li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, August 7, 2023

‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!

පෙරඹර එකලු කරමින් හිරු නැඟෙන පැයේ
එවමින් අඳුර, සයුරේ හිරු ගිලෙන පැයේ
සඳ කොමලියගෙ තනියට තරු දිලෙන පැයේ
විඳ හුරු-පුරුදු ‘සැනසුම’ ඔබ කොහෙද ගියේ?

දේදුනු දිලෙයි විහිදා නෙක-නෙක පාට
වනමල් පිපෙයි සුවඳින් නහවා අවට
ඇල-දොළ ගලයි සිලි-සිලි සංගීතයට
ඇයි අද  නැත්තෙ ‘සැනසුම’ පෙර ලෙස හිතට

ලියලන ළපල්ලක යට සැඟවිණිද ගිහින්
සැරිසරනවද ගුවනේ විහඟුන් සමඟින්
කිමිදෙනවාද දියඹේ කිඳුරන් සමඟින්
එනු මැන අනේ ‘සැනසුම’ යළි මාව සොයන්

ගීයක් අහන්නට නැත හිත පෙර පරිදී
ෆිලුමක් බලන්නටවත් හිත නොදී හිඳී
කියවන්නට තියෙන පොත් ටික ඔහේ නිඳී
‘සැනසුම’ ඔබ හිටියෙ ඒවා එක්ක රැඳී

හිත මිතුරන් සමඟ සිටියත් පොකුරු ගැහී
කතා ලතාවෙන් කල් ගෙවුවත් හිනැහී
සතුට දුර බවක් දැන් මට ඇත වැටහී
‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි මම පැළැහී

ගමනක් ගියත් ලැබුවේ අඩ සතුටක්ය
මොනවා කළත් නොලැබෙන්නෙත් සතුටමය
මෙය අමුතුම ලෙඩකි වැළදුණෙ ළඟදීය
‘සැනසුම’ විතැන් වූයේ ඒ කාලෙමය!

නිදන් වෙලා ඇත බණ-දම් උපදේශ
තව කොටසකය පඬිඳුන් කී කියුම් රැස
ඒ වාගෙමයි අත්දැකුමුත් අවශේෂ
එච්චර තියෙද්දියි මේ ‘සැනසුම්’ පවස

මන්දැයි නැත්තෙ ‘සැනසුම’ මම සිතන්නෙමී
ඇති තතු ඇති විලස පිරිසිඳ සොයන්නෙමී
දිවියට තිබෙන ඇල්මේ ගුණ දකින්නෙමි
‘සැනසුම’ එතැන නැති විත්තිය හඟින්නෙමී

පිරිහී නිරෝගී බව, සවි නැති වෙද්දී
සිහි කල්පනාවත් ඇති-නැති වී යද්දී
එලොව මෙලොව දෙක අතරේ බැඳී රැඳී
අම්මා සටනකය, ‘සැනසුම’ බලා හිඳී!

දැන් අපේ අම්මා එහෙම පිටින්ම පරඬැලකි. පසුගිය සැප්තැම්බරයේ රෝගී වී ජීවිතයට සමු දෙන්නටම ගිය අම්මා යළි ශක්තිමත් වුණේ පුදුමාකාර ප්‍රගතියක් පෙන්වමිනි. ආයෙමත් උපන් බිමේ පස් පාගන්නට තිබුණු ආශාව නිසාම අම්මා එහෙම පණ ගහලා එන්නට ඇතැයි මට හිතේ.

ඒත් දැන්...
මගේ කෝණයෙන් බලද්දී මට පෙනෙන්නේ ‘ඉතාම දුක්බර දිවියක්’ ගෙවන අම්මාය. මාස තුනහමාරක කාලයක් තුළ අම්මා ඉතා ඉක්මනින්, හිතා ගන්නටවත් බැරි තරම් දුර්වල වෙමින් යයි.
ඉතිං මම...
මං හිතෙන්නේ දැන් අපේ අම්මාට සැනසීමක් ලැබිය යුතුය කියලයි.

මට මගෙත් එක්කම තරහය.
අම්මාට සැනසීමක් ලැබේවායි ලස්සන වචනවලින් පැතුවත්, ඒ සොඳුරු වදන් යටින් තිබෙන්නේ නපුරුකමක්ද?

ඩිමෙන්ෂියාව නිසා දවසෙන් වැඩිම වෙලාවකට අම්මාගේ මතකය ඇයට අහිමිය.
බඩවැලේ පිළිකාව නිසා අවැසි තරමට ඉඳුරන් පාලනය කර ගැනීමේ හැකියාවත් ඇයට නැත. ඒ තත්ත්වයට මා පත් වුණොත්...
මා නම් තෝරා ගන්නේ මරණයයි... මගේ ගැන තීරණය කරන්නට මට අයිතියක් ඇතත්- තව කෙනෙකුගේ; අපේම අම්මාගේ ජීවිතය ගැන තීරණය කරන්නට මට අයිතියක් තිබේද?

සමා වෙනු මැනවි!
ඔබේ සිතට බරක් වෙන කාරණාවක්- දුක දනවන කාරණයක් ලියුවා නම් ඒ ගැන කණගාටු වෙමි.
මේ දිනවල සුපුරුදු ලෙස ලියාගන්නට හිතක් නැතිව හිටියදී- එහෙම පිටින්ම අකර්මණ්‍යව වගේ හිටියදී අද හිමිදිරියේ දෙකහමාරට හිතුණේ... මගේ හිතේ බර ඔබට කිව යුතු බවයි.
දැන් වෙලාව පාන්දර 5 ය. නිදිගෙ පංච තන්තරේට අඩුම වෙලාවකින් ලියැවුණු post එක මෙයයි. ඉතිං, මා එහෙම කළත් වැරදි ඇතොත් ඒවා පෙන්වා දීමටත් මොහොතක්වත් නොපැකිළෙනු මැනවි෴0෴

48 comments:

  1. පඬි වදන් බොහෝ උපුටා දක්වනු හැකි වෙතත් දැනෙන හැඟීම් කළමනාකරණය කරගත යුත්තේ තමාමය. කව් පෙළ ලස්සනයි. නිරෝගී සුවය සමග දැනෙන සැනසුම ලැබෙන්නට පතමි.

    ReplyDelete
    Replies
    1. Litseeker, අද ඔයා කලින්ම ඇවිත්. ගොඩාක් ස්තුතියි!

      Delete
  2. අඩුම වෙලාවකින් ලියැවුණු post එක වෙන්ටෑ, ඒත් ඔබ අත ගැහැව්වේ, වටිනා මාතෘකාවකට.

    රයිගම හන්දියෙ මේ ගැන කතා වුනා:
    හුණු කූරු ගෙවිලා, සිතියම් පොතේහි ඇඳුනේම බලි රූප නේදෝ?

    තව අපි "චොකලට් දචස්" බ්ලොග් එකෙත් මේ ගැන කතා වුනා.

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ, රයිගම් හන්දිය පැත්තට ගියා... මගේ කම්පියුටරේ තවම හරි හෙමින් - ලෙඩ දිදී වැඩ කරන්නෙ. ඉතිං මේ කවිය එහෙදී ලියාගන්න බැරිවුනා.

      කාලය අඳියි නෙක සිතුවම් විසිතුරුව
      වැදෙයි හිතට සමහර ඒවා පසුව
      ගත්තත් හිත නැතත් ඇඳෙනව දිගට තව
      අරුමෙකි මේක- ලොව පවතින අපූරුව

      Delete
  3. පොඩි කාලේ පැන්නා බට්ටෝ කොටු කොටු
    උගුරු ඇටේත් එක්ක පැන්න හොර කොටු
    අඹතලේ උන්න කාලෙ ගියේ පිට කොටූ
    වැල යන අතට මැස්ස ගහන් ඔහේ හිටූ

    ReplyDelete
    Replies
    1. මට කියන්න ඕනෙ වුනේ, අම්මගෙ තත්ත්වයත් එක්ක, ඔබට ඇවිත් තියෙන මානසික අවපාතය තාවකාලිකයි කියලයි. ඕකට විසඳුම තියෙන්නෙත් ඔබ ගාවම තමයි. අකමැති දේ (ගොඩ ගහගන්න පොතුත් ඇතුලුව) අත්හරින්න, කැමති දේ විතරක් කරන්න.

      Delete
    2. අම්ම ගැන නිදි හිතන දේ වරදක් නැත, දුක් විදිනවා බලන් ඉන්න අමාරු තමයි
      ඒත් අපි අදහන දහමට අනුව තමන්ගේ පව්/පින් තමන්ටමය. තමන්ටවත් තමන්ගේ ජීවිතය අයිති නැත, හිත කරදර කර ගැනීමෙන් පලක් නැත.
      එදිනෙදාට අවශ්‍ය දේ කරන්න, එපමණයි

      මම විජේබාහු

      Delete
    3. බකුසුතුමාටත්, විජේබාහු මහත්තයාටත් බොහොම ස්තුතියි.
      විසඳුම තියෙන්නෙ මගේ ළඟමයි... ජීවිතේ හැටි මෙහෙම තමයි... ඒ සේරම දැන-දැනමත් අම්මා දකිද්දී හිත හදාගන්න අමාරු එකයි වැරැද්ද.
      අපි කොච්චර අසරණයිද කියල ඇහැටම ඇනලා පෙන්නීමක් මේ.

      Delete
  4. https://en.wikipedia.org/wiki/Euthanasia_in_the_United_Kingdom

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Both euthanasia and assisted suicide are illegal under English law.
      https://www.nhs.uk/conditions/euthanasia-and-assisted-suicide/

      Delete
    3. https://www.economist.com/open-future/2018/08/21/the-law-on-assisted-dying-in-britain-is-incoherent-and-hypocritical?utm_medium=cpc.adword.pd&utm_source=google&ppccampaignID=18156330227&ppcadID=&utm_campaign=a.22brand_pmax&utm_content=conversion.direct-response.anonymous&gclid=Cj0KCQjwz8emBhDrARIsANNJjS4iIW_PAkikycWChl9KBxkxuoWxohE94iMu2sDYquu1x7j8FvArwXsaAo8nEALw_wcB&gclsrc=aw.ds

      Delete
    4. මම නම් 'මර්සි කිලින්'වලට පක්ෂයි. හැබැයි එහෙම දෙයක් ලංකාව වගේ රටකදී 'මරිසි කිලින්' එකක් වෙන්නට තියෙන ඉඩ වැඩියි.

      //ඒත් ලංකාවේ 'මර්සි කිලින්'වලට ඉඩක් නැත.
      ලංකාවේ තියා බොහොමයක් යුරෝපා රටවලවත් එයට ඉඩ නොදේ. කීර්තිමත් ඕස්ට්‍රේලියානු විද්‍යාඥයෙක්වූ ඩේවිඩ් ගොඩාල් මේ වසරේ මැයි මාසයේදී ස්විස්ටර්ලන්තයට ගියේය. අවුරුදු 104 ක් ජීවත් වුණු ඔහුට අබල-දුබලව ජීවත් වීම තිත්තවී තිබුණේලු. අභිමානයෙන් යුතුව, සාමකාමීව සදා සැතපෙන්නට ඔහුට අවැසි වුණත් 'ඔසී' නීතිය එයට ඉඩ දුන්නේ නැත. එයට ඉඩ ඇති රටකට ගුවනින් ගිය ඩේවිඩ් 'දයාවන්ත මරණයක්' වැළඳගත්තේය. //
      ඒ විස්තරය මම ලිව්වේ 2018 දී.
      https://nidigepanchathanthare.blogspot.com/2018/08/blog-post_29.html

      Delete
    5. නිදි, Euthanasia වට නීතියෙන් ඉඩ ඇති රටවලත් ඒ වැඩේ කරගන්න කඩුලු ගොඩක් පනින්න ඕන, ඉතා හොද මානසික මට්ටමක ඉන්න කෙනෙක්ට තමයි ඒ කඩලු පනින්න පුළුවන් වෙන්නේ.
      මම විජේබාහු

      Delete
    6. දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි විජේබාහු මහත්තයෝ.

      Delete
  5. නිදි, මරණය තෝරාගැනීම හොද තීරණයක් වෙන්නේ ඒ තුළින් ලගාකරගන්නා දේ අනුවයි. ජීවත්වීමට ඇති බය නිසා මරණය තෝරාගැනීම කොහොමත් අනුමත කරන්නේ නෑ. කවදාවත් හම්බවෙලා නැතත් ඔබේ ලිපි හරහා දැක්ක නිමල් දිසානායක ඊට වඩා ශක්තිමත් මිනිහෙක්. අපිට උපත තෝරාගන්නත් බෑ, මරණය තෝරාගන්නත් බෑ. ඔය දෙකම වෙන්නේ යම්කිසි ස්වාහාවික දහමකට අනුව . නමුත් ජීවත්වීම හා ජීවත්වන ආකාරය අපට තෝරාගත හැකි, අපේ තේරීම් හා ක්‍රියාවන් අනුව හැඩගැසෙන දෙයක්. දෙපා අවසග පාපන්දු පිස්සා කලා වගේ අවසන් මොහොත දක්වා නොසැලී ජීවත්වෙන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි චමින්ද මහත්තයෝ.
      රාජමනී අංකල් ගැන ඔබට මතක තිබීම හරිම සතුට ගෙනදෙන දෙයක්.
      ඒ මනුස්සය මගේ හීරෝ කෙනෙක් නිසයි ඒ!

      මේ දවස්වල මගේ හිත නං පඹ ගාලකයි තියෙන්නෙ. මගේ ගැනම හිතන නිසා නෙවෙයි... අම්මාත්, ගාමිනීලගේ අම්මාත් දෙන්නා නිසා.
      දෙන්න දෙවිදිහක්. නමුත් දෙන්නටම තව කෙනෙකුගේ උදව් නැත්නම් කුණු වෙන්නයි වෙලා තියෙන්නෙ.
      එක්කෙනෙකුට හොඳට කල්පනාව තියෙනවා- ඉන්නේ රෝද පුටුවෙයි- ඇඳෙයි. පුතාල හතර දෙනෙකුගේ අම්මා වෙලත්; හැම පෝයටම සිල් ගනිමින් හිටි කෙනෙක් වෙලත්; එයා තැවෙන්නේ අසරණවී ඉඳීම ගැන නෙවෙයි. අපෙ අම්මව බලන්නට එන තරම් පිරිසක් එයාව බලන්නට නොඑන එක ගැනයි! එයා සතුටු වෙන්නේ හරි අඩුවෙන්, එයා ලබන සැලකිලි ටික ගැනවත්.
      අපෙ අම්මාගේ ගත එයාට වඩා තවමත් යාන්තමින් හරි සවිමත්. මතකය තමයි නැත්තෙ. ඒ දෙන්නාව සැසඳීමත් හරිම ලොකු පාඩමක්. නමුත් ඉරණමේ අරුමය ගැන හිතවන්නක්...

      Delete
    2. හැම පෝයටම සිල් ගත්ත නෙවෙයි මහනවෙලා හිටියත් වැඩක් නෑනෙ නිදි අටලෝදහමින් කම්පානොවී ඉන්න බැයිනම් . ඔයා අම්මා සම්බන්ධව මුහුණ දෙන තත්වයට ඔබට වඩා වසර 15න් පමන බාල මම මුහුනදෙමින් ඉන්නේ 2009 ඉදන්. මම හිත හදාගන්නේ ඇය හිතුවාටත් වඩා හොද ජීවිතයක් මම ගොඩනගාගත් නිසයි කවදාවත් තොගෙ අම්මට කියලා කාගෙන්වත් බැනුම් අහන දෙයක් කරලා නැති නිසයි. ඇය නික්මගිය දවසක මට ඒක දරාගන්න පුලුවන්. ඒ අතර වෙන දේවල් ජීවිතයක සාමාන්‍ය සිද්ධි කියලා හිතුවම ලොකු කම්පාවක් නෑ.

      Delete
    3. චමී, ඔයාලා කාගෙ කාගෙත් අත්දැකීම් දැනගැනීම නිසා මගේ හිතට දැනෙන්නේ සහනයක්. ස්තුතියි.

      Delete
  6. දුකක් ඇති තමයි. ඒත් හැමදේම කාලයට තීරණය කරන්න ඉඩදී බලා ඉඳිමු.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි ප්‍රසන්න අමාරු දෙයත්.
      අන්තිම අසරණව වෙන දේට ඉඩ දීලා බලාගෙන ඉඳීම ලේසි නෑ! නමුත් අපට දැන් ඒක කරන්නම වෙලා...

      Delete
  7. නිදි ලස්සන කවි ටික,

    මේක බලන්න,

    සීත මීදුම් අතරින් හිරු කිරණ වැටී
    දේදුනු වළාපෙළ අද පොරයකය ගැටී
    නෙතඟට රසඳුනකි දුටු සුළු මොහොත කෙටී
    දුටුවා සෙමෙන් සඳවත පිය නගන හැටී

    පෙම් සම්පතක් අහිමිව ගිය තුරුණු වියේ
    ලද වේදනාවන් සැඟවී පිරුණු ළයේ
    විසඳා ගත නොහැකි වු බොහෝ කරුණු තියේ
    මේ තරමටම ඇයි? දෛවය කුරිරු වුයේ


    දැනුණත් වෙහෙස නා ගෙන එන කුඹුකේ ළිඳෙන්
    දර මිටියක් කඩා ගෙන එයි කුරුඳු කැලෙන්
    මුව මඳහසින් රස කට හඬ අවදි කළෙන්
    මිණි කිංකිණි මිහිර පැතිරුනි ඇයගෙ පැලෙන්

    ඒක නෙවෙයි නිදී ඔයා දන්නවද රොඩ්නි ෆ්රේසර් අපේ හිතවතා (කෝපිකඩේ ගජන් සහ ප්‍රවීණ ඉංග්‍රීසි දේශක) සමගි ජන බලවේගය අතහැර දැමීමට තීරණය කරලා මහරගම නගරයේදී ප්‍රසිද්ධ කතාවක් කරපු බව? මේක මීඩියා වල ප්‍රධානම ප්‍රවෘත්තියක් වෙලා තියෙනවා ලංකාවේ. මටත් කීප දෙනෙක්ම ඒ ගැන කියුවාම මමත් දැනගත්තේ, ඒත් ඇත්තටම ඕන මොලේ කලඳක් තියන එකෙකුට තේරෙනවා සජියා කියන්නේ මන්ද මානසික මෙලෝ රහක් නැති අමුම අමු මැටි කාලකන්නි රිලාමොටෙක් කියලා. ඌගේ මිනීමරු තාත්තා කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත වලින් මහජන මුදල් හොරකම් කරල ගොඩගහපු සල්ලි වලින් ලැජ්ජනැතුව අධිසුඛෝපභෝගී විදියට ජීවත් වෙන ඌට කිසිම දැක්මක් සරල ලෙස වත් සමාජය රට ගැන ලෝකය ගැන අවබෝධයක් නෑ. ඇති යාන්තං රොඩ්නිට එක තේරුණ එක ගැන සතුටුයි. ගුණදාස අමරසේකරගේ "ගල් පිලිමය හා බොල් පිලිමය" කෙටිකතා පොතේ එන "හොරා පොලිස් " නම් කෙටිකතාව බලන්නෙකුට මෝඩ සජියාගේ ගෝත වැඩ ගැන විස්තරාත්මක ලෙස අවබෝධ කරගන්නට ලේසියි, ඒ ගැන විස්තරාත්මක ලෙස අදහසක් ගන්න පුලුවන් .

    නිදී ඇත්තටම රොඩ්නිට මම මාලිමාවට එකතු වෙලා අපි එක්ක ජාතික ජන බලවේගය සමග වැඩකරන්න ආරාධනා කරන්න උත්සාහ කරනවා. හිත හොද මනුස්සයෙකුට සජබයි කාලකන්නි රට හරක් හැත්ත අතර හිටියේ රොඩ්නි විතරයි මම දන්න තරමින්. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. නියමයි සහෝ. ආන්න එහෙම තමයි, එකෙක් මලත් "ඒක නෙවෙයි නිදී, මේකයි" කියල අපේ ඇජෙන්ඩාව, මේ මෝඩ වාහෙලාට පොවන්න ඕනෙ.
      දැන් කොහොමද අපේ කැට හොල්ලන කලෙක්ෂන් එක හොඳට යනවද? මුන් සල්ලි දෙනවද? ණය වෙලා හරි ගිතෙ...සොරි, බිස්නස් ක්ලාස් තමයි යන්න ඕනෙ.

      Delete
    2. ජසොන් උන්නැහේ,
      කවි ටික ලස්සනයි.
      1975 විතර, රොඩ්නි පොඩි කාලේ හිටියේ අපෙ මහගෙදරට එකක් උඩින් තිබුණු හේමපාල මාමලාගේ ගෙදර... රොඩ්නිගෙ අක්කාට රැකියාවක් ලබා දෙන්නට මුල් වුනෙත් අපෙ අම්මා. අපෙ සුනිල් මල්ලී කිතු දහම වැළඳ ගත්තෙත් රොඩ්නිගේ ඇලන් අයියාගේ මෙහෙයවීමෙන්. එයාලා ඒ ගෙදරින් ගියාමයි අපේ පවුල් දෙක ඈත් වුණේ.
      ඒ හැඳුනුම්කම නිසාම මම රොඩ්නිගේ මහරගම කතාව ඊයේ ජාලයෙන් බැලුව. අවුරුදු හතලිහකින්වත් මෙහා එයාව හමුවෙලා නැති මං එයාගෙ දේශපාලනේ ගැන මොකුත්ම දන්නේ නෑ.

      Delete
    3. ලස්සන කවි පද මාලාවක් වගේම නිදීගේ උත්තරයත් මරු. රොඩ්නි ගැන නොදැන සිටි දේවල් ටිකක් අද දැනගත්තා ස්තූතියි නිදී. ඒ වගේම ජසොන් සජබය ගැන කතා කරපු නිසා මටත් යමක් කියන්න හිතුනා.

      ඇත්තටම සජබයට නායක සජිත් ප්‍රේමදාස කියන්නෙ ලංකාවෙ ජන මනස හැසිරෙන අත ගැන මෙලෝ අල බෝලයක් වැටහෙන් නැති මකබාවෙක් කියලා නැවත වතාවක් අති සාර්ථක ලෙස ඔප්පු කලේ වලවාහැංගුන වැව හොරගණ තක්කලියගෙ ලයිට් බිල ගෙවලා 😂😂

      තකතිරු පොල් බූරුවෙක් වෙන සජිත් හිතුවා බෞද්ධ ප්‍රජාවගෙ හදවතට තට්ටු කරන ඉතා සංවේදී තනි ඇහැට කදුළු එන සිදුවීමක් වෙයි කියලා මිහින්තලේ හොරගණයගේ ආවාසේ ලක්ශ හතලිස් ගානක ලයිට් බිල ගෙවීම..😬😬

      පප තමයි.. 😁😁 ලංකාවේ මේ දවස්වල ඉන්න ජනතාවගෙන් අති බහුතරයක් හරි කැමති ඔය තැන් වල ලයිට් කපලම දානවා නම්.. විශේෂයෙන්ම තරුණ පරපුර... ඔය කාලකන්නි ප්‍රකෝටිපති හොර ගනිම් නාන්සේලාගෙ තරම සජිත් කියන මන්ද මානසික තකතීරූ මෝඩපැටියා නොදන්වට ඇට්ලීස්ට් රටෙන් බාගයක්ම දන්නවා. විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව 80% ක් විතර සීන් එක හොඳටම දන්නවා

      මෙච්චර කාලෙකට මිහින්තලේ ලයිට් බිල ගෙවලම නෑල්ලු..😂😂.

      හැබයි මිහින්තලේ ආධාර එකතු කරන හැම ටිකට් එහෙකම ගහලා තියෙනවා අධික ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නත් එක්කයි මේ ආධාර එකතු කරන්නෙ කියලා. ප්‍රධානම අරමුණ බිල් ගෙවන එක කියලයි කියන්නේ ඒ හොර ගණ බේසික තට්ට http

      ඒ වගේම පූජනීය ස්ථාන වල පින්කැට වලට කෝටි සංඛ්‍යාත ගණනක සැලකිය යුතු ගානක් කොහොමත් වැටෙනවා. මිහින්තලෙ වගෙ තැන් වල නම් ඒ එක දවසක ලැබෙන ගාන උනත් මාස කීනයක ලයිට් බිලක් ගෙවන්න තරම් ප්‍රමාණවත් නොවන්න කිසිසේත්ම විදියක් නෑ.

      ජනතාව හරිම ආතල් එකෙන් බලා ඉන්න සිදුවීම් මැද්දට උපතින්ම මන්ද බුද්ධික තකතිරූ
      සජිත් ප්‍රේමදාස කියන අමුම අමු ගොන් මැටි බෝලේ පැනලා ආතල් කුඩු කරලා ලොකු පොර වෙන්න ගොනා වගේ දැඟලුවා. 😂 අන්තිමෙ තියෙන ලකුණු ටිකත් ලෙෆ්ට්!!

      ඇත්තටම සජී පින්ගොනාට කියන්න තියෙන්නේ උපතින්ම වගේ අමුමැටි කේප්ප මී හරකෙක් තව කාලේකට තියා කවමදාවත් ලංකාවේ ජනාධිපති වෙන්න තියා මන්ත්‍රී ධූරයකටවත් සූටබල් නෑ. මොකද ඒ රට හරකට තියෙන්නෙ ජන විඥ්ඥානය වත් ( හරියට ටයිප් කරන්න කම්මැලී😂) හරිහැටි කැප්චර් කරගන්න බැරි තරමේ ඉතාම ප්‍රාථමික නූගත්ම ග්‍රාම්ය මන්දබුද්ධික ගොබ්බම ගොබ්බ හද්ද ගොන් මනසක්!!

      ඒ නිසා ඒ නිදන්හොර ගොන්දාසට සෙට්වෙන්නෙ පන්සලක දායක සභාවෙ ඇබිත්තයා වගෙ ගොබ්බම ගොබ්බ පෝස්ට්ටෙකක්!😬

      වලවාහැංගුන වැවේ හොරගණ තක්කඩි කාලකන්නි වලහටත් ඉතින් මන්දබුද්ධික රටබූරු සජියා වගෙ ගූම ගූ මැටි බාල්දි ඉන්නකල් මල් හතයි!😂

      Delete
    4. අද ලලිත් දිග comment එකක් ලියලනේ. ගොඩක් ස්තුතියි!

      Delete
  8. ලංකාවෙ palliative care සේවාවන් තියෙනවා නේද. සාමාන්‍යයෙන් ඒ සේවාවන් හරහා රෝගී තැනැත්තාව බලාගන්න අයටත් මානසික උපදේශන ලැබෙනවා නේද.

    කිව්වත් වගේ අපිට පිටින් ඉඳන් පණ්ඩිතකම් කියන්න පුලුවන් වුනත්, වේදනාව තියෙන කෙනා තමයි ඒ ගැන දන්නෙ. එහෙම කිව්වට මමත් දැන් පණ්ඩිතකම් කියන්න තමයි යන්නෙ.

    "අම්මාට සැනසීමක් ලැබේවායි ලස්සන වචනවලින් පැතුවත්, ඒ සොඳුරු වදන් යටින් තිබෙන්නේ නපුරුකමක්ද?" ඒ නපුරුකමක් නෙවෙයි කියලයි මම නම් හිතන්නෙ. මම ආදරේ කරන කෙනෙක් ගැන යම් දුකක් හෝ බයක් දනවන සිතුවිලි ඇති වුනොත් මම කරන්නෙ පුලුවන් තරම් දුරට මටත්, අනිත් කෙනාටත් හිතින් loving kindness සිතුවිලි යවන එක. අපි පුරුදු වෙලා ඉන්නෙ හැම දෙයටම දුක හා බය සහිතව ප්‍රතිචාර දක්වන්න නිසා, ඒ වගේ නෙගටිව් සිතුවිලි loving kindness වලට හරවගන්න එක මටනම් හුඟක් effective. (මම කියන්නෙ පැදුරෙ ඉඳන් කරන මෛත්‍රී බාවනාව නෙවෙයි, නිමල් දන්නවනෙ මම කියන්නෙ මොකක්ද කියලා).

    Sending lots of love to you and your amma.

    ReplyDelete
  9. Lotus, ඉස්සෙල්ලාම ස්තුතියි!
    ලංකාවේ වැඩිහිටි නිවාසයක් ගැන (නුගේගොඩ කිට්ටුව තියෙන) කතාවක් මේ. මා දන්නා තරුණියක් විදෙස්ගතවීමට බලාපොරොත්තුවෙන් එතැනට පුහුණුව සඳහා ගියා. පළමු හෝ දෙවන දවසෙන් පස්සේ එයා එතැනට ගියේ නෑ. බයේ! බය වෙලා තිබ්බේ උකුණන්ට....
    "මට අම්මල තුන් දෙනෙක්ව නාවන්න වුණා. එක්කෙනෙක්ගේ ඔළුවේ උකුණෝ උතුරනවා. ඒ තුන් දෙනාවම පිහදාන්න තිබ්බේ එකම කිලිටි තුවායක්. නාවලා අන්දවන්න තිබ්බ ගවුමුත් ඉරිච්ච කබල්.' එයා මට කිව්වා.

    ඔයා කියන උපදේශන සේවාවක් තියෙනවද කියල හොයා බලන්නන්. මොකද අපෙ මානෙල්ට ඒක ඉතාමත් වැදගත් වෙන්න හැකි නිසා.

    //loving kindness සිතුවිලි යවන එක// හොඳ අදහසක්. Try කරන්නං. හැබැයි, මේ දවස්වල ස්තුති භාවනාවවත් කරගන්න බැරිව නවත්තලයි තියෙන්නෙ. ඒකේදි 'අපෙ අම්මාටත් ප්‍රමෝදය සතුට අත්වේවා' කියන ටික අවංකව කියාගන්න බැරි නිසා.
    මට හිතෙනවා Lotus මට වගේම ඔයාටත් වචනවලට යටින් තියෙන අදහසුත් තේරුම් යනවය කියල!

    ReplyDelete
  10. මගේ අම්මාව බලන්නට ඇගේ උපන්දිනය කාලේ (2022 සැප්) ගියවිට මටත් හිතුණේ අනේ මෙහෙම ඉඳලා නම් මොකටද කියායි. මට නැති අසනීපයක් ඇයට නොතිබුණත් අමතක වීම තමයි ලොකුම අවුල. ඒ වසරේ අප්‍රියෙල් දුටු දින සිට විශාල පසු බැස්මක් වෙලා තිබුණා.

    අම්මා ඉන් මාස දෙකකට පසු ඒ දුකෙන් අත් මිදුණා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රසික, ඔයාලා හැමෝම මේ වෙලාවේදී මාත් එක්ක අදහස් බෙදා ගනිමින් කරන්නෙ ලොකුම උදව්වක්.

      Delete
  11. මොන ආගමික, සමාජ මත තිබ්බත්, අපිට අර වගේ දෙයක් දකිද්දී ඒ කියන්නේ නිදිලගේ අම්ම දැන් ඉන්න තත්ත්වය වගේ දෙයක් දකිද්දී එකපාර ඇතිවෙන හැඟීමක් තමයි 'මේ විදිහට දුක් විඳිනවට වඩා මැරුණනම් කියල හිතෙනඑක'. එතනදී එයාල දුක් විඳිමින් ජීවත් වෙනවට වඩා මැරෙන එක සැපක් විදිහට අපිට හිතෙන හන්දනේ... අපි එහෙම හිතන්නේ.

    ඒත් මරණයෙන් පස්සේ යම් දෙයක් තියෙනව නම්... අන්න එතැනදී මරණය, සියදිවි නසා ගැනීම, දිවිනසා ගන්න වෛද්‍ය විද්‍යාවේ පිහිට ගැනීම වගේ දේවල් ගැන දෙසැරයක් හිතන්න වෙනව.
    මොකද තාම විද්‍යාවෙන්වත් මරණින් පසු මොකක්ද වෙන්නෙ කියල පැහැදිලි නිගමනයකට ඇවිත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක හරියටම දැණගන්න නම් ඉතිං මැරිලම බලන්න වෙනවා. එහෙම නං තව ඒව තියනවා දැණගන්න. ආගමේ නාමයෙන් මිණී මරණ උන් එහෙම යන්නෙ ස්වර්ගෙට නං, මගෙ අකමැත්තක් නෑ අපායට යන්න.

      Delete
    2. ඔව්. තව ගොඩක් ඒව තියෙනව දැනගන්න. මේක මරණය -දිවිනහගැනීමට පොයින්ට් වෙච්ච හන්ද අරටික කිව්වේ... ඒත් ආගමික අදහසකින් නෙමේ.

      විද්‍යාවෙන් නිගමනයක් නෑ. ආගම්වලින් කියන දේවල් ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. කරගන්නව නම් කරගන්න වෙන්නෙ මැරිලම තමා 😄. ඒ නිසා ස්වභාවධර්මයෙන් මැරෙන දවස ලබා දෙනකම් ඉන්න එක තමයි හොඳම. මට හිතෙන්නෙ එහෙමයි.
      අපි ප්ලෑන් නොකර වෙන සමහර දේවල් මරු

      Delete
    3. දැනට නම් මමත් සියදිවි නසා ගැනීමට විරුද්ධයි. මර්සි කිලින් කියන්නෙ දිවි නසා ගැනීමක් නෙවෙයි කියලයි මම හිතන්නේ. මරණය පෙනී පෙනී හැමෝටම බරක් වෙමින් දිග කාලයක් දුක් විඳිනවට වඩා ඖෂධ පිහිටෙන් අවසන් ගමන යාම හොඳ බවයි මගේ හැඟීම.
      අනිත් පැත්තෙන් මට මෙහෙමත් හිතෙනවා. ගෙවන්න යමක් තියෙනවා නං මේ සැරේම ගෙවලා ඉවර කරගන්න ඒකත් ලේසියක්!
      බකුසුතුමා, නමී එහෙම ඒ ගැන මොකද හිතන්නේ..

      Delete
    4. //ගෙවන්න යමක් තියෙනවා නං මේ සැරේම ගෙවලා// ගෙවන්න දෙයක් තියෙනව හෝ නැති ද කියල අපි හරියටම දන්නෙ නෑ.
      සතෙක් උනත් විහින් දිවිනහ ගන්න හදනව අපි දැකල නෑ නේ. ඒ හන්ද සොබාදහමට ඉඩ දෙන එක හොඳයි කියල මට හිතෙන්නෙ.

      Delete
    5. මගේ මෝඩකම නිසාද මන්දා- ගෙවන්න දේවල් තියෙන බව, ඉතිරි වෙන බව මං විශ්වාස කරනවා. 550 ජාතක පොත එහෙම කියවලා තියෙන නිසා....
      හැබැයි නමී, සොබාදහමට ගරු කල යුතු බවට 100%ක් එකඟයි.
      සත්තු දිවිනසා ගන්නවද කියන එක නං නමී මටත් ප්‍රශ්නයක්... Lemmingsලා ගැන හිතද්දී.
      https://www.britannica.com/story/do-lemmings-really-commit-mass-suicide

      Delete
  12. නිමල් අයියා,

    ප්‍රිය ඇත්තන්ගේ මරණය සිහි කිරීමෙහි ශෝකය, සංවේගය සහ බිය උපදින්නේය.
    පෙරැ ලොවැ නා නා තිරම්වල මිනිස්සු සිටියහ. මහ ධනවත්හු ද බලවත්හු මරු සමඟ යුද කොට පැරදුණහ. අනුන්ගේ යන පණ ඇද ගන්නා තරම් ශක්තිය ඇති බෙහෙත් ආදිය නිපද වූ මහා විද්‍යාධරයෝ තම පණ රැක ගන්නට නොහැකි වැ මළහ. (http://archives.dinamina.lk/2010/12/15/_art.asp?fn=a1012153). ඉතින් අපි ගැන කුමන කතාද?
    අපි හැමෝටම නොයෙක් මාදිලියෙන් ඔය අත්දැකීම තිබෙනවා, ඉදිරියත් ලැබෙනවා.
    අපි පෙබරවාරි මාසේ මුණගැහුණු වෙලේ සමහරවිට මා කියන්නත් ඇති මා ඒ ඇවිත් තිබුනේ අසනීපයෙන් පෙළෙන මගේ සොහොයුරා බලන්නටත් සමගයි. සුමාන දෙක අවසානයේ මා පිටත් උනා, ටොරොන්ටෝවෙන් බැස්සම, සෙලියුලර් සිග්නල් ආවම, මුලින්ම ලැබුණු පණිවිඩය වුණේ ඔහු ජීවිතය හැරගිය බව.
    පොතේ විදියට අපිට අපේ හිත පාලනය කරගත හැකිනම් අපට ඔය සේරම දේවල් විඳ දරාගත හැකියි, කෙසේ වෙතත් මේ අවස්ථාවේ ඔබට ධර්මය පිහිට කර ගත යුතුයි කියා මා කියනවා.
    කලෙකින් කතා කරන්නත් බැරිවුනා, සමාවෙන්න. වෙලාවක කතා කරමු.

    කුමාර් මල්ලි, ටොරොන්ටෝ

    ReplyDelete
    Replies
    1. ගොඩ දවසකින්.
      ගොඩක් ස්තුතියි කුමාර මල්ලී.
      ඉස්සෙල්ලම ඔබේ සොයුරාට පැතූ ප්‍රමෝදයක් ලැබේවා කියා පතන්නම්. අපෙ කෙටි හමුවේදී; පැයක් විතර කාලයකදී අපි හතර දෙනා කතා කරපු තරම්...
      පොතේ තියෙන දේවල්, තවත් අයගේ අත්දැකීම්; බණ දහම්... කොච්චර දැනගෙන හිටියත් ප්‍රායෝගිකව එව්වට මුහුණ දීමේදී අපි එකිනෙකාට වෙනස් වෙනවා නේද- අපෙ ගති සොබා අනුව.
      පස්සේ වෙලාවක කතා කරන්නකෝ.

      Delete
  13. කියවූ කවි පෙළ නම් හරි අපූරුය
    සැනසුම හොයන්නේ අපි නිතරමය
    එය හැම විටම හැර යන්නේ නොදැනිමය
    ඉවසන් හිටින් නිදියෝ අපි ඔබ ළඟය

    ReplyDelete
    Replies
    1. අජිත් අපේ මාධ්‍යවේදී වීරයා තරිඳු උඩුවරගෙදර සහෝදරයා කරන මේ ශ්‍රේෂ්ඨ කතාව බලන්න.

      මම හිතන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් මෙවැනි ඕඩියන්ස් එකකට කරපු අතිශය සාර්ථක විශිෂ්ටම කතාව මේකයි ලංකා ඉතිහාසය පුරාම අවුරුදු 2500 කදී වත් නොකරපු ශ්‍රේෂ්ඨතම කතාව මේක

      https://fb.watch/mlxAUUoJ0c/?mibextid=Nif5oz

      Delete
    2. හිතුවෙත් නැති තරම් පිරිසක් මා එක්ක
      බෙදා ගනිති මා සමඟින් මගේ දුක
      සජ්ජන ඇසුරෙ මහිමය මේ ලෙසින් දැක-
      ගැන්මට ලැබෙන්නෙත් එහෙමත් වෙලාවක!

      ගොඩක් ස්තුතියි අජිත්!

      Delete
  14. නිදි- ඔය දැනෙන සිතුවිල්ල මාත් එහෙමම අත්දැක්කා මීට වසර කීපෙකට කළින්. බොහොම කාර්යශූර කාන්තාවක් ව හිටිය මගේ අම්මාත් එක තැන් වෙලා ඉඳලා අන්ත්‍රා වුණා. ඔබට දැනෙන helpless ගතිය මම හිඳින් දන්නවා. be strong කියලා විතරක් කියන්නම්. තනියම හිතේ තියාගෙන ඉන්න එපා. මේ විදිහට අපිට කියන්න. වෙන උදව්වක් කරන්න බැරි වුනත් අපිට අහගෙන ඉන්න පුලුවන්.
    සැනසීම පතමි!

    ReplyDelete
  15. ගොඩක් ස්තුතියි මලී.
    ඔයාලා වගේ ලොකු පිරිසකගෙන් ලැබෙන මේ හිතාදර සෙනෙහස මේ වෙලාවේ මට ලොකු සවියක්!
    හැකි උපරිමයෙන්ම ශක්තිමත්ව ඉන්න තමයි මම දත කන්නෙත්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් දුක හිතුන මේක දැක්කම ඒත් හිත හයිය කරගෙන වැඩ කරන්න නිදී මේක තමයි ලෝක ස්වභාවය

      සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ

      අම්මා කියන්නේ මුල්ම ගුරුතුමිය, දෙගුරුන් කියලා කියන්නේ දෙමාපියන්ට ඒකනේ නමුත් නිදී ලංකාවේ අධ්‍යාපනය විකුණනවාට එරෙහිව පෙරටුගාමීන් උද්ඝෝෂණ ව්‍යාපාරත්න කතා නේද ඊටද? සමාජවාදී කොමියුනිස්ට්වාදී අදහස් තියෙන කෙනෙක් විදියට නිදීත් මේවාට පක්‍ෂ ඇති ඒත් නිදී අධ්‍යාපනයේ නිදහස නැති කරලා තියෙන්නේ ලංකාවේ පැරණි කොමියුනිස්ට් හනමිටි අදහස් නිසා.

      දැන් බලන්න ඔවුන් කියනවා "නිදහස් අධ්‍යාපනය" ආරක්ෂා කරගත යුතුලු.

      ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් තියෙනවද ?

      ලෝකයේ ඕනෑම රටක දරුවන්ට පවතින අධ්‍යාපනයේ නිදහස ශ්‍රී ලංකාවේ නැහැ.

      දරුවෙකුට කැමති විෂයක් ඉගෙන ගන්න මේ රටේ ඉඩ අඩුයි.

      ඒ වෙනුවට රාජ්‍ය විසින් ලබා දෙන විෂයක් තෝරාගැනීමට සිදුවෙන රටක්.

      එවැනි රටක අධ්‍යාපනයේ මොන ප්‍රමිතියක්ද ?

      එවැනි රටක අධ්‍යාපනයේ මොන නිදහසක් ද ?

      ප්‍රමිතිය හැදෙන්න නම් අධ්‍යාපනය වෙළදාමක් විය යුතුමයි.

      නිදහස් අධ්‍යාපනයක් හැදෙන්න නම් අධ්‍යාපනය තරගකාරී ව්‍යාපාරයක් විය යුතුමයි.

      ඇමෙරිකාවේ අධ්‍යාපනය ගොඩනැගෙන්නෙ එහෙමයි.

      ඒ ඔස්සේ ගොඩනැගෙන තරගකාරීත්වයෙන් මිසෙක රාජ්‍ය මැදිහත්වීමක ගොඩනැගෙන ප්‍රමිතියක් නැහැ.

      මේ රටේ තරමක් දුරට හෝ නිදහස් අධ්‍යාපනය රැකිලා තියෙන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල පද්ධතිය නිසා.

      විෂයන් කිහිපයක පරාසයක හෝ තමන් කැමති විෂයක් තෝරාගැනීමට දරුවන්ට නිදහස පවතින්නේ පුද්ගලික විශ්ව විද්‍යාල පද්ධතිය නිසා.


      ඒ නිසා මේ මොහොතේ මේ පැරණි, හනමිටි මිනිසුන්ගෙන් මේ රටේ පුද්ගලික විශ්ව විද්‍යාල පද්ධතිය රැක ගැනීම ජාතික අවශ්‍යතාවයක්.

      ඒ වගේම දැන් ලෝකය සීග්‍රයෙන් විවෘත වෙනවා.

      A.I පවා ඇවිත්.

      තවදුරටත් ජීවිතයේ සාර්ථක වෙන්න තරමට දැනුම සහ ස්කිල්ස් හදාගන්න විශ්ව විද්‍යාල අවශ්‍ය නෑ.

      ලෝකයේ සියලූම දැනුම අන්තර්ජාලයේ නොමිලයේ තියෙනවා.

      ලෝකය වෙනස් කරමින් හමන ඒ රැල්ල ප්‍රමාද වී හෝ ශ්‍රී ලංකාවටත් හමමින් පවතිනවා.

      ඉතින් අන්තරය සහ ඔවුන්ගේ සටන් පාඨ නුදුරේදීම හමස් පෙට්ටියට එකතු වෙනවා.

      ඒ සඳහා වැඩිකාලයක් ගත වෙන්නෙ නැහැ.

      එතෙක් මේ පැරණි හනමිටි මිනිසුන්ගෙන් පුද්ගලික විශ්ව විද්‍යාල රැක ගැනීම ජාතික අවශ්‍යතාවයක් නේද?

      Delete
  16. නිදි අංකල් ඔයාගේ මනස හරිම කරුණාවන්තයි ඒ වගේම තමයි ගොඩක් ශක්තියකින් හෙබි මනසක් තියෙනවා ඒත් ඔබේ මව වන අත්තම්මා ඉතාමත් ඉක්මනින් නැවතත් ශක්තිමත් ලෙස නිරෝගීව නැගී සිටින්නට පුළුවන් වෙයි කියලා මට හිතෙනවා, මම මිථ්‍යා විශ්වාස මත පදනම් වූ කෙනෙක් නෙවෙයි ඒත් මට එහෙම දැනෙනවා ඇය නැවත නිරෝගීව ශක්තිමත් බලවත් සිරුරකින් නැගීසිටින බවටේඅවයව කලක් ජීවත් වෙන්න පුළුවන් බවත්

    නමුත් ලංකාවටත් අදාල මිථ්‍යා විශ්වාස ගැන බොතල බලද්දි “වැසි පිරිතෙන් වැස්සෙ නෑ.. ඊසාන දිග මෝසම කලින් ආවා.. වහින්න එනවා පේනකොට පිරිත් කියන්න කාටද බැරි” යනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින් හේවගේ සහෝදරයා ඉතා විශිෂ්ට දාර්ශනිකයෙක් ලෙසද විද්‍යාත්මක පර්යේෂණ දත්ත මත පදනම්ව පැහැදිලි කරමින් කියපු කතාව සම්පූර්ණ ඇත්ත තමයි ඒත් මේ කතාව ඒ වැහිපිරිත වගේ ප්‍රෝඩාවක් නෙවෙයි මේක මට දැනෙන හැටියට කියුවේ

    ReplyDelete
    Replies
    1. අපි එකේක්කෙනා හිතන පතන විදිහ වෙනස්නේ. පැතුමට ස්තුතියි හොඳේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්