු වතාවතක් පරිදි ඒ රෙද්ද බිමින් එළුවේය; එළා නිහඬවම ඈතට ගියේය.

සීරුවට මාව බිම දිගා කරවූ සර් මගේ දෙකලවා මැදින් ඔහුගේ ‘බාව’ තැන්පත් කර චලනය කරන්නට පටන් ගත්තේ හති හලමිනි. මට කිසිම හැඟීමක් නොදැනුණි; මම එතැන නොවීමි. වෙන කොහෙදෝ වීමි. මගේ නිසල කය පමණක් එතැන උඩුබැල්ලෙන් වැතිරී තිබෙන්නට ඇත.
ඒ වගක් ඔහුට තේරුම් ගිය බව නොපෙනුණි. එය මළ මිනියක් හා රමණය කිරීමක් ලෙස ඔහුට නොදැනුණේ කිම?

මොන දෙයක් වුණත් මට පුරුදු විමසිලිමත් ගතියත්, එවෙලේ මා එක්ක හිටියා වෙන්නැතිය. ඩගී මේසයක් යටින් එබීගෙන අප දෙස බලා සිටින හැටි මට පෙනිණි.

ඩගී පිම්පියෙක්ද? මේ තරම් වෙහෙසවී සර්ට බිලි දෙනු පිණිස පිරිමි ළමුන් කැන්දාගෙන ඇවිත් තියෙන්නේ පළමු වතාවට වෙන්නට බැරිය. මිනිහට සර් සල්ලි දෙනවා ඇති!
ඒ ටික හිතට එනවාත් එක්කම මට ඇති වුණු තරහ.... දෙයියනේ, මං විකිණිලා....
හරියටම කියනවා නං මගේ කිසිම අනුමැතියක් නැතිව; නොදැනුවත්වම මාවත් විකුණලා...

කොලුකමට, එහෙමත් නැතිනං ආශාවකට කෙනෙකු හා එක්වීම වෙනම දෙයකි. ඒ විදිහට බලද්දී එතකොටත් මා අපමණවත් වතාවන්හි කුමර බඹසර බිඳගත් කෙනෙකි. එහෙත් මෙහෙම විකිණෙන්නට.....!!!
තරහකින්, පිළිකුලකින් මගේ මුළු ආත්මයම දැවීගෙන- දැවීගෙන යයි....
‘නිකං ඉඳල බෑ නිමල්... පළි ගනිං!’ මගේ හිත කීවේය.
පළි ගත යුත්තේ කාගෙන්ද, කොහොමද කියලා මට කල්පනා නොවිණි....

එනවා, තමුසෙගෙ වැඩෙත් කර ගන්නවා....

සර් වෙවුලමින් සුකුරු මුදා හරිනවා මට දැනුණි. නැඟිට ගත් ඔහු ඇඳුම් ඇඳ ගන්නා අතරේ මට කතා කළේය. “හොඳට පිහදා ගෙන කලිසම ඇඳ ගන්න.”

එතකොටය මගේ කල්පනාවට ආවේ. එහෙනම් ඩගීට මා ගැන තැකීමක් නැත; ආශාවක් නැත. ඒකා මට සමීප වී තියෙන්නේ මේ වෙළෙඳාම සඳහාමය. පළිය ගත යුත්තේ කෙසේදැයි මට කල්පනා වුණේ ඒ මොහොතේදීය.

“අරයාටත් එන්න ඕනියි කිව්වා!”
“ඩග්ලස්ටත්?” සර් ඇසුවේ පුදුමයෙන් ඇස් ලොකු කර ගනිමිනි. මං හිස සෙලෙව්වා විතරකි. සර් ඩග්ලස් සිටි දිහාවට හැරුණේය. ඩගීට කතා කළේය.

“මං හිටියට කමක් නෑ.... අද තමුසෙටත් හිතිලා තියෙන්නේ.... එනවා, තමුසෙගෙ වැඩෙත් කර ගන්නවා ඩගී...” ඒ කටහඬ ටිකක් විතර අණ කිරීමකුත් වුණේය. ඩග්ලස්ට විරුද්ධ වෙන්නට විදිහක් තිබුණේ නැත. ඩග්ලස් ඇඳුම් ගලවද්දී මට පෙනුණේ ඔහුගේ ආශාවන් පිබිදී නැති බවයි.
සර් ටිකක් ඈතට යනතුරු බලා සිටි ඩගී මගේ සිරුර මතින් වැතිර ගත්තේය; බොරුවට දැඟලුවේය. ඒ අසාර්ථක රංගනය මට ගෙනාවේ ඉමහත් සතුටකි.
‘ඇද්ද උඹට! දේව දූතයා... දැන් උඹත් අපේ ගොඩේ....’ මට දැනුණේ ලොකු සතුටකි!

42 comments:

  1. // ඇද්ද උඹට! දේව දූතයා... දැන් උඹත් අපේ ගොඩේ....’ මට දැනුණේ ලොකු සතුටකි!//
    දේවදූතයා කිව්වේ ඩග්ලස් ද නැත්නම් අනේ කුරුලු කූඩුවලට පෝස්ට් එකේ බෙල්ල්ලන්විල පන්සලේ දේවදූත සිසිර විජේතුංගද? සිසිරටද ඩග්ලස් නමින් හැදින්වූයේ?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ! සිසිර විජේතුංග කියන්නේ ප්‍රසිද්ධ පොත් කවර නිර්මාණ ශිල්පියා.
      සිසිර විජේසිංහ තමා මාත් එක්ක විද්යාකරේ ඉගෙන ගත්තේ. එයා බෙල්ලන්විල පන්සලේ දේව දූතයා වුණු බව ඇත්ත. ඒත් ඩග්ලස් කියන්නේ එයාට නෙවෙයි.

      ඔයාට මතකයිද දීඝායු ගිය ටියුෂන් පන්තියෙදීය්, මම ඩගීව හඳුනා ගත්තේ කියලා කිව්වා: පහළොවේදී 3 post එකෙන්.
      https://nidigepanchathanthare.blogspot.com/2021/10/blog-post_18.html
      එතනදී ඩගීගෙ පෙනුම ගැන කියද්දී දේවදූත කතාවක් කිව්වනේ. ඒ තරම් ප්‍රියමනාප- සූර කොල්ලෙකුත් මෙතරම් පාහර වැඩක් කළ නිසා ඇතිවුණු තරහ මගෙන් පිට වුණු විදිහ තමයි ඔය.

      ප්‍රශ්නය ඇති වුණු විගස ඇහුවාට ගොඩක් ස්තුතියි අසංග.

      Delete
  2. මදෑ කොලා. එතන වෙනම නාට්ටියකටනෙ ඩගිය නිදි ව අරගෙන ගිහින් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසත් බලන්නකෝ, ප්‍රසන්න.

      Delete
  3. නිදි ලොක්කාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි... ඔයා දන්න බතික් කර්මාන්තය ගැන පොස්ට් කිහිපයක් ලියන්න. මේක අපේ රටේ රැකියා විරහිත අලුත් දෙයක් කරන්නට කැමත්තක් ඇති අයට ලොකු තල්ලුවක් වෙයි.ඔයා කරපු කාලෙට වඩා අලුත් තාක්ෂණය ඇවිල්ලා ඇති එත් මූලික දේ වෙනස් වෙන්නේ නැති හින්දා ඒකවත් කියා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. සංචාරක කර්මාන්තය ආපහු වැඩිලා ආවොත් එක එකාගේ රටවල අඩුපඩියට බැලමෙහෙවර නොකර අපේ රටට තව ඩොලරයක් හරි ගෙන්නා ගන්නට පුලුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. මේ අදහසටනං මාත් කැමතියි.

      Delete
    2. මාත් ඒක අනුමත කරනවා

      Delete
    3. අසංග, ප්‍රසන්න, බස්සා. තුන් දෙනාටම ස්තුතියි තව පිරිසකට පලදායී විය හැකි දෙයක් ගැන යෝජනා කළාට.
      බතික් මගේ ජීවිතයේ වැඩි කාලයක් කළ රස්සාවක්නේ. ලියන්න නං පුළුවනි. නමුත් අවුරුදු හතළිහක් ගතවෙලා තියෙනවා වුණාට බතික් ගැන මගේ දැනීම update වෙලා නැති එකයි ප්‍රශ්නේ.

      ඒත් වැඩේ කරන්නං- තොරතුරු ටිකක් හොයා බලලා.

      Delete
  4. අද ලංකාදීප පත්තරේ තියනවා අවුරුදු දොළහක ළමයෙක් අපයෝජනය කරපු කෙනෙකුට වසර දොළහක සිර දඬුවමක් ලබා දුන්නාය කියලා.
    ඒ අනුව වසර පහළොවක ළමයෙක් අපයෝජනය කලාට ඒ "සර්" ට වසර පහළොවක් ලැබිය යුතුයි නේද??

    //මගේ මතකය නිවැරදි නම් එවකට ශ්‍රී ලංකාවේ උසම ගොඩනැඟිල්ල ‘සෙලින්කෝ බිල්ඩිම’යි. එය තට්ටු හතක එකක්ද කොහෙදය.//
    ඔව්, උසම ගොඩනැගිල්ල තමයි. තට්ටු එකොළහක් කියලයි මතක. ආකාස කඩේ පිටත බැල්කනියේ දුර දක්න කන්නාඩි සවිකර තිබුනාත් මතකයි. සත දහයක් දාලා විනාඩියක කාලයක් අවට බලන්න පුළුවන්. ඔය කියන "නයා" පඩි පෙළත් දවල් දොළහ වෙනකං උඩටත්, දොළහෙන් පසුව පහළටත් ආවා කියලා තමයි මතක.

    112 මහරගම "කඩවත" නේද??

    ඔයා, ඩගියාව අමාරුවේ දාපු එකට බොහොම කිට්ටුවෙන් යන විහිලු කතාවක් තියනවා. ඒක, "හිනා වෙන්න හිනා" පොතෙත් තිබුනා වගේ හිතෙනවා.

    බීලා වැඩිවෙලා, අතේ සතේ නැති වෙච්ච වෙලාවක උදව් නොකරපු ටැක්සි කාරයෙකුට දීපු පනිෂ්මන්ට් එක ගැන කියැවෙන කතාව!

    ReplyDelete
    Replies
    1. පිටකොටුවෙ Bang Bang බිල්ඩින් එකේ එස්කැලේටර් එක මතකද?

      Delete
    2. 112 මහරගම-හෙට්ටියාවත්ත වගෙයි මටනං මතක.

      Delete
    3. Sam, මහරගමින් 138 බස් එක ගියේ කඩවතට. 112 කඩුවෙල. හෝමාගමිනුත් 138 බස් ආවා. ඒවා ගියේ පිටකොටුවට විතරයි. 108 බස් එක මහරගමින් ඇලකන්ද- කොටුව දෙපලට ගියා. 108 බසය විතරයි මහරගමින් ජාවත්ත හරහා යන බස් එකකට තිබ්බේ. 112 ගාලු පාරේ. 138 තුන්මුල්ලෙන් කෙලින්ම. (කෙලින්ම කිව්වට ආයෙමත් වමට හැරිලා ගියේ.) 122,125 වගේ ඒවා තමා කෙලින්ම ගියේ.

      ඔයාලා උනන්දුයි වගේ නිසා ලියන්නෙ- අතුරුගිරියෙන් 123 පිටකොටුවට ගිය බස් එක තමා මහරගම අපිට ඒ පැත්තට යන්න තිබ්බේ.
      122,125 ඉංගිරිය, කළුඅග්ගල, පාදුක්ක, අවිස්සාවේල්ල පැතිවලට ගිය බස්. හොරණට ගියේ 280.

      සෑම් කියන විදිහේ කතාවක් ගැන මතකයක් නං නෑ. ලියනවද වෙලාවක?

      Delete
    4. Pra jay මහත්තයෝ, කියන්නත් ලැජ්ජයි. අදටවත් ඔහොම තැනක් ගැන දන්නෙ නෑනේ!

      Delete
    5. ප්‍රසා, මගේ මතකයේ නං හෙට්ටියාවත්ත බස් එකක් මහරගම්න් පටන් ගත්තා කියලා නෑ. හැබැයි හෙට්ටියාවත්ත බස් එකක් දෙහිවලද (කොහෙද සිට) ගාලු පාර දිගේ ඇවිත්- විලියම්ස් එක ළඟින් හරවලා කළුබෝවිල නුගේගොඩ හරහා ආවා නේද?

      Delete
    6. මහරගම කඩවත මං දන්න විදිහට 138?

      Delete
    7. ඔව් ඩ්රැකී, ඒ දවස්වල අවුරුදු කීපයක්ම 'පේව්මන්ට් ඒකෙ රජ වෙන' රස්සාව කරන්න හැමදාම කොටුව- පිටකොටුව- බොරැල්ල- මරදාන වගේ පැතිවලට යන්න වුණානෙ. ඊළඟට කළුබෝවිල රෝහල ළඟට හා අවිස්සාවේල්ල- පාදුක්ක- හෝමාගම- කිරිවත්තුඩුව වගේ තැන්වල සති පොළවල්වලටත්.....

      මගේ මතක තියාගැනීමේ හැකියාව උරුම වෙලාද මන්දා, එංගලන්තයේ ඉන්න සමන්ති නංගිගේ දෙවෙනි පුතා පවන්ට ලන්ඩනයේ සේරම train කාල සටහන් පාඩම්ලු!

      Delete
    8. https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9_%E0%B6%B6%E0%B7%83%E0%B7%8A_%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C

      Delete
    9. අම්මට සිරි! ප්‍රසන්න දීලා තියෙන link එකෙන් බස් ඉතිහාසයක්ම හම්බ වෙනවනේ. ගොඩක් ස්තුතියි.

      Delete
  5. මහරගමින් 112 කඩුවෙල නෙවෙයි කොල්ලුපිටිය නේ. දැන් ඒ බස් දුවන්නෙ නැද්ද කොහිද.
    ඔයා කොහොමත් හැම කතාවක්ම ලියන නිසා මේ කතාව ලිව්ව එක හොඳයි. මොකද මේ වගේ අය අපේ ජීවිත මිතුරු වෙසින් ලං වෙන්නෙ ඔවුන්ට ලැබෙන ලාබ ප්‍රයෝජන උදෙසා. අනෙක් අයටත් දැන ගන්න හොඳයි

    ReplyDelete
    Replies
    1. නමී, හිටි හිටි ගමන් සමහර බස් අතරමගට යන වේලාවක වෙන්නැති කොල්ලුපිටියට ගියේ කියලා හිතෙනවා. විශේෂයෙන්ම ඩබල් ඩෙකර්. ඒවායේ ගමනාන්ත සටහන් කරලා තිබ්බේ රෙදි රෝලකනේ. යන රූට් ඒකෙ සේරම ප්‍රධාන තැන ඒ රෝලෙ අනුපිලිවෙලට ලියලයි තිබ්බේ.

      මහරගම හන්දියේ (දැන් නගර සභාවට යන පාර තියෙන හරියේ) බස් නැවතුම් පොළවල් පේලියේ පළමුවැනි එකේ තමා 112 බසය නැවැත්තුවේ.
      පස්සේ කාලෙක තවත් බස් එඅක් එතැනින්ම පිටත් වුණා. 131- කොලොන්නාව. ඒ බස් එක විතරයි මහරගමින් දෙමටගොඩ හරහා ගියේ.

      ඔය සේරම කාරණා අතීතයට විතරයි වලංගු. 2013 පෙට්ටියකින් යන්න වගේ ආවට පස්සෙ බස්වල යැවෙන්නේ ඉතාම කලාතුරකින්.... කවුරුන්ම හරි වාසනාවන්තයෙක් පිනක් කරගන්නවා මට යන්න ඕනි තැනට එක්කරගෙන ගිහින්.

      ඊට ඉස්සරත් වැඩට යද්දී විතරයි බස්වල ගියේ. අනිත් සේරම ගමන් පිනට. නමී නං කියවන්න නැතිව ඇති, මෝටර් සයිකලයක්වත් පදින්න බැරිව ඉඳගෙන වරින්-වර හෙල්මට් පහ-හයක් සල්ලිවලට ගත්තු වීරයෙක් මං. ඒ වරුණාව කියවලා බලන්නකෝ කැමතියි නං.
      https://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_86.html

      නමී, බුදුහාමුදුරුවොත් මිතුරන් ගැන කියලා තියෙනවනේ. ඒත් කොහොමද මිනිස්සු අඳුනා ගන්නෙ. ඩගී නං මාස කීපයයි ඇසුරු කලේ.
      මට ඉන්නවා අවුරුදු හතලිහකටත් එහා පැත්තෙ සිට මිතුරුකම් පවත්වන මිතුරු මිතුරියෝ. ඒ වගේමයි අවුරුදු විස්ස-තිහ ඇසුරු කරලා බලුකම් කරපු අයත්. මම හිතන්නේ සමහර වෙලාවට සමහර අය අවාසනාවන්ත වෙනවා දැන-දැනම හරි ද්‍රෝහිකම් කරන්න -වැටිලා ඉන්න තත්ත්ව උඩ. ඒක අපෙත් නරක වෙලාවට set වුනාම....

      Delete
    2. ඔයා කිව්ව එකත් හරි නිදි. සමහර තත්වයන් උඩ සමහරුන්ට සමහර පියවර ගන්ට වෙනවා.. ඒක ඇත්ත

      Delete
    3. නමී, ප්‍රසන්න දීලා තියෙන link ඒකෙ මතක් වුණේ. 112 කොටහේනට ගියේ.

      Delete
  6. කොයි පිරිමියාද- කොයි ගැහැනියද ‘උත්තම දරුවන් ලැබීමේ සද් චෛතසිකයෙන් යුතුව’ වැඩේට බහින්නේ.... ඕන්න කිව්වා! එහෙම අයත් නැතිවේඅ නොවේ!

    ReplyDelete
    Replies
    1. පලමු වෙනියා ලැබෙන්නේ දරුවෙක් හදන්න ඕනේ කියන මානසිකත්වය ඇතිව. එහෙම කියන්නේ උපත් පාලනයකින් තොරව දෙදෙනා විසින් කාම සම්භෝගයේ යෙදිමෙන්. (අහඹු දේවල් අතැරලා.) දෙවැනියා බොහෝවිට මල් වෙඩිල්ලක් හෙවත් අහඹුවක්. තුන්වැනියා වෙන්නේ පළමු දෙන්නාම කෙල්ලන් වීම හෝ කොල්ලන් වීම කරනුකොට ගෙන (බොහෝවිට කෙල්ලන්ම වීම)තුන්වෙනියෙකු ප්ලෑන් කර හැදීම. තුන්වැනියාත් එකම විම නිසා වැඩේ අතැරිමක් හෝ හතරවැනියෙකුත් ට්‍රයි කරබැලීමකුත් සිද්ධ වෙනවා.

      Delete
    2. ඒ විතරක්යෑ , දරුවෙක් ලැබෙන්න කියලා බලාපොරොත්තුවෙන් අර රාජකාරිය කරන කොට ගායනා කරන්න ගීතයකුත් තියෙන්නේ "දේ මාමක පුත් රුවනක් පිය බඳ මට ලබා දෙන්න" කියලා.

      @ Pra Jay,
      ඒ බිල්ඩිම නම් මතකයි. නමුත් ඇතුලට ගිහිල්ලා නැහැ.

      Delete
    3. පිලිගනිමි තට්ටයා මහත්මාණෙනි, එවන් අයද සිටිය හැකිය. නමුදු මා සිතන්නේ ඒ 001% විතරවත් වෙන්නට බැරිය කියලාය. මා හිතන්නේ////

      Delete
    4. අසංග, මං අහලා තියෙන විදිහට නං යුවලකගේ කේන්දර බලලා- විවාහ නැකත් හරි ගස්සනකොට ස්ත්‍රියගේ සරුම කාලයත් යෙදෙන විදිහටයි නැකත් හදන්නේ. අනුර මහත්තය නං හරියටම කියාවි මේවා දැක්කොත්.

      ඊළඟ කාරණා එක-එක්කෙනාට අදාලව වෙනස් වෙනවා.
      මගේ මිතුරු යුවලක් ඉන්නවා එක දරුවයි. නෝනා කිව්වාලු 'අපොයි, මටනං ආයෙම ඒ දුක විඳින්න බෑ!" කියලා.

      තව යුවලක් මුලදීම තීරණේ කලාලු පුත්තු-දූරු කොහොම වෙතත් දෙන්නයි කියලා. ඒකත් එහෙමම කරලා. එයාලට දුවෙක් නෑ.
      තවත් ජෝඩුවක් පුතාලත් ඕනි කියලා දිගටම try කරලා ලැබුණේ දූලම තුන්දෙනෙක්.

      Delete
    5. නිදි අපි ගැන දන්නේ නැතිව ලීව කතාවක් නිසා සමාව දෙනවා. ළමයි දෙන්නෙක් අනිවාර්යයෙන්ම හදනව කියල ප්ලෑන් කළා. දෙන්නගේ වයස පරතරය අවුරදු 2 වෙන්න ඕනේ කියල ප්ලෑන් කළා. එහෙමම කළා අපි. අපේ පැත්තේ ගොඩක් කපල් -ළමයි ඉන්න මගේ යාලුවෝ වැඩි හරියක් එහමයි කලේ කියලා දන්නවා . කොටින්ම ඒ කාල වකවානුවේ වැඩේට බැස්සේ ලමයෙක් හදන්න.

      Delete
    6. මට සඳහන් කරන්න වෙන්නේ අජිත්, මා සමඟ තොරතුරු හෙළි කළ අයගේ විස්තර අනුව විතරයිනේ.
      උත්තම දරුවන් හැදීමේ සද් චෛතසිකයෙන් යුතුව වැඩේට බහින අය ගොඩක් ඉන්නවා කියලා දැන ගැනීමත් සතුටක්!

      Delete
    7. ඔබතුමා පුතාට ලියපු ලිපිපෙල බැලුවානම් ආයෙ වෙන සාක්කි ඕනෙ නෑ.

      Delete
    8. මම හිතන්නේ නිදි ඔය දෙකොටසම ඉන්නවා කියල. ඕනේ රටක. වැරදීමකින් හම්බවෙන ළමයි ආදරෙන් හදාගන්න අම්මල තාත්ත ලත් ඉන්නවා. තාත්ත ගහන්න එනකොට දිව්වේ නැතිව හිටියේ ඇයි කියල මම කල්පනා කලේ. අපේ තාත්තා වරක් බෙල්ට් එක අරගෙන ගහන්න ආව මම ගෙදරින් පැන්න. ආවේ නැහැ රෑ වෙනකන්. ඊට පස්සේ ගහන්න ආවේ නැහැ. අම්ම කියල තිබ්බ. දැන් වයස හොඳ නැහැ. ගහන්න යන්න එපා කියල. මම අටේ පන්තියේ . අවුරු 14 ද කොහෙද/.

      Delete
    9. කියන්න මතකම නැති වෙලා තිබුණු ප්‍රශ්නයක් අජිත් ඔයා මතු කළේ. ස්තුතියි. තාත්තා 'මෙහාට වරෙන්' කිව්වම ගහන්න බව දැන-දැනත් මට මතක ඇති එකම වතාවක්වත් මම දුවලා ඈතට ගිහින් නෑ. මල්ලිලා නංගිලා නං එහෙම කළා.

      මගේ තියෙන ඇට්ටරකමට මං සිංහ සෙය්යාවෙන් ලගට ගිහින් අඬ-අඬා ගුටි කනවා කියව-කියවා. ඔය අන්තිම සැරේ තමා කට වහගෙනම හිටියේ.

      අපේ ගෙදරදී බේරුම්කාර වැඩේ කළේ මහරගම ආච්චී; තාත්තගේ අම්මා.

      Delete
  7. ඉරෝටික් නවල් එකක් කියෙව්වා වගේ නිකන් කියවුනේ නිදි වයස 15 නොහිටියා නම්. ඔය මෑන් ව හොයල නඩු දාන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. නඩු, ලංකාවේ?
      පේනවා නේද, ගෑස් වල ප්‍රමිතිය වෙනස් කරලා වෙච්චි වින්නැහිය ඇස් පනා පිට තියෙද්දිත් කෙරෙන නීතිමය කටයුතු...

      කෝ, අර දැරිවියෙක්ව අපහරණය කළ එකේ නීති කටයුතුවල ප්‍රගතියක්.... දේශපාලුවෝ, ගණින්නාන්සේලා, තදයෝ මාට්ටු වෙන්න ගත්තා විතරයි හුළං බැස්සා!

      නැව් ගිනි ගත්ත වැඩේ දත්ත මකපු වැරදි වගේ සුළුපටු නොවෙන ඒවටත් මොකද වෙන්නේ කියලා බලා ඉන්න ගමන් මේ ලිව්වේ....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඒකනම් සම්පූර්ණ ඇත්ත. ඉල්ලන් කනවා වගේ වැඩක්. උඩ ඉඳන්ම කුණු වෙලා එනකොට ඉතින් මොනවා කරන්නද

      Delete
  8. මේ වගේ හැටහුටාමරක් අලකලන්චි වලට මුනදෙන්නත්, කැපිලි කෙටිලි නැතුව උනදේ ඒහැටියෙන්ම කියන්ට ලියන්ටත් ලොකු ආත්මශක්තියක් තියෙන්න ඕනේ . මගේ ආචාරය.

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා ගෞරවයක් ඔයාලා වගේ රසික-රසිකාවියන්ට පුද කරන්නම ඕනි චමී. ඇත්ත කියද්දී එව්වාට ගරහන්නේ නැතිව යතා තත්ත්වය තේරුම් ගන්නවට.
      නිදිගෙ පංච තන්තරේ කියවන ඔබ සැමටයි මේ ගෞරවාචාරය.

      Delete
  9. හැමෝම බස් ගැන කීවානෙ. මං කියන්න හදන්නෙ සෙලින්කෝ ගැන. ඒකෙ තට්ටු හතක් නවයක් නෙවෙයි දහතුනක්ම තියෙනවා. තිලකා රැකියාව කළේ එහෙ නිසා ඒක මං හොඳටම දන්නවා. මේක කීවෙ තොරතුරු නිවැරදි කිරීමේ අපේක්ෂාවෙන්.
    හැබැයි එතැන ඔය කියන විධියෙ අපතයො නං ඕනෙතරම් හිටිය බව ප්‍රසිද්ධ රහසක්.
    ඇචිලන් චතුරස්‍රයේ twin tower හැදෙන්න ඉස්සර ඒක තමා ලංකාවේ උසම ගොඩනැගිල්ල.ඒක හදන කාලෙ ඒකෙ 14 වෙනි තට්ටුවෙ ඉඳල ඉහළට යනකොට තට්ටුවෙන් තට්ටුවට තට්ටුවේ අංකය ලියපු පුවරුවක් හොඳ ලොකුවට ඇඳලා බිල්ඩිමේ එල්ලා තිබුනෙ සෙලින්කෝ එකට කින්ඩියට වගේ.

    ReplyDelete
  10. ගොඩක් ස්තුතියි අනුර, මෙහෙම හැම අතීත විත්ති සංරක්ෂණය වෙන්න ඕනි.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්