අපේ අම්මයි, තාත්තයි දෙන්නගෙ පවුකාර පටු කල්පනාවේ මහිමයෙන් ‘පියා නොදනී’ පට්ටම ඇතිව උපන් අජිත් මල්ලීව, නිසි වයසේදී ඉස්කෝලෙට දාගන්න නං පුළුවන් වුණා. ඒ බුවෙනකබා ලොකු ඉස්කෝලේ මහරගේ සර්ට පින් සිද්ද වෙන්නයි. ‘හැබැයි ආච්චියෙ, වැඩි දවසක් යන්න නොදී දරුවගෙ උප්පැන්නේ හරි ගස්සා ගන්න වෙයි. දරුවා ලොකු වෙනකල් හිටියොත්, එයාගේ හිත තැලෙයි...’ මහරගේ සර් අපේ ආච්චිට අවවාද කරලත් තිබ්බා.
ඒත් ඒ රාජකාරිය කෙරුණෙත් හුඟක් පහු වෙලා. පියාගේ නම තීරුවට ඩී. එච්. ගුණපාල කියලම දාන්න තීන්දු වුණා කියලයි, මට ඇහුණේ.
මතකය අලුත් කර
ගන්නය කියලා ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය පාඨකයන්ට... |
හීනමානයකින් පෙළෙන- වැඩිපුර බොරු කියන- එක විදිහක ගුප්ත මිනිහෙක් වෙච්ච එකයි.
අජිත්ගේ ආදරේ වැඩි කර ගන්න හිතාගෙන- අපේ ආච්චිත් පරණ
කතන්දර එයාට කියලා වගෙයි මං දැක්කේ! එතකොට එයා කොයි තරං කම්පනයකට පත් වෙන්න ඇත්ද?
ඒත්
අපි හැමෝම අජිත්ට සැලකුවේ කිසිම වෙනස්කමක් නැතිව. ඇත්තම කියනවා නං, එහෙම
කෙරුණෙත් අවබෝධයකින් නෙවෙයි; නිකම්මයි.
හැබැයි- එයාගේ නමෙන්මත් එයාට වෙනස්කමක් කෙරිලනෙ තිබ්බේ...
ඒවා අජිත්ට තේරෙන්න ඇති. නිමල්, සුනිල්, අනිල්, දීපාල්
වගේ නම් අතරට අජිත් කිව්වම...
මං
වහන්සේ එහෙම ලියලා මාස දෙකකටත් වැඩියි. ඊට පස්සේ වෙනින් කාලීන posts කීපයක්ම
ලියන්න සිද්ද වුණා.
තිස් එකේදී postsවලට මොකක්දෝ අපලයක් ලබලා වෙන්නත් පුළුවනි. මීට කලිනුත්, මේ posts
මාලාවේ 22වෙනි කොටස ලිව්වට පස්සේ හෙනහුරා ලැබුවා. ඒ නිසාම මුල් කොටස් විසිදෙකෙන් කියවුණු
දේවල් සාරාංශගත කරලා, 23වෙනි කොටස මුලට ඇතුළු කළා.
මං දන්නවා. අපි කොයි කාටත් වැඩ වැඩියි- නිදහස අඩුයි.
එහෙම
තියෙද්දී ‘තිස් එකේදී 23වෙනි කොටසේ’ හිට 32වෙනි කොටස දක්වා ආපහු කියවලා මතකය අලුත්
කර ගන්නය කියලා ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය පාඨකයන්ට කොහොමද කියන්නේ. ඒ
නිසාමයි, ඔයාලට පහසුවක් වෙන්න- ඒ කොටස් ටිකේ සාරාංශයක් මෙතැනට ඔබන්නේ.
23වෙනි කොටස- මානෙල් පළමු දරුවා
ලබන්නට බලාපොරොත්තුවෙන් සිටියි / අහමඩ්ගෙ ස්වභාවය / ඔහු නිවසේ යතුරකුත් මට බාර
දෙයි / සේවිකාවගේ වැඩ / ලිංගික සැත්කම ගැන කියා- එයට සහාය ඉල්ලමින් ඩැඩාට ඉංග්‍රීසියෙන්
ලිපියක් ලිවීම පටන් ගත්තෙමි.
24වෙනි කොටස- ලිපිය දුන්නා / ඩැඩා සමඟ Hounslow කෝපි හලට / ඩැඩාගෙන් කෙරුණු වැඩි දුර විමසීම්
25වෙනි කොටස- සංක්‍රාන්ති ලිංගිකයන් ගැන වත්මන් ශ්‍රී ලංකාවේ තත්ත්වය / ලිංගිකත්වය පාපයක්ද? / සමරිසි වීම පුරුද්දක් විතරද? / තව මාස හයකට අපේ වීසා දිගු කර ගැනෙයි
26වෙනි කොටස- Countryside සංචාරය / ශනිදා දහය / ස්ට්‍රෝබෙරි ගොවිපල / අහමඩ්ගේ
මිතුරාගේ ලිංගික ආරාධනය / ඔහු මට විසිත්ත පතකුත් දෙයි
27වෙනි කොටස- Aids / ප්‍රකට හොලිවුඩ්
නළු රොක් හඩ්සන්ගේ මරණය / අශාන් කල් තබා කළ අවවාද / හැම්ප්ටන් මුව උද්‍යානය /
එංගලන්තයේ සෞඛ්‍ය පහසුකම්
ඒ
දෙන්නගේ එකම එක foto එකක කෑලි’ තමයි පස්සේ කාලෙක ආයෙමත්... |
29වෙනි කොටස- දවල් මිගෙල්ලා හා රෑ
දනියෙල්ලා / සංක්‍රාන්ති ලිංගික සැත්කමකින් ගැහැනියක වී සාම්ප්‍රදායික බිරියක්
වීමෙන් මට තෘප්තිමත් විය හැකිද? / එංගලන්තයේදී හැදූ බොම්බෙලි කරවල බැදුම් /
අසල්වාසීන්ගේ පැමිණිලි / නීලියාත් රහස දැනගෙනය
30වෙනි කොටස- අහමඩ්ලගේ ගෙඋයනේ වැඩ / අජිත්
මල්ලී / හොඳටම හිත රිදවගත් සුනිල්ගේ ලිපිය / අම්මාත් තාත්තාත් අතර ඇති වුණු ලොකුම රණ්ඩුව
31වෙනි කොටස- අනාචාර චෝදනාව / අම්මාව
ගෙදරින් පිටමං කෙරේ / අපේ පවුලේ ආරවුල පිළිබඳව කෙරුණු පොලිස් විභාගය ගැන ලංකාදීප
පත්තරේ වැටෙයි / ළමෝ මට කොලොප්පම් කරති / මම පාසල් යන්නට බැරි බව කීවෙමි / අම්මලා නැවත සමාදාන වෙති / දැන් අජිත්
මල්ලී බේබද්දෙකු වෙලාය / ඒ....
32වෙනි කොටස- තාත්තාගේ අඹුසොඬකම විහිළුවට
ලක්වෙයි / ඔහුට ත්රොම්බෝසිස් රෝගය වැළඳෙයි; රැකියාව නැති වෙයි / අජිත් මල්ලීගේ
උප්පැන්නයේ ‘පියාගේ නම තීරුව’ හිස්ය / එයින් උද්ගත වුණු ප්‍රශ්න
අද
ලියන්නේ ‘එතැන් සිට’ ඉදිරියට වෙච්ච දේවල්.
ජන
සමාජයක ජීවත් වෙන ඕනෑම කෙනෙකුට තමන් කැමැති ඕනෑම දෙයක් කරන්නට පුළුවන්ද?
ඒ පුරස්නෙට මගෙන් නං හම්බ වෙන්නේ ‘නෑ’ කියන උත්තරේ.
පැරැණියන්ගේ කීමක විදිහට නං ‘තමුන් කැමති නං මිරිස් වතුරෙන් වුණත් තමුන්ගේ xxx
සෝදා ගන්නට කොන්ත නෝනාට පුළුවන්’ තමයි. ඒත් දැවිල්ල ඇල්ලුවම? කොන්ත නෝන දැවිල්ල
උහුලගන්න බැරිව දඟලන්නයි- කෑ ගහන්නයි ගත්තම වටේ ඉන්න උදවියටත් ඒක කරදරයක් වෙනවා නේද?
අපේ තාත්තගෙයි අම්මගෙයි රණ්ඩුවත් ඒ වගේ. තාත්තා හිතුවේ ‘එයා කැමති ඕනෑම තීරණයක් ගන්න එයාට අවසර තියෙනවා’ කියලයි. අම්මා හිතුවේ ‘සැමියාට කීකරු වුණාම මදැයි’ කියලයි. (ඒ දෙන්නම දරුවන් ගැන තැකීමක් කළේ නැහැ වගෙයි.)
ඒ මොට්ට තරහෙනුත්; දබරයෙනුත්; දුර්දාන්ත තීරණවලිනුත්; ගොබ්බ කීකරුකමෙනුත් සිද්ද
වෙච්ච දේවල් කෙළවරක් නෑ...
එව්වාගෙන් මං වැඩියත්ම ප්‍රධානකොට සලකන්නේ අපේ අජිත් මල්ලීගෙ පෞරුෂත්ව වර්ධනය අඩාල
වීම තමයි. දෙවැන්න- අපිට බදුල්ල හැර දමා කොළඹට එන්න වෙච්චි එකයි. තුන්වැන්න- අපේ ගෙදර
තිබුණු අපේ තාත්තගෙයි- අම්මගෙයි foto සේරම කෑලි වෙලා- ගිනිබත් වීම. (අපේ මහෞෂධ
නුවණක්කාර පියාණන් වහන්සේත්- කෙතේ ගොයම් මුවෝ කෑවාම ගෙදර තිබ්බ මුව හමට තඩි බාන
ජාතියේ වෙන්නැති!)
කවුද පවුලේ හිතවතෙක් හංගලා පරෙස්සම් කරගෙන තියාගත්තු ‘ඒ දෙන්නගේ එකම එක foto එකක කෑලි’
තමයි පස්සේ කාලෙක ආයෙමත් අපේ ගෙදරට වැඩම්මුවේ!
මෙලහකටත්
අපි ගිහිං අයියේ, ඔයාට පොරොන්දුවක් නොදී හිටිය නං! |
මුල්ම postsවලදී යාන්තමින්වත් නොකිය- නොකියා හිටි අජිත් මල්ලිගේ ඔය විස්තරේ මං ඔයාලට කියන්න පටන් ගත්තේ 30වෙනි කොටසේ ඉඳන්. මතක ඇතිනේ අපේ සුනිල් එවපු ලියුමක් ගැන මම කිව්වා ඒ කොටසේදී...
‘අයියේ, ඔයාලා
ඉක්මනට ලංකාවට එනවා නේද? ඔන්න ඔයාලා එනකං විතරයි අපි මේ ගෙදර ඉන්නේ. ඔයා මෙහාට ආව ගමන්ම- ඔයාලට ගේ බාර දීලා අපි මේ
ගෙදරින් යනවා. මෙලහකටත්
අපි ගිහිං අයියේ,
ඔයාට
පොරොන්දුවක් නොදී හිටිය නං. බය
වෙන්න එපා. මායි
මල්ලිකායි ඒ පොරොන්දුව ආරස්සා කරනවා. ඒ කිව්ව විදිහටම අපි ඔයාලා එනකල් මේ ගෙවල් දොරවලුයි- ආච්චිවයි බලා ගන්නං.
ඒත් ආච්චියි අජිතුයි කරපු මේ ජරා වැඩේ හින්දා, මට
ඒ දෙන්නගේ මූණ බලන්නත් හිරිකිතයි. මට
හොඳටම හිතට අමාරු මේ තරං රහසෙන්...’ සුනිල්
එහෙම කිව්වේ හේතුවක් නැතිව නෙවෙයි.
ඒ දවස්වලත් අපේ සහෝදර-සහෝදරියන් කවුරු-කවුරුනුත් ඉඩකඩම්-සල්ලි පස්සේ දුවපු අය නෙවෙයි. (අපේ අම්මයි-තාත්තයි කියල ඉඩකඩම් තිබිච්ච දෙන්නෙකුත් නෙවෙයිනෙ.) සීයලා එළිසාච්චිගෙන් අරගත්තු, සිල්ලප්පු වත්තේ පර්චස් 34 ඉඩම් කෑල්ල තමයි අපට තිබිච්ච එකම නිශ්චල දේපල වුණේ.
“රංජි, අපි දෙන්නා නැති කාලෙක මේ ඉඩමෙන් කාලක් අජිත්ට අයිති වෙන්න ඕනි. ඉතිරි
තුන්කාල ඔය ළමයි හත් දෙනාට පවරන්නයි අපි කතා වෙලා ඉන්නේ. “ අපේ සීයා නිතරෝම
කියමින් හිටියේ එහෙමයි.
එහෙම
වෙලාවක මං වහන්සෙත් මගේ මතය කියලයි තිබ්බේ.
“සමන්ති, දීපාල්, දීපානි තුන්දෙනා ආයේ ලංකාවට පදිංචි වෙන්න එන එකක් නෑ. ඉතිං එයාලට
මේවා ඕනි වෙන එකකුත් නැහැ. මටත් ඉඩම් එපා.
ඒ හින්දා සීයේ, අපි හතර දෙනාගේම කොටස විදිහට හිතලා ඉඩමෙන් තව කාලක් අජිත්ටම දෙන්න!
අම්මා මානිලටත් ඉඩමක් අරන් දීලා ගෙයකුත් හදවල දුන්නනේ. ඒත් සුනිලුයි, අනිලුයි,
මානෙලුයි තුන් දෙනා වෙනුවෙන් මම තීරණ ගන්නෙ නෑ... එයාලම ඒ තීරණ ගත්තාවේ.”
“මටත් ඔය ඉඩම් තණ්හාවක් නෑ.” එතකොට අපේ සුනිලුත් එහෙමය කිව්වේ.
“අපි එහෙමත් කියලා තියෙද්දී, ආච්චී අපි කාටවත්ම නොකියා
හොරෙන්ම අජිතුත් එක්ක ගිහින් ඉඩමෙන් බාගයක් අජිත්ට ලියලා. ලියල ඉවර වෙලා ගෙදර
ආවාමයි අපට කිව්වේ. ඇයි අයියේ එයාලා හොරෙන්ම එහෙම කළේ. කල් තියා ඕක අපට කිව්වත් අපි කව්රුවත් එපා
කියනවද? මගේ නං හොඳටම හිත බිඳුණා. අපි බලාගෙන ඉන්නේ ඔයා ලංකාවට ආව ගමන්ම අපි දෙන්නා
කුලී ගෙදරකට යන්න.
එතකොට ආච්චිටයි, අජිත්ටයි කැමැත්තක් කර ගන්න පුළුවනිනේ...”
සුනිල් ලියා තිබිණි.
අනෙක්
අතට Brighton වෙරළේ පොදිකමින් හිටි
සෙනඟ... “හැමදාමත් මෙහෙමද Sam?” |
මට වැඩියෙන්ම මතක තියෙන්නේ අපේ වාහනය park කරන්නට හිස් ඉඩක් හොයමින් රස්තියාදු
වුණු විදිහය. එහෙම වෙලත් වාහනය ගාල් කරන්නට හැකියාව හම්බ වුණේ හැතැප්ම එකහමාරක්
විතර දුරින්ය. “සැසිල්, අපි ආපහු යං. කාටද පුළුවන් මෙච්චර දුර පයින් ගාටන්න. ආපහු
එනකොටත් මේ දුරම එන්න එපැයි...” අම්මා මැසිවිලි කිව්වේ ‘වාහන පිරී-ඉතිරී ගිහිං
තිබීමට වගකිව යුත්තේ ඩැඩා යැයි අඟවමිනි.
“What is wrong with you? උඹටම නේද ලීලා අදම මෙහෙ එන්න ඕනෑ වුණේ. I told you... මං
කිව්වනේ අද මෙහෙ සෙනඟ හිටියි කියල. You didn’t listen...”
“ඒ
දෙන්නට වාද කර ගන්න ඇරලා අපි ඉක්මනට යං ඉස්සර වෙලා. එතකොට ඔය ගෝරිය නිකම්ම
නැවතෙයි.” අනිල්ගෙ යෝජනාව එතැනට ගැලපුණේය. අපි සෙනඟ පීරාගෙන වෙරළට බැස්සෙමු. අනේ! ඒ
තරම් ප්‍රසිද්ධ වෙරළේ වැල්ලක් නැද්ද...
වැලි වෙනුවට ඒ වෙරළ දිගටෝම තියෙන්නේ කුඩා ගල් කැටය. හැමදාම එහෙමද මන්දා... ඒ
මදිවාට මුහුදේ වතුරත් අයිස් තරමටම සීතලය. “මේ සීතලේ මුහුදට බහින්න? සන්නිය හැදෙයි
හලෝ!” අනිල්ට කියැවුණේ එක විඩේමය.
“මේ
යක්කු දාස් ගණන් වියදම් කරගෙන අපේ රටවල්වලට පිඹගෙන එන්නෙ ඇයි කියල දැනුයි මට
තේරෙන්නෙ. මීට වැඩිය කොච්චර ෂෝක්ද ලංකාව?”
අනිල් කියාගෙන ගියේ එයාගේ අදහසයි.
ඒ කතාවට එහෙම පිටින්ම එකඟ වෙනවා මිස- විරුද්ධ වෙන්නේ කොහොමද?
අනෙක් අතට Brighton වෙරළේ පොදිකමින් හිටි
සෙනඟ... “හැමදාමත් මෙහෙමද Sam?”
“නෑ
අනිල් අයියේ. අද holiday එකක්නේ... ඒකයි
මෙච්චර crowded.”
තදබදය
අඩු; වඩාත් සෙනඟ නොගැවසෙන ඉසව්වක නැවතී හිඳගෙන ඩැඩාත් අම්මාත් බර කතාවකය. අනිල්, දීපාල් හා
දීපානි තුන්දෙනාත් දැන් සීතල නොතකා රැල්ල පාගමින් එහෙ-මෙහෙ දුවති.
“අපිත් යමු ලොකූ අම්මල ළඟට!” සමන්ති කියයි. “මමත් මුහුදට ආසයි, ලොකා... හැබැයි
මෙහෙ මුහුදට නෙවෙයි.’
“නිමොල්.
From here, you can see France...” ඩැඩා ක්ෂිතිජයට ඇඟිල්ල දික් කරමින් කිව්වේය.
“කෝ,
කෝ, කෝ? මට පේන්නෑනෙ...” අම්මා කලබලෙන් අනන්තය දිහා බලමිනි, ඉන්නේ. “රංජි දන්නවද?
මං ළඟදීම ප්‍රංශෙට ගිහිං එන්නයි හදන්නේ... යාළු මිසී කෙනෙකුයි, මමයි. ටිකට් එකට
එච්චර ගණනක් වෙන්නෑලු. ඔයත් එනවද? ඩැඩාට කියමුද ඔයාටත් වීසා ඉල්ලන්න කියලා. දවස්
දෙකක් හොඳටම ඇතිනෙ.”
“කවුද අප්පේ අම්මගෙ ඔය තරං අගේ ඇති යාළුවා.. අපි නොදන්න කෙනෙක්ද?” Sam අහන්නේ
ඔලොක්කුවට වගෙය. ඒ සමච්චල් සහගතකම අම්මට වැටහී නොමැත.
ලංකාවේ
ළමයි වගේ නෙවෙයිනෙ මෙහෙ ළමයි. අපිත්… |
“සමා,
නොදන්න දේවල්වලට කට නොදා ඉන්නවා. මෙව්වා පොඩි ළමයින්ගේ කතන්දර නෙවෙයි.”
“මාත් දැන් පොඩි ළමයෙක් නෙවෙයි අම්මේ. තව ටික දවසකින් මට දහ අටක්. ලංකාවේ ළමයි වගේ
නෙවෙයිනෙ මෙහෙ ළමයි. අපිත් එහෙ උපන්නට හැදුණේ මෙහෙ ළමයි වගේනෙ... මට පෙනෙන හරි
වැරැද්ද කෙලින්ම ඕනි කෙනෙකුට කියන්නයි මට පුරුදු!” Sam කියාගෙන ගියේ අම්මාට
මැදිහත් වෙන්නට බැරි විදිහටය.
“That’s enough!” ඩැඩා කිව්වේ තරහෙනි. “What is wrong with these people? ලීලා,
නිමොල්ට තනිකඩව ඉන්න ඕනි නං ඒකට ඉඩ දීපං. Now he is an adult- not a child.”
සතුටු
වෙන්නට ගිය සංචාරය ඉක්මනින් නිමාකොට අප ආපසු ආවේ තිත්ත කසායක් බිව් ගොළුවන් විදිහටය;
බුම්මාගෙනය.
බ්‍රයිට්න්
වෙරළේදී කියූ හැටියටම සමන්ති නංගිට අවුරුදු 18 ලැබුවේ 1985 දෙසැම්බර් 5 වෙනිදාය. ඒ
බ්‍රහස්පතින්දාවකි. එදා උදෙන්ම Samගෙ නමට ලියුම් තුන හතරක්ම ලැබිණි.
ඒවා එවා තිබුණේ එංගන්තයේ ක්‍රියාත්මක දේශපාලන පක්ෂවලිනි. සමන්තිට සුබ පතමින් ඔවුන්
කියා තිබුණේ, එදා සිට ඇය වගකිව යුතු ඡන්දදායිකාවක වෙන බවයි.
‘අපේ දේශපාලන ප්‍රතිපත්ති මේවාය. ඔබේ පාර්ලිමේන්තු කොට්ඨාශයට අපේ පක්ෂයෙන් තරග
වදින්නේ මෙතුමාය. කරුණාකර එළඹෙන මැතිවරණයේදී ඔහු වෙනුවෙන් ඔබගේ වටිනා ඡන්දය
පාවිච්චි කර, අපගේ අනාගත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහාය වන්න.’ වැනි අදහස් ඒ
හැම ලිපියකම ගැබ්ව තිබිණි.
“ඔන්න
බලපං නිමොල්. උඹලගේ රටේ වගේද කියලා. ඡන්දය එනකොට විතරයිනෙ උඹලගෙ පොලිටීෂියන්ස්ලා
active වෙන්නේ. අපේ එහම නෙවයි. බොරු show off වැඩ නෑ.” ඩැඩාට ඒ ලියුම් ගැන පැවසූ විට
ඔහු කිව්වේ ආඩම්බරයෙනි. “මෙහෙ සේරම මිනිස්සුන්ගේ විස්තර කොම්පියුටරයිස් කරලයි
තියෙන්නේ. හැම ළමයෙකුටම අවුරුදු 18 පිරෙන දවසට ඔය වගේ ලියුම් එවන්න පුළුවන් වෙන්නේ
ඒකයි. මේ රටේ සේරම වැඩ මෙතඩිකල් විදිහට කෙරෙනවා.” ඩැඩා මට එහෙම කීවේ 1985දීය.
මයිඩාස්
රජතුමාත්, මෙඩුසාත් ගැන ප්‍රසිද්ධ කතන්දර දෙක නොදන්නා කෙනෙකුට... |
දිගට
ලියන්නට වෙතත්, මා මෙවන් අත්දැකීම් ලියා තියන්නට කැමතිය. අත්දැකීම්වලිනි, අප වඩා හොඳින්
ඉගෙන ගන්නේ; ජීවිත පරිඥානය ලබන්නේ. ඒවායින් පෝෂණය ලබමිනි මානව ජීවීන් හැදී-වැඩී
තිබෙන්නේ. අපේ දැනීම පුළුල් නම් ‘අනෙකා ගැන තේරුම් ගැන්ම’ අපට පහසුවෙන් කළ හැකි
වෙයි. පටු දැනීමක් තිබෙන කෙනෙකුගේ චින්තනයත් පටුය- ආකල්පත් පටුය- තේරුම් ගැනීමත් පටුය!
ඉහතින්
තිබෙන රූපය ඊට හොඳම නිදසුනකි.
මයිඩාස්
රජතුමාත්, මෙඩුසාත් ගැන ප්‍රසිද්ධ කතන්දර දෙක නොදන්නා කෙනෙකුට ඒ රූපය අප්‍රබංශයක්
විතරකි... නමුත්...
à ඊළඟ කොටසට...
නිමල් අයියා අද උදේම පැමිණ ඇත
ReplyDeleteතිස්‌තුන් වෙනි කතන්දරේ කොටස ගෙන
අජිත් මල්ලි කර ඇත්තෙම ජරා වැඩ
අසරණ නිමල් හට වෙන්නෙම මෙවන් හබ
ජීවත්වීම යනු එන හබ විසඳීම
Deleteඒවා විසඳමින් පෙරටම පිය නැඟුම
අභියෝගය එයයි, කළහොත් ජයගැනුම
සතුටින් කළ හැකිය අවසන් නික්මීම
කතාව නං කියෙව්වා, හොඳයි. ඒත් හිටපු ගමන් නම්-ගම් පැටලිලා සුනිල් කව්ද අනිල් කව්ද අමතක වෙනවා, අනිත් නම් වුනත් එහෙමයි. ඩිමෙන්ෂියා මූලික ලක්ෂණවත්දෑ? 🤔
ReplyDeleteමටත් ඔය දේ මුලින් මුලින් උනා. කොටින්ම... නෙවිල් - මර්වින් දෙන්න හිට ටපලෝගත්ත 😁🙈
Deleteඔව් බස්සා මහත්තයෝ. ටිකාක් විතර ටැපලෙනසුළුයි නේන්නං. නිමල්, සුනිල්, අනිල්, අජිත්, දීපාල්- කොල්ලෝ පහයි,.. පුෂ්පා (නෝනා), මානෙල්, සමන්ති, දීපානි- කෙල්ලෝ හතරයි... (ඒ සති ගණනෙන් නැතිවුණු නංගි හැර) නව දෙනෙකුගේ විස්තර විතරක් වුණත් සැරෙන් සැරේ කියවෙනකොට?
Deleteනමීත් කියනවා වගේ මගේ විවෘත විශ්වයේ මිත්‍ර සම්පත්තියේ විස්තරත් එනකොට...
Deleteහොඳ වෙලාවට රහසිගත විශ්වයේ අයගෙන් සීයට එක- දෙකක් විතරක් ගැන postවලදී කිව්වේ.... නැත්තං වෙනම සූචියකුත් අමුනන්නම වෙනවා.
වැඩිය කමෙන්ට් නොකලට මම මේ කථා ඔක්කොම කියවනවා. ඉඩකඩම් වලට තන්හා නොවීම ගොඩක් දෙනෙක්ට ඔබ කියන වයසෙදි නැහැ. සමහර අයට මැරෙනකන්ම නැහැ. ඒ අතින් නිමල් ගෙ පවුලෙ අය ඒ කාලෙත් පරිණතයි. අජිත්ව වෙනසක් නොකර පිළිගැනීමත් ඒ වගේ.
ReplyDeleteඔව්මයි ඉයන් මහත්තයෝ, අජිත්ට අපෙන් කිසිම වෙනසක් නොකෙරුණු එක ගැනත්- දේපලවලට තණ්හාවෙන් කාකොටා නොගැනීමත් ගැන මටම පුදුමයි.
Deleteහරි වැඩේ කියන්නේ, ඔයාට මේ උත්තරය ලියන්න ගන්නකොට හිතේ නොතිබුණු දෙයක් ගැන post එකක් ලියන්න ඕනිය කියලා මේ දැන් ඔලුවට ආවා. පෝස්ටුවේ නමත් එක්කම- 'ප්‍රෝඩාරාමය' ඒ ගැන ඔයාට ස්තුතියි ඉයන් මහත්තයෝ. මේ සීරීස් එකට පස්සේ ඔන්න ලියනවා...
ඔයාගේ පොස්ට් කියවනකොට මටත් හිතෙන්නේ සමහර දවස් ආයේ එනවානක් කියලා හිතෙන තරමට සුන්දරයි කියලා තමා නිමලයියේ
ReplyDeleteඉවාන්, අපි හැමෝම අතීතකාමී මිනිසුන් නේද.... අනිත් අතට එහෙම නොවෙනවා නං මොනවද අපට ඉතිරි?
Delete👌👌
ReplyDelete👌👌 ස්තුතියි 👌👌
Deleteහෑ මම එයාට කිව්වෙ මිඩාස් කියලනෙ?
ReplyDeleteමයිඩාස්, තේරුනා. මයිඩාස් , මෙඩුසාව රන් පිලිමයක් කලා. මෙඩුසා,මයිඩාස් රජතුමාව ගල් කලා. ඒත් ඇත්තටම මයිඩාස්, මෙඩුසාට අත දෙන්න කිට්ටු වෙන්න ඉස්සෙල්ලා මෙඩුසා දෙනව බැස්ටිය. ගෑණු ඔහොම්මයි.😨
https://ifunny.co/picture/medusa-meeting-dwayne-johnson-for-the-first-time-medusa-staring-UlshKVhp7
Deleteහෙහ්, හෙහ් ඒක නියමයි. 👌🙏
Deleteස්තුතියි Pra Jay මහත්තයෝ.
DeleteLink එකට ගියා. කියවන්නත් ගත්තා. ඊට පස්සේ හොයන්න වුණානෙ කවුද dwayne Jhonson කියලත්...
බස්සා මහත්තයෝ, ඔයා?
අවසානෙදී පටු දැනුම ගැන කියද්දීම මතක් උනේ තාගෝර්ගෙ කාව්‍යයේ අදහස දැක්වුනු සේකර ලීව
ReplyDelete'පටු අදහස් නම් පවුරින් ලෝකය කැබැලි වලට නොබෙදී ඤාණය නිවහල් වී...' ගීය
මෙතන පදපෙලයි මුල් ගීයයි, ගීය ගැන විස්තරයයි තියේ. කස්ටියට බලන්න දානව ඕං
Deletehttps://www.facebook.com/groups/2376901992391999/permalink/2588634144552115/?mibextid=rS40aB7S9Ucbxw6v
ගියා, කියෙව්වා. ස්තුතියි නමී. සින්දු තුන අහන්න යන්නෙ පස්සෙයි.
Deleteඋඩඟු ලියන ගීතයට පාදක වී තියෙන්නේ සරෝජිනී නායිදු කිවිඳියගේ පබැඳුමක් නේද?
ඒ සන්නාලියනේ ගීය නේද... 🤔
Deleteකතන්දරේ බ්ලොගේ ඔය ගැන ලියවිලා තියේ. ඒකෙ ලිංක් එකත් දාන්නම්... කස්ටියට බලාගන්ටත් එක්ක
Deletehttp://kathandara.blogspot.com/2013/01/pushp-ki-abhilash.html?m=1
'//මේ "පුෂ්ප් කි අභිලාෂා" කියන කවිය ලියා ඇත්තේ නොබෙල් සාහිත්‍ය සම්මානය ලබපු තාගෝර් වගේ අපි දන්න කෙනෙක් නොවුනාට ඉන්දියාවේ ප්‍රසිද්ධ මඛන්ලාල් චතුර්වේදී හින්දි කවියායි.//
Deleteගොඩාරියක් ස්තුතියි නමී. link එකට ගියා, තව කට්ටිය යන්නත් ඇති- බලන්නත් ඇති. එතකොට හම්බ වුණු (ඉහතින් යෙදු) කොටස තමයි මට නම් වැදගත්. ඒ බව දැනගත්තේ අදමයි.
යකෝ අජිත් කියන නම ඔඡ්ච්ර අවුල්ද 😀
ReplyDeleteඒක ටිකා......ක් "සජිත්" කිට්ටුවෙන් යනවා නේද? ඒ හින්ද වෙන්ටෑ? 😏🤔🤣😂😁
Deleteවෙන්නත් ඇති. සුට්ටන් බබා අම්මියි ජලයි එක්ක හොඳින් ඉන්නවද
Deleteඅජිත් ධර්ම,
Deleteවික්‍රමසිංහ ජනපතිගේ රුධිර පිපාසය සංසිදුවන්න ඔබ තවත් මිනිස් ජිවිත ලක්ෂ කීයක් බිලි දෙනවද?
නම මොකක් වුණත් ඒ නම දරන කෙනා වෙනස්ම කෙනෙක් වෙන්න ඇහැකියි නෙව අජිත් මහත්තයෝ.
Deleteධනපාලලා හිඟා කන්නේ, ධර්මදාසලා...එක්කෝ ඕන්නෑ .
නිදි ගේ මේ කතාව පොතක් ගහන්නම ඕන, ඔයා පොත් ගහපු මිනිහෙක් නේද?
ReplyDeleteමම විජේබාහු
ඔව් විජේබාහු මහත්තයෝ,
Deleteපොත් හතරක් ගැහුවා. මුල්ම පොත කර්තෘ ප්‍රකාශනයක් විදිහටයි පස්සේ ගොඩගේ පොතක් විදිහටයි.
යුවති කිරිල්ලී.
දෙවැන්නත් ගොඩගේ පොතක්- 'සුපර් ස්ටාර්'. තෙවැන්න 'හිනා වෙන්න හිනා' , හතරවැන්න 'හිනා තවත් හිනා. 1,3,4 පොත් තුනක්ම මේ අඩවියටත් දාලයි තියෙන්නේ 'අකුරු මැකී නෑ' කැටගරිය යටතේ.
ඒ පොත් පල කිරීමේදී ලැබුණු අත්දැකීම් නිසා ආයේ පොතක් ගහන්න හිතන්නේ නැත්තේ, මං දැන් ගෙදරටම සින්න වුණු කෙනෙක් වගේ නිසයි!
//ඒ පොත් පල කිරීමේදී ලැබුණු අත්දැකීම් නිසා....//
Deleteමමත් ඔය කතාව බොහෝ තැන්වල ලියැවිලා තියනවා දැකලා තියනවා. පේන විදිහට ඒ හැටි සුන්දර අත්දැකීමක් නොවෙන පාටයි. 🤔
කෝටි දෙකකට වැඩි ජනගහනයක් ඉන්න රටක ගොඩක් පොත්වලින් මුලින්ම අච්චු ගැහෙන්නේ දාහයි. ඒ එකක්...
Deleteපොත් සාප්පු කීයද ලංකාවේ තියෙන්නේ?
කතුවරයාට ලැබෙන කර්තෘ භාගය.../ පොත් මිලදී ගන්න ක්‍රමවේදය.../ බෙදාහැරෙන ක්‍රමය...
ඒ සේරම ගැන හොයා බලන්නකෝ!
හැබැයි ඒ සේරම ප්‍රශ්නවලට සාර්තකව මුහුණ දීපු කතුවරුත් ඉන්නවා!!!!!!!!
Brighton Pier එකට ගියෙ නැද්ද?
ReplyDeletehttps://www.brightonpier.co.uk/
Deleteගියා Pra Jay මහත්තයෝ, ඒත් ඒ ගැන ලියන්න තරං දෙයක් මතකේ නැහැනෙ.
Deleteඅනෙක මේ සීරීස් එක දැනටමත් දිග වැඩිය කියලයි මට හිතෙන්නේ.
දේපල වලට කා කොටා ගන්නෙ නැති සහෝදර සහෝදරයින් සිටීම කොච්චර වාසනාවක්ද...අනිත් ප්‍රශ්ණ කොහොම උනත්...
ReplyDeleteමොනා උනත් නම් ටික මතක තියා ගන්න එක නම් ගේමක් තමයි....නරකද පවුල් ගස ඇදලා ෆොටෝ එකක් ගහලා පෝස්ට් එකකම අප්ලෝඩ් ක්ලොත්...පොඩි අදහසක් ... - Mayya
Mayya, ඔයාගේ යෝජනාව දැක්කේ දැන් තමයි.
Deleteමීට අදාළ වෙන උත්තරයක් උඩින් තියෙනවා. ඒත් ඔයාගේ අදහසත් කරවගන්න බලන්නං.
පසුව ඇවිත් කියවන්නම්!
ReplyDeleteමේ දවස්වල බරට වැඩ නේද?
Delete