li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, April 12, 2024

ප්‍රෝඩාරාමය - දහතුන්වෙනි කොටස

ඒ වතාවේ අම්මා ‘බදුලු සවාරිය’ ගියේ පිං ත්‍රී වීල් එකේ’ය. අම්මාගේ පරිවාරෙට යන්න සිද්ද වුණේ මානෙල් නංගිටය.

අපොයි ලොකා, ගිය මෝඩකම කියල හිතුණා.”
අපේ අම්මාත් එක්ක ත්‍රී වීලරයෙන් බදුලු සවාරියට සහභාගී වෙලා ආවට පස්සේ මානෙල් නංගි කිව්වාය.
“පොඩි දුරක් නෙවෙයිනේ ලොකා. පුදුමයි... අම්මට නං ගාණක්වත් නෑ . ඊට හපන් අම්මගෙ කෙරුවාව.... සෝම පුංචිලගෙ කට්ටිය හැමෝම හොඳටම බයෙන් ඉන්නේ- අපේ අම්ම එහෙ ගියාම! එයාලා අපෙ අම්මට තනියම නං මොන ගෙදරකටවත් යන්න දෙන්නෑ.”

තමුසෙත් එක්කම ඔය කතන්දර ටිකත් යටපත් වෙලා- දිරලා වැළලිලා යනවට වැඩිය ඒක වටිනවනේ...

“එහෙදිත් ඉතිං අම්මා, අරයගෙ වැරදි මෙයාටයි, මෙයාගේ වැරදි අරයටයි කියනව ඇති මානෙල්.”
“එහෙනං ඔයත් එහෙදි වෙච්චි දේවල් දන්නව වගෙයි ලොකා...”

“මොකද නැත්තෙ? එක සැරයක් අම්ම බදුලු ගිහිල්ල සෝම පුංචිලගෙ ගෙදරම නැවතිලා ඉන්න ගමන් මරු වැඩක් කරලනෙ මානෙල්. සෝම පුංචිලගේ වත්තට අල්ලපු වත්තේ ඉන්නවා පුංචිල එක්ක අමනාප නෑයෙක්. අපේ අම්මා ඒ මිනිස්සුන්ගේ ගෙදරටම ගිහිං ඇහුවලු -සෝම නංගිල තනියම ගෙයක් හදාගෙන හිටියට මොකද, මහ ගෙදර වත්තෙන් කොටහක් මටත් අයිතියිනෙ. මගේ කොටහ ඔයාලා ගන්න කැමතියිද, අඩු ගණනකට දෙන්නං- කියලා. අම්මා කරන්නෙම ඔය වගෙ බහුබූත වැඩනෙ.”

“මොනව වුණත්, ජෝසප් මහත්තය ත්‍රී වීල් එකක් නෙවෙයි AC වාහනයක් එව්වත්- මම නං අම්මත් එක්ක ආයේ බදුලු නං යන්නෑ!”

මානෙල්ට විතරක් නොවේ, අම්මාටවත් ආයෙමත් ‘ජෝසප් මහත්තයා එවූ පිං වාහනයක’ බදුලු යන්නට වාසනාව පෑදුණේ නැත. බාගෙන කන්නට තිබුණු වළ ඉහගෙන කන්නට ගියම සිද්ද වෙනදේ දන්නවනෙ... වෙලා තිබ්බේ ඒක වගෙය.
එක මාසයෙන්ම ඒ ‘අසීමිත වාහන වරදානය’ කප්පාදු වෙලාය!

‘නිමල්, මේ සීරීස් එකට ප්‍රෝඩාරාමය හරි ශ්‍රෝඩාරාමය හරි කියල නෙවෙයි නම දාන්න තිබ්බේ. ලීලා ශ්‍රෝඩාර් කියලයි... ශ්‍රෝඩාරාමෙට වැඩිය මේ postsවල තියෙන්නේ ඔයාලගෙ අම්මගේ විස්තරනෙ...” හිතවතෙක් ඉතාමත් නුදුරු දවසක අදහසක් පළ කරමින් කිව්වේය. “ඊටත් වැඩිය, නිමල් අම්මා ගැන මෙච්චර දේවල් ලියන්න බලාගෙන හිටියේ අම්මා අන්තරා වෙනකල්ද?”

ඇත්තය! ඒ හිතවතාගේ කතාව ඇත්තය!!

අම්මා නැත්තං ශ්‍රෝඩාරාමයකුත් නැත. එයා සිද්ද කර තිබෙන්නේ ඒ අන්දොස් වැඩේ විතරක් නොවේ.
අපේ අම්මා තරම් හතරවරම් වැඩ සිද්ද කළ කෙනෙකු හොයා ගැනීම නම් ලේසි-පහසු වැඩක් නොවේ. ඒ කෙරුවාවල් තේරුම් ගැනිල්ල ඊටත් වඩා අමාරුය. එබැවින්, ඒවා පිළිබඳව වඩාත් විවෘතව ලිවිය යුත්තේ අම්මා නැති කලෙක යැයි මම සිතුවෙමි; ඒ මතයේම එල්බගෙන උන්නෙමි.
(එහෙත්
, පසුගිය අවුරුදු හය පුරාමත් විටින්-විට ඇය ගැන ලියැවිණි. ඒ අවශ්‍යම තැනකදී පමණකි.)

‘තමුසෙට පුළුවන්කම තියෙන එකේ ඔව්වා ලියල තියන එක හොඳයි නේන්නං! එතකොට සෑහෙන කාලයක් තිස්සේ ලෝකෙ හතර දිග් භාගෙ ඕනි කොදෙව්වක ඉන්න අයට වුණත් ඔව්වා කියවන්න ඇහැකි නෙව. තමුසෙත් එක්කම ඔය කතන්දර ටිකත් යටපත් වෙලා- දිරලා වැළලිලා යනවට වැඩිය ඒක වටිනවනේ...’ හිත කියයි. ‘අනෙක තමුසෙගෙ හිතටත් නිදහසක්- ඕවා ලියන එක. බොරුද මං අහන්නේ...’

නැහැයි කියන්නයැ?

අම්මා හිතාගෙන හිටියද එයාට ඩිමෙන්ෂියාව හැදෙයි කියල- පිළිකාවක් හැදෙයි කියලා... (2019 මැයි 17 වෙනිදා චූටි නංගිගේ දූපුතුන් සමඟ අම්මා)

‘ඒකනෙ මනුස්සයෝ කිව්වෙ... දැන් බලනවා. තමුසෙලා අම්මා හිතාගෙන හිටියද එයාට ඩිමෙන්ෂියාව හැදෙයි කියල- පිළිකාවක් හැදෙයි කියලා... එයා හිතාගෙන හිටියේ හොරණ ගෙදර වැඩිහිටි නිවාසයේ කාමරයක මැරෙනකල්ම සැපසේ ඉන්නං කියල නේද? අන්තිමට මොකද වුණේ... කවුද දන්නෙ තමුසෙත් තව කොච්චර කල් ඉඳියිද කියලා.’

මිනිසුන් හිතාගෙන ඉන්නේ හැමදාමත් නිරෝගීව; දිගටම ශක්ති සම්පන්නව සදාකල් ජීවත් වෙන්නටය. ඔවුන් සැලසුම් හදන්නේ; අනාගතය plan කරන්නේ ඒ සිතුවිල්ලට මුල් තැන දෙමිනි.
එහෙත් ඒවා සිද්ද නොවෙන්නටත්; ඒවා නොකෙරෙන්නටත් යම්කිසි ප්‍රතිශතයක හෝ සම්භාවිතාවක් ඇති බව ඔවුහු නොසිතති. අපේ අම්මා යාන්තමින්වත් එහෙම නොසිතූ ඇත්තියකි.
එහෙත්, ඇය එළඹෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට තැත් කළ තැනැත්තියකි... සමහර විටෙක ඇයගේ ඒ උත්සාහයන් එහෙම පිටින්ම නිරර්ථක වී ගිය බව වෙනම දෙයකි.

“එංගලන්තෙට ගියපු අලුත මමත් ඉඩ තියෙන තියෙන වෙලාවට නැනාව බලන්න ගියා, මහප්පේ.” සුනිල් මල්ලිගේ ලොකු පුතණුවන්; රජිත් මධුශංඛ කියාගෙන ගියේ සිනාසෙමිනි. (අපේ අම්මාගේ පළමු මුණුබුරා රජිත්ය. එයා අපේ අම්මාට ‘ආච්චී’ කියා බහ තෝරන්නට පටන් ගැනීම අම්මාගේ හිතට ඇල්ලුවේ නැත. ‘මල්ලිකා, ඔයා පුතාට පුරුදු කරන්න මට නැනා කියල කතා කරන්න. එංගලන්තෙ එහෙමයි- එහේ ආච්චිලා නෑ. නැනාල විතරයි ඉන්නේ.’ එතැන් පටන්ය අපේ අම්මා නැනා වුණේ!)

“ඉතිං රජී, නැනා බලන්න ගියහම මොකද වුණේ?”
“එහෙම යන ගමන් මං නැනාල ගෙදරට ඕනි කරන බඩුයි- fruits ටිකකුයි vegetables ටිකකුයි එහෙමත් අරං ගියා. මහප්ප දන්නව ඇතිනෙ, නැනාල ගෙදර උයන්නේ broken බාස්මතී* බව. ඉතිං මමත් අරගෙන ගියේ බ්‍රෝකන් බාස්මතී bag එකක්.”
(*Broken බාස්මතී- කැඩුණු බාස්මතී සහල්ය, එංගලන්තයේ සිටින බොහෝ ආසියාතිකයන්ගේ ගෙවල්වල පිසෙන්නේ. ඒවා මිලෙන් අඩුය. මගේ මතකය නිවැරදි නම්- ඒ සහල් තිබෙන්නේත් කිලෝ 5 ඇසුරුම් වශයෙනි.)

“...ඔහොම තුන් හතර සැරයක් බඩු අරගෙන ගියාට පස්සෙ මහප්පේ, නැනා මට කිව්වනෙ අනිත් සැරේ ඉඳලා බ්‍රෝකන් බාස්මතී නෙවෙයි- කැඩිච්ච නැති හොඳ හාල්වලින්ම ගේන්න කියලා. ඒකෙන් පස්සේ මට එහෙ යන්නත් එපා වුණා!”

අපේ අම්මා එහෙම දේවල්වලින්වත් ඉගෙන ගත්තේ නැත.
එහෙම ඉගෙන ගත්තා නම්, ජෝසප් මහතාගෙන් නොමිලේ ලැබුණු පළියට ත්‍රී වීලරයේ බදුලු යයිද?

“නිමල් අයියේ, ඔයා ඔහොම කිව්වට හැමෝටම එකම තරමට හිතන්න බෑ. ඉගෙන ගන්නත් බෑ.
අපි එක එක්කෙනාගෙ මොළවල capacity එක වෙනස්. මොළය වීදුරුවක් වගෙ නං, අපි එක එක්කෙනාට තියෙන්නෙ එක එක size එකේ වීදුරු කියලා හිතමු. ඒ ඒ වීදුරුවලට අල්ලන ප්‍රමාණයක් තියෙනවනෙ. එච්චරයි! ඊට එහා බෑ...
ඔයා හිතන තරමට ගොඩක් අය හිතන්නෙ නෑ. තේරුම් ගන්නෙත් නෑ. වැඩ කරන්නෙත් නෑ.” අම්මා පිළිබඳ කතාබහකදී දොස්තර අයස්මන්ත පීරිස් හිතවතා මට කිව්වේය.

එයාගේ හිතේ සාමය නැති කරන්න මෙම අවිද්‍යාව නිතර හේතුකාරක වෙනවා... 

දහ අවුරුද්දකට විතර කලින් අප පළමුවෙනි වතාවට පාද යාත්‍රාවේ ගිහිං ආවාට පස්සේ අයස්මන්ත මහතා- ඒ බණේම වෙනස් විදිහකට- තරමක් විවේචනාත්මකව ලියලාත් දුන් බව දැන් මට මතක් වෙයි!

-අපටත් වඩා අපේ නඩේ ගුරා වන නිමල් අයියා ඉතාම ක්‍රමානුකූල හැදෑරීමක් අප හැම දෙනා වෙනුවෙන්ම සිදු කළා.
කෑම වේල් ගණන
, සරලම සහ රසවත්ම කෑම, ඒවායේ බර, දිනයකට යන දුර, දිනයකට අවශ්‍ය පානීය ජලය ප්‍රමාණය ආදී වශයෙන්.

-නිමල් අයියා ගනුදෙනු කරන්නේ ඒ තරම් ක්‍රමානුකූලව නිතිපතා, සතිපතා ජීවිත විශ්ලේෂණය කර වැඩ කරන අය සමඟ නොවේය යන දේ තේරුම් නොගැනීම එයාගේ දුර්වලකමයි. චේතනාන්විතව නොවුණත් එයාගේ හිතේ සාමය නැති කරන්න මෙම අවිද්‍යාව නිතර හේතුකාරක වෙනවා.....

ඔච්චර සැලසුම් කරලත්, අපේ පාද යාත්‍රා ගමන් කිහිපයෙදී මොන තරම් අනපේක්ෂිත දේවල් සිද්ද වුණාද?
ඒවත් එක්ක සංසන්දනය කරනකොට අපේ අම්මට මොකුත්ම සිදු වුණේ නැති ගණනයි! බදුලු ගියාට පස්සෙත් ජෝසප් මහත්තයා අපේ මෑණියන් වහන්සේට කරන සැලකිලිවල අඩුවක් නම් කළේ නැහැ වගෙයි.
හැබැයි- වාහන පහසුකම් සපයද්දී නං සීමාවක් තියාගෙන උන්නැහේ ඒවා කරපු බව පැහැදිලිව පෙනුණා.

“ඔව්වා ඔච්චරකල් කෙරුණෙත් අයියේ, නඩුව ඉක්මනින්ම අහල ඉවරයක් නොවිච්ච නිසා වෙන්න ඇති.”
“එතකොට සුනිල්, ඔය නඩුව වැටෙන්න ඇත්තේ අම්මට හොරණ ගෙදර අයිතිය ආපහු ගන්නද?” මේ posts මාලාව ලියන්නට ගත්තායින් පසුව කෙරුණු කතාබහේදී මම සුනිල්ගෙන් ඇසුවෙමි. “එතකොට ජෝසප් මහත්තයාට මොකක්ද තිබිච්ච කැක්කුම, එයාගේ අතින් සල්ලි වියදම් කරගෙන අපේ අම්මවත් එංගලන්තෙන් මෙහෙට ගෙන්න ගෙන්නා නඩු කියන්න?”

“කවුරු දන්නවද අයියේ ඔව්වා? කොටින්ම නඩුව ඇහුවේ කොහේ උසාවියකද කියලවත් අපි දන්නවයැ. නඩුව තියෙන දවස්වලට වෙන්නැති, ජෝසප් මහත්තයලා උදෙන්ම ඇවිත් අම්මව එක්ක යනවා. ඒ ගිහිල්ල ආවට පස්සෙත් අම්මා කසාය බීපු ගොළුව වගෙ ඉන්නවා.
අම්මගෙත් කපටිකම කියන්නෙ අයියේ, එහෙම දවසට හුඟක් වෙලාවට අම්මා ආපහු ගියේ මානෙල්ල ගෙදරට. එයාල ගෙදර ඉතිං ඔය විස්තර අහන්න කෙනෙක් නැහැනෙ...”

ඒ නඩුව ඉවර වුණු බව පෙනෙන්නේ 2021- 2022 විතර කාලයේය. අම්මා තදබල ලෙස අසනීප වෙන්නට කලින්ය.

‘එහෙම නැතිව කොරෝනා කාලෙට ඔන්න මෙන්න වෙන්නත් පුළුවන්... කොරෝනා නිසාත් අම්මගේ ලංකාවට එන ගමන් ටිකක් නැවතුණානෙ.’ ඒ අපේ අනුමානයයි!

ඔක්තෝබර් පසළොස්වක දවසේ...

“මොනව වුණත් අයියේ, හොරණ ඉඩමට නියම උරුමක්කාරයා ජෝසප් මහත්තය වෙන්ඩ ඕනි. මිනිහ තමයි ණයකාරයා! හඃ හඃ හා.”
“මොකද සුනිල් හිනා වෙන්නෙ...”

“ඇයි අයියේ, නිකමට හිතන්නකො... ඊට අවුරුදු කීපෙකට කලින් අම්මා අසනීප වුණා නං එහෙම මොකද වෙන්නෙ කියලා. අන්තිම දවස්වල අම්මට වෙලා තිබිච්ච හරිය දැක්කනේ... මේ වෙනදේ මේ මතක නෑ. කෙලින් කටින් ඉන්නත් බෑ. කලින්ම එහෙම වුණා නං ජෝසප් මහත්තයට හුප්පේ නේද?”

ඒකත් ඇත්තය!
අම්මාට ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ පහළ වන්නට ගත්තේ ටිකෙන් ටිකය. ඒ 2020 විතර ඉඳලාය.
ඒ අතරේය, බඩවැලේ පිළිකාවත් රහසෙන්ම පැතිරෙන්නට පටන් ගෙන තිබ්බේ. එයින් ඔත්පලවූ අම්මා ඇඳටම වැටුණේ 2022 සැප්තැම්බරයේය. වෛද්‍යවරුන් කිව්වෙත්, අප හැමෝම හිතුවේත් අම්මා තවත් මාස දෙක-තුනක්වත් අල්ලාගෙන නොසිටිනු ඇතැයි කියලාය.
ඒත් ෆීනික්ස් පක්ෂියෙකු මෙන් අපේ අම්මා යළිත්; තරමක් සුවපත්ව නැඟී සිටියාය.

“මට ලංකාවට ගිහිං එන්න ඕනි!” අම්මා තදින්ම කියා සිටියේ, අරහෙම සවි-ශක්තිය ලැබුවාමය. දීපාල් අම්මාත් කැටුව ලංකාවට ආවේය. අනේ... එතන ඉඳලා පිළිකාවත්, ඩිමෙන්ෂියාවත් හරි-හරියට වගේ අම්මාට පහර දෙන්නට පටන් ගත්තා වෙන්නැති!
ඉතිං, 2023 නොවැම්බර් 15 වෙනිදා මෙලොව හැර යන තුරුමත් අපේ අම්මා ‘යළි එකම එක වතාවක්වත් හොරණ ගෙදර පිළිබඳව’ කතා නොකළාය; සිහිපත් නොකළාය.

ඒකත් පුදුමයක්... (මතක හැටියට, ඔක්තෝබර් පසළොස්වක දවසේ- සෝම පුංචිලගෙ දූවරු තිදෙනෙකු පැමිණි වෙලාවේ) ‘ලලිත කලා ඔප කරනා’, ‘සිහින ලොවේ මිහිර මැවූ මාලී’ වගෙ සිංදු මතකයෙන් ගැයූ අම්මාට ‘හොරණ ගෙදර’ නිකමටවත්;  මොහොතකටවත් මතක් වුණේ නැද්ද?
නන්ද හාමුදුරුවන්- ජෝසප් මහත්තයා වැනි උදවියව අපේ අම්මාට මතක් වුණේ නැද්ද?

ඒ මාස හත ඇතුළත එකම එක වතාවක්වත් අපටත් ඒවා සිහි නොවුණු එකය පුදුමේ!
ඔව්, මටම පුදුමය. ඒක එහෙමදැයි, ඒ මාස හත අළලා ලියැවුණු පහත සඳහන් කරන posts හය කියවා සොයා බලන්නෙමි.

මවුනි, මා ඔබ රැවටුවා නොවේ! -පළමුවෙනි කොටස
මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
පාරවයි හද  වේදනා... - පළමුවෙනි කොටස
පාරවයි හද වේදනා... - දෙවෙනි කොටස

ප්‍රෝඩාරාමය ගැන ‘නිදිගෙ පංච තන්තරේ’ අඩවියට ලියන්නට කිසිම අදහසක් මට තිබ්බේ නැත. ඒ අදහස මට පහළ වුණේ, (අපේ අම්මා මිය ගියාටත් පස්සේ) Ian සහෘදයා ‘තිස් එකේදී 33 කොටස’ට එවූ comment එකකට පිළිතුරු ලියද්දීය.

ඒ විත්තිය ‘ප්‍රෝඩාරාමය - පළමුවෙනි කොටසේ’ සඳහන්ව තිබෙයි.

චෙහ්... ඒ ම්..ම්..මිනිස්සු කවුරුත් වගෙ මගෙත්තෙක්ක නං හි..ත හොඳින් නෙ..වෙ..යි හිටියේ!     

ලියන්නට පටන් ගනිද්දී මං හිතුවේ, posts දෙක තුනකින් මේ විස්තර ලියැවේවි යැයි කියලාය. ඒ වේලාවේය, මගේ හිත හැම පැත්තටම දුවන්නට පටන් ගත්තේ.

හොරණ ඉඩමටත් ගෙදරටත් දැන් මොනවද වෙලා තියෙන්නේ? / ජෝසප් මහත්තයා ඒක වෙන කාට හරි විකුණලාවත්ද? / අම්මා අසනීප වෙච්ච විත්තිය එයාල දන්නැද්ද? / ඒ කවුරුවත් අම්මගෙ අවමඟුලට ආවෙත් නැහැනෙ. / එහෙම වුණේ නොදන්නාකම හින්දද, නැත්තං කෙළෙහිගුණයක් නැතිකම නිසාද?

“චෙහ්... ඒ ම්..ම්,,මිනිස්සු කවුරුත් වගෙ මගෙත්තෙක්ක නං හි..ත හොඳින් නෙ..වෙ..යි හිටියේ. දවසක් ඒ එ..කෙ..ක් විස්කි බා..ගෙ..කුත් අරගෙන ආවනෙ අයියේඒඒඒඒඒඒ, අපේ ගෙ..ද..ර..ට.” සුනිල්ගේ කටහඬ රිසීවරය දිගේ නැවතිල්ලක් නැතිවම ගලාගෙන එයි. දැනුණු විදිහට නං ඒ වෙලාවේ මිනිහා ‘යන්තං සන්තං පදං’ පදමේය.
එහෙම වෙලාවට මගේ ලොකු මල්ලියාට ‘භාෂාවක තිත්, කොමා,විරාම ලක්ෂණ’ තියෙන බව අමතක වෙයි. සමහර වෙලාවට නං එයා කතා කරන්නේ ටෙලිෆෝනයෙන් බවත් අමතක වෙයි; බලංගොඩ සීතගල ඉඳගෙන මිනිහා කියන දේවල් ටිකක් සද්දෙට කිව්වොත් මහරගම ඉන්නා මට ඇහෙනවා කියලාත් හිතනවා වගෙය...

ඒ වෙලාවෙත් එහෙම නැකතකි, උදා වෙලා තිබ්බේ.

“හෙහ්... ඔව් අයියේ... විස්කි බා..ගෙ..ක..ට සුනිල් දිසානායකව ගන්න පුළුවනි ක්..කියල උන් හිතන්න ඇත්තේ. එ..ව්ව සු..ම්මා. ම්.ම්..මගෙත් එක්ක එ..ඒ කෙළි බෑ. ඒ වෙලාවෙත් මම චුට්ටක්; බො..හො..ම චුට්ට්ටක් සප්පායම් වෙලයි හිටියේ. -අරං ය..න..ව හලෝ තමුසෙලගෙ විස්කි- ඔව් අයියේ... මං උන්ට එහෙම කිව්වා. මම උන්ට කිව්වා, මට විස්කි නැතුවට කමක් නෑ. මට අරක්කු තියෙනවා කියලා... අරක්කු. ඒකත් නැත්තං කසිප්පු වුණත් හොයා ගන්න පුළුවනි කියලා... ඊට පස්සේ ඒ එ..කෙ..ක්වත් අප්ප්ප්ප්පේ බෝකුන්දර ගෙදරට නං ආාාාාාවෙ නෑ!”

එයාලා ආවත්, සුනිල්ට දැනගන්නට විදිහකුත් නෑ නෙව. සුනිල් බෝකුන්දර ගෙදර විකුණලා බලංගොඩට පදිංචියට ගියේ ඔය කාලයෙදීමනෙ!

‘නිමලෝ, ආයෙමත් වතාවක් හොරණට ගිහිල්ලා ඒ ගෙදර ගැන හොඳට හොයා බලලා ඉඳින්, සේරටම ඉස්සෙල්ල. අන්න ඊට පස්සේ ප්‍රෝඩාරාම posts සම්පූර්ණ කරහං!’ හැම පැත්තටම දුවන්නට පටන්ගත් මගේ හිත කිව්වා. ‘එහෙම නොකළොත් වැඩේ complete කිව්වැකියැ.’

‘පිවිතුරු’ පත්තරයේ කර්තෘ අංජන ඉන්ද්‍රජිත් සහෘදයා ‘දස්කොන් පෙම් කතාව’ පත්තරේට ලියන්නැයි මට කිව්වාම මං කළේ හඟුරන්කෙත පැත්තට ගිහිං තොරතුරු හෙවිල්ලය. දැන් ගොඩකොට ඇති හඟුරන්කෙත වැවෙන් හොයාගත්, කාන්තාවන් දියෙහි ගිල්වා මරන්නට භාවිත කළැයි සිතෙන ගල් බරුව දැකගැනීමේ වාසනාව මට ලැබුණේ එහෙමය!
බඩල්කුඹුරේ පරෙයියන් ඇල්ලට බිලි වෙන්නට ගිහිං, වම් අතත් උරහිසින් පැනපු ජංජාලය ගැන
blog posts ලිව්වෙත්, ආයෙමත් එහාට  ගිහිං ආවාට පස්සෙය.

foto එකක් දෙකක් ගන්නත් ලැහැස්ති පිට...

එහෙම ඇම්මක් තවම තිබෙතත් ‘මේ ගමන ඩේන්ජරස්’ය.

එතන දැන් කවුද ඉන්නේ... කවුද දන්නෙ මාව කොහොම පිළිගනියිද කියල... ඒ හින්ද පුතෝ, එහාට යනවා නං සූදානං ශරීරෙන් පලයං, තව කවුරු හරි එක්ක!
වැඩියත්ම හොඳයි, හොරෙන් හරි foto එකක් දෙකක් ගන්නත් ලැහැස්ති පිට යන එක. ඔහොම මරාලෙකට සම්මාදම් වෙන්න ඉඩකඩයි, කැමැත්තයි තියෙන අය වෙන්නත් ඕනිනේ- එක්ක යන්න වෙන්නෙ.

ඉස්සෙල්ලාම මගේ කල්පනාවට ආවේ දෙන්නෙක් ගැන. නෙවිල්... එයාට නිවාඩු ගන්න ඉඩක් තියෙන එකක්යැ. අනෙක ඒ හාදයා ඔය කට්ට කයිරාටික වැඩවලට ළාමක වැඩියි. දෙවෙනියා නං මරු! කැමති වෙයිද මංදා...
මනුස්සය නං නියමෙට මේ වැඩේට ගැළපෙනවා.
‘අර ගල් බරුව’ ගැන කතාව ඇහුවා විතරයි, Pra Jay- අමිල දෙන්නගේ ඕනෑකමටම ඒ ගැන
ආපහු හොයන්න අපි කට්ටියම ගියා. අමිල හතර රියන් පුරුෂයා- පොලිස් cut එක කපල ඉන්න හින්දා දකිනකොටම හිතෙන්නේ පොලිසියේ හරි හමුදාවේ හරි කෙනෙකුයි කියලා. ඉන්නෙත් හොරණ පැත්තෙමයි.

“අමිල, මට ලොකු උදව්වක් ඕනි..” මං එයාට විස්තරේ කිව්වා. “ඔයා ආපහු ඔස්ට්‍රේලියාවට යන්න කලින් මේ වැඩේ කෙරෙනවා නං කෙරෙන්න ඕනි. හැබැයි රජෝ, ගුටි කන කෙළියක්. ගහන්න ආවත් මට නං ගහන එකක් නෑ, මේ මොන පඟර නැට්ටෙක්ද කියල... ඔයාව නං දැක්ක ගමන් හිතයි හමුදාවේ කියලා. ඒ නිසාමයි ඔයාට කතා කරන්නේ. අනෙක ඔයාගේ වාහනෙත් තියෙනවනෙ...”

“හරි ලොක්කා යමු! කවදද ඔයාට යන්න ඕනි?” සිරිබිරිස් උන්නැහේ එක විඩේම කියපි. (Blog ලියන්න ගත්තු හින්දා සිද්ද වෙච්ච ලොකුම වාසිවලින් එකක් තමයි, අමිල නොහොත් සිරිබිරිස් උන්නැහේ හඳුනාගන්න ලැබුණු එක. ඒ ලැයිස්තුවේ තවත් ඉන්නවා, හොඳේ... අමිල එයින් විශේෂ වෙන්නෙ වතාවක් ලංකාවට ආව ගමන්ම, අහසින් කඩා වැටුණා වගේ අපේ ගෙදර හොයාගෙන ආපු එකයි!)

“නිමල් අයියේ, එතකොට තව කවුද යන්නේ?”
“මගේ හිතේ තියෙන්නේ නං අමිල, අපේ තවත් බ්ලොගර් කෙනෙක් ගැන. නමී... දන්නවනේ නමියා.” ඒ දෙන්නාව එකිනෙකාට හඳුන්වලා දුන්නෙත් මං වහන්සේ.
“හැබැයි ලොක්කා, නමියව දැක්කම නං නොගහන එකෙකුට වුණත් අම්බානක නෙළන්න හිතෙයි. පව්, අසරණයා... ඒකට නං ගුටි කාලා දරාගන්න තරං ඇඟක්වත් නැහැනෙ...”
“මම තවම නමීට කිව්වෙ නෑ, අමිල. දවස තීරණේ කරගත්තම නමීට කියන්නං. බෑ කීවොත්- ඊළඟ ඔප්ෂන් එක මර්වින්...”       

අපේ ‘Mission of Finding ප්‍රෝඩාරාම’ සැලසුම් කෙරුණේ එහෙමය!
ඒ සැලැස්ම ක්‍රියාවට නැංවුණු හැටි ‘ප්‍රෝඩාරාමය 14’ පෝස්ටුවෙන්....

14 comments:

  1. මගේ කමෙන්ට් එකක් ගැනත් තියෙන නිසා තව කමෙන්ට් එකක් දැමිය යුතුමයි. හැම මනුස්සයගෙම හොඳ නරක දෙකම තියෙනවා. කියවපු දේවලින් තේරුනේ නිදී ගෙ අම්මයි තාත්තයි තරමක් කළු චරිත. ඒත් නිදී සහ සහෝදර සහෝදරියො වැඩිපුර සුදු චරිත. බොහෝ විට ගෙදරට වඩා සමාජයෙන් අභාශය ලබපු නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන් මහත්තයෝ,
      මට නම් තවමත් අපි අපිව තේරුම් ගන්න අමාරුයි!

      Delete
  2. //නමියව දැක්කම නං නොගහන එකෙකුට වුණත් අම්බානක නෙළන්න හිතෙයි// අනෙ අම්මප. මුන්දල මංවහන්සේට කියන කතා

    ReplyDelete
    Replies
    1. නමී, අපි තමුන්නාන්සේ ගැන කියපු කතාවලින් ශේෂයයි ඔය!

      Delete
  3. is this Joseph, Joseph Cooray?

    ReplyDelete
    Replies
    1. නෑ මහත්තයෝ, ඒ මහත්තයාගේ නම ජෝෂප් නෙවෙයි. නියම නම හංගල මමයි ඒ නම දැම්මේ. මොකද ඒ මහත්තයාගේ පැත්තෙන් කියන්න තියෙන කතාව මමවත් හරියටම දන්නෙ නැහැනෙ.

      Delete
  4. කතාව නගලම යනවා....
    අම්ම නැතිවෙලා ගොඩක් දවස් ද
    ලංකාවේ හිටිය නම් මමත් එනවා ඔය ආරාමේ බලන්න..
    ඊලග කොටසත් ඉක්මනින් ලියන්න....

    ReplyDelete
    Replies
    1. අම්මා නැතිවුණේ 2023 නොවැම්බර් 15 වෙනිදායි ලලිත්!
      ඊළඟ කොටස ලියන්න ගන්න වෙන්නේ හෙටයි, Trip එකක් ගිහිං ආවේ ඊයේ රෑ. තාම මහන්සියි.

      Delete
  5. නියමයි. එක හුස්මට කියෙව්වා. නමියව අරං ගියේ නියවගන්නද?😂

    ReplyDelete
    Replies
    1. නමිනං උන්නැහේව එක්කං ගියේ (හොරෙන් හරි) foto දෙකතුනක් ගන්නයි, බස්සා මහත්තයෝ.

      Delete
  6. //ගල් බරුව දැකගැනීමේ වාසනාව මට ලැබුණේ එහෙමය//

    නිමල්ගෙ අනික් වාසනාව නෙවිල් මේකෙ කමෙන්ට් නොකරන එක

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්!
      දැන් නෙවිලුත් මටවදිය Pra Jay මහත්තයල එක්ක එකතුයිනේ, මට කාඩ් ගහද්දී....

      Delete
  7. කියෙව්වා - අජිත්

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්