1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස

Thursday, December 31, 2020

පතාගෙන ඇවිත්... -හත්වෙනි කොටස

අපේ චූටිගෙ තිස්පස්වෙනි උපන් දිනේනෙ.... බජව්වක් එහෙමත් තියෙනවා ඇතිනේ?

“එහෙනං වැඩේ පොඩි නෑ! ඒත් කමක් නෑ. අපි දෙන්නගේ ගණනේ අපි දිගටම ආප්ප හද-හදා දෙන්නං. පිට කෙනෙක්ගෙය? අපේ චූටිගෙ තිස්පස්වෙනි උපන් දිනේනෙ.... බජව්වක් එහෙමත් තියෙනවා ඇතිනේ?” 

“තියෙනවා... තියෙනවා. පැදුරු පාටියක්ම දානවා! ඒවා සේරමත් ලැහැස්ති කරලයි තියෙන්නේ...” එදා මම නිමල් විජේසිරිට; නෙවිල්ගේ ලොකු අයියාට කිව්වෙමි.

“නිමල් දන්නවද අපේ නිමලුයි මායි දෙන්නා එක්ක, තලපත්පිටියේ පන්සලේ කඨින පිංකම දවසට පන්සලේදීම ආප්ප පුච්චලා දෙන්න පටන් ගත්තා 2005දී.... 2008 ඉඳලා එයා නැතිවුණාට පස්සෙවත් මං ඒ පිංකම නැවැත්තුවේ නෑ!” දෙසතියකට කලින් දවසක foto හොයන්නට නෙවිල්ගේ ලොකු අයියලාගේ ගෙදරට ගියාම රමණී දෙනෙතේ කඳුළු පුරවාගෙන කීවාය!

ගවීන් සාක්කිය.

බොහොමයක් වෙලාවට ඒ ගමන් යන්නට වෙන්නේ ගවීන් එක්කය. ගවීන් කියන්නේ ඉන්දිරාගේ ලොකු නංගී; රාණිගේ ලොකු බෑණාය. රාණිගේ විවාහ මංගල්‍යයේදී පෝරුව ඉදි කළේ මගෙත් සහභාගිත්වයෙනි. නොමිලේම මට ගමන් පහසුවත් සලසාදී, අවශ්‍ය fotos ටික පිටපත් කරලා දෙන්නෙත් ගවීන්ය. මගේ අත් වෙවුලන නිසා මට දැන් ඒ රාජකාරිය කරගැනීම අමාරුය. 

එහෙම වැඩකට, මේ දවස්වල හවසක නෙවිල්ව අල්ලා ගැනීම ලේසි නැත.

අම්මත් එක්ක ඉහ ගහගෙන ඉන්න පුළුවන් විදිහේ මනුස්සයෙක් නං ඉන්නවා, යන්තමට upset ගතියකුත් තියෙන...(මානෙල්, සකුණි හා රයන් විහඟ)

“කොහෙ එන්නද හලෝ? හවසට ගෙදර ගිහින් අම්මගේ කෑම ටික රත් කරලා දීලා ඉන්න එපැයි. නැත්තං ඒ මනුස්සයා බඩගින්නෙනේ....” නෙවිල්ගේ routine එකට ඒ රාජකාරියත්, උදෙන්ම බතක් -මාළුවක් උයලා තියා ඒමත් එකතු වුණේ මෑතක ඉඳලාය;

ඒ නෙවිල්ලගේ අම්මාගේ සායට ගිනි ඇල්ලුවාට පස්සෙය.

අම්මගේ ඩිමෙන්ෂියා තත්ත්වය වැඩි වෙන්නේ සමහර වෙලාවකට විතරය.

“එන විදිහ එච්චර හොඳ නෑ, මානෙල්. කොයිකටත් කියලා අපේ ගෙදර වැඩට හරි යන ගෑනු කෙනෙක් හොයමුද?” මාස ගණනාවකට කලින් නෙවිල් කීවේ අපේ නංගීටය. “උදේට ඇවිත් හවස් වෙනකල් අම්මත් එක්ක ගෙදර හිටියම ඇති.
හැබැයි ඉතිං අම්මට ඕනි විදියට ඉන්න පුළුවන් කෙනෙක් තමයි හොයා ගන්න වෙන්නේ! ඒක තමා අමාරු!”
 

“නෙවිල් අයියල අම්මත් එක්ක ඉහ ගහගෙන ඉන්න පුළුවන් විදිහේ මනුස්සයෙක් නං ඉන්නවා මේ කිට්ටුව, යන්තමට upset ගතියකුත් තියෙන කෙනෙක්. හැබැයි අයියලාගේ අම්මා කියන ඕනිම දෙකට හූමිටි තිය-තියා ඉඳියි, හිනා වෙවී.... කියන වැඩකුත් කරයි. ඔයා එයාව දැකලත් තියෙනවා.
ලොකා.... ඔයා මොකද හිතන්නේ.... අර xxxx මේ වැඩේට හරියන එකක් නැද්ද?”

“බලනවකො හලෝ. ඒ මනුස්සයා ඔය පිටරටකත් වැඩ කරලා ආව කෙනෙක්ලු! ආයෙ යන්නයි හිත.”
“ඒ මනුස්සය කැමතියි නං, දවස් දෙක-තුනකට ගෙන්නාගෙන බැලුවම හරිනේ....”

xxxx වැඩේට ගැලපුණේය. නෙවිල්ලගේ අම්මාටත් xxxxව හිතට ඇල්ලුවේය. ප්‍රශ්නය ආවේ ඒ ගැහැනු කෙනාටත් ප්‍රශ්නයක් ආවාමය. “අනේ මානෙල්, අපේ ලේලිට බබෙක් හම්බ වුණා. පුතා කියනවා මටත් ගෙදර ඉන්නලු බබා බලා ගන්න උදව්වට....”

අපේ නංගී නිසා කියනවා නොවේ. මානෙලුත් මගේ පලේමය. යන්නේ කොහාටද, ඒ හැම තැනදිම පට ගාලා යාළු-මිත්තරයන් හදා ගනී. දැන් කොට්ටාවේ, හොරහේන හරියේ මානෙල් ඇන්ටිව නොදන්නා කෙනෙක් නැත. 

මානෙල් තවත් ‘සෙවීමේ මෙහෙයුමක්’ දියත් කළාය!

හම්බ වුණේ නන්දාය. (නියම නම නොවේ!) නන්දා දුර පලාතකය. වෘත්තීය ගෘහ පාලිකාවකි. “බලනවකො හලෝ. ඒ මනුස්සයා ඔය පිටරටකත් වැඩ කරලා ආව කෙනෙක්ලු! ආයෙ යන්නයි හිත.” නෙවිල් මුලින්ම මට කිව්වේ ඒකය. හොඳටම සැටිස් tone එකකිනි.

“ඔව්, ඔව්. නන්දා ගමේ සමිති සමාගම්වල එහෙමත් ලොකු-ලොකු තනතුරුවල ඉන්නවයි කිව්වා. ඒ සමිතිවල රැස්වීම් තියෙන දවස්වලට නම් නිවාඩු ගන්නත් වෙයි කියලා මගෙ එක්කත් කිව්වා.” අපේ මානෙලුත් සක්කයක් ගැහුවාය.

“අර මනුස්සයා හරි පිළිවෙලයි.... Forward!”. නෙවිල්ගෙන් තෙවෙනි කමෙන්ට් එකත් ආවේය.

මේකා ළිං ගෙම්බා වගේ ඔහේ ගේ ඇතුළෙම ඉන්නවා විතරයි....

“ඒක නං නිකම්ම පේනවා! නැත්තං ඇවිත් දවස් දෙක-තුනෙන්ම ඉල්ලීම් ඉදිරිපත් කරයිද? මොනවද ඉල්ලුවා කිව්වේ...” දෙවෙනි වාර්තාවෙන් කියවී තිබ්බේ නන්දාගේ ඉල්ලීම් කිහිපයකි.

ඒවායේ ඇති පදම් හිනා වෙන්නට කාරණා ලැබීම ගැන සතුටෙනි; මා ඇසුවේ.

“මානෙල්, ඔයාලගෙ ලොකාට රටේ-ලෝකේ වෙන දේවල් තේරෙන්නෙ නෑ. මේකා ළිං ගෙම්බා වගේ ඔහේ ගේ ඇතුළෙම ඉන්නවා විතරයි.... හොඳයි, මම නැත්තං මෙහෙමවත් තමුසෙව නංගිල ගෙදරට දාගෙන එන්නෙ කවුද? හැබැයි.... පොර මොනවා නැතත් පොතුයි- පත්තරයි ගැන නං අතැඹුල* වගේ දන්නවා...” නෙවිල් කියාගෙන ගියේය. “අද කාලේ සර්වන්ට්ස්ලට වෙනම කාමරයක් දෙන්න ඕනි, ඇඳක් දෙන්න ඕනි. නන්දා එන්නත් කලින් මං ඒවා ලැහැස්ති කරවලා තිබ්බේ...”

“ඉතිං, ඇවිත් තුන්වෙනි දවසෙම.....”

“තුන්වෙනි දවසේ වුණත් ඒ මනුස්සයා කිව්ව දේ වැරදිද? මේ මැන්ටලේ දැන් කාලේ හැටි දන්නෙ නෑ කියලා මම කිව්වේ ඒකනෙ. නන්දා කිව්වා තමයි -මහත්තයා TV එකක් නැතිව නං ඉන්න බෑ- කියලා. ඕක මහ ලොකු දෙයක්ය. අපේ පොඩි අයියල ගෙදර තිබ්බ ටී.වී.එකක් ගෙනත් දුන්නා, එච්චරනේ....”

[අතැඹුල*= එතනට කෙළින්ම අදාළ නැතත් මට අදාළ නිසාය පසුව හරි සටහන් කරන්නේ.

“මොකද්ද අතැඹුල කියන්නේ?” මනුස්සයාගේ කටින් වචනය පැනපු ගමන්ම මම ඇසුවෙමි. කියන්නං වාලේ කිව්වත්, එයාගේ මතකයේ එහි අරුත පැහැදිලිව තියෙනවා වෙන්නට බැරිය.

... එහෙත් බොහෝ දෙනා තමන්ගේ තොරතුරු මට කියති. විමසන්නේ නැතත් මම ඔවුනට...

“ආාාාාාා! තමුසෙ හදන්නේ මගෙන් ඒ වචනේ ඉගෙන ගන්නද? මේ නෙවිල් අනුරසිරි අහුවෙයි ඒවට! හොයා ගන්නවා තමුසෙම.” නෙවිල්ට හොඳටම පුරුදු ඒ ‘උපක්‍රමය’ මට තවමත් ඉගෙන ගන්නට බැරි වුණු එකකි!]

එහෙම හපන්කම් තිබෙතත්, නෙවිල්ට ‘සතා’ අඳුනා ගන්නට බැරි බව මම කලින්ම කියා ඇත්තෙමි. අරහෙම සංවාදවලදී මගෙන් කොච්චර ඇණුම්-කෙටුම් එල්ල වුණත් ඊළඟ වතාවේ අප හමුවෙනකොට මනුස්සයාට මගේ ස්වභාවය අමතකය. තොරතුරු නිකම්ම එළියට පනින්නේ ඇහිල්ලකට ඉඩ නොතබාමය.

මටම පුදුම ඒකය. ඒ අතින් මට උරුමව තියෙන්නේ ලොකු වාසනාවකි. මා සාමාන්‍යයෙන් අනුන්ගේ තොරතුරු හාරා-අවුස්සන්නේ නැත. එහෙත් බොහෝ දෙනා තමන්ගේ තොරතුරු මට කියති. විමසන්නේ නැතත් මම ඔවුනට හොඳින් කන් දෙන්නෙමි.
ඕනෑම කෙනෙක් විශ්ව කෝෂයකි. එහි අඩංගු දේ පැහැදිලිව සොයා ගන්නට නම් හොඳින් කන් දිය යුතුය.

අද කාලයේ සවන් දෙන්නන් ඉතා හිඟය. ඒ නිසා හොඳ අසාගෙන සිටින්නෙකුට කවුරුනුත් කැමතියි වගෙය.
දැන් එහි වාසිය වැඩියෙන්ම භුක්ති විඳින අය අතර හිතාදර පාඨක ඔබත් සිටී.

2021 ඔබේ සිතුම්-පැතුම් ඉටුවෙන ප්‍රමෝදයෙන් සපිරි වසරක් වේවා!

මේ පළ කෙරෙනුයේ 2021 වසරේදී නිදිගෙ පංච තන්තරේ පළ කෙරෙන පළමු post එකයි. ඉතිං ඉස්සෙල්ලාම හිතාදර ඔබ සැමට නව වසර වෙනුවෙන් සුපැතුම් පතන්නට ඉඩ දෙන්න! 2021 ඔබේ සිතුම්-පැතුම් ඉටුවෙන ප්‍රමෝදයෙන් සපිරි වසරක් වේවා.

නෙවිල්ලාගේ අම්මාටත් 89 වෙනි උපන් දිනයට සුපැතුම්! (ඇය ඉපදී තියෙන්නේත් ජනේරු දවසකය.)

ඉතිං.... නන්දාගේ සම්ප්‍රාප්තියෙන් තෙවෙනි දවසට ආයෙමත් යමු නේද?

“නන්දාට හැමදාම උදේට හොදියි පානුයි කන්න අමාරුයි කිව්වනේ!” නෙවිල් කිව්වේය.

“ඒ කියලා...?” මම ඇසුවෙමි.

“මමත් ඇහුවා මොනවද ඕනි කියලා... ඇත්තනේ.... අපේ එක්කෙනාට ඉතිං සදාකාලිකවම පරිප්පුයි, හාල්මැස්සොයි විතරනේ ඉල්ලන්නේ... නන්දටත් හැමදාම ඒවා ගිලින්න කියන්නය. ගෑනි කිව්වා බටර්- ජෑම්- චට්නි වගේ දේවල් ටිකක් ගෙනත් දෙන්නය කියලා....”

“කවුද යකෝ චට්නිත් එක්ක පාන් කන්නේ....” මගේ කට ඉස්සර වුණේ නිකම්ම!

“ඔය චට්නි බෝතලයකුත් ගෙනත් දෙන එක මහ දෙයක්ද? මම ඔව්වා අහ-අහ ඉන්න ගියේ නෑ... සේරම ජාති ගෙනත් දුන්නා.... මොනවා නැතත් ඒ මනුස්සයා ඉන්න එක හරි ලොකු දෙයක්නේ... මට හිතේ බයක් නැතිව වැඩට ගිහිං ඉන්න පුළුවනිනෙ...”

නෙවිල්ලගේ අම්මාට අල්ලන්නට නැතිව ඇත්තෙත් මේ මිනිහාගේ ‘වැඩි සත්ත කරුණාව’ය.

මට හිතෙන හැටියට නං, නෙවිල්ලගේ අම්මාට අල්ලන්නට නැතිව ඇත්තෙත් මේ මිනිහාගේ ‘වැඩි සත්ත කරුණාව’ය.

“ඒවා ගැන නම් අපේ අම්මා මොකුත් ඔබ්ජෙක්ෂන් දැම්මේ නෑ. හැබැයි අම්මට ඇල්ලුවේ නැත්තේ කෑම බෙදිල්ල.... නන්දා මට කෑම අරින්නේ මේසෙට... වෙන වෙනම දීසිවලට. තමුසෙ දන්නෙ නෑ හලෝ! මම දැන් හෝටලේක ඉන්නවා වගේ!!
මම මේසෙට වාඩි වෙනකොටම නන්දා ඇවිත් කෑම බෙදනවා...
ළඟින්ම ඉඳගෙන -කෑම රසයිද මහත්තයා?- එහෙමත් අහනවා. දවස් දෙක තුන යනකොටම හලෝ, මෙන්න වේලපහින්ම බත් කාලා ඉන්න අම්මත් එනවා, මම කන්න හදනකොටම. ඇවිත් නන්දාට බෙදන්න ඉඩ නොදී, අම්මා කෑම බෙදනවා බැරි මරගාතේම!”

අංකොං මතු වෙන්නට පටන් ගෙන තිබුණේ එහෙමය. ‘බලන්නකො මහත්තයා... උයන වෙලාවටවත් ලොකු නෝනා මට තනියම උයන්න ඉඩ දෙන්නෙම නැහැනෙ. එයත් ඇවිත් කහ- මිරිස්- තුනපහේ දමනවා... හොදි කූරු ගානවා...’ නන්දා complain කරලා තිබිණි.

“ඉතිං හොඳයි කියන්නනේ තිබ්බේ, නෙවිල්. නන්දටත් ලේසියක්නේ...”

“ඒ වුණාට ඒ මනුස්සයා අහන්නෙ ඒක නෙවෙයිනෙ! මෙච්චර පඩියක් අරගෙන මට නිකම් ඉන්න පුළුවන්ද කියලනේ... දන්නවනේ අපේ අම්මගේ හැටිත්, අසනීපෙ නිසාද මන්දා... දැන් හැම කෙනෙක් දිහාම බලන්නෙ සැකෙන්....”

නන්දාවෝ තම රෝග නිධානය විදිහට හෙළි කරගෙන තිබුණේ....

ඊට පස්සේ දවසක ‘නන්දාව ආපසු යවන්නැයි’ අම්මා නෙවිල්ට කියා තිබිණි. “පිස්සුද අම්මේ! ඒ මනුස්සයා ඉන්නකොට අම්මටමනේ ලේසි!”

“මොන ලේසියක්ද බං? ඒ වගේද වියදම... (නන්දාට 20,000/ක් ගෙවන බව නෙවිල් අම්මාට කියලා තිබුණේ නැත.) බත් හුණ්ඩුවකුයි, පරිප්පු මිටකුයි උයල හාල්මැස්සෝ දෙන්නෙක් බැද ගන්න වැඩකාරියෙකුත් ඕනිද... එයාව යවහං චූටි. මට දැන් සනීපයි... තවම මගේ අතපයත් හොඳට හයියයිනේ...” අම්මා එහෙම කිව්වත් නෙවිල් නන්දාව ආපසු යවන්නට තීරණය කළේ නැත.

ඊට පස්සේ දවසක නෙවිල් කිව්වේ අනපේක්ෂිත කතාවකි.

“හරි වැඩේනේ හලෝ! ඊයේ නන්දාට fit එකක් වගේ හැදිලනෙ! හවස මං ගෙදර ගියාමයි කිව්වේ... මම ඒත් නන්දාට අඬ ගැහුවා බෙහෙත් ටිකක් ගන්න යමු කියලා. ඕනි නෑ කිව්වා.... එයා කියනවා, මොනවා හරි තද හිත වේදනාවක් හරි අවුලක් හරි වුණාමලු එයාට එහෙම fit එක වගේ හැදෙන්නේ.”

“ඉතිං නෙවිල්, ඔයාලගේ ගෙදර අස්සේ ඉන්නකොට ඒ මනුස්සයට මොන අවුලක් වෙන්නද?”

නන්දාවෝම තමන්ගේ රෝග නිධානය විදිහට හෙළි කරගෙන තිබුණේ -ලොකු නෝනා හිත රිදෙන්න දේවල් කිව්ව- එකය.

ඊට දවස් දෙක-තුනකට පස්සේ, ආයෙමත් ඇයට අසනීපය. මේ කාරුණික හාම්පුතාගේ බල කිරීම මතම ගෘහ පාලිකාව බෙහෙත් ගැනීමට ගියාය. තනියම නොවේ, හාම්පුතාත් එක්කමය.

‘වහාම යවපං!’. (එහෙම යැවූ දෙයක් යළි කැන්දා ගන්නට අපි දැන් සිහින දකිමු!)

“මහත්තයා ඇතුළට එන්න ඕනි නෑ...” හාම්පුතාට තහංචියක් පැනවූ ඇය දොස්තර මහතාගේ කාමරයට ගිහින් තිබුණේ තනිවමය. නෙවිල් දොස්තර මහතාගේ කාමරයේ දොර ළඟින්ම වාඩිවී සිටියෙන් දෙදෙනාගේ කතාබහ එයාගෙත් කණට වැටිලාය.

“මාර වැඩේ හලෝ! ඒ මනුස්සයා දොස්තර මහත්තයාට පරණ reports එහෙමත් පෙන්නලා. එයා විස්තර අහනකොටයි තේරුණේ. නන්දාට ලෙඩ පහක්...”
“මොකාක්?”
“ඒකනෙ කියන්නේ.... දියවැඩියාව, ප්‍රෙෂර්....” එදා නෙවිල් හරියට වාර්තා කළත්, මට මතක මේ දෙක පමණි.

“මරුනෙ!” මම හිනා කෑවෙමි.

“ඇයි හලෝ, අපේ අම්මට තියෙන්නෙ එක ලෙඩයි.... මේ මනුස්සයට පහක්... තව ටික දවසක් ගියොත් මට ලෙඩ්ඩු දෙන්නෙක්ව බලා ගන්නයි වෙන්නේ... හොඳ වෙලාවට අපේ අම්මා මේ විස්තර දන්නෙ නැත්තේ. දන්නවා නං ‘වහාම යවපං’ කියනවා ෂුවර්...”  

වහාම නොකිව්වාට පසුව තදින්ම කියා තිබ්බේ ‘නන්දා ආපසු යවන්නට’ය. ඇයව ආපසු යැව්වත් නන්දා කිහිප විටක්ම දුර කතනයෙන් කතා කරලාත්, එහාටම ඇවිල්ලාත් සැප-සනීපත් බලලා ගිහින්ය. කැත හිතකින් වෙන්නට බැරිය!

එක දෙයක් පෙන්නනවා චීත්තවාහිනියට මම අලුතින් ගොතලා ලියපු...

“තමුසෙලා අම්මා බය වෙලා වගෙයි නෙවිල්, මට නම් පේන්නේ. ඔහොම ගිහින්, නන්දා ගෙදර නෝනා මහත්තයා වේවිය කියලා....!”

“අපෝ... පුළුවන් නම් හදනවා කතාවක්.... තමුසෙට එක වචනයක් ඇතිනේ, කතන්දරයක්ම ගොතන්න. තමුසෙගෙ චීත්තවාහිනියට.” 

“එක දෙයක්... එක දෙයක් පෙන්නනවා චීත්තවාහිනියට මම අලුතින් ගොතලා ලියපු... මං ලියන්නේ ඇත්තම ඇත්ත විතරයි. හැබැයි නෙවිල්. තමුන්නාන්සේටම මතක නෑ මේවා වැඩි හරියක් මගෙත් එක්ක ඔබතුමාම කියපු දේවල් බව....”

“අපි අවංක වැඩියි ඕයි! තමුසෙ තමයි දවල් හොරා!
ඒ කතාවට නම් 'නැහැයි' කියන්නට බැරිය. මං වහන්සේ මව් කුසයේ ඉන්නා කාලයෙදීමය, මං එහෙම එකෙකු බව කියලා තිබුණේ.

නන්දා නිසා එක ලොකු හොඳකුත් වුණේය. මාස කිහිපයක් යනතුරුම නෙවිල්ල අම්මාගේ අමතක වීමේ ගතිය හොඳටම අඩුවෙලා තිබුණේය. යටපත්වී තිබුණු ඒ ගතිය යළි හිස එසෙව්වේ ටිකෙන්-ටිකය.

එහෙම වෙද්දීය දවසක ගෑස් ළිප අවුළුවා බිමට දැමූ ගිනිකූරකින් අම්මාගේ සායට ගින්දර අල්ලා  තිබ්බේ. පූර්වාරක්ෂක ක්‍රම ගණනාවක් යෙදවුණි. (ඒවා කියන්නේ පස්සෙය. ගැළපෙන තැනක් ආවොතින්ය.)
ඒ එකක්වත් හරි නොගිය තැන නෙවිල් කෝකි වැඩේට බැස්සේය. දැන් මිනිහා උදේට උයයි; වතුර උණු කොට උණුවතුර බෝතලයකට පුරවයි- ඒ තේ හදා ගන්නටය. ඊළඟට ගෑස් නලය ගලවා දමයි. අම්මාට එය සවි කර ගන්නට බැරිය.

මානව ලිංගිකත්වය හා ජනිතයන් ඇතිවීම ගැන ඇති පදම් කිව්වා මතකයි නේද?

මේ හාදයා දැන් හවසට ඉක්මනින් ගෙදර දුවයි; ඒ අම්මාගේ රෑ කෑම රත්කොට දෙන්නටය.

අම්මා සීතල වුණු කෑම කන්නට ප්‍රිය නැත.

මට දුක හිතෙන්නේ දැන්ය. මෙහෙම මනුස්සයාටය, මං දයාබර අංචියක් අදිමින් හිටියේ; 35 වෙනි උපන් දිනය නිමිත්තෙන්..... එයා නිකමට දෙඩූ වාගාඩම්බර කතාවක් හින්දාය. අනේ මල්ලී.... මේ දවස්වල මට සල්ලිවලට කරන්න දෙයක් නැතිවයි ඉන්නේ! ඒකත් මට කියූ කෙහෙල්මලක් නොවේ.

අසිරිමත් වූ දේකි’ පොස්ටුවලදී මානව ලිංගිකත්වය හා ජනිතයන් ඇතිවීම ගැන ඇති පදම් කිව්වා මතකයි නේද?

එහෙම පින්බර ව්‍යායාමයක යෙදෙද්දී දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ නෙවිල්ලාගේ තාත්තාගෙන් කිසිම අඩුවක් නැතිව පුතුන් තුන් දෙනාටම උරුමවී ඇත්තේ ‘ගෝරිලි ගමන’ යැවෙන ජානයි!
(මේ මට පෙනෙන විදිහය. නිමල්, මෙරිල්, නෙවිල් තුන් දෙනාම ගමන් කරන්නේ ගෝරිල්ලෙකු සිහිපත් කරවමිනි. උරහිස් ඍජු නැත; මඳක් පහතට බරය; අත් ටිකාක් වක්වී එල්ලා හැලෙනවා වගෙය.... කකුලුත් යාන්තම් පොඩ්ඩක් බකලයිද මන්දා.....)

එහෙම වුණාට ලොකු පුතණ්ඩියාට ‘අයිඩියානන්ද ජාන’ නම් එහෙම පිටින්ම දීලාය. (බාලයන් දෙන්නාම ඒ අතින් බාලය!)

ආප්ප හැදීමේ හපන්කමත් එහෙම උරුම වූවක් වෙන්නට ඇති! හැබැයි, බාසුරු උන්නැහේගේ ආප්ප පාටියට ගහන්නට එකක් නං හොරණදීවත්, තලපත්පිටියේ ශ්‍රී බෝධිරුක්ඛාරාමයෙ පින්කම්වලදීවත් කෙරුණේ නැතිය. ඒ තැන්වලදී රමණීලා කඩිමුඩියේ ගෑස් ළිප් තුන හතරක ආප්ප හදා දුන්නෝය.

“... ඔයා මටයි ඔයාගේ press එකේ යාළුවෙකුටයි පවරලා තිබ්බ ඩියුටිය?” සුනිල් මල්ලීගේ දෙවෙනි පුතා චන්දන ජයශංඛ දිසානායක.. (වම් කෙළවරේ), ශම්මි ප්‍රදීප් කුමාර (දකුණු කෙළවරේ)

නෙවිල්ලා ගෙදරදී ආප්ප පුච්චා ගත්තේ කන අපමය. හීනි දර කෝටුවලින් ගින්දර දමමින් දර ළිප් දෙකකය! ‘ගතියක් ආවේ’ බාසුරු මහත්තයාගේ ඒ සැළසුමෙනි

පාටියට අවශ්‍ය කෑම පිළියෙළ කෙරුණේ නෙවිල්ට යන්තම්වත් නොදැනෙන විදිහටය. ‘අපි අරවා හදන්නම්!’, ‘අපි එනකොට ඩෙසර්ට්වලට මේවා ගෙනෙනවා....’ යැයි මට දැනුම් දුන් අයත් හිඟ නොවිණි. සැර බීමත් අඩු නැතිව තිබුණත් එය කාගෙන්; කොහොම කෙරුණාදැයි මතකයක් නැත.

“මහප්පාට මතකද, ඔයා මටයි ඔයාගේ press එකේ යාළුවෙකුටයි පවරලා තිබ්බ ඩියුටිය?” සුනිල් මල්ලීගේ දෙවෙනි පුතා චන්දන ජයශංඛ දිසානායක මේ ළඟදීත් මගෙන් ඇහුවේය.

මගේ press එකේ යහළුවාය කිව්වේ ශම්මි ප්‍රදීප් කුමාරටය.
තණමල්විල කොල්ලගෙ යටිබඩ’ post එකකදී කියූ අවිත්තාවේ ගඟක වැලි ගොඩ දමන පාරු ගමනකට මාවත් සහභාගී කරවා ගත්තේ මේ ප්‍රදීප්ය! 

පාන්දර තුනට විතර අපි දෙන්නා කන්න යද්දී බිත්තර ආප්ප ඉවරත් වෙලා...

“මොකද මට මතක නැත්තේ... තමුසෙ බූමිතෙල් නාගෙන, දැලි පෙරාගෙන හිටියේ ‘කිළුටු කුමාර්’ වගේ!”

“කවුද ලොකූ කිළුටු කුමාර්? මාව එහෙම වුණේ ඔයා අපි දෙන්නට කරන්න කියපු වැඩේ හින්දනේ. අර අයියට කියන්නයැ පිච්චිලා ඉවර වෙන පන්දම් අයින් කරන්න කියලා.... අපේ වැඩේ නිසා මමම කළා.
Mans කළේ පාන්කඩ පුරෝපු තැඹිලි කොම්බවලට භූමිතෙල් දදා හිටපු එක... මොනවා වුණත් එදා මාර ගති ලොකූ...
ලාඩප්පා කෝටු උඩ ගැට ගහපු තැඹිලි කෝම්බ පන්දම් 60-70වක් තිබුණා වගේ.... ඊටත් වැඩිද මන්දා... එදා අපි දෙන්නට හිතේ හැටියට අඹරන්නවත් No chance.... පාන්දර තුනට විතර අපි දෙන්නා කන්න යද්දී බිත්තර ආප්ප ඉවරත් වෙලා....” ජයශංඛට මතක ඒ හරියයි.

“ඒ වුණාට ජයෝ දැනුත් ඔයාට thank කරන්න ඕනි. ඔයාලා දෙන්නා නියමෙට ඩියුටිය කළා....”

“එතකොට අපි ඔයාට මාර බයයි ලොකූ.... අයියයි මායි දෙන්නම.... දැනුත් ඉතිං ඔයා නාකි මැන්ටලේ කියලත් ඔය යකා වෙනසක් වෙලා නැහැනෙ.....”
ඒ සමහර දෙනෙකුට නිමල් දිසානායකව පෙනෙන විදිහය.

පාටියේ හොඳම දෘශ්‍ය සාක්ෂිය විනාශ වුණේ ‘පුස් කෑම’ හින්දාය. පුස් කෑවේ VHS ටේප් එකකි.

“නිමලෝ, මගේ ගානේ මම මුළු පාටියම වීඩියෝ කරලා දෙනවා.” බණ්ඩාර රත්නායක කීවේය. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තජකයෙදී මා හඳුනාගත් සුනීතා කරුණාරත්න, සුනීතා රත්නායක වුණේ බණ්ඩාර ගොයියා නිසාවෙනි. (ජීවිතයේ පළමු හා එකම වතාවට මා 'ඉක පුරාගෙන' තල ගොබයකින් පෝරුවක් ගැහුවේ එයාලා වෙනුවෙනි.) 

‘වළං කඩේ සම්පතා’ ‘පුස් අරවන තැනක්’ මීගමුවේ තියෙනවා කියලා, වීඩියෝ දෙකක්....

වීඩියෝ පීස් එක පුස් කාලා වුණත් අපේ ගෙදර තිබුණේය. ‘වළං කඩේ සම්පතා’ ‘පුස් අරවන තැනක්’ මීගමුවේ තියෙනවා කියලා, වීඩියෝ දෙකක් අරගෙන ගියා-ගියාමය. ඉතා වැදගත් සිහිවටන දෙකක්ම ‘වඩබා මුඛය’ට ගිහින් අවුරුදු තුනකටත් වැඩිය. 

අදටත් මා වෙනුවෙන් අතින් කාගෙන හරක් බලන හෙට්ටිආරච්චිගේ නෙවිල් අනුරසිරි පෙරේරා හිතවතාගේ 35 වෙනි උපන් දිනය මහ ඉහළින් සැමරුණේය. උපන් දින උත්සවය හමාරවීලා දෙදිනකට පස්සේ මම සවිස්තරාත්මක අය-වැය සඳහන් A4 කොළ තුනක් නෙවිල්ට දිගු කළෙමි.

“මට මොකටද හලෝ මේ මඟුල්?” නෙවිල් ඇහුවේය.
“බිල හරියට නොදී සල්ලි ඉල්ලා ගන්නේ කොහොමද යකෝ?”

“ඈ? තමුසෙගෙ ගණනේ නෙවෙයිද යාළුවට B’day පාටිය දුන්නේ?”
“මට කසනවටයැ?”

“ඇයි හලෝ, එහෙමනේ යාළුවන්ට සලකන්නේ. මේක යකාගේ පාටියක්නේ... මාව සම්පූර්ණයෙන්ම ගොනාට අන්දලා; කුමන්ත්‍රණේ කරලා; මගේ කාර් එකෙන්ම ගිහින් මට හොරා අපේ එවුන්ට පණිවිඩ කියලා; සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි එකක් දීලා දැන් වියදම් ඉල්ලන්නේ.... තමුසෙට ලජ්ජ නැද්ද හලෝ?”

“මට ලජ්ජ කියලා දෙයක් නෑ මනුස්සයෝ.... හිතුණාද කළා, කාටවත් වැරැද්දක් නොවෙනවා නං! මතකයිද, පහුගිය ටිකේ තිස්සෙම තමුන්නාන්සේ කිය- හිටියා සල්ලිවලට කරන්න දෙයක් නැතිය කියල. ඒකට තමයි මේ return එක දුන්නේ... හා... හා.. දෙනවා වියදම විතරක්. මම ශ්‍රමයට ගාණක් දාලා නෑ. සල්ලි දීලා ගෙනාව දේවල්වල විස්තර විතරයි ඔය තියෙන්නේ....”

බඩ බැඳගෙන ඉන්න යාළුවො, නෑයෝ එකෙක්වත් නිකමටවත් මේ මඟුල ගැන මට කිව්වේ නැහැනෙ.

වියදම වුණේ රුපියල් දාහතර දහස් ගණනකි. “මොකුත් හිතන්න එපා, නෙවිල්. හැමෝම දන්නවා මේක කෙරුණේ ඔයාගේ වියදමෙන්ම තමයි කියලා...”

“යකෝ... බලාගෙන ගියාම මේ යක්කු හැමෝටම මට වැඩියෙන් තමුසෙව ලොකු වෙලානේ.... බඩ බැඳගෙන ඉන්න යාළුවො, නෑයෝ එකෙක්වත් නිකමටවත් මේ මඟුල ගැන මට කිව්වේ නැහැනෙ.” මුදල් බේරන ගමන් නෙවිල් කිව්වේ එච්චරය. ඒ වෙලාවේ.....

Sunday, December 27, 2020

යුවති කිරිල්ලී - නවවෙනි කොටස

ඒවා එතකොට බලා ගනිමුකෝ.... මං ඉපදුණේ උඹට ඉස්සෙල්ලනේ නංගියේ....

ඒවා එතකොට බලා ගනිමුකෝ.... මං ඉපදුණේ උඹට ඉස්සෙල්ලනේ නංගියේ.... ඉතිං උඹට බෑ මං කරන්ඩ ඕනි එව්වා කියා දෙන්න.... මෙතැන පැහෙන්ඩ හදනවා....වික්‍රම සොහොයුරියව හොඳ හැටි මැඬෙව්වේය..... 

8

පුතුගේ හදිසි එංගලන්ත ගමන කුමාරිහාමි බෙහෙවින් කම්පාවට පත් කළ එකක් වූයේය. නිතරම කල්පනාවට වැටී සිටි ඇය කඳුළු පිරි දෙනෙතින් යුතුව ඔහේ බලා සිටින්නටද පුරුදු වූවාය. දන්තුරේ බණ්ඩාර අප්පෝ මේ තත්ත්වය ඉවසා සිටියේ අපහසුවෙනි.

“මැණිකේ.... මේ වෙලාවේ සන්තෝස වෙන්ඩයි ඕනේ...ළමයි ලොකු මහත් වෙලා අපෙන් ඈත්වෙන එක තමයි සොබාවේ. උන්ට හැමදාම අපි ගාවම ඉන්ඩ පුළුවන....? අනික පුතා ගියේ මහ කාලෙකටය. ඉගෙනගැනිල්ල හමාර වෙච්චි ගමන්ම ආයෙ එනවනේ...”

දන්තුරේ බණ්ඩාර කෙසේ කියුවද කුමාරිහාමිට ළඟ එන විපතක ඉව දැනී තිබුණා මෙනි. “මට තේරෙනවා.... ඒ වුණාට දෙයියනේ මගෙ හිත වාවන්නෙ නෑ. මට තේරෙනවා, මොකක්දෝ විපත්තියක් නං අත ළඟම වග!”

ආයෙ මං නරක මිනිහයි කියන්ඩ එපා!...(ස්තුතියි උදේනි! foto එක ගත්තාට, තවම ඔයාගේ කොටස් ලිව්වේ නෑ....)

“ඔය විදිහට තිස්සෙම හූල්ල-හූල්ලා ඉන්ඩයි, කඳුළු වක් කරන්ඩයි ගත්තොත් ආයෙ මං නරක මිනිහයි කියන්ඩ එපා!... මම ලියුමක් යවනවා ඔක්කොම අල්ලා දාලා අම්මගෙ තුරුල්ලට වරෙන් පුතේ කියලා.... තේරුණාද?”

සැමියා කීවේ විහිළුවට නොවන වග කුමාරිහාමි දනියි. පුතුගේ අධ්‍යාපනයද එයින් කඩාකප්පල්වී යා හැකිය. ඇය අමාරුවෙන් ඉවසා සිටින්නට වූවාය. වාවාගත නොහැකිම තැන ඇය හඬා වැටුණේද රහසිනි; ඒද අප්පො වලව්වේ නැති වෙලාවකය.

********

“තවම ඔය වන කෙටිලා නැද්ද මයෙ දුවේ?”

මාලතී මෝල් ගහ ඉවතට ගෙන වංගෙඩියේ වූ මඩු පිටි ටිකක් අතට ගෙන බැලුවාය. “කෝ.... දීපං දුවේ. ඔය ටික හලලා ඉමු....” සිසිලියානා හැන්දකින් වංගෙඩියේ වූ පිටි පෙනේරයට දමන්නට වූවාය.

“අම්මටත් ඉතිං පුතා, පුතා, පුතාම විතරයි!”

“මොකද බං නහයෙන් අඬන්නේ?”

මොකද අහන්නේ.... අයියට විතරයි අම්මලත් ආදරේ....

“මොකද අහන්නේ.... අයියට විතරයි අම්මලත් ආදරේ.... අපේ පණ යනවා...” මාලතීගේ ආඩපාලි සිසිලියානා ගණනකටවත් ගත්තේ නැත.

“මට අයියත් එකයි, උඹත් එකයි.... ඇයි බං දුවේ, අයියා දැන් හෙටානිද්දා ගියාම ආයෙ කවදා එන්ඩ වෙයිද දන්නවයැ?”

“මොකද, අම්මලාද මට නිවාඩු දෙන්න හදන්නේ? පිස්සුද මන්දා....” කමිසයක් ඇඳ ගනිමින් වික්‍රම දුම්ගෙට ඇතුළු වූයේය.

“මොකද මෙයා බුම්මාගෙන?”

“නංගී කියනවා මං උඹට විතරයිලු සලකන්නේ.... ආවදා ඉඳලම අරව-මේව හදල දෙනවලු උඹටය කියලා...”

“ඊරිසියාකාරි!” වික්‍රම තරහෙන් මෙන් කියා සොහොයුරියට ටොක්කක් ඇන්නේය. “මෝඩි! අපි ඔක්කොම ආදරේ උඹටනේ.... මොකෝ ම‍ටත් වෙන අයියල අක්කල ඉන්නවය? ඒ ඔක්කොටම හරියන්න මට ඉන්නෙ උඹ විතරයිනෙ...”

“චාටු කතා!” මාලතී තරහෙන් මෙන් හිස ගස්සා පසෙකට හැරුණාය.

“අපෙ අම්මා දන්නවද මේකි මේ පුම්බාගෙන ඉන්නෙ මොකද කියලා.....” වික්‍රම මව දෙස බලමින් ඉඟි මැරුවේය. සිසිලියානා පුතුගේ හැටි දන්නී, ඔහු උසි ගැන්වූවාය.

...ඉක්මනටම මෙයාට මනමාලයෙක් හොයන්න ඕනිය කියලා... මේකිට දැන් තරහයි.....

“මොකද පුතේ?”

“මං එදා කිව්වනේ ඉක්මනටම මෙයාට මනමාලයෙක් හොයන්න ඕනිය කියලා... මේකිට දැන් තරහයි මං තාම ඒක කළේ නැහැයි කියලා.....”

“බලන්නකෝ අපෙ අම්මා.....!” හඬා වැටුණු මාලතී ගෙට දිව්වාය.

“ඒකිට ලජ්ජා හිතුණා මයෙ පුතේ... පව් අහිංසකී!”

දින කිහිපයකින්ම ධනුෂ්ක දිය ඇල්ලට නොපැමිණි බැවින් මාලතී දවස ගෙවූයේ ශෝකයෙන් දැවෙමිනි. මෙවැනි අවස්ථාවන් ඉවහල් කොටගෙන සොහොයුරාටත්, මවටත් ඇගේ ළතැවිල්ල වසං කිරීමට මාලතී පුරුදු වී ඇති බව ඔවුහු නොදනිති. “මං යනවා අම්මේ, චන්ද්‍රලගෙ ගෙදරට ගිහින් එන්න.... දවල්ටත් එහෙ කෑම හදනවය කිව්වා....!”

“ඇයි මයෙ පුතේ... අපිත් මේ මඩු පිට්ටු ටිකක් හදන්ඩ ගත්තේ පුතාටමය කියලා...”

“රෑට කන්නං අම්මා. හෙට පාන්දරින් ආයෙ යන්නත් එපැයි.”

වික්‍රම නික්ම යමින්; ඇඳ මත වූ කොට්ටයක් ගෙන, වැතිරී සිටි මාලතීට දමා ගැසුවේය. ඇය හිස ඔසොවා බැලුවේවත්, ඔහු සමඟ දබරයට ගියේවත් නැත.

********

“ඇයි චන්ද්‍රක්කේ.... අප්පො එහෙම කළේ....?”

පව් අසරණී! දුක ඇති....
වාවාගත නොහැකි සොවින් වැලපෙන මාලතී චන්ද්‍රාගේ උකුලෙහි මුහුණ හොවා ගත්තාය. “පව් අසරණී! දුක ඇති....” චන්ද්‍රා කිසිත් කියුවේ නැත.

ධනුෂ්ක නැවතත් එංගලන්තයට ගිය බව ගම්මුන් දැනගත්තේ සතියකටත් වඩා ගත වී ගිය පසුවය. එහෙත් ඔහු හදිසියේම ඔහු එසේ ගියේ මන්දැයි කිසිවෙක් නොදත්හ.

“යේක පුංචි අප්පොට ලියුමක් තමා ආවා... ඉත්තිං අදිසියේම තමා ගියා අප්පා....” රාමන් කියා තිබුණු බව පසුව ආරංචි වුණේය.

“අප්පො මගෙන් අවසර ගන්ඩ ඕනෙ නෑ.... ඒත් මේ දුප්පත් එකීටත් කියල යන්ඩ ධනුෂ්ක අප්පොට යුතුකමක් තිබුණා නේද අක්කේ? මේ පපු කැනත්ත ඇතුළේ අප්පොට කොයි තරං සෙනෙහසක් නං තියෙනවද කියල අප්පො දන්නෑ අක්කා....”

මාලතී දිගටම කියවූවාය.

“නංගියෙ.... සල්ලිකාර හුඟාක් අයට ආදරේය කියල දෙයක් නෑ බං... ආසාවක් මිසක්. විසේසෙන්ම පිරිමින්ට... ගෑනු අපි තමා ආදරේ මත්තේ නැහෙන්නේ... අපි ඕක මහා මේරුවක් තරමට ගණන් ගත්තට, හුඟක් පිරිමින්ට ආදරේය කියන්නෙ සෙල්ලමක්...”

සිතිවිල්ලේ සිටි චන්ද්‍රා නැවතත් කතා කළේ හීන් හඬකිනි. “කවුද දන්නේ, අප්පොත් මහ එකා වගේමද කියලා....”

රොෂාන් කැමතියි ධනුෂ්කගේ role එක කරන්න.... විල්මට්ගේ චරිතෙට බුද්ධි වික්‍රමව ගන්න....

“අනේ චන්ද්‍රක්කේ... අප්පොට එහෙම කියන්ඩ පව් අක්කේ...”

“එතකොට ධනුෂ්කටත් එක්කෙනෙක් තෝරාගෙන ඉවරයිද?” මම සෝමපාල ලැනරෝල් මහතාගෙන් ඇසුවෙමි. මාලතී මෙසේ විය යුතු යැයි මගේ හිතේ රුවක් ඇඳී තිබුණේ නැත. සමන්ති ලැනරෝල් සිසිලියානාගේ චරිතයට එතරම් ගැලපේ යැයි මට සිතුණේ නැති බව එදා නොකීවත් දැන් කිව යුතුය.

“මිස්ටර් නිමල් රොෂාන් පිලපිටියගේ ටෙලීස් දැකල ඇතිනේ.... රොෂාන් කැමතියි ධනුෂ්කගේ role එක කරන්න. අපි තවම හිතේ තියාගෙන ඉන්නේ තව එක නළුවෙක්ව විතරයි... ඒ විල්මට්ගේ චරිතෙට බුද්ධි වික්‍රමව ගන්න.... කොහොමද? ඔයා මොනවද හිතන්නේ අපේ නළු-නිළි තේරීම ගැන......”

“අනේ මිස්ටර් ලැනරෝල්, පොත ලියලා ඉවර වුණාම මගේ part එක ඉවරයි. මම මට ඕනි හැටියට පොත ලිව්වා. ඒක ටෙලියකට හරි film එකකට හරි කෙරෙනවා නං, මම ඒකට ඇඟිලි ගහන්න කැමති නෑ. පොත මගේ වුණත් කියවන හැම කෙනාටම එකම විදිහට නෙවෙයිනේ, කියවද්දී චිත්ත රූප මැවෙන්නේ. එක-එක චරිත වුණත්...! මට තියෙන ප්‍රශ්නේ එක නෙවෙයි...” මම ඇත්තම කීවෙමි. සෝමපාල ලැනරෝල් මහත්තයා කලබල වුණේ එතකොටය.

“ඇයි, මිස්ටර් නිමල් කැමති නැද්ද පොත අපට දෙන්න...”

අද කාලේ කෙරෙන ලජ්ජා නැති වැඩවල හැටියට.... (අද විතරක් නොවේ, හැමදාමත් මෙහෙමය!)

“නෑ නෑ, එහෙම කැමති-අකමැති ප්‍රශ්නයක් නෙවෙයි. අද කාලේ කෙරෙන ලජ්ජා නැති වැඩවල හැටියට මට හරි පුදුමයි, ඔබතුමා මෙහෙම මාව හොයාගෙනම ආවට.... වෙන කෙනෙක් නං සද්ද නැතිව මගේ කතාව කොපි කරලා.... පොඩ්ඩක් වෙනස් කරලා ටෙලිය කරනවානේ.... අවසර ගන්න රස්තියාදු වෙන්නෙත් නෑ- වියදම් කරන්නෙත් නෑ!”

ඇත්තෙන්ම ලැනරෝල් මහතා ගැන මම ඒ වනවිටත් බෙහෙවින් impressවී උන්නෙමි; පැහැදී උන්නෙමි.

“එහෙම අයත් field එකේ ඇති... මම නම් එහෙම වංචා සහගත දේවල් කරන්න කැමති නෑ. එහෙම හොරු නිසා තමයි අවංකවම කලාව කරන මිනිස්සුන්ටත් පිළිගැනීමක් නැතිවෙලා තියෙන්නේ.... ඔයාත් කරලා තියෙන්නේ නිර්මාණයක්.... ඒක වෙනත් නිර්මාණයක් විදිහට කරනවා නම් ඔබතුමාටත් නිසි ගෞරවය දීලා- අවසරය අරගෙන- ගෙවීමකුත් කරලා තමයි කරන්න ඕනේ.” ලැනරෝල් මහතා සුසුමක් පා කළේය. “ඉතිං මිස්ටර් නිමල් අපට පොත පවරන්න කැමතියි නං මම අපේ producer මහත්තයාවත් එක්කගෙන එන්නම් ඔයාව හමුවෙන්න....එතකොට ඔබතුමාම ගණන් හිලව් එහෙම කතා කරගෙන....”

යුවති කිරිල්ලී පොත ටෙලියකට නඟද්දී එහි නිෂ්පාදකවරයා වෙන්නට කැමැත්තෙන් සිටි ව්‍යාපාරික මහතා සමඟින් සාකච්ඡාවකට මේ ලියන්නාට මඟ පෑදුණේ එහෙමය.

මගේ පසුබිම් කතාවෙන් අදට කියන්නේ එච්චරය. නැවතත්....

ඔන්න, මගේ පසුබිම් කතාවෙන් අදට කියන්නේ එච්චරය. නැවතත් පොතේ කතාවට යන්නෙමි.

“ඔය බලපං ඉතිං... උඹේ තියෙන ආදරේ තරමටම ධනුෂ්ක අප්පොත් උඹට ආදරෙයි නං...”

මාලතීට ඉතිරිය ඇසුණේ නැත. ඈ වෙවුලා ගියාය. “ධනුෂ්ක අප්පො මෙච්චර කාලෙකට මට ආදරේය කියලා නෑ. කවදාවත්... කවදාවත්ම මට කියල නෑ අප්පොත් මට ආදරේ කරනවය කියලා... මමයි අප්පොට ආදරෙයි කියල කිව්වේ......” සිතුණු දේවල් චන්ද්‍රක්කාට කීමෙහි තේරුමක් නැත.

මේ තත්ත්වය ඇයට වටහා ගැනීමට අසීරු එකක් බව මාලතීට සහතිකය.

ආදරයත්, එහි සුඛ-දුක්ඛ වේදනාවනුත් චන්ද්‍රාට නුහුරු දේවල් නොවේ. ඒවා කාටත් පොදුය..... චන්ද්‍රා ඒ බව දනියි. වෙනසකට ඇත්තේ ඇයගේ එවන් හැඟීම් ගැන මාලතීට පවසා නොතිබීම පමණි.

“මට තේරෙනවා නංගියෙ, උඹ අඩුම ගානේ මුල ඉඳලම දන්නවා උඹ දුවන්නෙ මිරිඟුවක් පස්සෙය කියලා. එහෙම දැන-දැනත් පස්සෙන් දුවලා උඹ අද අඬනවා.... පොඩ්ඩක් හිතපං මං ගැන.. උඹට වුණත් කවදාවත් හිතිලා තියෙනවද මං කොච්චර අඬන්ඩ ඕනෙද කියලා...”

යුවතියකගේ වේදනාවන් හමුවෙහි තවත් සෙනෙහැති යුවතියකගේ හදවත් අගාධය පත්ලේම නිදන්ව පැවති වේදනාවන් උතුරන්නට පටන් ගෙන තිබිණි. වියළී යන කඳුළැලින් යුතු මාලතී, කඳුළින් පෙඟී දිලිසෙන චන්ද්‍රාගේ දෑස් දෙස බලා සිටියාය.

“.... උපාධිකාරයෝ රස්සාවල් නැතිව වේළෙද්දී අපිට කොහෙද රස්සාවල් තියෙන්නෙ...?” හමුදා රැකියාවට ඉල්ලුම් පත් දැමූ දිනයේ...
“මං උඹලගේ අයියට ආදරේ කළේ ඉස්කෝලේ යන කාලේ ඉඳල... වික්‍රමත් එහෙමයි... දවසක් දෙකක් - මාසයක් දෙකක් නෙවෙයි, අවුරුදු අටක්... ඒ ලෙවල් පාස් කරගෙන කොහොම හරි රස්සාවක් හොයාගෙන එකතු වෙන්ඩයි අපි බලං හිටියේ... ඒත් මොකද වුණේ...?”

උසස් පෙළ සමත් වුවද රැකියාවක් ලබා ගැනීමට වික්‍රම සමත් වූයේ නැත. ‘තරුණ පරපුරට තැන දෙනවා’ යැයි දෙසන වැඩිමහල්ලන් වැජඹෙන රටක වික්‍රමලා දහස් ගණනක් අසහනයෙන් දැවී දිවි ගෙවති. ඔවුනගේ හෙට දවසද සිහිනයක්ම පමණක් නොවේද? වික්‍රම නිවසටම වී කාලය කා දැමූයේ කොතරම් අසීරුවෙන්දැයි මාලතීට මතකය.

“පුංචි කාලෙම තේ වත්තෙ වැඩට ගියා නං මීට හොඳයි.... උපාධිකාරයෝ රස්සාවල් නැතිව වේළෙද්දී අපිට කොහෙද රස්සාවල් තියෙන්නෙ...?” වික්‍රම තාත්තා සමඟින් වාද කළේ හමුදා රැකියාවට ඉල්ලුම් පත් දැමූ දිනයේය.

සියලු දෙනාම විරුද්ධ වුවද වික්‍රම ඒ ගැන තැකුවේ නැත. උගත්කම නැතත්, උස- මහත- නිරෝගී බව තිබුණු තරුණයෙකුට ලබා ගැනීමට පහසුම රැකියාව ඔහු තෝරා ගත්තේය.

අපි දෙන්නගේ ඔක්කොම බලාපොරොත්තු; හීන ගොඩනැඟිල තියෙන්නෙ බලාපොරොත්තු නැතිකම මත්තේ...

“අයියා හමුදාවට බැඳුණේ ආසාවෙන් නෙවෙයි. මාත් කැමති වුණේ නෑ. ඒත් මම එපා කිව්වෙත් නෑ... මම දන්නවා වික්‍රමට වෙනින් කරන්ඩ කිසිම දෙයක් තිබුණෙ නෑ. අපි දෙන්නගේ ඔක්කොම බලාපොරොත්තු; හීන ගොඩනැඟිල තියෙන්නෙ බලාපොරොත්තු නැතිකම මත්තේ...”

බොහෝ වෙලාවක් කතා කළේ චන්ද්‍රා පමණි. අසා සිටිනවා විනා කිවයුතු යමක් මාලතීට වැටහුණේ නැත.

“හඳහන් බැලුවට, වෙලාවල් බැලුවට, නැකත් හැදුවට කවුද දන්නේ හෙට මොනවා වෙයිද කියලා... හැමදාම පත්තරේ තියෙන්නේ, ටී.වී එකේ පෙන්නන්නේ හමුදාවල අය රට වෙනුවෙන් ජීවිතේ පූජා කරලා තියෙන හැටි! ඒත් වික්‍රමල වගේ අයම තමයි නංගියෙ.....”

මෙතෙක් වෙලා නොහඬා සිටි චන්ද්‍රා හඬා වැටුණාය.... දෙදෙනාම එක අයෙකු වෙනුවෙන් හඬා වැටෙති, එක යුවතියකු සොහොයුරා වෙනුවෙන් හඬද්දී, අනෙක් එකිය පෙම්වතා වෙනුවෙන් හඬන්නීය....

********
දැන් මාලතී දිය ඇල්ලට යන්නේ නොයා බැරි බැවිනි!

මතක තෝතැන්න පමණක් ඉතිරිව තිබියදී ඔහු සමු නොගෙනම පිටවී ගොසිනි!

නැවතත් වතාවක් දිය ඇල්ල අසලදී ධනුෂ්ක අප්පොව හමු වීම සිහිනයක් පමණෙකියි මාලතී දනියි. ඔහු වාඩි වී සිටි ගල් කුළ තවමත් එතැනමය. එහෙත් ඔහු නැත. ඔහුගේ සුවඳක් පවා ඉතිරි නොකොට, හදිසියේ පැමිණි ලෙසින් හදිසියේම ඔහු පිටවී ගොස් ඇත.

ඔවුන්ගේ මිහිරි මතකයන් සියල්ලේම කේන්ද්‍රස්ථානය තවමත් එසේමය. මතක තෝතැන්න පමණක් ඉතිරිව තිබියදී ඔහු සමු නොගෙනම පිටවී ගොසිනි; ඈතින් ඈතට ගොසිනි.

මානා පඳුරු යායම තම සුසුම්වලින් ලෙළවී යනු බලා සිටි මාලතීට හීල්ලුණි.

“මාලතී, ඔයා කවදා හරි දවසක මට සාප කරාවි!”

“නැහැ ධනුෂ්ක අප්පො! කවදාවත්ම නැහැ.... මං කවදාවත්ම අප්පොට සාප කරන්නෙ නෑ.... අප්පො මට කිසිම වැරද්දක් කරලා නැතිකොට...”

“මං ඔයාට මේ කරන වැරැද්දම ඇති කෙල්ලෙ...”

එවනි අවස්ථාවක හැමදාමත් ඔහු පුරුදු වී සිටියේ නිහඬ වීමටය; සුසුම් හෙළීමටය. ඔහු එතැනින් එහාට කිසිවක් කීවේ නැත. ධනුෂ්ක සඟවාගෙන සිටියේ කුමක්දැයි දැනගන්නට මඟක් මාලතීට තිබුණේ නැත.

දවසක හදිස්සියේම මට ඔයාව හම්බ වුණා. එදා නං....

“මං අප්පොව දකින්ඩ ආසයි. අප්පොත් එක්ක කතා කරන්ඩ ආසයි.ඒ හින්දයි මම හැමදාම මේ වෙලාවට දුවගෙන එන්නෙ.  පුළුවන් තාක් කල් මම ඒක කරනවා....” එදා දඟකාර එඩිතර බවකින් තමා කියූ හැටි ඇයට මතකය.

“දවසක හදිස්සියේම මට ඔයාව හම්බ වුණා. එදා නං මං හිතාගෙන ආවෙ නෑ ඔයාව හමුවෙන්න. ඒත් අපි හම්බ වුණා... ඊට පස්සේ මේ දිය ඇල්ල ළඟට ආව හැම වතාවෙම මං ආවේ ඔයාව හමුවෙන්න බලාගෙන.... ඒ වුණාට මාලතී මට හැමදාම මෙතැනට එන්න ලැබෙන්නෙ නෑ. මට එහෙම බැරි වෙන දවසකුත් ඒවි..... එදාට.... එදාට ... ඔයාට පුළුවන් නම් මාව බලන්න එන්න!”

ධනුෂ්කගේ මුහුණෙහි ඒ මොහොතේ රැඳී තිබුණු ගුප්ත ස්වභාවය මාලතීට කිසි විටෙකත් අමතක නොවන්නකි.

‘මං කොහොමද ධනුෂ්ක අප්පෝ හැතැප්ම දාස් ගාණක් ඈතට එන්නෙ...? අහස් යාත්තරාවක, නැවක නැඟලා එන්ඩ තරං හයියක් මට නැති බව මං දන්නව දෙයියනේ.....’

තවත් සුසුමක් හෙළූ මාලතී නැඟිට්ටාය. අඩි පාරේ මඳ දුරක් ගිය ඈ, අත් පොළසන් හඬක් ඇසී නැවතුණාය. කවුදෝ ඈතින් සිට යමක් කියයි. ඒ දෙසට යාමට බිය වූ යුවතිය එසේ නොකළාය.

ඈ දෙසට එමින් සිටියේ රාමන්ය.

“යේක පුංචි අප්පෝ පයිණ්ඩ තමා කිව්වා.... උම්බට!”

ලොවම අහිමි වූ එකියක ලෙස දිය ඇල්ලට ගිය මාලතී ආපසු ආවේ ලෝකයම හිමි වූ එකියක ලෙස තෘප්තියෙනි.

සවන් අදහාගත නොහැකි වූ යුවතිය එතැනම ගල් ගැසුණාය. සිනහ මලක් මුහුණේ පිපෙද්දී ඈ ආසාවෙන් අසා සිටියාය. තම ළය මඬල වේගයෙන් උස් පහත් වෙනු ඇයට දැනිණි. ආශ්වාස ප්‍රාශ්වාසය රාමන්ටත් ඇසෙන තරම් යැයි සිතුණු ඈ ආයාසයෙන් හුස්ම නොහෙළා සිටියාය.

“පුංචි අප්පො අදීසියෙ තමා ගියා කීන්න කිව්වා.... පයිණ්ඩ පස්සෙ තමා එවනවා කීවා...”

ලොවම අහිමි වූ එකියක ලෙස දිය ඇල්ලට ගිය මාලතී ආපසු ආවේ ලෝකයම හිමි වූ එකියක ලෙස තෘප්තියෙනි.

9

වාහනයක් පැමිණි හඬ ඇසුණද දන්තුරේ බණ්ඩාර නෙත් හැර බැලුවේ නැත. ඔහු තදින් නෙත් පියාගෙන ඇළයට හැරුණේය. බරාඳය දෙසින් කාගේදෝ කතා - සිනා හඬ නැඟේ. ඒ සියල්ලම පරයමින් සිළිඳු මැණිකාගේ හඬ මතු වී ආවේය. අප්පොට නිසි ලෙස ඇසුණේ ඈ රාමන්ට කතා කළ බව පමණි. වියන් ඇඳෙන් බැසගත් දන්තුරේ බණ්ඩාර වතුර උගුරකින් කට කුඹුස්සා පඩික්කමට හැළුවේය.

“අපෙ අම්මා...” එරන්දතී මවගේ පාමුල වැඳ වැටුණාය. දමින්දත්, මිලින්දත් සිනාසෙමින් බලා සිටිති. දියණියගේ හිස සිපගත් කුමාරිහාමි ඈ වලව්ව තුළට කැඳවාගෙන ආවාය.

“කොච්චර එකක්ද මයෙ දූලා ආව එක.... යං පුතේ වාඩි වෙන්ඩ. මොකෝ මිලින්ද පුතේ අමුත්තෙක් වගේ ඔතෙන්ට වෙලා...?”

අප්පච්චිටම ඇහැරුණු එක හොඳයි. නැත්තං ඉතිං රජ්ජුරුවො ආවයි කිව්වත්....
“කොහෙන්ද නැන්දා මේ මල් පෝච්චිය? ඉස්සර මේක මෙතැන තිබුණේ නෑනෙ... මේක හොයා ගන්න අමාරු ෆර්න් එකක්....” මිලින්ද මීවන පඳුර අත ගා බැලීය.

“අප්පච්චිට කවුද ඇහැරෙව්වේ?”

දන්තුරේ බණ්ඩාර සාලයට පිවිසෙත්ම එරන්දතී ඔහු ඉදිරිපිට පහත් වී වැන්දාය. “සිළිඳු මැණිකා රාමන්ට මොනවදෝ කලබලෙන් කියනවා ඇහුණා... වාහනේ සද්දෙත් ඇහුණට මම මුලින්ම ගණන් ගත්තෙ නෑ....”

“අප්පච්චිටම ඇහැරුණු එක හොඳයි. නැත්තං ඉතිං රජ්ජුරුවො ආවයි කිව්වත් වලව්වෙ කවුරුවත් අප්පච්චිව කූද්දන්න යන එකක්යැ....”

දිනක් ධනුෂ්කත් එරන්දතීත් සිත්සේ දබර කර ගත්හ. කුමාරිහාමි වලව්වේ නොසිටි වෙලාවක් වූ බැවින් දබරය නැවත්වීමට සිටියේ සිළිඳු මැණිකා පමණි. සොයුරු-සොයුරියෝ ඇයගේ මැදිහත් වීම ගණනකට නොගත්හ. ධනුෂ්කගෙන් පහර කෑ එරන්දතී මහ හඬින් හඬමින් පියාට පැමිණිලි කිරීමට දිව ගියාය. සිළිඳු මැණිකාට එරන්දතී නැවත්වීමට වෙලාවක් නොවීය. අප්පෝ නින්දේ පසුවෙන බව දත් සිළිඳු මැණිකා බියෙන් මුසපත් වී බලා සිටියාය.
අඩ නින්දෙන් පිබිදුණු දන්තුරේ බණ්ඩාර බෙහෙවින්ම කෝපයට පත් වූයේය. දබර කර ගැනීම ගැන නොව, තමාගේ නින්දට බාධා කිරීම පිළිබඳව ඔහු ඉවසුවේ නැත. ධනුෂ්කටත් එරන්දතීටත් වේවැල් පහර කීපය බැගින් දුන් ඔහු එරන්දතීට වැඩියෙන් තැළුවේය.

“ළමයි දැන ගන්ඩ ඕනි මං නිදි වෙලාවට බාධා නොකරන්ඩ....!”කෑ ගැසූ ඔහු දරුවන්ව ගලවා ගැනීමට පැමිණි සිළිඳු මැණිකාවත් එලවා ගත්තේය.

“අපෙ අම්මා, පොඩ්ඩකට මෙහාට ආවා නං!එරන්දතී විළිබර සිනහවක් පා...
අතීතය සිහිපත් වුණු දන්තුරේ බණ්ඩාරටද සිනහ නැඟුණි. “මැණිකෙගෙ දෝණියැන්දගේ වැඩේ ඉතිං අප්පච්චිටම නෝක්කාඩු කියන එකනෙ.... බොලා එකෙක්වත් මයෙ පැත්තට කතා කරන්නෙ නෑනෙ එදා ඉඳලමවත් ...”

“අප්පච්චි වගේම තමයි දූයි පුතයි දෙන්නමත්.... කේන්තිකාරයෝ... ඒ ගොල්ලොත් අප්පච්චිට ආදරේ පෙන්නන්නෙ නෑ! අප්පොත් ඒ කාලේ ඉඳලම ඔහොමයි. මං කොහොමය ඔව්වා වෙනස් කරවන්නේ?”

“මදැයි! මැණිකෙත් දෝණියැන්දත් එක්ක එකතු වුණා තවත් නොක්කාඩුවක් කියාගෙන...” දන්තුරේ බණ්ඩාර කීවේ සැවොම සිනහ ගන්වමිනි.

“මං උණු වතුර දැම්මා වලව්වෙ හාමුදුරුවනේ....” සිළිඳු මැණිකා ආචාරශීලීව පිරිසගේ කතාවට බාධා කළාය. “වතුරත් පැහෙනවා. තේ මේසේ අරින්න නං...”

“ඔව්, ඔව්. අනේ සිළිඳු මැණිකා. රාමන්ට කියාපන් අර කාමරේත් පොඩ්ඩක් අස්පස් කරලා දාන්ඩ.... මිලින්ද මහත්තයට. යං යං. පුතාල ඉස්සෙල්ලාම මූණ කට හෝදගෙන තේ බීලා ඉඳිමු! ඊට පස්සෙ බැරිය කතා කරන්ඩ.”

කුමාරිහාමි පෙරමුණ ගත්තාය.

“අපෙ අම්මා, පොඩ්ඩකට මෙහාට ආවා නං!” එරන්දතී විළිබර සිනහවක් පා ඇතුළු ගෙට පියවර නැඟුවාය. කුතුහලයෙන් පිරුණු කුමාරිහාමි දියණියව අනුගමනය කළාය.