... ඒත් එහෙම වුණේ නැත. පසුවදා පාන්දරින්ම සෑම් ටෙලිෆෝනයෙන් කිව්වේ ඒ විත්තියයි.
“It’s amazing ලොකූ. අම්මා asked about පාද
යාත්‍රා. She hasn’t forgotten.
එයාත් එන්නයි හදන්නේ...
ඔයාට තමයි බේරෙන්න බැරි වෙන්නේ...”
ගම කන වැඩකි වෙන්නට යන්නේ...
හැම දෙයකම funny side එකත්
දකින්නට; දැකලා හිනා වෙන්නට හැකියාව තියෙන... |
මෙතනදී වුණත් එකම එක ‘අහිංසක බොරුවක් වුණත් කියන්නට’ මගේ දිව නොනැමෙයි.
(ඔව් Lotus... ඒක එහෙමමය. තව ඉස්සරහට කියවගෙන යන්නකෝ.) අම්මාට කිව හැකි ඇත්තක් මට සිහිපත්
වුණේ, ටික වෙලාවක් කල්පනා කළාමය.
“අම්මේ, ගමන යන van එකේ තව
එක්කෙනෙකුට යන්න ඉඩ නෑනෙ. දැනටත් හිර වෙලා වගේ තමයි අපිට යන්න වෙලා තියෙන්නෙ... ලෑස්ති
කර ගෙන තියෙන මේ ගමන ගිහින් ආවට පස්සේ අපි වෙන trip එකක් යමු! එහෙම හොඳයිනේ...”
එතකොට දෙයියෝ අපේ දිහාව බැලුවෝහ. අම්මා මගේ යෝජනාවට අකැමැත්තෙන් කැමති වුණාය.
‘පාද යාත්‍රා ගමනේදී’ත්
අපේ ඉෂ්ට දේවතාවුන්නාන්සේලා ඇතුළු බලධාරී දේව මණ්ඩලයම නොවරදවා අප දිහා බලන්නට ඇත!
මං
එහෙම කියන්නේ නිකංම ආවට-ගියාට නොවේ; හේතු ඇතිවය.
අපේ මර්වින් බොතේජු උන්නැහේ
අන්තිම මොහොතේදී පාද යාත්‍රා ගමනට නාවේය. ඒ ඔහුගේ ප්‍රියාදර බිරිය
ලලිතා අසනීප වුණු බැවිනි.
පාද යාත්‍රා ගමන නිමාවී, සති දෙකකට විතර පස්සේ මර්විනුත් අසනීප වුණේය. හේතු හොයාගෙන
යද්දී එළිදරව් වුණේ ඉක්මනින්ම ඔහුට Angiogram පරීක්ෂණයක් කළ යුතු බවයි.
අයස්මන්ත පීරිස් දොස්තර හිතවතා කල් තියාම මර්වින්ගේ එකම පුතණු මාධවටත් දන්වා
තිබුණේ- අවශ්‍ය වුවහොත් නොපමාවම ‘stent කිරීම’කට හෝ ‘බයිපාස් සැත්කම’කට හෝ මුහුණ දෙන්නට
තාත්තාට සිදු වෙන බවයි.
ඒ අනතුරු ඇඟවීම හරි ගියේය. එන්ජියෝග්‍රෑම් පරීක්ෂණය හා සමඟම stent කිරීමත් කෙරුණි.
“Doctor සම්පත් කිව්වේ,
බැරි වෙලාවත් මං පාද යාත්‍රාවේ ගියා නං එහෙම මොන-මොනවා වෙන්න තිබ්බද කියලා හිතා ගන්නවත්
බැහැ කියලා. ඒ තරමටම මගේ පපුවේ ලේ නහර හීනි වෙලා තිබ්බලු!” පසුව මර්වින් කිව්වේ එහෙමය.
“දෙයියොම තමයි මගේ දිහා බැලුවේ!”
හැම දෙයකම funny side එකත්
දකින්නට; දැකලා හිනා වෙන්නට හැකියාව තියෙන අයස්මන්ත මහතා නං, ඒ ගැන කිව්වේ වෙනත් කතාවකි.
ඔය විවාදයට තුඩු දෙන දේවල්
පැත්තක තිබිච්චාවෙකො- මට හිතෙන්නේ, මගේ දිහාවට නං... |
නිමල් අයියේ, මට මැවිලා පේනවා- මර්වියා පාද යාත්‍රාවේ යද්දී මොකුත් වුණා නං හෙම, ලලිතා අපිට බිම දාගෙන ගහන හැටි...”
මං වහන්සේට කල්පනා වුණේ තවත්
පැත්තකි.
මර්වින් ගොයියාත් නිතිපතා Gym යන්නෙකි. එහෙම කෙනෙකුටත් මෙහෙම නං... මීට පස්සේ
පාද යාත්‍රාවට කට්ටිය තෝරා ගනිද්දී වෛද්‍ය පරීක්ෂණයකුත් කරන්නට වෙයිද? ඒ කල්පනාව එහෙමම
තියෙද්දී වුණත්, මර්වින් බොතේජු හිතවතාට ඉක්මනින්ම සුපුරුදු නිදුක්- නිරෝගී සුව ලැබේවායි
පතන්නටත් මම අමතක නොකරමි.
ඔය විවාදයට තුඩු දෙන දේවල්
පොඩ්ඩකට පැත්තක තිබිච්චාවෙකො- මට හිතෙන්නේ, මගේ දිහාවට නං ‘දේව බැල්ම’ වැටුණාමය කියලයි!
පාද යාත්‍රා ගමනෙන් අපේ අම්මාව
නවත්තන්නට කාරණාවක් විදිහට ඒ වෙලාවේ ‘වෙනින් trip එකක්’ ගැන කිව්වත්, මා කියූ වචනය
රැකිය යුතුය. අපේ තාත්තා අපට නම් උගන්නලා තියෙන්නේ; පුරුදු- පුහුණු කරවලා තියෙන්නේ
එහෙම කරන්නටය. ‘අම්මව දෙනවයි කිව්ව නං පුතේ, තාත්තව ගස් බැඳලා
හරි දියං!’
“ලොකා, ඔයා කිව්වට trip
එකක් එක්කං යන්න තරං තත්ත්වෙකද අම්මා ඉන්නේ? සමහර දවසකට නං හොඳයි. ඔයා දන්නවද,
සමහර දවසකට අම්මව තුන්-හතර සැරයක්ම නාවල හෝදවන්න වෙනවයි කියලා... අම්මට දැන් එහෙම දේවල්
කන්ට්‍රෝල් කර ගන්න බෑ... පැම්පර්ස් අන්දවල තිබ්බටම හරි යන්නෙ නෑනෙ.” මානෙල් කියන්නේ
ඇත්තය. එහෙම වුණත්...
ඉතිං, පාද යාත්‍රාවේ යද්දීත් ඔය කාරණය මගේ හිතේ දිගටම වැඩ කළේය.
විසඳුමක් මගේ ඔළුවට ආවේ කුඩා කැබිලිත්ත දේවාලය අසලදී කුඹුක්කන් ඔයේ ගිලී ස්නානය කරන
වේලාවේය!
ඒ නිසාය මං කිව්වේ, මටත් දේව
බැල්ම වැටුණාය කියලා.
නිදිගෙ පංච තන්තරේ දිගටම කියවපු අය නං දැනටමත් දනිති, මගේ ඔළුවට ‘විලිසියානු රත්තරං’
වගේ හොඳ-හොඳ ideas වැඩි-වැඩියෙන් පහළ වෙන්නේ නාන වෙලාවටයි කියලත්...
‘නීච කුමන්ත්‍රණේ’කින් බේරෙන්නට දිසානායක හේවගේ චාර්ල්ස්ට
උපකාරී වුණු, නිදිට ‘නොදෙන්න හිටි රන් පදක්කම’ ලබා දෙන්නට දිසානායක හේවගේ
ගුණපාලට උපකාරී වුණු ‘අයිඩියානන්ද පරම්පරාවේ ජාන’ මා තුළ වැඩියෙන් ක්‍රියාකාරී වෙන්නේ
නාන වෙලාවටවත්ද?
අපේ ‘පික්නික්’ එකේදී
අපට කැමති විදිහට ඕනෑ ඩෙඟා නැටුමක් නටා ගන්නටත් නිදහසක් එහෙදී ලැබෙයි. (2013 ගිරිතලේදී...) |
එතැනට මානෙල් නංගිලාගේ ගෙදර හිට වැඩි දුරකුත් නැත. තියෙන්නෙත් මනස්කාන්ත වෙල් එළියක-
නිල්ල නිලන කුඹුරු යායක් අද්දර- ඕවිටි කෑල්ලකට ටිකක් උඩින්ය.
ඕනි නං අපේ අම්මාට ඇලවී- හාන්සිවී ඉන්නට වුණත් පුළුවන් විදිහට, ඇඳක් සහිත කාමරයකුත්
තිබේ; යාබද අංග සම්පූර්ණ wash room එකකුත් සමඟ.
එච්චරයැ, අතින් වතුර අරගෙන නාන්නට පුළුවන් අපූරු ‘වෙල අද්දර ළිඳකුත්’ ඒ වත්තේම කොණකය!
ඒ සේරෝටමත් වඩා plus
point එක මේකය: අපේ ‘පික්නික්’ එකේදී අපට කැමති විදිහට ඕනෑ ඩෙඟා නැටුමක් නටා ගන්නටත්
නිදහසක් එහෙදී ලැබෙයි.
ඒ ගෙදරකි; බල්ලෙකුවත් නැති-
‘කෝකි නල්ලෙකු’ පමණක් ඉන්නා ගෙදරකි.
යටි පෙළෙන් කියවෙන දේ පවා මැනවින් අල්ලා ගනිමින් ‘නිදිගෙ පංච තන්තරේ’ ඉතා සුපරීක්ෂාකාරීව
කියවන Lotus රසිකාවිය වෙතින් ‘Unsung Hero’ කෙනෙකු ලෙසත් හැඳින්වුණු ඒ සහෘදයා
නිවසන්නේ එහිය.
Trip එකක් යන යන විදිහට අපේ අම්මාව එහාට කැන්දාගෙන යත හැකිය.
මට හොඳටම ෂුවර්ය. වතාවකට- දෙකකට වඩා එහාට ගිහින් නැති නිසා අම්මා එතැන හඳුනා ගන්නා
එහෙකුත් නැත.
ඉතිං තවත් මොනවද?
‘තමුසෙට හිතෙන-හිතෙන විදිහට එහාට යන්න තීරණේ කරන්නෙ ඒක විවෘත
අම්බලමක්ද?’ කඩප්පුලිකමටම තමාය, කාට හරි එහෙම අහන්නට හිතුණොත් හිතෙන්නේ.
අපේ හිතවතා- සද් ගුණවත් නෙවිල් අනුරසිරි පෙරේරාගේ නිවස අම්බලමක් නොවේ... තිස්සෙම
හායි කියලා දොර ජනෙල් සේරම ඇරලා තියෙන තැනකුත් නොවේ. නෙවිල්ලගේ අම්මා හිටිද්දීත් එහෙමය.
දැනුත් එහෙමය. දැන් නං එහෙම කෙරෙන්නේ දවසේ පැය විසි හතරෙන් 15ක්-16ක් විතරම ඒ හාදයා
ගෙදර නැති බැවිනි.
නෙවිල් කැමැත්ත දුන්නේය!
“තමුසෙලගෙ මඟුල්වලට ඉඩ දීලා පස්සේ මට මළ වදයක් වෙයිද මන්දා! ඔන්න දිසානායක ආයෙම නං
ඔය කෙහෙල්මල් මෙහෙ දාගන්න බෑ. හරිද?” කියලාත් කිව්වේය. නෝක්කාඩු
ස්වරයකින් එහෙම කිව්වත්, ඒ හාදයා අන්තිමට ‘මගෙන් මොනවද හලෝ කෙරෙන්න ඕනෙ?’ කියලාත් තෙතමනය සහිත ස්වරයකින්
ඇහුවේය.
පාද යාත්‍රාව අවසන්වී ජුනි
16 වෙනිදා ආපසු ගෙදරට පය තියනකොටත් මගේ සිතේ ‘සිදු විය යුතු දේවල්වල’ කටු සටහනක් ඇඳී
තිබිණි. පියවරෙන් පියවර නිදි ක්‍රියාත්මක කළේ ඒ සැලසුම්ය.
අනේ, මං එහෙම කිව්වා විතරකි-
අම්මාගේ මුහුණේ පිපුණු සිනහ නෙළුම් මලේ ලොකු! |
අනේ, මං එහෙම කිව්වා විතරකි- අම්මාගේ මුහුණේ පිපුණු සිනහ නෙළුම් මලේ ලොකු!
ඊට පස්සේ අපි මානෙල්ලගේ ගෙදර හිටි පැය දෙකකට වැඩි කාලය තිස්සෙම අම්මා trip එක ගැන ප්‍රශ්න
ඇසුවාය; හාර-හාරා විස්තර ඇසුවාය; එකම ප්‍රශ්න වැල යළි-යළිත් ඇසුවාය.
ඩිමෙන්ෂියා රෝගීන්ගේ සිහි-කල්පනාව අවදි වුණු විට එයාලාට කෙතරම් තර්කානුකූලව
සිතන්නට හැකිදැයි මේ ලියන්නාට තේරුම් ගියේ අන්න ඒ දවසේදීය.
එතනට නොගැළපුණු එකම දෙය වුණේ
‘එකම ප්‍රශ්න නැවත නැවතත් ඇසීම’ය. (මට ඒ ප්‍රශ්නෝත්තර සියල්ල කටපාඩම් වෙනකල්ම, අපේ
අම්මා දහ-දොළොස් වතාවක්ම ඒවා පුන-පුනා ඇසීමය.)
“දැන් කවදද ලොකු පුතේ අපි
ඔය ගමන යන්නෙ?”
“ජුනි 22. එදාට හොඳයි නේද?”
දවස හොඳදැයි කියලා අම්මගෙන් ඇහුවාට මොකද, ඒ වැඩේට
සුදුසු වෙනත් එකම දවසක්වත් අපට ඉතිරිව තිබ්බේත් නැත.
“Yes Loku, ලංකාවේදී
පට-පට ගාල දවස් ගෙවිල යනවනේ... හරිම ක්වික්ලි. Englandවලදී මීට් වෙච්ච දීපාල්ගේ යාළුවො
ගොඩක් අපෙන් dates ඉල්ලුව- පවනුත් යන්න කලින් අපිව lunch එකකට හරි dinner එකකට හරි
එක්ක යන්න. Not enough time. මං එයාලට suggest කළා ඒ සේරමල්ල එකතු වෙලා එකට outing
එකකට යමු කියලා.” සමන්තිලාගේ අවිවේකී බව අපට කියැවුණේ එහෙමය.
“ඉරිදා අපි ආපහු යන්නත් ඕනිනෙ ලොකූ.”
“ඔයාට හපන් Sam අපි දෙන්නට.
නෙවිල් අයියටයි මටයි ඒ weekend එකේ වස්ගමුවේ යන trip එකකට ජොයින්ට් වෙන්න වෙලා
තියෙන්නෙ. මාස දෙක තුනකට කලින් ඉඳලමයි එයාලා අපට කිව්වේ. ඉතිං බෑ කියන්නද? අනේ sorry
සෑම්. ඔයාලට Good bye කියන්න වෙන්නෙත් කලින්.”
“It’s ok loku!”
හයියෙන් ඔහොම දේවල් කතා කරන්නට
ගිහිං පාඩමක් ඉගෙනගත් බැවින්, අප එදා කතා කළේ හෙමින්ය. අම්මා එතකොටත් හිතුවේ නුහුරටය.
“ කියන දෙයක් මටත් ඇහෙන්න
කියන්නකො, රහසෙන් කතා කරන්නෙ... දැන් කවුරු කවුරුද ගමන යන්නෙ?”
“අම්මයි, සමන්තියි- පවනුයි, මානෙල්ලගේ ගෙදර කට්ටියයි...”
“මර්වින් පුතා... නෙවිල්, ඔයත් යනව නේද. නෙවිල් පුතා නොගියොත් කවුද සිංදු කියද්දී බෙර
ගහන්නේ? ගමනේ කිසි ජොලියක් නැහැනෙ, සිංදු එහෙම නොකිව්වොත්...”
කොච්චර ෂෝක්ද එයාලත්
එනව නං... (වැඩේට සහභාගී වූවෝ: නමී, නෙවිල්, මර්වින්, ප්‍රීතිකා, පීරිස්, තමීර,
චානක) |
“නෙවිල්ලා විතරක් නෙවෙයි
අම්මේ, ඩොක්ටර් පීරිස්- ප්‍රීතිකා ජෝඩුවත්...”
“කොච්චර ෂෝක්ද එයාලත් එනව නං... වෙනදට අපි trip යද්දී තව කට්ටිය ගොඩක් යනවනේ ලොකු පුතේ...”
“දඩිබිඩියේ ලැහැස්ති කර ගත්ත ගමනක්නෙ අම්මේ... පාද යාත්‍රා ගමන ගිය යාළුවොත් එයි.”
“කොහාටද අපි යන්නෙ?”
ඇත්ත කියන්නද? බොරුවක් කියන්නත් බැරිය. එහෙම වෙලාවට මට තියෙන විසඳුම් දෙකකි, බාග ඇත්තක්
කීම හෝ වෙනින් යමක් කීම. “ඒක නං අම්මේ සප්‍රයිස් එකක්. ගියාට පස්සේ බලන්නකෝ හොඳද කියලා...
එතකොටනේ ගති!”
“ඔන්න අම්මේ, එදාට මගේ ගණනේ
ඉඳියාප්පයි, චිකන් කරියි, අල හොද්දකුයි, හදනවා. තව... මඤ්ඤොක්කා ටිකකුත් තම්බලා,
කොච්චි ලුණුමිරිසකුත් හදන්නං. ලොකා කුරක්කන් පිට්ටුයි, ඌරු මසුයි, පොල් සම්බෝලයි හදනවය
කිව්වා. ඇතිද?” මානෙල් අහන්නේ අතින්-පයින්-ඇස් දෙකින් පවා රඟමිනි.
“මානෙල් අක්කේ, මම බිමල් හදන විදිහට ජීරා චිකන් හදන්නද?” සමන්ති අහන්නේ වැඩි හොඳටය.
“දිසානායක කුරහන් පිට්ටුත්
හදන නිසා, මී කිරියි කිතුල් පැණියි දෙකත් ගෙනෙමු...”
“හරී ෂෝක්! මම කොච්චර lucky
අම්ම කෙනෙක්ද ඔයාල වගේ දරුවෝ, යාළුවො ගොඩක් ලබන්න.... මට ගොඩාක් ආදරෙන් සලකන.”
අම්මා කියයි. අද අම්මාගේ mood එක හොඳය. එහෙම වෙලාවට අම්මා ඉතාම ප්‍රසන්නය;
කරුණාබරය; ආචාර සම්පන්නය!
සමහර දෙවිවරුනුත් එහෙමලු, වෙලාවකට ඔවුන් බෙහෙවින්ම යහපත්ලු... ඒත් තවත් වෙලාවකට...
“අද නං මට හොඳටම එපා වුණා
ලොකා!” පහුගියදාක උදෙන්ම මානෙල් ටෙලිෆෝනයෙන් නඩුවක් කීවාය. “ඇයි, මොකද වුණේ?”
“බලන්නකෝ ලොකා. අම්මා හරියටම
විනාඩි හතළිස්පහක් පුටුව උඩ ඉඳගත්තු ගමන්ම හිටියනේ.”
“ඉතිං මනුස්සයෝ, සමහර වෙලාවට අම්මා පැය හත-අට ඔහොම දිගටම වාඩි වෙලා ඉන්නේ; ඒ පුටුවෙන්
මේ පුටුවට මාරු වෙවී. ඔහෙ ඉන්න අරිනවා.” මං කිව්වේ හැකිතාක් සැහැල්ලු වෙමිනි.
හැබැයි, අම්මා එහෙම ඉන්නකොට මානෙල් බාධා කරන්නේ නැත. එයා මෙහෙම නහයෙන් අඬන්නේ වඩා බරපතළ
යමක් සිද්දවී ඇති නිසා විය යුතුය.
“ඉතිං කියනවකො බලන්න-
දිගටම හූල්ල හූල්ල ඉන්නේ.”
මගේ හිතට වැටුණු මේ ‘මහ
බරෙන්’ ටිකක් හෝ අඩු කර ගන්නටය, මං මේ විස්තර... |
“හරි යකෝ. ඒ මනුස්සයාට ඔව්වා
කල්පනා වෙන්නේ නැහැනෙ හැම තිස්සෙම. තව චුට්ටක් ඉඳල බලනවකො. මම අම්මට කතා කරන්නද?”
“එපා ලොකා. මේ පාන්දර ඔයාටත් තරහ යයි. නිකං මොකටද පව් පුරව ගන්නේ... අද අම්මා හිතාගෙන
ඉන්නේ, එයා එංගලන්තේ ගෙදර ඉන්නවයි කියලා...”
“අම්මට සිරි! අද අම්මට එහෙම හිතිලද මානි.”
“ඒක නේන්නං ලොකා -මගේ ගෙදර මට ඕනි විදිහට ඉන්න බැරිද? ඔයාල මගේ ගෙදරට ඇවිත් ඉන්නවා
නං මම කියන විදිහටයි ඉන්න ඕනි. බැරි නං දෙන්නම ගෙදරින් එළියට බැහැල යන එකයි තියෙන්නෙ,
මගේ පාඩුවේ මට ඉන්න දීලා- කියලා අපිට බැනගෙන බැනගෙන ගියා...”
“දෙන්නම කිව්වේ... තව
කවුද හිටියේ?”
“ඇයි ලොකා අපේ ගාමිණී. අද එයාටත් වැඩට යාගන්න නෑ අම්මගෙ ජෝගි නිසා... පව්, ඒ මනුස්සයා.”
මගේ හිතට වැටුණු මේ ‘මහ බරෙන්’
ටිකක් හෝ අඩු කර ගන්නටය, මං මේ විස්තර නෙවිල්ට කිව්වේ. “මතකයිනෙ අපේ අම්මා...
කාමරේට වැදිලා දොරත් වහගෙන හිටියා- මැරෙනකල් දොර අරින්නේ නෑ කිය-කියා. ඔයාලගෙ අම්මත් ටික
ටික එහෙම වේගෙන එනවද දන්නෑ.”
“ඒකනෙ කියන්නෙ... දවස තිස්සෙම ඔව්වා පෙනි-පෙනී
මානෙල් ඉවසගෙන ඉන්න ඉඳිල්ල...”
නිදිගෙ පංච තන්තරේ දයාබර පාඨක ‘විජේබාහු මහත්තයා’ පසුගිය පෝස්ටුවට comment එකක් එවමිනුත් ‘මේ තත්ත්වය දරා ගැනීමේ අසීරුකම පිළිබඳව’ පවසා තිබිණි. එතුමා කියා තිබුණේ,
‘සංසාරේ හැටි තමයි, හිටපු ගමන් යන්න වෙන්නේ නෑ හැමෝටම.
නිදි ගේ නංගීට ගොඩක් පින් ලැබේවි, ඔය ජොබ් එක ලේසි නෑ, නංගීට විෂාදය එන්න
පුළුවන්. එයා ගැන බලන්න. (හිත හයිය නම් බය වෙන්න දෙයක් නෑ.) යනුවෙනි.
ඔව් විජේබාහු මහත්තයෝ, අප
ඉන්නේ හැකිතාක් හිත හයිය කර ගෙනය; එකමුතුවය.
සමන්තියි බිමලුයි
පුතාලා දෙන්නයි... (රෝසිගේ විවාහය දවසේ; 2017 දී අපේ අම්මා- ගාමිණීලගෙ අම්මා සමඟ) |
“පොඩාට එන්න අමාරුයි කිව්වා අම්මේ... සීතගල ඉඳලා එන්න දුරයිනෙ අම්මේ. හැබැයි අපි කට්ටියම
වීඩියෝ callsවලින් එදාට එකතු වෙන්නයි කතා වෙලා ඉන්නේ. ෂැම්පේන් එකකුත් කඩලා...”
සමන්ති එහෙම කිව්වා විතරය. නෙවිල්ගේ කට ඇරුණේය.
“දිසානායක ළඟත් ෂැම්පේන්
බෝතල් දෙකක්ද කොහෙද තියෙනව නේද පුස් කකා. අපි ඉල්ලුවට දෙන්නෙත් නෑ Sam. අපරාදෙ...”
“ඇත්තද ලොකූ?”
“ඇයි සෑම්, ඔයාට මතක නැද්ද... ඔයයි බිමලුයි දෙන්නමනේ ඒවා මට පරෙස්සමින් අරං තියන්න
දුන්නේ. දීපාල්ගේ wedding එකෙන් පස්සේ. 25th වෙඩින් ඇනුවසරි එක දවසට ගනිමුය කියලා...
ඉතිං මම එව්වා එහෙමම තියාගෙන ඉන්නවා.” මං කිව්වේ ආඩම්බරෙන්!
“අනේ ලොකූ, ෂැම්පේන්
තියන්න ඕනෙ ඒවාට breathe කරන්න පුළුවන් වෙන විදිහට...”
“එහෙම තමයි සමෝ ඒවා තියල තියෙන්නෙ.”
“කොහොමද?”
“ටිකක් ඇලේට. කිරල පොරොප්පෙට ෂැම්පේන් ගෑවි-ගෑවී තියෙන විදිහට.”
“කොහෙද හලෝ ඕවා තියලා තියෙන්නෙ... හැබැයි නංගී, දිසානායකගේ භූත බංගලාවේ අලියෙක්ව වුණත්
හංගලා තියා ගන්නත් පුළුවන් කාටවත් නොපෙනී...”
“ඇත්තද ලොකූ... Are you
sure? ඔයා ෂැම්පේන් bottles චෙක් කරලා බැලුවද ළඟදී?”
“මොකටද චෙක් කරන්නෙ... දීපාල්ල කසාද බැඳලා තවම අවුරුදු විසිපහ වුණේ නැහැනෙ...”
“මෙහෙමත් මොට්ට රාළ කෙනෙක්...
ඔන්න ඕක ගේනවා හලෝ මේ විසි දෙවෙනිදට.”
“මං ඒවා ගේන්නෙ මට එව්වා දුන්නු අයිතිකාරයො කිව්වොත් විතරයි.”
“කවුද අයිතිකාරයො?”
“සෑමුයි බිමලුයි.”
“හරි, ඔයා එදාට ඒ බෝතල් දෙකම
ගේන්න, ලොකූ... නෙවිල් අයියේ, අපි එදාට එක ෂැම්පේන් එකක් කඩමු!”
“එළකිරි!”
ඉතිං ඊට පස්සේ...à
වැඩේ හොඳයි, අවිස්සාවේල්ල පැත්තට ගිහිලා උදේට කාල ආවා නම් ගමන සම්පුර්ණයි. මේ අසනීපය නිසා ඊළගට වෙන්නේ මොකක්ද කියන්න දෙය්යන්ටත් බෑ .
ReplyDeleteමම ව්ජෙබාහු
අවිස්සාවේල්ලට කැලණිවැලි කෝච්චියෙන් ගිහින්, ඒකෙන්ම ආපහු ආවා, අපිත් එක වතාවක්. සැන්ඩ්විච් එහෙම හදාගෙන ගියා. අවිස්සාවෙල්ල ස්ටේෂන් එකේදී සප්පායම් වෙන්න වෙලාව තිබුන. පැයක් තිබුණා කොළඹ එන කෝච්චිය පිටත් වෙන්න.
Deleteවිජේබාහු මහත්තයාට ගොඩක් ස්තුතියි මේ අදහස මතක් කළාට. ගමන් වියදම් වැඩි මේ කාලේ අඩු වියදම් සවාරියක්!
අසනීපය නිසා අපෙ අම්මා නං සීග්ගරෙන් දුර්වල වෙවී ඉන්නේ. මේ පෝස්ට්ස් සීරීස් එකේ නං තව එක කොටසයි තියෙන්නෙ.
දිසානායක + ට්‍රිප් = කෑම (දෙය්යන්ටවත් වෙනස් කරන්න බැරි සමීකරණයක් තමයි ඔය) හැක්..
ReplyDeleteජන්මෙයි, පුරුද්දයි දෙකමනේ ප්‍රසෝ! හික්!
Deleteආත්මාරක්ෂාව වෘත්තීය මාධ්‍යකරුවකුගේ මූලික ප්‍රමුඛතාවකි. තවත් වාර්තාකරණයක් සඳහා ඔබ ජීවත් විය යුතු ය.
ReplyDeleteපෙළපාලි හා සිවිල් අසහනයන් ආවරණය කිරීම සඳහා මාර්ගෝපදේශ සූදානම
1. කල් තබා සැලසුම් කරන්න. බලාපොරොත්තු විය හැකි දේ දැනගන්න. සහාය ලබා ගත හැකි ආකාරය දැනගන්න. ආරක්ෂිත ප්‍රදේශ හඳුනා ගන්න.
2. ඔබගේ කණ්ඩායමේ ඡායාරූප ශිල්පීන්, කැමරා ක්‍රියාත්මක කරන්නන්, නිෂ්පාදකයන් වැනි සෙසු අය විසිර යාමකදී නැවත හමු වීම සඳහා තැන් කතිකා කර ගන්න.
3. ඉක්මණින් ඇමතිය හැකි ලෙස හදිසි අංක සුරක්ෂා කර තිබෙන ජංගම දුරකථනයක් හෝ චන්ද්‍රිකා දුරකථනයක් හෝ රැගෙන එන්න. මෙමගින් කාර්යාලය හා භූමියේ සිටින සගයන් සමග සන්නිවේදනය පහසු කරනු ඇත.
4. ප්‍රථමාධාර කට්ටලයක් රැගෙන එන්න. එය භාවිතා කරන හැටි ඉගෙන ගන්න.
5. පිහිනුම් ගොගල්, කර්මාන්ත ඇස් ආරක්ෂක කණ්ණාඩි, මුහුණු ආවරණ, ගෑස් මුහුණු වැනි ආරක්ෂක උපකරණ රැගෙන එන්න.
6. සැහැල්ලු, ස්වාභාවික කෙඳිවලින් වියූ රෙදිවලින් මැසූ ඇඳුම් අඳින්න. ඒවා කෘත්‍රිම රෙදි මෙන් පහසුවෙන් ගිනි ඇවිලෙන්නේ නැත. පෙට්‍රල් බෝම්බ පිපිරීමේ ඉඩක් ඇති බව ද මතක තබා ගන්න.
7. පොලිස් හෝ හමුදා නිල ඇඳුම්වලට වඩා වෙනස් පාට ඇඳුම් අඳින්න.
8. සුවපහසු හොඳ සපත්තු පළඳින්න. ප්‍රායෝගික කටයුතුවලට උචිත, හොඳින් ලේස් ගැටගැසිය හැකි සපත්තු හොඳ ය.
9. ප්‍රදේශයෙන් පිටතට යාමට නො හැකි වුණොත් දිනක් ආරක්ෂා වීමට ඇති තරම් ආහාර, වතුර ආදිය සහිත පිටේ එල්ලාගෙන යන කුඩා බෑගයක් රැගෙන එන්න. මෙවැනි බෑග් රබර් උණ්ඩවලින්, ජල ප්‍රහාරවලින් හා ගල්වලින් ආරක්ෂා වීම සඳහා ද භාවිතා කළ හැකි ය. වේගයෙන් දුවන්නට සිදු වුණහොත් නො වැටෙන පරිදි මෙම බෑගයේ එක් පටියක් හෝ පපුව හරහාත්, තවෙකක් බඳ වටාත් යන ආකාරයට සකසා ගන්න.
10. වෛද්‍ය අවදානමක් තිබේ නම්, ඔබගේ නිර්දේශිත හා වෙනත් ඖෂධ රැගෙන එන්න.
11. ස්ථානයේදී හැම විටම කණ්ඩායම සමග සිටින්න. විශේෂයෙන් ම රාත්‍රියේදී ආරක්ෂාව සඳහා සංඛ්‍යාව වැදගත් වේ. ප්‍රචණ්ඩත්වයකදී එකිනෙකා සමග බැඳී සිටින්නට සිතාගන්න.
12. හැම විට ම ජනමාධ්‍ය හැඳුනුම්පත රැගෙන යන්න. එය අනවශ්‍ය අවධානයක් දිනා ගන්නවා නම් එය සඟවා ගන්න. එවැනි අවස්ථාවක ඔබ ජනමාධ්‍ය සාමාජිකයකු ලෙස හඳුන්වා දෙන්න එපා. ඇතැම් විට එමගින් සෙනග කලබල වන්නට පුළුවන.
13. අවධානය යොමු කර නො ගැනීම සඳහා හැකි තරම් අඩුවෙන් සටහන් ගන්න.
14. හැම විටම සම්මුඛ සාකච්ඡා කලබල ඇති ප්‍රදේශයට පිටතදී කරන්න.
15. ඔබ වාර්තාකරුවකු නම්, සිදු වන දෙය දැක ගන්නටත් පුළුවන් නම්, ඔබ සෙනග අතර ම සිටිය යුතු නැත. විරෝධතාකරුවන් සමග ඇවිද යන්න. සාමාන්‍යයෙන් ගල් ගසන්නන් සිටිනවා නම් ඔවුන් ඉන්නේ සෙනග මැදයි. එසේ සිටීමෙන් ඔවුන්ට නැවතත් සෙනග සමග මුසු වන්නට පුළුවන.
16. ඔබ ඡායාරූප ශිල්පියකු හෝ කැමරාකරුවකු නම් උස්, වාසිදායක ස්ථානයක සිට ඡායාරූප ගන්නට උත්සාහ කරන්න.
Cont'd
Delete17. පොලිසිය කැරළි මර්දන උපකරණ ගෙන ඔබ දෙසට දිව එනවා නම් පසුබසින්න. නැතිනම්, පොලිසිය ඔබ විරෝධතාකරුවකු ලෙස සලකන්නට ඉඩ තිබේ.
18. කිසිවක් අහුලා ගන්න එපා. ඔබ ඉදිරියෙන් බිම වැටී ඇති සියලු දේ එසේ ම තිබෙන්නට හරින්න. ඔබ විරෝධතාකරුවන් විසින් විසි කරන ලද ගලක් අතට ගත්තොත්, ඔබ ගල් ගසන්නකු ලෙස සැකයට භාජනය වන්නට පුළුවන. කඳුළු ගෑස් කෑනයක් අසුලා ගත්තොත්, ඔබේ අත පිච්චෙන්නට පුළුවන.
19. අත්අඩංගුවට ගන්නේ නම් එයට විරුද්ධ නො වන්න. විරෝධතාවකදී ඔබ අත්අඩංගුවට ගත්තොත්, විශාල අත්අඩගුවට ගැනීම් සංඛ්‍යාවක් සිදු වන නිසා ඔබව රඳවා තබා ගන්නා ප්‍රදේශයකට ගෙන යනු ලබාවි. පොලිස් නිලධාරීන් හට ආතතිය අඩු මෙම ප්‍රදේශයේදී ඔබ කවුරුදැයි හඳුන්වා දෙන්න.
කැළඹිලි අතරතුර
20. අවස්ථාවේ උණුසුම ඉතා තීව්‍ර වන විට සන්සුන්ව අවධානය යොමු කරගෙන ඉන්න. අනතුරු සංඥාවලට ප්‍රතිචාර දක්වන්න.
21. දුමින්, ගින්නෙන්, පොලිසියෙන් හා උඩින් වීසි වන දේවලින් ඉවතට දුවන්නට සූදානමින් සිටින්න. දුවන අතර හිස පහතින් තබා ගන්න.
22. කඳුළු ගෑස් භාවිතා කළ අවස්ථාවකදී හැකි නම් උඩු සුළඟට හසු වන සේ සිටින්න. ඔබට කඳුළු ගෑස් වැදුණා නම් ඔබට හැකි තරම් වේගයෙන් ඉවතට දුවන්න. ඉවත් වන අතරතුර හැකි තරම් අඩුවෙන් හුස්ම ගන්න. ආරක්ෂිත තැනකට ගිය පසු වතුර බෝතලය ගෙ ඇස් සෝදා ගන්න. එසේම තිබෙන්නට හරිනවාට වඩා එය හොඳ ය. එහෙත්, තවමත් දැවිල්ල ඇත. ඇදුම, ශ්වසන ආබාධ, ආසාදන, අසනීප, ප්‍රතිශක්තිය දුර්වල, ඇස් ආබාධ ඇති, ස්පර්ශ කාච පළඳින යනාදී අයත් ගැබිනි මාතාවනුත් කඳුළු ගෑස් ප්‍රහාරවලින් ආරක්ෂා විය යුතු ය.
23. ඔබ ස්පර්ශක කාච පළඳින්නේ නම් විෂ වායු කාචය හා ඇස අතර රැඳීමෙන් වේදනාව වැඩි විය හැකි ය. ඒ නිසා හැකි හැම විට ම කණ්ණාඩි ම පළඳින්න.
24. පොලිසිය වැඩි වශයෙන් භාවිතා කරන්නේ රබර් උණ්ඩ ය. ඔබට ආවරණයක් සපයා ගන්නට බැරි නම් පොලිසිය දෙසට පිටුපා ඉන්න. දන ගසා ගන්න. හිස හා මුහුණ සඟවා ගන්න. ඔබගේ පිටේ එල්ලාගෙන යන බෑගය ආවරණයක් කර ගත හැකි ය.
25. පීඩන ජල ප්‍රහාර මගහැරිය නොහැකි අවස්ථාවකදී ඔබේ ඇස් හා නාසය අත්වලින් ආවරණය කර ගන්න. මෙම ජල ප්‍රහාරවලින් ඔබ විසි වී යා හැකි බවත් අවබෝධ කර ගන්න.
26. හැම විට ම ඔබගේ කණ්ඩායමත් සමග සිටින්න. තත්වය නරක අතට හැරුණොත් පළා යා හැකි මාර්ගය ගැන සිතේ තබා ගන්න.
27. ආවරණයෙන් පසු ඔබගේ ප්‍රවෘත්ති කාර්යාලයේදී එම ආවරණයේ අත්දැකීම් ගැන සාකච්ඡා කරන්න.
යෝජිත උපකරණ
ඔබගේ බෑගයේ තිබිය යුතු උපකරණ
1) ඝනකම හිස් ආවරණයක් 2) ප්‍රමිතිගත ඇස් ආවරණ 3) කඳුළු ගෑස්වලින් ආරක්ෂා වීම පිණිස කිමිදුම්කරුවන්ගේ වැනි ගොගල්ස් 4) 3M 4251 Respirator (කඳුළු ගෑස්වලින් හා දූවිල්ලෙන් ආරක්ෂා වීම සඳහා) 5) පෞද්ගලික ප්‍රථමාධාර කට්ටලය 6) දනහිස් පෑඩ් 7) කුඩා ගිනි නිවනයක් 8) ඉවත දැමිය හැකි කණ්වල ගසා ගන්නා පුළුන්
වෙනත් යෝජිත දේ
1) ඇණුම්වලින් ආරක්ෂා වීමට විශේෂ යට ඇඳුම් 2) විදිය හැකි ගිනි මර්දන ද්‍රාවණ 3) ගිනිවලින් ආරක්ෂා විය හැකි යට ඇඳුම් 4) ඇඟිලිවලට යකඩ ආවරණ ඇති සපත්තු 5) අත් ආවරණ
Cont'd
කඳුළු ගෑස්වලින් ආරක්ෂාවට උපදෙස්
Deleteකඳුළු ගෑස් භාවිතා කරනු ලබන්නේ කැරලි පාලනයට, පුද්ගලයන් මර්දනය කිරීමට හා සෙනග විසුරුවා හැරීමටයි. එයින් වේදනාව ඇති කරනු ලැබේ. ගෑස්වල ප්‍රතිළුලය තාවකාලික ය. පැය කීපයක් ගත වන විට බොහෝ රෝග ලක්ෂණ පහව යයි.
කඳුළු ගෑස් ප්‍රහාරයන්ට ලක් වූවන්ගේ ලක්ෂණ
1) ඇස්, නාසය, මුඛය හා සම දැවිල්ල ගැනීම 2) අධික ලෙස කඳුළු ගැලීම 3) පෙනීම බොඳ වීම 4) නහයෙන් සොටු දියර ගැලීම 5) කෙළ ගැලීම 6) සමේ කුෂ්ට ඇති වීම හා රසායනික මගින් පිළිස්සුම් ලකුණු 7) හුස්ම ගැනීමේ අපහසුව හා කැස්ස, හුස්ම හිර වීම 8) මානසික කැළඹීම හා අවධානයෙන් තොර වීම, අසහනය 9) අධික කෝපය
සාමාන්‍යයෙන් කඳුළු ගෑස් විදිනු ලබන්නේ හිස් තුවක්කු පතුරමක් ආධාරයෙන් තුවක්කුවක අගට සවි කරනු ලබන බෝම්බයක ආකාරයටයි. එබැවින් කඳුළු ගෑස් විදින කල ද වෙඩි තබන ශබ්දය ඇසේ. ඔබට වෙඩි වැදුණා යයි වරදවා වටහා නො ගන්න. කලබල වෙන්න එපා. වෙඩි ඇසුණු කල උඩ බලා කඳුළු ගෑස් බෝම්බය එන මාර්ගයෙන් ඉවත් වන්න. කඳුළු ගෑස් බෝම්බ බොහෝ විට ගුවනේදී ම පිපිරේ. දුම් පිට වන ලෝහමය කෑනයක් බිමට වැටේ.මෙම කෑනය ඉතා උණුසුම් විය හැකි ය. එබැවින් එය අල්ලන්න එපා. නො පිපුරුණු කඳුළු ගෑස් බෝම්බ ද අල්ලන්න එපා. මන්ද, එය පුපුරා ඔබට තුවාල සිදු විය හැකි ය. කඳුළු ගෑස්වලින් ආරක්ෂාවට ඇති හොඳම මාර්ගය ගෑස් මුහුණක් පැළඳීමයි. එවැන්නක් සපයා ගත නො හැකි නම්, කඳුළු ගෑස් එල්ල වේ යයි සිතිය හැකි අවස්ථාවක් ආවරණය කරන්නට යන විට තෙත තුවා රැගෙන යන්න. ඒවායින් නාසය හා මුඛය ආවරණය කරගෙන දෙහි යුෂ හෝ විනාකිරි ස්වල්පයක් ඒ මතට මිරිකන්න. දෙහි යුෂවලින් පෙඟවූ තෙත තුවා හෝ කඩදාසි තුවා ප්ලාස්ටික් බෑගයක දමා ගෙන යන්නටත් පුළුවන. අධික ලෙස කඳුළු ගෑස්වලට නිරාවරණය වී නම්, එම බෑගය මුඛයට හා නාසයට තබා හුස්ම ගන්න. ලියා ගත් රතු ළූනු ද සයට ඇල්ලීම ද හොඳ ය. කලබල වෙන්න එපා. කලබල වුණොත් ඉක්මණින් හුස්ම ගෙන වැඩිපුර කඳුළු ගෑස් ආඝ්‍රානය කරන්නට ඉඩ තිබේ.
තට්ටු කීපයක ඇඳුම් අඳින්න. කඳුළු ගෑස් වැදුණු ඇඳුම් තට්ටුව ගලවා දමන්න. මතුපිටින් වැසි කබා ඇඳීම සුදුසු ය. වෙනත් යමක් නැතිනම් කසල බෑග් වුණත් හොඳ ය.
ගොගල්ස් යනු ඉතා ප්‍රයෝජනවත් ඇස් ආවරණ විශේෂයකි. රසායනිකවලින් ඇස් ආරක්ෂා කර ගත හැකි ගොගල් කණ්ණාඩි නැති නම් තදින් හිර වන පිහිනුම් ගොගල් පළඳින්න. ස්පර්ශක කාච පැළඳ සිටී නම් වහා ම ඉවත් කරන්න. එවැනි තැන්වලට යන විට ඒවා පැළඳ නො යාම වඩා හොඳ ය.
අමතර ඇඳුම් කට්ටලයක් (මේස් ද ඇතුළුව) තිබීම හොඳ ය. ගෑස් හා ජල ප්‍රහාරවලට ලක් වුණු ඇඳුම් මුල් වර සෝදන විට වෙනත් ඇඳුම් සමග සෝදන්න එපා.
ගොගල්, ගෑස් මුහුණු වැනි කිසිවක් නැතිනම්, ඔබේ කමිසය ඇතුළෙන් හුස්ම ගන්න. එහි වාතය මඳ වේලාවකට හෝ කඳුළු ගෑස්වලින් තොර වෙන්නට පුළුවන.
ඇස් සඳහා ප්‍රථමාධාරය වන්නේ දැවිල්ල නැති වී යන තෙක් සේලයින් වතුරෙන් හෝ පිරිසිදු ජලයෙන් සේදීමයි.කඳුළු ගෑස් වැදුණු සම සබන් හා වතුරෙන් සෝදන්න. හුස්ම ගන්නට අපහසු නම් ඔක්සිජන් දිය යුතු ය. ඇදුමට දෙන ප්‍රතිකාර ද දෙන අවස්ථා තිබේ.
පිළිස්සුණු තැන් බැන්ඩේජ් කරන්න.කඳුළු ගෑස් කිසි විටෙක උණුසුම් වතුරෙන් සෝදන්න එපා. සිසිල් ජලය භාවිතා කරන්න. තෙල් පදනම් කර ගත් ක්‍රීම් වර්ග හෝ හිරු ආවරණ ක්‍රීම් භාවිතා නො කරන්න. එමගින් උරා ගැනීම වැඩි වනු ඇත. මේකප් කිරීමෙන් ද කඳුළු ගෑස් සමට උරා ගැනීම වැඩි විය හැකි ය.
අත්අඩංගුවට ගතහොත් කළ යුතු දේ
ඔබගේ හිමිකම් පිළිබඳ දැනුවත් වන්න. කිසිවක් ප්‍රකාශ නො කර සිටීමටත්, ඔබ කැමති නීතිඥයකුගේ සහාය ලබා ගැනීමටත් ඔබට හිමිකමක් තිබේ.
හිංසනයට, තර්ජනයට, රැවටීමට ලක් නො වී සිටීමට ඔබට අයිතියක් තිබේ.
ඔබ කරන ප්‍රකාශ ඔබට එරෙහිව අධිකරණයකදී භාවිතා කරන්නට ඉඩ තිබෙන නිසා නිහඬව සිටීමට ඔබට අයිතියක් තිබේ.
රඳවා ගනු ලැබුවහොත්, ඔබේ මානව හිමිකම් ආරක්ෂා විය යුතු අතර, නීති ප්‍රකාරව කටයුතු කළ යුතු ය.
මුර කපොලු හා මාර්ග බාධකවලදී කටයුතු කළ යුතු ආකාරය
හැම විටම, විනීත වන්න.
ගැටුම් ඇති කර ගන්න එපා.
ඔබ පුවත්පත් කලාවේදියකු ලෙස හඳුන්වා දෙන්න.
පයින් යන්නේ නම්, අවශ්‍ය ලේඛන පමණක් අතින් රැගෙන මුරකපොල්ල වෙත යන්න.
වාහනයක යන්නේ නම් දොරවල්, ජනෙල් වසාගෙන යන්න. අණ කළොත් මිස බහින්න එපා.
අවසර නැතිව වීඩියෝ කරන්න එපා.
මුර කපොල්ල පවත්වාගෙන යන සොල්දාදුවන් හෝ සටන්කාමීන් එදිරිවාදී නම් ඔවුන් සමග සුහද වන්න. සිගරට්, රසකැවිලි වැනි දෙයක් පිරිනැමිය හැකි ය.
හැඳුනුම්පත ඉදිරිපත් කිරීමේදී ඔබගේ බිරිඳගේ, දරුවන්ගේ ඡායාරූප ද දකින්නට සැලැස්වීමෙන් වඩා මානුෂීය වාතාවරණයක් ඇති කළ හැකි ය.
ඔබ සිටින්නේ කොතැන ද යන්න වෙනත් අය දන්නා බව හා ඔවුන් ඔබ ආපසු පැමිණෙනු බලාපොරොත්තු වන බව කියන්න.
ඔබ තර්ජනයක් නො වන බව ඔවුන්ට ඒත්තු ගන්වන්න.
විනීත වන්න. එහෙත්, පරීක්ෂාකාරී වන්න. විශේෂයෙන් ම, කෙළින් ඇස් දෙස නො බලන, හැඟීම් විරහිත සොල්දාදුවන් ගැන සෝදිසියෙන් ඉන්න.
නිදි මේ අදාල නැති මගුල් ගලවන්න, නැත්නම් මේකේ මුන් රෙන්න ගන්නවා එපා වෙනකම්
ReplyDeleteමං හිතන්නේ මේ මහත්වරුන් ආවේගශීලී වෙලා ඉන්නේ හොඳටම- ඒ නිසාම තැන-නොතැන තෝරා ගන්න වෙලාවක් තිබිලා නැහැ වෙන්නැති.
Deleteඉදිරියට් මෙහෙම වෙන එකක් නැහැ මයෙ හිතේ.
මුන් නිසා දැන් මාතලන් ගේ එක බලන්නම බැ (බලන්නේ නැ), නිදි අපි වෙනුවෙන් ඔයාගේ බ්ලොග් එක අසහන කරයොන්ගෙන් බේර ගන්න
ReplyDeleteතාක්ෂනය සුලබ, ලාභ හා පහසු වීමේ අනිටු ප්‍රතිපල ටිකක් ඉවසමු මහත්තයෝ...
Deleteමාතලන්ගෙ එකේ මොනව බලන්නද? ගෙවීමේ හැටියට ඌ ලියනව.
Deleteඅනේ මන්දා!
Deleteමේ විස්තර ලිව්ව එකට බොහොම ස්තූතියි. හිතිච්ච දේවල් ඔක්කොම ලියන්න හිතෙන්නෙ නෑ, නිදි.
ReplyDeleteඒත් මේ දැණුම බොහෝ දෙනෙකුට ඉදිරියේදී ප්‍රයෝජනවත් වේවි.🙏👌
ගොඩාරියක් ස්තුතියි බස්සා මහත්තයෝ!
Deleteමට හිතෙන්නෙ... එදා ගොඩක් සතුටින් අම්ම හිටියෙ. මානෙල්ගෙ නෙගටිව් මයින්ඩ් එක්ක නැති හන්දම ඇය ශක්තිමත්. ඔය වැඩ එක්ක එන ශරීර දුර්වලතාවයන් ගැන තමා බලන්න ඕන කියලයි මට හිතෙන්නෙ
ReplyDelete//හරි, ඔයා එදාට ඒ බෝතල් දෙකම ගේන්න ලොකූ// ගෙනාවත් නේන්න 😂
ඔව් නමී. එදා අම්මා හරිම සතුටෙන් හිටියේ.
Deleteඅපිට නම් දැන් වැඩිම බයක් තියෙන්නෙ මානෙල් ගැන. එයටත් හදවත් සැත්කමක් නිර්දේශ වෙලා තියෙද්දී ඒක පැත්තකට දාලයි ඉන්නේ.
("ඔව් Lotus... ඒක එහෙමමය. තව ඉස්සරහට කියවගෙන යන්නකෝ") සොරි නිමල්, කලින් කොටස කියෙව්වට පස්සෙ ස්වබාවයෙන්ම හැමෝටම දුක සහිත ෆීලින්ග්ස් එන නිසා, මට ඕනෙ වුනේ දුක රහිත කමෙන්ට් එකක් දාන්න. නමුත් මට ඉමෝජි එකක් හෝ වෙනත් disclaimer එකක් දාන්න බැරි වුනු නිසා මට ඕනෙ අදහස ආවෙ නෑ. (මම නිමල් බොරුකාරයෙක් කිව්වෙ නෑ- වෙනස් vibe එකක් සහිත කමෙන්ට් එකක් දැමුවා පමනයි.. ඉහි ඉහි!!)
ReplyDelete‘විලිසියානු රත්තරං’ කියන්නෙ මක්කටෙයි.
"මර්වින් ගොයියාත් නිතිපතා Jym යන්නෙකි" අය්යෝ... Jym නෙවෙයි Gym.
චුට්ටක්වත් හිත කරදර කර ගන්න එපා Lotus! ඒ vibe එක මම එදාම තේරුම් ගත්තා. වැඩේ කියන්නෙ මමත් commentsවලට ඉමොජි දාන්න නොදන්නාකම!
Deleteවිලිසියානු රත්තරන් කතාව අපෙ ආච්චිගෙයි- සීයගෙයි යෙදුමක්.... එයාලා ඒක කියපු තාලෙන් නං තේරුනේ දඹ රත්තරන් වගේ දෙයක්. තව ටිකක් හොයා බලන්න වටිනවා වාගෙයි.
හෙව්වා, මෙන්න සාක්කියක්.
http://beyondnakedeyes.blogspot.com/2012/02/blog-post_06.html
gym හදන්නං. දෙපොලකම ඒ වරද තිබ්බා වෙන්නොනි. කවද කාපු ටකරංද දෙයියනේ.
++++
ReplyDelete++++ ස්තුතියි ඉයන් මහත්තයෝ! ++++
Delete+++++++++++
ReplyDelete+++++++++++ ස්තුතියි Pra Jay මහත්තයෝ! +++++++++++
Deleteහරි ෂෝක්. නිදි ලිව්වහම මතක් වුනේ මමත් දැන් අම්මව ගෙනියන්න් ඕනේ ට්‍රිප් එකකට ලංකාවට අවහම. වීල් චෙයාර් එක ගෙන යන්න වෑන් එක්ක හොයන්න ඕනේ. එයාව ගෙනියන්න් බැහැ කියන්නත් බැහැ. යාළුවෙක්වත් හම්බ වෙන්න යන්න බැරිවෙන සයිස් එක්ක තියෙන්නේ
ReplyDeleteමගේ උපදෙස නං අජිත්, වැඩිය පමා වෙන්න එපා. මොකද දන්නවද එහෙම කියන්නේ,
Deleteමාස දෙකක් ඇතුලත අපෙ අම්මව ආයෙත් එවැනි ගමනක්වත් එක්ක යන්න බැරි තත්ත්වෙට දුර්වල වෙලා....