1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස

Sunday, September 29, 2019

හරෝහරා! - එකොළොස්වෙනි කොටස

රංගම බෙර වයන්නාගේ නිදන්ගත චර්ම රෝගය...............
ස්කන්ධ කුමාර දේවොත්තමයාණන් වහන්සේ රංගම බෙර වයන්නාගේ නිදන්ගත චර්ම රෝගය සුව කර දුන්නේ රෝගියාගේ ඉල්ලීමට සවන් දෙමිනි.

දැනට තුන් වතාවක්ම පාද යාත්‍රාවේ යෙදිලා තියෙද්දීත්, දාන-මාන-පින්කම්වල යෙදෙද්දීත්, හැකිතාක් දස පින් කිරියවත්වල යෙදෙද්දීත් අපේ ගොබිලෙකුට දේව කරුණාව; දේවානුග්‍රහය ලැබිලා නැතිය.

මිනිහාට කෙළවෙන වැඩමය වෙන්නේ. 
ඒ තියා මනුස්සයාට තියෙන ලොකුම රෝගය; උපන් ගෙයි දෝෂයවත් සනීප වෙලා නැත. එහෙම ලියුවේ මේ දැන් කල්පනාවට ආව නිසාය. 

මිනිහා එයාගේ අසනීපය සුව වෙනවාට කැමති නැතිවා වෙන්නටත් ඉඩ තිබෙයි. දෙයියන්ගෙන් ඉල්ලලා නැති නිසාදෝ, ඒ අසරණයාගේ ලෙඩේ තවමත් එහෙමමය.

තුන් වතාවක්ම අපිත් එක්ක කතරගමට පාද යාත්‍රාවේ ගිහිල්ලාත්..........
සැප්තැම්බර් 13-14-15 අපේ මන්දාරම් ගමන ගැන මා දැනටමත් යන්තමින් කියා තිබේ. ගමන ගිහින් ඇවිත් දවස් කිහිපයකින්ය ඒ මනුස්සයා දන්නේ එයාගේ (15,000/කට කිට්ටු වටිනාකමකින් යුතු) කන්නාඩි කුට්ටම missing බව. 

පළමුවෙනි වතාවේ පා ගමන යද්දී එතුමන් වහන්සේ මේ ලියන ගැත්තාගේ under wear එකක් කටු ගහකින් උස්සලා ඇඳ ගත්තේය. මේ වතාවේ..... 

මෙදා සැරේ අප හිටියේ කුමන ගේට්ටුව විවර කරන තෙක් නොඉවසිල්ලෙන් බලාගෙනය. දන්නවානේ මගේ නේත්තරා දෙක.... cctv කැමරා එක.... ඒක scan කළේ නුහුරු දෙයකි. “මොකක්ද මිනිහෝ ගෑනි මළා වගේ ඔය T shirt එක නොපිට ඇඳගෙන ඉන්නේ?”

“ඈ...? ඇත්ත නේන්නං.... හැබැයි මේකේ දෙපැත්තම අඳින්න පුළුවන්.” වැරැද්දේ බරපතළකම වහං කරගන්නට මනුස්සයා එහෙම කිව්වේ, ටී ෂර්ට් එක ගලවලා ආපිට හරවා, ඇඟට දමාගන්නා අතරේය.

මෙදා සැරේ අප හිටියේ කුමන වනෝද්‍යාන පිවිසුමේ ගේට්ටුව ළඟ ......(foto- නෙවිල් අනුරසිරි)
දෙවෙනි දවසේ දහවල් ළිං තුන නැවතුමෙන් පිටත් වෙලා පැය බාගයක් විතර ගියාමත් එයාට කඩි කුලප්පුවක් හැදිණි. “මගේ කැමරා ෆෝන් එක නැහැනේ බං.” 
ඉන්දිකලාත්, අපිත් කලබලවී හොයද්දී mobile එක බෑග් එකකය! එයාගේ වැඩ ඔහොමමය!

දෙවෙනි දවසේ රාත්‍රිය ළිං තුන අසල ගත කරන අය නම් ඉලක්ක කරගෙන යන්නේ පරණ තොටුපළේ රැය පහන් කරන්නටයි. එතැනට යන්නට නම් කිලෝ මීටර් 16ක් යා යුතුය. 

එදා උදේ වරුවේ කිලෝ මීටර් 14ක් ඇවිල්ලාත් අපේ බහුභූතයන්ට හිතට මදිය. 

“මාමේ, දොස්තර මහත්තය කියන එක ඇත්තනේ. මැණික් ගඟ ළඟට යන්න පුළුවනි නම් ආතල්නේ. නියමෙට නාලා රෑට නින්දක් දාන්න ඇහැකි.” දී කිරට බළලෙකුත් සාක්කි කිව්වේය.

එහෙම වුණාට හිච්චිලාගේ නඩයේ දෙතුන්-දෙනෙකු නම් මනාපයෙන් හිටියේ පුළුවන් තරම් ඉක්මනින් කොහේ හෝ වැතිරීගන්නටය.

අහිගුණ්ටිකයෙකුට වුණත් රිලවෙකුයි නයෙකුයි ඉන්නවා මචං!
“නෑ මාමේ, ඔයාටම තේරෙනවනේ, මේගොල්ලො ඔච්චර හදිස්සියේ දුව-දුවා යන්නේ කෝච්චියක් අල්ලන්නද? පිස්සු.... මෙහෙම බරත් කර ගහගෙන නැවතිල්ලකුත් නැතිව පලයල්ලකෝ....”. 

මං අපේ චූටි පුතා; ජයශංඛව ‘ඔටුවාට’ එක්ක ආ බව කලින්ම කිව්වනේ. ඉන්දිකලාගේ නඩේත් ඒ වරිගයේ අය හිටියා වගෙය. එයාලය වැඩියෙන්ම කන්කෙඳිරි ගෑවේ.

නැවතිල්ලක් තිබුණු ගමන්ම හිච්චිත්, භානිත් ඇරෙන්නට අනෙක් හැමෝම ඉස්සෙල්ලාම කරන්නේ ‘Signal’ තියෙනවාද කියලා හෙවිල්ලය. ඉන්දිකත් එහෙමය. අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ හොඳට පෙනෙන මිනිස්සුන්ට තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය පෙනෙන්නේ නැතිය. 

තිස්සෙම විහිලු-තහළුවෙන්; සංගෙකට නැති කතාවලින් ගමන රසවත් කළ ඉන්දිකත් ‘සිග්නල්’ කතාවකදී නිරුත්තර වුණේය!

“මොකක්ද යකෝ තිස්සෙම සිග්නල් තියෙනවද බලන්නේ..... උඹට කවුරු කතා කරන්නද?” ඉන්දික කිව්වේ එහෙමය. ඒ සුමිතුරු තිලක්ටය.

මොබයිල් ෆෝන් 1996 - 2016 අතර අවුරුදු විස්සේදී දියුණුවී තියෙන්නේ...........
තිලක් කිව්වේ මේකය. “අහිගුණ්ටිකයෙකුට වුණත් රිලවෙකුයි නයෙකුයි ඉන්නවා මචං.....”

අද්‍යතන යුගයේ ඉන්නා හෝමෝසේපියන්ලාට කන්නෙ-බොන්නෙ නැතිව හිටියත් mobile ෆෝන් එක නැතිව බැරිය. වැරැද්ද පාවිච්චි කරන ක්‍රමයේය. 
ඒත් සිග්නල් තියෙනවා නම්, ‘බට්ටි ලව් (battery low)’ නැති නම් ‘ටක්’ ගාලා පණිවිඩ යවන්නට- ලබාගන්නට ඇහැකිය. 

මිනිස් මොළයකට මොහොතකදී පණිවිඩ 400ත් 600ත් අතර ග්‍රහණය කරගන්නට පුළුවනිලු! ඇත්තද මන්දා? එච්චර කාර්යක්ෂමව?

පුදුමේ කියන්නේ මේ දැනුත් මට පාද යාත්‍රාවේ යද්දී සිදුවුණු සමහර දේවල් මැවි-මැවී පෙනෙන එකය. අපේ බඩා මල්ලියා; දීපාල් ඒකට කියන්නේ ‘ෆොටෝජෙනික් මෙමරි’ කියලාය!

මිනිස් මොළයක කාර්යක්ෂමතාව හොඳටම වේගවත්ය..........
පළමු වතාවේ පීරිස් මහත්තයා කැමරාවත්, කැම්කෝඩරයකුත් අරගෙනය පාද යාත්‍රාවේ ආවේ. ඒ කැම්කෝඩරය ගමනේ යෙදෙන යාළුවෙකුට දුන්නේ අවවාද හා warnings ගොඩකුත් එක්කමය.  

“මචං... යන ගමන් හොඳ-හොඳ කෑලි රෙකෝඩ් කරපං. 
හැබැයි හුxතො එක දවසෙන්ම බැට්රි බස්සාගත්තොත් නං තෝව ඇට දෙකෙන් එල්ලනවා. මතක තියාගනින්, කැලේ මැද්දෙදි ඕක charge කරගන්න තැනක් නැහැ කියලා.”

අපේ මිත්තරයා වැඩේ ‘ටක්කෙට කරලා’ තිබ්බේය.

වීඩියෝ ක්ලිප්ස් සේරටම වාගේ අහු කරගෙන තිබුණේ ‘කියාපු විදිහටම’ හොඳ-හොඳ කෑලිය.; දමිළ යුවතියන් හා කතුන්ය. (අනේ සමාවෙන්න. දමිළ යුවතියන්ට; කාන්තාවන්ට අපහාසයක් කරන්නට නොවේ එහෙම කිව්වේ.)

ඒවා දැකලා අපේ මිතුරාට නිර්දේහ වුණු 'රහස් බෙහෙත' ඔයාලටත් අවශ්‍ය නම්......
ඒ මදිවාට මේ යක්ෂයා කැමරාවෙන් ඒ කතුන් වීඩියෝ කරද්දී නිතරෝම zoom කරලාය. එහෙම කරලා තිබුණෙත් ඔවුන්ගේ ළමැදට focus කරගත් ගමනය!

ඒවා දැකලා අපේ දොස්තර මහතා ඒ මිත්‍රයාට නිර්දේශ කළ ‘අනගි රහස් බෙහෙත’ දැනගන්නටම ඕනෑ උදවිය පමණක් රුපියල් දාහක මුදල් ඇනවුමක්, ලිපිනය ලියූ කවරයක් සමඟ එවන්න.

ඔය කතාව ආපහු මගේ සිහි-කම්පනාවට ආවේ ඊයේ-පෙරේදා දවසක 'තං' ගැන වීඩියෝ ක්ලිප් එකක් දැක්කාමය.

මීට කලිනුත් ‘තන් වර්ග පහ’ක රහසිගත වට්ටෝරුවක් දුන්නා මතකයි නේද

ඒ වීඩියෝ කෙරිල්ලේ රඟ ආයෙම මතක් වුණේ 'තං' ගැන සින්දුවක් දැක්කාමය!
ඉතින් එදා ළිං තුනේ ඉඳලා ගියා-ගියා ගියා මිස නැවතිල්ලක් තිබුණේ නැත. 

“අප්පුහාමිලා, මට නං දැන් හොඳටෝම ඇති.... නවතින්නයි ඕනේ. ඔයාලා යං, මම හෙමින් එන්නං....” බැරිම තැනය මගෙන් එහෙම කියවුණේ. එහෙම කිව්වෙත්, පාර අයිනේ ටිකක් වෙලා නැවතී සිට ගිමන් ඇරියාටත් පස්සෙය.

“පිස්සුද මාමේ.... හවස් වේගෙන එද්දී මාමා විතරක් තනියම දාලා අපි විතරක් යන්න?”

“ඒකනෙ නිමල් අයියේ. කටුපිල ආර ගාවට යන්න බලමුද?”

“කටුපිලට නෙවෙයි වරහනටම යන එකයි ඇත්තේ.... මට දැනෙනවනේ... මං හෙටත් ඇවිදින්න එපැයි.... ඊළඟ වතුර ටැංකිය ළඟදි මං නවතින එක නවතිනවාමයි! ආයේ දෙකක් නැහැ ඕං!” 
මං එහෙමය. අනේ, එහෙමය කියන්නේ ආඩම්බරයකින් නම් නොවේ. 
මගේ හිත හයිය වුණත්, අත්දැකීම්වලින්ම ගතට දැනෙන; සිරුරට දැනෙන; සිරුර කියන දේවල් තේරුම් ගන්නටත් යම් තරමක හෝ හැකියාවක් දැන් මට තිබෙන හින්දාය.

...... සිරුර කියන කතන්දර මොළයෙන් තේරුම් ගන්නට දැන් මට..........
“හරි, හරි.... දෙන්න මාමේ ඔය බෑග් එකයි පුටුවයි දෙකත් මට. එතකොට මාමාට ලෙහෙසියිනෙ...”

“පිස්සුද හිච්චි. මගේ අනික් බෑග් ඔක්කොම දැනටත් එක-එක්කෙනා අතේනේ. මේ දෙක මමම අරන් එන්නං.” දැනුත් මට හිතෙන්නේ අපේ දිගුකාලීන මිත්‍රයන් වගේම, අලුත්ම මිතුරනුත් ඒ ගමනෙදී මං හින්දා කොච්චර කරදර විඳින්නට ඇතිද කියන එකයි!

එහෙම යද්දී ඊළඟ වතුර ටැංකියත් හමුවුණේය. එතැන හතර වටේම අලිබෙටිය; කඩා දැමූ අතු-රිකිලිය; තළා දැමූ පඳුරුය. 

“මෙතැන කොහොමද අයියේ නවතින්නේ?” – “මේක අලිමංකඩක් වගේ, පේනවනේ විදිහ?” මගේ හකුලන පුටුව දිග ඇරගෙන හිටිද්දී මටත් ඒවා නොපෙනුණා නොවේ. 
යන ගමන් මඟ මළත් කරන්නට දෙයක් නැත. මං හින්දා තවත් කට්ටියක් අනතුරේ දමන්නට පුළුවන්ද? 

“යං!”
කවුරුන්වත් කිසිවක් කිව්වේ නැත. ගොළුවෙලා ; මුඛ බන්ධනයකට ගොදුරු වෙලා වගේ ... (foto- කසුන් ප්‍රියලාල්)
මම නැඟිට්ටෙමි. ඉදිරිය බැලූවෙමි. කවුරුන්වත් කිසිවක් කිව්වේ නැත. 
කතරගම දේවාලයේ ගිනි පාගන වෙලාවේ දිදුලන ගිනි අඟුරු කන්දරාව දැකලා ගොළුවීලා වගේ; සමූහ මුඛ බන්ධනයකට ගොදුරුවෙලා වගේය. 
එහෙම විනාඩි දහයක් විතර ඇදෙද්දී.....

දඩ-බඩ-දකඩ-බඩ-දකඩං බඩ....... 

තවත් ට්‍රැක්ටරයක්...... ට්‍රේලරයකුත් ඈඳූ එකක් ආවේය. ආයෙමත් ඉල්ලීමක්.... 

ට්‍රේලරයේ ලොකු හිස් බැරල් තුනකුත් තිබුණේය. හමුදා භටයන් කිහිප දෙනෙකුත් සිටියෝය. “අනේ සර්, මේ මාමා කියයි බහින්න ඕනේ තැන. ඊළඟ ටැංකිය ළඟින්....”

මං ට්‍රැක්ටරයට අමුණා තිබුණු උස ට්‍රේලරයට නැංගා නොවේ; පොල් ගෝනියක් වගේ උස්සලා පැටවුණාය; ඉන්දිකත්, සුජීත් දෙන්නා විසින්ය. 
“ඉබ්බෝ, උඹත් නැගහන්... නැති නං මාමා විතරයිනේ....” 
වෙනින් කවුරුන්වත් ට්‍රේලරයට නැංගේ නැත. දවල් ට්‍රැක්ටර් ගමනේ සවිස්තර වාර්තාවක් ඒ වෙද්දීත් හැමෝටම ලැබී තිබුණු නිසා වෙන්නට ඇතිය. 

ඒත් මර්විනුත් එයට නැංගේ ‘උඹලා විතරනේ, බං’ කියමිනි. අපේ බෑග් ටික නම් මාව පැටවුණු විදිහටම පැටවුණේය!

හොඳටම මහන්සිවෙලා, ඇතිවෙලා පාද යාත්‍රාවේ යන පාරේම නැවතිලා, වැතිරිලා..........
අප ඊළඟ වතුර ටැංකිය තබා තිබුණු තැනට යැවෙන්නට මුල පිරුණේ එහෙමය. අප එතැනට යනකොටත් යාන්තමට අඳුර ගලමිනි. අපි බිමට බැස්සෙමු; බිමට බැහැගෙන අඩුම-කුඩුම සේරම බාගත්තෙමු.

ඒ අතරේ එතැන වතුර ටැංකියේ ආරක්ෂාවට හිටි සෙබල සොහොයුරන් දෙන්නා ට්‍රැක්ටරයේ පැමිණි ප්‍රධානියා සමඟ සීරියස් කතාවකය. 

ප්‍රධානියා අපේ මර්වින්ට කතා කළේය.... විනාඩියෙන් මර්වින් මා ළඟය.

“නිමලෝ, හරි වැඩේ. මෙතැන ඉන්න සොල්ජර්ස්ලා දෙන්නත් ආපහු යන්නයි හදන්නේ. අද දවසෙම මෙතැන අලියෙක් කැරකි-කැරකී ඉන්නවලු. හෙට උදේට මෙතැන තියෙන වතුර ටැංකියත් වෙනින් තැනකට ගෙනියන්නලු හදන්නේ..... මෙයාලා කටුපිලට යන ගමන්... අපිත් එහාටම යමුද?”

“මඟුලක් කතා කරනවා....” 

ඔහොම වෙලාවට මගේ කටෙන් වචන පනින්නේ කිසිම තිරිත්තමක් ඇතිව නොවේ. ඒත්, මගේ යහළුවන්ගේ හොඳකමට- ගුණ යහපත්කම්වලට පින් සිදුවන්නටය, තවමත් මගේ ‘හොම්බ’ රිවට් වෙලා නැත්තේ.

ඇයි යකෝ කරුවල වැටීගෙන එනවා පේන්නෙ නැද්ද? අපි තවත් දුරට ගියාම පස්සෙන් .............
“ඇයි යකෝ කරුවල වැටෙනවා පෙනෙන්නේ නැද්ද? අපි එහාට ගියාම අපේ පස්සෙන් එන මිනිස්සුත් කටුපිලටම එන්න ඕන නේද? මෙතැන ඉන්න බැරි නං තමුසේ යනවා... 
අලියා නෙවෙයි මහසෝනා හිටියත් මාත් මෙතැනම ඉන්නවා.... කලින්ම මං කිව්ව තැනක නතර නොවුණු එකේ, ඕනි මඟුලක් වෙච්චාවේ!”

“.... ව්‍යායාමය පිණිස නිතර ඇවිදින කෙනෙකුට වුණත් කිලෝ දහය-දොළහක අඩුම-කුඩුම පිටේ එල්ලාගෙන, දවස් කිහිපයක් ඇතුළත දුෂ්කර මාර්ගයක දැඩි උණුසුම මැද්දේ කිලෝ මීටර් සීයක් පා ගමනින් යාම භයානක වැඩක්; 
සෞඛ්‍යය සම්බන්ධයෙන් කෙරෙන අවදානම් ක්‍රියාවක්.

-ඒත් පාද යාත්‍රාව ගැන සිහින මවමින්, බිය වෙමින්, එය හිතින් අත්හැරගැනීමට බැරි වීමෙන් අදහස් කරන්නේ කුමක්ද? 
පාද යාත්‍රා කිරීමට කැමැත්තෙන් ඉන්නා බව නෙවෙයිද?

යම්කිසි දෙයකට බිය නම්, ඒ බිය අතික්‍රමණය කිරීමට ..............
-යම්කිසි දෙයකට බිය නම්, බිය අතික්‍රමණය කිරීමට ඒ හැඟීම ඉතා කුඩා කොටස්වලට කඩා, කුඩා බියවල් එකින්-එක මථනය කළ යුතුයි..... හැදෑරිය යුතුයි.

-අපටත් වඩා අපේ නඩේ ගුරා වන නිමල් අයියා ඉතාම ක්‍රමානුකූල හැදෑරීමක් අප හැම දෙනා වෙනුවෙන්ම සිදු කළා. 
කෑම වේල් ගණන, සරලම සහ රසවත්ම කෑම, ඒවායේ බර, දිනයකට යන දුර, දිනයකට අවශ්‍ය පානීය ජලය ප්‍රමාණය ආදී වශයෙන්.

-නිමල් අයියා ගනුදෙනු කරන්නේ ඒ තරම් ක්‍රමානුකූලව නිතිපතා, සතිපතා ජීවිත විශ්ලේෂණය කර වැඩ කරන අය සමඟ නොවේය යන දේ තේරුම් නොගැනීම එයාගේ දුර්වලකමයි. චේතනාන්විතව නොවුණත් 
එයාගේ හිතේ සාමය නැති කරන්න මෙම අවිද්‍යාව නිතර හේතුකාරක වෙනවා.....”

පැණි කුරුල්ලෙකු සීරුවට පැණි උරනවා වගේ නොරිදෙන විදිහට තඩි ටොක්කක් ..............
කොහොමද අපේ දොස්තර අයස්මන්ත මහත්තයා 2013 මා ලියූ ‘හරෝහරා’ අත් පිටපතේ තැනකට සපයලා තිබුණු ඌණ පූරණය. 
ඔළුව අතගාලා තඩි ටොක්කක් ඇනලා තුබුණා හරිම ලස්සනට. 
ඒ ටික මෙතැනට දැම්මේ නං, සමහර වෙලාවට මං මෝඩ වුණත් දැඩි තීරණ ගන්න බව තේරුම් කරවන්නයි.

එදා කටුපිල ආරටම නොයන්නට මං තීරණය කළෙත් ඒ වගේ.

අපරාදේ කියන්න බැහැ, මර්වින් හොඳ ඉවසිලිවන්තයා.... 
මැදිහත්කරුවා වෙන්න බොහොම මනාප ඇත්තා. 
මිනිහා ගිහින් අර හමුදා ප්‍රධානියා එක්ක මොනවා කිව්වද කියලා නං මං අද වෙනතුරු ඇහුවේ නැහැ. 

හැබැයි ඒ කතාවෙන් එක ප්‍රතිඵලයක් නම් අත්වුණා; එවෙලෙම. එයාලා නික්මිලා ගියා.... එක සෙබලෙකුවත් එතැන නොඉන්න හිටපු ඒ රාත්‍රියේ, එදා රෑ හමුදා සොහොයුරන් හතර දෙනෙක්ම නවත්තලා!

අර මේජර්ගෙ ඇස් ඉදිරිපිට මේකා අඬපු ඇඬිල්ලටයි- පින්සෙන්ඩු වෙච්චි විදිහටයි .....
“මර්වියා ගිහින් අඬපු ඇඬිල්ලටයි- පින්සෙන්ඩු වෙච්චි විදිහටයි ඒ මේජර්කාරයාටත් ඇඬිලා! මේකා කිව්වලු- අනේ බුදු සර්.... වැඳලා කියන්නං, අපේ ආරස්සාවට අද රෑට සොල්ජර්ස්ලා කීප දෙනෙක් නොතිබ්බොත් මර බයටම මං මැරිලා ඉඳියි කියලා......” 

එදා සිදුවීම පස්සෙන්-පහු මිත්‍රයෙක් අර්ථ කථනය කළේ එහෙමය.

හිතාදර රසික ඔයාලා දැනටමත් ‘නිදි’ ගැන දනිති. 
මා කරන්නේ තීන්දු රසිකයන් පිට පැටවීම නොවේ. 
හැකිතාක් සත්තවාදී- අපක්ෂපාතී තොරතුරු සියල්ලම වාර්තා කිරීම පමණි.

I provide, You decide!

මර්වියා මැරෙන්නේ අලි ගහලා නෙවෙයි... හමුදාකාරයාගෙන් වෙඩි කාලා.....(foto- උදේනි අල්විස්)
“තව පොඩ්ඩෙන් මර්වියා මැරෙන්නේ අලියා ගහලා නොවෙයි. හමුදාකාරයෙකුගෙන් වෙඩි කාලා... අලියා හින්දා යන්න හදපු එයාලව එතැන නවත්තලා ගියේ මේකගෙ කීමටනේ.... අලියා ආවා නම්.....” 

එහෙම අරුත් සැපයෙන කතන්දරත් දැන්-දැන් ඉඳහිට කියවෙයි.

“නැහැ මචං, එදා ඉඳලා මර්වියාගේ ඇඟේ ලේ නැහැ. තිබ්බ ඩිංගත් එදා බයටම වතුර වෙලා!”

ඔන්න මර්වින්, මං සේරම වාර්තා කරලා තියනවා. 
සහෝදරයෙකු විදිහට මගේ යුතුකම කියලා හිතුණු නිසා. 
එතකොට කවදා හරි බොතේජු පරම්පරාවේ ඊළඟ උරුමක්කාරයොත් දැනගනියිනේ ‘මර්වින්’ කියන්නේ එසේ-මෙසේ පොරක් නෙවෙයි කියලා.

වතුර ටැංකිය හරියේදී ඊළඟ යුද්ධය කරන්නට වුණේ දර හොයාගන්නටය!
ඉතින් ඊළඟ යුද්ධය තිබුණේ දඩි-බිඩියේ දර ටිකක් හොයන්නටය. 

ඒ වෙනකොටත් ලොකු ලී කොටයක් යාන්තමින් නිවී-නොනිවී දුම් ගහමින් තිබිණි. රෑට කන්නට මොනවා හරි උයාගන්න එපායැ. කෝ ඒකට දර? 

“අලියා කැලේ අස්සේ හිටියත් පේන එකක් නැහැ ඇඳිරියෙ. කොයිකටත් වැඩිය අස්සට යන්න එපා....” හමුදා භටයෙකු කිව්වාම අපේ දෙතුන්-දෙනාට හොඳටම අවුල්ය.

“බිස්කට් එකක් කාලා තේ එකක් බීල පිරිමහ ගනිමු! ඒ මදැයි!”

“හමුදාවේ හතර දෙනාට නං රෑ වෙලා කෑම බෙදාගෙන යයි.”

“පව් කියලා අපිටත් දෙන්නයැ. දොළොස් දෙනෙක්නේ!”

විස්කෝතුවලින් පිරිමහගන්නා යෝජනාව ක්‍රියාත්මක කරන්නට ඉඩක් නොලැබුණේ පයින් ආ පිරිසත්, වැඩි වෙලාවක් නොගිහින්ම එතැනට සේන්දු  වුණු හින්දාය. එයාලාත් එක්කම එකතුවී, කට්ටියම කලබලයෙන් දර ටිකක් එකතු කරගන්නට සමත් වුණු හින්දාය! 

‘අලි බය’ කැලේ වැදුණේ, අපේ ‘ඝෝෂකයන්’ දෙතුන් දෙනාගේ සද්දෙට බයේ අලියා වුණත් කැලේ වදින්නට ඇතැයි කවුරුන්දෝ කී හින්දාය.

හාන්චිපයිස්වී ඉඳිද්දී මෙහෙම තේ කෝප්පයක් ගැන හිතන්නටවත් යාල කැලය මැදදී....
තේ එක හැදෙද්දීත් ඉන්දික මුල පුරලා ඉවරය. 
“මොනවද මාමේ රෑට හදන්නේ...” මනුස්සයා මගෙන් එහෙම අහලා තිබුණේ උත්තර ඕනෑකමකට නොවේ. 

මට එහෙම හිතුණේ එයාම උත්තරයත් දුන්නු නිසාවෙනි.

“අපි පිටි ගෙනාවා මාමේ, රොටි හදන්න.... රෑට කමු රොටි. මං ගහන්නම්!”

කරුවලේ එහෙම වැඩ මට නං අරහංය. අපට ලන්තෑරුමක්වත් තිබුණේ නැත. “එනකොට හැමෝම ටෝච් එක ගණනේ ගෙනෙන්න ඕනේ!” නිසි බලධරයා විදිහට මං අපේ කණ්ඩායමට දැනුම් දීලා තිබිණි. කීකරුවී උන්නේ මර්වින් පමණි. 

“ෆෝන් එකේ ලයිට් එක තියෙනවනේ...” ඒ අනෙක් පණ්ඩිතයන්ය.

“හරි, එහෙනම් ඉන්දික ඔයා රොටි හදන වැඩේ කරන්න. මම දුවන ලුනුමිරිසකුයි, කරියකුයි හදන්නං.... හිරූ... දෙනෙත්... මොනවද ඔයාලගේ මලුවල වැඩියෙන්ම තියෙන ජාති? බලමු!”

හිරූත් දෙනෙතුත් පාද යාත්‍රා ගමනේදී බර-බද්දල් උස්සාගෙන ගියේ දන්නා තරම් ශිල්පෝපක්‍රම....
ඒ නඩයේ ගැටවරයන් දෙන්නා විතරක් නොවේ, අපේ ජයශංඛත් කිට්ටුවට ආවේය. “අනේ මහප්පේ, මුන් දෙන්නාගේ බෑග්වල විතරක් නෙවෙයි. මගේ බෑග් එකෙනුත් එළවලු ගන්නකො.”

සේරම අඩුම-කුඩුම උස්සාගෙන යන ගමනකදී අවුන්සයක් වුණත් හොණ්ඩරයක් තරම් බරට දැනෙන්නට ගන්නේ පහු-පහු වෙලා කොහු-කොහුවීගෙන යද්දීය. අත්දැකීම් තියෙන අයට නම් එය රහසක් නොවේ. 

සිරිපා කරුණා කරද්දී ‘කෝඩු’කාරයන්ට වැඩියෙන් බර පටවන්නේ පුංචි මෝහන මන්තරයකුත් මතුරමිනි. ‘සුමන සමන් දෙයි හාමුදුරුවෝ කෝඩුකාරයන්ට බර දැනෙන්න දෙන්නෙ නැහැනේ!’

ඒ ගමනේදී; සමනල ගිර තරණය කරද්දී එහෙම වෙනවා යයි කිව්වත්, පාද යාත්‍රාවේදී නම් ‘කෝඩු’ලාට බර උස්සාගෙන යන්නට කඳ සුරිඳුන් උදව් වෙන විත්තියක් කියවෙන්නේ නැත.

හැබැයි ඉන්දිකලාගේ නඩයේ කෑම-බීම-වළං-පිඟන් වගේ දේවල් තිබුණේ දෙනෙත්, හිරූ හා තිලක් ළඟය. දෙනෙතුයි, හිරූයි ඒ බර-බද්දල් ගෙනිච්චේ, බර උස්සාගෙන යා හැකි සියලුම ශිල්පෝපක්‍රම යොදමිනි. එහි ප්‍රතිඵල පෙනුණේ එදා හැන්දෑවේ බෑග් පිරික්සද්දීය!

එදා රාත්තිරියේ කපන-කොටන, ඒදන, උයන-පිහින වැඩ සේරම කරගන්නට වුණේ ටෝච් එකක එළියෙන්ය! (foto- නෙවිල් අනුරසිරි)
පිපිඤ්ඤාවලින් හා තක්කාලිවලින් බාගයක්ම තැලී ගිහින්ය. වම්බටුත් එහෙමය. 
ඒ මදිවාට සිලි මලුවල ඔතා, ගැටගසා තිබුණු නිසා ඒවා තැම්බිලා- කුණුවෙලාත්ය. ෂොපින් බෑග්වලම තිබිලා අර්තාපල්, බී ළූණු දෙවගයෙන් කොටසකුත් අර පාරේම යන්නට පටන් ගෙනය.

තැලී- කුණුවී තිබුණු ඒවා විසි කර යහමින් අලත්, තක්කාලිත්, බී ළූනුත් දාලා උකුවට හැදූ ‘මසාල කරිය’ අසමෝදගම් හා සූදුරු ඇට දෙවගයත් දාලා තෙම්පරාදු කරද්දී පලාතම මිහිරි සුවඳකින් පිරුණේය. 
හීන් නාරංවලින් හැදූ ලුනුදෙහිත් දාලා හදන ලුනුමිරිසට නෙවිල්ලා ළූණු -කොච්චි කපලා දුන්නේ ගිනි ගොඩේ එළියෙනි.

අලියාට බයෙන් බෝකොට තිබුණු ගිනි මැලය ළඟටවී බාගෙට rost වෙන්නට අකැමැති හින්දා මං හිටියේ සෑහෙන්නට ඈතින්ය. 
එළවලු කැපුවේ, ඒදුවේ, ලුනුමිරිස ඇනුවේ; සේරම කළේ මගේ විදුලි පන්දමේ එළියෙන්ය.

ඒ වැඩේ කෙරෙද්දී ඉන්දික රොටි ගහන වැඩේ සුජී, මර්වින්, නෙවිල්, දෙනෙත්, හිරූ, ජයශංඛ යන දුසිම් බාගයකගේ ඇඟේ ගහලාය! එච්චර?

බෙල් එක වැදුණා, ළමාාායි! ඒ ‘ගහන පාඩම’ ලබන සුමානේ!!

Thursday, September 26, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - දහඅටවෙනි කොටස

අපේ ඉසව්වේ වන්දනා ගමන්වලට නම් දරා හිටියේ නැන්සි අක්කාය. මා පළමුවරට සතියක වට වන්දනාවක ගියෙත් ඇය එක්කය. (ගියවර කොටසේදී කියූ සිරියා හිටියෙත් නැන්සි අක්කලගෙ වත්තේ ගෙදරකය.) 

සතියේ වට වන්දනා ගමනට අයකිරීම වුණේ රුපියල් පහළොවක්, හාල් සේරුවක්, පොල් ගෙඩියක්..........
මං හිතන්නේ ඒ 1965-69 අතර කාලයේ වෙන්නට ඕනෙය කියලාය. 

ගමනට අපේ ගෙදරින් ගියේ සීයාත් මාත්ය.  ලොකු එක්කෙනෙකුට අයකිරීම රුපියල් 15ක්, හාල් සේරුවක් හා පොල් ගෙඩියකි. මං ගියේ බාගයකට සල්ලි ගෙවලාය. ඒ වියදම් සේරම දැරුවේ අපේ ආච්චීය. යළිත් පතන්නෙමි. මා වට වන්දනාවේ යැවූ පිනම වුවද ප්‍රමාණවත්ය; දසනායක රත්නවතී උපාසිකා මාතාවට නිවන් සැප ලැබේවා!

බතික් වැඩපොළෙන් වට වන්දනා කතාවකට පීලි පැන්නේ සහේතුකවය. මොළේ කොලොප්පන් වෙලා හෙම නොවේ.

නැන්සි ආච්චිලා හැම අවුරුද්දකම පුරුද්දක් විදිහට සිරීපාදෙත් ගියෝය. ගියේ කුරුවිට පාරෙන්ය. ආවේ රත්නපුර පාරෙන්ය. 

එයාගෙන් ගුරු-හරුකම් අරගෙන, පළමුවෙනි වතාවේ මං නඩේ ගුරාගේ භූමිකාවට අවතීර්ණවී සිරීපාදේ ගමනක් සංවිධානය කළේත් ඒ විදිහටමය. ඒක වෙනම පෝස්ටුවක ලියන්නට වටියි.

මෙතැනට ඒක අදාළ වෙන්නේ එයින් පසු, හැම අවුරුද්දකම අප්‍රේල් මාසයේ, අවුරුදු නිවාඩුව අල්ලා සිරීපාදේ ගමනක් යාම අපේ පුරුද්දක් වුණු බැවිනි.

මේ ෆිෂින් හට්වල ඉඳලා සිරිපා කරුණා කරද්දීය. (foto- අයස්මන්ත පීරිස්)
“අනේ නිමල්, මාත් ඔය පාරවල් දෙකෙන්ම සිරීපාදේ කරුණා කරලා නැහැ. මෙදා සැරේ මායි ටෙරන්ස්සුයි දෙන්නත් සිරීපාදේ යන්න එන්නද?” බෙන්තොටදී සිරිසේන මුදලාලිගේ බිරිය; ඇන්ටි මගෙන් ඇසුවාය.

“කොච්චර එකක්ද? යමු ඇන්ටි යමු!” ගමන තීන්දු විණි.

1976 අප්‍රේල් 16 වෙනිදා පාන්දර 5,00ට තියෙන බදුලු බසයේ නැඟී කුරුවිටට... එතනින් එරත්නට .... එතැන ඉඳලා පයින්ම මළුවට! අපේ සැලසුම වුණේ ඒකය! 

(මතකද? ‘දුන්හිඳ අද්දර මාරකේදී’ කී විදිහට, ගෙදරින් පැනලා යන ගමනේදී සුන්නාත් මාත් බදුලු ගියෙත් ඒ බසයේමය!) 

හැම වසරකම ඒ ගමන යැවෙන නිසා අපේ ගෙදර අයව ඒ ගමනට එක්කාසු කරගෙන ගියේ මාරුවෙන් මාරුවටය. ගමනේ නිත්‍ය සාමාජිකයන් දෙන්නෙකු වුණේ සුනිලුත්, මාත්ය. 

“මේ සැරේ සීයයි, නෝනාවයි එක්ක යමු. ආච්චී ගිය සැරේ ගියානේ. තාත්තත් එක්ක අනිල්ලයි අම්මයි ආච්චියි ඉන්නවනේ!”

අපේ බතික් වැඩපොළේ ගැහැනු ළමුන් කිහිප දෙනෙකුත් ඒ සිරිපා ගමනට එකතු.............
බතික් වැඩපොළේ ගැහැනු ළමයි කිහිප දෙනෙක්ද ගමන යන්නට සූදානම් වූහ.

ඒ සේරම වෙද්දීත්, මම ටිකෙන්-ටික බෙන්තොට ගමේ කෙනෙක් බවට පත් වෙමින් සිටියෙමි.

“මෙච්චර කාලයක් මේ ගමේ ඉඳලාවත් මාව නාඳුරණ මිනිස්සුත් දැන් ඔහෙව දන්නවනේ ළමයෝ!” දවසක් මුදලාලි කිව්වේ නම් අතිශයෝක්තියෙනි. 
හැබැයි, සෑහෙන දෙනෙක් මා සමඟ හිතවත් වුණු බව නම් ඇත්තය. 

ඒ හිතවත්කම නිසාම මට හෙළිවුණේ බොහොමයක් මාපියන්ගේ හිත්වල තිබුණු අවුල් සහගත බවයි.

අම්මලා-තාත්තලා වගේ නොවේ. 
දරුවෝ; පිරිමි දරුවෝ වැල්ලටම ජීවිතය දෙන්නට පුරුදු වෙමින් හිටියෝය.

වැලේ වැල් නැතිව හිටි දුප්පත් පවුලක ලාබාල පිරිමි ළමයෙකුගේ ගෙදරක්, සුද්දෙකුගේ වියදමෙන්.........
“උන්ගේ අත-මිටට අපට  හිතාගන්නවත් බැරි තරම් සල්ලියක් හම්බ වෙනවා තමයි, හිටි ගමන්. ඒත් ළමයෝ..... අපේ එකා දැනටම බොන්නත් පුරුදු වෙලා... 
අමරෙගේ තාත්තට හොඳටම තරහ, දැන් අමරෙ රෑටවත් ගෙදර නෑවිත් සුද්දෙක් එක්ක හෝටලේම නැවතිලා ඉන්න එකට. 
අනේ මන්දා ළමයෝ, රටකින් රටකට තනියම එන්න ඇහැකි සුද්දෙකුට හෝටලේ ඉන්නත් ගයිඩ්ලා ඕනය?” එක අම්මෙකු විතරක් නොවේ ඔහොම විස්සෝප වුණේ!

මට දැනුණු විදිහට නම් ටෙරන්ස් වුණත් බීමට ඇබ්බැහි වුණේ ඒ කාලයේය. 

ඒ දවස්වල ටෙරන්ස් ඇතුළු වැල්ලේ කොල්ලෝ ගුරුවරුන් නැතිවම ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් වගේ භාෂා කතා කරන්නටත්, රටට විදේශ විනිමය උපයා දෙන්නටත්, මත්පැන් පාවිච්චියටත් පුරුදු වූහ.

හිටි ගමන්ම සුද්දෙකුගේ ධන පරිත්‍යාගයෙන් ලාබාල පිරිමි ළමයෙකුගේ අබලන් නිවාසය කඩා බිම හෙළිනි. 
ගඩොලින් බිත්ති බැඳ, ඇස්බැස්ටෝස් sheets හෙවිල්ලා අපූරු ගේ පොඩ්ඩක් ඉදිවිණි. 
වැලේ-වැල් නැතිව උන් ඒ පවුලට කඩා වැටුණු ක්ෂණික වාසනාව බෙන්තොට ගමේ බොහොමයක් පිරිමි ළමුන් වැල්ලට අද්දවන කාන්දමක් විණි.

බුද්ධ රූප, අලි වැනි කළුවර ලී කැටයම් කපන කෙනෙකුත් සුසන්ත බතික් වැඩපොළට එකතු වුණේ............
සිරිසේන මුදලාලිගේත්, ඇන්ටිගේත් විරුද්ධත්වය මැද්දෙම ටෙරන්ස් ඇතුළු පිරිමි ළමුන් තුන් දෙනෙකු, කෙටි නිවාඩුවකට සුද්දන් එක්ක ජර්මනියටද කොහෙද ගිහින් ආවෙත් ඒ වකවානුවේය!

ඒ අව්-අස්සේ සිරිසේන මුදලාලි ‘සුසන්ත බතික්’ වැඩපොළට තවත් කොටසක් එකතු කළේය.

රූප කැපීම! වෙස් මුහුණු නොවේ. කළුවර බුද්ධ රූප, දේව ප්‍රතිමා, අලි-ඇතුන් වගේ කැටයම්..... 

ඒවා කළේ දෙල්කඳ හන්දිය හරියේ විසූ, අතිදක්ෂ බාස් උන්නැහේ කෙනෙකි. (නම නම් මතක නැත.) ඒ බාස් උන්නැහේ කළුවර කොට කෑල්ලක් දඬු අඬුවට හිර කරලා අතකොලුවත්, නියනත් අතට ගනියි. පැය කිහිපයකදී ලී කොට කෑල්ල ප්‍රතිමාවක් බවට හැරෙන හැටි බලාගෙන ඉන්නට ලස්සනය.

සුද්දන් විතරක් නොවේ, මාත් ඒ හපන්කම බලාගෙන හිටියේ ‘කටේ මැස්සන් රිංගද්දී’ය.

ඒ වගේම, ලස්සනට- ඇහුණත් ගර්භිනී වෙන ජාතියේ තිත්ත කුණුහරුප කියන්නටත් ඒ බාස් උන්නැහේ හපනෙකි. 
ගැහැනු ළමයින් හිටියා කියලාවත් ඒ මනුස්සයා තැකීමක් කළේ නැත. 
හැබැයි, සිරිසේන මුදලාලි ඉන්න වෙලාවක නම් ඉන්නේ ‘මීක්’ නැතිවය.

'සුළඟ මහමෙරක' ටෙලියේ වසන්තත් ලී කැටයම් කැපුවත් තවම දඬුඅඬුවක් නම් පාවිච්චි කළේ නැත!
මේ දවස්වල මාත් බලන, ‘සුළඟ මහමෙරක’ කියලා ටෙලි නාට්‍යයක් විකාශය වෙයි. (මට නම් එය හොඳය. හැම කොටසකදීම මාව හඬවන තරමට සංවේදීය!)

1989 කාලය පසුබිම් කරගත් ඒ කතාවේ ‘වසන්ත’ උපාධි ගහලාත් රස්සාවක් නැති නිසා, අර වගේ රූප කපන්නට පටන් ගනියි. ලී කැටයම් කරන තැනකට ගිහින් නැති හින්දා හරි, වියදම් අඩු කරගන්නට ඕනෑ හින්දා හරි තවමත් ටෙලියට දඬු අඬුවක් සම්ප්‍රාප්ත වුණේ නැත!  

ඔය කාලයේ; 1976 මුල, අපේ ගෙදර තත්වය තවත් උහුලාගන්නටම බැරි තැනට ඇවිත්ය. තාත්තාට දවසකට අරක්කු බෝතලයකුත් මදිය. 
ඒ දවස්වල මිනිස්සු බිව්වේ ෂැන්ඩි නැතිව වෙන්න ඇති. 
අපේ තාත්තා නම් බිව්වේ අමුවෙන්මය.

එතකොට තාත්තාගේ හැසිරීමේ කිසිම තර්කානුකූලකමක් තිබුණේ නැත.

දවසේ තුන් වේලෙන් එක වේලක්වත් එයා අපේ ගෙදරින් දෙන කෑම කෑවේ නැත. කෑවේ ආච්චිලා ගෙදරින් දෙන දෙයක් විතරය. 

හැබැයි, අරක්කුවලට - සිගරැට්වලට ගෙදරින් සල්ලි වියදම් කරවයි. ඒ සේරමත් හරිය, මට නම් යකා නැග්ගේ අරයා-මෙයා එයාට අඩුක්කු උස්සන් ආවාමය. එයාලා එහෙම කළේ මනුස්සකමටත් වඩා අමනුස්සකමටය; අපේ හොම්බට අනින්නට ලැබුණු chance එක අපතේ නොයවන්නටය.

හොම්බටම අනින්නට ලැබෙන chance එක මිස් කරගන්නට......

වැඩියත්ම එහෙම කළේ රංජිත් පී , නුගේගොඩ ඇන්ටි වගේ අයය. 

“ගුණපාල අයියට කෑම ටිකක් ගෙනාවා රංජි.” එහෙම කියන්නේ ඔලොක්කුවට වගෙය. නුගේගොඩ ඇන්ටි නම් එතැනින් නතර වෙන්නෙත් නැත. 

“එකතැන් වෙලා ඉන්න මනුස්සයට ගෙදරින් දෙන කෑමම කාලා එපා වෙලත් ඇතිනේ.” 

‘එහෙනං ඉතින් ඒ මනුස්සයව එහාට එක්ක ගිහින් නවත්තගෙන කවන එකනෙ ඇත්තේ’ වැනි උත්තර ඒ වෙලාවට මගේ කටට එන්නේ නිකම්මය. 
ඒත් ඒවා පිට නොකර ගල් බිල්ලා වගේ හිටි එක ගැන අදටත් මට මා එක්කම තරහය!

මක් කරන්නද? වැරැද්ද අපේ මිනිහා ළඟකොට. 
“මුන් මට සලකන්නෙ නැහැ. හරියට වෙලාවකට කන-බොන දෙයක් දෙන්නෙ නැහැ.” තාත්තා එයාලට කියන්නේ අපටත් ඇහෙන්නටය.

උහුලාගෙන ඉන්නටම බැරි  වුණේ මහා හයියෙන් කෙරෙන ශබ්ද පූජාවය!
තාත්තාගේ බීමත්, ගම්මුන් එක්ක අපට අවලාද කීමත් කමක් නැහැයි කියමුකො!

උහුලන්නටම බැරි වුණේ මහ හයියෙන් කෙරෙන සද්ද පූජාවයි. නමෝතස්ස... කරණීය මෙත්ත...... වගේ බුද්ධ වන්දනාවකින් පටන් ගන්නා ඒ පූජාව ටිකකින් රටේ නැති වල්පල්වලට මාරු වෙයි; 
පරණ කතන්දර, දේශපාලන විවේචනවලට ඈඳෙන්නට ගනියි. 

ඒකත් වැඩි වෙලාවක් රඳන්නේ නැත. ඊළඟට රටේ නැති කුණුහරුපය... අවලාදය....

තාත්තාට නොතේරුණාට ඒවා වැඩි හරියක්ම යාදිනි- අඳෝනා ගොඩට වැටුණු වෛර සහගත ලිංගික ශෝකාලාපය!

හිතාදර රසික පාඨකයනට ‘බීභත්ස්‍ය රසයක්’ දැනෙනවා නම් සමා වෙන්න. 
එහෙමත් නැතිනම් මා සුචරිතවාදී නොවෙන එක ගැන සමා වෙන්න. 

කසාද බඳින වයසේ වැඩිහිටි පුතෙකු වුණත්, තමන්ගෙ දෙමව්පියන්ගේ ලිංගික චර්යා ගැන කතා කිරීම අපේ රටේ උපාසකයන්ට ටිකාක් විතර odd වගේ වෙයි නේද?

අවුරුදු 22ක පුතෙකු වුණත්, තමන්ගේ දෙමව්පියන්ගේ ලිංගික චර්යාවන් ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම..........
එතකොට මට අවුරුදු 22කි.

කලිනුත් කියා ඇත්තෙමි. අපේ තාත්තා අවුරුදු දහසය වෙන්නටත් කලින් මදනයා ඔළුවටම ගහපු පුත්තරයෙකි! 
කසාදයක් කරගන්නා තුරු අවුරුදු 11ක්ම හොඳ-හොඳ කෙළි කෙළපු පුත්තරයෙකි!!! 
එයාට විසිහතේදී, (හොරට වයස කියලා) දාහතේ හිටි අපේ අම්මාව බැඳගෙන බාලාපරාධයක් කළ පුත්තරයෙකි!!!

එහෙම මනුස්සයාට එතකොට වයස අවුරුදු 49කි. 
එතකොටත් අපේ තාත්තාට සක්‍රිය ලිංගික ජීවිතයක් අවශ්‍ය වීම එහෙන්ය. 
අපේ අම්මා එංගලන්තයට යන්නට අවසර නොදීම ගැන තාත්තා එක්ක විතරක් නොවේ, තමන්ගෙම දූ-දරු කැලතත් එක්කම තරහෙන් හිටීම මෙහෙන්ය.

ඒ තරහව පිට වුණේ අපේ තාත්තාව ලෛංගිකව ප්‍රතික්ෂේප කිරීමෙන් බවය, තාත්තාගේ ශෝකී විලාපවලින් මට වැටහුණේ.

සුනිල්, ලොකු නංගී, සීයා, ආච්චී ... මේ හැමෝමත් ඒ කතන්දර නෑහුණා වගේ ලජ්ජාවෙන් ......
සුනිල්ටත් ඒවා තේරෙන්නට ඇත; ලොකු නංගීට ඒවා තේරෙන්නට ඇත.... 
ආච්චිට, සීයාට වුණත්... අපි හැමෝම මවුකිරි බීලා හැදුණු අය වීමු. 
මං වගේම ඒ හැමෝමත් මුනිවත රැකගෙන, ලජ්ජාවෙන් ඉන්නට ඇතිවා නිසැකය.

දයා ගමගේ වගේ උගත්, බුද්ධිමත් ඇමතිවරු ඒ කාලයේත් හිටියා නං..... 
ඒත් පවුල් ප්‍රශ්නවලට මැදිහත් වෙන්නට අමාත්‍යාංශයක් තවමත්  නැති බව සිහිවෙනකොට....

 “..... ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේ බතික් ඇඳුමින් සැරසී පැමිණීම අනිවාර්ය කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ යෝජනා කර තිබෙනවා.

පෙරේදා (2019 අගෝස්තු 29) කොළඹදී පැවැති උත්සවයකදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

රජයේ සේවකයන් සිකුරාදාට අනිවාර්යයෙන් බතික් ඇඳුම් අඳින්නට ඕනේ! 
අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් තවමත් සකස් කර නොමැති අතර ඉදිරියේදී එම කටයුත්ත සිදු කරන බවයි.

එමෙන්ම මෙරට බතික් කර්මාන්තය දියුණු කිරීම සදහා එම වැඩපිළිවෙල විශාල අත්වැළක් බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළා”.

අනේ සාදු!

ළඟකදී මේ පුවත දැක්කාම නං මට ඇතිවුණේ ලොකු චිත්ත ප්‍රීතියක්. දැන් මං බතික් නොකළත් ඒ කර්මාන්තය කරන අයට හරි යහපතක් වෙනවා නං කොච්චර ප්‍රීතියක්ද? 

‘ප්‍රීතිය’ කිව්වාමයි මතක් වුණේ.... 

මේ 15 වෙනි ඉරිදා හවස අජිත් ධර්මකීර්තියි තව බ්ලොගර්ස්ලා කිහිප දෙනෙකුයි අපේ ගෙදරට ආවා එයාලගෙ වියදමෙන්, මගේ අනුග්‍රහයෙන් පොඩි සුහද හමුවකට.
(මං කළේ ඉඩකඩ සපයලා දීමයි, නෙවිල්ව වාදනයට කැඳවලා දීමයි විතරමයි.)

ගායිකාවක් ප්‍රේමාන්විතව ජෝතිට කිව්වලු 'පෙම් සුව විඳිමු අපී' කියලා. එතකොට 'ප්‍රීතියක් ඇත්තෙ නෑ' කියලා....
අපි සිංදු කියමින් හිටියා. ‘හොඳ සිරියාවයි ආකාසේ’ ගීය කියලා ඉවර වුණා විතරයි. එක්කෙනෙක් (නම අහන්න එපා ඔන්න.) අතීත සිදුවීමක් සිහිපත් කළා. 

“ඔය සිංදුව කියලා ඉවර වෙලා ගායිකාවක් බොහොම ප්‍රේමාන්විතව ජෝතිපාලට කිව්වලු ‘පෙම් සුව විඳිමු අපී’ කියල. ජෝතිත් බොහොම sad mood එකකින්, සින්දුවේ කෑල්ලකින්ම උත්තර දුන්නලු ‘ප්‍රීතියක් ඇත්තෙ නෑ' කියලා!”.

එහෙම ප්‍රීතියක් නොව, කිසිම සතුටක් (අම්මට සිරිගජ- පවුල් සංවිධාන සංගමයෙන් ‘සතුට’ත් විකුණන්න තිබ්බනේ.)- 
කිසිම සොම්නස් හැඟීමක් නැතිව, මා මගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් හොයමින් හිටියේ ඒ දවස්වලය!

බෙන්තොට හිටියත් මගේ හිත තිබුණේ ගෙදරය.
මට ඒ මළ-කෝලං දකින්නට වෙන්නේ සති අන්තයේ ගෙදර ගියාම විතරක් බව හැබෑය. 
ඒත් නංගිලා මල්ලිලා....? පවුලේ වැඩුමලා විදිහට, ලොකු අයියා විදිහට මංවත් තීරණයක් නොගත්තොත් - විසඳුමක් නොසෙව්වොත් එයාලා මොනවා කරන්නද?

අන්තිමේදී මා පිහිටක් සෙව්වේ මගේ මිතුරෙකු වුණු 'කොරල සුන්දරී'ගෙනි.............
අන්තිමේදී මා පිහිටක් සෙව්වේ ක්වින්ටස් අල්විස් වීරක්කොඩිගෙනි.

ක්වින්ටස් ගියෙත් විද්‍යාකර විද්‍යාලයටය. අප දෙන්නාම බොහෝවිට වැටුණේත් එකම පන්තියකටය. අපොස සාපෙට ගණිතය ගොඩ දාගන්නට මට උදව් කළෙත් ක්වින්ටස්ය.

මහරගම විසූ පැරණිම ගංකාරයෙකුවූ රෝබියෙස් අල්විස් වීරක්කොඩි එයාගෙ තාත්තාය. ඒ ගෙදරදී වුණත්, ඒ තාත්තා හිනාවුණේ නැති මිනිහෙකි.
එහෙත් 1970න් පස්සේ, මං UNP මැතිවරණ වේදිකාවල කථිකයෙකු වුණාට පස්සේ මනුස්සයා මාත් එක්ක හිනාවෙන්නට පටන් ගත්තේය. 

ක්වින්ටස්ගේ ලොකු අයියා විමලසිරිත් තාත්තා වගේම අලියෙකි.

වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දෙමටගොඩ කර්මාන්ත ශාලාවේය. (දිගටම නිදිගෙ පංච තන්තරේ කියවනවා නම් කරුණාකර මේ නම මතක තියාගන්න.)

අපේ වත්තේ ගෙදරක් නං හිස්වෙලා තියෙනවා තමයි බං, ඒත්.... දන්නැද්ද  අපේ තාත්තා........
“අපේ වත්තේ ගෙදරක් නම් හිස්වෙලා තියෙනව තමයි බං. ඒත් තාත්තගේ හිතට හරි යන කෙනෙකුට මිසක් එයා ගේ දෙන්නේ නැහැ. උඹට ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ එයා ගැන...” 
මගේ අදහසට ක්වින්ටස් ඉස්සෙල්ලාම කිව්වේ එහෙමය.

මහරගම බුවෙනකබා මහා විද්‍යාලයට යාබදව, පරණ පාරේ දැන් තිබෙන කඩ පේළියේ මුල්ම කිහිපය තියෙන්නේ ක්වින්ටස්ලාගේ වත්තේය. 
ඉස්සර ඒ වත්තේ තිබුණේ ක්වින්ටස්ලාගේ ලොකු ගෙදරත් තවත් ගෙවල් කිහිපයකුත් විතරය. ඒ වත්ත ලොකුය. 
මහරගම පරණ පාරේ ඉඳලා රේල් පාර තෙක්ම විහිදුණේය.

“උඹ දන්නෙ නැතිවට දැන් උඹලගේ තාත්තා මගෙත් එක්ක හීනියට හිනාවෙනවා..... උඹේ අකැමැත්තක් නැතිනං, මං උඹලගේ අම්මට කියලා බලන්නද?”

“ඇත්තටම ඇයි බං නිමල්, උඹලගේ ගෙදරයි වැඩපොළයි තියෙද්දී කුලියට තව ගෙවල් හොයන්නේ....” ක්වින්ටස් ඇහුවත් මා ඇත්ත කතාව කිව්වේ නැත.

මං අපේ මහතැනගෙන් අහන්නං නිමල්! හැබැයි ඉතින්......
“මං අපේ මහ තැනගෙන් අහන්නම්. හැබැයි නිමල්... එයා මොනවා කියයිද කියල නම් මං දන්නෑ.... ඔය ළමයත් දන්නවනෙ උන්නැහේගේ හැටි.”

ක්වින්ටස්ලගේ අම්මා එහෙම කිව්වත් ඒ ගෙදර හැමෝගෙන්ම මගේ ඉල්ලීමට කැමැත්ත පළ වුණු නිසා වෙන්නැතිය; මරොබා කැමැත්ත දී තිබිණි; පොඩියට තාවකාලික බතික් මඩුවක් අපේ වියදමෙන් හදාගන්නටත්. 

(පන්තියේ ළමයි ක්වින්ටස්ව අවුස්සන්නට ඕනෑ වුණාම කිව්වේ ‘මරොබාගෙ - මහරගම රොබියෙස් බාප්පගෙ පුතා’ කියලාය. 
ක්වින්ටස්ගේ දෙපාවල එතකොට කොරල පිපී තිබුණු නිසා තවත් නමක් ඔහුට පටබැඳ තිබිණි. කොරල සුන්දරී’!  ඉස්කෝලවල එහෙමනේ.) 

ඊළඟට තිබුණේ අපේ අම්මට කියලා තියන එකය.

“අම්මේ, වැදගත් දෙයක් තියෙනවා කියන්න.... හැබැයි, හොඳ හිතින් කියන්නේ, මෙව්වා කාටවත්ම කියන්න ඕනෙ නැහැ. තව දිගට තාත්තගෙ මේ සමයං බල-බලා මට මෙහෙ ඉන්න බැහැ.... දැනට දැකපු මේ හරිය හොඳටම ඇති.... අම්මගෙයි තාත්තගෙයි ප්‍රශ්නවලට මට අත දාන්නත් විදිහක් නැහැනෙ... මං ගෙයක් කුලියට ගන්නවා අවුරුද්දෙන් පස්සේ.”

අවුරුද්දෙන් පස්සේ මම ගෙයක් කුලියට ගන්නවා............ අරන්.....
“කොහෙන්ද?”

“කොහෙන්ද කියල වැඩක් නැහැනේ.... හැබැයි අම්මව එක්ක යන්නෙ නැහැ. 
අම්මා මෙහෙ ඉන්න එපැයි, මරාගෙන කන්න හරි. ගෑනියි මිනිහයිනේ.... 
මං ගෙදර වියදම දෙන්නං.... ආච්චිලත් ළඟින්ම ඉන්නවනේ! 
නැත්තං වෙන්නේ මේ පොඩිවුන් ටිකට පිස්සු හැදෙන එක!”

එදා මට නොපෙනුණු; නොහිතුණු දේවල් පැහැදිලි වෙන්නේ දැන්ය. 

සුනිලුත්, අනිලුත් මා එක්කම අරන් ගියාම......, කකුල් දෙකම දණහිසටත් උඩින් කපා දමා තිබුණු තාත්තාව එහා-මෙහා ගෙනියන්නේ; නාවන්නේ; පිරිසිදු කරන්නේ කවුද? 
ගෙදර උයන්නේ-පිහන්නේ කවුද?

එතකොටත් අම්මා ඉවිල්ල නවත්තලාය. උකුණන් ලවා ගල් ඇද්දවීම පටන් අරගෙනය. 
උයන රාජකාරිය කළේ ලොකු නංගී පුෂ්පාත්, මානෙලුත් එකතු වෙලාය. 
එදා මට එච්චර දුර පෙනුණේ නැතිය.

මාත් හිතාගෙන හිටි තරම් පණ්ඩිතයෙක් නොවේ; පණ්ඩියෙකු පමණි!
ඒවාට අනුව හිතද්දී, මාත් හිතාගෙන හිටි තරම් smart පොරක් හෝ පණ්ඩිතයෙක් හෝ නොවේ! පණ්ඩියෙක් විතරය!

ඒත්, මම දැනගෙන සිටියෙමි. ක්වින්ටස්ලාගේ ගෙදරට නංගිලා-මල්ලිලා විතරක් යවලා බැරිය. සුනිල්ට සේරම කරන්නට හැකියාවක් නැත. මාත් එතැන සිටිය යුතුය. ඒකට බෙන්තොටින් එන්නට වෙයි; එහෙ රස්සාව අතාරින්නට වෙයි.

මං වැඩි-වැඩියෙන් අපේ ගෙදර තත්වය සිරිසේන මුදලාලිට කියා තිබ්බේ ඕනෑ කරන පසුබිම හදලා තියා ගන්නටය; අවුරුද්දෙන් පස්සේ සේරෝම දේවල් කරන්නට හිතාගෙනය. හරියටම පෙරහර එන්නට කලින් කසකාරයන් එනවා වගෙය.

එහෙම තිබියදීය ඇන්ටිත් ටෙරන්ස්තුත් අපත් එක්කම සිරීපාදේ යන්නට එන බව කිව්වේ!

අදට හොඳටෝම ඇති නේද!