ඔය
කේන්දර බලන අය ‘පින්වත්
කුමරා - කුමරිය’ කියලා
හරියටම ලියන්නේ කොහොමද? |
එතුමා කියල තිබුණා ‘උපන් වෙලාව විතරක් බලලා ඉපදිලා ඉන්න දරුවා පිරිමිද ගෑනුද කියලා
කියන්න බැහැ’යි කියලා.....” අනුර ජිනදාස ඉතාම ශාස්ත්‍රීය කාරණයක් මට පහදලා දෙන
අතරේ මගේ ජඩ- නසරානි ගතිය ඉස්මතු වෙයි.
Post
එකක් නැවත්වීමට කියාපු තැනක්!
එහෙම කියලයි ‘පහළොවේදී - 3’ post
එක
නැවැත්තුවේ. ඉතිං ඊට පස්සේ...
“එතකොට
කොහොමද අනුර, ඔය කේන්දර බලන අය ‘පින්වත් කුමරා - කුමරිය’ කියලා හරියටම ලියන්නේ?
නමක් දාන්න හොඳ අකුරු තෝරලා දෙන්නේ? හුඟ දෙනෙක් සුදුසු ගණය තේරුම් කරගන්න ලේසි
වෙන්න උදාහරණ නම් දෙක තුනකුත් ලියලා
දෙනවනේ...”
මගේ ඉවසිල්ලක් නැතිකම හින්දා පට-පට ගාලා එක පිට- එක ප්‍රශ්න ඇහුවත් අනුර ජිනදාස
හිතවතා උත්තර දෙන්නේ කිසිම කලබලයක් නැතිව හීන් සීරුවේය; විස්තර සහිතවය.
“උපන්
නැකත විතරක් නෙවෙයි නිමල්, කේන්දරය හදවා ගන්න යන වෙලාව- යන කෙනා වගේ තව දූත-
නිමිති ගොඩක් දේවල් තමයි ඔයා අහන කාරණේ කියන්න උපයෝගී කරගන්නේ.”
“එහෙම නං මහත්තයෝ, කේන්ද්‍රය බලලා කියන්න පුළුවන්ද කෙනෙකුගේ සල්ලාලකම, එහෙමත් නැත්තං සුචරිතවත්කම....? මොකද සමහරු වීතරාගීයි. තව සමහරු ස්වභාවයෙන්ම රාගාධිකයිනෙ.” මම අනුරගෙන් විමසීමි.
ඒ මට හමුවී ඇති සමහර ඇත්තන්ගේ ඇතුළාන්තය පිළිබඳව සිහි වුණු බැවිනි.
එතකොට
එහෙම අයට විවාහ යෝග පිහිටන්නේ නෑ! |
-ඥාන
යෝග යටතට වැටෙන එකක්ම තමයි ශ්‍රමණ යෝග කියන්නෙත්...”
මේ ලියන මැටිමෝල් මං වහන්සේ දන්නා ජ්‍යොතිෂයක් නැති විත්තිය අනුරට මතක නැතිව
ගිහින් වගෙය. එක දිගටම කියාගෙන යයි!
“හෝව්!
පොඩ්ඩක් හෝව් මනුස්සයෝ.... ඔයා කියන ඒවා සටහන් කර ගත්තේ නැත්තං අමතක වෙනවා....” මම
කීවෙමි.
අප
මුහුණට මුහුණ හමු වුණේ අදට මාස විස්සකට එපිට දවසක ලාල් හේවාපතිරණ මහතාගේ නිවසේදීය.
“අනුරව හම්බ වෙලා දිග chat එකක් දාන්න ඕනි. මට තියෙනවා ජ්‍යෝතිෂ ප්‍රශ්න ගොඩක්
ඔයාගෙන් අහලා තේරුම්-බේරුම් කර ගන්න.” එදා මම ඔහුට කිව්වෙමි.
“හරි,
හම්බ වෙමු!” අනුරත් එකඟ වුණේය.
ඊළඟ සතියේ සිට කොරෝනා නිසා රටම lock down වුණේය. අපේ හමුවීමත්, ඒවා ගැන ලිවීමත්
කල් ගියේය! දැනුත් අප කතාබහ කර ගන්නේ ටෙලිෆෝනය මඟිනි.
“හරි!
ශ්‍රමණ යෝග තිබුණයි කියමුකෝ....”
“එතකොට
නිමල්, එහෙම අයට විවාහ යෝග පිහිටන්නේ නෑ!”
“ඒ කිව්වේ අනුර, එහෙම අය විවාහ වෙන්නේ නෑ කියලනේ.....”
ගති
කියන්නෙ මිනිහෙක්ද සතෙක්ද කියන එක.... |
“කියන දේ පරෙස්සමෙන් තේරුම් ගන්න ඕනි නිමල්. ජ්‍යෝතිෂයෙන් කෙරෙන්නේ වෙන්නට ඉඩ
තියෙන දේවල් පුරෝකථනය කරන එක. ඒත් එව්වා වෙනස් වෙන්නත් යම් සම්භාවිතාවක්
තියෙනවා.... සමහරවිට වෙනස් කරවන්නත් පුළුවන්.... ඔයාට කියන්න ඕනේ නැහැනෙ බුද්ධාගමේ
කියවෙන නියාම ධර්ම පහ ගැන... ඉතිං, අපේ කතාවට ආපහු යනවා නං-
ශ්‍රමණ යෝග තියෙන කෙනෙකුට වුණත් විවාහ වෙන්න පුළුවන්. හැබැයි ඒ විවාහය සාර්ථක
වෙන්න තියෙන ඉඩ ඉතා අවමයි!”
“ඒ
කියන්නේ අනුර මහත්තයෝ, කේන්දරයක් බලනවා කියන්නේ කෙනෙකුගේ ජීවිත පොත කියවීමක්!” මම
කීවෙමි. එහෙම කිව්වේ මගේ හිතට අලුත් අයිඩියාවක් කාන්දු වෙමින් තියෙන අතරතුරේය.
“නිමල්
මුලින්ම කියන්න ඕනෙ උපතක් හා ජීවිත පැවැත්මක් සඳහා ජ්‍යෝතිෂයට අනුවත් බලපාන කරුණු
4ක් තියෙනවා. කාල, ගති, උපදි, ප්‍රයෝග කියලා.
කාල කියන්නේ උපදින කාලය. ගති කියන්නෙ මිනිහෙක්ද සතෙක්ද කියන එක. උපදි කියන්නෙ අඟපසඟ.
ප්‍රයෝග තමයි මට හිතෙන විදිහට ඉතාම වැදගත්. කෙනෙකු ඉපදුනාට පස්සේ ඉගෙනීම හා
අත්දැකීම් තුළින් ලබා ගන්නා ප්‍රායෝගික බුද්ධිය තමයි මේ.
දැන් තේරෙනවා නේද කේන්දරේ බලනකොට කෙරෙන වැඩ කොටස.
වැඩේ තියෙන්නෙ කේන්දර බලවාගන්න එන අය විතරක් නෙවෙයි, කේන්දර බලන සමහරුත් ඕක ගොඩාක්
වැදගත්ය කියලා නොදැන සිටීම. ඒ නිසා මේ වටිනා ශාස්ත්‍රය හෑල්ලුවට ලක්වෙනවා.....”
“හොඳයි
මහත්තයෝ. තව දේවල් අහගන්න තියෙනවා. පස්සේ ආයෙම කතා කරමු. මොකද මේවා එක දිගට
ලිව්වොත් මගේ post එක ජ්‍යෝතිෂ පාඩමක් වෙලයි නවතින්නේ! කියවන අය දැනටම අන්දොස්
වෙලාද කියලත් මට බයයි!”
Please...
ඔයා මට බෑ කියන්නේ නෑ නේද? |
‘ඕනි
එකක් කියා ගත්තාවේ. මගේ මොකෝ!’ මටම කියා ගත්තත් මට මාවම
රවටා ගන්නට ඇහැකිද? ඒත් අර දෙන්නා රවටන්නට උවමනා නිසා,
මම ලියුම ලියාගෙන යන විදිහට රඟපාමි. පෑන විකමි; කල්පනාවේ ගිලෙමි; හිස කසන්නෙමි.....’
ආපසු
හැරී බලද්දී මට පෙනෙන්නේ සැමී පිළිබඳව මගේ හිතේ හැංගුණු දැඩි නොරිස්සීමක් තිබණු
විත්තියයි. ඒ තනිකරම ආත්මාර්ථය හා ඉරිසියාව පදනම් කර ගැනුණු හැඟීමකි.
මේ කාරණාව උලුප්පා පෙන්වන්නේ ඊළඟට මට මුහුණ දෙන්නට වුණු අබග්ගයට ඒ ඊර්ෂ්‍යා පරවශ
හැඟීම ඉන්තේරුවෙන්ම සම්බන්ධ බැවිනි.
“නිමා,
ඔයා ලොකූ දෙයක් කරන්නෝනි ඔන්න... බෑ නොකියා...
මෙච්චර දවසක් මේක ඔයාට කියාගන්න බැරිවයි මං හිටියේ... ඒත් දැන් නං මේක ඔයාට නොකියා
බෑ.” දීඝායුලාගේ ටියුෂන් පන්තිය තෙක් පාද යාත්‍රාවේ යෙදෙන අතරේ ඒ හාදයා කිව්වේය.
“Please... ඔයා මට බෑ කියන්නේ නෑ නේද?”
එදා
ඒ වචන ටික ඇහෙද්දී නං මේ ලියන්නා ‘අකනිටා බ්‍රහ්ම ලෝකය’ටත් වඩා උඩ ගිහින් හිටියේය.
“ඔයා
හොඳටම දන්නවනෙ දීඝ, ඔයා කියන කිසිම දේකට මම බැහැයි නොකියන බව...” මම කීවෙමි.
“මම
ඒක දන්නවා නිමා...” දීඝායු කිව්වේ, එතකොටත් අල්ලාගෙන හිටි මගේ අත හෙමිං මිරිකමිනි.
මගේ අත වෙවුලමින් නොතිබුණත් හිත නං තිබ්බේ හොඳටෝම සසල වෙමිනි.
“මං
දන්න විදිහට ඉලක්කම් භාෂාවෙන් ලියුමක් ලියලා තියෙනවා දන්න කෙනෙකුට.... ඔයා ඒක
කියවලා බලලා වැරදි තැනක් තියෙනවා නං හරි ගස්සලා දෙනවද, තරහ නැතිව?” එයා එහෙම කියන
කොටමත් මං ලණුව ගිලලා අහවරය.
අපි
රේල් පාරත් පැන්නෙමු. |
ඉලක්කම් භාෂාව නොදන්නා කෙනෙකුට ලියන ලිපියක් නම් ඉස්සෙල්ලාම එහි හෝඩියත් උගන්වලා ඉන්නට ඕනෑ නේද?
“තව
කවුද දීඝ, මේ බාසාව දන්න කෙනෙක් ඉන්නේ, ඔයාට ලියුම් ලියන්න....?” මාත් ඇසුවේ තොත්ත
බබෙකු වෙමිනි.
“හෙට
උදේට මම ඔයාට ලියම දුන්නාම බලා ගන්නකො, ලියුම කාටද කියලා. හැබැයි කාටවත් කියනවා
එහෙම නෙවෙයි ඔන්න.... සේරම ඔයයි මායි අතරේ විතරයි!” දීඝායු කිව්වේ හොර හිනාවකුත්
එක්කය. “Promise...” දීඝායු අත්ලත් විදහා පෑවේය. මම අත්ල ගටා පොරොන්දු වුණෙමි.
එතැන්
සිට මොට්ට මට හිතුණු දේවල්!
‘අනේ මෝඩ වහන්සේ.... පව්! ඒ අතින් දීඝ කොච්චර අහිංසකයිද? ඔය ලියුම ලියලා තියෙන්නේ
මටම තමයි. මූණට මූණ බලාගෙන මට මොනවත් කියන්න තරම් දහිරියක් නැතිව ඇති.
දීඝට වැඩිය ඇට්ටර පියසිරිත් ලියලනෙ
දුන්නේ...
එහෙම දුන්නු නිසානේ පියසිරිට වැඩේ වැරදුණේත්.... මේ වතාවේ, ඔන්න නිමලෝ ඉතිං දැන්
තියලම පරෙස්සම් වෙයං! නැත්තං තාත්තට අහුවෙන විදියට ලියුම තියාගෙන ඉඳලා...”
මගේ සිතුවිලි හැම එකක්ම කෙළවර වුණේ මටම කෙරුණු ‘තද warning’ එකක් එක්කලාමය.
පහුවදා
පාන්දර දීඝායු සුභසාධක මාවත අද්දර හිටගෙන උන්නේය. කොල්ලා එතැන ඉඳලාම මගෙත් එක්ක එක
පෙළට වැටී කතා කරමින් ඇවිද්දේය. ඒත් එදා එයාගේ කතාව වෙනදා තරම් නිදහස් එකක් නොවිණි...
අපි රේල් පාරත් පැන්නෙමු.
මං දත කාගෙන හිටියේ, අන්තිම මොහොතේදී හරි ලියුම ගැන අහනවා කියා අදිටන් කරගෙනය. ඒත්
දීඝ ඕනෑවට වඩා පරක්කු වුණේ නැත.
කවුද
මේ යස්ස ස්....? |
‘මෝඩයා... මට ලියුමක් දෙන්න මොකට ඔච්චර මූණ රතු කර ගන්නවද? කෝ එදා පුංචි කෝච්චියේ
එද්දී ඔයාට තිබිච්ච ගට්ස්?’ මං හිතුවා විතරය; ඇහුවේ නැතිය.
එතැන
හිට මං විද්‍යාකර විද්‍යාලයට ගියේ ‘කුදිර වලිප්පුව’ හැදුණා වගේ නොඉවසිල්ලෙනි.
පන්තියට ළමුන් පිරෙන්නට කලින් ‘මේ රත්තරං ලියුම’ කියවාගත යුතුය.
කොතැන, කොහොම තනිවී ඒ ලියුමට ඇහැ යැව්වාද කියලා මට මතක නැත. ඊළඟ තත්ත්පරයෙදී ඉස්
මුඳුනටම පත හෙණයක් පාත් වුණු බවය, මගේ මතකයේ තියෙන්නේ.
'16ා 21ු 2ෙ2 13් 2 13් 13ා 1 14 20.... 1ා 15 20 23්......11’
(පාලුවෙන් ඉන්නා අතර.... ආදර ස්......ට)
ඇස්
දෙකම උණු කඳුළෙන් පිරී තියෙද්දීය මං ලිපිය කියෙව්වේ.... ඒ ලියලා තියෙන්නේ මට නොවේ.
ස්.... කෙනෙකුටය; ගැහැනු ළමයෙකුටය. කවුද මේ යස්ස ස්....?
එදා;
එවෙලේ; ඒ මොහොතේ ඒ නිමල් දිසානායක ගැටවරයා හිටියේ ඉරිසියා ගිනි ජාලාවක දැවෙමිනි.
තමා හමුවට පැමිණෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්නට පුරුදුවී හිටියත් මෙවැනි ඊර්ෂ්‍යා පරවශ
තත්ත්වයකට මුහුණ දෙන්නට ඔහු ඉගෙන ගෙන තිබුණේ නැත.
ඉරිසියා කරනවාය කියන්නේ කුමක්දැයි ඔහු ඉගෙන ගත්තේ පසු කාලයකය.
‘මම දිළින්දෙක්මි’යි කියා ගන්නට; මගේම යටි හිතට ඒත්තු ගන්වන්නට අකමැති නිසාය... |
එහෙම හිතනවාය කියන්නේ, තමන් දිළිඳු බව- තමන් දුප්පත් බව- තමන් සතු දේවල් හිඟ බව
තමන්ම පිළිගැනීමක් නොවෙද?
‘මම දිළින්දෙක්මි’යි කියා ගන්නට අකමැති නිසාය; ‘මා මට ප්‍රමාණවත් තරමින් පොහොසත්
කෙනෙක් වී සිටින්නෙමි’යි කියන්නට කැමති නිසාය, දැන් මා ඊර්ෂ්‍යාව ඈතින්-ඈතටම පලවා
හැර තිබෙන්නේ!
කිසා
ගෝතමිය මාව දකිනවා නං....
‘නිබ්බ්තා නූන...’ පද අලුත් කරනවා ඇති!
හැබැයි
එවන් තත්ත්වයකට මා පත්වූයේ දවසකින් දෙකකින් නොවේ. එක අත්දැකීමකට- දෙකකට පමණක්
මුහුණ පෑමෙනුත් නොවේ. අනේක විධ අත්දැකීම් විඳිමින්- වසර දශක තුනක් විතර දිගු කලක්
ගෙවා දමමිනි.
මගේ
මතකය නිවැරදි නම්, අභී අයියා විවාහ වුණෙත් ඊට පසු කාලයකදී; දීඝායුගේ පෙම් හසුනේ
සිදු වීමෙන් පසු කාලයකදීය.
එතකොට මට ඇති වුණේ අඩු සංවේගයකි; අඩු ඉරිසියාවකි.
ඉතිං,
දීඝායුගේ ඉලක්කම් ලිපියෙන් කියැවුණු විදිහට නම්, ඒ වෙනකොටත් දෙන්නා අතරේ සබඳකමක්
පටන් ගෙන වැඩි කලක් ගතවී නැත. බාධක මතු වෙලාය. කතාබහක්වත් කර ගන්නට බැරි නිසාය,
ලියුම්වලින් ආදරය හුවමාරු කර ගන්නට හිතලා තියෙන්නේ... දීඝායුගේ ලියුම සීරුවට නමලා
ආයෙත් සාක්කුවට දමාගෙන, මං desk එකට හිස ඔබා ගත්තෙමි.
උණු
උණුවේ ඔළුවෙ ගාපු ගමන් හරි.... (පොම්පෙයිහි, විසූවියස් ගිනි කන්ද විදාරණයවී ගැලූ
ලාවාවලට යටව මියයද්දී සමරිසි මොවුන් කම්සැප විඳිමින් සිටියේලු!) |
“මොකද
කොරලයෝ. බට්ටගෙ මාසේ මාරු වෙලාද, පාන්දරම ඔළුවෙ කැක්කුම?” රණවක අතින් කට මුවා
කරගෙන, සද්දේ අඩුවෙන් අහයි.
කොරල
සුන්දරීට තියෙන්නේ සද්ද වැඩි කටකි!
“උඹ
ඔව්වා ගණන් ගන්න එපා නිමලෝ.... උගෙ වලත්ත කතා...” මට නැඹුරුවී කණට කොඳුරා එහෙම
කියූ කොරල සුන්දරී රණවකට උත්තර දුන්නේ වෙනස් tone එකකිනි. “... මේකට හිස
කැක්කුමක්ලු!” ඒ මගේ වෙනුවෙන් නිදහසට කරුණු කීමකි.
“අයියෝ!
ඕකට නං නියම බේතක් තියෙනවා මං ළඟ... උණු උණුවේ ඔළුවෙ ගාපු ගමන් හරි.... බට්ටා
කැමතියි නං දෙන්නං කියපං... අඩෝ කොරලයා, දෙන්නද අහපං මචං....” රණවක පුරුදු විදිහටම කෝන්තර පිරිමහයි.
මට ඔළුවෙ කැක්කුම හැදෙව්වේ දීඝ බව මේකා දන්නවා නං..... මට විසුමක් වෙන්නේ නැත.
එදා
නම් මට පාසල අපායක් වුණේය. පාසල් සගයන් පවා මට පෙනුණේ යම පල්ලන් විදිහටය. ඒ ඔවුන්
මා වටා ගැවසෙද්දීය.
මට
ඕනෑ වුණේ තනි වෙන්නටය; තනිවී මගේ හිතේ පිරී තිබුණු දුක්ඛ දෝමනස්සයන් සියල්ලම
කඳුළෙන් සෝදා හරින්නටය. ඒකට පන්ති කාමරය හොඳ තැනක් නොවේ; අපේ ගෙදර ඊටත් එහාය. රෑට
නිඳි පැදුරෙදී විතරය, මට හොරෙන් අඬන්නටවත් ඉඩක් ලැබෙන්නේ.
හොරෙන්
අඬන්නටවත් ඉඩක් ලැබෙන්නේ.... |
අනේ,
එච්චර දවස් මං හිතාගෙන හිටි හැටි වැරදියිද? දීඝායු ඉපදී තිබුණේ මා වෙනුවෙන් නෙවෙයිද?
මා ඉපිද සිටියේත් ඔහු වෙනුවෙන්ම නොවෙයිද?
ග්‍රීක
මහ දෙවි සියුස් මුලින්ම මවා ඇති මිනිසාට ලිංග භේදයක් තිබී නැත. ඔවුනට මුහුණු
දෙකක්, අත් සතරක් හා කකුල් සතරක් බැගිනුත් තිබුණේලු. ඒ නිසාමදෝ ඔවුනට අසාමාන්‍ය
ශක්තියකුත් තිබුණේල. එය දුටු මහ දෙවි රජිඳා මතු වන්නාවූ බිහිසුණු තත්ත්වය පිළිබඳව
උපකල්පනය කොට බෙහෙවින් ත්‍රස්ත වීල. එය වළක්වා ගැනීම පිණිස නොපමාව සුදුසු පියවරක්
ගත්තේල.
ඒ අර ශක්තිමත් මිනිසා දෙපළු කොට එක භාගයක් ස්ත්‍රීන් බවටත්, අනෙක් භාගය පුරුෂයන්
බවටත් පත් කිරීමෙනි.
එදා ඉඳන්ම මිනිහා කරන්නේ
තමාට අහිමි කෙරුණු තමන්ගේ ‘අනෙක් භාගය’ සොයමින් වෙහෙසීමලු!
මේ ග්‍රීක පුරාණෝක්ති
කතාව එදා මා දැන සිටියා නම්...
නිමල් දිසානායකට අහිමි වුණු අනෙක් අර්ධය දීඝායුය කියා පර සක්වළ කළඹන්නට වුණත් ඉඩ
තිබිණි.
ඇත්තෙන්ම මිනිසුන්
වශයෙන් අප සෙවීමට වෙහෙසිය යුත්තේ; ගවේෂණය කළ යුත්තේ අපේ අනෙක් අර්ධයද... නොඑසේ නම්
අපේම ගුප්ත අභ්‍යන්තරයද?
මේ විරාමය ඒ ප්‍රශ්නයට
උත්තර හොයන්නටය;
බ්ලොග් කියලා ජාතියක් තියෙන විත්තිය ඒවා ගැන
නොදන්නා ඔබේ හිතවතුන් කිහිප දෙනෙකුට හඳුන්වා දෙන්නටත් එක්කය....
මම ජෝතිෂ්‍යය විශ්වාස කරන්නෙත් නෑ, බොරුයි කියන්නෙත් නෑ.
ReplyDeleteමට ඒක තේරෙන්නෙ නෑ.
සමහරු හඳේ බලපෑමෙන් වඩදිය බාදිය ඇතිවන නිසා ජෝතිෂ්‍යයේ ඇත්තක් ඇති කියනවා. වඩදිය බාදිය වෙන ක්‍රමය පැහැදිලියි. ඒත් පෘතුවියේ ඉඳන් කිලෝමීටර් බිලියන් එකහමාරක් විතර (1.2 - 1.46 billion km) ඈතින් තියන සෙනසුරුගෙන් යම්කිසි නිශ්චිත උපන් වෙලාවක් සහිත ලංකාවෙ මිනිහෙක්ගෙ විවාහයට හෝ ලමයෙක්ගෙ විභාගයකට බලපෑමක් වෙන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙත් නෑ, කවුරුවත් කියල දෙන්නෙත් නෑ. ඒත් ඒක විද්‍යාවක් කියලත් කියනවා. ?????
"අපිට තේරුම්ගන්න බැරි දේවල් ගොඩක් ලෝකයේ තියනවා....අතීතයේ ඉඳන් ආව ඒවා ......" කියලා කියනවා.
මම එකඟයි. ඒ නිසා තමයි මම ඒවා බොරුයි කියන්නෙ නැත්තෙ. ඒත් මට ඒවා ඇත්තෙයි කියලා විස්වාස කරන්න පුලුවන් කමකුත් නෑනෙ.
Pra Jay, මමත් හඳහන් විශ්වාස කරන්නේ නැහැ. නමුත්, මීට වසර තිස් පහකට පමණ පෙර, ඉතාම අහම්බෙන්, හඳහනක් බලලා කියාපු අනාවැකියක් නම් මගේ හිතේ රැඳිලා තියනවා. මම ඒ ගැන මීට පෙරත් බ්ලොග් අඩවියකට ලියා තියනවා.
Deleteමගේ ඥාති සොහොයුරෙක් අතින් එයාගේ (එකල පෙම්වතිය, පසුව බිරිඳ) කෙල්ල ප්‍රෙග්නන්ට් උනා. මේ සම්බන්ධය ගෙවල් දෙකම දන්නා, ගෙවල් දෙකෙන්ම අනුමැතිය ලැබුන එකක්. මේ කෙල්ලගේ අක්කාගේ වෙඩිං එක අස්සේ තමයි මුන් දෙන්නා හනිමූන් ගිහින් කෙලවාගෙන තියෙන්නේ. මේ දෙන්නගේ විවාහය ඊළඟ වසරේ කරන්න තමයි සුදානම් වී තිබුනේ. මේ හදිසි පිළිසිඳ ගැනීම නිසා මේ විවාහයත් ඉක්මනින්ම කරගෙන ඔවුන් වසරකට දෙකකට විදේශගතවී (මේ සොහොයුරා වසර ගණනාවක් විදේශගතව ඉඳ ආපසු ආ කෙනෙක්) දරුවා ලැබුන පසුව ලංකාවට එන්න සැලසුම් කළා. එතකොට විවාහයෙන් මාස හයකට පස්සේ දරුවා ලැබුන බව කාටත් අමතකයිනෙ.
මේ සැලසුම සඳහා , ගමේ බොහොම පිළිගැනීමක් තියන, හඳහන් නක්ෂත්‍ර වැඩ ගැනත් දැනුමක් තියන (නමුත් කිසිවිටෙක මුදලට හෝ වෘත්තීයක් හැටියට ඒ දේවල් නොකරන විශ්‍රාමික විදුහල්පති කෙනෙක් ) කෙනෙකු ලවා, විවාහය ඉක්මන් කලයුතු යැයි කියවෙන 'බොරු හඳහන් රිපෝට්' එකක් ලියවා ගැනීමයි. අපි කිසි කෙනෙක් හඳහන් හෝ ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ පුද්ගලයට තියන ගෞරවය නිසා කවුරුත් ඔහුගේ වචනයට ගරු කරනවා.
මේ වැඩිහිටි මනුස්සයාට වෙච්ච ඇත්තම දේ අපි කිව්වා. එයා එක පයින්ම වැඩේට එකඟ උනා. හේතුව, පිළිසිඳ ගත් දරුවාව abort කරනවාට වඩා, කාගේ කාගේත් නම්බුවත්, දරුවාවත් ඔක්කොම බේරෙන නිසා. ඉතින්, මේ විවාහය ඉක්මනින් කල යුතුයි, නැතිනම් විවාහයට බාධා එනවා කියලා ලියලා දුන්නා. (මේවායේ තව අතුරු කතා ගොඩක් තියනවා ඒවා කපා දාලා කෙටියෙන් ලියන්නේ) මේ කියූ රිපෝර්ට් එක දුන්නේ හඳහන් බලන්නේත් නැතුවයි. ඒ උනාට එයා හඳහන් දෙකම බලලා මගුලට ඉක්මන්ම නැකත් දිනයක් හදලා දෙන්න පොරොන්දු උනා.
ඒ අනුව මාසයකින් විතර තියන දිනයක් මගුලට ලැබුනා.
මේ වැඩේට අතරමැදියා උන මාව ගෙන්නලා, මේ හඳහන් බලාපු වැඩිහිටියා යම් දේවල් කිහිපයක් කිව්වා. ඔහු කිව්වේ හඳහන් අනුවනම්, මේ කුසේ ඉන්න දරුවාගේ උපතක් පෙන්නුම් කරන්නේ නැහැ, පුළුවන් කමක් තියනවා නම්, ඒ හේතුව නොකියා, රට යන්න ටිකට් ගන්න එකට, විසා හදා ගන්න වගේ දේවල් වලට වියදම් කරන්න හදිස්සි වෙන්නේ නැතිව, ඒවා ටිකක් කල් දාන්න මගේ සොහොයුරාව පොළඹවා ගන්න කියලයි. ඒ අතරම, මේ ජෝඩුවට දරු ඵල දෙකක් තියනවා, ඒත් එයිනුත් එක දරුවෙකුගේ ජීවිතය බොහොම කෙටි විය හැකි බවත්, මේ සොහොයුරාටත් වැඩි ආයුෂයක් නැති බවත් කිව්වා.
මම මේ දේවල් ඒ අයියාට හෝ වෙනත් කා එක්කවත් කිව්වේ නැහැ. නමුත්, මගුලෙන් පසුව මේ ජෝඩුව ඥාති ගෙවල් විසිට් කරන්න නුවර ගිහින් ඉන්දැද්දී මනමාලිට අසනීප වෙලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් උනා කිව්වාම මට එක පාරටම මතක් උනේ අර ඉහත කී "දරු උපතක් පෙන්නුම් කරන්නේ නැහැ". කියන කතාවයි. ඒ දරු ගැබට Miscarriage එකක් වෙලා තිබුනා. ඒක හඳහන් බලලා කිව්වා නේද කියන එක මට එච්චර බරට හිතට දැනුනේ නැහැ.
මෙයින් වැඩි කලක් නොගිහින් මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන නිසා, මේ දේවල් සම්පුර්ණයෙන්ම අමතක වෙලා තිබුනත්, වසර කිහිපයකට පසු එක දිනක අම්මා එක්ක කතා කරන කොට, අර ඥාති අයියාගේ පොඩි දරුවා මොකක් හරි හඳුනා ගත්ත නැති ලෙඩක් හැදිලා Lady Ridgeway එකට ඇඩ්මිට් කළා කියලා අම්මා කිව්වා. මට අර හඳහන් සිද්ධිය මතක් උනා. මම අම්මාට මේ හඳහන් කතාව එදා කිව්වා. අම්මා කිව්වෙත් එහෙම දෙයක් හිතන්නවත් එපා, ඒ දරුවා සනීප වෙලා එයි. ඕවා හිතේ වත් තියා ගන්න එපා කියලයි.ඒ උනාට හඳහන් කාරයා කිව්වා වගේම ඒ දරුවා මැරුණා.
අවාසනාවකට, ඊළඟ අනාවැකියත් ඇත්ත උනා. ඒ අයියා අවුරුදු 50 ලබන්න පෙරම මියගියා
.
මොනවා උනත්, මම අදටත් ප්‍රතිපත්තියක් හැටියට හඳහන් බලවන්නේ වත්, විශ්වාස කරන්නේ වත් නැහැ. නමුත්, මේ සිද්ධිය අහඹුවක්ද, educated guess එකක්ද, එහෙම නැතිනම් හැබෑ අනාවැකියක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ.
උපදින වෙලාවෙ අනන්ත දුරක සිට එන තාරකා වල ආලෝකය ග්‍රහයින්ගෙන් ආවරණය වෙනවා. හොද කිරණයක් වැහුණොත් ඒ ග්‍රහයා අපල කරන්නෙක්. නරක තිරණයක් වැහුණොත් එයා සුබ ග්‍රහයෙක්. ඒකයි ජ්‍යොතිශයේ විද්‍යාත්මක පදනම
DeleteUnknown පෝස්ට් එක මගෙන.
Deleteමේ unknown කියන කෙනා මම අනුර ජිනදාස
Deleteස්තුතියි. මාත් අහල තියනව ඔය වගේ කතා සහ කිරණ ගැන. කිරණ කියන්නේ රේඩියේශන්ද, ආලෝකය වෙන්න බෑනෙ ග්‍රහලෝකකින්, ග්‍රැවිටිද ?
Deleteඒත් ලංකාවෙ මිනිහෙක් උපන් වෙලාවේ කිමී බිලියනයකට වඩා ඈත තියන ග්‍රහලෝකයකින් මොන ජාතියේ කිරණකින් මොන ක්‍රමවේදයකට ඔහුගේ විවාහයට බලපෑමක් වෙනවද කියන එක මට තේරෙන්නෙනෑ. මේක විවාද කිරීමක් නෙමෙයි. මට ඇත්තටම තේරෙන්නෙනෑ සහ කිසිකෙනෙක් තේරෙන විදිහකට එක්ස්ප්ලේන් කරල නෑ
සොරි. ග්‍රහලෝකවලින් නෙමෙයි ඈත තාරකාවලින් එන කිරණ ගැන කියල තියෙන්නෙ නේද? ඒවා ග්‍රහලෝකවලින් බ්ලොක් වෙනවයි කියල තියෙන්නෙ.
Deleteඒ මොනවගේ කිරණද? ඒවායින් ඉගනීම, විවාහය, රැකියාව, පිටරටයාම වගේ ඒවට බලපෑමක් එන්නෙ කොහොමද ?
පුරාන රිසිවරුන් ඔය දිලිසෙන (ජෝතිය) විද්‍යාව (ජෝතිෂ්‍ය) ගෙනාපු බව තමයි සඳහන් වෙන්නෙ. ජෝතිෂ්‍ය ගැන යම් විදිහකට මට වටහා දෙන්න පුළුවන්, යම් අර්ථකතනයක් විදිහට. ලෝකය (අප) යන, පවතින ස්වභාවය තුලින් යම් රටාවක් තේරුම් ගෙන එය තුලින් මිනිසාගේ ජීවිතය ගමන් මගේ සටහනක් තේරුම් ගැනීමට උත්සුක වීම ජෝතිෂ්‍ය කියල. උදාහරණයකට අතීතයේ ගොවිතැනට පවා ජෝතිෂ්‍ය භාවිත කළා. (අපි වර්තමානේ කතා කරන ජෝතිෂ්‍ය නම් නෙවේ). ග්‍රහ පිහිටීම තුල පෘතුවියට වැටෙන කිරණ ස්වභාවය මත වැඩියම වැවීමට, පරිභෝජනයට සුදුසු, ඵලදාව වැඩි භෝග මොනවද කියන දේ මැන ගැනීම එකක් විදිහට දක්වන්න පුළුවන්. (ඕන නම් තිලක් කන්දෙගම මහතාගේ video utube ඔස්සෙ නරඹා තේරුම් ගන්න). අනෙත් එක වෙදහෙදකමට මෙය යොදා ගැනීම. දවසේ හෝරාව, ග්‍රහචාරය මත ලෙඩාට බේත් නියම කිරීම.
Deleteඒ වගේම මන් දන්නා දෙයක් තමයි සද ගමන් කරන දවසක් නම් එදා කයේ ආපෝ ගතිය උඩට එන ස්වභාවය වැඩි. ඒ මත කාම, ශුන්ගාරාත්මක තත්වය, කාම දාහය වැඩි වෙනවා. මේ කලේ නරි පවා හූ කියමින් හූල්ලන්නේ ඒ නිසා.
සදේ ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා වන වඩදිය බාදිය සහ අනිත් සිද්ධි තේරුම්ගන්න පුලුවන්.
Deleteඒත් ඔය අනිත් කිරණ කියන්නේ මොනවාද? අල්ට්‍රා වයලට්ද? ඒවායින් විවාහය, ඉගනීම, දරුවන්, රට යාම, සල්ලි ලැබීම, ගෙවල් සෑදීම, වාහන වගේ දේවල්වලට බලපාන ක්‍රමවේදය මොකක්ද?
මට ලැබෙන සෑම පැහැදිලිකිරීමක් අවසානයේදීම මට හිතෙන්නේ ජෝතිශ්‍යය විද්‍යාවකට වඩා විශ්වාසයක් කියලයි.
හ්ම්ම්.....මේක ඉවරයක් නොවන වාදයක්, ඒත්, හරිම ඉන්ටරෙස්ටින්. මගේ සාමාන්‍ය ප්‍රතිචාරය, ලිස්සායාම. ඒත් සහභාගි වෙලා ඉන්න අයගේ සංයමයක් ඇති ස්වභාවය නිසා, දන්න ටික ඔන්න ඔහේ කියලම දානවා. මේ මගේ අදහස මිසක්, පරම සත්‍යය නෙමෙයි. ඒ නිසා වැරදි වෙන්න ඉඩ තියනවා වගේම, සාපේක්ෂයි.
Deleteදන්න තරමින් ජෝතිෂය වැටෙන්නෙ pseudo science කැටගරියට. එහෙම එකක්, විද්‍යාත්මකයි කියල, පෙන්නන්න යාම අවුලක් කියල මට හිතෙනවා. ඒත් ඒකෙන්,ජෝතිෂය වැරදියි කියල කියන්නත් බෑ. සෑම් කිව්වා වගේ, පැහැදිලි කල නොහැකි අත්දැකීම්, මටත් තියනවා. ඒත් තාමත් කියන්න තියෙන්නේ, ප්‍රාජේ කිව්ව වගේ, දන්නෙ නෑ කියලයි.
විද්‍යාව ගැන කතාකරන කොට, "අද අප දන්නා පරිදි" කියල භාවිතා වෙනවා. ගුරුත්වය කියන සංකල්පය, තාම හරියටම තේරුම් නොගත්ත දෙයක්. ගැවිටෝන් වගේ අංශු සොයාගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසයි.
ඒත් විද්‍යාව සෑහෙන දුරට විවෘතයි. දන්නෙ නැත්නම්, දන්නෙ නෑ කියනවා. වැරදි නම්, නිවැරදි කරගන්න සූදානම්. ඒ වගේම, දැනට දන්න දේ වලින් අපට පේන්නම, පැහැදිලි ප්‍රතිඵල ලැබිලා තියනවා. ඒත් ජෝතිෂය ගැන ප්‍රශ්ණ කලාම ලැබෙන , උත්තර ගැන එච්චරම සතුටු වෙන්න අමාරුයි. වැරදුනාම, ආ ඒක වුනේ මේ නිසානෙ කියනවා. ඒ වගේම, බොහෝ ජෝතිෂයට පක්ෂ අය, කතා කරන කොට, තමන් දැණුමෙන් පරිපූර්ණයි කියල හිතනවා කියන හැඟීමක් මට එනවා.
ඒ නිසා අවසානයට කියන්න තියෙන්නෙ. ජෝතිෂය ඇත්තද, නැද්ද දන්නෙ නෑ. තාම නං කියන්න තරම් වැඩක් වෙලත් නෑ. ඒ නිසා ඉස්සරහට ජෝතිෂය මත යැපෙන්න අදහසකුත් නෑ කියන එකයි.
වාදයකට යන්න අදහසක් නෑ. සුහද සාකච්චාවක් නං හා!
සාමාන්‍යයෙන් දිග කමෙන්ටු නොලියන Pra Jay මහත්තයට බොහොම ස්තුතියි විස්තර ඇතිව ලිව්වට.
Deleteඒ වගෙමයි Sam මහත්තයාගේ අත්දැකීම ගැනත් ලියලා තිබුනාටත් ස්තුතියි.
'දහමේ මඟ' පළමු වතාවට වගෙයි මේ අඩවියේ comment එකක් එවලා තියෙනවා කියලා මතක.(අනේ මම වැරදියි නං සමා වෙන්න.)
බකුසු මහත්තයාට විතරක් ස්තුති නොකර අතාරින්ඩ බෑ කොහොමටවත්!
ඔයාලා හැමෝටමත් අනුර ජිනදාස හිතවත් සහෘදයාටත් ගොඩාරියක් ස්තුතියි හරබර තොරතුරු ගොඩාක් එකතු කිරීම වෙනුවෙන්.
තව ප්‍රශ්න උත්තර මතු වෙයි කියලයි හිතන්නේ.
අනුර මහත්තයෝ, ඔයාම මෙහාට ඇවිත් උත්තර දෙන එක ගැන මාරම සතුටුයි!
Deleteවිශේෂයෙන්ම සන්නිවේදන ක්ෂේත්‍රයේ තාක්ෂණික අංශයේ ඉහලම තනතුරක් දරලා (මේ කිව්වේ මගේ මතකෙ තියෙන විදිහට- විස්තර අඩුද මන්දා.) විශ්‍රාමිකව ඉන්න ඔයාම මෙහෙම හරවත් සාකච්ඡාවකට ස්වේච්ඡාවෙන්ම මැදිහත් වීම ගැන පුදුම විදිහට සතුටුයි.
මං හිතන්නේ මේ පළමු වතාව වෙන්නත් ඇති.
තවත් එකක්, හේතුව නං මම දන්නෙ නැහැ. ඊයේ බ්ලොගය කියවලා තිබුණා 496 දෙනෙක්. මම හිතනවා කමෙන්ටු නොදැම්මත්, ඒ වැඩි දෙනෙකුත් මේ සංවාද කියවනවා ඇති.
අපි හැමෝම, මේ ජෝතිෂය අනාවැකි ගැන අහල තියනවා. සමහරක් අත්දැකලා තියනවා. ප්‍රශ්ණෙ තියෙන්නෙ repeatability ගැනයි. Repeatability විද්‍යාත්මක ක්‍රමයේ වැදගත්ම සංකල්පයක්. ඇයි මේක වැදගත් වෙන්නෙ කියලා, මේ වීඩියෝවෙ තියනවා.
Deletehttps://www.youtube.com/watch?v=cLvoCjz9Q1k
මේකෙ, 1986 දී සිදුවුන Fleischmann and Pons ගේ කාමර උශ්ණත්වයේ Cold Fusion ගැන සොයාගැනීම කියැවෙනවා. හරිගියා නං, ලෝකෙම වෙනස් කරන සොයාගැනීමක්. ඒත් ඒක එහෙම වුනේ නෑ. ම දැකලා තියෙන්නෙ වැරදුනාම, බොහෝවිට වෙන්නෙ සාත්තරෙත් එක්ක, සූත්තරේ මුහු කරලා ජාම බේරගන්න බවයි.
මං තවමත් උත්සාහ කරනවා අනුර වගේ දැනුමෙන් සන්නද්ධ වෙන්න. මොකද 1978 විතර ඉඳලාම මං දන්නා දෙයක් තමයි අනුර කොච්චර දේවල් දැනුමට එකතු කර ගන්නවාද කියලා. තවමත්....
Deleteක්ෂේත්‍ර ගොඩක.
හොඳ වෙලාවට අනුර ජිනදාස එයාගේ නංගී වගේ ධාවන ශූරයෙක් වෙලා ලංකාවට ගෞරව ගේන්න කැප නොවුණේ!
බස්සා මහත්තයෝ, වීඩියෝව බලන්නම්. ඒත් මොකුත් කියන්නේ නැහැ, මට වඩා දැනුමැත්තෝ උත්තර දෙයි නෙව.
Deleteඒ වීඩියෝව විනාඩි 20ක් දිගයි නිදි. ඕක දිගේ යනවා කියන්නෙ, රැබිට් හෝල් එකකට යනවා කියන එකයි. Mind-body problem, Information based universe වගේ ඒවත් ඕකට ඈඳෙනවා. ඉස්සර මාත් නිදි වගේම යසට හිටියා. පස්සෙ රට්ටු කියන්න ගත්තා නෙව, මඤ්ඤං බස්සා කියලා.🤔😒
Deleteරට්ටු කියන කතා අහන්න ගියොත් අපිට වෙන්නෙ උන් කියන විදියට ජීවත් වෙන්න නේද බකුස් මාමෙ😕
Deleteවීඩ්යෝ එක බැලුවා, බස්සා මහත්තයෝ. ස්තුතියි ඔත්තුවට. ඔය වගේ දේවල් 'රාමුව' සීරීස් ඒකෙත් යනවා. මං දෙක තුනක් බලල තියෙනවා.
Deleteමට හිතෙන්නෙ, ඔය ග්‍රහලෝකවල බලපෑම නෙවෙයි. යමෙක් උපදින වෙලාව යම්කිසි චක්‍රයකට අනුව අනුගත කරල තියෙනව. ඒ් චක්‍රයේ යම් කෙනෙක් ඉපදුනා නම් යම් වෙලාවක, ඔහුට හිමිවන අනන්‍ය ගුණ හෝ ඉරණමක් තියෙනව. ඒ චක්‍රයේ ම රිපීට් වෙන වෙලාව ට උපදින තවත් කෙනෙකුට ඒ ගුණ සහ ඉරණම ම උරුම වෙනව කියල නිරීක්ෂණය කරල ජ්‍යෝතීර් විද්‍යාව හදාගෙන තියෙනව. ඔය චක්‍රයේ ආපහු රිපීට් වෙන කාල අන්තරය ගණනය කරගන්න, ඒ වෙලාවෙ අහසෙ දකින්න තිබුණූ තාරකාව යොදාගන්නව.
Deleteඔ්ං ඔහොම දෙයක්...
මට අනුව නං ඩ්රැකී ලෝකේ තියෙන තාක් සියලුම දේවල් ගණිතමය රටාවල්වලින් පැහැදිලි කළ හැකියි. ඒ හැම දේකටම අනන්‍යවූ රටාවක් තියෙනවා... ගැටලුව තමයි අපට ඒවා නොපෙනීම හෝ නොදැනීම හෝ තවමත් විශ්ලේෂණය කරන්නට හෝ ඇති නොහැකියාව.
Deleteඔය ඈත ඉඳන් එන තාරකා වල කිරණ අපේ ඇසට පැමිණීම වලක්වන කොට තමයි අපට expoplanet එකක් (සෞර ග්‍රහ මණ්ඩලයට එපිටින් වෙන ග්‍රහ මණ්ඩල වල තියෙන ග්‍රහ ලෝක ) හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒක එක මෙතඩ් එකක්. දැනට එහම සෞර ග්‍රහ මණ්ඩල කිහිපයක්ම හොයා ගෙන තිබෙනවා. ) තාරකා වලින් එක කිරණයක් පමණක් නොවෙයි එන්නේ. අති විශාල ප්‍රමාණයක් . බොහොමයක් රේඩියෝඇක්ටිව් කිරණ එන්නේ අපේ සූර්යයාගෙන් වෙනත් මන්දාකිණි වලිනුත් එනවා. (cosmic rays)
Deleteඅප හැමෝම තාරකා වල දරුවෝ. අතීතයේ විනාශ වුනු තාරකා වල ලවණ හා මූල ද්‍රව්‍ය අපේ සිරුරු වල තිබෙනවා.
අපරාදේ, අජිත්. ඔයා ටිකක් පරක්කු වෙලානේ... බලමු- ඔබතුමාගේ අදහස ගැන කියවෙන දේවල්.
Deleteඅජිත්,ඔබ තාරකා විද්‍යාව සෑහෙන දුරට හදාරා ඇති බවයි පෙනෙන්නේ.expoplanets ගැන එහෙමත්. ජ්‍යේතිශයේදී එවැනි ග්‍රහ ලෝක නෙවෙයි භාවිත වෙන්නේ.එම ග්‍රහ මණ්ඩලවල සූර්යයින්ගෙන් එන කිරණ ගැනයි කථා කෙරෙන්නේ. එම තරු ඉතාම ඈත තියෙන නිසා නිශ්චලව තිඛෙන බවයි පෙනෙන්නේ. උදා මරණයක් ලෙස කන්‍යා රාශිය තුළ පිහිටි තරුවක් තිබෙනවා Spica නමින්. ඒ තරුව මුල්කරගෙනයි ග්‍රහ පිහිටීම් දක්වන longitudes පද්ධතිය පිහිටුවාගෙන තියෙන්නෙ. එය වසරකදී විකලා 50ක් පමණ විතැනි වෙනවා. බටහිර ජ්‍යේතීර් වේදීන් මේ විතැනිවීම යොදාගෙනයි කටයුතු කරන්නේ. ලංකාවේ ඉන්දියාවේ අය ඒ වෙනස්වීම ඉවත්කරගෙන කටයුතූ කරනවා. මම ඇතුළු අපේ ගුරුකුලය මේ ක්‍රම දෙකම යොදා ගන්නවා. සායන ජ්‍යේතිශය කියන්නෙ ඒ බටහිර ක්‍රමයටයි. අනෙක නිරයන ජ්‍යේතිශය. හැබැයි දැන් හුඟදෙනෙක් කරන්නෙ නිරයන එක නෙවෙයි නිරායන එක.
Deleteඅනුර මහත්මයා, ඒ ක්‍රම දෙකෙන් අපිට ලැබෙන ප්‍රතිඵලයට සිද්ධ වෙන වෙනස මොකක්ද එතකොට🤔
Deleteමම එපමණම දන්නේ නැහැ. තාරකා භෞතික විද්‍යාවට ඩිග්රියක් නම් තිබෙනවා. spica තියෙන්නේ ඔරායන් මණ්ඩලයේ. තාරකා (වෙනත් සුර්යයන් ගෙන් ) වලින් එන කිරණ කියන්නේ ආලෝක කිරණ නම් එහම නම් හරි. කොස්මික් කිරණ අප ට එන්නේ අපේ සූර්යයාගෙන් සහ වෙනත් මන්දාකිණි, සුපනෝව පිපිරීම් වලින් නේ. ජ්‍යෝතිෂය පිලිබඳ දන්නේ නැති නිසා කතා කරන්න යන්නේ නැහැ. දවසක ඉගෙඅන ගන්න නම් හිතේ තියනවා. විශ්‍රාම ගියාට පස්සේ. අපි හැමෝම තාරකා වල දරුවෝ කියල මම කීවේ තාරකා නිශ අහදිච්ච මුල ද්‍රව්‍ය අපේ ඇඟවල් වල තිබෙන නිසා. ඉතින් සම්බන්ධයක් තිබෙනවා. මගේ තීසිස් එකනම් බිග්බැන් එක සම්බන්ධව.
Deleteතාරකා නිසා හැදිච්ච කියා වෙනස් විය යුතුයි.
Deleteමේ දෙක හරියට උදාහරණයකින් කීවොත් ආයුර්වේදයත් ඇලෝපති බටහිර වෛද්‍ය ක්‍රමයත් වගේ දෙකක්. ඇලෝපති ක්‍රමයේදී හැබෑවටම බෙහෙත් දෙන්නෙ වෛරස් බැක්ටීරියා බලාගෙන
Delete. ආයුර්වේද ක්‍රමයේදී බෙහෙත් දෙන්නෙ වාත කඵ සෙම යන තුන සමනය කිරීමටයි. දෙකේම අභිමතාර්ථය රෝගියා සුවපත් කිරීම.
මේ දකෙන්ම ලෙඩ හොඳ වෙනවා. ඒ වගේ තමා සායන නිරයන දෙකත්. අර දෙකේම බෙහෙත් තියෙනවා වගේ මේ දෙකේත් ග්‍රහයින් හා ලග්න රාශි ආදිය තියෙනවා. බටහිර වෛද්‍ය්‍යවරු පෙති කරල් දෙද්දි ආයුර්වේද වෛද්‍යවරු කල්ක චූර්ණ දෙනවා වගේ ඒවායේ භාවිතයත් වෙනස්. හැබැයි ප්‍රතිඵල සමානයි.
අජිත් මේක ඉගෙනගන්න හිතනවා කියපු නිසායි කියන්නෙ. මේක හරියන්න නම් කේන්දරය රවි බලවත් වෙලා ඉන්න වට අමතරව වර්ණදා ලග්නයට බුධ ග්‍රහයා ගේ බලපෑමකුත් තියෙන්න ඕනෙ.
මම ඉගෙන ගන්න හිතන් ඉන්නේ මම ඕව හොයන නිසා. විශ්වාස කරන හින්දම නෙමේ. මට සෑහීමකට පත් වෙන්න පුළුවන් සාක්ෂි නැත්නම් මම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. මම /භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි -එකොළොස්වන කොටස// කියල ලිපි පෙලකුත් ලිව්වා.
Deletehttps://kolambagamaya.blogspot.com/2016/11/materialist-paranormal_10.html
මට ඉස්සර පෝස්ට්වලත් ආව ප්‍රශ්නයක් අහන්න අමතකවුනා.
ReplyDeleteඇයි තාත්තා යාළුවො ආශ්‍රය කරනවට අකමැති සහ/හෝ හුඟක් තද නීති දැම්මෙ?
ඒකට යාලුවො සම්බන්ධව තාත්තාට තියෙන්න ඇත්තෙ හොඳ අදහසක් නෙමෙයි වෙන්න ඇති.
DeletePra Jay මහත්තයෝ, මට හිතෙන්නේ අපේ නවීන් සංදීප කුමාර හිතවතා කියන පැත්තම තමයි.
Deleteඅපේ තාත්තා කරප කෙළි ගැන ටික ටික කියලා තියෙනවනේ වරින් වර.
එයාගේ බාසාවෙන්ම කියනවා නං 'නැට්ටට කිරි උනන කාලේ හිට'. අපේ ආච්චිම කියන විදිහට 'බදුල්ලට ගිහින් බින්තැන්නේ එකියෙකුගේ ලස්සනට රැවටෙන්න කලින් කරපු කෙළි' එහෙම නිසයි මම ඒ විදිහට හිතන්නේ.
මතායිනේ, මං කිව්වා උප්පැන්නෙට දිසානායක වාසගම නොලැබුණු මගේ අයියා කෙනෙකුගේ විත්තියත්.
ලියපු බවක් මතක නැති කරුණකුත් දැන් මහක් වුණා. තාත්තලා රත්නපුරේ ඉඳිද්දී (තාත්තගේ කොලු කාලේ) ගැන්සියක්ම set වෙලා හිටියාලු පන්සලකට. එයාලා ඉස්සෙල්ලාම සිගරැට් බිව්වේ, අරක්කු බිව්වේ එහෙම ඒ පන්සලේ සාදුලා එක්කලු. රෑට සාදුලාගේ ධනව්‍යයෙන් තමයිලු films බලන්න ගියෙත්.... සාදුලාට වෙස් වලාගන්න ඇඳුම් සපයලා තියෙන්නේ ගිහි කොල්ලෝ!
ඔය අපට කියැවුණු දේවල්... තව නොකියවුණු දේවලුත් තිබ්බා වෙන්න ඇති...
මං අනුර, නිදි මේකට නංගිව ගාවගන්න එපා. එයා ජාතික ක්‍රීඩා වලිනුත් ජාතික පුහුණුකිරීම් වලිනුත් ඈත්වෙලා ජාත්‍යන්තර පාසල් පද්ධතියක ක්‍රීඩා පුහුණුකාරියක් හැටියට රැකියාවක් කරනවා. එයා පාඩුවේ හිටියාවෙ.
Deleteබස්සා කියන කරුණ හරි. ජ්‍යේතිශය රසායනාගාර පරීක්ෂණයකින් සනාත කරන්න පුළුවන් විද්‍යාවක් නොවෙයි.සෑම පුරෝකථනයක්ම කරුණු තුනකින් සමන්විතයි.පුරෝකථනය = උපකල්පන+ කොන්දේසි+ප්‍රකාශය. පුරෝකථනයක් වරදින්න ඉහත කරුණු තුනෙන් එකක් වැරදුනොත් ඇති. වැරදුණු පුරෝකථනයක් නිවැරදි කරන්න බොහෝවිට යොදාන්නෙ උපකල්පනය හෝ කොන්දේසි වල වැරදීම නිසා බව දැත්වීමයි.
අනේ, මගේ කීමෙන් හිත රිදුනා නං කනගාටුයි ගොඩක්. අනුර මහත්තයෝ- මම ඔයාලගේ නංගි ගැන කිව්වේ ඔයාලා දෙන්නා කොච්චර වෙනස් ක්ෂේත්‍ර දෙකක්ද කියන කාරණය මතු කරන්නයි.
Deleteකතාවෙ turning point එකක් වගෙයි, නිමල්.
ReplyDelete"ප්‍රයෝග තමයි මට හිතෙන විදිහට ඉතාම වැදගත්. කෙනෙකු ඉපදුනාට පස්සේ ඉගෙනීම හා අත්දැකීම් තුළින් ලබා ගන්නා ප්‍රායෝගික බුද්ධිය තමයි මේ". මේක නම් හරිම ඇත්ත. ඒත් අපේ සමාජයෙ තියෙන සමහර සම්මතයන් නිසා මේ විදිහෙ ප්‍රායෝගික බුද්ධිය අපිට ලැබෙන්න කල් යන්න පුලුවන්. හැමදේම අම්මලා තාත්තලා කරලා දෙන්න යෑම, වැදගත් තීරන ගන්නකොට පොඩි අය ඒවට සම්බන්ධ කරනොගැනීම වගේ දේ නිසා. සමහරවෙලාවට මට හිතෙනවා මෙහේ අවුරුදු පහලොවේ දාසයේ පොඩ්ඩන්ට තියෙන ජීවිත අවබෝධය, maturity, diplomacy වගේ දේවල් අපේ අවුරුදු පනහෙ හැටේ අයටත් නැහැනෙ කියලා.
ප්‍රයෝගයෙන් කාල ගති වෙනස් කරගත් අය ගැන තොරතුරක් නම් හමුවුණේ නෑ.ඒත් උපදි වෙනස්කරගත් අය අනන්තවත් හමුවෙනවා
Deleteඔයා වෙනදා වගේම නියම තැන්වලින් අල්ලා ගන්නවා Lotus. ස්තුතියි.
Deleteඅනුර මහත්තයෝ, මං හිතන්නේ මෙතනත් unknown කියන්නේ ඔයා වෙන්නැති. හොඳයි නේද ඔයාගේ comments වලදී ඉස්සෙල්ලාම අනුර කියලා : දෙතිතත් යොදලා පටන් ගන්නවා නං.
මගේ යෝජනාවක් විතරයි, මට හිතෙනවා තව ඉස්සරහටත් ඔයාගේ අදහස් එකතු කරන්න වෙයි කියලා.
මොකද post එකට මගෙන් ලියවෙන්නේ ඔයා මට කියන දේවල්වලින් 1%ක් විතර චුට්ටයිනේ.
හෙමීට කිවන්නෝන.
ReplyDeleteකියල වැඩක් නෑ, මේ වගේ දිග පෝස්ට් එකක් දැක්කම මාත් හිතන්නේ ඒකමයි. වෙලාවකට නිවිහැනහිල්ලේ කියවනවා කියලා නොකියවා ඉන්නවට වඩා හොඳයි උඩින් පල්ලෙන් හරි කියවන එක කියලා හිතෙනවා.
DeleteApoorumal අපූරුයි ඔයාගේ සම්ප්‍රාප්තිය.
Deleteගොඩක් සතුටුයි. මාත් ඉන්නේ ඔයාගේ අදහසේ... මොකද පස්සේ කියවන්න හිතා ගත්තට මට නං අමතක වෙලා යන නිසා.
මගේ posts දිග වැඩිද? වචන 1800 -2200 අතරේ තමයි මං සීමාව ලකුණු කරගෙන ඉන්නේ.
මටත් මේ කියන කාටහරි කියල කේන්දරේ බලාගන්න සෙට් කරලා දෙන්න නිදි මාමේ😁
ReplyDeleteඅනිකා සොයනවාට වඩා තමාගෙ ගුප්ත අභ්‍යන්තරය සොයන එක වටිනවා නේද?
අපිට හරියට අපිවම තේරුම් ගන්න බැරිව ඉන්නකොට අනිත් අය ගැන කොහොම හොයන්නද අප්පා...😕
නවීන්, මම නම් කේන්දර බලන කෙනෙකුට දන්නෙ අනුර මහතාව විතරයි. ඒත් මේ වතාවේ විතරයි මගේ වෙලාව දුන්නේ- ඇගේම අධ්‍යයනයකට. ඒ ගැන ලියනවා ඊළඟ කොටසේ. ඒකට අනුර සහෘදයා කියා එවූ විස්තරත් එක්ක ගෙඩිය පිටින්ම.
Deleteඅනුර මහත්තයා වෘත්තීය මට්ටමින් නං කේන්දර බලන්නේ නෑ, මම දන්නා විදිහට. ඒත් බලමු ඔයාගේ වෙලාව බලන්න කැමතියිද කියලා.
ඊලග එකත් ලියන්නකො එහෙනම් ඉක්මනට😁
Deleteඒකනෙ. බලමුකො කැමති වෙයි ද කියල🙂
මම අනුර මහතාගෙන් අහලත් බලන්නම්, නවීන්.
Deleteහරී😊
Deleteනවීන්,ඔයාගෙ පෝස්ට් එක දැක්කා.මං හදහන් බලන්න බුලත් කොල 10කට වැඩි ගණනක් එක්ක රිදී පාට කාසියකුත් (රු 2/-වගේ) අරගෙන ඇවිත් මාව මුණගැහෙන කෙනෙකුගෙ විතරයි. මං ගාස්තු මුදලක් ඉල්ලා ගන්නෙ නැහැ. ඒ සමග උපන් වෙලාව තැන වගේ තොරතුරුත් ගෑණු පිරිමි භේදයත් ලියපු කඩදාසි කැබැල්ලකුත් ගේන්න ඕනෙ.ඒ බුලත් ටික එන ගමන් කඩෙන් අරගෙන එන්න බෑ.කඩෙන් ගෙදරට ගෙනත් ගෙදර ඉදලම ගේන්න ඕනෙ. ඒ තමා නිමිති ද්‍රව්‍ය.
Deleteබොහොම ස්තුති ඔබ තුමාට. මම ඔබතුමාව සම්වන්ධ කරගන්නම් නිදි මාමා හරහා.
Deleteඔන්න එහෙනං වැඩේ හරි නේද නවීන්?
Deleteනිදි මාමෙ, වැඩේ හරී😁👌
Deleteඑළ!
Deleteක්‍රිෂ්නමුර්ති කියන ජ්‍යොතිෂය විශේෂඥයා ගැන නම් මම දන්නේ නැහැ නමුත් ජේ.ක්‍රිෂ්නමුර්ති තුමා නම් මගේ ජීවිතය එහෙම්පිටින් වෙනස් කරපු කෙනෙක්.
ReplyDeleteකේන්දර ගැන මටත් තියෙන්නේ අවිනිශ්චිත බවක්. අර උඩින් ප්‍රාජේ අහල තියෙනවා වගේ ඔය ග්‍රහයින්ගේ බලපෑම අපිට සිද්ද වෙන විද්‍යාව මොකක් ද ? මොන තරංගද ඔය විදියට එන්නේ ?
සම්බාවිතාව අනුව වෙන්න පුළුවන් දෙයක් මිසක් යම් විද්‍යාත්මක පදනමක් ඇතුව කේන්දර වල බලපෑමක් තියෙයි කියල මට නම් හිතෙන්නේ නැහැ.. නමුත් ඉතින් මම පිළිගන්න මැලි වෙන්නේ නැහැ හොඳ සාක්ෂි එක්ක පැහැදිලි කරන්න පුළුවන් නම් ..
ස්තුතියි පැතුම්!
Deleteමාත් ඉන්නෙ මැදි මාවතේ- වැට උඩ, හැබැයි අවදියෙන්... තවම තීරණයකට එන්න තරම් දේවල් දන්නෙ නැති නිසා!
මේ ආවෙ ජ්‍යේතිශය පිළිගන්වන්න නෙවෙයි.ජ්‍යේතිශ කටයුතුවල නිරතවෙන පාර්ලිමේන්තු පනතකින් සංස්ථාගත එකම ආයතනයේ ලේකම් හැටියට කරුණුකීමට මට සදාචාරාත්මක වගකීමක් ඇති නිසා.
Deleteමගේ ගුරුතුමා මට ජ්‍යේතිෂය සම්බන්ධ ගණිතක්‍රම කියා දුන්නේ නොමිලේ. ඒ නිසා මං මෙය කියාදීමට මුදල් අයකරන්නේ නෑ.හැබැයි කරුණු නොදන්න නිසාම බොරුවකැයි අහක දැමීම සුදුසු නෑ.
පුරා අවුරුදු 30ක් තරුණයින්ට ඉගැන්වූ ගුරුවරයකු හැටියට කියන්න තියෙන්නෙ speudo science ගණයට වැටෙන මේ විද්‍යාව lab test එකක් වගේ ඔප්පු කරන්න බැරි බවයි. ඒකෙ හුඟක් ඉගැන්වීම් පෙර අත්දැකීම් අනුව උත්ගාමී ක්‍රමයට ගොඩනගාගත් සිද්ධාන්ත අද ගෝලීය ත්‍රිකෝණමිතිය සහ ඍෂිවරුන්ගේ ප්‍රකාශ අනුව සැකසුණු දැනුම් පද්ධතියක්.
අනිවාර්යෙන් තමා ගැන සේවීමම තමා වඩා වටින්නෙ සහ කල යුත්තෙ
ReplyDeleteනමී, බ්ලොග් අඩවි හා රචකයන් ගැන හොයනවට වැඩියෙන් නං පුතෝ, තමා ගැන හෙවිල්ල අමාරු පාටයි නේද?
Deleteඅමාරු උනත් කරන්න ඕන එකනෙ නිදි . අපි ඉපදිලා කොච්චර අමාරුවෙන්ද ඇවිදින්න පුරුදු උනේ . එත් දැන් ඇවිදීම සරල කාරණයක්.. ඒ වගේ තමා
Deleteඅනේ සාදු!
Delete“ඇත්තෙන්ම මිනිසුන් වශයෙන් අප සෙවීමට වෙහෙසිය යුත්තේ; ගවේෂණය කළ යුත්තේ අපේ අනෙක් අර්ධයද... නොඑසේ නම් අපේම ගුප්ත අභ්‍යන්තරයද?” - අනිවාර්යෙන්ම අපේ අභ්‍යයන්තරය. තමා වටහා නොගෙන අනුන් වටහාගත හැකිද?
ReplyDeleteමට එදා ඉඳලාම හිතෙන දෙයක් චමී, මේ.
Deleteඅපි දවසකට කී වතාවක් කන්නාඩියට එබෙනවද අපේ පිටස්තර පෙනුම කොහොමද කියලා බලා ගන්න. ඒත් අපි දවසකට එක වතාවක්වත් අපේම ඇතුලට එබෙනවද?
ඒත් කී වතාවක් අනුන්ගේ හිත ඇතුලට එබෙන්න හදනවාද?
තම ස්වභාවය, තම සත්‍ය දකින්නේ, තේරුම් ගන්නේ නැතිව වෙන හො භාහිර යමක් ගැන කුමන ලෙසකින් වටහා ගන්නද, තේරුම් ගන්නද... මේ සත්‍ය කවදා නම් අප තේරුම් ගනීද.
ReplyDeleteස්තුතියි, තව තවත් අදහස් එකතු කිරීම වෙනුවෙන්.
Deleteහුඟ දෙනෙක් හිතන්නේ- වැඩි දෙනෙකු පෙන්වා දීලා තියෙන්නේ ඔය ඇත්ත තේරුම්ගන්න බණ දැනගත යුතු බව. ඒත් සරලව එව්වා තේරුම් කරවන්නේ නෑ. චේතනාව හොඳ වුණාට කෙරෙන විදිහ බොහෝ විට අනෙකාට ඔබින්නේ නෑ.
මහා පන්ථක හාමුදුරුවෝ චුල්ල පන්ථක හාමුදුරුවන්ව රහත් කරවන්න හැදුවා වගේ.
එයාලා අමතක කරනවා බුදු හාමුදුරුවන් වහන්සේත් ගවයන් නැති වෙලා උන්ව සොයමින් හිටි ගොවියාට බණ කියන්නට කලින් ආහාර සපයවා දුන්නු විත්තිය.
මම පන්සල් යන්නෙම නැති තරම්. පන්සිල් සමාදන් වීමකුත් කෙරෙන්නේ කොහේ හරි බණක් දානයක් තියෙන වෙලාවක එතැන හිටියොත්. එච්චරට නසරානියි.
Deleteමම දැනගෙන- හඳුනාගෙන හිටි හා හිටින වැඩියත්ම සුචරිතවත්, සිල්වත් උදවිය තමා අන්තිම කුහක- ඊර්ෂ්‍යාකාරී- තන්හාපති කට්ටිය වෙන්නේ. එයාලා මැරෙන්න බයයි- පින් කරන්නෙත් දිවිය ලෝකෙන් ලොකු කුට්ට්ටියක් අයිති කර ගන්නයි.
අනුන්ට සේරම අත හරින්න කියනවා, තමුන් හැකිතාක් දේ බදා ගන්නවා.
මගේම අවාසනාවක් වෙන්නැති එහෙම අයව බහුලව මුණ ගැහෙන්නේ.
නිදිමාමෙ මිනිස්සුන්ගෙ හැමතිස්සෙම දෙපැත්තක් තියෙනවා. කාසියක දෙපැත්තක් වගේ.
Deleteනිකම් ආලෝකයයි අඳුරයි වගේ, උඩයි යටයි වගේ.
එතකොට මම ගැන උනත් ඔයා ගැන තව කවුරු ගැනත් එහෙමයි.
මම ගොඩක් තණ්හාව/ කාමාධික ( ඕනි එකක් ගන්න) තියෙන කෙනෙක් කියමුකො. මට ඒක තේරෙන්නෙ මම සිහිබුද්ධියෙන් ඉන්න වෙලාවට විතරයි. අන්න එතකොට තමයි බණ කියන්නෙ කට්ටිය. තණ්හාව හොඳ නෑ දන් දෙන්න ඕනි අරකයි මේකයි කියලා.
හැබැයි අපි අවිඥානිකවම ඒ ඒ ස්වාභාවයන්ගෙන් යුක්තයි.
මගෙන් උදාහරණයක් කීවොත් ඔන්න මම කියනවා ගෙදර අයට කෑම කන්න ඕනි ජීවත් වෙන්න විතරයි රස බලන්න නෙමෙයි බ්ලා බ්ලා බ්ලා.
හැබැයි හොඳ රස කෑමක් තිබුනම වැඩියෙන්ම කාලා තියෙන්නෙත් මම මයි.
මම හිතන්නෙ ඒක මිනිස්සුන්ගෙ හැටි.
අර කතාවක් තියෙන්නෙ වැඩියෙන්ම බණ අහන උපාසක කම් කරන අයමයි සෑහෙන පව් වැඩ එහෙම කරන්නෙ කියලා.
අන්න ඒක මන් හිතන්නෙ ඇත්ත.
මිනිස්සුන්ගෙ හැටියක් වෙන්න ඕනි ඒක.
මිනිස්සුන්ගෙ වගේම හැම දේකම එහෙන duality එකක් තියෙනවා.
ඒකියන්නෙ නිකම් ඔය සුචරුත කට්ටියගෙ කැත පැත්තකුත් ජීවීතේ තියෙනවා අනිවාරෙන්. නමුත් එයාලා අපිට පෙන්නන්නෙ හොඳ පැත්ත විතරයි. කැත පැත්ත දැක්කාම තමයි අපි තේරුම් ගන්නෙ කියන තරම් හොඳ නෑ කියල.
ඒක සාමාන්‍ය දෙයක් බව අපි තේරුම් ගන්නයි ඕනි.
ඒවගේම තනිකර හොඳ මිනිස්සුත් නෑ තනිකර නරක මිනිස්සුත් නෑ.
දෙකම මිශ්‍ර වුනු අයයි ඉන්නෙ.
ගොඩක් හොඳ එලියට පෙන්නනව නම් අනිවා එයාගෙ ගොඩක් නරක පැත්තකුත් තියෙනවා සාමාන්‍ය මනුස්සයෙකුගෙ නම්.
ඉතින් එහෙම අයව තේරුම් ගන්නයි ඕනි. නැතුව එහෙම අය හම්බුනා කියලා අපේ අවාසනව නෙමේ.
මනුස්ස සුබාවය තමයි ඉතින්...
නවීන්, ගොඩාරියක් ස්තුතියි මහන්සි නොබලා විස්තර ඇතිවම උත්තර දීම වෙනුවෙන්!
Deleteමේවා තමයි ජීවිත විවරණ!!
සෑම දෙයක්ම විද්‍යාමත්මකව පැහැදිලි කරන්න නම් ඒවා සියල්ලම අපිට පංචේන්ද්‍රියන්ට ග්‍රහණය කරගන්න පුලුවන් වෙන්න ඕනි නේද?
ReplyDeleteපංචේන්ද්‍රියන් වලට ග්‍රහනය කරන්න අමාරු නම් අපි ග්‍රහණය කරගත හැකි උපකරණ හෝ වෙනත් යම් ක්‍රමයක් සොයා ගන්න ඕනි.
උදා:- ඉස්සර අන්වීක්ෂය හොයාගන්න කලින් විද්‍යාත්මකව ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා කියලා ඔප්පු කරලා නෑනෙ. එතකොට අපිට කියන්න බෑ ක්ෂුද්‍ර ජීවීන් නෑ කියලා. හැබැයි අන්වීක්ෂෙ හොයා ගත්තට පස්සෙ අපිට පුලුවන් නිශ්චිතවම කියන්න ක්ෂුද්‍ර ජීවීන් ඉන්නව කියලා. ඔන්න එතකොට විද්‍යාත්මකයි.
අන්න ඒ වගේ ජ්‍යොතිෂයත් එහෙමයි නේද?
අදාල ග්‍රහ වස්තු වලින් යම් බලපෑමක් වෙනවද, නැද්ද, වෙන්නෙ කොහොමද, ඇයි වෙන්නෙ කියලා තාම අපිට අපේ පංචේන්ද්‍රියන්ගෙන් ලැබෙන සංවේදන අනුව ග්‍රහණය කරගන්න බෑ.
ඒ වගේම ඒ ග්‍රහ වස්තු වලින් වන බලපෑම මැනිය හැකි හෝ දැකිය හැකි ක්‍රමයක් තවම දියුණු වීත් නොමැති නිසා නේද? මේක අපිට ඔය කියන විද්‍යාතමක පදනමකින් අර්ථකතනය කරන්න බැරි.
ජ්‍යොතිෂය හැදුවෙ පුරාණ රිෂිවරු තමන්ගේ ඥානය වැඩි දියුණු කරලලු නෙහ්.
මන් හිතන්නෙ මේක අපිට දැනට ඔප්පු කරගන්න බැරි උනාට සත්‍ය විද්‍යාවක්.
*නමුත්,
උදා:- නිව්ටන්ගේ නියම භාවිතා කර ගනන් සාදන විට සුලු කිරීම් වැරදීම නිසා හෝ හරියට ගනන කරන්න දන්නෙ නැතුව ගානක් වරද්දපුවම අපිට කියන්න බෑනෙ නිව්ටන්ගේ නියමයන් වැරදී කියලා.
★අන්න ඒවාගේ ජ්‍යොතිෂයත් ඒ ශාස්ත්‍රයේ නියැලෙන අය තම තමන් දන්න ඉගෙන ගත් පරදි ඒ කටයුතු වල යෙදෙන්නෙ. එතකොට ඒ ප්‍රමාණවලින් අදාල අනාවැකි කියන දේවල් ආදිය සත්‍ය වෙන්න පුලුවන්.
හැබැයි වැරදුනා කියලා අපිට ජ්‍යොතිශයට බනින්න බෑනෙ, ජ්‍යොතිශය වැරදි කියලා.
මේකට මම දන්න උදාහරණය තමයි,
> සිදුහත් කුමාරයාට නම් තියන වෙලාවෙ එකම එක්කෙනයි කීවෙ එයා පස්සෙ බුදු වෙනවා කියලා අනිත් අය කීවෙ බුදු වෙයිද සක්විති වෙයිද හරියටම කියන්න බෑ කියලා.
එතකොට තමන් ශාස්ත්‍රය දන්න අයුරින්, දන්න ප්‍රමාණයෙන් කියන නිසා වැරදීමේ යම් ප්‍රවණතාවක් තියෙන්න පුලුවන්.
නමුත් ඒකෙන් කියන්න බෑ අපිට ඒ ශාස්ත්‍රය වැරදි කියලා.
ඒ වගේම අපිට පංචේන්ද්‍රියන්ට දැනට ග්‍රහණය කරන්න පුලුවන් මට්ටමින් නෑ කියලා විද්‍යාත්මක නොවේ කියන්නත් බෑ.
මට තේරෙන විදියට ඒක හරියටම මෙන්න මේකයි වෙන්නෙ කියලා කියන්න තවම ක්‍රමයක් හොයාගෙන නැතුව ඇති.
අනික වෙන්නෙ මේකයි කියලා කීවත් නැතත් හැමදෙයක්ම නිශ්චිත විදියකට සිද්ධ වෙනවනෙ. ඒක ඉතින් හොයන්න ඕනිම නෑ කියලා මගේ අදහස.
උදා:- නිව්ටන් ගුරුවාකර්ෂණය ගැන විද්‍යාතමකව කියන්න කලිනුත් ලෝකෙ ගුරුත්වාකර්ෂනයට අදාල දේවල් සිද්ධ උනානෙ.
ඒ සිද්ධ උනු දේවල් අපිට පැහැදිලිව ඔන්න තේරුම් ගන්න පුලුවන් විද්‍යාව නිසා එච්චරයි වෙනස. ඊට අමතරව ඒකෙන් තව දුරට හොඳට ප්‍රයෝජන ගන්න පුලුවන්.
★ජ්‍යොතිෂයත් එහෙමයි නෙහ්. ඒක බැලුවත් නැතත්, විද්‍යාත්මකව පැහැදිලි කරත් නැතත් වෙන්න තියෙන දේවල් වෙනවා. අපිට ඒක දැන ගත්තම ඒකෙන් යම් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් කමයි තියෙන්නෙ....
හරියට හරි.ජ්‍යේතිශය තියෙන්නෙ ඒකට මිසක් ලලාපල කියල වැඩ්ඩෙක් වෙන්න නෙවෙයි.
Deleteහැබැයි දන්නවාද ජ්‍යේතිශයේදීත් නිවුටන්ගේ නියම වගේම බ්‍රානෝ හොයාගෙන නිකලස් තමන්ගෙ වගේ ඉදිරිපත් කරපු නියමයනුත් උපයෝගී කරගන්න බව.
Deleteඒ පිලිබඳව නම් දන්නෙ නෑ නෙ. ඒ ගැන සඳහන් කරන්න පුලුවන්ද ඔබතුමාට.
Deleteඒ කියන විදියට නිවුටන් සහ නිකලස් ඉදිරිපත් කරපු දේවල් ජ්‍යොතිශයෙ භාවිතා කරනවා කියන්නෙ. එයලා ඉදිරිපත් කරන්න කලිනුත් ජ්‍යොතිශයෙ තිබුන කියන එකද?
එදා ඉන්දියාවේ ඍෂිවරුන් දැනසිටි දේවල් අපිට හිතන්නවත් බෑ. ඉලක්කම් ටිකක චක්‍රයක් මගින් ගනිත කර්මයකින් විසදන්න බැරි කොපර්නිකස් සමීකරණයෙන් සොයාගන්න තොරතුරක් සොයාගන්න ක්‍රමය කියාදෙන ජ්‍යේතිර්ගණිතය කියන ගණිත ක්‍රමයත් එවැනි ගණකයක වියහැකි වැරදි අවම කරමින් හදුන්වා දී ඇති දෘග් ගණිතයත් හරි පුදුමයි නේද?
Deleteඅනිවාර්යෙන්ම ඉතා විශිෂ්ට වූ ක්‍රමවේදයක් විය යුතුය.
Deleteඅනුර, ඔයා සිද්ධාර්ථ කුමාරයාට නම් තියන්න ආපු අයගන් එක්කෙනෙක් විතරක් ස්ථිරවම බුදුවෙනවායැයි කී කථාව වැරදියි. මන්ති,භෝජ, සුයාම, සුදත්ත, කොණ්ඩඤ්ඤ කියන පස් දෙනාම එක් ඇගිල්ලක් ඔසවා ස්ථිරව බදු වෙන බව කී බවත් රාම, ධජ, ලක්ඛණ තිදෙනා සක්විති රජවීම හෝ බුදුවීම වන බවත් කී බවයි නිවැරදි වන්නේ.
Deleteමං විශ්වාස කරන හැටියට සුදධෝදන රජතුමා එතැනදී ක්ෂත්‍රිය මායමක් යොදන්න ඇති. කොන්ඩඤ්ඤ විශේෂ කෙනෙක් නිසා අනෙක් අය කපා දාන්න ඇති.හැබැයි අමතක කරන්න එපා පස්වග මහණුන් වහන්සේලා හැදුණේ කොණ්ඩඤ්ඤ සමග එක්වූ ඒ අයගේ පුතුන්ගෙන් බව
ඒ ගැන නිවැරදිව දැන ගෙන සිටියේ නම් නැහැ.බොහොම ස්තුති.
Deleteඒක උදාහරණය ලෙස ගන්නයි මූලිකවම අවශ්‍ය උනේ....
ෂා! දෙන්නාටම ස්තුතියි, අනුර මහත්තයෝ, හම්බ වුණාම තව විස්තර අහ ගන්නං.
Delete//. ඉලක්කම් ටිකක චක්‍රයක් මගින් ගනිත කර්මයකින් විසදන්න බැරි කොපර්නිකස් සමීකරණයෙන් සොයාගන්න තොරතුරක් සොයාගන්න ක්‍රමය කියාදෙන ජ්‍යේතිර්ගණිතය කියන ගණිත ක්‍රමයත් එවැනි ගණකයක වියහැකි වැරදි අවම කරමින් හදුන්වා දී ඇති දෘග් ගණිතයත් හරි පුදුමයි නේද?//කොපර්නිකස් සමීකරණය කියල ඔබ කියන්නේ කුමක් ගැනද
Deleteඅජිත්, මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දන්නේ අනුර ජිනදාස හිතවතාම තමයි.... එතුමා ඉක්මනින් යමක් ලියයි කියලා හිතනවා.
Deleteකොපර්නිකස් කියා තිබෙනවානෙ යම් ග්‍රහයෙක් තමාගෙ ගමන් මාර්ගය වුණු ඉලිප්සයේ ගමන් කරද්දී නියත කාලයකදී පිහිටන පිහිටීම් දෙක හිරු රැඳී සිටින නාභියට යා කරන සරළ රේඛා දෙකත් ඒ කාලය තුළ ඔහු ගමන් කළ ඉලිප්ස කොටසත් මගින් සීමාවෙන ක්ෂේත්‍රඵලය එම ග්‍රහයා වෙනත් තැන් දෙකක් අතර සමාන කාලයකදී ගිය විට කලින් වගේ අඳින රූපයේ ක්ෂේත්‍රඵලයට සමානයි කියල. මේ සමානකිරීම යොදා සමීකරණය සකස් කළාම සමීකරණයේ දෙපසම එක විචල්‍යයක් යෙදෙනවා.එය විසඳන්න පුළුවන් වෙන්න් numerical method එකක් භාවිතයෙන් විතරයි.
Deleteකොපර්නිකස්ට මේ පිළිගැනීම ලැබුණාට ඒ කරුණු හොයාගන්න හැබෑවටම වෙහෙසුනේ එයාගෙ ගුරුවරයා වුණු බ්‍රූනෝ. ගුරුවරුන්ගෙන් ගන්න දැනුම ගැන ගෞරවය ගුරුවරයාට ලබාගන්න නොදී තමං ගන්න එක 16වන සියවසේත් තිබිල තියෙනවා. වැඩි තාක්ෂණික කරුණුවලට මෙතැන සුදුසු තැනක් නොවෙයි.
කොපර්නිකස් ගේ වැරැද්ද තමයි ඉලිප්සයක් ගැන නොකීව එක. කොපර්නිකස් හිතන් හිටියේ අපේ සුර්යයා වටා හැමදේම කැරකෙනවා කියල. ඒකට කියන්නේ හෙලියෝසේන්ට්‍රික් තියරි එක කියල. https://en.wikipedia.org/wiki/Copernican_heliocentrism.
Deleteඅනික කොපර්නිකස් කිවේ රවුමට තමා කැරකෙන්නේ කියල එකට රේඩියල් තියරි කියල කියන්නේ. ඉලිප්ස කතාවක් කීවෙම නැහැ.
https://earthobservatory.nasa.gov/features/OrbitsHistory
නමුත් අපි කොපර්නිකස් පිලි ගන්නේ ඒකට නෙමෙයි. එයා තමයි මුලින්ම පල්ලියට චැලේන්ජ් කරලා කිවේ අපේ පෘථිවිය වටා නෙම හිරු සඳු ඔක්කොම කැරකෙන්නේ . පෘථිවිය තමා සුර්යයා වටේ කැරකෙන්නේ කියල.
මගේ තිසිස් එකත් මම කොපර්නිකය ගැන ලියල තියෙනවා. ඒ ලීවේ එයා තමා කොයි පැත්තට බැලුවත් විශ්වය එක සමානයි කියල කිවේ. ඒකට කියන්නේ කොස්මොලොජිකල් ප්‍රින්සිපල් කියල.
ගියෝර්දානෝ බෘනෝ තමා කොපර්නිකස් ගේ වැරැද්ද හැදුවේ. ඔයා කියන කොපර්නිකස් ගේ ගුරුවර බෘනෝ කවුද?
මෙයා නෙමේද
https://www.embs.org/pulse/articles/giordano-bruno-expander-of-the-copernican-universe/
කොපර්නිකස් හිටියේ (born February 19, 1473, Toruń, Royal Prussia, Poland—died May 24, 15430 කාලය තුල.
https://www.britannica.com/biography/Nicolaus-Copernicus
බෘනෝ හිටියේ (1548–1600). බෘනෝ කොපර්නිකස් ව විවේචනය කරලා තමා කිවේ සුර්යයා වටේ විශ්වයේ අනිත් වස්තුන් කැරකෙන්නේ නැහැ කියල.
කොපර්නිකස් හිටියේ (born February 19, 1473, Toruń, Royal Prussia, Poland—died May 24, 1543) 1473-1543 කාලය තුල
Deleteමම දැනගෙන හිටිය කරුණකුයි මං ඉදිරිපත් කළේ. කොපර්නිකස්ට පසුකාලෙක බ්‍රෑනෝගෙ පවුලෙන් ගැටළු මතුවුණා කියලත් මං අහල තියෙනවා. කොහොම වුනත් මට ඒවා ජනසෘති පමණයි.
DeleteHeliocentric positions ගැන කියන්න තියෙන්නෙ අපි ලිතේ පලකරන geocantric positions ගණනය කිරීම කරන්නේ heliocentric ගණනය පසුව geocentricබවට පරිවර්තනය කිරීමෙන් බවයි.
ඒ එක්කම කියන්න අමතක වුණු දෙයක් ඇතුල් කරන්නයි නැවත ආවෙ. ඒ තමා දැන් ජර්මනියෙ ජ්‍යේතිර්වේදීන් topocentric ක්‍රමයත් භාවිත කරන්න පටන් අරගෙන තියෙන බව. එතකොට frame of refresnce වෙනස් නිසා තවම ඒක පරියේෂණ මට්ටමේ.
Deleteඑහෙම නම් ඒවායේ මුලාශ්‍ර දාන්න . මම දාල තියෙන එවලින් බලන්න පුළුවන් ගිහින්. කොපර්නිකස් හිටියේ වෙන කාලෙක පෝලන්තයේ. බෘනෝ ඉතාලි ජාතිකයෙක් හිටියේ ඊට පස්සේ. එනිසා / කොපර්නිකස්ට පසුකාලෙක බ්‍රෑනෝගෙ පවුලෙන් ගැටළු මතුවුණා කියලත් මං අහල තියෙනවා// මේක වෙන්න බැරි දෙයක්.
DeleteHeliocentric positions ඒකාලේ කොපර්නිකස් ඒක කියද්දී ඒක ප්‍රගතිශීලි අදහසක්. මොකද ඒ කාලේ විශ්වාස කලේ පෘතුවිය වටා ඔක්කොම කැරකෙනවා කියල. සුර්යයා වටාසෞර ග්‍රහ මණ්ඩලයේ වස්තූන් කැරකෙනවා කියන එක. ඉතින් ඒ ෆ්‍රේම් එකට සාපේක්ෂව ගත්තම හරි.
Deleteනමුත් සෞරග්‍රහ මණ්ඩලය අපේ මන්දාකිණියේ කළු කුහරය වටා කැරකෙන බවත් ඒ වගේ මණ්ඩල තව අසීමිත ගනනක් ඇති බවත් අපි දැන් දන්නවා.
//මම දිළින්දෙක්මි’යි කියා ගන්නට අකමැති නිසාය; ‘මා මට ප්‍රමාණවත් තරමින් පොහොසත් කෙනෙක් වී සිටින්නෙමි’යි කියන්නට කැමති නිසාය, දැන් මා ඊර්ෂ්‍යාව ඈතින්-ඈතටම පලවා හැර තිබෙන්නේ// ගොඩ දෙනෙක් අමාරුවෙ වැටෙන්නෙ මේ දේ තේරුම් ගන්න පරක්කු වෙන නිසයි.
ReplyDeleteඒකෙන් අදහස් වෙන්නෙ. අපි තමන්ට ප්‍රමාණවත් තරමට ධනවත් උනොත් ඇති, සංසන්දනය කරන්න ඕනි නෑ කියන එකද?
Deleteතමන්ට හැකියාව තියෙන විදියට ධනවත් වෙනව මිසක් අනික් අය දිහා බලල ඒ තරමට තමනුත් යන්න හදන එක ගැන.
Deleteඅහ් අන්න ඒක නම් ඇත්ත. ලංකාවෙ එහෙම නම් අනිත් අය කරන්නෙ මොකක්ද කියල බලල ඒකම කරන්න තමයි කට්ටියම පුරුදු වෙලා ඉන්නෙ. අනේ මන්දා ඉතින් මිනිස්සුන්ට හිතලා වැඩ කරන්න හැකියාව මොට කරල මන්දා...
Deleteනවීන්, ක්‍රමවේදය හරි ගස්සන්නේ හැකිතාක් මෝඩ පුරවැසියන් බිහි වීම වැඩි කර ගන්න වගේ නේද? නුවණැති අයව පාලනය කිරීම අමාරුයි, මෝඩයන් ඕනිම තැනකට දක්කාගෙන යාම හරි ලේසියි.
Deleteනිදි මාමෙ, ඒක තමයි නෙහ්.මම නම් හිතන්නෙ සුද්දා ඉස්සර හදලා ගියපු ක්‍රමයම තමා තවම තියෙන්නෙ.
Deleteමොනව කරන්නත් හැම රටකම අය කියන්නෙ අධ්‍යාපන ක්‍රමය හදන්න කියලනෙ. අපේ කරන්නෙම නැත්තෙ ඒකයි.
තම කොච්චරකල් මෙහෙම යයිද මන්දා ඉතින්....
This comment has been removed by the author.
ReplyDeleteඉතිං ඊට පස්සෙ...?
ReplyDeleteයේකට පස්සා එනවා තමා....
Deleteමේ පහළොවේ කතා ටික ම විතරක් ගත්තොත් හොඳ ම රොමෑන්ස් කතාවක් විදිහට සංවර්ධනය කරන්න ඇහැකි.
ReplyDeleteඑතකොට ඩ්රැකී මහත්තයෝ ඒක ප්‍රබන්ධයක් වෙනවනේ! මං ලියන්නේ වෙච්චි දේවල් විතරයිනේ...
Deleteඒත් සතුටුයි වෙන කාට හරි ඒ රාජකාරිය කරන්න හිතුණොත්, මට එතකොට තව කෝණයකින් මා දිහා බලන්න පුළුවන් වෙයිනෙ.
පොස්ට් එක වගේම...කෙමෙන්ට් ටිකත් ආසාවෙන් කියෙව්වා....
ReplyDeleteඑලද බ්‍රා කියන්නේ බ්‍රා ශිප්මන්ට් එකක් එලියට දැම්මා වගේ සතුටක් ආවා...මෙහම බ්ලොග් ලියවෙනකොට කෙමෙන්ට් වැටෙනකොට...
අන්න...කමියා පස්වෙනි හිට් එක දාලා..ටක්ගලා ගහලා එන්න..පස්සේ සික් කියන්න එපා...
එල....එල... මේ ටිකේම එහාට එබී-එබී හිටියේ... මේ දැන් යනවා.
Deleteමෙන්ඩො, මාව නං හෙරොයින් එකට ඇඩික්ට් වෙලා!
දැන් ජ්‍යේතිශ වාදය ඇති නේද? තව දුරටත් ඕනෑමනම් යා හැකියි.ජ්‍යේතිශයේ බොරුව හොයන්න ගිය මං නතරවුණේ එහි ගැත්තෙක්ම නොවුණත් එහි යම් පදනමක් ඇතිබව තදින්ම අදහන්නෙකු වෙලා බව කියන්නම ඕනෙ.
ReplyDeleteහප්පොච්චියේ එහෙමද වුණේ එතකොට
Deleteඒක නේන්නං, අනුර මහතා ඔය විත්තිය අපි එක්කලාවත් කියලා තිබ්බේ නෑ මෙච්චරකල්. කමක් නැහැ, කමක් නැහැ. සංවාදය තුලින් වැදගත් කරුණු හෙළි වෙනවා.
Deleteමෙහෙම මත ගැටෙනකොට, විවිධ අදහස් කියවෙනකොට තමයි අපි වගේ අයටත් යමක් ඉගෙන ගැන ඇහැක් වෙන්නේ. මෙහෙම කරුණු මතු කළ හැමට තුති! ඒවාට දිගටම උත්තර දීම වෙනුවෙන් අනුර, ඔයාටත්.
දැන් නං මට බයේත් බෑ.... හෙට publish කරන්නට ලැහැස්ති වෙන post එක දැම්මට පස්සේ මොනවා වෙයිද කියලා.
මේ කථාවත් blog එකක් වගේ. මම O/L කරල ගෙදර ඉන්න කාලෙ නැන්දගෙ පුත්තූ දෙන්නයි තව එයාලගෙ යාළුවො කට්ටියකුයි කොට්ටව කැලේ කෑම්පිං එකක් කරල ආවෙ සෙංගමාලෙ හදාගෙන. මටයි නැන්දගෙ පුතා වුනු මල්ලියි( මල්ලි කීවට ඒකා මට වැඩිය මාස හතරයි බාල) සන්නම අසනීප වුණා.මගේ ලෙඩේ හොයාගන්න බැරුව මට බෙහෙත් කළේ උණසන්නිපාතෙට. අන්තිමේ ලෙඩේ හොයාගෙන බේත් කළත් මට මාස තුනක්ම ඇඳේම ඉන්න උණා. ඒකාලෙ තමා මං ජ්‍යේතිශය ගැන අර කීව කාරණයට කියවන්න පටන්ගත්තෙ. අපේ බාප්පගෙ තාත්තා වෙද මහත්තයෙක්.එයා ලංකාවෙ මුල්ම ග්‍රහ ස්ඵුට ලිත ඉදිරිපත් කළ එනම්.ජී.විද්‍යාරත්න කියන වෙද මහත්තයාගෙත් යාළුවෙක් නිසා බාප්පා ලඟ පොත් තිබුණා.ඒවා කියවපු මට නිකමට වගේ හිතුනා මට වෙලා තිබුණු දේ කේන්දරෙන් පෙන්වනවද කියල බලන්න. බොලේ ඒකෙ කියවෙනවා ලේ දූෂ්‍යවීමක් අක්මා ආබාධයක් සහ මුත්‍රා පිළිබඳ ආබාධයක් නිසා ලෙඩින් පසුවෙන බව.ඉතිං හරිනෙ.එදා ඉඳල තමා මං මේ ගැන හොයන්න ගත්තෙ. අන්තිමට නතරවුණේ සංගමයේ කාරක සභික භාණ්ඩාගාරික තනතුරු පහු කරල ලේකම් වෙලා. හොඳයිනෙ.
Deleteහරියට බ්ලොග් එකක් වගේනෙ.
හැබෑ නේන්නං... blog post එකක් ලියතහැකි අත්දැකීමක්!
Deleteඒක කරගන්න ඕනෙනම් හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෲ හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ මහතාගේ ජීවිතය හා ග්‍රහයෝ පොත හොයාගෙන කියවන්න. ඒකේ තියෙන කේන්ද්‍ර ගණිත කොටස හැර අනෙක් ඒවායින් ඔයාලට ඔයාලගෙ හඳහන තරමක් දුරට කියවාගන්න පුළුවන් වේවි.
ReplyDelete